Tuesday, May 10, 2016

411. මොලේ කොළොප්පං ගණින්නාන්සේලාගේ කථා වස්තුව



ආතර් සී. ක්ලාක් යනු මගේ වීරයෙකි.හැත්තෑව දසකයේ මැද භාගයේ පමණ මගේ මෑණියන් විසින් ඔහුගේ "The Deep Range" කතාවේ පරිවර්තනය වූ "ගැඹුරු මුහුද" පොත මට ගෙනවිත් දුන් දවසේ සිට ඔහු මගේ වීරයෙකි.මගේ ලෝකයේ වීරයෝ වර්ග දෙකක් සිටිති. සනාතනික වීරයින් සහ කාලීන වීරයින් වසයෙනි. සනාතනික වීරයෝ වනාහී යම්තමට රටේ ලෝකේ කාරණා කාරණා සිද්ද වෙන ආකාරය තේරුම් ගත හැකිවූදා පටන් මගේ ලෝකයේ වීරයන් වූ පුඟුලෝ වෙති. 

බුදුන් වහන්සේ යනු මගේ සනාතන වීරයින්ගේ නියුමෙරෝ ඌනෝ නොහොත් අංක එකේ වීරයාය. සනාතන වීරයින්ගේ ලැයිස්තුවේ ආතර් සී. ක්ලාර්ක් මහතා ද ඇත. කලින් මා සඳහන් කල ඔහුගේ ගැඹුරු මුහුද පොතෙහි අවසානයේ එහි ප්‍රධාන චරිතය වන වෝල්ටර් ෆ්‍රෑන්ක්ලින් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයට පැමිණේ. 

ක්‍රි.ව. 2100 දීපමණ වන එම කාල වකවානුවෙහිදී ලෝකයෙ ප්‍රධාන ආගම් අතරින් ඉතිරිව ඇත්තේ බුදු දහම පමණකි. ඈත චක්‍රවාටයන්හි පවා ජනාවාස පිහිටුවීමට මිනිසා සමත්වන තාක්ෂණය සහ විද්යාවේ විශ්මය ජනකවූ අති මහත් දියුණුව හමුවේ දෙවියන් අදහන අනෙක් සියළු ආගම් නිතැනින්ම අභාවයට යද්දී බුදු දහම පමණක් නොනැසී පවතින්නේ ඒ වනාහී ආගමකට වඩා තාර්කික දර්ශණයක් මත පදනම් වූවක් බැවිනි.

දිවැසිවරයකු බඳු වූ ආතර් සී. ක්ලාක් මහතා විසින් එසේ පසසනු ලැබූ බුදුදහම තවත් වසර සියයක් නොව බොහෝ නුදුරු අනාගතයේදී සම්පූර්ණයෙන්ම විනාශ කොට දැමීමේ භාරදූර කාර්යභාරය ඉටු කිරීමට ඉදිරිපත්ව සිටිනුයේ මහා සංඝ රත්නය යයි තමන්ම කියාගන්නා සිවුරුකාරයින් පිරිසක්වීම මහත්ම ඛේදවාචකයක් විනා අන් කවරක්ද?

කෝට්ටේ යුගයෙන් පසු බුදු සසුන සීග්‍රයෙන් පිරිහී ගොස් මහනුවර යුගයේ මැද භාගය වන විට චාරිත්‍රානුකූලව උපසම්පදා වූ එකද භික්ෂුවක හෝ මෙරටින් සොයාගත නොහැකිවූ බව ඉතිහාසයෙහි සඳහන්ය.එකල සිල්වත් භික්ෂු පරපුර ක්‍රමයෙන් අභාවයට ගොස් මරණයක් සිදුවූ විට පාංශුකූලය දීම වන් කටයුතු පමණක් ඉටුකිරීමෙහි දැනුමැති ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වුනු බෞද්ධ පූජකයින් පිරිසක් අවසානයේ ඉතිරිවූහ.

මේ ගණින්නාන්සේලා කුටුම්භ රක්ෂණය, ගොවිතැන් කිරීම, සත්ව පාලනය යන සාමාන්යයෙන් ගිහි ජීවිතයට අයත් සියලු කටයුතුවල යෙදුනෝය. ගිහියන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීම උදසා ඔවුහු දකුණු අතේ මැණික් කටුවෙහි කහ පැහැති නූලක් දවටාගෙන සිටියෝය.නාම මාත්‍රයෙන් භික්ෂූන් වූවද ඔවුහු සැම තන්හිම ගිහියෝම වූහ. ඒ දුෂ්කර සමයෙහි බුදු දහම නොනැසී පවත්වාගැන්ම උදෙසා ගණින්නාන්සේලා විසින් ඉටුකල අනූපම මෙහෙය කිසිසේත් අවතක්සේරුවට ලක් කිරීමක් මෙයින් අදහස් නොකරන බව පැවසිය යුතුය.

අද අපට දක්නට ලැබෙන බොහෝ භික්ෂූහු තම හැසිරීමෙන් මේ ගණින්නාන්සේලාද පරදවති. ඔවුහු ද ගිහියන් කරන බොහෝ දේ කරති. සමහරවිට ගිහියන් නොකරන දේ ද කරති. නැතහොත් කිරීමට උත්සාහ කරති.

මූරා වර්ගයේ හොඳින් වැඩුණු මී හරකුන් තුන් දෙනෙකුට කිසිදු අවුලක් රහිතව ෂපාන් එකේ ඇලට් එකක් ගැසිය හැකි පමණ සද්දන්ත කවිච්චියක් උඩ දෙකකුල් නමාගෙන ඉඳගෙන ඉන්නා තමං හෝවාං වී ඇතැයි තමංම කියාගන්නා පිස්සු හටනක් ජනාදිපතිට දවල්ට කෑ යුත්තේ කොහොමදැයි උපදෙස් දෙයි.මේ පහුගිය දවසක තමංගේ උපං දිනේ වෙනුවෙං මස්මාංස ආදී රස මසවුලෙං පිරි බෝජන සංග්‍රහයක් පැවැත්තුවේත් ඒ පිස්සූන් වහන්දෑමය. 

ඒ උස්සවේට සහබාගි වූවන්ට බත් බෙදන්ට හිටියේ නාඹර ගැටිස්සියංය. ඒ  සාසනේ විනාසය පිනිස ඉපදී සිටින එක් අබබ්බයෙකි. (අබබ්බයා යනු හමුදාවේ නොහොත් ආමි එකේ ස්ලෑංග් වචනයකි. හමුදාවේ ස්වේච්ඡා නිලධාරියකුලෙස සේවය කල මගේ මෑණියන්ගේ බාල මළණුවන් නිතර භාවිතා කල වචනයක් වූ එය මෑතක මට යලිත් සිහියට ආවේ අපේ විචාරක තුමා ද ඒ වචනය භාවිතා කර තිබෙනු දුටු විටදීය)

නඩුකාරයින්ට යුක්තිය පසිඳලන ආකාරය පිළිබඳ නොමිලේ පාඨමාලාවක් පැවැත්වීමට සැරසුනු තවත් එක් වහන්දෑ කෙනෙක් කූඩුවේ මාසයක් හමාරක් ලැග වදාල පසු දැන් වැඩිය සද්ද බද්ද නැත. ඒ මනුස්සයා ජපානයේ චයිත්තියක හුණු ගානව පත්තරේක පොටෝ එකක් දාල තිබුනා මට මතකයක් ඇත.

