විමලෙය බටු මිරිස් පාගාගෙන ගිය කතාව අන්තිමට මම කිව්ව් බොලාට මතකෙයි ? උගෙ වාංපතුල් කතාව ඊලඟට කියඤ්ඤංය කියාල හිට තමයි හිතාන හිටියෙ. ඒ කතාව කියන්ට ගිහිල්ල අර කොහෙද යන කබරයෙක් එක්ක ඔට්ටුවෙලා වෙච්චි වැඩේ ඒ කතාව කියන්ට බැරිම වෙලා ගියා. ඊටත් පස්සෙ නයි ගැනයි මාලිංගලා ගැනයි කොන්ත නෝනල ගැනයි අන්තිමටම අර ලලනාව නිසා මෙරිල් ලොක්කි ගැනයි ලියන්ට වෙච්චි නිසා වාංපතුල් කතාව ඩිංගෙං ඩිංග මගෑරිලා ගියා. හරි අද ඔන්න ඒක කියන්ටයි මේ හදන්නෙ.....
රයිට් එන්ඩ බලන්ඩ කට්ටියම පං පැදුරු එහෙම උහාගෙන. දිගඇර ගන්ට ඔය ඉඩ තියෙන තියෙන කොහෙං හරි...බණ අහන්ට ගිහිල්ල වගෙ නිදාවැටෙන්ට ඔට්ටු නෑ හොඳද?
බණ අහන්ට ගිහිල්ල නින්ද ගිය චාලට් අක්කගෙ කතාව අහල තියද?..එක්කොත් ඕන නෑ.. ඒක සුට්ටක් විතර අසබ්බිය පැත්තට බරයි.කාලෙකට ඉස්සර මම ඔය කතාව ලිව්ව අන්තිම පේළියෙ.
මොනම දේකට හරි පුරුදු උනහම ඒක අතෑර ගන්ට බෑ. දැං මේ පඳුරු වටේ තැලිල්ලටත් වෙලා තියෙන්නෙ අන්න ඒක. මටත් ඒක ඇබ්බැහි වෙලා. ඔබ තමුන්නාන්සෙලත් මෙතෙන්ට එන්නෙ පඳුරු වටේ තලනව බලන්ටම හිතාගෙන. එහෙම තලන්නෙ නැතුව ලබ්බ ගලේ ගැහුව වගෙ කතන්දරේ කියැව්වොත් මට නෙසෑහෙන්ට වගපල කියන්ටත් බැරි නෑ..හුහ්, කොයි බොල උඹෙ පඳුරු තැලිල්ල? අපි මේ ආවෙ ඒක බලන්ටමය. බොට වටිනවය තැලිල්ල අතෑරල මෙහෙම එක පාරට කතාව කියන්ටය...අරකද මේකද කියල. ඒ නිසා ඉන්ටලාකො සුට්ටං පඳුරු තැලිල්ලක් කරලම ඉන්ට.
මේ පඳුරු තැලිල්ල බණ අහනවාට අදාලයි හොඳද? ඔන්න එක ගමක් තිබ්බලු. ගමේ එක පන්සලක් තිබ්බලු. පන්සලේ එක හාමුදුරුකෙනෙක් හිටියලු. මේ ගමේ හිටියලු ටිකක් වයසක පාහෙ හීරළුවෙක්.හීරළුවයි කියන්නෙ සිවුර ලූ කියන තේරුමෙන්. දෙහිගහ උඩ වනල යනව කියන්නෙත් ඕකටම තමයි.
" හුහ්, ඒ උන්නාන්සෙගෙ කල්කිරියාව නං මට ඇල්ලුවෙම නෑ. දැක්කනෙ අර තේඋඩිච්චියො රැලත් වට කොරගෙන බෝ මළුවටම ඇහෙන්ට පලාපු කැකිරි පැලිල්ල. මයෙ ඉහේ උකුණො බිමට පැන්නෙ නැතුව විතරයි, මේ ඇත්තමයි. තව ඒ හැටි කාලයක් යන්නෙ නෑ මම අද කිව්ව කියල හිතාගනිල්ල. ඔය උන්නාන්සෙ චීවරේ දෙහිගහේ වනල ඔය මාර දූතියක් එක්ක හඳ පානෙ ගියේ නැත්තං මට ඉජුහ් ඉජුහ් කියාපල්ල.... ඉජුහ් ඉජුහ්..."
එහෙම තමයි දාහක් බුදුන් බුදුවන පාලොස්සක පෝය දවසෙ දස සිල් සමාදං වෙච්චි අපේ සර්දාවන්ත උපාසිකාවො. ඔව්, විසාකා,සාමා, බන්දුල මල්ලිකා යනාදී වසයෙන් වූ බවුද්ද සාසනයේ මහා උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන්නාවූ මහෝපාසිකාවො බෝ මලුවෙ ඉඳගෙන දර්ම සාකච්චා පවත්වන්නෙ...
ඔය හීරලුව කියන එක ටිකක් විතර අපහාසාත්මක වගෙ හින්ද අපි මෙතන ඉඳල යොදමු උපැවිදි කියන වචනෙ.බොලාට ඒ වචනෙ පුරුදු වෙනකල් මම විතින් බ්‍රැකට්ස් තුල දාන්නං හීරළුවා කියල මෙන්න මෙහෙම . උපැවිද්දා ( හීරළුවා ) උපැවිද්දා කිව්වම නිකං දුන්නෙං විද්දා වගෙ අදහසකුත් එනව වගෙ නේද?...හෙහ්, හෙහ්....
හරි කොහොම හරි අර උපැවිද්දා ( හීරලුවා ) ඇවිල්ල මහම වාතයක් ඇණයක්, තුවාලයක්,පේන් ඉන් ද ආස් වෙලා හිටියෙ අර මම කියාපු හාමුදුරුවන්ට.
උපැවිද්ස්ගෙ ( හීරල්ස් ) හාමුදුරුවරු එක්ක පුදුම තරහක් තිබ්බෙ. එහෙම වෙන්ට හේතු කීපයක් තිබ්බ. එක හේතුවක් විතරක් කියන්නම්. මොකද අනික් හේතු කියන්ට ගියොත් අර බී.බී. එස්. ( Bloody Bull Shit ) කස්ටිය රෙදි... සමාවෙන්න, චීවර කරට අරගෙන එන්ට බැරි නෑ මේ පැත්තෙ.
