මේ කියන කෙනා සුපුරුදු පාරෙන් අද උදේ රාජකාරිය සඳහා යන්න පිටත් වුනා. ඔන්න ගොතටුවෙන් රාජගිරිය පැත්තට හරවලා ටිකක් දුර එද්දි වාහන එකක්වත් නොහෙල්ලී පෝළිමට තියෙනවා. ඒ පැත්තෙන් ඉඳ හිට එකක් දෙකක් එනවා.
ඉස්සරහ හිටපු අයියා කෙනෙක් ඒ ආපු අංකල් කෙනෙක්ගෙන් ඇහැව්වා මෙන්න මෙහෙම.
“මොකද අංකල් සීන් එක?”
“ආ පුතා මේ බස් එකක්.............” අන්තිම හරිය පැහැදිලි නැහැ. කොහොම වුනත් එක්කො පෙරළිලා, නැත්තං කැඩිලා, නැත්තං හැප්පිලා, ඔය මොකක් වුනත් අද යනවා බොරු වගේ තමයි අංකල් කථා කලේ.
අයියා හැරෙව්වා. ඒත් ඉතිං මේ අපේ යාළුවා හරවන්නයෑ. හැරෙව්වත් කොහේ කියලා යන්නද? දන්න එකම පාර තමයි මේක. හරි කමක් නැහැ කියලා අපේ යාළුවා එහෙමම හිටියා.
ඔන්න ඉස්සරහ තිබුණු ත්‍රී වීලරයත් හැරෙව්වා. ඒ පාර අපේ යාළුවා බැලුවා මේක හරියන්නේ නැහැ, මාත් හරවලා යනවා මේ අංකල් යන පාරෙන්ම කියලා. ඉතිං මොකද කරන්නේ එයාත් හැරෙව්වා.
එයාගේ තියරියට අනුව නං අංකල් යන්න ඕනේ ගොතටුව නගරයේ වටරවුමෙන් දකුණට. හරවාපං අංකල් දකුණට කිය කියා පතමින් අපේ යාළුවත් යනවා. මෙන්න අංකල් හැරෙව්වා වමට! දැන් මොකේද දන් වලඳන්නේ?
හරි කමක් නැහැ, අංකල් කොයි ලෝකෙන් හරි යන්න ඕනේ රාජගිරියටනේ. හරි අංකල් යං මං එන්නං වගේ යාළුවා පාඩම් කරගත්තා ත්‍රී විලර් එකේ නම්බර් එක WP HV 2636 . මොකද මග හැරුනොත් එහෙම. දැන් යනවා ත්‍රී විලර් එක පිටි පස්සෙන්. යනවා යනවා යනවා. තාම යනවා. යාළුවාටත් එක එක එව්වා හිතෙනවා.
බොලේ, අද උදේ අංකල් වැඩ විස්තරේ හිතට අරං බැලුවහම මුලින් රාජගිරියට ගිහින් අර වැඩේ කරගෙන, ඊට පස්සේ කොලොන්නාවට ගිහින් මේ වැඩේ කරගන්නවා කියලා හිතං හිටපු සෙඩූල් එක වෙනස් කරලා මුලින් කොලොන්නාවට යනවා කියලා හිතලා මේ යනවද දන්නෙත් නැහැ කියලා ඔය හිතුනු එක එක එව්වා අස්සේ යාළුවාට හිතුනා. එසේ නොවේවා කියලා පතලා බලන්න වුනේ නැහැ, මගේ අම්මේ! සුදු මහත නංගි කෙනෙක් ජිම් එකට යන්නද කොහෙද දැම්මේ නැද්ද අත ත්‍රී විලර් එකට. දැන් ආපහු මොකේද දන් වළඳන්නේ? පස්සෙන් ගිහින් ත්‍රී විලර් එක ගාව නවත්තලා ඉන්නද? හරි කමක් නැහැ මෙහෙන් ගියොත් අන්තිමට කොලොන්නාවෙන් බේස් ලයින් එකටවත් යාගන්න පුළුවන් වෙයිනේ කියලා හිතලා යාළුවා යනවා.
