Tuesday, January 12, 2016

381. ආවා..ආවා..ආවා.... පරාක්කමබාහු ආවා.....දුටුගැමුණු ගියා... පරාක්කමබාහු ආවා.


2015 අවුරුද්දේ ජනවාරි 08 වෙනිදා රෑ එළිවෙද්දි අපි හැමෝම වගෙ පුදුම සතුටක් අත්වින්දා. අපි කියල මම මෙතන කිව්වෙ යුක්තිය, සාධාරණත්වය අගය කරන මානුෂික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අගය කරන අපි හැමෝම අදහස් කරගෙනයි. එහෙම නැතුව ඒ දේවල් අපිට ඕන නෑ කියල හිතන අයට මේ කතාව අදාල නෑ.

ආ..එතකොට තව එකක් රජ්ජුරු කෙනෙක් අපිට ඕනත් නෑ. අපේ පාලකයා වෙන්න ඕන සාමාන්‍ය මනුස්සයෙක්. අපි බහුතරයක් අන්න එහෙමත් හිතුව. අන්න ඒ හින්දමයි එදා එළිවෙද්දි අපේ හිටපු මහරජානන්ට නැත්නම් එක්ස් කිංට හෙලිකොට්ටරේකිං කොට්ට පැදුරු අකුලගෙන ආපහු මැදමුලනට යන්ට සිද්ද වුනේ. රයිට් ඒ ඔක්කොම දැං පරණ කතානෙ. සුද්ද කිව්ව විදිහටනං වෝටර් අන්ඩර් ද බ්‍රිජ් නොහොත් පාලම යටිං ගලාගිය වතුර.

දේසය එක්සත් කල පිනෙන් මහ රජෙක් පහලව ඇතේ....
අපටද මහ රජෙක් පහලව ඇතේ……
ආයු බෝ වේවා මහරජාණනේ....

ඔන්න ඔහොම හිටපු එතුමා ඉන්දැද්දි කවුද ගෑණු දරුවෙක් ප්‍රශස්තියක් කිව්වනෙ. ඒකට ඒ ළමයගෙ නමින් ඔය මහරගම පැත්තෙ පාරකුත් නම් කලාද කොහෙද……..තව ජනාදිපතිවරන චන්දෙ කිට්ටු කරල හිටං අප්පච්චි, අප්පච්චි නුඹයි අපේ අප්පච්චි කියල පොඩි එවුං දෙන්නෙක් ලව්වත් ප්‍රසස්තියක් ගායනා කොරව ගත්ත එවුන්දැ. 

ඉස්ටේජ් වලට දුවගෙන ගොස් පනිනා නුබයි අපේ අප්පච්චි……
ලනුවේ එල්ලී රිලවෙක් වාගෙ සරකස් පෙන්නන නුබයි අපේ අප්පච්චී…….

අපේ ජනාදිපතිල හැමෝන්ටම වාගෙ ඔය රජ පිස්සුව ඔලුවට ගහල තිබ්බ. ජේ.ආර්. පප්ප තමංගෙ නම පවතින්ට ලංකාවෙ අගනුවර සිරි ජයවර්දන පුරේ කලා. ඊට පස්සෙ ආව පේමෙ....එයා රත්තරං ආලේප කරපු සිංහාසනයක් එහෙම හදාගෙන ඒකෙං බැහැල ඇවිල්ල තමයි තානාපති වරුංගෙ අක්ත පත්‍ර එහෙම බාරගන්නෙ ඒ කාලෙ. 

රන් සිහසුනෙං බැස එන්නං ...අක්ත පත්‍ර පිලිගන්නට…

ගං උදාවට යනකොට ඔය සිංහාසෙනෙත් පටවගෙන තමයි එතුමා යන්නෙ. ඒ එක රජ පිස්සුවක්...

