Tuesday, August 23, 2016

436. ඒ සොළොසට අයත් නොවූවද But Still මා හද බැඳි ගී - 1 - සිතුල් පව්ව සහ ඇතින්නියේ…

මේ ඉයන් බෝ කරපු ලෙඩේ තවම හොඳ වෙලා නැති හැඩයි පේන්නෙ…….හෙහ්,හෙහ්

මම ගීත දාසයක් තේරුවට මගෙ හිතට බොහොම හරි මදි ඇත්තම කිව්වොත්. ඒ කියන්නෙ මගෙ හිතට සමීප තව බොහොම ගීත මඟ ඇරුනා. ඒ ගැන තවත් පෝස්ට් එකක් බාගෙට ලියල ආය මොකටද ඒ රැල්ල බැහැල ගියානෙ ඔන්න ඔහෙ නිකං ඉන්නව කියල අතෑරල දැම්ම. ඒත් මේ අද දැක්කෙ තව තුන් දෙනෙක් ගීත තේරීම් කරල. ඒ හින්ද ඔන්න ඔහෙ ඕන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල මට මඟ ඇරුනු ගීත දාසයකුත් දානව.

අවුරුදු විසිපහකට වගෙ ඉහත අපි යාලුවො කට්ටියක් සිතුල්පව්වෙ ගියා. පොඩි නිසාන් කැරවෑන් කට්ටක් කතා කරගෙන ගිය ඒ ගමනට අපි යාලුවො හයදෙනෙක් එකතුවුනා. සිතුල් පව්වට ඒ දවස්වල කිට්ටුවටම වාහනයක් යන්ට බෑ. මේ ගිය මාසෙ සිතුල් පව්වෙ ගිය මගෙ යාලුවෙක් කිව්ව දැන් විහාරෙ ගාවටම වාහනෙං ගිහෑකිය කියල. එහෙම පහසුකම් සලසන එකේ හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියනව. 

හොඳ පැත්ත කියන්නෙ ඔය සිද්ධස්ථාන වලට යන්ට බොහෝවිට ගල්පඩි දෙතුං සීයක් නඟින්ට ඕන. ඉතිං ජීවිතේ දශක පහක් වගෙ ගතකරපු අපි වගෙ උදවියට තියනවනෙ නොයෙකුත් ලෙඩ රෝග. එක්කො දණිස්වල බෙයාරිං ගිහිල්ල. නැත්තං කොන්දෙ ජොයින්ට් වල ලිහිසි තෙල් හිඳිල. එහෙමත් නැත්තං අඩුම ගානෙ උරහිස්වල ගෑස්කට් වත් යනව යනවමයි. 

ඔය ලෙඩ වලිං මගෙ වං දණහිසේ බෙයාරිං ගිහිල්ල තියෙන්නෙ. ඉතිං ආය ජීවිතේට සිරීපාදෙ යන්ට නම් වෙන එකක් නෑ. සිරිපාදෙ මුදුනටම කේබල් කාර් දැම්මොත් නම් අන්න අවුලක් නෑ. රූං ගාල නීල කොබෙයියා වාගෙ සිරිපාදෙ මුදුනටම ඉගිලුනෑකි. 

හැබෑට මට මේ කල්පනා වුනේ අනාගතේ දවසක සිරීපාදෙ උඩටම කේබල් කාර් දැම්මොත් එහෙම අර "වැඳල බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි" කියන එව්වත් වෙනස් කරන්ට වෙනව නේ? ඒ වෙනුවට කියන්ට වෙන්නෙ "වැඳලා රූටන නඩේට සුමන සමන් දෙවි පිහිටයි!" එහෙම නැත්තං "ඉහලට රූටන නංගිට සම්මා සම්බුදු සරණයි!" අන්න ඒ වගෙ මොනව හරි ...හෙහ්,හෙහ්,

නීල කොබෙයියා කියන කුරුල්ලා පියාඹන්නෙ තනි කෙලින් ආය හරියට ඊතලයක් විද්ද වගෙ කියල කතාවක් මම අහල තියනව. ඒත් ඒක ඇත්ත වෙන්ට නම් බෑ. එහෙමනම් ඉතිං ගස් ගල්වල හැප්පිල නීල කොබෙයියො ඔක්කොම වඳ වෙලා යන්ට එපාය. නැද්ද?

