Monday, March 30, 2015

නෙළුම් යායෙන් ලද නෙළුම් මල

ඉතිං යාළුවනේ, ඔයාලා හැමෝම දැන් දන්නවා. අපේ මිතුරු රවී මැතිතුමාට පසුගියදා සම්මානයක් හිමි වුණා. ඒක අපි හැමෝට ම ලොකු සතුටක් ගෙන ආ දෙයක්. ඔහු මේ වන විට ලංකාවේ ‍නැති නිසාත් චන්ද්‍රා අක්කා-රවීතුමාගේ සදාදරණීය බිරිඳ කොළඹින් දුරබැහැරව වාසය කරන නිසාත්, බ්ලොග් අඩවියේ සම හවුල්කාරිය වශයෙන් හා මිතුරියක වශයෙන්, ඔහු වෙනුවෙන් සම්මාන උළෙලට සහභාගි වෙලා, එම සම්මානය ලබා ගෙන, සම්මාන උළෙලට පැමිණ සිටි ආරාධිත දේශකයින්ගේ අර්ථවත් දේශන වලට සවන් දීමේ ඒ අමිල අවස්ථාව හිමි වුණේ මටයි. ඊට කලින් සතියේ ගත්ත දිග නිවාඩුව නිසා කල් වේලා ඇතිව කන්තෝරුවෙන් පිට වන්නට බැරි වන තරමට වැඩ ගොඩ ගැහිලා තිබුණත් කෙසේ හෝ හවස 4.50 වන විට කන්තෝරුවෙන් පිට වී 5.05 පමණ වනවිට එතනට යන්නට හැකි වුණා.

මා යනවිට නාට්‍යයක් වේදිකා ගත වෙමින් තිබුණු අතර මද වේලාවකින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ කරු ජයසූරිය මැතිතුමාත් පැමිණුනා. ඒ අතරතුරේ අප හිතවත් සහෘද අජිත් ධර්මකීර්ති මහත්මයා සෑම සියලු කටයුත්තක්ම හරියාකාරව සිදු වන්නේ දැයි හොයා බලමින් සැරිසැරූ අයුරු දැකගන්න පුළුවන් වුණා.

අනතුරුව එළඹුණේ සම්මාන ප්‍රදානය කෙරෙන අවස්ථාවයි. එහිදී පහත දැක්වෙන අයුරින් සම්මාන ප්‍රදානය කෙරුණා.


2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය
දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -
ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

මෙම උත්සවය සංවිධානය කළ නෙළුම් යාය, ශ්‍රී ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමයේ සියලුම සහෝදර සහෝදරියන් හට, නිදහස් සිතුවිලි බ්ලොග් අඩවිය වෙනුවෙන් මේ අවස්ථාවේදී මගේ ස්තුතිය පළ කරන්න කැමතියි. රවී වීරසිංහ නම් වූ අප සහෘද බ්ලොග් කරුවාට මෙවන් සම්මානයක් හිමිවීම, ඔහුගේ ලියැවිලි කියවන, ඒවාට ප්‍රිය කරන ඔබ මා අප සැමගේ නොමද සතුටට කාරණයක් නොවෙද? මට ඉතාමත් ලොකු සතුටක්. (වාං පතුල් කතාවක් තරම් දිග ලිපියකින් වුණත් කිව හැකි තරමේ සතුටක්!)

සභාවේ මුල් කටයුතු කිහිපයක් පමාවීම නිසාම මට මග හැරුණා. මට සවන් දෙන්නට ලැබුණු දේශන ගැන පවසනවා නම්,  නාලක ගුණවර්ධන මහතා අන්තර්ජාලය සහ බ්ලොග් රචනය තුල 'සිදුවිය යුතු දේ' පිළිබඳ ව විස්තර කළ අතර අජිත් පැරකුම් මහතා 'සිදුවන දේ' පිළිබඳ ව විස්තර කළා. දෙදෙනාම ලෝකයේ අනෙකුත් රටවල් වල දත්ත උපයෝගී කරගෙන එම කාරණා කටයුතු පැහැදිලි කළ ආකාරය ප්‍රශංසනීයයි. ගුණවර්ධන මහතා රජයෙන් ලැබිය යුතු ඉඩ කඩ පිළිබඳ ව විස්තර කළ අතර පැරකුම් මහතා මෙතෙක් කාලයකට රජයයන් මගින් ලැබුණු සහ ලැබේ යැයි සිතිය හැකි, "ඉඩ කඩ" පිළිබඳ ව විස්තර කළේය. ගුණවර්ධන මහතා අප 'කළ යුතු දේ' විස්තර කළ අතර පැරකුම් මහතා අපට 'කළ හැකි දේ' විස්තර කළේය. එබැවින් එම දේශන දෙක මගින් අප යායුතු මග පිළිබඳ ව ප්‍රමාණවත් වූ දැක්මක් ඇති වූ බව මගේ හැඟීමයි. කොහොම නමුත් ගුණවර්ධන මහතා කතා කරන අතරේ එක නංගි කෙනෙක් ඇවිල්ලා මයික්‍රෆෝනය අත පත ගාද්දි මුලින්ම මට හිතුනේ මේ වටිනා කතාව හොඳින් පටිගත කරගන්න සකසන්න යනවා කියලා. ඒත් කියන්න කණගාටුයි එයා ඒ උපකරණය ගලවාගෙන ගියේ ඒ මහතා එතැන ඉන්නවද වගේ වගක් නැතුව. ඊට පස්සේ පෙළට ඇවිත් සේරම ටීවි චැනල් වලින් තම තමන්ගේ ආම්පන්න ගලවාගෙන ගියේ සමහර විට එයාලාගේ උවමනාවටත් වඩා රාජකාරි ස්ථානයේ උවමනාවට වෙන්න ඇති කියලා අවසානේ මම හිත හදා ගත්තා. කොහොම නමුත් සභාවකදී ඒ වගේ දෙයක් කරද්දි අඩුම තරමින් කථිකයාගෙන්වත් අවසර ගත්තා නම් හොඳ නේද කියලාත් ඒත් එක්කම මට හිතුණා.

