Thursday, October 15, 2015

359. The Story Of My Marriage - 9 - When your Future Depends Entirely Upon How Smoothly You Can Lie

" බයවෙන්ඩ එපා ක්‍රිෂ්, ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. මට සහතිකයි. " 

ඈ මා අමතා එසේ පැවසූයේ පස්වන වරටය.අප සිටියේ අප ආයතනයේ සිට නව්රාංග්පූර් දක්වා දිවෙන කිලෝමීටර් හතරක් දිගැති මාර්ගයේ ඇවිද යමිනි. උදෑසන සිටම ආයතනයේ පැවති මහත් කලබලකාරී ස්වභාවයෙන් හැකි විගස ඉවත්ව මොහොතක් හෝ නිසංසලේ කල්ගතකිරීමේ අවශ්‍යතාවය මට තදින් දැනෙමින් තිබිණි.ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගම් සහ බැංකු රාශියක් අවසාන විභාගය සමත් සිසුන් සහ සිසුවියන් බඳවාගැනීම උදෙසා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පැමිණි පලමු දිනයේ මේ කළබලකාරී ස්වභාවය කිසිසේත්ම අනපේක්ෂිත වූවක් නොවීය. 

එලෙසම මාතුල වූ කළබලකාරිත්වය ද පරිසරයේ කලබලකාරිත්වය අභිභවා මසිත නොසන්සුන් කලේය.එයට හේතුව වූයේ ප්‍රථම දින තුල කිසිදු රැකියා අවස්ථාවක් ලබාගැනීමට මා අසමත්වීමය.

" මගෙ ග්‍රේඩ්ස් ගැන බලනකොට පලවෙනි දවසෙම රස්සාවක් හම්බ වෙයි කියල මම ෂුවර් කරගෙන හිටියෙ. " මගේ හඬ කළකිරීමෙන් පිරී තිබිණි. 

" හරි හරි ඕක ඔච්චර ගණන් ගන්න දෙයක්ය? තව දවස් හයක් ඉන්ටර්වීව් තියනවනෙ. " ඇය මා සනසන අටියෙන් පැවසුවාය.

මාර්ගය අසලම අතුපතර පැතිරගිය සුවිසල් නස්පතියක සෙවණෙහි අටවාගත් තාවකාලික කුඩා මඩුවක හිඳ පාවෝ-භාජි වෙළඳාමෙහි යෙදෙන මැදිවියේ මිනිසකු අසළ ඇය නැවතුනාය.

( මහාරාස්ත්‍ර ප්‍රාන්තයේ ඉතා ජනප්‍රිය ස්නැක්ස් වර්ගයේ ආහාරයක් වන පාවෝ-භාජී සමන්විත වන්නේ කුඩා පාන් රෝල් දෙකක් හෝ තුනකින් සහ ඒ හා සමඟ ලබාදෙන චීස්, හතු හෝ එළවළු වර්ගයක් හෝ වර්ග කිහිපයක මිශ්‍රණයක් යොදා පිසූ තරමක් උකු හොද්දකිනි. පාවෝ-භාජි පළමුව ජනප්‍රිය වූයේ එක්දහස් අටසිය පණහ පමණ කාලයෙහි මුම්බායිහි රෙදිපිළි කර්මාන්තශාලාවන්හි සේවය කල කම්කරුවන් අතර ඉක්මනින් ආහාරයට ගත හැකි සහ ලාභ දිවා ආහාරයක් ලෙසිනි. )

Pao - Bhaji

" ම්ම්ම්..අපට දෙන්න පාවෝ-බාජි දෙකක්. හැබැයි බටර් අඩුවෙන් හොඳද? " උඩුකය නිරුවත් වෙළෙඳා අමතා ඇණවුම් කල ඈ මදෙස හැරුනාය. 

" ප්‍රශ්නයක් වෙන්නෙ නෑ අනේ. බොරුවට කලබල වෙන්න එපා හොඳද? අනික මාකටින් කම්පනීස් හෙටයි එයාලගෙ ඉන්ටවීව් පටන්ගන්නෙත්.මට හෙට තියනව H.L.L . ඉන්ටවීව් එක. බලන්ටකො මම කිසි ගාණක්නැතුව ඉන්න අපූරුව " ඇය හඬනඟා සිනාසුනාය.

" ඔයාට මොකද? ඔයාව කිසිම ප්‍රශ්ණයක් නැතුව තෝරගනියි ඕනම මාකටින් කම්පනි එකක් ඇහැ පියාගෙන. " 

" පිස්සුද ? ඔයා හිතන්නෙ එහෙම ඇස් පියාගෙන මාව තෝරගන්ට ඒ මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් එහෙම තියනවයි කියලද? " ඇය මදෙස බලා ඉඟිමැරුවාය." ඔන්න ඔයා හිටියනම් ඉන්ටවීව් බෝඩ් එකේ ඇස් පියාගෙන මාව තෝරගනියි..හිහ්..හිහ්…"

" නෑ..අනන්‍යා, මම කිව්වෙ ඔයාගෙ ග්‍රේඩ්ස් හොඳයි. අනික ඔයාට මාකටින් වලට සහජ දක්ෂතාවයක් ඇල්මක් තියනව. H.L.L. එකේ ජොබ් එක ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙයි. " 

" හෙට ඔයාට බැංකු දෙකක ඉන්ටර්වීව් තියනව නේද? " 

" ඔව්..ඒත් මම වඩාම කැමති සිටි බෑන්ක් එකට.ඒත් ඉන්ටර්වීව් එකේ අහන ප්‍රශ්ණ වලට හොඳ උත්තර ටිකක් හොයාගන්ට ඕන. නිකම්ම මේ ඇයි බැංකු රස්සාවක් තෝරගත්තෙ? කියල ඇහුවම බැංකුවල පඩි හොඳ හින්දයි කියල වගෙ ඇල් මැරිච්ච උත්තර දීල වැඩක් වෙන්නෙ නෑ. අළුතෙන් මොනවහරි හිතල කියන්ට ඕනෙ. " 

කෙසඟ කොළුවෙක් පාවෝ-භාජී තැටි රැගෙන පැමිණ අප ඉදිරියෙන් තබා ඉවත්ව ගියේය. පාන් රෝලෙන් කුඩා කැබැල්ලක් බිඳගත් ඈ ඒ මත හොදි සවල්පයක් තවරා මා මුවෙහි තැබුවාය.

" ඉතින් ළමයො ඒකනෙ ඇත්ත.හැමෝම බැංකුවල රස්සාවලටම කැමති එව්වයෙ පඩි හොඳ හින්දනෙ. වෙන අහවල් දේකටද? " 

" හරි ඔයා කියන එක ඇත්ත. ඒත් ඉන්ටවීව් කරන අයට අඟවන්ට ඕන එයාලගෙ බැංකුවලින් මහ විසාල සේවයක් වෙනවයි කියල. අර මදර් තෙරේසගෙ ආයතනයෙන් කරනව වගෙ. එහෙම ඇඟවෙන්ට කතා කලා නම් වැඩේ ගොඩ. " 

" හරි ඔයා මෙහෙම කියන්ටකො එහෙනම්.මම සිටි බැංකුවටම බැඳෙන්ට තීරණය කලේ ඉන්දියාවෙ සාමාන්‍ය මිනිස්සුන්ටත් අන්තර්ජාතික මට්ටමේ මූල්‍ය පහසුකම් ලබාදෙන්ට මට උවමනා නිසයි. තව ඕක අස්සට ඔය ලොකු වචන දෙක තුනකුත් දාන්ට අතරින් පතර.... දැවැන්ත මූල්‍ය වර්ධනයක්, උපායමාර්ගික විභවයක් ඔය තියෙන්නෙ.... දිව උලුක් කරගන්නෙ නැතුව හැබැයි" ඇය හඬනගා සිනාසුනාය.

" දෙයියෝ සාක්කි, කිසි හිරිකිතයක් නැතුව ඔය පට්ට බොරු කියන්නෙ කොහොමද අප්පා? " 

" බොරුමත් නෙවෙයිනෙ..ඔන්න ඔහෙ කියල දාන්ට..ආ..සිටි බෑන්ක් එකේ අලුත් ස්ලෝගන් එක දන්නව නේද? City Never Sleeps. ඉතින් ඔයත් කියන්ට ඔයත් රෑ තිස්සෙ නොනිදා වැඩ කරන්ට ලෑස්තියි කියල...හිහ්...හිහ්…" 

" අනේ මට නම් බෑ ඔය හැටි බොරු කියන්ට.." දෙතොල් තදින් පියාගෙන සිනහව වළකාගනිමින් මම ඉවත බලාගතිමි.