ඒ කියන්ට පුලුවන් හේතුව තමයි ඔය ලංකාවෙ පංසල් වල පැවතගෙන එන පංසලේ අයිතිය පරම්පරාවට බාර දෙන සිරිත. මේ කාලෙ නම් කොහොමද කියන්ට දන්නෙ නෑ ඒත් අපි හිච්චි එවුං කාලෙ ඔය සිරිත තදේටම තිබ්බ. පංසලේ නායක ගොයිය අපවත් වෙන්ට කිට්ටු වෙනකොට තමංගෙ පරම්පරාවෙ කවුරුහරි පොඩි එකෙක් මහණ කරනව තමංගෙං පස්සෙ පංසලේ අයිතිය බාරවෙන විදිහට වැඩේ සැට් කරල.
මම ඕක සහසුද්දෙම්ම දන්නෙ මටත් පොඩි කාලෙ ඔහොම ඔෆර් එකක් ආපු හින්ද....හෙහ්, හෙහ්, අපෙ අම්මයෙ මාම කෙනෙක් වෙන හාංදුරු කෙනෙක් උන්න ඔය ටිකක් දුර බැහැර පංසලක නායක පදවියෙ. ඉස්තානෙ ඇවිදිල්ල හිට රජමහ විහාරයක් දන්නවද? සෙල්ලං නෑ හරිය?....ඉතිං අම්ම මයෙං ඇහුව..පුතේ උඹ කැමතිය මහණ වෙන්ට? කියල....ඒ දවස් වල මයෙ බඩ බැඳ ගත්තු යාලුව තමයි ගල් වල ගාව ගෙදර ජයසීලි..මම කිව්ව හා. මං කැමතියි, හැබැයි ජයසීලිවත් එක්ක යන්ට ඕනෙ කියල. එහෙම බෑනෙ කියාපි අම්ම. එතනිං රජමහ විහාරෙ නායක පදවිය පිළිබඳ ඔෆර් එක අහවරයි.
පස්සෙ ඒ ඔෆර් එක අපෙ පුංචි අම්මයෙ පුතාට ආව. ඒකා නම් මහණ උනා. ඒත් අර නායක උන්නාන්සෙ අපවත් වෙනකල් වත් ඒ අසමජ්ජාතිය හිටියෙ නෑ සිවුරෙ. දෙහිගහේ වනල ආව..යස්..උපැවිදි උනා…
අම්මප මට අනන්ත හිතිල තියෙනව අපරාදෙ එදා ඒ ඔෆර් එක බාර ගත්තෙ නැත්තෙ කියල..අම්මද බොල එහෙනං කොහොමද මම අද?...යාන වාහනද? කන්ට බොන්ටද? අතට පයට රූමත් මානවිකාවන්ද? ශිහ්, කියල වැඩක් නෑ..මොකදෑ කොරන්නෙ ඉතිං?..ලැබීම නෑ ළමයි. ලැබීම නෑ...
Right after a spot of B.A.B. ( Beating about the Bush ) now lets get back to the story...පඳුර වටේ තැලීමකින් අනතුරුව යලි ප්‍රධාන කථා වස්තුව වෙත....
ඉතිං අර උපැවිද්දටත් වෙලා තීයෙන්නෙ ඔන්න ඕක. වෙනත් නොයෙක් දුක් කරදර, සිත් බිඳීම් ඔක්කොම විඳ දරාගෙන පන්සලේ හිටියට අන්තිමට ඒ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ ලොකු හාමුදුරුවො පංසල බාර දෙන්ට හිතාගෙන තමංගෙ බෑණෙක්ව ගෙනල්ල මහණ කරපු දවසෙ.එදා මිනිහ රෑ දෙගොඩහරියෙ පංසලට ආයුබෝවන් කිව්ව සදහටම. පස්සෙ පවුලක් පංසලක් කරගෙන දෙයියනේ කියල හිටියට මිනිහගෙ අර හාමුදුරුවරු එක්ක තිබ්බ තරහ හිතේ පැහැව පැහැව තිබ්බ.
ඉතිං මිනිහ කලේ මොකක්ද පෝය දවසෙ හාමුදුරුවො බණ කියනවනෙ. ඔන්න ඉන්නව ඉස්සරහටම වෙලා. ඒ කරල හාමුදුරුවො කියන බණ කතාවෙන් මොකක් හරි කොටසක් අල්ලගෙන කිසිම තේරුමක් නැති ප්‍රශ්න අහල හාමුදුරුවො විහිලුවට ලක් කරල දානව.හාමුදුරුවන්ට මේ වැඩේ හින්ද ජීවිතෙත් එක්ක එපා වෙලයි තිබුනෙ. දවසක් අල්ලපු ගමේ පන්සලේදි හාමුදුරුවො මේ විස්තරේ කිව්ව එහෙ හාමුදුරුවො එක්ක බොහොම දුකසේ.
" හැබෑට? ඒකත් එහෙමද?...හරි ස්ථවිර බයවෙන්ට ඕන කමක් නෑ. ලබන බදාදනෙ පාලොස්වක පෝය. මම එන්නම් එදාට බණට...."
අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව. තට්ටෙත් අත ගගා…
ඔන්න දවසක් හවස ගමට එන අන්තිම බස් එක .....පොල් පටෝල සෙනඟ. ආය නෑ ඇඟිල්ලක් ගහන්ට ඉඩක්. අපෙ ජේමිස් මාමත් ඉන්නව බස් එකේ ඉස්සරහ හාමුදුරු සීට් එක ගාවම හිටගෙන. උන්දැ එදා කොරටුවෙ බුලත් ටික ටවුමට අරං ගිහිල්ල විකුණල හන්දියෙ බාර් එකෙන් කාලක් ක්‍රියාකරල අප්පමාදෝ අමර පදං වෙලයි හිටියෙ. බස් එකේ කවුලුවලිං එන හුලං පාරට මතේ තවත් වැඩි වෙල හීංවට වගෙ නින්දකුත් යනව. ඔය අස්සෙ බස් එක එලවන කිරි බණ්ඩ ෆුල් ඩම් දාල හිටගෙන කපනව ස්ටියරිං එක... වැලමිටි වංගුනෙ පාර දිගටම.බස් එක වංගු ගන්නකොට ජේමිස් මාම එහෙම්මම පැද්දිල ගිහිල්ල නතර වෙන්නෙ අර ඉස්සරහම සීට් එකේ ඉඳගෙන හිටපු හාමුදුරුවංගෙ කරේ හාමුදුරුවොත් දෙතුං පාරක්ම ඔළුව උස්සල ජේමිස් මාම දිහාවෙ රවල බැලුව. මොන? උන්දැට කොහෙද එව්ව පේන්නෙ මේ වෙලාවෙ.....
ඔන්න ආයෙම වැලමිටි වංගුවක්..කිරි බණ්ඩ ආයෙම නැඟිටල කැපුව. ජේමිස් අයිය ආයෙම පාවෙලා ගිහිල්ල මේ පාරනම් ඉන්ද උනා හාංදුරුවංගෙ කර උඩම. හාමුදුරුවන්ට මෙදා පොටේ නම් තද උනා කියන්නෙ තට්ටෙත් එක්ක රතු උනා පිනිජම්බුවක් හා සමානව..
" හා, හා, නගිනව නගිනව මගෙ ඔලුව උඩටම….."
හාංදුරුවො ගර්ජනා කලා ඉවසුං නැති කේන්තියෙං,
ඔන්න ඒ සද්දෙට තමයි ජේමිස්සයියගෙ හොඳ සිහිය ආවෙ. උන්දැ අඩවන් වෙල තිබ්බ ඇස් දෙතුන් පාරක් ඇහිපිල්ලං ගහල ඊට පස් සෙ ඇස් හීං කරල එබිල බැලුව හමුදුරුවො දිහාවෙ. ආයෙම නලලත් රැලිකරගෙන බලා හිටිය හාමුදුරුවන්ගෙ තට්ටෙ දිහාවෙ. ඒ කරල නැමිල වැන්ද හාමුදුරුවන්ට…
" අවසර ….නෑ කමක් නෑ අපෙ හාමුදුරුවනෙ..අද මට සුට්ටක් වැඩියි වගෙ. ඔතන ලිස්සන්ට ඇහැකි, මම මෙතනම ඉන්නං, ආරාදනාවට බොහොම ඉස්තූතියි "
උන්දැ එහෙම කියල ආයෙම හාමුදුරුවංගෙ කරට හේත්තු උනා.
ඔන්න ඉතිං කිව්වත් වගෙ පෝය දවසෙ අල්ලපු ගමේ පන්සලේ හාංදුරුවො වැඩපි බණට.ඊස් මීස් නෑ සෙනඟ. ඔන්න හාමුදුරුවො දැහැත් විටක් කාරිය සප්පායං වෙල පටන් ගත්ත බණ දේසනාව. සිදුහත් කුමාරය බුද්ධත්වයට පත්වීම තමයි එදා මාතෘකාව.
" ඉතිං පිංවතුනි, මේ සිදුහත් තාපසය සුජාතා සිටුදියණිය පූජ කරපු කිරිබත් අනුභව කරල එහෙම ඒ අසලින්ම ගලාගිය නේරංජනා ගංගාව අසලට ගිහිල්ල මේ විදිහට අධිෂ්ඨානයක් කරනවා……….අද දින මගේ සම් මස් ඇට නහර……...."
හාමුදුරුවන්ට එච්චරයි කියන්ට හම්බ උනේ. අපෙ කතානායක උපැවිදි තෙමේ නැඟී සිට මෙසේ පැවසීය.
" අවසර අපෙ හාමුදුරුවනේ, මට පොඩි ගැටළුවක් ඇතිඋනා, ඒ ගැන ඔබ වහන්සෙගෙන් විමසන්ට අවසරද? "
ගමේ හාමුදුරුවො අදාල පුද්ගලයව කලින්ම පෙන්නල දීල තිබ්බෙ මේ ආගන්තුක හාමුදුරුවන්ට.." අන්න අර ඉන්නෙ..ඔය යකා තමයි දෙවිදත්තරය" කියල.
ඉතිං අර බණ කියන හාමුදුරුවොත් සිනා මුසු මුහුණින් කිව්ව මෙහෙම….
" නෑ, නෑ, උපාසක මහත්මය ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මම හරිම සන්තෝෂයි. අපි බණ අහනකොට ඔය කියන ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට සාදු...සාදු කියල වැඩක් නෑ. බණ අහද්දි හිතේ ඇතිවෙන යම් යම් කුකුස්, ගැටළු ඒ වෙලාවෙම අහල විමසල විසඳ ගන්ට අවශ්‍යයයි.බොහොම හොඳයි උපාසක මහත්මය . කියන්න බලන්න ඔබට ඇතිවුනු ගැටළුව.."