හවස 6.30 පමණ වනවිට කලෙකින් අසා නුපුරුදු වූ ශබ්දයක් පිටතින් ඇහෙන්නට වුණාම, අසල සිටි සංවිධායක මණ්ඩලයේ නැගණියකගෙන් මම මෙහෙම ඇහැව්වා.

"වහිනවද?"

"ඔව් වහිනවා"

පාසල නිමා වූ පසු දුවයි තාත්තායි ගෙදර යා යුතු වූ නිසා එදා එම උත්සවයට සහභාගි වුයේ මා පමණයි. මං ගියේ මගේ ස්කූටරයේ. ගේට්ටුව කිට්ටුව තැනක නවතා ජැකට්ටුවත් හෙල්මටයත් ඒ මත තබා මද දුරක් පයින් ඇවිද ගොස් උත්සව ශාලාවට ගිය මට, මහා වර්ෂාවේ එ‍තනට ආපහු යා හැකි මගක් හිතා ගත නොහැකි වුණා. ‍කෝකටත් කියලා ශාලාවෙන් ඉවතට ඇවිත්, තේ කෝප්පයක් බොන අතරේ සම්මානලාභී කිවිඳු දමිත් ගුණවර්ධනත් ඔහුගේ ආදරණීය දරු පවුලත් සමග සාමිචි කතාවක් පවත්වා, වෙනි අයියා, ඕනයා අයියා, මනෝජ් මල්ලි ඇතුලු හිතවතුන් සමග වචනයක් දෙකක් හුවමාරු කරගෙන වහ වහා පහළ මහළට ආවේ යා හැකි මගක් සොයා ගන්න ඕනෑ වූ නිසායි. එහිදී සම්මානලාභී කිවිඳිය යසෝදා නැගනිය සමගත් වදනක් හුවමාරු කරගෙන වැස්ස වෙත නෙත් යොමාගෙන ඉන්නා අතරේ අජිත් ධර්මකීර්ති අයියා පැමිණ උත්සවයට සහභාගී වීමට පැමිණි අයට, මේ අනපේක්ෂිත අවස්ථාවේ නැවත පිටත්ව යා හැකි ආකාරය පිළිබඳව සොයා බැලුවා. ඒ අතරේ සුමිත් කළණසිරි මිතුරාත් හඳුනාගන්නට ඉඩ ලැබුණා.

'බ්ලොග් කරණයේ අනාගත ගමන් මග' වැනි මාතෘකාවක් දිය හැකි සංවාදයකට, වැස්සෙන් අවතැන් වූ අප දේශක දෙපලත්, අජිත් අයියාත් සුමිත් කළණසිරි මිතුරාත් හා සමග විනාඩි කිහිපයකට යොමු වන්නට හැකි වුණේ මේ අතරයි.

ඒ අතරේ පහළට පැමිණි දමිත් ගුණවර්ධන සොයුරා ඔහුගේ වාහනයෙන් මාත් අජිත් පැරකුම් මහතාත් තම තමන්ගේ වාහන වෙත ඇරලවන්නට ඉදිරිපත් වුණා. ඊට බ‍ොහෝ වෙලාවකට පෙර වැස්සේ වුව ස්කූටරය වෙත යන්නට ඉඩ තිබුණත් එසේ ගොස් මා අත වූ සහතිකයක් සම්මානයත් තෙමා ගැනීමේ කිසිඳු උවමනාවක් නොතිබූ නිසා දමිත් සොයුරාගේ උපකාරය ලැබෙන මොහොත දක්වාම මා සිටියේ තුෂ්නිම්භුතවයි.

ස්කූටරය වෙත එනවිට අනෝරා වැස්ස මදක්වත් තුරල් වෙලා තිබුණේ නැහැ. අත් බෑගය, සම්මානය සහ සහතික පත්‍රය අසල වූ කවුන්ටරයක තබා ගොස්, මේ දැන් වතුර බාල්දියක ‍ඔබා ගත්තා මෙන් වූ ජැකට්ටුව හැඳගෙන, මේ දැන් වතුර පුරවා හලා ගත්තා බඳු වූ හෙල්මටය පැළඳගෙන ස්කූටරය තුළ වූ පොලිතින් බෑගයක් ගෙනගොස් සහතිකය, දුරකථනය, පසුම්බිය ආදිය දමාගෙන අනෙකුත් දේ අත්බෑගය තුල දමාගෙන විත් සම්මානයත් පොලිතින් මල්ලත් ප්‍රවේශමෙන් ස්කූටරය තුල තැන්පත් කර ඒ අනෝරා වැස්සේම පරිශ්‍රයෙන් පිටව එන විට වේලාව රාත්‍රී 7.30 පමණ වන්නට ඇත.

කියන්න බොහොම සංතෝෂයි, මුළු කොළඹම එකම ගංගාවයි. වඩා නොගැඹුුරු අතු ගංගා සොයාගෙන, ඒවායින් පීනාගෙන යාංතම් 8.45 වනවිට නිවසට සේන්දු වන්නට හැකි වුණා. කොච්චර වැස්සත්, කොච්චර ගංගාවන් අතු ගංගාවන් හමු වුණත්, එදින ඇතුවුණු සතුට ඒ ජල කඳට සේදී ගියේවත් යට වුණේවත් නැහැ.

පොඩ්ඩක් තෙමුණට මොකද මේ වගේ ඇගයීමක් එකතු කරගන්නට ලැබුණට පස්සේ. නේද?







( උපුටා ගැනීම : http://www.lankadeepa.lk/index.php/articles/305410 )


පසු ලිවීම


සම්මානය හිමි වූ බව දත් මොහොතේ චැට් මගින් මා ඇමතූ මගේ සහෘදයා මුලින් ම පවසා සිටියේ තෑගි වවුචරයේ සම්පූර්ණ හිමිකාරීත්වය මා සතු බවයි. හැරෙන චැට් එකෙන් මං පැවසුවේ ඒක ඉතිං කිව්වත් නැතත් එහෙමම තමයි කියායි. ගතයුතු පොත් ලැයිස්තුව එහෙම හදාගෙන දත කට මැදගෙන සිටි මට සිදු වුයේ නොසිතූ දෙයක්මයි මිතුරනි. ඔවුන් ලබා දුන් ලියුම් කවරයේ තිබුණේ තෑගි වව්චරයක් වෙනුවට අදාල මුදලයි. :) ඒ බව දැනගත් මා මිතුරා පැවසුවේ, "ඔයාට කැමති දෙයක් කරගන්න ළමයා" යනුවෙනි. එබැවින් එම ලියුම් කවරය එලෙසින්ම මා මිතුරා මේ දේශයට පා තබනතුරු සුරැකිව තිබෙනු ඇත. අනතුරුව එය ඔහුගේ අතට පත් වනු ඇත.


