Friday, September 5, 2014

278. විමලෙගෙ වාංපතුල් කතා - 21 - වියුණුවෙහි නව මුහුණුවර, ආගිය කතා, වන් සැප සහ කොස් කැපීම.

Charles Dwyer

රයිට් නිදහස් සිතුවිලි වියුණුවට නව මුහුණුවරක් දීල තියනව ඔහෙල දකින්ට ඇති නේද? අලුතෙන් ගෑව නීල වර්ණයක්. එහෙම කලේ මොකද දන්නවද? ඒකෙත් තියනව ලොකු අභ්‍යන්තරයක්. " පුතේ... ඕක ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක් " එහෙම කිව්වෙ අපෙ ලොකු මාම...බූරානිස් මලයා තුමාත් අහල තිබ්බ " මොකෝ බං මේ වෙනස? රන්දිල් නෝනා මහත්තැං වාර්සික අලුත්වැඩියාව කරල වත්ද? " කියල. 

එතුමාට පිළිතුරු වසයෙන් මම කිව්වෙ " ඉඳහංකො ඒ විස්තරේ ඊලඟ කතාවෙදි කියන්නම්ය " කියල. ඉතිං ඒ කතාව තමයි මේ… 

මම ඉතිං ඔය මත්තල ගැන, හම්බංතොට වරාය ගැන, නෙලුං පොකුන ගැන, නෙලුං කුලුන ගැන එක එක දේවල් කියනවනෙ හිටපු ගමං. ඒ ගැන පොඩ්ඩක් විතර හිත නොරොක් වෙච්චි ඇනෝ මහත්මයෙක් හෝ මහත්මියක් කියල තිබ්බ මෙහෙම. 

/ යූඇන්පී කාරයා එළියට පනිනවා වැඩියි දැන් දැන්. රංදිල් නෝනටත් මෙහෙම ගියොත් කරදර ඇති වෙයි වගේ. / 

දැන් ඔන්න බලන්ට මොන තරම් සත්ගුනවත් ඇනෝ තුමෙක්ද මේ....රන්දිල් නෝනට කරදර ඇතිවෙයි කියල බොහොම විස්සෝප වෙලා අනතුරු ඇඟවීමකුත් කරල. තර්ජනයක් වෙන්ට නම් බෑ මයෙ හිතේ..බොහොම සුහද අවවාදයක් වෙන්ට ඕන. ඒත් පොඩි අඩුපාඩුවකට තියෙන්නෙ එහෙම කරදර වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරපු නැති එකයි. එහෙම පොඩිවට වගෙ විස්තරේකුත් කලානං එහෙම ආය නෑ මල් මසුරං....රයිට් ඒ පරාර්තකාමී, සත්ගුනවත් නිර්නාමික තුමා ගැන ඒ ඇති. 

එතකොට අද උදේ ඔන්න මගෙ ලෑන්ඩ් ලේඩි නොහොත් නිවෙස් හිමිකාරිය නොහොත් රන්දිල් නෝනා මහත්මිය මට තකහනියක් කතා කලා. 

" මේ හලෝ..මොකද අර ඔහෙ කරල තියෙන්නෙ? " 

" මොකක්ද මම කරල තියෙන්නෙ? " 

" මොකද කරල තියෙන්නෙ කියන්නෙ? මත්තල ගැනයි, හම්බන්තොට වරාය ගැනයි, නෙලුං කුලුන ගැනයි අපහාසාත්මකව ලියල කියල චෝදනා තියනව නේද ඔහෙට? " 

" ඔන්න ඕකනෙව කියන්නෙ. මම හිතුවෙ නෑ ඔයත් ඔහොම වරදවා වටහා ගනීය කියල. " 

" ඒ කිව්වෙ? " 

" ඒ කිව්වෙ මෙහෙමනෙ. දැං හම්බංතොට වරායට නැව් එන්නෙ නෑ තමයි. මම එහෙම කිව්වත් තමයි. ඒත් ඒකට හේතුව ලියනකල් ඉවසන්ට එපාය. එහෙම නැතුව වලං කඩේට පැනපු ගොනා වගෙ මැද්දෑවට පැනල මට දොස් කිව්වම හරි යනවද? " 

" හරි මොකක්ද දැං නැව් නො එන්ට හේතුව? " 

" හේතුව මේකයි. වරායට නැව් එන්නෙ නැත්තෙ වරායට ඇතුල් කරන්ට බැරි තරමට නැව් තියනව පෝලිමේ. නැව් පෝළිමේ එහා කෙලවර තියනවයි කියන්නෙ මැඩගස්කරේ කිට්ටුව. ඒ පෝළිමේ හැටියට අවුරුදු දෙකක් වත් යනවලු වරායට නැවක් දාන්ට. අන්න ඒ නිසයි නැව් එන්නෙ නැත්තෙ. නැත්තං ඔය වෙන අනං මනං හින්ද නෙවෙයි. ගලක් තියනවය අරකද මේකද ඔය ඔක්කොම එතුමාගෙ කීර්තිනාමයට කැලැල් කරන්ට හදාපුව නෙව. දැං බලන්ට අවුරුදු විස්සක් විතර පරන ලදරං චන්ද්‍රිකාවක් අලුත් වැඩියා කොරල සිංහ කොඩිය එහෙම ගහල කක්ස ගත කරන්ට තරං හැකියාවක් තියෙන උත්තමයෙක් එතුමා. මේ සුට්ටං ගල් කෑල්ලක් අයිං කරන එක එතුමට සිම්පල්. අර චන්ද්‍රිකාවට චීනෙට කෝටි ගානක් දුන්න එක වෙනම කතාවක්. චීන්නු පට්ට ගහපු පරන බඩු සල්ලි දීල ගන්ට එතුමා බොහොම කැමතියි නෙව.අර ගල් අඟුරු බලාගාරෙ.... ඒ තව එකක්. " 

" හෑ???ඒකත් එහෙමද? " රන්දිල් විස්මයට පත් වෙලා ඇහුව. 

" ආය එහෙනං වෙන කොහොමද?....එහෙමම තමයි...... වරායෙ විස්තරේ ඒ....දැං බලමු මත්තල ගුවං තොටුපොල ගැන. ඕකට ගුවං යානා යන එන එක එතුමා අනඥාවක් නිකුත් කරල සීමා කරල දැම්ම. ඒ කිව්වෙ මාසෙකට උපරිම පෙලේං බස්සන්ට පුලුවං තුනයි. දන්නවද මොකද්ද හේතුව කියල. මරා ආසියාන්තරා පිටැන්න විවුර්ත කරපු අලුත ඕකට ප්ලේන් බාලා තියෙන්නෙ තරඟෙට. එකක් බාලා නවත්තන්ට කලිං ඒකෙ බපර් එකේ වදින්ට වගෙ ඇවිල්ල නවත්තනව පිටිපස්සෙං තව එකක්.පෙලේං හත අටක වගෙ නම්බර් ප්ලේට් හිටං ඇද උනාලු පස්සෙං ආපු එකාට කොන්ට්‍රෝල් නැතුව යන්තමට වගෙ වද්දල. සිග්නල් බෙරේක් ලයිට් හිටං කුඩු සංසාර උනාලු මහ හුඟක්. " 

