එදවසැ සාවත්‍ය නුවරැ මහ වැසි වසින්නාහ. රාජ්‍යය මධ්‍යයේ පිහිටියාවූ සියළු වාපීන් සහ රැස්කුරු ජලාශයෝ ඉහිල් වීමකින් තොරවමැ නිරතුරු ඇදහැලෙන්නාවූ අසනි වර්ෂාවෙන් මුවවිට තෙක් පිරී ගොස් හෙයින් මහත් අනතුරක් වළක්වාගනු වස් වාපි රක්ෂාවරණය භාරවූ රජ පුරුෂයෝ වාන් දොරටු විවරකොටැ අතිරික්ත ජලකඳ මුදා හළෝය.
එදවසැ කොසොල් රජ්ජුරුතෙමේ තම රටවාසීන් හටැ යම් උපද්‍රවයක් එළඹි කලැ වහා ඒ පිළිබඳවැ සොයාබලා පිළියම් යෙදීමට නිතොර උත්සුක වන්නාහු, ධාරානිපාත වර්ෂාවද නොතකා මහජනයාහට එලඹි අතුරු උපද්‍රව සියැසින්මැ නැරඹීම නම් රාෂ්ඨ්‍ර පාලක ලෙස තම යුතුකම යැයි සැළකුවාහු, පසල් දනව් පුරා චාරිකා කළාහුය.
පස් දිනක් මෙසේ චාරිකාවෙහි නිරතවැ රටවැසියාගේ ජිවිත මතුනොව දේපල පවා ආරක්ෂාකිරීමෙහිලා කුදු මහත් සියළු පියවර සලස්වා ලන්නාහු අවසන බොහෝ විඩාපත්වැ පෙරළා මාළිගයට සැපත්වූවාහුය.
අධික විඩාවෙන් පෙළෙන්නාවු නිරිඳානෝ රාත්‍රි භෝජනයද ප්‍රතික්ෂේප කළාහු, කොත්තමල්ලි පානය කුසලාන කිහිපයක් පමණක් පානය කොටැ සිරියහන් ගබඩාවට වන්නෝය.
ප්‍රියාදර අග මෙහෙසිය වූ සාමාවතියද සිය දෙමව්පියන් බැහැදැක සුව දුක් විචාරීම උදෙසා රජගහ නුවර බලා නික්ම ගිය බැවින් සිරියහනේ හුදකලාවමැ නිද්‍රාවට පත් රජතුමෝ රාත්‍රියේ පශ්චිම යාමයෙහි ගලාහැලෙන දහදියෙන් තෙමුනු සියොළඟින් යුක්ත වූවාහු, එක් සැණෙකින් අවදිව සිහී එළවා ගත නොහැකිව අන්ද මන්දව විදහාගත් සුරත් තඹරු සේ රත්පෑ ගත් දෙනෙතින් හාත්පස බලන්නට වූහ.
සයනාගාරයෙහි ද්වාරාරක්ෂාවෙහි නියුතු අංගාරක්ෂක සෙනෙවියෝද සිරියහන් ගබඩාවෙන් නැඟ ආ ශබ්දයෙන් වික්ෂිප්ත වූවාහු වහා දිව අවුත් රජුට නමස්කාරකොට මෙසේ පිළිවිසියාහුය.
" අහෝ දේවයිනි! ඔබ වහන්සේට කුමන නපුරක්දැයි භීතියෙන් වහා දිව ආවෙමි. "
එබස් ඇසු රජ තෙමේ මන්දස්මිතියක් පළකොට මෙසේ පැවසූයේ අංගාරක්ෂකයාගේ කුකුස් දුරුකරලීය.
එබස් ඇසු රජ තෙමේ මන්දස්මිතියක් පළකොට මෙසේ පැවසූයේ අංගාරක්ෂකයාගේ කුකුස් දුරුකරලීය.
" නැත දරුව, කලබල වීමට කිසිදු කරුණක් උදක්මැ නැත්තේමය. එක් භයානක ස්වප්නයක් දර්ශනය කල හෙයින් තිගැස්සී පිබිදුනෙමි."
එසේ පවසා අංගාරක්ෂකයා බණවා සිහිල් පැන් කුසලානක් ගෙන්වා පානය කොට යලි සයනය මතුයෙහි වැතිර ගත්තෝය.
