Thursday, December 31, 2015

379. පුවක් එෂැණිං…………….





ඇන්රිකේ නම් ගායන සිල්පියා සිංදු කියද්දී ඔහුට තනපටයකින් දමාගැසූ යුවතිය සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් මාද්දිය ප්‍රකාසක තුමා අද පැවසුවේය. හිරුනිකා මන්ත්‍රීවරිය තරුණයකු පැහැරගැනීම ගැන පරීක්සන පවැත්වීමට යොදවා තිබූ පොලිස් කන්ඩායම ඉන් ඉවත්කොට මේ සඳහා යොදවා ඇති බවද ඔහු තව දුරටත් කීවේය.

ඇන්රිකේ වෙත දමාගැසූ තනපටය අත්ඩංගුවට ගෙන ඩීඇන්නේ පරීස්සන මඟින් එය දමාගැසූ දේස ද්‍රෝහී තරුනිය සොයාගැනීමට පොලීසිය බලාපොරොත්තුවන බවද මාද්දිය ප්‍රකාසක තුමා පැවසීය. ඒ සඳහා මන සහාය අපේක්සා කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. තනපට රහිතව පාරේ ගමන් කරන තරුනියක් දුටු වහාම පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට අමතා ඒ පිළිබඳව දැනුම් දීම දේසීය සබ්බියත්වය අගයන සියලු දෙනාගේම යුතුකම බවද එතුමා පැවසීය. 

අදාල තනපටය මාද්දියවේදින්හට නැරඹීමට අවස්තාව ලබාදෙන ලෙස කල ඉල්ලීමට ප්‍රතිචාර වසයෙන් එතුමා පැවසුවේ එම තන පටය ඇන්රිකේ විසින් ඉස්පාඤ්ඤයට ආපසු යනවිට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසා එය නැවත ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටින බවයි.

ටං.....ටිං....ටුං...............

තරුනයකු පැහැර ගැනීම සම්බන්දව හිරුනිකා මන්ත්‍රී තුමිය අත් අඩංගුවට නොගන්නේ මන්දැයි මාද්දියවේදියකු ඇසූ ප්‍රස්නයකට පිලිතුරු දුන් මාද්දිය ප්‍රකාසක තුමා පැවසූයේ සීසීටීවී දර්සනවල එතුමිය නොමැති බවයි. සුදුම සුදු ඉටි කිරිස් කස්ටිය සීසීටීවී කැමරාවල සටහන් නොවන බව විසේසඥයින් පවසන බවද එතුමා පැහැදිලි කලේය.

ඒ පිලිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා උසස් පොලොස් නිලදාරීන් දහ අට දෙනෙක් තම අඹු දරුවන්ද කැටුව සති දෙකක යුරෝපා සංචාරයකට යෑමට සූදානමින් සිටින බවද මෙහිදී ප්‍රකාස විය.

" හිරුනිකා මන්ත්‍රීතුමිය කරපු වැඩේ අපි අපක්සපාතව සලකල බැලුවොත් ඒ හැටිම වැරැද්දක් නෑ. මොකද සිංහල ජාතිය ආරම්බ වෙලා තියෙන්නෙම ඔය වගෙ... ඇත්තම කිව්වොත් එක තරුණයෙක් නෙවෙයි තරුණයො හත්සීයක් පැහැරගැනීමෙන්. එහෙම දෙයක් වුනේ නැත්නම් අද සිංහල කියල ජාතියක් නැතිවෙන්නත් තිබුනා." පොලිස් ප්‍රකාසක තුමා ඉතාම හැඟුං බරව පැවසුවේය.

ටං.....ටිං....ටුං...............

