Tuesday, April 21, 2015

313. විජයාවතරණය, ඇම්ඩා, දියවන්නාවේ බම්මන්නංගේ තුට්ටු දෙකේ විගඩං සහ ලොක්කා දැන්නං හොඳටෝම ඇති.

ඡායාරූපය - ලංකාදීප අන්තර්ජාල පුවත්පත

ජීවිතේ හැමදාම අපි ඉගෙන ගන්නව. අවුරුදු විස්සක් තිහක් වගෙ දීර්ඝ කාලයක් තිස්සෙ දැඩිව විශ්වාස කරපු දෙයක් ඊට විරුද්ධව පිළිගත හැකි සාධක ගැන දැනගන්ට ලැබුණොත් අසුරු සැණෙන් බිඳවැටෙන්ට පුලුවනි. ඒ වගේම තමයි එතරම්ම දීර්ඝ කාලයක් විශ්වාස නොකල දෙයක් ඒ සංකල්පය නැත්නම් සිද්ධිය සම්පූර්ණ ඇත්තක් කියල නොබිඳිය හැකි සාක්ෂි ලැබුණොත් විශ්වාස කරන්ට වෙනව. ඇත්තම කිව්වොත් මට එහෙම දෙයක් වුනා.


" ඔන්න දරුවනේ...ඉතිං සිංහබාහු රජ්ජුරුවන්ටයි සිංහ සීවලී බිසවටයි දරුවො 32 ක් ලැබුනා. වැඩිමල්ම පුතා තමයි විජය කුමාරයා. මේ කුමාරයා ලොකු වෙනකොට හරිම හිතුවක්කාරයි. තමන් වගේම යාලුවො කණ්ඩායමකුත් හදාගෙන මංකොල්ලකන්න පටන් ගත්ත. රජ්ජුරුවන්ගෙ පුතාය කියල මිනිස්සු ඉවසල ඉවසල බැරිම තැන සිංහබාහු රජ්ජුරුවො ගාවට ගිහිල්ල තමන්ගෙ දුක කිව්ව. රජ්ජුරුවො බොහොම කෝප වෙලා විජයයි යාලුවොයි අල්ලගෙන එන්ට කියල නියම කලා. ඊට පස්සෙ නඩු අහල විජයට මරණ දඬුවම නියම කලා. ඒත් සිංහසීවලී බිසව අඬල දොඩල බැගෑපත් උනහම රජ්ජුරුවො හිත වෙනස් කරගෙන මරණ දඬුවම වෙනුවට විජයගෙයි එයාගෙ පිරිස හත්සීයකගෙයි හිස බාගයක් බූගාල නැවක පටවල යැව්ව ආයෙ සිංහපුරයට පා තැබීම තහනම් කියල නියෝගයකුත් කරල."

" ඉතිං දවස් ගාණක් මූදෙ පාවෙලා ආපු විජයයි යාලුවො කණ්ඩායමයි ඔන්න අන්තිමට එක ගොඩබිමකට ගොඩ බැස්ස. එයාල අත්ලට බරවෙලා වෙරළෙ ඉඳගෙන ඉඳල නැඟිටල බැලුවම අත්ල තඹපාට වෙලා තිබ්බ. ඒ නිසා ඒ දේශයට තම්බපණ්ණී කියල නම තිබ්බ. ඉතිං ඊළඟට මේ ගොල්ල පිපාසෙ හින්ද වතුර හොයාගෙන යද්දි දැක්ක බැල්ලියක්. බැල්ලියක් ඉන්නව කියන්නෙ මනුස්ස වාසයක් කිට්ටුවම තියෙන්ට ඕනය කියල හිතල........."

ඒ 1973 අවුරුද්ද, හයේ පන්තිය. ඒ කාලෙ අද වගෙ වසර කතාවක් තිබ්බෙ නෑ. 1 ශ්‍රේණිය ඉඳල 9 ශ්‍රේණිය වෙනකල් අවුරුදු නවයක් ඉගෙන ගෙන අපි 9 වෙනි අවුරුද්ද අන්තිමට විභාගෙට ලිව්ව. හරි මම මේ කියන්න ආවෙ ඒ ගැන නෙවෙයි. හයේ පන්තියෙ සමාජ අධ්‍යයනය විෂයය අපිට ඉගැන්නුවෙ ජයසේකර මහත්තය. කලිනුත් දවසක් අර නිල් කට් රොල් මල් ලියද්දි මම මේ ජයසේකර මහත්තය ගැන කිව්ව.තමන් කරන කාර්‍යයය දේව කාර්‍යයයක් විදිහට සළකල ඇත්තටම ගන්න වැටුප වගෙ දෙගුණයකට ප්‍රමාණවත් වෙන විදිහට, ඉගෙන ගන්න ශිෂ්‍යයින් තමන්ගෙම දරුවන් විදිහට උපකල්පනය කරල රාජකාරිය කරපු ඒ වගෙ මහත්තුරු අද විතරක් නෙවෙයි එදා උනත් බොහොම හිඟයි.

ප්‍රොජෙක්ටර්, වයිට් ස්ක්‍රීන්ස්, කලර් ස්ලයිඩ්ස් ගැන අසා හෝ නොතිබුණු එදවස ජයසේකර මහතා විජයාවතරණ පාඩම විස්තර කිරීමට උපකාරී කොට ගත්තේ ලී රාමුවක රැඳවූ කළු ලෑල්ලේ ඉහළ දාරය මත රැඳවූ අඩි 3 x අඩි 3 පමණවූ ප්‍රමාණයේ චිත්‍ර සටහන් කිහිපයකි. එදවස බොහෝ මධ්‍යම පාන්තික නිවෙස් හි සාලයෙහි ප්‍රමුඛස්ථානයක රාමුකොට එල්ලා තිබෙනු දක්නට ලැබුණු සෝලියස් මෙන්දිස් මහතාණන් වීසින් කැළණි විහාරයෙහි කල සුප්‍රසිද්ධ බිතුසිතුවම් පිටපතක් නිතැණින්ම සිහිගැන්වූ ජයසේකර මහතා උපයෝගී කොටගත් එම චිත්‍ර සටහන් බොහෝවිට විෂයය විස්තර කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබාදුන් ඉගැන්වුම් ආධාරක යෙදවුම් විය හැක.ඊට බොහෝ පසු කලෙක ගුරුවරියක සමඟ පාසල් නිල නිවාසයක මගේ ජීවිතය ගතවුණු සමයෙහි ඉගැන්වුම් ආධාරක යෙදවුම් පිලිබඳව මම බොහෝ දේ දැනගතිමි.

ඒ හයේ පන්තියෙ පොඩි කොල්ලෙක් උනත් මට ඒ කාලෙත් නිකං හිතට හරි නෑ හරි නෑ වගෙ විජය, ඒ කියන්නෙ සිංහලයින්ගෙ ආරම්භකයා හොරෙක්, මංකොල්ල කාරයෙක්, දාමරිකයෙක් වීම ගැන. හැබැයි විජයගෙ සීයා සිංහයෙක් වීම සහ සිංහයෙකුට දාව ගැහැණියකට දරුවෙක් ලැබෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ ගැන මට මතක විදිහට එහෙමට විචිකිච්ඡාවක, කුකුසක් ,ගැටලුවක් නම් මයෙ හිතේ තිබ්බෙ නෑ. මොකද ඒ වයසට දරුවෙක් ඇතිවෙන්නෙ කොහොමද කියන එක ගැන පැහැදිලි අදහසක්..පැහැදිලි නෙවෙයි ඇත්තටම කිව්වොත් අපැහැදිලි අදහසක්වත් තිබ්බෙ නෑ. කොටින්ම මම ඒ ගැන හිතලවත් තිබ්බෙ නෑ. 

ඒ අතිං අපි ඇවිල්ල අර ඇම්ඩන් කොලූට වඩා නම් බොහොම අහිංසකයි..දන්නවනෙ ඇම්ඩා නේද? ඇම්ඩගෙ අම්මට ඔන්න බබෙක් ලැබෙන්නයි හදන්නෙ. ඇම්ඩ පොඩි කොල්ල.... වයස දොළහයි. හරියටම මේ කතාවට අදාල කාලෙ මං පොඩි එකාගෙ වයස. ඒත් ඇම්ඩා මංවගෙ සුකොමල ලද බොළඳ පොඩි එකෙක් නෙවෙයි. ඇම්ඩෙක්ම තමයි.

ඔය වස අමාරුකාර තක්කඩියන්ට ඇම්ඩන් කියල කියන්නෙ මොකද දන්නවද? හරි ඒක දිග කතාවක්...පස්සෙ කියමුකො.

දැන් මේ අම්මට බබෙක් හම්බවෙන්ට ඉන්න සීන්ස් එක ඇම්ඩට කියන්ට එපාය. තාත්තා දවසක් ඇම්ඩව පැත්තකට කතා කලා. උගුරෙ රැල් බුරුල් එහෙමත් ඇරියා..

" හ්ම්ම්...හ්ම්ම්...ඇම්ඩන් සුදු පුතේ..පුතාට කාරණයක් කියන්න කියලයි මම මේ හදන්නෙ. "

තාත්තා කල්පනා කලා මේක කොහොමද මේ පොඩි එකාට කියන්නෙ කියල. පස්සෙ ඔන්න මතක් වුනා අර කොකෙක් පොඩි ළමයි ගෙනල්ල දානවයි කියල තියන කතාව. හරි එහෙම කියනවා..තාත්තා හිතුවා.

" පුතා දන්නවනෙ පුතේ අර මහ විසාල කොකෙක් චුට්ටි ළමයි හොටෙං අරගෙන රෑට ජනේලෙං පියාඹගෙන ඇවිල්ල......." .

" හරි හරි තාත්තෙ මට මතකයි..ඉතිං ? …" ඇම්ඩා ඇහුව..

" නෑ මම මේ කියන්ට ගියේ මේ දවස්වල අන්න ඒ කොකා රෑට රෑට අම්මගෙ කාමරේ ජනේලෙ ලඟ.." 

තාත්තට එච්චරයි කියන්ට හම්බවුනේ.....ඇම්ඩා ඔලුවෙ අත ගහ ගත්තා..

" ඇයි ඇයි පුතේ? …….." තාත්ත කලබල වෙලා ඇහුව.

" මල කෙලියයි තාත්තෙ.අම්මට බබෙක් හම්බවෙන්ටයි ඉන්නෙ. දැං ඔය කොකා ද මොකාද එකා රෑට ජනේලෙං එබෙනව දැකල අම්ම බය උනොත් එහෙම බබා හම්බවෙයි එතනම......."

සිංහල ජාතියෙ සමාරම්භකයගෙ ඉඳල ඉහලට පරම්පරා තුනකම කට්ටියට අද හිටියනං ඉන්ට වෙන්නෙ වැලිකඩ හිරගෙදර කූරුගණංකර කර කියන එකත් ඒ කාලෙ මට එච්චර තේරුනේ නෑ.

1. විජය - මංපැහැරීම සහ ද්වේශ සහගතලෙස බිරිඳ සහ දරුවන් අත්හැර දැමීම

2. සිංහ සීවලී සහ සිංහ බාහු - ව්‍යාභිචාරය

3. සුප්පාදේවී - තිරිසනකු සමඟ ලිංගිකව හැසිරීම.

හත වසරෙ සෞඛ්‍යය සහ ස්වස්ථාව විෂයට අදාලව තිබ්බ ප්‍රජනනය කියල පාඩමක්. අවුරුද්ද මුලදි අපි ඉතිං ඔය පෙළපොත් ඔක්කොම පෙරලල බලනවනෙ. අම්මට වූඩු..මෙන්න බඩු...ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධති රූප සටහන් සහිතව...සික්...ඒත් බොලේ සෞඛ්‍යය පොතේ 123 වෙනි පිටුවෙනෙ ප්‍රජනනය ගැන තියෙන්නෙ. පොතේම පිටු තියෙන්නෙත් 135 යි. සික්..එහෙම බැලුවම ප්‍රජනනය පාඩම කෙරෙන්නෙ නොවැම්බර් අග නැත්තං දෙසැම්බර් මුල වගෙ තමයි. හපොයි එච්චර කල් ඉවසන්නෙ කොහොමද?

අපිට හත වසරට සෞඛ්‍යය කලේ මැඩම් කෙනෙක්. ඔන්න අන්තිමට අවුරුද්ද පුරා පුල පුලා බලාසිටි ඒ අසිරිමත් දිනය උදාවිය. 7 A පංතියට ප්‍රජනනය පිළිබඳ පාඩම් කියාදෙන දවස. මං හිතන්නෙ එදා තමයි පංතියෙ ළමයි ඔක්කොම ඉස්කෝලෙ ආපු එකම දවස. හැබැයි එදා ප්‍රජනන පාඩම නම් බොහොම සංවේගජනකයි. කොටින්ම දර්ශීය අව ප්‍රාප්තියේ උපරිමය ( A Typical Anti-climax ). මැඩම් බොහොම හදිස්සියෙන් පාඩම උඩිං පල්ලෙං කරල ලිස්සල ගියා...හෙහ්,හෙහ්,...ඒ ගැන වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න.

ඉතිං ආයෙම අදාල කතාවට ආවොත් එදා ඉඳල මේ ඊයෙ පෙරෙයිද වෙනකල් මම ඔය විජයගෙ කතන්දරේ පිළිගත්තෙම නෑ. ඒ කියන්නෙ ලැජ්ජ නැතුව කටක් ඇරල කියතැහැකිද අපි පැවත එන්නෙ පට්ට මංකොල්ලකාරයෙක්ගෙන්ය කියල. ෂික්...ඒත් අර මුලින්ම මම කිව්ව වගේ ප්‍රතික්ෂේප කල නොහැකි සාක්ෂි ( Irrefutable Evidence ) කොහෙන් හරි ඉස්මතුවෙනවනම් කරන්ට දෙයක් නෑ අවුරුදු හතලිහකට වැඩි කාලයක් උනත් අපි එක හිතින් විශ්වාස කරපු දේවල් අලුයම ලූ කෙළ පිඩක් මෙන් අත්හැරල දාන්ට වෙනව. ප්‍රතික්ෂේප කරන්ට වෙනව. යථාර්තය පිළිගැනීම කියන්නෙ අන්න ඒකයි.

