Thursday, December 17, 2015

376. සුට්ටං කවි හතක්…………..



බිඳුනු යස උරහිසක,
පිපි සූරියකාන්ත මලක්,
වැහි බිඳක් වැටුනු කල,
සැතපෙයි සුවෙන් සාමෙන්.

බෝඹු කෝටු අගිස්සක,
තනි අණ්ඩෙන් ඉඳිනා,
කුහුඹුවෙක් කෑගසා,
අණ්ඩ සපා ගති හිටං.

වේගයෙන් දිවගෙන ආ,
රෑ බදුල්ලෙක්ගේ හැපී,
උඩුකුරුඤ්ඤං වීගිය,
කළාමැදිරියෙක් හැඬුවේය.


සුලඟේ ලෙල දුන්,
මගේ සුදු බැනියමක්,
සුදු රෙදි හොරෙක් අරං ගොස්,
උගේ ගෙදර දොරරෙදි වලට දාගෙන.

මයිල් පිරි ගොනාගෙන් බැස,
එඬේරාගේ කකුලට ගොඩවුනු,
මැක්කෙක් අඬා වැලපී,
ආතබූත නැතුව ඉහළටම නැඟ.

අනුමෙවෙනි බණ දෙසනා,
ලොකු හාන්දුරුවංගේ සිවුරේ,
කොණක තැවරුනු කොහොල්ලෑ,
දුටු ඈ කොට කණින් සිනාසුනි.

දෙගොඩ ගලා ගිය ගංවතුර,
බැස ගියද තැනින් තැන,
රැඳුනු මඩ දිය කඩිති,
ප්‍රීතියෙන් සිනාසෙත්.

75 comments:

  1. Replies
    1. ලස්සන සුට්ටං කවි හතක්...

      Delete
    2. මනෝ,

      ලස්සන කොහොම වෙතා ඔව්වයෙ තියනව බොහ්හෝම ගැම්බූරු ටේරුං...හරිය? කොටිම්ම ඔව්ව ඇතුලෙ තියනව ලොකු අබ්බියන්තරයක්...:)

      Delete
    3. රවියා

      ඔය ගැඹුරු කතාව කියනකොට මට මතක් වුනා කවියක්.සමහර කවිවල මතුපිටින් පෙනන තේරුම නෙමෙයි ඇතුලත කතවේ තියෙන්නේ.මෙන්න ඒ කවිය...

      අම්බලමේ පිනා පිනා
      වළං කදක්‌ ගෙනා ගෙනා
      ඒක බිඳපු ගොනා ගොනා
      එකට මට හිනා හිනා

      Delete
    4. මනෝ,

      මාත් අහල තියනව ඒක..ඔතන ගොනා කියන්නෙ බුදු හාමුදුරුවොලු නේද? වලං කද කියන්නෙ කෙළෙස් මල....ඒ උපමාව නම් මෙලෝ යකෙකුට ස්වෙච්ඡාවෙන් තේරුංගන්ට පුලුවන් එකක් නම් නෙවෙයි නැද්ද බොලේ?...හෙහ්,හෙහ්,

      Delete
    5. රවි

      මොලෝ යකෙකුට කියන්නේ තේරුම්ගන්න බෑ නේන්නම්.මමත් ඕක මුලින්ම දැක්කේ පොතක.

      ගො කියන්නේ ගෞතම කියන එක
      නා කියන්නේ නායකයන් වහන්සේ කියන එකයි.එහෙම තමයි අර්ථ දක්වලා තියෙන්නෙ නම්.මෙන්න ඒ ගැන ඉතාමත් පැහැදිලි තියන ලිපියක්

      "වීෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා" කියන එකත් එකවරම පෙනෙන්නේ විෂඝෝර සර්පයෙක් දැක්කම අත්හරින එකා මෝඩයෙක් කියනව වගේ.ඒත් ඇත්තටම කියන්නේ විෂඝෝර සර්පයෙක් ඉන්න තැනකට මෝඩ අඥාණ පුද්ගලයෙක් යවන්න එපා කියලයි.ඔහු හානියක් කරගන්න පුලුවන්.තවත් තැනකදි කියවෙනවා විෂඝෝර සර්පයා කියන්නේ කෙලෙස්වලට කියලයි.පිටකයේ ආසිවිසෝපම සූත්‍රයෙත් සතරමහාධාතුන් සර්පයන්ට උපමා කර තිබෙනවා.

