Monday, July 18, 2016

428. පට්ඨ චෝර පුත්‍ර කථා වස්තුව නොහොත් රජාගේ පුත්තුංගේ ගැහිලි 1 - ඩේසි ආච්චිගේ මැණික් මල්ල නොහොත් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිවයුතු කතා පොලීසියට කීම

රජපුතුන් තම පියා කිරුළ දරන සමයෙහිදී....
එදවස ඔවුන්ගේ හිසට ඉහළින් කාකයකු හෝ පියාඹා ගියේ නැත
.

පට්ට හොරු යනු නීලකාස හොරුන්ට තවත් නමකි. පට්ට සහ නීලකාස හොරු දෙවර්ගයටම දැන් එක නමක් කිව හැක. ඒ නම් රාජපස්ස පුත්තු යන්නයි.

රාජපස්ස හොර නඩේ ගැන මින් මතු නොලියන්නෙමැයි අදිටන් කොටගෙන සිටියද මේ පසුගියදා නාමෝල් කුමරා අත් අඩංගුවට ගැනීමේ විස්තර සහ මේ ඊයේ පෙරේදා රාජපස්ස පවුලේ පුත්තුන්ගේ ගැහිලි ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කල ප්‍රකාශයත් කියවූ ඉක්බිති ඔවුන් පිළිබඳව නොලියාම නොහැකිවිය.

මේ යෝසිත සහ නාමෝල් යන රජකුමරුංගේ ගැහිලි පිටිපස්සෙ තියනව අපූරු කතාන්තර. දැං යෝගෙ ගැහිල්ල මෙහෙමයි.

ඒ ගැහිල්ල යට තියනව දිග ඉතිහාසයක්. ඒ වගේම ඒක ඇතුලෙ තියනව ලොකු අබ්යන්තරයක්. ඒ කතාව මෙහෙමයි.ඔය අගබිසවුං ඉන්නව නේද? ඒ කිව්වෙ සිරංති දේවි. එතුමිගෙ මුල්ගම් පලාත ඇවිල්ල හිට දෙහිවල. අර ඔරංඋටංල ඉන්න කූඩුව තියෙන්නෙ මතකද? අන්න ඒ අහල පහලම. ඔය අපේ මහරජ්ජුරුවංට ඔය අගබිසවු මුනගැහුනය කියන්නෙත් එතුමා ඒ දවස්වල සත්තෝද්දියානෙ බලන්ට ආපු වෙලාවක වෙච්චි අලකලංචියකදිය කියල කියනවනෙ. හරි ඒ කතාව පසුවට...

ඉතිං අපේ සිරංති අගබිසවුන්ට බොහෝම බලවත් ආසාවක් තිබ්බ තමංගෙ මුල් ගමේ කවුරුහරි දරුවෙක් පදිංචි කරවන්ට. ඒකට තෝරගෙන හිටියෙ දෙවෙනියව. ඔය යෝ පුතා කියන්නෙ අන්න එයාව. යෝ පුතා නේවි එකට ගිය විදිහ ගැනත් අර ජවිපෙ එකේ ජයතිස්ස මන්ත්‍රීතුමා අපූරු විස්තරයක් කලා පාර්ලිමේන්තුවෙදි. ඒ ගැන මම සවිස්තරව පස්සෙ කියන්නංකො. 

ඉතිං ඔන්න දැං රජ්ජුරුවංගෙ දෙවෙනි පාලන කාලයත් අවසං වෙන්ට ආවනෙ. ඒ පාර සිරංති අගබිසවුං වහංසේට හිතුන දෙයියෝ සාක්කි, කරුමෙකටවත් මේ පාර මිනිහගෙ රස්සාවට කෙලවෙලා ගියපිනං මොන දෙය්යංට කියන්ටද? ඒ හින්ද බලේ තියන වෙලාවෙ යෝ පුතා දෙහිවල පදිංචි කිරිල්ල ගැන මොක මොක හරි කරල ඉන්ට ඕනය කියල. ඔය වෙනකොට දෙහිවල ලොකු මැඩංලගෙ මහ ගෙදර පදිංචි වෙලා හිටියෙ එතුමිගෙ නැන්දා කෙනෙක්. නම ඩේසි ආච්චි.