හඬනඟා සිනාසෙමින්ම ඇය අත පිසිනා ටිෂූ කඩදාසියක් ගෙන මගේ මුව පිසදැමුවාය. " ෂික්...හරියට කන්න වත් දන්නෙ නෑ. කට දෙපැත්තෙම හොදි." සරදම් ස්වරයෙන් පැවසූ ඇය මදෙස බලා යලි ඉඟි මැරුවාය.

ඇය කෙරෙහි උපන් මහත් සෙනෙහසින් මසිත පිරී ඉතිරී යන්නට වූයේ නිරායාසයෙනි.ඇය මගේ පෙම්වතිය වීමට පමණ මම භාග්‍යවත් වූයේ කෙසේදැයි මම දෙනෙත් පියාගෙන සිතන්නට වීමි. ඇගේ අලෙවිකරණය පිළිබඳවූ සහජ ඇල්ම සහ දක්ෂතාවය ප්‍රශස්ත ලෙස උපයෝගී කොටගෙන අනලස්ව කටයුතු කලේවී නම් ඉදිරි වසර කීපය ඇතුළත H.L.L. ආයතනයෙහි විධායක අධ්‍යක්ෂ තනතුරක් වැනි තනතුරක් ලබාගැනීම අනන්‍යාහට කිසිසේත් අපහසු නොවේ. එසේවූ දක්ෂතාවයෙන් පරිපූර්ණ වූ එළෙසම සුන්දර රූ සපුවකින් යුතු ඇගේ මේ මොහොතේ ප්‍රමුඛතාවය මගේ මුව දෙපස තැවරුණු පාවෝ-භාජි හොදි පිසදැමීමයි. එයද ඇය ඉටු කරනුයේ මහත් සතුටිනි.

මහත්වූ වරදකාරී හැඟීමක් මා පෙළන්නට විය. අපේ අනාගතය පිළිබඳව ස්ථිරසාර තීරණයක් මම ඇයට පැවසිය යුතුය.වහාම..මේ මොහොතේම...කියපන් මෝඩයා දැන්මම කියපන්...නව්රාංග්පූර් පාර අයිනෙ තාවකාලික මඩුවක පාවෝ-භාජි කන වෙලාවෙ උනත් කමක් නෑ. ඒකට මොකද? දැන්මම කියපන්..මම කතාකිරීමට ධෛර්යය උපදවා ගතිමි. ඇය මා පිළිබඳව කොතරම් හොඳින් අවබෝධ කොටගෙන ඇත්ද යනු මම යමක් කීමට අර අඳින බව ඇය වහා වටහා ගත්තාය.

" ක්‍රිෂ්? මොකෝ? ඔයාට මොනවත් කියන්න ඕනද?...." දෙබැම රැළිකොටගෙන ඇය විමසුවාය.

" ආ..ඔව්..ඔව්..ඔයාට තව පාවෝ-භාජි ඕනද? " මම නැඟී සිටිමින් විමසුවෙමි.

****************************************

" ම්ම්ම්..ඉන්න බලන්න...ක්‍රිෂ් මල්හෝත්‍රා නේද?...." සම්මුඛ පරීක්ෂණ සඳහා සහාය වීමට යොදවා සිටි පළමු වසර සිසුවා නම් ලැයිස්තුව ඔස්සේ පහළට ඇඟිල්ල දුවවමින් ඇසුවේය. " හරි හරි ඔයා නොම්මර තුනට ඉන්නෙ…" 

තවත් සිසුන් සත්දෙනෙකුද සමඟ මම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටියේ දොරටුව දෙපස හිඳ සිටියේ දත් ගලවනු පිණිස දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට අපේක්ෂාවෙන් සිටිනා පාසල් සිසුන් පිරිසක් පරිද්දෙනි. එහෙත් ඊට ද වඩා සිය දහස් ගුණයකින් අධික ආතතියකින් පෙළෙමිනි. H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනුයේ කුඩා මැද මිදුලකින් එහා පිහිටි තවත් මෙවැනිමවූ කුටියක් තුලය. අනන්‍යා සියලු ප්‍රාථමික පරීක්ෂණ වලින් සමත්වූවා අවසාන වටයට කැඳවුම පොරොත්තුව ඒ අසල රැඳී හුන්නාය.

මීට පෙර මුහුණදුන් සම්මුඛ පරීක්ෂණ වලදී මා අසමත්වූයේ මන්ද යන්න පිලිබඳව මම කල්පනා කළෙමි. මම රැකියාවෙන් බලාපොරොත්තු වන්නේ හුදෙක් මුදල් ඉපයීම පමණක්මය. හැකි විගස උපරිම මුදලක් ඉපයීම මගේ ඒකායන අපේක්ෂාවය. එහෙත් සම්මුඛ පරීක්ෂණ වලදී පිළිතුරු දෙනවිට මම මගේ ඒ පරමාර්ථය ඉතා හොඳින් සැඟවූ බව මට සහතිකය. එසේ නම් මා සියළු සම්මුඛ පරීක්ෂණ වලින් අසමත්වූයේ මන්ද? බැංකු පහක්ම ඊයේ දිනය තුල මා ප්‍රතික්ෂේප කළෝය.අද දින අවසාන බලාපොරොත්තුව වන සිටි බැංකුවද මා ප්‍රතික්ෂේප කළහොත්? ඒ බියකරු සිතුවිල්ල මසිතට පිවිසියේ මා නළලත සිහින් ඩා බිඳු නංවමිනි. එසේනම් මේ සියළු ඉගෙනුම්, පාඨමාලා, විභාග සග උපාධි අවසානයේ මගේ දෛවය මට හිමිකරදීමට සූදානම් වන්නේ මෙවන් බියකරු ඉරණමක්ද? දෙවියන් මට පිටුපාන්නෙ මක් නිසාද? මා හා අමනාප වීමට දෙවියන්හට කිසියම් සාධාරණ හේතුවක් ඇත්දැයි මම සිතන්නට වීමි.

මැද මිදුලෙන් ඔබ්බෙහි H.L.L. සමාගමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන කුටිය මට දර්ශනය වේ.අනන්‍යා එහි දොරටුව පිටතින් සිටගෙන සිටින්නීය. ඇය හැඳ සිටින ලා නිල් පැහැ සාරිය ඇගේ රූ සපුව වඩාත් හොඳින් උලුප්පා දක්වයි.බොහෝවිට මගේ අනාගතය පිළිබඳව තම තීරණය දීමට ප්‍රථම දෙවියන් බලා සිටිනුයේ ඇගේ අනාගතය පිළිබඳව මවිසින් පැහැදිලි තීරණයක් ලබාදෙන තෙක් විය නොහැකිද? මසිතට එක්වරම නැඟුනු ඒ සිතිවිල්ල මා තිගස්සවනු සමත් විය.

" ක්‍රිෂ් මල්හෝත්‍රා………………" සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට සහාය දෙන ප්‍රථම වසරේ සිසුවා මගේ නම හඬගැසීය. 

නිහඬව දෙවියන් හට යාඥා කරමින් මම නැඟී සිටියෙමි.ටයි ගැටය සහ කමිස කොළරය නිසිලෙස පවතීදැයි යළිත් වරක් අතගා පරීක්ෂා කොට ...මතක තියාගනිං මේ ජොබ් එක උඹට ඕනෙමයි, ඕනෙමයි, ඕනෙමයි බැංකුවල පඩිය අනික් එව්වගෙ වගෙ ඩබල්. උඹ කරන්ට හිතාගෙන ඉන්න වැඩේ කරන්ට ඕන සල්ලි ඉක්මනටම හොයාගත්තෑකි මේ ජොබ් එක කොහොම හරි ගත්තොත්... එලෙස තොල මතුරා ගනිමින් මම දොර සෙමෙන් විවර කොට කුටියට ඇතුළු වීමි.

