Wednesday, January 20, 2016

383. පුවක් එෂැණිං - 2 - ෂිවුරට අට ටිබ්බොට්.......






" ෂිවුරට අට ටිබ්බොට් ඝෝරි ඝොඩයි. " අද හදිසියේ කැඳවූ මාද්දිය හමුවකදී මෙලෙස ෂිංහනාධ කලේ භොධු භල ෂේනාවේ ප්‍රධාන වීදි සටංකරු වන ශෛලබහුලශාඛාවේ ස්නානශාර හාංදුරුවෝය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ එටුමෝ ගිහියංගේ විනය නීති බික්සූංට අඩාල නොවන බවත් බික්සූං උදෙසා වෙනම විනය නීති මාලාවක් බුදුන් වහන්සේ පනවා ඇති බවත් වඩාලෝය. 

බික්සු විනය නීති අනුව පස්වන සික්සා පදය  නකතං වනතුරු කට කපා කඩා රිය පැඩවීම හෝ එසේ පඩවා මිනිසුන් යට කිරීම කිසිසේත්ම පාරාජිකාවක් ලෙස නොගැනෙන බවද උං වහංසේ මයික්‍රපෝනය විකමින් මහ හඬින් ප්‍රකාස කලෝය. එසේ බික්සු විනය නීති පමනක් සංග රට්නේට බලපාන්නේ නම් ටමං වහංසේ ට ඉහතකී වැරදි වලට උසාවි යන්නට සිදුනොවන බවද එටුමෝ ඉටා හැඟුං බරව පවසන ලඩී. 

නකතං කර්ණ කංචුකේන, 
රියපදවං මහා මාර්ඝං පූරං, 
සකෘදාගාමීච උපාසකේන,
විනය පිටකයං නෝ පොබ්බොලං,

ඒ හා අඩාල පාලි පාඨය ඉදිරිපත් කල එටුමා එහි අර්තයද පැහැදිලි කලේය. " කණ සාක්කුවට වැටෙන තෙක් නකතංව පාර පුරා රිය පදවා සකෘදාගාමී නොවන උපාසකයකු හෝ උපාසිකාවක යට කලාට විනය පිටකය අනුව ඒ වරදක් නොවේ." 

රියට යටවූ පුද්ගලයා අඩුම තරමින් සකෘදාගාමී තත්වයට පත්වූවකු නොවේනම් එහි කිසිම වරදක් නොමැතිබව වේදිකාවේ හුන් අනෙක් බික්සූන්ගේද ඒකමතික අදහස විය.

පොලීසියට පහර දී වදාරන්නට,ගල් ගසා වදාරන්නට, මාර්ග බාදක පෙරලාගෙන ඉදිරියට වැඩම කිරීමට, රිලවුන් මෙන් තාප්ප දිගේ ඉහලට සක්මන් කිරීමට, අසබ්බිය වදන් දේසනාකොට වදාරන්නට බික්සූන්ට ඇති පරන අයිතිය උල්ලංගනය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද එටුමෝ සිවුර කරටගෙන වැඩිදුරටත් ප්‍රකාස කලෝය.

රජය මේ සංග පනත ගෙන එන්නේ දුස්සීල බික්සූන්ට දඬුවංකොට ඔවුන්ගේ සිවුරු ගැලවීමේ මුවාවෙන් බවත් මේ පිටිපස සිටින්නේ ජපානයේ සුමෝ මල්ලව පොර සංගමය බව තමන්ට රහසිගත තොරතුරු ලැබී ඇතිබවත් උංවහංසේ තවදුරටත් පැවසුවෝය. " දැනට ජපානේ සුමෝ ක්‍රීඩකයිංගෙ හිඟයක් තියනවා.ඒ හින්ද ඔවුන් ලෝකෙ හැම තැනම සුමෝ මල්ලව පොරකාරයො හොය හොය යනවා. අපේ සිංහල බවුද්ද ජනතාව රජයේ මේ කුරුමන්තරනේ තේරුම් ගත යුතුයි " අවසාන වසයෙං එටුමෝ පැවසුවෝය.


ටං...ටිං...ටුං..........

