Saturday, January 23, 2016

384. පුවක් එෂැණිං - 3 - ගව ඝාතන තහනම



ගවයා පූජනීය සතෙකු බැවින් ගවයින් මැරීම තහනම් කිරීමට පියවර ගන්නා බව අතිගරු ජනාධිපතිතුමා පසුගියදා පැවසීය. මේ ප්‍රකාශය එතුමා විසින් කරන ලද්දක් නොවන බවක් හෝ එම ප්‍රකාශයට එතුමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවක් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිවේදනය කොට නොමැති බැවින් ජනාධිපතිතුමා එලෙස ඇත්ත වශයෙන්ම පවසා ඇතිබවක් තහවුරුවන බව ජහපාලන විසේසඥයෝ පවසති.

හින්දු ආගමේ ගවයා පූජනීය සතෙකුසේ සැලකෙන බැවින් ජාතික සමගිය ඇතිකිරීමට ගව ඝාතනය තහනම් කිරීමට පියවර ගත යුතු බවද එතුමෝ පැවසූහ.එළෙසම ඉදිරි කාලයේදී ඉස්ලාම් භක්තිකයින් ගැන සලකා ඌරුමස් විකිණීම තහනම් කිරීමටද කටයුතු කිරීමට සැලසුම් කොට ඇතිබව විස්වාසදායක ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනතාවට හා රටට බලපාන ඉතා වැදගත් එමෙන්ම ප්‍රමුඛස්ථානය දියයුතු ප්‍රශ්ණ තෝරාගැනීමෙහිලා ජනාධිපතිතුමා දක්වන තර්කානුකූල බුද්ධිය දෙස් විදෙස් දේශපාලන විචරකයින්ගේ නොමද ප්‍රශංසාවට ලක්වෙයි.එතුමාගේ උපදේශකයින්ට අනුව කඩිනමින් පිළියම් යෙදිය යුතු ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න මාලාවේ තනපට විසිකිරීම සහ පැරකුම්බ්‍රා ගීතය නිර්මාණය කිරීමට පසුව අංක තුන ලෙස හඳුනාගෙන ඇත්තේ මේ මහා මහීෂ ඝාතන අර්බුදයයි.

එතුමාගේ උපන්බිම වන පොළොන්නරුවේ නගර මධ්‍යයේ පවා රථවාහන ගමනා ගමනයට මහත් බාධාවක් වන නිදැල්ලේ හැසිරෙන ගවයින්ගෙන් මින් පසු රිය පදවන්නන්හට "මාර්ගයෙන් ඉවත්ව වදාරා අපගේ ගමන් පහසුව සලසාගැනීමට ඉඩපහසුකම් සැලසීමට පමණ කාරුණික වන සේක්වා අතිගරු මහිෂ රාජයිනි" ලෙස නමස්කාරකොට ඉල්ලා සිටීමට සිදුවනු ඇති බව මේ අතර තතු දත් විචාරකයෝ පවසති.

ඝාතනය තහනම් කලයුතු වෙනත් පූජනීය ලෙස සැලකෙන සතුන් පිළිබඳව තොරතුරු දන්වා එවන්නැයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී. දැනට පැරණි මිසරයෙහි පාරාවෝ රජ දවස බළලුන් පූජනීයත්වයෙහිලා සැලකූ බවට තොරතුරු ලැබී ඇති හෙයින් බළලුන් ඝාතනය තහනම් කිරිමටද සලකා බලන බවට ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මේ අතර පූජනීය වශයෙන් සැලකෙනුයේ දේශීය ගවයින් පමණක්ද එසේ නොව විදේශීය ගවයින්ද පූජනීය වශයෙන් සැළකිය යුතුද යන ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීමට හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. 

ගව ඝාතනය තහනම් කල පසු කිරි වැරූ වැස්සියන් සහ පට්ටි ගොනුන් ස්වභාවිකව අපවත්වන තෙක් ඔවුනට දිනපතා ආහාර පූජා කිරීම එදා වේල බොහෝ වෙහෙස විඳ සපයාගන්නා ගොවිමහතුන්ට මහත් දුෂ්කර කාර්යයක් හෙයින් දියවන්නාවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේද, එහි ඉඩ පහසුකම් මඳ වුවහොත් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ පැජට් පාරේ ජනාධිපතිතුමා වාසය කරන නිවසේ අංගනයේ කිරි දෙනුන් සහ පට්ටි ගොනුන් දිගේලි කිරීමට පහසුකම් සැලසීමටද කටයුතු යොදා ඇත.