"ඉස්සර මං ගිය පාසල ඇරිලා…" ඒ සුනිල් එදිරිසිංහගේ ගීයක්. කුමාරදාස සපුතන්ත්‍රීගේ පද රචනයක්. ඒ ගීතයෙ මෙහෙම තියනව එක තැනක.

ඉර මල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවක් තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේළි සැදී හිඳ
මුතු ඇහිඳී මදටිය ගාලේ

ඔය නීල කොබෙයියා කියන සතා මදටිය කන්ට හරිම කැමතියි කියල කියනව. ඒකයි ඒ ගීතයෙ එහෙම කියවෙන්නෙ.

ආ..ඉතිං මේ ගමන ලංකාවට ගිහාම අළුවිහාරෙ ගිහිල්ල මම බොහොම අමාරුවෙන් අර ගල් පඩි දෙතුංසීය නැඟ ගත්තෙ.ඒකෙ වැඩේ මේකයි. දණිස් අමාරුවටත් වැඩිය අපේ කල්ක්‍රියාව හරි නැහැනෙ. ඇඟට පතට වියායාමයක් නැතුව සතියෙ දවස් පහක්ම බොහෝවිට ඉබ්බ තිබ්බ වගෙ එක තැන ඉඳල සති අන්තයෙ අනිවාර්යයෙන් පමණ ඉක්මවා දුෂ්චරිතවල යෙදුනහම නොහොත් අවකල් ක්‍රියාවන්හි නිරන්තරයෙන් නිරත උනහම ඉතිං ඔහොම තමයි. හරි අළුවිහාරෙ ගමන ගැන ලියන්නං මගෙ අර සිව්වසරකට පසු කතා මාලාව ලියද්දි.

කේබල් කාර් ගැන කියද්දි තව කාරණයක් මතක් වුනා. චන්ද්‍රිකා මැඩම් ජනාධිපතිවෙලා ඉන්දැද්දි ව්‍යාපෘති යෝජනාවක් මට මතක විදිහට අනුමත වුනා කේබල් කාර් ප්‍රොජෙක්ට් එහෙකට. 

පහළ කඩුගන්නාවෙ ගල විදපු තැන ඉඳල (ගල විදපු තැන කියන්නෙ අර බිංගෙට) කොළඹ පැත්තට පල්ලම් බහිනකොට වම් පැත්තෙ පල්ලෙහා කොළ පාටට බැබලෙන කුඹුරු, වතු පිටි, ගෙවල් මංඩි උඩින් ඈත පේනව බතලේගල. 

සුද්දො ඕකට කිව්වෙ බයිබල් රොක් කියල. උංට ඒ ගල පෙනුනයි කියන්නෙ බයිබලයක් මේසයක් උඩ තියල තියනව වගෙ. ඒ වගෙ නුවරඑළියෙ යනකොට රම්බොඩට එහා වෙදමුල්ල වතුයාය හරියෙ නැවතිලා අපහු ඈත බැලුවම පේනව ජේ.ආර්. ගෙ නහය වාගෙම තියන මහා ගල් පර්වතයක්. ඒකට කියන්නෙ ජේ.ආර්.ගෙ නහය කියල.

ඉතිං අර පහළ කඩුගන්නාවෙ ඉඳල බතලේගලට කේබල් කාර් දාන ව්‍යාපෘතිය කොහොම හරි කෙරුනෙ නෑ. ඊට චුට්ටක් පල්ලෙහා හිඟුලෙ ඉන්න මගෙ යාලුවෙක් කිව්ව මූලික මැනුම් කටයුතු පවා කෙරුනයි කියල ඒ වැඩේ පටන් ගන්ට. මොකක් උනාද දන්නෙ නෑ. අපරාදෙ සෑහෙන විදේශ විනිමයක් හොයාගන්ට තිබ්බ වැඩක් ඒක. ආ...තව ආරංචියකුත් කියලම ඉන්නම්කො මේ එක්කම. ඔතන ගල විදපු තැන පහු කරල නුවර එහෙම යන අයට බතලේගලට දකුණු පැත්තෙං තියන විසාල කන්දෙ පැත්තක්ම නාය ගිහිල්ල තියනව බලන්ට පුලුවනි. ඒ තමයි අර මේ පහුගියදා අරණායක සාමසර කන්ද නාය ගිය තැන.

