හප්පච්චියෙ..මේ වාං පතුල් කතාව නිසාවෙං මම අහපු බැණුං කන්තරාවක්....හෙහ්, හෙහ්, එක්කො උඹ මේ කතාව කියාපං නැත්තං...නැත්තං ඒත් කියාපං...ඔන්න ඔහොම තමයි කට්ටිය මට බැණ අඬගැහැව්වෙ..ඔව්ව මට ගාණක් නෑ අප්ප...අර කම්මලේ බල්ල වගෙ තමයි. කච්චිය පිච්චියට ගියත් කම්මලේ බල්ල හෙළුවෙංය කියනවනෙ.අඩේ වැරදුනා වත්ද?....හෙළුවෙං හිටියෙ වෙල්ලාවෙ තිබ්බ බල්ල ද කොහෙද නේද? හරි හරි ඉන්ටලාකො සුට්ටක් ඉවසල හිට..ඔය බල්ලො ගැන යස අගේට දන්නෙ අපෙ ජානිස් ගොයිය. එයයිගෙං අහල කියඤ්ඤා හෙළුවෙං හිටියෙ කොයි බල්ලද, ඇඳුං ඇඳං හිටියෙ කොයි බල්ලදයි කියල...හරි එතකල් කියමු කතාව...මෙහෙම බල්ලො ගැන කියවන්ට ගියොත් අදත් මේ කතාව ඉවරයක් කොරන්ට වෙන එකක් නෑ වගෙ මට පේන්නෙ...
ඉතිං මම අර කිව්වෙ අපි කැලේ මැද්දෑවෙ කෑම්ප් එහෙක ජීවත් වෙච්චි කාලෙ.මම බොහොම පොඩි එකා ඔය දවස්වල. යාන්තමට දැළි රැවුල මෝදු වෙන කාලෙ...හෙහ්, හෙහ්,
ඉතිං මම කලින් කිව්වනෙ මාසෙං මාසෙ එක එක්කෙනාට බාර දෙනවය කියල චමරියෙ වැඩ කටයුතු. ඒ කිව්වෙ මාසෙ මුලදිම හැමෝගෙන්ම කීය කීය හරි එකතු කරල මාසෙටම ඕන බඩු බාහිරාදිය ගේන්ට ඕන. බඩු ගේන්ට අපිට සතියකට සැරයක් දෙනව ජීප් එකක් කදුරුවෙලට.ඒ කාලෙ අපිට මේන් සප්ලයි ලයිට් තිබ්බෙ නෑ. හවස හයාමාරෙ ඉඳල රෑ දොළහ වෙනකල් ජෙනරේටර් එකකිං ලයිට් දුන්න. මධු පානෝත්සවයක් වගෙ මොකක් හරි හින්ද ඊට පස්සෙත් ලයිට් ඕන නම් කෑම්ප් මේන්ටෙනන්ස් බාරව හිටිය නිලධාරියට කියල අවසර ගන්න ඕන. ඒකෙ අවුලක් උනේ නෑ කවදාවත්.කෑම්ප් එක බාරව හිටිය එකත් අපේ එකෙක්මයි..
ඌ බොන්නෙත් නෑ කොහොමත්. අනික ඔය වෙලාවට පණිවිඩේ කියන්ට යවන්නෙ හොඳටම වැඩි වෙච්චි එකෙක්. බොහෝ වෙලාවට මට තමයි ඔය වැඩේ පංගාර්තු වෙන්නෙ..මසාජ් බෝයි වැඩේ....මම ඉතිං ගිහිල්ල අපෙ කෑම්ප් ඔපිසරගෙ ජනේලෙට තඩි බානව..
" ඒයි ඇරපං ඩෝ අඩෝ උඹ නිදිද මෙච්චර විජහට? …"
" මොකද බං මේ මහ රෑ?.....නිදාගන්ට දෙන්නෙ නැද්ද?..මේ දැං මම ආවෙ ඩීසල් අරගෙන..කාල යන්තමට ඇඳට වැටිල ඇහැ පියවුනා විතරයි……"
මිනිහගෙ නම අපි කියමු උපුල්ය කියල...උපුලට තිබ්බ පොඩි අසනීපයක්..අසනීපයක්මත් නෙවෙයි එක අතකට...සීන් එක මේකයි.මිනිහ කතා කරනව බොහොම වේගෙං...මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ. කලබල උනාම නං නෝ හෝප්...සර සර ගානව විතරයි ඇහෙන්නෙ. ඒ වෙලාවට අපි කරන්නෙ මිනිහ කියන එක ටේප් කරල ආයම ස්ලෝ මෝෂන් දාල අහල බලනව. මොකක්ද මේ යකා මේ කිව්වෙ කියල
රයිට් උපුලා ගැනත් තියනව තව සෝක් කතා ගොඩක්..කලිං කමෙන්ට් එකකදි එක කතාවක් ලාවට වගෙ කිව්වත් එක්ක මම.
උපුල් ගැන කියන්ට උනේ ජෙනරේටරේ ගැන කියන්ට ගිහිල්ල. ජෙනිය ගැන කියන්ට උනේ අපිට එතකොට මේන් සප්ලයි තිබුණෙ නැතිය කියල කියන්ට.මේන් සප්ලයි තිබුණෙ නැතිය කියල කිව්වෙ ඒ නිසාම ෆ්‍රිජ් එකක් තිබ්බෙත් නැතිය, ඒ කරණකොටගෙන අනිවාර්යයෙන් සතියකට සැරයක් නම් බඩු ගේන්ට ටවුමට , ඒ කිව්වෙ කදුරුවෙලට, යන්ටම වෙනවය කියල කියන්ට.
ඔන්න වටේම ගිහිල්ල මයෙ වාරෙ ආව චමරිය බාරගන්ට.එදිනෙදා උයන්නෙ මොනවදෙයි කියල අපේ සූපවේදියට උපදෙස් දෙන එකත් චමරි පාලක තැන්පත්ගෙ එක් බාරදූර වගකීමක්. ඔළුව විකාර වෙන්නෙ ඔය එක එක එව්ව කන්නෙ නැති එවුං චමරියට සෙට් උනාම..
" මචං මම මස් කන්නෙ නෑ..හෙට මස් උයනවනං මට වෙන මොනව හරි…"
ඔන්න එකෙක් කියනව
" වෙන මොනව හරි කියන්නෙ?..එහෙනං බිත්තරයක් හදන්නං...උඹ බිත්තර කනවනෙ...."
" බිත්තර නම් කනව මචං ඒත් පාම් බිත්තර විතරයි…"
ඉතිං හොයාපල්ලකො ඌට පාම් බිත්තර...ඒ හද්ද කැලේ මැද්දෑවෙ මොන පාම් ද?..අපෙ කෑම්ප් එක කිට්ටුව තිබ්බ පාරම්පරික මුස්ලිම් ගමක්...ඕකෙං තමයි අපි හරක් මස්, බිත්තර එහෙම ගේන්නෙ...එව්ව ඔක්කොම ගම් බිත්තර....ඔය පාම් බිත්තර කන අය එහෙම කරන්නෙ ඒකෙං ප්‍රාණයක් හානි වෙන්නෙ නෑ කියන උපකල්පනය මත ඉඳලයි.