එලෙසම අති පූජනීය සත්වයින් වන ගවයින්ගේ අති පූජනීය ගොම ගෙබිම අලේප කිරීමේ පැරකුම් බ්‍රා රජ දවස සිට පැවත එන චාරිත්‍රය යලි පණගැන්වීමට මූලාරම්භයක් ලෙස පැජට් පාරේ ජනාධිපති නිවසේ සියලුම බිම් උළු (Floor Tiles) ගලවා ඉවත්කොට ගොම ආලේප කිරීම සඳහා ප්‍රසම්පාදන (Tender)  අයදුම්පත් කැඳවීමටද කටයුතු යොදනු ඇත. මේ සඳහා අයදුම්පත් ජනාධිපති ලේකම් කාර්යාලයෙහි ප්‍රධාන ගව සුභ සාධන සහ සම්පාදන නිලධාරී වෙතින් ලබාගත හැක.

ඉතා සීඝ්‍රයෙන් පහත වැටෙන තෙල් මිල හේතුකොටගෙන, තෙල් මිල හතර පස් ගුණයක් ඉහල තිබූ කාලයේ නියම කල මිලටම ජහමනයාට පෙට්‍රල් සහ ඩීසල් අලෙවි කිරීමෙන් රජයට ලැබෙන අධික ලාභය ගවමස් ආනයනය කිරීමට යොදාගැනිමටද රජය බලාපොරොත්තු වේ. එබැවින් නුදුරු අනාගතයේදී ඉන්ධන මිල අඩුවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිබව ආර්ථික විශේෂඥ ඉකොනො මැට්ටා මහතා එසැණ පුවක් වෙත පැවසීය.

මේ අතර ගව ඝාතන තහනම හේතුකොටගෙන රැකියා අහිමිවන ගව ඝාතකයින් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට සමස්ත ලංකා ගව ඝාතකයින්ගේ සංගමයේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති ලේකම්තුමා හමුවූහ. ඔවුන්ගේ බිය සැක දුරු කල ලේකම්තුමා පැවසූයේ රැකියා අහිමිවන සියලු ගව ඝාතකයින් අලුගෝසුවන් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවාගැනීමට රජය කටයුතු කරන බැවින් තම අනාගතය පිළිබඳව කිසිදු බියක් හෝ සැකයක් ඇතිකරගත යුතු නැති බවයි. 

ගවයින් පූජනීය ලෙස රජය නිල වශයෙන් පිළිගත්තද මිනිසුන් පූජනීය ලෙස තවමත් පිළිගෙන නොමැති බැවින් අලුගෝසුවන් බඳවා ගැන්මෙහි ගැටලුවක් ඇති නොවන බවද ලේකම් තුමා තව දුරටත් පැහැදිලි කලේය.

ටං.....ටිං....ටුං...............

91 comments:

  1. Replies
    1. කළ්‍යාණ,

      ටං ටිං ටොං නෙවෙයි යස්සයො ටං ටිං ටුං....

      Delete
  2. හරකුන්ට එසේ උවත් මිනිසුන් ප‍ූජනීය තත්වයට පත්වීම තවදුරටත් කල් යනු ඇත.

    http://www.divaina.com/2016/01/23/news08.html

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බං වෙලා තියෙන්නෙ...

      Delete
  3. ආචාර්‍යය මර්වින් සිල්වා මහතා ජනාධිපතිතුමාගේ එළුවන් සහ කුකුළන් ඝාතනය සම්බන්ධ උපදේශක ලෙස පත්කර ගැනීමටත් ඔහුගේ පුත් මාලක සිල්වා ගෙන් ගිලිහී ගොස් ඇති එක්ස්ටසි ඒකාධිකාරය නැවත ලබාදීමටත්, හලාවත මුන්නේස්වරන් කෝවිලට අමතරව මුළු ලංකාවේම එළුවන් සහ කුකුළන් ඝාතනය තහනම් කර මහජනයාගේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සඳහා මාලක එන්ටප්‍රයිසස් හරහ එක්ස්ටසි පෙති බෙදා හැරීමටත් ලඟදීම ක්‍රියා කරන බව ආරංචියි

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඩොක් දුටුගැමුණු සද්දයක් නෑ නේද දැං?

      Delete
  4. මේ විකාර නැතුව මගේ ප්‍රියතම ක්ලියෝපැට්‍රා කථාවේ තව කොටසක් ලියන මෙන් ඉල්ලමි

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හරි හරි බොල..ඒකත් ලියමු...ඒකත් ලියමු...ක්ලියෝපැට් රා කොහෙවත් යන්නෙ නෑනෙ.ඒත් මේ එදිනෙදා ආතල් ගැන නොලියම බැරිවුනානෙ....