********************************


රන්දිල් නෝනා පසුගිය දා තිබ්බ නෙළුම්යාය සම්මාන ප්‍රදානය ගැන පෝස්ට් එකක් ලියල මට කිව්ව මේ ඔහෙටත් මොකවත් කියන්ට තියේනං අන්න ඩ්‍රාෆ්ට් එකක් මම දාල ඇති. ඒකටම ලියල දාන්ට කියල....ඉතිං මම ලියපු ඌන පූර්ණය තමයි මේ..

නෙළුම්යාය සහෘද සැඳෑව පිලිබඳව මගේ දයාබර මිතුරිය / වියුණුවෙහි හවුල්කාරිනිය රන්දිල් නෝනා මහත්මිය විසින් ලියූ සටහනට මවිසින් ලියනු ලබන අටුවාවයි මේ. 

වියුණුවක් යනු කුමක්දැයි හාංකවිසියක් නොදන්නා යුගයක වියුණු කලාවට මා යොමුකලේ ඇයයි. " පිස්සුද හලෝ? මට ඔයහැටි ලියන්ට දෙයක් නෑ....ඔය හැටි මොනව ලියන්ටද? " යනුවෙන් නොයෙක් වර ඇගේ නිදහස් සිතුවිලි වියුණුවට හවුල්වන්නැයි ලැබුණු ඉල්ලිම් මම ප්‍රතික්ෂේප කලේ සත්‍ය වශයෙන්ම වදන් හය හත්සීයක සටහනක් ලිවිමට තරම් යම් විශේෂිත සිද්ධීන් මගෙ ජීවිතය තුල සිදුවී ඇත්දැයි යන්න මටම ප්‍රශ්නාර්ථයක් වූ නිසාමය. එහෙත් ස්ත්‍රීහු වනාහී කිසිදු අයුරකින් ප්‍රතික්ෂේපයක් භාර නොගන්නෝය. කෙසේ හෝ තම සිතැඟි පරිදි තමන්ට රිසි කාර්‍යය ඉෂ්ඨ සිද්ධ කොට ගැනීමෙහිලා ඔවුහු ඉතා සමර්ථ වන්නෝය.

විසිවසරක් ඉතිරියක හා සමඟ වසන්නාවූ මම් ඒ බැව් නොදන්නෙම්ද? එසේ හෙයින් අවසන " රාජා හෝ මා හෝ ගංගාහෝ" යනුවෙන් පැවසූ අරිට්ඨ කීවෙංඩු මෙන් මම ද " අහෝ මේ මගේ ඉරණම වේ නම් ඊට එදිරිව මම කුමක් කරන්නෙම්ද? " යනුවෙන් සිත් සනහාගෙන වියුණු ලිවීමට එක්වුනෙමි. සෙස්ස ඇත්තෙන්ම ඉතිහාසයයි. The Rest is History of Course.

දිගින් දිගට ලිවීමෙහි අවශ්‍යතාවයක් නැත. පඳුරු තැලීමට මේ කාලයක් නොවේ. කාලෝ නහී අයංතේ ගොමු මඩිතෙයිහ,

ඉදින් අවසානයට මෙසේ පවසම්හ, මා වියුණුකරනයට යොමුකල ඔබට, මා දයාබර මිතුරියට, රන්දිල්ට මාගේ ගෞරවාදර ස්තූතිය!

දෙවනුව සිව්වසරකට අධික කාලයක් තුල මා හා එක්ව හුන් මගේ දයාබර සහෘද / සහෘදිනියනි, ඔබට ද මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

මවිසින් ලියූ වියුණු සටහනක් සම්මාන ප්‍රදානය කිරීම සඳහා තෝරාගෙන ඒ අගැයීම වෙනුවෙන් නෙළුම්යාය සහෘද සමූහයට මාගේ ගෞරවාදර ස්තූතිය!!!!

අවසාන වශයෙන් මවිසින් ලියූ සටහන් නෙළුම්යාය වෙබ් අඩවියෙහි පළකොට මේ සියල්ල උදෙසා මඟ පෑදීම වෙනුවෙන් අජිත් ධර්ම සොයුරාට මාගේ ගෞරවාදර ස්තූතිය!!!

98 comments:

  1. හෘදයාංගම සහෘද සටහනක් කියන්නද, සංවේදී අගයකිරීමක් කියන්නද?

    උඹල දෙන්නටම සුභ පැතුම් දිගට හරහට උඩට පහලට ඇති(නො)වෙන්න ලියන්න, සහ රසය බෙදන්න.!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉන්දික අයියා :)

      Delete
    2. Indika,

      / හෘදයාංගම සහෘද සටහනක් කියන්නද, සංවේදී අගයකිරීමක් කියන්නද? /

      මොකක් උනහම මොකද බං?..හෙහ්,හෙහ්....සහෘද ශුභාශිංසනයට බොහොමත්ම ස්තූතියි!!... ඉන්දික..

      Delete
  2. මගේ සුභ පැතුම්!

    ඔය සම්මානේ ඇයි අර කහ පාට බ්ලවුස් එකක් ඇඳපු කෙනෙක්ගේ ෆොටෝ එකක් ප්‍රින්ට් කරලා තියෙන්නේ?
    ;-)

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ඒ දැරිවිටත් සුට්ටි අයිතිවාසිකමක් කීමේ අවස්ථාවක් සැලසීමට වෙන්න ඇති :)

      Delete
    2. රසික,

      බොහොම ස්තූතියි...:)

      Delete
  3. සුබ පැතුම් ඔබට.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට...