" පාම් බිත්තර කොහෙං හොයන්ටද බං?...මම කියන්ටද ගම් බිත්තරයක් තම්බන්නං...උඹ කහමදේ කන්ට එපා...ඒක මට තියපං...පවක් උනත් මටනෙ…"
වෙන ඉතිං මොනව කියන්ටද?....තව එවුං ඉන්නව මස් හොදි කන්නෙ නෑ...කෑළි කනව...තව එවුං කුකුලගෙ තටු විතරයි කන්නෙ....
එතන තර්කය මෙහෙමයි. කුකුලට තටු කියන්නෙ ජීවිතය පවත්වා ගන්ට අත්‍යාවශ්‍ය අවයවයක් නෙවෙයි.ඒ නිසා තටු දෙක කැපුවත් කුකුල ජීවත් වෙනව. ඒ නිසාම තට්ට කෑවට පව් සිද්ද වෙන්නෙ නෑ...
හැබැයි ඒ කතාව ඇත්ත. අපි චුට්ටි කාලෙ අපෙ ගෙදර කුකුල්ලු ඇතිකලා. එළුවොත් හිටිය කාලයක්...කුකුලො හිටියෙ අපෙ ගරාජ් එක පිටිපස්සෙ පොළවෙන් අඩි තුන හතරක් උඩ හදපු දැල් ගහපු කූඩුවක .ඕකට යන්ට තිබ්බ පිටපළු දෙකක් එකට ඈඳල හදපු පොඩි ඉණිමඟක් වගෙ එකක්. හවස ඉර බැහැගෙන යද්දි අත්තම්ම කූඩු කූඩු කියල වත්ත පුරා ඇහිඳ කකා ඉන්න කුකුල් රංචුව උංගෙ නිවහනට එළෝනව. යන්තං වැටෙන්නෙ නැතුව ඇවිදගන්ට පුළුවං උන කාලෙ ඉඳලම මමත් උන්දැට උදව් උනා ඔය කුකුළො කූඩු කිරිල්ලෙ මහා කර්තව්‍යයට...
අපේ ගේ පිටිපස්සෙ ඉඳල බැලුවම කෙලින්ම පල්ලෙහ පෙනෙනව කොළඹ - නුවර පාර , එතෙන්ට යනකල්ම තිබ්බෙ සාමාන්‍ය තරමෙ ළඳු කැලෑවක්. මුගටි, තළගොයි විතරක් නෙවෙයි ඕකෙ මීමින්නො, වල් බාවො, හම්බාවො ඉඳල හිටිය. කොච්චර බල්ලො ඇතිකලත් දැල් ගහල ආරක්සා කලත් මාස දෙහෙකටවත් සැරයක් මුගටිය හරි කළවැද්ද හරි කුකුලෙක් නම් අරං යනවමයි.
ඔන්න රෑ දෙගොඩ හරියෙ ඇහෙනව කුකුළංගෙ මර ලතෝනිය...බල්ලො දෙන්නත් ලවක් දෙවක් නැතුව බුරනව...අත්තම්මයි මාමයි ඇහැරල කෑලි පහේ බැස්ටියත් එළිය කරගෙන යනව හෝදිසි කරන්ට. මටත් ඔය වෙලාවට අනිවාර්යයෙං ඇහැරෙනව. මගෙ ඒ දවස්වල තිබ්බ පොඩි පිස්තෝලයක් හැඩේ ටෝච් එකක්. ඒක අළු පාටයි, කාණු දෙකයි. කාණු දෙකට පෙන් ටෝච් බැට්රි කෑලි දෙකක් දානව. මූණත රතුපාටයි. ඒ හැටි එළියක් එන්නෙ නෑ. අත්තම්ම ටෝච් එක කොට්ටෙ යට තියාගෙන බුදියෙන නිසා මමත් ඔය මගෙ පිස්තෝල ටෝච් එක කොට්ටෙ යට තියාගෙන නිදියන්නෙ.
" සුට්ටි පුතා කොහෙද මේ රෑ යන්නෙ..පිණි බානව එළියෙ..මට හෙට බැණුං තමයි අම්මගෙං "
අත්තම්ම හෙමීට කියනව, ගෙදර අනික් උදවිය ඇහැරෙයි කියල.
" අනේ අත්තම්මෙ..මම මගෙ ආමි තොප්පිය දාගෙන එන්නංකො...එතකොට පිණි බාන එකක් නෑ……"
ආමි තොප්පිය කිව්වෙ මට ඒ කාලෙ තිබ්බ කාකි කැප් එකට...අපෙ අම්මයෙ බාලම මලය...මයෙ පුංචි මාම වොලන්ටියර් ආමි එකේ හිටියෙ. ඔය එයාගෙ එකක්. අම්ම ඇතුලෙං මැහුං දෙකක් ගහල දුන්න මහ විසාල නිසා. ඒත් දාගත්තම මගෙ කං දෙකත් වැහෙනව. මම හතර මහ නිදානෙ වගෙ තමයි ඔය කැප් එකයි මහෙ පිස්තෝල ටෝච් එකයි ආරක්සා කලේ. කිසි කෙනෙකුට දෙන්නෙ නෑ අල්ලන්ටවත්.
දවසක්ද දෙකක්ද ඉස්කෝලෙටත් අරගෙන ගියා ගෙදර තියල ගිහාම කවුරු හරි ගනීවිය කියල බයට.පස්සෙ ඒ වැඩේ අප්පච්චිට අහුවෙලා බැණුං ඇහුව. පස්සෙදි කලේ ඔය දෙක දවසිං දවස තැන වෙනස් කරල හංගල යන්ට පුරුදු වෙච්චි එක.ඔය මගෙ පරිකල්පන සක්තිය උපරිමේට ගිහිල්ල මමම හිතාගත්තු බහු බූත මිස ආය ඕක හොරා ගන්ට කවුරුවත් අපෙ ගෙදර හිටපු ඇති එකක් නෑ....හෙහ්...හෙහ්
" සුපටි පටි පන්නෝ මුගටි ගෙට පැන්නෝ …"
ඔහොම තාලෙට කිය කිය මම ආමිකැප් එකත් දාගෙන පිස්තෝලෙත් පත්තු කරගෙන එළියට බහිනව. බල්ලො දෙන්න පෙරමුණේම... ජම්බෝ සහ බිංගෝ….. උං දෙන්නම හොඳ ජාතියෙ .ජර්මන් ෂෙපර්ඩ් සහ ලැබ්රඩෝර්…...ඊට පස්සෙ මාම ...කෑලි පහේ ටෝච් එක වටේ පඳුරු වලට ගහනව.... විඩෙං විඩේ අපි යන පාරටත් ගහනව, මොකද සර්පයො එහෙම එළිබහින වෙලාවනෙ. නයා එළි බහිනව කියන්නෙ නමයට විතර...මහ රෑ දොලහට වගෙ පස්සෙ තමයි පොළඟා, මාපිලා සහ කරවලා වගෙ එවුං...
ඊට පස්සෙ අත්තම්ම. උන්දැගෙ වමතෙ කෑලි තුනේ ටෝච් එකක් තිබුනට ඒක පත්තු කරල නෑ. දකුණු අතේ තියනව තෝස් ලාම්පුව පත්තු කරල. ඔන්න ඔය පල්ලෙහයිං තියෙන්නෙ .....එව්වගෙ එකක් තමයි තෝස් ලාම්පුව කියන්නෙ... ගනකම ගැල්වනයිස් තඩඩුවකින් හදල තියෙන්නෙ.