ඉතිං යමු ආයම ආපහු වසර විසිපහක් අතීතයට. ස්ථානය සිතුල්පව්ව විහාරයට යන ගමන් මාර්ගය. ඉතිං අපි කට්ටිය හෙමීට යනව සිතුල් පව්වට. ඒ දවස්වල හරි හමනකට පාරක් තොටක් එහෙමත් නෑ. දිගටම ළඳු කැළෑ ගල් තලා උඩිං තමයි යන්ට තියෙන්නෙ.

ඔහොම ටිකක් දුර යද්දි මෙන්න පාරෙ වම් පැත්තෙ ටිකක් ඉහලින් තියෙන ගල් තලාවක කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි දණගහගෙන ඉන්නව. මේ ගිනිගහන අව්වෙ. කොහොම ඉන්නවද මන්ද. කොහොම ඉන්නවද? කියන එකට වැඩිය අපිට එකපාරටම හිතට ආපු ප්‍රශ්නෙ මොකට මෙහෙම ඉන්නවද? කියන එක. 

ඒ කිව්වෙ ඇයි මෙහෙම මේ කෙල්ලො කොල්ලො හතර දෙනෙක් දාස්දෙන අව්වෙ ගල්තලාවක් උඩ දණ ගහගෙන ඉන්නෙ කියන එක. ඩෙනිම් කලිසම් ටී ෂර්ට් එහෙම ඇඳල ටිකක් විතර සල්ලිකාර පෙනුමක් එහෙම තිබ්බ ඒ හතරදෙනාගෙ. අවුරුදු දහ අටේ දහ නමයෙ වගෙ. කට්ටියම බිම බලාගෙනම හිටියට මූණු රතු වෙලා තියෙන්නෙ අව්වටද ඊට වැඩියත් ලැජ්ජාවට වෙන්ට ඇති. 

එතනිං සිතුල් පව්ව වඳින්ට යන අයත්, වැඳල ආපහු යන අයත් ගමන පියවර තුන හතරක් බාල කරල මේ කට්ටිය දිහා බලල ඒ කිට්ටුවම හිටගෙන හිටපු තව තුන් දෙනෙක්ගෙ මූණු දිහාත් බලල ආපහු පය ඉක්මන් කරල යනව. ආ..ඒ තුන්දෙනා ගැන කියන්ට බැරිවුනානෙ. සුදු සරං සහ කමිස ඇඳල හිටපු හොඳ උස මහත හාදයො තුන් දෙනෙක්. ඔලුවෙත් සුදු සුම්බර එහෙම බැඳල තිබ්බ. අත්වල දිග බස්තං වගෙ පොලු.

"මොකක්ද බං අර සීන් එක?" රණේ එතනට කිට්ටු කලා.."යමං යමං අපිත් බලන්ට"

"මොකෝ මල්ලි ඕගොල්ලො මේ?" අපි කිට්ටු වෙලා දණ ගහගෙන හිටපු එක කොල්ලෙක්ගෙන් ඇහුව. මිනිහ මොකවත් කිව්වෙ නෑ. අපි දිහා ඔලුව උස්සල බලල ආයම බිම බලාගත්ත.

ඒ වෙනුවට උත්තර දුන්නෙ අර එතන හිටියයි කියල මම කියපු සුදු සුම්බර භවතෙක්. "මේ ගොල්ල මේ සුද්ද බූමිය ඇතුලෙ අසීලාචාර විදිහට හැසිරෙනව අපිට අහු වුනා. ඒකට දුන්නු දඬුවම තමයි මේ"

"අනේ නෑ අයියෙ මේ කියන්නෙ බොරු" එතන දණ ගහගෙන හිටපු එක කෙල්ලක් යම්තමට ඇහෙන නෑහෙන ගානට කිව්ව.

