Monday, April 18, 2016

407. 21 වන වර්ණදේහය සමඟ ඔබ සහ මම සමවෙන තැන……

අවුරුදු තුනහමාරකට වගෙ ඉස්සර..ඔව්..හරියටම 2012 අවුරුද්දෙ නත්තල් දවසෙ සිද්ධියක් ගැන විස්තර කරලයි මේ කතාව පටන් ගන්න වෙන්නෙ.මම ඒ දවස්වල වැඩ කරපු සමාගමේ ගණකාධිකාරී විදිහට හිටියෙ පිලිපීනුවෙක්. අපි මෙහෙ හඳුන්වන විදිහටනම් පිල්ලෙක්. මුස්ලිම් රටක් විදිහට මෙහෙ නත්තල් දවස රජයේ නිවාඩුවක් නොවුනට බටහිර රටවල සමාගම්, ඒ කිව්වෙ ඔය අමරිකන්, එංගලන්ත, ජර්මන්, ස්පාඤ්ඤ වගෙ එව්ව බහුතරයක නත්තල් සහ ජනවාරි පළමුවෙනිදා නිවාඩු.

දෙසැම්බර් විසි හතරවෙනිද දවල් කන ගමන් එමර්සන් මට ආරාධනාවක් කලා. එමර්සන් කිව්වෙ අර එකවුන්ටන්ට් පිල්ලගෙ නම. ඔය පිල්ලන්ගෙ පිල්ලියන්ගෙ මහ අමුතු නම් තියෙන්නෙ. හූස්ටන්, රැම්පේජ්, ෆිලඩෙල්ෆියා, මිචිගන්, බෲස්ටර් ඔය මම දන්න පිලිපීන නම්.ඉතිං අර එමර්සන් කියන නම ඇහෙනකොටම මට මතක් වෙන්නෙ 19 වන ශතවර්ෂයෙ එංගලන්ත ආණ්ඩුව යටතෙ ලංකාවෙ සේවය කල ඒ වගේම ලංකාව ගැන පොත් කීපයක්ම ලියපු සර් එමර්සන් ටෙනන්ට්.

"Ravi…I want to invite you to lunch tomorrow, just a little get together to celebrate Christmas. You would be free tomorrow I hope…."

"Yeah, no problem there. Ok….I will definitely come Emerson and many thanks for the invitation.."

"No problem. Pleasure is mine. But I have to tell you something beforehand Ravi…"

"Yes, Emerson?"

"I think you know that I have two children,"

"Yeah, You have told me sometime back that you have a boy and a girl."

"But what I didn't tell you is that my daughter has Down's Syndrome."

"Ohhh..is that so? I am so sorry Buddy…."

ඩවුන් සහලක්ෂණය ගැන මම යන්තමට අහල තිබ්බට වැඩි විස්තරයක් දැනගෙන හිටියෙනෑ. එදා ඒ වෙලාවෙ එමර්සන් මට ඒ රෝගය ගැන සෑහෙන විස්තරයක් කිව්ව. ඊට පස්සෙ මම අන්තර්ජාලයෙනුත් තවත් විස්තර හොයාගත්තා.

මම අනුරාධපුරේ ඉන්න කාලෙ අපි යාලුවො කට්ටිය තිසාවැවේ නාන්ට ගියාම පුරුද්දක් විදිහට ඉසුරුමුණිය පහුකරල තව පොඩ්ඩක් එහාට ගිහාම වැව් බන්ඩ් එකත් එක්ක පාවුල තියන පොඩි පොල් අතු කඩෙං ඔය කිඹුලෙක් එහෙම නැත්තං සීනි බනිසක් කාරිය කාල පෙලේන්ටියක් ගහනව. හීල් හෙවණෙ පොල් මණ්ඩියෙ ගඩොල් හත අටක් උඩ බැලන්ස් කරල තියාපු පිටලෑලි උඩ ඉඳගෙන. 

ඒ කඩේ මුදලාලියි හාමිනෙයි දෙන්නම අවුරුදු පණහකට වැඩි මිසක අඩු නෑ පෙනුමෙ හැටියට. කඩේ පැත්තක යාලත්තක් බාල තිබ්බ. ඕක ඇතුලෙ බූරු ඇඳක වාඩිවෙලා ඉන්නව අපි දකිනව කොයි වෙලාවෙත් අවුරුදු අටක දහයක වගෙ පිරිමි ළමයෙක්.මූණ කට එහෙම අමුතුයි. ඇස් නිකං උඩට හැරිල වගෙ. කට කොයි වෙලෙත් බාගෙට ඇරගෙන. හරියට කතා කරගන්ට බෑ. වචන කෑලි කියන්නෙ. එහෙමත් නැත්තං උගුරෙං එන මහ අමුතු සද්දෙකිං කතා කරන්නෙ. 

"ඔය අපේ පුතා මහත්තයො. උපදිනකොටම ඔහොමයි. ග්‍රහ අපල කියල තමයි හැමෝම කියන්නෙ. සෙත් සාන්ති පුලුවන් තරමක් කලා.මොන? කිසිම ගුණයක් නෑ"

ප්ලේන්ටී හතරක් බෙලෙක් පිඟානක තියාගෙන ඇවිල්ල අපිට දෙනගමන් එහෙම කිව්වෙ තේ කඩේ මුදලාලි.

"මොකක්ද බං ඒ ළමයට තියෙන අසනීපෙ?"

බයිසිකල් තල්ලු කරගෙන තව අවුරුදු දෙකකින් ප්‍රේමදාස මහත්තයගෙ ගම් උදාව පැවැත්වෙන භූමි භාගය අසලින් එද්දි එහෙම ඇහුවෙ ජයේ...ඒ හරියට ඒ කාලෙ නම් කිව්වෙ කොරකහවැව. 

"අනේ මන්ද බං.... මට නම් පේන්නෙ මොනවහරි මානසික ලෙඩක් වගෙ...පව් මොනව උනත්…"මම එහෙම කියල බයිසිකලේට නැග්ග."ඒයි යමල්ල විජහට..දැන් හයටත් කිට්ටු ඇති"

එදා ඒ තේ කඩේ මුදලාලිගෙ පුතාට හැදිල තිබ්බෙ ඩවුන් සහලක්ෂණය කියල මට තේරුණෙ එදා අර නත්තලට කලින් දවසෙ එමර්සන්ගෙ විස්තරේ අහගෙන ඉඳල ඊටත් පස්සෙ ඒ රෝගය ගැන අන්තර්ජාලයෙ එහෙම විස්තර හෙව්වට පස්සෙයි.

ඩවුන් සහලක්ෂණය ඇතිවෙන්නෙ වර්ණදේහ වල විකෘතිතාවයක් හින්ද. වර්ණදේහවල තමයි අපේ ශරීරයේ සියලුම අවයව, එතකොට පද්ධතීන්, හමේ වර්ණය, ඇස්වල වර්ණය, යනාදී එක් එක් මනුෂ්යයාට ආවේණික ගති ලක්ෂණ තීරණය වෙන ජාන අඩංගු වෙන්නෙ. අපේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක් තියෙනව, යුගල 23ක් වශයෙන්.වර්ණදේහ 23 ක් මවගෙන් සහ 23ක් පියාගෙනුයි අපිට ලැබෙන්නෙ.

එතකොට අනිවාර්යයෙන් ඩිම්බ හෝ ශුක්‍රාණු වල තියෙන්නෙ වර්ණදේහ 23 ක් විතරයි. ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතුවෙලා යුක්තාණුවක් (යුක්තාණුව කියන්නෙ කළලයක මූලාරම්භය.ඒ එක යුක්තාණුව නැවත නැවත ප්‍රකෝටි වාරයක් බෙදිල වර්ධනය වෙලා තමයි ඔබ මම අප හැම හැදිල තියෙන්නෙ) හැදෙනකොට ඒ යුක්තාණුවෙ තියනව ආයම වර්ණදේහ 46ක්. 

මේ කියන්නෙ සාමාන්‍ය නෝමල් විදිහ. ඕකෙ පොඩි වෙනසක් වෙන්න පුලුවන් මේ විදිහට. ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් හැදෙද්දි වර්ණදේහ යුගලයක් හරියට වෙන් නොවෙන්න පුලුවන්. එහෙම ඩිම්බයක හෝ ශුක්‍රාණුවක වර්ණදේහ 23 වනුවට 24 ක් තියෙන්න පුලුවන්. එතකොට ඒ ඩිම්බය හෝ ශුක්‍රාණුව සාමාන්ය වර්ණ දේහ 23 ක් තියෙන ඩිම්බයක් හෝ ශුක්‍රාණුවක් එක්ක එකතුවෙලා හැදෙන යුක්තාණුවෙ වර්ණදේහ 46 ක් නෙවෙයි 47 ක් තියෙනව.

ඊ ළඟට ඒ යුක්තාණුව පිටපත් වෙලා විභේදනය වෙලා ඇතිවන කළලයේ සෑම සෛලයකම වර්ණදේහ 47 ගානෙ තියනව. ඒ කළලයෙන් ඇතිවන දරුවගෙ ශරීරයෙත් එහෙමයි. සෑම සෛලයකම වර්ණදේහ 47 ගානෙ තියනව. එහෙම උනහම වෙන්නෙ දරුවගෙ වර්ධනය එතකොට අනෙකුත් ක්‍රියාකාරකම් නියමිත පරිදි සිද්ධ වෙන්නෙ නෑ.

ඩවුන් සහලක්ෂයෙන් පෙළෙන්නෙ අන්න එහෙම අංක 21 දරණ වර්ණදේහයෙ අතිරේක පිටපතක් සිරුරේ සැම සෛලයකම අඩංගු දරුවො කියලයි පර්යේෂණ වලින් හොයාගෙන තියෙන්නෙ.

21 වන වර්ණදේහයේ අතිරේක පිටපත

මෙතනදි සිද්ද වෙන්නෙ මේ අතිරික්ත වර්ණදේහයෙ බලපෑම හින්ද ශරීරයෙ නොයෙක් වෙනස් කම් ඇතිවෙනවට අමතරව වර්ධනයට පවා බාධා ඇතිවෙනව. මානසික ආබාධයන්ට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාව,ඉගෙනීමේ අපහසුව, පළල් පැතලි මුහුණ, කෙටි නාසය, අසාමාන්‍ය ලෙස විශාල දිව,දත්වල විකෘතිතා,සහජ හෘද රෝග, අසාමාන්‍ය ලෙස විශාල වූ මහාන්ත්‍රය, එකිනෙකට ඈතින් පිහිටන පා ඇඟිලි, එල්ලා වැටෙන පේශි, අසාමාන්ය ශ්‍රෝණි මේඛලාව; මේ සංකූලතාවයන් ඩවුන් සහලක්ෂණයෙන් පෙලෙන්නන්ගෙන් බොහෝ දෙනෙකුට පොදුයි.

හැබැයි මෙහෙම දේකුත් තියනව. මේ ලක්ෂණ හැමෝටම එක විදිහට බලපාන්නෙත් නෑ. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඒ වගේම ඒ සංකූලතාවයන් බලපාන තීව්‍රතාවයත් එහෙමයි.හැමෝටම එක විදිහට බලපාන්නෙ නෑ. ලෝකයෙ ඩවුන් සහලක්ෂයෙන් පෙලෙන උදවිය බොහොම දෙනෙක් ඉන්නව තමන්ගෙ සීමාකාරි සාධකත් එක්ක රැකියාවක් කරමින් සාර්ථක ජීවිත ගතකරන අය. ඒ වගේම විවාහ වෙලා දරුවන් ලබාපු අයත් ඉන්නව.

ඉතින් ඔවුන්ට අවශ්‍ය ඔබගේ අනුකම්පාව නොව ආදරයයි. ඔවුන්ද අප වන්ම වූ මිනිසුන් බව කිසිදු කොන්දේසියකින් තොරව පිළිගැනීමයි.


මේ සටහන මවිසින් ලියවෙන්නට හේතුවූ ඒ නිධාන කථාව පවසන්නට දැන් මට අවසර....අමරසිරි පීරිස් කියන්නෙ මගේ ප්‍රියතම ගායකයෙක් කියල මම හිතන්නෙ අමුතුවෙන් කියන්න ඕන නෑ. 

"මචං අමරසිරි පීරිස්ගෙ අලුත් සිංදු වගයක් දාල තියනව යූ ටියුබ් එකේ..අන්න අහපංකො…"

පහුගිය සිකුරාදා එහෙම කිව්වෙ මෙහෙ ඉන්න මගෙ යාලුවෙක්. ඔය නිකමට වගෙ සැපසනීප අහන්ට කෝල් එකක් දීල විස්තර කතා කර කර ඉඳල අන්තිමට ඕකේ දෙන් සී යූ ටකේ කරේ කියල ටෙලිපෝන් එක කට් කරන්ට මොහොතකට ඉස්සෙල්ල.

