Monday, August 15, 2016

432. එෂැණිං පුවක් 13 - අලි උපවාස, පාද යාත්‍රා, බන්ධනාගාර නම් කිරීම සහ මුරලිගේ පින.

අපේ බහුද්ද සඟිස්කුරුතිය ආරක්සා කරගනු උදෙසා
මහනුවර වීදි දිගේ දක්කාගෙන යාමට සිව්පයටම යදම් ලා
සූදානම් කෙරුනු ලෙයින් මසින් සැදුනු අප මෙන්ම
හැඟීම් වේදනාවන් දැනෙනා අහිංසක සත්වයෙක්...
Image  - Ian Lloyd

මහනුවරදී අලි සංගමයේ උපවාසයක් පැවැත්වෙන බවට ආරංචියක් එෂැණ පුවක් වෙත ලැබිණි. 

තමන්ගේ පිට උඩ කරඬු පටවා වෛවර්ණ නුපුරුදු ඇඳුම් අන්දවා, ඒ මදිවට බලුප් වැල් ද එල්ලා, ගිණි පන්දම් සහ විලක්කු වටකොටගෙන හුදෙක් මිනිසුන්ගේ බුද්දාලම්බන පිරීතිය කලම්බවා කුල්මත් කොට ගැනීම වෙනුවෙන් මහ රෑ තාර පාරවල් දිගේ කකුල් හතරට විලංගු දමා දක්කාගෙන යෑමට දැඩි විරෝදය පලකරනු වස් හීලෑ අලි ඇතුන් විසින් මෙම උපවාසය සංවිදානය කොට ඇති බව සිතා එය වාර්තා කිරීම උදෙසා ගිය අපේ එෂැණ පුවක් මහනුවර වාර්තාකරුට දැකගත හැකිවූයේ චීවරදාරීන් පිරිසක් පෙරටුකොටගත් ඇත්ගොව්වන් සහ හීලෑඅලි හිමිකරුවන් පිරිසක් උපවාසයේ යෙදී සිටින බවකි.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සියලු අලි ඇතුන් පෙරහැරේ දක්කාගෙන යෑම සඳහා නිදහස් කරන තෙක් තමන් මෙම උපවාසය කරන බව අලි ඇතුං සුරැකීමේ සංගොමේ කියා එකක් අටවාගෙන තමන්ම එහි සබාපති පදවියට නිතරඟයෙං පත්වී සිටිනා එක්තරා චීවර දාරියෙක් දැඩිලෙස වදාල සේක.

පෙරහර සමයෙහිදී කුඩා දරුවන් අලින්ගේ බඩ යටිං රිංගවීම මතු අනාගතයට සුබපල දෙන පවසා මූඪ දෙමව්පියන් රවටා විශාල මුදලක් උපයාගන්නා ඇත්ගොව්වන් තමන් මේච්චල් කල අලි ඇතුන් අහිමිවීම ගැන විරෝධයපා උපවාස කිරීම වටහා ගැනීම එතරම් අසීරු නොවේ. 

එලෙසම අලි ඇතුන් කොටන් ඇදීම්වන් නොයෙක් බර වැඩට යෙදවීම මඟින් උපයාගන්නා මුදල් අහිමිවීම නිසා විස්සෝපයට පත් අලි හිමියන් පෙරහැර ඉදිරියට දමා හෝ අලින්ගේ අයිතිය නැවත ලබාගැනීමට උත්සාහ කිරීමද වටහා ගත හැක. එහෙත් මේ චීවරදාරීන් අලි ඇතුන් පෙරහරේ දක්කාගෙන යෑමට මෙපමණ උත්සාහ කරන්නේ මන්ද යන්න ගැටලුවකි.

බුදු බණේ කොතැනක අලි ඇතුන් පෙරහරවලට දක්කාගෙන යා යුතුයැයි සඳහන් වන්නේදැයි ඒ චීවරදාරී උතුමා පැහැදිලි කලේද නැත.

සියලු සත්වයින්ට කරුණාව දක්වන ලෙස දේශනාකොට වදාල ශාස්තෲවරයකුගේ ධර්මය පිළිපදින්නන්/අනුගාමිකයින් ලෙස මෙසේ අලින් පෙරහැරට යොදාගැනීම ඒ අසරණ සතුන්ට කරන මහත් හිරිහැරයක් බව මේ චීවරදාරී උතුමංට නොතේරෙන්නේ මන්ද යන්නද පිළිතුරු නැති ප්‍රශ්නයකි.

අලිඇතුන් නොමැති පෙරහරක් පැවැත්වීමෙන් දළඳාවට අගෞරවයක් මෙන්ම බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් බිඳ දැමීමක්ද සිදුවන බව එම අලි රැකගැනීමේ සංගමේ සබාපති චීවරදාරී තෙමේ දේසනා කොට වදාලෝය. 

පසුගිය සමයේ මහානායක හිමිවරුන්ගේ දැඩි විරුද්දත්වය පවා නොසලකා පාරක් පාරක් ගානේ බියර්හල් විවෘත කොට නුවර වැව වටේ රජපුත්තුන් කාර් රේස් පදින කල මෙම බෞද්ධ සම්ප්‍රදාය බිඳ නොවැටුනු අන්දම සහ දළඳාවට කිසිදු අගෞරවයක් සිදු නොවුනු අන්දමද මේ චීවරදාරී තෙමේ මෙලෙසින්ම පැහැදිලි කරන්නේනම් ඒ පිලිබඳව ඇති බොහෝ විචිකිච්චාවන් හිරු දුටු පිණිබිඳු මෙන් දුරලීමට ඒ බොහෝසේ උපකාරීවනු නියත බව බොහෝ බෞද්ධයින්ගේ මතයයි.