සී ලන්කා ජනාදිපතිතුමාගෙන් මඩු වල්ග වෙලඳාමට ලද දහිරිය ඉතා අගය කරන බව මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික මඩු වලිග අපනයනය කරන්නන්ගේ සංගමයේ ගරු සබාපති මාධූ වාලධී මහතා කියා සිටී. අන්දමන්ද දූපතේ පිහිටි එම සංගමයේ මූලස්තානයේ සිට එතුමා වැඩිදුරටත් කියා සිටියේ එම සංගමයේ ඉහලම ගහුරව නාමය වන මෑඩ් යූ. වල්ඝා (MAD U WALGHA ) නාමය සී ලංකා ජනාදිපති තුමාට ප්‍රදානය කිරීමට තමා ඒකමතිකව තීරනය කල බවයි.

මේ සතුටුදායක පුවත අසා ප්‍රීතියෙන් පිනා ගිය ජනාදිපතිතුමා තමන්ගේම පස්චාත් බාගයට රන්කම්කල මඩු වලිගයකින් ගසාගත් බව සැළවේ. එසේම මෙම ජනවාරි අටවන දින එලබෙන යහපාලන උදාවේ පලමු සංවත්සරයේදී පසුගිය ජනාදිපතිවරනයේදී තමන්ට චන්දය දුන් සියලු චන්දදායකයින්ට තමන්ටම පහරදීගැනීම පිනිස මඩු වල්ගය බැගින් තෑගි කිරීමටද එතුමා තීරනය කොට ඇත. මේ සඳහා බරපැන එතුමාගේ සහෝදරයා සබාපති පදවිය දරන ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙනි.

තම සහෝදරයාට රුපියල් කෝටියක් වැටුප් ගෙව්වාට රජයට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් ඔහු එපමන දක්සයෙක් බවත් ලන්කාවේ ජනාදිපති යනුවෙන් තමා හඳුන්වනවාට වඩා ටෙලිකොම් සබාපතිගේ අයියා යනුවෙන් තමා හඳුන්වනවාට තමා වඩාත් කැමති බවත් එතුමා ඉතා සංවේදීව පැවසූ බවද වාර්තා වේ.

ටං.....ටිං....ටුං...............

පත්තර කලාවේදීන්ට ඉතා සතුටු දායක ආරංචියක් මේ අතර පසුගියදා වාර්තා විය. හොඳ ප්‍රවෘත්ති නැතුව ඇටි කෙහෙල් කාපු උගුඩුවන්සේ හිඳිනා පත්තර කලාවේදීන් මින්පසු කල යුත්තේ ගොම්මංපිල මංත්‍රීතුමාට දුරකතන පනිවිඩයක් දීම පමනකි. එතුමා හැරෙන තැපෑලෙං පුවත්පත් සාකච්චාවක් සංවිදානය කොට පුවත් මවා දීමට කටයුතු කරනු ඇත.

ගරු ගොම්මංපිල මහතා පුවක් මැවීමේ විකාරදයෙක් බව මීට පෙරද ඔප්පුකොට ඇත. බස්නාහිර පලාත් සබා චන්ද වියාපාරය සඳහා රුපියල් සීය බැගින් එකතු කිරීමේ ගොන් පාට් එක සහ පාර්ලිමේන්තුව අබියස සිංහයා ඔලුවෙන් හිටවූ කොඩි වැනීම මීට පර ඔහු මැවූ පුවක් දෙකකි.

ටං.....ටිං....ටුං...............

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීයයි චෝදනා ලබා අත් අඩංගුවේ පසුවන රන විරුවන් වහාම නිදහස් කිරීමට පාලකයින්ට ඥානය පහල වේවා යයි පාර්තනා කරමින් මහා සන්ග රත්නේ සන්විදානය කල සත්තියගිරහයක් ඊයේ පැවැත්වුනේය. මෙහිදී අදහස් දැක්වූ ලා නක හිමියෝ රටේ නීතිය කුමක් වුවත් රන විරුවන්ට අතතැබීමට ඉඩ දිය නොහැකි බව එකහෙලාම පැවසූහ.

