Friday, April 19, 2013

179. වාං පතුල් කතාව තව දුරටත් - විමලේගෙ භාණ්ඩ තත්ව පරීක්ෂා උපක්රම සමඟ බුද්ධ ප්රතිමා නඟා සිටුවීම

විමලයගෙ වාං පතුල් කතාව තමයි දැං කියන්ට තියෙන්නෙ නෙවද? හරි එහෙනං කියමුකො බලන්ට...... 

විමලෙය ගැන මම කිව්වනෙ කලිම්ම..උන්දැ ඇවිල්ල මොකෑලන්තවාසියෙක්...කඩ්ඩෙං කිව්වොත් මොකෑලන්ඩර්...මොකෑ බොල තෝ කන්ට වගෙ බලාන ඉන්නෙ?...මොකෑ බොල මේ පාංගෙඩිය මේ හැටි කරුකුස්ටං වෙලා?...මොකෑ මලේ කෙල්ල කියැව්වෙ?....ඔන්න විමලෙය කතා කොරන්නෙ ඔහොම තමා...අය ඉඳා අම්ම....ඔන්න ඔහොමත් ඒක කියනව. ඉඳා අම්ම....එයාගෙ රැස්පොට්.... 

හෙහ්, හෙහ්, ඔන්න බොලේ ඉඳා කියනකොට සෝක් කතාවක් මතක් උනා....හරි හරි බොලව්..මේ පොඩි කතාව විතරයි..අද කොහොම හරි වාං පතුල් කතාව කියල ඉවරයක් කරනව...මේස් දෙක පල්ල.... 

අරිසෙන් අහුබුදු සූරීන් මතක නේද? පොඩි සංදියෙ ඉස්සෙල්ලම ඔය සූරින් කියන වචනෙ ඇහුනම මයෙ හිතට එන්නෙම මාළු කූරියෙක්...සූරීන් = කූරීන් කියලයි මට හිතෙන්නෙ... 

අහුබුදු සූරීන් ඇවිල්ල හෙල දෙස බස රැස ගැන බොහොම උනන්දු වෙච්චි කෙනෙක්.නිතරම ඔය අපි භාවිතා කරන සංස්කෘත, පාලි වචන හෙළයට හරෝල තමයි එතුමා බාවිතා කලේ. දැන් ඔය අරිසෙන් අහුබුදු කියන්නෙ මුල්නම වෙච්චි ආරියසේන ආශුබෝධ හෙලයට පෙරලල තනාගත්තු නම. 

දවසක් අහුබුදු සූරීන් තම බිරිඳත් එක්කල යනව ගමනක්. එලෝලු ගන්ට මාරකැට් යනවයි කියමු. හපෝයි, සමාවෙන්ට ඕමනයි..ඒ එළෝලු ගන්ට වයිෆ්ස් එක්ක මාරකැට් යන්නෙ උඹල අපි...අහුබුදු සූරීන් වන් පුඟුලෝ හෙළ අවුළු මිළදී ගනු පිණිසැ සති අන්ත වණික්පල වෙතැ සිය පියඹද කැටුව පිය මනින්නෝය. අන්න එහෙමයි එයාල වැඩ කරන්නෙ.. 

අහුබුදු සහ පියඹ මෙහෙම යද්දි මඟදි මුණගැහුන තව යාලුවෙකුත් යනව එයාගෙ භර්යාව එක්ක.. 

" සබඳ මේ මා පියඹ සඳා…" 

හිතවතා ඇමතූ අහුබුදුවෝ පැවසූහ. අහුබුදූවන්ගෙ භාර්යාවගෙ නම චන්ද්‍රා... 

හිතවතා උඩ බිම බැලුව. ඒත් මිනිහත් කැමති උනේ නෑ අහුබුදුවන්ට දෙවෙනි වෙන්ට.. 

" අහුබුදුවනි, මේ මා පියඹ,  ඉඳා " 

භාර්යාව පෙන්නල යාලුව කිව. එයාගෙ වයිෆ්ස් ගෙ නම ඉන්ද්‍රා... 

විමලයගෙ තිබ්බෙ අමුතුම වචන සෙට් එකක්...ඕක එක්ක තැනකට යනවයි කියන්නෙ වහ කනව වගෙ වැඩක්. ඇඟේ ලේ නෑ මේකා මොනවා කියයිද කියල.... 

එක පාරක් ඕකා චමරි මැනේජර් වෙල ඉන්දැද්දි බඩු ගේන්ට ටවුමට යද්දි මාවත් එක්කහු කොරගෙන ගියපි.බඩු ගේන්ට යද්දි අපි එක පාර බඩු හෙන ලොට් එකක් ගේන හින්ද තවත් කවුරුහරි එකෙක් එක්කං යනව උදව්වට..ඒක තමයි පිළිගත් සම්ප්‍රදාය. ඔය සහායට ඩැනී වැඩේට කට්ටිය යන්නෙ පැනල.කඩවල් ගානෙ ඇවිදිනව එව්වයෙ ඉන්න කෙල්ලොන්ට අනම් මනං කිය කිය, පස්සෙ බඩු පටෝනකල් රෙස්ටොරන්ට් එක්කට රිංගල බියර් බෝතලයක් දෙකක් කාරිය ගසල ඇරල ආතල් එකේ හුලං වැදි වැදි ආපහු එන්ට නෙව තියෙන්නෙ. හෙහ්, ඔහොම සොමියකට කවුද අකමැති? ඒත් විමලෙය චමරිය කරන කොට ඌ ගානෙ බොන්ට අරං දෙනව කිව්වත් කිසි කෙනෙක් යන්නෙ නෑ ඒකා එක්ක.මොනව හරි බොරුවක් කියල මග අරිනව. 

අන්තිමට ගහන ගහන හෙණ ලංකාතිලකෙට කිව්වැහෙ මටම තමා ඒකත් පංගනාත්තු වෙන්නෙ. " අනේ මල්ලියෙ උඹවත් යමං " කියල විමලෙය කිව්වම මූණ බලාන කොහොමෙයි බෑය කියන්නෙ.." හ්ම් යමං එහෙනං " කියල මාත් කලිසමක් දාගන්නව. 

ඔන්න යනව කඩේට...සුපර් මාරකට් කොහෙද ඒ කාලෙ?....පරිප්පු, හාල්, සීනි පිටි ඔක්කොම කට ඇරපු තඩි ගෝනිවල දාල ලී පතුරක ගහපු කාඩ්බෝඩ් කෑල්ලක මිල ලියල ඒකෙම ගහල තියනව. තාමත් එහෙමද මන්ද....මුදලාලි ඉන්නව මේස් බැනියමකුත් ඇඳගෙන දකින දකින වෙලාවක් ඇත්තං මිනිහගෙ වැඩේ අසෝක වීදුරුවක දාපු කිරි තේ එකක් පොඩ්ඩ පොඩ්ඩ තොල ගාන එක.එයාගෙ මේසෙ ඉහළිං හැමවෙලේම පත්තුවෙන පොල්තෙල් පානක් සහ කොයිවෙලෙත් දුං දාන හඳුං කූරක් බුදු හාමුදුරුවො සහ සියලුම දෙවිවරුන්ගෙ රූප ඉස්සරහිං තියනව. 

විමලයත් එක්ක බඩු තෝරන්ට ගියාම ඔලුව නරක් වෙනව.හැම එකක්ම ඕකට එක්කො නහයට කරල බලන්ට ඕන නැත්තං කාල බලන්ට ඕන ..අඩුම ගානෙ දිවගාල හරි බලනවාමයි. 

අනික ඕකගෙ නෑනෙ හෙමීට කතාවක්..බඩු චෙක් කරන්නෙ රනිං කමෙන්ට්‍රි එකකුත් දීගෙනම.ඔන්න කහ කුඩු ගෝනියෙං ඒකෙම තියන පොල්කටු හැන්දට කහ ටිකක් අරගෙන අල්ලට දාගන්නව. දිවේ අග්ගිස්සට කහ කුඩු ටිකක් ගන්නව.එක පාරට දිව කට ඇතුලට ගන්නෙත් නෑ.ඉස්සෙල්ල ඇස් දෙක හෙමීට පියාගන්නව එහෙම්මම ටිකක් වෙලා ඉන්නව ,..ම්ම්ම්..තත්පර තිහක් විතර කියමු. 

ඔය වෙනකොට කඩේ බඩු කිරන්ට ඉන්න ගෝලයො දෙන්න කටවලුත් ඇරගෙන විමලය දිහාවෙ බලාගෙන. වෙන එකක් තියා මුදලාලිත් කිරි තේ වීදුරුව කට ගාවට අරං යන ගමන බාගෙට නවත්තල එහෙම්ම මූ දිහා බලාගෙන ඉන්නව.මුදලාලිගෙ දකුණු කම්මුලේ තඩි මැස්සො දෙන්නෙක් ඔට්ටු සෙල්ලං කරනව ඒත් මුදලාලිට එව්වයෙ ගානක් වත් නෑ. 

විමලෙය අර අරම ඉන්නෙ මොකෝ දන්නවය?.....මම කලින් දවසක ඇහුව ඕකගෙං.. 

" ඒ මොකෝ බාං උඹ අර දැරහැවේ දපල තියෙන මිනියෙ කට ඇරිල දිව එලියට දාන්නැහෙ යාරයක් විතර දිව එලියට දාගෙන ඉන්නෙ කහ කුඩු ටිකත් අග්ගිස්සෙ ගාගෙන? " 

" ඒ බං මෙහෙමයි....සරක්කු පහේ වල රස වගේම වැදගත් සුවඳත්...ඒ මම ඇස් පියාගෙන කරන්නෙ සුවඳ අහන එක.." 

