Star of Heaven by Edward Robert Hughes |
සදාතන යයි එසඳ සිතු සෙනෙහසක සුවඳකි යළිදු දැනුනේ,
වලාපෙල තුල එතුනු සඳවත කලා සොළසකි පුරනු පෙනුනේ,
මලානික තරු ලකුණු මංපෙත පුරා සෙවණැළි අඳිනු ඉතිනේ,
විලාසෙන නුඹ එකල හිනැහුනු රෑ මනාලී මලකි පිපුනේ.
අනන්තය වෙත පියනඟන්නෙමි නෙතඟ පිරි කඳුලකට සමුදී,
වසන්තය එන්නටත් පෙර ආ ගිම්හානයකි මහද කැළඹී,
සයින් පෙලෙනා මසිත පතනා ඉසුඹුවකි මංපෙතග දිස්වී,
ඉදින් වෙහෙසවු දෙපායුග මා නොදැනුවත්වම එදෙස යොමුවී.
සරාසඳ හද එකලුකරමින් දිලුනු දා ඇස නොගැටි තරුවක්,
පුරාවිල දිය පිපුනු සියපත ලඟ සැඟව හුන් කුමුදු කැකුලක්,
වරාසිත නෙතුයුගට හඬනා දයාබරවූ සිනහ ගඟුලක්,
නිරාදුක විඳිනා කලට හදවතට ගල්වන සෙනෙහෙ සිහිලක්.
එසඳ හදවත පුරා විඳි සෙනෙහසේ සුවඳත් වැළඳ ගන්නෙමි,
මහද කඩතොළු මකා සුවපත් කල සෙනෙහසේ සුව විඳින්නෙමි,
සුළඟ එනු ලෙද අගුළු හැර හදකවුළු ලෙන්දොර විවර කරනෙමි,
ගිරග සඳ නැතුවද දිලෙන තරු එළිය දෝතට ගෙන සිඹින්නෙමි.

Thank You - කඳු.....
ළඟ එන විභාගයට පාඩම් කරමි
ReplyDeleteතරුවකුදු නැති අහස ඉදිරිපිට සිටිමි
Grievance Handling Procedures අඳිමි
මෙතරම් සොඳුරු දෑ කවුරුන් පිළිපදිනවාදැයි නොදනිමි
ළඟ එසේ නොවන බව දනිමි
කවුළුව හරිමි
ඔබේ කවි දුටිමි
මන බැඳුණු බව ලියමි.
කඳු,
DeleteGrievance Handling Procedures කොහොම වෙතත් Grief Handling Methods හරියට ප්‍රගුණ කලානම් ජීවිතයට බොහොමත්ම වැදගත් වෙනව. :)
Thanks again Madam !
අපූරු කවියක් නෙව...
ReplyDeleteලස්සනයි...
අර කදු කියනව වගේ මන බදින කවියක්....
ඇත්තටම අපූරු පද සංකල්පනාවක්
මහේෂ්,
Deleteබොහොම ස්තූතියි මල්ලි...:)
කව්ද මෙයා කඳු කියන්නේ.. අපේ කවිකාරිද....?
ReplyDeleteKandu is a young lawyer and a poet restricts most of her poetry writing skills to net :)
Deleteමාතලන්,
Deleteඔය ලින්ක් එක තියෙන්නෙ බං..බලපං ගිහිල්ල....:)
එතකොට එයා කව්ද? උඹේ දුවද...?
Deleteකෙලින්ම කියන්නේ....
මේ නම් වං හුං හොයනවා තමයි යකෝ...
එසඳ හදවත පුරා විඳි සෙනෙහසේ සුවඳම වැළඳ ගන්නෙමි
ReplyDeleteසිහින් සිහිළැල් සුළං රැල්ලක එතී පාවි සැඟව එන්නෙමි
මකා කඩතොළු මහද මැදුරට වඩින තුරු මම මග බලන්නෙමි
දිලෙන තරු එළි මුලා කෙරෙමින් සරා සඳ වී ගිරග ඉන්නෙමි
ඇළපාත මුදලිට බැරිනං ආය කවි කියන්ට පුලුවන් වෙන අහවල් එකාටද?...නැද්ද ඇළේ?....හෙහ්,හෙහ්,
Deleteඉඳල ඉඳල එකක් ලියල තියෙද්දී කියවන්ට යමක් ඇතියි කියල හිතුණා.