සයනයෙහි වැතිරගත් නමුදු කිසිදු ලෙසකින් නිදිසුවයක්නම් විඳීමට අපොහොසත්වූ රජතුමෝ සයනයෙහි එහා මෙහා පෙරලෙමින් නිදි වර්ජිතවම අළුයම තෙක් කල් ගෙව්වාහු පෙර'ඹර හිරු නැඟෙන්නා හා සමඟම සයනෙයෙන් ඉකුත්ව මුව දොවාපියා වහා හැඳ පැලඳගත්තාහු, දෙව්රම් වෙහෙර බලා නික්ම ගියේ, චිත්ත සමාධියට උදක් බාධාකරන්නාවූ රාත්‍රියෙහි දුටු ඒ බියකරු සිහිනය පිළිබඳ තතු විමසා නිරවුල් විවරණයක් හා අර්ථ විවරණයක් සැපයීමෙහිලා සමත් එකම ඥාණවන්තයා තිලෝගුරු අපමහ බුදු රජාණන් වහන්සේ බව අතැඹුලක්සේම දන්නා බැවිනි.
බුදුන් වහන්සේද උදෑසනක්සේම අවදිව, මුව දොවා, පැන් සනහාපියා, පාතරාසය ද වළඳා, අවසන දම්සබා මණ්ඩපයෙහි වැඩ හිඳ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව් වනක් පිරිස් කෙරෙන් පැනනැඟි සද්ධර්මය හා සම්බන්ධ ගැටළු උදෙසා විසඳුම් ලබාදෙමින් කල්ගත කරනුයේ මණ්ඩප දොරටුව කරා එළඹ එකත්පස්වැ හුන් රජතුමා ඇස ගැටුනේ " මහරජ, ඉදිරියට එනු මැනව, " යනුවෙන් මන්දස්මිතියකින් යුක්තව පවසා ඉක්බිති රජු තම දෙපා අබියස පසඟ පිහිටුවා වැඳ වැටුනු කල්හි සුරත ඔසවා " සුවපත් වේවා! " යනුවෙන් ආශීර්වාද කලාහුය.
ඉනික්බිති බුදුන් වහන්සේ තමන් දෙපා නැමද පසෙකටව උකටලීවැ හිඳිනා රජු වත දෙස එක එල්ලේ බලමින් මෙසේ විචාලෝය
" කිමෙක්ද මහරජ? යලිදු වරෙක් තොප චිත්ත සන්තානය පෙලනා යම් කාරණයක් ඇති සැටි දිස්වේ. කිමෙක්ද? නිර්භයව නොවලහා පවසව. තොප සිත් තැවුල් දුරුකොටැ සිත් සනසන්නෙමැයි " පවසා මඳහසින් යුතුවැ පොරොත්තු වූවාහුය.
එබසින් ධෛර්යයට පත් රජතොමෝ යලිදු වරක් බුදුන් වහන්සේ නමැද මෙසේ පවසන්නට වූහ.
" අහෝ ස්වාමීනී, පෙරදින රාත්‍රි පශ්චිම යාමයෙහි බොහෝ සෙයින් බියකරු නපුරු සිහිනයක් දුටුවෝ අප රාජ්‍යයට ඉන් කවර අනතුරක් වේදැයි සිත කුකුස් හට ගත්තාහු බියෙන් තැවෙන්නමෝය. ඒ කෙසේද යත්, ඉතා රෞද්‍ර පෙනුමැති දඩ වැද්දෙක් වන් පුරුෂයෙක් ගොර බිරම් හඬින් දසත වෙව්ලුම් කමින් බුරා හැලෙන රුදුරු සුනඛයින් රැළක් නුවර මධ්‍යයේ මුදාහරින්නාහ. කසාය වස්ත්‍ර හැඳි උක්ත සුනඛයෝ රුදුරු හඬින්ගොරවමින් ගර්ජනා කරමින් අහිංසක පුරුෂයින් සහ ස්ත්‍රීන් වෙතට කඩා පනිමින් උන් සපා කමින් මහත් කලි කළහයක යෙදෙන්නාහ.කසාය වස්ත්‍ර ධාරී සුනකයින් පසුපස ඔල්වරසන් නඟමින් පැමිණෙන්නාවූ කවන්ධයෝ ශත සහස්‍ර සංඛ්යාවෙක් සුනඛයින්ට බියෙන් හිස් ලූලූ අතැ පලායන ජනයා වෙතට පැන ඔවුන් රිසිසේ තලා පෙලන්නාහ .