දිග කෙමියකුත් තියනව සහ රවුම් අඬුවක් සහිත පියනක්. අර කෙමිය ඇතුලෙං එළියට එනව හණ නූල් අඹරවල හදපු ලොකු තිරයක් වගෙ එකක්. පියන ඇරල බූමිතෙල් දාල කෙමියෙ කෙලවරින් එළියට තියෙන තිරේ අග්ගිස්ස පත්තුකලාම ඔන්න සෑහෙන එළියක් විහිදෙනව. හැබැයි දුම කියන්නෙ ආය ඕන නෑ..කළුම කළු පාට දුමක් දානව පත්තු කරපු වෙලාවෙ ඉඳල.ඒ නිසාම අම්ම ඔය තෝස් ලාම්පුව ගෙදර ඇතුලෙ පත්තු කරන එක එකහෙලාම තහනම් කරලයි තිබ්බෙ. ඒත් අත්තම්මට මොන තරං අගේ ඇති ටෝච් ගෙනැත් දීපං උන්දැට හරියන්නෙ නෑ. අර තෝස් ලාම්පුවම තමයි.
රෑපානෙ ගෙදරිං එළියට බහින්නෙ ඔය තෝසෙ පත්තු කොරගෙන තමයි. උන්දැ ඒ හැටි උස නෑ. තෝස් ලාම්පුව පත්තු කරල උරෙස්ස මට්ටමට උඩිං උස්සාගෙන ඉතිං යනව රෑ තිස්සෙ එක්කො එළුවො කෑ ගැහුවොත් නැත්නං කුකුලො කෙකර ගෑවොත් බලන්ට. ඔහොම යද්දි මමත් දණිපණිගාල කර කර හිටපු වැඩෙත් පැත්තක දාල පස්ස පාරෙ වැටෙනව.
" මේ අම්මට කියන දෙයක් අහන්නෙම නැති හැටියක්. අර ටෝච් කීයක් නම් ගෙනත් දුන්නද? අර කලු දුමත් එක්ක බූමිතෙල් ලාම්පුවම තමයි හොඳ.. පුතා කොහෙද යන්නෙ? දැං පාඩං කර කර නේද හිටියෙ? යන්නෙ එහෙම නෑ..හොඳද?...."
ආය කොහෙද මම නං අහයි එව්ව...ඒ වෙනකොටත් මම එළියට බැහැල අත්තම්මත් එක්ක. ටිකක් විතර ලොකු වෙනකොට තෝසෙ අරං උඩට උස්සල පාර එළිය කරන එක මම බලෙම්ම ඉල්ල ගත්ත.එහෙම යන්ට තිබ්බ දවසට මට මාර සන්තෝසයි. දවස් තුන හතරකින් එහෙම චාන්ස් එකක් ආවෙ නැත්තං මම කිට්ටු වෙනව හෙමීට අත්තම්ම ගාවට.
" අත්තම්මෙ මේ කුකුලො කෑගහනව වගෙ ඇහුන මට... මුගටිය ඇවිල්ලද දන්නෙ නෑ…"
අත්තම්මට හිනා යනව…….
" හා එහෙමද?..මට නං ඇහුණෙ නෑ එහෙම එකක්. කමක් නෑ සුට්ටි පුතාට ඇහුණනෙ. හරි අපි යමුකො එහෙනං බලන්ට...."
උන්දැ ඉඳගෙන හිටපු පුටු පුංචෙං නැඟිටිනව කොන්දට අතකුත් තියාගෙන
දැං ඔන්න මාමයි අත්තම්මයි මායි යන අඩි පාර ඉවර වෙන්නෙ ටිකක් එහායිං තියෙන අත ඇරල දාපු පරණ ගල් වලකිං. අඩි පාර දිගේම තියනව සුදු පාට පිහාටු ගැලවිච්චා.
" අනේ….. පොහොරි.."
අත්තම්ම නැමිල පිහාටුවක් අහුලල බලල කියනව බොහොම දුක්බරව..පොහොරි කියන්නෙ සුදුපාට තටුවල අළු පාට වගෙ පුල්ලි තිබ්බ කිකිළියක්....
අපි ටිකක් අඩිය ඉක්මන් කරනව..ඔන්න ගල්වලට කිට්ටු වෙනකොටම අඩි පාර අයිනෙ වැටිල ඉන්නව පොහොරි. මුගටියට හරි කළ වැද්දට හරි පොහොරිව ගෙනියන්ට බැරි වෙල. බල්ලොංගෙ කලබලෙයි අපි ඒ එක්කම ටෝච් ගහගෙන ආපු එකයි හින්ද ඒකා කිකිළිව දාල ගිහිල්ල.
" මැරිලද පුතා?..."
අත්තම්ම අහනව..මාම එතනම නැමිල ඇණතියාගන්නව. මාත් මගෙ පිස්තෝල ටෝච් එක ගහනව කිකිළිට.
" නෑ බෙල්ල අහුවෙලා නෑ. තට්ටක් විතරයි කාල තියෙන්නෙ. පණ තියනව. …"
මාම පොහොරිව උස්සගන්නව ඇඟෙං ඈතට කරල අල්ලගෙන. ඒකිගෙං ලේ ගලනව ඕසෙට. බල්ලො දෙන්න බිම තියෙන ලේ ටික ලෙව කනව.
" චිප් …..අහකට ......."
අත්තම්ම උන්ට සැර කරල එලෝනව. ආයෙම ගියා වාගෙම අපි ආපහු එනව. ඒත් මේ පාර මම ඉස්සරහිම්ම. මමයි ආලෝකය සපයන්නෙ. මගෙ පිස්තෝල ටෝච් එකෙං එහෙම නෙවෙයි. මාම අත් දෙකිම්ම පොහොරිව උස්සගෙන හින්ද එයයිගෙ කෑලි පහේ ටෝච් එක මට දෙනව.මට නේද? ආය මොනවද?...අහල පහල ගස් වල කරටි වලටත් මම ටෝච් එක ගහල බලනව. රෑ දෙගොඩ හරියට කියන්නෙ යක්කු ගස් යන වෙලාව කියලනෙ. කියන්ට බෑනෙ නැද්ද?... ඔය ගහක යකෙක් වත් හිටියොත්.
" මොකද ළමයො ඔය කරන්නෙ? ගහන්ටකො ඕක මේ පාරට....සරපයෙක්වත් පෑගුණොත් එහෙම…"
මාම කෑගහනව..
" නෑ මම මේ බැලුවෙ යක්කු වත්…….."
මගෙ අඬ බාල වෙල එහෙම්මම නෑහිලාම යනව.
පොහොරි ගෙනැල්ල අපෙ කුස්සියෙ බිම තියල අත්තම්ම ලුණු මිරිසක් අඹරනකොට දාන අඩුම කුඩුම අහුරක් මිරිස් ගලට දාල කහත් වැඩිපුර වෙන්ඩ දාල අඹරනව. මාම කිකිළිගෙ තට්ටෙ තුවාලෙ වටේටම පිහාටු ගලවනව. තුවාලෙ පෑදුනාම අර අඹරපු කහ ලුණු මිරිස් තලිය අත්තම්ම ගානව තුවාලෙ. පොහොරි මොකවත්ම කියන්නෙ නෑ. කොක් කොක් ගගා ඔහේ ඉන්නව පැත්ත වැටිල.