" අවුරුදු කාලෙ එතුමා ගත කලේ ගමරට බලා ගිහිල්ල නෙව. මේ පාර එතුමාව වට කරගත්තලු අහල පහල බබලත්තු ටික. " ආ..කොහොමෙයි ඉතිං? ඔන්න මම ඔහෙලට ආසියාන්තරා පිටැන්නකුත් හදල දුන්න. දැං සන්තෝසයි නේද?" එතුමා බොහොම හැඟීම් බරව විමසුවා. ඉතාම සංවේදීයි නෙව. අම්බානක් සංවේදීයි. " එහෙමයි එහෙමයි. ඒත් ඒ වැඩෙං අපිට හරිම අකර තැබ්බක්නෙ වෙලා තියෙන්නෙ." වටකරගෙන උන්නු බබලත්තු නාහෙං අඬන්ට ගත්ත. " ඈ?? ඒ මොකද ඒ?" එතුමා පුදුම වෙලා ඇහුව. '' මත්තල පිටැන්නට එක පිට එක පෝලිමේ ආසියන්තරා බාන හින්ද අපිට කුරක්කං ටිකක්වත් වේලගන්ට හැටියක් නෑ නෙව උත්තමයාණනි.'' .....බබලත්තු එක හඬින් කිව්ව. '' ඒ කොහොමද එහෙම වෙන්නෙ?...... '' " ඇයි අප්පේ පෙලේං වලට දවස තිස්සෙම ආකහේ වැහිල. පෙලේංවල හෙවනැල්ලට ඉර එලිය මුවා වෙලා. ඉතිං කොහොමද කුරක්කං වේලන්නෙ." හ්ම්ම්ම්. හ්ම්ම්ම් ඒකත් ඇත්ත තමයි . අර පරන සිංදුවකත් තියෙන්නෙ. එර්දියෙන් යන්නාවූ නෙක් රහතුංගේ සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ.. " 

" ඒ කාලෙත් ඔය රහත් කස්ටිය නිතර එර්දියෙං යන්ට ගිහිල්ල ඉස්තිරියාවන්ට වී වේලාගන්ටත් බැරිඋනාය කියනවනෙ. ඒ පාර බුදු හාමුදුරුවො රහතුං වහන්සෙලට සික්සා පදයක් පැනෙව්වලු වී වේලන කාලෙ අහසිං වඩින්ට තහනම්ය කියල. අන්න ඒ වගෙ එතුමා ඒ පාර වහාම නියෝග කලා මත්තලට මාසෙකට උපරිම බාන්ට ඇහැක් පෙලේං තුනයි කියල. මත්තලට පෙලේං එන්නෙ නැති ඇත්තම හේතුව ඒකයි. දැං බලන්ට එතුමා මොන තරං සංවේදී නායකයෙක්ද කියල, අච්චර කෝටිගානක් වියදං කරල හදපු පෙලේං පිට්ටනිය පාලුවට ගියත් තමංගෙ සහෝදර ජනතාවගෙ කුරහං වේලිල්ලට බාදාවක් වෙන්ට ඉඩ දුන්නෙ නෑ. අන්න නායකයො. " 

ඉතිං මම ඔය විස්තරේ කියාගෙන කියාගෙන ගියානෙ. රන්දිල් ඔක්කොම අහගෙන ඉඳල මෙහෙම ඇහුව. 

" එතකොට මේ කට්ටිය වැරදි අවබෝදෙකනෙ ඉන්නෙ නේද?..... රයිට් අපි මෙහෙම කරමු. ඒ වැරදි අවබෝදය දුරු වෙලා යන්ට බ්ලොග් එකේ වෙනසක් කරමු. " 

" ඕකේ රයිට්. ඕන එකකට මම එකඟයි. මොකද අපි කරන්නෙ? " 

" මෙහෙම කරමුද? නිදහස් සිතුවිලි කියල නමේ අකුරු වටේට කුරහං සාටකයක් ඔතමුද? " 

" අන්න මරු..ඔයානෙ ඔව්ව දන්නෙ. එහෙනං එහෙම කරන්ටකො." මම එහෙම කිව්ව. 

ඔන්න ටිකකිං මුන්දැ මට ආයෙම කතා කරපි. 

" ඒක හරි යන්නෙ නෑ. සාටකේ එතුවම නිකං බඩවැලක් එතුව වගෙ. එහෙම නෙවෙයි. මම මොකක් හරි හොඳ ඇනිමේෂන් පාරකුත් එක්ක හොඳ වැඩක් දාන්නම් පස්සෙ. එතකල් බ්ලොග් එක නිල්පාට කරමු . ඒත් මදැයි. " 

" හරි නෝ ප්‍රොබ්ලම්. ඇනිමේෂන් එකට දාන්ට අර ප්ලේන් බෑවිල්ල හින්ද කුරක්කං වේලගන්ට බැරුව බබලත්තු ගිහිල්ල එතුමාට දුක කියන සීන් එකයි. එතුමා වහාම නියෝග කරල ප්ලේන් බාන එක නවත්තන සීන් එකයි. එහෙනං එතකල් නිල්පාටවත් කරල දාන්ට. උන්නු හැටියට මලා මදැයි කියලත් කියනවනෙ. " මම අන්තිමට එහෙම කිව්ව. 

ඉතිං බූරාබිදාන මලේ ඔන්න ඔහොමයි නිදහස් සිතුවිලි නිල්පාට උනේ...හෙහ්,හෙහ්. 

හරි ඒ කතාව මදැයි ඔය....දැං පහුගිය කොටසෙ සිට ඉදිරියට... 

" මගෙ ජොකා නෑ……" ජයන්තය දත්මිටි කාගෙන කිව්ව.. 

" මොකක්?...." මගෙ කටත් එක්ක ඇරුන. 

" ජොකා නෑ?..මොකද ඒකට උනේ?...." 

" ඒක තමයි මාත් අහන්නෙ? මොකද ඒකට උනේ? " ජයන්තය මගෙ දිහා රවල බැලුව. 

" යකෝ මට රවන්නෙ? මම ගත්ත වගේනෙ....මේ මචං..හොඳට මතක් කරපං උඹට බුදු ෂුවර්ද ජොකා ඊයෙ ඇඳගෙන ආවය කියල.." 

" මේ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං..මොකද බං මට මතක නැත්තෙ?..මොකද තොපි වගෙ මාත් නකතං වෙන්ට බොනවය? " ජයන්තය කාමරේ දෙකක් වෙන්ට කෑගැහුව. 

" හරි හරි බං... හරි හරි.... කාම් ඩවුන් කාම් ඩවුන්..ඕකේ? " මම උගෙ අත්දෙක අල්ලගෙන ඌව සංසුං කලා. 

සංසුං කලා කිව්වම පොඩි කතාවක් මතක් උනා බොලේ හෙහ්,හෙහ්, ඒ ලක්බිම පටන්ගත්තු අලුත. දැන් ඔය රූපවාහිනියෙ / අයි.ටී.එන්. එකේ විපරම සහ පශු වදන කියල ඉතාම සාරගර්භ වැඩ සටහන් දෙකක් කරන හාදය දන්නව නේද? ඔය හාදය ඒ මුලම කාලෙ ලක්බිමේ ලිව්ව ආගිය කතා කියල තීරු ලිපියක් වගෙ එකක්. හිනාවෙල ඉළනෑ ඒකෙ තිබ්බ විහිලු කියවල. මිනිහ නියමෙට කලා ඒක. ඒ කාලෙ ඉඳලම මිනිහ විහිලු කාරය. 

ඔය යකාගෙ පශුවදන මම බලන්නෙ ලෝ බ්ලඩ් ප්‍රෙෂර් වගෙ දැනිච්ච දවසට විතරයි. බෙහෙත් වලට යන ගාන ඉතුරු වෙනව. 