      Delete
    2. අපෝ........බ ලා ගෙන මෙයා
      මුන ටුටෝන් ශ්‍රීනා හරි චන්ඩි එයා

      Delete
    3. ස්තූතියි යෂ්‍යන්ත...:)

      Delete
  4. කවුද අප්පේ ඒ? බ්ලොග් එකක් ලියන කෙනෙක්ද? :)

    හැමෝම වගේ රන්දි අක්ක අක්ක කියන නිසා මාත් පොඩි එකා වගේ ගිහින් අක්කයි කියල කිව්ව.. හැබැයි බැලින්නම් බ්ලොග් කෙරුවාවට 'රන්දි අක්ක' වුනාට මෙයා පුංචි කෙල්ලක්නේ.. ඔබ වැනි මිතුරියක් හඳුනා ගැනීමට ලැබීම සතුටක්.. බ්ලොග් එක 'මෙලෝ රහක් නැතුව' ලියන රවී අයියටම සින්න වෙන්න දීල නොලිය ඉන්න එකනම් දුකක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හුටා.. වැට ගහපු කෑල්ල මිසින්.. /// ඒ අතරේ සුමිත් කළණසිරි මිතුරාත් හඳුනාගන්නට ඉඩ ලැබුණා./// කවුද අප්පේ ඒ? බ්ලොග් එකක් ලියන කෙනෙක්ද? :)

      Delete
    2. මටත් ඔබ වැනි මිතුරෙක් සැබෑ ලෝකේදි හඳුනා ගන්න ලැබීම සතුටක්. දැන් මං මේ වෙලා ඇති වෙලාවට මග හැරුණු බ්ලොග් ලිපි කියවනවා. කාලෙකින් කිසිම ලිපියක් කියවන්න වුණේ නැහැ. කලාහිත පැත්තෙත් ඊයේ පෙරේදා රවුමක් ගිහින් ආවේ. ආයෙම යන්න ඕනැ. :)

      හා හා බොරුවට දුක් වෙන්න එපා අනේ. මං දන්නවා ඔයාලාට රවී අයියාගේ ලිපි කියවලා කියවලා දැන් මං කියලා කෙනෙක් උන්නද කියලාවත් මතක නැහැ කියලා. :)

      Delete
    3. කළ්‍යාණ මිත්‍ර,

      / බ්ලොග් එක 'මෙලෝ රහක් නැතුව' ලියන රවී අයියටම සින්න වෙන්න දීල නොලිය ඉන්න එකනම් දුකක්.. /

      ඒකනෙ බං..කියල වැඩක් නෑ..සෑහෙන පාඩුවක් මුන්දෙ නොලියන එක..සෑහෙන පාඩුවක්...සෑහෙන පාඩුවක්...

      පලි -

      කළ්‍යාණ මිත්‍ර ද්වාරයෙන් පිවිසූ තිලෝ ගුරුන්,
      සම්බෝධි මූලයේහිම මම බාගයක් ගසම්,

      ඔන්න ඔහොම කාගෙද සිංදුවකුත් තියනව නේද බං? ඒ උඹ ගැනවත්ද හැබෑටම?

      Delete
    4. රවී අයියා.. කවුදෝ කියනවනම් මතකයි.. හරියටම මතක් වෙයි ඇත්තටම ඔය කිව්ව වගේ බාගයක්වත් අනුමත උනොත් හැක්..

      Delete
    5. එතකොට කල්‍යාණ පුරේ නා කැල සිරි ධර්මෙන පහදා... කියලා කියන්නෙත් කමියා කරපු වැඩක් ගැනද?


      @අඩෝ හොර රවියා,

      බාගයක් ගහලා මදි බොල මේක සමරන්ට.. බෝතල් තුන-හතරක්වත් ඕන වෙයි..

      ඇයි බං, බොලාගෙ වාංපතුල් කතා කියවන්ට එන අපට සම්මානයක් දෙන්ට කවුරුවත් හිතන්නෙ නැත්තෙ!?

      හුටා! මට අමතක වුනා නෙවැ සුබ පතන්ට.. ඔන්න එහෙනම්... 1.. 2.. 3..

      හැපි බර්ත්ඩේ ටූ යූ...
      හැපි බර්ත්ඩේ ටූ යූ...
      හැපි බර්ත්ඩේ රවි-රන්දිල්...
      හැපි බර්ත්ඩේ ටූ යූ...

      Delete
    6. බූරා,

      අහවල් බේඩ්ඩේ එකක්ද බොල?.....:)

      Delete
  5. රවියටයි රන්දිල්ටයි ජයවේවා! මාව මෙතෙන්ට යොමු කරපු ඩූඩ්ට ඊටත් වඩා ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකීටත් ජයවේවා!

      Delete
    2. ඔබටත් එසේම....ඩ්‍රැකී!!!

      Delete
  6. රවී අයියේ, මටනම් උඹේ පෝස්ටු වලින් සීයට අනුනමයක්ම වගේ සම්මාන දෙන්න වටින ඝණයේ ඒවා...
    ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් 99%ක් ම ඇත්ත කියලා කියන්න බැහැ.

      ඒ කතාව 100%ක් ම ඇත්ත. :)

      Delete
    2. ලොක්කා සහ රන්දිල්,

      ඒ කතා දෙකටම මට 100% ම එකඟ වෙන්න නම් බැහැ...:)

      ලොකු පුතා,

      බොහොමත්ම ස්තූතියි ලොක්කා ප්‍රශංසාවට...It is so nice to hear something like that ...:)

      Delete
    3. පොත ලිව්වහම හම්බවෙයි. කවදාද කියන එක රවිගෙ වැඩක්

      Delete
  7. උණුසුම් සුභපැතුම්.. කතාකරන්න මිස් වීම ගැන කණගාටුයි... එලියෙ ඉන්නකොට දැක්කෙ නෑ.. යන්න ගිහිං...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි,

      අනේ ඉතිං ගොඩක් අය ඉන්න අතරේ හඳුන ගන්න බැහැනේ.

      වැස්ස නිසා හැකි ඉක්මනින් එන්න ආවා.

      Delete
    2. සජ්ජා,

      ස්තූතියි....:)

      Delete
  8. මගේ සුබ පැතුම් කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම....ජෙය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජයවේවා!

