Tuesday, May 6, 2014

256. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 19 - චුට්ටි අයියාගේ කතාව - පියේහි විප්පයෝගෝ.....

Google Images

" මාතලේට යනකොට අපෙ ගෙදර ඉස්සර පාරෙන් ගිහිල්ල දකුණට හරවල දෙණියෙ කඩ මණ්ඩියගාවට යනකල් තාර පාර යස අගේට පේනව හිඟුරු මල්දෙණ ගාව ගම්මාලු ගහ යටට ගියාම. මයිනර් එක ගේට්ටුවෙන් පාරට දාපු ගමන්ම මම එක පිම්මට වැටෙන් පැනල දුවගෙන ගියා ගම්මාලු ගහ යටට. මයිනර් එක හතරෙ බෝක්කුව ළඟදි පාර හරහ පැන්න කලු පාර හරකෙකුට ඉඩ දීල නවත්තගෙන හිටිය විනාඩියක් විතර. ඊට පස්සෙ කන්ද නැඟල දෙණියෙ කඩ මණ්ඩිය පහු කරල නොපෙනී ගියා. " 

" මම එහෙමම තව ටික වෙලාවක් ඉඳල ආපහු ගෙදර එන්ට හැරුන. හුලඟටද කොහෙද මම අර වෙහෙර වහපු පරඬැල් පෙරලිලා ගිහිල්ල. මේක හරි යන්නෙ නෑ. මෙහෙම ගියොත් චුට්ටි අයිය හෙට ආපහු එනකොට මේ වෙහෙරෙන් ගන්ඩ දෙයක් නැතිවෙයි. එහෙම හිතල මම තව පරඬැල් ගෙනල්ල වෙහෙර හොඳට වහල දපැත්තෙං බර වෙන්ට පරන බිඳිච්චි මුට්ටි කබලකුයි කැඩිච්චි බාල්දියකුයි තිබ්බ. "

ඊට පහුවදා මම මඟ බලාගෙන හිටිය චුට්ටි අයිය ඉස්පිරිතාලෙ ඉඳල ආපහු එනකල්. අම්මයි ලොකු අයියයි උදෙන්ම ගිය මාතලේ ඉස්පිරිතාලෙට. ගම්මාලු ගහ යට ගල් තලාවට වෙලා මම උදේ වරුවම ඔහේ අහස දිහාවෙ බලා හිටිය. හවො නරි, බල්ලො , කොටි ඔය මොකුං මොකුං අහසෙ එහෙ මෙහෙ දිව්වද එකා එකා පස්සෙ පැන්නුවද මම දැක්කෙත් නෑ. මට එව්ව බලන්ට කිසිම උවමනාවක් තිබ්බෙත් නෑ.

ඉර හැරුණටත් පස්සෙ බිසෝ මැණිකෙ ආව මාව හොයාගෙන. වෙනද වගෙ එවුන්දැ වැට ලඟ ඉන්දගෙන මහ හයියෙං ගමම දෙවනත් වෙන්ට කෑගැහුවෙ නෑ. ඔලුව පරණ සාලුවකින් වහගෙන හිඟුරුමල් දෙණ ගාවටම ආව.

" යමු චුට්ටි දෙයිය බත් කන්ට.."

මා ලඟ ඇවිල්ල ඉඳගෙන එහෙම හෙමිහිට කිව්ව.

" මට බඩගිනි නෑ බිසෝ……" මම බිසෝගෙ උරහිසට හේත්තු උනා.

" එහෙම කියල හරියන්නෙ නැහැ නෙව...දරුවෝ..උදේටත් පාන් කෑලි දෙකක් විතරනෙ කෑවෙ..යමු යමු ගිහිල්ල බත් ටිකක් කමු. …" බිසෝ මාව අතින් අල්ලල නැඟිට්ටෙව්ව.

එදා රෑ අම්මවත් ලොකු අයියවත් ආපහු ආවෙ නෑ. අම්මල චුට්ටි අයියව මාතලේ එක්කං ගිය තලකොටුවෙ ගෙදර මයිනර් එක එළෙව්වෙ පන්සල පල්ලෙහා වෙලෙන් එපිට හේන් කනත්තෙ ගෙයක් හදාගෙන හිටපු අබේ මාම. හවස පහට විතර ගෙදර යන ගමං උන්දැ කඩුල්ල ගාව නැවතිල උගුර පෑදුව. ඒ සද්දෙට ලොකු අක්ක මිදුලට බැහැල කඩුල්ල ගාවට ගියා.

" ලොකු දුවේ අම්ම අද එන්නෙ නෑ කියල කිව්ව. රෑට යනව කිව්ව හරස්ගම. " හරස්ගම තියෙන්නෙ මාතලේ ටවුම කිට්ටුවමයි. අම්මගෙ ලොකුම අක්කා අපෙ ලොකු අම්ම දීග ගිහිල්ල හිටියෙ හරස්ගමට.