      Delete
  5. රවී-ලියන්නකෝ අර Ian කියනවා වගේ ඔයාගේ romantic කතා ටික. Cleopatra, කුකුළා නැත්නම් wifeගේ ඔසරි ටික ගැන.
    ඔය හරක්, අලියෝ එහෙම ගැන කතාකරන්න අපේ Lemon puff මහත්තයා එහෙම ඉන්නවනේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අන්න හොඳ වෙලාවට මතක් කලේ..ලෙමන් පෆ් මහත්තය ගැනත් එකක් ලියන්න ඕන….:)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. කවුද බං ලෙමන් පෆ් කියන්නේ, මම දැන් කීප පලකම තියෙනවා දැක්කා...
      නිවුස් මුකුත් බලන්නේ නැති ජහමනයෙක් වෙච්ච මට ඕවා හරියට මිස් වෙනවා...

      Delete
  6. මේකනං සෙල්ලමට ගතයුතු දෙයක් නෙවෙයි රජෝ. මොකාගෙ උනත් පරාණේ පිලිබඳ ප්‍රශ්නයක්. පන්සල්වල වහල්කමට අලි ඇතිකිරීම වැරදියි වගේම මස් පිනිස සත්ව ඝාතනයත් වැරදියි. නමුත් ජනාධිපතිතුමා ඒක කරන්න හදන ක්‍රමේ තමයි අවුල. ලංකාවෙ අඩුවෙන ටික කොහේහරි මැරෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. මෙව්වගෙ ප්‍රශ්න ඔහොම කතා කල යුතු දේවල් නෙවෙයි බං. ගවඝාතනය වගේ බරපතල ගැටලු බේකන් කෑල්ලක් චිකන් නගට් එකක් කකා සාකච්ඡා කල යුතු දේවල්. අපි ගව ඝාතනේට විරුද්දයි. චියර්ස්!

      Delete
    2. සුරංග,

      නෑ බං ප්‍රාණ ඝාතය කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඉත්තේරුවෙන්ම වැඩේ වැරදියි.සත්තු මරාගෙන කන එක නවත්වන්න පුලුවන් නම් හුඟක් හොඳයි. බුදු හාමුදුරුවො පස් පව් වලින් ඉහලින්ම තිබ්බෙ පරපණ නැසීම.

      එතකොට ගාන්ධිතුමා මෙහෙම කියල තියනව. “The greatness of a nation and its moral progress can be judged by the way its animals are treated.” ― Mahatma Gandhi

      ඒත් මේ ගවයා පූජනීය සතෙක් කියන්නෙ මහ විකාර කතාවක්නෙ. අපේ ආගමේවත් අපේ සමාජ චාරිත්‍රවලවත් එහෙම එකක් නෑනෙ. අනික යමක් කියන්න ඉස්සර ඒ ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙක් උනහම.

      Delete
    3. "අනික යමක් කියන්න ඉස්සර ඒ ගැන හිතන්න ඕන. විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙක් උනහම."

      ඔය ජාතියෙ ගවයෙක්ව රාජ්‍ය නායකයා කරගන්න කලින් මිනිස්සුන්ටත් ටිකක් හිතන්න තිබුනා... මට වෙලාවක මෙහෙමත් හිතෙනවා රවී අයියා. මෙතුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ එතුමාට චන්දය දීපූ ඈයො ගැනම උපන් කරුණාවෙන්ද කියලා.. හෙහ්....හෙහ්...

      Delete
    4. Senna,

      මොලේ කලඳක් නැති තමං සහ තම පවුලම විතරක් හැදෙන්ට උත්සාහ කරපු මුලු රටම තමන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ කියල හිතල වැඩ කරපු බූරුවෙක් එක්ක සංසන්දනය කලාම නම් මල්ලි තාම එතුමා දහස් වාරයක් හොඳයි...:)

      වෙරි සොරි සෙන්නා, මම කවදාවත් ඔහෙගෙ අනුත්තර නායක තුමාට මෙහෙම කියන්ට හිතුවෙ නෑ...ඒත් මල්ලි පොඩ්ඩක් චාන්ස් එක දුන්නම උඩ පැන පැන ඩෑෂ් ගහන්ට හදනකොට වෙන කරන්න දෙයක් නෑ…..:)

      Delete
    5. රවී අයියා,

      හයියෝ හයියෝ ගියා නේද කේන්ති ?? ඔහොම කේන්ති ගන්න එපා සරීර සෞඛ්‍යට හොඳම නෑ.. ප්‍රශ්ණයක් තියේනම් සකච්ඡාවෙන්, සම්මුතියෙන් ගොඩ දාගන්න බැරියෑ.. නැද්ද හා ?