මේ ඩේසි ආච්චි පදිංචි වෙලා හිටපු, සිරංති ලොකු මැඩන්ගෙ මහ ගෙදර තිබ්බ ඉඩම පර්චස් 29 ක් වගෙ බොහොම සුට්ටං එකක්. පරසතුරංගෙං රට බේරාගත් මහා වීරයගෙ දෙවෙනි පුත්තර රත්නයට කොහොමටවත් ගැලපෙන්නෙ නෑ එහෙම සුට්ටං ඉඩමක පදිංචි වෙන එක. ඉතිං සිරංති ලොකු මැඩන් කලේ දවසක් බෝම දුක්බරව ගිහිල්ල ඩේසි නැන්ද එක්ක මේ විස්තරේ කිව්ව. යෝ පුතාට ඉන්ට හිටින්ට තැනක් නැතය. ඒ වගෙ සුට්ටං ඉඩං කෑල්ලක ඒ වගෙ රාජ කුමාරයෙක් පදිංචි කොරන එක බොහොම ලොකු අවනම්බුවක්ය අරක මේක කියල තමංගෙ දුක ඇඬූ කඳුලෙං කිව්වය කියමුකො ඩේසි නැන්ද එක්ක.

ඩේසි ආච්චි ඇවිල්ල ඉතාම භක්තිමත් කතෝලික බැතිමතියක්. ඉතිං සිරංති දුවගෙ මේ අඳෝනාව අහල ඇගේ හිත උණු වුනා කිහිරි අඟුරේ පැළහූ වෙඬරු පදාසයක් සේ. ඈ එදා මහ රෑ දෙගොඩහරිය වෙනකල් බයිබලය කියවමින් දෙවියන්ට යාඥා කලා මේ සිරංති දුවට පැමිණිලා තියෙන අලකලංචියෙන් ඇයව බේරලා දෙන්නෙයි කියල.

ඇගේ මේ යාඤාව අසාලා පියා සක් දෙවිඳුගේ පණ්ඩුකම්බල ශෛලාසනය එසැණින් රක්තතප්ත වී ගියේ නිදිකිරා වැටෙමින් හුන් එතුමෝ ට්‍රැම්පොලීනයක් මතට පතිතව යලි පොලා පනිනා දරුවකු සේ අහසට වීසි කරවමිනි. (දැං අර ඕනම බැංකුවක ඒ.ටී.එම්. එහෙකිං වෙන ඕනම බැංකුවක සල්ලි ගන්ට පුලුවං වාගෙ සක්කරයගෙ පඬුපුල් අසුනත් ඕනම ආගමක බැතිමතෙකුගෙ යාඤා පට ගාල මීටර් වෙන විදිහට ප්‍රෝග්‍රම් කරලයි තියෙන්නෙ)

"හුටා මොකාද බොල ඒ පාර? සිරි ලංකාවෙ අර මගෝඩි රැල එලවල දාපු දවසෙ ඉඳල මගෙ මේ පස්චාත් බාගයට නිවනක් නැති හැටි අම්මාපල්ල. එක්කො කොහෙ හරි ගිහිල්ල පොල් ගහයි. එක්කො සත්‍යක්‍රියා කොරයි. එක්කො බෝදි පූජාවල් තියයි. ඒ මොනව කලත් මෙහෙ මගෙ පුකට තමයි කරන්ට් එක වදින්නෙ. ඇයි දෙයියනේ ඔය කියන තක්කඩිකං කරල නැත්තං ගිහිල්ල උසාවියෙදි ඔප්පු කරල පෙන්නන එකනෙ තියෙන්නෙ. මෙතන මගෙ පුක රත්කරන්නෙ නැතුව"

මෙසේ තොලමතුරමින් සක්කර දේවේන්දරයෝ සයිලාසනයෙන් නැඟී සිට පස්චාත් බාගය (පස්චාත් බාගය කියන්නෙ සක්කරයගෙ තියෙන්නෙ පුකෙං බාගයයි  කියන එක නෙවෙයි හොඳද? එහෙම තමයි සාස්ත්‍රීය බාසා වියාවහාරය, "අක්කර දහයක බූමි බාගයක නව නගර සාලාව ඉදි කෙරේ" අන්න එහෙම පත්තරේ පල උනහම මම පොඩි කාලෙ හිතං හිටියෙ ඒ කියන්නෙ අක්කර පහක ඉඩමකයි ටවුන් හෝල් එක හදන්නෙ කියලයි) පිරිමදිමින් මෙසේ හඬ ගෑහ. 

"සුදර්මෝ සුදර්මෝ..ඔන්න ඔය කුකුල්තෙල් කුප්පිය අරං එන්ට මෙයා මේ පස්සෙ ටිකක් ගාගන්ට" 

(සුදර්මා කියන්නෙ සක්කරයගෙ ඔන්න ඔය අනූ තුන් කෙලක්ද කොහෙද දිවියාංගනාවො ඉන්න අන්තස්පුරේ ප්‍රදාන දිවියාංගනාව)

"මේ මිනිහට මම දැං කොච්චර කල් ඉඳලද කියන්නෙ ඔය සයිලාසනේ අයිං කරල දාල අර මොකක් හරි ලී පුටුවක් වත් අරගන්ට කියල. කෝ කිව්වට අහනවය? මේ කෙහෙම්මලේම ඉඳගෙන ඉඳල පස්ස දෑවහම උඩ පනිනව. ඊට පස්සෙ මම එපාය ගිහිල්ල දිවිය සලුව උස්සල කුකුල් තෙල් ගාන්ට."