49 comments:

  1. හිකිස්.. අම්බෝ.. මේවට නම් කොමෙන්ට් දාන්නේ නෑලු.

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      හෙහ්..උඹට අවුලක් නෑනෙ දැන් නෙවද? කොහෙද උඹලගෙ ඩයල් එක දැක්කම බුදු හාමුදුරුවන්ට උනත් සැක හිතෙනවනෙ ඒකනෙ වෙලා තියෙන්නෙ…Project Management Risk Assement Evaluation එකක උඹව දාන්න වෙන්නෙ Category A රිස්ක් එකක් විදිහට.Safety First…. හෙහ්,හෙහ්,

      ඊලඟ පුවක් එෂැණින් එක ලියන්නෙ උඹ ගැන. නොකිව්වයි කියන්න නම් එපා ගොයියෝ....:)

      Delete
  2. භික්ෂු විනය ක්‍රියාත්මක කොරන්නෙ කොහොමෙයි? මහ වලව් දෙකේ උන්නාන්සෙලා කොරන දේවල් වල හැටියට.. සිවුර පිටින් ඔහොම නටලා අනේ මල්ලලෑ කවදා ගොඩ යන්නද කියලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. G.L.,

      අපේ ගණින්නාන්සෙලා විතරමනෙ බං ඔහොම නටන්නෙ අර දෙයියංගෙ හාල් කැවිච්චැහෙ...:)

      Delete
  3. හැක්... හැක්... එහෙමත් වැදෑරුව එහෙනං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ආය මොනවද? වැදෑරූ සේක වැදෑරූ සේක..සාදූ!..සාදූ!!..සාදූ!!!

      Delete
  4. නෙලුම් සම්මානේ බලාගෙනවත්ද වැදෑරුවේ

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අහ්..එහෙමත් එකක්ද? නෙලුං සම්මානෙ දෙන්නෙ කොහොම ලිව්වමද මෙයා?..දන්නවනං කියන්ටකො තරහ නැතුව...

      Delete
  5. සින්හල බොදු කියන කොටස නැත්තටම නැති කරන්න කෙරෙන දෙවල් ඩැක්කෙ නෑ වගෙ මෙහෙම ආතල් අරගෙන ඉදපන් බන්. තමුන් නිදසෙ හැදුනු වැඩුනු ඒ පරිසරේ තමයි උබලගෙ නිදහස් චින්තනේ ඇති කලේ. ඒ පරිසරේ අනාගතෙට ඉතුරු වෙන්න ඕන. ඒකට යුතුකම කරපන්. අමන ආතල් ගන්නෙ නැතුව.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      / සින්හල බොදු කියන කොටස නැත්තටම නැති කරන්න කෙරෙන දෙවල් ඩැක්කෙ නෑ වගෙ…/

      හින්ගල බොදු කියල මොකක් හරි දෙයක් ඉතිරිවෙලා තියනවනං ඒ සොච්චම නැත්තටම නැතිකොරන්ට ජාති ජාති පතාගෙන ඉපදිල ඉන්න ඈයො ගැන තමයි මෙයා මම මේ ලිව්වෙ....:)

      දැක්ක නේද කතාකරන විදිහ?.... ඔය තමයි අපේ ජාතිය ආගම රකින්ට තමම්ම කොන්තරාත් එක ලියල තමම්ම අස්සං කරල වැඩේ බාරගෙන ඉන්න ෆුල් ටයිම් සිංහල ඇන්ඩ් බුඩිසම් සිකුරිටි සේවිස් එකේ මැනේජිං ඩිටෙක්ටර් උන්නාන්සෙ ජාතිය අමතන ආකාරය...

      / ඒ පරිසරේ අනාගතෙට ඉතුරු වෙන්න ඕන. ඒකට යුතුකම කරපන්. /

      ඉතිං එහෙම කරන්ට තමයි සත්තරනේ මේ හදන්නෙ…:)

      Delete
    2. රවී... උඩ ඇනෝ කියපු දේවල් ඔබට අදාලද දන්නෙ නෑ. නමුත් ඔහුගෙ වචන වල සත්‍යයක් තියෙනව. අපේ සිතුවිලි වලට සින්හල බොදු පරිසරේ ගොඩක් බලපෑව. ඒක බොහොම නිදහස් චින්තනයක්. ඒ ගැන පුන්චි හෝ අගය කිරීමක් තිබිය යුතුයි නේද.? බ්ලොග් වල මම ඒක දකලම නැහැ. හැමෝම ට්‍රෙන්ඩ් එකට සින්හල බොදු පරිසරය ගරහනව විතරයි. කිසිවෙක් එහි අගය දකින්නේ නැහැ. මුස්ලිම් සහ වෙනත් ආගම් වල අන්තවාදී බවට යටවිමක් දකින්න තියෙනව නෙද. ඇයි ඒවට නිහඩ.?