ඉතිං දැං ඔන්න වෙලා තියෙන්නෙ අන්න ඒක. විජය කියන මංකොල්ලකාරයගෙං අපි පැවත එනව කියල මතය පිළිගන්ටම වෙලා තියෙනව. පේන්නෙ නැද්ද මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුය කියන බම්මන්නො නඩේ නටන විගඩම.මහින්ද රාජපක්ස හිටපු ජනාධිපති කට උත්තරයක් ගන්ට අල්ලස් කොමිසම ඉදිරියට කැඳෙව්ව විතරයි. මෙන්න හොරු හතළිහ කුලප්පු වෙලා.හෙහ්,හෙහ්, ඒකෙ වරදකුත් නෑ බලාගෙන ගියාම අලිබබාව උසාවි ගෙනියනකොට හොරුන්ට බොක්ක රත්වෙන එක අහන්ටත් දෙයක්ය... නැද්ද? 

දැන් අහන්ට දකින්ට තියනවනෙ දවසින් දවස බොහොම පැහැදිලිව අලිබබා සහ එයාගෙ නෑදෑ, හිතමිතුරු, අන්තේවාසික හැත්ත බුරුත්ත ආණ්ඩුවෙ ආයතන සතු සම්පත්, පොදු මහජන දේපල කොල්ල කාල තියෙන රඟ. බිලියන ගාණක් යටි මඩි ගහල තියෙන්නෙ. සෙල්ලං ගාණක් එහෙම නෙවෙයි බිලියන ගාණක්.ඉතිං ඒවගෙ නිලකාස හොරෙක් ආයම රටේ අගමැති කරන්ට ඕනය කියන වෘෂභයො එක්කො මොලේ අමාරුකාරයො වෙන්න ඕන. එහෙම නැත්තං අර විජය කියන පල්හොරාගෙ නායකත්වය යටතෙ ලංකාවට ආපු හොර නඩෙං පැවතගෙන එන එවුං වෙන්න ඕන. ඔන්න ඔය හින්දයි මම කිව්වෙ සිංහලයො පැවතෙන්නෙ විජයගෙංය කියල මට දැං ෂුවර් ඇන්ඩ් ෂොට්ය කියල.

පාර්ලිමේන්තුවෙ විරෝධය ගැන කියන්ට තියෙන්නෙ වැලිකඩ ජම්පරේ ඇඳගෙන ඉන්ට ඕන මිනිස්සු නැෂනල් ගහගෙන දියවන්නාවට ගියාම ඔහොම දේවල් නොවුනොත් තමයි පුදුම වෙන්ට ඕන. මේ වගෙ මීම්මු දියවන්නාවට යවපු ජහමනයත් මෙව්වට වගකියන්ට ඕන.

අනික අලිබබයි ගෝලයොයි ස්ටේජ් දෙදරන්ට කෑගහල ඉල්ලපු එක තමයි ඔය කරල තියෙන්නෙ. " කෝ ජනාධිපතිවරණයෙදි කරපු චෝදනා? ඇයි එව්වට පරීක්ෂණ නොකරන්නෙ? අපිත් බලාගෙන ඉන්නෙ ඒ පරීක්ෂණ පටන් ගන්නකං ..." එහෙමනෙ කිව්වෙ. ඒත් දැං පරීක්ෂණ පටං ගත්තම මෙන්න රෙද්ද උස්සගෙන මරහඬ තියනව..ඇයි මේ?... අර කියමනක් තියෙනව මම හිතන්නෙ අලිබබා සහ සෙට් එක අහල නැතුව ඇති.." Be careful of what you wish for..you just might get it "

දැං වෙලා තියෙන්නෙ රට බේරාගත් වීරයාගෙං රට බේරාගන්ටයි..හෙහ්.හෙහ්, පුදුම වැඩේ තමයි ඒක...

" ගරු හිටපු ජනාධිපතිතුමනි! ඔබට ගෞරවාන්විතව ඉවත්ව යාමට ලැබුණු මහඟු අවස්ථාව මඟ නොහරිනු මැන! රජෙකු, ඔටුන්න හිමි කුමරකු හෝ රජ පරපුරක් අපට අවශ්‍ය නොවේ! කරුණාකර ඉතිහාසයේ ඔබට හිමිව ඇති ස්ථානය එළෙසම ආරක්ෂා කරගනිමින් පිටව යනු මැන! "

ජනාධිපතිවරණෙ ඉවරවෙලා සතියකින් හරියටම කිව්වොත් ජනවාරි 15 වෙනිද මම එහෙම කිව්වෙ.එහෙම කිව්වට එතුමා අහන හැඩක් නෑ වගෙ. එතුමාට සුපුරුදු බාසාවෙන්ම කියලවත් බලමු එහෙනං...නැද්ද? 

" ලොක්කා...දැං හොඳටෝම ඇති ඔහේගෙ විගඩං බැලුවා. යකෝ මේක අද නවතියි හෙට නවතියි කියල හිතුවට එන්ට එන්ටම වැඩිවෙනව මිස අඩුවෙන පාටක් නෑනෙ ඔහේගෙ මේ ජවුසෙං නැටිල්ල......එක පාරක් ඔහේව එළෙව්වෙ ආපහු ගෙන්න ගන්ට නෙවෙයි. අන්න ඒක හොඳට හිතේ තියාගෙන උණුවතුර ටිකක් කාරිය නාල හතර පෝයට අර අබයාරාමෙවත් සිල් අරගෙන දැංවත් යන තැනකට මොනවහරි කරගන්ට. ආ..ඊට කලින් කරුණාකරල ඔය කොහෙංහරි කාමර දෙහෙකුයි කුස්සියකුයි එක්ක ගෙවල් කෑල්ලක් හොයාගන්ට.ඔහෙගෙ ඔය ගෙවල් හෙවිල්ලෙ නාඩගමත් දැං අපිට තිත්තෙං තිත්ත වෙලයි තියෙන්නෙ. "

78 comments:

  1. ඇක්චුවලි පෝස්ට් එකක් කියවලා ඉවර වුණාද නැත්නම් වෙන මොකක් හරි උනාද මට ?

    ReplyDelete
    Replies
    1. බලන් හිටපන් දින 100 ඉවර උන ගමන් පොරොන්දු ඉටුනෙකළ අගමැත් ඉවත් කර බහුතරයේ අගමැති පත් වෙ න ආකාරය ලබන සතියේදී...

      Delete
    2. ඔමා,

      අහ්..ඒ උඹට වෙච්චි එකට කියන්නෙ චිත්ත වික්ෂෝභයට පත්වුනයි කියල. ජඝන ඵලකාස්ථි ප්‍රදාහය කියලත් සමහර විශේෂඥයො ඔය සහලක්ෂණය හඳුන්වනව.

      Delete
    3. :((((
      මගේ කේන්දරේ තියෙනවා මට බගාස්තියෝගය 35 දී උච්ච වෙනවා කියලා පරිස්සම් වුණොත් හොඳයි ඈ

      Delete
    4. ඔමා,

      අප්පට සිරි, 2035 ට තව අවුරුදු 20 ක් තියනවනෙ බං..දැම්ම ඒ ගැන වොරි වෙන්න එපා..ඔය බගාස්තියෝගය උග්‍ර උනහම ක්ෂුද්‍ර අතුණුබහන් දඟර වැටෙනව. ඌර්ණ රෝම ධාතු සන්තර්පණය වෙනව.සකලවිධ ක්ලේශධර්මයෝ සන්තර්පණය වෙනවා. දැනට ඔහේට එහෙම දේවල් දැනෙනවය? නෑ නෙවද?

      Delete
    5. ඇත්තටම අහන්න ප්‍රශ්නයක් මතු වුණා ඒත් අහන්න බයයි ඔයා හිතයි ජෝක් කියලා අහන්නද

      Delete
    6. මේ....ඔය මුට්ටි දම දම ඉන්න එක පැත්තක තියල අහපං බං...:)

      Delete
  2. මල සමයං
    අද වන්දනා නඩේ දියවන්නා චෞර මහා විහාරයට!

    ReplyDelete
    Replies
    1. දයාල්,

      පිස්සු නැත්තං ෂෝක්...:)

      ඔය එන උද්ගෝසකයො ඔක්කෝටම කහඹිලියා තම්බපු වතුර විදින්ට ඕන දෙපරැන්ද අස්සට...හෙහ්, විහිලුවට හොඳේ...හොරෙක් වෙනුවෙන් පෙනීහිටින්ඩ උනත් කාට කාටත් අයිතිය තියෙන්ට ඕන.. යහපාලනය කියන්නෙ එන්න ඒකයි.

      Delete
  3. ඉතිං සිංහබාහු රජ්ජුරුවන්ටයි සිංහ සීවලී බිසවටයි දරුවො 32 ක් ලැබුනා. .......

    අම්මට හුඩු සිංහ සිවලී මාර බැවිල්ලක් නේ බලා තියෙන්නේ 32 ක් බානවා කියන්නේ ,... අනිතිම එකා කිසිම පුස් එකක් නැතිව පිටට තට්ටු කරපු ගමන් එලියට එන්න ඇතිනේද

    යකෝ ඇම්ඩා හොඳයිනේ උඹට වඩා

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      අන්තිම දහය පහලව වගෙ එළියට ගන්ට නෙවෙයි මාස දහය ඇතුලෙ තියාගන්ටයි අමාරුවුනයි කියන්නෙ...

      තව නොයෙක් වැදගත් කරුණු තියනව ඒ පිළිබඳව සඳහන් කරන්ට.. දැනට ඔය ඇති...:)

      Delete
  4. රුසියන් පාර්ලිමේන්තුවෙ ජෝඩුවක් අහවල් එක කොරනව කියල හා හෝවක් යනව ජාතියන්තර ගොසිප් මාධ්‍ය වල. යකෝ ඒවද ප්‍රවෘත්ති, මෙන්න මෙහෙ හැත්තැවක් විතර නාකි පාර්ලිමේන්තුවේ අස්සෙ රැ එළිවෙනකල් සිරිලංකාව සමූහ දූෂනය කරන්න හදනව, මේවනෙ පුවත්.

    බලන්න යන එකාටවත් හරි සූට් එකක් නැත්තං යන්න නොදෙන උත්තරීතර අහවල් එක වනසනව මේ සක්කිලි ටික ටී ශර්ට් ගහල කෙල හල හල බිම දපල.

    ReplyDelete
    Replies
    1. Indika,

      / රුසියන් පාර්ලිමේන්තුවෙ ජෝඩුවක් අහවල් එක කොරනව කියල හා හෝවක් යනව ජාතියන්තර ගොසිප් මාධ්‍ය වල. /

      ඒකෙ වැරැද්දකුත් නෑ බලාගෙන ගිහාම උං දෙන්න කතාවෙන්ට ඇති " Well. All of them are f***ing here with our lives every day, so why not do it once ourselves "

      / බලන්න යන එකාටවත් හරි සූට් එකක් නැත්තං යන්න නොදෙන උත්තරීතර අහවල් එක වනසනව මේ සක්කිලි ටික ටී ශර්ට් ගහල කෙල හල හල බිම දපල. /

      අම්මාපල්ල මම වැඩ කලානං පාර්ලිමේන්තුවෙ ඔය අපතයින්ට නින්ද ගියාට පස්සෙ මඩ ඌරා ගානෙ බුරිය උඩ තියල පොල්කටුවකින් වහල යනව.

      Delete
  5. අලිබබා එක්ක හොරු එකසිය දාහතරක් ඉන්නව කියලයි ආරංචිය.
    බලපං රවි අයියේ උඹ ශාස්ත්‍රීය විදියටත් යන්න කිව්ව, පීචං විදියටත් කිව්ව, මේ යකා යන්නෙම නෑ නෙව. පුකට පයිං දෙකක් දීල යවනකං ඉන්නවද දන්නෑ.

    ඒක නෙවේ සීන් එක. මේ දවස්වල කියන මේ පලිගැනීම් කතාව ඇහෙනකොට ෆොන්සේක මහත්තයට පශ්චාත්භාගය පාලනය කරගන්න බැහැලු. ඉස්සර මතක් වෙලා.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / බලපං රවි අයියේ උඹ ශාස්ත්‍රීය විදියටත් යන්න කිව්ව, පීචං විදියටත් කිව්ව, මේ යකා යන්නෙම නෑ නෙව. පුකට පයිං දෙකක් දීල යවනකං ඉන්නවද දන්නෑ. /

      ඒකනෙ බං මට තේරෙන්නෙ නෑ ආය කොහොම කියන්නද කියල...:)

      / ඒක නෙවේ සීන් එක. මේ දවස්වල කියන මේ පලිගැනීම් කතාව ඇහෙනකොට ෆොන්සේක මහත්තයට පශ්චාත්භාගය පාලනය කරගන්න බැහැලු. ඉස්සර මතක් වෙලා. /

      ඒකනෙ බං... පළිගැනීම්...කෙහෙල්මල් පළිගැනීම්...අපේ ෆීල්ඩ් මාර්ෂල් තුමාට බාර දෙන්න තිබ්බෙ මරායි ගොට්ටයි පලිගැනීම කියන්නෙ මොකක්ද කියල හරියටම කියල දෙන්ට.

