Thursday, March 29, 2012

111. එසඳ, මම බලා සිටියෙමි.....An Unfinished Story



ඈ මගේ ජීවිතයට ඇතුළු වූවාය.

ඒ පිළිබඳව මවෙතින් කිසිදු විමසීමක් නොකොටම ඈ මගේ ජීවිතයට ඇතුළු වූවාය.

අවසර ගැනීම පසෙක තබා අවම වශයෙන් සරළ දැනුම් දීමක් හෝ නොකොට ඈ මගේ ජීවිතයට ඇතුළු වූවාය.

උපමාවක් පවසන්නේනම් කුටියකට අනවසරයෙන් ඇතුළුවන්නා වූ මඳ සුළඟකට ද වඩා ඒ සමවූයේ රැයෙහි නිදිගත් ඉක්බිති ඔබ නොදැනුවත්වම කුටිය පුරා පැතිරීයන උණුසුමකටය.උදෑසන ඔබ අවදිවන විට ඒ උණුසුම ඔබ සිරුරම වෙලාගෙන ඇත්තේ ඔබ නොදැනුවත්වමය.

එසඳ, මම බලා සිටියෙමි.

'' මම.... ඔයාට....ආදරෙයි '' ඈ පැවසුවේ රත් දෙතොල් නටවමින් සහ වදනින් වදන උසුරුවමිනි. එසේ කොට මොහොතක් මදෙස නෙතු පිය නොසලා බලා සිටියේ මගේ පිළිතුර අපේක්ෂාවෙන් විය යුතුය.

'' මම දන්නව ඔයත් මට ආදරෙයි කියල...මට ඒ ඇති....'' අවසන ඈ පැවසුවේ මගේ දෑත සිප ගනිමිනි.

'' ඔයාගෙ ඔය නිශ්ශබ්දතාවයටත් මම ආදරෙයි '' ඈ තවත් වරෙක කීවාය.

එසඳ, මම බලා සිටියෙමි.

අවපස වූ සඳ ටිකෙන් ටික මෝරා වක පසළොස සම්පූර්ණ වූයේ මේ අතරදීය.

සුරතෙහි රැඳුනු රන්වන් පැහැ අමාදිය කුසලානද වමතෙහි රැඳි පුස්තකයක් ද අතැතිව එසඳ මම ඇය දෙස බලා සිටියෙමි. මා දෙතොල මත මද සිනහවක් මතු වූයේ මට ද නොදැනීමය.

'' කිසිම තේරුමක් නැතුව හිනාවෙන්ඩ විතරයි දන්නෙ '' ඈ කීවේ යටිතොල ද පෙරලා නෝක්කඩු ස්වරයකිනි.

'' පැත්තකට දාන්නකො ඔව්ව...'' ඈ පැවසුවේ පොත ද ඒ සමඟම කුසලානද ගෙන පසෙක තබමිනි.ඉනික්බිති ඈ මගේ පපුවට තුරුළු වූවාය.

එසඳ, මම බලා සිටියෙමි.

පුර සඳ අවපසට යමින් තිබිණි.අමාවක දිනට පෙර දින මම පොතක් වෙනුවට සුවඳ විලවුන් බෝතලයක් මිළයට ගතිමි.

එදින ඇය පැමිණියේ බොහෝ පමා වීය. සුපුරුදු කෙළිකවට සිනහවෙන් තොරව ඇය මා ඉදිරියේ අසුන් ගත්තී දෙනෙත් බිමට හරවා ගත්තීය.

'' මම ආයෙම එන්නෙ නෑ......'' නිශ්ශබ්දතාවයෙන් ගෙවී ගිය නිමේශයකට පසු ඇය සිහින් ස්වරයකින් තොල මතුළාය.

එසඳ, මම බලා සිටියෙමි.

'' ඇයි අහන්නෙ නැත්තෙ ඒ ඇයි කියල? '' තවත් මොහොතකට පසු හිස එසවූ ඈ ඇසුවාය.

'' මමත් හරියටම දන්නෙ නෑ ඒ ඇයි කියල....'' තවත් මොහොතකට පසු ඈ බිඳුනු හඬින් පැවසුවාය.

'' ජීවිතේ හරියටම හේතුවක් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන් නේද සමහරවිට? '' ඈ විචාලාය.