එදා රෑ ලොකු අක්කයි මායි විතරයි ගෙදර හිටියෙ බිසෝ ඇරුණු කොට. පොඩි අයියයි අනික් අක්කල දෙන්නයි කොහෙ හරි ගිහිල්ල. රෑට බිසෝ රොටී හැදුව. රතුලූණුයි අමු මිරිසුයි කපල දාල ගනකමට හදන බිසෝගෙ රොටි කන්ට මම හරි කැමතියි. ඒක දන්න හින්දම තමයි මම හිතන්නෙ එදා රෑ බිසෝ රොටි තනන්ට ගත්තෙ.

" චුට්ටි දෙයියට රොටි කීයක් ඕනද? "

රොටි කබල පරණ පිහා තලේකිං හූරල සුද්ද කරන ගමං බිසෝ මගෙ දිහා බලල හෙමිහිට ඇහැව්ව.

" දෙකක්? තුනක්? "

ලිපට දාපු පොල් කට්ට ඇවිලිල ලිප වටේට ගින්දර විහිදෙනව බලාහෙන හිරමණේ උඩ වාඩි වෙලා හිටපු මම ඒ ප්‍රස්න ඔක්කොටම ඔලුව දෙපැත්තට වැනුව.

ගලේ කොටල කරපිංච එහෙම දාල මලවපු සම්බලෙත් එක්ක රතුලූණු අමු මිරිස් දාපු රොටි කනකොට වෙනද පුදුම රහක් තියෙන්නෙ. එහෙම රොටි කාල උණුවට කහට එකක් බොන්ට ඕන කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක. එදා මම කෑවෙ රොටි එකහමාරයි. කහට එක නිවෙනකල් ඔහෙ ඒක දිහාවෙ බලාගෙන ඉඳල උගුරට දෙකට බීල දාල හකුරු කෑල්ල හෙමිහිට පොඩ්ඩ පොඩ්ඩ කෑව. බිසෝ මා දිහා බලා ඉඳල ඇස් දෙක පිහ ගන්නව මම දැක්ක.

අපෙ අම්ම පහුවෙනිද ආවෙත් නෑ. ලොකු අක්ක අම්මට අඳිනට හැට්ට ඔසරි දෙක තුනක් එහෙම අරගෙන පාන්දර පහමාරෙ බස් එකේ මාතලේ ගියා. හිඟුරු මල් දෙණ ගාව ගම්මාලු ගහ යට තමයි දවසෙ වැඩි හරියක් මගෙ කාලය ගත උනේ.

හවස ලොකු අක්ක ආපහු ආව....ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගෙ ඔලුව අතගෑව. එයා මොකවත් කිව්වෙත් නෑ...මම මොකවත් ඇහුවෙත් නෑ..ඒත් මගෙ පුංචි හිතට ඉවෙන් වගෙ තේරීගෙන යමින් තිබුණ චුට්ටි අයිය ආයෙම එන එකක් නෑය කියල.

වෙනද ඇඳට වැටෙන්නෙ මට නින්ද ගිහිල්ල. එදා රෑ හුඟක් වෙලා යනකල් මට නින්ද ගියේ නෑ..චුට්ටි අයිය ආයෙම එන්නෙ නැතිවෙයි.එහෙමනම් එයයි මායි පටන් ගත්තු අර වෙහෙරෙ වැඩේ මම වත් ඉවර කරන්ට ඕන කියල මට හිතුන. ඔව් මම එහෙම කරන්න ඕන...මම නින්දෙන්ම වගෙ තොල මැතුරුව.

" චුට්ටි නංගි මොකෝ නින්ද යන්නෙ නැද්ද? " ලොකු අක්ක එහෙම අහල මගෙ කෙස් අස්සෙන් ඇඟිලි යවල හිස් පිරිමදින්න පටන් ගත්ත. ඒ සනීපෙත් එක්කම දන්නෙම නැතුව මගෙ ඇස් පියවුනා.

පහුවෙනිද උදේම මම නැඟිටිනකොට හිරි පොදක් වැටෙනව. ඒත් නමය වගෙ වෙනකොට වැස්ස පෑව්ව…

" ලොකු අක්කෙ මම යනව අනිල්ලගෙ ගෙදර.."

උදේට හීල් බත් කාපු ගමන්ම මම කිව්ව මගෙ පං කොල තොප්පියත් දාගන්න ගමන්…

" චුට්ටි පරිස්සමින්, වැඩි වෙලා ඉන්ට එපා....හොඳද? "

ලොකු අක්ක කුස්සියෙ බිම ඉඳගෙන පොළොසයක් කපනව. උදේ ඕක දෙබෙදුමෙ කොස් ගහෙන් කෙක්ක දාල ඇදල බිම දැම්මෙ බිසෝ...බිසෝ පේන්ට හිටියෙ නෑ ඒ වෙලාවෙ.. මයෙ හිතේ ළිඳට යන්ට ඇති වතුර කළගෙඩියත් ඇන්න.