      Delete
    3. සිංහල බොදු... ? හුකා..... ඒක කොහේ තියන එකද්ද බං... බෞද්ධයෙක් නං ඒකට ජාති කුල මල තියෙන්න විදිහක් නෑනෙ. සමහර විට හතරවෙනි පිටකයෙ තියනව ඇත්තෙ..අනාගත්ත ධර්මපාල ලියපු. .සිංහල බොදු..ඇයි ගොවි කෑල්ලත් තියෙන්න එපැයි... රෙද්ද....

      Delete
    4. Well said X-porter. My observation is that most Sinhalese Buddhists do not have the good qualities that non-religious westerns posses, for e.g. compassion and empathy. Most of our people do things to enhance their account of merit, nothing else.

      Delete
    5. නිර්නාමික මහතා හෝ මහත්මිය,

      / අපේ සිතුවිලි වලට සින්හල බොදු පරිසරේ ගොඩක් බලපෑව. ඒක බොහොම නිදහස් චින්තනයක්. ඒ ගැන පුන්චි හෝ අගය කිරීමක් තිබිය යුතුයි නේද.? බ්ලොග් වල මම ඒක දකලම නැහැ. හැමෝම ට්‍රෙන්ඩ් එකට සින්හල බොදු පරිසරය ගරහනව විතරයි./

      ඔබ හා සමඟ සියයට සියයක්ම එකඟ වෙමි. ඒ එක්කම අපේ නිදහස් බොදු චින්තනයට කිසිම ගැරහීමක් මම නම් කරලා නැති බවත් ඒ එක්කම කියන්ට අවශ්‍යයයි.මට තේරෙන්නෙ නෑ බොදු බල සේනාවෙ අන්තවාදී, කිසිම පදනමක් නැති නන් දෙඩවිලි විවේචනය කිරීම අපේ බොදු චින්තනයට ගැරහීමක් වෙන්නෙ කොහොමද කියල.

      Delete
    6. සින්හල බොදු කියල පාවිච්චි කලේ සින්හල මිනිසුන්ගෙ සන්ස්කෘතික පාරිසරික සිතුවිලි එක්ක මුහු උන බුද්ද දර්මය නිසයි. (වෙනත් බොහොමයක් බුදු දහම ඇති රටවල දර්ශනය වෙනස් නිසයි.)
      රවී...
      //නිදහස් බොදු චින්තනයට කිසිම ගැරහීමක් මම නම් කරලා නැති බවත් ඒ එක්කම කියන්ට අවශ්‍යයයි//
      ඒ වගෙම බොහොමයකට එහි අගය සත්තටම අමතක වෙලා යනව.. ඒක මතක් කරන එක, එහි වටිනකම පෙන්වාදීම ඒ පරිසරයෙන්ම මතු උන ඔබ වැනි ලේඛකයන්ගේ හැකියාවක් නේද.? එය මගහැරුනු බවක් පේනවා නේද.?

      Delete
    7. //වෙනත් බොහොමයක් බුදු දහම ඇති රටවල දර්ශනය වෙනස් /
      මොකද්ද මේ හරුපෙ? බුදු හාමුදුරුවො දේශණා කරපු ධර්මය කොහෙ තිබුණත් එකයි. ඒ සසරෙන් එතෙර වෙන්න කියන එක විතරයි. රටෙන් රටට, භාෂාවෙන් භාෂාවට වෙනස් වෙන්න බැහැ. අනික් ආගම් වලට ගරහන්නයි, කඩ ගිනි තියන්නයි පාවිච්චි කරන්නේ බුදු දහම නෙමෙයි. ඔය පාවිච්චි කරන්නේ සිවුරකට රැවෙටෙන මිනිස්සුන්ගේ මෝඩකමයි බුදුන් දේශනා කරපු ධර්මය ගැන නොදැනුවත් කමයි.