අලි පැටවුන් මේච්චලේට ගියේ තවත් එවන් ගණින්නාන්සේ කෙනෙකි. පාත්තරේද කරේ එල්ලාගෙන ඒ වහන්දෑ වැලිකඩ හිරගෙදරට වැඩම කලේ මහා වීර ක්‍රියාවක් කරන්නා සේය. බන්ධනාගාරගතව සිටියදී එතුමාට ෂර්ලොක් හෝම්ස් ආරූඪ විය. එළියට වැඩම කල විගස සෝභිත හාමුදුරුවන්ගේ මරණය සැක සහිත බව කියා මහ විසාල අඩව්වක් ඇල්ලුවේය. ඊට පසු දැන් ඒ ගැන හාහූවක් නැත. ආයෙම බන්ධනාගාරයට වැඩම කරවීමට සිදුවුවහොත් සෝභිත හාමුදුරුවන් යලි කරමතට ගනු නිසැකය.

මේ ගණින්නාන්සේලාගේ අලුත්ම ආතල් එක අර හිටපු මහරජ්ජුරුවන් වහන්සේට දී තිබුණු හමුදා ආරක්සාව මදියැයි කියා පොලවේ පස් කෑමය. මේ වැඩේට චීවරේ පිටපොට ගහගෙන ලෑස්තිවෙලා පාන්දරම කෑගහන්ට ගත්තේ අර බෙංගමුවේ උන්නාන්සේ සහ මුරුත්තෙට්ටුවේ උන්නාන්සේය. ඊට අමතරව බික්සූං 100 ක් හා ගිහියං 1000 කගෙන් සමන්විත මරාරක්සක බලකායක් හදන බවටද බෙංගමුවේ දහ අතේ දිවුරුවේය.

ඒ වැඩේටම කියල අලුත්ම නිකායකුත් පිහිටුවාගන්ට ඒ බික්සු දෙනම දැනටමත් මුල පුරා ඇත. ඒ නිකායට කියන්නේ "නීල කාස චෞර අංගාරක්ෂක නිකාය" කියාය. ඒ නිකායේ මරාරක්ෂක පාර්ශ්වය මේ හෙට අනිද්දා පිහිටුවනු ඇත. දැං ඉස්සරහට ඝොට්ඨාගේ ආරක්සාව ඉවත් කරහම ඝොට්ඨාරක්ෂක පාර්ශ්වය කියා අලුත් පාර්ශ්වයක් හදන්ටත් වෙනවාය.

ඒ අස්සෙ නාලක උන්නාන්සෙ තව අමර කතාවකුත් කියල තිබුණාය. යුද්දෙ තිබ්බ කාලෙ එතුමා බාවනා කරනකොට හතුරන්ට පහරදිය හැකි නොයෙක් යුද උපක්කරම ඉබේම හිතට පහල වුනාලු. "මම ඒ කාලෙම හිටපු ජනාදිපතිතුමාට එව්ව කිව්වා. සමහර දේවල් එතුමා ක්‍රියාත්මක කලා" නාලක තුමා එහෙමත් කියලා තියෙනවාය. අවුරුදු ගාණකට කලිං මියගිය ජෙනරල් කොබ්බෑකඩුව මහත්තයගෙ මරණෙත් එතුමා මෙහෙම අබ්බූත බලයකින් දැකල ජෙනරල්ට කිව්වලු. ඒත් ජෙනරල් ඒ කීම ඇහැව්වෙ නැහැල්ලු.

මේ ඔක්කොම විගඩං අස්සේ අපේ මහානායක කියල ඉන්න තුං හතර නමත් ඔන්න ක්සනිකව ආරක්සක විසේසඤ්ඤයො වෙලාය. රටේ ආරස්සාවට තර්ජනයක් තියෙන හින්ද මරාට දීල තිබ්බ යුද හමුදා ආරස්සාව දිගටම තියන්ට කියල එතුමලා ජනාදිපතිතුමාගෙං ඉල්ලා සිටලාය.එතුමාලා හිටපු ගමං නින්දෙං ඇහැරල වගෙ ඔය වගෙ ඉල්ලීං කරනවාය.

එක පාරක් ඔය හතර නමම එකතුවෙලා ජෙනරල් සරත් පොන්සේකාගෙන් පලිගන්න එක නවත්වන්ටෙයි කියල මරා ගොයියගෙං ඉල්ලා හිටියාය. මරා "එහෙයි අපෙ හාන්දුන්නේ" කියල සාටකේ බිම ගෑවෙන සයිස් එකට නැමිල වැඳලා කාරිය ගිහිල්ල කලේ හාංදුරුවංගෙ ඉල්ලීම තඹ දොයිත්තකට මායිං නොකර ජනරාල්ව හිරේ දැම්ම එකය. 

නුවර වැව වටේ ලොකු බේබි රේස් පදින එක නවත්තන්ඩෙයි කියල මල්වතු අස්ගිරි ඩබල කරපු ඉල්ලීමට උනෙත් ඒ සන්තෑසියමය. නාමෝල් ලොකු බේබි හිතේ හැටියට රේස් පැද්දේය. තමංගෙ ඉල්ලීමක් පඩේකට මායිං නොකල මරා ඊලඟ පාර තමං බැහැ දකින්ට ආහම අඩු ගානෙ ඒ ගැන අහන්ටවත් ඒ උන්නාන්සේලා දෙනමට කොන්දක් තිබ්බේ නැත.

මේ ඔක්කොම මල විකාර වලට හේතුව "අනේ හාන්දුන්නේ රට පාලනය කරන එක මම බලාගන්නං හාංදුරුවො සාසනේ බලාගන්ට" කියල කෙලින්ම කියන්ට අපේ එක නායකයෙකුටවත් කොන්දක් නැති එකය. අනික් අතකට රටේ බලය ගන්ට හිංගල බහුද්ද චන්ද නැතුව බැරි හින්ද පාලකයින්ටත් එහෙම කරන්ට වෙලා තියනවාය.

අවසාන වසයෙන් ගහුරව පුරස්සරව බොහොම කාර්නික ඉල්ලිමක් කරන්ට තියෙනවාය. ඒ අපේ මේ රට ජාතිය සහ මරා රැකගැනීමට නොබිය ඉදිරියට එන, පැය 72 ක් ඇතුලත පාරට බහින්ට උනත් එක පයිං ලැහැත්ති, ෂිංගලීෂ් සිකුරුටි ෆර්ම් එකේ ඩිරැක්ටර් බෝඩ් එකේ ගරුටර ෂුවාමීන්නාන්සේලාගෙන්ය.

බැංගමුව, මූරුතෙට්ටුව, හමන්තබද්ද සහ නානසාර වහන්දෑලා ගෙන් කොරනා කාරුනික ඉල්ලිමයි. 

ටමුන්නාන්ෂේලා ඕනම හිටපු රජෙකු හෝ නීල කාස හොරෙකුට සිකුර්ටි සර්විස් සැපයුවාට අපිට කමක් නැත. එතකොට දාර සයිස් සිංහාසනවල ඉඳගෙන උපාසක උපාසිකාවන්ට මෝඩ චූන් දුන්නාටද අපිට කමක් නැත. ඒ වගේම උසාවි මැද්දට පැන නඩු කාරයින්ට නඩු අහන හැටි කියා දීමට ගොස් හිරේ ලැග්ගාටද අපිට කමක් නැත. 