අඩේ, මට හොඳ වැඩේ මාර්ගෝපදේශකයා හැටියට ත්‍රී විලර් එකක් පත් කරගත්තාට. මට හොඳ ම වැඩේ කියලා තමන්ටම බැණ බැණ තනියෙම හිනා වෙවි යාළුවා යනවා පාර දිගට. ඔහොම යද්දි වැවක වේල්ලක්ද මොකද්ද එකකුත් පෙනුනා දකුණු පැත්තෙන්. 152 බස් දෙකකුත් ගියා, සයිඩ් කණ්නාඩියෙන් බැලුවා, කෝ මේ කොල පාට WP HV 2636? හරවලා ගිහින්ද කොහෙද, හරි කමක් නැහැ, මේ පාරවල් හදලා තියෙන්නේ අපට සොයාගන්න තමයි.
ඔන්න ඊ ලඟට දන් වළඳන්නේ මොකේද කියලා ඔප්ෂන් දෙකක් පෙනුන තැනකට ආවා. තුන් මං හන්දියක්. පළපුරුද්දෙන් හිතුනා හරවන්න ඕනේ වමට තමයි කියලා. 152 බස් එකක් දකුණට ගියා. යාළුවා වමට ගියා.
‘විජය පාර’ ඔන්න හරවපු පාරේ නම. එතකොට එනවා මේසන් බාසුන්නැහේ කෙනෙක් වගේ පෙනුම ඇති කෙනෙක්.
“මේ පාරෙන් ගියොත් කොහේටද යන්න පුළුවන්” ඒ අපේ යාළුවා.
“මේ පාර කෙලින්ම වැටෙන්නේ ඔබේසේකරපුරට. කොහේටද යන්න ඕනේ”
“රාජගිරියට”
“හරි හරි ඔහොමම කෙලින්ම යන්න”
ඉතිං ස්තූති කරලා අපේ යාළුවා යන්න හැරුනා වමට. ඔන්න එනවා මාර්ගෝපදේශක කොළපාට WP HV 2636 ඉබ්බා වගේ හිමි හිමීට. ඇවිත් යාළුවාව ඉස්සර කරලා ඒ පාර දිගේ යනවා. හරි අංකල් යමු. දැන් ෂුවර් අංකල් යන්නේ රාජගිරියටනේ කියලා අපේ යාළුවා යනවා.
ඔහොම යනකොට යනකොට මී හරක්, ගිණියම යන්න බැහැලා ඉන්න ජාතියේ වලක් පාර මැද තිබිලා අංකල් එතැන නැවතුනා හිමීට වලෙන් ගොඩ වෙන්න කියලා හිතාගෙනද කොහෙද. අපේ යාළුවා ඉතිං එතැන රැඳෙන්නයෑ. ඉස්සර කරලා ආවා. ඔහොම එනකොට එනකොට ආයෙමත් තුන්මං හන්දියක්. නවත්තලා ත්‍රී විලර් අයියා කෙනෙක්ගෙන් ඇහැව්වා ඔබේසේකරපුරට කොහෙන්ද යන්නේ කියලා. මෙහෙම වමට ගිහින් දිගටම ගිහින් දකුණට හැරෙන්න කිව්වා. බොහොම ස්තුතිය පුද කරලා හැරිලා බැලුවහම ඔන්න යනවා කොළපාට WP HV 2636 ඉබ්බා හිමී හිමීට අපේ යාළුවාව ඉස්සර කරගෙන. හරිම හොඳ මාර්ගෝපදේශකයා!!!.
ඉතිං ඔහොම කොහොම කොහොම හරි යාළුවාට ටිකකින් රෝයල් පාර්ක් ගොඩනැගිල්ල, ගෝල්ඩන් කී රෝහල් පරිශ්‍රය වගේ සුපුරුදු දසුන් ඇස ගැටුනා. විනාඩි 5කින් විතර යාළුවා රාජගිරියට සැපත්වෙලා, සුපුරුදු පාර දිගේ කන්තෝරුවට ඇවිල්ලා, මේ කථාව ගැට ගැහුවා.
ඉතිං කියන්න දෙයක් නැහැනේ, ඒ යාළුවා නම්, පරංගියා කෝට්ටේ ගියාට වඩා ලස්සනට කෝට්ටේ ට සැපත් වුනු මේ මම් ම වෙමි.
මේ සිදුවීම මේ විදිහට කියන්න හේතුවුනු කාරණා තිබෙනවා. දැන් ඒවා කියන්නම්.
1. කිසිම විටෙක ඉදිරියේ බාධාවක් දුටුවහොත් දුරදිග නොබලා විකල්ප සොයා යෑමට උත්සුක නොවිය යුතුයි.