චන්ද්‍රිකා නෝන මහත්තයට නම් දන්න විදිහට රජ පිස්සුවක් තිබුණෙ නෑ. අපරාදෙ කියන්ට බෑ අපේ හිටපු මහරජතුමාටත් රජවෙලා මුල් අවුරුදු දෙක තුන වගෙ ඔහොම පිස්සුවක් තිබුනෙ නෑ. යුද්දෙ දිනුවට පස්සෙ තමයි එතුමාව රජ්ජුරුවො කියල අන්දන්න වන්දිබට්ටයො පිටපොට ගහගෙන ලෑස්ති වුනේ. 

මොන විකාරයක්ද ඕයි ඔය? ඔන්න ඔය බහුබූත නවත්තල දානවා කියල කියන්ට එතුමාටත් කොන්දක් තිබ්බෙ නෑ. ඒ හින්දම පහුගිය අවුරුද්දෙ ජනවාරි 08 වෙනිද අපි එතුමාව ගෙදර යැව්වෙ අපිට රජෙක් කොහොමවත්ම ඕනෙම නෑ කියලනෙ. සිරිසේන මහත්තයගෙ ජනාදිපතිවරණ ප්‍රචාරක වියාපාරයෙ ප්‍රදාන සටන් පාටයක් වෙලා තිබ්බෙත් මරාස්තුමාගෙ ඔය රජ පිස්සුව.

ඒ හින්දම අපි හැමෝම වගෙ හිතුවෙ මින් මතුවට සිරි ලක් දෙරණේ නැත කිසි විට රජ වරුණේ කියලනෙ. ඒත් යන්තමට අවුරුද්දයි ගියේ. හිටපු රජ්ජුරුවො පෙරලල දාල අවුරුද්දෙ සංවත්සරේට මෙන්න අලුත් රජ කෙනෙක් පහල වෙලා. අර හිටපු මනුස්සයට ප්‍රසස්ති කිව්වෙ මිනිස්සු. ඒත් මේ පොදු ජන ජනපතිට ප්‍රසස්ති කියන්නෙ දෙවියො. ඒත් ඒ දෙයියොත් මහ අමුතුජාතියක දෙයියො කොට්ටාසයක්. පන්සල්වල දේවාල වල අඹල ඇඳල තියෙන දේව රූප බහුතරයක් එක්කො රැවුල සම්පූර්නයෙන්ම මුඩු කරල නැත්නම් කලාතුරකිං වගෙ උඩු රැවුල විතරක් තියලනෙ ඉන්නෙ. ෂිරිෂේන තුමාට ප්‍රසස්ති කියන දෙයියො මූණ පුරා රැවුල වවා ගත්තු කොණ්ඩ වවාගත්තු මරුමුස් බුවාල කට්ටියක්. දැක්කම හීන් දාඩියයි මහ දාඩියයි දෙකම එක විඩේ දානව.

ඒ වීඩියෝ එකත් දාල අනික් පැත්තට ආපහු අයිං කරගෙන. ෂිරිෂේන ගොයිය ඔය වගෙ දාල අනික් පැත්තට අයිං කරගන්න වැඩ වලට බොහොම ප්‍රසිද්දයි. එක්සත් ජාතින්ගෙ වාර්සික සැසිය අමතන්ට පුතා එක්ක ගිහිල්ල පෝටොස් දාල ඒ ගැන හතර අතිම්ම විවේචන එන්ට ගත්තම ඒ පෝටොස් අයින් කරගත්ත මතකයි නේද? මේකත් ඒ වගේ තමයි. හැබැයි වැඩේ කියන්නෙ ඒ වෙනකොට හත් පලේ ගෑවිලා ගඳ ගහල ඉවරයි.

නුබට පුලුවං රට හදන්නට නුබ අපේ මිනිහෙක්………….

අන්න එහෙමයි ප්‍රසස්තියෙ කියන්නෙ..ඉතිං රට හදන්ට තමයි බොල අපි ඔහෙව පත් කලේ..ඕක ආය සිංදු කිය කියල ඉන්ට ඕන දෙයක් නෙවෙයිනෙ...රට හදන්ටයි තියෙන්නෙ.....එහෙම බවක් අපිටනම් පේන්නෙ නෑ...සමහරවිට සිංදු කියල මතක් කරල දෙන්ට ඕනය කියල වන්දිබට්ටයින්ට උනත් හිතෙන්ට ඇති ඒ හින්ද....