      Delete
    8. ඇනෝ,

      / ඒ වගෙම බොහොමයකට නිදහස් බොදු චින්තනයේ අගය සත්තටම අමතක වෙලා යනව.. ඒක මතක් කරන එක, එහි වටිනකම පෙන්වාදීම ඒ පරිසරයෙන්ම මතු උන ඔබ වැනි ලේඛකයන්ගේ හැකියාවක් නේද.? එය මගහැරුනු බවක් පේනවා නේද.? /

      මෙතන තියෙන්නෙ ඇත්තටම මට හිතෙන්නෙ ආකල්පමය වෙනසක්. ඔබ සිංහල බොදු චින්තනය කියල කියන්නෙ මම සිංහල බොදු චින්තනය කියල කියන එකටම නෙවෙයි.

      මම සිංහල බොදු චින්තනය කියල කියන්නෙ නානසාර වගෙ කතා කරන්ට දන්නෙ නැති විවේචනයක් දරාගන්ට බැරි අසනීපකාරයන්ට විරුද්ධ වෙන එක. සිවුරට මුවාවෙලා බුදුහමුදුරුවො පිළිකුල් කරපු තිරශ්චීන විද්‍යාවන්හි නියැලෙමින් අසරණ මිනිසුන් ගසා කන එකට විරුද්ධ වෙන එක. කොටින්ම පොදු ජනයාගේ හිතසුව පිණිස කලයුතු දෑනොකර සිංහල ජාතියේ අනාගතය බලෙන්ම බාරගෙන ඉන්න ආරක්ෂක නිලධාරීන්ට විරුද්ධ වෙන එක.මම හිතන්නෙ මට පුලුවන් විදිහට මම ඒ දේ කරනව.

      Delete
  6. එක එක අයගේ එක එක ජාතියේ විච්චූරන වලට නීතිමය සහ රාජ්‍ය අන්‍රග්‍රහ ලබාදෙන්න යන නිසා ගැටලු ගොඩක් ඇතිවෙනවා..හැමෝටම එකම නීති පද්ධතියක් තිබුන නම් හරි...හාමුදරුවෝ ඉන්න ඕනි සමාජ සම්මත නීතියට පහලින් මිස ඉහලින් නෙමෙයි.. චීවරය කියන්නෙ වැරදි කරන අයට සුද්ද වෙන්න තියෙන අලුත් ඇදුමක් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. අමිල,

      අන්න හරි...එහෙම තමයි වෙන්න ඕන..මේක මේ පුදුම වැඩක්නෙ මේක...කහ සිවුර පොරවගත්තම මේ ඔක්කෝටම එනව අමුතු සිවිල් බලයක්, අපිට ඕන ඕන දේ කොරන්ට පුලුවන් කියලයි හිතාගෙන ඉන්නෙ...හාන්දුරුවො කියන්නෙත් මේ රටේ පුරවැසියො. රටේ නීතිය ඒ හැමෝටම පොදුයි.

      Delete
  7. සිවුරට අත තියයි කියලා සිවුර පිටිපස්සෙ ඉන්න ගොඩක් අය බයවෙලා...
    ගම්මන්පිළ මහින්දලත් බයෙන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. උඩු,

      ඔබ හරි. සිවුරට මුවා වෙලා ඉන්නව හොර තක්කඩි අටෝ රාසියක්....:)

      Delete
  8. //ඇති පරන අයිතිය//
    අදහස් කලේ පරම අයිතිය කියලද?
    අනික් හරිය නං විනය පිටකයං නෝ පොබ්බොලං,

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      පරම අයිතිය කියන එක තමයි මම පරන අයිතිය කියල ලිව්වෙ...වැරදීමක් නෙවෙයි......:)

      Delete
  9. ගහක කොලයක් කඩන එකත් පව් කිව්ව බුදු හාමුදුරුවෝ තිරික්කල දක්කන්න අනුමැතිය දෙනවා මට පේනවා පේනවා වගේ මේ විනය ගැන කතා කරන්න පටන් ගත්ත දවසේ ඉදලා... :-D

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      තිරික්කල දක්කන්න.....:)

      Delete
  10. හ්ම්..........මහානායක හාමුදුරු වරුත්, මඩුවලිග පාවිච්චි කිරීම ගැන, විචාර/විමර්ශන/විශ්ලේෂණ/වික්ෂේපන/වික්ශෝපන/විභංජන/ වල දෙනවාලු.