      Delete
    6. ඔවු ඉතිං, 'Jack and Jill went up the hill' poem එක ගත්තත් ඒකෙත් තියෙනව නෙවැ හෙන අබ්බියන්තරයක්..

      Delete
    7. බුරා කියුවා වගේ ඔහොම තේරුම් හොයන්න ගත්තොත්.. හැක හැක හැක.. බන්දුල ගුනවර්දනට හපන් මුන් දෙන්නා.. හෙට ඉඳන් මන් බුදු හාන්දුරුවොන්ට ප්‍රසිද්දියේ ගොනා කියනවා.. අයි මක්ක හරි කියල තිබ්බොත් බලා ගමුකො..

      Delete
    8. හැම වචනයකටම,අකුරටම එක් එක් පුද්ගලයා නොයෙක් ආකාරයේ අර්ථකතන දෙනවනේ.සමහර වෙලාවට ඒ අර්ථකතන නිසා සැබැම අදහස යටගිහින් වෙනස්ම අර්ථයක් මතු වෙන අවස්ථාත් තියනවා.

      Delete
    9. ඕනම දේකට තේරුමක් තියෙනවා... ඕ යේස්... මෙන්න ගස්ලබ්බගෙ සත දෙක
      http://gaslabba.blogspot.com/2015/05/blog-post_26.html

      Delete
    10. කමියා

      ඔන්න අපි නෑ ඕවට.ඔය දාලා තියෙන්නේ විද්වතුන්ගේ අදහස් නොවැ.මගේ මේ පෝස්ට් එකේ පහලින් තියෙන්නෙත් ඔය වගේ බුදු සමයේ සමහර වචන වලට විවිධ පුද්ගලයෝ ලබාදුන්න අර්ථකතන.ඕවා ඉතින් ඒ අයගේ අදහස් විතරයි.

      Delete
    11. බලාගෙන රවී අයියට විස්වාස බංගයක් ගෙනෙයි බ්ලොග් පාර්ලිමන්ට් එකෙන්.

      Delete
  2. සුන්ටං කවි හත ලස්සනයි. සොබාවරුණා, උපහාස, ව්‍යංගාර්ථ එකී නොකී විවිධාකර අර්ථයන් තේමා වී ඇති බවක් හැඟේ. මම හරිද මන්දා?

    ReplyDelete
    Replies
    1. වරාමලී,

      / මම හරිද මන්දා? /

      හෙහ්...එහෙම වෙන්නත් පුලුවන්....

      ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට....:)

      පලි - ගිය අවුරුද්දෙ අයි.ටී.එන් එකේ ගියා ටෙලි චිත්‍රපටයක් වරාමලී කියල. මම නොවරදවාම බැලුව.

      Delete
    2. mekath itn eke katha wage thama agak mulak hya ganna ba..Lol

      Delete
  3. කවි හත සුට්ටං උනාට කියන්නෙ නම් ලොකු කතන්දරයක් වගේ

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්,

      යස්, සුට්ටං පද හතරක මහ විසාල කතන්දරයක් තියෙන්න පුලුවන්...:)

      ලෝකෙ කෙටිම කෙටි කතාව අහල තියනවනෙ නේද? අර්නස්ට් හෙමිංවේ ලිව්වයි කියන්නෙ ( ලිව්වයි කියන්නෙ කියල කිව්වෙ ලිව්වෙ එයාමද කියල මතභේදාත්මක හින්ද )

      කතාවට වචන හයයි. For sale: baby Shoes, never worn.

      Delete
    2. So one day, an english professor tried to explain the importance of summarising parts of novels for essays, he proposed a competition to his students. The rules states that whoever makes the best short story by using minimum words that had religion, mystery, and sex will win. The winner has the below:

      Oh my God, I'm pregnant! Wonder who did it?

      Delete
    3. උඩ කතන්දර දෙකම පට්ට.. තැන්කු වේවා ජේස්ට උත්තමයෝ දෙන්නටම..