රයිට් දැං අර සංසුං කතාවට. ඔන්න එක මනුස්සයෙක් ගියාලු බඩේ අමාරුවකට බෙහෙත් ගන්න………. 

" ම්ම්ම්..අපි එක්ස් රේ එකක් අරගෙන බලමු මේකට. " දොස්තර බඩ එහෙම මිරිකල කිව්ව. " හෙට උදේම එන්න. " 

" අද රෑ නමයට වගෙ කෑවට පස්සෙ මොකවත් කන්න එපා හොඳද? " දොස්තර ආයෙමත් කිව්ව. 

පහුවදා මනුස්සය පාන්දරම ගියා එක්ස් රේ වැඩේට. ඒත් තව කට්ටිය හිටිය පෝළිමේ සෑහෙන්ට. 

" හරි පෝළිමේ ඉන්ට,…... පැයක් හමාරක් වගෙ යයි. " එතන හිටපු නර්ස් එහෙම කියල නම කාරිය ලියාගත්ත. " කන්ට එහෙම එපා මොකවත් ඇහුණද? " 

ඔන්න පැයක් වගෙ ගියා. මේ මනුස්සය ඉන්ට බෑ බඩගින්න. කලන්තෙ වගෙ. එතනම එහා පැත්තෙ කැන්ටිම. පාන්, බනිස් තෙල් සුවඳ එද්දි ඉන්ටම බෑ. ඉවසන්ටම බැරිතැන ඕන ****** පණං අටයි කියල හිතල මිනිහ හෙමීට කැන්ටිමට රිංගල උණු උණු වන්ඩු දෙකක්ම අරගෙන කන්ට ගත්ත. කරුමෙ කියන්නෙ හරියටම ඔය වෙලාවටම ඔන්න මිනිහගෙ නම කතාකරනව ඇහුන එක්ස් රේ ගන්ට. 

" එච්. ජයවර්දන .... කෝ මේ එච්. ජයවර්දන. කොහෙ මකබෑ වෙලාද? " නර්ස් නෝන කෑගහනව ඇහිල මිනිහ දනි පනි ගාල ඉතුරු වන්ඩුවත් එහෙම්මම ගිල දාල ගියා එක්ස් රේ එක ගන්ට. 

" කොහෙද මනුස්සයො ගියේ? කී පාරක් කතා කලාද? " නර්ස් නෝන බොහොම ආදරෙං ඇහුව. 

" නෑ නෝන මම …...මේ….. මම මේ…" 

" ආ..ඒකෙං කමක් නෑ. යනව ඇතුලට ගිහිල්ල එක්ස් රේ එක ගන්නව. ඉක්මන් කරනව තව කට්ටිය ඉන්නව. " නර්ස් නෝන කිව්ව. 

මිනිහත් ඔන්න ගිහිල්ල බඩේ එක්ස් රේ එක ගත්ත. එදා හවස මිනිහගෙ එක්ස් රේ එක අරං බලපු දොස්තර නළලෙ අත ගහ ගත්තලු. බඩේ ගත්තු එක්ස් රේ එකේ තිබ්බෙ " යාපනය දැං සංසුං " කියලලු. මේ මනුස්සය අර නම කතාකරනකොට කලබල වෙච්චි පාර වන්ඩුව එහෙම්මම ගිල්ලනෙ. වණ්ඩුව ඔතල තිබ්බ පත්තර කොලෙත් ඒ එක්කම කැවිල ඒකත් බඩේ. ඒ පත්තරේ තිබ්බ හෙඩ් ලයින් එක තමයි අර .... 

ජොක්කු ගැන කතා කරන හින්ද මෙන්න ආගිය කතාවක තිබ්බ ජොක්කු කතාවක්. යාලුවො කට්ටියක් ඔන්න ගියාලු විනෝද චාරිකාවක්. ඒ කිව්වෙ මේ ට්‍රිප් එකක්. රයිට් අපි කියමු පොළොන්නරුව පැත්තෙ කියල. දවල්ට කන්ට කලින් ඔන්න පරාක්‍රම සමුද්‍රෙ නාන්ටයි සූදානම. හැමෝම කලසං ගලෝල ජොකා පිටිං ඔන්න බැස්ස වතුරට. එකෙක් විතරක් ගොඩ ඉන්නව. උගෙ නෑ නාන්ට කිසිම සුදානමක්. 

" ඒයි වරෙං බං..කලිසම ගලවල වරෙං..නියම වතුර ටික.." යාලුවො කෑගහනව. 

" අනේ බෑ බං මම නාන්නෙ නෑ. " අරකා පිංසෙංඩු වෙනව. 

දන්නවනෙ ට්‍රිප් එකක් ගියාම ඔහොම කියල බේරෙන්ට බෑනෙ යාලුවංගෙං… 

" අඩෝ ඒව හරියන්නෙ නෑ හොඳද? වරෙං බැහැපං වතුරට. ගලවපං කලිසම. " යාලුවො අවසාන නිවේදනය නිකුත් කලා. 

බේරෙන්ටම බැරිතැන මිනිහ ඔන්න බොහොම අකමැත්තෙං කලිසම ගලවල වතුරට බැස්ස. අනික් එවුං ඇඳල ඉන්න ට්‍රන්ක් වල ඔන්න පිටිපස්සෙ ගහල තියනව නයික්, අඩිඩාස් ඒ වගෙ සුප්‍රසිද්ද බ්‍රෑන්ඩ් නේම්ස්. මුගෙ එකේ පිටිපස්සෙ තියෙන්නෙ " වන් සැප " දැං කට්ටියම හොල්මන් ද පොල්කොල..... ඇයි දෙයියෝ සාක්කි වන් සැප කියල බ්‍රෑන්ඩ් එකක් කලින් අහලම නෑනෙ. මුගෙං ඇහුව ඇහුව මූ කියන්නෙම නෑ. එහාට මෙහාට ඇඹරෙනව. 

අන්තිමට මූ මරන්ඩ වගෙ ගියාම තමයි ඔන්න විස්තරේ කිව්වෙ. 

" අනේ මචංලා. කාටවත් කියන්ට එහෙම එපා. ඔය මළ ගෙයක් උනාම පාර හරහ බැනර් දානවනෙ. අහවලාට නිවන් සැප ලැබේවා!!! කියල. ඒ පරන වෙච්චි බැනර් එකකින් මහගත්තු ජොකෙක් තමයි මේ. නිවන් සැප ලැබේවා!! කියල ලියල තිබ්බ හරිය තමයි කරුමෙක පස්සට සෙට් උනේ. " 

හරි ඒ අතුරු කතා වාරය අවසානයි. ආපහු ජයන්තයගෙ කතාවට..... 

" යකෝ මට රවන්නෙ? මම ගත්ත වගේනෙ....මේ මචං..හොඳට මතක් කරපං උඹට බුදු ෂුවර්ද ජොකා ඊයෙ ඇඳගෙන ආවය කියල.." 

" මේ මගෙං කුණුහරප අහගන්නෙ නැතුව ඉඳහං..මොකද බං මට මතක නැත්තෙ?..මොකද තොපි වගෙ මාත් නකතං වෙන්ට බොනවය? " ජයන්තය කාමරේ දෙකක් වෙන්ට කෑගැහුව. 

" හරි හරි බං.... හරි හරි.... කාම් ඩවුන් කාම් ඩවුන්..ඕකේ? " මම උගෙ අත්දෙක අල්ලගෙන ඌව සංසුං කලා. 