      Delete
    2. වැව්,

      මොන කොල්ලෙක්ද බොල?......ස්තූතියි ඔබටත්.....:)

      Delete
  9. 2014 වසරේ හොඳම බ්ලොග් කරු - මාතලන් හෙවත් ප්‍රියන්ත හේවගේ
    බ්ලොගය: http://maathalan.blogspot.co.uk/

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - ප්‍රථම ස්ථානය - බට්ටි
    දමිත් ගුණවර්ධන - http://damgune.blogspot.co.uk/2014/10/blog-post.html -

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - දෙවන ස්ථානය -මොඩෙලින් කිරිල්ලි
    බස්සි (යසෝධා සම්මානි ප්‍රේමරත්න )-
    http://bassigenawathana.blogspot.co.uk/2013/10/blog-post_15.html

    2014 වසරේ හොඳම බ්ලොග් කවි/නිසඳස - තුන්වන ස්ථානය - ගිං ගඟත් අසරණයි - දිලාගේ ලෝකය
    දිලිනි නිමන්තිකා - http://dilagelokaya.blogspot.co.uk/2014/09/blog-post_21.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය - ප්‍රථම ස්ථානය -
    ආඩම්බරකාර අපේ තාත්තා- දසයා - http://iamdasaya.blogspot.co.uk/2014/12/blog-post_5.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -දෙවන ස්ථානය - නිල් කට්රොල් මල් - රවී වීරසිංහ
    http://ranrandil.blogspot.co.uk/2014/12/294.html

    2014 වසරේ හොඳම බ්ලොග් පෝස්ටුව/ලිපිය -තුන්වන ස්ථානය - කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් පව්ලුශා - ප්‍රගීත් අනුරාධhttp://iwanpaulooshaa.blogspot.co.uk/2014/10/blog-post.html

    (උපුටා ගැනීම : http://lankadaily.com/latestnews/photo-stories/item/5948-2015-03-27-06-20-55 )

    blogspot.co.uk කියන ඒවා විතරද මේකට තෝරා ගත්තේ blogspot.com මේකට ගන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හත්වලාමේ... දැනුයි ඒක දැක්කේ, මේ ලිංක් මොකක් හරි ක්‍රමේකට මේ විදිහට පෙන්නුම් කළාට අපේ බ්ලොග් එකේ හරි ලිංක් එක මේක,

      http://ranrandil.blogspot.com/ අරහෙම පේන්න හේතුව ගැන නං දැනුමක් මා සතුව නැහැ.

      Delete
    2. රන්දිල් නෝනා. ඔය බ්ලොග් වල ඩුමේන් එක භාවිතා කරනු රට අනුව වෙනස් වෙනවා. දැං අජිත් ධර්ම මේවා එංගලන්තේ ඉදල බලපු නිසා තමා ඒවා co.uk වෙන්නේ. චයිනා ඉදල බැලුවනං වෙන එකක් ඉස්සරයාල්, ඔස්ටරේලියා හෙම එ් වගේ වෙනස් වෙනවා. කොහොම උනත් බ්ලොගේ නම එකමයි. ඒකේ තර්කයක් නැහැ

      Delete
    3. දේශා කියන එක හරි කියලයි මටත් හිතෙන්නෙ...ඒක තමයි මම හිතන්නෙ වෙලා තියෙන්නෙ...

      Delete
  10. ලැබුණු ඇගයීම ගැන ඔබ දෙපලටම සුබ පැතුම් පතනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ස්තූතියි මල්ලි...ස්තූතියි..ස්තූතියි...හැමදාම එනවට...:)

      Delete
  11. උණුසුම් සුභපැතුම් රවි සහ රන්දිල් නගා වෙත...!

    සිංහල බ්ලොග් වල් වැදෙන්න නොදී පන නල පිඹ පිඹ යන එක සෑහෙන්න අගය කල යුතුයි......!

    ReplyDelete
    Replies
    1. මාත් සෑහෙන්න අගේ කළා... අනේ ඇත්තට නැත්තං මේ බ්ලොග් එක කටුනායක කොළඹ එක්ස්ප්‍රස් වේ එකට යට වෙලා... ඔව්

      Delete
    2. දුමී,

      බොහොම කාලෙකින්......දැකීමත් සතුටක්...:)

      Delete
    3. ස්තූතියි රවි, ඔවු අවුරුදු ගාණකින් කිව්වොත් වැරදි නෑ.....!

      Delete
  12. මගේ ප්‍රියතම රවියාට හොට් හොට් සුපැතුම්....!!!

    ReplyDelete
    Replies
    1. හුහ්... එතකොට ඔයාගේ ප්‍රියතම රවියාට විතරයි සුභ පැතුම් ඈ!!! හ්ම් හ්ම් හොඳයි හොඳයි. මං තරහයි.

      Delete
    2. මාතලන් මල්ලි,

      හෙහ්,හෙහ්...උඹටත් සුබ පැතුම්!!!!!

      Delete
  13. හත්වලාමේ... දැනුයි ඒක දැක්කේ, මේ ලිංක් මොකක් හරි ක්‍රමේකට මේ විදිහට පෙන්නුම් කළාට අපේ බ්ලොග් එකේ හරි ලිංක් එක මේක,

    http://ranrandil.blogspot.com/ අරහෙම පේන්න හේතුව ගැන නං දැනුමක් මා සතුව නැහැ.

    ReplyDelete
  14. හත්වලාමේ යකු. අර කවරේ මට දීහං මං ඒක බලාගන්නං.. කලු තඩියා සොරි රවියා එනකං.. හැක්..

    කියන්න දෙයක් නෑ. අර කව්ද කිව්වත් වගේ රවිය ලියපු ඕන එහෙකට සම්මානයක් දෙන්න ඇහැකි. ඒකෙ දෙකක් හෝ දෙකහමාරයක් නැහැ. මතක නේ මට අර ශිර්ෂපාඨ අසාමිකතාවයෙන් තොර ඕන එකක් කියවන්න ඇහැකි රවියගේ..

    සුභ පැතුම් රවි අංකල්ට සහ රන්දිකා ඇන්ටිට...