      Delete
    4. Bura,

      religion, mystery, and sex …. if you add royalty it goes like this …:)

      " Oh my God, I'm pregnant! Wonder who did it? " Said the Queen

      Delete
  4. මොකද බොටත් බස්සිගෙ අසනීපෙ බෝවුනාවත් දෑ..

    මෙවුවා දැක්කහම මට මතක්වුනේ හයිකු.. හැබැයි ඉතිං මෙවුවට පද හතරක් තියෙනෝ..

    ReplyDelete
    Replies
    1. බූරා,

      / මොකද බොටත් බස්සිගෙ අසනීපෙ බෝවුනාවත් දෑ.. /

      හෙහ්..හෙහ්...බෂ්ෂි ලියන්නෙ කලබල කවිනෙ..මෙතන කිසිම කලබලයක් නෑ. නෝ කලබල..ෆුල් නිසසල.....තණමල්විල ගිහිල්ල වගෙ ඔන්න කොටින්ම...අන්න එහෙමයි මේ කවි ලියවුනේ..මේ අයට තේරුණා නේද? ( අපේ සත්ත්ව විද්‍යා සර් එහෙමයි අහන්නෙ..ජාන කිටුව ගැන එහෙම කියල දීල කලුලෑල්ල දිහාට හැරිල ඉන්න ගමන්ම ඔලුව වම් පැත්තට හරවල දකුණු උරහිස උඩිං අපි දිහා බලල අහනව "මේ අයට තේරුණා නේද? " කියල

      / මෙවුවා දැක්කහම මට මතක්වුනේ හයිකු.. හැබැයි ඉතිං මෙවුවට පද හතරක් තියෙනෝ.. /

      පද හතරක් තියෙන හයිකුත් තියෙනව නේද?

      Delete
    2. නෑ නෙව බං, හයිකුවකට තියෙන්ටෝනැ පද 3යි, මාත්‍රා 17යි (5-7-5).. එහෙම නැත්තං ඒක හයිකුවක් වෙන්නෙ නෑ නෙව..

      Delete
    3. බූරා,

      යස් යස් යස් ස්තූතියි මතක් කලාට..බස්සි තොමෝ ඔය ගැන පෝස්ට් එකක්ම ලිව්ව නේද? මේ මම ඒකට කමෙන්ට් එකක් හැටියට ලියපු එකක්..( හයිකුද නම් මන්දා )

      මළ මඟුල,
      විකාරයක් නෙව,
      මේ හයිකුව,

      Delete
    4. මේකනං free-style හයිකුවක්.. nature/ season word එකක් නෑ නෙව ඒකෙ.. :-D

      Delete
    5. බූරාස්,

      ඔන්න බං නේචර්/සීසන් ඔක්කොම දාල 5/7/5 මොඩල් එකේ හයිකුවක් ලිව්ව...:)

      නේචර් පාක්,
      යමු අපි ඊළඟ,
      සීසන් එකේ,

      Delete
    6. ඒක 5-7-5 නෙවෙයිනෙ බංස්, 5-8-6 නෙ... :-P

      Delete
    7. බූරා,

      හුටා වචන නෙවෙයි මාත්‍රා නේද? :(

      Delete
  5. උඩුකුරුඤ්ඤං වෙලා තියෙන හින්ද මෙතන ඩ්‍රැකියගෙ මොකක් හරි සම්බන්ධයක් ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      රෑ බදුල්ලා කියල කිව්වෙ ඌට තමයි...:)

      Delete
    2. අනේ බං ඇයි උඹ මුණුපොතේ නැත්තේ.. අයියේ.. හරි ගනං නේ. අපිට පාලුයි.. හැක්..

      Delete
    3. මේ දවස්වල ඉකොනොමික් ක්‍රයිසිස් බං. උඹ මගේ අලුත් පෝස්ට් එක පැත්තෙ ගියේ නැතෙයි. හැක්...

      Delete
    4. කොහෙද එය මා ප්‍රිය ප්‍රසන්නයෙනි...?????

      Delete
    5. මුන් දෙන්න ලව් බර්ඩ්ස්ල ද මන්ද ?

      Delete
    6. අර ලටපටේ තමයි. බොලාවත් මතක් කරල තිබ්බ ඒකෙ.