ඉතිං ඔන්න එකා එකා දවල් කෑම වෙලාව අල්ලල ආපහු ක්වාටර්ස් එකට එන්ට ගත්ත. ඒ ආපු හැමෝම ජයන්තයගෙ ජොකා නැතිවෙච්චි සීන් එක ගැන බොහොම විස්සෝප උනා. ඒ ඇර ජොකාට වෙච්චි දෙයක් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. අන්තිමටම වගෙ ආවෙ අජිතය. ඕකනෙ ජයන්තයගෙ කල්‍යාණ මිත්‍රය. අජිතය හින්දනෙ අපි ජයන්තය අඳුර ගත්තෙත්. 

" මොකද බං තාම මෙතන? මම හිතුවෙ උඹ උදෙම්ම යන්ට ඇතිය කියල…" එහෙම කෑගහගෙන අජිතය කාමරේට ආව. 

" නෑ බං ජයන්තයගෙ ජොකා මිසිං . ඒකයි ඌ ගිහිල්ල නැත්තෙ " මම කිව්ව. 

" පිස්සුද බං? ආය මඟුලක් කතා කරනව. මුගෙ ජොකා ගන්ට ආය කවුද මෙහෙ ඉන්නෙ? උඹ ෂුවර් එකටම ඊයෙ ජොක්ලස් එන්ට ඇත්තෙ." අජිතය එහෙම කියව කියව සරමක් උඩිං දාගෙන ජොකා ගලවල ටවල් රැක් එක උඩට දැම්ම. 

" මේ උඹ මගෙං මොකවත්……." එහෙම කියාගෙන ජයන්තය ඇඳෙන් නැඟිට්ට දුන්නෙ දුනුදිය මුදා හැරිය වගෙ. ඒ එක්කම උගෙ ඇස් ලොකු උනා තරමක පීරිසි දෙකක් විතර. 

" අම්මට උඩු..අන්න මගෙ ජොකා.." ජයන්තය කෑගහගෙන අජිතය ටවල් රැක් එක උඩට දැම්ම ජොකාට ඇඟිල්ල දික්කරල පෙන්නුව. 

" රම්පෙට පොරි කිව්වලු. ඔය ජොකා උඹේද? කලින් කියන්ට එපාද බං..අනික මම ඒත් කල්පනා කලා. මාර හිරයි. උදේ ඉඳල මම තාම හරියකට හුස්මක් කටක් ගත්තෙ නෑ කිව්වම උඹල විස්වාස කරනවද? උඹ මොන කෙහෙල්මලටද ජයන්ත උඹේ ජොකා මගෙ කලිසම ගාවම ගැහැව්වෙ? උදේ පාන්දර කලුවරේ මම හිතුවෙ ඒ මගේ ජොකා කියලනෙ. " 

දැන් මේ පසුබිම ඔක්කොම සකස් කරේ අජිතය කියන්නෙ මොන වගේ පුඟුලෙක්ද කියල ඔබ තමුන්නාන්සේලාට අඳුන්වල දෙන්නයි. මගෙ අතිජාත මිත්‍රය. පිළිස්සූ කුකුළකු කරන කොටගෙන අහිමිවූ මගේ ආදරය කතාවට කෙලින්ම සම්බන්ද වෙන්නෙ ඔය අජිතය. අජිතයට වැඩිමල් අක්ක කෙනෙක් හිටිය. අක්කගෙ නම සුජිතා. ඒ කාලෙ වැඩකලේ කොටුවෙ විදුලි මල බණ්ඩලයෙ හෙඩ් ඔෆිස් එකේ. එහෙදිම කොල්ලෙක් සෙට් වෙලා ගෙවල් වලිනුත් කැමතිවෙලා ඔන්න වෙඩිම ගන්නයි යන්නෙ. කලින් ඉඳල දෙතුන් පාරක් ගිහිල්ලම අජිතයගෙ අම්මල අප්පච්චිල අක්ක එහෙම මම හොඳට අඳුනනව. ගෙදරකට ගියාම මට ආය එතන මගෙ ගෙදර වගෙ තමයි. කුස්සියට ගිහිල්ල කන්ඩ මොනවද තියෙන්නෙ කියල හැලි වලං ඇරල බලල එව්වයිම්ම මොනව හරි බෙදාගෙන කන එක මට ඒ හැටි දෙයක් නෙවෙයි. ඔය හින්දම මගෙ යාලුවංගෙ අම්මල අප්පච්චිල මට හුඟක් කිට්ටු උනා. අනික අත්තම්මල...හෙහ්,හෙහ්,උඩරට සිරිත විදිහට අත්තම්මට ගෙදර විශේෂ තැනක් ලැබෙනව. විශේෂයෙන්ම අම්මගෙ අම්මට. අත්තම්ම ෂේප් කරගත්ත කියන්නෙ ආය නෑ බඩේ බත් තමයි. ඔය කොයි කොයි දේට උනත්... හෙහ්,හෙහ්, 

සුජිතගෙ වෙඩිං එකට අපි අජිතයගෙ කිට්ටුම හිතවත් තුන් දෙනෙක් ගියේ දවස් හතරකට වගෙ කලිං. ගිහිල්ල ඉතිං ඔය තියන පොඩිපොඩි වැඩ වලට උදව් වෙමින්ද, ඉන්න අංගනාවියන්ට අරක මේක කියමින්ද, රෑවෙනකොට හෙමිහිට ස්වල්ප වශයෙන් මධු පානයෙහි යෙදෙමින්ද අපි කාලෙ ගත කලා. අජිතයලගෙ අම්මගෙ පවුලෙ සහෝදර සහෝදරියො මහ ගොඩයි. නමයක්ද දහයක්ද කොහෙද... ඔක්කොමල ඒ කිට්ටුව කිට්ටුවම තමයි. ඒ නිසා අජිතයගෙ නෑනල මස්සිනාල, සහෝදර සහෝදරියො හිටිය එක විසි පහකට එහා. ඒ අතරින් අපි එක්ක බොහොම සුහදව ආශ්‍රය කලා අජිතයගෙ ලොකු මාමගෙ දුව..නම අශෝකා. 

" මචං අශෝකා නංගි නර්ස් කෙනෙක්. නුවර මහ ඉස්පිරිතාලෙ. මගෙ ලොකු මාමගෙ දුව. ලොකු මාම පෝස්ට් මාස්ටර් කෙනෙක්. ඒ නැන්දත් හරිම හොඳයි. " 

" ආ..එහෙමද? " පෝරුවෙ සැරසිලි කරන්ට තෙල් කොළ නමල නියනෙං මෝස්තරයක් කප කප හිටපු මම ඕනවට එපාවට වගෙ කිව්ව. 

පෝරුවෙ වැඩ බාරව හිටියෙ අජිතයගෙ ඒත් දුරින් නෑවෙන මහප්ප කෙනෙක්. එයා අපි කට්ටියට එක එක වැඩ බාර දීල තිබ්බ, මට දීල තිබ්බෙ ඔය කැටයම් කපන්ඩ. 

" නෑ මම මේ උඹට කිව්වෙ අසෝක නංගි උනත් හරිම හොඳ නිහතමානී කෙල්ල.මට වැඩිය අවුරුදු දෙකක් වගෙ බාලයි. " 

" ඉතිං බං ඔච්චර වර්ණනා කරන එකේ උඹට නරකද? නෑකමත් හරිනෙ..ඇවැස්ස නෑන…" නියන හත් අට පොටකට නමපු තෙල්කොල උඩ පරිස්සමට තියල අත කොළුවෙන් වැරෙන් පාරක් ගහන ගමං මම කිව්වෙ අජිතය දිහාවත් නොබල. 