භික්ෂූන් තමන් ජීවත්වන රටේ නීතියට අනුගත වියයුතු බව බුදු හාමුදුරුවන් පවා උපදෙස් දී ඇති බව මතක් කල මාද්දිය වේදියකුට එතුමා පැවසූයේ බුද්ද දර්මයේ එවන් වර්තමාන සමාජයට නොගැලපෙන තැන් තවත් ඇති බවත් කාල්ටන් බන්ගලාවේ හෝ අබයාරාමයේ ලඟදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙගා දර්ම සන්ගායනාවක් මඟින් ඒ අඩුපාඩු සකස්කොට කාලානුරූපව සන්සෝදිත බුද්ද දර්මය සිරිලක පිහිටුවීමට තමන් කටයුතු කරන බවත්ය.

ටං.....ටිං....ටුං...............

**************************

ඔබ සැමට සුබ නව වසරක්!!!

66 comments:

  1. පසුගිය වසර ගැන විශ්ලේශනය කල ඩුබායි අක්කා කීවේ අකුලෝලම ගිය බවත් ඉතුරු ටික චාමර බලාගනු ඇති බවත් ය.එන්‍රික් ට බ්‍රා විසිකිරීම නිසා තමුන් ජංගිය පෙන්වා අත්කරගත් කීර්ති නාමයට හානි වූ බව පවසා යුරේනි නොශිකා පිරිමින්ගේ ලිංගික අසහනය පිලිබඳ වාර්ථා වැඩසටහනක් කොරියානු ආධාර යටතේ සිදුකරන බව පැවසුවාය.ඇඹිලිපිටියේ ඔශානි දැරිය පැවසුවේ ෆේස්බුක් රැල්ලට පින් සිදුවන්න තමුන් එක රැයෙන් ලක්ශ 58ක ලයික්ස් ගත් බවත් තමුන්ටත් පාර්ලිමේන්තු ආසනයක් ලබාදීම රජයේ යුතුකමක් බවත් ය.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙන්න බොල නිවුස්...

      ++++++++

      Delete
    2. ජී.එල්.

      නියමයි බං...:)

      සුබ නව වසරක්!!!

      Delete
  2. හැක්.. ඕකෙ අතරමැද නිවුස්.. සොරි වෙළඳ දැන්වීම් යන්නෙ නැද්ද?

    රවී අයියාටත්, පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙහ්..වෙළඳ දැන්වීම් නේද? දාමු දාමු ඉස්සරහට...:)

      සුබ නව වසරක් ප්‍රසන්න..ඔබ සියලු දෙනාටම...:)

      Delete
  3. What a way to finish the year. Super. Thank you Ravi.

    ReplyDelete
  4. මේ පුටුව නම් හරිම පුදුම එකක්. ඉඳගත්ත උන්ට පිස්සු හැදෙනවද? යූ එන් පී කාරයෝ විතරයි එක විදිහකට හිටියෙ. අනික් ඔක්කොම එනකොට එක විදිහක් පුටුවේ ඉඳගත්තම තව විදිහක්. උස්සල පුටුවේ තිබ්බ වුන්ටම කෙලවනවා. චන්ද්‍රිකා එස් බීව හිරේ දැම්ම. ඊලඟ එකා කොටින්ට සල්ලි දීල 2005 දිනවල දුන්න මංගල ශ්‍රීපති දෙන්න මාස ගානෙන් පැන්නුව. ආයි පාරක් යුද්ධෙ දිනල රජ කම අරගන්න පාර කපපු ෆොන්සේකව මාස ගානෙන් හිරේ දැම්ම. හිටං තුමා නිදහස ගැන කථා කර කර ඇවිල්ල දැන් එයා කියන සිංදු විතරක් අහගෙන ඉන්න කියනව. අමතක වෙලා යූ එන් පී කාරයෝ නිසයි හිටපු එකාගෙ මාර වියරුව නිසා ආපු වාසනාවක් මිසක් එයාගේ මොකක් හරි දක්ශ කමකට ලැබුණ එකක් නෙමෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / යූ එන් පී කාරයෝ විතරයි එක විදිහකට හිටියෙ. /

      ජේ.ආර්. ප්‍රේමදාස ඔය පුටුවෙ ඉඳගෙන කරපුව ගැන මම කතා නොකර ඉන්නං මචං...හෙහ්...අලුත් අවුරුද්දෙ නිකං මොකටද…

      .සුබ නව වසරක් ඔබ සහ පවුලේ සියල්ලන්ටම!!!