      Delete
  6. උඹ කොහෙන් හොයාගෙනද මේ බිලියන ගණන් වල කතා කියන්නේ
    පිට රටක ඉඳගෙන නෙට් එකේ තියෙන බිජ්ජවල් බලල තප්පුලන්නේ නැතුව ඇවිත් අල්ලස් දුෂණ එකේ වැඩ බාර ගනින්කෝ ඔච්චර දේවල් දන්නවනම්
    උන් දන්නෙත් නැහැ උඹ මේ කියන ගණන් මිනුම්

    පරීක්ෂණ පවත්වන්න ලොක්කට එන්න කිව්වේ මොකටද කියලවත් උඹ දන්නේ නැද්ද
    තිස්සයට ඇමතිකමක් දුන්නේ කොහොමද කියල අහන්නලු, එහෙම ප්‍රශ්න කරනවානම් අර දැන් ඉන්න පොන්න සිරිසේනවත් ගෙන්න ඕනේ රනිලට අගමැතිකම් දුන්න එකට.
    උඹලට මරිමෝඩ UNP හුකන්නලයි යහපාලනේට කඩේ යන ඔක්කොම හොරු වංචා කාරයෝ ටික හොඳයි, මහින්ද වංචා කරකර හරි හදපු දේවල් උන්ගේ නම් දාගෙන විවෘත කරන්න හොඳයි, මහින්දය විතරක් වැරදියි
    දන්න පයියක් කතා කරපන්, රනිල සිරිසේන වගේ පොන්නයින්ට පුක දෙන්නේ නැතුව
    උන් ආපු ගමන් කරපු හොරකං උඹේ ඇස්දෙකට පේන්නේ නැද්ද, ඒවාට හෙණ ගහලද
    තොපි වගේ මජරයෝ නිසා මේ පාර මිනිස්සුන්ට අවුරුදුත් නැහැ, ආපහු ජන්දයක් ආපු ගමන් බලා ගනින් වෙන දේ
    යහපාලානේ කියන නමේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ, යහපාලානේ ගේන්න ආපහු හොරු අතෙයි වැරැද්ද තියෙන්නේ
    උඹලත් කොහේ හරි රටකට වෙලා පුටු රත් කරකර කෙප්ප කෙලපන්
    දන්න මගුල් ටික ලියාගෙන හිටපං පව් දෙන්නේ නැතුව
    යහපාලානේට කඩේ යන ඔක්කොම වගේ කාලකන්නි හැත්ත කඩේ යන්නේ පිටරටවල් වල ඉඳගෙන. ලංකාවේ ඉඳල කඩේ යන්නේ කීයෙන් කී දෙනාද. උන් යන්නෙත් සල්ලි වලට
    තොපි කැමති නැහැ මේ රට දියුණු වෙනවට, තොපිට ඕනේ උනේ රටට කෙලවන්න
    දැන් ඒක ගොඩක් දුරට හරි, ඒ නිසා දැන්වත් හිටපල්ලා පුක දෙන්නේ නැතුව

    ReplyDelete
    Replies
    1. නිර්නාමික,

      / උඹ කොහෙන් හොයාගෙනද මේ බිලියන ගණන් වල කතා කියන්නේ පිට රටක ඉඳගෙන නෙට් එකේ තියෙන බිජ්ජවල් බලල තප්පුලන්නේ නැතුව ඇවිත් අල්ලස් දුෂණ එකේ වැඩ බාර ගනින්කෝ ඔච්චර දේවල් දන්නවනම් උන් දන්නෙත් නැහැ උඹ මේ කියන ගණන් මිනුම් /

      ලොක්ක හතරවරං ගැහිල්ල පටංගත්තෙ හෙල්පිං හම්බන්තොට සීන් එකෙන් . සුනාමි ආධාර වලින් ...හෙහ්,හෙහ්, සරත් සිල්වා ගොයිය මේ ඊයෙ පෙරෙයිද කෙලිම්ම කිව්ව මහින්ද හිරේ නොයා බේරගත්තෙ එයයි කියල.

      තව ඕන තරං තියනව තොරතුරු.....එකක් විතරක් දාන්නං.

      අනික ඔය ඔක්කොම බොරුනං ඔබතුමා / තුමී,.... මොකෝ ඔය හැටි ෆයර් වෙලා? සත්‍යය මේව ජයතේ කියල එකසිය අට පාරක් අහල ගං හතකට ඇහෙන්ට හයියෙං කෑගහල ඉටුදෙවියන්ට පිං දීල නිදාගන්ට....

      / පරීක්ෂණ පවත්වන්න ලොක්කට එන්න කිව්වේ මොකටද කියලවත් උඹ දන්නේ නැද්ද? තිස්සයට ඇමතිකමක් දුන්නේ කොහොමද කියල අහන්නලු, එහෙම ප්‍රශ්න කරනවානම් අර දැන් ඉන්න පොන්න සිරිසේනවත් ගෙන්න ඕනේ රනිලට අගමැතිකම් දුන්න එකට. /

      මරාට අල්ලස් කොමිසමට එන්න කිව්වෙ මොකටද කියල නොදන්නෙ මම නෙවෙයි ඔබයි. මැතිවරණයක් ප්‍රකාශයට පත්කලාට පස්සෙ රජයේ කිසිම තනතුරක් ප්‍රදානය කිරීම නීතියට පටහැනියි.අර හොර ගිවිසුම් කාරයා තිස්සව සෞඛ්‍යය ඇමති කලේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කලාට පස්සෙ.ඒක පැහැදිලිව අල්ලස් දීමක්. මැතිවරණ දූෂණයක්. ඒ ගැන අහන්ටයි මරාස්ට එන්න කියල තියෙන්නෙ. දැන් පැහැදිලියිද? සිරිසේන රනිල්ව පත් කලේ ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කලාට පස්සෙ. එතකොට ඒ පත්කිරීමයි තිස්ස පත්කිරීමයි සමාන වෙන්නෙ කොහොමද කියල මට කියනවද කරුණාකරලා?

      / මහින්ද වංචා කරකර හරි හදපු දේවල් උන්ගේ නම් දාගෙන විවෘත කරන්න හොඳයි, මහින්දය විතරක් වැරදියි /

      අන්න බොහොම හොඳයි..මහින්ද වංචා කර කර හරි..... ඒ කියන්නෙ මහින්ද හොරා කියල ඔහෙත් පිළිගන්නව..ස්තූතියි. හැබැයි අප්පයි පුතයි නං පොළවෙ පස් කනව අපේ පවුලෙ කිසිකෙනෙක් මහජන මුදල් සතයක්වත් කවදාවත් වංචා කලේ නෑ කියල...

      ඊළඟට මරා ඔය කරපු එකක්වත් කලේ මැදමුලන පොල්වත්තෙං එන ආදායමෙංවත් කාල්ටන් එක පිටිපස්සෙ කුරහං වවල ඒ ආදායමෙන් වත් නෙවෙයි. මේ රටේ මහජනයා තව අවුරුදු ගානක් ගෙවන්න ඕන ඔය ගත්තු ණය පොලියත් එක්ක. ඔහෙත් මාත් ඇතුලුව. මහජන මුදලින් රජයක් විසින් කරපු ව්‍යාපෘතියක් විවෘත කරන්නෙ ඒ රජයේ තනතුරක් දරණ පුද්ගලයෙක්. ඒ අනුව මරා පටන් ගත්තට ඒ වැඩ ඉවර වෙනකොට හිටිය කවුරුහරි ඇමති ඒක විවෘත කලා. එච්චරයි.

      / උන් ආපු ගමන් කරපු හොරකං උඹේ ඇස්දෙකට පේන්නේ නැද්ද, ඒවාට හෙණ ගහලද /

      හරි හරි එව්ව ගැනත් අපි කතා කරමු..නෝ ප්‍රොබ්ලම්..ඒත් කෝ ඒ ගැන කතාකරන්ට ඉඩ නොදෙන්නෙත් අපේ මරා ලොක්කමනෙ. අර මම කලිනුත් කිව්ව වගෙ උණු වතුර ටිකක් නාලකාරිය හවහට හවහට කුරක්කං රොටි කෑල්ලක් හපල ගල් කාලක් ගසල කාල්ටන් එකේ සනීප පුටුවට වෙලා දෙයියනේ කියල අපිට වද නොදී ඉන්නවනං අපි කතා කරන්නං මේ ආණ්ඩුවෙ වැරදි ගැනත්. ඒත් ඒකට කෝ ඉඩක් දෙන්නෙ නෑනෙ අපිට..ඔන්න අපේ එහෙම නෙවෙයි..ඔහෙලගෙ මරාගෙමයි වැරැද්ද..හරිය?

      / තොපි වගේ මජරයෝ නිසා මේ පාර මිනිස්සුන්ට අවුරුදුත් නැහැ, ආපහු ජන්දයක් ආපු ගමන් බලා ගනින් වෙන දේ...යහපාලානේ කියන නමේ නෙමෙයි වැරැද්ද තියෙන්නේ, යහපාලානේ ගේන්න ආපහු හොරු අතෙයි වැරැද්ද තියෙන්නේ....උඹලත් කොහේ හරි රටකට වෙලා පුටු රත් කරකර කෙප්ප කෙලපන්.....දන්න මගුල් ටික ලියාගෙන හිටපං පව් දෙන්නේ නැතුව....යහපාලානේට කඩේ යන ඔක්කොම වගේ කාලකන්නි හැත්ත කඩේ යන්නේ පිටරටවල් වල ඉඳගෙන. ලංකාවේ ඉඳල කඩේ යන්නේ කීයෙන් කී දෙනාද. උන් යන්නෙත් සල්ලි වලට......තොපි කැමති නැහැ මේ රට දියුණු වෙනවට, තොපිට ඕනේ උනේ රටට කෙලවන්න...දැන් ඒක ගොඩක් දුරට හරි, ඒ නිසා දැන්වත් හිටපල්ලා පුක දෙන්නේ නැතුව /

      ඔබගේ විවිධ හිතළු, උපකල්පන සහ කිසිදු පදනමක් නැති වාගාලාප රැසක් පමණක් බැවින් පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් පැන නොනඟින බැව් මගේ හැඟීමයි. මවෙත ලබාදී ඇති උපදෙස්වලට මගේ බලවත් ස්තූතිය පමණක් පළකිරීමට මේ අවස්ථාව කොට ගනිමි.

      Delete
    2. //උඹලත් කොහේ හරි රටකට වෙලා පුටු රත් කරකර කෙප්ප කෙලපන්//

      //තොපි කැමති නැහැ මේ රට දියුණු වෙනවට, තොපිට ඕනේ උනේ රටට කෙලවන්න//

      මටත් අදාල නිසා, මෙන්න මේකට උත්තරයක් දෙන්න බලා උන්නෙ රවි යමක් කියනකල්.

      ඇනෝ සබඳ, ඔය හොරකං කරල හරි වැඩ කොරන්න කියල ඔබ කියන ගත්තු ණය ගෙවන්නෙ බොලා ආන්ඩුවෙ පින් පඩි කකා අපෙන් හූරගන්න බදුවලින් නෙමෙයි, ඒව ගෙවන්නෙ ලංකාවෙ නොදන්න කෙල්ලො ජංගි මහන සල්ලියි, දෙමළ ගෑණු තේ දලු කඩල හොයන සල්ලියි වලට අමතරව මේන් මේ අපි වගේ මැද පෙරදිග ඉඳල හම්බු කොරල අම්මට සිරි ලංකාවෙ බැංකු ගිණුම්වලට එවන සල්ලි වලිනුයි . ආන් ඒ හින්ද බොලාට වඩා කැක්කුමක්, රුදාවක් අපේ පුකට ඇතිවෙනව, මුන් මෙහෙම හොරා කනකොට. තෙරුණෙයි?

      //තොපි වගේ මජරයෝ නිසා මේ පාර මිනිස්සුන්ට අවුරුදුත් නැහැ, ආපහු ජන්දයක් ආපු ගමන් බලා ගනින් වෙන දේ//

      ඒ උනාට මහ උන්දැ කියන්නෙ අපි පළි ගන්නෙ නෑ හාන්දුරුවනේ කියල නේද...?

      Delete
    3. [අන්න බොහොම හොඳයි..මහින්ද වංචා කර කර හරි..... ඒ කියන්නෙ මහින්ද හොරා කියල ඔහෙත් පිළිගන්නව..ස්තූතියි. ]

      මෙන්න වලිගෙ පාගගෙන. උඹලනේ බං කියන්නේ මහින්ද කලේ එහෙමයි කියල, එහෙම කිය කියා ලැජ්ජ නැතුව තමුන්ගේ නම් ගම් ගහගෙන කරන ලැජ්ජ නැති වැඩේ ගැන හිතපන්.
      ඇමති විවෘත කරන්නේ කරපු එකාගේ නම් මකලනේ, ඒ වෙනුවට අර පොරෝ සිරාගේ නම දානවා, ලැජ්ජයි

      [මැතිවරණයක් ප්‍රකාශයට පත්කලාට පස්සෙ රජයේ කිසිම තනතුරක් ප්‍රදානය කිරීම නීතියට පටහැනියි.]

      කොහෙද එහෙම එකක් තියෙන්නේ. රජයේ සාමාන්‍ය තනතුරු වලට ඒ ගැටලුව තිබුනත් මේ සිද්ධියට ඒක අදාළ වෙන්නෙ නැති බව මේ යන නාඩගමෙන් පස්සේ ඔහේල දැන ගනියි.

      [ඇනෝ සබඳ, ඔය හොරකං කරල හරි වැඩ කොරන්න කියල ඔබ කියන ගත්තු ණය ගෙවන්නෙ බොලා ආන්ඩුවෙ පින් පඩි කකා අපෙන් හූරගන්න බදුවලින් නෙමෙයි]

      ලංකාවේ ඉගෙන ගෙන රට ගිහින් හම්බු කරන එව්වෝ ඒ සල්ලි බහුතරයක් ලංකාවට එවනවද. උඹ දන්න බම්බුව.
      උඹල ගෙදරට මාසෙකට එවන සොච්චඑන වක්‍රව ආණ්ඩුවට ලැබෙන බදු වලට වඩා අපි ලංකාවේ ඉඳගෙන ආණ්ඩුවට බදු ගෙවනවා. ඒක දැන ගනින්.
      උඹල එවන සල්ලිය වගේ දහ දොළොස් ගුණයක් ඉගෙන නොගත්තු ගෑණු ලංකාවට එවනවා, ඒක ඇත්ත. ඒත් උන්ට බොරු යහපාලන කැසිල්ලක් නැහැ.

