Tuesday, March 13, 2012

107. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....5






දඩයක්කාරයාගේ කතාව .....1

දඩයක්කාරයාගේ කතාව .....2

දඩයක්කාරයාගේ කතාව .....3

දඩයක්කාරයාගේ කතාව .....4

දඩයක්කාරයාගේ අතීතාස්මරණයන් තව දුරටත් ඉදිරියට ගෙන යාමට පෙර වර්තමාන කාලයට ඔබ කැඳවාගෙන ඒමට මට මොහොතකට ඉඩ දෙන්න ප්රිය සහෘදය,

මේ වෘතාන්තය ආරම්භයේදීම ගෙපැල පසුපස වනස්පතිය සෙවණේ ඇණ තබා සිටිනා දඩයක්කාරයා පිළිබඳව මා පැවසුවා ඔබගේ ස්මරණයට යළි කැඳවමි.

එසේ ඇණ තබාගත්වනම නිසොල්මන්ව ශෛලමය පිළිරුවක් මෙන් හුන් ඔහු වෙත, සත්ය වශයෙන්ම ඔහු වෙත නොව, ඔහු රැඳී හුන් නුග සෙවණ වෙත,මධ්යාහ්නයේ දැඩි හිරුරැසින් වළකිනු වස් ඇදී එමින් සිටි තලගොයින් යුවල ද ඒ පසුපසම ඒ හා සමඟම ඔබගේ මතකයට කැඳවමි.

වෘත්තාන්තයක් පැවසීමෙහිදී සියළු අඩු ලුහුඬුතා ප්රවේශමෙන් සොයා බලා ඒ සඳහා පිළියම් යෙදීම අත්යාවශ්යමයෙන්ම කල යුතු කාර්යයකි.නැතහොත් දඩයක්කාරයාගේ වෘත්තාන්තයේ උද්වේගකර කූට ප්රාප්තිය අවස්ථාවෙහිදී ඔබ කිසිවෙකුත් " අඩේ අයියෙ මොකද බං අර නුග ගහ ගාවට ආපු තලගොයි දෙන්නට උනේ? " විමසන්නට යෙදුනහොත් එයින් මාගේ චිත්ත ඒකාග්රතාව බිඳී ගොස් වෘත්තාන්තය ගොඩ නැඟීම අඩාල වී මහත් වූ කලබැගෑනියක් සිදු නොවේ යයි එකහෙලා සහතිකයක් දිය හැක්කේ කාටද?

ඉංගිරිසි භාෂාවෙන් මෙය හැඳින්වෙනුයේ Tying up loose ends යනුවෙනි

මවිසින් මේ ඉටු කිරීමට සූදානම් වනුයේ එවන් ලිහිල් අග්ර ගැට ගැසීමකි.

මේ එම තලගොයින් යුවල පිළිබඳව වෘත්තාන්තයේ පළමු කොටසේ සඳහන් වූ අන්දමයි.

දෙනෙත තදින් පියා සිටියද, අවට සිදුවන දෑ පිලිබඳව සංජානනය දඩයක්කාරයා මනාව ප්රගුණ කොට සිටියෙන් තමන් ඉදිරිපිට නිසොල්මන්ව හිටි පියවර තමා දෙස බලාසිටිනා සිව්පාවුන් දෙදෙන ඔහුගේ මනැසට හොඳින්ම ගෝචර විය.

දඩයක්කාරයා මනසින් අතීතයට , එනම් දශක සතරකට පෙර යුගයකට පිවිස සිටියේය. අතීත මතක සැමරුම් අතර සරන ඔහුගේ දෑස තදින් පියවී තිබිණි. වරින්වර මුවින් පිටවූ නොපැහැදිලි වදන් ද ක්රමයෙන් නෑසී ගියේය.අවට පැතිරි දැඩි නිහඬතාවය නිසාම චකිතය පහවූ තලගොයා තවත් මොහොතක් දඩයක්කාරයාගේ අචල රුව දෙස තම නෙරාගිය ඇස් දෙකෙන් බලා සිට අනතුරක් කිසිසේත්ම නොමැතිබවට සැකහැර දැනගත් පසු තම පියඹ ද සමඟ දඩයක්කාරයාගේ දකුණු පාදය අසලින්ම ගොස් වනස්පතිය සෙවණේ අඳුරු සෙවණැලි තුලට වැද ගත්තේය.

දඩයක්කාරයා මෙවිට සිටියේ ගෙපැල තුල සුපුරුදු ලෙස බිත්තියට පිටුපා ඇණ තබාගෙන මෑණියන් බෙදා දුන් රාත්රි ආහාරය ගිල දමමිනි. රාත්රියේ ඇසුණු කෙඳිරිලි හඬට ප්රතිචාර ලෙස කඩුවක් වන් ආයුධය ද සුරතින් මිරිකාගෙන ඔහු ගෙපැල තුලට කඩා වැදුනු සිද්ධිය ඔබට මතක ඇතැයි මම නිසැකවම විශ්වාස කරන්නෙමි මා සොයුර / සොයුරිය....