2. ඉදිරියේ දුටු බාධාව හමුවේ විකල්පයකට යනවා නම්, එහිදී වැය වන කාලය, ධනය හා ශ්‍රමයට සාපේක්ෂව ලැබෙන ප්‍රතිඵලයේ වැදගත් කම සලකා බැලිය යුතුයි. (ඔන්න ඔහේ කියලා පෝළිමේ ඉඳලා ආවා නම්, ඉන්ධන ඉතුරුයි, පාර වැරදෙයිදෝ කියලා ගැස්මක් නැහැ, සේරමටම වඩා කාලයත් ඉතිරි වෙන්න තිබුනා. හැබැයි හැරිලා වෙන පාරක ආපු නිසා අළුත් පාරක් අඳුන ගත්තා)
3. යම්කිසි විටෙක පූර්වාදර්ශයට හෝ මාර්ගෝපදේශකත්වයට කෙනෙකු යොදා ගන්නේ නම් තමන්ගේ අවශ්‍යතාව හා ඔහුගේ හෝ ඇයගේ දැක්ම කොතෙක් දුරට ගැලපෙන්නේ දැයි මනාව සිතා බැලිය යුතුයි. (ඇයි යකඩෝ මොන මෝඩයද ත්‍රීවිලර් එකක් ගමනාරම්භ කරන විට යාමට සිතා සිටි තැනටම යයි කියලා හිතන්නේ. ඒ මිනිස්සු හයර් එකක් දුටු සැනින් හැමදේම අමතක කරලා ඒ දිහාට යන මිනිස්සු වෙච්චි කොට)
4. තමන් යම් කෙනෙකුගේ උපකාරය ලැබ ඉදිරි කටයුතු කරන්නේ නම් මදක් ඉවසිල්ලේ සිට ඔහුට හෝ ඇයට අනුව කටයුතු කරනවා මිසක කලබල වී තව තව විකල්ප සොයා යෑම සමහර විට කාලය, ශ්‍රමය හා ධනය අපතේ යැවීමක් විය හැකිය. (මට අද එහෙම වුනේ නැහැ. ඒත් මට මගදි දෙපළකදීම පාර අහන්න සිද්ධ වුනා. අර කොළපාට WP HV 2636 ඉබ්බා පිටිපස්සෙන් හිමීට ගියා නම් එහෙම අහන්න වෙන්නේ නැති වෙන්න ඉඩ තිබුනා)
5. ප්‍රධානම දේ නොදන්නා පළාතක නම් මෙවැනි දේ කිසි සේත් ම නොකළ යුතුයි. (කොළඹ නගරයේ මං මාවත් පිළිබඳ යම්කිසි දැනීමක් ඇති නිසාත්, කොළොන්නාව ප්‍රදේශයේ උසස් අධ්‍යාපනය ලද නිසා එම ප්‍රදේශය පිළිබඳ යම් දැනීමක් ඇති නිසාත්, එම ප්‍රදේශ ජනාකීර්ණ වන නිසාත් මෙවැනි දෙයක් කලා මිසක, දුර පළාතක වූවා නං අම්මෙයි මුත්තෙයි කිව්වත් මෙවැන්නක් නොකරමි)
6. දැන් මෙය කියවන, මෙම මාර්ගය නොදැන සිටි කෙනෙකුට යම් දවසක මෙය උපකාරී වනු ඇතැයි සිතමි. මට සිතෙන හැටියට අර ‘විජය පාර’ ට හැරෙව්වේ නැත්නම්, ඒ කියන්නේ එතැනින් දකුණට ගියා නං කොළොන්නාව නගරයට යාමට හැකි වනු ඇත.
කොහේ දැම්මද කියලා හොයාගන්න නැතුං තිබ්බ ඇමරිකාව කොලම්බස් හොයා ගත්තාහේ, මෙච්චර කල් නැතිවෙලා තිබුණු පාරක්, රන්දිකා රණවීර නොහොත් රන්දිල් විසින් සොයා ගන්නට යෙදුනේ ඔන්න ඔහොමයි මිතුරනි... !!!
එම සොයා ගැනීම තුල, ඉහත සඳහන් කරන්නට යෙදුනු කාරණා වලට අමතරව වැදගත් කාරණා මොනවා හරි සිහි වෙනවා නං ඒවා සටහන් කරලා යන්නත් අමතක කරන්න එපා !!!