      උඹල ලංකාවට සල්ලි එව්වා කියල කොහෙද බං උඹලගෙන් ටැක්ස් ගහන්නේ, කෙප්ප කෙලින්න එපා
      NRFC එකට සල්ලි දැම්මත් උඹලට වැඩි පොලියක් ගෙවනවා මිසක් උඹලගෙන් ටැක්ස් ගහන්නේ කවුද.

      උඹ දැන ගනින් මම ආණ්ඩුවෙන් පිංපඩි ගන්නේ නැහැ, ආණ්ඩුවට ටැක්ස් ගෙවනවා, vat, svat, වරිපනම් ගෙවනවා. ඉපයීම මත බදු ගෙවනවා
      ණයක් ගත්තත් උඹල ඔය රටවල් වලින් ගන්නවා වගේ නෙමෙයි අපිට මෙහෙන් ණයක් ගත්තත් ගන්න වෙන්නේ 15% ක විතර පොලියකට, එක කාලෙක ඒක 20% පැනල තිබුනා
      ඒ පොළිය හරහාත් ආණ්ඩුවට ලොකු අදායමක් යනවා.
      ලීස් එකක් ගත්තත් එහෙමයි. ඒ හැම එකකින්ම ආණ්ඩුව අපෙන් සල්ලි ගන්නවා
      අපි මෙහෙ ඉඳගෙන හුස්ම ගන්න ටිකට ඇරෙන්න අනිත් සියල්ලටම බදු ගෙවනවා.
      ඒ නිසා උඹලට වඩා අපිට ඒවා ගැන කැක්කුමක් තියෙනවා.
      ඒ කැක්කුම නිසා තමයි අර කාලකන්නි ටික එකතුවෙලා කරපු මැදින් නැති වෙච්ච බිලියන ගාන ගැන අපිට දුක
      8% පොලියට නයට දීලා 12.5% පොලියට උගෙන්ම ණය ගන්නවා. ඒවා කතා නොකර ඉන්නේ උඹල හෙළුවෙන්ද ඉන්නේ.
      ඒ අතින් බැලුවම මාතලන් හොඳයි, ඌ ඒ වගේ වැරදි හරි දකිනවා

      උඹල ණයක් ගත්තත් ඒකෙ පොලිය ගෙවන්නෙත් ඔය ඉන්න රටවල් වලට. ක්‍රෙඩිට් කාඩ් වල පොලිය ගෙවන්නෙත් ඔය රටවල් වලට

      අපි මෙහේ පට්ට ටැක්ස් ගෙවාගෙන ගන්න බෝතල්, සිගරැට් වලින් ලොකු ටැක්ස් එකක් යන්නේ ලංකාවේ ආණ්ඩුවට
      උඹල කන බොන දේවලින්, බෝතලෙන් පවා ටැක්ස් ගෙවන්නේ ඔය රටවල් වලට

      උඹල මාසෙකට ලංකාවට එවන සල්ලියෙන් මොනවද ලංකාවට ලැබෙන ටැක්ස්, ලංකාවේ ඉන්න අනිත් මිනිස්සු වගේම ගෙදරට දොරට බඩු මුට්ටු ගනිද්දී මුළු ලංකාවේම ඉන්න අනිත් මිනිස්සු ගෙවන කොමන් ටැක්ස් ටික විතරයි නේද

      [ඒ උනාට මහ උන්දැ කියන්නෙ අපි පළි ගන්නෙ නෑ හාන්දුරුවනේ කියල නේද...?]

      පළි ගැනීම නෙමෙයි චුටි, මේ බොරු යහපාලනේ ගෙදර යවන හැටි බලා ගන්න ඊළඟ ජන්දෙදි

      Delete
    4. //පළි ගැනීම නෙමෙයි චුටි, මේ බොරු යහපාලනේ ගෙදර යවන හැටි බලා ගන්න ඊළඟ ජන්දෙදි//

      අප්පච්චි මැරිලා ඉවරයි,ඊලග ජන්දේන් පස්සේ තමයි පෙට්ටියට ඇණ ගහලා පස් දාන්නේ.

      Delete
    5. නිර්නාමික,

      / කොහෙද එහෙම එකක් තියෙන්නේ. රජයේ සාමාන්‍ය තනතුරු වලට ඒ ගැටලුව තිබුනත් මේ සිද්ධියට ඒක අදාළ වෙන්නෙ නැති බව මේ යන නාඩගමෙන් පස්සේ ඔහේල දැන ගනියි. /

      ඉතින් ගරු මහත්මයා මට මේ ටික කියන්නකො. හරි ඇමතිකම් ප්‍රදානය කරන්නට ඒ රෙගුලාසි බලපාන්නෙ නැත්නම් ඒ කියන්නෙ මරා කිසිම වරදක් කරල නෑ..එහෙමනෙ නේද? ඕකේ හරි..ඉතිං ඇයි අප්පේ මේ බල්ලගෙ පුකට පැට්‍රෝල් ගැහුව මදිවට ගිනිකූරකුත් පත්තුකරල තිබ්බ වගේ එහෙ මෙහෙ දුවන්නෙ කට්ටියම මරු විකල්ලෙං..අරහෙ පාර්ලිමේන්තුවෙ බඩ තඩි උඩ දාගෙන බුදියනව. මිනිස්සුන්ට කීය කීය හරි දීල බස් පිටින් ගෙන්නල උද්ගෝසන කරවනව. ඔය ජෝගි මොකවත් නටන්ඩ ඕන නෑනෙ. ඇනෝ මහත්තය ඊළඟ ඡන්දෙන් පස්සෙ ඔය නීලකාස හොර නඩේ කරන්ඩ යන්නෙ මොකක්ද කියල බොහොම සහසුද්දෙන් දන්නව වගෙ කතාකරන නිසා ඔබතුමාත් ඒ නඩේ බුහුද්දි මන්ඩලේ සාමාජිකයෙක්ය කියල හිතල පොඩි කාරනයක් කියන්ටද?

      මේක ඔහෙලගෙ මරාට හම්බවුනු ස්වර්ණමය අවස්තාවක්නෙ. කෙලිම්ම යනව 24 වෙනිදට අල්ලස් කොමිසමට. ඊට කලින් බුරුසුව එහෙම ඩයි කරල තෙල් ගාල කරකෝල..එව්ව කරගන්ට මතක ඇතුව..කරේ කුරහං සාලුවත් පටල ගන්නව. ඒකරල ගිහිල්ල කෙලිම්ම කතාකරනව කොමිසමේ ඩී.ජී.ට. ජනාධිපති බලතල අනුව මම කලේ සම්පූර්ණ නීත්‍යානුකූල ක්‍රියාවක් කියල ව්‍යාවස්ථාව හෝ ඒ නීතිය තියෙන අදාල පොත පෙන්නලම කියල දෙනව. ඒ කරල වහාම සමාව ගනිං මගෙං නැත්තං නඩු දානව කියල තර්ජනය කරනව.ඊට පස්සෙ ලෝඩ් පකීර් වගෙ එනව අල්ලස් කොමිසමෙන් එලියට. නඟිනව කොමිසම ඉස්සරහ තියෙන අලිපේර ගහේ පාතම අත්තට. මෝඩවංසට කියනව ඒ ලඟම පේව්මන්ට් එකේ ලොතරැයි විකුණන මනුස්සය කරේ එල්ලගෙන කෑගහන මෙගෆෝන් එක සුට්ටකට ඉල්ලං එන්ට කියල. ඒකත් කරේ දාගෙන පවත්තනව කතවක් ගහේ අලිපේර ගැට එකක් නෑර බිමට වැටෙන්ට.

      කතාව අහල වටේ ඉන්න මිනිස්සු කෑගහනව එක සීරුවට..ජයවේවා!! ජයවේවා!! යයවේවා!! සැමදා ඔබයි අපේ ජනපති!!.. පති!!!... පති!!!

      ගෑණු අඬනව...රෙදි උස්සල කඳුලු පිහිනව...ඉහේ උකුණො බිමට පනිනව. බිංකුණ්ඩො දඟර ගැහෙනව. ඌරු මීයො ගුල් වලින් එබිල බලනව.

      ෂහෝදරවුරුනි..මමයි ෂැමදා ෂිංහල බහුද්ධ ඔබගේ ජනපටි!!!

      ජයවේවා !!! ජයවේවා!!! ජයවේවා!!

      අන්න එහෙමනෙ මහත්මයා Public Relations Promotions කරන්නෙ. හෙහ්,හෙහ්, ..එතුමා මොනව වුනත් යුද්දෙ නතර කලානෙ ඒ නිසා සත පහක් මට එපා උපදෙස් වලට .උපදෙස් නොමිලේ....අපි එහෙමයි හරිය? අපිත් ඇවිල්ල දේසප්පෙරේමී කස්ටිය..තේරුණාය?

      Delete
    6. මනෝ විකාර,
      පෙට්ටිය කිව්වේ චන්ද්‍රිකාගේ ද
      ඒකට පස් දානවනම් පස් මගේ ගානේ, හැබැයි දාන්න ඕනේ ඒ කුණු ගොඩේ දැන් බැහැගෙන ඉන්න උඹලා. අපි ඔය කුණු ගොඩට කිට්ටු වෙන්නෙවත් නැහැ.
      ඒකට අපමණ අගය උඹලම ලබා දීපල්ලා

      එදා වේල හම්බුකරගෙන කන මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා වරෙන්
      නෙට් එකෙන් බ්ලොග් එකෙන් ලෝකේ බලන්න හදන්නේ නැතුව
      පෙට්‍රල් ඩීසල් ගාන අඩුවුණා කියල පොඩි මිනිහට වෙච්ච මහලොකු සෙතක් නැහැ
      හයර් එකක් යන්න ගියත් කලින් තිබ්බ ගානමයි, බස් ගාස්තු අඩු වෙච්ච එකෙන් දවසට ලාබෙ රුපියලයි දෙකයි
      උන් ඒකත් ඕනෙනම් උඹට දෙයි පස්ස පැත්තේ ගහ ගන්න
      අනිත් ගොඩක් බඩු කියන්නේ නැතුවම වැඩි කරලා. අරක්කු බියර් හොරෙන්ම වැඩි කරලා. කිසිම මිල පාලනයක් නැහැ.
      කොත්තමල්ලි කහ උඳු වලට ඊළඟ ජන්දේ දිනයි කියල උඹල හිතනවානම් ජන්ද ප්‍රතිපල අහන්න කලින් ගමේ බයියෙකුට කියල ගෙන්න ගත්ත වෙනිවැල් ගැට කෑල්ලක් එක්ක කොත්තමල්ලි ටිකක් තම්බල තියා ගනින්.
      බයියා වෙනිවැල් ගැටේට සල්ලි ගන්න එකක් නැහැ මනුස්ස කමට

      ජන්දෙන් පස්සේ උණ ගැනුනම ඒක බීපන්

      ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

      රවීන්ද්‍රන්,
      [නීලකාස හොර නඩේ කරන්ඩ යන්නෙ මොකක්ද කියල බොහොම සහසුද්දෙන් දන්නව වගෙ කතාකරන නිසා ඔබතුමාත් ඒ නඩේ බුහුද්දි මන්ඩලේ සාමාජිකයෙක්ය කියල හිතල පොඩි කාරනයක් කියන්ටද?]

      ඈ ගොයියෝ, මහින්දගේ සෙට් එක නීලකාස හොරුනම් දැන් ඉන්න අපතයෝ "කොලකාස" හොරුද
      උන් හොරකං කරන්නේ ඇඟට පතට නොදැනී, බෑන්ක් සෙක්ටර් එකේ ඉන්න උන් මහින්දලට බනිනවා මුන් මෙච්චර කාලයක් ඉඳල කරගන්න බැරි වෙච්චි එක උඹලගේ කොලකාස හොරු එක රැයකින් කොර ගත්ත කියලා
      නරකද නිකම්ම ඉඳල බිලියන තිහ හතළිහකට කෙලවලා දැම්මම

      [මේක ඔහෙලගෙ මරාට හම්බවුනු ස්වර්ණමය අවස්තාවක්නෙ. කෙලිම්ම යනව 24 වෙනිදට අල්ලස් කොමිසමට. ඊට කලින් බුරුසුව එහෙම ඩයි කරල තෙල් ගාල කරකෝල..එව්ව කරගන්ට මතක ඇතුව..කරේ කුරහං සාලුවත් පටල ගන්නව. ]

      දැන් තත්වේ දන්නවනේ, 24 වෙනිදා මැදමුලන යන සැට් එකට මතක ඇතුව ෂුගර් වැඩි උන්ව යවන්න එපා. එහේ ගිහින් කෝපි බොන්න තියෙනවනේ.
      සමහර විට එහෙ ගිහින් ආපහු එලියට ආවට පස්සේ උවමනා වූනොත් කියල තෙල් පොඩ්ඩක් එහෙම අරගෙන යන්නත් කියහන්.
      අල්ලස් එකේ උන්දල වැඩේ අනාගෙන ආවට පස්සේ ඒ තෙල් ටික එහෙම ගාල යහපාලන ගොයියෝ ටිකට ඇහැකි පස්සේ කොරන සෙල්ලම කරගන්න

      [නඟිනව කොමිසම ඉස්සරහ තියෙන අලිපේර ගහේ පාතම අත්තට.]
      අලිපේර ගස් වල බඩගාන්න දෙයක් නැහැ මෙයා, ඔහෙලගෙ ජහ පාලනේ ඉන්නේ තාම විපක්සෙ. උන් ඔක්කොම මිඩියා කාරයෝ ටිකත් එදාට එහෙ යවයි අල්ලස් කොමිසමේ උන් එක්කම.