      Delete
  5. මේව අහල පණ පලයං ලබන සුමානේ කීවලු...
    හිහි.. අපි හිතං හිටියට උංටයි පිස්සු කියල නෑ අපිටමයි පිස්සු...
    පුල් මාවලස් නේ රවි අය්යා...
    මාවලස් හැපිනිව් ඉයර් එකක් වේවා

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      බොහොම ස්තූතියි මහේෂ්.....ඒ එක්කම සුබ නව වසරක්!!!

      Delete
  6. අන්න අරහෙ එක ගණයෙක් හෙන ආතල් එකක් දීලා ඊයෙ. පාරෙ බුදියනවා. බුල්ඩෝසරේකට නගින්න හදනවා. කඩන ගොඩනැගිල්ලකට පනින්න හදනවා. පොලිස් කාරයො මිනිස්සු එකතු වෙලා පොරව මිරිකගෙන අරන් යන්නෙ පැත්තකට. ගුදමගින් හිනා වෙවී බලන්න ඇහැකි ෂංවේදී වීඩියෝව. හිත දුර්වල අය බලන්න එපා.

    https://www.youtube.com/watch?v=P6xxYXxeJVM

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ගිහියන්ට ආවේගශීලී වෙන්ට එපා, සන්සුන්ව හැසිරෙන්න කියල උපදෙස් දෙන්න ඉන්න අපේ ගුරුවරු, යහ මාර්ගය අපට පෙන්නල දෙන්ට ඉන්න මාර්ගෝපදේශකයො හැසිරෙන හැටි දැක්ක නේද? අම්මපල්ල මේ වගෙ අයටද අපි මේ දවස තිස්සෙ නැහිල හම්බකරන දෙයින් දානෙ දෙන්න ඕන?

      වීඩියෝ එක අන්තිමේ ඒ හාමුදුරුවො කියන දේ සාධාරණ වෙන්න පුලුවන්. සම්පූර්ණ ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් මෙතන හැසිරෙන විදිහ බලන්න. පෘථග්ජනයෙක් හැටියට ඒ කියන දේ ඇත්ත නම් ආවේගයක් එනව තමයි. ඒත් සිවුරක් දාගත්තම තමන්ට ඕන ඕන විදිහට පිස්සු කෙලින්න බෑ. යම් පිළිගත් සම්ප්‍රදායක් තියනව භික්ෂූන් වහන්සේ නමක් හැසිරිය යුතු ආකාරය ගැන. බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ " මහමෙර මෙන් නිසල වන්න " කියලයි.මෙතන ප්‍රශ්නෙ බුදු පිළිම ඉස්සර කරගෙන කටයුතු කලාට බුදු හාමුදුරුවො උගන්නපු දේ අමතක කරල වැඩ කරන එකනෙ...

      Delete
    2. උඹට මේ කතන්දරේ ඇත්ත ඇති සැටියෙන් තේරෙන නිසා තමා මම ලියැව්වෙ. චීවරේ දාගෙන අම්බරුවෙක් වගේ නටන මුන්ට දානෙ කටක් දෙන එකත් පව්. අලුත් අවුරුද්දේ ගණයන් සහ සංඝරත්නය වෙන් කර අඳුනාගන්න හැමෝටම හැකි වේවා. උඹට සුබ නවසරක්ම වේවා !