ජීවිතාශාවෙන් සතර දිශාවට පලායන ස්ත්‍රී පුරුෂයෝ පූර්වෝක්ත රෞද්‍ර පුරුෂයාණන් හට ආයාචනය කරන්නහු තම දිවි රැකදෙන මෙන් ඉල්ලා සිටින්නාහුය. එබස් නෑසූ කණ්වැ හිඳිනා රෞද්‍ර පුරුෂයෝ සුනඛයින් සියලු නොපනත්කම් අවසන්වැ තත්වය යම් පමණකට සන්සුන් වූ කල්හි නිද්‍රාවෙන් අවදිවූවාක් මෙන් ගර්ජනා කරන්නාහු.... කිසිවෙකුට නීතිය තම සිතැඟි පරිදි මෙහෙයවිය නොහැක. වරදක් කලේ කවරකු වුවද දැඩි වූ දණ්ඩනයට යටත් කෙරෙමියි.... හැඳ සිටිනා ශ්වේත වස්ත්‍රයෙහි මල පහ වන තෙක් ගිරිය යටින් මරහඬ තලන්නාහ. ඒ අසා සිටිනා නුවරු පශ්චාත් භාගයෙන් මහත් හඬින් සිනාසෙන්නාහු තුමූද හැඳ සිටිනා වස්ත්‍රයන්හිම මල පහ කරගන්නෝය. අවසන සියල්ලෝම මල පහවූ වස්ත්‍ර සහිතව තුෂ්නිම්භූතවැ එකිනෙකා දෙස බලාසිටින්නාහුය. අහෝ ස්වාමීනී, මේ භයංකර සිහිනය මාගේ මේ දේශයට නුදුරු අනාගතයේ පැමිණීමට නියමිත යම් අතුරු උපද්‍රවයක අසුභ පෙරනිමිති වේදැයි බියෙන් තැවෙමි. "
රජතුමෝ එසේ පවසා බිය රැඳි නෙත් බුදුන් වහන්සේගේ වත කමල දෙසම යොමා ගත්තේ ඇඳිලි බැඳගත්වනම නිහඬ වූහ.
මඳක් නිහඬවමැ ගතකරනා බුදුන් වහන්සේ ඉනික්බිති ශාන්තවූ ස්වරයෙන් රජු අමතන්නාහු මෙසේ පැවසුවෝය.
" බිය නොවනු මැන පින්වත් රජතුමනි, මේ ඔබටවත් ඔබ රාජ්‍යයටත් වන්නාවූ යම් අතුරු අන්තරායක පෙර නිමිති නොවන බව සැළකුව මනාය. ඒ කෙසේද යත් මේ වනාහී මීට වසර දෙදහස් පන්සියයක ඇවෑමෙන් අප දඹදිව් දේශයට දකුණින් පිහිටනා දිවයින් රාජ්‍යයක සිදුවන්නමෝය. එකල ඒ රාජ්‍යයට ඉතා බලවත් සොර දෙටුවෙකුගෙන් බොහෝ අනතුරු සිදුවන්නාහ.උහු එක් වරමැ ප්‍රත්‍යාන්ත ගම් දනව් කරා කඩා වැද බොහෝ මිනිසුන් නිර්දය ලෙස ඝාතනය කරන්නාහ. "
" කිසිදු අයුරකින් මර්දනය කල නොහෙන මේ සොරදෙටුවා මර්දනය කිරීමට ඉදිරිපත්වන එක්තරා පුරුෂයෙක් කෙසේ හෝ උහු ඝාතනය කොට සාමය උදාකරන්නාහ. ඒ උදෙසා ඔහු තම සහෝදරයින් ඥාතීන්, හිත මිත්‍රාදීන් ඈ තමනට සුළු වශයෙන් හෝ ඥාතීත්වයක් ඇත්තාවූ සියළු දෙනාහට උසස් තනතුරු, තාන්න මාන්න යනාදිය පිරිනමන්නාහ. අහෝ කම් නැත, උහු අර සොර දෙටුවා නසා දැමීමම වනාහී කවර නම් ආශ්චර්යයක්ද එසේ හෙයින් කම් නැත පවසමින් නුවරු සිත් සනහා ගන්නාහුය. එහෙත් සොරදෙටු ඝාතක පුරුෂ තෙම සොර දෙටු මරාදැමූයේ මම්ම වේද? එසේ හෙයින් මේ දිවයිනේ පාලනය කල යුත්තේ මින් මතු මා සහ මගේ පුත්‍රා දාරකාදීන්මය යනුවෙන් සිතන්නහු එසේ නියෝග ද පනවා සම්මත කරගත්තාහුය. "