දොර සෙමෙන් වසා මම දීර්ඝ ආශ්වාසයකින් සහ ප්‍රශ්වාසයකින් සිත සැහැල්ලු කොට ගැන්මට තැත් කළෙමි. 

" එන්න එන්න කරුණාකරල ඉඳගන්න. " කදිම නිල් ටයි පටියකින් සහ කළු කෝට් එකකින් යුතු ඇඳුම් කට්ටලයකින් සැරසුනු වයස අවුරුදු තිස්පහක පමණ වූවෙක් පැවසීය.ඔහු වමතෙහි රොලෙක්ස් ඔරලෝසුවක් පැලඳීමට හැකි පමණ පොහොසත් වූ අතරම මා දෙස නොබලා මේසය මතවූ ලිපිගොනුවක් දෙස බලාගත්වනම මා ඇමතීමට පමණ අහංකාර ද වූයේය.

" Eye contact please " අනන්‍යා වරෙක මා අමතා එලෙස කෑගැසූ අයුරු මට එකවරම සිහිවිය. රොලෙක්ස් ඔරලෝසුධාරියා ලිපිගොනුව තුලින් මගේ ජීව දත්ත සටහන තෝරා ගත්තේය.

" සුබ සන්ධ්‍යාවක්.............." මම සුරත දිගු කලෙමි. අතට අත දීමේදී මම ග්‍රහණය මඳක් දැඩි කලෙමි. අතට අත දෙනකොට ටිකක් තදිං අත මිරිකල අල්ලන්න ඕන. එහෙම කලාම ඒක දැඩි ආත්ම විශ්වාසයේ සහ ආධිපත්‍යයෙ නොවරදින සළකුණක් හැටියටයි සැළකෙන්නෙ. සම්මුඛ පරීක්ෂණ වලට පළමු නේවාසිකාගාර පුරා තැන තැන රැස්ව සාකච්ඡාකල මගේ සගයෝ එසේ යෝජනා කොට සම්මත කොට ගත්හ.

" මම රහූල් අහුජා, කළමනාකාර අධ්‍යක්ෂ සංයුක්ත මූල්‍ය කටයුතු …" යයි පවසමින් රොලෙක්ස්ධාරියා මගේ සුරතගෙන සෙළවීය.

ඉක්බිති ඔහු දකුණු පස හිඳහුන් වසර තිහක් පමණ වයසැති වූවද වසර තුනක දරුවකු සේ කුළෑටි සහ බයාදු පෙනුමකින් යුතුවූවෙකු දෙසට හැරුණේය. " මේ දේවේෂ් ෂර්මා, උප සභාපති - මානව සම්පත් ……" 

මම දේවේෂ් දෙස පරීක්ෂාවෙන් බැලීමි. උප සභාපති තනතුරක් දරූවද ඔහුගේ වූයේ නිතර බියපත්වූ කිසිදු ස්ථිර තීරණයකට එලඹිය නොහැකි බානසුල්ලෙකුගේ පෙනුමකි.වසරින් වසර සේවයට එක්වන එම්.බී.ඒ. උපධිධාරීන්ගේ මමංකාරය සහ ආත්ම මාන්නය සංසිඳවනු උදෙසා ඔවුන් සියල්ලන්ටම උප සභාපති තනතුරු ප්‍රධානය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට සිටි බැංකුවෙහි උප සභාපති තනතුර දරන්නවුන් හාරසියයකට අධික සංඛ්‍යාවක් සේවය කරන බව පසුගිය දිනෙක කොහේ හෝ පුවත්පතක පලවී තිබුණු බව ඒ හා සමඟම මගේ මතකයට ආවේය. ඇත්තෙන්ම එම ප්‍රතිපත්තිය හේතුකොටගෙන උප සභාපති තනතුරෙහි ගෞරවනීයත්වය හීනවී ගියද එය එම තනතුරු දරන්නවුන්ට මහත් ගර්වයක් විය.

සම්මුඛ පරීක්ෂණය ඉදිරියට ගෙන යන ලෙස රහූල් දේවේෂ්ට සුරත ඔසවා සංඥා කළේය.

" ඉතිං ක්‍රිෂ්, ඔයාගෙ මූලික උපාධිය කාලෙදි ලබාගත්තු ලකුණු බොහොම මදි කියලයි මේ බයෝ ඩේටා එක බැලුවම මට හිතෙන්නෙ. " දේවේෂ්ගෙ කටහඬ කොතෙක් සිහින් වීද යත් අප පාසලේ ඔහු ඉගෙනුම ලැබූයේ නම් වාරාවසානයේ රඟදක්වන වේදිකා නාට්‍ය සියල්ලේ ගැහැණු චරිතයන් ඔහුට නිතරඟයෙන් ලැබෙනු අත

ෂෙහ්, මේ යකා ඒක දැක්කනෙ මේ පොඩ්ඩට..මම තොළ මැතිරීමි. 

" මොකක් හරි කිව්වද?... " වහා හිස එසවූ දේවේෂ් විමසීය.

ඕන නැති කතා නවත්තනවද කරුණාකරල..මම මටම අවවාද කොට ගතිමි. " නෑ, නෑ, මොකුත් නෑ. හ්ම්ම්ම්……" මම උගුර පෑදීමි.

" ඉතිං ක්‍රිෂ් මොකද වුනේ? " දේවේෂ් යලි විමසීය.

මම කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය, දවසම පීස්සු කෙලින යාලුවො සෙට් එකකුත් හිටිය, ඇල්කොහොල්, ඒ අතරට ඉඳහිටල හීංවට මලක්, ඔය ඔන්න ඔව්ව ඔක්කොම එකතු උනහම තමයි ඔය සන්තෑසිය වුනේ ලොක්කා මට අන්න එහෙම සම්පූර්ණ ඇත්ත කියන්ටයි ඕන වුනේ. ඒත් අනන්‍යා මට කලින්ම කියල දීල තිබ්බ දෙන්න ඕන උත්තරේ.

" ඇත්තටම වුනේ මේකයි මිස්ටර් ෂර්මා…" මම ඔහුගේ නම අවධාරණය කරමින් කථා කලෙමි.එළෙස තමන්ගේ නම අවධාරණය කරමින් කථා කරන කල්හි ඕනෑම පුද්ගලයකුගේ සිත පහන්වන බව මට කියාදුන්නේ ද අනන්‍යාය.

" මම I.I.T. එකට ඉස්සෙල්ලම ඇතුල්වෙනකොට මම දැනගෙන හිටියෙ නෑ එතන හොඳ අධ්‍යාපනයක් ලබන්ට කොච්චර මහන්සි වෙන්න ඕනද? කොච්චර කැපකිරීමක් කරන්න ඕනද කියල. ඉතිං I.I.T. වගේ තැනකදි ආරම්භය හරිගියෙ නැත්තං පස්සෙ වැරැද්ද හදාගන්ට කොච්චර මහන්සි වුනත් එහෙම කරන එක හරිම අමාරුයි. ඒත් බලන්න මගෙ I.I.T. එකේ අන්තිම සෙමෙස්ටර් එකේ ළකුණු හොඳයි.ඒ වගේම I.I.M.A. එකේ මගෙ ළකුණු හොඳටම හොඳයි. ඒ කියන්නෙ පැහැදිලිවම මම මගේ වැරදි හදාගෙන තියනව කියන එක නේද? " 

ඉන්පසු මිනිත්තු විස්සකට අධික කාලයක් ගෙවී ගියේ " ණයවර කාඩ්පත් භාවිතය ඉන්දියාවේ නුදුරු අනාගතයේදී වර්ධනය වේද? " සහ " ඉන්දියාවේ දැනට සැපයෙන බැංකු සේවා තවත් වැඩි දියුණු කොටගත හැකිද? " වන් කිසිදු අර්ථයකින් තොර ප්‍රශ්න විමසීමටය. ඔවුන් අපේක්ෂා කල පිළිතුරු නොපැකිලව එක එල්ලේ ලබාදීමෙන් මම ඔවුන් අමන්දානන්දයට පත් කළෙමි." එසේය, ණයවර කාඩ්පත් භාවිතය ඉන්දියාවේ නොවැරදීම වර්ධනය වේවි " සහ " එසේය,...ඉන්දියාවේ බැංකු සේවා තවත් බොහෝ වැඩිදියුණු කල හැක." 