(දුහුණන් දැනුම් උදෙසා - ඔය පිච්චුනහම ගාන එක එක ආම් බාම් ජාති එන්ට ඉස්සරිං පිච්චුනහම ගෑවෙ කුකුල් තෙල්. හප්පා ගෑහම මාර සනීපයක්. කොච්චර සනීපයක්ද කියනවනං අපි පොඩි කාලෙ අත්තම්ම ලව්ව කුකුල් තෙල් ගාව ගන්ටම චේතනාන්විතවම ඇඟිල්ලක් එහෙම පොඩ්ඩක් පුච්ච ගන්නව)

පස්සෙ කුකුල්තෙල් එහෙම ගාගෙන බොහොම පරිස්සමට පඬුපුල් අස්නෙ ඉඳගෙන සක්කරය රබර් ඇහැ දාල බැලුව කවුද මගෙ පිහිට පතන්නෙ කියල. බලනකොට අනේ අප්පේ..අපේ ඩේසි ආච්චි...ඒ පාර දිවියඥාණෙං සක්රස් තුමා හොයල බැලුව මොකද ඩේසි ආච්චිගෙ අඳෝනාව කියල. බැලින්නං යෝ පුතුගෙ ඉඩමෙ ප්‍රශ්නෙ.රජ පැටියෙකුට ඉඩම හොඳටෝම මදි. පර්චස් 29 ක් කියන්නෙ යෝට අතපය දිග ඇරල නිදාගන්ටත් මදි නෙව.

ඒකට විසඳුමකුත් සක්රස්ට කල්පනා වුනා. අහල පහල ඉඩං ටික ගත්තනං වැඩේ ගොඩ. ඒත් කොස්සකට තියෙන්නෙ ඩේසි ආච්චිගෙ අතේ පිච්චියක් නෑ ඔය මක් කොරන්ටත්. ඉනික්බිති සක්රස් කලේ මනුස්ස වේසයක් මවාගෙන මනුලොවට ගියා. ගියේ නිකම්ම නෙවෙයි. දිවිය ලෝකෙ ඔය පාරවල් පාරවල් ගානෙ ඔහේ වැටිල තියෙන බොහොම වටිනා මැණික් පණහක් හැටක් අහුලල මල්ලකට පුරවගෙන ඒ මල්ලත් අරගෙනයි එතුමා මනු ලොවට ගොඩ බැස්සෙ.

කෙලිම්ම ඩේසි ආච්චිගෙ ගෙදර ගියපු සක්කරය මැණික් මල්ල ඩේසි ආච්චිගෙ අතටම දීල ආපහු දිවිය ලෝකෙට ආව. ඔන්න සතියකට හමාරකට පස්සෙ සක්රස් තෙමේ දිවැසිං ආයම බැලුව ඩේසි ආච්චි මැණික් මල්ල විකුණල ඒ සල්ලි වලින් අහල පහල ඉඩං අරගෙනද කියල. මොන? ඩේසි ආච්චි මැණික් මල්ලත් ගෙයි මුල්ලෙ ගහගෙන ඉන්නව පරණ හිටිය වගේම. 

සක්කරයට තේරුණා මේක හරියන කෙළියක් නෙවෙයි කියල. ඒ පාර කලේ මැව්ව සල්ලි ගෝනියක්. ඕකත් කරගහගෙන ගිහිල්ල ඩේසි ආච්චිගෙං මැණික් මල්ල ඉල්ලගෙන සල්ලි ගෝණිය උන්දැට දීල ආව.ඔන්න ඒ පාරනං ඩේසි ආච්චිගෙ මොලේ පෑදුනා. උන්දෑ ඒ සල්ලි ගෝනියෙ තිබ්බ සල්ලි වලිං ලස්ස 500ක් දීල අහල පහල ඉඩං ගත්ත ඔක්කොම පර්චස් 65 ක්. 

හරි දැන් මම අහනව ප්‍රශ්ණයක් ඔය ළමයින්ගෙන්. දැං ඩේසි ආච්චි සන්තකේට කොච්චර ඉඩං තියෙනවද? මම උදව්වක් කරන්නං. පරම්පරාවෙං ආපු ඉඩං පර්චස් 29යි. දෙයියො දුන්නු සල්ලි වලිං ගත්තු ඉඩං පර්චස් 65 යි. එතකොට ඔක්කොම ඉඩං පර්චස් 94 යි.