" සොර දෙටුවා ඝාතනය කොටැ පස් වසරක් ඉක්ම ගියමුත් නුවරුන් උදක්මැ අපේක්ෂා කල පරිදි කිසිදු සමෘද්ධියක් දක්නට නොලැබෙන කල්හි තැන තැන් ගම් නියම් ගම්හි බොහෝ කසුකුසු ඇතිවන්නාහ. සොර දෙටු ඝාතක පුරුෂ සහ ඔහුගේ ඥාතී බන්ධු මිත්‍රාදීන් නුවරුන්ගේ සමෘද්ධිය වෙනුවෙන් වැයකල යුතු මහත් ධනයක් ඉතා සූක්ෂම ලෙස වඤ්චාවෙන් පැහැර ගන්නා ලද්දේය යනුවෙන් පැතිරෙන රාවය වළකනුවස් සහ එලෙසම නුවරුන්ට තමන් සාමය උදාවෙන් පස්වසකට පසුවද හිඳිනා දුක්ඛිත භාවය අමතක කරවනු පිණිස සොර දෙටු ඝාතක පුරුෂ තෙම නවතම ක්‍රමෝපායක් අනුගමනය කරන්නාහුය. එනම් රිසි පරිදි නුවරුන් අතරට වැද කල කෝලාහල කරනු පිණිස පූර්ණ අවසරයක් මත කසාය වස්ත්‍ර ධාරීහු නුවර මධ්‍යයේ මුදා හැරීමය. එකල ඔහුගේ අපේක්ෂා සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වන්නේමය. නුවරු තමන් නිරතුරු පෙලන්නාවූ අන් සියලු ගැටළු අමතක කොට වහ වහා කසාය වස්ත්‍ර ධාරීහු පසුපස රොද බැඳ ඇදෙමින් ඔල්වරසන් දෙන්නාහ..කසාය වස්ත්‍ර ධාරීහු බුරාපනින තම සහෝදර නුවරුන්හට කැට කැබිලිත්තෙන් පහර දෙන්නහුය. අත පය බිඳ ලන්නාහුය.මේ කල කෝළාහලයට එකහෙලා විරුද්ධ අපක්ෂපාතී නුවරුන්ද කිසිවත් කරකියාගත නොහී තුෂ්නිම්භූතව උකටලීවැ බලා සිටින්නහ. "
" මහරජ, මාගේ චිත්ත වික්ෂෝපයට කාරණය නම් මේ කසාය වස්ත්‍ර ධාරී චණ්ඩ පුරුෂයෝ මේ සියලු නොපණත්කම් කරනුයේ මාගේ නාමය දඩමීමා කොටගෙනය. ගිණි නිවන්නෝ වියයුතු ඔවුහු ගිණි අවුළුවන්නෝ වෙති. ඔවුහු බුද්ධ ශාසන ආරක්ෂා කිරීමෙහි ලා එකම බලධාරීන් ලෙස තුමූම පත්කොටගෙන සිටිති.වසර පන්දහසක් මාගේ ධර්මය නොනැසී පවතිනුයේ එම දිවයිනේ බව තුමූම පවසන්නාහුය. එලෙසම පිරිනිවන් මංචකයෙහිදී එම දිවයින රකිනු උදෙසා යම් දෙවියෙකුට මවිසින් පවරන ලද්දේය යනුවෙන්ද ඔවුහු නිරතුරු පවසන්නාහ. අහෝ! වසර පන්දහසක් පවතිනුයේ ඔවුන් අදහන ධර්මය නම් ඒ නැසීයාම යෙහෙකි. මක්නිසාද යත් කිසිසේත්ම ඒ මවිසින් වදාල ධර්මයනම් නොවන බැවිනි. "
" එසේ හෙයින් පින්වත් මහරජ, නොබා හිඳිනු මැන. මේ සිහිනය කිසිසේත් නුඹට හෝ නුඹගේ රාජ්‍යයට සිදුවන්නට නියමිත වූ අනතුරක් පිළිබඳ අසුබ නිමිත්තක් නම් නොවේමය."