'' මම යනවා....'' ඈ නැඟී සිටියාය. මම සුවඳ විලවුන් බෝතලය ඈ වෙතට දිගු කලෙමි.

ඈ කඳුළු පිරි දෙනෙතින් පහත්ව මා නළලත සිප ගත්තීය. ඉනික්බිති ඈ මගේ ජීවිතයෙන් ඉවත්ව ගියාය.

එසඳ, මම බලා සිටියෙමි.

45 comments:

  1. සඳ...........

    ඵලක් නැති සඳ කඳුළු මොකටද - ගලක් දියවෙන තරම් හෙලුවට
    ඒත් ඉකිලයි පාළු වූ සිත - ඔබත් නැති සඳ සඳක් කෝ මට

    මේ මං කාලෙකට උඩ දි ලිව්ව පද වැලක පළමු පද පේලි කිහිපය.......... කවි පෙල කියවද්දි මට මේක මතක් වුනා...............

    ReplyDelete
    Replies
    1. හපොයි කවි පෙල නෙමෙයි මේ ලියැවිල්ල කියවද්දි මට මේක මතක් වුනා...............

      Delete
    2. නෙත කඳුලු ගලනා කොපුල් දිග,
      ඔබෙ නමිනි සිතුනිද කිසිම දින,

      ස්තූතියි රන්..ස්තූතියි,

      Delete
  2. නොකියාම ආවත් ගියේ කියලානේ....

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි තමයි බලාගෙන ගියාම තනෝජා...හෙහ්, හෙහ්, අඩු ගානෙ යනකොටවත් එයා කියල ගියානෙ.....ස්තූතියි ඔබටත්...

      Delete
  3. //ජීවිතේ හරියටම හේතුවක් කියන්න බැරි දේවල් තියෙන්න පුළුවන් නේද සමහරවිට? //
    හැම දේටම හේතු හොයන්න ගිහින් හති වැටෙන්නෙ කිම සබඳ...

    ReplyDelete
    Replies
    1. අනේ නෑ රූ, කිසිම දෙයක මම හේතුවක් හොයන්න ගියේ නෑ....හේතු දෙන්න බැරි හුඟක් දේවල් ජීවිතේ තියනවයි කියල මම දන්නව.....:)

      Delete
  4. ''මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද '' මට නම් ඔච්චරයි මතක් වුනේ .
    අපිත් බලා සිටිමු ...මොකටවත් නෙමේ දඩයක්කාරයට වෙච්ච දේ දැන ගන්න

    ReplyDelete
    Replies
    1. / ''මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද '' මට නම් ඔච්චරයි මතක් වුනේ . /

      දෑස් පෙනෙනා කෙනෙකු පය හැපීමට මැණිකටත් වාසනාවක් තිය යුතුමය. ඔන්න ඔච්චරයි මට නම් හිතුනෙ :)

      Delete
  5. අනේ මේක අප්ඩේට් වෙලා තිබුනේ නෑ. දැනුයි දැක්කේ.
    මේ අර දඩයක්කාරයාගේ කතාව නෙමේනේ. අපි ඉන්නේ ඒක කියවන්ට බලාගෙන.

    එයා ඇවිත් එයාම ගියාද?
    දුක හිතෙන කතාවක්...

    ReplyDelete
    Replies
    1. / මේ අර දඩයක්කාරයාගේ කතාව නෙමේනේ. අපි ඉන්නේ ඒක කියවන්ට බලාගෙන. /

      හරි බොල කෙල්ලෙ.... ඉවසපංකො තව ඇබින්දක්......හෙහ්, හෙහ්,

      / එයා ඇවිත් එයාම ගියාද? /
      / දුක හිතෙන කතාවක්.. /

      දුකයි තමයි පොඩ්ඩි මොනව කරන්නද?