ඒ සියලු ප්‍රශ්න සහ පිළිතුරු අවසානයේ ඔවුහු ඉතාම වැදගත්ම පැණය විචාලෝය. " ඇයි ඔබ සිටි බැංකුවේ සේවයට බැඳීමට තීරණය කළේ? " 

ඕක අහන්ටත් දෙයක්ද ලොක්කා? මට සිටි බැංකුවට බැඳෙන්ට ඕන මම ඉන්ටර්වීව් ගිය අනික් බැංකු පහම මාව දොට්ට දාපු හින්ද. හොඳින් පපුව පුරා හුස්මක් ගෙන මම ඒ මෝඩ සිතුවිලි අකා මකා හලෙමි. ඔන්න පුතා අල්ලෙ පැලවෙන බොරු කියන වෙලාව. හරියට තිතට ඇණේ ගහගත්තෙ නැත්තං ජීවිතේම ඉවරයි. උඹේ අනාගතේ තීරණය වෙන තත්පර තිහ පටන්ගන්නවා..ඔන්න..මේ...දැන්....

" මිස්ටර් අහුජා..... ප්‍රශ්නෙ ඇවිල්ල ඇයි සිටි බැංකුව තෝරගත්තෙ කියන එක නෙවෙයි. ඒ ප්‍රශ්නෙ ඇත්තටම වැරදියි. ඇත්තම ප්‍රශ්නෙ මේකයි. ඇයි තමන්ගෙ අනාගතය ගැන රටේ අනාගතය ගැන හිතන අධිෂ්ඨානශීලී දක්ෂ, කාර්යශූර ඕනම තරුණයෙක් හෝ තරුණියක් වෙන ආයතනයකට යන්නෙ? නැත්නම් වෙන එහෙම යන්න තැනක් මේ රටේ තියනවද? " 

" සිටි බැංකුව කියන්නෙ ලෝකෙ ලොකුම පෞද්ගලික බැංකුව.සිටි බැංකුවෙ කීර්තිනාමය ඉතා ඉහලයි. සිටි බැංකුව ඉන්දියාව වෙනුවෙන් විශාල කැපකිරීමක් කරල තියනව.ඒ වගේම සිටි බැංකුවෙ හැම අංශයකම ඕනම දක්ෂ තරුණයෙකුට හෝ තරුණියකට දියුණු වෙන්න අවස්ථා සිය දහස් ගණනින් තියනව.සිටි බැංකුව කියන්නෙ ඇත්තටම බැංකුවක් නෙවෙයි. දිනෙන් දින ඇදහිය නොහැකි වේගයෙන් වර්ධනය වන මහා විසාල යෝදයෙක්. " 

මගේ දේශනය මඳකට නවතා මම ඔවුන් දෙස පරීක්ෂාකාරීව බැලූයේ මගේ අඛන්ඩ දේශණයට ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක් වියහැකිද යන තැතිගැන්මෙනි නැතහොත් දෙගිඩියාවෙනි.රහූල් ඇසිපිය නොහෙලා මා දෙස බලා සිටියි. දේවේෂ් සෙමින් හිස ඉහළ පහළ සොලවයි.දෙවියන්ට ස්තූති වේවා! ඔවුන් මගේ කථාවෙන් වශීවී ඇති අයුරකි. 

" ඒ ඔක්කොමත් පැත්තක තියමුකො. ඇත්තම කිව්වොත් මම සිටි බැංකුවට බැඳෙන්ට තීරණය කරන්ට ප්‍රධානම හේතුව රහූල්, " මේවනවිට අප කෙතරම් සමීප වී ඇත්දැයි හැඟවීමට මම ඔහුගේ මුල් නම භාවිතා කළෙමි. " මගේ පරමාදර්ශී චරිත එක්ක කිට්ටුවෙන් වැඩ කරන්ට තියනව නම් ඒක තමයි ජීවිතේ මම ලබන ලොකුම ජයග්‍රහණය. ඔබ දකින කොට මට හිතෙනව ඔබ මගේ පරමාදර්ශී චරිතයක් කියල.මටත් ඔබ වගේ වෙන්න ඕන රහූල්,මට එහෙම දේකට අවස්ථාව ලැබෙන්නෙ සිටි බැංකුවට බැඳුනොතින් විතරමයි. " 

අධික ප්‍රීතියෙන් රහූල්ගේ මුහුණ රත්පැහැ ගැනෙනු මම බලා සිටියෙමි. " කොහොමද?....... මම අහන්නෙ කොහොමද ඔයා තීරණය කලේ ඔයාටත් මම වගේ වෙන්න ඕනය කියල? මම අහන්නෙ …...මේ කොයි වෙලාවෙද? " 

මිනිසුන් කොපමණ කීර්තිමත් සහ උසස් තනතුරුවලට හෝ තත්ත්වයකට පත්වුවද ප්‍රශංසා ඇසීමට හෝ තමන්ගේ ගුණ ගයනු ඇසීමට ඇති ආශාව, තණ්හාව කිසිදිනෙක ප්‍රහීන කර නොගන්නෝය.

" මම ඔබව දැක්කා දවස් දෙකකට කලින් තිබ්බ ආයතන හඳුන්වාදීමේ මූලික දේශන මාලාවෙදි.මම ඒ වගෙ දේශන දහයක් දොළහකටම සහභාගි වුනා. ඒත් ඔබ ඒ දේශනය ඉදිරිපත් කරපු ආකාරය හරිම චිත්තාකර්ෂණීයයි. ඔබේ අදහස් ඔබේ සංකල්ප ඔබ නිකම් මේ පලිඟුවක් වගේ, පැහැදිළි නිල්දිය දහරක් වගේ ඉදිරිපත් කලා.මම හිතනව ඒ සිටි බැංකුවටම ආවේණික ශෛලියක් වෙන්න ඕන. ඔයාල ගාව තියනව ඒ නිර්මානශීලිත්වය. ඒ හැකියාව..මොකද කියන්නෙ දේවේෂ්? " 

අන්ද මන්ද වූ දේවේෂ් දෑස් විදහාගත්වනම මදෙස බලා සිටියේ සිහි එලවාගත නුහුනු අයුරකිනි. " ඔව් ඔව් අපි මානව සම්පත් අංශයෙන් තෝරගන්නෙ ඉතාම සුදුසු අය විතරමයි " අවසන ඔහු එසේ පවසා යලි මේසය මතවූ ලිපි ගොනුවක් පෙරලා ගත්තේය.

" නැහැ, එච්.ආර්. එක කරන්නෙ මම තෝරල දෙන අය බඳවගන්න එක විතරයි. " ඉතා දක්ෂ සහ කාර්යශූර පුද්ගලයින් පමනක් සිටි බැංකුවට බඳවා ගැනීමේ ගෞරවයෙන් කොටසක් හිමිකොටගනු රිසිවූ රහූල් වහා පැවසුයේය. 

" මටත් ඇත්තටම හිතුනා එහම දෙයක් තමයි වෙනව ඇත්තෙ කියල " මම වහා පැවසීමි. 

හිඳහුන් අසුන පසුපසට තල්ලු කොට රහූල් එක්වරම නැඟී සිටියේය." ක්‍රිෂ්, මේක අහන්න, අපි අවංකව කතා කරමු. මම ඔයාට කැමතියි.අපි මේ වෙනකොට එක පුරප්පාඩුවක් ඇරෙන්න අනික් ඔක්කෝටම කට්ටිය බඳවගෙන තියෙන්නෙ.මම කැමතියි ඒ අවසාන අවස්ථාව ඔයාට දෙන්න. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ අපේ අභ්‍යන්තර බඳවාගැනීම් පටිපාටිය විදිහට මූලික උපාධියෙ අඩුගානෙ ලකුණු හතක ග්‍රේඩ් එකක්වත් තියෙන්න ඕන. " 

මදැයි ඉතිං?...කෙලියා නේද? ඔය තියෙන්නෙ බඩු...සික් ..ඒ කාලෙ පිස්සු කෙලපුවගෙ රඟ තමයි මේ...ජීවිතේටම මට එව්වයින් ගැලවීමක් නැද්ද කොහෙද? සමහරවිට අර කලිං බැංකු පහම මාව රිජෙක්ට් කලෙත් මේ හින්දම වෙන්න ඇති..හ්ම්ම්ම්ම්..හපොයි…

" ක්‍රිෂ්ට චාන්ස් එකක් දෙන්න මම ඇත්තටම කැමතියි..ඒත් මේ ග්‍රේඩ් එක තමයි…" රහූල් පැවසූයේ මගේ ප්‍රථිඵල ලේඛණයට සුරතේ දබරැඟිල්ලෙන් තට්ටු කරමිනි.