එසේ පවසා සිද්ධාර්ථ ගෞතම නම් වූ අප මහ බුද්ධෝත්තමයාණන් වහන්සේ කොසොල් රජුගේ කුකුස දුරුකොට ඔහු සිත් සැනහවූ බව මෙයින් දත යුත්තේය.
කෝසළ සිහින එකුන් විසිවැන්න නොහොත් නිදැල්ලේ මුදාහල චණ්ඩ සුනඛයින්ගේ වස්තුව මෙතෙකින් නිමියේය.

BBS KARAYOTH CHANDA SUNAKAYO WAGE NE
ReplyDelete:)
DeletePatta!
ReplyDeleteThank you!
Deleteහෙහ් හෙහ් එල යැ. කොසොල් රජ්ජුරුවොත් මෙතන අන්තඃපුරේ අච්චර අන්ගනාවෝ ඉදිද්දී තනියම නිදා ගන්න ගිහින් බයිලා හීන බලනවනේ... අපේ දිව උළුක් වෙනවා මේවා කියවන්න ගිහින්..
ReplyDeleteපැතුම්,
Deleteදිව උළුක් වෙන්නෙ බං දුවට වියායාම් මදි නිසා..කියන්නද දිවට දෙන්න පුලුවන් අගේ ඇති වියායාම් කීපයක්? බොහොම පහසුයි කිසිම අමතර වියදමකුත් නෑ...හෙහ්,හෙහ්,
අප්පට සිරි ඒ ව්‍යායාම ටික නම් සරල සිංහලෙන්ම ලියපන්. නැත්නම් පැතුම්ට දිවක් කඩෙක් ගේන්න වෙනවා.
Delete///දිව උළුක් වෙන්නෙ බං දුවට වියායාම් මදි නිසා///
දුව නම් ජිම් එකට යනවා බන් :D
කෝ එහෙනම් කියමු බලන්න ඔය ව්‍යායාම් ටික කාට කාටත් දැන ගන්න.. අපි තාම පොඩි උන් නේ.... :D
Deleteපැතුම්,
Deleteඅහුවෙන අහුවෙන තැනට දිව දාපං මල්ලි ඒක තමයි හොඳම වියායාමෙ. අනික වෙනම වෙලාවක් වෙන කර ගන්ට ඕනත් නෑ. ඔය වෙන මොනවහරි කරන ගමං උනත් පුලුවෙනි. දිව දාන්ට පුලුවන් තැනක් හම්බ උනාද දාපං කතා දෙකක් නැතුව. දාල කරකවපං...අද්දුටුවයි..සත්තයි..ප්‍රත්තියාක්සයි...
//මේ කල කෝළාහලයට එකහෙලා විරුද්ධ අපක්ෂපාතී නුවරුන්ද කිසිවත් කරකියාගත නොහී තුෂ්නිම්භූතව උකටලීවැ බලා සිටින්නහ//
ReplyDeleteදෙතුන් දෙනෙක් තරහ කරගත්තා... මේවා කතා කරනන් ගිහින්...
තිසර,
Deleteකාටද කියන්නෙ මලේ?..කාටද කියන්නෙ?.....:(
අර නානසාරු හරිය කියන එවුන් අනන්ත ඉන්නව මලේ මෙහෙ..අනන්ත ඉන්නව...
එසේ නොකියව.මන්ද යත් ගෞතමයන් සරන ගිය එක්තරා උත්තුංග දේහධාරී කෙලෙඹි පුත්‍රයකු මංසන්ධිකයදී මේ ක්‍රියාවනට විරෝධය පා සත්‍යක්‍රියාවක නිරතවන අයුරු දුටුවෙමි.http://sinhala.lankaherald.com/?p=8242
Deleteනිර්නාමික සහෘදය/සහෘදිනිය,
Deleteඔබට මාගේ ස්තූතිය. තමන් විශ්වාස කරන්න වෙනුවෙන් නොබියව පෙනීසිටිමට පමණ සෘජු කශේරුකාවක් සහිත එකද තරුණයකුහෝ ජීවත්වන බව දැන ගැනීම පවා මහත් ආහ්ලාදයට කරුණකි.
”මෙතන නැත්නම් කොහේද?අද නැත්නම් කවදාද?මම නැත්නම් කව්ද?