ගරාජ් එකේ තියනව අපිව පොඩි කාලෙ නාවපු නාන බාල්දිය. ඒක බිත්තරේක හැඩේ. යකඩ තහඩු වලින් හදල තියෙන්නෙ. ඒක ඇතුලෙ කිකිළිව තියල ඉටි රෙද්දකිං වහල හිට උඩිං හරහට ලොකු ලීයක් තියනව. ඒ කිකිළි ඉටි රෙද්ද පෙරලල පැනල යයි කියල.
ඔහොම දවස් දෙකක් පොහොරි ඉන්නෙ බාල්දියෙම තමයි. කන්ට වී පොල් කුඩු එහෙම අත්තම්ම ඇතුලට දානව.
" ඇයි අත්තම්මෙ පොහොරිව මේ බාල්දිය අතුලෙ තියාගෙන ඉන්නෙ එළියට යන්ට දෙන්නෙ නැතුව?......"
ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල මම අත්තම්මගෙං අහනව.
" තුවාලෙ සනීප වෙන්ට කලින් එළියට දැම්මොත් අනික් එවුං තුවාලෙට කොටනව "
අත්තම්ම මට කියල දෙනව.දෙවෙනි දවසෙ අත්තම්ම කිකිළිව උඩට අරගෙන බලල…. ආ, දැං සනීපයි …..කියල ඒකිව නිදහස් කරනව.
මුගටිය එක්ක වෙච්ච අලකලංචියෙං පොහොරිට කිසි අවුලක් උනේ නෑ. ඒත් ඊට පස් සෙ ඒකිව දකින හැම වෙලේම මට හිතුනෙ පොහොරි ඇවිදින්නෙ එක පැත්තකට බර වෙල කියලයි. මට පේන හැටිද නං මන්දා......
පොහොරි තව කාලයක් අපි එක්ක ජීවත් වෙල වයසටම මැරිල ගියා.අත්තම්මයි මායි එළු ගාල එහා පැත්තෙ තිබ්බ අරලිය ගහ යට වලක් කපල පොහොරිව වැලලුව. ඒ උඩ ලොකු ගලකුත් තිබ්බ අපි දෙන්නම එකතුවෙලා පෙරලගෙන ඇවිල්ල.
" නැත්තං කබරයි හාරනව …"
අත්තම්ම මගෙ ඔලුව අත ගාන ගමන් කිව්ව. මම ඔලුව උස්සල බලනකොට උන්දැගෙ ඇස් වල කඳුළු වගෙ දිලිසුනා…
හප්පච්චියේ මදෑ.....වාං පතුල් ගැන කියන්ටයි ආවෙ ඒත් අන්තිමට කිව්වෙ ...තෝස් ලාම්පුයි, පොහොරියි, මුගටියොයි රටේ නැති එව්ව...හරි මොකද කොරන්නෙ?.....ලබන විඩේනං කියන එක කියනව.....වාං පතුල් ගැන…..දෙයියම්පල්ල
(ADD POST # HERE. විමලෙගෙ වාං පතුල් කතාව නොහොත්(ADD ANYTHING OTHER THAN VAAN PATHUL........
ReplyDelete(CUSTOMIZED FIRST PARAGRAPH HERE)
හප්පච්චියෙ..මේ වාං පතුල් කතාව නිසාවෙං මම අහපු බැණුං කන්තරාවක්....හෙහ්, හෙහ්, එක්කො උඹ මේ කතාව කියාපං නැත්තං...නැත්තං ඒත් කියාපං...ඔන්න ඔහොම තමයි කට්ටිය මට බැණ අඬගැහැව්වෙ..ඔව්ව මට ගාණක් නෑ අප්ප...අර කම්මලේ බල්ල වගෙ තමයි. කච්චිය පිච්චියට ගියත් කම්මලේ බල්ල හෙළුවෙංය කියනවනෙ.අඩේ වැරදුනා වත්ද?....හෙළුවෙං හිටියෙ වෙල්ලාවෙ තිබ්බ බල්ල ද කොහෙද නේද? හරි හරි ඉන්ටලාකො සුට්ටක් ඉවසල හිට..ඔය බල්ලො ගැන යස අගේට දන්නෙ අපෙ ජානිස් ගොයිය. එයයිගෙං අහල කියඤ්ඤා හෙළුවෙං හිටියෙ කොයි බල්ලද, ඇඳුං ඇඳං හිටියෙ කොයි බල්ලදයි කියල...හරි එතකල් කියමු කතාව...මෙහෙම බල්ලො ගැන කියවන්ට ගියොත් අදත් මේ කතාව ඉවරයක් කොරන්ට වෙන එකක් නෑ වගෙ මට පේන්නෙ...
ADD POST HERE
IMPORTANT: ANY OTHER THING OTHER THAN THE VAAN PATHUL.
CUSTOMIZED FINAL PARAGRAPH:
IMPORTANT: APOLOGIZE FOR NOT WRITING VAAN PATHUL.
MAKE ANOTHER EMPTY PROMISE.
හප්පච්චියේ මදෑ.....වාං පතුල් ගැන කියන්ටයි ආවෙ ඒත් අන්තිමට කිව්වෙ ...තෝස් ලාම්පුයි, පොහොරියි, මුගටියොයි රටේ නැති එව්ව...හරි මොකද කොරන්නෙ?.....ලබන විඩේනං කියන එක කියනව.....වාං පතුල් ගැන…..දෙයියම්පල්ල
-----------------------------------------------
ඔන්න මචං මම උඹට වැඩේ ලේසි වෙන්න ෆෝර්මැට් එක හදලා තිබ්බා. උඹට තියෙන්නෙ මේකෙ අලවන්න විතරයි. අපි එහෙම තමයි. යාලුවන්ට උදව් කරන්න ගියාම...
මට උදව්වක් කරපු කෙනෙකුට උදව්වක් කරන එක මගෙ සිරිතක්...
Deleteඩියර් හෙන්රීස්..මෙන්න මල්ලි උඹටත් බ්ලොග් පෝස්ට් වලට අගනා පාද සටහන් ආකෘතියක් (Footnote Format )
*******************************
මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ මීට පෙර පළවූවකි කියවා ඇත්තෝ කමත්වා!
ඊට ප්‍රථම Hey Dude නම් මගේ ඉංගිරිසි බ්ලොග් අඩවියේ ද පළවූවාදැයි හරියටම මතක නැත. හැකි විගස ඒ පිළිබඳව සොයා බලා ඔබ දැනුවත් කරමි.
මේ බ්ලොග් අඩවි දෙකෙහිදී මේ ලිපිය කලින් කියවා ඇති අය කියවීමෙන් වලකින්න. එසේම නුදුරු දිනකදී මා විසින් ආරම්භ කරන්නට යෙදෙන මගේ බැනියම නම් බ්ලොග් අඩවියේද මේ ලිපිය යලි පල කිරීමට බලාපොරොත්තු වෙමි.
*******************************
මගේ බැනියමටත් මල්ලි මේකම දැම්මැකි පොඩි සංසෝදනයක් සහිතව...
*******************************
මෙය මීට පෙර මට හිතෙන හැටි, Hey Dude සහ මගේ ඩෙනිම යන බ්ලොග් අඩවිවල පලවූවකි. මීට පෙර කියවා ඇත්තෝ කමත්වා!
මේ බ්ලොග් අඩවි තුනෙහිදී මේ ලිපිය කලින් කියවා ඇති අය කියවීමෙන් වලකින්න. එසේම නුදුරු දිනකදී මා විසින් ආරම්භ කරන්නට යෙදෙන මගේ සරම නම් බ්ලොග් අඩවියේද මේ ලිපිය යලි පල කිරීමට බලාපොරොත්තු වෙමි.