මේ එම සිදුවීමෙන් පෝය හත අටක් පමණ ගෙවීගිය පසු දිනයෙකි. එදින ඒ සිදුවීමෙහි එකම ප්රතිඵලය වූයේ මහ දඩයක්කාරයා ගෙපැලෙහි සිටිනා දිනවල දී බට පතුරු වියා තනාගත් දොර පැලැල්ලක් ගෙපැලෙහි එකම දොරකඩ ඇවිරීම පමණකි.පියා හෝ මව ඒ පිළිබඳව එකදු වචනයක් දඩයක්කාරයා සමඟ නොදෙඩුවෝය.

එදින සිදුවීමට එකහෙලාම සම්බන්ධයයි දඩයක්කාරයාට නිසැකවම තීරණය කිරීමට අපහසු වූ එහෙත් එසේ සම්බන්ධයයි ඔහු අනුමාන කලා වූ තවත් එකම වෙනසක් දක්නට ලැබිණි. එනම් මෑණියන්ගේ කුස කෙමෙන් කෙමෙන් ඉදිරියට නෙරා ඒමයි.

තඩිස්සි වුනු දෙපා කරන කොටගෙන ඇය මේ දිනවල ගෙපැල තුල පවා එහා මෙහා ඇවිද්දේ ද මහත් අපහසුවකිනි. පසුගිය සති දෙක තුන පමණ මහ දඩයක්කාරයා පුරුද්දක් ලෙස රාත්රියේ විශේෂයෙන් ද දිවා කාලයේ හැකි සෑම විටකම ද ගෙපැලේ රැඳී සිටියේය. රාත්රි අහර ද බොහෝ විට පිළියෙල වූයේ ඔහු අතිනි.

එදින ද රාත්රී අහරින් පසු සුපුරුදු ලෙස පොරෝනය තුලට ගුලි වූ දඩයක්කාරයා නින්දට වැටීමට උත්සාහ දරමින් සිටියේය. වැසි සමය ගෙවී ගොස් තිබූ බැවින් අහසෙහි එකදු වලාකුලකුදු නොවීය. පෝය ගෙවී ගියේ දින දෙකකට එපිට බැවින් ගෙපැල ඉදිරිපස කොහොඹ ගසෙහි අතු පතර මඳ සුළඟින් සැලෙන අයුරු පවා පිල් කොමුවෙහි දිගාවී හුන් දඩයක්කාරයාට යාන්තමින් පෙණිනි.

සිරුර පිසගෙන හමාඑන සිහිල් මඳ සුලඟේ පහස විඳිමින් සිත නිදහසේ ඉපිල යාමට ඉඩහල දඩයක්කාරයා නින්දට පිවිසියේ කුමන මොහොතකදැයි ඔහු නොදත්තේය.

එක්වරම ඔහු අවදිවූයේ කුමන හේතුවක් නිසා ද යන්නද නොදත් නමුදු ඒ පෙර දිනයක මෙන්ම සවනට වන් යම් ශබ්දයක් නිසා බව ඔහුට සහතිකය.

පසුගිය වතාවේ මෙන් නොව මෙවර ඔහුට නිසොල්මනේ යලි ඒ ශබ්දය නැඟෙන තෙක් බලාපොරොත්තු වීමට කිසිසේත් සිදු නොවීය.

නොකඩවා නැඟෙන කෙඳිරිල්ල ඇසෙනුයේ ගෙපැල තුලින් බවට ඔහු තුල කිසිදු සැකයකුදු නොවීය.

මෙවර කෙඳිරිල්ලට හේතුව හාත්පසින්ම වෙනස් කරුණක් බව ද ඔහු සැක හැර දත්තේය. එය දන්නේ කෙසේ ද යනු කිසිම අදහසක් නොමැති වු වද ඒ එසේම බව ඔහු සැක හැර දත්තේය.

එසේම පසුගිය වතාවේ මෙන් සංත්රාසයක් හෝ අවිනිශ්චිතතාවයක් නොව මෙවර ඒ කෙඳිරිල්ල ඔහු සිතට ගෙන ආවේ ශෝකයක්, සන්තාපයක් වැනි හරිහැටි විස්තර කරලීමට කිසිසේත්ම නොහැකි හිස් වූ හැඟීමෙකි.

සෙමින් පොරෝණය ඉවත් කොට නැඟී සිටි හෙතෙම ගෙපැලෙහි දොරටුව වෙත සෙමෙන් ළඟාවිය. දොරටුව ආවරණය කල බට පැලැල්ල දැනට සෑහෙන කලක සිට දොරටුව අසල බිත්තියට හේත්තුකොට තිබුණා විනා ඉන් දොරටුව වැසීමක් නොවුනු බව හදිසියේම ඔහුට සිහිවිය.

ඉන් ගම්යවන්න කුමක්දැයි විමසීමට වෙහෙස නොවුනු දඩයක්කාරයා සෙමින් කිසිදු හඬක් නොනැගෙනසේ පියවර තබමින් ගෙපැලට ඇතුළු විය.

මතු සම්බන්ධයි........