      කම්, නෑ ඉලව් බර්ඩ්ස්ල

      Delete
  6. Replies
    1. දේශා,

      ටෝටලි මාඤ්ඤමික වූයෙන්,
      ලියූ සුට්ටං කව් පද,
      ඈව්..ෆකෝෆ් අයි ඩෝන්ට් කෙයාර්,
      හැරවීමි කුසලාන පහළට,
      හලා ගතිමි බෝතලයෙන් කටටම.

      Delete
  7. මම මේ අබ්බියන්තරේ මොකද්ද කියලා කල්පනා කරන ගමං....

    ReplyDelete
    Replies
    1. තිසර,

      මහ විසාල අභ්‍යන්තරයක් තියනව මල්ලි, මහ විසාල එකක්..මහ විසාල එකක්...:)

      කල්පනා උනොත් මටත් කියපං හොඳද?

      Delete
  8. හරී අපූරුයි ඈ .....හදට පොඩ්ඩක් මෙහයින්ද මන්දා ඉන්නේ....

    ReplyDelete
    Replies
    1. වා.කා,

      ස්තූතියි......හඳ?

      Delete
  9. ගැඹුරුයි ගැඹුරුයි.... ගස්ලබ්බ පතුලටම බැහැල බැලුවා...ශෙහ්...!!මෙන්න රාජ්‍ය සම්මාන දෙන්න වටින කවි. කළුවරම විතරයි අප්පා.එච්චර ගැඹුරුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇතුලෙ දෝනා එහෙම නැද්ද?

      Delete
    2. දෝ නා කෙසේ වෙතත් දෝ ංකාර නම් දෙනවා කං අඩි පුපුරන්නම...
      හූ......හූ.....හූ.... හූ...හූ..හු.හුඃ.
      හතක් ඇහෙනවා.
      ඔය ඇහුනද?

      Delete
    3. ලබ්බා වැරදි වලකටවත් බැහැලා තියෙන්නේ.සද්දේත් ටිකක් අමුතුයි

      Delete
    4. ජී.එල්,,

      හෙහ්...ඉතා ගැඹුරු කවි නොහොත් වෙරි ඩීප් පොයම්ස්.....:)

      Delete
  10. කොට කණින් කට කොනින්ද නෙවෙයි සෑහෙන්න හිනාගියා. ඊයේ ඉඳලා හිතේ තිබුණු සංකූල තත්වය මගහැරුණා. බොහොම පිං, මේ කරපු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයට.

    ReplyDelete
    Replies
    1. අනේ මයේ දෙයියෝ බ්ලොග් වල දේවල් වලට සංකුල වෙන්න තරං සංවේදි වෙන්න එපා.. ඒවා අපේ ජීවිතෙන් ඉතා කුඩා කොටසක් නෙව..

      Delete
    2. ආයෙ නඩුවක් වගේ ?

      Delete
    3. විචාරක,

      දේශකයා කියපු දේට වන් හන්නන් පෙසන්ට් ඇග්‍රීඩ්. මොනවද අප්පේ අපි මේ අවුරුදු පණහක් විතර මේ ලෝකෙ ජීවත් වුනේ බොලොග් තිබිලද?... නෑනෙ..ඉතිං මම අහන්නෙ මොකටද මේ ජීවිතේ අග්ගිස්සෙ අහම්බෙං වගෙ සම්බන්ද වෙච්චි කෙහෙල්මලක් ගැන ඔය හැටි සීරියස් අරගෙන ලේ දාතුව රත් කරගන්නෙ?

      If you can't enjoy something it's time to stop doing it altogether.

      සුට්ටං කවි හිත නිවෙන්න උදව්වක් වුනානම් බොහොම සතුටුයි...:)

      Delete
    4. උපුල්,

      ඒ නඩු ඔක්කොම ඉවරයි...:)

      Delete
  11. මයිල් පිරි ගොනාගෙන් බැස
    එඬේරාගේ මයිල් වනයේ අතරමං වුණු
    මැක්කා පව් යකෝ....

    රවි අයියේ මරු කවි ටික...