බුදුන් වහන්සේට ගෞරව කල යුත්තේ වසරකට වරක් උන්වහන්සේගේ දතකට පුදපූජා පිණිස හෝ  බෞද්ධ සංස්කෘතිය රැකගැනීමේ මුවාවෙන් හෝ අසරණ අලින් යදම් විලංගු  ලා මහනුවර වීදි දිගේ දැක්කීමෙන් නොවන බව මොවුන් තේරුම් නොගන්නේ අලින්ගේම අවාසනාවට විය යුතුය. 

එසේම ඒ අසරණ සතුන් මේ දඬුවමින් නිදහස්කොට දළඳාව රථයක තබා මේ චීවරදාරීන්ටම මහනුවර වීදි දිගේ ඇදගෙන යාමේ විකල්පයක් ද ඇත. හින්දු ආගමික පෙරහරවල වේල් කරත්තය ඇදගෙන යන්නේ සතුන් නොව හින්දු බැතිමතුන් විසිනි.

තම ශාස්තෲවරයාට ගෞරව දැක්වීමට අලි ඇතුන් යොදාගන්නවාට වඩා ඒ කර්තව්‍යය තමන්ම ඉටුකිරීම කොහොමත් ඇඟට ගුණදායකය.අවම වශයෙන් දුටු මනතින් සුමෝ ක්‍රීඩකයින් සිහි ගන්වන අපේ ජාතියේ මුර දේවතාවුං වන චීවර දාරීන්ගේ නහුතයටම ඉහල නැඟ ඇති කොලෙස්ටරෝල් මට්ටම හෝ ඉන් පහල බසිනු ඇතිබව සහතික කොට පැවසිය හැකිය.

ටං.....ටිං....ටුං...............

පාදයාත්තරාව ඉතාම සාර්තක බව මේ අතර හිටපු මහරජතුමා සාඩම්බරව පවසයි. 

පාදයාත්‍රාවට සහබාගී නොවූයේ ශ්‍රී ලංකා ජනගහනයෙන් 96,323 දෙනෙකු පමණක් බව තම ගණනය කිරීම අනුව ඉස්තිර බව ජී. කුමාරසිංහ සංඛ්‍යා ලේඛන විශේෂඥවරිය මේ අතර අවධාරණය කරයි. මිලියන විස්සක් පාද යාත්‍රාවට සහබාගී වූ බවට ඉස්තිරවම පවසන්නේ කෙසේද යනුවෙන් විමසූ විට ඇය පැවසූයේ එය එතරම් අමාරු කාර්යයක් නොවන බවකි. 

පාද යාත්‍රාවට සහභාගී වන්නන්ගේ කකුල් ගණන් කිරීමට තමන් අති විසේස සංගණන කණ්ඩායමක් යෙදවූ බවත් පසුව ඔවුන්ගෙන් ලබාගත් ගණන් හිලව් සියල්ල එකතු කොට දෙකෙන් බෙදූ විට මිලියන විස්සක අගයක් ලැබුණු බවත් ඒ අනුව ලංකාවේ මුලු ජනගහණය වන 20,096,323 න් පාද යාත්තරාවට සහබාගී වී නොමැත්තේ 96,323 දෙනෙකු පමණක් බවද ඇය අවදාරනය කලාය. 

සංගණනයට යෙදවූ තම හිතවත් ඇල්පිටියේ චන්ද දායක දායිකාවන් පාද යාත්තරාව ගමන් කරන මඟ දෙපස උක්කුටිකයෙන් හිඳගෙන කකුල් ගණං කිරීමේ නිරතවූ බවත් ඒ අනුව එම ගණං හිලව්වල නිවැරදිබාවය ගැන තමන්ට සහතික වියහැකි බවද එතුමිය පැවසුවාය.

මුලු කකුල් සංඛ්‍යාව දෙකෙන් නොව හතරෙන් බෙදුවේ නම් වඩාත් නිවැරදි පිලිතුරක් ලැබෙනු ඇති බවට සාකච්ඡාවට සහබාගීවූ වූ පුවත්පත් කලාවේදියෙක් කල කට කැඩිච්ච කතාවට ඇය පිළිතුරු දුන්නේ සිංහලෙන් නොව සංස්කෘත බාසාවෙනි.

මේ අතර පාද යාත්තරාව පිළිබඳ විස්ලේසනයක් කරන විද්වතුං පෙන්වා දෙන්නේ වසර දෙක තුනකට පෙර ඔලුව පාවිච්චි කලේනම් මහරජතුමාට මේ අයුරින් අද කකුල් පාවිච්චි කිරීමට සිදුනොවන බවකි.එහෙත් නැති දෙයක් පාවිච්චි කරන්නේ කෙසේද? යන පැනයද ඒ සමඟම මතුවන බව තවත් විද්වත්හු පිරිසක් පෙන්වා දෙති.

ටං.....ටිං....ටුං...............

