කතන්දර කියන එව්වට අපි හැමෝම ආසයි. පොඩි කාලෙ අපි නිදා ගන්නෙත් අත්තම්මගෙ නැත්නම් ලොකුඅත්තගෙ කතන්දර අහගෙන. එහෙම නින්ද ගිහාම හීනෙනුත් පේන්නෙ ඒ කතන්දර ....මමත් ඔය කතන්දර අහන්ට වගේම කියන්ටත් බොහොම මනාපයි නෙව..මේ පහුගිය සුමානෙ එක පාරටම ආව කං කකියන්ඩ හීතලක්. ඉතිං රාත්තිරි ආහාරයට පෙර පොඩිවට එකක් නවාගෙන බුලංකේට්ටුව අස්සෙ ගුලිඋනහම රටේ නැති විකාර හිතුවිලි මයෙ ඔලුව අස්සෙ කැරකෙනව. ඒ එහෙම මට හිතිච්ච පොඩි කතන්දර ම්ම්..කතන්දරමත් නෙවෙයි කිව්වම මොකද.... සිද්ධීන් කියමුකො..හරි සිද්ධීන් දෙක තුනක්.මෙව්ව ගැන වැඩි දුරට හිතන්ට යන්ට එපල්ල. ඔහෙ කියවල අමතක කරල දාන්ට.
****************************************
පලවෙනි සිද්ධිය මේකයි. මේක මම දැනට වැඩ කරන කම්පනි එකේ වෙච්චි දෙයක්. දැන් මේකෙ අතීත කතාව නැත්තං පසුබිම එහෙමත් නැත්තං නිදාන කතාව ( Treasure story ) මෙන්න මෙහෙමයි.
කම්පනි එක පටන් ගත්තු කාලෙ බොහොම අමාරුවෙන් දුවල තියෙන්නෙ. ඒ කියන්නෙ පටං අරගෙන අවුරුදු දෙකක් යනකල් කිසිම ප්‍රොජෙක්ට් එකක් හම්බ වෙලා නැහැ. නොයෙක් අංශවල මැනේජර්ස්ල විදිහට හතර පස් දෙනෙක්ම ඔය කාලෙ ඇතුලත වැඩ කරල තියනව. ඒත් ඒ කිසි කෙනෙකුට පුළුවන් වෙලා නෑ එකම ව්‍යාපෘතියක්වත් අපිට ලැබෙන තැනට වැඩ කරන්න.ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙ විතරක් නෙවෙයි ඔයාල දන්නව වෙනත් ඕනම ක්ෂේත්‍රයක උනත් ආදායමක් එන්නෙ නැතුව තනිකර වියදම් විතරක් කරල වැඩිකලක් කිසිම ආයතනයකට පවතින්න බෑ. ආයතනයකට විතරක් නෙවෙයි මේ කතාව පුද්ගලයින්ටත් අදාලයි.
අපිට කන්න බොන්න අඳින්න පලඳින්න වගෙ අත්‍යාවශ්‍ය දේවල් වලට අනිවාර්ය වියදමක් යනව. ගමන් බිමන් විනෝදාංශ ටිකකට අමතක කරමුකො.ඉතිං මොනවහරි එක්කො වතුපිටි වලිං එහෙමත් නැත්තං රැකියාවකිං මොනවහරි ආදායමක් ලැබුණෙ නැත්නම් බොහොම ඉක්මනට ගෙල වැළලාගෙන මිය යන්නයි වෙන්නෙ.