      දැන් මෙතන ඔයාගෙයි මගෙයි ලොකු වෙනසක් තියනවා රවී අයියා.. ඔයාට දැන් ඕගොල්ලන්ගෙ පඹරාලට බැන්නා කියලා නහුතෙන තද වුනාට, ඔයා ඔය අනුත්තරයි කියන හිටපු නායක තුමාට බැන්නට අනේ මටනම් චුට්ටක්වත් කේන්ති යන්නෙ නෑනෙ ... තව බනින්න අනේ උඩ පැන පැන බනින්න.. නහර පුප්පන් බනින්න... නැත්නම් ඔය යකා ආයෙ පු‍ටුවට පනින්න බැරි නෑ... ඒ තරම් බඩුව...

      හැබයි ඉතින් හොරාද හොඳ පඹයද හොඳ කියලා ඇහුවම ඉතින් හොරා හොඳයි කියන්න වෙනවා අප්පා මොකද මිනිහා ඉඳලා හිටලවත් කාට හරි හොඳක් කරන්න පුළුවන්නේ... පඹයා ඉතින් පඹයමනේ.... :D

      හැබැයි ඉතින් අපරාදෙ කියන්න බෑ මිනිහා කෘතගුණේ නම් අපූරුවට දන්නවා... ඒකනෙ මේ අටෝරාසිය දැවෙන ප්‍රශ්ණ තියනකොට හරක් මරණ එක තහනම් කරන්න හදන්නෙ...කොච්චර වුනත රටෙන් භාගයක් අනේ කවදා කොක්කේ එල්ලෙන්න වෙයිද කියලා පරාණ බයේ ගැහි ගැහි ගැහී ඉන්න එක රටකට හොඳම නෑ... දැන් ඉතින් බයක් සැකක් නැතුව නිදහසේ ඉන්න පුලුවන්නේ.... ඒකම සුලුප‍ටු සහනයක්ද !!

      හෙහ් හෙහ්.. ඕන් කේන්ති එහෙම ගන්නවා නෙමේ... :D

      Delete
    6. සෙන්නා,

      අනේ නෑ බං මට තරහ ගියේ නෑ..ඒකනෙ මම උඹට වෙරි සොරි කියලයි අරම කිව්වෙ..කොහොම උනත් බොහොම සන්තෝසයි අවුරුද්දක් ආගිය අතක් නැතුව හිටිය මරාගෙ චක් ගෝලයො ආපහු කල එලි බැහැල ඉන්න එකට. මම හිතන්නෙ අවුරුද්දකින් පස්සෙ වගෙ නේද මල්ලි කමෙන්ට් එකක්වත් දැම්මෙ...කොහෙද බං ගිහිල්ල හිටියෙ? මම කලින් පෝස්ට් එකක් ලිව්ව මැදමුලන වීරයා කොක්කෙ එල්ලපු හරකෙක් වගෙ සරකස් පෙන්නන සීන් එකක් ගැන. ඒ ගැන මොකවත් කමෙන්ට් එකක් ලියන්නෙ නැද්ද?

      / නැත්නම් ඔය යකා ආයෙ පු‍ටුවට පනින්න බැරි නෑ... ඒ තරම් බඩුව… /

      පිස්සුද බං? ආය ඔය හෝතඹුවට චාන්ස් එකක් නෑ. මිනිහත් දන්නව ඒක හොඳාකාරවම. ඒත් අර බලයට තියෙන කෑදරකම හින්දම නිකම් මේ මන්ත්‍රී කෙනෙක් වෙලා හරි පාර්ලිමේන්තුවෙ රුපියල් හයට දෙන කෑම එක කන්ට යනව. අම්මපල්ල විලි ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැති හැටියක්...:)

      / මොකද මිනිහා ඉඳලා හිටලවත් කාට හරි හොඳක් කරන්න පුළුවන්නේ. /

      ඇත්ත, ඇත්ත එහෙම මිනිහගෙන් හොඳ කරගත්තු පට්ට හොරු ටික තමයි තාමත් ගොම්පස් අල්ලන්ට වගෙ පස්සෙං යන්නෙ....:)

      / හෙහ් හෙහ්.. ඕන් කේන්ති එහෙම ගන්නවා නෙමේ... :D /

      අනේ නෑ බං උඹල කියන එව්වට කේන්ති අරගෙන වැඩක් නෑ බං....කේන්ති ගන්න ඕන වැඩක් ඇති දේකට...:)

      Delete
    7. he he well said Ravi.

      Delete
    8. ඇයි රවියෝ දන්නේ නැද්ද සෙන්නා කියන්නේ ජා ඇල ඉන්න තදම තද ශ්‍රීලංකා කාරයෙක්. ෆීලික්ස් පෙරේරාගේ, ගෝලයෙක්. මූ තවමත් මරාගේ පින්තූරේ බිත්තියේ ගහලා දුම් අල්ලන එකෙක්.