ReplyDeleteහැලප,
Deleteරටේ නැති ගම්මැදි හෑලිම හැමදාම ලියන එකේ ඉඳහිටලවත් මේ වගෙ එකකුත් ලියන්ට එපාය බං....නැද්ද?
"........... තාත්තාට දුක හිතුණා - පාළුව දැනුනා................."
ReplyDeleteතිස්ස,
Deleteතාත්තා පව් නේද? :(
//ගිරග සඳ//
ReplyDeleteකියන්නේ මොකක්ද රවීයියා.
ලස්සනයි පද වැල් ටික නම්....:)
මනෝජ්,
Deleteගිර කියන්නෙ කන්ද, සමනලගිර, හිමගිර...අන්න එහෙම. එතකොට ගිරග කියන්නෙ කන්ද මුදුන..ගිරග සඳ කියන්නෙ කඳු මුදුනේ පායා ඇති සඳ....
Thanks Manoj....;)
වටිනවා වෙනසක් හැටියට මෙහෙම ලියන එක. කෝ මට බැහැනේ මේ වගේ විස්කම් කරන්න. මසුරුකමක් ඇතිවුනා. රත්නශ්‍රී තමයි ළඟදි කිව්වේ ...සමහර නවකයන් ලියනදේ දැක්කාම රීරිසියාවක් නෙමේ මසුරුකමක් ඇතිවෙනවා කියලා. ඊරිසියාව කියන වචනේ පාවිච්චි කරේ සාකච්ඡාව මෙහෙයපු සන්නස්ගල. බලන්න වටිනා සාකච්ඡාවක්.
ReplyDeleteඒකට හොඳ බර වචනයක් පාවිච්චි කලා. මතක තියාගන්න උත්සාහ කලේ නැහැ....තේරුම මසුරුකම කියලා පැහැදිලි කරලා දීපු නිසා.
Deleteඅරූ,
Deleteස්තූතියි මචං..........රත්න ශ්‍රී කිව්වෙ " තෘෂ්ණාව " කියලද?
මාත්සර්‍යය (මම ලිව්වා වැරදියි නේද?)
Deletehttp://www.youtube.com/watch?v=WkG1jkVrpmU
රස විඳිමි
ReplyDeleteමන බඳින
කවිකාරකම්
නුදුරේම හිඳ දුරින්
කතර අස
ස්තූතියි තිලක් ද නේබර්...හෙහ්,හෙහ්...
Deleteහුඟක් කාලෙකින් මේ ආරේ කවියක් කියෙවුවේ.. ලස්සනයි...
ReplyDeleteලස්සන කවියක් .. මට නිකමට හිතුනා කවි පද දෙකට කඩල ලිව්වා නම් හොඳ සිංදුවක් වගේ වෙයි කියල... මගේ කවි රසවිඳීම ටිකක් කචල්.. හෙහ් හෙහ්
ReplyDeleteඋඹ දන්නවද මේ කවිය කියවලා මට හිතිච්ච දේවල්....
ReplyDeleteහඳ නැති උණාම තරු එළිය හොඳයි කියලා අපි තරුවයි අපිවමයි රවට්ට ගන්නවද? හඳ එළිය නොලැබී රිදුණු සිත සුවපත් කරගැනීමේ තාවකාලික 'පේන් කිලර්' එකක්ද තරු එළිය? තරු එලියේ ඉන්න අතරේ කොහෙන් හෝ හඳ එබෙයි කියලා බලනවද? ඇත්තටම තරු එළිය ගැන තෘප්තිමත් ද? ඒ ඔක්කොමත් හරි.... ඔය තරු එළියත් එක්ක ඉන්න අතරේ ආයෙත් හඳ පෑව්වොත් මොකද වෙන්නේ?