" මේකයි අපෙ හාමුදුරුවනෙ. මට ඇතිවුනු ගැටලුව..දැන් ඔබ වහන්සෙ ඔය නේරංජනා නම් ගංගාව ගැන කිව්ව නෙව. එතකොට ඔය නේරංජනා නම් ගංගාව පටං ගන්නෙ කොතනින්ද? මට දැනගන්ට ඕනෙ අන්න ඒක……"
" ආන්න බලන්න පින්වතුනි. මේ උපාසක මහත්මයට ඇතිවෙලා තියෙන්නෙ එසේ මෙසේ පුද්ගලයෙකුට ඇතිවෙන ගැටළුවක්, ප්‍රශ්නයක්, කුකුසක් එහෙම නෙවෙයි. ඉතාම බුද්ධිමත් ඒ වගේම සසර පුරා ධර්ම ගවේෂණයේ යෙදෙන මහ පිනැති බුද්ධිමතෙකුට පමණයි මේ වගෙ විචිකිච්ඡාවන් පහළ වෙන්නෙ.ඇත්තටම මේ වගෙ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ ඔය හැමෝටම කියා දෙන එකත් තේරුමක් නැති වැඩක්. ඒ නිසා මම ඒ ගැටලුවට පිළිතුර ඔය උපාසක මහත්මයට විතරක් කියන්නම්. එන්නකො ඔය උපාසක මහත්මය මේ මාලඟට. හරි තව ටිකක් එන්න. හරි අපි ආයෙම බලමු මොකක්ද මේ ගැටළුව කියාල...නේරංජනා නම් ගඟ පටං ගන්නෙ කොතනින්ද? ඒක නේද ඔය මහත්මයගෙ ගැටළුව? "
" එහෙමයි අපෙ හාමුදුරුවනේ……"
" හරි මේ කණ පත් කරන්ටකො මෙහාට..ආන්න එහෙම…….නේරංජනා ගඟ පටං ගන්නෙ තොගෙ ****ගෙ රෙද්ද අස්සෙං "
" මම හිතන්නෙ ඒ උපාසක මහත්මයගෙ සියලු සැක දුරුවෙලා ඒ ධර්ම ගැටළුවට නිසි පිළිතුරක් ලැබුනයි කියල මම හිතනව.... මේ අනෙකුත් පිංවතුන්ටත් අවශ්‍යනම් ඒ පිළිතුර මේ උපාසක මහත්මයගෙන් නිවාඩු පාඩුව අසා දැනගන්ට පුළුවනි. හරි මම මේ කිය කිය හිටියෙ එතකොට සිදුහත් තාපසය නේරංජනා ගං ඉවුරට ගිහිල්ල..........."
හොඳ සුට්ටං පඳුර වටේ තැලිල්ල ඈ??
ReplyDeleteකෝ බං විමලෙයගෙ වාං පතුල්??
මං දන්නෙ මෙච්චරයි ..
උඹට මේ සම්මජ්ජාතියෙ ඔය විමලෙය ගැන කියල අහවර කරන්ඩ වෙන්නෙ නං නෑ ඔහොම ගියොත්.. ඒ වුණාට වැඩේ තියෙන්නෙ අර කියන්නැහෙ අපි එන්නෙම උඹේ පඳුරු තැලිල්ල බලාගෙන නෙව මෙතෙන්ට...
/ කෝ බං විමලෙයගෙ වාං පතුල්?? /
Deleteදෙදරන දඟර සුළං කිව්වලු..අම්මප වාං පතුල් සීන් එක ලියලම නෑනෙ නේද? හප්පොච්චියේ නඟේ වස වැරැද්දක්නෙව වෙලා ඇත්තෙ..හරි හරි වහාම ලියනව..වහාම ලියනව....
මයෙ යාලුවෙක්ට ගෙයක් ඇඳල දෙන්ට පොරොන්දු උනා මම. ඔන්න යනව උදේම උංගෙ ගෙදර...ඌ එක්ක සාකච්ඡා කරනව ඌට නිදන කාමර කීයක් ඕනද ඔන්න ඔහොම. ඒ කරල ඌ කියනව.." මචං හීන්වට එකක් ඇනගමුද? එතකොට තමයි ඔය අයිඩියාස් එන්නෙ බුසු බුසු ගාල..." මමත් ආය මොනවද පනින රිලවට ට්‍රැම්පොලීන් එකකුත් දුන්න වගෙ..." ඕකේ මචං " කියල වැඩේට ඇන්ටර් වෙනව..ආය මොන ගෙවල් ඇඳිලිද?....අසබ්බිය සිංදුවකුත් කියල තමයි වැඩේ ඉවර වෙන්නෙ..
ඔන්න කොහොම හරි ඕකා බඳිනකලුත් ගේ ඇඳුනෙ නෑ කිව්වම. එතකනුත් වැඩේ ප්‍රෝග්‍රස් වෙලා තිබ්බෙ මෙච්ච්‍රයි. ඌයි මායි එකඟ වෙලා තිබ්බ ඌට ඕන බෙඩ් රූම්ස් තුනක ගෙයක් ඇටෑක් කකුස්සි එකක් තියෙන්න ඕන. එච්චරයි.
බැන්දට පස්සෙත් කීප දවසක් ගියා වීක් එන්ඩ්ස් වල ගෙවල් ඇඳිල්ලට. පස්සෙ උන්දැගෙ අලුත ගෙනා මනමාලි දැම්ම කොක්ක. මගෙ වීසා කැන්සල් කලා එවුන්දැ...හැබැයි පුදුම වැඩේය කියන්නෙ නඟේ එහෙම මට තහනම් නියෝග පනෝල සති දෙකක් ගියෙ නෑ උංගෙ ගෙයි ප්ලෑන් එකත් ඇඳිල ප්‍රාදේසීය සබාවෙං අනුමැතියත් හම්බ වෙලා සුබ මොහොතිං ගෙයි වැඩත් පටං ගත්ත...
/දෙදරන දඟර සුළං කිව්වලු/
Deleteමගුලක් කියනව... ඕක කැප්ටන් හැඩොක් කියන්නෙ කැරකෙන දඟර සුළං කියලනෙ අයියෙ
/ඇටෑක් කකුස්සි එකක් තියෙන්න ඕන./
මේක දැක්කම මට මතක් වුනේ මං කාලයක හිටිය කැම්පස් යන කාලෙ මරදානෙ බෝඩිමක... පිස්සුම හැදෙනව... ඒ ගැන වෙනම ලියන්ඩ වෙනව බ්ලොග් පෝස්ට් එකක්. ඕං ඒ බෝඩිමේ ඇන්ටි දවසක් අංකල් එක්කල වලියක් ගිහින් එක කෙලියයි... මරහඬ දීල අංකල්ට බනිනව. අංකල් නෙවෙයි මීක් කියන්නෙ දැන්.. ඔය දවස්වල යුද්දෙ බරටම යන කාලෙ. කට්ටිය යුදෝන්මාදයෙන් හිටියෙ. ඉතිං සාමාන්‍ය බැනගැනිල්ලකදි වුණත් ඔය කඩු කිනිසි ගැන එහෙම නෙවෙයි කතා කළේ. කෙලින්ම ටී පනස් හය, රොකට් ලෝන්චර්ස් සහ මල්ටි බැරල් තමයි ඒ දවස්වල වාග් කෝෂයේ වැඩියෙන්ම තිබුණෙ ඒ පැත්තෙ කට්ටියගෙ. දැන් කොහොම හරි අපි කතා කලේ අපේ බෝඩිමේ ඇන්ටිගෙයි අංකල්ගෙයි වලිය ගැනනෙ. කොහොම හරි අන්තිමට අංකල් එක්ක ඇන්ටිගෙ මල උපරිමේටම පැන්න පාර උන්දැ මේං මෙහෙම කිව්ව
මල හත්තිලව්වෙ මං මෙච්චර බයිද්දිත් මේ මිනිහ කටයි *කයි වහගෙන ඉන්නෙ. ඇත්තමයි මං ඩ්‍රෙනේජ් බෝම්බයක් ඇදගෙන මැරෙනව මේ මිනිහත් එක්කම.