ඒත් පීස්, අනේ පීස් ඔය කහ කඩේ (හෝ රතු කඩේ හෝ මෙරූන් කඩේ) ගලවල දෙහිගහක වනල ගිහිල්ල ඒ නටන නාඩගමක් නටාගන්ඩය. මොකද ඔය කරන විගඩං වලිං කැත වෙන්නෙ බුද්ද සාසනේ නමය.

හාමුදුරු කෙනෙකුට දානෙ වේලක් නොදෙන තරමට අපට හාමුදුරු කියන සජ්ජාතියම එපා වෙලා හිටියත් තවමත් ගෞතම බුදුන් වහන්සේ අවුරුදු දෙදහස් පන්සීයකටත් ඉස්සරවෙලා කියා දුන් විදිහට තමන්ද බැඳීම් වලින් මිදෙමින්, විමුක්තිය සලසා ගනිමින්, අනුන්ගේ ද හිත සුව පිණිස කටයුතු කරන කටපුරා හාමුදුරුවරු යයි කිව හැකි භික්ෂූන් වහන්සේලා අතළොස්සක් හෝ තවම ඉතිරිව ඇති හෙයින් අඩුම තරමින් එතුමන්ලාගේ ගෞරවය ආරක්ෂා කරන්නට හෝ සිවුර ගලවා පැත්තක තබා ඔය විගඩම් කරනු මැනව... අනේ පීස් අනේ පිස්...ටැංකිව් ඉන් ඇඩ්වාන්ස්.....


********************************


"කොහෙද මාමේ මේ හවස්කරේ යන්නෙ?" 

"අනේ ළමයො අපෙ අර නැන්දම්මගෙ පාංසුකූලෙ හෙටනෙ ..ඒකට ආරාදනා කරන්ට යනව"

"ඉතිං මෙහෙ කොහෙද යන්නෙ? පන්සල අරෙහෙනෙ…"

"පන්සලට ගියා ….ඔහෙ නෑ එක හාන්දුරුවෙක්වත්.. …"

"ඇයි?.... කොහෙ ගිහිල්ලද?" 

"හෙට මේ අල්ලපු ටවුමෙ මරා මහත්තයගෙ රැස්වීමක්ලු. පංසලේ උන්නාන්සෙල ඔක්කොම කඩු පොලු කිරිච්චි අරගෙන ගිහිල්ල එතුමාට ආරක්සාව දෙන්ට.."

"නැහ්? ජලා හුටා…. දැං කොහොමද හෙට පාංසුකූලෙ දෙන්නෙ? " 

"ඒක තමයි මම මේ යන්නෙ එස්.ටී.එෆ් කෑම්ප් එකට. එතනිං හතර පස් දෙනෙක් වත් ගෙන්න ගන්ට පුලුවන්ද කියල බලන්ට පාංසුකූලෙ එයාල ලව්ව වත් දීගන්ට බලන්ට"

80 comments:

  1. Replies
    1. ස්තූතියි සරත්....:)

      Delete
  2. ඔබ පවසන අතීත ගනින්නාන්සේලා බොහොම දෙනෙකු පුරාණ ත්‍රිපිටක ග්‍රන්ථ රැකගන්නට කටයුතු කරමින් පොත්ගුල් රැකගත් බවට සාධක ලැබෙන අතර ගිහියන් ඉදිරියේ කුහකයන් නොවී ගොවිතැන් බත් කරමින් ජීවත්වෙමින් විවිධ සේවාවන්හි යෙදී ඇති බවටද සාධක ලැබෙනවා. වර්තමාන කුහක සිවුරුධාරීන් ඒ අතීත ගනින්නාන්සේලාටවත් සම කරන්නට වත් සුදුසු කම් ඇති පිරිසක් නෙවෙයි.
    "අනුන්ගේ ද හිත සුව පිණිස කටයුතු කරන කටපුරා හාමුදුරුවරු යයි කිව හැකි භික්ෂූන් වහන්සේලා අතළොස්සක් හෝ තවම ඉතිරිව ඇති හෙයින්" ඒ කියන උතුම් හිමිවරුන්ට එක්කෝ හඬක් නෑ. නැතිනම් ඒ අය නිහඬයි. අරුන් "පාංසකූලෙ" ඉස්සරහට දමාගෙන සාමාන්‍ය ජනතාව බිය වද්දනව. මේ නඩුව කාට කියන්නද ?

    ReplyDelete
    Replies
    1. හොඳ විසදුමක් තියනව. දේශපාලනය, යුද්ධ, සමාජ සේවය, රැකියා ආදී ගිහියන් කරන දේ ආගමත් පොඩ්ඩක් සම්බන්ධකරගෙන කරන්න කැමති මහණුන් ගණින්නාන්සේලා නමිනුත් බුදු දහමට පමණක් අනුකූලව කටයුතු කරන මහණුන් ස්වාමීන්වහන්සේලා ලෙසත් කොටස් දෙකක් හැදුවනම්.
      ඒත් ඔය ගණනින්වහන්සේලා ඒකට කැමතිවෙයිද දන්නෙ නෑ. ඒගොල්ල පෙන්නන්නෙ ඒගොල්ල තමයි බුද්ධාගමේ ලොකුම අය කියලනෙ

      Delete
    2. ගුණසිංහ මහත්මා,

      / ඔබ පවසන අතීත ගනින්නාන්සේලා බොහොම දෙනෙකු පුරාණ ත්‍රිපිටක ග්‍රන්ථ රැකගන්නට කටයුතු කරමින් පොත්ගුල් රැකගත් බවට සාධක ලැබෙන අතර ගිහියන් ඉදිරියේ කුහකයන් නොවී ගොවිතැන් බත් කරමින් ජීවත්වෙමින් විවිධ සේවාවන්හි යෙදී ඇති බවටද සාධක ලැබෙනවා. /

      ඔබ නිවැරදියි, ගණින්නාන්සේලා ගැන සඳහන් කිරීමේදී මම ඒ නුවර යුගයේ බුද්ධ ශාසනය තමන්ට හැකි අයුරින් රැකගත් පුද්ගලයින් කිසිසේත්ම අවතක්සේරුවට ලක් කිරීමට අදහස් කලේ නැත. එහෙත් ඒ ගැන යම් සඳහනක් කල යුතුව තිබුණා. එය මගේ අතපසුවීමක්. සටහනට පහත සඳහන් කොටස ඇතුලත් කලා. ඒ පිලිබඳව මගේ අවධානය යොමු කිරීමා පිළිබඳව ඔබට ස්තූතියි.

      " ඒ දුෂ්කර සමයෙහි බුදු දහම නොනැසී පවත්වාගැන්ම උදෙසා ගණින්නාන්සේලා විසින් ඉටුකල අනූපම මෙහෙය කිසිසේත් අවතක්සේරුවට ලක් කිරීමක් මෙයින් අදහස් නොකරන බව පැවසිය යුතුය. "

      Delete
    3. ප්‍රා,

      ඔහෙගෙ විසඳුම නම් අපූරුයි. අර ඉකෝන්ස් කියල තිබ්බෙ අමරිකාවෙ පශු වෛද්‍යවරු ගැන. සුරතල් සත්තුන්ට වෙදකම් කරන්ට වෙනමයි ගොවිපොලවල සත්තුන්ට වෙදකම් කරන්ට වෙනමයි ඉන්නව කියල.