Deleteඒ මිනිසාට මගේ ගෞරවය!!!!!!
Deleteඅද මට එකෙක් ලංකාවේ ඉඳන් ටෙලිෆෝන් එකෙන් නානසාර බණක් කිව්වා. තාමත් ඉන්නවා ගොබ්බ මුත්තෝ.
කතිකාව නිවරදි වුවත්, කිසිවක් කරකියාගත නොහැකියයි බිනීම, උකටලී සිත් ඇත්තාහුය. එසේ නොකිව මනාය. කළහැකි දහසකුත් දේ ඇතිව තිබියදීත්, උන් උන් උදහස්ව සිටීමෙන් සිදුවන්නේ නපුරක්මය.
ReplyDeleteඒ පුරුෂයෝ තෙමේ මන්ත්‍රනයකට ගොදුරුව, අනුනුත් පිඩාවට පත්කරන්නෝය. ගත යුත්තක්ද නැත්තේමය.
උපේක්ෂා,
Deleteකතාව ඇත්ත. ඔන්න ඔහෙ ඕන එකක් කියල ඇහැ කන පියාගෙන ඉන්න එක නෙවෙයි තමයි කරන්න ඕන...:)
සිය බලය රැකගනුවස් ඒ රෞද්‍ර පුරුෂ තෙමේ කරන්නාවූ අවකල්ක්‍රියාව හේතුවෙන් දිවයින් රාජ්‍යයත් විනාශමුඛයට පත්වැ ලෝ පුරා රාජ්‍යයන්හි අවමානයට පත්වන්නේයැ.
ReplyDeleteහැලප,
Deleteඔය මනුස්සයගෙ පවුරුසත්තෙ ගැන කොයිවෙලෙත් කතාකරන එවුනුත් ඉන්නව නෙව බොල. මුලු රටටම අර කොහාටද තියල ඇරියත් කමක් නෑ පවුරුසත්තෙ ද මොකද්ද එක හරියට තියෙනව නං...හෙහ්,හෙහ්,
පවුරුසත්තෙ කියන්නෙ කටේ තොලේ නොගෑවී චේතිය පච කෙලින එකවත් තමංගෙ බලය රැකගන්ට ඕනම දහපදුරා වැඩක් කරන එකවත් නෙවෙයි.එහෙමත් නැත්තං දුවගෙන ගිහිල්ල ඉස්ටේජ් වලට පනින එකවත් නෙවෙයි.එහෙම බලනවනං මැන්ඩෙලාට ගාන්ධිට කිසිම පෞරුෂත්වයක් නෑ.පෞරුෂත්වය තියෙන්නෙ කල්ක්‍රියාවෙ, ප්‍රතිරූපයෙ, එහෙමත් නැත්නම් තමන්ගෙ නිවහල් ආත්මයෙ...
//මක්නිසාද යත් කිසිසේත්ම ඒ මවිසින් වදාල ධර්මයනම් නොවන බැවිනි//
ReplyDeleteකවුද කියන්නෙ මේ ඒ ධර්මය කියල?
මෙහෙ තියෙන්නෙ ඔය ඉන්දියාවෙන් ආනයනය කරපු ධර්මයක් නෙමෙයි. මේක පූර්ණ දේශීය විජාතික විරෝදී සුපිරිසුදු හෙල ධර්මයක්.
පොඩි අප්සෙට් එකකට තියෙන්නෙ කවුද කුමන්ත්‍රණකාරයන් වගයක් මේ "බුද්ධ" කියල කෑල්ලක් දාගෙන.
පොඩ්ඩක් ඉන්නකො එක්කො බුද්ධ කියන්නෙ (රාවණගෙ බාප්ප හරි බෑන හරි වෙන ) හෙල ශාස්තෘවරයෙක් කියල ඔප්පු කරනකම්. එහෙම නෑත්නම් අපි නම වෙනස් කරනව. නානාගම (පොඩි හලාල් ගතියක් තියනව නේ) හරි සාරාගම හරි රාජාගම හරි කියල
Pra Jay,
Deleteඅන්න ඒක නම් වෙන්න ඇති..මෙහෙ මේ අද තියෙන්නෙ සිද්ධාර්ථ ගෞතම වදාල ධර්මය නම් නෙවෙයි...:)
ප්‍රීතී මහ රජ ප්‍රීතී.. දඩයක්කාර තෙමේගේ කථාංගයෙන් මතුයෙහි විධ්ග්ධ බස් වහර හබක් වී යැයි චිත්තක්ෂෝපයෙන් උකටළීව හිඳිනා සඳ මෙවැන්නක් දැකීම ඉමහත් චිත්තප්‍රසාදය නංවන්නකි. ප්‍රීතී .... ප්‍රීතී ........ චන්ද්‍රාලෝකේ නිසා ප්‍රියාවී..... චං චල්වේ ජීවන මේ මනහාරී....