" පිස්සුද බං? අසෝකයි මායි පොඩි කාලෙ ඉඳල හිටියෙ සහෝදර සහෝදරියො වගෙ. " 

" හරි උඹ මට මොකද දැං කියන්නෙ? " 

" මම උඹට කිසි දෙයක් කියන්නෙ නෑ…" අජිතය හක හක ගාල හිනාවුනා. 

" ආ, ඒක මිසක්. එහෙනං කමක් නෑ.." මම ආයෙම කැටයම් කැපිල්ල පටං ගත්ත. 

ඒ එක්කම එතනට දුවගෙන ආවෙ සුජිතා අක්ක. නොහොත් මනාල මහත්මිය.... 

" ආ..මේ ඉන්නෙ වීරෙ මල්ලිව තමයි මම මේ හෙව්වෙ? " 

" ඇයි අක්කෙ? ….." මම ඔලුව උස්සල ඇහුව. 

" අනේ මල්ලි අද දවල්ට කන්ඩ ඉන්නව තිහක් විතර. කොස් ගෙඩි දෙකක් කඩාගෙන ආව. කොස් මැල්ලුමක් හදන්ඩයි යන්නෙ. අතන කුස්සිය එහා පැත්තෙ දර මඩුවෙ අසෝක නංගි කොස් කපනව. ඒත් එයාට තනියම කරන්ට අමාරුයි ඒක. මල්ලි ගිහිල්ල පොඩ්ඩක් වැඩේට උදව් වෙන්ටකො." 

පොඩි කාලෙ අත්තම්ම එක්ක කොස් කපල මට ඔය කොස් වැඩේ හොඳට පුරුදුයි. මීට කලිනුත් එක පාරක් අජිතයගෙ ගෙදර ආහම මම කොස් කපල දුන්න. සුජිත අක්කට ඒක මතක තිබිලද ??????......නැත්තං???? 

" හරි අක්කෙ..  ඒකෙ අවුලක් නෑ. මම යන්නං...ඒත් එතකොට මේ වැඩේ.?" මම ඔලුවෙං එතන කැටයං කපන්ඩ සූදානං කරල ගොඩ ගහල තිබ්බ තෙල් කරදාසි ගොඩ පෙන්නල ඇහුව. 

" මේ වැඩේ හදිස්සියක් නෑනෙ මල්ලි. හවස හරි කරන්ට බැරිය. අනේ ගිහිල්ල අර අසෝකට උදව් වෙන්ටකො. " සුජිතා අක්ක අජිතයට ඉඟියෙන් මොනව හරි කිව්වද? නැත්තං ඒ මගෙ හිත් හෝදිසියට පෙනිච්ච විදිහද? 

" හරි හරි මම යන්නංකො. මනමාලිගෙ ඉල්ලීමක් අහක දාන එකත් හරි නෑනෙ ඉතිං...හෙහ්,හෙහ්, " එහෙම කියල මම ඉඳගෙන හිටපු තැනින් නැඟිටල අත පයේ හිරි ඇර ගත්ත.

46 comments:

  1. යකෝ අර පෙලේං බෑවිල්ලට නං හිනා කාලා මැරෙනවා.... ඇත්තටම අයියේ උඹ දන්නවද "හිනා කාලා මැරෙනවා" කියන්නේ ඇයි කියලා... හිනාව කන්න පුළුවන්යෑ...

    මට නං හොඳයි පාට.... ඔය කාන්තා පක්සේ සමහරුන්ගේ බ්ලොග් වල ඔය වගේ ඇනිමේසන් මම දැකලා තියනවා... සමහරුන්ගේ සමනල්ලු ඉගිලෙනවා, සමහරුන්ගේ හිම වැටෙනවා... රන්දිල් නෝනටත් බැරිවෙන එකක් නෑ පෙලේං හැටහුටාමාරක් එක සැරේ ලැන්ඩ් කොරනවා වගේ ඇනිමේසන් එකක් හදාගන්න...

    ඊලඟ ජවනිකාව එනතුරු නොයිවසිල්ලෙන්...

    අශෝක වනයේ සරන්නේ
    අශොක මල් දෝ නෙලන්නේ
    අශෝකමාලා යැයි කියන්නේ
    ඔයාද රූපවන්තියේ

    ReplyDelete
    Replies
    1. තිසර,

      / ඇත්තටම අයියේ උඹ දන්නවද "හිනා කාලා මැරෙනවා" කියන්නේ ඇයි කියලා… /

      ඒකනම් හරියටම නොදනිමි මලඬ...මම හිතන්නෙ හිනාවෙලාම මැරෙනව කියන එකට හදාගත්ත වචනයක් වෙන්න ඕන...

      / රන්දිල් නෝනටත් බැරිවෙන එකක් නෑ පෙලේං හැටහුටාමාරක් එක සැරේ ලැන්ඩ් කොරනවා වගේ ඇනිමේසන් එකක් හදාගන්න…/

      එතුමී දැං දිව විකාගෙන හදනව මම දූන්නු අයිඩියා එක අනුව ඇනිමේසන් එක. කොහොමද දන්නවද? ඔන්න සුට්ටං අඹ ගෙඩියක් වගෙ රටක් බිම බාවල තියෙඤ්ඤං..බ්‍රදර්ස් ඇන්ඩ් කොම්පැනි එකේ කට්ටිය මාරුවෙං මාරුවට **************, හෙහ්,හෙහ්, ඕකේ ? යූ අන්ඩස්කර්ට් නෙවද? ඕකේ දෙන්...:)

      Delete
  2. ඔය හැප්පිච්ච පෙලේන් වල පොඩි පොඩි රෙපෙයාර් කොරගන්න එතන දාගත්ත ගැරේජ් වලට කෙළවෙච්චි එක ගැනයි මට දුක. දැන් රෙපෙයාර් එන්නෙම නැතිලු.

    අර ජොක් කතාව කියවද්දී මට මතක්වුණා හමුදා කතාවක්. හොඳ හතර රියන් සොල්දාදුවෙක් හිටියා ඇඟ පුරාම පච්ච කොටපු. මිනිහගේ ඇඟේ පච්චයක් නොකොටපු තැනක් නැහැ. දවසක් මිනිහා ගියා මුත්‍රා පිටකිරීමේ අමාරුවකට බෙහෙත් ගන්න. දොස්තර තුමා සම්පූර්ණ පද්ධති පරීක්ෂාවක් කරගෙන යද්දී අහවල් එකෙත් පච්චයක් තියනවලු 'සාදා' කියලා. දොස්තර ඇහුවලු මේකේ තේරුම මොකක්ද කියලා. සෑර් තරහ නැත්නම් අර මෙතැන් ඉන්න, කොට ගවුම ඇඳපු නේස් නංගිව පොඩ්ඩක් මෙතෙන්ට ගෙන්නන්නකෝ කියලා සොල්දාදුවා කිව්වලු. දොස්තර අකමැත්තෙන් නේස් නොනැව ගෙන්නුවලු. සොල්දාදුවා නේස් නෝනගේ කකුල් දිහා ටිකක්වෙලා බලාගෙන ඉන්නකොට නයා පැන්නලු හුඹහෙන් එලියට. පච්චය සම්පූර්ණයෙන් පේන්න ගත්තලු. මෙහෙමයි තියෙන්නේ

    'සාගර ජලය මදි හැඬුවා නුඹ සන්දා'

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක නිසාද මේ "බ්ලූ" වුනේ? :-)

      Delete
    2. Wicharaka, A.D.S.,

      ඔය කතාව සුට්ටක් වෙනස් විදිහට මම අහල තියෙන්නෙ. ඒත් ඔය ඔපරේෂන් එකකට ගත්තු ලෙඩෙක්ගෙ තිබිල තියනව පච්චයක් ඔය ඔතනම. ඔපරේෂන් එකෙන් පස්සෙ නේස් නඟා කෙනෙක් ලැජ්ජාවෙන් වගෙ කිට්ටු කරල ඇහුවලු මෙහෙම..