"අහ් ඇත්තද?.... තෑන්ක්ස් මචං ආරංචියට...." එහෙම කියල මම ඒ වෙලාවෙම පොඩ්ඩක් සෝදිසියක් දාල බැලුව. එහෙම අහපු ගීයක් තමයි මේක....

මේ ඩවුන් සහලක්ෂණයෙන් පෙලෙන සුවහසක් අප සහෝදර සහෝදරියන් වෙනුවෙන් ගැයෙනා අමරසිරි පීරිස් මහතාගේ හෘදයාංගම හඬ...

මෙතැන් සිට මම උපුටා දක්වන්නේ ඒ මහඟු සත්කාර්යය වෙනුවෙන් කැපවූ ඔවුන්ගේ වදන්ය.

ඔබ සහ මම සමවෙන තැන,
සුවදෙයි සිත...... සුවඳයි මට,
කම්පිත මිනිසුන් මැද සුවදෙයි සුවදෙයි මට ඒ සිත,
තෙත් වුණ කදුළක් ළඟ ගිලිහෙන සුසුමක් නැත,
සිතුවිලි පොකුරක් ඇත,
ඒ ඔබ වෙත එවන්න.....

පෙතිදිග කැකුළේ මටමද පිපුනේ,
අඩසඳ දිළිසේවිද පුන්සඳ විලසේ, 
හඬනා ගොළු හදවත ඔබගෙන් සැනහෙන්නට,
මගේ සිත අසනා මිනිසුන් වෙසෙනා,

ඝණ අඳුරෙන් අහන්න පහනද නිවුනේ, 
ඉර මැදියම බලන්න කවුරුද පිපුනේ,
වටහාගෙන බලන්න ඒකද සිහිනේ,
සුවඳයි සුවඳයි මට නුපුරුදු සිහිනේ,

ඔබ සහ මම සමවෙන තැන,
සුවදෙයි සිත...... සුවඳයි මට,
කම්පිත මිනිසුන් මැද සුවදෙයි සුවදෙයි මට ඒ සිත,
තෙත් වුණ කදුළක් ළඟ ගිලිහෙන සුසුමක් නැත,
සිතුවිලි පොකුරක් ඇත,
ඒ ඔබ වෙත එවන්න.....


ගායනය - අමරසිරි පීරිස්

පද රචනය - වසන්ත දුක්ගන්නාරාල

සංගීතය - ශමින්ද ආරච්චිගේ

අධ්‍යක්ෂණය - සජන්ති බෝපිටිය



When you judge someone based on a diagnosis , you miss out on their abilities, beauty and uniqueness.

සෑම මවකගේම පියෙකුගේම සිහිනය වන්නේ නිරෝගී දරුවකු බිහිකර ගැනීමයි. දෙවනුව පිරිපුන් බුද්ධිමත් දරුවකු බිහිකර ගැනීමයි. නමුත් විවිධ වූ සංකූලතා සහිතව මෙලොව එළිය දකින දරුවන් අප සමාජය තුළ දැක ගැනීම අද දුලබ නොවේ. ඒ අතරින් ඩවුන් සින්ඩ්‍රම් හෙවත් සෙමෙන් මනස වැඩෙන දරුවන් සුවිශේෂීය. ඔවුන් ''හෙට නවලොව දිනන්නට සිටින ජාතියේ ජීවනාලිය වන් දරුවන් '' යැයි ලොවට හඩ නඟා කියන්නට අපට නොහැකිය. 

නමුත් ලොව සුවඳවත් කරන මල් කැකුළු වන් දරුවන් යැයි ඔවුන් හැඳින්විය හැක. මන්ද යත් මෙම සෙමෙන් මනස වැඩෙන දරුවන් සතු විශේෂ හා විවිධ වූ දක්ෂතා මෙන්ම කුසලතා නිසාවෙනි. විටෙක ඔවුන් ජාත්‍යන්තර පවා දිනන්නට සමත් වූහ. විශේෂ අවශ්‍යතා සහිත වුවත් ඔවුන් අප හා සමානය. නමුත් ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ආදරය, කරුණාව සහ මඟ පෙන්වීමයි. 

''ඔබ = මම'' ගීතය මෙම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් නිර්මාණය වූවකි. අප විසින් සිදු කළ මේ ප්‍රයත්නය ඔවුන් වෙනුවෙනි.

''ඔබ = මම'' ගීතයෙහි රූප රචනය නිර්මාණය කිරීමේදී එයට දායක වූ පිරිස් මෙන්ම ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය කැප කළ පිරිස් ද බොහෝමය. මුදල් මත සියලු දේ පදනම් වන මෙවන් යුගයක මෙම නිර්මාණය වෙනුවෙන් ඔබ දැක්වූ දායකත්වය වර්තමාන සමාජය හඳුන්වන ඒ හැඳින්වීමට නම් වලංගු නොවේ. මේ විශේෂ ස්තූතිය ඔවුන් වෙනුවෙනි. 

කැමරා අධ්‍යක්ෂණය - සඳරුවන් කංකානම්ගේ 
කලා අධ්‍යක්ෂණය - නාලක ඉලේවතුර
ට්‍රැක් ඩොලි ක්‍රියාකරවීම - සුමිත් ඒකනායක
ආලෝකකරණය - ගයාන් රත්නායක
වේශ නිරූපනය - නිෂා ගමගේ

ඒ වගේම රූප රචනය නිර්මාණය කිරීමේදී දෙමාපියන් සහ ඥාති හිතමිත්‍රාදීන් විසින් සිදු කළ දායකත්වය ද අති මහත්ය. ඔවුන්ගේ දිරිගැන්වීම් හා මඟපෙන්වීම් අපට ශක්තියකි. 

"ඔබ සහ මම'' ගීතය ඔබ තුළ ඔවුන් පිළිබඳ සුපහන් හැඟීමක් ඇති කරලීමට සමත් වූයේ නම් ඒ අප ලැබූ ජයග්‍රහණයයි.          ( උපුටා ගැන්ම අවසන් )

මා ප්‍රිය සහෘදයනි මේ සත්කාර්යය වෙනුවෙන් දාකවූ ඔබ සැමට බොහෝසේ පින් !!!

පලි - අහ්..තව පොඩ්ඩෙංනං මට එක කතාවක් ඉවර කරන්ට අමතක මතක බැරිවෙනව. එමර්සන්ගෙ කතාව.....

පහුවදා මම පොඩි එවුන් දෙන්නට සෙල්ලම් බඩු දෙකකුත් අරගෙන එමර්සන්ලගෙ ගෙදර ගියා. එමර්සන්ගෙ පොඩි එකීගෙ නම මෙලඩි. මෙලඩි කියන්නෙ තාලය නැත්නම් තනුව.මධුර තවත් අර්ථකථනයක් දුන්න. ස්වර මාධූර්යය...පොඩි කෙල්ල මෙලඩි එකක් වගේම ලස්සනයි.අර ඩවුන් සින්ඩ්‍රම් එකේ දර්ශීය ලක්ෂණ ඉතාම පැහැදිලිව පේන්ට තිබුනා වුනත් හරිම හුරතල්. Most probably she was such a sweet little girl not despite but because of her disability.

දවල්ට කාල එහෙම හවස තුනට වගෙ මම එන්ට පිටත් වුනා. මෙලඩිත් වඩාගෙන එමර්සන් ඔවුන්ගෙ තට්ටු නිවාසෙ පහළමාලයටම ආව මාත් එක්ක.

"Say goodbye to Ravi uncle" එමර්සන් එහෙම කිව්වට ඒ කෙල්ලට තේරුමක් තිබ්බෙ නෑ. ඔහේ බලා ඉඳල යන්තමට හිනා වුනා.

"She is my life, my Little angel" එමර්සන් එහෙම කියල මෙලඩිව තුරුළු කරගෙන සිපගත්තා. ඊට පස්සෙ මට අත වනල සමුගත්තා.

පපලි - ඔබ සියලු දෙනාටම සුබ නව වසරක් වේවා!!!

132 comments:

  1. රවී ගේ 'සාමාන්‍ය නෝමල්' කථා වලට වඩා වෙනස් එකක්. ඒවුණාට වැදගත්කමෙන් නම් ඉහලම එකක්. විඩියෝ එක නොතිබුණානම් ගීතයේ තේරුම් ගන්න අමාරුවෙනවා. හැබැයි පදමාලාව ඕනෑම differently able තත්ත්වයකට යොදාගන්න පුළුවන් වගේ. බොහොම ස්තූතියි රවී.

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      / විඩියෝ එක නොතිබුණානම් ගීතයේ තේරුම් ගන්න අමාරුවෙනවා. /

      සාමාන්‍යයෙන් එහෙම වෙනව නේද? විශේෂිත යම් සිද්ධියක් හරි අවස්ථාවක් ගැන හරි ලියවුණු ගීතයක් බොහොම වෙලාවට එක එල්ලේම තේරුම් ගැනීම අපහසුයි. මේ වගෙ වීඩියෝ එකක් හෝ රචකයා හෝ ගායකයාගේ අර්ථ විවරණයකින් තොරව. අනික් කාරණේ මේ වගෙ අසනීප තත්වයක් ගැන කොහොමත් එක එල්ලේම වටහාගත හැකි අයුරු ගීතයක් ලියන්නත් බෑ මම හිතන විදිහට.

      Delete
    2. වර්ණදේහයන් එකකින් වැඩිවී
      ඩවුන් කියන ඒ සහලක්ශණයෙන්
      රෝගී යැයි ඔබ සිතුවත් මා ගැන
      වෙන හැම අතකින් මම නෝමල්//

      උම්ඹෑ කියනා බයියන් දුටුවිට
      මට මා ගැන නම් හරිසතුටුයි
      උන්වගෙ ගොන්කම් මගෙ කොහෙත් නැහැ
      ඒ හැම අතකින් මම නෝමල්//

      ඩවුන් කියන එක ගැලපෙන් නෑ මට
      මම හැමදාමත් හරි සතුටින්
      ඔරවාගෙන යන නෝමල් අය මැද
      හැමදේකින් මත් මම නෝමල්//

      Delete
    3. ඉයන්,

      නියමයි....පොඩි රැප් කෑල්ලකුත් මැදට වැටුනනම් මල් හතයි....:)

      Delete
  2. Down's Syndrome can be detected at early stages of pregnancy, but I heard that is not a mandatory test in Sri Lanka. I have a friend, he and his wife both are doctors, but they got a down syndrome kid.

    ReplyDelete
    Replies
    1. Ano,

      And the parents have to take a decision whether to terminate the pregnancy or not. I am not sure if an abortion on grounds of having Down syndrome is legally permitted in Sri Lanka.

      About 2 years ago Richard Dawkins attracted a storm of protest for responding to a woman who said she would be faced with "a real ethical dilemma" if she became pregnant with a baby with Down's syndrome

      Dawkins tweeted: "Abort it and try again. It would be immoral to bring it into the world if you have the choice."

      He apologized later after receiving a huge backlash.

      Delete
  3. උඩ ඇනෝ කියනවා වගේ Down's Syndrome ගර්භනී සමයේ මුල් අවස්ථා වලදී දැන ගන්න පුළුවන්. මෙම රෝගී තත්වය තිබුනත් සාර්ථකව සිල්ලර බඩු කඩයක් කරන තරුණයෙක්ව මම දන්නවා.

    අලුත් අවුරුද්දේ මුලින්ම කියෙවුවෙ නිදහස් සිතුවිළි ඕන් :) රවී සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය ඉන්නවා එහෙම අපහසුකම් මකාගන වැඩ කරන , සදාසරන උපස්ථායක එකෙක් එක්කෙනෙක් ඉන්නවා ලෙඩ්ඩු බලාගන්නවා නෙවෙයි ගනුදෙනු කාරයන්ව සහ වැඩකරන අයව මෙහෙයවන, ඉස්සර පොඩිකාලේ ගොඩක් අවුල් තිබුනත් වයසත් එක්ක ටික ටික හරිගියාද මන්දා ,

      Delete
    2. Udaya,

      / අලුත් අවුරුද්දේ මුලින්ම කියෙවුවෙ නිදහස් සිතුවිළි ඕන් :) /

      එහෙනං ආයෙ අහන්න දෙයක් නෑ. අවුරුද්දම කිරියෙන් පැණියෙන් ඉතිරෙනව අත්දුටුවයි, සත්තයි, ඒකාන්තයි...:)

      ඔබට සහ පවුලේ සැමටත් සුබ නව වසරක් උදය!!!