Henry, the Dead-walker... :-D
Deleteමදෑ... හි හි.... ඩුඩ් අයියා කෝ අප්පා.. වලක් හාරගෙන වැළලිලාද.... හි හි
Deleteරවි,මගේ සරම නම් මේ වනවිටත් ආරම්භ කර ඇති බව ඉතා චිත්ත ප්‍රීතියෙන් දැනුම් දීමට කැමතිය.
Deleteපට්ටයි ඕයි!මම මේක කියවලා හිනාවෙනවා අහං ඉඳලා එක්කෙනෙක් කිව්වා ඔයා හිනාවෙන විදිය රෙකෝඩ් කරලා රවියට යවන්න තියෙන්නෙ කියලා. :D
Deleteඅර ආස්කින් ඇන්ඩ් ඊටින් කියලා කියන්නෙ මේවට වෙන්ඩෑ.. :D
Delete@ හෙන්රි,
Deleteහෙහ්, හෙහ්, අඩේ මම මේ කමෙන්ට් එක දැම්මෙත් බයෙං බයෙං උඹට තද වෙයිද කියල...ලියල පබ්ලිෂ් කරන්නෙ නැතුව කතා කලා අර මානවිකාවට...ජානිස් ගොයියට...
" මොකද බොල. තෝ මට වැඩක් කරගන්ට දෙන්නෙ නැද්ද මෙතන? "
ආන්න එහෙම තමයි උන්දැ මට කතා කලේ..ඔය අද ටිකක් හොඳ මුඩ් එහෙක ඉඳපු දවසක්....දන්නවද?
මං ඉතිං විස්තරේ කිව්ව..මේං මෙහෙමයි..මෙන්න මෙහෙමයි..මෙන්න මෙහෙමයි කියල...
" අනේ බාං..උඹ සත පහකට ගනං ගන්ට එපා..... ඔය හෙන්රියගෙ බොරු පාට්..උඹ බය නැතුව පබිලිස් කොරහං ඕක...ඕකා ඔය බොරු පාට්නෙ දාන්නෙ.හෙහ්, හෙහ්, අපි අහුවෙයි ඕවට…අනික ඌට තද උනාම කියමු..ඉතිං අපිට පාංද?"
ඔන්න ඔහොම කියාපි එවුන්දැ...හෙහ්, හෙහ්, අන්න ඊට පස්සෙයි ඔන්න මගෙත් හිතට එක විදිහක් වෙලා මම මේ කමෙන්ට් එක දැම්මෙ...අනෙ අම්මප මේ ඇත්තමයි.
හෙන්රි අයියෙ: මූ මේ කියන්නෙ පට්ටපල් කෙබර... උඹ දන්නවැයි මූ මට කිව්ව එක...
Deleteමං ලියන්ඩ ගියේ මගේ සරම කියල නෙවෙයි බොල.. හෙහ් හෙහ්... ඇත්තට ලියන්ඩ ගිය එක දැක්කනං හෙන්රිය එනව මාලදිවයිනේ ඉඳල පයිංම මූද තරණය කොරල යගදාවක් අරං මගෙ තට්ටගෙඩිය පලල දාන්ට....
ඕං ඔහොමයි කිව්වෙ.. (රවී අයියෙ.. ඇද්ද බොට.. විග්ගරහ වෙලා මදි වගේ නං කියාපං)
මං දන්නැද්ද ජනුවෝ මුගේ කතා... අනික මූ සරම, බැනියම ගැන කියනකොටත් මං ඒත් බැලුවා මොකෝ මූ මේ මෙච්චර වටේ යන්නෙ කියලා.
Deleteහැබැයි අවංකවම කිව්වොත් මම හිනාවුනා කඳුලු වැක්කෙරනකල්. මම කල්පනාල්කලේ ඇත්තටම මේක උපුටලා දාන්න බ්ලොග් පෝස්ට් අගට.
@ Henry,
Delete/ පට්ටයි ඕයි!මම මේක කියවලා හිනාවෙනවා අහං ඉඳලා එක්කෙනෙක් කිව්වා ඔයා හිනාවෙන විදිය රෙකෝඩ් කරලා රවියට යවන්න තියෙන්නෙ කියලා. :D /
පලයං බං යන්න අල්ලෙ පැලවෙන පච නොගහ...මෙහෙම නෙවෙයිද උනේ ඇත්තටම?...නෑ කියාපං බලන්ට
" මුගෙ අම්මට ********, "'
" මොකද අනේ හෙන්රි, බලන්ටකො ඔයා පාවිච්චි කරන වචන..ඔයා ගුරුවරයෙක් නේද? You must set an example to others, ඔයා අන්තිමට ඔහොම කතා කරනව මම ඇහුවෙ අර අපේ තාත්තට මම ඔයා ගැන කියල තාත්ත කිව්වෙ " හාපෝ,උඹට වෙන මිනිහෙක් හිටියෙම නැද්ද දුවේ? බලාපං ඒකගෙ තියෙන්නෙ මහ ගුටි කන මූණක්නෙ, දැක්ක ගමං දමල අනින්ටමයි හිතෙන්නෙ, ඔන්න නොකිව්වයි කියන්ට එහෙම එපා, ඕකා මේ හතර මායිමේ ආවොත් වෙඩි තියන එක තියනව කෙලින්ම **** දෙක කුඩු සංසාර වෙල යන්ට " ඒ කතාව මම ඔයාට කිව්ව වෙලාවෙ තමයි ඔන්න අන්තිමට ඔයා ඔය වචන සෙට් එක පාවිච්චි කලේ..."
" වෙන්න ඇති..ඔහෙගෙ තාත්ත වගෙ පෝරිසාදයෙක් මට මේ ආයෙම අහූ උනාමද කොහෙද..ඉතිං ඒ වචන සෙට් එකම ආයෙම පාවිච්චි වෙන එක අහන්ටත් දෙයක්ද? "
Januu,
Delete/ හෙන්රි අයියෙ: මූ මේ කියන්නෙ පට්ටපල් කෙබර… /
කෙබර තමයි බොල...කෙබර නැතුව තෝ කියපු විදිහටම කිව්වනං එහෙම....
" හි, හි, අයියෙ..හෙන්රි අයිය, ඔන්න මයෙ සරම , මයෙ බැනියම එතනිං ගිහාම මයෙ සුම්බරේ, මයෙ සරුවාලෙ ...ඔය ඇඳුං පැලඳුං ඔක්කොම ඉවර කරයි කියපංකො..ඊගාවට ඕකා බ්ලොග් අරින්නෙ මොන විදිහටද දන්නවය? "
" අනේ බාං මම මේ පැය බාගෙකට සැරයක් තුනුරුවන් ගුන සිහිකරගෙන බුද්ද ගයාව පැත්තට දන්ඩ නමස්කාරය කරගෙන ඉන්න සිල්වතා වෙච්චි.මම දන්නෙ නෑ එව්ව..උඹම කියාපංකො බලන්ට…"
" ඇඳුං පැලඳුං ඉවර උනාම හෙන්රි අයිය පාවිච්චියට ගන්ට යන්නෙ සරීර අවයව...මයෙ උන්ඩුකපුච්චය. මයෙ ප්ලීහාව, මයෙ අග්නියාසය, මයෙ පිත්තාසය..සරීර අබ්බියන්තර අවයව වලින් පස් සෙ එන්නෙ බාහිර අවයව..මයෙ......"