අනිල් කිව්වෙ චුට්ටි අයියගෙ හොඳම යාලුව.....අපි ඔය වෙහෙර කර්මාන්තෙ වැඩේ පටන් ගත්තෙ අනිලුයි එයාගෙ නංගියි එක්ක...නංගි මගෙ පන්තියෙ...ධම්මිකා...

" අනිල් අයියෙ....අපි යමුද එදා කතාකර ගත්තු විදිහට ඇළෙන් වැලි අරගෙන එන්ට…"

එයාලගෙ මිදුලෙ ජම්බු ගහයට හරහට දාල තිබ්බ අඹ කොටේ උඩ ඉඳගෙන මම ඇහුව..

" ඇයි නංගි විජේ එනකල් ඉන්නෙ නැද්ද? " චුට්ටි අයියට යාලුවො කිව්වෙ විජේ කියල..

" බෑ…. චුට්ටි අයිය එන දවසක් කියන්ට බෑ..අපි එයා ගෙදර එනකොට වෙහෙරෙ වැඩේ ඉවර කරල තියමු...එතකොට එයා සන්තෝස වෙයි. "

පරණ පෝර මලු දෙකකුයි පොඩි උදැල්ලකුයි අරගෙන අපි තුන්දෙනා ගියා ඇළට...උදේ වැස්ස නිසා ඇළ දෙපැත්තෙම ගොඩ වෙලා තිබ්බ වැලි තෙමිල...හරිම බරයි...පෝර මල්ලෙ කාලක් වගෙ පිරෙව්වම උස්සං යන්ට බැරි තරමයි..ඒත් අපි තුන් දෙනා මාරුවෙන් මාරුවට වැලි අරගෙන ගිහිල්ල අපෙ මිදුලෙ කෙලවරක තිබ්බ සේපාලිකා ගහ යට ගොඩ කලා.දවල් එක වගෙ වෙනකොට සෑහෙන වැලි ගොඩක් ගොඩ ගහන්ට අපිට පුලුවන් උනා.

එදා හවස හතරට වගෙ අප්පච්චි ආව. ඒ කාලෙ එයා වැඩකලේ මම හිතන්නෙ මඩුකන්ද පැත්තෙ.....අම්ම මගෙ හිතේ පණිවිඩයක් යවන්ට ඇති. අප්පච්චි එනගමන්ම ඉස්පිරිතාලෙ ගිහිල්ල චුට්ටි අයියව බලල ඇවිල්ල තියෙන්නෙ..

" චුට්ටි දුව මූණ කට හෝදල අලුත් ගවුමක් ඇඳගන්ට...ඉස්පිරිතාලෙ යන්ට ඕන.."

අප්පච්චි එහෙම කියල ඇඳගෙන හිටපු නැෂනල් එකේ කමිසෙ ගලවල වැලේ දාල ගෙට ගොඩ උනා.

" ලොකු දුව මට කහට එකක් ගේන්ට. " ඒ එක්කම සාලෙට ආපු ලොකු අක්කට කියාගෙනම අප්පච්චි වේවැල් ඇඳි පුටුවෙ ඉඳගත්ත.

" චුට්ටි පුතා කිව්වලු චුට්ටි දුවව බලන්ට ඕන...එක්කගෙන එන්ට කියල.." කාමරේ අල්මාරිය ඇරල ගවුමක් තෝරමින් ඉන්න මට අප්පච්චි හෙමිහිට ලොකු අක්කට එහෙම කියනව ඇහුන.

මාතලේ ඉස්පිරිතාලෙ දහ අට නැත්තං දහ නමය වාට්ටුවෙ චුට්ටි අයිය හිටියෙ. අම්මයි ලොකු අයියයි එයා ළඟ හිටිය. අම්ම මාදිහාවෙ බලල යන්තමට හිනාවෙල ආයෙම බිම බලාගත්ත. සේලයින් බටයක් චුට්ටි අයියගෙ දකුණු අතට ගහල තිබ්බ. බිංදුව බිංදුව සේලයින් වැක්කෙරෙනව මම පිටිපස්සට වෙලා බලාගෙන හිටිය.

අප්පච්චි ඇඳ වටේ හිටිය සෙනඟ අතරින් ළඟටම ගියාට මම හෙමිහිට පස්සට උනේ චුට්ටි අයිය දිහා බලන්ට මොකක්දෝ බයක් වගෙ හැඟීමක් පපුව පුරා පිරිල මගෙ හුස්ම හිරකරන්ඩ වගෙ හදපු හින්ද. ඉස්පිරිතාලවල ඇඳන් උසයි. චුට්ටි අයියගෙ මූණ එහෙම මට පැහැදිලිව පෙනුනෙ නෑ..එයාගෙ ඉණ විතර වෙනකල් අපෙ නිල්පාට ඉරි ඉරි බෙඩ් ෂීට් එකක් පොරවල තිබ්බ.