පහුගිය චන්දෙ කාලෙ අර මෝඩවන්සය රට හැමතැනම කිය කිය ගියා මතකද අර බෝක්කු කටෙං අ..යි..යෝ සි...රි..සේ...න සි..රි..සේ...න... කිය කිය. අපිටත් එහෙම කියන්ට වැඩ සිද්ද කරන්ට එපා කියලයි  කියන්ට තියෙන්නෙ අවසාන වසයෙන්....

නුඹට පුලුවන් රට හදන්නට නුඹ අපේ මිනිහෙක්, 
සිංදු කිය කිය ඉන්නෙ මොකටෙයි හදල පෙන්නාපන්,

පලි - මෙම ප්‍රසස්තිය වතුර පොල්කට්ටකට තුන්වරක් ගන පිහිටුවා ගායනා කොට ඔබ උදෑසන එලි බැසීමෙන් පසු පස්චාත් බාගය සෝදාගැනීමට එම පොල් කට්ටේ වතුර පාවිච්චි කිරීමෙන් පස්චාත් බාගයේ සියලු හොරි වන දද සහ කුස්ට දින හතක් ඇතුලත දුරීම්බූතවී නිට්ටාවටම සුවවේ. ඊට අමතරව අතුරු පලයක් ලෙස රටේ යහපාලනය ද අනිවාර්යයෙන් ඇතිවේ. එබැවින් ඒ මහානුබාව සම්පන්න ගීත රාජයාගේ අඩංගු විස්ව සක්තිය කුලු ගැන්වූ වතුර පොල් කට්ටකිං පස්චාත් බාගය දිනපතා සෝදා එහි ඇති හොරි වන ආදිය සුවකොට ගන්නා අතර රටට මහත් සෙතක් සාන්තියක් උදාවීම උදෙසා යහ පාලනය ද පිහිටුවීමට ඔබත් අදම අදිස්ටානය කරගන්න.

නුඹ අපේ මිනිහෙක්!!!!!!

42 comments:

  1. නොසංසිඳුණු ඉල්ලුමක් ඇති තැන වෙළඳපොළ අවස්ථාවක් ඇත. වෙළඳපොළ අවස්ථාවක් ඇති තැන සැපයුම්කරුවෝ බිහිවෙති. මමනම් ඔය 'සොඳුරු ආඥාදායකයෝ' කියන අයටත් කැමති නැහැ. එහෙම අය රටවල් හදපු අවස්ථා තියෙනව තමයි. හැබැයි වැරදුණු තැන් ඊට වඩා වැඩියි. සොඳුරු ආඥාදායකයින්ට ඇති වන ඉල්ලුමත් අන්තිමට පුරවන්නේ ඔය ජාතියේ රජගොල්ලෝ.

    ReplyDelete
    Replies
    1. ඉකොනො,

      සොඳුරු වුවද ආඥාදාකයින් අපට අවශ්‍ය නැත. එකඟයි...:)

      Delete
  2. " මම රජෙක් නෙමෙයි. මම ඔබේ ප්‍රධාන සේවකයා "
    වගේ ලයින් එකක් අවුරුද්දකට කලින් ඇහුනා හීනෙන් වගේ මතකයි. කවුද හැබෑටම එහෙම කිවුවේ ඈ??

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      එහෙම මොකක්ද කිව්ව නම් තමයි..ඒත් බං පස්සෙ දෙයියො හීනෙං ඇවිල්ල හුණු කිල්ලෝටයක් වගෙ මොකක්ද එකක් දීල ( අර වීඩියෝ එකේ තියෙන්නෙ ඒ වගේ එකක් තමයි ) කිව්වලු යුස්මතාට එහෙම එක එකාගෙ සේවකයො වෙන්ට බැරිය. යුස්මතා ඇවිදිල්ල හිටං මහා ප්‍රාක්‍රමබ්‍රාහුගෙ අවතාරෙය කියල. ඒ පාර ඒ සේවක සීන්කෝන් එක එහෙම්මම අතෑරල රජාට ඇන්දයි කියල තමයි කතන්දරේ යන්නෙ...