      Delete
    3. අටම්,

      / ඉස්සර පොඩිකාලේ ගොඩක් අවුල් තිබුනත් වයසත් එක්ක ටික ටික හරිගියාද මන්දා /

      ඔබ හරි, මම දන්න විදිහට වැඩිවියට පැමිණෙද්දි ඒ දරුවො ඉගෙන ගන්නව තමන්ගෙ සීමාකාරීකම් එහෙමම තියෙද්දිම ජීවිතයට මුහුණ දෙන්න ඕන කොයි විදිහටද කියල...

      Delete
    4. රාගමට ආවොත් ගිහින් බලන්න දැං එහෙම කෙනෙක්ද කියල හොයන්න බැ පොරට ඇගිලි හය බැගින් තියනවා

      Delete
  4. වැදගත් ලිපියක් රවී අයියා. ඇත්තටම ඔය වගේ ළමයින්ට නිසි මගපෙන්වීමක් තිබ්බොත් බොහෝ සැඟවුන දක්ෂතා එළිදක්වගන්න පුලුවන්. නමුත් ඔය පොල්අතු කඩේ මුදලාලි වගේ අපලවලට බාරදීල හිටියොත් ඒක ඒ ළමයට කරන සෑහෙන අසාධාරණයක්. සින්දුව අහල තිබුණෙ නෑ. ස්තුතියි ඒකට.

    ප.ලි. දැං ඉතිං ‍‍බොලා අහන්න එපා මං ලියන අනික් ඒව වැදගත් නැද්ද කියල. හැක්.. හැක්...

    ReplyDelete
    Replies
    1. රවී අයියා ඇතුලු පවුලේ සැමටත්, නිදහස් සිතුවිලි පාඨක සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
    2. ප්‍රසන්න,

      ස්තූතියි මල්ලි, මේ අලුත් අවුරුද්දෙ උඹට විශේෂ ස්තූතියක් කරන්න ඕන මගේ යාවජීව පාඨකයෙක් හැටියට...:)

      / නමුත් ඔය පොල්අතු කඩේ මුදලාලි වගේ අපලවලට බාරදීල හිටියොත් ඒක ඒ ළමයට කරන සෑහෙන අසාධාරණයක්. /

      ඇත්තටම එතන නම් වෙලා තිබුනෙ මම හිතන්නෙ ඒ දෙන්න දෙමාල්ලන්ගෙ නොදැනුවත්කම. මම ඔය කියන්නෙ අවුරුදු 34 කට එහා වෙච්චි දෙයක්. තවම උනත් මම හිතන්නෙ තත්වය ඒ විදිහමයි...

      / ප.ලි. දැං ඉතිං ‍‍බොලා අහන්න එපා මං ලියන අනික් ඒව වැදගත් නැද්ද කියල. හැක්.. හැක්…/

      හෙහ්..එහෙම අහන්නෙ නෑ බං..මම ලියන එව්වයෙ මොනවහරි ගන්ට දෙයකුත් තියන හින්දනෙ උඹල මෙච්චර කල් මා එක්ක හිටියෙ...

      ප්‍රසන්න මල්ලි ඇතුලු පවුලේ සැමට සුබ නව වසරක්!!!

      Delete
  5. හොඳ වෙලාවට රවී අයිය අර හිසතෙල් කේස් එක දැකල නෑ වගේ. හැක්..

    ReplyDelete
    Replies
    1. මොකක්ද කේස් එක? උඹටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

      Delete
    2. ඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා උදය.

      http://www.lankadeepa.lk/index.php/top_story/405801

      Delete
    3. ප්‍රසන්න,

      හිසතෙල් කේස් එක කියෙව්ව..අම්මාපල්ල මේ මනුස්සයට නං ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැති හැටියක්..ඔය වගෙ කතා කියන්න උන්දැට ලැජ්ජ නැතිඋනාට බං ඔව්ව ගැන ලියන්ට මට ලැජ්ජයි..ඒ නිසා නිකං ඉන්නව...:)

      Delete
  6. මං බයේ ඉන්නෙ ඩිමෙන්ෂියා හැදෙයිද කියල,
    නම් අමතකවෙනවා හරියට

    සුභ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. මටනම් ඕක තියෙනවා. රවීගෙ භාශාවෙන් කියනවානම් මේ වයසට ඒක 'සාමාන්‍ය නෝමල්'

      Delete
    2. ඉතින් ඔය දෙන්නගේ වයසෙන් බාගයයිනේ මට

      Delete
    3. @Ian,
      රවී? ඒ කවුද?

      @ 8M raft
      අපි දෙන්නාගේ වයස එකතුවෙන් බාගයයිද ඔබතුමාට? ඒත් ඊට වඩා පේනව නේද?

      Delete
    4. Pra,

      Dementia eh? what's that? the name seems familiar, I may have it but I can't remember.

      If I can't remember whether I have Dementia or not, does it mean I have it or not?

      Delete
    5. Ravi,
      You remember that you can't remember whether you have it or not?

      Delete
    6. Pra,

      It seems I can't remember whether I remember that I can't remember if i have dementia or not...:)

      Delete
  7. මචං ඔය ඩවුන්ස් සින්ඩ්‍රෝම් ළමයින්ට මොංගෝලියන් දේහ ලක්ෂන, පිහිටන නිසාම ඕකට ඒ හා ආසන්න නමක් කාලයක් පාවිච්චි කලා වගේ මට මතකයක් තියෙනවා. ඌට මොංගල් කියන එකේ මොකක් හරි සම්බන්ධයක් ඩවුන්ස් සින්ඩ්‍රෝම් එක්ක තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඩූඩ්. මොංගල් කියලා තවමත් කියන අය ඉන්නවා. නමුත් ජාත්‍යන්තර මානව හිමිකම් නීති අනුව එසේ කීම ජාතියකට කරන අපහාසයක් ලෙසයි අද සැලකෙන්නේ. මම එහෙම කියලා වෛද්‍යවරයකු මට දෝශාරෝපනය කොට ඉහත සඳහන් කරුණු කියාදුන්නා.

      Delete
    2. Henry,

      Definition of Mongoloid.

      1 : of, constituting, or characteristic of a race of humankind native to Asia and classified according to physical features (as the presence of an epicanthic fold)

      2 often not capitalized usually offensive : of, relating to, or affected with Down syndrome.

      ඩවුන්ස් සින්ඩ්‍රම් එක තියන අයගෙ පෙනුම මොංගෝලියන් වගෙ කියල හිතල වෙන්න ඕන මුලින්ම ඔය වචනෙ යොදාගන්නට ඇත්තෙ.

      English physician John Langdon Down first characterized the syndrome that now bears his name as a separate form of mental disability in 1862, and in a more widely published report in 1866.[1][2][3] Due to his perception that children with Down syndrome shared facial similarities with the populations that Johann Friedrich Blumenbachdescribed as the "Mongolian race", Down used the term mongoloid.[4][5] Mongolism and its Pathology was the title used by W. Bertram Hill for a published study in 1908[6] and the term mongolism was used by psychiatrist andgeneticist Lionel Penrose as late as 1961.

      Mongolian idiocy

      Delete
    3. ස්තුතියි දෙපොලටම. මගේ කමෙන්ට් එකේ ඌට කියල වැදිලා තියෙන්නේ ඔවුන්ට කියන වචනය බව කරුණාවෙන් සලකන්න

      Delete
  8. මා ගුරු වෘත්තියේ සිටි කාලයේ විශේෂ අධ්‍යාපනය විෂයයට අදාලව Down Syndrome (මෙය Down's Syndrome නෙවෙයි Down Syndrome) ගැන දැනුමක් ලබා තිබෙනවා.

    https://en.wikipedia.org/wiki/Down_syndrome

    මෙවැනිම තවත් අසාමාන්‍ය තත්වයන් ළමුන්ට වලන්දෙනවා. ඔබ සමහරවිට දන්නවත් ඇති එක්තරා හින්දි චිත්‍රපටියක් තිබෙනවා තාරේ සමීන් පර් කියලා.

    https://en.wikipedia.org/wiki/Taare_Zameen_Par

    ඒ චිත්‍රපටියෙන් පෙන්වන්නේ වචනයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අඩුපාඩුවක් සහිත තත්වයට පත්වූ දරුවකු ගැන. https://en.wikipedia.org/wiki/Dyslexia

    Down Syndrome තත්වය තිබෙන අයට ප්‍රතිකාර නැහැ ප්‍රතිකර්ම පමණයි තිබෙන්නේ. ප්‍රධානම ප්‍රතිකර්මය තමයි තමන්ගේ දෛනික කටයුතු හැකිතරම් ස්වාධීනව කරගැනීමට (පාරේ යන හැටි, බස් එකේ යන හැටි, ඇඳුම් අඳින හැටි, දත් මද මූණ සෝදන හැටි, නිවැරදිව වැසිකිලිය පාවිච්චි කරන හැටි, ගෙදරදොර සරල උපකරණ ක්‍රියාකරවන හැටි) උදව් කිරීම සහ අපේ සමාජය වෙත ඔවුන් පිළිගැනීම.

    හැකියාවක් ලැබුනොත් මේ චිත්‍රපටිය සොයාගෙන බලන්න. ඔබට පුදුම හිතෙයි. මේක Down Syndrome සහිත දරුවකු ගැන ඇත්ත කතාවක්.

    https://en.wikipedia.org/wiki/Son-Rise:_A_Miracle_of_Love


    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම:- වලන්දෙනවා නෙවෙයි වැළඳෙනවා

      Delete
    2. dyslexiaත් තියනව

      Delete
    3. Wicharaka,

      Thanks, you are correct…:)

      Down vs. Down's

      NDSS uses the preferred spelling, Down syndrome, rather than Down's syndrome.

      Down syndrome is named for the English physician John Langdon Down, who characterized the condition, but did not have it. An "apostrophe s" connotes ownership or possession.

      While Down syndrome is listed in many dictionaries with both popular spellings (with or without an apostrophe s), the preferred usage in the United States is Down syndrome. The AP Stylebook recommends using "Down syndrome," as well.

      National Down Syndrome Society

      ටාරේ සමීන් පාර් ෆිල්ම් එක නම් බැලුවා...ඔබ කියපු අනික් එක බලන්න ඕන වෙලාවක...

      Delete
    4. ප්‍රියංකා චොප්රා මෙවැනි තත්ත්වයකට පත්වූ අයෙකුගේ චරිතයක් ඉතා සාර්ථකව රඟපාන චිත්‍රපටියක් බැලුවා, මට ඒකෙ නම මතක නැහැ...

      Delete
    5. විචා අංකල්... රානී මුකුත්නෑ සහ අමිතාබ් හච්චං සඟපාන බ්ලැක් බලල තියෙයි..?

      http://www.hindilinks4u.to/2007/06/black-2005.html

      Delete
    6. @ලොකු පුතා

      ඒ චිත්‍රපටයේ නම බාර්ෆි. තවත් ලස්සනම ලස්සන හින්දි චිත්‍රපටයක්. ප්‍රියන්කාගේ වගේම රන්බීර් කපූර්ගේ රඟපෑමත් ඒ චිත්‍රපටයේ ඉතාමත් ඉහළයි. ඔහුගේ චරිතය ගොළු චරිතයක්. ප්‍රසිද්ධ සිනමාපට කිහිපයක සිදුවීම් එලෙසින්ම යොදාගෙන ඇති බවට චෝදනා තිබුණත්, තැන් දෙකකදී විතර මටත් ඒ බව දැනුණත් සමස්ථයක් විදිහට හොඳින් රසවිඳින්න පුළුවන්, සංවේදී, ලස්සන චිත්‍රපටයක්.

      Delete
    7. @ X - Porter

      නෑ පෝටරේ. හොයාගෙන බලන්නං.

      Delete
    8. ලොක්කා, එක්ස් පෝටර් සහ සිත්තමී,

      බොහොම ස්තූතියි මගේ සහෘදයිනි, ඔබ සැමගේ දැනුවත් කිරීම් වලට. ඔබ නිර්දේශ කල සියලුම සිතුවම්පට නැරඹීමට අදිටන් කොට ගතිමි....:)

      Delete
    9. ඇයි අර ජගත් චමිල සැමීගේ කතාවෙ කරන කැරැක්ටර් එකත් හොඳයි නේද?

      Delete
  9. සෙමෙන් මනස වැඩෙන දරුවන් සඳහා ඔවුන්ගේ මනස වෙහෙසවා කෙරෙන යම් යම් ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් තත්ත්වය යහපත් අතට පත් කර ගත හැකියි. නමුත් අද වන විටත් ලංකාවේ දැකිය හැකි වන්නේ සෙමෙන් මනස වැඩෙන දරුවන් එවැනි ක්‍රියාකාරකම්වල නොයොදා නිකංම තැබීම නැතිනම් අනිසි ලෙස බරපතල වැඩෙහි යෙදවීම. මේ පිලිබඳ බොහෝ අද්දැකීම් ඇති නිසා මේ ගැන බොහෝ දේ කිව හැකියි.