      Delete
  7. මෙව්වම ලියහන්කෝ බං හැමදාම.. ඉල ඇට කූඩුවට නොමිළේ ඇක්සයිස්...

    ReplyDelete
    Replies
    1. කුණුරහට අකමැති එවුනුත් ඉන්නවනෙ බං

      Delete
    2. මාතලන්,

      බොහොම ස්තූතියි බොලේ...ලියන්නං ලියන්නං ඇහැක් විදිහට...:)

      Delete
  8. මේ දැන් අළුතින්ම ලැබුණු පුවතක්. පොලිස් පරීක්ෂණ අරඹා ගත වූ පළමු පැය අවසාන වන විට තමන් විසින් එන්රිකේ දෙසට තිසර පටයක් විසිකළ බවට එකසිය විසිතුන් දෙනෙකු විසින් පාපෝච්ඡාරණය කර තිබෙනවා. මේ අතරින් විවාදයට තුඩුදුන් තිසරපටය අනාවරණය කර ගැනීම සඳහා තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      තරුණියන් 123 දෙනෙකු ඇන්රිකේ වෙත තනපට වීසිකලේ තමන් බව පාපෝච්ඡාරණය කිරීම හේතුකොටගෙන පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් දැඩි අපහසුතාවයකට මුහුණදී සිටින බව මේ අතර වාර්තා වෙනවා.

      මේ ගැටළුවට විසඳුමක් ලෙස එම තරුණියන් 123 දෙනා ප්‍රසංගය පැවති ක්‍රීඩාංගණයට කැඳවා ඔවුන් ලවා තම තනපට ගලවා වීසි කිරීමට සැළැස්වීමෙන් පසු, වීසිකල තනපට123 නේ පරාවලික ගමන් මාර්ගය සහ පතිත වන ස්ථානය ඇන්රිකේ වෙත තනපට විසිකිරිමේ පටිගතකල වීඩියෝව හා සැසඳීමෙන් නියම ජයග්‍රාහිකාව තෝරාගතහැකිබව පොලොස් විසේසග්නයින්ගේ මතය වනවා.

      මේ සඳහා ප්‍රමුඛත්වයදී කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා විශේෂයෙන් උපදෙස් දී ඇති අතර,මෙම තනපට වීසිකිරීමේ පරීක්ෂණය නිරීක්ෂණය කිරීමට එතුමා ද සහභාගිවනබව දැනුම්දී තිබෙනවා.

      Delete
  9. සුභ නව වසරක් වේවා රවි අයියා....

    ඩිපෙන්ඩරයකට ගොඩවෙන්න වාසනෑව ලැබේවා !!!

    ජයෙන් ජය ම වේවා !!

    ReplyDelete
    Replies
    1. විදානෙ,

      සුදු නංගි මේසෙ උඩ ඉඳගෙන නඩු අහනව බලන්ට තියේනං බං ඩිෆෙන්ඩර් එකේ බලෙං එල්ලෙන්නෙ…..දෙයියම්පල්ල...:)

      Delete
  10. ඔය මෝඩි (මෝඩි කිව්වේ අල්ලපු වැටේ මහයා නෙවෙයි) විසිකොරන්න ඕනේ එක තියෙද්දී වැරදි එකනේ විසි කොළේ. අනික් එක විසිකොළා නම් පොලිස් බල්ලෝ ඒක ඉව කොරලා මන්නාරම දක්වා යනවා කරෝල වෙලන තැන හොයාගෙන. හ්ම්..........

    නිවුස් හිගවුනාම මාද්දීයකාරයෝ ගොම්මන්පිල තුමාට කෝල් එකක් දීලා කියනවාලු අපේ ජොබ් එකට කෙළවෙන්න යන්නේ ඉක්මනට මාද්දිය සාකච්චාවක් තියන්න කියලා.

