ජීවිතය මිටින් ගෙන විදාහල කල දෑත,
සිහිනයක් පමණි දුටු අඩ නින්දෙ උන් දාක,
ගීතයක් ඇසෙනවිට ඔබ මිමිණු ඒ රෑක,
මීවිතක පහස පමණකි පිහිට හැමදාම.
නෙතුවර කැල්ම සිහිවෙයි මොහොතක් පාසා,
ඉඳුවර බැල්ම විදුලිය මෙනි වැහි ආදා,
සිතුවර මවෙත බැඳි වලලන්නේ කෝමා,
පිදුපෙම ඔබට හිත ඇවිලෙන ගිනි සේමා,
නැඟෙනා හිරුමඬල බැස යනවා හේමා,
පිපෙනා කුසුම් හවහට පරවෙනු හේමා,
සැලෙනා ලපළු සුළඟට කී කවි හේමා,
පිරෙනා සෙනෙහෙ හද පුපුරනවා හේමා.
සෙනෙහස රැගෙන ඔබ නික්මුනි නො එන ලෙස,
පෙරයම තෙක්ම වැතිරී ඉමි ඔබ තුරුල,
කෙදිනක මගේ සොඳුරිය යළි හමු වේද,
සෙනෙහස මගේ නොමියෙයි ඔබ මිය ගියද,
ගීතයක් ඇසෙනවිට ඔබ මිමිණු ඒ රෑක,
මීවිතක පහස පමණකි පිහිට හැමදාම.
නෙතුවර කැල්ම සිහිවෙයි මොහොතක් පාසා,
ඉඳුවර බැල්ම විදුලිය මෙනි වැහි ආදා,
සිතුවර මවෙත බැඳි වලලන්නේ කෝමා,
පිදුපෙම ඔබට හිත ඇවිලෙන ගිනි සේමා,
නැඟෙනා හිරුමඬල බැස යනවා හේමා,
පිපෙනා කුසුම් හවහට පරවෙනු හේමා,
සැලෙනා ලපළු සුළඟට කී කවි හේමා,
පිරෙනා සෙනෙහෙ හද පුපුරනවා හේමා.
සෙනෙහස රැගෙන ඔබ නික්මුනි නො එන ලෙස,
පෙරයම තෙක්ම වැතිරී ඉමි ඔබ තුරුල,
කෙදිනක මගේ සොඳුරිය යළි හමු වේද,
සෙනෙහස මගේ නොමියෙයි ඔබ මිය ගියද,
හපොයියෝ........... පුදුම වේදනාවක් නොවැ........... පුපුරන්න ලං වෙච්චි ගිණි කන්දක් වගෙයි.......
ReplyDeleteරන්දිල් කියන්නා වගේ අපොයිම තමා. කාටද, කවුද අනේ මේ කවි ලියලා තියෙන්නේ.?
ReplyDeleteඔලුවේ අත ගහගන ඉන්න කෙනා දැක්කාම නම් හරිම දුක හිතෙනවා.:D
ලස්සනට පදවැල් ටික ගොතලා තියනව ........
ReplyDeleteපිරෙනා සෙනෙහෙ හද පුපුරනවා හේමා.
ReplyDeleteඇයි පේන්නෙ නැද්ද? හේමාටනෙ කවිය ලියල තියෙන්නේ...
ඔච්චර දුකයිනම් මීවිත ඩිංගකින් සැනසුනාට ඒකේ වරදක් නෑ ..
ReplyDeleteඇත්තටම ලස්සන කවියක් අයියේ ..පද ගැලපුමත් ටොපේ ටොප් ..
මේ මේ.. අන්තිම කවිය අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා කෙල්ලෙකුට දෙන්න හිතයි .. කමක් නෑ නේද ? කෙල්ලෙක්ට ටෝක් කරන්න මේ කවි පදයක් යොදාගත්තට අයියා තරහා නෑ නේද ?
@ RanDil
ReplyDeleteහෙහ්......හෙහ්......ෆූජියාමාව මතක් උනයි ඔය ළමයට?
@ Podi Kumarihami
ReplyDeleteඔන්න ඔන්න ඉතිං ඕක නෙව කියන්නෙ, ඕනෙ නැති දෙයක් තියද අම්මප මේ කුමාරිහාමිලටත්,
මේ, පොඩ්ඩියේ, බතල කිලෝ දෙකක් ගන්ඩ ආවනම් ඒ වැඩේ කරගෙන යන්ඩ, ඉඩමෙ මායිං හොයන්නෙ, අර අහවල් කාරියකටද?