    ගීතයත් අනර්ගයි.

    ReplyDelete
    Replies
    1. කසුන්,

      බොහොම ස්තූතියි මල්ලි, ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් !

      Delete
  10. බලනු මැන ඔවුන් දෙස
    හිමිදිරියේ මිහි මත පතිත වූ
    පිණි බිඳු මෙන් වූ ඔවුන් දෙස
    වෙනස් බව ඔවුන් පිළිගන්නේ
    ඔවුනටම උරුම වූ විලසකිනි
    තමන් වැටුණු කළ තමාටම සිනහ වන
    මේ අමිල මුතු කැට
    මේ මිහි මත අතරමං නොවේවා යන්න
    මගේ පැතුමයි...

    ශිශිරයේදී දැනෙන
    උණුසුම් ලහිරු රැස් දහර මොවුන්ය
    ඔබගේ නිවහනට රන් ආලෝකය ගෙන ඒමට
    ඔවුන් සුර ලොවින් මෙහි පැමිණ ඇත
    ඔබේ අඳුරු හදවත් එකළු කරනට
    වෙවුළුම් දෙන අත්ලක ස්වභාවය වෙනස් කරනට
    නින්දේදී දකින සිහිනයක් මෙන්
    ඔබගේ සිහින දේව දූතිය හමු වන මොහොත මෙන්
    අපූර්ව නාදයන්ගෙන් පිරුණු නලාවක් මෙන්
    සුවඳැති මල් මත වැසූ සමනළුන් මෙන්
    ආදරයෙන් පිරී ගිය අර්ථාන්විත සබැඳියාවක් මෙන්...

    මේ බලාපොරොත්තුවේ රළ තරංගයි
    සුභවාදී බවින් සපිරුණු හිමිදිරියයි
    සොම්නසේ දිය දහරාවයි
    අඳුරු නුබ ගැබට අභියෝග කරමින්
    ගිනි දළු මෙන් පොපියනා
    ඔවුන්ගේ මුහුණු දෙස බලනු මැනැවි...

    උද්‍යානයෙන් නෙළාගත් අම්බෝයා මලේ සුවඳ ඔවුන්ය
    වීදුරු වළල්ලකින් ගිලිහුණු දිදුලණ කැබිලිති ඔවුන්ය

    වන ලැහැබක් තුළින් ඇසෙනා
    මියුරු බටනලා නාදයක් මෙන් වූ ඔවුන්
    සුමුදු සියුමැලි සළුපටක් මෙන් වූ ඔවුන්
    ජීවිතයේ ගිගිරි නාදයයි
    වසන්ත උද්‍යානයෙන් නැගී එන රාවයයි
    ගම්මානයේ දීප්තියයි

    පිපෙන්නට වෙර දරන මල් කැකුළු මෙන්
    හමන මද පවන් රළක් මෙන්
    ඔවුන් වැඩිහිටියන් වෙත ආශිර්වාදය ගෙන එනු ඇත

    ඇතැම්විට අපගේ මුත්තනුවන් මෙන් බස් තෙපලනා ඔවුන්
    තවත් විටෙක ඇල් දිය බඳුනක් මෙන් විසිරී පැතිරී යයි
    ඇතැම් විටෙක ඔවුන් අවිහිංසක පැන පොඩි වලින් පිරුණු මල් ගොමුවකි
    නිහැඬියාව මධ්‍යයේ ඇසෙනා සිනා හඬක් මෙන් වූ
    වියළි දෙතොලක් මත නැගෙනා මඳ සිනහවක් මෙන් වූ
    මේ මිණි මුතු හා කල් ගෙවන්නට ලැබීම ඔබගේ වාසනාවකි...

    දිය මත ඇඳෙනා සඳේ ඡායාවක් මෙන්
    නන්නාඳුනන ජනකායක් මැද හිතවතෙකුගෙන් ලැබෙන අත්වැලක් මෙන්
    ගලන ගංගාවකින් මල් පොහොට්ටු මෙන් විසිරෙනා පෙණ කැටිති මෙන්
    ඔවුන් කෙතරම් සුරතල්ද
    ආදරයේ දයාබර ස්පර්ශයක් මෙන්
    ඔබේ දෙසවනේ රැව් දෙන සප්තස්වරයේ මියුරු නාදය මෙන්...

    මිහි මත මේ තරුකැට අතරමං නොවේවා යන්න
    මගේ පැතුමයි...

    Translated from the English version of Taare Zameen Par - the theme song of the wonderful movie.

    අයියගෙන් ඉඳ හිට හරි මේ වගේ ලිපිත් ලියවෙන එකත් හරි වටිනවා. හරිම සංවේදියි. අයියලාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      මට මතකයි ටාරේ සමීන් පාර් ෆිල්ම් එක ගැන ඔයා පෝස්ට් එකක්ම ලිව්ව නේද?මේ මාතෘකාවටම අදාල නිසා මම ඔන්න ලින්ක් එකක් දානවා හොඳේ?...:)

      " මිහිමත දිලි තරුකැට "'

      / අයියගෙන් ඉඳ හිට හරි මේ වගේ ලිපිත් ලියවෙන එකත් හරි වටිනවා. /

      Thank you…thank you….:)

      ඔබට,සිත්තරාට, චුට්ටාට සහ අනෙකුත් නෑදෑ හිතවතුන්ට සුබ නව වසරක්!!!

      Delete
  11. //ඔවුන්ට අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ආදරය//
    +++++++++++
    සුබ අලුත් අවුරුද්දක් !

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් කසුන්...:)

      Delete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවා! ලිපිය කියෙව්වම ටෝටලි ඩවුන් උනා.. මේ ඊයේ පෙරේදා පොඩි(ම) එකාව අරන් හොස්පිටිතලේට ගිය වෙලාවේ ඔය වගේ පොඩි එකෙක් දැකලා මායි අපේ උන්දැයි දෙන්නා සෑහෙන්න විස්සෝප උනා.. වනේ වන හතුරෙකුටවත් එහෙව් අසානාසියක් නම් වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ,

      ජීවිතේම ගැන කළකිරෙනව බං එහෙම උනහම...නැද්ද?

      ඔබටත් සුබ නව වසරක්!

      Delete
  13. ඉස්සර ඔය වගේ ළමයින්ට සමාජයෙන් ලැබුනේ පුදුමාකාර අසහනයක්, පීඩනයක්, අනාදරයක්...
    මම ඉස්සර ගිය ගමේ ඉස්කෝලේ මෙවැනි ළමයි කීප දෙනෙක් හිටපු පංතියක් තිබ්බා...
    ලාදුරු රෝගීන්ව ඉස්සර වෙනම වෙන් කරල තිබ්බ වගේ ඉස්කෝලේ එහා කොණක තනිවම තමයි ඒ පන්තිය තිබ්බේ...
    ඒ ළමයින්ට හොඳ මානසික මට්ටම් තියෙනවා යැයි සමාජ සම්මත තිරිසන් පැටව් ගල් ගහනවා, අතින් පයින් ගහනවා, එළවගෙන යනවා. ඒ ළමයි කිසි වදරක් කල නිසා නෙමෙයි, ඔවුන් සාමාන්‍ය ළමයි වගේ නෙමෙයි නිසා...
    මම පොඩි කාලේ ඉඳලම පරපීඩා කිරීමෙන් වින්දනයක් නොලබපු අයෙක් නිසා මට ඒ ගැන කණගාටුවක් ඇතිවෙන්න ඇති...
    නමුත් බහුතරයකට එහෙම නොමැති බව තමයි පෙනුනේ...
    අපේ නෑදෑ වෙන නැගණියකුත් ඉගෙනීමට දුර්වල බව කියලා ඒ ළමයාගේ මානසික වර්ධනය අඩු බව තීරණය කරපු කාලකන්නි ගුරුවරු ටිකක් එක්කහු වෙලා එයාවත් ඒ පන්තියටම දාල තිබුනා. නමුත් ඇයට ඩවුන් සින්ඩ්‍රෝමා ලක්ෂණ කිසිවක් නැහැ. ඇයගේ වරද ඉගෙනීමට දැක්වූ අසමත් භාවය පමණයි...
    පස්සේ ඒ ළමයා ඉස්කෝලේ යන එක නිකම්ම වගේ නතර වෙලා ගිහිල්ල තිබුනා, දැන් කසාද බැඳලා කිසි කරදරයක් නැතුව ළමයිත් හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගෙවනවා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඕකෙ වැඩේ මම හිතන්නෙ ප්‍රධාන වශයෙන් මව්පියන්ගෙ වැඩිහිටියන්ගෙ වැරැද්ද..ඔය ඉස්කෝලෙ සීන් එකේඑදිනම් ගුරුවරුන්ගෙ වැරැද්ද..පොඩි කාලෙ ඉඳලම දරුවන්ට කියල දෙන්න ඕන එහෙම ළමයි කියන්නෙත් ඔයාල වගේම ළමයි තමයි. නැතුව අමුතු ජාතියක් එහෙම නෙවෙයි කියල. එහෙම දැනුවත් නොකරන එකේ වැරැද්දෙන් තමයි අර අහිංසකයො එහෙම හිරිහැරයට ලක් වෙන්නෙ.

      Delete
  14. කියන්න ගොඩක් දේවල් ඔළුවට ආව.

    අර ඉසුරුමුණිය ගාවිං දකුණට තියෙන පාරෙ නෙ රන්මසු උයන තියෙන්නෙ. ඒකෙ තමයි සුප්‍රකට සක්වළ චක්‍රය හෙවත් රාවණා වාදීන් අනුව ස්ටාර් ගේට් එක තියෙන්නෙ. අපි දවසක් අපේ පුරාවිද්‍යා ලොකු සර් එක්ක ඔය පැත්තෙ හක්කළං කොළා.

    අපේ ලොකු සර්ගෙ පුතාටත් ඔය ඩවුන්ස් සින්ඩ්‍රෝම් තියෙනව. එයත් හරිම ආදරෙයි එයාගෙ පුතාට. එයා විශ්වාස කරනව කවද හරි පුතාට හොඳ වෙයි කියල. ඒක නිකම්ම හිතළුවක් විතරයි කියල අපි හැමෝම දන්නව උනත්, අපිත් ආසයි ඒක විශ්වාස කරන්න.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      ෂෙහ් අපරාදෙ..අපි ඔය රන්මසු උයනෙ සතියකට පාරක් විතර කරක්ගහන කාලෙ ඔය රාවණාකාලෙ ස්ටාර් ගේට්ස් ගැන හාංකවිසියක්වත් දැනගෙන හිටියෙ නෑනෙ. නැත්තං දෙකක් දාගෙන ඔතනට ගිහිල්ල ඔය ගැන පොඩි පර්යේෂණයක් කාරිය කරන්ට තිබ්බ...හෙහ්,හෙහ්,

      Delete
  15. රවී.....සුජීත් දේසායි කියලා ඩවුන්ස් සින්ඩ්‍රොම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු ඇමරිකන් ජාතිකයෙක් කියා මතකයි. වාදන භාන්ඩ හය හතක් වාදනය කල හැකි වෘත්තිය සංගීතඥයෙක්. ඒ විතරක් නෙමේ දක්ශ කරාටේ ශිල්පියෙක්. ලෝකය වටේ මොහුගේ සංදර්ශන තියෙනවා. ලන්ඩනයේ ඩව්න් සින්ඩ්‍රොම් ඉන්ටනැශනල් ආයතනය හා එක්ව වැඩ කටයුතු කරනවා. උඹ ඉන්න රටේත් හෝප් කටාර් කියලා ආයතනයක් තියෙනවා ඔවැනි අය සමග වැඩකරන. මම ඉන්න ගමේ තියෙනවා ඒ අයගේ හොස්ටල් එකක්. ඔවුන්ව නිතර දකිනවා (බලා කියා ගන්න අයත් එක්ක ගමන් බිමන් යනවා) .ඔවුන් ඔවුන් එකතු වුනාම හරිම සුන්දරයි. මම වැඩ කරපු සුපර්මාකට් එකට එක්කන් එනවා ශොපින්වලට. ඔවුන්ට අවශ්‍ය නියමිත රැකවරනය මිස හුදු අනුකම්පාව නොවේ. ඒක ඇත්ත. Aru.

    ReplyDelete
    Replies
    1. අරූ,

      සුජිත් ගැන විස්තර හොයල බැලුවා. හැබෑ දක්ෂයෙක්. හෝප් කටාර් සංවිධානය ගැන මම අහල තියනව.ඇත්තටම ඔවුන් කරන්නේ මිල කල නොහැකි සේවයක්.