    ReplyDelete
    Replies
    1. විචාරක,

      මඩු වලිග භාවිතය ගැන ඔබතුමාගෙන් උපදෙස් ගනියි සමහරවිට....:)

      Delete
  11. elama ela. passe ennam aye komentuvak danna.

    ReplyDelete
  12. උපහාසය නම් වෙනදා වගේම උපරිමයි රවී. ඒ වගේමයි කළකිරීම. යහපාලනයක් ගෙනත් මිනිස්සු බලාපොරොත්තු වුනේ මේවද කියලා හිතෙනකොට "යකෝ අපිත් රෙදි ඇඳන් ගිහින් මුන්ට කතිරේ ගැහුවනෙ" කියල හිතෙනවා.

    මේක හරියට අනාථ නාථ වෙලා ඉන්න බො.බ සේ, බෙංග නාලකල වගේ අයට බෝලේ උස්සලා "ඉඳා උඩ පැනලම ගහපං" කියලා දුන්නා වගේ වැඩක් නේද?

    හාමුදුරුවන් ගැන නරකම ඇහෙන දකින කාලේ බොහොම ශාන්ත ගමනින් පිණ්ඩපාතේ වඩින තරුණ හාමුදුරුනමක් අද උදේ ගොතටුවේදී දැක්කා. කලබලකාරි පරිසරයක දියණිය ගැන තැවෙමින් එලියට බැස්ස මටත් බිරිඳටත් ඒ දසුන හිතට හරි සැනසීමක් ගෙන දුන් දෙයක්.

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. උදය,

      / මේක හරියට අනාථ නාථ වෙලා ඉන්න බො.බ සේ, බෙංග නාලකල වගේ අයට බෝලේ උස්සලා "ඉඳා උඩ පැනලම ගහපං" කියලා දුන්නා වගේ වැඩක් නේද? /

      මගේ අදහස නම් මෙහෙම දෙයක් කෙරෙන්න ඕන.මේ පිස්සොන්ට යටවෙලා අකුලගෙන ඉඳල හරියන්නෙ නෑනෙ හැමදාම...

      Delete
  13. හාමුදුරුවන්ට විනය නීති දාන්න කලිං පාර්ලිමේන්තුවෙ ඉන්න තරුණ මංත්‍රීවරියන්ගෙ පුක මිරිකන, ජැක් ගහන ගස් ගෙම්බන්ට විනය නීති පැනෙව්වනං හොඳ නැද්ද කියලයි අහන්න තියෙන්නෙ.
    මේ සේරම ප්‍රශ්න යට ගහන්න ගේන මාධ්‍ය සංදර්ශන.

    ReplyDelete
    Replies
    1. ඔය ගීතා කුමාරසිංහ වගේ තරුණ මන්ත්‍රීවරියන් තමයිලු ඔය මිරිකන ඒවට අකමැති. මොකද අර ජෙලි පොට්ටනිය දාල තියෙන නිසා දැන්නෙ නැතිලු. අනික් කට්ටිය කැමතියිලු ඉඳල හිටල ඕව මසාජ් කරල දෙනවට.

      Delete
    2. හෙන්රි,

      පාර්ලිමේන්තුවෙ ඉන්නෙ සීයට අසූවක් සත්තු කියල අපි දන්නවනෙ. ජාතියේ මුරදේවතාවුන් එහෙම නෙවෙයිනෙ. පොඩි විනයක්වත් තියෙන්න එපාය.....:)

      Delete
  14. රාජ්ජ නීතිය ඔය හැම නීතියටම ඉහලිං තියෙන්නෙ කියන්න එක ගස්බල්ලෙක් නෑනෙ හිටං.... මුං ඔක්කොම රෙද්දෙ සිවුරට බයයි. ඔය වේසිගෙ පුතාලගෙ සිවුර ගලෝල අඬු කඩල තට්ටෙ තාර ගාල පුකට පයින් ඇනල එලවන්නෝන. පිං බත් ගිලින පිංගුත්තර හැත්ත. ගෞතම හොඳ වෙලාවට ඒ කාලෙම එලොව ගියෙ. නැහ්නං මුං කොරන කියන ඒව දැකල පුක පොලේ ගහං මැරෙන්නෙ හනේ මගෙ දර්සොනේට ගියකල කියල හිටං...