      අන්න ඒ වගෙ ලෞකික දේ ( කේන්දර බැලිලි, නැකත් හැදිලි, වසී ගුරුකං කිරිලි, ඉනා බේත් දිවිලි, නඩු හබ ජයගැනිලි,හතුරන් නැතිබංගස්තාන කිරිලි,විබාග පාස් කිරිවිලි වගෙ එව්ව ) බුද්දාගමත් පොඩ්ඩක් ෂැන්ඩි කරල කරන්ට වෙනම නිකායක් පිහිටවනව. තව එතකොට රට ජාතියෙ සිකුරිටි සේවිස් එක, එතකොට ගහල පන්නල දාපු තක්කඩිංගෙ ආරක්සක අංසයෙ කටයුතු වගෙ එව්වට ඕනනම් වෙනම නිකායක් පිහිටුවැහැකි.

      එතකොට හිත දියුණු කරගන්ට, මනස ඒකාත්මික කරගන්ට, එතනිං ගිහාම බැඳීම් අඩුකරගන්ට..අර ගෞතම කියල කවුද කෙනෙක් කාලෙකට ඉස්සෙල්ල කිව්වෙ .. අන්න ඒ විදිහෙ දේවල් ඕන අයට එව්වට මඟ පෙන්නන්ට උපදෙස් දෙන්ට වෙනම හාමුදුරුවරු කොට්ටාසයක් ඉන්නව.

      දට් දැට් බනානාස් ෆො දැට් දැට් බන්ස් නෝ?

      පලි - අඩුම ගානෙ ඔහොම කැටගරයිස් කරල වෙනම වැඩ බාර දුන්නම මයෙ පෙසර් පෙතිවලට යන වියදම වත් අඩුවෙයිනෙ නැද්ද? ඔන්න ඊයෙ දොස්තර ගාවට ගියාම ( පිලිපීන් ගෑණු ළමයෙක් ඉන්නෙ..හෙහ්,හෙහ්,ඒ විස්තර පසුවට හොඳද? ) Concor-5 ගන්න එක Concor-10 ගන්න කිව්වනෙ පෙසර් වැඩියි කියල...අපොයි

      Delete
    4. //ආරක්සක අංසයෙ කටයුතු වගෙ එව්වට//

      ඒකට විතරක් වෙනත් විසඳුමකුත් තියනව. ආමි එකම ඕනෙනම් සිංහ රෙජිමේන්තුවෙන් දාන්න පුලුවන්. ඒකෙ හිටපු ලොක්කෙක් ඉන්නව කන්සල්ටන්ට් වෙන්නත්

      Delete
    5. Pra,

      / ඒකෙ හිටපු ලොක්කෙක් ඉන්නව කන්සල්ටන්ට් වෙන්නත් /

      උන්දැ හරියන එකක් නෑ ප්‍රා...අරෙහෙ මහින්ද රැස්වීමට එද්දි මේ ලොක්කා මෙහෙ හන්දුරුවොලත් එක්ක කොක්කක් දාගෙන මල පැනල යන්ට ගිහිල්ල තියෙයි ආපහු. උන්දැයි මායි කොරන සිකුරිටි කොන්සල්ටං...:)

      Delete
    6. එතකොට අර රජ්ජුරුවෝ නිදන් හෑරුවට කමක් නෑ කියපු කෙනා අයිතිවෙන්නේ මොන කැටගරියටද?

      Delete
    7. කටුසු,

      අම්මප ඒ චක්කරවර්තී උන්නාන්සෙට මක් වුනාද කියල දන්නෙ නෑ නෙව. නිදං හෑරිල්ලට උන්නැහැ පෝමිට් එකක් දුන්න විතරක් නෙවෙයි රජගෙදර පාටිවල මදුපානය සුට්ටක් වගෙ ගත්තට කමක් නෑ කියල ලිකර් ලයිසන් එකකුත් දුන්න.අන්න හාංදුරුවරු...කිසිම ලැජ්ජාවක් බයක් නැති ඔරිජිනල් බුද්ද පුත්තරයො...ජාති ජාතීත් වාසනාවන් එතුමා වන් පඬි රුවන්...

      Delete
  3. අර කොතලාවල කිව්ව වගේ, මේ කහකඩයො සේරගෙම සිවුරු ගලවල තාර ගාන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කොතලාවල මහත්තයට මම කැමති ඔය කියන්ට තියෙන දේ කෙලින්ම කියන ගතිය හින්ද..හැබැයි එහෙම අයට දේසපාලනේ වැඩි ආයුස නෑ. එතුමාට උනෙත් ඒකම තමයි....:)

      Delete
  4. බුකියෙ තිබුන අපූරු කවියක්..

    මහ නායක, අනු නායක
    නිවන් නොයති
    යන්න කියති...

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      හෙහ්..අපූරු කවියක් ඇත්තම තමයි…

      කවිච්චියේ වැඩ ඉඳගෙන,
      නිවේදනත් නිකුත් කරති,
      රටේ ලෝකෙ මිනිස්සුන්ට,
      අගනා විහිලුත් සපයති.

      Delete
  5. ගනින්නාන්සේලා මෙන්ම ආගම්ද අතහැරදමා ඇති අපට නම් මේවායේ ඒ හැටි අවුලක් ඇත්තේ නැත. නමුත් රටේ පාලනයට බලපෑම්කිරීමට කැසකන එවුන්ට නම් මඩු වලිගයෙන් තැලිය යුතුය. සාමාන්‍යයෙන් වියයුතු පරිදිම, වැඩිම ප්‍රතිශතයක් හිමි බුද්ධාගමේ ලොකු බොසාලාට වැඩි බලයක් හිමිවිය යුතු වුවත් කතෝලික පල්ලියේ අගරදගුරු මොවුන්ට වඩා බලවත්ය. හේතුව සරළය, නිතර බුරන බල්ලාගේ බිරුම ගැන වැඩි අවධානයක් යොමුවන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. රාජ්,

      මමත් මට හැකි පමණ බුද්ධ ධර්මය පිළිපදිනව මිසක බුද්ධාගම අදහන්නේ නෑ.ඒත් මොනව උනත් මේ පිස්සු හුටංලා කරන මඟුල් වලින් දෙකේ කොළේට වැටෙන්නෙ බුද්ධාගම කියල හිතනකොට ඉතිං ඔලුව නරක් වෙනවනෙ ...:)

      කතෝලික පූජක පක්ෂය ගැන ඔබ කියපු දේ හරියටම හරි. අන්න මෙතඩ් එක. අත්දුටුවයි. සත්තයි. ප්‍රත්‍යාක්ෂයි. ගලනාලය අතේඅරං අර්සස් පාත් වෙනකල් කෑගහන්නෙ නෑ. අවශ්‍යම දේකට ඇරෙන්න ප්‍රවෘත්ති සාකච්ඡා තියන්නෙ නෑ. පැරදිච්චි එවුං පස්සෙ යන්නෙ නෑ. ඒත් ගාණට තමන්ට අවශ්‍ය දේ කරගන්නව.

      Delete
    2. ////ගනින්නාන්සේලා මෙන්ම ආගම්ද අතහැරදමා ඇති අපට//////
      ඇත්තටම මාත් එහෙමයි ජීවත් වෙන්නේ. ඒත් මේවා දැක්කාම මොළේට ටොකු අනිනවා වගේ.