      Delete
  7. අද නං චොර බං

    ReplyDelete
  8. මං හිතුවෙ අංක දෙක බුරි තහනම කියල. හැක්..
    කමන් නෑ කමන් නෑ.. මේකත් නරක නෑ. බුහැක්

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      භුරි ටහනමට එතුමා සම්බන්ධ නෑ නේද? මම හිතන්නෙ ජනාදිපති උපදේසකයින්ට ඔය බුරි ගැන කලින් මතක වෙන්ට නැතුව ඇති. නැත්තං බුරිය අතාරින එකක් නෑ එහේලා...:)

      Delete
  9. හැබෑටම එළුවෝ කුකුලෝ ගැන මක්කැයි අදහස?

    ReplyDelete
    Replies
    1. මදු,

      ම්හ්ම්..කුකුලො එලුවො හරියන්නෙ නෑ. උං පූජනීය නෙවෙයි...ඔන්ලි ෆූජනීය ඇනිමල්ස්..යූ අන්ඩර්ස්කර්ට්?

      Delete
  10. සිරි ලංකාවෙ හැමතිස්සෙමවගේ වැරදි ප්‍රායෝගික නොවන කොනකින්මයි අල්ලගන්නෙ. ඝාතනය නැවැත්වීම නෙමෙයි කරන්න ඕනෙ යල් පැනගිය අනවශ්‍ය ලෙස කෘර අකාර්‍රයක්ෂම ඝාතන ක්‍රම වෙනස් කරල කාර්යක්ෂම වේදනාව හා භය අවම නවීන සත්ව ඝාතන ක්‍රම හඳුන්වාදීම. ඕක කිව්ව ගමන් කෑගහනවා මරන එක කොහොමත් කෘරයි කියල. ඒඅයට පෙන්වන්න ඕනෙ ලංකාවෙ මරණ විදිහයි නවීන විදිහට මරණ humane slaughter ඝාතනාගාරවලයි වෙනස.

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      ඔබ හා එකඟයි. අමරිකාවෙ එහෙම විදුලි සැර වැද්දවීමෙන් ගව ඝාතනය කරනව කියල මම කොහෙ හරි කියෙව්ව. මැරෙනවවත් සතා දන්නෙ නැතිලු.

      Delete
  11. පූජණීය වැස්සියන් තණ කන විට් තන බිම වැදෙනා බැවින් සියලුම වැස්සියන් වෙත බ්‍රා නිකුත් කිරීම කෙරෙහි අති ගරු, ශ්‍රීමත් පැරකුම් බ්‍රා තුමන්ගේ අවධානයට යොමුවේවායි පතමි !

    මම රාජ කුමාරයෙක් නෙමෙයි...මම ගමේ කොල්ලෙක්!

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      මම කියෙව්ව ඒක, ...:)

      Delete
  12. ජන හද ගැහෙනා රාවය හඳුනන තීරණ.. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා හමුදාව පවත්වාගෙන ගිය මධ්‍යස්ථාන හිටිහැටියේ වසා දමා රැඳිවියන් ඉබාගාතයේ යවනගමන් දහම් බේබි රණවිරුසෙවනට ගිය ෆොටෝ ස්පොන්ස් කරලා බුකිගතකිරීමත් නැණැති දනන්ගේ පැසසුමට ලක්වී ඇත.
    ජයවේවා..!!

    ReplyDelete
  13. මෙතන තියන ප්‍රශ්නේ තමයි, මිනිසුන්ගේ වෙනසට ගරු නොකරන එක. අපි මස් කන්නේ නැති වූ පමණින් අනිත් අයගෙනුත් එයම බලාපොරොත්තු වීම වගේම, අපි මස් කෑ පමණින් අනිත් හැමෝම කෑ යුතු යයි බලාපොරොත්තු වීමත් වැරදියි.
    ලංකාවේ මැරුණත්, පිට රට මැරුණත් මැරෙන්නේ අහිංසක සතෙක්. ඒ නිසා අර උඩින් ප්‍රා ජේ මහත්මයා කියපු දේ, තමයි විය යුතු. සිදු විය යුත්තේ ඉහල යන ජනගහනයට පිරිසිදු හා පෝෂණීය ආහාර සැපයීම සඳහා නව තාක්ෂනය භාවිතා කිරීම.
    අපේ ජනාධිපති තුමාට උතුර දකුණ මාරු වෙලාද මන්ද. කරන්න ඕන දේවල් දිහා ඇහැක් ඇරල බලන්නේ නැහැ, නමුත් අනවශ්‍ය දේවල් වලට ප්‍රමුඛස්ථානය දෙනව.
    ගවමස් ආනයනය කරන විට සිදුවන අක්‍රමිකතා සහ දූෂණ ගැන හොයන්න තව කවුරුහරි පත් කරන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      ඔබ හා එකඟයි තරුණ නෝනා මහත්මිය....:)

      Delete
    2. Most vegetarians spoil their good deed with the aggression and anger towards those who eat meat.