    ReplyDelete
    Replies
    1. දේශකයා,

      / මතක නේ මට අර ශිර්ෂපාඨ අසාමිකතාවයෙන් තොර ඕන එකක් කියවන්න ඇහැකි රවියගේ....../

      හෙහ්,හෙහ්, කෝකටද බං බොට ඒ ගුල්මෙ වගෙ හැදෙන්නෙ? ගුල්මෙද නැත්තං මීමැස්මොරේද? ඒකටම නේද පශ්චාත් භාග ප්‍රදාහය කියන්නෙත්? හරි..හරි..ඔන්න මතක් වුනා..ගුරුවරියක සමඟ මගේ ජීවිතය...:)

      Delete
    2. දේශකයට අංකල් ඇන්ටි වෙනවා කියන්නේ ඉතින් අපිට සීයයි අච්චියි වෙනවා කියන එක ..

      රවී සීයාට සහ රන්දිල් ආච්චිට මගේ උණුසුම් සුබ පැතුම් ..

      Delete
    3. පැතුම් මුණුබුරේ,

      රන්දිල් ආච්චිට මේ දවස්වල සල්ලි ටිකක් හිඟපාඩුයි කොලුවෝ...ඔය දහ පාලොස් දාහක්වත් එවහන්කෝ අර උන්ඩියල් ක්‍රමේටවත්...:)

      Delete
  15. අර මල්වලට වතුර දාන ළමය ගැනත් පොඩ්ඩක් හිතල බලන්න කාලේ හරි නේද .. ඒ කෙල්ල නේද මේ ගරු සම්මාන ඔක්කොගේම අයිති කාරී ... :)

    ලබන අවුරුද්දෙත් සම්මාන ලැබෙන කතා ලියන්න ..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      අම්මාපල්ල අහල්ලියා ළමය...හාංකවිසියක්වත් අමතක මතක බැරිවෙච්චි හැටි...කිව්වත් වාගෙ මේ ගෞරව සම්මාන ඔක්කොම හරියට බලනෝනං අයිති ඒ දරුවට වෙච්චි...යස් යස් කළගුන සැලකීමක් හැටියට වහාම ඒ මානවිකාවිගෙ කතන්දරේ ලියන්ට ඕමනයි....

      Delete
  16. සුබ පැතුම් රවි රන්දිල් දෙදෙනාටම!...

    ReplyDelete
    Replies
    1. සඳමාලි,

      ස්තූතියි...:)

      Delete
  17. ඒක එහෙම වෙන්නේ UK ඉඳන් මම ලින්ක් එක කොපි කල නිසා. නැත්නම් මේවා .com තමා ඔක්කොම.

    ReplyDelete
  18. නිදහස් සිතුවිලි ප්‍රදාන කතෘ රවී අයියා තරුණ මහතාටත්, ප්‍රවීන ළමා පොත් ලේඛිකා රන්දිල් නැන්දාටත් උණුසුම් සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. Beetle,

      / රවී අයියා තරුණ මහතාටත්, .../

      අන්න එහෙම වරෙං...මල්ලි.... අන්න එහෙම වරෙං..බ්‍රාස්පතින්ද රෑ ඩිනර් එකට වරෙං දෙන්නත් එක්කම ඒෂියානා එකට..නෙලුං සීන් කෝන් එක සමරන්ටයි මම තනන්නෙ..

      / ප්‍රවීන ළමා පොත් ලේඛිකා රන්දිල් නැන්දාටත් .../

      ප්‍රවීණ ළමා මනෝ චිකිත්සිකා........එහෙමත් කෑල්ලක් තියනව බොල..

      Delete
  19. ලැබුණු සම්මානෙට දෙන්නටම සුභ පතනවා. වැස්ස වෙලේ රන්දිල් අක්කට "යන්නම් අක්කෙ"කියල විතරයි කියන්න වුනේ :D. ජය වේවා!!!

    ReplyDelete
  20. දෙදෙනාටම හද පිරි උණුසුම් සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      ස්තූතියි...:)

      Delete
  21. නිදහස් සිතුවිලි බ්ලොග් අඩවි හිමිකරු රවී වීරසිංහ මැතිතුමාටත්, එහි කාමරයක වෙසෙන බ්ලොග් රචිකා, ගත් කතුවර රන්දිල් මැතිනියටත් ඩෙනිමක එතූ සුභාශිංශන පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඔන්න ආයෙ එකක් ඒ පාර....:)

      Its a classic example of either " Carrying fire under water " or else " Cutting neck with a water cloth." ......:)

      Thanks Dude!!!

      Delete
  22. ආ... ජෝඩුවම එකට ඇවිත් ඉන්නෙ කොමෙන්ට්ස් දාන්න.
    රවී අයියා, අපේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.

    ReplyDelete
  23. පුරුද්දට සුභ පැතුවට ඉතිං මට හිතෙන්නේ ඔය සම්මානෙ ගැන උඹට වගේ වගක් නෑ කියලා... ඒත් ඉතිං කවදා හරි ඔය හේතුව ඉස්සරහට දාලා පොඩි අඩියක් ගහන්නවත් සෙට් වෙන්න බැරියැ නේද?

    රන්දිකා නෝනට වෙනම සම්මානයක් දෙන්න වටිනවා, සම්මානෙ ගන්න ගිහින් කාපු කට්ටට...

    ReplyDelete
    Replies
    1. තිසර,

      / පුරුද්දට සුභ පැතුවට ඉතිං මට හිතෙන්නේ ඔය සම්මානෙ ගැන උඹට වගේ වගක් නෑ කියලා... /

      හෙහ්..හරියටම හරි මල්ලි..මට ඕවයෙ ඒ හැටි ගාණක් නෑ..මම මේ කිසිම විදිහකින් සම්මානය අවතක්සේරු කරනව එහෙම නෙවෙයි. ඇත්තටම සන්තෝසයි..එහෙම නෑ කිව්වොත් බොරු..ඒත් එතනින් එහාට ඒ ගැන මම හිතන්නෙ නෑ...

      / ඒත් ඉතිං කවදා හරි ඔය හේතුව ඉස්සරහට දාලා පොඩි අඩියක් ගහන්නවත් සෙට් වෙන්න බැරියැ නේද? /

      දෙයියම්පල්ල..කිව්වත් වාගෙ මට පේන්නෙ මේ සම්මානෙ හම්බුනයින් වෙච්ච ලොකුම වාසිය ඒක...මේ පාර ගෙදර ගිහාම ඔය පිට දාල හත් අට පාරක්වත් බොන්ට ඕන බඩපුරා...