      " මේ අයියෙ ඇහුවට තරහ වෙන්න එපා. අයියගෙ මේ..මේ..අර අතන පච්චයක් තියනව නේද? "

      " අනේ මොකට තරහ වෙනවද? ඔව් තියනව ඉතිං ඇයි ඔයා එහෙම ඇහුවෙ? "

      " නෑ..මේ..මේ....ඒකෙ තියෙන්නෙ " මසිං " කියලනෙ..හැබෑටම අයියෙ මොකක්ද ඒකේ තේරුම? "

      " ඒකෙ තේරුම දැනහන්ට නම් ඔහොම බෑ නංගි. පොඩ්ඩක් විතර ...හෙහ්,හෙහ්, දන්නවනෙ.."

      කෙල්ලත් ඉතිං මේ මොකක්ද මේ අමුතු වචනෙ කියල දැනගන්ට තියෙන කුතුහලය නිසාම ඒ කියපු විදිහටම කලා අහක බලාගෙන .

      අම්මට උඩු නයා කිව්වලු. මෙන්න බොලේ ටික වෙලාවකිං මසිං මල්දෙනියේ සිමියොං උනා...

      Delete
    3. Pra Jay,

      බ්ලූ උනේ ඒක හින්දම නෙවෙයි...හෙහ්,හෙහ්,

      පච්ච ගැන කියද්දි මතක් උනේ Pra, මගෙ යාලුවෙක් හිටිය කලව දෙකේ පච්ච කොටල තියනව දේවතාවියො දෙන්නෙක් වැඳගෙන ඉන්නව දොහොත් මුදුන් දීල...

      Delete
  3. "පශු වදන​" නියමෙට ගැලපෙනවා රවී අය්‍ෙය්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      පශු කියන නමටත් අගෞරවයක් ඔය පශුවදන. ඒත් කරුමෙ කියන්නෙ ඔය එකෙකුටවත් විලිලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් තියේය? ලියන ඇම්බැට්ටයොත් එකයි, ප්‍රස්තුත වෙන නායකයො කියල කියාගන්න උදවියත් එකයි.

      Delete
  4. පට්ට ඈ....
    වන් සැප නං මරු...
    මත්තලට නං හැමදෑම පේං එන්නෙ නෑනෙ...
    ඒ ලොක්ක එපා කියපු හන්ද කියල අදයි දන්නෙ...
    හුකැස්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඒකනෙ බං කරුණු කාරණා නොදැනනෙ මේ අසමජ්ජාති මිනිස්සු එහූ සංවේදී නායකයාණන්ට ගරහන්නෙ..අම්මාපල්ල මුංව දීයාම කාපිය!! දීයාම කාපිය!!

      Delete
  5. බැනර් එකක් දිය රෙද්දට ඇදගෙන නාන බැහැපු ගැනු කෙනෙක් ගේ පිටිපස්ස පැත්තේ හලා තිබුනලු පර්චස් එක 18000 යි කියලා.
    ලිපිය එල ද බ්‍රා.

    ReplyDelete
    Replies
    1. සංජීව,

      ජපානෙ සතියක ටුවර් එකක් ගියාලු ලංකාවෙ කෙල්ලෙක්. අන්තිම දවසෙ ආපහු එද්දි එයාර් පෝට් එකේ ඇඩ්වටීස්මන්ට් එකක තිබ්බ ජපං අකුරු මේ කෙල්ල කොපි කරගෙන ආවලු. ටී ෂර්ට් ප්‍රින්ටිං එහෙම මෙයා දන්නව හොඳට. සුදු ටී ෂර්ට් එහෙක කළු පාටිං අර අකුරු ටික ප්‍රින්ට් කරාලු. වැඩේ බොහොම අපූරුවට තිබ්බලු. ඔන්න දවසක් මේ ළමය බොහොම ආඩම්බරෙං අර ටී එකත් ඇඳගෙන ගියාලු පාටියකට. ඒ පටියෙදි ඔන්න එක මැදිවයසෙ මහත්මයෙක් මෙයා දිහා බලාගෙනම ඉන්නවලු. කෙල්ලට ටිකක් අප්සෙට් වගෙයිත්ලු. කොහොම හරි අන්තිමට ඒ මහත්මය ආවලු මෙයා ගාවට.

      " මිස් මම අවුරුදු විස්සක් විතර ඉන්නෙ ජපානෙ. මට ජපන් භාෂාව ලියන්ට කියවන්ට හොඳටම පුලුවන්. මම හිතන්නෙ මිස් ජපන් භාෂාව දන්නෙ නෑ..එහෙම නේද?"

      " ම්ම්. ඔව් ඇත්තටම මම ජපන් භාෂාව දන්නෙ නෑ..ඇයි එහෙම ඇහුවෙ ?. "

      " නෑ ඔය ටී ෂර්ට් එකේ ලියල තියෙන එක දැක්කම මට එහෙම හිතුන."

      " ඇ...ඇ..ඇයි මොකක්ද මේකෙ ලියල තියෙන්නෙ? "

      " මිස්ගෙ ටී ෂර්ට් එකේ ලියල තියෙන්නෙ " බඩුව ලාබයි , ඒත් හොඳයි, ඔබ සතුටට පත් වනවා සහතිකයි. අය කිරීම පැය ගණනට "

      Thanks ..Sanjeewa…:)

      Delete
    2. ඡාපනේ මොනවද අයියන්ඩි දවසක් මගේ ප්‍රැක්ට්‍රි එකේ කෙල්ලෙක් ඇගෙන ආපු ටි එකේ තිබුනේ Hug me!!!! කියලා. මම කෙල්ලට එන්න කියලා පුතේ මදුර ඩික්ෂනරි එකට අනුව ඔය වචනේ තේරැම මෙකයි කියලා පෙන්නුවහම කෙල්ලට ඇඩුනා.
      මගේ කෙමෙන්ටුවකට දිග පිලිතුරක් දිම ගැන ඔබට ඩබල් සැලියුට්.

      Delete
  6. අද නං රන්දිකා කුරහන් සාටකෙන් බෙල්ල වැල දා ගන්නවා, මේ රවියා කියන ඒවා කොරන්ට ගිහිල්ලා..

    දැන් අර 'පිළිස්සූ කුකුළෙක්' කිවුවට මෙතනදී නරියට කිකිළියෙක් නෙව බාර දීලා තියෙන්නෙ.. ;-)

    ReplyDelete
    Replies
    1. Bura,

      හෙහ්,හෙහ්, ඔය අම්මණ්ඩිගෙ වැඩ දන්නෙ නැතුව උඹල ඔහොම කෝචොක් දාන්නෙ..දන්නවද?