බැසිල් රාජපක්ස මහතා පසුගියදා යලි අත් අඩංගුවට ගැනිනි. රාජපක්ස පවුලේ සාමාජිකයින් බහුතරයක් මේ වනවිට එක්කෝ සිරගතව හෝ නැතහොත් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින්නන් බැවින් ඔවුන් රටට කල මහාර්ඝ සහ අනුපමේය සේවය පිළිබඳව මතු පරපුර දැනුවත් කීරිම උදෙසා වැලිකඩ බන්ධනාගාරය "මහින්ද රාජපක්ෂ බන්ධනාගාරය" ලෙස නම්කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇත. 

මැද මුලන පොල් වත්තෙන් කැඩෙන පොල්, සරමකිං හා බැනියමකිං සැරසී ඔලුවේ සුම්බරයක්ද බැඳගෙන එලෙසම සැරසුනු තම අයිය මලෝ තුං දෙනාද සමඟ හම්බන්තොට ඉරිදා පොලේ විකුණා ඉන් ලද ආදායම රටේ ජනතාව වෙනුවෙන් නොමසුරුව රජයට පරිත්‍යාග කොට ඉදිකල හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල සහ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ස අන්තර් ජාතික ගුවන් තොටුපොල, මහින්ද රාජපක්ස වරාය සහ මහින්ද රාජපක්ස රඟහල ලෙස නම් කල ඒ මහා දේශමාමක දානපතියාහට රටේ පොදු ජනතාවගේ කලගුණ සැලකීම පිණිස එසේ වැලිකඩ බන්ධනාගාරය මහින්ද රාජපක්ස බන්ධනාගාරය ලෙස නම් කල යුතු බව බොහෝ කලගුණ දන්නා ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ඉල්ලීමයි.

ටං.....ටිං....ටුං...............

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු සහ දෙවන ටෙස්ට් තරඟ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පූරුවේ පිනක් පලදීමක් අනුව සිදුවූවක් බව මේ අතර ක්‍රීඩා විස්ලේසකයෝ එක හෙලාම පවසති.

ඕස්ට්‍රේලියාව හා සමඟ තරඟ මාලාව ආරම්භ වීමටද පළමු ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබන බවට උපකල්පනය කල ලංකාවේ අංක එකේ රේස් ඔට්ටු ව්‍යාපාරයේ හිමිකරු කුම් නියෝජ්ජිය කතානායක කුම් ක්‍රිකට් සබාපති පැවසූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු උපදේසක ලෙස තරඟාවලිය ආරම්භයට දවස් දහයකට පෙරසිට හෝ කටයුතු කිරීමට මුත්තයියා මුරලිදරන් එකඟ වීම කිසිසේත් සමාව දිය නොහැකි දේසද්‍රෝහී ක්‍රියාවක් බවයි. 

එය විබීසන රාවනා රජු පාවාදීම සහ ඇහැලේපොල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන මහා පාවාදීම් වලට නොදෙවෙනි පාවාදීමක් බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

මේ චෝදනාවෙන් ගැලවීම පිණිස මුත්තයියා මුරලිදරන්ට පුවත්පත් සාකච්ඡා පැවැත්වීමට පවා සිදුවිය. කෙසේ හෝ ශ්‍රී තරඟාවලිය ලංකා කණ්ඩායම ජයග්‍රහණය කල බැවින් තත්වය සතුටු දායක ලෙස අවසන් විය. 

එසේ නොමැතිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කලේනම් සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සහබාගිත්වයෙන් මහා පාද යාත්තරාවක් ක්‍රිකට් මූලස්තානයේ සිය මහනුවර මුරලිදරන්ගේ නිවස වෙත යාමට සියල්ල සැළසුම්කොට තිබූ බව ද තතු දත් ආරංචි මාර්ග පවසති.

ටං.....ටිං....ටුං...............

44 comments:

  1. බුදු බණේ කොතැනක අලි ඇතුන් පෙරහරවලට දක්කාගෙන යා යුතුයැයි සඳහන් වන්නේදැයි ඒ චීවරදාරී උතුමා පැහැදිලි කලේද නැත./////////// ++++++++++++

    ReplyDelete
    Replies
    1. රුවන්,

      මේ ගණයින්ට කරන්න ඕන අර සර් ජෝන් කියාපු දේ....:)

      Delete
    2. තාර ගාලනම් වැඩක් නෑ පුතෝ. පැට්‍රෝල් ගහනවා හැර.

      Delete
  2. අයියෝ රවි මෙදාපාර කෑගල්ලෙ ආවනම් සෙට් වෙන්න බලන් හිටියෙ.
    කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කෑගල්ලේ ඇනෝ,

      බුලත්කොහුපිටියටත් එහා ඉන්නව අපෙ හාමිනේගෙ අක්ක. එහෙ ගියා. ඒ ගියේ කෑගල්ල හරහා...ෂෙහ්, කලින් කියන්ට එපාය...:(

      Delete
  3. කිරිඇල්ලගේ උපදේශක වරු ප්‍රවෘත්තිය මිස් වෙලානෙ. :)

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      ඒක මිස් වුනා..ඊලඟ එකට දාන්නං...;)

      Delete
  4. ///එය විබීසන, රාවනා රජු පාවාදීම සහ ඇහැලේපොල, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන මහා පාවාදීම් වලට නොදෙවෙනි පාවාදීමක් බවද එතුමා වැඩිදුරටත් පැවසීය.///

    එක පතේ අනුභව කරමින් ප්‍රශස්ති ගී ගයමින් වයමින් ලොවමින් රජු පිනවූ හුටං ගේ මහා ආප්ප පාවා දීම ඔහේට මිස් වෙලා ආයිබෝං...