      ඇය යන්න ගියා මැකිලා,
      වන සිරසක තුරු සෙවණැලි අතරේ,
      ගී ගයමින් හිඳ මා තුරුලේ,
      ඇය යන්න ගියා මැකිලා,

      ඇය යන්න ගියා මැකිලා,
      පිණි කඳුලක් මල් පෙති අග තවරා,
      මිහිදුම් සළුවෙන් මුහුණ වසා,

      නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ,
      සඳ එලියේ මංපෙත පාදා,
      රහසක් සඟවා ගොළුවූ හදකින්,
      ඇය යන්න ගියා මැකිලා,

      යලි කවදාවත් හමු නොවනා බව,
      මඳ පවනක් හිත අතගා කීවද,
      අදහා ගන්නට නොහැකිය කිසිදින,
      ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර,

      Delete
    2. අනේ හරිම දුක හිතෙන ලස්සන සිංදුවක්. අදමයි ඇහුවේ.

      Delete
  6. කෝ අප්පා දඩයක්කාරයා???

    මේ ඒක එනකල් නෙ බලා ඉන්නෙ.මේ වගේ පෝස්ට් දාලා අපිව රවට්ටනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි තොප රවටන අදහසක් සිහිනෙනුදු මසිත නොවීය,නිස්පාවෙනි, හුදෙක් දඩයක්කාරයාගෙන් මඳ ඉසුඹුවෙක් ගත්තා පමණි, නොබා සිටිනු මැන.

      Delete
  7. මාර විදියට දැනුනා. මගේ අත්දැකීම් වලින් සමහර ඒවා මෙතන ලියවිලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, ඇවිද්ද පය......ස්තූතියි,

      ඔබ සාදරයෙන් පිළිගනිමි...

      Delete
  8. Replies
    1. මොකක්ද දැන් මන්දා?.....:) :)

      Delete
  9. එකම එක ප්‍රශ්ණයයි

    //එසඳ, මම බලා සිටියෙමි.//

    ඇයි බොහෝ වෙලාවට පිරිමියෙක්ට විතරක් මෙහෙම හිතෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. //එකම එක ප්‍රශ්ණයයි

      //එසඳ, මම බලා සිටියෙමි.//

      ඇයි බොහෝ වෙලාවට පිරිමියෙක්ට විතරක් මෙහෙම හිතෙන්නේ ?//

      මොකද කොච්චර ආදරේ උනත් එක පෙන්නන්නේ නැතිව (මොන හේතුවකටද මන්ද) හිතේ ගුලි කරගෙන දරදඬු විදියට ඉන්න හදන්නේ ගොඩක් වෙලාවට පිරිමි නිසා.. අර පොඩ්ඩි කොඉ වෙලෙත් කියන්න වගේ ගෑනු ළමය් හැමතිස්සෙම ආදරේ පෙන්නන්නත් විඳින්නත් බොහොම කැමතිනේ ..මට තේරුම් ගන්න බැරි සමහර පිරිමි අච්චර ආදරේ හිතේ තියන් පෙන්නන්නේ නැතිව නිකන් දෙන්නටම දුක් දීගන්නේ අය් කියල ..

      Delete
    2. ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෙම නෑ කියනවනේ බං.. ආදරේ වුනත් එහෙම තමයි.. වැඩිය පෙන්නන්න ගියාම අගයක් නැතිවෙනවා.. අනෙක බොලාට පිරිමින්ට බනින්න කියලා හේතුවකුත් තියෙන්න එපායැ.. පොඩ්ඩක් හිතන්න බලාන්ට අපිත් ගෑණු උදවිය වගේ 24/7 ආදරේ පෙන්නන්න ගියානං ඔය පිරිමින්ව පට්ට ගහන බ්ලොග් කීයක්නං වැහෙයිද කියලා.. :)

      Delete
    3. එතකොට ඉතින් ඒවායේ පිරිමින්ගේ ගුණ වයලා ඉවරයක් නැතිවෙයි. වැහෙන එකක් නම් නෑ.:)