දෙයියො දුන්නු සල්ලි වලින් යෝ මුණුබුරාට පර්චස් 94 ක් අරං දීල විතරක්ම මදිනෙ. රාජ කුමාරයෙකුට ගැලපෙන ගේකුත් තියෙන්ට එපාය. ඉතිං අනේ අපරාදෙ කියන්න බෑ අපේ ඩේසි ආච්චි කලේ අනේ පව් මගෙ යෝ මුණුබුරාට ගෙයක් හදාගන්ට සල්ලිත් ඕනනෙ කියල අකම්පාලවෙලා අර සක්රස් දුන්නු සල්ලි ගෝණියෙං තව ලස්ස 1000ක් දුන්න යෝට සුට්ටං ගේ පොඩ්ඩක් හදාගන්ට.

අනේ ඉතිං යෝ මුණුබුරත් ඒ සල්ලි වලිං ගේ පුංචක් හදාගත්ත. නැත්තං නේවි එකේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් පඩියෙං යෝ පුතු කොහෙ හදන්ටද එහෙම  ගෙයක් දොරක්?

ඉතිං ඊට පස්සෙ මේ කතාවෙ සියලුම පාත්‍ර වර්ගයාම සතුටෙං දැහැමෙං සෙමෙං කල් ගතකලාය කියමුකො. සක්කරය ඉඳහිටල පස්සෙ කුකුල් තෙල් එහෙම ගාගෙන අනූතුන් කෙළක් දිවියාංගනාවියො එක්ක පෙම් කෙලිමින් හිටිය. ඩේසි ආච්චි බයිබලේ එහෙම කියව කියව හාන්සි පිටුවෙ දිගාවෙලා කල්ගත කලා. යෝ පුතු නේවි ට්‍රේනිං කෝස් එක පටංගෙන මාස තුනකිං බැච් ටොප් වෙලා එංගලන්තෙ ඩාට්මත් ඩිෆෙන්ස් කොලේජ් එකටත් ගිහිල්ල, ඒකෙ විබාග එකක් නෑර ෆේල් වෙලා, ආපහු ලංකාවට ඇවිල්ල නේවි රගර් ටීම් එකේ කැප්ටන් වෙලා, මැච් පැරදුනාම රෙෆ්රීලට අම්බානක නෙල නෙල ලංකාවෙ රග්බි කීඩෑව දියුණු කරන්ට අපමණ වෙහෙසක් ගත්ත.

ඔහොම හැමෝම බොහොම සතුටිං කල්ගත කරද්දි යෝ පුතාගෙ පියානෝ මොලේ කොලොප්පං කේන්දර කාරයෙක් කියපු කතාවක් අහල අවුරුද්දක් කලිං ජනාදිපතිවරනෙ ප්‍රකාසයට පත්කරල අම්බානක කෙලව ගත්ත. ලොක්කට රජකම දාලම යන්ට වුනා. ඒ හින්දම රජපුත්තුංගෙ රැස්පොට් බලාඉද්දි බැහැල ගියා හුලංගිය බැලුං වගේ. කොරේ පිටට මරේ කිව්ව වගෙ ඒ අස්සෙ අලුත් ආන්ඩුව පරීක්සනයක් පටං ගත්ත යෝ පුතාට ඔය ඉඩං ගන්ට, ගෙවල් හදන්ට සල්ලි හම්බවුනේ කොහෙන්ද කියල.

ඉතිං මේ ඉඩං ගෙවල් පලහිලව්ව ගැන පොලීසියට ගෙන්නල ප්‍රස්න කලාම යෝ කිව්වලු ඩේසි ආච්චියි මේ ඉඩං දුන්නෙ කියල. ඊට පස්සෙ පොලිස් කට්ටිය අනේ අපේ ඩේසි ආච්චි ගෙන්නල ප්‍රස්න කලාලු "අනේ සුදු ආච්චියේ, අපිට කියන්ටකො ආච්චිට මේ ඉඩං ගන්ට ගෙවල් හදන්ට සල්ලි කොහෙංද?" කියල. 

ඉතිං ආච්චි වෙන මක් කියන්ටද? බයිබලේ අත ගහල දිව්රල ඇත්තම කිව්ව. "අනේ මහත්තයෝ, මට කවුද නාඳුනන මනුස්සයෙක් ඉස්සෙල්ල මැණික් මල්ලක් ගෙනල්ල දුන්න. ඊට දවස් දෙකකට පස්සෙ තවත් කවුද ඇවිල්ල මැණික් මල්ල අරගෙන සල්ලි ගෝනියක් දීල ගියා. ඒ ගෝනියෙ තිබ්බ සල්ලිවලින් තමයි මම ඔය ඉඩං ගත්තෙයි ගෙවල් හැදුවෙයි" 

අනේ අප්පේ බලන්ටකො මේ පොලිස් කට්ටිය හරිම හොඳ නෑ. ඒ කවුදෝ නාඳුනන මනුස්සයෙක් මැණික් මල්ලකුයි ඊට පස්සෙ සල්ලි ගෝණියකුයි ගෙනත් දීපු කතාව පොලීසිය විස්වාස කරලම නෑනෙ.