    ReplyDelete
    Replies
    1. Lokka,

      End justifies means කියලත් කතාවක් තියනවනෙ ලොක්කා. ඒ හින්ද රටේ දීර්ඝ කාලීන යහපත වෙනුවෙන් එහෙම දෙයක් කලාට කමක් නෑ.අනික මරාත් ඔය වැඩේට කප් ගහපු මනුස්සයනෙ. රනිල්ට අරලිය ගහ මන්දිරේට එන්න කියල කලු කෝපි බොන්ට දීල ආය දේශපාලන පිල්මාරුවලට ඉඩ දෙන්නෙ නෑ කියල එකඟතාවයකට ඇවිල්ල සතියක් ගියේ නෑ යූ.ඇන්.පී. එකෙන් පහලවක්ද කොහෙද ආණ්ඩුවට ගත්ත දෙපිටකාට්ටු මනුස්සයනෙ ඔය.ඒ හින්ද මරාට ඔව්ව වැඩි නෑ.

      අනික එහෙම නැතුව කලිම්ම කිව්වනං මම ඉදිරිපත්වෙනව කියල මෛත්‍රීපාල සිරිසේනට මොකද වුනේ කියල අදත් කොමිසන් දාල හොයනව. දන්නවනෙ තාජුඩින්ට වැඩේ දුන්නෙ ඔය වගෙ නෙවෙයි මේ බොහොම සුලු කාරණයක් හින්දනෙ.

      Delete
  5. Replies
    1. වැව්,

      ස්තූතියි...:)

      Delete
  6. හරි නේ රවියෝ කින්ඩිය දැම්මට උඹත් ගියා නේ පාද යාත්‍රාවේ... මම දැක්කා නාමල් එක්ක සැල්පියකුත් ගහලා තියෙනවා.. මම දන්නේ නැතිව මාත් ගිහින් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. උඹේ බ්ලොග් රෝලේ ලංකාවේ හොඳම බ්ලොග් එක නෑ.. ඒ නිසා වෙන්ටෑ උඹට අපිව මිස් වෙන්නේ...

      Delete
    2. ලංකාවේ හොඳම බ්ලොග් එක ??? MPHOT ??

      Delete
    3. මාතලන්,

      පාද යාත්‍රාවෙ ගියාද බං? ...හෙහ්,හෙහ්,

      ලංකාවෙ හොඳම බ්ලොග් එක නැති එකනම් ලොකු අඩුපාඩුවක් ...නැද්ද?...:)

      Delete
  7. අනික්ව මොක උනත් කැලෑවල්වල ඉන්න ඕන සත්තු අල්ලගෙන ඇවිල්ල පෙරහැරවල්වල දක්කන එකටනං මාත් විරුද්ධයි. හීලැ සතෙක්නං කකුළ් හතරටම විලංගු දාන්නෙ අහවල් එකකටද?

    ReplyDelete
    Replies
    1. හිනා යන වැඩේ අලි වඳින එක බලාගෙන "අනේ සතෙකුට වුනත් ශ්‍රද්ධාව තියනව. පිං කරපු සතෙක්, පිං කර ගන්න සතෙක්" කියන එක
      මං දැකල තියන අලි පැටවුන්ට විහාරෙට දාගැබට වඳින්න පුරුදු කරන හැටි. හොඬට කකුලට පැලෙන ගානට ගහල. එහෙම පුරුදු කලොත් ඌ ඕනෙ එකකට වඳිනව

      Delete
    2. Prasanna,

      /හීලැ සතෙක්නං කකුළ් හතරටම විලංගු දාන්නෙ අහවල් එකකටද?/

      ඒ බං හිටපු ගමං අලි බුද්දාලම්බන පිරීතිය දරාගන්ට බැරුව ඔලුව හැරිච්චි අතේ දුවන්ට ගන්නව. අන්න ඒ හින්දයි දංවැල් දාල තියෙන්නෙ.

      ඔය දංවැල් උනත් තනි රත්තරනෙං හදල තියෙන්නෙ. ඇත් ගොව්වො පුරුක පුරුක ගලෝ ගනියි කියල යකඩ වගෙ පේන්ට උඩිං කලුපාට ගාල තියෙන්නෙ.

      අර දියවඩන ගොයිය බැන්දම හොනිමෝං ගිය මගුල් කාර් එකේ (ඒක මයිනර් එකක්) බෆර් දෙකේ රත්තරං ගාල තිබ්බයි කියල හාහෝවක් ගියා මතකද? ඒ ඔය අලි දංවැල් පුරුක් හතරක් මකවල තමයි ඒ රත්තරං අලේප කරල තියෙන්නෙ.

      Delete
    3. ප්‍රා,

      /හිනා යන වැඩේ අලි වඳින එක බලාගෙන "අනේ සතෙකුට වුනත් ශ්‍රද්ධාව තියනව. පිං කරපු සතෙක්, පිං කර ගන්න සතෙක්" කියන එක/

      අනේ මන්ද ප්‍රා අපේ රටේ මේ ගොං හරක් කවදානම් ඇත්ත තේරුම් ගනීද කියල. අලි පෙරහැරේ යන ගමන් නැවතිල ඉන්නකොට එහාට මෙහාට ඔලුව හොල්ලන එකට කියන්නෙ බෙර පදේට නටනව කියල. කෙහෙම්මල් නැටිල්ලක් නෙවෙයි ඒක අලිංගෙ හැටි. අර දෙහිවල ඉන්න අලිත් ඔය යස අගේට ඔලුව හොල්ල හොල්ල ඉන්නෙ මොකෝ එතනත් බෙර ගහනවය?