" ඉතිං බං කහ කුඩු ටිකක් නාහෙට කරල සුවඳ බැලුවම වැඩේ ඉවරයිනෙ. " 

" ඔය කිව්වෙ..ඔය කිව්වෙ..ඔන්න කිව ඔන්න කිව..යකෝ එතකොට සුවඳ ඇහෙන්නෙ වේලිච්ච කහ වල. එහෙම නෙවෙයිනෙ. අපි කෑමක් කටට ගන්න කොට එව්වයෙ තියන කහ කටේ කෙලවල දියවෙනව. එතකොට තමයි කහවල නියම සුවඳ එන්නෙ. අන්න ඒ නිසයි මම එහෙම කරන්නෙ..තේරුණාද උඹට? " 

මට තේරිච්ච ඇති එකක් නං නෑ..ඒත් නෑය කිව්වනං ඕක ආයෙම මුල ඉඳල පටංගන්නව පැහැදිලි කිරීම..ඒ නිසාම මම ඔලුව වැනුව.. 

" තේරුනා තේරුනා…" 

විමලෙය අරම මහසෝන වගෙ දිව එලියට දාගෙන ඉඳල හෙමීට ගන්නව දිව ඇතුලට..ඇතුලට කිව්වෙ කොහෙ ඇතුලටද කියල ඇහැව්ව?...දිව කියන එක ආයෙ කට ඇතුලට නැතුව වෙන කොහාට ගන්ටද..ඈ?.....කට ඇතුලට අරගෙන අර කහකුඩු ටික හෙමීට තවරනව උඩු තල්ලෙ පිටිපස්සෙම තියන අර පණුවෙක් වගෙ අවයවය දන්නවද? රසදිව ඒකට කියන්නෙ....ඔන්න ඔය රස දිවට තියෙන දුරින් 1/3 ක දුරකින්.ඔය රසදිව විදල මුදු දානව කියල දන්නවද?....හෙහ්, හෙහ්, නුහුගුණේ සාරසුබාවට තියෙන්නෙ අපේ මේ බොලොග් ලියන කියවන උදවියට විතරක්ම නෙවෙයි බලාගෙන ගිහාම. 

පල්ලෙහා පින්තූරෙ Uvula කියල තියෙන්නෙ ඔන්න ඔය රසදිව තමයි. 



ඔය රසදිව විදල මුදු දාපු කට්ටිය පාරෙ යන්නෙ කට ෆුල්ම ඇරගෙන. නැත්තං අර අච්චර අමාරුවෙං දාපු මුද්දෙං වැඩක් තියේද? දත්වල ඉන්න පණුවොන්ට විතරයි ඒක පේන්නෙ....යටි හක්කෙ ඇටේ හිස් කබලට සම්බන්ද වෙන ජොයින්ට්ස් දෙකක් තියනව.කණ ඉස්සරහිං ඇඟිල්ලක් තියාගෙන කට අරින්ඩ හැදුවොත් එතන ජොයින්ට් එක එහෙ මෙහෙ වෙනව තේරෙයි.ඔය ජොයින්ට් එක පන්නල තනිකර යටි හක්ක පල්ලෙහාටම අරින්න පුලුවන්.පිඹුරො තනිකර මුවෙක්, ගෝනෙක් එහෙමත් නැත්තං ඌරෙක් එක කටට ගිලින්නෙත් ඒ විදිහටමයි.අර ජොයින්ට් එක පන්නල කට අප්පල්ලෙ වගෙ ඇරල හිට සතා ගිලිනව, ඊට පස්සෙ ආපහු ජොයින්ට් එක තිබ්බ වගෙ ලොක් කර ගන්නව.බොහොම පහසුයි... 

සමහර අයගෙ ඔය ලොක් එක බොහොම අඩමානෙට තියෙන්නෙ...මගෙ එක යාලුවෙක් හිටිය..ඉස්කෝලෙ යන දවස්වල..අමතක වෙල එහෙම කට හායි ගාල ඇරල ඈනුමක් එහෙම ඇරියොත් බඩුම තමයි, හක්ක පයිනව...වැඩේ කියන්නෙ ඌට තනියම ආපහු දාගන්ටත් බෑ.කටත් ඇරගෙන ඉන්ට වෙනව අපි කවුරුහරි ජොයින්ට් එක ඇඟිල්ලෙං තද කරල යටි හක්ක ආපහු ලොක් කරනකල්. 

ඒ ඉස්කෝලෙ කාලෙ....පස්සෙ මම අර උතුරු මැද නැගෙනහිර පළාත් මායිමේ වියාපුරුතියෙ ඉන්න කාලෙ අපෙ හිටිය එකෙක්...අපිට එහෙම වැඩිය වයසයි..ජයේ අයිය කියල කියමුකො..පොරගෙ වං අත පනිනව හිටපු ගමං උරෙස්සෙං. ඔතන තියනවයි කියන්නෙ ඔන්න බයෝ කොරපු අය දන්නව ඇති කුහර ගෝල සන්ධියක්ය කියන එකක්නෙ.මන්දා ඉතිං අපි ඉගෙන ගන්න කාලෙ නං එතන එහෙම එකක් තමයි තිබ්බෙ. දැං මොකක් තියනවද කියල නම් හරියටම කියන්ට දන්නෙ නෑ. මේ ඊයෙ පෙරෙයිද බයෝ කොරපු හිච්චි එවුං එහෙම ඉන්නවනං කියන්ටකො තාමත් එතන තියෙන්නෙ කුහර ගෝලයක්මද කියල....රයිට් අපි එහෙම උපකම්පනයක් කරමු. එතන තියෙන්නෙ කුහර ගෝල සන්ධියක්ය කියල. 

Ball and socket joint..නමෙම්ම තේරෙන විදිහට සොකට් එක ඇතුලට බෝල් එක බහිනව. කුහරය ඇතුලට ගෝලය......එක්කො අතේ ඇටේ ගෝලය, උරහිසේ ඇටේ කුහරය. නැත්තං ඕකෙ අනික් පැත්ත, අතේ ඇටේ කුහරය උරහිසේ ඇටේ ගෝලය.කොහොම හරි කමක් නෑ දෙකේ දෙක තිබ්බනං එච්චරයි. ෆුල් කේස් වෙන්නෙ උරෙස්සෙයි අතෙයි දෙකේම එකම ජාතිය තිබ්බොත්...ඒ කිව්වෙ සොකට්ම දෙකක් නැත්තං බෝල්ම දෙකක්.නිඹුල්ලුංගෙ එහෙම වෙන්න පුලුවන්ලු මාරු වෙල. එහෙම උනාම ඔපරේෂන් කරන්න වෙනවා. 

දවසක් අපි මහ රෑ එනව මල ගෙදරක ගිහිල්ල...මිට්සුබිෂි ජීප් එකේ... ලෝං වීල් බේස්....අන්න වාහන...මර්ඩර් හවුස් එක ( මරණ ගෙදර කිව්වම ඒක ඉංගිරිසියෙන් එහෙම තමයි... The murder house..ඒයි වික්කරේගෙ තාත්තගෙ මර්ඩර් හවුස් එකට යන කට්ටියට නම් දෙන්න කියල නෝටිස් එකක් දාල තියනව..උඹ දුන්නය?...එහෙම තමයි අපි අහන්නෙ..) තිබ්බෙ අවුකන කිට්ටුව....මළගෙදර යන ගමං කළාවැව් බන්ඩ් එක උඩ පොඩ්ඩක් නැවැත්තුව. වෙන මොකටවත් නෙවෙයි ආය. අපේ අතීත ශ්‍රී විභූතිය දෑහිම්ම නරඹල බුද්ධාලම්භ ප්‍රීතියෙං ඔකඳ වෙලා සතුටු කඳුලක් එහෙම හෙලල දේශානුරාගයෙන් ඔද වැඩිල එහෙම යන්නෙයි කියල. 

අපේ ඉන්නව එක එක ජාතියෙ එවුං.ඔන්න කට්ටියක් ඉන්නව පාර අයිනෙ ඊයෙ රෑ වැස්සට වතුර එකතු වෙච්චි සුට්ටි වලක් දැක්කොත් ඇති, හූ කියාගෙන බහින්නෙ ජීප්පෙකෙං.ඒ ජාතියෙ එවුං මල ගෙදරක ගියත් මඟුල් ගෙදරක ගියත් තුවායයි සෝට් බෑයකුයි පත්තරේක ඔතාගෙන තමයි වාහනේට ගොඩ වෙන්නෙ. 

තව එවුං ඉන්නව ගමන යන්ට කලින් දවසෙ රෑ එලිවෙනකල් හාප් සීට් පොඩි කෑලිවලට ඉර ඉර එව්වයෙ නමයි ඇඩ්ඩස් එකයි ලියනව. මග දිගේ ඉතිං වැලක චීත්තයක්, මල් ගවුමක් වනල තිබ්බත් උන්ට ඇති. විසි කරනව අර ඇඩ්‍රස් කෑලි.බොහොමයක් එව්වට උත්තරත් එනව.අපරාදෙ කියන්ට බෑ... 

තව කට්ටියක් ලිස්ට් එකක් හදනව.. 

" රයිට් දැං කට්ටිය ඔක්කොම යනව අට දෙනෙක්..එකාට බාගෙ ගානෙ මුලිම්ම බෝතල් හතරයි. ආ..ජයේ අයියත් යනවනෙ..එහෙනං ඇඩිෂනල් තව බාගයක්වත් දාන්න වෙනව. හරි එතකොට හතරාමාරයි. කඩල පැකට් විස්සයි. සිගරට් විස්සෙ පැකට් එකයි...අඩේ සමරෙත් නම දීල තියනව නේද? එහෙනං කොහු ලණු කැරලි දෙකකුත් දාපං ලිස්ට් එකට. හරි ඔක්කොම එතකොට වෙනව රුපියල් පන්සීයක්..........දැනට දීපල්ල එකා හැත්තෑව ගානෙ. මදි වෙනකොට ආයෙම එකතු කරමු.මතක ඇතුව පර්ස් අරං පලයල්ල. මඟදි අනේ මචං පර්ස් එක රූම් එකේ දාල ආවයි කියල බබා උකුං එහෙම ඔට්ටු නෑ හොඳද? එහෙම අමතක වෙයි කියල හිතෙන එවුං දැම්මම මගෙ අතට කීය කීය හරි වැඩිපුර දීපල්ල..." 