පොලීසිය ඊට පස්සෙ කරල තියෙන්නෙ යෝ පුතු රිමාන්ඩ් කරපු එක. ඊට පස්සෙං පහු යෝ ඇප පිට නිදහස් කලා. ඉතිං ඔය ඩේසි ආච්චිට ඔය මැණික් මළු සහ සල්ලි ගෝණි කතාව පොලීසියට කියන්ටෙයි කියල කියල දීල තියෙන්නෙ යෝ කියලයි හැමෝම කියන්නෙ.එක අතකට පුදුම වෙන්ට දේකුත් නෑ එක පාරකට ඕ ලෙවල් පාස් වෙන්ට බැරිවෙච්චි මනුස්සයෙක්ගෙං ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ටත් බෑනෙ නැද්ද?

යෝගෙ අයියා නාමෝල්ගෙ ගැහිල්ල ගැන තියෙන්නෙ ඔයිටත් ආතල් කතාවක්. ඒක තව දවසක හොඳද?

48 comments:

  1. දැන් වරහන් ඇරපුව ඔක්කොම වහල ඉවරද?

    ReplyDelete
    Replies
    1. හැලප,

      තව තියනව බං තුන හතරක්....එව්වත් ඉවරයක් කරල දාන්නං නුදුරු අනාගතයෙදි...:)

      Delete
  2. 'මාස තුනකිං බැච් ටොප් වෙලා එංගලන්තෙ ඩාට්මත් ඩිෆෙන්ස් කොලේජ් එකටත් ගිහිල්ල, ඒකෙ විබාග එකක් නෑර ෆේල් වෙලා',........ hikis....

    යෝ පුතුගේ අය්යා අනාගත ජනපති කියල කට්ටියක් උඩ පනිනවා මම දැක්ක. අනේ මන්ද මේවා ලියල ravi. Future king and kingsmen could be annoyed with you.

    ReplyDelete
    Replies
    1. Ano,

      නාමෝල් ජනාධිපති වෙන්ටත් පුලුවනි එව්ව කියන්ට බෑ. මේ රටේ ඔයිට වැඩිය අද්භූත සිදුවීම් වෙලා තියනව අනන්ත...:)

      Delete
  3. ඔය කොයි සයිලන්සරෙත් රත්වෙනවා. මෝට සයිකලේ සයිලන්සරේ තමයි ඔයිං බයානකම. මයෙ කකුලෙ මෙන්න මෙතන මේ පැල්ලමක් තියෙන්නේ එහෙම පිච්චුන එකක්.
    මෝට සයිකලේ සයිලන්සරෙත් එහෙම රත්වෙනවා නං පාණ්ඩු කම්බල සයිලන්සරේට කොහොම පිච්චෙනව ඇද්ද? පස්චාත් භාගයක් හරි ඉතුරුවෙලා තිවුනොත් මදෑ.

    ReplyDelete
    Replies
    1. Suranga,

      / මයෙ කකුලෙ මෙන්න මෙතන මේ පැල්ලමක් තියෙන්නේ එහෙම පිච්චුන එකක්. /

      වරෙංකො මල්ලි වෙලාවක ඔය කියන කැළල පෙන්නන්ටත් එක්ක චූටි මැණිකෙයි අර දඩෝරි බැළලියිත් එක්ක මේ පැත්තෙ.

      Delete
  4. ඒ කියන්නෙ තාත්තා යන්තම් 10 ක් ඉඳල පුතාට 29 මදිවෙල 94 ක් ආච්චි අරන්දුන්න නම් බැරිවෙලාවත් තාත්තා තව අවුරුදු 5 ක් 10 ක් හිටියනම් අර සූ එකේ සත්තුන්ටත් වෙන ඇඩ්රස් එකක් හොයාගන්න වෙන්න තිබුනා. එහෙම උනානම් ඉතිං සක්‍ර තෙමේට ඒ ගෙදර නිත්‍ය සේවකයා වෙන්න වෙනව, ආච්චිට ගෝනි ඇදලම.

    අනික අර ශක්‍රයට තවම බැරිඋනානෙව ඔය ගල උඩ පස්ස තියන් ඉන්නව මිස ඕක කුෂන්කරගන්නවත්. ඒකට අපේ ඇමැත්තො, අච්චර සැප වාහනවල කුෂන් ෂීට් උඩ පස්ස තියන් ගිහිල්ලත් උන්ගෙ ඇට ගෙවිලය කියන්නෙ. පව් ශක්‍රයා !