    ReplyDelete
  12. අනේ මන්ද මේ වයසක ඩෑල් මේ ටිකේ අමුතු දේවල්මයි ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      මරු කමෙන්ට් එක....අන්න ඔව්වනෙ බං දෙක දෙක දාන්ට ඕන...:)

      වයසක ඩෑල් මේ දිනවල මඤ්ඤං වී,
      ලියනා නොයෙක් අබූත කතා සහ කවී,
      කියවා ඔලුව විකාරවී නන්නත්තාර වී,
      වී….වී….වී වී….වී...වී වී…...වී….වී

      Delete
  13. අද ලංකාවේ දේශපාලනයද? එහෙම නැත්නම් No underskirt

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      එහෙම එකක් කියල නෑ බං..ඔය දෙක තුනකටම ආදේස කලෑකි...:)

      Delete
  14. ගැට පද විවරණයක් හරි, කතාවක් විදිහට හරි දැම්මොත් මොකද අපි වගේ උන්ට තේරෙන්න...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඇත්තම කියන්නංකො එහෙනං..මේක මේ එහෙම සීරියස් තේරුමක් හිතල ලිව්ව එකක් නෙවෙයි.නිකමට ඔහෙ ලියපුව.

      මෙව්වට තේරුම් හොයන්ට වෙන්නෙ අහුබුදු මෙතඩ් එකට. ඒ කිව්වෙ ඔය අහුබුදුතුමා ඉස්සෙල්ල පොඩි එවුංට නම් හදල පස්සෙ එව්වට තේරුං හෙව්ව වගෙ මමත් හිතං ඉන්නෙ නිවාඩු පාඩුව මෙව්වට තේරුං හොයන්න.

      Delete
  15. හාන්දුරුවන්ගේ සිවුර කොණේ කොහොල්ලෑ.. උපාසකම්මට කට කොනින් හිනා.. ඕන්න අපිටනම් කිසිම දෙයක් තේරුණේ නෑමයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න පිරිසිදු බෞද්ධ ආගමට පහර ගහන්න ආපු මිත්තියාදුස්ටිකයෙක්... බහුද්දයිනි එක් වෙමු. කමියා එල්ලනු

      Delete
    2. //බෞද්ධ ආගමට// ආ.. 'ගොනා'ගේ ආගමට නෙහ්.. හැක හැක හැක..

      Delete
    3. කම්යා තුන් මාසයකට එල්ලුම් ගස් යැවීමට හෝ සති දෙකකට මොට්ට උලක් මත තැබීමට තීන්දු කර ඇත...
      කමියා කෝකද තෝර ගන්නේ...

      Delete
    4. කළ්‍යාණ,

      අර කවියක් එහෙම තියෙන්නෙ බං අහල ඇති නේද?

      මාවවුලන් පවා දත් රහසකි මේක.
      XXXX XXX XX XXXX X XX,
      මා බෑ කියද්දි XXX XX XX,
      XX XXX XXX XX XX සේක,

      ඒ ඔය කොහොල්ලැ සීන්ස් එකට ඉස්සෙල්ල වෙච්චි එකක්...:)

      Delete
  16. මේකෙ අබ්‍යංය්හරේ මේකයි.
    අවුරුද්දේ අංතිම හිංද වැඩ ගොඩයි
    මුංදැට මේ ගමන කතාවක් ලියන්න බැරිවුණා . ඒ ගමන ගැහුව බියර් දෙකක් ලිව්වා කව්

    ReplyDelete
    Replies
    1. සුරංගයා,

      තොට නං දිවැස් තියනව..බොලාට ගංවතුර ආදාර වලට හම්බවෙච්චි පයිඩ් රයිස් පැකැට්ටෙක පල්ල මේ ඇත්තමයි. උඹ කියාපු විදිහට පොඩ්ඩයි වෙනස් ඇත්තටම සිද්ද වෙච්චි දේ....:)

      ඉඳහං කොණක ඉඳල විස්තරේ කියන්ට. මේ පහුගිය බදාද අපේ කොම්පැනියෙ වර්සාවසාන සාදෙ තිබ්බ.මම ඉතිං සැං බැං එහෙම ඉහාගෙන සූට් බූට් එහෙම ඔතාගෙන ඕකට යන්ට ලෑස්ති වෙලා ඉන්නව. හයාමාරට වගෙ ඇති වෙලාව. මගෙ යාලුවෙක් එක්කයි මම යන්ට කතාකරගෙන උන්නෙ. ඔන්න මූ කෝල් එකක් දීල කියාපි මචං ෆුල් ට්‍රැෆික් තව පැයක්වත් යාවිය කියල.