"බොරු කියන්නෙ අපි නෙවෙයි තමුසෙලා...සුද්ද බූමියෙ අසීලාචාර විදිහට හැසුරුනා මදිවට තව මුසාවාද කියන්ටත් එනව…." සුදු සුම්බරයා ඒ ළමයගෙ ඇඟට ගොඩ වුනා. 

"හරි හරි දැන් කොහොමද මේ අය අසීලාචාර විදිහට හැසුරුනෙ?" මම ඇහුව. 

"එව්වට තමුසෙලාට උත්තර දෙන්ට තමුසෙල කවුද? අපි කරන්නෙ නායක හාමුදුරුවො අපිට කියල තියන විදිහට."

"මොන නායක හාමුදුරුවොද?" රණේ ටිකක් විතර සද්දෙට ඇහුව. 

අපේ කට්ටියම දැන් එතනට වට වෙලා. මෙතන මොකක් හරි වෙනව කියල දැකලද කොහෙද එතනින් එහාට මෙහාට යන සැදැහැවත්තුත් ඔන්න වටේට පිරෙන්ට ගත්ත.

"නායක හාමුදුරුවො කියන්නෙ අපේ සිතුල් පව්ව රජමහ විහාරෙ නායක හාමුදුරුවො"

"ඉතිං නායක හාමුදුරුවො ඔහෙලට කිව්වද පන්සලට එන කොල්ලො කෙල්ලො අල්ලල ගිණි අව්වෙ දණ ගස්සවල තියන්ට කියල" මම ඇහුව.

"එහෙම කිව්වෙ නෑ"

"එහෙනං?"

"උන්නාන්සෙ කිව්වෙ අසීලාචාර විදිහට හැසිරෙන අය අල්ලල දඬුවම් කරන්ට කියල" 

"හරි ඒකත් හරිය කියමුකො. උන්නාන්සෙ එහම කිව්වමය කියමුකො. දැං මොකක්ද මෙහෙම දඬුවමක් දෙන්ට තරම් මේ හතර දෙනා කරපු වැරැද්ද?" 

"මේ ගොල්ල අර අර හරියෙ ගස් යට ඉඳගෙන සුද්ද බූමියකට නොසෑහෙන විදිහට හැසුරුනා" අර කලින් කතා කරපු සුදු සුම්බරයම තමයි දිගටම කතා කරන්නෙ. මිනිහ මෙතන සුම්බර රැළේ නායකයද කොහෙද මට හිතෙන්නෙ.

"අනේ නෑ අයියෙ අපි මහන්සි හින්ද අර අතන ගස් හෙවණෙ වාඩි වෙලා කතා කර කර හිටිය. එතකොට තමයි මේ මිනිස්සු ඇවිල්ල අපිට බැණල මෙහෙම දණ ගහගෙන ඉන්ට කියල කිව්වෙ" කලින් කතා කරපු ගෑණු ළමයම ආයම කිව්ව.

රණේ ආයෙම සුදු සුම්බරයා දිහාට හැරුන. "මේ හලෝ, ඔහේලා කවුද කියල අපි දන්නෙ නෑ. ඒත් ඔහේලට මෙහෙම මිනිස්සුන්ට දඬුවම් කරන්ට බලයක් නම් නෑ. ඒක අපි දන්නව. අනික මෙයාල වරදක් කරල තියනවනම් පොලීසියට බාර දෙන්නයි තියෙන්නෙ. එහෙම නැතුව මෙහෙම හිතුමතේ දඬුවම් කරන්ට ඔහෙලට බෑ. ඒ හින්ද කරුණාකරල මේ හතර දෙනාට යන්ට දෙනවා.." රණේ අර නායක සුදු සුම්බරය දිහාට ඇඟිල්ලකුත් උරුක් කරල කිව්ව. 