ඉතිං ඔන්න ඔයවගෙ ගෙල වැළලාගතයුතු අවස්ථාවට අපේ කොම්පැණිය පත්වෙලා ඉන්නකොට එක අල්ලපු රටේ පුද්ගලයෙක් වැඩ බාරගෙන තියනව ව්‍යාපාර ප්‍රවර්ධන කළමණාකාර හැටියට. බිස්නස් ඩිවලප්මන්ට් මැනේජර්..මිනිහ හොඳ වැඩ කාරය...අපේ කලින් හිටපු ඒ අංශයෙ මැනේජර්ල ඇතිකරල තිබ්බ ක්‍රියා පිලිවෙල සම්පූර්නයෙන්ම උඩු යටිකුරු කරල මනුස්සය අළුත්ම වැඩ පිළිවෙලක් හඳුන්වා දුන්නලු මුලින්ම. ලු කියන්නෙ ඒ දවස්වල මම මෙතන වැඩට ඇවිත් නැති නිසයි. මම දන්නෙ ඔය එක එක්කෙනා කියන එව්ව..ඒවං මේ සුතං...මා විසින් මෙසේ අසන ලදී.කොහොම හරි මිනිහා බොහොම උනන්දු වෙලා අනික් කට්ටියත් අභිප්‍රේරණය ( Motivate ) කරල ඔන්න ප්‍රොජෙක්ට්ස් දෙකක් අරගෙන තියනව.
ඇත්තටම අපෙ කොම්පැණිය අද පවතින්නෙ මිනිහ හින්ද. ඒක තමයි ඇත්ත.ඒ මුල් ව්‍යාපෘති දෙක මිනිහ අරං තියෙන්නෙ අතට යටින් පොඩි ගේමක් දීලයි කියල තමයි අපේ කට්ටිය හැමෝම කතා වෙන්නෙ.රයිට්,ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවෙ අපි වැටිල හිටිය අමාරුවෙ හැටියට මොන දහංගැටේ ගහල හරි මොන මංගල්ලෙ කරල හරි එහෙම කරපු එකත් මදෑ...ඒ වෙනකල් ගැටළුවක් නෑ. හැමෝම එකඟයි ඒ අර්ථකථනයට..
රයිට් ඔන්න දැන් තමයි ප්‍රශ්නෙ එන්නෙ....දැන් ඊට පස්සෙ අපි අළුතෙන් තව ව්‍යාපෘති කීපයක් ගත්ත. එව්වට තියනවනෙ පිළිගත්ත ක්‍රමයක් ..අන්න ඒ විදිහට වැඩ කරල. දැන් ප්‍රශ්නෙ මෙන්න මේකයි. අර මනුස්සයට මේ ක්‍රමේ තේරෙන්නෙ නෑ. මිනිහ දන්නෙ අර අතට යටිං ක්‍රමේ විතරයි. ඒ විදිහට වැඩ කරන්ට ගිහිල්ල මිනිහ හත් පලේ ගාගෙන තියෙන්නෙ..ඒ මදිවට වැඩේ කියන්නෙ අපේ කොම්පැණියෙ කීර්ති නාමය තමයි මේ මනුස්සය හින්ද බල්ලට යන්නෙ.
වැඩේ කියන්නෙ මේ මනුස්සය අයිං කරන්ටත් බැරි සයිස් එකක් තියෙන්නෙ. වැහෙන්ට ඔන්න මෙන්න කියල තිබ්බ කොම්පැණිය බේරල දුන්නෙ මෙයා නෙව. මිනිහත් හැබැයි අපරාදෙ කියන්න බෑ දවස් දෙක තුනකට සැරයක් ඕක අපිට මතක් කරල දෙනව. මම අරමයි කලේ මම මෙහෙමයි කලේ කියල. ඒත් ප්‍රශ්නෙ එහෙම කලාය කියල මිනිහ දිගටම තියාගන්න එක පාඩුවක් නම් මොකද කරන්න ඕන?..අයිං කරල දාන එක නේද කරන්න ඕන?....කියන්න බලන්න ඔයාලගෙ අදහස්........