ReplyDeleteඑසේ වතුදු මා මෙවැනි කරුණු අරභයා මුවින් නොබැන ශිෂිර නිද්‍රාවේම පසුවෙම්හයි සපථකොට ඇති හෙයින් මීට ඌණපූරණයන් බිණීමෙහි අපොහොසත් යැ. ඒ ගැන කමන්න. ශෛල පබ්බත මස්තකයෙහි රෞද්‍ර භාවයෙන් මුව සංතර්පනයෙහි සිත් ඇත්තේ වෙමි
නවම, මා මිතුර,
Deleteඑසේ වීනම් නිරතුරු තොපගේ දසරුව මත රැඳි පැසෙහි එවන් කුඩා ශෛලමය පුවරුවක් වන්නක් බහාලා තබාගැනීම යෙහෙකි. නිතර එළඹෙන එවන් අවස්ථාවන්හිදී වහා ඒ පිටතට ගෙන හැකි වැරයෙන් තොප ශ්‍රී මුඛය එහි උලාලාපියා ගනු යෙහෙකි.
හිනා වෙලා පන යනවා.... අන්තිමයි හොඳේ!
Deleteහෆ්ෆේ මට පෝස්ට් එකක් කියවන්න ගිය වැඩිම වෙලාවක් ගියේ මේකටද මන්දා..
ReplyDeleteඑහෙනම් කොසොල් රජතුමාගේ ඒ හීනෙත් හරි ගියා.. අපේ අවාසනාවට තම අද එතුමන්ලා අපි ලග නැත්තේ..
දිනේෂ්,
Deleteඅහෝ තොපට මේ ඡේද කිහිපය කියවනු වස් එතෙක් කාලය ගතවීද? එසේ කල් ගත කොට හෝ කියැවිම පිළිබඳව මලණුවනි..මාගේ නොවක් ස්තූතිය...:)
කොසොල් රජතුමා ඉතුරු ටිකක් දැකලා ඇති මයේ හිතේ. දැන් හෙට අනිද්දා ඒ ටිකත් ඇත්ත වෙයි වගේ....................
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර,
Deleteඑහෙනං, එහෙනං, තව දැක්ක මහිතේ හීන එක සීයකට එහා...හෙහ්,හෙහ්,
දිවට එක්සසයිස් ටිකකුයි...තව ගල් බාගයකුයි එවපන්. මගේ ඩෝප් එකත් බැස්සා.... :D
ReplyDeleteමචං ලැජ්ජයි බන් මිනිස්සුන්ට මූණ දෙන්න. මුස්ලිම් එවුන්, සුද්දෝ එක එක මගුල් අහනවා.
මුස්ලිම් එවුන් මොන මගුලක් අහන්ඩද බන්..?? අහන් එවුන්ට කියහන් තනි අතින් අත් පුඩි වදින්නෑ කියලා..
Deleteමේ සිද්ධිය ගත්තාම එහෙම කියන්නේ කොහොමද බන්....මීට වඩා වෙන විදිහකටනේ මේවා විසඳන්න ඕන බෞද්ධයෝ. අනික අපට බණ කියන එවුන්නේ.
Deleteසෙන්නා,
Deleteඑහෙමම කියන්නත් එපා බං....මුස්ලිම් ව්‍යාප්තවාදයක් තියනව..ඒක නෑ කියන්න බෑ..බහුතරයක් කියල හරියටම කියන්න නම් බෑ මම ඒ ගැන දන්නෙ නැති නිසා..ඒත් මට හම්බවෙච්චි මුස්ලිම් අය අතර ඒ ආගම, ජාතිය ව්‍යාප්තවාදී හැඟීම තියනව.ඒත් ඒකට ප්‍රතික්‍රියාව මේ කරන අසමජ්ජාති වැඩේ නම් නෙවෙයි.