      Delete
  16. මගෙ පුතාටත් ඔය තත්වය තියනව, එක දිගට වාක්‍යයක් ගලපල කියන්ඩ නොහැකියාව වගේම පාසැල් වැඩ ඉතාමත් පසුගාමී විදිහට කිරීම, පොත පතේ දැනුම මොන විදිහටවත් මතක තියාගන්න බෑ , හැබැයි පොඩිකාලෙ සියලු සිද්දි කියන්න මතක තියනව.
    එක පාරක් පාසැලේ තියාගෙන මෙයා මොනවත් කරන්නෙ නෑ කියල මේකව අපිටත් එන්ඩ කියල Rector ගාවට එක්කගෙන ගියා. එයා " කෝ බලන්ඩ මම කියන ටික ලියන්ඩ පුතේ" කිවුව මේක මුතු කැට අකුරෙන් ලිවුව. එවලෙ Rrctor කිවුවෙ අපි ඉගෙන ගෙන නෑ උගන්නන්ඩ ඒකයි මේ කියල. ඊට පස්සෙ වෙන ගුරුවරයෙක් උගන්නල දැන් භාසා දෙකම කියවන්ඩ පුලුවන් .
    අනික නීතියට පිටින් කිසිම දෙයක් කරන්න මෑන් එකග වෙන්නෙ නෑ. Speed limit එක 100 නම් එයිට වඩා ගියොත් ඒකට නිදහසට කරුණු කිසි දෙයක් පිලිගන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මේ ඔටිසම් වගේ තත්වයක් නේද?

      Delete
    2. මචං...මගේ මිත්‍රයකුගේ පුතා ඕටිස්ම් දරුවෙක්. ඒ දරුවාට නිසි අවශ්‍ය්තාවයන් ඉටු කරදීම දෙමව්පියන්ට කරදරයක් වෙන අවස්තා තියෙනවා. මේ වැඩේ ඉතා සංයමයෙන් කරන්න ඕන දෙයක්. මේ තත්වය වටහා නොගත් ඒ අම්මා (වටහාගන්න ඇය ඉතා හොඳ ගැහැනියක්. බොරු නෙමේ ), මගේ මිතුරාගෙන් වෙන්වී ගියා. ඒ නිසා පොර ලංකාවට ගියා. දැන් පොර ලංකාවේ ඕටිස්ම් දරුවන් වෙනුවෙන් කැපවෙන ආයතනයක දරුවාව උගන්නනවා. ඕටිස්ම් දරුවන් ඉතා දක්ශ මිනිසුන් ලෙස ඉදිරියට යන එවුන් බව උදාහරන තියෙනවා ලෝකයෙ. වර්තමානයේ නම් සූසන් බොයිල් වැනි චරිත. තව ඕන තරම් ඉන්නවා. මම මේ ගැන උනන්දු මගේ එක් සොයුරියක් ඕටිස්ම් හෝ ඩව්න්ස් හෝ වෙනයම් ආකාරයක දරුවෙක් නිසා. ඇය දැන් වයස හතලිස් දෙකක් පිරුනු කෙනෙක්. අවාසනාවකට ඒ කාලේ ඕවා ගැන සංවාදයක් තිබුනෙත් නැහැ. ඕවාට දුර දිග යන්න අම්මාට ආර්ථික ශක්තියක් තිබුනෙත් නැහැ. නමුත් තවමත් එයා අප පවුලේ ආදරනීය පොඩි නංගී සහ අපි කාගේත් මාණික්‍යයයි. මේ සියල්ල අවසන් නොකෙරූ මගේ කතාවේ ලියා තිබෙනවා. පොඩ්ඩක් ඉමෝශනල් වැඩි වුනාද මන්දා. ඔහොම වෙනවා බං වයසට යනකොට. ගනන් ගන්න එපා.Aru

      Delete
    3. අරූ,

      උඹේ ජීවිත කතාව ඒ කාලෙ උඹ කියද්දි මමත් ඒ කතාවට ඉතා උනන්දුවෙන් සහභාගී වුනා, ඒ මචං යම් යම් පැහැදිලි වෙනස්කම් තිබුණත් ඒ මගෙත් කතාව නිසා. විශේෂයෙන්ම අපි එකම පළෝලෙ උදවිය නිසා ( පළෝලෙ කියන වචනෙ අහල තියද? ඒ අපෙ අත්තම්මගෙං මම ඉගෙන ගත්තු වචනයක්. ඒකෙ තේරුම එකම වයසෙ කියන එක )

      ඒ හින්දම උඹේ නංගි ගැන උඹ කියපුවයිං මට නිකමට හිතුනා ඇය ඩවුන් සින්ඩ්‍රම් එකෙන් පෙලන්නියක් කියල. ඒත් මම ඒ කාලෙ උඹ ඇය ගැන ලියද්දි වුනත් ඒ ගැන කිව්වෙ නෑ. මොකද ඒක උඹේ හිතට වේදනාවක් වෙයි කියල මට හිතුන නිසා. ජීවිතේ ඔහොම තමයි බං

      "Remember my son….What you expect from life and what you would get from life are two entirely different things"

      "But mama isn't that unfair?"

      "Yes, dear its really unfair but who told you that life is fair?"

      ( From Three weeks with my brother by Nicholas Sparkes )

      Delete
    4. අජිත්, ඔටිසම් තත්වය නෙමේ කියල තහවුරු කලා , ඔටිසම් දරුවන් යන පාසැලකින් අධ්‍යාපනය දෙන්න එපා සාමාන්‍ය පාසැලේ අධ්‍යාපනය ලබාදෙන්න කියල තියෙන්නෙ. එයාගෙ ආස විද්‍යව විශය ගැන දැනුම ටිකක් හොදයි

      අරූ, යාළුවගෙ බිරිද හොද කෙනෙක් කියන්න බෑනෙ , මොන තත්වයේ හිටියත් දරුවව දාල යන්ඩ පුළුවන්ද ? මම ඔයාගෙ පෝස්ට් ඔක්කොම කියවල තියනව , සහෝදරයෙක් ,දරුවෙක් කියන්නෙ මොන තත්වෙක හිටියත් අපිට සම්පතක් තමයි.
      මගෙ එකාට ඉපදුනේ අඩු බරකින් , ඊට පස්සෙ දත් ආවෙ, ඇවිද්දෙ, කතාකලේ සියලු දේ පරක්කුයි. ඒ වගේම තමයි ඉගෙනීමත් අවුරුදු 3 ක විතර පස්සෙන් තමයි ඉන්නෙ. අනික් සියලු දේ එයා තනියෙම කරගන්නව නංගිගෙ වැඩත් කරල දෙනව ,අම්මට ගෙදර වැඩත් කරල දෙනව. පොරට සේෆ්ටි කියන එක උපරිමයෙන් ඕනෙ බයිසිකලේ නට් එකට වොෂර් එකක් තියනවනම් ඒක තියෙන්නම ඕනෙ , ඒවගේම නීතිය අකුරටම තියෙන්ඩ ඕනෙ, පොරව තරහ ගස්සන්න ලේසියෙන් බෑ , තමන්ගෙ මතේ වෙනස් කරන්න කොහොමවත් කැමති නෑ.

      Delete
    5. @කම්මල, අපේ අසල්වාසී පවුලක ඔබේ පුතාගේ වැනි තත්වයක් සහිත දරුවෙක් සිටියා. කුඩා කල ඇවිදීම, කතාකිරීම, ඇතැම් දේ තේරුම් ගැනීම ප්‍රමාදයි. සමහර සරළ විහිළු තේරෙන්නේ නැහැ. ඒවගේම තමයි පිරිසිදුකම උපරිමයි. විනයගරුකයි. වයසින් වැඩෙනවිට මේ තත්වය සාධනීයව අඩුවන බව වෛද්‍යවරු බලාපොරොත්තු වුණා. එය එලෙසම සිදු වුණා. අද මේ දරුවා විදේශගතව උසස් අධ්‍යාපනය ලබනවා. මොහුගේ කුඩා කාලය ගැන දන්නා අපිට පවා සාමාන්‍ය තරුණයෙක් සහ මොහු අතර වෙනසක් දැනෙන්නේ නැහැ. මේ දරුවාගේ දෙමවුපියන් ලොකු කැපවීමක් කරා තම දරුවා වෙනුවෙන්.

      බලාපොරොත්තු අත හරින්න එපා. ඔබේ දරුවාත් වැඩෙන විට මේ තත්වය බොහෝ දුරට මග හැරේවි. එසේ වේවායි කියාත් ප්‍රර්ථනා කරනවා !

      Delete
    6. කම්මල......යාලුවගෙ වයිෆ්.....ඇත්තටම අපිටත් තාම හිතාගන්න බැහැ අයි එහෙම වුනේ කියලා. වැඩේ වැරදියි. ඒත් පුදුමාකාර හොඳ ගතිගුණත් තිබුනා. අනේ මන්දා බන් moment of truth කියන්නේ මේ වගේ වෙලාවල් වලටද කියලා.

      උඹේ පුතන්ඩියා හොඳ පොරක් වෙයි. උඹලට ආඩම්බරයක් වෙයි. Aru.

      Delete
    7. කම්මල,

      මට හිතෙන්නෙ උඹේ පුතා නොර්මල් අනිත් උන් ඔක්කොම ඇබ්නෝර්මල් කියලා.. ඇයි බන් මනුස්සයෙක් වුනාම ඔහොමනෙ ඉන්න ඕනා...

      Delete
    8. ////මට හිතෙන්නෙ උඹේ පුතා නොර්මල් අනිත් උන් ඔක්කොම ඇබ්නෝර්මල් කියලා.. ඇයි බන් මනුස්සයෙක් වුනාම ඔහොමනෙ ඉන්න ඕනා...////////////

      හරියටම හරි... නියම කතාව... well said සෙන්නා...Aru.

      Delete
    9. කම්මල,

      බලාපොරොත්තු අතාරින්න එපා මල්ලි. හැම දෙයක්ම හොඳ විදිහට සිද්ද වෙයි,

      Delete
    10. සෙන්නා,

      අන්න ඒකනෙ බං...කොල්ලා හරි. මේ කම්මලයටද කොහෙද ලෙඩේ තියෙන්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    11. කම්මලයා.. තව අවුරුදු හතරක් පහක් ගිහින් කොල්ලව මට භාර දීපන්.. මට ඔය වගේ කොල්ලෝ හොයා ගන්න නැතුව ඉන්නේ මගේ ෆීල්ඩ් එකට.. විහිලුවට නෙවෙයි.. සිරාවට කියන්නේ. ඌට නිදහසේ ලොකු වෙන්න දීපන්..ඉස්කෝලේ සහතික ගැන හිතන්න එපා.. ඉතුරු හරිය හෙට අනිද්දා අඩියක් ගහන ගමන් කතා කරමු.

      Delete
    12. අඩියක්? මට ඇහුණෙ එච්චරයි, කවදද? හැක්

      Delete
    13. ස්තූතියි මචංල ඔක්කොමට .,

      Delete
  17. ඔටිසම් තත්වයත් බොහොම වැඩි වන බවට මත පලවෙනවා.මෙවැනි දරුවන් හංගන දෙමව්පියන් අතර ඔබේ මිතුරා නියම පියෙක්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස්,

      ඔටිසම් වගෙ අසනීප වලින් පෙලෙන දරුවන් සංඛ්‍යාව වැඩිවෙනවද නැත්නම් ඒ ගැන දැන් බහුතරයක් දන්න නිසා ඉස්සර ගෙවල් ඇතුලෙ ලැජ්ජාවට හංගගෙන හිටපු දරුවන් දැන් ප්‍රතිකාර වලට යොමුකරවන නිසා ඒ සංඛ්‍යාව වැඩි වෙලා වගෙ පේනවද කියල මට නම් ප්‍රශ්ණයක් තියනව.

      Delete
  18. පෝස්ට්එකයි කමෙන්ට්ටිකයි ඔක්කමකියෙව්වට පස්සෙ කියන්න දෙයක් නෑ කියල හිතුණත් යමක්මතක්වුණා..
    ටික කාලෙකට කලිං ඉස්පිරිතාලෙක. (ටිකක් පුරසිද්ද එක්ක පුරසිද්ද ඩොක් කෙනෙක්) ඔය වගේ දරුවෙක්ට ඩවුන්ස් බේබි කියල කතා කරනව මං දැක්ක ඇහුව. එහෙමලි ඒ වාට්ටුවෙ සැට් එක ඒ දරුව ඉස්පිරිතාලෙ ආවම කතා කරන්නෙ. සාමාන්‍යයෙන් ඒ දරුවට ටිකක් ඉක්මණට අසනීප වෙනව කියල තමා කීවෙ. ඉතිං වැඩි දෙයක් නැති උදවිය විදියට නිතරම ඉස්පිරිතාලෙ දුවං එනවලු. අර වාට්ටුවෙ උන්නහේල ඒ ළමයට අරේම කතා කරන එක එ තරං හොඳ දෙයක් නෙවී කියල මයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      ඔන්න ඕකනෙ කියන්නෙ...වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව...දොස්තරලත් ඔහොම කරනකොට ඒ දරුවට කාගෙ පිහිටක්ද?