මම තමයි ඒ බොහෝවිට....... 

ජීප් එක වැව පැත්තට පස්ස හරෝල නවත්තල පිටිපස්සෙ එක දොරක් ඇරියම මරු. කලාවැවේ දියමතුපිට පිසගෙන එන සිහිල් සුලං රැල්ල ආය කියල වැඩක් නෑ. සේට් ගලෝල වනනව ජීප් එකේ බොනට්ටෙක උඩ. හොඳට පපුව පුරෝල හුස්මක් උඩට ඇදල පුලුවං තරං කල් අරගෙන හෙමීට පිටකරනව. ෂෙහ්......ආතල් ද බ්‍රේව්....අපි එළියෙ ඉඳගෙන අවට සිරි නරඹන ගමම්ම විඩිං විඩේ ගිහිල්ල අර ජීප් එකේ දොර ඇරල ඇතුලට නැමිල එනව.වෙන මොහොකටවත් නෙවෙයි එහෙම බැලුවම අවුකන පිළිමෙ පේනව අත දික්කලා වගෙ. ඔහොම මෙහෙම...දෑත් එක්කරල පිළිම වහන්සෙට වැඳල එහෙම....හෙහ්, හෙහ්. 

මේ බුදු පිළිම ගැන පොඩි කතාවක්...... 

ඔය කාලෙ අගමැති තුමා අපෙ පේමදාස මහත්තය. 

දන්නවනෙ එතුමගෙ වැඩ..ආය යමක් හිතුනොත් සක්කරයටවත් බෑ ඒක නවත්තන්ඩ. වැඩේ කරලමයි පස්ස බලන්නෙ...ඔන්න එතුමට හිතුන ඔය කැළෑවට වැහිල නටබුන් වෙල තියෙන බුදු පිළිම ප්‍රතිසංස්කරණය කරන්ට. ගම් උදාවත් එක්කමයි මේ වැඩ පිළිවෙල ක්‍රියත්මක උනේ.මාළිගාවිල පිළිමෙ එහෙමත් බිම වැටිල තිබිල එහෙම කෙලින් කොරපු එකක්. 

දවසක් උදේ උන්නැහැ පත්තර බල බල ඉන්නවයි කියමුකො.මෙන්න තියනව පලවෙලා ලිපියක් එතුමට ඉස්තූති කරල මාළිගාවිල පිළිමෙ කෙලින් කලාට..ඒ එක්කම තියෙනව ඊට සුට්ටක් විතර එහා මහ කැළේ මැද ජරාවාස වෙල තියන පිළිමයක් ගැන. ඒකත් ප්‍රතිසංස්කරණය කලානම් අපූරුයි කියල..ජාතියේ පිනට උපන් ගරු අග්‍රාමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි!! 

ඒ වෙලාවෙම ගත්ත කෝල් එකක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ ඒ පැත්තෙ ප්‍රාදේශීය කළමනාකරුට. 

" අද පත්තරේ තියනව කැළේ මැද නටබුන් වෙච්ච බුදු පිළිමයක් ගැන. එතනට ගිහිල්ල තත්වය පරීක්ෂාකරල බලල ඒ පිළිමය නගා හිටුවන්ඩ වහාම වැඩ පිළිවෙළක් සකස් කරන්ඩ ඕනෙ. මට මේ ගැන උදේ දහයට කලින් වාර්තාවක් දෙන්න ටෙලිෆෝන් එකෙන්. " 

මොනවද අටහමාර වෙනකොට ආව කෝල් එක.. 

" සර්..මම අර පිළිමෙ බලන්ට ගියා.ඒක කෙලින් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ...." 

" මේ තමුං දන්නවනෙ, මම ඔය ඒත් මේ කතාවලට කැමති නෑ කියල.මට ඕන වැඩක් කෙරෙන විදිහක් මිසක් වැඩක් නොකෙරෙන්න හේතු නෙවෙයි. වහාම ඒ පිළිමෙ කෙලින් කරන්ට කටයුතු යොදන්ට. " 

" සර්..ඒත් මේ........." 

" මම එක පාරක් කිව්ව නේද?....වැඩ කරන මිනිස්සු විතරයි මා ළඟ ඉන්න ඕන. කරුණාකරල මම කියපු විදිහට වැඩේ කරනව.." 

ප්‍රේමදාස මහත්තය පොළවෙ අඩි හැප්පුව.එතුමගෙ කොණ්ඩෙ ඩයි කරමින් උන්නෙ මොහිදීන්ට ඔව්ව හොඳට පුරුදුයි. මිනිහ ගාණක්වත් නැතුව වැඩේ කරගෙන ගියා. 

අනේ කිව්වත් වාගෙ සති දෙකක් ගියෙ නෑ. ප්‍රේමදාස මහත්තයට වාර්තාවක් ආව වැඩේ අහවරයි කියල.එතුමා ඔන්න තකහනියක් ගියා පිළිමෙ බලන්ට. අප්පට සිරි මේ තියෙන්නෙ පිළිමෙ බැබලි බැබලි...ආය මොනවද?....එලකිරි සහ ජලය 

ඒත් ප්‍රේමදාස මහත්තයට පොඩි අවුලක් වගෙත් තේරුණා. බුදු හාමුදුරුවො ඉන්න විදිහ නිකං හරි නෑ හරි නෑ වගෙ..හැරුන අර ප්‍රාදේසීය පොර දිහාට. 

" මොකද අයිසෙ මේ බුදු හාමුදුරුවො දකුණු අතෙං කණ වහගෙන ඉන්නෙ?..අනික මොකක්ද අර කර උඩ තියෙන්නෙ? " 

" ඒ කර උඩ තියෙන්නෙ සර් කොට්ටෙ…" 

" මොකක්??? කොට්ටයක්???..ඒ මොකටද ඕයි බුදු හාමුදුරුවො කොට්ටයක් කරේ තියාගෙන ඉන්නෙ? " 

" ඒක තමයි සර් මම එදා මේ සර්ට කියන්න හැදුවෙ……" 

කලමනාකරු තැටමුවා බිම බලාගෙන 

" මොකක්ද තමුසෙ මට කියන්න හැදුවෙ?....කියනවා ඕයි තවත් තෙපර බාන්නෙ නැතුව …" 

ප්‍රේමදාස මහත්තගෙ මූණ සත දහය වගෙ වෙලා…. 

" සර්..අපි කෙලින් කරල හිටෙව්වට මේ පිළිමෙ සැතපෙන පිළිමයක්...." 

" මල කෙලියයි..ඇයි ඕයි තමුසෙලා මාව කෑවා නේද?...වහාම මේ අදම පිළිමෙ හරහ දානව .....පුරා විද්‍යා කාරයෙක් එහෙම දැක්කොත් මාව පතුරු ගහයි. " 

" නෑ සර් අවුලක් නෑ ඊයෙ පුරාවිද්‍යා එකේ කට්ටිය ඇවිල්ල පිළිමෙ බලල ෆොටෝ එහෙමත් ගහගෙන ගියා. " 

" නෑ.!!!!! " 

ප්‍රේමදාස මහත්තය නළලෙ අත ගහ ගත්ත.. 

" මොකෝ ඉතිං කිව්වෙ? " 

" කිසිම ප්‍රශ්නයක් උනේ නෑ සර්..දැං ඔය බුදු පිළිම ආකාර බර ගානකට තියනවයි කියනවනෙ. එව්වට කියන්නෙ මුද්‍රා කියල.එහෙම මුද්‍රා හතක් දැනට හොයාගෙන තියනවලු. මේ පිළිමෙ තියෙන්නෙ මින් පෙර හොයා නොගත්ත අලුත්ම මුද්‍රාවක්ය කියල තමයි එයාල කිව්වෙ. ඔය කොට්ටෙ වැඩේ ගැන තමයි ඒ ගොල්ලන්ටත් හිතාගන්න බැරි.පරණ ලිපි ලේඛන පුස්කොල පොත් එහෙම බලල මේ මුද්‍රාවට කියන නමක් ගැන හොයල මට කියන්නම්ය කියලත් කිව්ව ඒ අය. " 

57 comments:

  1. මාත් කාලයක් වාසය කලානේ ඔය මොකෑලන්තේ... බෝඩිං වෙලා තමා හිටියේ.. ඉතිං දන්නෙම නැතුව බාසාව පත්තියං වෙනවා. ගෙදර ගිහින් මොකෑලන්ත බාසාවෙන් කතාකරනකොට ගෙදර කස්ටිය මාව බයිට් කරනවා.

    අර රස දිවට මුදු දාන්නේ නම් වෙන කේස් එකකට කියලයි මම අහලා තියෙන්නේ... ඒවා පොඩිහිටියන්ට සුදුසු නෑ. ඒක නෙමෙයි අයියේ, මොකෑ අර සමරයට ලණු කැරළි දෙකක්?