      මා දන්නා කීප දෙනෙක් ඉන්නවා vegetarian කියලා බොහොම උජාරුවෙන් ඉන්න. ඒ අතරේ අනිත් අයට හිනා වෙනවා 'මල කුණු' කනවා කියල. සමහර අය ඉන්නවා health reasons නිසා vegetarian වෙන්න බැරි- උදාහරණයකට Dalai Lama තුමා. හැමෝටම එකම දේ කරන්න බෑ කියල හුඟක් අයට appreciate කරන්න බෑ.

      Delete
  14. මේ නිසා ලංකාවේ ඉන්න ගොඩා....ක්, සම හරා.........ක් ට, සහනයක් ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ, උඹ පරිස්සං වෙයං ලොක්කො.

      Delete
    2. විචා,

      එහෙමත් වෙයි තමයි...:)

      Delete
    3. @ AnonymousJanuary 23, 2016 at 9:36 PM

      හොඳමයි සොක්කො

      Delete
  15. අපේ නායකතුමාලගේ පරකාශ ගැන පුවක් සැකෙවින් ලිය ලියා හිටියොත් රවී ඉවරයක් වෙන්නේ නෑ . තව තව ඒවා මග එනවා . ඔව්ව මෙව්වා නිසා අර ටීචර් නෝනා , අනන්‍යා , අසෝකා . එහෙම අමතක කරනවා එහෙම නෙවෙයි

    ReplyDelete
    Replies
    1. තිලක්,

      ඇයි බොල අහල්‍යා?..ඒ දැරිවිව අමතක උනාද?

      Delete
  16. මටනම් අල්ලලා ගිහිපු කතාවක් මචන්

    ReplyDelete
  17. රවී... +++++++++++++++++++++++++
    මේව අමන අදහස් කියල කියන්නවත් එකෙක් නැත්ද ඔයි උපදෙශක මන්ඩල වල.. රට ගැන කලකිරෙන එක විතරයි වෙන්නෙ. හ්ම්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      උපදේසක මණ්ඩල වල ඉන්න මී හරක් තමයි ඔය උපදෙස් දෙන්නෙ....:)

      Delete
  18. ගවයන් විසින් ගවයන් උදෙසා පත්කරගත් ගවයෙකු ගේ හරක් ක්‍රියාවන් ට එරෙහි නොවෙමු!

    ReplyDelete
    Replies
    1. Hello Sa rasa- හොරුන් විසින් පත් කරගෙන තිබුණු මහා හොර දෙටුවෙකුත් හිටියනේ. බයවෙන්න එපා අපි පත් කරගත්ත මනුස්සයව අපි විවේචනය කරනවා. This is constructive criticism.

      Delete
    2. ඒ කියන්නෙ ගවයන්ටත් මොලේ තියෙනවා සමහර අයට වඩා. එහෙම බලනකොට සිරිසේන තුමා හරි.

      Delete
    3. සරස,

      කමෙන්ට් එක සම්පූර්ණ වෙන්න නම් මෙහෙම ලියන්න එපාය.

      ගවයන් විසින් ගවයන් උදෙසා පත්කරගත් ගවයෙකු ගේ හරක් ක්‍රියාවන් ට එරෙහි නොවෙමු!

      එම ගවයා පත්කර ගැනීමට මුල් වූයේ ස ර ස තුමා ගේ ම පාසලේ ආදි ශිශ්ය ස ර ස තුමා වාගේම කොලොම්බියන් කෙනෙක් වූ රනිල්තුමාය.

      ඒ ටික කිව්වෙ නැති එක මහත්මයා ලොකු අඩුවක්. මොකද ඔබ තුමා චාන්ස් එකක් ආපු හැටියෙ ඔය විස්තරේ කියල දානවනෙ...;)

      Delete
    4. තව කෑල්ලක් තියෙනවා Ravi. Sa rasa 'posh' කියලත් කියන්න ඕනෙනේ.

      Delete
    5. සරසයාත් රනිලා වගේම සම ලින්ගිකයෙක් බවත් මතක තියාගනිල්ලා

      Delete
    6. // සරසයාත් රනිලා වගේම සම ලින්ගිකයෙක් බවත් මතක තියාගනිල්ලා //

      :) Thanks

      Delete
    7. //එම ගවයා පත්කර ගැනීමට මුල් වූයේ ස ර ස තුමා ගේ ම පාසලේ ආදි ශිශ්ය ස ර ස තුමා වාගේම කොලොම්බියන් කෙනෙක් වූ රනිල්තුමාය.