අරූ,
Deleteඋචිතම ජිහ්වාභ්‍යාස නම් මෙසේය. පිටි කර මීපැණි බිඳක් තවරා ඒ ජිහ්වාග්‍රයට ගැනීමට තැත් කරනු.
//ජිහ්වාභ්‍යාස.....ජිහ්වාග්‍රයට///
Deleteරවී මචෝ....මේ වදන් උඹලාගෙන් තමයි ඉගෙන ගන්නේ. මේ මොනවාද කියලා උගන්නපන්. ජීවනි දෙකක් ගහන්න වුනා තේරුම හොයන්න. කියලා දීපල්ලා.
අරූ,
Deleteජිහ්වය කියන්නෙ බං දිවට...එතකොට ජිහ්වාග්‍රය කියන්නෙ දිවේ කෙළවර...ජිහ්වාභ්‍යාස කියන්නෙ දිවට දෙන ව්‍යායාම් ( Tongue Exercises )
රවී...එහෙනම් වැඩේ හරී. මම වයිෆ්ට කිව්වා, අද රෑට ජීහ්වාග්‍රය කියලා. ගෑණි කියනවා එහෙනම් හෙට බුරියානි එකක් හදන්නම්ලු. කවුද ගෑනියෙක් කිව්වාලු..අපිට සලකන විදිහට තමයි...අපිත් සලකන්නේ කියලා..
Deleteඅරූ,
Deleteහෙටම හදන්ට එපා කියපං බං..ඇට් ලීස්ට් ත්‍රී ඩේස් ඉඳපං..දිව ආයෙම යතා තත්වයට පත්වෙන්ට (Back to normal ) දවස් තුනක් වත් යනව ( At least three days ) නැත්තං උඹ වයිෆ්ගෙ ඇඟට ගොඩවෙයි.." මොනවද ඕයි මේ බුරියානිද ? මහ *** රහයිනෙ " කියල ...හෙහ්,හෙහ්…
මට සළකන විදිහට තමයි මාත් ඉතිං සළකන්නෙ ...හෙහ්, හෙහ්, මරු කතාව බං ඒක නේද?
තවත් සති දෙකයි මහරජ ප්‍රීති..ප්‍රීති..සියල්ල අමතක වනු ඇත...
ReplyDeleteවැටත් නියරත් ගොයම් කා නම් ඉතින් කාට පවසම්..!!
රූ,
Deleteමටද එසේමය මැතිණියනි, මටද එසේමය...ප්‍රීතියි!..ප්‍රීතියි.!! ( මෙසේ ප්‍රීතියි ප්‍රීතියි යනුවෙන හඬගානා විට එක වරම මා සිතට නැඟෙනුයේ....... )
ස්තූතියි පාලිත...
ReplyDeleteස්තූතියි ප්‍රේමසර.....
Deleteඑම්බා රවිය.. තොප දොඩන්නේ මුසාවක් නොවේද?? බුදුන් වහන්සේ කවර හේතුවක් නිසා මෙවන් ස්වප්න විග්‍රහ කලේද?? එනයින් ඔබගේ මුසාබස් වල තරම පැහැදිලිව දැකිය හැක. දඹදිවට දකුණින් ඇති මහා බලගතු ආශ්චර්යයමත් රාජ්‍යෙය් කිකලකවත් මෙවන් විපත් සිදු නොවේ..
ReplyDeleteඅහෝ කමන්න දේශක තුමනි,
Deleteගිම්හානයෙහි උච්චතම කාලයයි මේ. අධික උණුසුමට එකතුවූ, රාත්‍රිය පුරා පානය කරන්නට යෙදුනු මධුවිත කරන කොටගෙන අළුයම් කාළයෙහි දුටු අභව්‍ය ස්වප්නයකැයි හඟිමි. කමන්න! කමන්න!!
එකල්හි එකී මහරජාණෝ මාගේ දිවි නැතත් මාගේ දේශය පරසතුරනට පාවා නොදෙම්හයි දෙයි, දෙයි යන අනුකරණයෙන් ළෙහි අත් ගසා ශපථ කරන්නාහුය.
ReplyDeleteAno,
Deleteපරසතුරන්ට දීල කොහොමද? මේකෙ තව තියනවනෙ හපේ උනත් කමක් නෑ...නිකං ඉන්න ගමං අර හක්කෙං මේ හක්කට දාල විකන්ට...