කවි පෙළ හොඳද නරකද කියනව නෙවෙයි, කවි ලිව්වෙ කවුද? කාටද ලිව්වෙ? කුමක් අරභයාද ලිව්වෙ? කොතැනකදීද ලිව්වෙ? ඔව්ව අනවශ්‍ය ප්‍රශ්න නෙව හැබෑටම.
@ කල්හාර දිසානායක,
ReplyDeleteස්තූතියි මල්ලි, හැමදාමත් උඹේ අගය කිරීම මට ලොකු හයියක්
@ hare :- )
ReplyDeleteදෙයියෝ බුදුවෙන්ඩ, ඇත්තම නෙවෙන්නම්,
තුන්වෙනි කවිය එහෙම පිටිම්ම හේමටනෙ ලියල තියෙන්නෙ.මහ ජංජාලයක් නෙව වෙන්ඩ යන්නෙ.
@ හිස් අහස
ReplyDelete/ ඔච්චර දුකයිනම් මීවිත ඩිංගකින් සැනසුනාට ඒකේ වරදක් නෑ ../
ආ, ඔය ආවෙ මීවිත ගැන එක්ස්පර්ට්, උඹ කියනකල් තමයි මේ හිටියෙ සැනසෙන්ඩ........හෙහ්, හෙහ්,
/ මේ මේ.. අන්තිම කවිය අරගෙන පොඩ්ඩක් වෙනස් කරලා කෙල්ලෙකුට දෙන්න හිතයි .. /
අපොයි නෝ ප්‍රොබ්ලම් මලේ, ඕන දෙයක් කර ගනිං මයෙ මොකෝ,
සෙනෙහස රැගෙන ඔබ නික්මුනි නො එන ලෙස,
ReplyDeleteපෙරයම තෙක්ම වැතිරී ඉමි ඔබ තුරුල,
කෙදිනක මගේ කුමරුන් යළි හමු වේද,
සෙනෙහස මගේ නොමියෙයි ඔබ මිය ගියද,
මම නම් කැමති ඒ කොටසට. ලස්සනයි කවිය.
මැණික්
අදහසයි පද ගැලපිල්ලයි මරේ මරු.
ReplyDeleteඅපොයි අදනං කවියකින් අදහස් දක්වන්න අමාරුයි. මේ කවි පෙළ රවි අයියම කළිං කියපු කතාවක් මතකයට ගෙනාවා. අර රන් බණ්ඩගෙ කතාව, අර අයියා - මලෝ දෙන්නම නෑනට පෙම් බැන්ද කතාව. මට මේ කවි පද ටික කියවද්දි දැනුනේ මැණිකා (ඒක නේද නෑනගෙ නම? මට හරියට මතක නෑ) වහ බීපු ආරංචිය ලැබුණ වෙලාවේ රන් බණ්ඩාට හිතිච්ච දේවල් වෙන්න ඇති කියලා. ඒත් අර පහළ පින්තූරෙ ඉන්නෙනං රන් බණ්ඩා වෙන්න බෑ... :D
ReplyDeleteහේතුවක් ඇතුව හෝ නැතුව ...මේ ලියවිලා තියෙන පද වැල මාර ලස්සනයි...රවි.