වාහනේ ගෙවෙන ආම්පන්න පිළිබඳවත් හිතන්න ඕන නේස ?.
ReplyDeleteපව් බයිසිකලේ.
ReplyDeleteවාසනාවන්තයා හිටියේ නැද්ද?
නොහිටියානං තමා හොද, නැත්තං ඒ අහිංසකයත් පව්...
ජය වේවා...
හොඳ රවුමක් ගිහින් ඇවිත් තියෙන්නේ...
ReplyDeleteමාත් ඔෆීස් යන්නේ ඔය පාරෙන් තමයි මොක්ද පාර හරියට දන්නව නම් දෙමටගොඩටම ඉක්මනටයන්න පුළුවන්.. රාජගිරියෙ රස්තියාදුවෙනවට වැඩිය..
ReplyDeleteඔව් නේද සුපර් මට ඒක අමතක වුනානේ.
ReplyDeleteවාසනාවන්තයා හිටියේ නැහැ රනා. මං විතරයි. තවම මේ සිද්ධිය වාසනාවන්තයාට කියන්නත් බැරි වුනා.
ReplyDeleteඅනේද කියන්නේ sameerausa. මං හිතන්නේ 10කි. මි. විතර වැඩි වුනාද මන්දා.......
ReplyDeleteNaveen Madhawa ඔව් නේද? මට යන්න ඕනේ රාජගිරියෙන් බත්තරමුල්ල පැත්තටනේ.
ReplyDeleteමදෑ ඔයින් ගියා....
ReplyDeleteදුර වැඩි උනාට පාරකුත් හොයාගත්තානේ නේද?
ReplyDeleteජි.පි.එස් හරි නැත්නම් අඩුම තරමේ ගුග්ල් මැප්වත් තියන දුරකතන රාජයෙක් ඉන්නව නම් ඔය වගේ වෙලාවට ගොඩ . කොලඹ නම් නම් එහෙට මෙහෙට හැරිල මොකක් හරි කොරගන්න පුලුවන් . අවුලක් උනොත් පාරේ නවත්තගෙන ඉන්නවට බාප්පලගෙන් තමයි . කොලඹින් පිට නම් සමහර හන්දි වලින් හැරුණට පස්සේ ආයෙත් නගරයක් හම්බවෙන්නේ කිලෝමීටර ගානකින් තමයි ,
ReplyDeleteget GPS navigator never problems occur...
ReplyDeleteහපේ හප්පා...... මං හිතුවා රවුම ගහනකොට යාළුවත් අක්කම වෙන්නැති කියලා. කමක් නෑ ඉතින් අර පාරේ බ්ලොක් එකට කලින් ආවා කියලා හිත හදාගන්න. :D
ReplyDeleteහෙහ්....හෙහ්, මයි එක්ස්ප්ලොරේෂන්ස් කියල නමෝ විත්තියෙම්ම කතාව පටං ගත්තු ගමං වැඩේ මාට්ටු නෙව,
ReplyDeleteඇති ත්‍රී වීල් රියදුරා අල්ලල දුන්නෙ නැතුව පොලීසියට මිනිහ පස්සෙං නාඳුනන බබලතෙක් පන්නනවයි කියල,
මහනියර හන්දියෙන් දාල ගියානම් වටයක් යන්න වෙන්නෙ නෑනෙ.
ReplyDeleteදකින දකින එක පස්සෙ යනවට හොඳ වැඩේ :D
ReplyDeleteහොඳ ලිපියක් විහිලුවෙන් වගේ ලියලා තියෙන්නේ හොඳ දෙයක්.
ReplyDeleteහරේගේ කතාවට නම් මාත් පහක් දෙනවා මෙන්න...
ReplyDeleteකිවුවත් වගේ මේ මාත් දන්නවානේ ගොතටුවෙන් ලේසියෙන්ම බත්තරමුල්ලට යන්න රාජගිරියට නොයා. අනික ඔය විජය පාර කියන්නේ කෙලින්ම ගිහින් ඔබෙසේකර පුරටත් වැටෙන තැනක් නේද... මම නම් ඔය පාරේ හවසට හවසට අවුරුදු ගානක් තිස්සේ මාසයක් විතර රවුම් ගහනවා.
අනිත් එක ඉතින් මාව දැකලත් කතා නොකරපු අයගෙන් එක්කෙනෙක් නේද ඔයා?
මේ විස්තර කියවලා Dakar Rally මතක් වුනේ, මොන විදියට හරි ගමන ගියා නේ...