    පිළිම කතාව නම් අහලා තියනවද මන්දා... ඔය දැන් අලුත් ඇඳුම් මෝස්තර තියෙන්නේ රෙද්ද කණපිට හරවලා වගේ, ඔය නිරූපිකාවක් වැරදිලා කණපිට ඇඳලා ඇවිල්ලලුනේ එහෙම උනේ. හැබැ‍යි හොඳ වෙලාවට අර පිළිමේ මුද්‍රාව හොයාගන්න බැරි වෙන්න ඇති, නැත්තං මේ වෙනකොට ඒ වගේ පිළිම සෑහෙන්න තියෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. / අර රස දිවට මුදු දාන්නේ නම් වෙන කේස් එකකට කියලයි මම අහලා තියෙන්නේ... /

      ම්ම්ම්..හරි, දිවට මුදු දාන්නෙ නම් ඉතාම වැදගත් හේතුවකට...හරි හරි එහෙම බලනකොට රසදිවට මුදු දාන්නෙත් ඒ වගේම හේතුවකට වෙන්ට ඕන...හෙහ්, හෙහ්...සික්..උඹ කියන එව්ව...විලිලැජ්ජහේ බැරුවා...

      / ඒක නෙමෙයි අයියේ, මොකෑ අර සමරයට ලණු කැරළි දෙකක්? /

      ඒ බං මේකයි..ඔය සමරය ඇවිල්ල TSSB මොඩල් එකේ පොරක්.ඒ කිව්වෙ Third shot straight to brain ... පළවෙනි සහ දෙවෙනි ෂොට් විතරයි උගෙ ආමාශයට යන්නෙ...ගලනාලය ගිහිල්ල ආමාශයට විවෘත වෙන තැන තියනව උගෙ පොඩි Sensor එකක්. ඒකෙං කරන්නෙ First and second shots දෙක එතනින් පාස් උන ගමන් ඒ වෑල්ව් එක වහල ඊට පස්සෙ එන ඔක්කොම ඩිරෙක්ට් හරෝල යවනව මොලේට. ආය මොනවද? ඊට පස් සෙ සමරයට යකා වැහෙනව. මේ එකට බොන එවුන්ට තඩි ගහනව පරණ කෝන්තර මතක් කරල..

      " උඹ අවුරුදු දෙකකට කලින් මට කුණුහරප කියල බැන්න මතකද අර විජයගෙ අම්මගෙ මල ගෙදර ගිහිල්ල එද්දි? "

      එහෙමත් නැත්තං ….

      " මාස තුනකට විතර උඩදි මම දවල් උඹලගෙ කාමරේට එද්දි උඹල කට්ටිය හිනා වෙවී ඉඳල එක පාරට නැවැත්තුව මතකද? ඒ උඹල හිනා උනේ මා ගැන මොකක් හරි කිය කිය ඉඳල..නෑ කියන්ට නම් එපා.."

      ඔන්න ඔහොම අබූත කතාවක් ඇදල අරගෙන කා එක්ක හරි කොක්කක්..ඒ නිසා අපි කරන්නෙ ඕක බොන්ට සෙට් වෙනවනම් මොනව නැතිඋනත් කොහුළණු කැරලි දෙකක් වත් සූදානං කරල තියා ගන්න එක...සමරෙය පිස්සු කෙලින්ට පටං ගත්තු ගමං අත පය බැඳල පැත්තකට දානව. ජීප් එකේ නං ගැට ගහල පිටිපස්සෙ බිම හරහට දාගෙන එනව.

      / පිළිම කතාව නම් අහලා තියනවද මන්දා… /

      අහල ඇති ..අහල ඇති..ඕක ඔය පේමෙ ලොක්ක ගැන තිබ්බ යාං හෑලි දාස් ගානිං එකක් ඒ දවස්වල...හෙහ්, හෙහ්,

      පස්සෙ ඔය සැතපෙන පිළිම පේමෙගෙ හිතට ෆුල් අල්ලල ගියා. කොච්චරද කියනව නං මිනිහ නියෝග කලා කැලේ නටබුන් වෙල තියෙන හිඳි පිළිම, හිටි පිළිම ඔක්කොම සැතපෙන පිළිම කරන්ට..ඒවා කලේ කොහොමද කියන එක වෙන දවසක කියන්නංකො..අන්තිමට අනුරාදපුරේ සමාදි පිලිමෙත් සැතපෙන පිලිමයක් කරන්ට ගිහිල්ල අටමස්තානෙ නායක හාංදුරුවො සිරිමා බෝදියට නැඟල ගිනි තියාගන්නව කිව්වට පස්සෙං පහුය කියනව ඒ වැඩේ අතෑරල දැම්මෙ...

      / හැබැ‍යි හොඳ වෙලාවට අර පිළිමේ මුද්‍රාව හොයාගන්න බැරි වෙන්න ඇති, /

      නෑ බොල ඒ මුද්‍රාවට නම් දෙකක් නිර්මාණය කලා පුරාවිද්‍යාඥයො,

      1. කර්ණ ආබාධිත මුද්‍රාව
      2. කෝෂ්ඨ දසරු මුද්‍රාව

      මම ඒ ගැන පෝස්ට් එකේ ලීවෙ නැත්තෙ එහෙම කලොත් කවුරු හරි ඔය නම් දෙක සර්ච් කලොත් මගෙ පෝස්ට් එක එනව. එහෙම උනොත් කේස්. මොකද විකිපීඩියාවට මම ඔය පිළිගත් සත් මුද්‍රාවට අමතරව අටවන සහ නවවන මුද්‍රා හැටියට මේ දෙක ගැන විස්තරයක් ලියල එයාල මට තර්ජනය කලා මෙහෙම එව්ව ආයෙම ලියන්න එපයි කියල. ඒක තමයි බං කියන්නෙ බුද්දිමතුංට අද නෑ තැනක් කියල :) :)

      Delete
  2. ප්‍රේමදාස ලොක්කගෙ ඔය ඉක්මන් කමයි,කාගේවත් කීම නාහන එක නිසා වැරදුන තැන් එමටයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම...එක පැත්තකින් හොඳ වෙනකොට තව පැත්තකින් අඩුවක් තියෙන්නම ඕන කියනව වගෙ පේමදාස ගොයියගෙත් තිබ්බ හදාගන්ට බැරි වැරදි මහ ගොඩක්.

      Delete
  3. හේ හේ
    පිළිම කතාව නං මරු තමා....
    මම හිතන්නේ මල ගෙදර ජොයින්ට් පනිනි කතාව පොඩ්ඩක් මිසින් වෙලාද කොහෙද නේද???

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තම නේන්නං ..හරි හරි ලබන පාර ඒක කියන්නං..ඔන්න දැං දෙකයි මඟ ඇරිච්චි කතා...දොස්තර සහ වහ බීපු ගෑණු ළමයාගේ කතාව සහ මල ගෙදර ජොයින්ට් පැනීමේ කතාව...මට මතක බැරි උනොත් මතක කරහං බණ්ඩෙ හොඳේ?

      Delete
  4. Comment 1: මම සතාගේ හැටි දන්න නිසා, මේක උඩ ඉඳලා පහලට ස්ක්‍රෝල් කලා උඹ වැරදිලාවත් වාං පතුල් කතාව දලා තියෙනවද කියලා.
    සංසිද්ධි කීපයක් වුනා.

    පින්තූරයක් දැක්කා.
    මට මතක් වුනා උඹට ගයිනෝකොලජිස්ට් කෙනෙක් වෙන්න ආසාවක් තිබ්බා කියලා.
    ඒ හන්දම Uvula දැක්කෙත් Vulva වගේ
    පස්සෙ තමයි බං දත් දැක්කේ

    ඔව් කන්නාඩි දාලා තමයි බොල හිටියේ. මම් හිතන්නේ ස්ක්‍රෝල් කරපු වේගෙයි, උඹේ පෙර වැරදියි හන්දා වෙච්ච එකක්.

    Coming upnext: Comment 2

    ReplyDelete
    Replies
    1. කැතයි බොලවු... //උඹේ පෙර වැරදියි හන්දා // නියමයි :)

      Delete
    2. @ Henry,

      / ඒ හන්දම Uvula දැක්කෙත් Vulva වගේ /

      හෙහ්, හෙහ්, අම්මප හෙන්රි , මට වෙච්චි එක අහපංකො..ඊයෙ ඔය කතන්දරේ අන්තිම හරිය ලියල ඉවර උනේ මහ රෑ දෙගොඩහරියෙ.....අද සිකුරාද මෙහෙ නිවාඩුවනෙ...යන්තං සන්තං පදං අබිසමෙච්ච කියල යාන්තමට දෙක තුන තුන හතර වෙන්ට ක්‍රියාකරගෙන ආව අන්තිම වෙනකොට දන්නෙම නෑ..අප්පමාදෝ අමර පදං..

      දැං ඔන්න Uvula එකේ ඉමේජ් එකක් දාන්ට නම මතක් කරනව මතක කරනව ම්හූ...ටයිප් වෙන්නෙම Vulva.....පස්සෙ මට රසදිව කියල මතක තිබ්බනෙ සිංහල නම. මධුරගෙං අහල තමයි යන්තං ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගත්තෙ. කෝකටත් මම ලින්ක් එක නොදා ඉමේජ් එකම දැම්ම. ඇයි යකෝ කරුමෙටවත් ලින්ක් එකට Vulva එක එහෙම දීල තිබ්බොත් හතර විලි ලැජ්ජාවයි, පංචානන්තර්ය කර්මයයි නෙව...හෙහ්, හෙහ්,.....

      මට අන්තිමට කල්පනා උනේ බාං බලාපං මේ පර සුද්දො මේ වගෙ බොහොම දුර තැං දෙහෙක තියන අවයව දෙහෙකට මොකට මේ වගෙ එක ලඟිං යන නං දුන්නදෙයි කියල..අනිවා අපිව අමාරුවෙ දාන්ටමයි..වෙන මොහොකටවත් නෙවෙයි හෙහ්, හෙහ්,නිදාගන්ට ගියෙත් පංසිල් එහෙම අරගෙන සුද්දංගෙ අම්මලට පිං පෙත් දීල ඔන්න හොඳ විස්සාසෙට ගනිං...

      Delete
    3. හ්ම්ම් හ්ම්ම් මටත් මතකයි ඔය ගයිනා කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියයි කියපු එක.