      Delete
  6. //බුදුදහම තවත් වසර සියයක් නොව බොහෝ නුදුරු අනාගතයේදී සම්පූර්ණයෙන්ම විනාශ කොට දැමීමේ භාරදූරකාර්යභාරය ඉටු කිරීමට ඉදිරිපත්ව සිටිනුයේ මහා සංඝ රත්නය යයි තමන්ම කියාගන්නා සිවුරුකාරයින් පිරිසක්වීම මහත්ම ඛේදවාචකයක්මිස අන් කවරක්ද?//
    ++++++++++++
    තිතටම ඇත්තයැ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඩොටේ ටෘත්...:)

      ස්තූතියි ගස්..

      Delete
  7. අන්න තව කෙනෙක් සේරුවිල ඉඩං බෙදාගන්නත් යනවලු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      ඒකනෙ බං වෙලා තියෙන්නෙ..මහානායක ගොයියන්ට තියෙන්නෙ ආණ්ඩුවට උපදෙස් දෙන එක පැත්තක තියල තමංගෙ ගෝල බාලයො පන්සල් වලට මරාගන්ට යන එක නවත්තල සුදුසු විසඳුමක් දෙන්ටනෙ. මේක එහෙමද?

      අටි උටුං ෂංග රට්නේ..අර පනත ගේන්ට ගිය වෙලාවෙ උඩ පැන්න එහෙම කොහොමද ගිහියො පැවිද්දන්ට නීති දාන්නෙ කියල. ඒත් තන්නාසෙ ඔලුවට ගැහුවම ඒ ලොකු ටෝක් ඔක්කොම අමතකයි. දැං ඔය සේරුවිල ප්‍රශ්නෙ විසඳන්ට යන්නෙ උසාවියෙන්. එතකොට එතන තීන්දුව දෙන නඩුකාරය ගිහියෙක් නෙවෙයි වෙන්ට ඇති.

      මෝඩ වහන්සෙල..මහානායකලත් එකයි, අනුනායකලත් එකයි,

      Delete
  8. බුද්ධ සාසනය විනාස කිරීමට බාරිහ බලපෑම් නොපැමිණෙන බවත් එහි විනාසය සංඝයා වහන්සේලාගෙන් ම සිදුවන බවත් බුදුහාමුදුරුවෝම කියා තිබෙනවා නොවෙද. මතක විදියට කාශ්‍යප හාමුදුරුවන්ට ...
    ඒක නොවෙද මේ වෙන්න‍ෙ

    ReplyDelete
    Replies
    1. මහේෂ්,

      අඩේ එහෙම කියල තියනවද බුදු හාමුදුරුවො? මම ඒක අහල නෑනෙ..මොනව උනත් කතාව නම් සීයට සීයක් ඇත්ත...දෙදාස් පන්සීයත් දැන් හරිනෙ..ඉතිං සාසනේ නැත්තටම නැතිවෙලාම යයි.

      Delete
    2. කොහි හෝ වෙනත් සටහනක් වේ නම් කියවනු කැමැත්තෙමි.

      http://buddharashmi.blogspot.com/2012/06/blog-post_15.html

      http://www.lakehouse.lk/budusarana/2012/02/14/tmp.asp?ID=vision09

      Delete
  9. මාත් මුලින්ම කියවපු ක්ලාර්ක් පොත ( සමහරවිට පලමු sci-fi පොත වෙන්නත් පුලුවන් ) ගැඹුරු මුහුද.

    පුලුල් ලෙස වීරයන් නම් මට නොමැත. සීමාසහිත දේ ගැන මා ඉතා ඉහලින් අගය කරන අය නම් ඇත. උදා - බ්ලොග්, කියවීම, ලිවීම, භාෂා හා අත්දැකීම් පිලිබඳව රවිනන්ද වීරසිංහ මහතා වීරයෙක්

    ReplyDelete
    Replies
    1. 'පඳුරු තැලීම, වටේ යාම' ඔහේට මේ දෙක බැරිවෙලා. හැක්..

      Delete
    2. Pra,

      ගැඹුරු මුහුද අපූරු පරිවර්තනයක්..සිරිල් සී. පෙරේරා මහත්මයා වගෙයි මට මතක...

      වීරයො ගැන අපි කලින් දවසක සෑහෙන්න කතාකලා මතකයිනෙ ප්‍රා?..... ජැක්සන් ඇන්තනි සම්බන්ධව...හෙහ්,හෙහ්,

      I don’t like being a hero because then you have to keep up to a certain standard….:)

      මගෙ නම රවිනන්දන...:)

      Delete
    3. //පුලුල් ලෙස වීරයන් නම් මට නොමැත. සීමාසහිත දේ ගැන මා ඉතා ඉහලින් අගය කරන අය නම් ඇත. උදා - බ්ලොග්, කියවීම, ලිවීම, භාෂා හා අත්දැකීම් පිලිබඳව රවිනන්ද වීරසිංහ මහතා වීරයෙක්// +++++++++++++++++++++

      ගැඹුරු මුහුද පරිවර්තනය සිරිල් සී. පෙරේරා මහත්මයාගෙ. පොත තවම මගේ පරණ පොත් පෙට්ටිවල තියෙන්න ඕනේ. අදත් තිබෙන කුතුහලයක් තමයි වෝල්ටර් ෆ්‍රැන්ක්ලින් හඹා ගිය මුහුදු ජීවියා මොකාද කියන එක.

      Delete
    4. සබරගමු පලාතේ ප්‍රධාන සංඝ නායක සහ කටාර් දේශයේ අධිකරණ සංඝ නායක ධූරන්දර භාශා පරමේශ්වර කැගල්ලේ රවිනන්දන මහානායක ස්වාමීන්වහන්සේ....

      Delete
    5. @Pra, yeah may be. I wanted Walter to find a kraken in the end :)

      Delete
    6. අරූ,

      මම මේ කතාව කලින් පාරකුත් කිව්ව. පොඩි කාලෙ ඔය බොහොම ප්‍රසිද්ද රජමහා විහාරයක මහණ වෙන්ට මට චාන්ස් එකක් තිබ්බ. එහෙම උනානං වැඩිකල් නොයා එතන ලොක්කා වෙන්නෙ මම. මොකද ඒකෙ ලොකු හාමුදුරුවො අපේ නෑයො වෙනව.

      මම මේ කල්පනා කරන්නෙ අඩේ එහෙම උනානං මම මොනව කරයිද කියල.සම් ටයිම්ස් ශාසන විරෝධී විනය විරෝධී ක්‍රියාවන් හේතුකොටගෙන සියම් නිකායෙන් උපැවිදි කරපු පලවෙනියා මම වෙන්නත් තිබ්බ...:)

      Delete
  10. ඔහොම සැට් එකක් ප්‍රේමදාසගෙ කාලෙත් උන්න මතකද? සැරෙයක් ධීවර සංස්ථාවට පිරිතක් කියන්ඩත් වැඩියනෙ.

    අන්තිම කතාව නං ළඟදිම හරියයි. අපිත් ඔය පිරිත් බෝධිපූජා වගේ දේවලට පිස්සූන් වහන්සේල ගාව ගන් නෑ. අපේ අහළ පහළ ඉන්නව මාමෙක්. එයා භික්සූන්ට වඩා සිල්වත්. එයාව ගෙන්නගන්නව. දැං දැං ඔය කහකඩකාරයින්ට වඩා බණ දහම් ගිහියො දන්නව.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හිටිය හිටිය ඔය ගං උදාවල් වලට එහෙම එක්ක යන්ට එහෙම සෙට් එකක් හිටිය. ආය ගං උදාවල වල දසසිල් මෑණියොයි උපාසිකාවොයි පෙරහැරවලුත් තිබ්බ. ඒ වැඩේ බාරව හිටියෙ මිස්ටර් විමලනාත් දිසානායක. ආචාර්ය ධම්මික ගංගානාත් දිසානායකගෙ තාත්තා.