      Delete
  7. එළකිරි,මීළඟට බලාපොරොත්තුවන්න ඔබ පුල පුලා බලා සිටි පිළිස්සු සැවුලෙකු කරණකොටගෙන අහිමිවූ මගේ ආදරය!!!(හැබැයි මීළඟට කිව්වට තව අවුරුද්දක් හමාරක් යාවි.අවුරුදු දෙකක් බලං හිටපු අපිට ඔය අවුරුද්ද බලං ඉන්න එක මහ කෙංගෙඩියක්වැ නැද්ද මචං.)
    අතීතේ රහත් හාමුදුරුවරු කොච්චරක් නං අහසින් වැඩියද කිව්වොත් රජරට ගෙවල්වල ගෑනුන්ඩ තම්බාපු වී ටික වේලාගන්න විදිහක් නැතුව ගියාලු.ඇයි හෙවනැල්ලෙනි හිරු රැශ්මිය භංගේ නෙ.මේ වැඩේට ගෑනුන්න මල පැනපු පාර උඩින් වඩින රහතන්නාන්සේලට ඉදල් පාරවල් දෙන්ඩ තිබාගත්තලු නොවැ.
    ටැන්කිවු රවී උදේම ඉල රිදෙනකං හිනාවුනා.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ air traffic එක කොහොමට තියෙන්ට ඇද්ද?

      Delete
    2. හැලප,

      / මේ වැඩේට ගෑනුන්න මල පැනපු පාර උඩින් වඩින රහතන්නාන්සේලට ඉදල් පාරවල් දෙන්ඩ තිබාගත්තලු නොවැ. /

      ඒ කොහොමද බං ඒ? රහත් කස්ටිය අඩුගානෙ අඩි සීයක් දෙසීයක් වගෙ උඩින් නෙව වඩිනව ඇත්තෙ. එතකොට කොහොමෙයි අර බබලත්තු ඉදල් පාර දෙන්නෙ?

      අඩේ මෙහෙමද දන්නෙ නෑ එක්කොත්. වී වේලන බබලත්තුංටත් එර්දි බලේ තියෙන්ට ඇති. අර අපි පොඩි කාලෙ වී පැදුරට එන කුරුල්ලො එලවන්ට කැටිපොල් තියාගෙන රැක්ක වගෙ බබලත්තු දෙන්නෙක් දෙපැත්තෙං රකිනව ඇති රහත් අයියල එනවද බලන්ට. ඈත තියා දැක්ක ගමම්ම්ම වහාම ගුවං ගතවෙල ගිහිල්ල දෙනව ඇති වට කරල ඉදල් සාපාට්ටුව. හෙහ්,හෙහ්,

      ඔය ඒ කාලෙ හාංදුරු ගොල්ලො පාවහං දැම්මෙ නැත්තෙත් ඔය රහත් සීන් එක නිසාලු. මොකද උඩිං යද්දි බිම ඉන්න එවුංගෙ ඔලු වලට සෙරෙප්පු වැටෙන්ට ගියොත් මල ජංජාලයක් නෙව. එහෙම නැත්තං සෙරෙප්පු කකුල් වලට තියන රෙදි පටියකිං වගෙ මොහොකිං හරි බැඳගෙන යන්ට ඕන වැටෙන්නෙ නැති වෙන්ට.

      Delete
    3. Bura,

      / ඒ කාලෙ air traffic එක කොහොමට තියෙන්ට ඇද්ද? /

      ආයෙත් අහල. නියමෙට තියෙන්ට ඇති. උඹ දන්නවද ඔය රහත් බාවය ලබන කොටම පුරුස අංගජාතය නොහොත් Male gadjet එක ඇඟ ඇතුලට යනවයි කියන සීන් එක. ඔය නෙළුම් කෙමියක්ද මොකක්ද වගෙ කියලනෙ කියන්නෙ. එහෙම වෙන්නෙත් මට හිතෙන්නෙ ඔය එර්දි සීන් කෝන් එක හින්ද. මොකද එහෙම නැතුව ඔය ගැජට් බැජට් ඒ ආකාරයෙන්ම තිබ්බනං එහෙම එර්දියෙන් වඩිනකොට හුලං පාරකටවත් රෙදි ඈත් මෑත් උනොත් එහෙම ජලා හුටා නෙව. බිම ඉන්න එවුන් අඤ්ඤ කොරොස්....:)

      Delete
    4. //ඔය ඒ කාලෙ හාංදුරු ගොල්ලො පාවහං දැම්මෙ නැත්තෙත් ඔය රහත් සීන් එක නිසාලු. // //හුලං පාරකටවත් රෙදි ඈත් මෑත් උනොත් එහෙම ජලා හුටා නෙව//

      "වන් සැප" අඳින්න පටන්ගත්තෙත් ඒ රහත් සීන් එක නිසාද? එහෙම නොවුන නම් වී වේලිල්ල විතරක් නෙමෙයි වෙන වැඩත් නොකර උඩ බලා ගෙන සාදුකාර .......

      Delete
    5. ....දිදී ඉන්නව මිසක වී පැදුර කුකුල්ලු කාල යනකං දන්නෙම නැතිවෙයි.

      Delete
    6. Helapa,

      නියමයි...:)

      Delete
  8. ඔය දානෙ ගෙවල්වල ෆෘට් සැලඩ් එකට පලතුරු කැපිල්ල තියෙනව නේද.එක ඇවිල්ල මහත්පල මාහානිසන්ස ලැබෙන පින්කමක්.ඔයෙස් කිපවරක් අත්දැකල මෙ කියන්නෙ.ඔය කොස් කෙස් එක කියෙවුවම මතක් වුනේ.

    ReplyDelete
    Replies
    1. අම්මප හැබෑව, එදා රාත්තිරියෙම පළදෙනවා.අද්දුටුවයි සත්තයි.

      Delete
    2. දමිත් & හැලප,

      එව්වට කියන්නෙ බොලව් දිට්ඨ රාත්‍රික වේදනීය පුණ්‍යකර්ම නොහොත් ඒ රාත්‍රියෙහිදිම පළදෙන පිංකම්....සාදූ!!!! සාදූ!!!! සාදූ!!!!!

      Delete
  9. නම "නිදහස්" සිතුවිලි

    පාට - නිල්

    ලියන ඒව යූ එම් පී.

    මේකත් නිකං වමට සිග්නල් දාල දකුණට හරෝපු සැටලයිට්ගෙ ආන්ඩුව වගේ තමා!

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      එව්ව එහෙම තමයි මල්ලි…

      කවුද? මොකාද? මොන ජාතියෙ එකෙක්ද? මොන අපබ්බ්‍රංසයක් කියනවද? අහවල් මංගල්ලයක් කරනවද? කියල මෙලෝ යකෙකුට හිතාගන්ට බැරිවිදිහට වැඩ කරන්ට ඕන බාං මේ කාලෙ..එහෙම කරන එකාට තමයි හරියන්නෙ..

      Delete
  10. හොක් හොක් මුන්දෑ දන්න ජාති! දැන් එහෙනං කට්ටිය කුරක්ක්කන් ටික වේලාගන්නව ඇති නේද... හෙහෙ

    ReplyDelete
    Replies
    1. මනේක්ස්,

      එහෙනං එහෙනං.දැං අවුලක් නෑ..කුරක්කං වේලගන්නව අගේට...

      ඉතිං බං කොහොමද සැප සනීප? දැහැමෙං සෙමෙං ඉන්නවය? අරුන්දැගෙ කරෝල හොද්ද කන්ට ගියේ එහෙම නැත?