තව කාරණයකුත් කියන්නම ඕන. අපි කවුරු හරි මොකක් හරි තනතුරකට පත් කරගන්නෙ රයිට්, උඹට අපි මෙච්චර පඩියක් දෙනව.මේ මේ පහසුකම් දෙනව. උඹ මෙන්න මේ මේ දේවල් කරන්න ඕනය කියල එකඟතාවයකට ඇවිල්ල. එතකොට ඒ මනුස්සයට කලින් හිටපු මිනිස්සු තමන්ට බාර දුන්නු වැඩේ හරියට නොකරා වෙන්න පුළුවන්. ඒත් මේ මනුස්සය බාරගත්තු වැඩේ අකුරටම කලා. ඒක හරි. මිනිහ බාර දුන්නු වැඩේ කලා එච්චරයි. එතනිං එහාට ඒක මහා ලොකු දෙයක් වෙන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ. විශේෂයෙන්ම ඊට පස්සෙ දිහටම නාගන්න මනුස්සයෙක්. ඒ වැඩේ හරියට කලයි කියල ඊට පස්සෙ වැඩ කරන්නෙ හරියට අර බැළතණ ගහේ රුන්න බළල් ගෙඩිය වගේ නම් මොකද අපි කරන්න ඕන? ඒකත් කියන්නකො බලන්න ඔයාලම...

දැං මේ දෙවෙනි කතාව...කතාව කිව්වට මේක මේ මම දැක්ක හීනයක්...ඒත් හැබහිංම උනා වගෙයි මට දැනුනෙ. ඒ තරම්ම සජීවී හීනයක්. ඔන්න මේක උනේ අපෙ ගමේ. අපෙ ගමේ ඉතිං කට්ටිය බොහොම සාමකාමීව පිනක් දහමක් කරගෙන හවසට හවසට ටීටර් සිංදුවක් දෙකක් කියාගෙන හිටියයි කියන්ඩකො. අපෙ ගමට එහායිං තිබ්බ මහ කැලෑවක්. අපේ අය ඔය අලයක් හාරගන්ට සතෙක් මරාගන්ට ගියේ ඔය කැලෑවට. ඔන්න ඔය කැලෙං හිටපු ගමං මතු උනා මං පහරන මිනී මරුවෙක්..... රාස්සයෙක් වගෙ....
මිනිහටම ලෑස්තිවෙලා හිටිය ඒ වගේම රාස්සයො රැලක්. මේ වසවර්තියො කරන්නෙ රෑ පානෙ කැළෑව අයිනෙ තියෙන ගෙවල් වලට පැනල මිනිස්සු ගෑනු ලමයි ඔක්කොම අමු අමුවෙ මරල දාල අතට අහුවෙච්චි සබ්බ සකල මනාවම අතගාගෙන ආයෙම කැළෑ පයින එක. ඔහොම පටන් ගත්ත වැඩේ අන්තිමට ගිනි මද්දහනෙ ගමට පැනල මිනීමරන්ට තරං දුර දිග ගියා. ගමේ මිනිස්සු කොටින්ම දවාලකට උනත් එලියට පහලියට බහින්ට බයේ හිටියෙ. මේ මල කරදරෙන් බේරල දෙන්ටය කියල ගම් නායකයො කීප දෙනෙක්ම පත් කර ගත්තත් ඒ කවුරුවත් වැඩේ හරියට කලේ නෑ. ඔන්න අන්තිමට එක මනුස්සයෙක් කිව්ව මම ඔය වැඩේ කරඤ්ඤංය මාව පත් කොරගනිල්ලය කියල. අනේ මිනිස්සුත් අනේ හොඳයිය. එහෙනං මෙයයි පත් කොර ගනිමුය කියල ඔන්න ඒ මනුස්සය පත් කොරගත්ත කියමුකො. අනේ කිව්වත් වගෙ ඇස්වහක් නෑ, කටවහක් නෑ..මේ මනුස්සය කිව්ව වගේම වැඩේ නං කොලා.
ඒ කිව්වෙ අර පල් හොර දෙටුවයි උගෙ සහචරයො ටිකයි හොයාගෙන ගිහිල්ල උං ඔක්කොම නැත්තටම නැතිකරල දැම්ම සුන්නද්දූලි වෙලා යන්ටම. ගමේ මිනිස්සුන්ට නේද? සංතෝසෙ කියන්නෙ ඉහේ මල් පොකුරක්ම පිපුන වගෙ. ගම් නායකතුමාට දෙයියන්ට වගෙ තමයි සැලකුවෙ.