      Delete
    2. ඒ ග්‍රාම සේවක වෙලා හිටපු කාලෙ කියපු එකක්

      Delete
  3. ඕකට අර චාමි ලියලා තිබ්බ එක දැක්කද? කොහොමටත් ඔය වගේ වැඩ ටොයියන්ට අල්ලන්නේ නැති හින්දා, තාම අර රජ සින්දු වලට කැමති බයියෝ කීපයක්වත් මේ පැත්තට දාගන්නලු ඔය සින්දුව හදලා තියෙන්නේ...

    මම මුලින්ම හිතුවේ අර අස්සයා පිටේ එන්නේ සිරිසේන කියලා... එහෙම කැල්ලක්වත් තිබ්බා නම් පොඩි ගතියක් තියනවා නැද්ද මං අහන්නේ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      හෙහ් ඒ බයියො අල්ලගන්න රජ නාඩගම නටපු කතාව නම් මරු.....අස්සයා පිටේ අරං එන කොඩිය අන්තිමට ලඟට පෙන්නනකම්ම මම හිතුවෙ කොටි කොඩිය කියල. ඈතට පෙනුම ඒ වගේ. අස්සයා පිටේ එන්නෙ නම් මට හිතුනෙම දහං ඉලංදාරිය කියල.

      Delete
    2. දහං ගැටයා , කියන එක ගැලපෙනව නේද?

      Delete
  4. කිං පැරකුම්බ්‍රා කියලා බුකියෙනුත් නම්බු නාමයක් දීල තිබුණේ මෙතුමට. අනේ මංද, මේ උන්නැහැ අර පිස්සු මැරවින් වගේ විහිළු සපයන්නෙක් වෙලා.

    ReplyDelete
    Replies
    1. ඊට හොඳයි "කිං බ්‍රා" වගේ නමක්

      Delete
    2. Suranga,

      කිං පැරකුම් ද බ්‍රා...හෙහ් ඒක මරු නම.....:)

      Delete
  5. පරාක්‍රම බ්‍රා හු කියලත් කියනව නේද මෙයාට දැන්

    ReplyDelete
    Replies
    1. රුවන්,

      තව එව්ව කියයයි ඉස්සරහට...:)

      Delete
  6. ඔබේ හැකියාව සහ වේලාව මෙවන් වැඩකට නැති දේකට යෙදවීම ගැන මම සහ කොස් කෙල්ල, ක්ලියෝපැට්‍රා ගේ නහයේ පාඨකයින් වෙනුවෙන් බලවත් විරෝධය!!

    ReplyDelete
    Replies
    1. ඉයන් ඇරපන් මචෝ කට සෝඩ ටිකක් දාන්න.

      Delete
    2. අනේද කියන්නේ... ගෑනු ළමයි පෝලිම එහෙං.. මෙය මෙතැන වෙඩිමක් කරනවා.... දැන් ලියනවද? නැත්තම් දැන්ම ලියනවද රවියෝ!

      Delete
    3. .අපරාදේ කාලේ , අපරාදේ කිලෝබයිට්

      Delete
    4. ඒ මදිවට ඇරපු DD බෝතලයක් අරෙහෙ දුක් විඳිනව.