අම්ම චුට්ටි අයිය දිහාවට නැවෙනව මම දැක්ක.

" මොකක්ද පුතා කිව්වෙ? " අම්ම එහෙම අහල ටික වෙලාවක් නැමිල ඉඳල කෙලින් වෙලා පස්ස හැරිල මගෙ දිහා බැලුව.

" චුට්ටි දුව..මෙන්න අයිය කතා කරනව…"

මම හෙමිහිට ඉස්සරහට ගියා. ඇඳ ළඟ හිටපු එගොඩහ ලොකු අප්පච්චි පැත්තකට වෙලා මට ඉඩ දුන්න. මම ඇඳේ මෙට්ටෙ අල්ලගෙන ඉස්සිලා බැලුවා. චුට්ටි අයිය මේ දවස් දෙක තුනට අඳුනන්න බැරි තරමහ කෙට්ටු වෙලා ගිහිල්ල. ඇස් වටේ කළු වෙලා...එයා සේලයින් බටේ ගහල තිබ්බ අත උස්සල මගෙ අත අල්ල ගත්ත.

" චුට්ටි නංගි............ "

අයිය කියන්නෙ මොනවද කියල තේරුම්ගන්ට මට කකුලෙ ඇඟිලිවලින් ඉස්සිල එයාගෙ මූනට මූණ කිට්ටු කරන්ට උනා. චුට්ටි අයිය ගාවින් ආවෙ අමුතුම සැර බෙහෙත් සුවඳක් වගෙ එකක්. තවම උනත් බෙහෙත් කැප්සියුල් එකක් පොඩි උනොත් මට දැනෙන සුවඳ මතක් කරන්නෙ එදා ආපු ඒ නහය කඩාගෙන යන සැර සුවඳ...

කොහොමහරි ඒ වෙනකොට චුට්ටි අයිය ආයෙ ගෙදර එන්නෙ නෑ කියල මට ඉස්තිරවම හිතිලයි තිබ්බෙ. ඒ නිසා මම අපි ඔයා ආහම ආපහු වෙහෙර හදමු චුට්ටි අයියෙ කියල කියන්ට ගියේ නෑ. ඇසිපිය නොහෙලා එයාගෙ සහෝදර ප්‍රේමයෙන් පිරුණු බාගෙට පියවෙච්ච ඇස් දෙක දිහා බලාගෙන හිටිය. මගෙ ඇස් දෙකට කඳුලු පුරාගෙන ආවෙ දන්නෙම නැතුව. අඬන්ඩ එපා චුට්ටි නංගි චුට්ටි අයිය එහෙම කිව්වෙ නෑ.එයත් මම හිතන්නෙ දැනගෙන හිටිය ආයම එයාට ගෙදර එන්ට ලැබෙන්නෙ නැහැය කියල.

" මම එනකල් ඉන්ට එපා..ඔයා වෙහෙර හදන්ට…"

චුට්ටි අයිය අමාරුවෙන් එහෙම කියාගත්ත. ඒහෙම කියල මගෙ අත තදින් මිරික ගත්ත. එහෙම ටික වෙලාවක් ඉන්නකොට එයාගෙ ඇස් පියවුනා. අත බුරුල් වෙලා මගෙ අතත් අතෑරුනා.

" චුට්ටි පුතාට නින්ද ගියා මගෙ හිතේ " අම්ම එහෙම කියල අයියගෙ ඔලුව අත ගෑව.

මම ඊට පස්සෙ අයියව බලන්ට ඉස්පිරිතාලෙට ගියේ නෑ. ඇසුත් යට ගිලිල චුටි අයිය ඉස්පිරිතාලෙ ඇඳ උඩ වැතිරිල අතට සේලයින් බට ගහල ඉන්නව ආයෙම බලන්ට මට උවමනාවක්වත් පුලුවන් කමක්වත් තිබ්බෙ නෑ.එදා ගිය එක ගැන උනත් මම කාලයක් යනකල් පසු තැවුනා.

එදා අපෙ ගෙදර මිදුලෙ කාර් එකේදි චුට්ටි නංගි මම ඉක්මනට එන්නම්.අපි වෙහෙර හදල ඉවරයක් කරමු මම ආවම එහෙම කියල මා එක්ක හිනාවුනු චුට්ටි අයියගෙ මූණ හිතේ මවාගෙන ඉස්පිරිතාලෙ ඇඳ උඩ දැක්ක මූණ අමතක කරන්ඩයි මට ඕන උනේ.

ඊළඟ දවස් හතරම මහ වැස්සක් නොවුනත් එක සීරුවට දවසම හිරි පොදක් ගැහුව. මම පංකොළ තොප්පියත් දාගෙන හිටියෙ යන්තමට හරි වැස්ස පෑව්වොත් ගිහිල්ල වෙහෙරෙ වැඩේ ඉවරයක් කරන්ට.අනිලුයි ධම්මිකයි ආවෙ නැතිඋනොත් මම තනියම හරි ඒ වැඩේ ඉවරයක් කරනවයි කියල මම එක හිත් හිතාන හිටියෙ. චුට්ටි අයිය ගෙදර එන්ට ඉස්සර වෙලා වැඩේ ඉවර කරල චුට්ටි අයිය ආහම චුට්ටි අයියෙ ඔන්න මම ඔයා කියපු විදිහට වෙහෙරෙ වැඩේ ඉවර කලා කියල කියන්ටයි මට ඕන වෙලා තිබ්බෙ.