      " මොකක්ද අනේ මේ වැඩේ තේරුම? දැන් ඇවිල්ල දවස් පහයි ...ඒකෙං හතරක්ම බිව්ව කට්ටියත් එක්ක. අදත් ඔය මොකද වීදුරු එහෙම හෝදන්නෙ? "

      " නෑ අනේ මේකයි සීන් එක..අර මට බ්ලොග් සම්මානයක් හම්බ වුනානෙ. "

      " ඔව් ..ඔව්..ඔව්... හම්බ වුනා නේන්නං ... සීගිරිය උඩට වෙලා අර ජරාව බිබී හිතාපු මනෝ විකාර ලියල සම්මානයක් නම් හම්බ වුනා තමයි. අම්මාපල්ල ..ඕක දුන්නු එකෙක් හම්බ වෙනකල් මම මේ ඉන්නෙ අහන්ට ඔයිට වැඩිය හොඳ එකක් තිබ්බෙම නැද්ද කියල "

      " හරි හරි..කෑගහන්ට එපා ඉතිං ඔය හැටි...අර පල්ලෙහා ගෙදර ඇන්ටිත් එබිල බලල ගියා.."

      " හරි හිතිං මොකද ඔහේ දැං කියන්නෙ? "

      " අද මගෙ යාලුවෙක් එනව තිසර කියල.. බොහොම ගුණයහපත් හාදය. ඔය සම්මානෙ හම්බවෙච්චි කාලෙමයි කිව්වෙ අයියෙ ඕක හොඳ පොයින්ට් එකක් පොඩි අඩියක් ගහන්ට කියල..ඉතිං එහෙම මොකවත් නොකලොත් ඒක මගෙ බලවත් වෙහෙස මහන්සියෙන් ගොඩනංවාගත් කීර්ති නාමයට දැඩි කැළලක්..."

      "හරි..ඔන්න එහෙනං අද විතරයි හරිද?....අනික ආපුදෙන්කො ඔට තිසරද කවුද..මම අහන්ට මොනවද මේ කරන දෙකයි පණහෙ වැඩ කියල..හුහ් "

      " මේ...කියන තැනකට වඳිඤ්ඤං.. ඒ වගෙ මොකවත් අහන්නෙ එහෙම නෑ ඔන්න...තිසරය බයවෙයි හොඳටම..හෙහ්,හෙහ්, "

      / රන්දිකා නෝනට වෙනම සම්මානයක් දෙන්න වටිනවා, සම්මානෙ ගන්න ගිහින් කාපු කට්ටට.../

      අනේ ඒකනෙව..එතුමී පුදුම කැපවීමක් කලේ....පුඩුම කට්ටක් කෑවෙ....Eating A Wonderful Bone.....:(

      Delete
  24. ඔය සම්මාන ලැබුණු රවීයියාගේ ලිපියේ තව කොටසක් ලියන්න තියෙනවා නේද?ඈ බොල එක ලියන්නේ කවද්ද?

    රන්දිල් අක්කා යෝජනා කෙරුවා කියන්නේ රවීයියා එක්ක එකතු වෙලා පොතක් කරන්ට.මොකද බොලා එකට පස්ස ගහන්නේ?

    ReplyDelete
    Replies
    1. මගෙත් හදපිරි සුබ පැතුම් !!

      Delete
    2. Manoj,

      / ඔය සම්මාන ලැබුණු රවීයියාගේ ලිපියේ තව කොටසක් ලියන්න තියෙනවා නේද?ඈ බොල එක ලියන්නේ කවද්ද? /

      තව එකක් නෙවෙයි බොල අඩු ගණනෙ හතරක් පහක් වත් ලියන්ට වෙයි අහල්‍යාගේ කතාව...

      / රන්දිල් අක්කා යෝජනා කෙරුවා කියන්නේ රවීයියා එක්ක එකතු වෙලා පොතක් කරන්ට.මොකද බොලා එකට පස්ස ගහන්නේ? /

      අපොයි නෑ..උන්දැ එහෙම හීනෙකිංවත් හිතල නෑ කියල මට ෂුවර් ඇන්ඩ් ෂොට්...:)

      Thank You Manoj....:)

      Delete
  25. ජය වේවා...! රහට ලියන ඔබට සුභපැතුම්!
    (ඔබ කියන්නෙ බහු වචනයක් නේද?)

    ReplyDelete
    Replies
    1. Gus,

      / ජය වේවා...! රහට ලියන ඔබට සුභපැතුම්! /

      Thank You Gus.....ගස් කිව්වම මට මතක් වෙන්නෙ අවුරුදු විස්සකට වගෙ කලින් හිටපු වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකටර් කෙනෙක්... ගස් ලෝගී....

      / (ඔබ කියන්නෙ බහු වචනයක් නේද?) /

      ඉංගිරිසියෙන්නම් එහෙමයි.... You කිව්වම එක්කෙනෙකුට වගේම සමූහයකට අදාල වෙන විදිහට යොදන්ටත් පුලුවන්. ඒත් සිංහලෙන් යෙදෙන්නෙ කොහොමද කියන එක ගැන නම් මට පැහැදිලි අදහසක් නෑ..තව පොඩ්ඩක් හොයල බලන්ට ඕමනයි..ඔබලා කියලත් කියවෙනව. ඒත් ඒක නිවැරදි ව්‍යාවහාරයද කියා නොදන්නෙමි.

      Delete
  26. රන්දිල් අක්කා හඳුනාගන්නට ලැබීම ලොකු සතුටක්!
    රවි අයියාට උණුසුම් සුභපැතුම්!
    තවතවත් අපූරු ලියැවිලි බ්ලොග් ගත කරන්න ඔය දෙන්නාටම හැකිවේවා!!