      Delete
    4. Leg lifiting and swaying are huge signs of stress and depression in captive elephants.


      https://www.youtube.com/watch?v=6ktjNEwXbR8

      Delete
  8. ඇයි දන්නැද්ද බුදු දහමෙත් විසිවෙන සංශෝධනය ආවනෙ ඒකට අනුව,
    පන්සල් වල දේවාල සෑදීම
    අලි ඇතුන් පෙරහැරේ ගෙනයෑම
    චීවරධාරීන්ට ජෝතිශ්‍ය කඩ මන්තර කඩ කරගෙන යෑම
    හොරුන් වෙනුවෙන් කඩේ යෑම
    මුල්ගල් වලට පහර දීම
    පාරේ සැතපීම
    ඔය වගේ තව ගොඩක් දේවල් කැපයැයි සම්මත වුනා.
    ඒ වගේම බුද්ධ ධර්මය දර්ශනයක් විදිහට හිතාගෙන තමන්ට පුලුවන් තරමින් අනුගමනය කරන, නව සංශෝධන වලට එකඟ නොවන සියලු දෙනා හබ්බයින් දේශ/ජාති/ආගම් ද්‍රෝහීන් විදිහට සලකන්නත් තීන්දු වුනා.සාදු..!

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      ඔහොම සම්මත කරගත්තෙ අබයාරාමෙ පවත්තපු සංගායනාවෙදි. මරා වෙනුවෙන් දිවි හිමියෙන් කඩේ වඩින්න සම්මත කරගත්තෙ කාල්ටන් බංගලාවෙ පවත්තපු සංගායනාවෙදි.

      Delete
  9. තමුන්නැහැට සෑහෙන වැරදීමක් වෙලා තියෙන්නේ. තමුන්නැහැ දොරමඩවෙලාව වගේ විඪ්හ්වථ් ඛථිඛා නොබලන එකේ විපාක තමයි ඔය.
    ඔය අලි ඇතුන් යොදාගෙන පෙරහැර කිරීම පටං ගත්තෙ අනාගතේ යෝනක ප්‍රජාව විසින් පෙරහැර කඩාකප්පල් කරයි කියන සැකේට. බැරිවෙලාවත් ඔය වෙනුවට රථ වාහන යොදාගත්තනං අරාබියෝ තෙල් එවන එක නවත්තලා පෙරහැර කඩාකප්පල් කරනවා. දැං එහෙමද. දේශීය කිතුල්, පොල් ආදියෙන් ජවය ලබන අලි ඇතුං නවත්වන්න පොල්කුරුමිනියන්ටවත් බෑ.

    අර කකුල් ගාන දෙකෙං බෙදීමෙන් තමයි සවුත්තු උනේ.

    ReplyDelete
    Replies
    1. ඇයි මචං විදුලියෙන් දුවන වාහනත් තියෙනවනෙ..!ලෝකෙ උසස් හොයාගැනීම් කල ඉන්ජොත් ඉන්නවනෙ මෙහේ උන්ට අතදෙන්න පුන්චි මුදලක් වියදම් කලානම් ඔය පන්සල් වලින් උන් හදයි සුපිරි වාහන.

      Delete
    2. පොල් කුරුමිණියෙකුට බැරි උනාට මීයෙකුට පුලුවං බං.

      Delete
    3. සුරංග,

      ම්ම්ම්..ඇත්ත ඇත්ත දොරමඬලාව බලන්නම වෙනව...:)

      Delete
  10. මේ උන්නැහැගෙ නිඹුල් සහෝදරයා පහලවෙලා. දැක්කද?
    18sanniya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඌට කියහං බ්ලොගර් ෆලෝවර් එක දාගන්න කියල.

      Delete
    2. සුරංග,

      දැක්ක දැක්ක ..මම කලින් කියවල කමෙන්ට් දාලත් තියේ...:)

      Delete
  11. ///අපේ බහුද්ද සඟිස්කුරුතිය ආරක්සා කරගනු උදෙසා
    මහනුවර වීදි දිගේ දක්කාගෙන යාමට සිව්පයටම යදම් ලා
    සූදානම් කෙරුනු ලෙයින් මසින් සැදුනු අප මෙන්ම
    හැඟීම් වේදනාවන් දැනෙනා අහිංසක සත්වයෙක්...///

    ඇත්ත. පව්.

    ReplyDelete
    Replies
    1. නි.ත.සි.ද,

      පව් කියන්නෙ හරිම පව්..තමන්ට වේදනාවක් දුකක් දැනුනම කෑගහල කියන්ට බැරි අහිංසක සත්තුන්ට මෙහෙම වද දෙන එක අපාගතවෙන වැඩක් කියල මේ මිනිස්සුන්ට නොතේරෙන එකයි දුක...

      Delete
  12. එතුමියගේ ගාත්‍රා අස්සේ වෙන වෙන යාත්‍රා ගිය කාලය මතක්වෙලා තමයි ඔය මතකේ ටැපලිලා වැරදි ගණන් හිලව් කියවුනේ.