42 comments:

  1. /*අවට පැතිරි දැඩි නිහඬතාවය නිසාම චකිතය පහවූ තලගොයා තවත් මොහොතක් දඩයක්කාරයාගේ අචල රුව දෙස තම නෙරාගිය ඇස් දෙකෙන් බලා සිට අනතුරක් කිසිසේත්ම නොමැතිබවට සැකහැර දැනගත් පසු තම පියඹ ද සමඟ දඩයක්කාරයාගේ දකුණු පාදය අසලින්ම ගොස් වනස්පතිය සෙවණේ අඳුරු සෙවණැලි තුලට වැද ගත්තේය.*/

    මට අපේ අම්මලගෙ ගෙදර ඉන්න පූස් පැටියව මතක් උනා. එයා තාම අපිට හුරු නෑ. ලොකු පූසි ඉන්න වෙලාවටනං චණ්ඩි පාට් දානවා අපිට පේන්න. නැති වෙලාවට හොරෙන් හොරෙන් බල බල තමයි යන්නෙ. හෙල්ලෙන් නැතුව පිළිමයක් වගේ හිටියොත් ඔන්න ටිකක් ලඟට එනවා. පොඩ්ඩක් හරි හෙල්ලුනොත්, නැත්තං වචනයක් හරි කතා කළොත් ආයෙ හැරිලා පණ එපා කියලා දුවනවා. බ්‍රේක් නැතුව සිමෙන්ති පොළොවෙ දුවන දිවිල්ල තමා ලස්සන. :D :D :D

    ReplyDelete
    Replies
    1. මොන එකක්ද මන්ද මට බලල්ලු පෙන්නන්න බෑ. බලල් තඩියෙක් දැක්ක ගමන් එළෝල දාන්නමයි හිත.....හෙහ්, හෙහ්,

      ඒක නෙවෙයි දැං කොහොමයි....හිරවෙන්නෙ නැතුව එක හුස්මට කියෝගෙන ගිහෑකි නේද?.....

      Delete
    2. /*ඒක නෙවෙයි දැං කොහොමයි....හිරවෙන්නෙ නැතුව එක හුස්මට කියෝගෙන ගිහෑකි නේද?.....*/

      රචක තෙමේ වෙත අප විසින් කරන්නට යෙදුනා වූ කාරුණික ඉල්ලීම* වූයේ සරල දිවි පෙවෙතක් ගෙවන, ගැඹුරු ආධ්‍යාත්මයකින් හෙබි මේ සොඳුරු දඩයක්කරුගේ ජීවන වෘතාන්තය ගෙන හැර පෑමෙහි ලා සුළු දෙබස් ඛණ්ඩ කිහිපයක් ඇතුළත් කරනා මෙන්ය. එහෙත් මෙතෙකුදු එවැන්නක් සිදු කර නොමැති බැව් පෙනී යන සෙයකි. මෙහි දැකිය හැකි එකම දෙබස් ඛණ්ඩය වනුයේ හුදී රසික සමූහයා වෙතින් මතු යම් දිනෙක නගන්නට යෙදෙනු ඇතැයි අනාගත වක්තෲන් කෙනෙකු මෙන් සිය දිව්‍ය ඥානයට හසු කරගන්නට සමාර්ථ්‍ය වූ රචක තෙමේ විසින් මෙම වෘතාන්තයට කිසි සේත් නොගැලපෙන පරිදි එකතු කරන ලද දෙබස් ඛණ්ඩයකි. එබැවින් ඔබ විසින් අසා ඇති මෙම පැනය දැඩි සේ අසාධාරණ බව එක හෙළා ප්‍රකාශ කරමි.

      * මෝල්ගස් අරං ආවෙ ඉතිං පස්සෙනෙ, මුලින්ම කරපු ඉල්ලීම කාරුණිකයි හොඳද :D

      Delete
    3. උඹේ අටුවාව කියවද්දි මට මතක් උනේ සිත්තමියෙ මේං මේ කතන්තරේ.....හෙහ්, හෙහ්,

      ඔන්න එක කැලේම හිටියලු නරියෙක්..මේ නරිය දවසක් කිට්ටු උනාලු කැලේම ඉන්න සද්දන්ත අලිය ලඟට. කිට්ටු වෙලා ඇහුවලු මෙන්න මෙහෙම බොහොමත්ම ගාම්බීර තාලෙට,

      '' මේ අලිරාලේ උඹ දන්නවද මේ කැලේටම ලොක්ක කවුද කියල? ''

      මේ පොරටෝක් එක ඇහුනම අලියට උන්න මලා පේන්නෙ නැතුව ගියාලු...

      නරියට දුන්නලු පිට මැද්දට හොඬ වැලෙං පාරක් මල මුත්තරා පහවෙන්ට......ඒ කරල උස්සල අරෙගෙන කරකවල වීසික්ක කොරාලු පත ගහක කඳේ වදින්ට...

      ඒ කරල අලිය යන්ට හැරෙනකොට නරිය බොහොම අමාරුවෙන් බඩගාගෙන ආවලු ලඟට....ඒ කරල කෙඳිරි ගගා කිව්වලු මෙහෙම.

      '' මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑනෙ තාම.....උත්තරේ දන්නෙ නැත්නම් නෑ කියන්ට තිබ්බ නෙව...ඕකට ඉතිං හෝස් පයිප්පෙං කෙලින්ට ඕන නෑ නෙව...''

      Delete
    4. ඉතිං සීයෙ ඊටපස්සෙ අලියා මොකෝ කිව්වෙ?

      Delete
    5. අලිය කිව්වෙද?....අලිය කිව්වෙ මේං මෙහෙමලු.....මයෙ මිණිබිරියෙ....