පස්වෙනි දවසෙ උදේ මම නැඟිටිනකොට වැස්සක ලකුණක්වත් නෑ..අහස නිල්ම නිල් පාටයි. එදා ගෙදර හිටියෙ බිසෝ විතරයි. අනික් ඔක්කොමල ඉස්පිරිතාලෙ ගිහිල්ල. බිසෝත් ඔය යන්තමට මොනව හරි රත් කරනව ඇරෙන්ට කලේ කුස්සියෙ එලිපත්තට එහා පැත්තෙ කොට බිත්ති කෑල්ල උඩ වාඩිවෙලා බැලූ අත බලාගෙන කඳුලු පෙරන එක.

ධම්මිකාලගෙ ගෙදරට මම දුවගෙන ගියා..

" එන්ටලා..අද වහින්නෙ නෑ වගේ අපි වෙහෙරෙ වැඩේ ඉවරයක් කරමු. "

ඒ දෙන්නත් මා එක්ක ආව. පහුගිය හතර දොහේ වැස්සට වෙහෙර බාගයක් වගෙ හේදිලා ගිහිල්ල. ඒත් අපි තුන්දෙනා ආයෙම වැඩේ පටන්ගත්ත.

" නංගි අද විජේ ගෙදර එක්ක එනවද? " අනිල් අයිය මගෙන් ඇහුව වෙහෙරෙ හේදිල ගිය තැන් වලට කිරි මැටි ගාන අතරෙ.

" ඔව් අයියෙ මම හිතන්නෙ එහෙමයි…"

දවල් දොළහමාර වගෙ වෙනකොට වෙහෙරෙ වැඩේ ඉවරකරගන්ට අපිට පුලුවන් උනා.

වෙහෙර වැහෙන්ටම රතුයි කහයි හිඟුරු මල් ගහල කොත උඩට පරණ පිච්චිච්ච නිල්පාඅට චුට්ටි බල්බ් එකක් ගහල අපි ඇලෙන් ගොඩ දාල ගෙනාපු වැලි වටේට විසිරුවල වැලි මලුවකුත් හදලම ඔන්න අපි වැඩේ අපූරුවට ඉවරයක් කලා. ඒ අතරෙ ගේ පැත්තෙන් මහ සද්දෙට කලබලයක් වගෙත් ඇහුන. වාහන දෙක තුනක්ම එනව යනව හෝන් ගහනව...

" විජේ එක්ක ඇවිල්ලද දන්නෙ නෑ…" අනිල් අයිය නැඟිටල අතේ තිබ්බ මඩ කලිසමේම පිහදගෙන අපේ ගේ පැත්ත බලල කිව්ව.

" වෙන්න ඇති...අපි මේ ටික ඉවරයක් කරල දාමු. "' මම වැලි මලුවෙ අඩු පාඩු තැන්වලට තව වැලි දමන අතරෙ කිව්ව.

" නංගි තව ටිකයිනෙ ඔයා ඔය ටික ඉවරයක් කරන්න. මෙහෙම මඩ පිටින් විජේ බලන්න යන්න බෑ. අපි දෙන්න ගෙදර ගිහිල්ල ඇඳුම් මාරු කරගෙන එන්නම්…"
" හා එහෙනම්……." මම දිගටම මගෙ වැඩේ කරගෙන ගියා.

ටික වෙලාවකින් කාගෙද හෙවණැල්ලක් වැටුන මගෙ ඉස්සරහට. ඒ බිසෝ..

" චුට්ටි දෙයිය ..යමු...." බිසෝගෙ කට හඬ හිර උනා…මම හෙමිහිට නැඟිටල බිසෝ පස්සෙන් ගෙදර ගියා..

චුට්ටි අයිය හිටිය සාලෙ..අම්ම අප්පච්චි ලොකු අයිය පොඩි අයිය..අක්කල ලොකු අම්මල, ලොකු අප්පච්චිල ඔක්කොම සාලෙ එකතුවෙලා හිටිය.

" චුට්ටි දුව …"

අම්ම මා දිහාවෙ බලල මගෙ ඔලුව අත ගෑව. මම ඒ කවුරුවත් දිහා නොබල චුට්ටි අයිය ළඟට ගියා..

" චුට්ටි අයියෙ…." මම එයාට කතා කලා..