      Delete
    2. ඔහේ ඉන්නවා අන්කල්! හපොයි මං කරෝල කන්ට මනාප නෑ නෙව... හෙ හෙ

      Delete
  11. සොරි වෙන්ටෝනේ පරක්කු වුනාට ආයිබොවං. මට මේ බඩේ අමාරුවක් හැදිලා උන්නා මලා පේන්ට බැරුව ගිහින් හිටියේ. පස්සෙ ඇස් රේ එකකුත් ගන්ට වුනා. මල හත්තිලව්ව ඇස් රේ ගන්ට ගියාම කන්ටත් එපයි කියනව නේ!
    ඒත් කාරි නෑ කියමුකෝ ගිය සැනින් වැඩේ කරනවා නම්. මට ඉන්ට බැරුව මම කැන්ටිමට ගිහින් වණ්ඩු ආප්ප දෙකක්ම කෙලලා ඇරියා. හැබැයි අර සෞක්ය සේවේ එවුන්ට නම් සිරිත් විරිත්, ආචාර්ය දර්ම අලුතෙන් කියා දෙන්ට වෙයි ඈ. එහෙන් පොඩ්ඩ බැරිවෙනකොට ඉස්ටැයික් කරනවා. මෙහෙන් ලෙඩ්ඩුන්ගේ ඇස් රේ බලලා හිනාවෙනවා. මට අහන්ටත් හිතිලා මොකක්ද මෙතන විහිළුව කියලා මම ඇහුවේ නෑ මොකද මං දන්නවනේ ඕකුංගේ කටවල් වල සද්දේ.

    ReplyDelete
    Replies
    1. Henry,

      / මල හත්තිලව්ව ඇස් රේ ගන්ට ගියාම කන්ටත් එපයි කියනව නේ! /

      නෑ බං බොරු නෙවෙයි, ඔය දරුණු බඩේ අමාරු හැදුනම අනිවාර්යයෙන් කරන්නෙ බේරියම් මීල් ටෙස්ට් එක. ඒක එක්ස් රේ එකක්. ඒක කරන්ට කලින් නිරාහාරව ඉන්ට ඕන.

      Barium swallow and meal

      Key points


      Barium swallow and meal is a test that uses X-rays to examine your throat, oesophagus, stomach and small bowel.

      It involves drinking white liquid containing barium (a substance which shows up on X-rays) before taking X-ray images.

      The test can help diagnose conditions such as ulcers, abnormal growths, narrowing or a blockage.

      Preparing for a barium swallow and meal

      Your radiographer will explain how to prepare for your examination.

      Your stomach and small bowel need to be empty for the test. This is so the barium can coat every part of your stomach and bowel lining. To achieve this, you will be asked not to eat or drink anything typically for four hours before your test.

      It's important to follow the fasting instructions from your hospital carefully. If your stomach or small bowel isn't empty, the images from the test will be incomplete and you may need to have the test again.

      Delete
  12. පෝස්ටුවට අදාල නම් නැහැ. මේක කියවන ගොඩක් අය පොත් කියවන නිසා අහන්නේ. ලංකාවේ ලාබෙට පොත් ගන්න තැනක් කියනවද​? ලං කාවට ගියාම පොත් ටිකක් ගේන්න හිතාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. යන්න මරදානෙ ඇස් මහින්ද මාවත අවට පොත් කඩ අතරට.

      Delete
    2. මරදානේ පොලීසිය පැත්තේ ඉඳලා ආනන්දේ පැත්තට එනකොට "වික්ස්" පොත්හල කියලා පොත් හලක් තියෙනවා.. කඩේ දැක්කම පොතුත් එපා වෙනවා.. ඒත් ඕනම පොතක් තියෙනවා.. ඕනම කාළේක හොඳ ඩිස්කවුන්ට් එකකුත් දෙනවා.. මම නම් පොත් ගන්නේ එතනින්.. අනික පොත් හොයන්න අපි මැරෙන්න ඕන නෑ.. අංකල් පොත් හොයලම දෙනවා..

      Delete
  13. ඉංදික , මාතලන් බොහොමත්ම ස්තූතියි .

    ReplyDelete
  14. ප්ලේන් බාන්නේ නැත්තේ මොකද කියලා පැහැදිලි කරපු හැටි නම් මල් හතයි...අද නෙව අපි ඕක දන්නේ. කට්ටිය මොණරුයි එක එක කුරුල්ලෝයි ගැන බොරු කතා කිව්වට මේකනේ බොලේ හේතුව.

    එහෙනම් රවී අයිය නෙමෙයි අරක ඇඳන් ගිහින් තියෙන්නේ. අජිතය. හරි නෙව අර වගේ හොදි පැල්ලමකුත් එක්ක තියන එව්වත් එක්ක එහෙම ලේසියෙන් මාරු වෙන්න විදියක් නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මම නෙවෙයි...මම නෙවෙයි...:)

      Delete
  15. මේකට මොනවා කියල ලියන්නද මන්ද...
    ලියන්නකෝ අනේ ඔය අරලියගහ මන්දිරේ ඉස්සරහ තියෙන අමුතු තාප්පේ ගැනත්... ඔතන පහුකරගෙන එනකොට මට නම් සොඳුරු සිතුවිලි පහල වෙනවා.

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      අරලියගහ මන්දිරේ දැක්ක කාලයක් මතක නෑ බං..දැං ඒක ඉස්සරහිං යන්ට දෙනවද? මොකක්ද ඒ තාප්පෙ විසේසෙ?

      Delete
  16. අඩේ අහස්යන්තර එන්නේ නැති වෙන්න මේකයි මේ හේතුව.අනේ අම්මපා රවීයියේ උඹ මේක අපිට මේ පැහැදිලි කරලා නොදෙන්න මමත් හිතාගෙන උන්නේ ඕක සුදු අලියෙක් කියලා නොවැ.මේ වගේ උත්තමයෙක්ට කට කැඩිච්චි කතා කියන උන්ට හෙන ගහන්න එපැයි..:D

    ඔය අජිතයාට මොකක් හරි අන්දොස් ගතියක් තියෙනවාද රවීයියේ ? නැහැ මම් මේ ඇහුවේ දැන් ඕකා ජයන්තයා ගේ ජොකා ඇඳන් ගියා විතරක්නම් මදැයි දැන් බොලා වගේ එකෙක්ට ඌගේ ඇවැස්ස නෑනවත් සෙට් කරන්න යන්න හදන නිසයි මම එහෙම ඇහුවේ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / ඔය අජිතයාට මොකක් හරි අන්දොස් ගතියක් තියෙනවාද රවීයියේ ? නැහැ මම් මේ ඇහුවේ දැන් ඕකා ජයන්තයා ගේ ජොකා ඇඳන් ගියා විතරක්නම් මදැයි දැන් බොලා වගේ එකෙක්ට ඌගේ ඇවැස්ස නෑනවත් සෙට් කරන්න යන්න හදන නිසයි මම එහෙම ඇහුවේ. /

      අඩෝ..මේ එහෙම කතාකරන්ට එපා හයිද? අපි ඇවිල්ල කෑව බුන්න තමයි. ඒත් ගානට කාඩ් එක තියාගෙන හිටපු කොල්ලො හයිද? :)

      Delete
  17. යන්තන් ජෝකාගේ කතාව ඉවර වුණා. දැන් බලමු කුකුළා ගේ කතාව කවද ඉවර වෙයිද කියල.. අපි නම් කැපුවත් නිල් නිසා මේ පාටට කැමතියි...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      පිළිස්සූ සැවුලාගේ අන්දරය....හෙහ්,හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...