    ReplyDelete
    Replies
    1. DDT,

      / අනික අර ශක්‍රයට තවම බැරිඋනානෙව ඔය ගල උඩ පස්ස තියන් ඉන්නව මිස ඕක කුෂන්කරගන්නවත්./

      සක්කරයට ඔව්වට කොහෙද බං වෙලාවක්?..අර අනූ තුන් කෙලක්ද කොහෙද ඉන්න අන්තස්පුරේ දිව්යාංගනාවන් දිහා බලල යන්තං හිනාවෙන්ට උනත් කොච්චර වෙලාවක් යයිද කියල නිකමට හිතපං.

      Delete
  5. මතකද ඉස්සර ගැමුණු විජේසූරිය රේඩියෝ එකේ කරපු 'මේ ඇහුණද' වැඩසටහන. අම්මපා අන්න ඒකට ගන්න හොඳ පිටපතක් මේක. මම මේක කියෙව්වේ හිතෙන් ගැමුණු විජේසූරිය වෙමින්.

    හෙට අනිද්දට ලසන්ත වික්‍රමතුංග වලෙන් නැගිට්ටම මොකක් වෙයිද?

    ReplyDelete
    Replies
    1. විචාරක,

      /මතකද ඉස්සර ගැමුණු විජේසූරිය රේඩියෝ එකේ කරපු 'මේ ඇහුණද' වැඩසටහන./

      ෂුවර් එකටම මම ඔය මේ ඇහුණද? වැඩසටහන අහල ඇති. ඒත් විචා ඒ නම මතක නම් නෑ.

      / හෙට අනිද්දට ලසන්ත වික්‍රමතුංග වලෙන් නැගිට්ටම මොකක් වෙයිද?/

      හොඳ හොඳ සෙල්ලං එලිවෙන ජාමෙට....:)

      Delete
  6. ඒ ගොල්ලත් ඉතින් එක එක්කෙනා ගන්නවා ආයි එවනවා. මිනිස්සුන්ටත් දවස් දෙකක් තුනක් ආතල් දීලා ආයේ කරකවල අත අරිනවා. ඕකනේ ඉතින් වෙන්නේ හැමදාම.

    ReplyDelete
    Replies
    1. දිනේෂ්,

      ඒක තමයි වෙන්නෙ බං..ඒකයි මට කණගාටූ...ඒකයි මට කණගාටූ...

      Delete
  7. ඩේසි ආච්චි තමයි ආච්චි

    ReplyDelete
    Replies
    1. Trans,

      රටේ අන් සියලුම ආච්චිලාට මහඟු ආදර්ශයක්!

      Delete
  8. මමනම් අහල තියෙන්නෙ දෙයියන්ට පුකක් නෑ කියල

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඇන්ඩ් ඇණ,

      මමත් අහක තියෙන්නෙ යක්කුන්ගෙ තමයි එහෙම නැත්තෙ කියල. "පුක නැත්තං යකෙක්" කියල අපි ඒ කාලෙ කියනව කෙල්ලන්ට...:)

      Delete
  9. Niyamayi!Oka thamayi aththama kathawa!

    ReplyDelete
  10. මට තියෙන ප්‍රශ්නෙ රවි කතෝලික බැතිමතිය යාඤාව කලේ දෙවියන් වහන්සේට බව අමතක කලාද නැත්නම් බුද්ධාගමට අත දිග ඇරලා නෙළනවා වගේ නෙලන්න බැරි/බය නිසා කොහෙවත් හිටිය සක්කරයව අල්ල ගත්තද කියන එකයි.
    ආ.... තව එකක්. ඔය සුධර්මා නම් සක්කරයගේ කෙසේවෙතත් රවීගේ කුකුලගේ තෙල්ගාපු එක්කෙනෙක් වගේ. Anyways horas should be punished.

    ReplyDelete
    Replies
    1. සාරසයෝ තොට කොන්ද පන තියනවා නම් ප්‍රොෆයිල් එකෙන් වර.

      Delete
    2. දුක යනු මුවන් දුවනා විට මුවහමට තඩි බෑමයි............

      Delete
    3. Ano,

      /මට තියෙන ප්‍රශ්නෙ රවි කතෝලික බැතිමතිය යාඤාව කලේ දෙවියන් වහන්සේට බව අමතක කලාද ......../

      ඇයි අනේ මම මෙහෙම කිව්වනෙ විතින් බ්‍රැකට්ස් තුල ...දැක්කෙ නැතෙයි?