      Delete
    4. @ නවම්,

      / එකම එක ප්‍රශ්ණයයි/

      //එසඳ, මම බලා සිටියෙමි.//

      / ඇයි බොහෝ වෙලාවට පිරිමියෙක්ට විතරක් මෙහෙම හිතෙන්නේ ? /

      මේකට උත්තරෙත් දීල තියනව නවම්, ඩෙස්මන්ඩ් මොරිස්....සරලව කිව්වොත් පිරිමි සහ ගැහැණු අතර තියනව මල්ලි මූලික වෙනසක්....හැම දේකම....ආදරය සෙනෙහස දැක්වීම ඒ වගේම ප්‍රදර්ශන කිරීම, ඔය හැමදේකම තියනව ඒ වෙනස....There is a fundamental difference between men & women, A slight but all the same an important difference,ඒ වෙනස ඇති වෙලා තියෙන්නෙ නිකම්ම නෙවෙයි...පරිණාමයේදී නොනැසී පැවැත්ම පිළිබඳව ඉතාම වැදගත් ජීව විද්යාත්මක ඒ වගේම සමාජීය සාධකයක් හැටියට. A stable relationship is when a man & a woman complement each other while maintaining that fundemental difference.

      ඒ වෙනස ඇති වුනේ පරිණාමයේදී..... පිරිමියා සහ ගැහැණිය ට වෙන්වූ පැහැදිළිව වෙන් වූ කාර්ය භාරයන් තිබුනා.අද වෙලා තියෙන්නෙ ඒ කාර්ය භාරයන් වෙනස් වෙලා සංශෝධනය උනාට මූලික සිතුම් පැතුම් වෙනසක් වෙලා නැති එක තමයි මේ බහුතරයක් පිරිමි සහ ගැහැණු අතර සබඳතා අර්බුදයට යන්නෙ කියලයි මට හිතෙන්නෙ.....

      Delete
    5. @ බූරා
      අය් ඒවගේම අනිත් පැත්ත වෙනත් පුළුවන්.. කොල්ලෝ ආදරේ පෙන්නන්න ගත්තම කෙල්ලෝ දාල යන එක අඩුවෙලා එතකොට කෙල්ලෝ දාල ගිහින් අඬන කොල්ලන්ගේ බ්ලොග් කීයක් වහෙඉද? එතකොට මේ දෙවිදියටම බ්ලොග් 75% විතර වහෙඉ.. :)
      අවසන් නිගමනය - සාහිත්‍ය කලාවේ සහ බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා කොල්ලෝ ආදරේ හන්ගගෙනම ඉදීම යහපත්ය

      Delete
    6. ආන්න යාන්තං උඹට තේරුනා.. :D

      Delete
  10. මේ මොකද්ද බොල..!!?? කතාව අතරතුර ඇඩ් එකක්ද..??

    ReplyDelete
    Replies
    1. .@ Burtheno,

      හෙහ්, හෙහ්, එහෙම එකක් වගෙත් කියල කියන්ටත් පුලුවන් වෙයි කියල හිතෙනවත් වගෙ තමයි මලේ....:) :)

      ( ඔය උඩිං තියෙන වාක්කිය තේරෙන්නෙ නෑ වගේ නං වැඩිය ඒ ගැන මහන්සි වෙන්න එපා , හොඳද?.....අන්තිම හරියට යනකොට මට තේරුනෙත් නෑ මොකක්ද මේ කියන්නෙ කියල......)

      ඊළඟ කතාවෙ ඇඩ් එකක් ද කියල ඇහුවම මට පරන සීන් ඒකක් මතක් උනා.අපි ඉස්කෝලෙ යන කාලෙ ෆිල්ම්ස් පෙන්නද්දි ඉස්සරහට එන එව්වයෙ කෑලි පෙන්නනව ඉන්ටර්වල් එකෙන් පස්සෙ....එව්වට කිව්වෙ Trailers කියල...තාමත් එහෙම පෙන්නනවද නම් මන්ද හෝල් එහෙකට ගිය කාලයක් මතක නැති නිසා :( :(

      ඒ දවස් වල කොම්පඤ්ඤ වීදියෙ තිබ්බ Film Hall එකක් Rio එකත් එක්කම...නම මතක විදිහට Navah ද කොහෙද?...ඕකට එන්නෙ දෙමළ ෆිල්ම්ස් විතරමයි...ඔන්න Lady Chatterly's Lover ෆිල්ම් එක එනවයි කියල අපි දත මැදගෙන ඉන්න කාලෙ...Sylvia Kristel තමයි ඒකෙ රඟපෑවෙ...