      Delete
    4. @ සයුරි,

      එහෙනං. එහෙනං ..අර ඔහෙ අහසෙ නිල්පාට ගැන ලියාපු පෝස්ට් එකේ හෙන් රියගෙ කමෙන්ට් එකකට උත්තරයක් විදිහට නෙව මම ඒ කතාව කිව්වෙ :)

      Delete
  5. අහුබුදුවන්ගේ ඔය හැම එකම හෙළුවට හරෝන එක නිසා අපි හිනා වෙන්නේ ඒවා අපිට මංඤං වගේ නිසානේ... ඇත්තටම ඒ භාෂාව හරියටම තේරෙන කෙනෙක් ඉන්නවද මන්දා.... අපි දන්න සිංහල කියන්නේ වෙනත් භාෂාවක්ද කොහෙද....

    ReplyDelete
    Replies
    1. ඔතන ප්‍රශ්නෙ මේකයි හිරු මම හිතන්නෙ.ඉංග්‍රීසි හරි වෙන මොනම භාෂාවකින් හරි ආපු වචනයක් ඒකෙ අර්ථයට හානි නොවන විදිහට උච්චාරණයට පහසු විදිහට ඒ වගේම මිනිස්සුන්ගෙ හාස්‍යයට භාජනය නොවෙන විදිහට සිංහල වචන නිපදවාගත්තට අවුලක් නෑ. එහෙම තමයි වෙන්න ඕන. ඒත් එහෙම කියල අපිට කාලයක් තිස්සෙ හුරුවෙච්ච වචන වලට අලුත් වචන ආදේශ කරන්ට යනව නම් ඒක නිකම් විහිලුවක් විතරයි.

      Government කියනවචනෙට කුමාරතුංග මුනිදාස මහත්මය රජය කියල වචනයක් හැදුව. එතකොට ඒ වචනෙට සිංහල වචනයක් තිබ්බෙ නැතිනිසාත් රජය කියන වචනෙ කටට ඉතාම පහසු සුමට වචනයක් නිසාත් ඒකෙ කිසිම අවුලක් උනේ නෑ.Hospital කියන එකට රෝහල කිව්වත් එහෙමයි. සරලයි සුගමයි...ඒත් දැන් බලන්න Engineer කියන වචනෙ අරගෙන..ඒක ඉංජිනේරුවා කියල අපිට කාලාන්තරයක් තිස්සෙ හුරු වෙලයි තියෙන්නෙ.

      මම මේ ළඟදි පත්තරේ ලිපියක් දැක්කා Engineer කියන වචනෙට මැවිසුරු කියල යෙදිය යුතුයි කියල යෝජනා කරල. ඒ වගේ වචනයක් කවදාකවත් සාර්ථක වෙන්නෙ නෑ. මොකද කටට හුරු වුනු වචනයක් වෙනස් කරන එක කොහොමත් ලේසි දෙයක් නෙවෙයි. Transformer = තාරාපැවිය..ඒකත් එහෙමම තමයි.

      අහුබුදුලගෙ හෙල වදන් තැනීමටත් උනේ ඕකමයි කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. කලක් වහරේ තිබ්බ වචන ඊට වඩා දිවට අමාරු වචන වලට මාරු කිරීම ප්‍රායෝගික නැහැ .

      Delete
    3. මට ඕක අහන්න මතක් උනේ හැලපයගේ පෝස්ට් එකක ඇනෝ කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැකලා... හෙළුව බුදින්න එපා කියලා.. ඇත්තටම මෙතන වෙලා තියෙන්නෙ අහුබුදු කියපු දේ අපිට තේරෙන්නේ නැති නිසා ඕක කටින් කට යනකොට අන්තිමට කාක්කෝ හත්දෙනා වෙලා නවතින්නේ.. එකට කරන්න දෙයක් නෑ.. නිකම් හිතන්න.. පෝස්ට් ඔෆිස් එකට තැපැල් කන්තෝරුව හරි ලේසියෙන් පෝස්ට් ඔෆිස් එක කියන්න පුළුවන්කම තියෙද්දි ඒකට පහිණ පොළ කිව්වම කාටද අප්පා තේරෙන්නේ...

      Delete
    4. හෙහ්, හෙහ්, පහිණ පොල....ඒ වචනෙ ඔන්න ඔයාගෙන් තමයි දැනගත්තෙ..ස්තූතියි...මේ පාර ගෙදර ගියාම ඔය වචනෙ පාවිච්චි කරල අපෙ උන්නැහැගෙ මොලේ කචල් කරන්ට පුළුවනි. මයෙ එක විනෝදාංසයක් තමයි ඔය අබූත වචන දාල කතා කරල ලොක්කිගෙං බැනුං අහන එක.

      " සොඳුර, අද දින විදිලි මනුව කියවනු වස් මනුකරු පැමිණෙන නියා බිහිදොර අගුළු නොලාපියා තබනුවස් සුදුසු නොවේද? "

      " මොනවා කියවනවද මන්දා..තාම බැස්සෙ නැද්ද ඊයෙ රෑ බීපුව? "

      " නෑ, මේ මම කිව්වෙ අද මීටරේ කියවන්ඩ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙං එන හින්ද පිටිපස්සෙ තාප්පෙ දොර අගුළු නොදා තියමු නේද කියලයි. "

      " ඉතිං එහෙම සිංහලෙං කියන්නෙ නැතුව මොනවද අර කලිං කිව්ව අපබ්බ්‍රංස? "

      " අපබ්බ්‍රරංස නෙවෙයි අනේ. ඒ කිව්වෙ හුදු හෙලුවෙං....හෙහ්, හෙහ්, "

      ප.ලි.- Toilet එකට කියන්නෙ මොකක්ද දන්නවය හෙලුවෙං ..සිරුරු කිස පොල

      Universal Joint එකට සර්වලෝක පූට්ටුව

      Delete
  6. ඔය විමලෙය ඉන්න අහ පොඩ්ඩක් කියහංකො අයියෙ හරියටම?? ඌ තාම ඉන්නෙ මොකෑලන්තෙද??
    මං අද යනව ඒ පැත්තට... මං ඕන්නං කියාගෙන යන්නං ආං රවී අයියගෙ කතාව බ්ලොග් එකේ ලියනව කියල....
    යාන්තං ඇති දැන් විමලෙය අඩුගානෙ කඩපලට ආවනෙ... අඩුගානෙ ඒ කතාව කියවන්ඩ හිතාන මෙතෙන්ට එන එවුන්ට දැන් සුට්ටං බලාපොරොත්තුවක් තියාගත්තෑකි කොයියම්ම හෝ වෙලාවක උඹ ඔය කතාව කියයි කියල. ලොකු දෙයක් බං උඹට මතක තියෙන එකත් උඹ මේ වැල්වටාරං ලිව්වට කියන්ඩ ආවෙ විමලෙයගෙ කතාව කියල
    අර මං අහන්ඩ ගිය පස්නයක් තිසර අයිය අහල?? මොකටද බොල සමරෙය එනව නං කොහුලණු??

    ReplyDelete
    Replies
    1. / ලොකු දෙයක් බං උඹට මතක තියෙන එකත් උඹ මේ වැල්වටාරං ලිව්වට කියන්ඩ ආවෙ විමලෙයගෙ කතාව කියල /

      ආන්න දැක්කද?..අපි එහෙමයි ජනූ හරිය? මොනව කලත් මුල අමතක නෑ හරිය?

      කාණු පල්ලෙ වැටිල හිටියත් යන්තං කහ පාටක් දැක්කත් ඇති..දොහොත් මුදුනේ තියල වැඳ වැටෙන්නෙ ..සාදු..සාදූ..සාදූදූඌඌඌඌඌ!!!

      කොහුලණු පුරස්නෙට මම තිසර ගොයියට උත්තරේ දුන්න අන්න..හෙහ්, හෙහ්,

      Delete
  7. නියමයි රවී අයියේ. මේ කතා ටිකට හිනා වුනා හොඳටම... :D අහුබුදු කෑම කාපු එකක් ගැන කතාවකුත් තියනවා දැක්කා කොහෙද බ්ලොග් එකක.

    කෝට්ටේ කර උඩ තියාගෙන ඉන්න මුද්‍රාවට නමක් දැම්ම ද දන්නේ නෑ කට්ටිය ඊට පස්සේ. :D :D

    ReplyDelete
    Replies
    1. දැම්ම , දැම්ම බොල මොකෝ නැතුව ..නමක් දැම්ම..අන්න මම තිසරයට දීපු උත්තරේ ඒ නම තියනව...

      ස්තූතියි චන්දන...හිනා උනානම් මට ඒ ඇති..:)

      Delete
    2. දුටිමි දුටිමි.. :D

      Delete
  8. හිනා කාලා පණගියා ඕයි...

    දැන්නම් වාන්පතුල් කතාව නොකියන තරමට හොඳයි...හැමදාම ඒක කියවන්න ඇවිත් වෙන රස කතාවක් කියවලා ගියෑකි එතකොට.. වාන්පතුල් කතාව අපි අර එළුවගෙ මොකක්ද එක වගේ තියාගමු. :D

    ReplyDelete
    Replies
    1. මෙන්න සෙන්නට මගෙ ගානෙ ඩොට් ටොපියක්!!! :-D

      Delete
    2. ස්තූතියි සෙන්නා......

      ඉඳපං ඉඳපං ඒකෙ අවුලක් නෑ...වාං පතුල් කතාව කියල ඉවර උනා උනත් තව තියනව ගෝණි ගනං කතා බං...මං විතර කාලයක් මේ ලෝකෙ ජීවත් වෙනකොට, නා නා ප්‍රකාර මිනිස්සු / ගෑණු ආස්සරේ කොරල තියෙනකොට, අපි අවට සිද්ද වෙන්නෙ මොනවද කියල සංවේදීව ඇහැයි කණයි ඇරගෙන විමසිල්ලෙං ඉන්නකොට කතන්දර එකතුවෙනව බං ගෝණි කනක්කුවෙ..ගෝණි කනක්කුවෙ..අම්මප මේ ඇත්ත..බාං අම්මප මේ ඇත්ත...