"තමුසෙ කවුද අපිට එහෙම අණ දෙන්ට?..අපි කරන්නෙ හාමුදුරුවො අපිට කියල තියන විදිහට"

"ආ..එහෙමද? එහෙනං දැනගන්නව ඔහෙලගෙ හාමුදුරුවන්ටත් එහෙම බලයක් නෑ. අපි ඒක පොලීසියත් එක්ක බලාගමු. යමල්ල බං යන්ට. අපි ගිහිල්ල පොලීසියෙ පැමිණිල්ලක් දාමු. අර උඹලගෙ මාම කොළඹ ප්‍රසිද්ධ ලෝයර් කෙනෙක් නේද? පොලීසියට ගිහිල්ල මාමට කෝල් එකක් දෙමු" රණේ මා දිහා බලල කට කොණකින් හිනාවෙලා කිව්ව.

මමත් රණේ උස්සල දුන්නු බෝලෙට අත දිග ඇරල වැරෙං ඩෑෂ් පාරක් ගැහැව්ව. "ඔව්..ඔව්..මම කතා කරන්නං මාමට. එයාට මේ වගෙ අසාධාරණ පෙන්නන්ට බෑ" එහෙම කිව්වට මගෙ ඔහෙ ඇති ලෝයර් මාමා කෙනෙක් නෑ.

ඔය වෙනකොට එතන වටේට සෙනඟ තිහ හතළිහක් පිරිල. "ඔව්..ඔව්..මේ ළමයි කියන කතාව ඇත්ත. එහෙම කොහොමද මෙයාල මිනිස්සුන්ට දඬුවම් කරන්නෙ? හරිම අසාධාරණයි.." ඔන්න වටේටම කසුකුසු ඇහෙන්ට ගත්ත. අපේ මිනිස්සුන්ගෙ හැටියක්නෙ ඕක. අසාධාරණයට අයුක්තියට විරුද්ධව මුලින්ම කටක් අරින්නෙ නෑ කවුරුවත්. ඒත් කවුරුහරි ඉදිරිපත්වුනාම ඔන්න වටේම ඉන්න අයත් එනව පෙරමුණ අරගෙන.

මම එහෙම කිව්වට එදා සිතුල් පව්වෙදි වටේ පිරිච්චි මිනිස්සු ගෑණු අපේ පැත්තට කතා කලායින් තමයි අපි ජාම බේරගත්තෙ. නැත්තං අපි කට්ටිය හයදෙනා තාමත් එතන ගල් තලාවෙ අර කෙල්ලො කොල්ලො හතර දෙනත් එක්ක දණ ගහගෙන. හෙහ්,හෙහ්

වටේ පිටේම සෙනඟ කෑගහන්ට ගත්තම සුම්බරධාරී මැරයො කට්ටිය ටිකක් සලිත වුනා. අනික අපි හය දෙනත් කොණ්ඩ රැවුල් වවාගෙන මේ දැං විනාඩි පහකට ඉස්සෙල්ල වැලිකඩිං නිදහස් කරපු එවුං වගේනෙ හිටියෙ. ඒත් උනුත් අපිට සෙකන්ඩ් වෙන්ට කැමතිවුනේ නෑ. 

"ඒයි මේ උඹ ගිහිල්ල නායක හාමුදුරුවන්ට මේ විස්තරේ කියල වහාම වඩින්ටෙයි කියාපං" නායක සුම්බරය ගෝල සුම්බරයෙකුට කිව්ව. 

නායක උන්නැහේ ආහම මෙතන මොකින් මොකක් වෙයිද දන්නෙ නෑ. හාමුදුරුවන්ට තර්ජනය කලයි කියල අපිව පොලීසියෙ කූඩුවෙ දාන්ට බැරිකමකුත් නෑ. මොකද සිතුල් පව්වෙ නායක උන්නැහේ කියන්නෙ ලේසි පාසු පුතයෙක් එහෙම නෙවෙයිනෙ.