      (දැං අර ඕනම බැංකුවක ඒ.ටී.එම්. එහෙකිං වෙන ඕනම බැංකුවක සල්ලි ගන්ට පුලුවං වාගෙ සක්කරයගෙ පඬුපුල් අසුනත් ඕනම ආගමක බැතිමතෙකුගෙ යාඤා පට ගාල මීටර් වෙන විදිහට ප්‍රෝග්‍රම් කරලයි තියෙන්නෙ)

      / බුද්ධාගමට අත දිග ඇරලා නෙළනවා වගේ නෙලන්න බැරි/බය නිසා කොහෙවත් හිටිය සක්කරයව අල්ල ගත්තද කියන එකයි. /

      එහෙම එකක් නම් නෙවෙයි. දෙවියන් වහන්සේ ඔය වගෙ මිනිස්සුන්ගෙ යාඥාවලට එවේලේම ප්‍රතිචාර දක්වනව කියල කතෝලික ආගමේ කියවෙන්නෙ නෑ නේද? හැබැයි අපේ බෞද්ධ සාහිත්‍යයෙ ඉන්න සක්කර තෙමේ එවර් රෙඩි එහෙම පිහිටට එන්ට. ඒ හින්දයි සක්කරය එන්ටර් වුනේ මේ කතාවට. වෙනත් කිසිදු යටි අරමුණක් එතන නැත...:)

      Delete
    4. St. Shakra - the guardian saint of hot asses

      Delete
  11. ලියවිල්ල නම් හරිම රහයි රවී...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු...:)

      Delete
  12. දැං ඉතිං මේ මනුස්සය අතරමග නවත්තපු කතා ටික ලියන්නැතුව කරන මේ විකාර වලට අපි පොල් ගහන හැටියට සකාගෙ පුකේ ආයෙ තෙල් ගාගන්න වෙනව හිටං.

    ReplyDelete
    Replies
    1. රවියෝ වරහනක් අරිනකොට එතන පොඩි කෝඩ් එකක් කොටපන්කෝ, වහනකොට කොටතෑකි මේ වැහුවේ අහවල් එකය කියලා. නැත්නම් දිවියලෝකේ කුකුල්ලු හිඟයක් ඇතිවේවි.

      Delete
    2. නැතිනං එක්සෙල් වල වගේ පාට වරහං පාවිච්චි කරහං. එකක් හරි වැහුවෙ නැතිනං ෆෝඉමියුලා අංජබජල් වෙලා මෙලෝ වැඩක් කරගන්න බෙරුව යනවා වාහන වහනකල්ම.

      Delete
    3. වාහන නෙවෙයි බං වරහන. බදු වැඩි වුනාට පස්සෙ මොන වාහනද.

      Delete
  13. යෝසිත බබා එන්න ඇතුලට....
    ආහ් හරි දැන් උයාට ඉංටබල්.. දැන් නාමල් බේබි එන්න... හරි හරි උයත් යන්න දැන් ඊලඟ එක්කෙනා එන්නකෝ....
    මරාට වැඩිය හොඳට මුංව නලවනව රනිල් මාමියි සිරා මාමියි. අජූවයි!
    කුකුල් තෙල් ගාන්නෙත් කුකුල් තටුවකිං නේද?

    ReplyDelete
  14. හිනාවෙන්නද අඬන්නද කියා නොදනිමි. එනිසා නෝ කොමෙන්ට්ස්!

    ReplyDelete
  15. මේ විදියෙම සුරංගනා කතාවක් මම නෙළුම් අජියගේ එකේ කලින් ලිව්වා...



    Maathalan - Priyantha Hewage17 July 2016 at 03:19

    ජිජැක් මොකෙක්ද බං... අපේ රාජපක්ෂ පවුලේ අය ඔයිට වඩා ලස්සන සුරංගනා කතා කියනවා... අනික ඒවා ඔය ජිජැක්ගේ ඒවා වගේ පච නෙමෙයි...

    ඕන් එකමත් එක රටක ඩේසී කියලා ආච්චි කෙනෙක් ඉන්නවලු.. මෙහේ නෙමෙයි හොඳේ.. එකමත් එක රටේ.. දවසක් මේ ආච්චි දෙවියන් අදහ අදහා ඉන්නකොට එක පාරටම දොරට තට්ටු කරනවා ඇහෙනවල්ලු.. ඇදහිල්ල පැත්තකින් තියපු අච්චි දොර ඇරල බැලින්නම්. කව්දෝ කෑරියෙක් කුණු මල්ලක් ගේ දොරකඩින් තියලා මාරු වෙලාලූ... අනුන්ගේ කුණු අවුස්සන එක බ්ලොග් කාරයෝ කියන විශේෂවූ සත්ත කොඨ්ඨාෂය ළඟ පව තියෙන උදාර ගතියක් නිසා.. ඩේසි ආච්චි කෝකටත් කියලා මල්ල ඇවුස්සවා ලූ. උඹ කිව්ව්ට විස්සාස කොරන්නේ නෑ මයෙ පුතේ මල්ලෙන් එකක් තනිකර මැණික් ලූ. ඉතින් එයා මේක මිහිඳු කියලා එයාගේ බෑණා කෙනෙක් වන පින්වන්ත පුතෙකුට කිව්වලූ. ඒ යකා රත්නපුරේ ඉන්න පියදාස මුදලාලිට කෝල් කරලා අමු තිත්ත කුණුහබ්බෙන් බැන්නලු. ගොනෝ ඒ වගේ දෙයක් තියලා යනවා නම් අරලිය ගස් තියෙන වත්තේ දොර ගාව තියලා යන්න බැරි ඇයි කියලා. පියදාසයා ගත් කටට කිව්වලු.. එහෙම තිබ්බොත් හැමිනිලා තියෙයිය. ඔතනට එන කම්බා හොරු ඕකට ගේම දෙයිය කියලා. අම්මපා ඒකත් අත්ත කියලා අරයා ඩේසි නැන්දට කිව්වලු ඔන්න අම්මේ සද්ද බද්ද නැතිව ඕක ගේ ඇතුලෙන් තියලා තියන්න පස්සේ මක්ක හරි කරමුය කියලා...