ReplyDeleteDakar Rally ගැන වැඩි විස්තර මෙතැනින්:
http://en.wikipedia.org/wiki/Dakar_Rally
ඇයි ඉතින් නවත්තලා කාගෙන් හරි පාර ඇහුවෙ නැත්තේ.
ReplyDeleteමැණික්
හා මෙච්චර රහ කර කර මේ රන්දිල් අක්කට මඩ ගහල නේද. අද එහෙනම් රවී අයියට රෑට කෑමත් නෑ..
ReplyDeleteඒකනේ නචියෝ කියන්නේ..........
ReplyDeleteඔව් හසී නගා, හැම අඳුරු වළාවකම රිදී පාට රේඛාවක් දකින්න පුරුදු වෙන එක හොඳයිනේ නේද?
ReplyDeleteහපොයි බුවෝ..... මගේ තියෙන්නේ බොහොම ලාබාල ෆෝන් ගොයියෙක්.... ඒකාට ඔය බරපතල් එව්වා තේරෙන්නේ නැහැ......මටත් තේරෙන්නේ නැහැ..... අර කිව්වාහේ කොළඹින් දුර වුනා නං සමා වෙන්න තමයි නේද? :)
ReplyDeleteඔය ඉතිං ප්‍රියන්ත අයියත් මාවයි මගේ ෆෝන් ගොයියාවයි බය කරනවා නොවැ.... :D
ReplyDeleteඒක තමයි හාවියේ එහෙම තමයි දැන් මේ හිත හිතා ඉන්නේ........
ReplyDeleteඒක නොවැ සමහර විට නමෝ විත්තියෙන්ම කියලා දැම්මා........
ReplyDeleteසමහරවිට ත්‍රී විලර් අංකල් හිමීට ගෑටුවේ මේ කවුද බොලේ මේ කියලා බය වෙලාද දන්නෙත් නැහැ.... :)
pramodh මං මහනියර හංදිය දන්නේ නැහැනේ........
ReplyDeleteහරේෂ්....... මටත් හිනා ඔයා කිව්ව එකට නං
ReplyDeleteස්තුතියි මනුසත් අගය කිරීම ගැන
ReplyDeleteIl mondo di una povera pazza
ReplyDeleteරංගි අක්කේ ඔය කියන්නේ ගොතටුවෙන් මං ගිය පැත්තට නෙමෙයි අනිත් පැත්තට ගිහින් වෙන්න ඕනේ. ඒකනේ මට තාම ඒ පාර මගේ එක්ස්‍ෆ්ලෝරේෂන් එකට දාගන්න බැරි වුනා.
අනේ අක්කේ ඔයා මෙහෙම කථා කරපු එකත් ලොකු දෙයක්. එදා වෙච්චි දේ අනුව මං එහෙම නං යකෝ මේකිගේ තියෙන ගෑස් ! මං නං කථා කොරයි කියලා ඉන්නවා. එදා වුනේ මේකයි අක්කේ, මළ ගෙදර යද්දි වාහනේ අතරමග නොනවත්තපු හන්දියක් නැහැ. ඔය නවත්තපු තැන් වලින් මං වාහනෙන් බැස්සේ කෑම කාපු තැනදි විතරයි. ඔහොම ඔය එක තැනක නතර කලා. මං කිහිප දෙනෙක්ගෙන් ඇහැව්වා මොකද මොකද කියලා. කවුරුවත් හරි උත්තරයක් දුන්නේ නැහැ. දන්නේ නැහැ. නිකම් වෙන්න ඇති. බලමු බලමු වගේ උත්තර තමයි ලැබුනේ. මං හිතුවා කට්ටිය ටොයිලට් හොයන්න ගිහින් වෙන්න ඇති කියලා. පස්සේ ලසිත ඇවිත් බැහැපල්ලා කිව්වා කට්ටියට. ඒ පාර මං හිතා ගත්තා ලසිත ව ගන්න තමයි නවත්තලා තියෙන්නේ කියලා. පස්සේ වාහනේ යනකොට අපට ඉඹුල් කිරිබත් ලැබුනා. හසී නගා තමයි දුන්නේ. කාගෙන්ද නංගී කියලා ඇහැව්වහම එයා කිව්වා, ඇයි මලී අක්කලා ගෙනැල්ලා තියෙන්නේ කියලා. කෝ කෝ මලී ඇහැව්වහ ම ඇයි අර ගියේ කිව්වා. ඔන්න ඕකයි අක්කේ සිද්ධ වුනේ. සිකේ සිකේ ........... කථා කරලා වැඩක් නැහැ ඉතිං. ආයේ මුණ ගැහුනම කථා කරමුකෝ ඒකටත් හරියන්න.... නේද?