ඒ හින්ද මම ක්ෂණික තීරණයකට එළඹියා. "මේ අපිට ඔහෙගෙ නායක හාමුදුරුවො එනකල් මෙතන ඉන්ට බෑ. අපි ආපහු යනව පොලීසියට. ගිහිල්ල මේ මෙතන වෙන අසාධාරණය ගැන පැමිණිල්ලක් දානව. ආ ඊට කලිං කුමාර උඹේ කැමරාව අරං මේ හතර දෙනා දණගහගෙන ඉන්නව ෆොටෝ එකක් ගනිං. අපි ඒක දාමු පත්තරේ. සුද්දබූමි වල මෙහෙමයි වැඩ කටයුතු සිද්ද වෙන්නෙ කියල"

කුමාර කියන පරක්කුවට කැමරාව එළියට අරගෙන මෑනුවා. "ආ.. ඔය විනයාරක්සක බලකායෙ තුන්දෙනත් ඒ ෆොටෝ එකටම ගනිං මතක ඇතුව" මම කිව්වා.


"ඒයි ඒයි පොටෝ ගන්ට එහෙම එපා" නායක සුම්බර අනික් පැත්තට හැරුනා.


"හරි ඔහෙල පොටෝ ගන්නවට අකමැතිනම් කමක් නෑ. අපි පොටෝ ගන්නෙ නෑ. ඒත් මේ දණගහගෙන ඉන්න හතර දෙනාගෙ නම් පොටෝ එකක් ගන්ටම වෙනව"

නායක සුම්බර ආයෙම අපි පැත්තට හැරුන "එපා එපා කාගෙවත් පොටෝ ගන්ට එපා. මේ හලෝ තමුසෙල නැඟිටල යන දේවාලෙක යන්ට යනව" පලවෙනි වාක්‍යය කිව්වෙ කුමාරයට. දෙවෙනි වාක්‍යය කිව්වෙ අර දණගහගෙන උන්නු හතර දෙනාට. 

උං හතර දෙනා කියන පමාවෙං නැඟිටල අපිට ඉස්තූතියි කියන්ට වත් නොඉඳ වටේ පිටේ රැස් කකා හිටපු සෙනඟ අස්සෙං රිංගල විදිල්ල වගෙ අතුරුදන් වුනා. ආය අහවල් ඉස්තූතියක්ද? උං පොඩි එවුං බය වෙන්ට ඇති මෙතන අපිට ඉස්තූති කරකර ටැහ්හැහි ගැහී ඉන්ට ගියොත් ආයම සුම්බරයිංගෙ හිත වෙනස් වෙලා දණ ගස්සවාවිය කියල.

වටේ පිරිල හිටිය සෙනඟත් හෙමීට එකා දෙන්න මාරුවෙන්ට ගත්ත. මොබ් නොහොත් කණ්ඩායම් මානසිකත්වය නොහොත් රැල්ලට එකතුවෙනකොට එහෙම තමයි. ඒ මානසිකත්වය ඇතිකරගන්ටත් බොහොම ලේසියි. ඒ වගේම බොහොම ඉක්මනට දියවෙලාත් යනව. 

"අපි මොකද බං දැං කරන්නෙ?" රණේ හෙමීට මට කිට්ටු කරල ඇහුව. 

"වෙන මොනව කරන්ටද? ෂෝ එක ඉවරයි. අර දණ ගහගෙන හිටපු එවුං මාරුවෙලා ගියා වගෙ අපිත් මේ සෙනඟ තලේම වහං වෙලා මාරු වෙමු" මම හෙමීට එහෙම කියල කාටත් නොදැනෙන්ට පියවර හතරක් පස්සට අරගෙන සෙනඟ තලේට එකතුවුනා.

අපේ රටේ හැටියක්නෙ ඕක. කහ රෙද්දක් පෙරව ගත්තම තමන්ට හිතෙන හිතෙන හැටියට ඕනම දෙයක් කරන්ට පුලුවන් කියලයි ඔය ජාතියේ ආරක්සක මුරදේවතාවුංය කියල තමංම ඔටුණු පළන්දාගෙන ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නෙ. රටේ නීතියත් තමන්ට යටත්ය. පොලීසිය නඩුකාරයො කරන්ට ඕන තමං කියනදේය කියලයි පෙලක් සිංහලීස් නේසන්ස් සිකුරිටි කොම්පැණියෙ සී.ඊ.ඕ.ලගෙ කල්පනාව.