" මේ , මේ, නවත්තගනිං නවත්තගනිං..අම්මප උඹත් සිංහල කුල කාන්තාවක් නෙව...තෝ එක්ක ඉන්න එකට අර අහිංසකයට මල් තියල වඳින්ට ඕන..මරුවා සමඟ වාසේ පිචර් එක ඩේලි ඇට් කොරනව වගෙ ඇති…"
අනේ අයියෙ, මං ඉතිං කොහොමත් එන්නෙ උඹේ වාංපතුල් කතාව කියවන්ඩ නං නෙවෙයි. කොහොමත් උඹ ලියන්ඩ ගියාම ජපානෙං පටං අරං බංගලිදේසෙං ඉවර කරන එකා වුණාට එව්ව කම්මැලිකමක් නැතුව කියෙව්වෑකිනෙ.. ඔය තෝස් ලාම්පුව නං මං දැක්කෙත් අදද කොහෙද. හැබැයි ඔය උඹ ලියල තියන නාන බේසම නං මං දන්නව.. අපෙ මල්දෙනියෙ ගෙදර තිබුණ ඒකක්. ඉතිං මං නාලත් තියෙනව ඒක ඇතුළෙ.
ReplyDeleteඇයි අයියෙ උඹලගෙ කාලෙ තිබුණෙ නැද්ද අර දෙපැත්තෙම සූප්පු තියෙන කෙසෙල් ගෙඩිය වගේ කිරි බෝතලේ...
අපේ ගෙදර තාම තියෙනව තාත්ත කිරි බීපු එක.
දැන් උඹ බල්ලො ගැන අහල තිබුණනෙ.. මං හිතන්නෙ කම්මලේ බල්ල නෙවෙයි අයියෙ.. හෙලුවෙං හිටියෙ උඹ කියන එකාම තමයි.
අනේ ඔය සත්තුංගෙ තුවාලවලට මිරිස් ගාන එක අපේ ගෙදරත් කළා. පූසොංගෙ බල්ලොංගෙ තුවාලවලට.
කැමති දවසක විමලෙයගෙ කතාව කියහංකො.. අනිත් උං ඇවිල්ල උඹට පස්පඩංගුවෙ බැනල ගියාම මට මොකෝ.. මං දන්නවනෙ කතාව...
අඩේ බං ඔන්න බලාපං, ඒ ආනමාලුවක් වගෙ කිරි බෝතලේ උඹ කියනකල් මට මතක තිබ්බෙ නැති හැටියක් අම්මප....මමත් බිව්වෙ ඕකකින්නෙ බොල..අඩේ බොලායෙ තාත්තගෙ කාලෙ ඔය මොකෑලංතෙ පිටිකිරිත් තිබ්බද බොල.. ඇත්ත කියාපං......:) :)
Deleteඒ කෙහෙකං ගෙඩිය වගෙ එකේ දෙපැත්තෙං සූප්පු දෙකක් තියෙන්නෙ මොකටද දන්නවද?....නිඹුල්ලු එහෙම ඉපදුනොත් උං දෙන්නට දෙපැත්තෙං ඉඳගෙන සමෝ සමේ බොන්ට...
ඔන්න කිරි ගැන කියද්දි සෝක් කතාවක් මතක් උනා....
මේක මේ වාර විබාගෙට ආපු ප්‍රස්නයක්
පිටිකිරි වලට වඩා මව්කිරි වල ඇති යහගුණ හයක් ලියන්න.
මෙන්න හොඳම උත්තරේ...
1. මව්කිරි සාදාගැනීමට කල්ගත නොවේ.
2. මව්කිරි කල්තබා ගැනීමෙහිදී නරක් නොවේ.
3. මව්කිරි එහා මෙහා රැගෙන යාම පහසුය.
4. මව්කිරි බළලුන්ට බීමට නොහැක.
5. මව්කිරි අසුරා ඇති භාජන සම්පූර්නයෙන්ම උඩු යටිකුරු කලද මව් කිරි පිටතට හැලී අපතේ නොයයි.
6. මව්කිරි ඉතා දර්ශනීය භාජනවල අසුරා ඇත.
ඔය බෝතලේ මට මතකයි. ඕකෙ දෙපැත්තටම සූප්පු ගහනවා උනාට ඒ එක සූප්පුවකින් විතරයි බොන්න පුලුවන් අනිත් පැත්ත පොඩි සිදුරක් තියෙන රබර් එකක් නිපල් එකක් නැති. නිකං තොප්පියක් වගේ.
Delete@ Henry,
Deleteඒ මොකටද දන්නවය මචෝ?....දැං ඔය කිරි බොනකොට බෝතලේ ඇතුලෙ හැදෙනව රික්තයක්...එහෙම උනාම දිගටම කිරි බොන්න අමාරුයි. ඒක වලක්වන්න තමයි ඔය පොඩි සිදුරක් වගෙ එකක් තියෙන්නෙ.රයිට්.... now for the sixty four million dollar question.... දරුවකු මව්කිරි පානය කරන විට එවන් රික්තයක් ඇතිවේද? එසේනම් ඒ වලක්වා ගැන්මට ක්‍රියාත්මක වන ස්වභාවික ප්‍රතිකර්ම මොනවාද? නිවැරදි පැහැදිළි පිළිතුරට අගනා පෞරාණික කෙහෙල් ගෙඩි හැඩැති ළදරු කිරි බෝතලයක්...
එක. අර සිදුර අලුත් සූප්පු වලත් තියනවා. ඒක නිපල් එකේම මුල වෑල්ව් එකක් හැටියට එකක් හයි කරලා තියෙන්නෙ. ඒ කියන්නෙ One way.
Deleteදෙවෙනි ප්‍රශ්ණෙ, අර මිලියන් ඩොලර් අහවල් එක, I choose not to answer that for the sake of decency and my well established image as a decent blogger and bla bla bla....එක්කෝ ඒකට ගැලපෙන උත්තරයක් දෙන්නංකො විද්‍යාව පැත්තක තියලා. "ඒ මූල ධර්මය අනුව තමයි යකෝ අර ජනුවා කෙසෙල් ගෙඩිය වගේ කිව්ව, උඹ ආනමාලුව වගේ කිව්ව එතකොට අපි බෝට්‍ටුව වගේ කිව්ව කිරි බෝතලේ හදලා තියෙන්නෙ. තේරුනේ නෑ?
@ හෙන්රි,
Deleteමිලියන් ඩොලර් පුරස්නෙ ගැන වැඩිමනත් වසයෙනි.
අර ජනුවගෙ කෙහෙල්ගෙඩි හා සමාන කිරි බෝතලෙං පොඩි එකා බොද්දි ඇතුලෙ හැදෙන රික්තය නැති කොරන්ට අනික් පැත්තෙ සූප්පුවෙන් කවුරු හරි සුට්ටක් උරන්ට ඕන...මට ආපු පුරස්නෙ බාං මව් කිරි බීම ගැන උඹ දුන්නු අර්තකතනය නිවැරදි නම් එතනදි ඒ කර්තව්‍යය කරන්නෙ කවුද ? සහ කොහොමද ? කියන එක....