      Delete
  19. මෑතක ඉඳලා මේ තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරණවාදෝ කියලා හිතෙනවා.. මම දන්න කිහිප දෙනෙකුගෙම ළමයින් ඔය තත්ත්වෙට පත්වෙලා තියනවා..

    ReplyDelete
    Replies
    1. @ Senna...එංගලන්තයේ දවසකට ඩවුන්ස් බේබීස්ලා දෙදෙනෙක්වත් ඉපදෙන බවත් හැම දරු උපත් දාහකට එකක් මේ කන්ඩිශන් එක යටතේ උපදින බවත් දැනට මෙහි 60,000කට ආසන්න ප්‍රමානයක් ඉන්නා බවත් කියවෙනවා. ඇමරිකාවේ තමයිලු වැඩිම ඩවුන්ස් දරුවන් බිහිවෙන්නේ. ලංකාවෙත් 25000ක් පමන ඔය කන්ඩිශන් එකේ ඉන්න බව කියනවා. මේ ෆිගර්ස් කොච්චර හරිද දන්නේ නැහැ. මම දැකලා තියෙන බොහෝ අය නම් පොඩි පොඩි අඩුපාඩු තිබුනාට නිරෝගීව ඉන්නව. Aru,

      Delete
    2. ස්තූතියි අරූ දැනුවත් කළාට. ඔවුන්, නිශ්චිත හේතුවක් හොයාගෙන තියනවද ? එහෙම නැත්නම් අනුමාන කරනවද ?

      Delete
    3. මම කිව්වේ එහෙම වැඩිවෙන්න...

      Delete
    4. සෙන්නා....ප්‍රෙග්නන්ට් වෙන කාලයේදී වයස 35 වගේ පැනලා නම් මේ තත්වයට පත්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි කියලා තමයි කියන්නේ. ඒ එක හේතුවක් වෙන්න ඇති. ඒ හේතුව යුරෝපය, ඇමරිකාව එක්ක සමග සසඳලා බලපුවාම නම් ටිකක් හරි වගේ හිතෙනවා. මොකද මේ රටවල සබ්බ සකල මනා සම්පූර්න වුනාට පස්සෙනේ ලමයි හදන්න මතක්වෙන්නේ (උගත්,වෘත්තිකයන්වූ අය අතර තමයි ඔය ගතිය තියෙන්නේ, අඩු වයසෙන් ගැබ් ගැනීම වෙනස් ප්‍රශ්නයක්. අවුරුදු 16-17 අම්මලාත් මෙහේ හරියට ඉන්නවා). බටහිර රටවල වුනත් මීට වසර 15-20කට පෙර නම් නිසි කල මව් පදවිය ලැබුවානේ. එහෙම ඒ කාලේ DS සංඛ්‍යා ලේඛන එක්ක සසඳ බැලුවොත් ඔය කාරනය හරි ඇති. මම පෞද්ගලිකව දන්න ඔය තත්වයෙ ලමයි කීප දෙනෙක්ගෙන් අම්මලා වැඩි දෙනෙක් ටිකක් වයසට ගිහින් ප්‍රෙග්නන්ට් උනු උදවිය. Aru.

      Delete
    5. පොඩ්ඩක් හිටින් මගේ නිරීක්ශන දෙන්න.

      Delete
    6. අරූ 35 නෙමෙයි හතලිහෙන් පස්සේ. කොටින්ම මෙහේ නම් මුල්ම ගර්භණි කාලයේ ඒ ගැන ටෙස්ට් එකක් පවා කරනවා. ඊට පස්සේ ළමයා අසාමාන්‍යයි කියලා පේනවා නම් දෙමවුපියන්ව දැනුවත් කරනවා. ඒ වගේ දරුවෙක් හදාගන්න අකමැතිනම් නීත්‍යාණුකූලවම ඇබෝසන් එකකට යන්නත් පුළුවන්.

      Delete
    7. යස් රංගි.....යු ආර් කොරෙක්ට් මැඩම්!!!Aru.

      Delete
    8. බූරු බබා, මෙහෙත් දැන් ඒ ටෙස්ට් කරනව, ඒකෙන් ඔටිසම් දරුවන් හදුනගන්න බෑ. අංග විකල තත්වයන් වගේ දේවල් හදුනා ගන්න පුළුවන්

      Delete
    9. මේ ළඟ කාලෙකදි මෙඩිකල් කන්සල්ටටින් එකකදි දොස්තර මට තේරුම් කලා එහෙම වෙන්න තියෙන පොසිබිලිටි එක වැඩියි කියලා. මට මතක විදියට එවෙලේ කලළයට මාස තුනක වගේ වෙන්න අම්මා කෙනෙක්. ඒ කතාව අහලා ඒ අම්මා කිව්වේ අනේ මිස් ඒ මගේ දරුවා නේ මොන විදියට වුනත් මම ඒ ළමයාව හදාගන්න ඕනේ කියලා. එවෙලේ අර දොස්තරලාත් පුදුම වුනා. ඒ මනුස්සයාගේ ශක්තිය ගැන.

      Delete
    10. Rangi & Aru,

      මම මේ ඊයෙ පෙරේද කියෙව්ව අපූරු නවකතාවක්. Jodi Picoultගෙ " Handle with care"..... Osteogenesis imperfecta තත්වය සහිතව උපදින දරුවෙක් ගැන කතාවක්.  Osteogenesis imperfecta තත්වය කියන්නෙ ශරීරයෙ අස්ථි පොඩි වැටීමකින් වුනත් කැඩෙනව.Brittle bone disease කියලත් ඒ ලෙඩේට කියනව.

      මේ දරුව විලෝ වෙනුවෙන් දරුවගෙ දෙමව්පියන්ට බර වියදමක් දරන්ට වෙනව. අන්තිමට බැරිම තැන චාලට් ( ඒ කියන්නෙ දරුවගෙ අම්ම ) කරන්නෙ අකමැත්තෙන් වුනත් දරු උපතෙදි කන්සල්ට් කරපු ඩොක්ටර්ට විරුද්ධව නඩු දානව මිස් ඩයග්නෝස් කියල. ඒ කියන්නෙ ස්කෑන් පරීක්ෂාවෙදි ඒ රෝගී තත්වය හඳුනා ගන්නට දොස්තර නෝනා සමත්වුනේ නෑ කියලයි නඩු දාන්නෙ. මෙතන බරපතල ප්‍රශ්ණ දෙකක් මතුවෙනව. එකක් ඒ දොස්තරවරිය ඇගේ හොඳම යාලුවා. අනික චාලට්ට පිළිගන්න වෙනව හරියට ලෙඩේ ඩයග්නෝස් කරල රෝගී තත්වය ගැන දැනුවත් කලානම් ඇය ගබ්සාවක් කරගන්නවයි කියල.

      එතකොට ඒ දරුවා විලෝ මෙහෙම ඇහුවොත් මොකක්ද චාලට් දෙන උත්තරේ " Mummy would you have killed me if you had known beforehand that I would be imperfect? "

      Delete
    11. ////Mummy would you have killed me if you had known beforehand that I would be imperfect? "/////

      මචං....ඇස් දෙකට කඳුලු පැන්නා උඹේ ඒ ප්‍රශ්නය දැක්කාම. මොකක්ද උත්තරය...කවුද හරි...කොතනද වැරදි..මේක ප්‍රශ්න පත්තරයක් වගේ බං.Aru.

      Delete
    12. බූරු,

      දොස්තර පුදුම වුනා කියලා අහලා මම පුදුම වුනා. අපි කොහාටද යමින් ඉන්නෙ ?

      Delete
    13. අරූ,

      / මචං....ඇස් දෙකට කඳුලු පැන්නා උඹේ ඒ ප්‍රශ්නය දැක්කාම. /

      ඒකනෙ බං කියල වැඩක් නෑ..ජෝඩි පිකෝගෙ කතා නම් ආය කියල වැඩක් නෑ..බොක්කටම වදින්නෙ....:)

      Delete
    14. සෙන්නා එහෙම කියන්න බෑ සෙන්නා. මේවා පුද්ගලයාගෙන් පුද්ගලායට ස්ටඩි කරන්න ඕනේ කේස්. අපි එහෙම අපේ පැත්තෙන් හිතන එක වැරදියි.
      හිතන්න,
      ඔයාගේ දරුවා ඔයා මේ වගේ වෙනවා නම් එයාලා ඔයාලා නැති දවසක බලාගන්නේ කවුද?
      එයාට ඕනේ ආරක්ශාව රැකවරණය ආදරය වගේ දේවල් සීයට සීයක් දෙන්න පුළුවන්ද?

      අපි එක පාරට අපේ හැඟීම් වලට හා කිව්වට අපිට මේ තත්ත්වයන් අපි මුහුණදෙන්නේ කොහොමද? ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනේ මේ වගේ දෙයක් බාරගන්න. මොකද අපි හැMඅවෙලේම බලාපොරොත්තුවෙන්නේ අපේ දරුවෝ සතුටෙන් හොඳින් ඉන්නවා දකින්න.
      මේ තත්වෙන් ඉන්න දෙමාපියන්ගේ කතාවක් ඇහුවොත් ඔයා කවදාවත් මේ කතාව කියන්නේ නෑ.
      ඒකෙන් කියන්නේ නෑ අපි ඒ ළමයින් පිටු දකිනවා කියලා. ඒත් මේවා අපි හිතන රාමුවෙන් එහාට ගිහින් හිතන්න ඕනේ අවස්ථා තියෙනවා.

      Delete
    15. රවී උඹට කියන්න මේ උඩින් කියපු කන්සල්ටින් එකේදි මම ඇත්තෙන්ම ඇඬුවා. කොටින්ම මේ ටෙලිකම්ප්‍රරෙන්ස් එකක් හින්දා ඊට කලින් මම ඒ අම්මාව දැනගෙන හිටියෙවත් නෑ.
      ඒ විතරක් නෙමෙයි ඔය වගේ සෙන්ටිමෙන්ටල් ෆිල්ම් එකක් බැලුවත් මම කඳුළු පෙරාගෙන අඬනවා ආයේ ෆිල්ම් හෝල් එකේම උන් මම දිහා බැලුවට මට නෙමෙයි වගේ. ඒක හින්දා උත්තර නැති ප්‍රශ්න අහන්න එපා.
      මේ පෝස්ට් එක වුනත් කියවලා මම ඇඬුවා.

      Delete
  20. ඔය ක්ෂේත්‍රය ගැන මගේ නම් දැනුම බොහොම අල්පයි.

    ඒත් ඔවැනි ගති ලක්ෂණ තියෙන විශේෂිත දරුවන් රැසක් මේ වෙනකොට මොන ගැසී තියෙනවා.
    ඔය වගේ සමහර අවස්තාවලදී සමහරු කියනවා දෙමවුපියන්ට පිටුපාලා කෙල්ලයි කොල්ලයි පැනලා ගිය හින්දා තමන්ගේ ඒ දෙමවුපියනට දීපු ගින්දර තමයි අර වගේ ළමයින්ගෙන් ඒ යුවලට විඳවන්න වෙන්නේ කියලා.
    මම මේක මෙහෙම කියන්නේ මගේ ඥාති සොයුරියකටත් මෙවැනි දරුවෙක් ඉන්න නිසයි. ඒ කෙල්ල හොරෙන් පැනලා ගිහින් බඩකුත් උස්සන් ආපහු ආපුවාම ගෙදර අම්මයි තාත්තයි ඒ කොල්ලත් එක්කම ගෙදරට පිළිගත්තා. එත් හම්බුවුන පළමු දරුවා ඔවැනි විශේෂිත අයෙක්. ළමයා එහෙමයි කියලා දැනගත්තා ම වටේම ඉන්න එව්වෝ කිව්වේ අර මම මුලින්ම කියලා තියෙන කතාව තමයි. මොකක්හරි හේතුවකට මගේ ඒ සොයුරියත් ඒ කතාව දැන් විශ්වාස කරනවා.

    එවැනි සමාජයකට ඔබේ මේ ලිපිය බොහොම වටිනවා.
    ලිපිය වෙනුවෙන් ඔබේ මහන්සිය බොහොම අගය කොට සලකනවා.

