Tuesday, May 31, 2016

127. එසේ වේමැයි මේ දිවිය!



ජීවිතය පිළිබඳ ව සෑහීමට පත්වන්නට ඔබට නොහැකි වන්නට පුළුවන
එවැනි දිවියක් ලොව බොහෝ දෙනෙකුට සිහිනයක් ව තිබෙනා අතරතුර

ගොවි බිමට ඉහළින් නීල අහසේ ඇදී යන අහස් නැව දැක 
ඉගිල යන්නට සිහින දකිනා දරුවෙකු මෙබිම සිටිය හැක 

අහස් නැවේ සිට මහ පොළොව වෙත යොමාගෙන සිය නෙත 
සිටිය නොහැකිද ගුවන් නැවියෙකු මව්බිමේ සිහිනයක ගිල්වා සිත 

එසේ වේමැයි මේ දිවිය! සතුටුවන්න ඔබ ලද දිවියෙන්... 

සතුටේ රහස ධනය නම්, 
තුටින් සිටිය යුතුය පොහොසතුන් 
මහ මග ගයා නටා රඟමින් 

එනමුදු, වෙන කවුරුවත් මා නම් දැක නැත 
වැස්සේ පවා තුටින් නටනා දූගී දරුවන් මිස 

රැකවරණය පිළිබඳ හැඟීමක් 
ලබා දෙන්නට බලයට හැකි නම් 
මහ මග තනිව සැරිය යුතුය බලවතුන් 
කුමට පිරිවරා බෝ රැකවලුන් 

නමුදු මෙබිම තනිව සරන්නට හැකි - වෙනත් පිරිසක් වාසය කරති 
සරළ දිවි පෙවතක් ඇති - සැහැල්ලු නින්දක් දිනය කෙළවරේ ඇති 

මනා වූ රූපයත් යශෝරාවයත් 
ගෙනෙයි නම් පරමාදර්ශි සබැඳියාවක් 
ජනකාන්ත පුද්ගලයින් 
සතුව විය යුතුය 
උත්කෘෂ්ටවත් විවාහ දිවියක් 

චාම් දිවියක් - නිරහංකාර පැවැත්මක්
හෘදයාංගම බැඳීමක්
මග ලකුණු කියනු ඇති
ලොව ඇති සියලු යහපතට - ඔබ වෙතට එන්නට
කොයි ඉසව්වේ ඔබ සිටියත්

*********************






*********************

අනුවාදය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.
(පිරික්සන්න: Sometimes you are unsatisfied with your life)

44 comments:

  1. Sleep soundly කියන්නෙ මහ සද්දෙට නිදාගන්නව වෙන්ටැති නේහ්

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති... අනුවාදයක්නේ, මං බය නැහැ ඕං :)

      Delete
    2. "Fast asleep" is sleep-running then?

      Delete
    3. බලං යනකොට මේ සේරම සද්ද දදා නිදියන ළමයි නෙව

      Delete
    4. ප්‍රා ජේ,

      ඔව් ඒ අය තමයි හීනෙන් දුවන්නේ :)

      Delete
  2. Really beautiful.

    ReplyDelete
  3. Living is simple
    And breathing is easy
    It's easy to do
    Living is simple

    -switchfoot

    ReplyDelete
  4. Living is simple
    And breathing is easy
    It's easy to do
    Living is simple

    -switchfoot

    ReplyDelete
    Replies
    1. Live your life simple,
      Don't comment twice,
      Whenever one will suffice.

      Delete
    2. ඒකනෙ රවි අයියෙ, අහවල් එකටද දෙපාරක්ම කොමෙන්ට් කරන්නෙ නේද?

      Delete
    3. මේ වගේ අගේ ඇති කවියක් දැක්කහම කොමෙන්ට් දෙක දෙක දැම්මහම මෙයාලාට මාත්සර්යයද? :D

      Delete
    4. ඔව් ඔව් දෙපාරක් ඕනෙ නෑ මේ අර බීරි අලිය නෙමේ, රන්දිකා නෝනෙ ලියල තියෙන්නෙ

      Delete
    5. when comments by mobiles it will appear twice I think.

      Delete
    6. when comments by mobiles it will appear twice I think.

      Delete
    7. Damith,

      when comments by the Phone
      never push the back button
      Simply tap on the cross button
      only one comment will be shown

      :D

      Delete
    8. දමිත් එහෙම හිත හිතා ඒකම කළා නේද? :)

      Delete
  5. Those who live simply, sleep soundly. Just like me. :)

    ReplyDelete
    Replies
    1. හැබෑට? අපි හිතාගෙන උන්නේ ඔයැලැයි චමරිය එහා පැත්තේ ලී මෝලක්ය කියලා :D

      Delete
  6. ලද දෙයින් සතුටු වීම ...
    බුදු හාමුදු ක්වුවත් මිනිස්සුන්ට කරන්ඩ බැරිම දේ ඕකනෙ.

    ReplyDelete
  7. චාම් දිවියක් - නිරහංකාර පැවැත්මක්
    හෘදයාංගම බැඳීමක්
    මග ලකුණු කියනු ඇති
    ලොව ඇති සියලු යහපතට - ඔබ වෙතට එන්නට
    කොයි ඉසව්වේ ඔබ සිටියත්//////////////////

    මම තාමත් හිතන්නේ මෙහෙම තමයි හිතන්න ඕන කියලා...

    ලස්සනයි,,මේ ටික සිංහලට ගෙනාපු විදිහ..!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරුණ... :)

      Delete
  8. හරිම ලස්සනයි..

    ReplyDelete
  9. හුහ් .. හැමෝම කියනවා, ඒත් කවුරුවත් කරන්නෑ..
    අනිත් උන්ට චාම් වෙයල්ල කිය කිය අපි සරුංගල් අල්ලන්න දඟලනවා...

    අනුවර්තනය බොහොම හිත ගන්නා සුළුයි....

    ReplyDelete
    Replies
    1. සේරමට ම කලින් කවි වගේ ඒවා කියවන්න කම්මැලි සෙන්නා මේක කියෙව්ව එකම මදැයි මට.

      //අනිත් උන්ට චාම් වෙයල්ල කිය කිය අපි සරුංගල් අල්ලන්න දඟලනවා...//
      ඇත්ත ඇත්ත. ඒත් මේ රචනයේ කියලා තියෙන කතා ටික වැරදි නැහැ නේද?

      අනුන් ව කොපි කරන්න නොගිහින් තමන් තමන් ම වෙලා ඕනෑ සරුංගලයක් අල්ලා ගත්තාට කමක් නැහැ කියලායි මට හිතෙන්නේ :)

      Delete
  10. Good idiyas rows write you. There two sides all things. Simpal is gooder than laksary life.

    ReplyDelete
    Replies
    1. Fest of all I am sory I cant manage ur lanvege vary vel. aniwe Thank u fo da coment. :)

      Delete
  11. කතාවන නම් ඇත්ත. අපි සෑහිමට පත් නොවෙන දේවල් කොහෙත්තම නොලැබෙන අය ඕන තරම් ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මල්ලි කියන්නේ. :)

      Delete
  12. වටිනා අදහසක්, සම්භාව්‍ය පරිවර්තනයක්! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි :)
      බුදු අම්මෝ :D

      Delete
  13. අනුවර්ථනේ නම් උපරිමයි, ලස්සනයි.

    ReplyDelete
  14. බොහොම ලස්සනට පරිවර්තනය කරලා....

    ReplyDelete
  15. ලස්සන පරිවර්තනයක් රන්දිකා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් අයියේ

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...