    අර බෙංනාලා උන්නාන්සේට ජීවිතේ කවදාවත් හිනාවෙන්න බැරිවෙන්න හිනා නහර කපපු එකා එල්ලුම්ගස් යවලා, එන්රිකේ ගෙන් පොඩි නහර කෑල්ලක් ඉල්ලගෙන, බෙංනාලා උන්නාන්සේට බට් කොරමු.

    2016 දියුණුවේ වසර වේවා!

    ReplyDelete
    Replies
    1. විචාරක,

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  11. රවී අයියා දැන් පොරොවුර්තිත් කියනවා හිටං.....

    ඔය සී ලංකා ජනාදිපොති උන්නැහේ ඉන්නවා නේද ? මිනිහා ඇවිල්ලා ලෝකේ ඉන්න ස්ට්‍රෙස් අඩුම ජනාදිපොති හැටියට ගිනස් වාර්තාවකුත් තියලා තියෙන්නේ... අනේ ඉතින් මොන බරක් කියලද ? ඉඳලා හිටලා වේදිකාවකට නැගලා, සිංදුවක් විරිදුවක් කියලා ගොන් ආතල් එකක් දිලා ජනතාවව ප්‍රීතියෙන් ප්‍රොමෝදයෙන් තියන්න උන්නැහේ කොච්චර මහන්සියක්නම් කියලා වෙනවද් ඒත්... ගිනොස් කාරයොන්ට වටින්නෑ ඒ වගේ අවලං වාර්තාවක් ගැන පොරොසිද්ද කොරන්න, නැද්ද හා...

    හැපි නිව් ඉයර් එකක් වේවා !!

    ReplyDelete
    Replies
    1. සෙන්නා.

      ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  12. විදෙස් පුවත්
    දෙසැම්බර් අට වැනිදා සිට මේ දක්වා සති හතරක් තිස්සේ බණ්ඩක්කා හොද්දක් හැඳිගාමින් මනමාලියන් ගැන කතාකරන මවක් හා පුතෙක් පිලිබඳව ඉන්දියාවෙන් වාර්තාවේ. මේ වනවිට හොද්ද කරවී ඇතිලියත් ගිනිගෙන ඇත.

    ReplyDelete
    Replies
    1. පිළිස්සූ කුකුළෙක් කිසිම අතුරු ආන්තරාවක් නැතුව අවුරුද්දක්ම මේසෙ උඩ හිටපු එකේ ඕක මොකක්ද බං.

      Delete
    2. මාස දෙකක් තිස්සෙ කඩපු DD බෝතලේ මේසෙ උඩ.

      Delete
    3. /දෙසැම්බර් අට වැනිදා සිට මේ දක්වා සති හතරක් තිස්සේ බණ්ඩක්කා හොද්දක් හැඳිගාමින් මනමාලියන් ගැන කතාකරන මවක් හා පුතෙක් පිලිබඳව ඉන්දියාවෙන් වාර්තාවේ. මේ වනවිට හොද්ද කරවී ඇතිලියත් ගිනිගෙන ඇත./

      එකෙම්ම...!!!

      Delete
    4. "ලේඛකයාට බාප්පා කියූ නිසා ක්ලියෝපැට්‍රා ගේ කතාව ලිවීම නවතියි..."
      උපුටා ගැනීම - ලංකාදීප ඉරිදා සංග්‍රහය

      Delete
    5. Dracky,

      විහිලුවක් නැවැත්විය යුතු තැන නොදන්නා පාඨකයෙක් නිසා නොලියවුනු තවත් කථාවක්....:)

      Delete
    6. එහෙම නෙමෙයි බං ඒක වෙලා තියෙන්නෙ. මේ බලහං අන්තිම කොමෙන්ට් එක.

      //දන්නවද මාත් බත් කන්න පොතක් යොදාගන්නව. රවී අයියගේ පෝස්ටුත් සමහර වෙළාවට බත් කන්න යොදාගන්නව...//

      Delete
    7. සුරංගමේලර්,

      අඩේ බණ්ඩක්කා ඇතිලියකුත් තියනව නේද?.......:)

      චූටි මැණිකේටත් උඹටත් සුබ නව වසරක්!!!