මොහොතක් කල්පනා කරමින් හුන් ඔහු යටි තොල විකාගනිමින් දේවේෂ් දෙසට හැරුනි. " දේවේෂ් මොකද කියන්නෙ? " 

මානව සම්පත් අංශයට සම්බන්ධ බහුතරයක් මෙන්ම දේවේෂ් ද තම වෘත්තීය ජීවිතයේ කිසිම දිනක ස්වාධීන තීරණයක් ගෙන නොමැත්තෙකි." මේ ගැන අපි ජී.එම්. ගෙන් අහල හිටියොත් හොඳයි කියලයි මට හිතෙන්නෙ. " 

" නෑ කාගෙන්වත් අහන්න ඕන නෑ. අපි දෙන්න මේක තීරණය කරමු.. ….." 

" සර්, ඒ වුනාට....මෙතන මේ ග්‍රේඩ්ස් ප්‍රශ්නයක්නෙ…" දේවේෂ් එසේ පවසා මා දෙස බැලීය. ඒ සමඟම හිස හරවා මදෙස බැලූ රහූල් මා ඇමතීය. 

" ක්‍රිෂ්, අපිට විනාඩි පහක් දෙනවද? " 

" ෂුවර්, මම එලියෙං ඉන්නං එතකල් ………" ඔවුන්ගේ අනුකම්පාව දිනාගන්නා අටියෙන්, මට හැකි උපරිම අහිංසක ලෙස සිනාසෙමින් මම පැවසුවෙමි. 

" ස්තූතියි, අපි ඔයාට ආයෙම කතා කරනව. ඒ හින්ද අර උදව්වට ඉන්න ළමයට කියන්න ඊළඟ එක්කෙනා අපි කියන කල් ඇතුළට එවන්ට එපා කියල. " 

69 comments:

  1. "මගේ පරමාදර්ශී චරිත එක්ක කිට්ටුවෙන් වැඩ කරන්ට තියනව නම් ඒක තමයි ජීවිතේ මම ලබන ලොකුම ජයග්‍රහණය. ඔබ දකින කොට මට හිතෙනව ඔබ ඉන්දියානු ඉතිහාසයේ පහළවුණු පරමාදර්ශී චරිතයක් කියල. මට ඔබේ දෑත් ශක්තිමත් කරන්න ඕන රහූල්, මට එහෙම දේකට අවස්ථාව ලැබෙන්නෙ සිටි බැංකුවට බැඳුනොතින් විතරමයි."

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා,

      ඔය දෑත් සක්තිමත් කිරිල්ල බෝම පරිස්සමින් කරන්න ඕන වැඩක්.මොකද අරූට කෙලින්න දෑත් සක්තිමත් කලාම ඌට කෙලල නතර වෙන අය බොහොම අඩුයි. ඒ එක්කම ආපහු හැරිල අපිටම කෙලින්න ගන්නව.පළමෝත අත්දැකීම් ඉකොනොමැට්ටා පළමෝත අත්දැකීම්..( පළමෝත වදනෙහි නිර්මාතෘ ටැබූට ස්තූතියි )

      Delete
    2. අරූට කෙලින්න තැත්කිරීමට මගේ බලවත් විරෝධය.

      Delete
  2. ඔය වගේ යකෙක්ව ගන්නම ඕනේ........අම්මපා

    ReplyDelete
    Replies
    1. බණ්ඩා,

      හෙහ්..ඒකත් හරි, ...:)

      Delete
  3. ඈස් යූසුවල්, පර්ෆෙක්ට්. මේකෙ නම් ගම් නිසා හැර පරිවර්ථනයක් කියල කියන්නත් බැරිවෙනව.

    ReplyDelete
  4. මේ කෑල්ල බගතා මෙන්ම රවියා ද ඉටිකිරිස් විදිහට ලියා ඇත....

    ReplyDelete
    Replies
    1. තිසර,

      බොහොම ස්තූතියි මල්ලි...:)

      Delete
  5. //පාන් රෝලෙන් කුඩා කැබැල්ලක් බිඳගත් ඈ ඒ මත හොදි සවල්පයක් තවරා මා මුවෙහි තැබුවාය.//
    //හඬනඟා සිනාසෙමින්ම ඇය අත පිසිනා ටිෂූ කඩදාසියක් ගෙන මගේ මුව පිසදැමුවාය.//

    මාර ආදරයක්නේ? :D

    //ඇය මගේ පෙම්වතිය වීමට පමණ මම භාග්යවත් වූයේ කෙසේදැයි මම දෙනෙත් පියාගෙන සිතන්නට වීමි.//

    හැම කොල්ලෙක්ම මෙහෙම හිතනවා නම් කොච්චර දෙයක්ද? :P

    //ඕක අහන්ටත් දෙයක්ද ලොක්කා? මට සිටි බැංකුවට බැඳෙන්ට ඕන මම ඉන්ටර්වීව් ගිය අනික් බැංකු පහම මාව දොට්ට දාපු හින්ද.// :D:D

    මිනිස්සු නවකතා ලියන්ට ඕනි මේ නොකියන කොටස්වලින් ....

    පාවෝ - භාජි වගේම කතාවත් රහයි රවි.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි,

      / හඬනඟා සිනාසෙමින්ම ඇය අත පිසිනා ටිෂූ කඩදාසියක් ගෙන මගේ මුව පිසදැමුවාය./ / මාර ආදරයක්නේ? :D /

      මාර ආදරයක් තමයි..ඔය කට පිහදැමිල්ල මොන කෙහෙම්මලක්ද ඒයි..අපේ උන්දැ මගෙ මුලු ඔලුවම පිහ දාන්නෙ ඔය ඉස් මුදුනට හොදි හැලිච්චි වෙලාවට.

      මොකක්ද ඇහුවෙ? කොහොමද එහෙම හොදි හැලුනෙ කියල ඇහුවා? ….ඒව ඕන නෑනෙ ඔහේට....හා...හා..හරි හරි ඉතින් ආය මොකටද?... ඇත්තම කියන්නන්කො...උන්දැම තමයි හොදි දීසිය මයෙ ඔලුවෙ හැලුවෙ...ඒ මොනව උනත් පිහදාන එකනෙ වටින්නෙ නැද්ද හා?

      / ඇය මගේ පෙම්වතිය වීමට පමණ මම භාග්යවත් වූයේ කෙසේදැයි මම දෙනෙත් පියාගෙන සිතන්නට වීමි./ / හැම කොල්ලෙක්ම මෙහෙම හිතනවා නම් කොච්චර දෙයක්ද? :P /

      හැම කොල්ලම එහෙම හිතයි හැම කෙල්ලම අනන්‍යාවගෙ හිතනවනම්, හැසිරෙනවනම්.. If some girl would agree to live together for 2 years with me I would most certainly think like that about her….ohhh, yes…..

      Thanks Madam….:)

      Delete
    2. රවී මහත්තය ඔය ක්‍රිශ් ගොයියට වඩා හොඳයි. අවුරුදු දෙකක් නෙමෙයි දවස් දෙකක් කෙල්ලෙක් ඔහොම රවිත් එක්ක ආවත් 'හොඳට සළකයි'. නැද්ද මං අහන්නේ ලංකාවේ උන් ඉතින් ආගන්තුක සත්කාරයට කැමතියිනේ. ඩී එන් ඒ සාම්පල් දෙන්න උන දාට තමයි කෙළවෙන්නේ.

      Delete
    3. //If some girl would agree to live together for 2 years with me I would most certainly think like that about her….ohhh, yes…..//

      හොදි, හැලි වලං ද සමග, ඔන් ද වේ.
      තාරාව මෑන් තාරාව !