    ReplyDelete
    Replies
    1. විචා,

      එහෙම කියන්න එපා බං..බලපංකො තවම ගිණිකිකිළි වගෙ ඉන්න රඟ,හැටත් පැනල මයෙ හිතේ.තවම අර පාලම යට, කරුමක්කාරයෝ කාලෙ වගේ...:

      Delete
  13. සාදු සාදූ.. ගීතා කුමාරසිංහ විසින් ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජ කිරීම පිලිබඳවත් මුරලිදරන් විසින් තිලංග සුමතිපාල කුම් බැසිල් රාජපක්ෂ කුම් අලි සංගා ගේ දෙපා වලට විලංගු ලා නුවර පෙරහැරට පාද යාත්‍රාවේ ගෙන යාම පිලිබඳ මාගේ බලවත් සංවේගය !!

    ReplyDelete
    Replies
    1. කමි,

      උඹ මෙතන ඔක්කොම රට පටලවගෙන තියන විදිහට " යුද්දෙ දිනන්ට නේවි එකෙන් කරපු කෙහෙල්මලක් නෑ. ඒ යක්කු කරපු විකාරත් හරි ගස්සන්ට උනේ ආමි එකට" කියල අපේ වෙල් විදානෙ උන්නැහැ ඒ කාලෙ කියපු කතාවෙ ඇත්තක් නැත්තෙමත් නෑ කියලයි මට හිතෙන්නෙ..:)

      Delete
  14. ඔට්ටේලියන් කාරයොන්ට වැරදිලා මුරලිට දීලා තියෙන්නේ බැටීන් කෝච් කම.

    ReplyDelete
    Replies
    1. ඉවාන්,

      අඩේ ඇත්තත් වෙන්ට ඇති. දෙවෙනි ටෙස්ට් එකෙන් පස්සෙ මුරලියා අයින් වුනානෙ. මෙන්න දැන් තර්ඩ් ටෙස්ට් එකේ ඔස්ටේලියන් කාරයො පැල් බැඳගෙන ගහනව....:)

      Delete
  15. මට තියෙන ප්‍රශ්නේ.. ඔය අලි මෙච්චර කාලයක් පෙරහැරේ ගියා.. කිසි සද්දයක් තිබුනේ නෑනේ.. මේ ලඟදි ඉඳල මොකද අලි ගැන හෙන කරුණාවක් පහලවෙලා තියෙන්නේ.. හෙහ් හෙහ්...





    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඒක මල්ලි මට හිතෙන්නෙ මෙහෙමයි. කාලෙන් කාලෙට එනවනෙ එක එක ට්‍රෙන්ඩ්ස්, කාලීන අවශ්‍යතා අනුව එහෙම වෙනව. දැන් ඔය Green Buildings Concept, එතකොට Carbon Footprint,එතකොට Save the Earth Campaign, Green House Effect ඒ වගෙ එව්ව. එතකොට සත්තු ගැනත් එහෙමයි. සතුන්ට හිරිහැර කරන එක නවත්තල පුලුවන් තරම් උංට උංගෙ පාඩුවෙ ඉන්න දෙන එක තමයි දැන් පුලුවන් තරම් ක්‍රියාත්මක කරන්න යන්නෙ. අද තියෙන ආකාරයෙ සත්වෝද්‍යාන උනත් මම හිතන්නෙ තව අවුරුදු විස්සක් තිහක් වගෙ යනකොට නැතිවෙලාම යයි.ඇත්තටම පරිසරය ගැන හෝ සත්තු ගැන හෝ ඒ සංකල්ප වලින් හොඳක් වෙනවනම් අවුලක් නෑනෙ.නේද?

      දැං උඹ කියනවිදිහට කාලාන්තරයක් තිස්සෙ අලි පෙරහැරේ ගියා. අතීතයෙ මීටත් වඩා උන්ට වද දෙන්ට ඇති සමහරවිට.එතකොට උඹ ව්‍යාංගයෙන් කියන විදිහට දැං මේ ගැන බොහොම හාහෝවක් ඇවිල්ල තියෙන්නෙ ඇන්ජීඕකාරයො හින්ද විතරක් වෙන්ටත් පුලුවන්. අර හස්ති සුරක්ෂා බික්සුව කිව්වෙත් එහෙමනෙ. " මෙව්ව මේ ඇන්ජීඕ කාරයින්ගෙ වැඩ" හරි ඒක එහෙමමෙයි කියමුකො.

      මම කියන්නෙ මෙතන බලන්න ඕන මෙහෙම කියන්නෙ ඇන්ජීඕ කාරයොද, ඕඇන්ජී කාරයොද කියල නෙවෙයි. මේ කියන කතාව ඇත්තද? අලි පෙරහැරේ ගෙනියන එක අලින්ට වද දීමක් නෙවෙයිද? කැලෑ අලි අල්ලල ගෙනල්ල බැඳගෙන ඉන්න එක හරිද? එතකොට දළඳා පෙරහැරේ අලි දැක්කුවෙ නැත්තං අපේ බෞද්ධ සංස්කෘතිය අභාවයට යනවද? අන්න ඒ කරුනු ගැනයි හිතල බලන්ට ඕන.