      Delete
  11. Replies
    1. නොකී කතා,

      හොඳට නරකට දෙකට කටමය....:)

      Delete
  12. සියලුම පිස්සුවලට හොඳ මාකට් එකක් අපේ රටේ තියෙන නිසා ඔය අංශෙන්ම තමයි කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ . අඩු ගානේ මෙහෙන් යන්න කලින් මාර්ග ඵලයක්වත් ගන්න බලමු.

    ReplyDelete
    Replies
    1. තිලක්,

      කිව්වත් වගෙ "හිමාලය වනයේ ඉර්සිවරුන්ගේ රහස් ගුරුකම්" වෙනුවට "අරාබිකරයේ ඉපැරණි රහස් ගුරුකම් - හමුවන්න - තිලකසිත මහා මන්ත්‍රාචාර්ය තුමා" කියල බෝට් ලෑල්ලක් එහෙම එල්ලල පටං ගමුද වැඩේ ලංකාවට ගිහිල්ල?

      කඩ්ඩෙන් දැම්මැකි ඕන්නං Dr. Tilak Shit කියල..හෙහ්, සෙවන් ෆ්ලවර්ස් නේද?

      Delete
  13. පිනට වළදලා තෙල

    ReplyDelete
    Replies
    1. කසුන්,

      කන්ඩ පින, කාල තෙල...:)

      Delete
  14. බික්සුං ගැන නම් කතා කරලා වැඩක් නෑ.. අර ආතර් සී ක්ලාක් ගැන තව මොනවා හරි ලිව්වා නම් මනුස්සයෙක් දෙයක් ඉගෙන ගන්නවා..

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ආතර් අයියා ගැන මම කලින් පාරක් ලිව්ව. උඹ අර දිග කමෙන්ට් එකක් එහෙම දාල තිබ්බෙ. ආයෙම ලියන්නං...:)

      Delete
  15. ආතර් සී ක්ලාක් මහත්තය හිටිය නං බුද්දාගමට වෙන්න යන දේ දැකල තව පොතක් ගහවි.අපරාදෙ අපි ඒ මනුස්සයගෙ 90 වෙනි උපන්දිනේ උත්සවාකාරයෙන් රාජ්‍ය ගෞරව සහිතව මරාමුලාසනාරූඨව පවත්තල සතියක් ගියෙ නෑ එතුමා මෙළොව හැරගියා කියපංකො.එක එක පඩත්තලයො ඕකට අපට පටබැඳපු කතා ගැන නං ඉතිං කියල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ක්ලාක්ගෙ 90 වෙනි උපන්දිනේට ලොකු උත්සවයක් තිබ්බ කියල නම් මතකයි. ඒත් මලාට පස්සෙ ඔයවගෙ ආන්දෝලනයක් ඇතිවුන බවක් නම් මතක නෑ.

      Delete
  16. මේ ටික කෙලින් කියන්න ධෛර්‍ය තිබීම ගැන සතු‍ටුයි..! කියන්න නම් අපමණ කාරනා ඇත.

    ReplyDelete
  17. ඔය ජාතියේ ගණින්නාන්සේලා හෙවත් තගවහන්සේලා වෙනුවට, දැන් ඉන්නවා ඇත්තටම හොඳ ධර්ම ඥානයකින් කටයුතු කරන, මෙහෙනින්නාන්සේලා. අන්න ඒ අය වඩම්මලා පාන්ශුකූලයක් දීම ගැන, හිතා බලන්න දැන් කාලය ඇවිත්.

    රවිට මතකද, ගැඹුරු මුහුද පොතේදී ආතර් සී ක්ලාක් කියනවා, ඒ කාලේ වෙනකොට, ලංකාවේ ප්‍රධාන සංඝ නායක වරයෙක් ඉන්න බවත්, ඔහු විදේශිකයකු බවත්, ඔහු එක ඇඟිල්ලක් එසෙව්වොත් එක්සත් ජාතීන්ගේ සංගමය පවා ඒ ගැන සිතාබලන බවත්. මට හිතෙනවා අන්න ඒක කවදා හරි ඇත්ත වුනොත්, මේ කමකට නැති කහකඩයන් වහන්සේලා වඳවී යනු ඇති.

    ආරක්ෂක විද්‍යාව අනුව කරුණු සලකා බලා, මහින්ද රාජපක්ෂ මහතාට ඇති තර්ජනය ගැන, threat assessment එක කලේ, ඔය කොයි කහකඩ උන්නාන්සේද දන්නේ නෑ. නෑ මං කියන්නේ, එතකොට අපිට පුළුවන්, ඒ උන්නාන්සේව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලේ උප කුලපති කරන්න.

    ReplyDelete
    Replies
    1. Wicharaka,

      / රවිට මතකද, ගැඹුරු මුහුද පොතේදී ආතර් සී ක්ලාක් කියනවා, ඒ කාලේ වෙනකොට, ලංකාවේ ප්‍රධාන සංඝ නායක වරයෙක් ඉන්න බවත්, ඔහු විදේශිකයකු බවත්, ඔහු එක ඇඟිල්ලක් එසෙව්වොත් එක්සත් ජාතීන්ගේ සංගමය පවා ඒ ගැන සිතාබලන බවත්. /

      එහෙම බොහොම බලගතු මහානායක කෙනෙක් ඉන්නෙ "Fountains Of Paradise" පොතේ නේද? මට මතක ඒ වගෙ.

      Delete
  18. බුද්ධ දර්ශනය ආගමක් බවට පත් වීම තමා ලංකාවෙ තියෙන ලොකුම ගැටලුව.. ලංකාවෙ සීයට අනූවක් බෞද්ධයන්ට ඒ දර්ශනය තේරුම් ගන්න වුවමනාවක් නෑ.දර්ශනය පවතින්න ආමිස පූජා තිබිය යුතුයි කියන කාරණාව ඇත්ත.ඒත් චීවරධාරීන් වෙනුවට යහපත් - සිල්වත් භික්ෂූන් වහන්සේලා රාශියක් මේ මොහොත වන විට අපේ රටට අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. වැසිදැරිය,

      ඒකනෙ..වෙන්න ඕන ඒ ටික තමයි.ඒත් නොවෙන්නෙත් ඒ ටිකමයි......:(

      Delete
  19. මම නම් රහත් වෙලා ඉන්නෙ. කෙලින්ම ඉතින් නිවනේ තමයි යන්නෙ. හැබයි එකෙක්වත් ප්‍රශ්ණ කරන්න එනවා එහෙම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මාතලන්,

      ඇත්ත තමයි..මම මාර්ග ඵල ලැබුවා කියල කිව්වම කාටද පුලුවන් ඒක එහෙම නෙවෙයි කියන්න...:)

      Delete
  20. සහතික ඇත්ත.....
    මේ යන ක්රමයෙන් සාසනේ විනාසය අත ලගය..

    පුංචිම පුංචි කෙටි කතාවක්..