      Delete
  9. වාංපතුල් කතාව තව ටිකක් අදින එක හොඳයි. මොකද ඊට වැඩිය රසවත් ඒව ඒ අස්සෙ යනව.

    අර පිළිම කේස් එකනං නියමයි තමයි. තාම ඒ මුද්‍රාවට කියන නම හොයාගන්න බැරිඋනාද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසාන්....

      ඒ මුද්‍රාවට නමක් හොයාගත්ත බාං..අන්න උඩහිං මං කියල ඇති....

      Delete
  10. ප්‍රධාන කතාව නිකං බාලගිරි දෝසේ වගේනේ..කොහොම වුනක් රවී නිතරම ලියන එක වටිනවා..වාං පතුල් කතාවට ජය වේවා...!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි රූ..ඔයාලට කියවල සතුටක් ලැබුවනම් එච්චරයි....මට ඕනෙ එච්චරම තමයි ...:) :)

      Delete
  11. ඇහෙන් කඳුළු පනිනකන් හිනාවුණා රවියො, වාං පතුල් කතාවනං දැන් නොකිව්වත් කමක් නෑ බං ඊට වැඩියෙ මරු කතා වාං පතුල් අස්සෙ තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. වාංපතුලෙ කතාව මට,
      තාම කියන්නට නම් අනෙ බැරිඋනා තමයි,
      කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා,
      තොප්පි ගැලවිලා දෙනෙතින් කඳුලු පනිනතෙක් එලියට,
      ඔහොම හිනාවෙනකොට වස අජූවයි හැලා...
      ඔහොම හිනාවෙනකොට වස අජූවයි හැලා...

      විහිලුවට හොඳේ?.....තරහ නෑනෙ නේද?..ස්තූතියි හැලා..ස්තූතියි :)

      Delete
  12. අන්න අපේ මනුස්සය මේ බ්ලොග් එක කියවන්න අරන් . මගෙන් අහනව වාන් පතුල් කතාව කොතනින්ද කියවන්න ඕන කියලා . මන් කිව්වා කොතනින් කියෙව්වත් එකයි . ඔතන වාන් පතුල් ගැන නැතුව වෙන එව්වා ඕන තරම් තියේ කියල .

    මාගරට් තැචර් ගැන මගක් කියෝලා අහනවා කෝ මේකේ තැචර් ගැන නැහැනේ කියල . මන් කිවා ඔය අග්ගිස්සේ පොඩ්ඩක් ඇති කියලා .

    සැහෙන්න කියෙව්වට පස්සේ අහනවා ආ මේක ලියන්නේ රවි ද කියල .

    ReplyDelete
    Replies
    1. / අන්න අපේ මනුස්සය මේ බ්ලොග් එක කියවන්න අරන් . /

      අඩේ දැන්ද මිස්ට බින්දි නිදහස් සිතුවිලි කියවන්ට පටං ගත්තෙ....ඔන්න බලාපල්ලකො ඉතිං බොට නරකයි කලිම්ම උන්දැට කියල තියන්ට මෙන්න මෙහෙම බොහොම සාරගර්බ, බහුස්රූත, කාලීන, සර්වාබරන විබූසිත, ආරෝහ පරිනාහ, සන්නාහ සන්නද්ද බොලොග් එකක් තියනවය අනිවාර්යයෙං කියෝපිය කියල..කොහෙද බොලා කැමති නෑ ඒකට. ඊරිසියාව ඊරිසියාව වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව..උන්දැ නෙලුං විල කියෙව්වොත් මදැයි කියල හිතාගෙන ඉන්ට ඇති...හෙහ්, හෙහ්,

      මිස්ට බින්දි කිව්වට තරහ වෙන්ට එපයි කියන්ට. අපි ඉතිං නම දන්න එකක්ය..මම දැං මේ අවුරුදු පහකට කිට්ටු වෙන්ට ඉන්නෙ දේස දීපංකරේ නෙව. අපෙ උන්නැහැ තමයි ගේ හදන වැඩේට එහෙ මෙහෙ දුවල අහල පහල එවුං එක්ක ඇරගෙන උන්ට බැනල උංගෙං බැනුනුත් අහගෙන ගේ හදන වැඩේ ගෙනිච්චෙ. උන්දයි නම විජේරත්න නෙව. ( බැන්දට එවුන්ද නම මාරු කලේ නෑ. තාම පාවිච්චි කරන්නෙ උන්දයෙ අප්පොච්චි දුන්නු නම ) දැං මම ගෙදර ගියාම අහල පහල ඔක්කොම මට කතාකරන්නෙ මිස්ට විජේරත්න කියල.මාත් ඉතිං ඕක නිවැරදි කරන්ට ගියේ නෑ ඔහෙ ඕනෑ එකක් කියල නිකා හිටිය...

      / මාගරට් තැචර් ගැන මගක් කියෝලා අහනවා කෝ මේකේ තැචර් ගැන නැහැනේ කියල . මන් කිවා ඔය අග්ගිස්සේ පොඩ්ඩක් ඇති කියලා . /

      ඔතන වැඩේ මේකයි බින්දි..දැං තැචර් ගමු..තැචර් ගැන බොහොමයක් කස්ටිය දන්නෙ නෑ..අනික බහුතරයක් දේසපාලනය ගැන උනන්දු නෑ. එතකොට තැචර් සහ තැචර්ගෙ ප්‍රතිපත්ති ගැනම තනිකරම ලිව්වොත් එපාවෙන්ට පුලුවන්.ඒ හින්ද මේ වගෙ වැල් වටාරං ටිකකුත් එක්ක ( වැල් වටාරංය කිව්වට කොහෙං හරි තැචර්ටත් සම්බන්ද එව්ව ) ලිව්වම වඩා හොඳය කියල මට හිතුනා...

      Delete
    2. I told him many many times. Now he believes me .

      Delete
    3. Bindi,

      I was just kidding, don't take it seriously :) :)

      Delete
    4. මොන සිරියස්ද බොලේ ..මන් ඔය සිංගිරිසි කොටන්න කම්මැලි වෙලා හදිස්සියට දාපු කොමෙන්ට් එකක්නේ . මේකනේ මන් උන්දැට කාලෙක ඉඳන් කියන්නේ මෙයාකාර සාරගර්භ බ්ලොග් එකක් තියෙනවය කියල . කොහෙද භාරියාව කිව්ව ගමන් එක පාරට පිළිගන්නේ නැහැනේ . ඔන්න ගිය පාර ලින්ක් එක දැම්මට පස්සෙන් පහු තමයි අහම්බෙන් ඇවිත් තියෙන්නේ . ඉතින් දැන් ඔන්න රවී ඉන්නේ කොහෙද ..කින්ද මන්ද විස්තර අහනව . අපිට එයාව හම්බ වෙන්න යන්න බැරිද අහනව .අනේ මන්දා යසට හිටි මනුස්සයා . හැබෑටම විහිළුවට කිවා වුනත් බ්ලොග් ලියන එව්වොන්ගෙන් හම්බ වෙලා කතා බහ කරන්න ආසා කීප දෙනෙක් ඉන්නවා . ඔහෙත් ඒ එක්කෙනෙක් .

      Delete
  13. කතා ගොඩයි කමෙන්ට් ගොඩයි කියෝලා හිනා වෙලා පන යනවා .ඒ අස්සේ අර මනුස්සය පරණ කතා කියෝ කියෝ හැක හැක ගානවා . ළමයි අහනවා මොකද මොකද කියල උන්ට මෙව්වා තේරෙනවා කියලය .

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි..සන්තෝසයි..ඇති යංතං බොලා දෙන්න කාලෙකට පස් සෙ එලොවට මෙලොවට දෙලොවටම පොරෝජං වැඩක් කලාය කියල අහන්ඩත් සංතෝසයි :)

      Delete
    2. මචං. මාත් අර කිව්ව වැඩේ කලානේ. ඒ කියන්නේ උඹේ පරණ පෝස්ට් කියවන එක. කොහෙද මේ පෝස්ට් තොගෙන් ඒවා හොයාගන්න අමාරුයිනේ. උඹට බැරිද ඒවයේ ලින්ක් ටික මට එවන්න. අර මිගාරයා මල් පඳුරු පාගපුව හෙම කියෙව්වා. උඹේ ආදර කතාව පටන් ගත්ත කොටස් දෙකක් කියෙව්වා.
      අනේ ලින්ක් ටික එවාපං බං.

      Delete
    3. @ හෙන් රි,

      ඔන්න මචං ලේබල් කරල නැති පෝස්ට් ඔක්කොගෙම මම ලින්ක්ස් දානවා. ඒ පෝස්ට් එකට ඉස්සරහින් වරහන් ඇතුලෙ තියෙන්නෙ ඒ මාතෘකාවෙන් ලියවෙච්ච පෝස්ට් ගණන. උඹ මගෙ පෝස්ට් වලට කමෙන්ට් කරන්ට පටන්ගත්තට පස්සෙ ලියපුව මෙතන නෑ. එව්ව ඕන නෑනෙ...

      1 අතීතාවර්ජන නොහොත් මතක මංපෙත ඔස්සේ ආපසු ගමනක්…( 2 )

      2 ඔබ ලෝක විනාශය ඇති කරයි (ද?)