      '' ම‍යෙ වාගෙම ගතිගුණ තියෙන ලමිස්සියක් ඉන්නව සිත්තමීය කියාල...උඹ ගිහිං එයයිගෙං අහගං උත්තරේ....හුහ්....''

      Delete
  2. dසෑ අර කලින් තිබ්බ ගතිය නෑ බන් දැන්................!

    මාගේ විරෝධය......................!

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නිශ්, මොකෝ කොරන්නෙ?....මේ ලලනාවොන්ට අපාසුයි කියනවනෙ එහෙම ලිව්වම.....ඉන්නකො පොඩි Compromise එහෙකට එමු ඊලඟ කොටසෙ ඉඳල.

      Don't misunderskirt, Okay, Nish?

      Delete
    2. අම්මප ඇත්ත.. මේක නිකංම නිකං අටුවාවක් වගේ වුනා නෙවැ ඒ පාර.. අර තිබිච්ච ගාම්භීර ගතිය කොයින් ගියාද නෑ..

      මං කියඤ්ඤා බොල, උඹ මේකෙ වර්ෂන් දෙකක් ලියහං රවිඅයියෙ.. ඔය සිංහල වචන ගලනාලෙ හිරවෙන ලලනාවන්ට එකයි, අපි වගේ උගත් බුද්ධිමත් පාඨකයන්ට එකයි.. :)

      Delete
    3. @ Buratheno,

      අම්මප ඒකත් මරු කම්පනාව බූරෙ, ඉඳහංකො එහෙමවත් කොරල බලන්ට...

      Version 1 - A simply & uncomplicatedly written narrative for සුකුමාල රූමත් තරුණ කාන්තාවන්ට,

      Version 2 - A much more sophisticated & discerning chronicle for erudite, acedamic type intellectuals

      ඒත් පොඩි කොස්සකට තියෙන්නෙ. අර ලොකු හාංදුරුවො කිව්වෙ '' වැඩේ නං අපූරුයි පොඩි නම ...ඒත් ********** " කියාල...අන්න ඒ වගේ මේ රාජකාරි වලිං ඔලුව ගිනි අරං තියෙන අල්ල පනල්ලෙ වර්සං දෙකක් ලියන එක තමයි විරවපට්ටං ගැහෙන වැඩේ.... :(

      Delete
    4. //අපි වගේ උගත් බුද්ධිමත් පාඨකයන්ට// Hikz

      Delete
  3. මෙහෙම දෙයක් ලියන් හිතුන උබ මාරයි නොවැ..

    ජය පතමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම්......බැද්දේගම, සුදු ගෝනා, සුදු වැද්දා, වන සරණ,මැකීගිය දඩමං එතනිං ගිහාම සංසාරණ්‍යයේ දඩයක්කාරයා, සංසාරණ්‍යය අසබඩ, සුද්දිලාගේ කතාව , මම හරිම ආසාවෙන් කියවපු වනගත ජීවිතයට සම්බන්ධ කතා......දඩයක්කාරයෙක් මගෙ හිතේ හැමදාම ජීවත් උනා....ඒ දඩයක්කාරය තමයි මේ....

      Delete
    2. ඔය ලලනා උන්දැල හින්දා ඒ දඩයක්කාරය මරන්න එපා බන්...
      ඌව උගේ විදිහටම එලියට දාපන්.

      ඔය ලලනා කට්ටියත් අපි වගේ බුද්ධිමත් කියවන්නො වෙන්න ට්‍රයි කොරයි නේ අඩුම ගානෙ අර හැමදාම වගේ පරාද වෙන්න අකමැති කම හින්දා වත්.:D

      Delete
    3. / ඔය ලලනා කට්ටියත් අපි වගේ බුද්ධිමත් කියවන්නො වෙන්න ට්‍රයි කොරයි නේ අඩුම ගානෙ අර හැමදාම වගේ පරාද වෙන්න අකමැති කම හින්දා වත්.:D /

      උඹ මලේ එකත් එකටම පෙලවහක් කොරගෙන නැතුව වෙන්න ඕන තාම නේද?....හෙහ්, හෙහ්, නැත්නම් ඔය වගෙ කතාවක් කියන්නෙ නෑ...

      මොන සමයංද බාං.....අර අපෙ ගෙදර ඉන්නව ලලනාවක්.....දැන් පුරා සොළොස් වසක් වෙනව මට බැරිඋනා තාම පොතක් අතිං අල්ලන්ට පුරුදු කොරන්ට...ආහ්, එහෙම කියන එකත් හරිම නෑ එක අතකට...එයැයිතුත් පොත් අල්ලන්නෙ නැතුවම නෙවෙයි...

      '' මොකක්ද මනුස්සයො මේ විකාරෙ?.... කොයි වෙලේ බැලුවත් පොතක් දිහාගෙ එබිච්ච ගමම්මයි, ''

      ඔන්නොහොම කියල මයෙ අතේ තියන පොත ඇදල අරං මිදුල දිහාට විසික්ක කොරල දාන්ට විතරයි ඒ ලලනාව පොතක් අතිං අල්ලන්නෙ....හෙහ්, හෙහ්,

      ප.ලි - මේ දවස්වල පැණිදෙනිය දිහාවෙ ඉන්ටනෙට් ඔක්කොම ෆුල් අප්සෙට්....හෙට හවහට තමයි හැදෙන්නෙ,...ඒකයි...මේ....හෙහ්, හෙහ්, එහෙම නැතුව උඹල හිතාපු විදිහට හිටපු ගමං මට මේ ලෝකෙ උන්න ඇතිවෙලා එහෙම නෙවෙයි ඔන්න......මේ කමෙන්ට් එක විජහට කියවපල්ල, හෙට උදේම මකල දානව...