හරි සිතුල් පව්ව ගමන ගැන කතන්දරේ ඔන්න ඔහොමලු. සිතුල් පව්ව විහාරය ගැන බොහොම අපූරු ගීතයක් ගයනව නාමල් උඩුගම. මට හරියටම මතක නෑ අපේ මේ සිතුල්පව් චාරිකාව කෙරෙන දවස්වල ඒ ගීතය කළ එළි බැහැල තිබ්බද කියල. බොහෝවිට නැතුවා වෙන්ට පුලුවෙනි.

ඒත් ඊට පස්සෙ නාමල් උඩුගමගෙ මේ ගීතය ඇහෙන ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නෙ අපේ ඒ සිතුල්පව් ගමන.

සිතුල් පව්වෙ වෙහෙර ළඟට සඳක් පායලා
කුසල් වලින් හුඟක් අරන් යන්න පේ වෙලා 
විසල් පුරේ විශාඛාව ලෙසින් නෙතු සලා 
අවසර නෑ ඇස්දෙක ළඟ ඉන්න නැවතිල

අසල් වැසි ළඳක් වාගෙයි තෝරන බහනම් 
සුදු මුහුණයි හුරතලයයි හරි අවදානම් 
හිත ඇතුළෙන් දුරක් ගිහින් මගෙම වෙලා දැන් 
මම අමතක කරන්නෙ නෑ කොළඹ එනව නම් 

සිදාදියේ කිරිල්ලියන් තරඟ කරාවී 
මොණර පැටික්කියගෙ රුවට තරහ ගනීවි 
තව මොහොතින් විහාරයෙන් බස් එක යාවී 
දුරස් වෙන්න එපා මගෙන් රුහුණු කුමාරි

ගායනය - නාමල් උඩුගම
ගී පද - චන්න ජයනාත්
සංගීතය - ශාන්ත ජයලත් තිසේරා



දළඳා පෙරහැරට අලි ඇත්තු අඩුයිය, ටූ තවුසන්ඩ් පයූව් හන්ඩ්රඩ් ඉයර්ස් රැකගෙන ආපු අපේ බහුද්ද සයන්ස්කුර්තිය රැකෙන්ට අලි ඇත්තු මිනිමම් 120 වත් කකුල් හතරට දංවැල් දාල පෙරහැරේ නුවර වීදි දිගේ දක්කාගෙන යන්ට ඕමනාය අරකද මේකද කියල පහුගිය ටිකේ මහ ආන්දෝලනයක් තිබ්බනෙ රට පුරා.

එහෙං සුසිල්වත්, සීල ගුනෝපේත, සුපේසල, සික්සාකාමී චීවරදාරීහු උපවාස කරනව. මෙහෙං ඇත්ගොව්වො සත්තියක්‍රියා කරනව. තව පැත්තක හීලෑ අලි ඇත්තු හිමියො අලිබෙටි කාල දහ අතේ දිවුරනව එයාල ගාව ඉන්දැද්දි අලිංට කිසිම හිරිහැරයක් කලේ නැතය උංට බුදියන්ට දුන්නෙත් දම්රෝ ඇක්ස්පෝට් කොලිටි සුපර් එක්ස්ට්‍රා මෙට්ට උඩය කියල. අපෙ අත්තම්ම ඒ දවස්වල කියනව වගෙ එක පොයියංගමයි. 

ඔය අලි නැතුව පෙරහැර කරන්ට බැරිය කියන ඔක්කෝටම අහන්ට බොහොම අපූරු, හොඳ ගීතයක් කාලෙකට ඉස්සර කිව්ව අතුල...අතුල අධිකාරි. 