" ඔයා කියපු විදිහට මම වෙහෙරෙ වැඩේ ඉවර කලා. ඔයාට පුලුවන් වෙලාවක ඇවිල්ල බලල යන්න. මටත් කතා කරන්න මමත් එන්නම්. "

එසේ පැවසූ ඉක්බිති ඇය මා උරහිස හිස හොවා ඉකි බිඳින්නට වූවාය. මම ඇගේ හිස පිරිමදිමින් සෙමෙන් පහත්ව නළල සිප ගත්තෙමි.

67 comments:

  1. අදත් විහිලු නෑ නේද? පුංචි දැරියත්, වටපිටාවත්, සිදුවීම් පෙළත් මැවිල පෙනුණා..

    ReplyDelete
    Replies
    1. බිළාල යුවතිය,

      අදත් විහිළු නෑ බං...ඒත් මේ සෝබර කතාව මෙතෙකින් නිමියේය..ලබන පාර ඉඳල සුපුරුදු ලෙස......හයිද?

      Delete
    2. හයි හයි.. :) ඒක නෙවේ මට දැං මෙතන වෙන ප්‍රස්නයක් මතු උණා. විහිලු ද විහිළු ද හරි?

      Delete
    3. විහිළු තමයි හරි වචනෙ නේද? හැබැයි එහෙම වෙන්ට හේතුවක්නම් මට හොයාගන්ට බැරිඋනා...:(

      Delete
    4. 'විහිළු' කියන වචනය එන්නේ 'විසුළු' කියන එකෙන් නේද? ඒ වුනාට මේකෙ මූල වචනය හොයාගන්ට බැහැ..

      Delete
    5. බූරා,

      ඒක තමයි බං මටත් හිතාගන්ට බැරි..දැං ඔය ලු සහ ළු යෙදෙන්නෙ කොයි වෙලාවටද? මොකක්ද ඒ දෙකේ වෙනස?...අන්න ඒකයි මට තියන ප්‍රශ්නෙ...එකලු ද හරි එකළු ද? නැත්නම් දෙකම අවුලක් නැද්ද?...කවුළු ද කවුලුද? ...ඔය ගැන ඩී.එෆ්. කාරියකරවන මහත්තය ලියපු ලිපියක් තිබ්බ කාලෙකට ඉස්සර...මම මේ **** විකාගෙන හොයනව..තාම හම්බ උනේ නෑ.

      Delete
    6. මාතෘ වචනය (පාළි හෝ සංස්කෘත හෝ) සිංහලයට පෙරලෙද්දි ඒකෙ තියෙන මහප්‍රාණ අකුරු බොහෝවිට ඒ විදියටම එනවා.. [උදා: පඨමා -> ප්‍රථම -> පළමු] ඒක තමා සාමාන්‍ය නීතිය (ඕක වෙනස්වෙන වෙලාවල් තියෙනවා)

      එකළු හරි වචනය වෙන්ට ඕන නේද? එකළු කියන්නෙ ඒකාළෝක කියන එකනෙ. එක+අළු -> එක්+අ+අළු පූර්වස්වරලෝප සන්ධියෙන් එකළු වෙනවා..

      විහිළු හා කවුළු හරි කියලයි මට හිතෙන්නෙ.. ඒ වුනාට සැකහැර දැනගන්ට ක්‍රමයක් නෑ..

      Delete
    7. යකෝ.....උඹලා එකතුවෙලා මාව තව තවත් මහාප්‍රාණ කරලා දානවා....මේ කෙළිය හරි යන්නේ නැහැ වගේ.

      Delete
    8. Aru,

      උඹ මේ කතාව අහල තියනව නේද? ආමි සෝල්ජර්ස්ලට දෙන උපදෙසක්…

      / If it moves, salute it; if it doesn't move, pick it up; if you can't pick it up, paint it. /

      මහප්‍රාණ යොදන්නෙ කොතනද කියල උඹට මෙහෙම හිතාගත්තෑකි.

      නයන්න තියෙන්නෙ වචනෙ මුල නම් ඒක නිකම් නයන්න
      නයන්න තියෙන්නෙ වචනෙ මැදනම් ඒක ණයන්න.
      නයන්න තියෙන්නෙ වචනෙ අගනම් කැමති එකක්. ....හෙහ්,හෙහ්,

      Delete
    9. උඹ කියන විදියට අපට මීට පස්සෙ 'ණය' කියන එක ලියන්ට වෙන්නෙ 'නය' කියලා.. :-D

      Delete
    10. බූරා,

      අම්මපල්ල හැබෑ නේන්නං..මම ඔය අරූ මඤ්ඤං කරන්න කියල හිතාගෙන ලිවෙ..එච්චර කල්පනා කලේ නෑ ඒ ගැන...හෙහ්,හෙහ්,

      Delete
  2. හ්ම්ම්ම්ම්ම්... අනේ මන්ද කියන්න දෙයක් හිතා ගන්නවත්, හිතට එන්නෙවත් නැහැ :(

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යසිත්.....

      Delete
  3. ලස්සන කතාවක්. තව තවත් නිදහස් සිතුවිලි එකතු කරන්න අපෙන් දිරිය ඔබට

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. නෙතින් එහා,

      ස්තූතියි ඔබට.....