      ඔන්න ආරංචියක් ආව අර දෙමළ ෆිල්ම්ස් පෙන්නන හෝල් එකේ Lady Chattely's Lover එකේ Trailer එක දානවයි කියල...පහුවදාම පැන්න ඉස්කෝලෙං 10.30 ෂෝ එකට 9.30 වෙනකොට හෝල් එක ගාව...අප්පට සිරි එතන නෙව වැඩේ...සුදු ඇඳ ගත්තු කොල්ලො සූ ගාල හෝල් එක වටේ....බස් වල යන එවුනුත් ඔළුව ද දා බලනව මේ මොකෝ මේ දෙමළ ෆිල්ම් එකක් බලන්ට මෙච්චර ඉස්කෝල කොල්ලො කන්දරාවක් කියල...එදා කොහොම හරි හෝල් එක කට කපල හිටියෙ ඉස්කෝල කොල්ලො.....මම හිතන්නෙ දෙමල කස්ටිය බර ගානක් එදා ටිකට් නැතුව ආපහු ගියා අපෙ අම්මල මතක් කර කර...හෙහ්, හෙහ්,

      Delete
    2. අර නිරීක්ෂක තැනට උත්තරයක් දුන්නා ඕං.. මේං මෙතනින් ගොහිං බලාන්ට

      Delete
    3. බැලුව බොල බැලුව බැලුව....උඹ නම් එලම බුවෙක්..හෙහ්, හෙහ්, ගුරුළුගෝමී පඬිතුම නැවත උත්පත්තිය ලබා ඇති සෙයක් දෝ හෝයි මසිත සැකයෙකි. එහෙත් නීරීක්ෂක තෙමේ ගෙන් ඊට පිළිතුරක් නම් බලාපොරොත්තු නොවෙව. ඒ නුණුවන පුඟුල් තෙමේ මෙවන් හරබර සටහනක් හුදෙක් කියවා ගන්නට පවා අසමත් බවට මම මගේ දිවි පරදුවට තබමි...හෙහ්යැ, හෙහ්යැ...

      Delete
  11. මොකද අය්යේ හිටපු කමන් වයර් මාරු උනාද? නැත්තන් අර කිව්වත් වගේ අතරමගදී පෙන්වන ඇඩ් එකක්ද ඊළඟ කතාව ගැන ..

    ReplyDelete
    Replies
    1. පොඩි වෙනසකටත් එක්ක ලිව්ව බං...හිත දිගටම බර වෙලා තිබ්බමත් අවුල් නෙව...හෙහ්, හෙහ්,

      Delete
  12. එසද කියල දැක්කම මට මතක් වුනේ වැලහින්නකට පෙම් බැදිමි කතාවේ 'ලසද' ව

    ජය !

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි ගජ.....'' වැලහින්නකට පෙම් බැඳීමි ''....සික්, එහෙම පොතක් තියනවද බං?....ඔන්න බලාපංකො ඉතිං , මම මගෙයි අපේ ලොක්කිගෙයි ප්‍රේම කතාව පබ්ලිෂ් කරන දවසට ඒකට දාන්ට හිටියෙ ඔය නමම නෙව....ශිස්..දැං හොයාපංකො ඉතිං වෙන නමක්....:( :(

      Delete
    2. අප්පද බොල උබ ඒ කතාව දන්නෙ නැද්ද ?

      http://samindikasrimantha.blogspot.com/2012/03/4.html

      ඒකෙ රචකයා මම බොල..

      Delete
  13. /*අවපස වූ සඳ ටිකෙන් ටික මෝරා වක පසළොස සම්පූර්ණ වූයේ මේ අතරදීය.*/

    ඒක තමයි මේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන්නෙ. :D ;-)

    ලස්සන වෙනස් කතාවක් රවි අයියේ. අපි දඩයක්කාරයා ආයෙ එනකල් ඉවසිල්ලක් නැතුව බලං හිටියත් ඉතිං කමක් නෑ. උන්දැටත් මහන්සි ඇති නෙව කාලය හරහා අතීතෙටයි වර්තමානෙටයි මාරුවෙන් මාරුවට ගිහිං.