    ReplyDelete
    Replies
    1. විභීෂණ II,

      ස්තූතියි ඔබට....:)

      Delete
  21. හොඳ ලිපියක් රවී. මේවගේ සන්ගුත මෙන්ම ලිපිත් ලියවෙන්න ඕනේ. නැත්නම් මෙහෙම සින්දුවක් තියනවා කියල දන්නෙත් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්...:)

      Delete
  22. හොඳ වැදගත් ලිපියක්.down syndrome ගැන හදපු ෆිලම එකක් තමයි sean penn රඟපාන (i am sam) down syndrome තියන තාත්තා කෙනෙක් ඉන්නේ එක දුවක් විතරයි. ඒත් ඇය නීරෝගියි.ඔහුගේ තත්වය නිසා ඔහුට දරුවා හදාගැනීමේ අයිතිය අහිමි වෙනවා.ඔහු එය ලබාගැනීමට කරන සටන තමයි film එක පුරාවට තියෙන්නේ.හරිම සංවේදියි. හොයාගෙන බලන්න.
    dimencia ගැන තියන හොඳ film එකක් (still allice)කාන්තාවක් ඒ තත්වයත් එක්ක තමාගේ රැකියාව පවුල් ජීවිතය පවත්වාගෙන යාමට දරන අනුපමේය උත්සාහය තමයි ඒකේ තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හසිත....බලන්නම් ඔබ කියපු චිත්‍රපට...

      Delete
  23. අපූරු ගීතයක්..සංගීතය තමයි ගොඩක් හිතට වැදුනේ..
    ඩවුන් සහලක්ෂනය ගැන ලොකු අත්දැකීමක් නැති නිසා මොකුත් ලියන්න බැරිවුනත් ඒ ආකාරයේ රෝග තත්ත්ව ගැන සොඳුරු සුව අසපුවේ ලිපි කිහිපයක්ම ලියැවිලා තිබුනා මතකයි..
    http://www.nursinglk.com/search/label/Autism%20Spectrum%20Disorders
    රවීටත් නිදහස් සිතිවිලි පාඨකයෝ හැමෝටමත් සුභ අළුත් අවුරුද්දක්..

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් රූ....:)

      Delete
  24. නිදහස් සිතුවිලි ලියන රවි අයියා ඇතුලු, හැමදෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
    බාර්ෆි, තාරේ සමීන් පර් film දෙකම බැලුවා. හරිම සංවේදී කතා දෙකක්.

    ReplyDelete
    Replies
    1. සුබ නව වසරක් හේමමාලි...ගොයම් කැපිල්ල තාම ඉවර නෑ නේද?...:)

      Delete
  25. කලින් මේ ගැන අපේ සරත් ලංකාප්‍රිය (වර්තමාන වරාය අධිකාරි ) මහත්තයාගේ බ්ලොග් එකේ ඩවුන් සින්ඩ්‍රෝම් /ඕටිසම් ළමයින්ට වෙන අසාධාරණයන් ගැන සටහනක් වුනා. ඔහු ඔහුගේ ෆස්ට් හෑන්ඩ් එක්පෙරියන්ස් එක ගැන ලියා තිබුනා ඔහුගේ දරුවාට කොලේජ් එකක් ලබාගන්න වෙච්ච කරදර ගැන. කොටින්ම එවෙලේ අපි ජීවත් වෙන රටවල් වල මිනිස්සු කොයිතරම් නම් වාසනාවන්තද කියලා මට හිතුනා. එහෙම කිව්වේ මට මගේ රැකියාව සම්බන්දයෙන් බොහෝ වෙලාවට මේ වගේ දේවල් වලට ඩිරෙක්ට් ඉන්වොල්ව් වෙන්න වෙන හින්දා. මෙහෙ ප්‍රයොරිටි හැමවෙලේම ලැබෙන්නේ ඒ අයට. කොටින්ම ළමා කාලෙ ඉඳන්ම වෙනම වැටුපක් (පෙන්සන් එක වගේ)පවා මේ දරුවන්ට ගෙවනවා. ඒ විතරක් නෙමෙයි ස්කූල් ඇප්ලිකේසන් එකේ ඉඳන් දුර්වලතා ගැන අහලා වැඩි මාක්ස් දීලා ඇතුල් කරගන්නවා. රෑජ්‍ය ආයතන වල අනිවාර්යෙන්ම ඒ ක්‍රමයෙම ලකුණු වලට රැකියාවක් ලැබෙනවා. කොටින්ම නීතියෙන් ඔවුන්ට සාමාන්‍ය පුද්ගලයෙක්ට වඩා බොහෝ අයිතිවාසිකම් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට විසේස ආදරයක්/ පිළිගැනීමක් ලබා දෙනවා.
    අපි බයිලා කියෙව්වට ලංකාවේ මනුස්සකම ගැන අරවා මේවා ගැන එහෙම එකක් ඇත්තටම දැන් දැන් වෙද්දි තියෙනවාද කියලා හිතෙන්නේ මේ වෙද්දි මාධ්ය/ ෆේස්බුක් අරවා මේවයින් වපුරන මතවාද වයිරය වගේ දේවල් දැකලා.
    කොටින්ම මා සේවා සැපයුව එක්තරා ඩිසේබල් ළමයෙක්ව ලංකාවේ ස්කොලේට දාගන්න බැරිම තැන ඔවුන් ලයිසියම් එකට ගියාමත් නාමල් කුමාරයගේ ඩිරෙක්ට් ඉන්වොල්මන්ට් එක නැතිව අරන් තිබුනේ නෑ. මේ 2011 2010 වගේ වෙන්න ඕනේ. ඔහුගේ එක කෝල් එකට සල්ලි ගන්නෙත් නැතිව ළමයව ඇතුලත්කරගෙන. පස්සේ මගේ ක්ලයන් කියලා අපිට මුදල් ගෙවන්න පුළුවන් කියලායි පේමන්ට් එක පවා කරලා තියෙන්නේ.
    ( මේ නාමල් ගැන විවේචනයක් නෙමෙයි අපේ සමාජේ අද ඉන්න ඇත්ත තත්වේ. ඒ ළමයම මෙහෙට ආවම එකම එක උදේ වරුවකින් ස්කෝලයකට දාගන්න අපිට පුළුවන් වුනා විතරක් නෙමෙයි උදේට හවසට ළමයාව ගෙනියන්න ගෙනත් බස්සන්න ට්‍රාන්ස්පෝට් එකත් නොමිලේම ලබා දුන්නා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ තත්වෙ ගැනනම් කතාව සහතික ඇත්ත. අපේ පුතාව ඉස්කෝලෙට ගන්න බෑ කිවුව.ඊට පස්සෙ Rector ට දෙවියන් වහන්සේගෙ දේශනාවක් මතක් කරන්න උනා , ඔය වගේම දේශපාලන හැදුනුම් කමක් පාවිච්චි කරන්න උනා. ළමයට අතර මගදි හරියට මානසිකව වද දුන්න , සමහර ළමයි ගලපල කතා කරගන්න බැරි අපේ එකාව හැම වරදටම අල්ලල දුන්න.හැබැයි දැන් ඉන්න තරුණ ෆාදර්ල ගොඩක් වෙලාවට හොදයි

      Delete
    2. මම දන්නවා කම්මලේ. ඒක හරිම ශෝචනීයයි. ආගමික නායකයින්ට නෙමෙයි අපිට ගුරුහරුකම් දෙන උගතුන්ට පවා අපිට අද මනුස්සකම ගැන පාඩම් කියා දෙන්න වෙනවා. ලංකාව කවද මෙහෙම පිරිහෙන්න පටන් ගත්තද කියලා මට තේරෙන්නේ නෑ. මිනිස්කම ඉස්සරහට යනවා වෙනුවට පිටිපස්සට ගිහින්.
      මේවා ගැන මීට වඩා අවධානය යොමුකරන්න ඕන. කොටින්ම සමාජයක් විදියට ඔවුන්ට අවශ්‍ය ආදරය කරුණාව බෙදාදෙන්න ඕනේ. ඔවුන් අපිට වඩා බොහොම ඉදිරියෙන්. සමහර පොඩි දේවල් සාමාන්‍ය අපිට වඩා හොඳට මතක තියන් ඉන්නවා. ඔවුන්ගෙ අබෙදා ගැනීම වුනත් එහෙමයි. ඔබ කීව වගේ ඔබේ දරුවා වගේ ඔවුන් අනෙකා ගැන බොහෝ කෙයාරින්. නීතියට බයයි. ආරක්ශාව ගැන හිතනවා. මට හිතෙන්නේ ඒ අපිට වඩා ඔවුන්ට උපතින්ම ලැබෙනවා වෙන්න ඕනේ.

      Delete
    3. Rangi,

      / කලින් මේ ගැන අපේ සරත් ලංකාප්‍රිය (වර්තමාන වරාය අධිකාරි ) මහත්තයාගේ  /

      සරත්ගෙ තනතුර වරාය අධිකාරී නෙවෙයි බොල...එහෙම තනතුරක් මේ ලෝකෙ නෑ..එතුමා ඇවිල්ල වරාය අධිකාරියෙ ප්‍රධාන විධායක නිලධාරී...:)

      Delete
    4. කම්මල,

      ලමයින්ට එහා බං වැඩිහිටියො..ඇත්තටම පුදුම හිතෙනව මේ දැනුම් තේරුම් තියෙන උගත් මිනිස්සුන්ගෙ හැසිරීම දැක්කම.

      Delete
  26. පිලිපින් නම් ඒ වගේ බටහිර හුරුවක් තියෙන්නේ පිලිපින් ජාතිකයෝ බහුතරය කතෝලික නිසා වෙන්නත් ඇති නේ රවීයියේ.

    මේ වගේ දරුවෝ කෙරේ අපේ සමාජ අවධානය මීට වඩා දෙන්න ඕනේ.මේ ගීතයේ සියලු නිර්මාණකරුවන්ට අපේ ස්තුතිය හිමි වෙන්න ඕනේ මේ විදියේ නිර්මාණයක් කිරීම ගැන.ඩවුන් සින්ඩ්‍රෝම් ඕටිසම් දරුවන්ටත් අනෙක් දරුවන් අත්විඳින සියලු අයිතිවාසිකම් ලැබිය යුතුයි අඩුවකින් තොරවම.

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      පිලිපීනුවො බහුතරයක් කතෝලික, ඒ 1500 ගණන් වල ඉඳල 1900 වගෙ වෙනකල් පිලිපීනය ස්පාඤ්ඤ යටත් විජිතයක් වෙලා තිබුණ නිසා. පිලිපීනයට නම දාල තියෙන්නෙත් පිලිප් කියල ස්පාඤ්ඤ රජෙක් සිහිවෙන්ට. හුඟක් පිලිපීන නම් වල ස්පාඤ්ඤ ආභාෂය තාමත් තියනව. 1900 ඉඳල දෙවෙනි ලෝක යුද්දෙ වෙනකල් පිලිපීනට අමරිකාවට යටත් රටක්. ඒ හින්ද අමරිකන් බලපෑමත් තියනව.

      Delete
  27. පළමුව මේ සිංදුව ගැන කියුවට ගොඩක් ස්තුතී.. ඒ වගේම අර කියුවත් වගේ මේ සිංදුව කරන්න කැප උනු හැමෝටමත් අපි පිං දෙන්න ඕනේ. මේ වගේ සමාජ සත්කාර කරන්න ශක්තිය ලැබෙන්න කියලා.. සත්‍ය වශයෙන්ම විශේෂ අවශ්‍යතා ඇති හැමෝටම අවශ්‍ය වන්නේ අනුකම්පාව නොව ආදරයයි. එය හොඳින් පැහැඳිලි කරලා තියනවා...
    මේ වගේ දරුවන්ට අද ලමා මනෝ විද්‍යාෙවන් ප්‍රතිකාරත් තියනවා. ලංකාවට වඩා විදේශ රටවල් මේ අතින් ගොඩක් දියුනුයි...

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      මම කොහොමත් මේ ගැන යමක් ලියන්න කියල හිටියෙ..ඒ අතරෙ අමරසිරි පීරිස් මහත්තයගෙ ගීතය ඒකට ප්‍රබල උත්තේජකයක් වුනා...ස්තූතියි ඔබගේ අදහස් දැක්වීමට....:)

      Delete
  28. මොන විදිහක දරුවෙක් ඉපදුනත් දෙමවිපියන් මොන විදිහකට හැසිරුනත් කිසිම වෙලාවක හදිස්සි වෙන්න එපා හරි වැරැද්ද හොයන්න, සමහර තැන් වල හරි වැරැද්ද හොයා ගන්න බැරි තරම් සංකිර්ණ නිසා. අපි හැමෝටම ඕන කරන්නේ ආදරය , පිලිගැනීම සමව සැලකීම , තමාව පිලි ගැනීම වගේ දේවල් මේ අයටත් පොදුයි. සමහර තැන් තියනවා අම්ම/තාත්තා කෙනෙක් ට දරාගන්න බැරි නිසා දරුවාගෙන් ඇත උනු , ඒ ආදරය වැඩි කමට , තමන්ගේ දරුවා දුක් විදිනවා බලන් ඉන්න බැරිකමට. ඒ වගේ මනසක ඇති වන ව්‍යාකුලකම තෙරුන් ගන්න හරිම අමාරුයි..