      [ගෑණු අඬනව...රෙදි උස්සල කඳුලු පිහිනව...ඉහේ උකුණො බිමට පනිනව. බිංකුණ්ඩො දඟර ගැහෙනව. ඌරු මීයො ගුල් වලින් එබිල බලනව.]
      එදාට ඔහේල වගේ ඌරු මීයන්ට ගුල් වලින් ඔළුව එලියට දාල ඒ කතා ටික අහගන්න ඇහැක් වේවි TV වලිනුයි, නෙට් එකෙනුයි, හොඳේ.
      සමහර විට ටික දොහකින් බිංකුණ්ඩො වගේ දඟර ගැහෙන්න චාන්ස් එකක් ලැබෙන්නත් බැරි නැහැ
      එහෙනම් අපි ගියා කිව්වා, ජයි හේ

      Delete
  7. මෙහෙමත් විගඩම්,
    මහින්දට අල්ලස් එක මගහැරලා යන්න දෙන්න හොඳ නැහැ.පපුවට ගගහා කෑගැහුවේ විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා.
    වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින්න තියෙන්නේ.19 යට යවන්න මුන් මේ දගලන්නේ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      / විදුලි පුටුවේ වුනත් ඉන්නවා කියලා ප්‍රකාශයක් දෙන්න එන්ට කිව්වාම පිස්සු බල්ලෙක් වගේ දගලනවා. /

      මරා විදුලි පුටුවට බය නෑ බං..උඹ දන්නවද රුසියාවෙ සාර් රජ කාලෙ හිටිය රස්පුටින්ට තුන් හතර පාරක් වහ දීලත් මරන්ට බැරිවුනාලු. එහෙම වුනේ රස්පා ඔය සීන් එක දැනගෙන ටික ටික වහ කාල පුරුදුවෙලා හිටපු නිසා කියලයි කියන්නෙ. මරා ගොයියත් ඔය විදුලි පුටු කේස් එක හින්දම දැන් අවුරුදු තුන හතරක් පුකට කරන්ට් වද්දගෙන පුරුදු වුනාලු. අතේ බැටරි පැක් එකක් තියාගෙන ඒකෙ දෙපැත්තට වයර් දෙකක් අමුණල ඔය නිකං කාල්ටන් එකේ අරලිය ගහ මන්දිරේ ඉන්න ගමං පුකට අල්ලල කරන්ට් වද්දගන්නව. අන්න එහෙමයි වැඩේ ගිහිල්ල තියෙන්නෙ. ඒ නිසා පොර විදුලි පුටුවලට කිසිම බයක් නෑ. ඒත් කොමිසමට ගෙනල්ල ප්‍රශ්න කිරිල්ල වෙනම කේස් එකක්නෙ. පොරගෙ බොක්ක රත්වුනා ඒක ඇහුවම..අන්න ඒකයි මෙතන වුනේ..යූ අන්ඩර්ස්කර්ට් මනෝජ්? හෙහ්,හෙහ්,

      PS - ඔය කරන්ට් අල්ල ගෙන පුරුදු වෙච්ච සීන් එකත් මරු කතාව. ඉඳහන් ආයම වෙලාවක ඒක ලියන්නං

      Delete
    2. ඔය සාර් උන්නැහේට දුන්නැයි කියන්නේ කේක් එකට දාලා සයනයිඩ්නේ.ඒ සයනයිඩ් කේක් එක බේක් කරනකොට වාෂ්ප වෙලා යන්නැති කියලාත් කියනවා නේද රවීයියේ.
      අනිත් එක සයනයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ ලේත් එක්ක නේද?එක නේ සයනයිඩ් කරලා හපලා කන්නේ ගිලින්නේ නැතුව.

      පුකට කරන්ට් ඇල්ලීමේ කතා වස්තුව ලියහන්කෝ රවීයියේ එහෙනම් අපේ මරා පහන් සංවේගය උදෙසා.

      Delete
    3. මනෝජ්,

      / ඔය සාර් උන්නැහේට දුන්නැයි කියන්නේ කේක් එකට දාලා සයනයිඩ්නේ.ඒ සයනයිඩ් කේක් එක බේක් කරනකොට වාෂ්ප වෙලා යන්නැති කියලාත් කියනවා නේද රවීයියේ. /

      සාර් නෙවෙයි මල්ලි රස්පුටින්...අපේ නව යොවුන් යුගයේ ප්‍රියතම සංගීත කණ්ඩායමක් වූ බොනී එම් රස්පුටින් ගැන ගයන ගීයක් මේ...

      ඒ සයනයිඩ් වාෂ්ප වෙලා යන කතාව මම අහල තිබුනෙ නෑ. සමහරවිට ඇත්තකුත් ඇති..

      / අනිත් එක සයනයිඩ් ප්‍රතික්‍රියා කරන්නේ ලේත් එක්ක නේද?එක නේ සයනයිඩ් කරලා හපලා කන්නේ ගිලින්නේ නැතුව./

      ඒත් බං හපල කෑවත් ලේ එක්ක මිශ්‍ර වෙන්නෙ නෑ නේද?

      / පුකට කරන්ට් ඇල්ලීමේ කතා වස්තුව ලියහන්කෝ රවීයියේ එහෙනම් අපේ මරා පහන් සංවේගය උදෙසා. /

      යස්.. ඒක ලියන්න තමයි මාත් හිතාගෙන ඉන්නෙ..මරාස් මොනව වුනත් අපේ ජා.බේ. වී. නෙ. එතුමාට උපහාර පිණිස සහ ඒ වගේම අනාගත පරපුර එතුමාගෙ සූර වීර ක්‍රියාකාරකම් පිලිබඳ දැනුවත්වීම උදෙසා ඒ කතාව ලියන්ට ඕමනයි. " ජාතිය උදෙසා තම පශ්චාත්භාගය විද්‍යුත් විතක්ෂණය කල ඒ මහා වීරයාගේ අනුවේදනීය කථාව නොහොත් The Great Hero Who Electrocuted His Own Arse In The Name Of The Nation " කොහොමද මාතෘකාව?... ...අති විශිෂ්ඨයි නෙවද? :)

      Delete
    4. යේස් රවීයියා මට වැරදුණා සාර් නෙවෙයි රස්පුටින් තමයි.

      //ඒත් බං හපල කෑවත් ලේ එක්ක මිශ්‍ර වෙන්නෙ නෑ නේද?//
      ඔව් මම එතන කිව්වේ අර ප්‍රභාගේ කට්ටිය හිටං සයනයිඩ් කරලා හපලානේ කෑවේ.ඒ කරල දාලා තියෙන්නේ පොඩි විදුරු කොපුවක් ඇතුලේ.එක හපලා කනකොට විදුරු වලට කැපිලා ලේ එනවා නොව.

      මේ තියෙන්නේ රවීයියේ රස්පුටින් ගැන අපේ සෙන්නා ලිව්වා එකක්

      //කොහොමද මාතෘකාව?... ...අති විශිෂ්ඨයි නෙවද//
      අති විශිෂ්ඨයි සෑර්.

      Delete
  8. මොකක්ද බං නීලාකාස කියන වචනෙ තේරුම?


    ReplyDelete
    Replies
    1. හැලප,

      නීලාකාස නෙවෙයි බොල නීලකාස... නීලකාස,

      නීලාකාස කියන්නෙ නං නිල් අහස කියන එකනෙ. ඔය නීලකාස කියන්නෙත් මයෙ ගරු කටයුතු මිත්තණියගෙ වචනයක්.

      " පොඩි දුවේ..මට නං ඔන්න ඒ මිනිහ අවිස්වාසයි, දැක්කද ඇස් දෙකේ හැටි. හරියට මූණක් බලල කතා කලාද? මහ නීලකාස හොරෙක්ද කොහෙද? "

      වත්තෙ පොල් කඩන්ඩ ආපු මිනිහත් එක්ක ගනුදෙනු කතාකරන්ට යන්ට කලින් අපෙ අම්මට පැත්තකට කතාකරල උන්දැ එහෙම කියනව මට මතකයි.

      " අම්මට ඉතිං හැමෝම නීලකාස හොරුනෙ....."

      එහෙම කියල අම්ම කටකොණකිං හිනාවෙනව.

      නීලකාස කියන වචනෙ තේරුම හොයාගන්ට මම බැලුව බං හරිගියේ නෑ. ඔව්ව ඉතිං සුටුස් ගාල අහගන්ට හිටියෙ අපේ කාරියකරවන මහත්තය විතරයිනෙ.
      ඒකත් ඉතිං අද ඉඳල බෑ..:(

      Delete
    2. පොස්ටුවට වැඩිය මේ ටික වටිනවා රවි අයියෙ

      Delete
  9. //ඇත්තම කිව්වොත් මට එහෙම දෙයක් වුනා// මොකක්ද රවී ඒ?

    පුරාවුර්ත වල තියෙන්නේ සේරම බොරුය කියා මා සිතන්නේ නැහැ. මේවා සත්‍යය ඇසුරින්, පසු කාලෙක නිර්මාණය කළ හා නිර්මාණය වුණු කතා කියලයි අපට උපකල්පනය කරන්න පුළුවන්.
    රවී කියවල තියනවා ඇති වන සරණ. මෙහි තිසාහාමි, ගමේ කෙල්ලක වන වල්ලි පැහැරගෙන කැලේට ගිහින් දීග කනවා. ඔහු අවට සමාජයේ හිටපු පිරිස් වලට වඩා වෙනස්. දක්ෂ දඩයක්කරුවෙක්. එයිටත් දක්ෂ ගොවියෙක්. ශක්තිමත් හා වෙනස් අයුරින් සිතු ශූර මිනිසෙක්. ඔහුගේ වැඩිමහල් පුතා සුදු බණ්ඩා නාහෙට අහන්නේ නැති, හිතුවක්කාර, තාත්ත වගේම හැඩිදැඩි තරුණයෙක්. මේ කතාව නුතන මිනිසෙකු වන ස්පිට්ල් නැතුව, වෙන කෙනෙකු ලියුවා නම් කොහොම වේවිද?

    බුදු හාමුදුරුවන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියන මිනිසෙක් කියා සාහිත්‍යය කියනවා. රජගෙදර රජසැප හා සියලු ව්‍යායාම් සමග හැදුන මිනිහෙක්, දුපතුන් ගහණ වීදි දිගේ ඇවිදින විට, ඔවුන්ගෙන් කැපී පෙනීම මහා අරුමයක් නොවේ.

    මේ ලඟදි මා දැක්කා අප විජයගෙන් පැවතෙනවා නම්, අප හින්දි නළු නිළියන් වගේ නැත්තේ ඇයි කියල කවුදෝ ලියා තියනවා. හින්දි නළු-නිළියන් කියන්නේ, සාමාන්‍ය ජනයා නොවේ. බොලිවුඩ් වල සක්සෙස් එකකට එන්න හරිම අමාරු කටයුත්තක්. සාමාන්‍ය උතුරු ඉන්දියානුවෙක් දැකපු කෙනෙක් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ.

    මේ වගේ අතීතය අප තේරුම් ගත යුත්තේ නුතන දැනුම සමගින්. සිංහයෙකුගෙන් මිනිස් පැටවුන් බිහි වන්නට පුලුවන්ද කියා ප්‍රශ්න කිරීම බොළඳ දෙයක් කියා මා සිතනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ කකුල් වල ඇඟිලි එකම දිගට තිබුනේ කොහොමද, සතියක් ඇසිපිය නොගහා සිටියේ කොහොමද වගේ දේවල් බොළඳ ප්‍රශ්න.

    ඕස්ට්‍රේලියානු සමාජ, යුරෝපීය සමාජ වලට වෙනස්ව වඩාත් egalitarian සමාජයක් ලෙස පරිණාමය වීමට එක හේතුවක් ලෙස ඔවුනගේ ආරම්භය හේතුවුන වග කියවෙනවා. එහි ඇත්තක් තිබෙන්න පුළුවන් කියා මෙහි ජිවත් වන විට සිතෙනවා. වසර 1800 ගණන් වල සමහර නගර වල ජනගහනයෙන් භාගයක් හෝ එයිට වැඩි ගණනක් නියෝජනය වුනේ, අපරාධකරුවන් ලෙස මෙහෙට එංගලන්තයෙන් පිටුවහල් කරපු අයගෙන්. මොවුන් කුලීන සමාජය හා ගැටීමේදී සර්වයිව් වුණේ, කණ්ඩායම් හැඟීම නිසා යයි කියවෙනවා. මේ කතා මා ඉඩ ලද විටෙක ලියන්නම්. ක්‍රිමිනල් අතීතය නිසා වර්තමානය පරිණාමය වුණා යයි උපකල්පනය සංකීර්ණ කතාවක් සරල කිරීමක් රවී!