    ReplyDelete
    Replies
    1. එක්ස්,

      සර් ජෝන් කොතලාවල මහත්තයත් සුට්ටක් වෙනස් විදිහට ඕකම කිව්ව. උඹ පයිං ගහන්ට සූදානම් වෙන තැන තමයි උන්නැහැ කිව්වෙ තාර ගාන්ට ඕනය කියල...හෙහ්,හෙහ්, හොඳ වෙලාවට උන්නැහැට එහෙම කොරගන්ට බැරිවුනේ ඒ කාලෙ. නැහ්නං එහෙම උඹේ ශ්‍රී පාදයෙත් එක්ක ටාර ගෑවෙනව.....

      Delete
  15. බොදු කැල්ලක් තියේන නමක් දාගත්තම කරන ඔක්කොම හරි කියල අපි පිලිගන්න ඕන.බුදු හාමුදුරුවො දේශනා කොරපුව කරන්න ගිහින් කොහොමේයි බුද්ධාගම රැකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අනේ බං කාට කියන්නද මෙව්ව..Who to tell tell?...:)

      Delete
  16. ඔය නීති ගැන වැඩිය බය වෙලා තියෙන්නේ පන්සලේ ඉන්න අය නෙමෙයි. පන්සලට බලෙන් රිංගපු අය.

    ReplyDelete
  17. සිව්රත් දැන් එක පර්මිට් එකක් වෙලා ඉවරයි ..
    සිව්රු පොරවගෙන අපිටත් වඩා වැරදි කරන උන්ට, වඳින්න වෙන එක නම් අජූතයි :(

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කියල වැඩක් නෑ බං..මම බස් එකක ඉස්සරහ සීට් එකේ ඉඳගන්න හරිම අකමැතියි. චීවර දාරියෙක් ආවොත් නැඟිටල සීට් එක දෙන්න වෙන හින්ද...

      Delete
  18. බොදු බල සේනාව අවස්ථාවාදි සංවිධානයක් මිස සසුන හෝ බෞද්ධයන් වෙනුවෙන් පෙනි හිටින සංවිධානයක් නෙවෙයි.මම කිහිප වතාවක්ම තාවකාලික පැවිද්ද ලබලා තියනවා.ඒ නිසා සසුනේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන හොඳින්ම දන්නවා.ඒ කිසිඳු ප්‍රශ්නයක් ගැන මේ කියන සංවිධානවල අවධානය යොමු වෙලා නෑ අවධානය යොමු වෙන්නෙත් නෑ.මේ ගැන ලියනවනම් පොස්ට් එකක්ම ලියන්න පුලුවන්.ඒ කියන්නේ නූතන ශාසනික අර්බුධ ගැන.

    ReplyDelete
  19. ඈ බොල පොල් බෑ මූණො..!
    තෝ ඔච්චර බුද්ධාගමයි රටයි ගැන කථා කරනවා තෝ දන්නවද ඔය කියන එකේ තේරුම...?

    ReplyDelete
  20. අනේ රවියයියා, කාරුනික ආයාචනය. නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලට මේ පුවක් එෂැනිං එක් කරංට..............නැත්තං මරණවා ඈ........................

    ReplyDelete
  21. ඕං සාසනෙත් වියරයි. තව ටික දොහකිං ඔය කාන්ඩෙත් වියරයි. අපිත් වියරයි. අපේ සනුහරෙත් වියරයි.


    ඇත්තටම එහෙම වෙයිද?

    ReplyDelete
  22. ගඳ සාර රහත්වෙලා ඉන්නේ අපේ හාන්දුරුවනේ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...