      ඉතිං මොකද කරන්නෙ? ලැප් එක ඔන් කරල බ්ලොග් එක දිහාවෙ ගියා. එතකොටයි මතක් වුනේ මේ සතියෙ තාම පෝස්ට් එකක් දැම්මෙ නෑ නෙවදෙයි කියල. මම සාමාන්‍යයෙන් සතියකට පෝස්ට් දෙකක් දානව. අන්තිමට දැම්ම ගිය ඉරිදා. ඒක අර අපෙ උන්දැගෙ බේඩ්ඩේ එකට දාපු එක. ඒකෙ දෙවෙනි කොටස තවම කාලක් වගෙයි ලියල තියෙන්නෙ. තව ඇරියස් අනන්ත තිබ්බට මේ හදිස්සියෙ එව්ව එහෙම ලියන්ට බෑ. ඒ ගමන ඔන්න මොකද කරන්නෙ කියල හිත හිතා ඉන්නකොට හයිකු බ්ලොග් එකකට ගියා අහම්බෙන් වගෙ. ඒකෙ හයිකු දැක්කම මට හිතුන අඩේ සුට්ටං කවි දෙකතුනක් ලියල දැම්මොත් මක්වෙයිද බ්ලොග් එකේ නේදෙයි කියල.

      එදා පාර දඩ බඩ ගාල කවි පහක් වගෙ ලිව්ව යාලුව එනකල්. පාටියට ගිහිල්ල පස්වැනි සික පදය කඩ කිරීම කරන කොටගෙන රෑ ඇවිල්ල හිට මොකවත් කරන්ට උනේ නෑ.

      පස්සෙ පහුවදා උදේම ඔපිස්සියෙදි ඉතුරු කවි ටික ලියල පබ්ලිස් කලා. ඇත්තම කිව්වොත් නිකම්ම ලිව්ව කිව්වට ලියවෙද්දි පොඩි පොඩි පසුබිම් කතා හිතාගත්ත මම මෙහෙමයි මේ කවිය මෙහෙමයි මේ කවිය කියල. ඔන්න බොලේ වෙච්චි දේ...:)

      Delete
  17. //දෙගොඩ ගලා ගිය ගංවතුර,
    බැස ගියද තැනින් තැන,
    රැඳුනු මඩ දිය කඩිති,
    ප්‍රීතියෙන් සිනාසෙත්.//

    ඒවා ඉතිං එහෙමම තමයි :)
    සුනිල් පෙරේරා ගේ සිංදුවක් මතක් උනා.,

    සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු
    බලාල ඉගෙනගන්න කියමු අපි . .
    සුද්දන්ට ටියුෂන් දෙමුකො අපි . .

    ලෝකෙන් උතුම් රට ලංකාවයි . .
    සිරි ලංකාවයි ....

    ReplyDelete
    Replies
    1. කසුන්,

      ඕකෙ මම හිතුවෙ මේ ජනවාර්ගික අර්බූදය ගැන. තවම මඩ කඩිති වේලිලා නෑනෙ...:)

      Delete
  18. රවී අයියා තණමල්විල පැත්තෙ වත් ගියාද??

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      තණමල්විල....හෙහ්,හෙහ්..නෑ බං...එහෙ යන්ට වුනේ නෑ....

      Delete
  19. සැගවුණු අභ්‍යන්තර
    හොයන්න ගිහින් උනේ විජ්ජුම්බර

    ReplyDelete
  20. දෙගොඩ ගලා ගිය ගංවතුර,
    බැස ගියද තැනින් තැන,
    රැඳුනු මඩ දිය කඩිති,
    ප්‍රීතියෙන් සිනාසෙත්

    හ්ම් හ්ම්........

    ReplyDelete
  21. යන්තමින් කියවලා ඉවර කරා.. ඔය කොයි හරි වෙලාවක යටි අරුතක් හිතාගන්න බැරියෑ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...