උඹට පිස්සුද බං? ඒකෙනුත් කවුරුහරි ඉරුවාම රික්තය වැඩි වෙනවනෙ. ඒ පිටිපස්සෙ සූප්පුවෙ සිදුරෙන් තමයි බොල වාතය ඇතුලට යන්නේ.
Deleteසික් විතරක්! හැදෙන්නේ නෑ, හැදෙන්නෙ නෑ. ඒක ඔහේ තියෙන්න ඇරහං.
ඔය කෙහෙල්ගෙඩි හැඩේ කිරි බෝතල් සහ ගැල්වනයිස් බිත්තර හැඩේ නාන බාල්දිනං අපේ ගෙදරත් තියෙනව.
Deleteකතාව කියවද්දී මැවිලා පෙනුනා හරිම ලක්සනට ලියන්න පුළුවන් ස්තුතිය
ReplyDeleteබොහොමත්ම ස්තුතියි...kkroxc..:)
Deleteඅර උපුල් ගේ කතාවත් එක්ක මතක් උනේ...
ReplyDeleteඅපේ බැඩ්මින්ටන් සර්ටත් කේන්ති ගියාම කියන්නේ මොනාද කියලා මේ ලෝකේ යකෙකුට තේරෙන්නේ නෑ... අනිත් වෙලාවට ෂේප්... මිනිහා මාත් එක්ක හැමදාම මරාගන්නවා.. මාත් අතාරින්නේ නෑනේ...
දවසක් මනුස්සයට හොඳටම කේන්ති ගිහින් මොක්දද එහෙකට... බැන බැන ඉඳලා ඉවර වෙලා මගේ කකුලට අත දික් කරලා මොකද්ද කිව්වා.. මං උඩ බිම බැලුව.. ම්හු... මට තේරෙන්නේ නෑ මේ මනුස්සයා මොනා කියනවද කියලා... හතර පාරක් කිව්වට පස්සෙයි තේරෙනේ මේ මනුස්සයා මේ කියන්නේ මගේ ලේස් එක ගැට ගහගන්න කියලා ....
අමුතුවෙන් ලේස් එක ගැට ගහගන්න කිව්වේ ඊට මාසෙකට විතර කලින් බල්ටියක් ගහලා අත කඩා ගත්ත හින්දා... ලේස් එක පැටලිලා වැටුනොත් උන්දැටමනේ ආයිත් ඉස්පිරිතාල ගානේ උස්සන් යන්න වෙන්නෙ....
මේ නාකි කතා අහං ඉන්නකොට මතක් වෙන ඒවා මෙතනම ලියල දානව... අරහේ බ්ලොග් එකක් වේලෙනව.... හපොය මං....
/ ලේස් එක පැටලිලා වැටුනොත් උන්දැටමනේ ආයිත් ඉස්පිරිතාල ගානේ උස්සන් යන්න වෙන්නෙ.... /
Deleteඉතිං බං අහන්නත් දෙයක්ද? සේර් කාරයට තද නොවුනනම් තමයි පුදුමෙ...උඹ වගෙ අටේ දහයෙ පිටි මුට්ටයක් උස්සගෙන ඉස්පිරිතාලෙ යන්ට උනාම යකෝ බුදු හාමුදුරුවන්ට උනත් මල පනින එක අහන්ටත් දෙයක්ද හැබෑටම?
හපොයි..රවීගෙ කල්පනාවක් තියනවද බ්ලොග් පොස්ටුවක මාතෘකාව මගින් පාඨකයින් අද්දවා ගැනීම සඳහා පාඨමාලාවක් කරන්න..ඔන්න මම ඉස්සෙල්ලාම අත ඉස්සුවා..මේ වගේ නමගිය ඇත්තෙක් ඒ වගේ කෝස් එකක් කලොත් අර සුචරිත ගම්ලත් මහාචාර්යතුමා ඉංග්‍රිසි පන්ති කලා වගේ තියේවි...
ReplyDeleteගාණ කීය වුනත් කමක් නෑ මම එනවා ඔන්න..
ආන්න ඒකට තමයි රූ ගරිල්ලා මාකටිං කියන්නෙ....:)
Deleteමාතෘකා වෙනම එකක්.කතාකරන්නෙ සම්පූර්ණ වෙනම දෙයක්. ඒත් අවුලක් නෑ..හැමෝම කැමතියි වැඩේට..ආන්න ගරිල්ලා මාකටිං....
අනේ ඊ ළඟ පාරත් ඔය වාන් පතුල්ද මොකද්ද කතාව නොකිව්වට කාරී නෑ රවී අයියේ..ඕන ජාතියක එකක් කියන්න, අපි අහගෙන ඉන්නම් :))
ReplyDeleteඅත්තම්මයි මුණුබුරයි හොඳ යාළුවො දෙන්නෙක් වගේ.
/ අනේ ඊ ළඟ පාරත් ඔය වාන් පතුල්ද මොකද්ද කතාව නොකිව්වට කාරී නෑ රවී අයියේ..ඕන ජාතියක එකක් කියන්න, අපි අහගෙන ඉන්නම් :)) /
Deleteබෑ...බෑ...බෑ...ඊළඟ පාර නම් වාං පතුල් කතාව කියනවමයි...:) :)
/ අත්තම්මයි මුණුබුරයි හොඳ යාළුවො දෙන්නෙක් වගේ. /
අපොයි බං කියල වැඩක් නෑ. මගෙ ජීවිතේ හම්බ උනු හොඳම යාළුවා..:)
උඹට කියන්ට අත්තම්ම මුල් කාලෙ මට කතන්දර කියල දුන්න. පස් සෙ ඉස්කෝලෙ යන්ට ගත්තම ඉස්කෝලෙ කියල දෙන කතන්දර මම අත්තම්මට කියල දුන්න ගෙදර ඇවිල්ල.ඊටත් පස් සෙදි අකුරු කියවන්ට ඉගෙන ගත්තම කතන්දර පොත් වල තියෙන කතා ඔක්කොම මම අත්තම්මට කියල දුන්න අපෙ ගෙදර පිළේ ඉඳගෙන...ආර්. එල්. ස්පිට්ල් මහත්මයගෙ පොත් තමයි වැඩිපුරම. මැකීගිය දඩමං, වන සරණ. සුදු වැද්දා, සුදු ගෝනා....
සෙල්ලං නෑ අත්තම්මට කතාන්දර කියල දෙන එක..උන්දැ හිටපු ගමං අහනව පුරස්න මයෙ ඔළුව නරක්වෙන...
'' ඉතිං සුට්ටි පුතේ...හෑන්ස්ට තිබුනනෙ රනී එක්කල එක පාරටම වැව ගාවට යන්නෙ නැතුව පස් සෙ යන්න? ''
'' එහෙමත් තිබ්බ තමයි. ඒත් අත්තම්මෙ මම මේ කියන්නෙ මේ පොතේ තියන විදිහනෙ… ''
" හරි හරි මම කියන්නෙ නෑ පොතේ තියන විදිහ වැරදියි කියල. ඒත් හෑන්ස් පස්සෙ ගියානං හරියි කියලයි මම කියන්නෙ…"
අපෙ අත්තම්ම වෙලාවකට මහම මුරණ්ඩුයි..
" හරි දැං එහනං මේ කතාව මම කියන්ඩ එපාද? "
" නෑ..නෑ...පුතා කතාව කියන්ඩ..ඒත් මම මේ කිව්වෙ....."