      Delete
    8. රවී බාප්පේ ක්ලියෝපැට්‍රා කථාව නම් නවත්තන්න එපා, එහෙම කළොත් අර මරා වගේ එල්ලෙනවා බිත්තියේ උඩබැලිඅතට

      Delete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා

    කුරුට්ටෝ...........

    ReplyDelete
    Replies
    1. මා හිතවත් කුරුටු ළමයිනි,

      ( අපේ අරූ තමයි උඹලට කුරුටු ළමයි කියල නම දැම්මෙ. දැං ඒ ගොබිලා ආගිය අතක් නැතිහින්ද මමවත් එහෙම කියඤ්ඤංකො )

      නුඹලා සියලු දෙනාටමද පවුලේ සැමටද සුබ නව වසරක් වේවා!!!

      Delete
  14. මරු පුවක් ටික.සුබ අලුත් අවුරුද්දක් වේවා රවී!!

    ReplyDelete
    Replies
    1. හැලප,

      ස්තූතියි හැලප, ඔබටද බිරිඳ සහ දරුවාටද සුබ නව වසරක්!!!

      Delete
  15. Replies
    1. වයලීනෝ,

      ස්තූතියි....ඔබටද සුබ නව වසරක්!!!

      Delete
  16. පටං ගත්ත කතා ඉවර කරගන්න පුලුවන් වෙන
    වැඩි වැඩියෙන් පෝස්ට් වැටෙන
    හැපි 2016 එකක් වේවා!
    බ්ලොග් අධිපතිනියගෙනුත්
    බ්ලොග් පෝස්ට් වැටේවා
    හැමෝටම ජය වේවා!


    ප.ලි.
    මරා ට ඔබතුමාව අවුස්සන වැඩ කිරීමට නොලැබේවා :)

    ReplyDelete
    Replies
    1. Kasun,

      / බ්ලොග් අධිපතිනියගෙනුත් බ්ලොග් පෝස්ට් වැටේවා /

      අන්න ඒකනම් නියම ප්‍රාර්ථනය බං...ස්තූතියි...මමත් එහෙමම පාර්ථනය කරනවා..:)

      / මරා ට ඔබතුමාව අවුස්සන වැඩ කිරීමට නොලැබේවා :) /

      මොන පිස්සුද බං?...අපෙ අත්තම්මා ඒ කාලෙ කිව්ව වගෙ බල්ලොත් ගූ නොකා ඉඳියි එහෙනං...:)

      Delete
    2. අඩේ..හැපි නිව් ඉයර් කිව්වෙ නෑනෙ..ඔන්න එහෙනං..Happy New Year Kasun...:)

      Delete
  17. ගිය අවුරුද්ද වගේම මේ අවුරුද්දෙත් ලංකාවට නම් පුවත් වලින් අඩුවක් වෙන එකක් නැති වෙයි.

    සුබ නව වසරකක් වේවා රවී අයියේ.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් දිනේෂ්!!!

      Delete
  18. හෙහ් හෙහ් උඹලත් මේ ගහන්නෙ කැලෑ පත්තර බොලව්.

    අද උදේ අර කැවිලි කඩයක් දැම්ම කියල මම වරක් ලියාපු අපෙ හික්කඩුවෙ මාතු මාමට කතා කලා.

    කොහොමද මාමෙ?

    වැඩක් නෑ, අමුමිරිස් කරල පහයි. කැරට් 250 සීයයි, සිගරට්ටෙකත් අද ආයි වැඩි වෙලා, රෙද්දට මේක කරගන්න බෑ, ලොක්ක ආයි ලඟදිම රජ වෙනව...2016 නං හොඳ වෙයි ඉතොන්.

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      මොන කැලෑ පත්තරද බං?..මෙව්ව තමයි නියම ප්‍රවෘත්ති...