    ReplyDelete
    Replies
    1. රයිගම්,

      //ඇත්තම කිව්වොත් මට එහෙම දෙයක් වුනා// මොකක්ද රවී ඒ? /

      මම අදහස් කලේ අවුරුදු හතලිහකට වැඩි කාලයක් තිස්සේ මම පිළිනොගත්ත දෙයක් මට පිළිගන්නට සිද්ද වුනයි කියල. ඔය අපෙ ආදිතමයා විජය කියන කතාව ගැන මම ඒ කිව්වෙ..:)

      / මේ වගේ අතීතය අප තේරුම් ගත යුත්තේ නුතන දැනුම සමගින්. සිංහයෙකුගෙන් මිනිස් පැටවුන් බිහි වන්නට පුලුවන්ද කියා ප්‍රශ්න කිරීම බොළඳ දෙයක් කියා මා සිතනවා. ඒ වගේම බුදුහාමුදුරුවන්ගේ කකුල් වල ඇඟිලි එකම දිගට තිබුනේ කොහොමද, සතියක් ඇසිපිය නොගහා සිටියේ කොහොමද වගේ දේවල් බොළඳ ප්‍රශ්න. /

      ඔබ හා සම්පූර්ණයෙන්ම එකඟයි රයිගම්, ලෝකෙ සෑම ජාතියකටම පුරාවෘත්ත තියනව. ඔවුන්ගෙ අනන්‍යතාවය රැකිල තියෙන්නෙ ඒ මත. ඒහෙත් බොහෝවිට ඒ පුරාවෘත්ත සත්‍යය සහ ප්‍රබන්ධය අතර සම්මිශ්‍රණයක්. විද්‍යාත්මක පර්යේෂණ වලින් සමහරවිට ඒ පුරාවෘත්ත ස්ථිර වෙනවා. බොහෝවිට ප්‍රබන්ධ කියල ඔප්පු වෙනවා. මම දන්න විදිහට පුරාවිද්‍යාත්මක කැණීම් සහ පර්යේෂණ වලින් සොයාගෙන තියෙන්නෙ, ඒ කියන්නෙ ස්ථිර කරල තියෙන්නෙ පණ්ඩුකාභය රජතුමන්ගේ කාලය දක්වා පමණයි.ඒ කියන්නෙ ඊට පෙර යුගය ගැන අපට තියෙන මූලාශ්‍රය මහාවංශය විතරයි.

      මගේ පළමු රැකියාව වූයේ පුරාවිද්‍යා කැණීම් සහ ගවේෂණයන්හි නිරත රජයේ ආයතනයකට සම්බන්ධව.එහිදී මා හඳුනාගත් එක් විදවතෙක් මාස දෙකකට පමණ ඉහත මියගිය මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතා.සුහද කතාබහකදී ඔහු වරක් පැවසුවා ලංකාවෙ පුරාවිද්‍යා පර්යේෂණ වලට ලොකුම පිටුබලය වගේම ලොකුම බාධාවත් ලිඛිත ඉතිහාසයක් පැවතීමයි කියල. ඔහු අදහස් කලේ මහාවංශය ගැන.

      ලිඛිත ඉතිහාසය බොහෝවිට ලියවෙන්නෙ සෑහෙන කාලෙකට පස්සෙ. ඒ වගේම අද වාගෙ නෙවෙයි එක් රචකයකුගෙ සිතැඟි පරිදියි ඉතිහාසය ලියවෙන්නෙ. ඒත් මහාවංශයෙ සඳහන් වන බොහෝ තොරතුරු සත්‍යය බව මට ප්‍රායෝගිකව වැටහුනා ඒ පුරාවිද්‍යා ව්‍යාපෘතිය හා සම්බන්ධව ගතකල වසරක පමණ කාලයෙදි.අභයගිරියෙහි දියුණු වැසිකිළි සනීපාරක්ෂක පද්ධතියක් සහ සීගිරියෙහි ජල උද්‍යානයෙහි සමමිතික වතුර මල් සංකීර්ණයක් ඒ පුරාවෘත්තවල සඳහන් ස්ථානවලම තිබී සොයාගන්නට හැකිවුනා ඒ දවස්වල.

      / ඕස්ට්‍රේලියානු සමාජ, යුරෝපීය සමාජ වලට වෙනස්ව වඩාත් egalitarian සමාජයක් ලෙස පරිණාමය වීමට එක හේතුවක් ලෙස ඔවුනගේ ආරම්භය හේතුවුන වග කියවෙනවා. එහි ඇත්තක් තිබෙන්න පුළුවන් කියා මෙහි ජිවත් වන විට සිතෙනවා. වසර 1800 ගණන් වල සමහර නගර වල ජනගහනයෙන් භාගයක් හෝ එයිට වැඩි ගණනක් නියෝජනය වුනේ, අපරාධකරුවන් ලෙස මෙහෙට එංගලන්තයෙන් පිටුවහල් කරපු අයගෙන්. මොවුන් කුලීන සමාජය හා ගැටීමේදී සර්වයිව් වුණේ, කණ්ඩායම් හැඟීම නිසා යයි කියවෙනවා. මේ කතා මා ඉඩ ලද විටෙක ලියන්නම්. ක්‍රිමිනල් අතීතය නිසා වර්තමානය පරිණාමය වුණා යයි උපකල්පනය සංකීර්ණ කතාවක් සරල කිරීමක් රවී! /

      1776 වසරේ අමරිකාව නිදහස ලබනතෙක් එංගලන්තයේ සිරකරුවන් යවල තියෙන්නෙ එහාට. ඊට පස්සෙ එහෙම යනව එක වැළැක්වුනු නිසා ඕස්ට්‍රේලියාවට සිරකරුවන් එවල තියනවා.

      හැබැයි මම හිතන්නෙ අමරිකාවට සිරකරුවන් යැවීමෙයි ඕස්ට්‍රේලියාවට යැවීමෙයි අතර පැහැදිලි වෙනසක් තියනව. අමරිකාවට සිරකරුවන් යැව්වෙ ඒ වෙනකොටත් එහෙ ගිහිල්ල පදිංචිවෙලා හිටපු සාමාන්‍ය මිනිසුන්ගේ කුලීකරුවන් හැටියට. ඕස්ට්‍රෙලියාවෙ ඒ වෙනකොට එහෙම Settlers ල කොට්ඨාශයක් හිටියෙ නෑ. ඒ නිසා සිරකරුවන්ටම තමයි පරිපාලනය යනාදී සියලු කටයුතු කරගන්ට වෙලා තියෙන්නෙ.

      ඔබගේ ඒ පිළිබඳව ලියවෙන සටහන් බලාපොරොත්තුවෙන් හිඳිමි ...:)

      Delete
    2. මම අහලා තියෙනවා රවී සහ රයිගම්, ඕස්ට්‍රේලියානුවන්ගේ එක් විනෝදාංශයක් නම් තමන්ගේ මුතුන්මිත්තගේ අපරාධ ඉතිහාසය හොයා බලා සතු‍ටුවීම. මම තේරුම් ගත්ත ආකාරයට නම් ඔවුන් ඒ ගැන කිසිසේත්ම ලැජ්ජා වෙන්නේ නෑ. යම් විදියක අහිංසක වින්දනයක් ලැබූ බවයි මට හිතුනේ.
      'අඩෝ අපේ මී මුත්තා හරක් හොරෙක් හරිද ඩෝ?'
      'පල ඩෝ යන්ඩ. අපේ මී මුත්තා මිනීමරුවෙක්.'

      Delete
    3. @D, i dont think it is the criminality of the forefathers they are proud of. It is their defiance of the superiority complex of the Pommy upper class at the time.You should read comments in cricket blogs during the Ashes :-D
      Also check out legend of Ned Kelly. An enjoyable version is "true history of the kelky gang" by peter carey.
      ( pl note. I have never been down under. So these are my opinions from speaking with ppl and reading.Raigam would know better)

      Delete
    4. @Pra Jay. Thanks Pra. Yeah, let's wait for someone from down under to say something about this.

      Delete
    5. Who would be that "someone" Dude?
      රවී, පරිපාලන කටයුතු කෙරුවේ සිරකරුවන් (මොවුන් සිරකරුවන් වුණේ මහාද්වීපයක තනි වීමෙන්) කියන එක සත්‍යයක් නොවේ.

      ප්‍රා, නෙඩ් කෙලී ගේ "පුරාවුර්ත්ය" ඒ කාලේ පොලෝසිය සහ මෑත කාලයේ නෙඩ් ගැන පළ කෙරුණ"වෙනස්" මත ලියන්නට තිබුණා නම් හොඳයි. මෙය මගේ ප්‍රධාන රැකියාව වුණා නම් ඒ වැඩේ හොඳට කරන්න පුළුවන් කම තිබුණා. :)

      ඕස්ට්‍රේලියාවේ දුපත් මානසිකත්වයක් තියනවා. එයත් ඔය කියන ආරම්භයේ එක ඵලයක් කියා සිතන්න පුළුවන්. විශේෂයෙන් ක්‍රීඩා වලදී ක්‍රීඩකයන් පමණක් නොවේ විස්තර විචාර දිහා පවා සියුම්ව බැලුවොත් එය වැටහෙනවා.

      මිනිස් ශිෂ්ටාචාරය නොනැසී සිටියොත් තව අවුරුදු 1000 කින් ඕස්ට්‍රේලියාව කොයි වගේ වේවිදැයි සිතා ගන්න ඔබට පුළුවන්ද?

      Delete
    6. //වුරුදු 1000 කින් ඕස්ට්‍රේලියාව කොයි වගේ වේවිදැයි සිතා ගන්න ඔබට පුළුවන්ද?

      ඩවුන් අන්ඩර් වැසියෙක් හැටියට මගේ ටිකිරි මොලේට හිතෙන්නේ මේ යන විදිහට ගියොත් බහුතරයට ආසියානු ancestry තියෙන්ට බැරි නෑ කියල ...ආසියානු කිව්වේ දකුණු ආසියානු නෙවි නැගෙනහිර/අග්නිදිග ආසියානු මුලයන් තියෙන අය. ජාතින් මික්ස් වෙලා යුරේසියානු රටක් වෙන්ට පුළුවන් ගොඩක් වෙලාවට.

      මට හිතෙනවා ලංකාවේ අපිත් එහෙම ජාති ගොඩක් මික්ස් වෙලා හැදිලා කියලා. ඉස්සර ලංකාවට ඉන්දියාවෙන් සැහෙන්න migrate කරන්ට ඇති නෙව. ඊටත් ඔය සේද මාවතේ සංදිස්ථානයක් කියල කියන හන්දා ලෝකේ වටෙන්ම චීන, යුරෝපා, අරාබි, අප්‍රිකානු වෙළෙඳ කට්ටිය හෙම එන්ට ඇති. ඔය එන එන අය ඉතිං ඇවිත් නිකම් ඉන්නේ නෑනේ. සමහරු පදිංචි වෙන්ට ඇති. සමහරු කොටුවක් දෙකක් පැනල යන්ට ඇති! දැන් බලාන්ට ලංකාවේ මිනිස්සු න්ගේ හැඩ රුව ලොකු විවිධත්වයක් තියෙනවා නේ. එකම පවුලේ උනත් සමහරු සුදුම සුදුයි - සමහරු කළුම කලුයි - සමහරු තල එළලු යි. මොන්ගලොයිඩ් පෙනුම තියෙන අයත් ඉන්නේ.

      Delete
    7. Raigam,

      / රවී, පරිපාලන කටයුතු කෙරුවේ සිරකරුවන් (මොවුන් සිරකරුවන් වුණේ මහාද්වීපයක තනි වීමෙන්) කියන එක සත්‍යයක් නොවේ. /

      I stand corrected. Thanks

      ඩොන් බ්‍රැඩ්මන්, නීල් හාවේ, රේ ලින්ඩ්වෝල්, කීත් මිලර්, ඉයන් චැපල්, ඩග් වෝල්ටර්ස්, ඩෙනිස් ලිලී.. ඕස්ට්‍රේලියාව කියල රටක් තියනවයි කියල මට මුලින්ම කිව්වෙ ඔවුන්....එතනින් පස්සෙ 1981 අවුරුද්දෙ උපාලි විජේවර්ධන " The Island" පත්තරේ පටන්ගත්තම ඒකෙ කොටස් වශයෙන් පළවුනා Neville Shute නම් ගත්කතුවරයගෙ " A Town Like Alice " නවකථාව. ඒ දවස්වල පත්තරේ ගත්තගමන් මම මුලින්ම කියවන්නෙ ඔය කතාව. ඒකෙ ඇලිස් කියන්නෙ ඕස්ට්‍රේලියාවෙ Northern Territories ප්‍රාන්තයෙ Alice Springs නම් නගරය.ක්‍රිකට් වලට අමතරව ඕස්ට්‍රේලියාව ගැන මගේ උනන්දුව වැඩිකලේ ඒ නවකථාව. නෙවිල් ෂූට්ගෙ අනික් පොතුත් කියවන්ට එදා ඉඳලම මගෙ බොහොම ලොකු ආශාවක් තිබුනත් තවම ඒ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගන්ට ලැබුනෙ නම් නැහැ.

      Delete
    8. Ama,

      / දැන් බලාන්ට ලංකාවේ මිනිස්සු න්ගේ හැඩ රුව ලොකු විවිධත්වයක් තියෙනවා නේ. එකම පවුලේ උනත් සමහරු සුදුම සුදුයි - සමහරු කළුම කලුයි - සමහරු තල එළලු යි. මොන්ගලොයිඩ් පෙනුම තියෙන අයත් ඉන්නේ. /

      ඔළුව ජපන්, කඳ ජර්මන්, කකුල ඉතාලී,
      නහය රබර්, දත් වහල්ල රට අඹ ලෑලී...

      Delete
    9. විජයගෙන් පැවත එනව කියන කතාව නම් අමු කෙප්පයක්. උතුරු ඉන්දියානු නළුවො ගැන කියල තියෙන්නෙ ඒ උදාහරනය සමීප නිසයි.ඔවුන් සෝප් ඔපෙරාවල දකින නිසයි. කිසිම උතුරු ,බටහිර, මධ්‍යම ඉන්දියානු ප්‍රාන්තෙක ජනතාව අපට සමාන නෑ. නැගෙනහිර ඉන්දියානු ප්‍රාන්තවල ඉන්නෙ මොන්ගොලොයිඩ් ජනතාව . දකුණු ඉන්දියානු වන් සමානත් නෑ. හැබැයි කේරළ සහ බටහිර බෙංගාල ජනතාව නම් හුඟක් සමානයි.
      නමුත් බහුතරය මේ රටේ ස්වදේශිකයන්. ස්වදේශිකයන් බෙන්ගාල වගෙ ප්‍රාන්තවලින් ආ ජනයා සමග මිශ්‍රවෙලා තියනව.කේරළ මිශ්‍රනය නම් මෑතක සිදුවෙන්න ඇති.