    මේ කතාවෙ දෙන්නෙක් හිටියට දෙබසක් (dialogue එකක්) නෑ, monologue එකක් විතරයි තියෙන්නෙ. අනිත් එක්කෙනා බලා ඉඳලා විතරයි. ඒක තමයි කතාවෙ අමුත්ත, විශේෂත්වය. ලස්සනයි. ඒත් හිත බරයි. බලා හිටිය 'මම'ගෙ ඇස් දෙකවත් කතා කරන්න ඇතිනෙ. ඒ කතාව 'ඇය'ට ඇහුනෙ නැත්තෙ, පෙනුනෙ නැත්තෙ ඇයි. අපරාදෙ. බලෙන්ම ආපු කෙනෙක් අනිත් කෙනා එයාගෙ ඒ පැමිණීම පිළිගත්තට පස්සෙ ආයෙ තනි කැමැත්තෙන්ම පිට වෙලා යන එක වැරදියි, පව්.

    ReplyDelete
    Replies
    1. // බලා හිටිය 'මම'ගෙ ඇස් දෙකවත් කතා කරන්න ඇතිනෙ. ඒ කතාව 'ඇය'ට ඇහුනෙ නැත්තෙ, පෙනුනෙ නැත්තෙ ඇයි. //

      ආන්න නගේ උඹටත් අපූරුවට තේරිලා තියෙන්නෙ.. සමහරු හිතාන ඉන්නෙ වචනවලින් විතරයි කතාකරන්න පුළුවන් කියලා.. ඉතිං බරබරේලු ආදරේ පෙන්නන්නෙ නෑ කියාලා..

      Delete
    2. @ Siththami,

      / ඒත් හිත බරයි. බලා හිටිය 'මම'ගෙ ඇස් දෙකවත් කතා කරන්න ඇතිනෙ. ඒ කතාව 'ඇය'ට ඇහුනෙ නැත්තෙ, පෙනුනෙ නැත්තෙ ඇයි. අපරාදෙ. බලෙන්ම ආපු කෙනෙක් අනිත් කෙනා එයාගෙ ඒ පැමිණීම පිළිගත්තට පස්සෙ ආයෙ තනි කැමැත්තෙන්ම පිට වෙලා යන එක වැරදියි, පව් /

      මෙතන කවුරුවත් වැරදි නැහැ නංගි....අසමාන සංඛ්‍යාතයන් දෙකකට තත් කම්පනය වන වීණාවන් දෙකක් කියල හිතන්න....එතකොට කවුද වැරදි?....

      They were just two violins vibrating to two entirely different Wavelengths....so actually it's nobody's fault....that's life ...you have to accept it ....grin & bear it...:)

      Delete
  14. එසඳ, මමත් බලා සිටියෙමි....මෙලෝ දෙයක් පේන්නේ නැතිය කට්ට කළුවරය.....

    යන්නේ කොහෙද මල්ලේ පොල් වත් නැතිය...මේ මට හිතුනු හැටි..

    ReplyDelete
  15. ඔයා නොදන්නවට ආයේ දවසක මම ආව අපි ආ පාරේ අන්තිමට හමුවුණු මං සන්දියට.
    ඒත්...
    ඒ වෙද්දී ඔයා එතන නැහැ. ඔයා වෙන පාරක් හොයාගෙන යන්ට ගිහින්.
    මට අහන්ට තියෙන්නේ මෙච්චරයි.
    ඇයි මම යද්දී දුවල ඇවිත් මාව අල්ලාගත්තේ නැත්තේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රත්‍යාවලෝකනයේදී ජීවිතයේ වැරදුනු තැන් යයි එකහෙලා තීරණය කල හැකි සිදුවීම් මගේ ජීවිතයේ ඇත්තේ අතළොස්සකි.එදවස ඔබ මා හැරදා ඈතින් ඈතට පියනඟනු එසඳ මම බලා සිටියෙමි.එසේ නොකොට ඔබ විමසූ පරිදි ඔබට මා අතැර පළායාමට ඉඩ නොදී ඔබ වැළඳ මවෙත රඳවා නොගත්තේ මන්ද යන පැනය මම එදා මෙදා තුර මගෙන්ම විමසූ වාර අනන්තය. අප්‍රමාණය.ජීවිතයේ පැහැදිලි පිළිතුරු නොමැත්තා වූ එසේ නොමැති නම් එකිනෙකට හාත්පසින්ම විරුද්ධවූ පිළිතුරු රාශියක් ඇත්තා වූ ද ප්‍රශ්න ඇත්තේය.මම ඒ පැහැදිලිවම වටහාගෙන ඇත්තෙමි.මේ ද එවැන්නක් සේ හඟිමි.