      අනෙක සම්ප්‍රදාය කියන එකත් වෙනස් කරන්ට වෙනවනෙ. දැං අතීතයෙ දළඳා පෙරහරේ නැටුවෙ සල්ලි වලට නෙවෙයි. මාළිගාවෙ නින්දගම් වල ඉන්න ඒ ඒ කුලවල මිනිස්සු රාජකාරියක් විදිහට සලකල නොමිලේ නැටුවෙ, බෙර ගැහුවෙ, පන්දම් අරං ගියේ. අද එහෙම කරන්නෙ නෑනෙ. ඔය නටන, බෙර ගහන, පන්දම් අරං යන හැමෝටම ගෙවීමක් කරනව. ඒකෙ කිසිම වරදක් නෑ. ඉස්සර වගෙ රාජකාරි කියල පිනට නටන්ට බෑනෙ අද. ඒක හරි.

      මම කියන්නෙ අලි ගැනත් අපි සම්ප්‍රදාය පැත්තක තියල හිතන්ට ඕන.අලි නැතුව දළඳා පෙරහැර කරන්ටම බෑය කියල දියවඩන ගොයියයි මහානායක උන්නැහේලයි කියනවනම් " එහෙම බැරිමනං පෙරහැර නොකර නිකං ඉඳපියව්" කියල කියන්ටයි තියෙන්නෙ....:)

      දලඳා පෙරහැර කියන්නෙත් සදාකාලික එකක් නෙවෙයිනෙ. " සියලුදේ වෙනස්වන සුලුය. වියපත්වන සුලුය. නැසෙන සුලුය." කියල කිව්වෙත් ඔය පෙරහැර පවත්වල ගෞරව කරන මහා ශාස්තෲන් වහන්සේමනෙ නැද්ද?

      Delete
    2. සත්තුන්ට වද දෙන එකට කවුරුත් එකඟ නෑනේ.. මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ විසදන්න තව ලක්සයක් විතර ප්‍රශ්න තියාගෙන මොකද මේ අලි අල්ලන් දඟලන්නේ කියන එක.. අපිට වෙනස් කරගන්න තව කී දාහක් දේවල් තියෙනවා ද කරනවානම්...

      දෙහිවල සත්තු වත්ත අයින් කරන්න කියන එකට කවුරුත් මෙච්චර කෑ ගහන්නේ නෑනේ.. පෙරහැරේ යන අලියට වද දෙන්නේ අවුරුද්දේ දවස් කීපයක් විතරයි.. හැබැයි අර කුඩු වල ඉන්න සත්තු උපන් දා ඉඳල මැරෙනකම් විඳින වදේ ගැන මෙච්චර සද්දයක් නැත්තේ මොකද ඔය හැටි සත්ව කරුණාවක් තියෙනවනම්...හෙහ් හෙහ්

      මට හිතෙන්නේ ලංකාවේ සංස්කෘතියත් එක්ක තදට බැඳිච්ච දෙයක් අමාරුවෙන් ගලවන්න දගලන වෙලාවේ ඊට අඩු මහන්සියකින් තව කොච්චර දේවල් කරන්න පුළුවන් ද හරි ඕනේ කමක් තියෙනවනම්...

      දළදා පෙරහැර වෙනස් කරන්න කලින් තව වෙනස්විය යුතු බොහෝ දේ තිබෙන බව නොතේරෙන ඒකනේ මට තියෙන අවුල..



      Delete
    3. පැතුම්,

      / මට තියෙන ප්‍රශ්නේ ලංකාවේ විසදන්න තව ලක්සයක් විතර ප්‍රශ්න තියාගෙන මොකද මේ අලි අල්ලන් දඟලන්නේ කියන එක.. අපිට වෙනස් කරගන්න තව කී දාහක් දේවල් තියෙනවා ද කරනවානම්…/

      ඔය තර්කය සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් යට ගහන්න ගේන සුලබ තර්කයක් මල්ලි. ඔයිට වැඩිය ලොකු ප්‍රශ්න තව කොච්චර තියනවද? ඇයි එව්ව ගැන කතා කරන්නෙ නැත්තෙ? ..මේ ගැනම කතා කරන්නෙ මෙතන මොකක් හරි ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක්..අන්න ඒ වගෙ... තව ප්‍රශ්න ඇති පැතුම්. ඒත් ඒ ඔක්කොම විසඳල ඉවර වෙනකල් අර අසරණ සත්තු යදම් වලින් බැඳිල කරඬු උස්සගෙන පෙරහරේ යන්න ඕන..එහෙමද දැන් කියන්නෙ?....:)

      හරි ලක්සයක් ප්‍රශ්න තියනවයි කියමුකො. මේකත් එයින් එකක්නෙ. පිළිගන්නවනෙ. එහෙනම් මේක විසඳල ඉමුකො. එතකොට අඩුගානෙ එක ප්‍රශ්නයක් හරි ඉවරයිනෙ. ඊට පස්සෙ බලමු ඉතුරු අනූනම දාස් නමසිය අනූනමය ගැන....:)

      අනික එක එක්කෙනාට වැදගත් වන ප්‍රශ්න වෙනස්. සමහර අයට පරිසර දූෂණය ගැන ලොකු හැඟීමක් තියනව. ඒ අය ඒ ගැන වැඩ කරනව. තව සමහරු සතුන් ගැන බොහොම හිතනව. ඒ අය බල්ලො ගැන පූසො ගැන එතකොට අලි ගැන කටයුතු කරනව. එහෙම තමයි වෙන්නෙ. අපි ඇහුවට ඇයි ඔය අලි ගැන වද වෙන්නෙ? එදා වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ඇයි ඒ අය ගැන මොකවත් කරන්නෙ නැත්තෙ? කියල ඒක හරියන දෙයක් නෙවෙයිනෙ. එක එක්කෙනා වැඩ කරන්නෙ තමන්ට හරිකියල හැඟෙන විදිහට නැත්නම් තමන්ට වැදගත් කියල හැඟෙන ප්‍රශ්න ගැන.