හික් හික්..(මට බං ජනුවෝ දැං උඹලා වගේ තමයි හිනා වෙන්න වෙලා තියෙන්නෙත්. මේ යස්සයා හෙහ් හෙහ් ගාලා හිනාවෙන එකට කොපිරයිට් මගුලක් අරං නිසා.)
Deleteමගේ යාලුවෙක් ඉන්නවා බස් කෙරුවාව කරන. මූට තිබ්බ එක බස් එකක් අර චීන Great Wall බස් එකක්. ඉතින් අම්මා විස්තරේ කියන්නෙ මෙහෙම. අද ඉසුසුව විතරයි වැඩ, ග්‍රේට් හෝල් එක අන්න ගැරිජ් එකේ.
januu,
Deleteඅඩේ උඹට ෂුවර්ද හැඩොකා කියන්නෙ කැරකෙන දඟර සුළං කියලයි කියල.මට නම් මතකම " දෙදරන දඟර සුලං , බිබිලි නඟින බෙලිකටු කියලයි. ඔය අර ඔරිජිනල් පොතේ කියන Thundering typhoons and blistering barnacles එකේ පරිවර්තනයනෙ...හෙහ්, හෙහ්,
යුද්දෙ ගැන කියද්දි ඔන්න තව කතාවක් මතක් උනා...යුද්දෙ සැරටම යන කාලෙ ආමි එකේ කොල්ලෙක් ගෙදර ඇවිල්ල හිටිය නිවාඩුවට. පොර නිවාඩු පිට හිටියත් කොයි වෙලාවෙත් යුද්දෙ ගැනම තමයි සිහිය තිබ්බෙ...
ඔන්න කොල්ලගෙ අක්ක බලන්ට ආව මනමාලයෙක්. දැං කට්ටිය තේ එහෙම බීල ඔන්න සාලෙ ඉඳගෙන සතුටු සාමීචියෙ යෙදෙනව මනමාලි එනකල් පඩික්කමත් අරගෙන...කොල්ලත් වැඩි කතාවක් නෑ. පැත්තකට වෙල ඉඳගෙන ඉන්නව සද්ද නැතුව පත්තරේකුත් බල බල.....ඔය අතරෙ මනමාලයගෙ අම්ම ඇහුව අපේ පොරගෙං " මේ පුතා පලාලි වල කිව්ව නේද මේ දවස්වල ඉන්නෙ? කොහොමද පුතේ එහෙ තත්වෙ? " කියල.
කොල්ල ටික වෙලාවක් ඒ මනුස්සය දිහා බලාගෙන හිටිය. ඒ කරල එක පාරට මැදතිබ්බ පොඩි මේසෙත් පෙරලගෙන ඩවුන් ගියා. අරක උඩ තිබ්බ කෙහෙල් ගෙඩි, වැලි තලප, වෙල්ල වැහුං, උඩ බැලුං අරවද මෙව්වද ඔක්කොම සී සී කඩ. මිනිහ බඩ ගාගෙනම ගිහිල්ල ගත්ත මුල්ලෙ තිබ්බ කොස්ස. දැං කට්ටිය තුස්නිම්බූත වෙල බලාගෙන ඉන්නව කටවලුත් ඇරගෙන. තුවක්කුවත් උරුක් කරගෙන මිනිහ බඩ ගාගෙන යන්ට පටන් ගත්ත සාලෙ පුරා. අර ආපු මිනිස්සුංගෙ කකුල් මැදිං, බිම වැටිල තිබ්බ කෙහෙල් ගෙඩි පොඩි කරගෙන, එක ජංජාලයයි.
ඩිෂූම්..ඩිෂූම්....පට..පට...පට..පට…….. ඒ වෙඩි සද්දෙ
අන්තිමට සාලෙ තිබ්බ සැටිය යටට වෙල මිනිහ හිටිය සද්ද නැතුව සෑහෙන වෙලාවක්. කට්ටියත් මීයට පිම්බ වගෙ ඔන්න මොකක් වෙයිද ඊලඟට කියල හිතාගන්න බැරුව. ඔන්න ටිකකිං කොල්ල එළියට ඇවිල්ල කොස්ස ආයෙම මුල්ලෙ හේත්තුකලා. ඇඳේ දූවිලි මකුළු දල් එහෙම එහෙම් මෙහෙං ගසා දාල ආයෙම අර කලිං ඉඳං හිටපු පුටුවෙම ඉඳ ගත්ත. අර බල බල හිටපු පත්තරේ ආයෙම අතට ගත්ත.
මනමාලයගෙ අම්මගෙ මූණ දිහාවෙ බලල " ඔන්න ඕක තමයි ආන්ටි පලාලිවල දැන් තත්වෙ " කියල කිව්ව. ආයෙම පත්තරේ බලන්ට පටන් ගත්ත.
//අඩේ උඹට ෂුවර්ද හැඩොකා කියන්නෙ කැරකෙන දඟර සුළං කියලයි කියල.//
Deleteමටත් මතක හැබැය් දෙදරණ දඟර සුළං කියල තමා..