    කුකුළන් හඩලන පාන්දර ජාමෙක ලන්තෑරුම් එලියෙන් එකම එක පැල්පත් නිවසක් එළිය වී තිබුනි.යාන්තම් එලිය වැටීගෙන එන අළුයම ලෝකයා අඩ නිරුවතින් හීන දකින පාන්දරක ඒ පැල්පතේ ලතෝනියක් ඇසේ..මමද සරම් පොට දඩි බිඩියෙ දවටගෙන එක පිම්මෙ සද්දෙ එන දිහාවට ගියා මොකෝ බලන්න .අසේලගේ අම්ම පපුව අල්ලන් හති අරිනව ගෙයි ගඑළි පත්තෙ.අසේලත් එතනම ඉදන් අම්මගෙ පපුවෙ සිද්ධාර්ත තෙල් ගානව අම්මගෙ පපුවෙ..ඉතින් එහෙන් මෙහෙන් යද්දි අම්මගෙ හුස්ම ටිකනම් ගියා..පාන්දර වෙද්දි ගමම එක මලගෙයක්.අඩුලුහුඩුකම් මැදින් ජීවිතේ ගෙනයපු අසේලයි සීත ඇන්ටියි තනි වුනේ සිරිසේන මාමා කැලේ බැදපු වෙඩිල්ලකට අහුවෙලා මැරුන දවසෙ .බොහෝම අමාරුවෙන් කාලෙ ගෙනියපු සීත ඇන්ටිගෙ උදව්වට අසේල ගෙදර නතර වුනේ ඉගෙනීමත් පැත්තක දාල.කොච්චර දුප්පත් වුනත් මොකද තියෙන අදුම හරි දීල සතුට වුන පවුලක් නිසා ගමේ හැමෝම වගේ අසේලගෙ පවුලට ආදරේ කලා.අසේලගෙ අම්ම හොදට උයනව ගමේ මලගෙට දානෙ ගෙට පිරිතට රැස් වෙන ඕන තැනක කෑම ටිකේ වැඩේ බලගන්නෙ සීත ඇන්ටි.සීත ඇන්ටි ගෙට වුනේ මහන්සිය හින්දමයි කයලයි මගෙ හිතනම්. කොහොම හරි සීත ඇන්ටි මලා .දැන් ඉතින් පාන්ෂුකූලෙ වැඩ ටික තමා ඉතුරු.අසේලගෙ යාළු හාමුදුරු නමක් හිටිය කොළඹ පැත්තෙ.අසේල හාමුදුරුවන්ටත් මල ගේ දැනුම් දුන්න.

    හලෝ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.

    ආහ් ..ඔව් අසේළ කියන්න

    අපේ හාමුදුරුවනේ මගෙ අම්ම මැරුන..

    අප්පච්යේ අසේළ..දැන් කවදද පාන්ශුකූප වැඩ..

    හාමුදුරුවනේ අපි අනිද්දට තමයි දාගෙන තියෙන්නෙ.....

    ආහ් එහෙමද හා මම එන්නම්කෝ...

          ආහ් අසේළ මේහ්..ඔහෙ වයි-ෆයි එහෙම නෑ නේද?

    එතකොට මම කොහෙද නතර වෙන්නෙ මට පන්සල් ගානෙනම් යන්න බෑ..හෝටලයක් වගේ තියෙනවනම් මට හොදටම ඇති..

    ............/////.........

    සිරිවිමල හිමි

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවනේ,

      බොහොම සාදරයෙන් පිලිගනිමි ඔබතුමාව....:)

      Delete
  21. http://simamaimikmawa.blogspot.com/2016/04/blog-post_25.html?m=1

    ReplyDelete
    Replies
    1. මේ හාන්දුරුවෝ වගේ සෙට් එකක් මහන වෙලා හිටියානම් මාත් කැමැත්තෙන් පන්සල් යනෝ.. :)

      Delete
    2. කළ්‍යාණ,

      ඔය වගෙ පොළවෙ පයගහල ජීවත් වෙච්චි තරුණ හාමුදුරුවරු කීප දෙනෙක්ම මම දැනගෙන හිටිය. ඒත් ඒ ඔක්කොමල වගෙ කළකිරීම හින්දම දෙහිගහේ වනල යන්ටම ගියා...:)

      Delete
  22. http://yanhella.blogspot.com/2016/05/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. සුරංග,

      ඔය මොකද බොල උඹෙ පරණ පෝස්ට් එකක ලින්ක් එක දාල?

      Delete
  23. //"අනේ හාන්දුන්නේ රට පාලනය කරන එක මම බලාගන්නං හාංදුරුවො සාසනේ බලාගන්ට"
    බෝට මතකද හැත්තෑහත දින්නාම ඩෙඟ ඩෙඟ පෙරමුණට JR ඔහොම කීවා.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස්,

      මතක නෑ බං...ජේ.ආර්. නං කියන්ට ඇති තමයි. ඇයි ඔය මුරුත්තෙට්ටුවේ එක්ක හෙද හෙදියන්ගෙ ප්‍රශ්න සාකච්ඡා කරන්ටත් බෑ කියල ජේ.ආර්. සාකච්ඡාවෙන් නැඟිටල ගියාලුනෙ එක පාරක්...:)

      Delete
  24. ශ්‍රංගගේ හාමුදුරුගොල්ල ලිපිය සහ මාතලන් කාලෙකට කලින් මේ ගැන ලියපු ලිපි මතක් වුණා. මෙතන ඇති ඛේදනියම කාරණය තමයි බුද්ධිමත් පිරිස් ක්‍රමයෙන් බුද්ධ ධර්මයෙන් ඈත්වීම. අපේ සමාජය අද තියෙන්නේ බොහොම කණගාටුදායක තත්වයක!

    ReplyDelete
  25. අර දාල තියෙන ෆොටෝ එක දිහා බලන්න අමාරුයි.. ඒ යකා හක්ක පන්නගෙන කා ගහන විදියට මගේ හක්ක රිදෙනවා..
    මට පේන්න බෑ දැන් ඉන්න ගනගෙඩියෝ.. අර බ්ලොග් එකක් ලියන බුවා නම් ටිකක් ආතල් පොරක් වගේ.. හොඳයි කියන්න වෙන එකෙක් හම්බවෙලා නෑ..

    ReplyDelete
    Replies
    1. මට නම් බොහොම උතුම් ගති ඇති ස්වාමීන්වහන්සෙලා දෙතුන් නමක් හම්බවෙලා තියෙනවා මගෙ මුලු ජීවිත කාලයටම. ඒ උදවිය කතාකරේ මිනිස්සුන්ගේ ප්‍රශ්න. මුන් කතාකරන්නේ එක මිනිහෙක්ගේ ප්‍රශ්න.

      Delete
    2. සිරාවට.... හක්ක ෂුවර් එකට පනින්න ඇති. ඔය චායා රූපේ විස්ලේසනය කරලා බලන්න ඕන ඔතන පිටිපස්සෙන් මර්වින් සිල්ව මුන්නාන්සෙගෙ අහවල් එක වත් මිරිකනවද කියල.

      Delete
    3. "අයිෂේ..ඔච්චර කට අරින්න ඕන නෑ..මම දත ගලවන්නෙ එළියෙ ඉඳල" දත් දොස්තර එහෙම කිව්වලු

      Delete
    4. මේක කියන්න අවස්ථාවක් එනකල් මං බලන් ඉන්නවා. කොහෙද මං ළඟට එන අය කට අරින්නෙ නෑ නොවැ!