හැමෝම හිතුවෙ දැං ඉතිං අර හොර දෙටුවත් ඉවරයි, මොනවද ගම නිකං තව්තිසා දිවිය ලෝකෙ වගේ වෙයි. අපිට තියෙන්නෙ තෙලෙන් කා කිරෙං අත සෝදා අපේ මේ ජීවිතේ ගෙවනා . මොන පිස්සුද? ගම් නායකය කලේ ගමේම ඉන්න හරක් හොරු ටිකයි. මිනී මරුවොයි, කුපාඩියොයි ටික ලං කරගත්ත. මිනිහගෙ හත්මුතු නෙවෙයි දාහතර මුතු පරම්පරාවටම තනතුරු නැත්තං තනතුරු හදල දුන්න.කිසි කෙනෙක් කියන දෙයක් බලු මයිලක තරංවත් ගනං ගන්නෙ නෑ. මයි කාර් මයි පැට්‍රොල්, හූ ටු වට් වට් කියල පටං ගත්ත ජෝගි නටන්ඩ.
දැං ඔන්න ගමේ මිනිස්සු බලා ඉන්නව අර ශෛලතලාමස්තකයෙහි ශරීර කෘත්‍යය කොට වදාළ බිළාල පෝතක තෙම උකටලිවැ හාත්පස බලමින් පසුවන්නේ යම්සේද ආන්න ඒ වාගෙම...

දැං ඕං තුන්වන හෙවත් අවසාන කථා වස්තුව. කතාවක් කිව්වට මේක ඇත්තම සිද්ධියක්.අපෙ අම්මගෙ පොඩි අයිය මයෙ මාමණ්ඩිය හිටියෙ අපෙම අල්ලපු වත්තෙ.මිනිහ නාහෙට අහන්නෙ නෑ. කිසිම බරක් පතලක් නෑ. ලිවිං තවුසන්ඩ් ඩෙඩ් තවුසන්ඩ් තමයි මනුස්සයගෙ මොටෝ එක. ඒ කිව්වෙ තේමා ගීතය. ගම පුරාම ගිහිල්ල අතන මෙතන හැමතැනම බොනව. හද්ද කුණුහරුප කියනව. මිනිස්සුන්ට තඩි ගහනව එකක් නෙවෙයි. ඒ කරල හවස ගෙදර ඇවිල්ල පවුලටයි ලමයින්ටයි අල්ලගෙන ගහනව උං කෑගහද්දි.
ගමේ මිනිස්සුන්ටත් හැමදාම මේ යකාගෙ කරදරේ විඳින්ට පුලුවන්ය. ඔන්න දවසක් ගමේ වැඩිහිටියො ඔක්කොම එකතු වෙලා ආව අපේ වැට මායිමට.
" මේ ගොයියො ඔහොම මේ වැඩේ කොරන්ට බෑනෙ. උඹට මෙහෙම හැසිරෙන්ට ඉඩ දෙන්ට බෑ. උඹේ කල්කිරියාව වහාම වෙනස් කරගන්ට ඕන. නත්නං අපි නරක මිනිස්සු කියන්ට එපා හොඳද? "
ඔහොම කියල කට්ටිය ගියා යන්ට. එයාල යනකල් සද්ද නැතුව හිටපු අපෙ මාමා මෙන්න ඊට පස්සෙ බණින්ට පටං ගත්තෙ.
" හුහ්, එවුං කොහොමද එහෙම මට නීති දාන්නෙ? උං කවුද මගෙ? මගෙ බල්ලවත් ගණං ගන්නෙ නෑ ඔය කියන එව්ව..."
ඒ විතරක් නම් මදැයි අපිටත් බැන්න නෙව.
" මම මේ උඹල ඔක්කොම වෙනුවෙන් වැඩ කරන්නෙ.ඒත් උඹලගෙ නෑ කිසිම කෙලෙහි ගුණයක්.දන්නවද මේ ගමේ එවුං අපිට ඊරිසියයි. ඔවුංට ඕන කොහොම හරි අපිව පාගල දාන්ට. දැනගනියව්. මම ඉන්නකල් එව්වට ඉඩ දෙන්නෙ නෑ. ඕන නං මාව එල්ලයි. නැත්තං අර තියෙන්නෙ බැට්රි පුටුවක්ද මොකක්ද කියල එකක්. ඒකෙ තියල මාව මරල දායි. ඒත් මම ලෑස්ති නෑ උංට ඕන විදිහට වැඩ කරන්ට."