ඊළඟ කෑල්ල තවත් රසවත්ද කියල මන් මෙ මන්චි ඇපල් පෆ් එකකුත් තියන් බලන් ඉන්නෙ :)
dedarana thamaa :)))
Delete@ මෙකුවි,
Deleteඅඩේ ආයෙ නෑ බොල, මෙතනිං එහාට තියන බවුද්ද සාහිත්තියෙ කතා ඔක්කොම අසබ්බිය ගනයට ගැනෙන්නෙ. ඒ නිසාවෙන් එව්ව ලියන්නෙ නෑ...අර තියෙන්නෙ " වැඩේ නම් බොහොම අපූරුයි පොඩි නම .ඒත් ** **** ** " කියල. අන්න ඒ වගෙ එව්ව..හෙහ්, හෙහ්, ( Trade mark registered )
හරි, හරි උඹ ඇවිල්ල මයෙ බොහොම හිතේසිවන්ති නිසා තව සබ්බිය කතාවක් කියඤ්ඤංකො..මේක අහලත් ඇතිද මංද..ප්‍රසිද්ද කතාවක්...
ඔන්න එක පංසලක හිටියෙ වයසක නායක උන්නාන්සෙයි ඇබිත්තයයි විතරයි. ඇබිත්තය ඇවිල්ල අවුරුදු 12,13 වයසෙ. සෙල්ලං වයසනෙ, මේ යකා කොයිම වෙලාවකවත් නෑ පංසලේ, අහල පහල කොල්ලො කුරුට්ටො එක්ක සෙල්ලමේම තමයි දවසම. නායක හාමුදුරුවො අණ කරල තිබ්බ කොයි වෙලාවෙත් උයනගෙයි තිබ්බ ගුරුලේත්තුව පුරවල තියන්නයෙයි කියල. ළිඳේ වතුර පෙරහංකඩකිං පෙරල තමයි දාන්න ඕන. මොකද හාමුදුරුවංගෙ විස්වාසයක් තිබ්බ නැත්නං වතුරෙ ඉන්න පොඩි පොඩි සත්තු පෙවෙනවයි කියල.
දවසක් ඔන්න හාමුදුරුවො හවහ දානෙං පස්සෙ සුට්ටං සැතපිල්ලක් කාරිය දාල අවදිවෙලා බැලින්නං ගුරුලේත්තුවෙ වතුර කඳුලක් නෑ.ඒ පාර මිදුලට බැහැල කෑ ගැහුව ඇබිත්තයට. ඕං කොහෙද ඉඳල දුවගෙන ආව දාඩිය පෙරාගෙන.
" උඹට මම කියල තියනව නේද කොයි වෙලෙත් මේ ගුරුලේත්තුව පුරවල තියන්නෙයි කියල. පලයං ගිහිල්ල ළිඳෙං වතුර එකක් ගෙනල්ල පුරවපං " ලොකු හාමුදුරුවො ගෝරනාඩු කලා.
ඇබිත්තය රූං ගාල දුවගෙන ගිහිල්ල ගෙනාව ළිඳෙං වතුර බාල්දියක්. ගෙනල්ල කෙලිම්ම පිරෙව්ව ගුරු ලේත්තුවට. හාමුදුරුවංට යකු නැග්ග.
" ඈ බොල තොට මම ඔහොමද කියල දීල තියෙන්නෙ?...පෙරාපිය වතුර..මම පෙරපු නැති වතුර බොන්නෙ නෑ කියල උඹ දන්නෙම නැද්ද? "
ඔහොම බෙරිහං දීල කොල්ලට ඇන්න හොඳවයිං ටොක්කක්...කොල්ල හිතාගත්ත හිටපං උඹට මම හොඳ වැඩක් කරන්නං කියල.
පහුවදා ඔන්න දානෙකට ආරාදනයක් හම්බ වෙල වඩිනව දෙන්නත් එක්ක. ආ, සොරි හාමුදුරුවො වඩිනව , ඇබිත්තය ඒ පස්සෙං යනව. ඔය යන අතරෙ තිබ්බ ඒ දණ්ඩක්. මේ හාමුදුරුවො වයසයිනෙ. ඒ හැටි බැලන්ස් කාරිය නෑ. ඇබිත්තය අඩියට දෙකට එගොඩ උනා. හාමුදුරුවො අනේ ඒ දණ්ඩ මැදදි දබෝරියං ගාල වැටිච්චි ඇළට. ඔන්න දැං හාමුදුරුවො වතුරෙ යට යනව. " ග්ල්බ්, ග්ල්බ්, " යන අනුකරනයෙන් ආයෙ උඩ එනව. ආයෙම යට යනව. වතුරත් පෙවෙනව.
ඇබිත්තය ගොඩ ඉඳගෙන හාමුදුරුවො වතුරෙං මතුවෙන අතුවෙන වාරයක් පාසා මෙහෙම කියනව.
අවසර ලොකු හාමුදුරුවනේ..දැනුත් පෙරලද බොන්නේ?....අවසර පෙරලද බොන්නේ?
මේ ඕවා කිව්වා වගෙ නෙමය් අය්යව දැන් කොය් වෙලෙ හරි BBS ලා උස්සන් යනවා..ඔන්න අපි නම් දන්නෙ නෑ..කොහොමද අය්යගෙ මුනත්තහඩුව දාල FB එකෙ photo share වෙනකොට.. :D
Deleteමාත් අර කෝ යකෝ ඉතිං වාං පතුල් කතාව කියලා අහන්නත් කල්පනා කරලා ඒත් හිතුවා උඹ මගේ කනට කරලා අර හාමුදුරුවෝ කිව්වා වගෙ උත්තරේ කියයි කියලා. උඹ කැමති දවසක කියහංකො. අනික මේ නිදහස් සිතුවිලිනෙ...
ReplyDeleteඅනේ නෑ බං..උඹ කොරන එව්වට ඒ අහිංසක මනුස්සය මක් කොරන්නද? මම එහෙනං කෙලිම්ම උඹටම තමයි කියන්ට ඕන එක කියන්නෙ...හෙහ්, හෙහ්,( T.M.R. )
Deleteඔන්න දැං ඒ පාර මටත් ෂුවර් නැති වුණා. ඕක මගෙ කටේ තියෙන්නෙම කැරකෙන කියල.. දැං මට ෂුවර් නෑ බං අයියෙ මං කිව්ව එක හරිද උඹ කියන එක හරිද කියල.