      Delete
    4. බලාන ගියහම මේ ලලනාවො ඔක්කොම එකයි නේ බන් අයියෙ..

      සොලොස් වසක් නුවුනට මමත් ඕක අත්විඳිනවනෙ බන්....
      ආසාවට පත්තරයක් අතට ගත්තොත් පටාන් ගන්නව......:D:D:D

      ඔන්න මන් නම් රවි අයියා උඩහින් උන්දැගෙ ප්‍රිය භාර්යාවට බැනල ලියල තිබ්බ කොමෙන්ට් එක කියෙව්ව.............:D:D:D

      Delete
    5. / බලාන ගියහම මේ ලලනාවො ඔක්කොම එකයි නේ බන් අයියෙ../

      / සොලොස් වසක් නුවුනට මමත් ඕක අත්විඳිනවනෙ බන්....

      / ආසාවට පත්තරයක් අතට ගත්තොත් පටාන් ගන්නව......:D:D:D /

      එහ්, උඹටත් එහෙමය?.....Welcome to the club, Nish, Welcome....heh, heh,

      / ඔන්න මන් නම් රවි අයියා උඩහින් උන්දැගෙ ප්‍රිය භාර්යාවට බැනල ලියල තිබ්බ කොමෙන්ට් එක කියෙව්ව.............:D:D:D /

      ඔන්න කොල්ලො උඹ කොරපු වැඩෙං වෙන්නෙ හෙට උදේ මගෙ කමෙන්ට් එකත් එක්ක උඹේ මේ කමෙන්ට් එකත් මකලා දාන්ටයි වෙන්නෙ...හෙහ්, හෙහ්,

      අනික එක කවුද බොල බැන්නෙ?....මම ඒ බැන්න නෙවෙයි බං, එතුමියගෙ මා කෙරෙහි ඇති බලවත් පෙරේමය, ආදර කරුනාව, අපරිමිත සෙනේහෙ ගැන මගේ ඉස්තූතිය නෙව පල කලේ....හෙහ්, හෙහ්...

      නැත්තං උඹ ඕන පොතක් බලාගනිං මයෙ මොකෝ?....කියල ගිහිල්ල ඇඳට නැඟල ඔලුවෙ ඉඳං පොරෝගෙන උන්දැ බුදියගත්තනං මයෙ හිතට මොන තරං සතුටක්....හප්පොච්චියේ නෑ, නෑ, මයෙ හිතට මොන තරං වේදනාවක්ද ඒක... :(

      Delete
  4. අදෝමැයි වියක්ත රචනාවකට කුලස්තීන් සමූහයක ඇල්ම බැල්ම වැටීම මත සිදුවූ නස්පැත්තියක්...

    ReplyDelete
    Replies
    1. මොකදෑ කොරන්නෙ සිතුවම් මලේ....අපි අසරණයි නෙව....මුන්දැල ඇතුවත් බෑ නැතුවත් බෑ කියල තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයො කියාල තියෙන්නෙ කට කහනවට නෙවෙයි නෙව...හෙහ්, හෙහ්,

      Delete
  5. මොකක්ද අප්පා මේ වෙන්න යන සිද්දිය.. මට නම් තාම නෑ නොව සිංහලෙන්ම කියනවනම් clue එකක් මොකාටද මේ දඩයක්කාරයා එන්න හදන්නේ කියල.. මේ ටිකේ වැඩ වැඩි නිසා හදිසියෙන් කියෝන නිසාද නැත්තන් උපත්තියෙන්ම මොලේට වැඩිපුර යන්නේ මල් කතා විතරක් හින්දමද මන් දන්නේ නෑ ..

    ReplyDelete
    Replies
    1. මොකක්ද උඹට නෑ කිව්වෙ?...කුලූ....දෙයියෝ සාක්කි ගෙදර නැතේ කුල්ලක්?

      / දොරවල් නොතිබුණු ඒ කාලේ ගමේ ගෙවල් වල කුල්ලක් ගෙයි උළුවස්ස ගාව හරස් කරලා තියෙනවා දැක්කොත් ඒ වෙලාවට පිට කවුරුත් ගේ ඇතුලට එන්නෙ නෑ කියලා මම පොතක කියවලා තිබුණා මතකයි. /

      ඕන්න ඔහොමයි අපෙ සිත්තමී නඟා කුලු ගැන කිව්වෙ මේ පහුගිය ඇපිසෝඩ්ඩෙකට...