      Delete
    4. Pra,

      / හොදි, හැලි වලං ද සමග, ඔන් ද වේ. 
      තාරාව මෑන් තාරාව ! /

      තාරාවා හරියන්නෙ නෑ ප්‍රා තාරාවා හරියන්නෙ නෑ. She is a P.T.I. by profession and she knows all about selling dummies. Feigning a throw and hitting the bull's eye with the next is like කජු කනව වගෙ ඒ අම්මණ්ඩිට… So actually there is no hope for me… :(

      Delete
  6. අනන්‍යා කතා කරන භාශා විලාසයයි කොස් කපන ළමයගේ භාශා විලාසයයි දෙකම එක වගේ නේද???
    "බලන්ටකො මම කිසි ගාණක්නැතුව ඉන්න අපූරුව"
    "ඔයා හිතන්නෙ එහෙම ඇස් පියාගෙන මාව තෝරගන්ට ඒ මිනිස්සුන්ට මොකක් හරි පිස්සුවක් එහෙම තියනවයි කියලද"
    "හරි ඔයා මෙහෙම කියන්ටකො එහෙනම්"
    අනන්‍යා නුවර මැණිකේ කෙනෙක් වගේ කතා කරනකොට මට ටිකක් අවුල්
    වෙන කාටවත් නොතේරෙන්නේ මගේ අවුලක්ද මන්ද

    no offense

    ReplyDelete
    Replies
    1. මගේ ලොවෙන්,

      සින්හලට පරිවර්තනය කරනකොට තමන්ට සුපුරුදු ශෛලියට තමා ලියවෙන්නෙ...ඒ ක වැරදියි කියල ඔයාට හිතෙනවද?

      Delete
  7. // " ක්‍රිෂ්? මොකෝ? ඔයාට මොනවත් කියන්න ඕනද?...." දෙබැම රැළිකොටගෙන ඇය විමසුවාය.

    " ආ..ඔව්..ඔව්..ඔයාට තව පාවෝ-භාජි ඕනද? " මම නැඟී සිටිමින් විමසුවෙමි.// නෙද්දකිං.

    මොනව උනත් බැංකු කාරයින්ටනං කියන්න ඕන දේ නියමෙට කියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / මොනව උනත් බැංකු කාරයින්ටනං කියන්න ඕන දේ නියමෙට කියල තියෙනව. /

      බිස්නස් කාරයො කොහොමත් බැන්කු කාරයො එක්ක ජම්මාන්තරයි. හබැයි බිස්නස් රෝල් කරගන්නෙත් බැන්කුවල උදව්වෙන් තමයි. ඒත් පොඩ්ඩ බැරිවුන ගමන් අම්ම මෝ නැතුව පස් පඩන්ගුවෙ බයිනව...හෙහ්,හෙහ්,

      Delete
  8. රවි,
    කී දෙනෙක් ඉන්ටවිව් කලත් මේ වගේ හිතක් කියෙව්වෙ නෑ. හරිම දක්ශ විදිහට ඉන්ටවිව් බෝඩ් එක තම බාරයට අරන්. හරිම ආසාවෙන් කියෙව්වෙ. භාජි නම් හරිම රස සරල ආහාරයක්. ආදරය එක්කහු උනාම තවත් රස වැඩිවෙනව නෙ.

    ReplyDelete
    Replies
    1. චාන්දි,

      බොහොම ස්තූතියි....:)

      Delete
  9. එල ද බ්‍රා පොරවල් දෙකක්
    ක්‍රිෂ් සහ ඔයා
    මටත් ඉන්ටවිව් එකකදි මේ වගේ අත්දැකිමක් තියනවා..

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා,

      උඹ හිටියෙ ඉන්ටවීව් කරන්නද? ඉන්ටවීව් එකට භාජනය වෙන්ටද?

      Delete
    2. ඉන්ටවිව් එකට එන අයට බ්‍රාස් අන්ඳවන්න

      Delete
    3. ///ඉන්ටවිව් එකට එන අයට බ්‍රාස් අන්ඳවන්න///
      අපිට කොහෙන්ද ඉතිං ඒ වගේ චෑන්ස්... :(

      Delete
  10. //පාන් රෝලෙන් කුඩා කැබැල්ලක් බිඳගත් ඈ ඒ මත හොදි සවල්පයක් තවරා මා මුවෙහි තැබුවාය.//
    //හඬනඟා සිනාසෙමින්ම ඇය අත පිසිනා ටිෂූ කඩදාසියක් ගෙන මගේ මුව පිසදැමුවාය.//

    ඒ වගේ ආදරයක් මම ලැබුවෙ ඩ්‍රැකියානිගෙන් විතරයි. ඉතිං රවිතුමාට තේරෙනවනෙ, පොඩි පොඩි නොගැළපීම් තිබ්බට අපි ඉටිකිරිස් ආකාරයෙන් ඉන්නෙ කොහොමද කියලා...?

    ReplyDelete
    Replies
    1. මිශ්‍ර ඉස්කෝලෙක ඉගෙන ගත්තනම් උඹට ඔය විතරයි කෑල්ල ලියන්ඩ වෙන්නෙ නෑ. හන්තානෙ ගිහින් කෙල්ලො අපේ යටි පල්ලෙයි ,ඔලුවෙයි දෙහි ගගා මල් මල් ලේන්සු වලින් කට පිස්සෙ.

      Delete
    2. ඩ්‍රැකී,

      / ඒ වගේ ආදරයක් මම ලැබුවෙ ඩ්‍රැකියානිගෙන් විතරයි. ඉතිං රවිතුමාට තේරෙනවනෙ, පොඩි පොඩි නොගැළපීම් තිබ්බට අපි ඉටිකිරිස් ආකාරයෙන් ඉන්නෙ කොහොමද කියලා...? /

      අඩේ පිස්සුද බන්? මට පේන්නෙ අර මම උඹල දෙන්න එකට ෆිල්ම්ස් බලන්නෙ නැතුවට කිව්ව කතාව උඹ සිරා අරගෙන වගේ...හෙහ්, ඒක ගනන් ගන්න එපා.

      අන්න හැබැයි ඒකට අපෙ උන්දැ..ෆුල් අන්ඩස්ටෑන්ඩින්..සමහර වෙලාවට මම ඔය රෑ දෙගොඩහරිය වෙනකල් ෆිල්ම්ස්, ක්‍රිකට් මැචස් එහෙම බලනවනෙ. උන්දැ එව්ව බලන්නෙ නෑ. ඒත් අවුලකුත් නෑ. මම ඉඳගෙන ටී.වී. බලන තැනටම ගෙනත් එහෙම දෙනව..මොනවද කියල ඇහුව?..තේද? කෝපිද?....නෑ..නෑ...මගෙ කොට්ටෙයි පොරෝන රෙද්දයි..

      ඒ මොකෝ කියල ඇහුව? ඒක මෙහෙමනෙ..කොට්ටෙයි රෙද්දයි ගෙනල්ල දීල කියනව බොහොම ආදරෙන් " මේ ඔය කෙහෙම්මල් බලල ඉවරවුනාම රෑ තිස්සෙ ඇඳට ඇවිල්ල මගෙ නින්ද කඩන්නෙ එහෙම නෑ තේරුණාද? බලන එකක් බලල ඉවර වෙලා මෙතනම නිදාගන්නව..."ආන්න මල්ලි ඒකයි එකිනෙකා තේරුම් ගැනීම කියන්නෙ. ඒකයි අන්ඩර්ස්ටෑන්ඩින් එක කියන්නෙ. ඒකයි සදාතනික සෙනෙහස කියන්නෙ..ඒකයි..ඒකයි..ඒකයි...ඔය හිස් තැන්වලට තව ඔය වගෙ අර්ථ කතන මොන මොනව හරි කැමති දෙයක් දාගනින්...

      Delete
    3. මං හිතුව අන්ඩස්ටෑන්ඩිං කියන්නෙ යටිං හිටගැනීමයි කියල (අර පඩිපෙළවල් එහෙම තියෙන්නෙ) තේරුංගැනීමය කියන්නෙ අන්ඩස්කර්ට් නේද?

      ඩ්‍රැකියානි අන්ඩස්ටෑන්ඩිං බලාපොරොත්තු වෙන්නෙ මයෙං. උන්දැට අර බාර්ෆි (ඒකත් අපි ජෝඩු දාල බලපු ෆිල්ම් එකක්.) ෆිල්ම් එකේ වගේ මයෙ චූටි ඇඟිල්ල අල්ලගත්තෙ නැත්තං නින්ද යන් නෑ.