ReplyDeleteකෝ මේ බූරයිය කොහෙ ගිහින්ද?? උන්දැ ආවනං කියයි ටක්කෙටම ඕං...
මේ කතාවකිං තව කතාවක් මතක් වෙන එක නං මාර සිරා වැඩක් මොකක් වුණත්..ඒකෙන් කමෙන්ට් අස්සෙත් කතා මැවෙනවනෙ..
හෙන්රි අයියා: ඔහෙ කමන්නෑ බං අයියෙ.. උඹ හික් හික් ගාල හිනා වෙයං.. අපි තහංචි කොපි රයිට් ඉල්ලන්නෙ නැහැනෙ...
Thundering typhoons = දෙදරන දඟර සුළං
DeleteBlue blistering barnacles = බිබිලි නගින බෙලි කටු
ජනුවට මඤ්ඤංද කොහෙද..?? :P
ඕක හැඩොක් දෙවිදියටම කියනවා... කැරැකෙන, දෙදරන... එක එක වෙලාවට.. හි හි... හැබැයි ටිකක් ෆොම් උනාම කියන්නේ “දෙදරන දඟර සුලි සුලං” කියලා....
Deleteඅහගන්නලා මගෙන්.. ඒ දවස්වල ටිං ටිං බලන්න කොට්ටාවෙන් බැහැලා, ඒක ඉවර උනාම ආයිත් බස් එකේ නැගලා පාදුක්කේ ගිය එකා මං.... හි හි....
This comment has been removed by the author.
Deleteයන්තන් ඇති. කැරකෙන කතාව ඇහිල තියෙන්නෙඅට විතරක් නෙවෙයි. බලන්ඩ දැන් හිරු හිටියෙ නැත්තන් මගෙ පැත්තට මන් කියන එක බොරු වෙනව නෙ.
Deleteලොක්කා ආයේ නම් පුරස්න අහන්න යන්න නැතුව ඇති. කළු නික කතාව වගේ තමයි.. :D
ReplyDeleteආ එක නෙවෙයි, මොකක් ද ඔය අනෙක් අය වාන් පතුලක් ගැන අහන්නේ.. ;)
Deleteඒ බං මම මේ විමලයගෙ වාං පතුල් කතාවක් කියනවයි කියල කිව්වෙ දැං සෑහෙන කාලෙකට ඉස්සර වෙල. මේ පඳුරු තැලිල්ලක් නිසාවෙන් ඒක දවසිං දවස කල් යනව නෙව. ඒකයි මේ කස්ටිය අහන්නෙ කොයි බොල අර වාං පතුල් වල කතාව කියල...
Deleteහික් ..මන් නම් ටක්කෙටම හිතුවා අදත් වාන් පතුල් නැහැයි කියලා . අවුලක් නැහැ . නුහුගුනාපිත පුරුෂයෙක් නෙව ලියන්නේ .
ReplyDeleteඅන්න බින්දිගෙ පිලොසොපිය මරු..ජීවිතේ හිත් තැවුල් දුක්ක දෝමනස්සයං බොහොම අඩුකරගෙන කූල් එකේ ඉන්න බොහොම වැදගත් ඔන්න ඔහොම හිතන එක. ඒ කිව්වෙ ඕන දේක වර්ස්ට් කේස් සිනාරියෝ කියල එකක් තියනවනෙ. ඒ කිව්වෙ වරදින්න පුලුවන් ඔක්කොම වැරදුනහම මොකක්ද වෙන්නෙ අන්න ඒක.නමෝ විත්තියෙම්ම එහෙම හිතාගත්තම කිසිම අවුලක් නෑ. එතනෙං එහාට තත්වෙ හොඳ වෙනව මිසක් නරක් වෙන්න විදිහක් ඇත්තෙම නෑනෙ .
Deleteජීවිතේ හැමදේකටම දන්න ඔය පිලොසොපිය...ඔන්න දුව විබාගෙකට යනවයි කියල හිතමු. " මේ අම්මණ්ඩිනම් මේ පාර ලකුණු දහයක්වත් ගන්න එකක් නෑ " එහෙම හිතාගන්න මුලිම්ම...ආන්න කවදාවත් බලාපොරොත්තු කඩවීම් නිසා ඇතිවන සිත් තැවුල් වැළැක්වීමේ නොවරදින මඟ...
නස් රුද්දීන්ගෙ මේ කතාව අහල තියද?
" ළිඳට ගිහිල්ල මේ කළේට වතුර එකක අරං එනව. කළේ බිඳින්නෙ එහෙම නෑ හොඳද? " එහෙම කියල නස්රුද්දීන් පුතාට පාරක් ගැහුව.
" ඇයි එහෙම කලේ? ඒ ළමය කළේ බින්දෙ නෑනෙ නේද? " මේ වැඩේ බලන් හිටපු අසල් වාසියෙක් ඇහුව.
" කළේ බින්දට පස් සෙ ගහල වැඩක් තියෙනවද? " නස්රුදීන් ඇහුවා.
මං නං හෙඩිම අප්ඩේට් වෙලා තියෙනකොටම දැනගත්තා අදත් වාංපතුල් නැත කියලා.. හි හි...
ReplyDeleteඔන්න බලාං ඉඳපංකො එහෙනං, අර කොටිය ආවෝ කියල ඇහිල ඇහිල ඒකටම පුරුදුවෙලා ඉන්න මිනිස්සු අන්තිමට කොටිය එනකල්ම දන්නෙ නෑ..හෙහ්, හෙහ්,
Deleteethakota siwura kaduru aththe thiyala yana scene ekakuth thiyanawa neda?