      3 කොළරා කාලේ ආලේ, චුට්ටි මැණිකෙ සහ මම ( 3 )

      4 පිපි මල්මතින් පියමං කලෝ. ( 3 )

      5 දුකම මිහිරක් වූ කල - When sorrow becomes a sort of way of life,

      6 සිත්තරාගේ සමාධිය…(2)

      7 සෙනෙහස මගේ මහ මෙර වගේ.....(5)

      8 සොළොස් වසකට පෙර වෙසක් මසකදී..(2)

      9 හද කම්පාකල නික්මයාමක්

      10 අපරිමිත වූ මගේ සෙනෙහස සදා ඔබටය මගේ සොඳුරිය

      Delete
    4. ස්තුතියි මචං වෙච්ච මහන්සියට. දැන් අද හවස ඉඳලා අපි දෙන්නා ලැපියක් ඉස්සරහ ඉඳගෙන කියවලා රස වින්ඳැකි.

      අනේ ඒ වුනාට සඳානෝනෙට අනුකම්පා කරන්න මෙහෙ කෙනෙක් ඉන්නවනේ. මෙන්න කමෙන්ට්.

      කවුද ඕක කිව්වේ? අර රවියා වෙන්නැති, වෙන කවුද ඉතින් ඔහොම කතාවක් කිව්වොත්. අනේ අර සඳා කැමති ඇති මේකා ඔහේට වෙලා ඉන්නවට, මොකද කනක් ඇහිලා ඉන්න පුලුවන්නේ. නැතිනම් ඒ මනුස්සයව පිස්සු වට්ටනවා ඇති කොච්චරවත්. අපරාදේ කියන්න බෑ ඔයාටයි අපේ අයියටයි නම් තකට තක. එක ජාතියෙම කටවල් සෙට් එකක් තමයි පිහිටලා තියෙන්නෙ. ඒ යුගයේ ඉපදිච්ච එවුන් ඔක්කොම ඔහොමද මන්දා. හොඳ වෙලාවට පොඩි කාලේ ඉඳං අඳුනන්නෙ නැත්තෙ කට්ටිය එකිනෙකාව. මොනවා කිව්වත් උත්තරයක් තියෙනවනේ. අනික කතා කරන්න ගත්තාම... බ්ලා... බ්ලා... බ්ලා... (දැන් මේ වෙනකොට මගේ කනේ ඒ පැත්ත හිටි වැටිලා යනවා)

      Delete
    5. මේ රවි අයියෙ, අනේ බං මේ වාංපතුල් කතාවට බම්බු ගහගන්ටය කියලා, ආං අර 'චුට්ටි මැණිකෙගෙ කතාවෙ' පාර්ට් ටූ ලියන්ට පට්ටාං ගනිං මයෙ අම්මා.. උඹ දැන් කොයි කාලෙ ඉඳන්ද කියන්නෙ ඒක ලියනවය කියලා.!?

      Delete
    6. //අර මිගාරයා මල් පඳුරු පාගපුව හෙම කියෙව්වා. //

      ආහ් කියැව්වද? හිටහල්ලකෝ මිගාරයා හෙටානිද්දා අපේ ගෙදර එනවැයි කිව්වා...... එයැයිටත් කියවන්න එක්ක පෙරලලා දෙන්නම්කෝ..... :D

      Delete
    7. @ රන්දිල්,

      අඩේ පික්සු නං නොකෙලිං අබරෝ කිව්වලු...අර වසවර්තියට පෙන්නනව එහෙම නෙවෙයි ඔන්න හරිද?.....හෙට අනිද්ද නිවාඩුවට එන්ටත් ඉන්න එකේ...ඕකා මාව හම ගහයි ඇහේ ඉඳල....

      ප.ලි. - මිගාරයගෙ නත්තල් පාටිය ගැනත් ලියන්ට ඕන වෙලාවක… " අම්මට උඩු... තාත්තද?.... කලිං කියන්ට එපාය. එල කොල්ලෙක්නෙ බොල උඹලගෙ තාත්ත…" හෙහ්...හෙහ්.

      Delete
    8. @ Buratheno,

      හරි හරි මලේ ඉවසල ඉඳිං ..මේ වාං පතුල් අස්සෙම ඒ පෙම් පලහිලව්වත් මම ලියනව. ඉඳහං ඉඳහං...ඒක ලියාල අහක වෙලා පබිලිස් කොරනකල් පොඩි කෑල්ලක් දාන්ට බොගෙ පහං සංවේගය උදෙසා...හෙහ්, හෙහ්,

      ***************************************

      දොරගමුව කන්ද උඩිං පායාගෙන ආපු හඳ වලාකුලකට වැහුනද මන්ද මිදුලෙ සුදු වැලි උඩ එහෙ මෙහෙ සිත්තං මවපු හඳ එලිය කිරි වතුර එක පාරට අතුරුදහං උනා.

      එළියෙ පිල්කඩේ වැතිරිල හිටපු බොරිය ඔලුව උස්සල උඩු බුරන්ට පටං ගත්ත. වෙන බල්ලො උඩු බුරන්නෙ හඳට උනාට මේ යස්සයට ආට උඩු බුරන්ට හේතුවක් ඕන නෑ. කඩුල්ල ගාවා බෙණ කොස් ගහෙං වරකයක් දෙරි ගැහිච්චිදෙං බිමට, මේකා වරුවක් උඩු බුරනව. මිදුල මැද තිබ්බ රට අඹ ගහෙං වවුල් කොටයක් වැටුනද මූට ඕක ඇති වරුවක් බෙරිහං දෙන්ට.

      බොරියා.......නම ටිකක් අමුතුයි නේද?.....අකුරු තුන හතරක් එකට ගැටගහල වචනෙකුයි, වචන හත අටක් එක දිගට අමුනගෙන වාක්කියකුයි කියවල ඒකෙං කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්ට තරම් පුලුවං වෙච්චි මුල්ම දවස්වල මම ඉස්කෝලෙ පුස්තකාලෙං ගෙනල්ල කියවපු පොතක් මැකීගිය දඩමං...කොළරා කාලේ ආලේ එහෙම කියෙව්වෙ ඊට බොහොම කාලෙකට පස්සෙ. මැකීගිය දඩමං පොතේ ප්‍රධාන චරිතය පොරමොලා..ඒත් මගෙ හිතේ තදින්ම ඇඳුනු තව චරිතයක් පොරමොලාගෙ ලොකු මස්සිනා ගෝඹිරා..ගෝඹිරාගෙ බල්ලගෙ නම බොරියා.අන්න එහෙමයි අප්පච්චි එගොඩහ කජු කනත්තෙ බන්ඩප්පු මාමලගෙ ගෙදරිං ගෙනාපු තනි දුඹුරු එක කණක් විතරක් කළු කුක්කට ඒ අමුතු නම වැටුනෙ.

      මිදුලෙ හඳ එලිය මැකිල අඳුරක් පැතිරුන නිසා කලිං නොපෙනිච්ච කළාමැදිරියො පේන්ට ගත්ත සමං පිච්ච පඳුරෙ අතු අතරෙ. උයන ගේ ටිකක් විතර ලොකු කරන්ට හිතන අපුච්ච පහුගිය මහ වැස්සට කලිං දෙණියෙ පුරං කුඹුරෙං කප්පවල කරෙං අද්දෝල ගඟ වැරැල්ල බඩ වැටිය අද්දර ගොඩ ගහපු ගඩොල් ගොඩ පැත්තෙං සර සර ගාගෙන මොකෙක්දෝ දිව්ව.බොරිය ඒ පැත්තට බුරාගෙන දිව්ව. මේ සතාගෙං වගෙ වදයක් නෑ නෙව වෙන කාගෙංවත්..කෑනුගහ හිටු කිව්වම මිදුලට බැහැල අහස දිහා බලා හිටපු අප්පච්චි ඒ පැත්ත බලල ටිකක් සද්දෙට කිව. උන්දැ කවදාවත් කිසිම දේකට කෑගහන මනුස්සයෙක් නෙවෙයි.කිසිම දේකට කලබල වෙන මනුස්සයෙකුත් නෙවෙයි.

      " ඔහෙට ඉතිං කිසිම දේක ගාණක් තියේය? ලෝකෙ පෙරලීගෙන එනවයි කිව්වත් ආ එහෙමද? කියල අහයි. "

      අම්මණ්ඩි වෙලාවකට කියන්නෙ තරහට එහෙම නෙවෙයි. උතුරල දෝරෙ ගලෙන සෙනෙහසකින්.

      ලොකු මහත් වෙච්චි දවසක අපුච්චි වගෙ කිසිම දේකට කලබල නොවී ඉන්න පුලුවන්කම තියෙන මනුස්සයෙක් වෙන්න ඕනය කියල මම හිතාගත්තෙ එක පාරක් දෙපාරක් එහෙම නෙවෙයි. ගිය අවුරුද්දෙ පහේ පංතියෙ පාඩම් පොතේ උමංදාව පාඩමේ තිබ්බ ..." එකල්හි මහෞෂධයෝ මහමෙර මෙන් නොසැළී මෙසේ පැවසූහ. " අන්න එහෙම මහමෙර වගෙ නොසැලී ඉන්නයි මට ඕන උනේ.

      " වැහි වලාකුලක් නම් තමයි හඳ වහගත්තෙ...ලබන පෝය දිහාටවත් වැහි ඇල්ලක් වැටෙයිද මන්ද? "

      අපුච්චි යටි පතුල් පිලේ ගහල ගෙට ගොඩ උනා. ඒ කරල උන්දැගෙ බුරුත හාන්සි පුටුවෙ දිගා උනේ දකුණතිං පපුවෙ මයිල් අතගාන ගමං...කොට බිත්තියට හේත්තු කරපු ලොයි බංකුවෙ ඉඳගෙන අප්පච්චිගෙ පරණ සරමක්ද කොහෙද එලලමින් උන්නු අම්මා ඔලුව උස්සල බලල ආයෙම නලල රැලිකරගෙන මැහුමට ඔලුව නමා ගත්ත.