      Delete
  4. රවි,
    ඩෙන්ගු වගේ ලෙඩකින්ද ඒක වුනේ?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඒ මරණෙ ගැන කතාකරන්නවත් කැමති නෑ ගෙදර කවුරුවත්...ඒ තරමට ඒ ගොල්ලන්ගෙ හිත් වලට වැදිල ඒක දැන් දශක තුනකටත් වැඩි කාලයක් උනාට තාමත් එහෙමයි තත්වය. කොටින්ම ගෙදර ඒ අයියගෙ ෆොටෝ එකක්වත් නෑ. අම්ම ඒ ඔක්කොම පුච්චල දාල.

      අපෙ උන්දැගෙනුත් මම වදෙන් පොරෙන් ඕක අහගත්තෙ. එයා ඒ කාලෙ බොහොම පොඩියිනෙ. මරණෙ හේතුව හරියටම දන්නෙ නෑ. අම්මගෙන් මම එක පාරක් ඇහුවම කිව්වෙ බඩේ අමාරුවක් කියලයි. ඒ කියපු රෝග ලක්ෂණ අනුව මට හිතාගන්න තියෙන්නෙ Kidney Failure එකක් කියල තමයි. ඒත් ඉස්සොරෝම උණ හැදිල සතියක් වගෙ ඇතුලත අයිය නැතිවෙලා. වකුගඩු ආබාධයකින් එච්චර විගහට නැතිවෙන්නෙ නෑ මම දන්න තරමට. ඒත් කියන්න බෑ..එහෙමද දන්නෙත් නෑ.

      Delete
  5. ලස්සනයි හදවතට දැනේන්න ලියලා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...සහෝදර....

      Delete
  6. මේක ඉක්මනට ඉවරයක් කරහං. වෙන මොකුත් කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඉවරයි බං....ඉවරයි....ඉවරයි....

      Delete
  7. ඇත්ත කතාවක්ද්? හිතා ගන්න බෑ. හරි දුකයි

    ReplyDelete
    Replies
    1. සිඳු,

      ඇත්තම කතාවක්.........:(

      Delete
  8. Probably for the 1st time NO COMMENT.

    ReplyDelete
    Replies
    1. මමත් මේක කියෝලා ගියා හොරාට . මොනවා කියන්නද හිතාගන්න බැරුව. .

      Delete
    2. Bindi,

      Thanks to you too Bindi

      Delete
  9. ඇත්තටම කියන්න කිසි දෙයක් එන්නෙ නෑ... හිතට එන දේ කොටන්න ඊට වඩා බයය්...
    අදට ඇති... ඕ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්!!!

      Delete
  10. හ්ම්ම්ම්.... රවී තුමා අපිව අඬවන්න පටන් අරන්..

    ReplyDelete
    Replies
    1. මානවිකා...හරි හරි නාඬ ඉඳිං...අදිං ඉවරයි..අදිං ඉවරයි!!

      Delete
  11. චූටි අයියාගෙයි, චූටි නංගීගේ කතාවයි අතරේ ආපහු වෙන දෙයක් නොහිතන්නටම අතරමංවෙලා බන් ඉන්නේ.


    අදාල නැති හරස් ප්‍රශ්ණයක්......නිම්මි හරස්ගම ඔය කියන හරස්ගම පලාතේද?

    ReplyDelete
    Replies
    1. අර ඉර මැදියමේ හිටපු කෙල්ල නේද,කෝ ඒකි දැන්.

      Delete
    2. ඔව් හැලපේ. ආකාස කුසුම් එකෙත් හිටියා. තව විදෙස් ෆිල්ම්ස්වලත් හිටියා. හොඳ ඇක්ටින්. එංගලන්තෙද කොහෙද ඉන්නේ. Aunty Nettaකියලා සීරිස් එකක් කරා ලංකාවේ ප්‍රසිද්ධ අය එක්ක. මටනම් දිරෙව්වේ නැහැ.

      Delete
    3. අරූ,

      නිම්මි හරස්ගමත් ඒ පැත්තෙ තමයිලු. ඒත් මම දන්න විදිහට ඒ ගොල්ලො කොළඹ කිට්ටුවක පදිංචිය....