      බොට තේරුණා නෙවද මෙකුවි......කුල්ලක තියන අගේ..ඒ නිසා දීගෙක කාරිය යනවනං අනිවා කුල්ලකුත් කොහෙං හරි හොයාන පලයං....හෙහ්, හෙහ්, කුල්ල කියන එක බොලං සාර්තක විවාහ ජීවිතේකට අත්තියාවස්සිය බාන්ඩයක්, මගේ පවුද්ගලික අද්දැකීමෙං කියන්නෙ...අනෙ අම්මප,

      Delete
    2. අපොඉ මන් දීගෙක ගිහින් අහවරය් අය්යන්ඩී.. පුංචි දූ පැටියෙකුත් ඉන්නවා .. හැබය් ඉතින් අපේ ගෙදර කුල්ලක් නම් නැතෝ.. :( කව්ද දන්නේ ඕක ඔච්චර වැදගත් භාණ්ඩයක් කියල :)

      Delete
    3. අම්මප කියාපං නඟේ....අනේ සමාවෙයං කවුදෑ ඔහොම එකක් දන්නෙ?......කියන්ට එපාය...හෙහ්, හෙහ්,

      ඉතිං බලාපංකො, චුට්ටි දූ පැටියෙකුත් ඉන්නවලු, ඒත් ගෙදර නෑ කුල්ලක්...අනෙ අම්මප උඹව තියන්ට වටින්නෙ නෑ නෙව...:)

      හරි හරි ඒ එව්වයිං කමෙක් නෑ...හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්ටද කියල අර කවුද දෙන්නෙක් සිංදුවකුත් කියනව නෙව...

      එනිසාවෙං මං දෙන්නං අගේ ඇති උපදේසයක්...ඔන්න අහගං හොඳට....හෙට උදේ සුවාමි පුරුසයා වැඩට යන්ට සූදානං වෙද්දි මෙහෙම කියාපං හොඳද?

      '' මේ අනේ.... ඇහුණද? ''

      '' ඇහෙන්ට මොකවත් කිව්වෙ නෑනෙ තාම,...''

      '' හරි, හරි, ඒක තමයි මේ කියන්ට යන්නෙ...අද හවහට එනකොට මතක ඇතුව කුල්ලක් අරං එන්ට හොඳද? ''

      '' කුලු හොයන්ට ලේසි නෑ මේ පැත්තෙ, අනික මොකටද ඔය කුල්ලක්? හාල් ගරල එහෙම පැකට් කරල තියෙන එකේ ආයෙ පොලන්නෙ අහවල් දේකටද?..''

      '' ඔන්න ඕකනෙ කියන්නෙ...ඔයා හිතන්නෙ කුල්ලෙං කරන්නෙ පොළන එක විතරයි කියලද? ''

      '' පොලන්නෙ නැතුව කුල්ලෙ දාල හාල් ගරනවය ආයෙ? ''

      '' නෑ, නෑ, මට කුල්ලක් ඕන කරන්නෙ හාල් පොලන්ටවත් ගරන්ටවත් නෙවෙයි අනේ...අපේ ඉස්සරහ දොරට හේත්තු කොරල තියන්ට. ''

      '' ඒ මොකටද ඒ කුල්ලක් දොරට හේත්තු කරල තියන්නෙ? ''

      '' ඕකනෙ කියන්නෙ ඔයා මේ කිසිදෙයක් දන්නෙ නෑනෙ, දැං අපේ මේ දූ ඉන්නව. දූට කවදක හරි සෙල්ලං කරන්ට මල්ලි කෙනෙක් එහෙම ගෙනත් දෙන්ට නැද්ද ඔයාගෙ කල්පනාවක්? ''

      '' ඉතිං දෙයියනේ ඒ වැඩේට මොකටද කුල්ලක්? ''

      '' හරි හරි, දැං වැඩට යන්ටත් පරක්කු වෙනව...මම කුල්ලක් මොකටද කියල හවහට කියල දෙන්නම්කො....ඔයා මතක ඇතුව එනකොට කොහෙං හරි කුල්ලක් හොයාගෙන එන්ටකො....නැත්තං අර රවි අයියගෙං මට කණක් ඇහිල ඉන්ට වෙන්නෙ නෑ....ඔන්න මතක ඇතුව ගේන්ට කුල්ලක් හොඳද, මගේ හොඳ ළමයනෙ....''

      Delete
    4. උලව්වෙ දැං අර මනුස්සය රස්සාවට ගිහිල්ලත් හතර අතේ කම්පනා කොරනව ඇති මේ යෝදි අහවල් දෙයකටද මේ හදිස්සියෙ කුල්ලක් ගෙන්නෙයි කිව්වෙ. ඊටත් මේ කෙළිපැටියට සෙල්ලං කොරන්න කොළුපැටියෙක් ගේන්න. සුවර් එකටම කුල්ල ගේන්නෙ පරාණ බයෙන් තමා.

      Delete
    5. පොඩි එකාට කඩල ගොට්ටක් ගෙනාව නං හරි....

      Delete
    6. අපේ කාලෙ නං අරං ගියෙ ඔබ්...හූණු බිජු පැකට්ටෙකක්...හෙහ්, හෙහ්,

      Delete
  6. තාමත් මෙම මනෝභ්‍රාන්තික අතිශයින්ම සංකීර්ණ වූ වියමනෙහි අඳුරෙන් පිරීගත් ගූඪ අහු මුළුවලින් විටින් විට එබිකම් කරනා සෙවනැළි වන් අවස්ථාවන් විශ්ලේෂන මුට්ටියට දමා කාල්ගෑමට සුදුසු මනෝවිද්‍යාත්මක පත්තක් සියාගත නොහී කම්පිතව සැලී සැලී සිටිමි.