      " ඔය ඇස් පුංචි කරගෙන ඔය වැඩ කරන්ට නරකයි. මම කී දවසක් කිව්වද ලොක්ක එක්ක නුවර ගෙහුං හිට කන්නඩි කුට්ටමක් ගන්ටෙයි කියල.මේක ඉතිං කියන එකක් අහන එකක්ය. නොකිව්වයි කියන්ට එපා අනිද්ද යමු මා එක්ක ටවුමට . ඇස් හෝදිසි කොරෝල කන්නඩියක් ගමු. "

      අප්පච්චි එහෙම කිව්වම අම්මට හීං හිනාවක් ගියා විතරයි. උන්දැ මොකවත්ම කිව්වෙ එහෙම නෑ.

      ආයෙම හඳ පොඩ්ඩක් විතර පායාගෙන ආවද කොහෙද මිදුල ටිකක් එලිය උනා. මම අම්මගෙ ඔඩොක්කෙ ඔලුව තියාගත්ත. උන්දැ මගෙ කෙස් අතරෙ ඇඟිලි යවල අතගාන්න පටන් ගත්ත.එහෙම සනීපයක් මේ තුන් ලෝකෙම නැතුව ඇති. මයෙ ඇස් දෙක හෙමීට පිය වීගෙන ආව.

      " කෝ පොඩි එකා නිදිද? "

      අප්පච්චි ඇහුවෙ ඉලත්තට්ටුව අතට ගන්න ගමං….

      " ඔව්, දවල් දවස තිස්සෙ නටල නටල මහන්සි ඇති කලිම්ම කාල ඔය නිදාගත්තෙ "

      Delete
    9. අම්ම මයෙ නලල අත ගාන්ට ගත්ත. මයෙ මලය ඉස්කෝලෙ දෙකේ කැලෑසියෙ…

      " මොකෝ මේ තකහණියෙ අනිද්ද නුවර යනවයි කිව්වෙ? "

      තවත් ටික වෙලාවකට පස්සෙ අම්ම අහනව මට ඇහුනෙ ඇස් බාගෙට පියවීගෙන එන අතරෙ හීනෙං වාගෙ.

      " ඒක තමයි මම මේ කියන්ට ලැහැත්ති උනේ? ලොකු නිළමෙත් එක්කල යන්නෙ. චුට්ටි මැනිකෙ ඔය නුවර ඉගෙන ගන්න තැනිං අස් කොරෝගෙන ලබන සතියෙ ඉඳල ගමේ ඉස්කෝලෙට දානවය කියන්නෙ."

      මගේ ඇස් ඇරුනෙ ඉබේම...... ඔලුව උස්සල අපුච්චි දිහාවෙ බලා හිටියට මයෙ දිව අග නලියන ප්‍රශ්නෙ මම ඇහුවෙ නෑ. අප්පච්චි එක්ක එහෙම හරි හරියට කතා කරන ප්‍රශ්න අහන සිරිතක් අපෙ තිබුනෙ නෑ. කියන්ට ඕන දෙයක් අම්ම ලව තමයි කියව්වෙ.

      " හප්පච්චියේ ...ඒ මොකද? "

      අම්ම ඇහුවෙ ඇස් දෙකත් ලොකු කොරාන.

      " ලොකු නිළමෙට බොහොම අහේමයි දැං... ඔය ඉගෙන ගන්න තැනට බඳින්ට කාසි හොයාගන්ටත් බැරි තරමයි.ඒකයි ඒ දරුව එතනිං අයිං කරගෙන ගමේ ඉස්කෝලෙට දාන්ට හදන්නෙ "

      අපුච්චි පුවක් ගෙඩියක් ලියන අතරෙ කියව්ව.

      " ලොකු පුතේ..උඹට තමයි චුට්ටි මැණිකෙව ඉස්කෝලෙ එක්ක යන්ට ආපහු එක්කල එන්ට එහෙම වෙන්නෙ. "

      අපුච්චි එහෙම කිව්වෙ මගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන.

      " හොඳයි අපුච්චි …."

      මම බිම බලාගත්ත.

      එදින ඒ සඳ පහන් රැය මගේ ජීවිතය වෙනස් කල තීරණාත්මක දිනයක් විය. පසුකලෙක මා කියවු ඉංගිරිසි නවකථාවක වූ මේ පාඨය එදිනට ඉතා හොඳින් ගැලපෙන බව මම විශ්වාස කරන්නෙමි.

      Sometimes things just happens in your life. More often than not you are nor even aware of them as they are so trivial, so insignificant. But in retrospect they are life defining moments because your life would never be the same , never ever.

      Delete
    10. කො අය්යෙ ඔයා මේකෙ trailers විතරනෙ දාන්නෙ..කතාව කවදද?
      අපෙ එහා ගෙදරත් ඉස්සර බල්ලෙක් හිටිය "බොරයා" කියලා..ඒකා මහ මඩ පාටය්..එකය් ඒ නම වැටුනෙ. අපේ බල්ල ඒකට වස බයය්, ඌ ගෙදරටම ඇවිත් අපෙ එකාට පාර්ට් දාල යනවා.

      Delete
  14. මරණ ගෙදරට මර්ඩර් හවුස් කියන එක සාධාරණයි තමයි. ඒකනේ අපිනම් එව්වට කියන්නේ "මළ ගෙවල්" කියලා. මරණ ගෙදර කිව්වහම යන්නත් බය හිතනවනේ...හප්පේ. සමහරු ඕකට ඉලව් ගෙදර කියලත් කියනවා. අනේ මන්දා ඒ මොකද කියලනම්.

    පිළිම කතාවනම් නියමයි. මගේ බර ග්රෑම් 500 ක් වත් වැඩි වෙන්න ඇති හිනාවෙලා. බොහොම පින්

    ReplyDelete
    Replies
    1. / සමහරු ඕකට ඉලව් ගෙදර කියලත් කියනවා. අනේ මන්දා ඒ මොකද කියලනම්. /

      සයුරි....ඉලව්ව කියල භාවිතාවෙන්නෙ බොහෝවිට පහතරට ව්‍යාවහාරයේ. ඉලව්වක් කියන්නෙ මරණයක්..මලහත් ඉලව්වේ කියන්නෙ විශ්මය ප්‍රකාශකිරීමට යෙදෙන වදනක්. මරණ හතක් වෙච්චි තැනක් කියන එකයි අදහස. අප්‍රසාදය පලකිරීමටත් ඉලව් කියල යෙදෙනව. " උගෙ ඉලව් වාහනේ තියෙද්දි මෙන්න මෙහෙ යමල්ල බං පයිං." " අනෙ ඒකගෙ ඉලව් මහාප්පරාණ..තියාගංට කියාපල්ල.රෙද්ද අස්සෙ ගහගෙන "

      මේ කාලෙ නම් e-love කියලත් වචනයක් තියනවනෙ. දැං ඔය ෆේස් බුක්, බ්ලොග්ස් එතනිං ගිහාම එස්.එම්.එස්. මාර්ගයෙං කරන ආදරයට කියන්නෙ ඉලව් ආදරය කියලනෙ..හෙහ්, හෙහ්,

      / පිළිම කතාවනම් නියමයි. මගේ බර ග්රෑම් 500 ක් වත් වැඩි වෙන්න ඇති හිනාවෙලා. බොහොම පින් /

      අර වගෙ රවුං කොස්ටයක් තියේනං කර උඩ තියාගෙන කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ල බලන්න ටිකක්...හෙහ්, හෙහ්

      Delete
  15. හැලපෙ දවසක් office එකේ ඉන්න ගමන් තනියම කටත් අතින් වහගෙන හිනාවෙනවා.. ඉතිං මම ඇහුවා මොකෝ තනියම හිනාවෙන්නේ කියලා.. එතකොට කිවුවා " ඔය මගේ blog එක පැත්තකින් නිදහස් සිතුවිලි කියලා එකක් ඇති ඒක බලන්නකෝ කියලා.."
    ඉතිං ඒ පාර ඔස්සේ ඇවිත් මමත් නිදහස් සිතුවිලි වල තියෙන post කියෙවුවා.. හැබයි post සේරම නම් කියවන්න බැරි වුනා.. මහ ගොඩක් තියෙනවා නොවැ..
    post ලස්සනයි..හැබැයි කියන්න එන කතාව නැතුව වෙන වෙන ඒවා කියෝගෙන යනකොට පටන්ගත්තේ මොන කතාව කියවන්නද කියලා මතක නෑ.. එත් ලස්සසනයි...
    මම හිතන්නේ රවිත් අපි වගේ සිකුරාදා නිවාඩු තියෙන රටක වෙන්න ඕනේ ඉන්නේ..
    අර රවී ලියලා තියෙන " ආදර නිල් දෑසේ" කතා රවිට බොහොම සමීප ඒවා වෙන්න ඇති කියලා මට හිතෙනවා..
    මෙච්චර දවස් කියෙවුවට අද තමයි කමෙන්ටුවක් කොටන්නේ...
    රවිට ජය හා සතුට...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ,

      මම දැනගෙන හිටියෙ නෑ හැලප ඉන්නෙත් සිකුරාදා නිවාඩු රටකය කියල...මම ඉන්නෙ නම් එහෙම රටක තමයි දැනට....

      " ආදර නිල් දෑසේ " කියල ලිව්වෙ මගෙම අත්දැකීමක් තමයි..ඔය විදිහටම නෙවෙයි හැබැයි ..හෙහ්, හෙහ්,

      දහස් වාරයක් ස්තූතියි ආයෙමත්..ඔබටත් ජය සහ සතුට!!!

      Delete
  16. පිළිම කතාව තමා සිරාම එකෙ මේකෙ...

    (මම මේ වෙලාව ලැබෙන ලැබෙන විදිහට පරණ පෝස්ට් කියවනව ;) )

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්....:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...