ස්තූතියි ඩීන් අයියා කොමෙන්ටුවටත් ඒ සමඟ දුන්නු ලිංක් එකටත් :)
ReplyDeleteමැණික් ඇහැව්වා ඇහැව්වා දෙන්නෙක්ගෙන්ම ඇහැව්වා හැබැයි ඇහැව්වේ මට ඕනේ පාරේ ගිහින් ඒක හරිද කියලා බලන්න තමයි ඉතිං...... වැඩියේ නොදන්න පළාතකදී නොදන්න බව පෙන්වන්නත් බැහැනේ අප්පා......... :)
ReplyDeleteඅඩේ පිණිබිඳුවෝ........ ඔන්න ටපලවාගෙන...... ඔය රවී ගොයි මහත්තයා මගේ මහත්තයා නෙමෙයි..... හපොයි මං ඔච්චර වයසයි කියලද ඔයා හිතාගෙන ඉන්නේ.... උන්දැ කසාද බැඳලා තියෙන්නෙත් මීට අවුරුදු 16කට උඩදී එතකොට මං ඕලෙවෙල්වත් කරලා නැහැ ඕන්.......... :D
ReplyDeleteඒකට කමක් නෑ. කොහොමත් මම ඔයාවලව අඳුනන් ළඟට ඇවිත් කතා කරන්න තරම් දැනුමක් නෑ. දන්නවා නම් විතරයි මම සාමාන්‍යයෙන් කතා කරන්නේ. (දන්න එවුන්ට නම් වදයක් වෙන තරමට කතා කරනවා.)
ReplyDeleteආයේ ඉතින් මම ලංකාවට එන එකක් නෑ කතා කරන්න. ඔයාටත් දිල්සරාටත් දෙන්නටම කියන්න තියෙන්නේ ඒක.
මම නම් කියන්නේ ඕවා රසවත් අත්දැකීම් කියලා.
ReplyDeleteබලන්න මොන තරම්.. ඒ සිදුවීම රස විදින්න පුලුවන්ද කියලා..මේ විදිහට බෙදා ගත්තම.
හයියෝ හයියෝ... ඔව් ඔව් කොච්චර බැරි වුනත් විශ්වාස කටයුතු පුද්ගලයෙක්ගෙන් හැර පාරක් ගැනනම් අහන්න එපා රජෝ.... ඊටත් බවලතෙක් බයික් එකකින් ඇවිත් පාරක් ඇහුවම?
ReplyDeleteඇත්තටම උඹට බය හිතුනෙම නැද්ද නංගා?
ම්ම්........ ඒක තමයි - නිල් අහස - මං මේක මෙතැන ලියන්නත් හිතුවේ...... :)
ReplyDeleteනැහැනේ බං අක්කේ බය හිතුනේ නැහැනේ....... දැන් ඉතිං ඔය වගේ දේවල් වලට බය වෙලත් බැහැනේ අක්කේ.....තනිපංගලමේ ගමන් බිමන් යද්දී...... අක්කා දන්නවද? දැනට මාසයකට විතර උඩදී,අපි බයික් දෙකේ රෑ 9ට විතර ගෙදරින් ගිහින් රෑ 12ට විතර ආපහු ගෙදර ආවා අංගොඩ පැත්තේ මළ ගෙදරක ගිහින්. ඉතිං ආයේ මොනවද නේද? හැබැයි එදා නං ගියේ මං තනියෙම, හබියි හබීගේ අම්මයි අපේ බබයි එයාගේ බයික් එකේ.........
ReplyDeleteවෙලාවට ලංකාවේ උනේ ........
ReplyDeleteහෆොයි ඔය උඹ ඔකේ නැගලා රවුන් ගහන පැත්තේ උන්ට හඳහන් බලෝ ගන්ට කියන්නට ඕන . . . ඇයි අප්පේ පොඩි බයික් එකක හැප්පිලා සීරෙන එක වගේද කන්ටේනරේකට යටවෙලා මැරෙන එක . . හප්පච්චියේ
ReplyDelete