      ඒ ටික කිව්වෙ නැති එක මහත්මයා ලොකු අඩුවක්. මොකද ඔබ තුමා චාන්ස් එකක් ආපු හැටියෙ ඔය විස්තරේ කියල දානවනෙ...;)//


      රනිල්තුමාට බනින්න එපා අනේ...

      Delete
    8. //ඒ කියන්නෙ ගවයන්ටත් මොලේ තියෙනවා සමහර අයට වඩා. එහෙම බලනකොට සිරිසේන තුමා හරි. //

      ඔබත් හරි මමත් හරි සිරිසේන තුමත් හරි....

      Delete
  19. අපට මතට ටිට ටැබීමට නොහැක. වහාම අර DD බෝතලේට මොකද උනේ කියල ලියව.

    ReplyDelete
    Replies
    1. එසේය එසේය පෙසන්නයාණනි....

      Delete
  20. mewa epa. ara katha tika liyana

    ReplyDelete
  21. හිනාවෙවී කියවන් ඇවිත් අන්තිම වචන ටික කියවද්දී ටොක්කක් ඇන්නා වගේ. මං දැන් ගූගල් කරලා අපේ ජනාධිපති තුමාගේ ෆොටෝ ටිකක් බැලුව. මෙයා මුළු රට නියෝජනය කරන්න සමුළු වලට එහෙම ගියාම අනිත් රටවල මිනිස්සු අපි ගැන හොඳ තක්ෂේරුවකට එනවා ඇති නේද. පෙණුමෙන් මිනිස්සුන්ගේ බුද්ධිය මනින්න බැලුනේ.. ඒත් එයා කරන කියන දේවලුත් ඒ වගේ.
    මගේ රටට දළදා හිමි සරණයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මෙයාට හොඳ advisors නැති එකයි ප්‍රශ්නේ. මහ Bayya ළඟ හිටපු අයනේ ලං කරගෙන ඉන්නේ.

      Delete
    2. ඔමා,

      ඒක තමයි වෙලා තියෙන්නෙ...කිසිම දේක නෑ පිළිවෙලක්..ඔහේ කියනවට කියනව..කවුරුහරි ලියල දෙන එකක් ගිහිල්ල කියවනව. දැන් මට හිතෙන්නෙ එතුමා වැඩි බර තියල තියෙන්නෙ සිංහල බෞද්ධ ඡන්ද ටික දිනාගන්ට. පළාත්පාලන ඡන්දෙත් ළඟයිනෙ...:)

      Delete
  22. මෙහෙම බෑ මේ ගැන දීර්ඝව සාකච්ඡා කලයුතුයි. බෝතලයක් කඩලා බීෆ් ස්ටෙක් කෑල්ලක් හපමින් එහෙම.මොකද කියන්නෙ ඔට්ටුද?

    ReplyDelete
    Replies
    1. කඩපු බෝතලේ තියෙනව රවි අයිය ගාව. ඔය බීෆ් කෑල්ල විතරයි ඕන වෙන්නෙ.

      Delete
    2. හැලප ,

      උඹ කාල තියනවද මාලු බිස්ටේක්?...:)

      Delete
    3. ප්‍රසන්න,

      කොහෙද බං DD එක තවම කඩල නෑ..මම මේ ආයෙම ගිහිල්ලත් බැලුව..නිමලයගෙ ලොකු අයිය කනප්පුව උඩ ගෙනත් තිබ්බ විතරනෙ. අටුකොස් මැල්ලුමත් එක්ක...හෙහ්,හෙහ්...ඔව්වොව්..වොව්..විජහට ඒක කඩාල හිට සොට් එකක් දාගන්ට ඕන...:)

      Delete
    4. හැක් හැක් හැක්, මාළු බිස්ටේක් හෙවත් මාළු බීෆ්ස්ටේක්? ඒ කොහොමද? මාළු වලින් හැදුවොත් ඒක ෆිෂ්ස්ටේක් නේද?

      Delete
    5. විචා,

      ඒක තමයි හිනා කන වැඩේ.... ඔය අපෙ උන්දැගෙ යාලුවෙක් මාතලේ හෝටලයක් කරනව. දවසක් අපි දෙන්න දවල්ට කමු ඕකෙං කියල ගියා.

      ඒ දවස්වල තිබ්බ ( දැනුත් ඇති බාගවිට ) ඔය සීටීසී එකෙන් දෙන බිම හිටවන පොඩි බෝඩ්. ගෝල්ඩ් ලීෆ් නැත්නම් බ්‍රිස්ටල් කියල උඩින් ලියල. ඒකෙ පහත කොටසෙ අකුරු ලියන්න පුලුවන් හුණු කූරක් ගත්තම. ඔව්වගෙ හෝටල් කාරයො එදිනෙදා හෝටලේ තියන කෑම වර්ග ලියනව.