    එසේ වූවද හුදෙකලා දිවිපෙවෙතක් ගතකරනා කුදු මහත් සමාජෙයෙන් ස්වයං පි‍ටුවහල්වීමක් පිළිබිඹුකරනා මෙම දඩයක්කාර තෙමේගේ චරිත විග්‍රහයෙහි ඇති කඨෝරත්වය හා මුසු වූ ජීවයෙන් පිරිපුන් බව පාඨක සමූහයා වෙත සම්ප්‍රේෂණය කිරීමෙහිදී කතෘන් දක්වන නිසඟ හැකියාව සහ පරිචය විශ්ව සාහිත්‍යය නොමඳ ආභාශය මනාව පැහැදිලි කරයි.

    කරුණු කාරණා එසේ වූවද මෙහි දී සියළුම ලිහිල් අන්තයන් තද කරන්නට ගොස් මෙම වෘත්තාන්තය නොසිතූ විරූ ලෙස වෙළුම් කිහිපයකින් යුතු මහා රචනයක් වීම වැලැක්විය නොහැකි වගක් පෙනී යන්නේය. ඒ වග තවදුරටත් කෙසේදයත් පැහැදිලි කරනේ නම්, පසුගිය කොටස් කිහිපයෙහිම කතෘ ප්‍රයත්න දරා ඇත්තේ බාහිර පරිසර වර්ණනාවට හා දඩයක්කාරයාගේ ගූඪ භාවයට හේතු සාධක ඉදිරිපත් කරන්නට ය. එක් ප්‍රධාන චරිතයක් හා අවෂේශ චරිතයන් කිහිපයක් වටා පමණක් මෙම මෙම වියමන ගොඩනැඟී ඇති වුවුද ඔවුන් කිහිපදෙනාගේ මනෝභාවයන්ගේ ඇති සංකීර්ණත්වය විග්‍රහ කිරීමෙහිදී මෙය මහා රචනයක් වීම වැලැක්විය හැකි ක්‍රමයක් මා හට නොහැ‍ඟේ. යම් හෙයකින් කතෘ තෙමේ මෙය මෙයින් මතුව සංශිප්තව ඉදිරිපත් කරන්නට පෙළෙඹේ නම් එය පාඨක පිරිසට කරනා මහත් වු අසාධාරණයක් විය හැක. මන්ද යත් සාර්ථක කථාකරුවෙකු යනු සමාජයට වගකිවයුතු වන හෙයිනි.

    බුදු අම්මෝ.... ලියවිල්ල නවත්තගන්න බරි උනානෙ...... බොහොම අමාරුවෙන් අතර මඟදි කඩාගත්තෙ, නැත්නං තාම ලියනව.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. අහා, නවමුවනි, තොපගේ විචාරය නම් මහත්මැ අගනේය.වියමණක අගය වර්ධනය වනුයේ තොප වන් බොහෝසෙයින් ඇසූ පිරූ තැන් ඇති විදග්ධ වියතුන් තම නිසර්ග බුද්ධි මහිමය මෙහෙයවා කරනා මෙවන් සාරගර්භ වූ විචාරයන් කරණ කොටගෙන බව වෙසෙසින් පැවැසිය යුත්තෙක් නොවේමය. එබැවින් මූලාරම්භයේදීමැ තොපට මාගේ හෘදයාංගම ස්තූතිය පළකොට සිටීමට මේ අවස්ථාව කර ගනිමි.

      දඩයක්කරුවා පිළිබඳ වෘතාන්තය පිළිබඳ සබඳ තොප පවසන්න එකහෙලාම පිළිගනිමි. එතෙකුදු වුව වෘතාන්තය සංක්ශිප්ත කිරීම දඩයක්කරුවාට මෙන්ම පාඨකයන්ට කෙරෙන අසාධාරණයක් බවට තොප තෙපලන්න එක හෙලා පිළිගැනීමට මඳක් මැළිවෙමි, කමන්න,

      දඩයක්කාරයා පිළිබඳ මා සිතෙහි හටගෙන ඇත්තාවූ සියළු සංකල්පනාවන් අකුරු කලහොත් ඒ මියගිය හස්ති රාජයකුගේ ක්ෂුද්‍ර අතුණු බහන දිග හල කලෙක මෙන් වනු නිසැකය. එසේ හෙයින් දඩයක්කාරයාටද එසේම මා ලියන්න මාගේ සදාදරණීය මෑණියන් ස්මරණය කරමින් වුවද කියවන සහෘද ඔබ සැමටද අසාධාරණයක් නොවන සේ මේ ආරම්භ කල කර්තව්‍යය නිමා කරනු වස් හැකි සෑම උත්සාහයක්මැ දරන බවට සපථ කර සිටින්නෙමි.

      Delete
    2. හප්පච්චියේ දෙකම එකයි ... කවි වගේම තමයි ... තකට තක ..

      Delete
  7. //හිටි පියවර තමා දෙස බලාසිටිනා සිව්පාවුන් දෙදෙන ඔහුගේ මනැසට හොඳින්ම ගෝචර විය//

    බොලේ තලගොයි උරග කුලේට අයත් කියල මෙච්චර කල් හිතා හිටියෙ, මදෑ ඉහ නිකට පැහිලත් මගෙ දැනුමෙ තරම...