      Delete
    5. සිතූ,

      ඔය තමන්ට කැමති මාතෘකාවක් ගැන, අසන්නාගෙන් කිසිම විරෝධයක් නැතුව කැමති විදිහට අදහස් ප්‍රකාශ කරන්ට හොඳම රස්සාව ඔයාලගෙ රස්සාව. ඇයි කට අප්පල්ලෙ වගෙ බලියාගෙන ඉන්නකොට විරුද්ධව වචනයක්වත් කියන්ට පුලුවනැයි? හෙහ්,හෙහ්,

      ඔන්න අපි හිතමු ලෙඩා ෆුල් බයියෙක් කියල..ඔන්න සිතූ දත් ගලවන ගමං මෙහෙම කියනව. " අප්පෝ ඔය මරාව නම් මට පෙන්නන්ට බෑ. පට්ට හොරානෙ…"

      ඔන්න ලෙඩා අතකුත් උස්සල මොනවද කියන්ට හදනව…" බොබ්..බබ්...බහුප්..බප්..බප්.. "

      " ඔව් ඔව්..මට තේරෙනව..ඔයත් කියන්නෙ ඒකට එකඟයි කියලනෙ. දැං පේන්නෙ නැද්ද? අයියල මල්ලිල අම්මල පුතාල ඔක්කොම කරල තියෙන්නෙ හතර වරං ගහපු එකනෙ නේද? "

      " බබ්..බබ්...බොබ්..බොහොප්.."

      " හරි හරි මට තේරෙනව.ඒකම තමයි මාත් කියන්නෙ..ඔවුං ඔක්කොම පවුල් පිටිං හිරේ දාන්ට ඕන.."

      " බහුප්..බබ්..බොබ්..බප්...බහූප්…"

      Delete
  26. බලපන් ඔය ජාතියේ ලබ්බානන්දලා වටකරගන්නෙම ඒ වගේම බිජ්ජානන්දලා තමයි. ප්‍රේමදාස, මහින්ද හොඳ උදාහරණ.

    ඉස්සර නායක හාමුදුරුවරු පවා උදෙන්ම කරේ බුදුන් නැමදීම. මේ සෙට් එක කරන්නේ කුණු කෙල පිටින්ම මරා නැමදීම.

    ReplyDelete
    Replies
    1. අරූ,

      අයියෝ.....**නෙනවා කියල තමයි කියන්ට තියෙන්නෙ...:)

      Delete
  27. මම දකින විදිහට රාජ්ජ පාලනේට හාන්දුරුවො මාට්ටු කොරන්නෙ මහාවංශය ලියපු උන්නාන්සෙ. උන්නාන්සෙ ඕක ලියනකොට අතිනුත් දාල රට ජාතිය බේරගන්න අපේ සනුහරෙන් මාර මෙව්ව එකක් උනා කියල ලියල තියෙන්නෙ. විශේෂයෙන් හිටපු රජවරුන්ගේ ඉතිහාස කතා වලදී රජ්ජුරුවෝ හාමුදුරුවන්ට දැන් පිළිගන්වන එකයි, ගරු කොරන එකයි හාමුදුරුවො රාජ්ජ පාලනේට රජ්ජුරුවන්ට ඔපීනියන් දෙන විදිහයි තමයි ඔය වන්ශේ බාගෙකට වැඩියෙන් තියෙන්නෙ. මොකා පොතක් ලිව්වත් තමුන් අදහන දේ ලියන එක සහ "මගේ වංශය ඉහලයි" කියල ඒකෙ යටින් දුවවන එක වලක්වන්න බෑ.. කොටින්ම දුටුගැමුණු රජතුමා යුද්ධේ දිනලා තියෙන්නෙ සේනා සංවිධානයේ දක්ෂකම වත් හොඳ සෙන්පතියන් දස දෙනෙක් හිටපු එකවත් නිසා නෙවෙයි. යුද්ධෙට යද්දී ඉස්සරහින් හාමුදුරුවො වැඩපු නිසා. ඕන්න ඔය නැට්ටෙන් හාමුදුරු භූමිකාව අල්ලගත්ත අපේ එවුනුයි හාන්දුරුවොයි රට හදන්නයි රාජ්ජ පාලනේට ඔපීනියන් දෙන්නයි ඉස්සරහට එනව. ආගමක් විදිහට පොඩි කාලෙ ඉඳන්ම ඔළුවට කාවද්දපු නිසාවට කහ රෙද්දක් ඇඟේ පටලෝගත්ත ඕනම හාල්පාරුවෙක්ට දණගහල වඳිනවා. අර පරණ කතන්දරයි, එව්වට උල්පන්දම් දෙන එවුනුයි, මොන ලබ්බ කලත් සාදු සාදු කියල වඳින ගොන් හැත්තයි නිසා මුන් ෆෝම් වෙනව. අන්තිමට සාසනේට කෙලවෙනව.

    ReplyDelete
    Replies
    1. සජ්ජා,

      ඔබ හා එකඟයි වන් හන්නන් පෙසන්ට්...මේ ගණයො පාලනයට ඇඟිලි ගහන එක නවත්තන කල මොකවත් කරන්න බෑ.

      Delete
  28. අපේ රටේ පාලකයො කොන්ද පන නැති පඟර නැට්ටො, කියල හැමෝම දන්නව.ඒත් එකෙක්වත් කට හොල්ලන්නෙ නැහැ.හාමුදුරුවො ගැනත් දන්නව.මෙහෙව් රටක් ඉස්සරහට යයිද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      ඒකම තමයි ප්‍රශ්ණෙ.....:)

      Delete
  29. මාත් උපන් දිනේට මස් මාංශ කනවා. රවිත් කනවා. හාමුදුරුවෝ කෑවම මොකද මං අහන්නේ. රහත් වෙලත් කොට. පව් සිද්ද වෙන කතා කියල අපායේ යනව සත්තයි. ලබන ආත්මේ අඟහරු ලෝකේ හරි කොහේ හරි තමා ඉපදෙන්නේ ඕන්.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      / ලබන ආත්මේ අඟහරු ලෝකේ හරි කොහේ හරි තමා ඉපදෙන්නේ ඕන්. /

      එතකොටත් කියුරියෝසිටි තිබ්බොත් නම් මරු

      Delete
  30. දැන් ඉන්න සමහර හාමුදුරුවරු නිසා බුද්ධ ශාසනේ නිකන්ම පිරිහිලා යනවා.. ඒකට වග කියන්න ඕනෙත් අපිම තමයි නේද? ඔය වගේ දෙවල් වලදි මිනිස්සු ප්‍රශ්න නොකරන නිසාත් ඔහොම වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කරන්නේ කොහොමද සිතු....සිවුරට අත තියන්න එපා කියාගෙනමනේ සාකච්ඡා කරන්න එන්නේ. අන්න දැනටම ආලවක බලකායට ඇප්ලිකේශන් පන්සිය ගානක් ඇවිල්ලලු.

      Delete
    2. සිතූ / අරුණ,

      කොන්දේසියක් කලින්ම දානවනෙ සිවුරට අත තියන්න එපා කියල..ඉතිං මොකද කොරන්නෙ?

      අත තියන්න එපානං දෙකේ දෙකේ පොල්ලක් අරගෙන දෑත බදල කොන්ද ට දෙන්ට තමයි ඉතිං තියෙන්නෙ...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...