// පස් සෙ ඉස්කෝලෙ යන්ට ගත්තම ඉස්කෝලෙ කියල දෙන කතන්දර මම අත්තම්මට කියල දුන්න ගෙදර ඇවිල්ල.ඊටත් පස් සෙදි අකුරු කියවන්ට ඉගෙන ගත්තම කතන්දර පොත් වල තියෙන කතා ඔක්කොම මම අත්තම්මට කියල දුන්න //
Deleteමොකක්ද බොල මේ හරුපෙ තේරුම.!? ඒ කියන්නෙ උඹ අකුරු කියවන්ටත් කලින් ඉඳලද ඉස්කෝලෙ යන්ට පටන් ගත්තෙ.!?
@Buratheno
Deleteඅකුරු කියවීම සහ අකුරු කියවීම කියලා දෙකක් තියනවනේ... ඔය අවුරුදු 3දි විතර අකුරු කියවනවා කියලා චාරිත්තරයක් කරනවා.. ඒත් පොතක කතාවක් කියවලා තේරුංගන්න නං පුලුවන් වෙන්නෙ ඉස්කෝලෙ දෙක තුන වසර වගෙ කාලෙදි. රවිස් කියන අකුරු කියවීම දෙවෙනි ටයිප් එක...
@ Bura,
Deleteඔන්න ඕකනෙව කියන්නෙ..බොලාටත් ඉතිං වචනයක් වරදින්ට බෑ නෙව..අමුඩ තදකරං කැති පොලු කරට ගන්නව නෙව...කොල්වින් ගොයියගෙ ගොයං කොලේ සීන් එක තමයි මට මතක් උනේ...හෙහ්, හෙහ්
මෙතන මම කිව්වෙ බොල ආර්. එල්. ස්පිට්ල් මහත්මයහෙ පොත් එහෙම මම කියවන්ට පටන් ගත්තෙ පහේ පන්තියෙ වගෙ..අන්න ඒකයි....
අකුරු කියවන්නෙ ඉස්කෝලෙ යන්ටත් කලින්..ඒක හරි...
තිසර මලයගෙ පැහැදිලි කිරීම හරි...:)
නයා එළි බහිනව කියන්නෙ නමයට විතර...මහ රෑ දොලහට වගෙ පස්සෙ තමයි පොළඟා, මාපිලා සහ කරවලා වගෙ එවුං... ඊට පස්සෙ අත්තම්ම.
ReplyDeleteඔය කියන්නෙ අත්තම්මත් සරුපයෙක් කියලද ? :D
වාන් වලට ඇත්තටම පතුල් තියනවද ඈ..?? මට ඒ ගැන ලොකු සැකයක් ආවා..
එලි බහිනවා කියන්නේ එලියට බහිනවා කියන එකට නෙමේ ඕන් මම අහල තියන හැටියටනම්.
Deleteයෑස් යෑස් සයුරි... ඔය දොට්ට පිලට යන එකටත් එලි බහිනවා කියලා කියනවා තමයි.
Deleteසික් උඹල ඔක්කොම එකයි, ඕනම දේක අන්තිම නරක අර්ත කතනයමයි සිහියට එන්නෙ..එකෙකුටවත් මතක් උනේ එහෙම නෑ නේද දේවතා එලි බහිනව කියල එකකුත් තියනව නේද කියල...ඔය කෙම්මුර දවස් වලට බෝදීන්නාන්සෙල අහල පහල පේනව යස අගේට දේවතා එළි බහිනව...
Deleteමේ ඔන්න මම නෑ ඕවට.. හරිය.. මට හයිලයිට් කරන්න ඕනා වුනේ ආත්තම්මවත් සරපයන්ගෙ ලිස්ට් එකට දාපු එක.. :D
Deleteදැන් ඉතින් අර දකුනු පැත්තෙ තියෙන ප්‍රවර්ග වලට විමලෙගෙ වාං පතුල් සීරීස් එකත් එකතු කලනම් හරි..ඇ අය්යෙ මේකත් මෙගාද? හැබය් ඉතින් මොක ලිව්වත් නියම රහය්..
ReplyDeleteහෙහ්, හෙහ්, වාං පතුල් කතා.....ඒකත් නරකම නෑ....
Deleteස්තූතියි මෙකුවි.....:)
මට හිතෙන්නේ වාං පතුල් කියල කියන්නේ වැල්වටාරං වලට කියන තව නමක් වෙන්ඩැ...
ReplyDeleteඔව් තිසර..එහෙම අර්ථ විවරණයක් එන්නත් පුලුවන්..සිංහල කියන්නෙ සජීවී භාෂාවක්..වචන අලුතින් එකතු වෙනව..වචන හැලෙනව..ඒ වගේම වචන වලට අලුත් අරුත් එකතු වෙනව...
Deleteපංකාදු පහයි . වාන් පතුල් සිරිස් එකේ කතා ටික එක්කහු කරලා පොතක් ගැහුවහැකි .
ReplyDeleteහරිම රසවත් .
හෙහ්, අන්න බින්දි එළ අයිඩියා එක..
Deleteමම දැම්ම කෝල් එකක් සරසවි එකට. පිටු 50 ක පොත් 1000 ගහන්ට රුපියල් 150,000.00 විතර යාවිය කිව්ව.එතකොට ඩොං වලින් වෙන්නෙ 24,950,550.00 හරි මම බාගයක් බරපැන..උඹ දාපං බාගයක් ඩොං 12,000,000.00ක්..මොකද කියන්නෙ?...උඹේ නමත් දානව ටයිටල් පේජ් එකේ. ඒ වගේම පොත් 500 කෙලිම්ම එවනව බොට....
Now the ball is in your court and its time to walk the talk…heh, heh,
Thanks so much as always, Bindi :)
ටයිටලේ මං ගානෙ නොමිලේ..
Deleteවාං පතුල් සහ ('සහ' කියන වචනේ අර අලුත් ඉස්ටයිල් එකට මැද්දෙං ඉරක් ගහලා කපනවා) හෙවත් වෙනත් කතා
@ Thisara: උඹට පිස්සුද තිසර? "වාං පතුල් හැර වෙනත් හැම උලව්වක්ම". උඹට ඕනෙම නම් 'හැර' කියන එකට අලුත් ඉස්ටයිල් එකට මැද්දෙං ඉරක් ගහලා කපහං.
Delete@ බින්දි: Walk away from trouble if you can... කියලත් කෙනී රොජර්ස් ගායනා කරපු බව මතක තියා ගනිං.
වාං තාම පතුලේ වෙන්ටැ... ගොඩ එන්න සෑහෙන්න කාලයක් යයි වගේ... :D
ReplyDeleteනෑ බොලේ...ඒ හැටි කාලයක් තව නෑ...ඊළඟ එක...නැත්තං ඊට එහා එක..බැරිම උනොත් ඊටත් එපිටිං එක...එච්චරයි... හෙහ්, හෙහ්,
Deleteහෙන්රිය අපායට යන්න කලිං මේක කියෙව්වෙ මොකද බලන්නයි ආවෙ. නියම කතාවක්නෙ තියෙන්නෙ.
ReplyDeleteකුකුළගෙ තටු කෑවට පවු සිද්ධවෙන්නෙ නෑ වගේ තව සත්තුංගෙත් ඔයවගේ පාර්ට් තියෙනවද දන්නෑ.
මොකෝ නැතුව..අර එලුවොන්ගෙත් තියනව ඔන්න ඔහොම මොකක්ද එකක්...:)
Delete