ReplyDeleteඋන්නේ සසරෙ සැමදා රුකුලක් වෙන්නෙයි
ReplyDeleteරැකුනේ උණුහුමට ගුලිවී සැනහෙන්නයි
කරුමේ මගේ මේ හැටි කඳුලැල් දෙන්නයි
දෙයියෝ මගේ ළතැවුල් ගෙන නාඬන්නයි
වක්කඩ කැඩී හෝදාගෙන ගිය සේමා
හිත් වල පිරී තිබු සෙනෙහස අඩු නෑ මා
දුක් විඳ වැදූ කිරි කැටියා පණ සේමා
රැක ගෙන ඉඳින් මයෙ රං කඳ මා සේමා
@ මැණික්,
ReplyDeleteස්තූතියි නංගි, බොහොම ස්තූතියි,
@ පිණිබිඳු,
ReplyDeleteඔයාටත් නංගි ඒ වගේම ස්තූතියි,
@ සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
ReplyDeleteඅප්පට සිරි ගජ, මෙන්න බොලේ කවි කඳුරම හිඳිල ගිහිල්ලලු. හෙහ්.....හෙහ්,
රන්බන්ඩගෙ කතාවෙ නෑනගෙ නම නංගි, ...මලී,
ස්තූතියි නංගි,
@ නිල් අහස,
ReplyDeleteහේතුවක් කියන්නෙ ඉතිං හිතට ලොකු දුකක් කණගාටුවක් දැනුන වෙලාවක හිතිච්ච එව්ව තමයි,
ස්තූතියි නිල් අහස,
@ nawammawatha,
ReplyDeleteසෙනෙහස ඔබේ පිපුනේ තලමල විලස,
පෙරකල පවක් වේනම් නොගෙවනු කෙලෙස,
කලපින සෑහුනේ නුඹ ලබනට විතර,
පාරමි නොසෑහුනි එක්වීලා ඉන්ට,
කඳුලේ සිසිල නොනිවන ගිණි හද පතුලේ,
සුසුමේ අරුම නොදැනෙයි හමනා සුළඟේ,
උරයේ හිස තබා පුතු ඇත අඩනින්දේ,
පණසේ ඔහු රකිමි ඔබ නාමෙන් ළඳුනේ,
මේ ගොයිරාලේ, අපේ රටේ නම් ඔය සුපර් මාකට් එකට ගිහින්, හොඳට පැකට් කරලා තියන අල, බතලවල ජාතිය, පස, වැවු ප්‍රදේශය එහෙම අහන්ට අමාරුයි. ඒත් ඉතින් ඔය පොලකට ගියාම (මෙහෙත් තියනවා ඉරිදා පොලවල් හොඳේ ) රහ බතල ජාති දැක්කොත් අප්පේ!!! සුදු ආච්චිලා අහන ප්‍රශ්න ගොඩ. ඒ පැත්තේ හිටියානම් තේරෙයි කටින් බතල ටිකක් වවාගෙන, ඔය පැත්තේ ඉන්න එක කොච්චර එකක්ද කියලා.
ReplyDeleteලස්සන කවි ටික .......
ReplyDelete....බැඳි සෙනෙහසට පෙර පින් නැහැ ලං වෙන්න
දැනුනා නේද ජිවිතයේ දුක ඔන්න
අද හිමි නැතත් ඇය සිතු සේ දැක ගන්න
පතනෙමි මතු සසර ඔබ ඇය හමු වන්න
මල් ඇති තැනට වන බමරුන් ඇදෙවිලු
මීවිත දී කිරට සඳරුත් සාක්කිලු
අර කියු ගුල් ගැන ලිවීමි.
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteමේ පොඩ්ඩි මොනවා කියවනවද කියල එයාවත් දන්නෙ නෑ මට හිතෙන්නෙ අනෙ අම්මප,
අර මල්ලෙ මොනවද? ඇහුවාම නාන්ට යන්නෙ කිව්වැහෙ කතාවක් නෙව බොලේ මේක,
බතල හිටවන්ටත් හොඳට දන්නව උනාට පරහ මේක නෙව කුමාරිහාමි, කාස්ටක පොළවෙ බතල හිටවල වැඩක් නැතිනිසා නිකම් ඉන්නවයි කියල හිතාගන්ටකො ඔන්න,
@ Bindi,
ReplyDeleteස්තූතියි බින්දි,
ඔයාගෙ උමං ගැන ලිපියත් බැලුව ඔන්න. අගෙයි.
ආහ් අයියේ .....කවුද මේ හේමා.
ReplyDeleteහේමා මාලනීය...
කොහොම වුනත් මේ කවිය අයියට හරියන්නෙ නැහැ අයියේ....
අයිය ලියන ඉර හඳ ගැන කවි තමයි ලස්සනම.මැරෙන කවි අයිය ලියනව වැඩිය ලස්සන නැහැ.
විරහව වුනත් අයිය ලියනව ලස්සනයි.දුක වුනත් සතුටක් දැනෙන විදිහට ලියනවා...
@ සොඳුරු සිත
ReplyDeleteහෙහ්, හෙහ්, මේ ඇවිල්ල හේමමාලා කුමාරි නෙව, දන්නව නේද?
ඉර හඳ ගැන ලියන එවට තමයි ඔයා කැමති නේ?.....හෙහ්.....හෙහ්,
දුක කියන්නෙත් එක්තරා වින්දනයක් නංගි, දුකත් සතුටකට හරව ගන්න අපි දැන ගන්න ඕනෙ,