      ඔබට සහ පවුලේ සැමට සුබ නව වසරක්!!!

      Delete
  19. ෂෝක් news ටික.....

    //කාල්ටන් බන්ගලාවේ හෝ අබයාරාමයේ ලඟදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙගා දර්ම සන්ගායනාවක් මඟින් ඒ අඩුපාඩු සකස්කොට කාලානුරූපව සන්සෝදිත බුද්ද දර්මය සිරිලක පිහිටුවීමට තමන් කටයුතු කරන බවත්ය//

    මාත් යන්ඩ ඕනේ බලන්ඩ.....

    සුබම සුබ නව වසරකක් වේවා රවී අයියේ !

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      සුබ නව වසරක් මල්ලි!!

      Delete
  20. අර තනපටය හොයන්න ස්පාඤ්ඤයට ගියා කියන්නේ කොහොමද ?මම නම් කියන්නේ ඕක ලංකාවේම ඇති ඒ නිසා රවීයියේ ඕක හොයන්න හඳුනා ගැනීමේ පෙරට්ටු තියන්න ඕනේ...:D

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ඒකත් නරකම නෑ අදහස....

      සුබ නව වසරක් මනෝජ්!!!

      Delete
  21. වසරේ පුවත්.. මරු මරු.. ලබන අවුරුද්දෙ දිගටම ප්‍රවෘත්ති සේවාව පවත්වාගෙන යන්න සුබ පතනවා..!!

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      හෙහ්..ප්‍රවෘත්ති කියලම හරි යන්නෙ නෑ බං..තව කොච්චර දේවල් තියද මට කරන්ට? මඟ නැවතිච්ච කතාම නම් කීයක්ද?

      ඔබටත් පවුලේ සැමටත් පංතියේ යාලුවන් සැමටත් සුබ නව වසරක්!!!

      Delete
  22. සුබ අලුත් අවුරුද්දක් වේවා රවියාණනි . මේ ලියල තියෙන එව්වා වගේ ප්‍රශ්ණ බ්ලොග් එකේ කතා කරන්න බෑ . සිකුරාදාක හමු වෙමු

    ReplyDelete
    Replies
    1. තිලක්,

      / මේ ලියල තියෙන එව්වා වගේ ප්‍රශ්ණ බ්ලොග් එකේ කතා කරන්න බෑ . සිකුරාදාක හමු වෙමු /

      අන්න කතාව..අන්න කතාව..මේ හොරෙන්ම ආපහු යන්නෙ එහෙම නෑ හොඳද? ගුරුදා රාත්‍රියක හෝ කිවිදා දහවලෙක හමුවී ඒ අරභයා ගැඹුරින් හදාරමු. ....ඕකේ?

      Happy new year Thilak….to all of you!!!

      Delete
  23. එෂැනිං පුවක් නැගල යනව ....තව පුවක් කියවන්න බලං ඉන්නව.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හෙහ්...ලියන්න ඕන ලියන්න ඕන..තව..

      සුබ නව වසරක් ඔබට සහ පවුලේ සැමට!!!

      Delete
  24. නියම පුවක් ටිකක්. අට මධූ වාලධි මහතා අපේ මධුවා ගේ නෑදෑ කෙනෙක් ද?
    http://nelumyaya.com/?p=4933

    ReplyDelete
    Replies
    1. අජිත්,

      නෑදෑයො වෙන්නත් ඇති ...:)

      ස්තූතියි සහ සුබ නව වසරක් අජිත්!!!

      Delete
  25. සුබ අලුත් අවුරුද්දක් වේවා රවි !!!

    ReplyDelete
    Replies
    1. උදය,

      ඔබටත් සුබ නව වසරක් උදය!!!

      Delete
  26. නෙලුන්යායේ දැක්කේ නැත්නම් මේක මිෂ් වෙනවා.. ටැං ටින් ටුං.. රවී අයියටටත් සුභ නව වසරක් :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...