      Delete
    5. අනේද කියන්නෙ. පෝස්ට් එකට වඩා ජනප්‍රිය කමෙන්ට් එක දැකලවත් ඔය ගෑණු දැරිවියො ටික මතක් උනොත්

      Delete
    6. ඔක්කෝටම,

      පාටක පාටවිකාවන්ගෙ බලවත් ඉල්ලීම හින්දම අද රෑ වලිගෙ විකාගෙන ලියලවත් හෙට උදේට මානවිකාවන් පස්දෙනාගෙන් කවුරුහරි ගැන කතාවක් දාන්නං ...:)

      1. අපේ උන්දැ
      2. අසෝකා
      3. අහල්‍යා
      4. අනන්‍යා
      5. ක්ලියෝපැට්රා

      Delete
  7. ආයිත් සැරයක් රෙද්දක් ලියනව හිටං. අරෙහෙ බාගෙට ලියපුව පුස් කාද්දි ඉඳං...මේ හුටං පහුර එපා...වෙලා තියේන්නෙ බංබුව. බොලා බාගෙට ලියපුව ඉවර කොරනවද... නැහ්නං අපි කොරවන්නද..... සෙද්ද.....

    ReplyDelete
    Replies
    1. එක්ස්,

      ඕකේ..ඕකේ..කාම් ඩවුන් ඇන්ඩ් බී කූල් ...:)

      Delete
  8. අරෙහෙ ඔසරි තෙමෙනවා, බණ්ඩක්ක ඇතිලි පිච්චෙනවා, DD බෝතල් කඩලා පැත්තක, කට්රොල් මල් පරවෙනවා.... මෙහෙ මේ රවිය කිං බ්‍රා අල්ලාගෙන පික්ෂු කෙලිනවා. කිං ගැන බලා ගන්න කෂ්ටිය ඕසේට ඉන්නවනේ. ඔබතුමා අර ගෑල් ළමයි ටික ගැන බලගන්නවනම් තමා ෆාටකයන් වන අප කැමති හිටං.

    ReplyDelete
    Replies
    1. උදය,

      හරි හරි එහෙම කරන්නං එහෙම කරන්නං...:)

      Delete
  9. පැණිදෙනියෙ අයියෙ, මොනාට මෙහෙම කාලෙ නාස්ති කරනවද මේ පිස්සු හුටං ගැන ලියන්න. DD බෝතලේ ,රෝස් කුකුල, වැලේ දාපු රෙදි ඒව ටික ඉවර කොරන්න.

    ReplyDelete
  10. අපි රජෙක්ගෙන් රට බේරගත්තු ජාතියක්.... මේ රටේ මිනිස්සු තමා රජාට විරුද්ධ ව ඡන්දය දුන්නේ...... දැන් රජ නොකියා රජකම් කරන කෙනෙක් හැදෙන්න දෙන්නෙත් නැහැ තමා.........

    ReplyDelete
    Replies
    1. කුරුටු,

      රජා එලවල පත්කරගත්තු අපේ මිනිහා මෙහෙම පිස්සු කෙලිනකොට අම්මප ඉතිං මොකෝ කොරන්නෙ?

      Delete
  11. රජෙක් එපා කිව්වට දෙවියෙක් එපා කිව්වෙ නෑ නෙ..? කොහොමද පූජා වට්ටිය හදන කොට.. වයිබ්‍රේටර් එකයි,පොඩි කසයයි,බ්‍රා එකයි,හරක් මස් කිලෝ එකක් දාපු තැඹිලි කෝම්බයයි.. හෙහ් හෙහ්..
    ආ... ඔන්න ආන්ය මතක් කරන්න කිව්වා අයියෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ආන්ය නෙවෙයි බොලේ අනන්‍යා..අනන්‍යා...

      Delete
  12. ඕකෙ ඉන්න ඩෙවිල්ස්ල.. සොරි ගෝඩ්ස් ල අර තිස්තුං කෝටිස් වලට අයිති නැති අයද එතකොට. මොනව උනත් අර අස්සයව තව ටිකක් ‍ට්‍රේනිං කරල ගන්න වෙනව. හැක්..

    එ්ක නෙමෙයි අපි බොලාව පත් කළේ මේ කුණුහරුප අහන්නද, අර බාගෙට නවත්තපු කතා ටික ආපහු පටංගන්නවද. නැත්තං සාරි පුස් කාල, බණ්ඩක්ක කර වෙලා, DD බෝතලේ රැස් යනකල් අපි බලාගෙන ඉන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      අස්සය නම් හොඳටම මදි තමයි..ඔහොමද අස්සයො කිව්වම?