ඔහොම කිය කිය දේයි දේයි කියල පපුවට ගහගන්ට ගත්තෙ නැද්ද අර සත්තෝද්දියානෙ ඉන්න ගෝරිලි තඩියෙක් වාගෙ.
අපේ ගෙදර ඉන්න අයටත් ඉතිං ඔය මාමණ්ඩිය කියන ඔක්කොම හැබෑ....මේ මනුස්සය අපිව බේරගන්ට පණ උනත් දෙන්ට සූදානම්ය කියන්නෙ උන්දැම දාගන්න කුණ්ඩවාලි වලින්ය කියල තේරෙන්නෙ නැති හැටියක් හැබෑටම....
Disclaimer - All characters appearing in this work & incidents reported herein are absolutely genuine. Any resemblance to fictitious persons, living or dead, is purely coincidental.

ඔළුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් පිරිච්ච අරුම පුදුම රටක් තියෙනවා ඕයි..
ReplyDeleteමහ මුහුදෙන් වට කෙරිච්ච අඹ ගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් තියෙනවා ඕයි..
:D
හහ් හා..හා...කැරකිල දෙකට නැමිල...
Deleteදෙපරැන්දෙ ඔලුව ගහල....
අඹ ගෙඩියක් නෙවෙයි බොලං එතන පේන්නේ,
රිඹ යනකොට තමයි ඔන්න රඟ තේරෙන්නේ,
කිරිපල්ලත් අතගානව ඇස් පියවෙන්නේ,
මිරිකෙනකොට බෙල්ල මුලින් රෙද්දෙම යන්නේ,
හහ් හා..හා...කැරකිල දෙකට නැමිල...
දෙපරැන්දෙ ඔලුව ගහල....
1.ගුණමකුවෙක් වෙන්න එපා බං....
ReplyDelete2.රාස්සයො ඇවිල්ල මිනීමරණ කාලෙ උඹල කට පියාගෙන නේද හිටියෙ?....
3.අපේ ගෙදර ප්‍රශ්ව විසඳාගන්න අපිට ඇහැකි හරිය!
ඔන්න ඉතිං ඕකනෙ රාජ් වෙලා තියෙන හෙණේ..උඹත් අපෙ නායකයොයි කියල එවුංට හපං නෙව..:) එවුංට ඕන අටමගලෙක විදේසීය කුරුමන්තරන පේනව වගෙ උඹත් මේ මයෙ තුං හිතකවත් තිබ්බෙ නැති එව්ව හිතාගෙන මට බැණ අඬ ගහනව. එහෙම හොඳද මං අහන්නෙ?
Deleteමේන් මෙයා පොඩි දේසපාලන කතා ලියලා හී හී :)
ReplyDeleteකොහේ තියන දේසපාලනයක් ගැනද ඔහේ ඔය කියන්නෙ හැබෑටම?
Deleteඅර ඩිස්ක්ලේමර් එක දාපු එක හොඳා..නැත්තං අපි නොමග යනවා නෙව..
ReplyDeleteකොහොම වුනත් අර සති දෙකකින් අමතක වෙන කතාවක් නැද්ද මේ සීරීස් එකට?
හෙහ්, මට හිතුන නොමඟ යාවිදෝහෝයි කියල. කොහොමත් අපෙ උන්දල නොමඟ යන්ට දත කට මැදගෙන නෙව ඉන්නෙ. හොඳ වෙලාවට වියාචනය ( ඩිස්ක්ලේමර් එකට කියන්නෙ එහෙමයි. ලියාගනිං ඔය කොහේ හරි, අල්ලෙ හරි කමක් නෑ ) දැම්මෙ නෙවද?