      නමුත් ඊට අමතරව දස දහස් වාරයක් සුළුවෙන් විදේශිකයන් හා මිශ්‍රවෙලා තියනව. මුහුදුබඩ ප්‍රදේශවල මේක ඉතා පැහැදිලියි.

      80% ක් විතරම මේ රටේ ජනතාව පුරාන යක්ෂ නාග දේව ගෝත්‍රිකයන්ගෙන් පැවත එන බව කිව හැකියි. මේ රාවණා කතාව පිළිගැනීමක් නොවෙයි. රාවණා කියන්නෙත් උතුර් ඉන්දියානු පුරාවෘත්තයක්. ඉතිරි 20 % දෙමළ ,බෙන්ගාල, පෘතුගීසි, චීන, මැලේ ,අරාබි ඔය හැම එකක්ම.

      මගෙ පුද්ගලික මතය නම් මෙහෙම මිශ්‍රවීම හොද දෙයක්ය කියන එක.

      උතුරු ඉන්දියානු සම්භවය නම් පට්ටපල් බොරුවක්. සිංහලයන් අතර1% ක් පමන වූ කෝකසයිඩ් ජාන ආවෙ උතුරු ඉන්දියාවෙන් නෙමේ පරන්ගින් ගෙන්

      Delete
  10. //1. විජය - මංපැහැරීම සහ ද්වේශ සහගතලෙස බිරිඳ සහ දරුවන් අත්හැර දැමීම
    2. සිංහ සීවලී සහ සිංහ බාහු - ව්‍යාභිචාරය
    3. සුප්පාදේවී - තිරිසනකු සමඟ ලිංගිකව හැසිරීම.//

    රවි සිංහබාහුගේ පීතෘඝාතනය මිස් කලේ මොකද?
    ඝාතනය වුනේ නැද්ද ? උගෙ අප්පච්චිත් මැරුණෙ නැද්ද ෆයිට් එක පැරදුනාට? එහෙම නැත්නම් වැලලුවෙ නැද්ද? "ගල්ගුහාව යලි වසා බේරාගන්න සිංහයා නැවත ගෙන එනු" කියල නරි හූ කිව්වද? වල් ඌරො ,කලවැද්දො, නරි,හිකනල්ලු උපවාස කලාද "සිංහයගෙ ( සහ අපෙත් ) වැරදි හොයන්න එපා" කියල?

    ((සැයු. මෙය හුදෙක් මහාවංශය පිලිබඳ රවිගෙන් ප්‍රශ්න කිරීමක් පමණක් බව කරුණාවෙන් සලකන්න.)

    ReplyDelete
    Replies
    1. //උගෙ අප්පච්චිත් මැරුණෙ නැද්ද ෆයිට් එක පැරදුනාට?//
      +++++++++++++++++++++++++++

      Delete
    2. // සිංහබාහුගේ පීතෘඝාතනය මිස් කලේ මොකද?//

      මාත් ආයේ ආවේ ඕක අහන්න බලද්දී මෙයා අහලා. පරම්පරාවම හම්මේ ඉතින් නේ

      Delete
    3. Pra,

      / රවි සිංහබාහුගේ පීතෘඝාතනය මිස් කලේ මොකද? /

      මම ඒක අතඇරියෙ ප්‍රා සිංහබාහුට එහෙම නොකර බැරිවුනාය කියන උපකල්පනය මත පිහිටල. සිංහය ඇවිල්ල ගම්බිම් විනාස කරනකොට නොමරා බැරිඋනයි කියල හිතල මම එතන ලයන්බාට පොඩි ඇම්නෙස්ටි එකක් දුන්න පීතෘඝාතක වරදට.

      ගල්ලෙන බ්‍රෝකන්..ලෙන්දොර ඕපන්....ලයන් බා...ලයන් බා..ලයන් බා..

      Delete
  11. ඕකුන්ට උපවාසෙ හරියටම කරන්න පහසුකම් සලස්වලා. කන්ඩ නැතුව මැරෙන්න ඇරිය නම් හරි. එතකොට උන්ගෙ සහපිරිවරට ඉන්න ඇම්බැට්ටයො ටිකත් අර ඉන්දියාවෙ ඩෑල් වගේ විරෝධය ප්‍රකාශ කරන්න ඔලුවට ගිනිතියාගත්තනම් තවත් මරු.

    ReplyDelete
    Replies
    1. බස්සි,

      කියලා වැඩක් නෑ බං...කරනවනං හරියට කරපං උපවාසෙ කියල එදා රෑ පාර්ලිමේන්තුවෙ දොරවල් ඔක්කොම වහල වතුරත් කපන්ටයි තිබ්බෙ. අපේ කරුමෙට මේ වගෙ ගොං වාහෙල රැලක් අපේ නියෝජිතයො වුනේ...

      Delete
    2. බස්සිගෙ නිර්මාණවල තිබුන සන්වේදී කම මේ කොමෙන්ට් එකේ නෑනෙ. අපරාදෙ බස්සි ටිකක් කලින් උපදින්න තිබ්බෙ. ජේ ආර් ප්‍රේමදාස කාලෙ හිටියනම් බස්සිට කවි ලිය ලියම තමයි ඉන්න වෙන්නෙ. වෙන වැඩක් කරන්න වෙන්නෙම නෑ.

      ජූලි වර්ජකයො ගැන ,සොත්ති උපාලිල ගැන , යූඇන්පී මැරයන්ගෙ අපරාධ ගැන , ටයර් දාල පුච්චපුව ගැන බස්සිගෙ ලස්සන කවි කියවන්න තිබුන
      විහිලුවක් හොදේ

      Delete
    3. මධ්‍යස්ත මතධාරියා සංවේදීකම කියන වචනෙ තේරුම් අරගත්තු විදිය වෙන්න ඕනෙ වැරදි. මගේ දැනුමට අනුව, මම දාල තියෙන්නෙ over sensitive කමෙන්ටුවක්.

      Delete
    4. සංවේදී කම කියන වචනේ තේරුම සංවේදී වීම.... ඒ කියන්නේ සෙන්සිටිව් වීම.... එකේ තේරුම ගොඩක්ම මෙවුවා එකෙන් ක්ලෝස් ව ඒක දැනීම.. ඉතින් ම.ම මේ කමෙන්ට් එකත් පට්ට සංවේදී නේ අමුවටම කියලා තියෙන්නේ..

      Delete
  12. Emden නැවේ කතන්දරෙත් ඔය අස්සෙම කියල දාමු. නැහ්නං විචා දෙයි හිටු කියල .. හෙක්.
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      හෙහ්,හෙහ්, විචා හරි ඇම්ඩන්..කිව්වත් වගෙ දෙයිද මන්ද නාගසලං වෙන්ට....බලමු නැත්තං මම ලියන්නං...

      " එම්ඩන් " යුදනැව ලංකාවටත් සම්බන්ධයි. එම්ඩන් වැඩි කාලයක් ගතකලේ ඉන්දියන් සාගරයෙ. පලවෙනි ලෝක යුද්ධය කාලෙ ඉන්දියන් සාගරය හරහා යන බ්‍රිතාන්‍ය සැපයුම් නැව් වලට බලවත් තර්ජනයක් වෙලා තියනව එම්ඩන්. ඒ කාලෙ යාල වනෝද්‍යානයෙ භාරකාරයා හෙන්රි එංගල්බ්‍රෙෂ්ට්. දකුණු අප්‍රිකාවෙ බුවර් යුද්දෙදි අල්ලගෙන ඇවිල්ලා සිරකරුවෙක් විදිහට ලංකාවෙ ජීවත් වෙච්ච ජර්මන් සම්භවයකින් යුතු එංගල්බ්‍රෙෂ්ට් එම්ඩන් නැවට හොරරහසෙ මස් සහ වතුර සැපයුව කියල චෝදනා කරල ඔහුට විරුද්ධව සුද්දො නඩු පවරල තියෙනව. නඩුවෙන් ඔහු නිදහස් වෙලා පිළිගතහැකි සාක්ෂි නැතිනිසා.

      තව ඔය වගෙ සුප්‍රසිධ ජර්මන් යුද නැවක් තමයි " බිස්මාර්ක් " මම පහේ පන්තියෙ වගෙ ඉන්දැද්දි " අපරාජිත බිස්මාකය " කියල පොතක් කියෙව්වා කර්තෘ මුනිදාස සෙනරත් යාපා මහත්මයා.

      Delete
  13. අවසානයට එනකම් දැනුනෙ නෑ....

    ReplyDelete
    Replies
    1. වැව්,

      ස්තූතියි....:)

      Delete
  14. // දැං වෙලා තියෙන්නෙ රට බේරාගත් වීරයාගෙං රට බේරාගන්ටයි..හෙහ්.හෙහ්.....//

    මේ ඒක නෙමේ රවි මහත්තයො..... ඈම්ඩාගේ මම මේ කියන්න යන කතාව නම් ඔබතුමා අනිවාර්යෙන්ම අහලා ඈති. ඒත් මතක් වෙච්චි හන්දත් කලින් නෑසු කෙනෙක්ට දෑනගන්නත් එක්ක ඔන්න ඔහෙ කොටලා දාමු.....:)

    ඔය "කොකාගෙ කතාවෙන්" පස්සේ ඉස්කොලේ ගිය ගමන්ම ඈම්ඩා ගුරුතුමීට කීවලූ අපේ අම්මට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා....

    ඒක අහපු ගුරුතුමී.... "ඉතින් මීට පස්සේ වත් ඈම්ඩො ....... තමුන්ගේ අම්ම ඉන්න තත්වය ගෑන වත් කල්පනා කරලා, තමා ඔය කරන අන්ඩ වෑඩ ටිකක් අඩු කරගන්න බලනවා" කියලා.

    එතකොට... ඈම්ඩත් ගත් කටටම කීවලූ "ඒවත් මගේ වෑඩ තමා ටීච" කියලා

    මූ වගේ තිරිසෙනෙක් .... මූ එතකොට මුගේ අම්මටත් ..... කියලා හිතුන ගුරුතුමීට සර්වාගයම මොකක්දො හිරිකිත අප්‍රසන්න තාවයකින් වෙලුනට මොකද..... මේ කාලකන්නියා මේ කියන හරුපේ මොකක්ද කියලා දෑන ගෑනීමේ මාර කුතුහලයක් අවිත්...

    පස්සේ වෙලාවක හෙමින් සීරුවේ පෑත්තකට අඩගහලා සාවදානව කතාව අහපුවාම...... මූ කියනවාලූ.......

    "මේකනේ ටීච, අපේ තාත්තා ගේන ප්‍රීති වල ඉස්සරහා කොනට ඈල්පෙනිත්තෙන් අනින්නේ මම...." තමා කියලා. ..... :ඪD

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒ කතාව මම දන්නෙ සුට්ටක් වෙනස් විදිහට.

      ඇම්ඩව කොහොමත් කොන්ට්‍රෝල් කරන්ට බැරිම තැන ටීචර් කතාකලා පොරට.. " ඇම්ඩන්..මම නොකිව්වයි කියන්න එපා. හෙට ඉස්කෝලෙ එනකොට අම්ම එක්ක එනව ..හොඳද? "

      " එහෙමයි මැඩම්.."ඇම්ඩ ඔලුවත් පාත් කරල කිව්ව.

      ඔන්න කිව්වත් වගෙ පහුවදා ඇම්ඩත් එක්ක අම්මත් ආව ටීචර් හම්බ වෙන්ට පංතියට. අම්මට බබෙක් හම්බවෙන්ට ඉන්නව. මාස හය හතක වගෙ බඩක්..

      " මැඩම් මෙව්වත් මගෙ වැඩ තමයි "

      ඇම්ඩ අම්මගෙ බඩ පෙන්නල ටීචර්ට කිව්ව ටීචර්ට නේද හොල්මන් ද පොල්කොල. කටත් ඇරගෙන බැලුව අම්මගෙ මූණ දිහා..මේ මොනවද මේ කියන බහුබූත කියල හිතාගන්ට බැරුව. අනේ අම්මත් බොහොම අහිංසක විදිහට හිනාවෙලා ඔලුව පාත් කලා.

      " අනේ ඔව් මැඩම්...ඇම්ඩන්ගෙ තාත්තටත් දෙතුන් පාරක් අහුවෙලා නොසෑහෙන්ට ගැහුව. ඒත් මේ කොල්ල මේ වැඩේ නවත්තන්නෙම නෑනෙ "

      " ඇ...ඇහ්? ..."ටීචර්ගෙ යටි තල්ල බිම වදින තරමට පාත්වුනා." මොකක්ද කි....කි.....කිව්වෙ? "

      " ඔව් මැඩම්...මැඩම් ඉතින් දන්නවනෙ ඇම්ඩන්ගෙ වැඩ..මාත් ඉතිං සද්ද නැතුව ඉන්නව පොඩි එකානෙ කියල. පොඩි එකා තමයි..දැක්කනෙ අන්තිමට වෙච්චි දේ..."ඇම්ඩගෙ අම්මා බඩ පෙන්නල ආයෙම හිනාවුනා.

      ටීචර්ට කලන්තෙ වගේ දැන්.." මේ .....මෙහාට එන්ටකො පොඩ්ඩක්.." ටීචර් ඇම්ඩගෙ අම්මව කතාකරගෙන ගියා පංතියෙන් එළියට..

      " මේ ...මොනවද ඔයා මේ කියන්නෙ? එතකොට ඇම්ඩන්ද ?????? "

      " ඔව් මැඩම්..මහෙ මහත්තය කොපු ගෙනල්ල ලාච්චුවෙ හංගපුවම ඇම්ඩන් එව්ව කොහොමහරි හොයාගෙන අග්ගිස්ස හිල් කරනව....."