      Delete
  13. අර උඩිස් රඳවනයෙ ජලය ආපහු නිල්ලඹේ ගිය එකටත් අනිවාර්යෙන් මොකක් හරි දේශපාලන සම්බන්ධයක් ඇති කියලයි මටනං හිතෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      එහෙම වෙන්නත් ඇති .....:)

      Delete
  14. මුං වෙනුවෙන් ,,
    වැය කරන කාලය ..
    පුච්චන ලේ ..
    ඉවර කරන ඩේටා ..
    අපරාදේ .....

    ReplyDelete
    Replies
    1. කසුන්,

      මෙව්ව දැක්කම ඇහැ කන පියාගෙන ඉන්ට බැරි කම නෙව වෙලා තියෙන්නෙ...:)

      Delete
  15. රුපියල් හැටදහකින් දිවුරුම් දීපු පොදු ජනතාවගේ සාමාන්‍ය මිනිහා අවුරුද්දක් ගිය තැන රජාටත් අඳින්න ගත්තා හිටං.
    මෛත්‍රී වටේ දැන් ඉන්න කාන්ඩේ දිහා බැලුවාම උන්නැහේ රජාට ඇඳලා නතර වුනොත් ඇති ගොනාට අඳින්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      එහෙම තමයි පටන් ගන්නෙ...:)

      Delete
  16. මම මේ පොස්ට් එක කියවල ඉවර වෙලා, ඇති උන කුතුහලය නිසාම වීඩියෝ එක හොයාගෙන බැලුව.
    කතන්දර ඉවර කරන්නේ නැතුව මේ වල් පල් ලියනවට රවී තුමාට හැමෝම බැනල නේ! වෙනද නම් මමත් බනිනව තමයි ඒ උනාට මේ ලිවිල්ල දැකල හොඳටම හිනා ගිහිපු නිසා අද බනින්නේ නැහැ.
    අනේ මන්ද අපේ පාලකයෝ. මිනිස්සු චන්දෙ දීල තමන්ව පත් කරගන්නේ විහිලු සැපයීම උදෙසා කියලද දන්නේ නැහැ මේගොල්ලෝ හිතාගෙන ඉන්නෙ.
    රවී තුමාට බොහොම ස්තුතියි ප්‍රේමදාස ජනාධිපති තුමාගේ පුටුව ගැනත් කිවුවට. මම ඔය ගැන වැඩි විස්තරයක් දන්නේ නැහැ මොකද ඒ කාලේ මම ඉතාම ලාබාලයි. හැබැයි එතුමා ඔහොම යන යන තැන පුටුවක් උස්සගෙන ගියා මම අහල තිබුණ, නමුත් විස්තර සහිතව කියෙව්වේ අද.

    ReplyDelete
  17. මිස්වූනා මේ ලිපිය. ඇත්ත කතාව. අර අජිත පැරකුම් හොඳ විස්තරයක් ලියල තියෙන්නේ.

    ReplyDelete
  18. මමත් ඔය යහපාලනේ ගේන්න සෑහෙන වැඩ කොරපු කෙනෙක්...අතින් නෙමේ කටින්. මට චන්දෙ දාන්න බැරි උනත් සෑහෙන ඡන්ද ටිකක් හරවලත් දුන්නා සිරිසේන ට.
    දැන් ඉතින් උන් මගෙන් අහනවා "ඔය කොරේ" කියලා.
    මම ඕක අයියට කිව්ව නේද අර අබයගිරි සිද්ධියෙදී. ඒ වෙද්දීත් මටනම් තේරුණා "වැඩේ වෙලා" කියලා.

    මට හිතෙන්නේ මේක අපේ රටේ කේන්දරේ ප්‍රශ්නයක්. හැම පාලකයටම රජ පිස්සුව ගහන එක :)

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...