      ඉතිං මෙන්න අර අපි ගිය හෝටලේ ඉස්සරහ ඔය බෝඩ් එහෙක ලියල තියනව පත අකුරෙං "අද විසේස මාලු බිස්ටේක්" කියල. මුදලාලිය අපෙ උන්දෙගෙ යාලුවනෙ. මම ඌට කිව්ව " යකෝ මේක හරියට ලියාපිය.එකක් විසේස ලියන්නෙ ඔහොම නෙවෙයි. අනික මාලු නම් බිස්ටේක් වෙන්න බෑ. බිස්ටේක් නම් හරක් මස් විතරයි " කියල.

      මම එහෙම කිව්වට එහෙම කරන එක ප්‍රායෝගික නම් නෑ ඇත්තම කිව්වොත්.. මොකෝ හැමෝම දන්නෙ මාලු බිස්ටේක් කියල... ෆිෂ්ස්ටෙක් කියල ලිව්වොත් මෙලෝ යකෙක් එන එකක් නෑ හෝටලේට. වැරදි ව්‍යාවහාරයක් පුරුදු උනහම ඒක සම්මතය වෙනව. ඉදිකිරීම් වැඩබිම් වල එල් අයන් එකට බාස්ල කියන්නෙ එල් අයිරින් කියල. ඒක වැරදි උනත් අපිටත් එහෙම කියන්න වෙනවා සන්නිවේදන පහසුව උදෙසා.

      Delete
    6. හරී

      ස්ටූ කියන්නෙ වෙනයි ස්ටෙක් කියන්නෙ වෙනයි.

      Delete
  23. දැන් කාටද කියන්න පුළුවන් ජනාදිපති තුමා තමන්ගේ ජාතිය පාවා දෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      අන්න ඒකනෙ බං....:)

      Delete
  24. මේක තනිකරම පළාත්පාලන ඡන්දෙ මුල්කරගෙන සිංහල බෞද්ධ ඡන්ද ටික දිනාගන්ට කියපු ගොන් කතාවක් වගේ. හැබැයි වැඩිපුරම හරක් මස් කන්නේ සිංහල බෞද්ධයො. my3 ලොක්කා හිටපු රජ්ජුරුවෝ වගේ market වෙන්න දන්නේ නෑ.

    ReplyDelete
  25. උම්බෑ.... උම්බෑ....උම්බෑ....උම්බෑ....උම්බෑ....

    (ඉහත කොමෙන්ටුව වසුපැටියෙක් විසින් අද උදේ පවත්වන ලද සාකච්ජාවෙන් උපුටා ගන්නා ලදී)

    ReplyDelete
  26. හරක් මස් කන ඒකේ අවුලක් තියෙනවා.... ඒක ලංකාවේ බොහොමයක් දේශපාලනඥයින්ට සහ අායතන ප්‍රධානීන්ට ජීවිත තර්ජනයක් නිසා....

    ReplyDelete
  27. ජාතිය රැකගන්න කරන වැඩක්ලුනේ රවී අයියේ...
    මිනිහ බලන්නේ ඉස්සරහට අපේ සිංහලු ටික මුස්ලිම් සහෝදරයින්ගෙන් බේර ගන්න උපක්‍රමයක් වෙන්න බැරිද...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      හැබෑට එහෙම වෙන්නත් පුලුවන් තමයි...:)

      Delete
  28. මේ මනුස්සයට මෙච්චර බනින්නේ , මෙහම ලියන්න කියන්න නිදහසක් දීලා තියෙද්දී. හොඳද මං අහන්නේ.

    ReplyDelete
    Replies
    1. වැල් බයිලා එපා මහත්තයෝ, ඉස්සරත් ලියන්න නිදහස තිබ්බ නිසානේ ඔහේල ලියල කරලා මඩ ගහල ජනවාරි 08 ජන්දෙන් මහින්දව ගෙදර යැව්වේ
      ජන්දෙට කලින් හිටියේ මේ පඹයා නෙමෙයි මහින්ද කියන එක ඔහේගේ උකුණු මොළේට මතක නැද්ද

      Delete
    2. ඉස්සර ලියන්න නිදහස තිබ්බා? කාටද? ඔයාටද? අර නවත්තපු බ්ලොග් කාරයන් ගෙන්, ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර ගෙන් එහෙම අහන්නකො ඒ තිබ්බ නිදහස ගැන? වෙබ් අඩවි වල තහනම අයින් කලේ ජනවාරි 9 නේ. මට මතකයි මාරයට හෙම නම් නිදහස තිබ්බ. රවී ලිව්වේ පිටරට ඉඳන්.

      Delete
    3. අනික ඔය උඩින් මම ලියපු එක ලිව්වේ සමච්චලේට කියලවත් තේරුනේ නැත්ද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...