      ටීචර් සැනසුම් සුසුමක් හෙලුව..

      " ඇයි මැඩම් හිතුවෙ මොකක් කියලද? ..."ඇම්ඩන්ගෙ අම්ම නලලත් රැලිකරගෙන ටීචර්ගෙන ඇහුවා..

      " නෑ..නෑ..නෑ...මම මේ..මම මේ...මම මේ... "ටීචර්ට ගොත ගැහුනා.

      Delete
    2. මෙතන අපි වගේ දරුවොත් බ්ලොග් කියවන බව ඔය මාමලා සිහිතබාගත්තොත් හොඳයි ඉදගෙන :( ජරා කතා ඊයා

      Delete
    3. ඔමා,

      හරි හරි බං..ආය ඒ වගෙ එව්ව කියන්නෙ නෑ..සොරි..සොරි :(

      Delete
    4. නෑ නෑ ඔමා ඔය කියන්නෙ ඇම්ඩන් දැරිවියො ගැන.

      Delete
    5. රාජ්,

      අන්න බං මම දැක්ක W3 ලංකා බ්ලොග් එකේ තියනව ඔමාත් ඊස්‍රායලේ ගල් වෙලයි ඉන්නෙ කියල....බොරුවක් වෙන්ටත් බෑ...හෙහ්,හෙහ්,

      Delete
    6. අපිට වීසා තියේ තව ,ඔත්තුවට තැන්ක්ස් කමෙන්ට් එකකුත් අතෑරලා ආවා..

      මේ ඒක නෙමේ අර මෙවුවා ඇම්ඩන් හිල් කලේ කොහොමද අනේ,, එවුවා හොඳට සීල් කරලනේ තියෙන්නේ,, ටොෆි වගේ

      Delete
    7. ඔමා,

      දැං ඕකද බොල අර මගෙං අහන්ට තියනවයි කිව්ව ප්‍රශ්නෙ?

      Delete
  15. හරිම මාන්දමිකයි තමා මේ දවස් වල නං රවි අයිය...
    මට හිතෙන්නෙ ඕව ටීවී වලින් රේඩි වලින් දෙන එක වාරණය කරනණ ඕන
    ඔව් ඉදගෙන
    එතකොට ජහමනය මුකුත් දැනගන්නෙ නෑ නෙ
    එතකොට ඔහොම සීන් වෙනව කියල දන්නෙත් නැති හංද ඇත්තටම එහෙම දෙයක් වෙනවද කියල දන්නෙත් නැති හංද ප්‍රශ්නයක් වෙන්නෙත් නැති වෙයි
    හිහි
    මොන මාන්දමික කතාවක්ද ඒ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඒකනෙ බං .....ඕල් හෑව් ඊට්න් ගෝඩ්ස් රයිස්...:)

      Delete
  16. ජනාධිපති ධූරය දරන කාලයේ කළ දේවල් වලට උසාවියකින් ප්‍රශ්න කරන්න බෑ... ඒක හරි. ඒත් කට උත්තරයක් ගන්න පුළුවන්. ඒක ගැන මේ තරං කෑගහල නටන්න ඕනෙ නෑනෙ.

    19 සම්මත කරගැනිල්ලයි, අලුත් මන්ත්‍රී වරුන්ගෙ පෙන්ෂන් එකයි ද දන්නෑ මේකට නියම හේතුව?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      / ජනාධිපති ධූරය දරන කාලයේ කළ දේවල් වලට උසාවියකින් ප්‍රශ්න කරන්න බෑ... ඒක හරි. ඒත් කට උත්තරයක් ගන්න පුළුවන්. ඒක ගැන මේ තරං කෑගහල නටන්න ඕනෙ නෑනෙ. /

      ඒ ගැන මත කීපයක් තියනව. කට්ටියක් පුලුවන් කියනව ..තව අය බෑ කියනව..W3 ලංකා බ්ලොග් එකේ ඇනෝ කමෙන්ට් එකක් මේ...

      Quote / කාලකන්නි ගොං බයියනේ (බයියා = ගොඩයා, නූගතා) ලංකාවෙ නීතිය තමයි, අල්ලස් කොමිසම, පොලීසිය, නෙවෙයි, ගමේ ග්‍රාම සේවක එන්න කිවුවත් හිටපු ජනාධිපති යන්න ඕන ප්‍රකාෂයක් දෙන්න. ඒක තමයි රටේ නීතිය. ලංකාවේ නීතිය අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක රජය යටතට ගැනෙන කිසිම තනතුරක් සම්බන්ධයෙන් පත් කිරීම්, අස් කිරීම්, මාරු කිරීම්, උසස් කිරීම් සිදු කරන්න බැහැ. ඒක නීති විරෝධීයි. සෞඛ්‍ය ඇමතිකම කියන්නෙත් රජයෙන් වැටුප් ගෙවන තනතුරක්. එතකොට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන මොහොතක හිටපු ජනාධිපති තිස්ස අත්තනායකව සෞඛ්‍ය ඇමතිකමට පත් කිරීමෙන් චේතනාන්විතවම රටේ නීතිය උල්ලංඝණය කරලා තියෙනවා. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපතිට ලබා දීලා තියෙන මුක්තිය යටතේ මිනී මරන්න, ගෑනු දූෂණය කරන්න, හොරකම් කරන්න හෝ රටේ ව්‍යාවස්ථාපිත නීතිය උල්ලංඝණය කරන්න බැහැ. ඒ නිසා තමයි චන්ද්‍රිකා ජනාධිපතිනියගෙ කාලේ පොදු කටයුත්තකට රජයට පවරා ගත් වෝටර්ස් එජ් ඉඩම පුද්ගලයෙකුට පැවරීමට එරෙහිව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකාට එරෙහිව විමර්ෂණයක් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අල්ලස් කොමිසමට නියෝග කළේ. අදාල නඩුවෙන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා වැරදිකාරිය වුණා විතරක් නෙවෙයි අදාල ඉඩම ආපසු රජයට පවරා ගන්නත් නියෝග කළා. ශ්‍රේෂ්ටාධිකරණය හිටපු ජනාධිපති චන්ද්‍රිකාට රුපියල් ලක්ෂ 10 ක දඩයකුත් නියම කළා. ඒ නිසා මහින්ද වරදක් කරලා තියෙනවා නම් ඔහුටත් ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ගොං බයියනේ දැන්වත් පොතක් පතක් කියවලා යමක්කමක් ඉගෙනගෙන ඔය ගොං කම් අතඇරලා පුරවැසියො වෙන්න බලපල්ලා. පාර්ලිමෙන්තුව හරක් ගාලක් කියලා හිතාගෙන අර ඒකෙ ලැගලා ඉන්න උඹලගෙ අට පාස් නැති මී හරක් ටික ආපහු ගාල්වලට දක්කපල්ලා. / Unquote

      Delete
    2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කිසිම "අධිකරණයකින් හෝ විනිශ්චය අධිකාරයකින් ප්‍රශ්න කළ නොහැකි බවක්" . 19 වෙනි සංශෝධනයෙන් ඒකට එකතු කරලා තියෙනවා, "සිවිල් හෝ අපරාධ සහ මූලික හා භාෂා අයිතිවාසිකම් හැර" කියලා.

      (මට මතක විදිහට...)

      වැඩි විස්තර මෙතනිං...

      Delete
    3. ඩ්‍රැකී,

      බොහොම ස්තූතියි..බොහෝ වෙහෙසක් දරා කල අගනා උත්සාහයක්..විශේෂයෙන් මේ දිනවල....:)

      Delete
  17. අයියෝ !!! .ඔය අපේ ජාතියේ පියපාර්ශවයේ විස්තරෙනේ ...මව්පාර්ශවයේ ත් එහෙම තමා ............

    කුවේණි -1.පරදේසක්කාරින්ට ජාතිය පාවාදීම
    2. ඥාතින්ව මැරෙවීමට කුමන්ත්‍රණය කිරීම හා සහාය දීම
    3.රටේ රජතුමාට සාප කිරීම .

    ඊට පස්සේ පරම්පරාවත් එහෙමම තමා...............

    ජිවතත්ත & දිසාලා -ව්‍යාභිචාරය

    ඉතින් එහෙම තමා උතුම් සිංහල ජාතිය පැවත එනවා කියන්නේ..................එහෙම නේද ?

    Sacheera

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / අයියෝ !!! .ඔය අපේ ජාතියේ පියපාර්ශවයේ විස්තරෙනේ ...මව්පාර්ශවයේ ත් එහෙම තමා ............/

      ඔන්න කිව්ව එකක්..කුවේණි කොහොමද බොල අපේ මව් පාර්ශ්වය වෙන්නෙ? අපි පැවත එන්නෙ විජේගෙං.....විජයට දරුවො නැතිහින්ද ඊලඟට රජවෙච්චි පණ්ඩුවාසුදේව නොහොත් පඬුවස්දෙව් කුමාරයාගෙනුයි ( විජය ගාවට හිටපු සහෝදරයා සුමිත්තගෙ පුතණ්ඩියා ) එයාගෙ බිසව වෙච්චි භද්දකච්ඡානා කුමරියගෙනුයි. පඬූ ඇන්ඩ් භද්‍රා .....අන්න එයාල තමයි නියම විදිහට බැලුවොත් අපේ ආතා සහ අත්තම්මා..භද්‍රා ඇවිදිල්ල හිට බුදුහාමුදුරුවන්ගෙ අප්පොච්චි සුද්දෝදනගෙ ( හැබැයි සුද්දෝදන කියල අපි ඒ කාලෙ කිව්වෙ පට්ට හොරුන්ට, සුද්දෙ දෙන්නේ යමෙක්ද ඔහු සුද්දෝදන නම් වෙයි..අන්න ඒ අර්ථයෙන් ) මල්ලි කෙනෙක්ගෙ පුතෙක්ගෙ දුව. ආන්න දැක්කද මහානාම හාංදුරුවො ( මහාවංසෙ රයිටර් ) හිංගල ජාතියට බුදු හාමුදුරුවන්ගෙත් නෑ කමක් සැට් කරපු හැටි.

      කුවේණිගෙන් පැවත එන්නෙ බං වැද්දො....

      අනික බං කුවේණිගෙ ළමයි දෙන්න ජීවත්ථ දිසාලා ද?..මට මතක ජාලිය ක්‍රිෂ්ණජිනා වගෙ...

      Delete
  18. වැඩේ කියන්නේ ඉතින් විදුළි පුටුවට යන්න බය නෑ කිවුව මනුස්සයව කොමිසමට කට උත්තරයක් දෙන්න යවන්න බයියෝ ටික බය වෙන එකනේ.. ඇයි බය කියලා තමයි ඉතින් අහන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      මරාස් විදුලි පුටුවට නගින්ට බය නැති පොර කට උත්තරයක් දෙන්ට ඔච්චර බයේ ගැහෙන්නෙ ඇයිද කියල මම උඩහ මනෝජ්ට දුන්නු උත්තරේදි කිව්ව. උඹ මල්ලි දකින්ට නැතුව ඇති....:)

      Delete
  19. අඩේ බලාගෙන ඕවා ලියලා දි‍ව්‍යසාප ඇතිකරගනන් එපා රවියෝ.... මම මේ ඊයේ පෙරේදා දැක්කා දැන් අර දේශපාලන විද්‍යාව සම්බන්ද මහාචාර‍්ය වරු ඉන්නෙ අෆේස්බුක් එකේයි බ්ලොග් වලයි. බලාගෙන උන්ගේ උදහසට හෙම ලක්වුනොත් ආයේ ගැලවීමක් නෑ.

    මොනවා වුනත් ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්නේ මොකටද නේ රවියෝ...

    ReplyDelete
    Replies
    1. රංගි,

      මොකද බං කරන්නෙ?..මේ බහුරූ කෝලං දකිනකොට අර මුවන් පැලැස්සෙ කෝරළේ මහත්තය කියන්නා වාගෙ .."..මයි බොඩි ෆිෂ් ඩාන්සිං ..මැණිකේ..මයි බොඩි ෆිෂ් ඩාන්සිං "

      Delete
  20. අද ඉගෙන ගත් වචනය- නීලකාස (මීට අමතරව තව අමුතු වචන හෙන සැට් එකක් තිබ්බා අර ඔමා එක්ක ගිය කොමෙන්ට් හරඹේ.. ඒවා මේ අපි වගේ පොඩි උන්ට බර වැඩී..)
    රයිගම්, ප්‍රා ජේ, ඩූඩ්, අමා සහ ඊට උඩ ඇනෝ ටත් ස්තූතියි මාතෘකාවටත් එහා ගිය බොහෝම වැදගත් තොරතුරු ගොඩක් සංවාදයට එකතු කරාට.. දැන් මොකක්ද පෝස්ට් එක ගැන කියන්නේ.. අහ්! අර ඇම්ඩන්ගේ කතා දෙකනම් පට්ට හොඳේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      " හරි....ළමයි පාඩම ඉවර කරන්ට ඉස්සෙල්ල අද අලුතෙන් ඉගෙන ගත්තු වචන මොනවද? හා..මතක කරන්ට බලන්ට..හරි මම උදව්වක් කරන්නං ..අහසට කියන අලුත් වචනයක් අපි ඉගෙන ගත්ත අද..කාටද මතක? "

      " මැඩම්....අඹර...."මම අත උස්සගෙන කෑගහනව..

      " අන්න හරි අඹර නේද? අහසට අපිට අඹර කියල කියන්නත් පුලුවන්..බොහොම හොඳයි..හරි නිල් අහසට ඒ වගෙ මොකක්ද කියන්න පුලුවන්..කාටද මතක?"

      ඒ තුනේ පන්තිය මට මතක විදිහට..මැඩම් ඇවිල්ල ලියනසේකර මහත්මිය.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...