    ReplyDelete
    Replies
    1. බස්සි,

      ස්තූතියි බස්සි..ඔබටත් සුබපැතුම් ජයග්‍රහණය වෙනුවෙන් ...:)

      Delete
  27. මේ මුළු වැඩ පිළිවෙලම මහත්සේ අගයන්නෙමි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගුණසිංහ මහත්මා...:)

      Delete
  28. හප්පේ හොයාගන්න තිබ්බ අමාරුවක්.ඇති යාන්තං . රන්දිල් අක්කා බැබලි බැබලි ඉඳල අන්තිමට මගෙනුත් ඇහැව්වා ඔයාල යන්නේ කොහොමද කියල. අපිත් යා ගන්න විදියක් නැතුව කට උත්තර නැතුව තමා උන්නෙ. යන්තම් අජී අයියා ඒක විසඳුවා. රන්දිල් අක්කටයි රවී අයියටයි දිලාගේ ලෝකයෙනුත් උණුසුම් සුභපැතුම් !! ජයවේවා !!! :)

    ReplyDelete
    Replies
    1. දිලිනි,

      බොහොම ස්තූතියි දිලිනි...ඔබටත් සුබපැතුම්!!!

      Delete
  29. Onna apenuth Unussuma Unussu Subapatum.....Randil akkatai Ravi Aiyatai................

    ReplyDelete
  30. ඔක්කොම හොඳයි - සතුටුයි!
    [ ඉස්කූටරේ යන කෑල්ලට ඇරෙන්න :-( ]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිස්ස...:)

      Delete
  31. තිස්ස අයියා,
    //ඉස්කූටරේ යන කෑල්ලට ඇරෙන්න//

    මෙතුමියගෙ ස්කූටර් චාරිකා ගැන ඔබ තුමා දන්නේ නැතුවයි ඔය.

    ReplyDelete
  32. ඒ රන්දිල් තනි අතින් අමුත්තන්ට තේ හදන කාලේ.

    අපි කතා කර කර ඉද්දි එයා මෙහෙම කිව්වා. "ඔය දෙන්නා ඔයිට වඩා මෙව්වා එකක් ගොඩ නගා ගන්න වටිනවා. මිස්ට රවී අපේ ඔපීසියේ ඉද්දී මාත් එකක්ත් එච්චර කතා කරලා නෑ" කොහොමහරි මට මෙව්වා එක ගොඩ නගා ගන්න බැරි උනා. ලෝකේ කැරකෙන වේගෙට අකමැත්තෙන් උනත් දුවන්න සිද්ද උනු හන්දා. එහෙම් දුවද්දි මග දී හැලුනු දේවල් වලින් මගේ බ්ලොග් එකත් එකක්. ඒ වගේ බ්ලොග් එක මග හලා ගත්තු අය එමට. ඒ හැමෝටම රවී අයියා මේ නෙලාගත්තු නෙලුම් මල අලුත් ජීවයක්!

    රන්දිල්ටත් රවී අයියාටත් උණුසුම් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චූටි මහත්තයා ( කෙ.කො.)...:)

      Delete
  33. රවී,
    බොක්කෙන්ම සුබ පැතුම් මචං.ඒක නෙවෙයි උඹේ වාං පතුල් එහෙම කියවන්න එන අපටත් සම්මාන දෙන්න වටිනව කියල හෙම හිතෙන්නෙ නැද්ද අම්මප.

    ReplyDelete
    Replies
    1. හැලප,

      එහෙනං..එහෙනං..බොලාට තමයි ඉහළම සම්මානය දෙන්ට වටින්නෙ...:)

      Delete
  34. අඩේ උඹේ බ්ලොග් පඩංගුවට සම්මානයක් හම්බවෙච්ච එක ලොකු සතුටක්. ඒ වුනාට අර වාං පතුල් කතා කියෙව්වාට බොට වටිනවා අපිටත් ඔය මොනා හරි සප්පායමක් කරන්න. නැද්ද මම අහන්නේ?

    දැන් ඔය උඩ කියන රන්දිල් නෝනා මේකේ විසිටින් බ්ලොගර් කෙනෙක් වෙන්න ඕනේ මම හිතන්නේ? උන්දැට වුනේ අර කොවුලගේ කේස් එක නේද?
    කන්ග්‍රැට්ස් රවී....

    ReplyDelete
    Replies
    1. රංගි,

      හෙහ්..හෙහ්..පඩංගුව එතකොට එහ්?...අම්මාපල්ල මොකටද ඉතිං මම කියන්නෙ...

      Thanks madam...:)

      Delete
  35. //කාලෝ නහී අයංතේ ගොමු මඩිතෙයිහ// පිස්සු හැදෙනවනෙ යකෝ :):):)

    අපිටත් ඉවර තියන වෙලාවට හොම්බ දාල හිනා වෙලා යන්න මොනව හරි ලියනවට බෝම තුති. සුබ පැතුම් රවි අයියා !!

    ReplyDelete
  36. congratulations Ravi , I really like your style of writing they always make me think back about my life .
    Only a talented person can write about human relationships in a lighter setting .I think you have done that very nicely . I can't clearly explain the feeling I get after reading some of your stories but they makes me slightly sad .

    Thusitha

    ReplyDelete
    Replies
    1. The correct term should be nostalgic

      Delete
    2. Thusitha,

      Thanks so much thusitha for your appreciation...It really is the incentive to go on writing more and more...the thought that there are like minded fellow human beings out there, who are looking forward to read what you write and moreover appreciate what you do.

      Thanks again....:)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  37. ඔන්න රන්දිල් මමනම් කොමෙන්ටුවෙන් සුබ පැතුවේ නෑ . දුර කතර ගෙවාගෙන ගිහින් රවියා හම්බ වෙලා අත් දෙකම අල්ලලා සුබ පැතුවා. ඒ හමුවත් හරියට රවී ලියන පොස්ටුවක් තරම්ම සුන්දරයි. රන්දිල්ටත් සුබ පැතුම්!!

    ReplyDelete
    Replies
    1. තිලක්,

      හෙහ්,හෙහ්..ඒකනෙ කියන්නෙ.." ඔබ දැකුමින් අප පින්කල බව හැඟුනි. " ඕකෙ අර්ථ දෙකක් තියනව. මම අදහස් කරන්නෙ සාම්ප්‍රදායික අර්ථය. ඒ කිව්වෙ ඇත්තටම ඔබ දැකීම සතුටක් කියන අර්ථය....:)

      Delete
  38. සමාවෙන්න පරක්කු වුනාට
    http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16564-2015-04-13-22-54-38

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...