ReplyDeleteඅඩේ එහෙමත් කියනවද?....සිවුර කදුරු අත්තෙ වනල යනවයි කියල?...මම අහල නෑ සයුරි...ඔය දෙහිගහේ කතාව ඇවිත් තියෙනවයි කියන්නෙ මෙහෙමයි.ඔය චීවරේ පොරවනවයි කියන්නෙ සියලු ලෝක පාලක දෙවිවරුන්ගෙන් වරම් ලබාගෙනය කියනවනෙ. ඉතිං චීවරේ අතාරින එක වස් වැදෙන වැඩක් හැටියටයි සැලකෙන්නෙ. ඒකට පිළියමක් හැටියටයි පැඟිරි ගහක් යට ඉඳගෙන සිවුරු ඇරල ඒ ගහේම වනල යනවයි කියන්නෙ.පහුගිය කාලෙ හාමුදුරුවරු සිවුරු අරින එක වලක්වන්ට පන්සල්වලයි සමහර විට මුලු ගමේමයි දෙහි ගස් කප්පවල දැම්මය කියලත් ආරංචියක් ආව.
Deleteමම හිතන්නේ ඔය කදුරු ගහේ වනන්නේ සිවුර අරින්න නෙමෙයි. ටික වෙලාවකට සිවුර ගලවන්න ඕන උනොත් වගේ අන්න එහෙම මොකක් හරි සිද්ධියක්. කතා පොතක තමයි දැක්කේ. ඒකෙ ඉන්න හාමුදුරුවන්ට ජිවත් වෙන්න ක්‍රමයක් නැති වෙලා කුඹුරු කොටන්න වෙනවා. කුඹුරට බහිද්දී සරමක් ඇඳගෙන සිවුර කදුරු ගහක තියල තමයි යන්නේ :)
Delete//පන්සල්වලයි සමහර විට මුලු ගමේමයි දෙහි ගස් කප්පවල දැම්මය කියලත් ආරංචියක් ආව//
hihi
අඩේ..හරි නෙව..ඔන්න ඔයයි හාමුදුරුවො කුඹුරු කොටන සීන් එක කිව්වම මතක් උනා..ඔය කියන්නෙ ජයසේන ජයකොඩි මහත්තයගෙ නවකථාවක් ගැන. කටු කොහිල කොටුව වෙන්න ඕන මතක විදිහට...:)
Deleteඅපේ පරම්පරාවෙත් ඉන්නවනෙ හීරළුවෙක්... අපේ වාසගම් වල එහෙමත් ඔය පදේ කියවෙනවා... හීරල්ස් කියලා පොස් කර ගත්තා නම් හරි වගේ. පොඩි එව්වොන්ට කියන්න බැරියැ අපේ මුතුන්මිත්තෙක් ඒරොප්පෙන් ආවා කියලා.
ReplyDeleteදැන් කොහොමත් මාතෘකාව බලන්නෙ නෑ.. ඉලක්කම විතරක් බලල කියවන්නෙ. ඒ හින්ද ඔය අනම් මනම් අහන්න යන්න නෑ.. හෙන්රියාට තියෙන සාධාරණ බය මටත් තියනවා.
ආහ්.. අර ජේමිස් අයියාට වුනා වගේ වැඩක්, ජෝං ගොයියටත් උනානේ. සීන් එක ඕකමයි, හැබැයි හාමුදුරුවෝ ටිකක් තැම්පත් කෙනෙක් ලු.... බැරිම තැන කිව්වලු.. "පින්වත මම මහණ කෙනෙක්" කියලා. ජෝං ගොයියා කලබල වෙලා අහකට වෙන ගමන් කිව්වලු.. "හප්පේ වෙලාවට ඉඳිකට්ට ඇනුනේ නෑ" කියලා.
Deleteඅඩෙහ්..ඔන්න තිසර කිව්වමයි මතක් උනේ..මයෙත් ඉන්නව යාලුවෙක් සිවුරලුගේ කියල වාසගම තියෙන ..:)
Delete/ හෙන්රියාට තියෙන සාධාරණ බය මටත් තියනවා. /
යකෝ..අර හාමුදුරුවංගෙ කතාවට මෙවුං ඔක්කොම බය වෙලානෙව...හෙහ්, හෙහ්,
දැන් මේකෙම කතා නම් කීයක්ද? වෙන්ට කතා කීයක්ද?
ReplyDeleteඅප්පච්චයේ බයේ බැහැ නොවැ දැං ඉතින් පුරස්න අහන්න..කනට කරලා කිව්වෝතින් එහෙම..!!
ජීවිතේ කියන්නෙ කතන්දර එකතුවක් රූ....
Deleteඅහල නැද්ද මෙහෙම.....
ඇය ප්‍රධාන චරිතය කොටගෙන මා ලියූ කෙටිකථාව මගේ ජීවිත නවකථාව කොට ගැන්මට මා තුල වූ සහසක් අපේක්ෂා සුණු විසුණුව ගියේය. ඇගේ කෙටිකථාව මගේ නව කථාවෙහි එක් පරිච්ඡේදයකින් ඔබ්බට යන්නක් වනු දැක්මට ඈ කිසිසේත්ම එකඟ නොවූවාය.
ඇඩෙනවා
ReplyDeleteහෙහ්, හෙහ්, තෑන්කූ..තෑන්කූ මලේ..ඔය වචනෙ ඇවිල්ල ඉහලම ප්‍රසංසාවක් කියලයි මම පිළිගන්නෙ...
Deleteඔන්න ඒ කාලෙ ඉටිකිරිස් වගෙ කෙල්ලො එහෙම ගැන අපි හඳුන්වන්නෙ මෙන්න මෙහෙමයි...
" අඩේ මචං අද බස් එකේ ආව කෙල්ලෙක්...මම හිතන්නෙ ටීචර් කෙනෙක් වෙන්න ඕන..පයිල් එහෙකුත් අතේ තිබ්බ..කිව්වට විස්වාස කරපල්ල ඇඬෙන කොලිටිය.."
ඒ. නෙ. ලි. ( ප.ලි. කියල ලියනව වගෙ මම දැං දාන්නෙ ඒ .නෙ.ලි. )
මොකෝ මලේ කාලෙකිං මොකවත් ලිව්වෙ නෑ නේද?
අනේ අම්මප රවී අයියේ...පුදුමාකාර පඳුරු තැලිල්ලක් නෙව පහුගිය දොහේ වෙලා තීන්නේ...!! මං දැන් මේ ඔක්කොම කියෝගෙන කියෝගෙන යනවා මිස් වෙච්චි එව්වා.
ReplyDelete