Deleteකතා තුනක් තියෙන නිසා බොහෝම සංකීර්ණයි. ඉතිං ඊට පස්සෙ මොකෑ උනේ...
ReplyDeleteඊට පස්සෙ බාං මම බුලංකේට්ටුව ඇතුලට වෙලා අල්ප දයන්නක් වාගෙ වකුටු වෙලා බුදිය ගත්ත...:) :)
Deleteදුටුගැමුණු මතක් වුනා!!!!!
Delete@ Aruni,
Deleteදුටුගැමුණු ගොයිය හිටියනං අද, අරුණි ආයෙ දෙකක් නෑ මෙහෙම කියායි.
" දකුණින් රට හාරා සැදූ නැව් නො එනා වරායකි. උතුරින් තෙල් රැගෙන එන තුරු හෝරා එකහමාරක් ගුවන් යානා ප්‍රමාද කරනා ගුවන් තොටුපලකි. මේ සියල්ලේ ණය ගෙවිය යුත්තේ කවුරුන් විසින්දැයි සිහිවන විට මෑණියනි, මම කෙසේ නම් අතපය දිග හැර සැතපෙම්ද? "
"මෑනියනී.. මට පියාගේ මෑනීයන් සිහිවේ...."
Deleteඇත්තටම් ඒක හීනයක්ද එතකොට ? දැන් ඇහැරෙනකොට අර හොර කල්ලිය ආයෙ ඉඳියිද ? හපොයි...
ReplyDeleteඉන්නව බං ඉන්නව එවුං යන්නෙ නෑ මේ සම්ම ජාතියකට....
Deleteඉතිං රවි, මාමණ්ඩියා ගෝරිලි තඩියා වගේ පපුවට තඩිබාගත්තම බලාගෙන හිටපු අයගෙ ඇස්වලින් කඳුලුපෙරෙන්න ඇති නේද.
ReplyDeleteඒක නෙව වැඩේ හැලප......කඳුලු පෙරල නිකං හිටියනම් තව මොකද?..අපේ එකා අපට හොඳා...ගෝරිල්ලා අපට හොඳා...කියල බෝඩ් එහෙම ගහගෙන ත්‍රී වීල් පෙළපාලියක් ගියානෙ උන්දල රට පුරා.... :) :)
Deleteඇයි මට පළවෙනි කතාව කියවද්දි සනත් ජයසූරියව මතක් උනේ.....?????
ReplyDeleteපලවෙනි කතාව විතරක් නෙවෙයි බොල, අන්න ජයසූරිය ලොක්ක දෙවෙනි කතාවටත් සම්බන්ද වෙලා වගෙ.
Deleteඅර සඳලුතලේ ඉඳ පෙර මඟ බලනා රඹුක්වැල්ල ඩ්‍රයි ක්ලීනර්ස් අදිපති තුමාගෙ පුතංඩිය තෝරල T20 ටීම් එකට..:)
අපුරු කතා තුන.. කියවද්දි වෙන වෙන අය මතක් උන එක තමා අපූරුම..
ReplyDeleteවැඩියෙම හිනා ගියේ අර ඔයයිගේ නෑදා මලය ගෝරිල්ලෙක් වගේ පපුවට අතින් ගහගන්න සීන් එකට...
ReplyDeleteවැඩේ කියන්නේ අයියේ මට ඕක හැබැහින් ටෙලිවිසෝන් එකේ දැකල තීන ව වගේම මැවිලා පෙනුන එකනේ! මී ඇස දෙක පල්ල . ඔය නෑදා මලය හොඳ උඩු රැවුලක් තියෙන පොරිසාදයෙක් නේද? මට මැවිලා පෙනුනෙම එහෙම එකක් නෙව.
අම්මප මේ මගේ පරිකල්පනේ ද මොකද්ද එකේ බලයද බොලා ගේ ලියවිල්ලේ බලේද නැත්නම් නාථ දෙයියන්ගේ බලේද මන්ද... ඔන්න බලන්ට හසන්ත මහත්තයෝ ආශ්චර්ය!!