      අර හිස්තැං වලට මේ වචන හරි නේද? මාලිමාව, නාරිකේල මනිපත්‍රය, කදෝපැනිවත, උරචක්‍රමාලය...

      Delete
    4. චූටි ඇඟිල්ල අල්ලගැනීම ගැන රවි මහතා දක්වන ප්‍රතිචාරය කියවීමට පුල පුලා බලා සිටිමි

      Delete
    5. Ian & Pra,

      මේ පසුගිය උසස් පෙළ විභාගයට මුහුණදුන් දදරුවන් පවා මේ වියුණුව කියවන බව හොඳින් දන්නා හෙයින් චූටි ඇඟිල්ල අල්ලා ගැනීම පිළිබඳව කිසිවක් ප්‍රකාශ කිරීමෙන් වැළකෙමි.

      Delete
    6. උඹලා බලලා තියෙනවද ඇඩම් සැන්ඩ්ලර් එක්ක ජෙනිෆර් ඇනිස්ටන් ඉන්න Just Go With It මූවී එක.
      ඒකෙ ඇඩම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. ජෙනිෆර් පොරගෙ සහායක. එක පොරක් මුගෙ ඔෆීස් එකට ඇතුල්වෙනකොට ඇඩම් ඇහිබැම අප්සෙට් වෙච්ච තව ලෙඩෙකුට කියනවා මුගේ පුරුෂ ලිංගය විශාල කරන සැත්කමක් කරලා තියෙන්නේ කියලා. ගෑණි පුදුම වෙලා ඇත්තෙන්ම එහෙම ඒවා මිහිස්සු කරනවද කියලා අහලා හිනාවෙනවා. ගෑණි ගියාට පස්සෙ පොරක් කියනවා ඇයි ඕයි මගෙ සර්ජරි එක ගැන හැම එකාටම කියන්නේ කියලා. ඇඩමා හිනාවෙල කියනවා ඕක රහසක්යැ බං උඹ හිතන්නේ ඕක ජෙනිෆර් දන්නේ නෑ කියලද? මම ඕක කරනකොට එයාත් හිටියා. ඒකි තමයි ලොකු කරලා බලන කාචෙ ආල්ලන් හිටියේ."
      එතකොට ජෙනිෆර් කියනවා, "ඔව් ඔව්. ඒකයි ට්වීසර් එකයි,"

      හිතලා බලහං කොයි සයිස් එකට තියෙන්න ඇද්ද කියලා සර්ජරි එකට කලින්,

      ඒක නෙවෙයි. මොකක්ද උඹේ පොඩි ඇඟිල්ල ගැන කිව්වේ?

      Delete
  11. // " ක්‍රිෂ්? මොකෝ? ඔයාට මොනවත් කියන්න ඕනද?...." දෙබැම රැළිකොටගෙන ඇය විමසුවාය.

    " ආ..ඔව්..ඔව්..ඔයාට තව පාවෝ-භාජි ඕනද? " මම නැඟී සිටිමින් විමසුවෙමි.//

    මේ වගේ කෑල්ලක් ශ්‍රෙක් ෆිල්ම් එකෙත් තියෙනවා.

    ෆියෝනා,
    ඔව් ශ්‍රෙක්?
    මං අහන්න ගියෙ...
    ඔව්?
    ඔයා ඔය අන්තිම මීයව කනවද ?

    දැං කියහං ඒකත් බලල නෑ කියල හිටං...

    ReplyDelete
    Replies
    1. හැක්... ක්‍රිෂ් ගෙ මීය කෑවොත් හොඳට තියෙයි.

      Delete
    2. ඩ්‍රැකී,

      / දැං කියහං ඒකත් බලල නෑ කියල හිටං… /

      හෙහ්, ශ්‍රෙක් නම් දවසක් පොඩි කෑල්ලක්ද කොහෙද බැලුව....:)

      Delete
    3. බලහං බලහං රයි මාමා, ෆිල්ම් දැනට 4 ක්ම තියෙනවා. පට්ට කියන්නෙ ආයි නෑ... වචන නෑ ඈ ...

      Delete
    4. නෑ ප්‍රසා, ශ්‍රෙක් කන්නෙ ෆියෝනගෙ මීයව...

      Delete
  12. මේ කොටස සුපිිරියටම තියෙනවා. මට නිකං සිග්නල් ලයිට් එකක් බ්ලින්ක් වෙනවා වගේ බගතාද රවියද කියල හිතුනා. හැක්

    අන්න බං උම ගුරුවරියක සමග කියල ලියපු වචනේ කොපි කරල ටීචර කෙනෙක් බ්ලොග් එකක ලියනවා. පොඩ්ඩක් චෙක් කරල බලහං.. පරාලයද කියලා. හැක්

    http://guruwariyakageimathakaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. දේශා,

      / පරාලයද කියලා. හැක් /

      නෝ අන්ඩර්ස්කර්ට්.......:(

      Thanks Desha…:)

      Delete
  13. පසු ගිය කොටසින් මට ටිකක් මේ කතාව බෝරිං උනා , දැන් ආයෙත් හරියන පදමට ඇවිත්. මමත් මුහුණ දුන්නු පලමු සහ එකම සම්මුක පරීක්ෂණය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. කම්මල.

      අඩේ මේ මම අහන්ටමයි හිටියෙ..ඔය උඹෙ කමෙන්ට් ඩබල් ඩබල් වැටෙන එකෙන් මොකවත් ප්‍රයෝජනයක් ගන්ට එහෙම බැරිවෙයිද? නිකමට මෙහෙම කරල බලහන්කො මම කිව්වට. ආය කමෙන්ට් එකක් දානකොට ඒ ලඟම තියාගනින් බෑග් එකක දාල ..ම්ම්ම්ම්..අපි කියමු විස්කි බෝතලයක් වගෙ මොකක් හරි..කමෙන්ට් එක ඩබල් වැටුනට පස්සෙ මිනිත්තුවක් දෙකක් වගෙ ඉඳල අර බෑග් එක අරල බලහන්..ඩෙෆිනීට්ලි විස්කි බෝතල් දෙකක් ඇති බෑග් එකේ....හෙහ්,හෙහ්,අන්න මල්ලි ඒකට තමයි කියන්නෙ මන්ජුසාවෙන් පරිබාහිරව සිතීම නොහොත් Thinking out of the box කියල.

      Delete
    2. තියෙන විස්කි බෝතලෙත් නැතිකරගන්න වැඩක් තමයි ඔය

      Delete
    3. හුකෑස් (මහ හයියෙං...)

      Delete
    4. විස්කි බෝතලයක් නම් වැඩිපුර ආවට මොකක් වෙනවද? අනිත් වැඩ කරන කොට පරිස්සමෙන් ළමයි දෙන්න දෙන්න හම්බුවෙයි.

      Delete
  14. පසු ගිය කොටසින් මට ටිකක් මේ කතාව බෝරිං උනා , දැන් ආයෙත් හරියන පදමට ඇවිත්. මමත් මුහුණ දුන්නු පලමු සහ එකම සම්මුක පරීක්ෂණය මතක් උනා.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      අඩේ මේ ….අර මම උඩ කමෙන්ට් එකේ කියල තියන වැඩේ කරල බලහන් හොඳේ?

      Delete
  15. ඔක්කොමත් හරි... ඔය කෑමවල පින්තුර දැමිල්ල නතරකරපන් වහාම! මාව යකෙක් කරන්නද හදන්නේ ඈ ??