      එසඳ මම බලා සිටියෙමි....එසේය, එසඳ මම ඔබ මාවෙතින් ඉවත්ව යනයුරු මගේ ජීවිතයෙන් සමුගෙන යනයුරු බලා සිටියෙමි.

      අද ද මම එසේ එසඳ මම බලා හුන් අයුරු දෙස බලා සිටින්නෙමි. කඳුළු පිරි දෑසින් යුතුව බලා සිටින්නෙමි....

      Delete
  16. හිත වාවන්නේම නෑ
    ඔබ ආයෙත් එන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. මා හිස පිරිමැද,
      නැවත නො එන්නට,
      ඔබ වෙන් වී ගියදා,

      සටහන් නැත මැකිලා,
      ඒ නික්මන් ගමනේ.....

      Delete
  17. මම අකැමැතිම පිරිමි ගතිගුණයක් ගැන හිතේ තියෙන අකැමැත්ත දුරු කර ගන්න මේ පෝස්ට් එක නිසා පුලුවන් වුනා.

    පිරිමි අය කටක් ඇරල එක වචනයක් නොකියන එක සමහර වෙලාවට හිතට ම බරක්. එක්කෝ ඔවු එක්කො නැහැ කියහන් එහෙමත් නැහැ.

    සමහර වෙලාවට නැහැ කියන්නෙ නැහැ හිත රිදෙයි කියලා.ඔවු කියන්නෙ නැහැ හේතු අහයි කියලා.අනේ මන්දා.

    ගොඩක් වෙලාවට උත්තර “හ්ම් හ්ම් “ වුනාම කේන්තිත් යනවා. මෙතනදි නම් පිරිමි කෙනාට උත්තරයක් හිතාගන්නත් කලින්ම හැමදේම සිද්ධ වෙලා ඉවරයි වගේ...

    අයිය ඔයා මේ කතාව ලස්සනට ගලපල. අනික අයියගෙ කතා එකිනෙකට වෙනස්.ඒ නිසයි මේව වටින්නේ.

    ReplyDelete
    Replies
    1. / මම අකැමැතිම පිරිමි ගතිගුණයක් ගැන හිතේ තියෙන අකැමැත්ත දුරු කර ගන්න මේ පෝස්ට් එක නිසා පුලුවන් වුනා. /

      හප්පච්චියේ ඒත් මදෑ බොල...හෙහ්, හෙහ්,

      මොකද්ද බං ඒ ගතිගුණේ?....බලා ඉන්න එකද?.... :) :)

      / පිරිමි අය කටක් ඇරල එක වචනයක් නොකියන එක සමහර වෙලාවට හිතට ම බරක්. එක්කෝ ඔවු එක්කො නැහැ කියහන් එහෙමත් නැහැ. /

      නිසල මහ කන්ද මම,....... මතකයි නෙවද?.......හෙහ්, හෙහ්,

      / සමහර වෙලාවට නැහැ කියන්නෙ නැහැ හිත රිදෙයි කියලා.ඔවු කියන්නෙ නැහැ හේතු අහයි කියලා.අනේ මන්දා. /

      ජීවිතය සම්බන්ධ බහුතරයක් ප්‍රශ්න, එහෙම ඔව් නැත්නම් නෑ කියල සරලව පිළිතුරු දෙන්න පුලුවන් ප්‍රශ්න නෙවෙයි වත්....:( :(

      / ගොඩක් වෙලාවට උත්තර “හ්ම් හ්ම් “ වුනාම කේන්තිත් යනවා. මෙතනදි නම් පිරිමි කෙනාට උත්තරයක් හිතාගන්නත් කලින්ම හැමදේම සිද්ධ වෙලා ඉවරයි වගේ...  /

      “හ්ම් හ්ම් “ :) :)

      / අයිය ඔයා මේ කතාව ලස්සනට ගලපල. අනික අයියගෙ කතා එකිනෙකට වෙනස්.ඒ නිසයි මේව වටින්නේ. /

      බොහොම ස්තූතියි වත් .......:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...