    ඉතින් කතාව ඔය විදියට ගොඩාක් දුර යනවා.. තවත් කතාවක් තියෙනවා.. පෝර උරේක ගෙනත් අලි පැටියෙක් පන්සලකට දාලා ගිය.. ඒක මීට වඩා ලස්සනයි පුතේ.. උඹට නින්ද එන්නේ නැති වෙලාවක් කියහන්.. මම ඇවිල්ලා කියලා යන්නන්..

    ReplyDelete
  16. උඹ ඔය කියන විදියට සැක්කරයට දරුවො ඉන්න බෑනෙ බං.

    ReplyDelete
  17. මං පොඩි කාලෙ රේඩියෝ එකේ සිංදුවක් යනවා අහන් හිටියලු..

    "ලොරි බාගෙ මග හිටියා එනකොට රෑ ජාමේ.."

    ඊට පස්සෙ අහපු ප්‍රශ්නෙ.

    "එතකොට තාත්තෙ ලොරියෙ ඉතුරු බාගෙට මොකද වුණේ?'

    ReplyDelete
  18. සක්කරයා වගේම දෙවියන් වහන්සේ දේව දූතයෙක් එවන්නත් පුළුවන්.. :D

    ඉස්සර කාලෙ එතකොට අරන් තියෙන්නෙ මැරිච්ච කුකුළන්ගෙ තෙල්ද?

    ReplyDelete
  19. පොලෝසිය ඉතරක් නම් මදෑ බන් අප්පච්චී කිය කියා හොටු පෙර පෙරා අඬන ලක්ශ කීයකද මන්දා බුද්ධිමත් පිරිසකුත් ඔය කතා විස්වාස කරනවනේහ් . . අමතක කොරන්ට එපා අපි 96%ක්ද කොහෙද සාක්ෂරතාවයක් ඇති රටක් හරිය

    ReplyDelete
  20. Cheeenunta erehiwa jathiwadaya pathiraweemen valakemu. jathyantharawadaya dinawamu.

    ReplyDelete
  21. Mama hamadama yagna karanawa as nethi meeya lokuweena kiyala.

    ReplyDelete
  22. මේක හරිම ආච්චිට ගෝනි ඇදිල්ලක්නෙ... අනේ පව් සක්කරස්... මං නම් හිතන්නෙ එයා ඔය ආසනේ කුසෙන් කර ගන්නෙ නැත්තෙ පශ්චාත්බාගෙ පිච්චෙන පිච්චෙන පාරට සුදර්මට කියල තෙල් ගාවගන්න පුළුවන් හින්දද කොහෙද... රවිම කියනවනෙ කුකුල්තෙල් ගෑවම ආතල් කියල... :D

    ReplyDelete
  23. ඉස්සරහට දහම් බේබිල ගැනත් සක්කරයාගේ පුටුව උණු වෙච්ච කතා අහන්න නොලැබුනොත් ඇති.. හෙහ් හෙහ්

    ReplyDelete
  24. ane nikan hitahan begal arinne nathiwa mun tika horakam kara nam Ranil Wikumsinhe munta yahathin inna denne na.

    ReplyDelete
  25. මේක නම් පට්ට...... ඊට වඩා කියන්න දෙයක් නෑ......... හේහ්.

    ReplyDelete
  26. නාමෝල්, යෝසිත, සිරංති අගබිසව. මරු නම් ටික හැබැයි

    ReplyDelete
  27. mahindayagen thora deshaplanayak lankawe nomatha

    ReplyDelete
    Replies
    1. රන්සකු,

      එක හෙලා එකඟ වෙමි. එබැවින් ලංකාවේ දේශපාලනය හැකි විගස එම අවස්ථාවාදී , බලලෝභී, නීලකාස චෞරයාගෙන් නිදහස් කොටගත යුතුය.

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...