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      ඒකෙ සීන් එක මෙහෙමනෙ බන්..උඹ ඔය කෑම ජාති ඔක්කොම ගැන දන්නව උනාට නොදන්න අය ඉන්නවනෙ. ඒ ගොල්ලො මේ කියන්නෙ මොනවගෙ කෑමත් ගනද කියල හරියටම දන්නෙ නැත්තන් කතාව හරියට තේරුම් ගන්න අමාරු වෙනව...:)

      Delete
    2. මොන කතාවක උනත් තියෙනවනේ අම්මප ගලායාමක්. දැන් ඔතනට කෑමක් ගැන කිව්වා කියමුකෝ, කමක් නෑ ඉවසපන් පපුව කියල කියෝගෙන ගිහෑකි.. පින්තුරෙත් දැක්කම ඉතින් කතාව නෙවෙයි ඔය කෑම මතක් වෙලා ඉන්න හිටින්න බැරුව යනවා. ඊටත් එහා එව්වා නැති පලාතක ඉඳගෙන මේ විගඩම් බලන්න වෙන එක! ඉයාව් !! පුදුම දුකක්...
      එතකොට තමයි ඩෙස්කුව කාගෙන කාගෙන කාගෙන කාගෙන යන්න හිතෙන්නේ... ( අපේ උන් නම් මට කියන්නේ මට තියෙන්නේ අර බග්ස් බනී එකේ ඉන්න තස්මෙනියන් ඩෙවිල් ජාන කියල..)

      හරි හරි... මම හිතන්නේ ක්‍රිෂ් වත් මෙච්චර නහින්නේ නැතුව ඇති, නැද්ද? කාම් ඩවුන් උපේක්ෂා..... කාම් ඩවුන්.... ෂ් ....

      Delete
  16. හෙහේ,ඔච්චර ඉගෙනගත්තු,අනන්‍ය එක්ක එක ඇඳේ බුදියා ගත්තු ක්‍රිෂ්ට කෙල්ලට ඕක කෙලින්ම කියන්න බැහැ කියන්නේ අන්න එකෙන්ම පේනවානේ කොල්ලෝ කියන්නේ මොන තරම් අහිංසක ජීවින් පිරිසක්ද කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      අම්මාපල්ල ඇත්තම නෙවන්නං....හෙහ්,හෙහ්, ඇත්ත වශයෙන්ම මේ විද්වත් සාකච්ඡාව ඉදිරියට ගෙන යාම උදෙසා ඉතා හොඳ කාරණයක් අපේ මේ ගෞරවාර්හ මනෝජ් මහතා මතු කළේ..ඔබට ස්තූතියි මහතාණනි!

      Delete
  17. ලස්සන රූප පේලියක් අකුරු අතරින් මැවුනා වගේ දැනුනා...

    ReplyDelete
  18. උගේ කල් කිරියාවේ හැටියට ඔය ජොබ් එක සෙට් නොවී ගෑණිගේ ජොබ් එකෙන් ලැබෙන පඩියෙන් ජිවත් වෙන(මුල් කාලේ හරි) ප්‍රාණියෙක් බවට පත් වෙන්නත් බැරි නැහැ වගේ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා,

      හෙහ්..ඉතිං මොකද ඒකෙ වැරැද්ද?.... කාන්තාවන්ට සමතැන් දෙනව කියන්නෙ ඒක තමයි. ගෑණුන්ගෙ පඩියෙනුත් ජීවත්වෙන්ට පිරිමින්ට සම්පූර්ණ අයිතිය තියෙන්න ඕන. මම එහෙම හිටිය ඔය රස්සාවල් හම්බවෙනකල් අතරින් පතර මාසයක්, දෙකක්, තුනක් වගෙ....නියම ආතල් එක බං ඒකත්...:)

      Delete
  19. කදිමයි. මේ පරිවර්තන වැඩේ නම් නැගලා යනවා. Film එක බැලුවටත් වඩා අපූරු අත්දැකීමක් ලැබුණා . ඉදිරියටම යන්න ! ජයවේවා !

    ReplyDelete
  20. හෙහේ! රවී මේ කතාවෙන් මාව පිස්සු වට්ටෝපු තරම නිසා මං මේකෙ ඊ බුක් එකක් අරන් කියෙව්වා පහුගිය ටිකේම. දැන් කතාව දන්නවා ඒත් ඉස්සරටත් වඩා ආසයි රවීගෙ පරිවර්තනය කියවන්න.

    ReplyDelete
  21. මුල් කතාවේ රස එහෙම්මම දෙන නැත්නම් ඊටත් වැඩියෙන් දෙන සාර්ථක පරිවර්තනයක් . නියමයි රවී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලක්...:)

      Delete
  22. රවි
    කියවන්න කියලා ආවට අද වෙලාව හොදටම මදි.අද වැඩ ගොඩයි.නිදහසේ කියවන්න ඕන.ආයේ එන්නම්...

    ReplyDelete
    Replies
    1. හරි මනෝ....නිවාඩුව බලන්න....:)

      Delete
  23. මචං මම මේ ලේඛකයා අඳුනගත්තෙත් උඹේ මේ මාගලෙන්. එහෙම නැතුව මම කවදාවත් ඔය මනුස්සයා ගැන අහලා තිබුනෙත් නෑ. දැන් දැන් මට හිතෙනවා පොර ජීවත්වුනේ ඉන්දියාවෙ නෙවෙයිවත්ද කියලත්. ඒ මොකද ඉන්දියාවෙ උන් (at least the ones I know) කවදාවත් සම්මුඛ පරීක්ෂණේකදි පරීක්ෂණ මණ්ඩලේට සර් නොකියයි කියලා මම හිතන්නේ නෑ. උන් කොල්ලටයි බල්ලටයි ඔක්කොම සර් කියන උන් වෙච්චිකොට. මම දන්න උන් උන් එක්ක එකට වැඩකරන එකාටත් සර් කියනවා. හොඳම යාලුවටත් සර් කියනවා. ගෑණි මිනිහට කතා කරන්නෙත් සර් කියලා. හරි ඒක පැත්තකින් තියහංකෝ. මෙතනදි අපේ පොර මිස්ට කියලා කතා කරනවට අමතරව මෙන්න යකෝ first name basis වලටත් ඇවිත්. මම නම් හිතෙන්නේ ලේඛකයා ඉන්දියාවේ හිටපු එකෙක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      ඔබ හා එකඟයි. භගට්ගෙ පොත්වල එහෙම අභව්‍ය කියල හිතන්න පුලුවන් දේවල් බොහොම තියනව. දැන් උදාහරණෙකට ( මම මේ ගැන කලිනුත් කිව්ව මට මතකයි ) අනන්‍යා ක්‍රිෂ් එක්ක ලිවින්ග් ටුගෙදර් පාරක් දාන එක ගමු. අනන්‍යා එහෙම කරන්නෙ එයාගෙම කැමැත්තෙන්. දමිළ බ්‍රාහ්මණ වන්ශික තරුණියක් ප්‍රසිද්ධියේ එහෙම කරයිද කියන එක ප්‍රශ්ණයක්.මම කියන්නෙ නෑ එහෙම රැඩිකල් කෙල්ලො නැහැම කියල. But It would be an exception rather than the rule.

      අනික් අතට මචන් මෙහෙම දේකුත් තියනව. අපි ලියද්දි ලියන්ට ඕන රූල් එක ගැනමය කියලත් නීතියක් නෑනෙ. එක්සෙප්ෂන් එක ගැනත් ලිව්වැහැකි. මම හිතන්නෙ භගට් කරල තියෙන්නෙ ඒක.

      Delete
    2. ඉන්දියානුවෝ ඉන්ටර්විව් වලදී..xxx... is nothing but ...yyyy....කියන කෑල්ලත් හරියට දානවා නේද... හෙහ් හෙහ්

      Delete
  24. මේ තියෙන්නෙ... ටිකක් පමා වෙලා කියෙව්වෙ.. නියම රහට.. හොඳ පදමට..
    ජයවේවා..!!

    ReplyDelete
  25. කතාව පට්ට විදියටම යනවා. මේ දවස් වල නම් නියම අනුපාතෙට හැම එකම බැලන්ස් කරනවා කියල පේනවා. මම හිතන්නේ දැන් අභයාරාමේ පැත්ත පාලුවට ගිහින් හින්ද වෙන්න ඇති හෙහ් හෙහ්... මම ඔහොම එක ඉන්ටර්විව් එකකට උත්තර දුන්න හැබැයි කොහොම හරි ගන්න හිතාගෙන නෙවෙයි. හම්බුනත් එකයි නැතත් එකයි කියල හිතාගෙන .. හෙහ් හෙහ් ජොබ් එක උඩින් ම ගොඩ ගියා..

    මේ තියෙන්නේ
    http://biththiya.blogspot.my/2014/08/cv.html

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...