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔබා,... ඔයා හිතං හිටපු විදිහ හරිනෙව,.....තලගොයා කියන්නෙ උරග කුලේ තමයි...මම කිව්ව එකත් හරි ...තලගොයා ඇවිල්ල සිව්පාවෙක්.....උරග කුලේ සිව්පාවෙක්....ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?

      Delete
    2. ඔබා අයියා, ගොහිං වයින් පොල්කට්ටක් ගහලා වරේන්.. හූ!! :D

      Delete
    3. //ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?//
      No prash....atall...

      ප්‍රශ්නයක් ඇතිවෙන්ඩ යන්නෙ බුරා එක්ක වගේ...හෙහ්...හෙහ්...

      Delete
  8. අපොයි ඊලඟට මේ මොනවද කියන්ට ලෑස්තිවෙන්නේ? කතාව් දැන් නම් හොඳට තේරෙනවා. තේරෙනෙවා ලේසි වැඩී වගේ හිතෙන අයට ඉතින් අමාරුවෙන් තේරුම් ගන්ට කීවානම් හරි.
    ෂී....මම කියපුදේ මටම තේරුනෙත් නෑනේ. :D

    අර තල ගොයි දෙන්නෙක් මොකොද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. එම්බා පරවීනා යුවතිය, තොපටද රූ මෙනවියගේ රෝගය වැලඳි ඇති බවෙක් පෙනී යන බව සංවේගයෙන් වුව ද නොකියාම නොහැකිය. එනම් '' වෘතාන්ත අග්‍ර ප්‍රාරම්භක ස්මරණ ව්‍යාකූලතා සංකීර්ණය '' නම් භයානක රෝගයයි.

      මේ තලගොයින් යුවල පිළිබඳව මවිසින් දඩයක්කාරයාහේ වෘත්තාන්තයේ සමාරම්භක කථාංගයේදී සඳහන් කලා තොපගේ මතකයෙන් ගිලිහී ගියේ කෙසේදැයි නොමදනිමි.

      Delete
  9. හෙළයේ බර වචනින් කොමෙන්‍ටුවක් දැමීමට ආසා ඇති නමුත් සහජයෙන්ම ලද නොහැකියාව මත එය මගහැරීමට සම්මානී තීරණය කළාය. එහෙයින් ඈ මෙසේ පවසන්නීය.
    "අඩේ අයියෙ නියමයි එල ඈ !"

    ReplyDelete
    Replies
    1. සම්මානියනි, මා හිතවත් නැඟනියනි, තොපට මාගේ හෘදයාංගම තුති පුද!!!

      Delete
  10. අනිත් කොටසත් බලමුකෝ

    ReplyDelete
    Replies
    1. එසේයැ, එසේයැ, වර්ණාවෙනි, බලනු මැනවි!

      Delete
  11. සුපුරුදුපරිදි එකතුකර කතාව කියවන්නට ආවෙමි . නිකමට අහන්නේ රවී ඔලුවට හෙම පොතකින් පාරක් වැදුනේ නැහැ නේද . කාලෙකින් මේ වගේ සම්භාව්‍ය කෘතියක් කියෙව්වේ නැහැ අප්පා .චික් ඔලුව මලකඩ කාලද මන්ද . හිටින් ආයේ පාරක් කියවලම එන්නම් . ඒ මදිවට මේ කමෙන්ට් ටික .

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගනිමි, සහසක් රත් අරවින්දයන්ගෙන් සමලංකෘත පොක්ඛරණියෙහි අධිපතිනියෙනි, ඔබ තුමිය සාදරයෙන් පිළිගනිමි.

      පුස්තකයෙක් ශිර්ෂයට සපැමිණියේද පිලිබඳව ඔබගේ පැණයට මෙසේ පිළිතුරු දෙන්නෙමි.

      නිවෙසින් බැහැරව දිවිගෙවන බැවින් නුදුරු දිනෙක එසේ වූ බවෙක් නම් ස්මරණයට නොනැඟෙයි. වාර්ෂික ඉසිඹුව ලැබ නුදුරු දිනෙක මාතෘ භූමිය කරා සැපත්වන අභිලාෂය ඇත්තේ හෙයින් ඔබ විචාල සිද්ධීය එසේම වීමට නුදුරු අනාගතයේදී බොහෝ ඉඩ ප්‍රස්ථාව ඇති බැව් පමණෙක් පවසමින් නිහඬ වෙමි.

      ආහා...තොපගෙන් විමසිය යුතු තවත් පැනයෙක් ද ඇත්තේය. බොහෝ කලකින් තොපගේ පොක්ඛරණියෙහි අරවින්දයක් විකසිත වනු නොදුටිමි. ඒ වනාහී තොපගේ අධික කාර්ය බහුලත්වය කරන කොටගෙන යයි උදක් ම හඟිමි.

      කාර්ය බහුලත්වය මධ්‍යයේ වුවද නැවුම් වූ මනරම් අරවින්දයක් විකසිත කිරීමට පියවර ගන්නා මෙන් හෘදයාංගමව ඉල්ලා සිටිමි.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...