    ReplyDelete
    Replies
    1. චතූ,

      ඔබ කියන්න හා සමඟ සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
  29. Replies
    1. Blood injected dreams කියල කාලෙකට ඉස්සෙල්ල බ්ලොග් එකක් තිබ්බ....:)

      Delete
  30. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/3663-21

    ReplyDelete
  31. A/L කරද්දි ඔය රෝගය ගැන උගන්නනව. මං හාර හාර ඕක ගැන හෙව්වෙ ඒ කාලෙදිමයි. ඔබේ ලියමන හරවත්. මට මඟ පෙන්වීමක් වුණා, විද්‍යාත්මක කරුණු ගැන පවා අත්දැකීම් එකතු කරගෙන කියවන්නාට රසවත් විදියට ලියන්ට පුලුවන් බව ඔබ මට කියල දුන්න. අදයි ගොඩ වුණේ මේ පැත්තට. කල්‍යාණ මිත්‍ර පාර කිව්වෙ. ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රුහිරු වර්ණ සිහින...:)

      Delete
  32. ජීව විද්‍ය අංශයෙන් ඉගෙන ගත්ත නිසා මේ ගැන තොරතුරු දැන ගෙන හිටියත් ඔබ ඒවා බොහොම සරලව සත්‍ය සිද්ධි පදනම් කරගෙන ලියලා තියෙන විදිහට එක හුස්මෙට කියවගෙන ගියා.

    ගීතය ගැන නම් කලින් දැනගෙන හිටියේ නෑ..

    හැම කෙනාම කියවිය යුතු බොහොම වටින පෝස්ට් එකක් කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  33. Samanyyen mavage wayasai me ledai athara samnadayak thibeda

    ReplyDelete
    Replies
    1. ජගත්,

      ඔව් බොහොම පැහැදිලි සම්බන්ධයක් තියෙනව. වයස සහ රෝගී දරු උපත් සංඛ්‍යාව අතර සම්බන්ධය මෙහෙමයිලු.

      1. මවගේ වයස අවු 20 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 2000 : 1
      2. මවගේ වයස අවු 21 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1700 : 1
      3. මවගේ වයස අවු 22 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1500 : 1
      4. මවගේ වයස අවු 23 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1400 : 1
      5. මවගේ වයස අවු 24 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1300 : 1
      6. මවගේ වයස අවු 25 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1200 : 1
      7. මවගේ වයස අවු 26 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1100 : 1
      8. මවගේ වයස අවු 27 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1050 : 1
      9. මවගේ වයස අවු 28 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 1000 : 1
      10. මවගේ වයස අවු 29 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 950 : 1
      11. මවගේ වයස අවු 30 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 900 : 1
      12. මවගේ වයස අවු 31 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 800 : 1
      13. මවගේ වයස අවු 32 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 720 : 1
      14. මවගේ වයස අවු 33 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 600 : 1
      15. මවගේ වයස අවු 34 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 450 : 1
      16. මවගේ වයස අවු 35 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 350 : 1
      17. මවගේ වයස අවු 36 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 300 : 1
      18. මවගේ වයස අවු 37 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 250 : 1
      19. මවගේ වයස අවු 38 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 200 : 1
      20. මවගේ වයස අවු 39 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 150 : 1
      21. මවගේ වයස අවු 40 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 100 : 1
      22. මවගේ වයස අවු 41 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 80 : 1
      23. මවගේ වයස අවු 42 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 70 : 1
      24. මවගේ වයස අවු 43 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 50 : 1
      25. මවගේ වයස අවු 44 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 40 : 1
      26. මවගේ වයස අවු 45 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 30 : 1
      27. මවගේ වයස අවු 46 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 25 : 1
      28. මවගේ වයස අවු 47 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 20 : 1
      29. මවගේ වයස අවු 48 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 15 : 1
      30. මවගේ වයස අවු 49 - රෝගී දරු උපතක් ඇතිවීමේ හැකියාව 10 : 1

      Delete
  34. සේරටම වඩා මගේ හිතට වැදුනේ ඒ තාත්තට ඒ කෙල්ල පුංචි සුරංගනාවියක් වුන එක.නියම තාත්ත කෙනෙක්. ඔය වගේ ළමයින්ගේ තත්වය ටහ්වත් ශෝචනීයයි තුන්වෙනි ලෝකේ රටක උපන්නම.ඔය ගැන අපිට කරන්න පුළුවන් හොඳම දේ අඩු ගානේ ඒ ළමය දිහා අමුතු විදිහට නොබලා සාමන්‍ය මනුස්සයෙක් විදිහට සලකන එක.වැඩියෙන් බලන්නයි හාර හාර ඔය ගැන අහන්නයි යන එකෙන් වෙන්නේ දෙමාපියන් අසරණ වෙන එක සහ තමන් වෙනස් කියන එක ඒ ළමයින්ට වැඩිය දැනීම. අපියි කියල සර්ව සම්පුර්නද. කොයිතරම් නම් අඩුපාඩු තියෙනවද පිටින් සාමාන්‍ය විදිහට ඉන්න මිනිස්සුන්ගේ.
    මේ දවස්වල පොතක් කියවනවා ඉන්ට්‍රොවර්ට් සහ එක්ස්ට්‍රොවර්ට් මිනිස්සු ගැන.වැඩිය කතා නොකරන පැනල ඉදිරිපත් නොවෙන ළමයින්ට ඒ දේවල් වලට බල කිරීම කොච්චර අසාධාරණද කියල දැනෙනවා ඒක කියවද්දී

    ReplyDelete
    Replies
    1. බින්දි,

      ඔව්...වැදගත්ම දේ එමර්සන් සහ බිරිඳ මෙලඩි ආබාධිත දරුවෙක් කියල විශේෂයෙන් අනුකම්පාවක් වගෙ පෙන්නනනෙ නෑ. එමර්සන් මා එක්ක කිව්වෙ එයාත් සාමාන්‍ය දරුවෙක් කියල හිතන්නට අපි එයාට ඉඩ දෙනව. ඇත්ත. මේ වැඩේ ලේසි දෙයක් නෙවෙයි. මොකද මෙලඩිටම පේනවනෙ තමන් අනික් අයට වඩා වෙනස් කියල. ඒ වගේම එහෙම අයට විශේෂ අවශ්‍යතා තියනව. ඒත් ඒ සීමාව ඇතුලෙ ඉඳගෙන ඒ දරුවට තමන්ගෙ ජීවිතේ හැඩගස්වාගන්න ඉඩදෙන්නටයි එයාල උත්සාහ කරන්නෙ.

      Delete
  35. බොහොම වටිනා සටහනක් රවී.

    [කාලෙකින් තැනකට ආවම වැදගත් විදිහට හැසිරෙන්න එපැයි]

    ReplyDelete
    Replies
    1. නවමා,

      අප්පට සිරි දෙයියො දැක්ක වගෙ..හෙහ්,හෙහ්..ඉතිං ? ඉතිං? කොහොමද? ආයෙ ලියන්ට හිතෙන එකක්ම නැද්ද?

      ලිවිල්ල නවත්තල ඉන්න අයට ලියපං ලියපං කියල මම බලපෑම් කරන්නෙ නෑ. ලියන එක නවත්තල තියෙන්නෙ මොකක් හරි වැදගත් හේතුවක් හින්දනෙ. ඉතිං ඒ මොකවත් දන්නෙ නැතුව අපි ලියපං ලියපං කියල කියන එක හරි මදියි කියලයි මගේ අදහස. අනික මම නොලියා ඉන්න දවසක මට බල කරනවටත් මම කැමති නෑ.

      ඉතිං ඒ හින්ද උඹ ලියනවනම් මම බොහොම කැමතියි කියල විතරක් කියන්නං.මම කලිනුත් දවසක් කිව්වෙ..බ්ලොග් පෝස්ට් එකක් කියවනකොට අනේ මටත් මෙහෙම ලියන්ට පුලුවන් නම් කියල මට ඊරිසියාවක් වගෙ හැඟීමක් එන බ්ලොග්ස් තියෙන්නෙ අතේ ඇඟිලිවලින් ගණින්ට පුලුවන් ගණනක්. නවම් මාවත එයින් එකක්.

      උඹට හිතුන දවසක ආයෙ ලියපං කොල්ලො...:)

      Delete
    2. //// උඹට හිතුන දවසක ආයෙ ලියපං කොල්ලො...:)/////////

      පොසිටිවියානු අදහසක්:D!!!!!!

      Delete
    3. අරූ,

      නවමට කියපු එක මල්ලි උඹටත් ඒ ලෙසින්ම අදාලයි. අර මට ඉරිසියා හිතෙන අතේ ඇඟිලි පහෙන් ගණන් කරන්ට පුලුවන් බ්ලොග් අතරෙ අරූගෙ අඩවියත් තියෙනව.

      ඒත් මම උඹේ කැමත්තට උඹේ පෞද්ගලිකත්වයට ගරු කරනව. අන්න ඒ හින්දයි මම උඹට ආපහු ලියන්ට කියල කිව්වෙ නැත්තෙ....

      උඹට හිතිච්ච වෙලාවක උඹ ලියපං.. මම එතෙක් බලා ඉන්නව...එච්චරයි..:)

      Delete
    4. මචං....උඹ නවමට දාපු කමෙන්ට් එකෙන් එක කොටසක් විතරක් මම හයිලයිට් කරාට, ඒ මුලු කමෙන්ට් එකම නිවැරදි අදහසක්. අනිත් එක උඹ මට මල්ලි මල්ලි කියන්න එපා... මම අයියෙක් ඩෝ :D

      Delete
    5. අරූ,

      හුටා, ඇත්ත නේන්නං..නවමට මල්ලි කිව්ව හින්ද උඹටත් ඒ එක්කම මල්ලි කියල...හෙහ්,හෙහ්, අල්ලල දාපං මචං..අද සිකුරාදනෙ. අපෙ නිවාඩු දවස...... මේ විදිහටවත් සිහියෙන් ඉන්න එක එක අතකට ලොකු දෙයක්....හෙහ්,හෙහ්,

      Delete
    6. මාත් දෙකක් දාගෙන ඉන්නේ. ගනන් ගන්න එපා මං කියන දේවල්....ආතල් එකට කමෙන්ට් කරන්නේ.

      Delete
  36. පහු ගිය ටිකේ මේ පැත්තේ එන්න බැරි වුණා... මේ සිංදුව ගැනවත් මම දැනගෙන හිටියේ නෑ... මගේ මිත්‍රයෙකුගේ පුතෙක් ඉන්නවා ඩවුන් සින්ඩ්‍රෝම් තියන... වාද විවාද තිබුණත්, ඕස්ට්‍රේලියාවේදි මූලික ස්කෑන් වලින් චෙක් කරලා මේක තියනවා නම් දෙමව්පියන්ට ඔප්ෂන් එක දෙනවා මොකද කරන්නේ කියලා තීරණය කරන්න.

    මට මතක් වුණේ පරණ සිදුවීමක්. අපි කාලයක් හිටියා අර බෝ ගහේ දේව රූපයක් මතු වෙච්ච පන්සල තිබ්බ පලාතේ. තාත්තගේ යාලුවෙක් ඒ පන්සලට යන්න ඇවිත් නවාතැන් ගත්තේ අපේ දිහා. ඒ අන්කල්ට ඩවුන් සින්ඩ්‍රෝම් තියන දුවෙක් හිටියා... ඒ කාලේ ඕ ලෙවල් පන්ති වල හිටපු මම, තාත්තගේ උගත් යාලුවා මේ විදිහට හාස්කම් විස්වාස කිරීම ගැන විවේචනය කලා. අපේ තාත්තත් කිසිම විදිහකින් හාස්කම් විස්වාස කරන කෙනෙක් නොවුණත්, තාත්තා කිව්වා කරන්න පුළුවන් හැම දෙයක්ම කලාට පස්සෙත් හොඳ වෙන්න නැත්නම්, මේ වගේ දෙයක් හිතට එකඟ නැතුව හරි කරන්න පෙළඹෙන්නේ ඒ දරුවට තියන ආදරේ නිසා කියලා...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඔව් මල්ලි හරිම දුක හිතෙනව මේ ලෙඩේ හැදුනු දරුවො දකිනකොට...:(

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...