      මම කලිනුත් කිව්වනෙ.මෙතන මේ ප්‍රශ්නෙ දිහා බලන්න ඕන මේ කියන කතාව ඇත්තද? කියල විතරයි. ඇත්තනම් ඒ ගැන මොනවහරි කරන්න ඕන..එච්චරයි.

      අනික සත්තු වත්තෙ සත්තු කූඩු කරල ඉන්නෙ බුදු හාමුදුරුවන්ගෙ නාමයෙන් නෙවෙයිනෙ. මම කියන්නෙ නෑ ඒ හින්ද උංව කූඩු කරල ඉන්න එක හරිය කියල. මම කියන්නෙ පෙරහැරේ අලින්ට වද දෙන්නෙ බුදු හාමුදුරුවන්ගෙ නාමයෙන් කියල. මුලු ජීවිත කාලෙම ( බුදු වුනාට පස්සෙ හොඳද? ) සතෙක් පිටේ ගියේ නැති, සතෙක් අදින රථයකවත් ගමන් කලේ නැති සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වේවා කියල ප්‍රාර්තනා කල උතුමෙක්ට ගෞරව පිනිස කියල සත්තුන්ට වද දෙන එක දැන්වත් නතර කලොත් හොඳ නැද්ද කියන එකයි මම අහන්නෙ.

      Delete
    4. අපේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ටිකක් ශේප් වෙලා අයිස් ගහන්න පටන් ගත්ත ගමන් හින්ද මේ වගේ වලියක් දාගෙන ආතල් එකක් ගන්න පුළුවන් මේ දවස් වල... හෙහ් හෙහ් හෙහ්..

      ආගමේ නාමයෙන් අලියෙක් පෙරහැරේ යන එක හෙන ලොකු සීන් එකක් කියල මට නම් හිතෙන්නේ නෑ..ආගමේ නාමයෙන් මෙච්චර මගඩි කරන රටේ...

      අලි ගැන වද වෙන අයට දළදා පෙරහැරේ අලියව අයින් කරන්න කලින් අලි වෙනුවෙන් කරන්න පුළුවන් වෙන වැඩ ඇත්තෙම නැද්ද... හෙහ් හෙහ්


      [සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වේවා කියල ප්‍රාර්තනා කල උතුමෙක්ට ගෞරව පිනිස කියල සත්තුන්ට වද දෙන එක දැන්වත් නතර කලොත් හොඳ නැද්ද]

      මේක කතාව හරි ... හැබැයි රටේ සංස්කෘතියේ මුලික අංගයක් වෙච්ච දළදා පෙරහැරේ ඉන්න අලියා ගැන ඇතිවෙන මහානුකම්පාව එක රැයකින් මෙච්චර වැඩි වුනේ කොහොමද කියලයි මට ආපු ප්‍රශ්නේ....

      මට දළදා පෙරහැරේ අලි හිටියත් එකයි නැතත් එකයි.. පෙරහැර තිබුනත් එකයි නැතත් එකයි.. ආගම වෙනුවෙන් ඔය මොන මගුලක්වත් කරන එක වැඩක් නෑ... හැබයි මට හිතෙන්නේ වැරදි තැනකින් අල්ලාගෙන පොඩි මෝඩ ආතල් එකක් ගන්න වැඩක් විදියට මේක...

      එක අතකට කමක් නෑ ඉතින්... අපිට කියලත් ආතල් එකක් ගන්න මේ වගේ සිද්දි තියෙන්න එපැයි නැද්ද රවී තුමා...

      Delete
  16. දැන් නිවුස් බලන්න හිතෙන්නෙත් නෑ බන්. මුන්ගේ ගොන් කතා වලටයි වැඩ වලටයි කලකිරෙනවා බන්.

    වෙන රටවල එවුන් මේවා දකිද්දී අධෝ මාර්ගෙනුත් හිනා වෙනවා ඇති. චීවර ධාරියෝ ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් උන යුගේ පහු උනා.

    කොහොම වෙතත් රාජ්‍ය මට්ටමෙන් සත්ව හිංසාව පිටු දකින්න නිවැරදි මාවතකට එන්න පුලුවන්නම් ලොකු දෙයක්.ලංකාවේ සත්ව උද්‍යානයක උනත් කුඩු කරලා ඉන්න සතුන් හරි සුවපහසුව කැමැත්තෙන් ඉන්නවා කියලනම් මම හිතන්නේ නෑ.

    හරි දේ හරි විදියට කරන්න ක්‍රමයක් සහ සම්පත් නැති කමට වඩා තියෙන්නේ ආකල්පමය වශයෙන් තියෙන මොකක්දෝ පක්ෂක්ග්‍රාහී, කුලෑටි චින්තනයක් කියලයි මට නම් හිතෙන්නේ.

    ඔක්කොටම හපන් රාජ්‍ය නායකත්වයට කෙලින් තීරණ ගන්න බැරිවීම අපේ රටේ අවාසනාව වෙන්න ඇති.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...