      Delete
  12. හරි රවී බැලුවා අදත් නෝ කමෙන්ට්ස්

    ReplyDelete
    Replies
    1. Right Helapa, No Problem..I Know the law Putha...:)

      Delete
  13. හ්ම්ම් අපි ඇවිත් ගියා රවි අයියෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්....:)

      Delete
  14. මේ ලියන විදිහටද මන්දා කතාවේ දුක දෙගුණ වෙලා පේනවා.. :( ලස්සන ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. සයුරි,

      බොහොමත්ම ස්තූතියි සයුරි...:)

      Delete
  15. හරිම දුකයි රවී... අර එයාගෙ පින්තූර පුච්චල දැම්මෙ අපරාදෙ... පස්සෙ කාලෙක අපේ අම්ම විතරක් නෙමේ අත්තම්මත් නම් හරියට දුක් වුනා එයාලගෙ නැතිවුනු දරුවො සහෝදරයින්ගෙ පින්තූරයක්වත් නැති එක ගැන... ඇත්තටම පින්තූරයක් අරගෙන නෑ කවදාවත් ඒ අය... ඒ උනාට එක එක අය හිත හදාගන්නෙ එක එක විදියටනෙ... ඔයාගෙ නෝනට ඒ පුංචි කාලෙ ඔය වේදනාව කොහොමට දැනෙන්න ඇතිද...

    ReplyDelete
    Replies
    1. මියුරු,

      / ඒ උනාට එක එක අය හිත හදාගන්නෙ එක එක විදියටනෙ... /

      සම්පූර්ණ ඇත්ත කතාව..සමහරු පින්තූර බලල හිත සනස ගන්නව. සමහරුන්ට පින්තූර දකින්ඩ දකින්ඩ දුක වැඩියි…

      / ඔයාගෙ නෝනට ඒ පුංචි කාලෙ ඔය වේදනාව කොහොමට දැනෙන්න ඇතිද…/

      අපෙ හාමිනේ මා එක්ක කියල තියනව ඒ දුක දරාගන්ට බොහොම අමාරු උනාට පොඩි කාලෙම එහෙම දෙයක් වෙන එක පස්සෙ ජීවිතේ ඕනම දුකක් කරදරයක් දරාගන්ට පන්නරයක් උනාය කියල.

      අනික එයාලගෙ දෙමව්පියන්ගෙ එතනින් පස්සෙ දරුවො ගැන මහ විසාල මහමෙරක් වගෙ බලාපොරොත්තු තිබ්බෙත් නැහැලු. මම කියන්නෙ මේ දොස්තරල ඉංජිනේරුවො වෙන්ට ඕනය කියල. උඹල හොඳ මිනිස්සු උනොත් ඇතිය කියලයි එයාලගෙ අප්පච්චි හැමවෙලේම කියල තියෙන්නෙ. එහෙම හිතන එකත් මට හිතෙන්නෙ ජීවිතේ අරවගෙ දරුණු දුකකකට මූණ දුන්නට පස්සෙ ඇතිවන උපේක්ෂාසහගත තත්වයක්.

      Delete
  16. හැමද ම මේ බ්ලොග් එක කියෙවුවට අදයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ,හැමදාම හිනවුනට අදනම් අන්තිම පේලියට කලින් පේලිය කියවනකොට කවදාවත් නැතුව ඇස්දෙකට කදුළු ආව ඇයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. මහිම,

      ස්තූතියි මහිම ...:(

      Delete
  17. චුට්ටි අයියාගේ කතාවේ කොටස් දෙකම එක වර කියෙව්වා. පළමු කොටසෙන් අනගි ශෝකී රසයක් මතු කරලා තිබ්බා . ඒ සමගම දෙවන කොටසේ එන ශෝකාන්තය උහුලා ගන්න පුළුවන් මනොභාවයකුත් හදලා තිබ්බා .මේ ලියවිල්ල හරි අගෙයි රවී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලක්...:)

      Delete
  18. අපි ඇවිත් ගියා......

    ReplyDelete
    Replies
    1. ආවෝ ගියෝ.......එහෙම කියනව මෙරුවන්ට......:)

      Delete
  19. කමෙන්ට් එක ගිය සැරේ එකමයි....

    ReplyDelete
    Replies
    1. උත්තරෙත් ගිය සැරේ එකමයි ජෙනරාල්.....:)

      Delete
  20. Replies
    1. තිසර,

      දුකම විඳින්නට දුක උහුලන්නට දුකින් උපන් දරුවෝ…..
      දුකට වරම් ලද මිහිමවගේ දරුවෝ මිහිතලයේ දෙවියෝ …..

      Delete
  21. ඉතාම මනරම් රවී ඉතාම මනහරයි රවී

    ReplyDelete
    Replies
    1. බොහෝසේ තුති ඔබට, ගුණසිංහ මහත්මා....:)

      Delete
  22. Mata kiyanna wachana natho..........

    ReplyDelete
    Replies
    1. Sacheera,

      Then you can be called a " Speechless Wonder " Heh, heh….

      Delete
  23. hamadakama hodakuth thiyanawalu,

    ReplyDelete
    Replies
    1. “I believe that everything happens for a reason. People change so that you can learn to let go, things go wrong so that you appreciate them when they're right, you believe lies so you eventually learn to trust no one but yourself, and sometimes good things fall apart so better things can fall together.” ― Marilyn Monroe

      Delete
  24. ඒ චුට්ටි අයියා මගෙත් චුට්ටි අයියා වගේ ඒ තරම් දැනුණා.කණගාටුයි රවීයියේ....!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...