හැබැයි නිකම්ම ගීතය ඇහුවට නම් වැඩක් වෙන එකක් නෑ. ඒක අහල කම්පාවෙන්ට හදවතක් කියල එකකුත් උර කුහරය ඇතුලෙ තියෙන්ට ඕන. හදවත දන්නව නේද? අර හාට් එක කියන්නෙ..ලබ්..ඩප්..,ලබ්..ඩප්..අන්න හරි ඒක තමයි...හෙහ්,හෙහ්, ඔය දන්නෙ යස අගේට...එහෙම අවයවයක් උර කුහරෙ ඇතුලෙ නැත්තං ඉතිං මේ වගෙ ගීත ඉයර් පෝං දාල ඇහුවත් වැඩක් වෙන්නෙ නෑ.... ගොනා පිට හකුරු පටවනව වගෙ තමයි. නැහ්නං අර හරකා කෝච්චිය දිහා බලා හිටිය වගෙ තමයි.

සොඬින් නෙළුම් මල ගෙනියන 
බතික් රන් පටින් දිදුලන ඇතින්නියේ 
යදම් අමතක ද පා රැඳි විලංගුවේ 

වටින් මහ සෙනඟ ඇවිදින් 
සාදු කියා වැන්දයි 
නෙළුම් මලට නොවේ නුඹට 
නුඹ අම්මා හින්දයි 

පුතුන් හිසින් ඇන ඇන 
කොයි ලෙසිනේ කිරි බොම්දැයි 
ඇතින්නියේ දරු සෙනෙහස 
ගාල් කලේ මන්දැයි 

ගායනය - අතුල අධිකාරි


27 comments:

  1. මරු කතා දෙක, සිංදු වලට වඩා හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්...:)

      Delete
  2. අතුලගෙ සිංදුවලින් මං කැමතිම සිදංුව මෙක තමයි..
    කොහොමද එදා රැස් වෙච්ච ජනතාව සුදු සුම්බරේලගෙ පැත්ත එහෙම ගත්තනම්:D....
    නියම කතාව

    ReplyDelete
    Replies
    1. නිර්මාණී,

      /කොහොමද එදා රැස් වෙච්ච ජනතාව සුදු සුම්බරේලගෙ පැත්ත එහෙම ගත්තනම්:D..../

      අද කාලෙක වගෙ වුනා නම් එහෙමත් වෙන්න තිබ්බ තමයි.අද ඒ පැත්තට රැල්ල වැඩියි. එහෙම උනානම් අපි කට්ටිය තාම ගුටි කනව...හෙහ්,හෙහ්,

      Thanks Madam...:)

      Delete
  3. අර වගේ වැඩක් කරන්න ලොකු ගට්ස් තියෙන බුවාලා වෙන්ටෝන. කොහොමත් අසාධාරණයක් තමන්ට නෙමේ වෙන කෙනෙකුට උනා උනත් ඊට එරෙහිව නැගී හිටින්න ඕන. මනුස්සකම කියන්නේ ඒකට අයියේ

    ReplyDelete
    Replies
    1. දුකා,

      ඇත්ත බං. ඒ කාලෙ ඉතිං අයුක්තියක් දැක්කම ලේ කකියන කාලෙනෙ.අර සීන් එක දැක්කම අපිට මල පැන්න...හෙහ්,හෙහ්,

      අද හුඟක් වෙලාවට අයුක්තිය අසාධාරණේ දැක දැක මිනිස්සු මුනිවත රකින්නෙ අන්තිමට කතාකරන මනුස්සය තමයි නරක මිනිහ වෙන්නෙ.

      Delete
  4. Aha.. start of a new series!!!! Something like "Ravi with Sanflowers -2" :D
    ඇතින්නියේ.. අතුලගේ ආසම සිංදු වලින් එකක්.. ඉතුරු සිංදු 14 ඇතුලේ සඳ ඔබ මගේ සිංදුවත් ඇති කියල හිතෙනවා

    ReplyDelete
    Replies
    1. kool fire,

      "ඇතුලේ සඳ ඔබ මගේ" කියල සිංදුවක් තියනවද බං? අහල නෑනෙ....:)

      Delete
    2. ඇතුලේ සඳ ඔබ මගේ
      එළියේ ගඳ මට දැනේ

      සරං බරං..... සරං බරං

      Delete
  5. මේ.......එව්වට ඔට්ටු නෑ හරිය. ඔන්න අපිත් ලියනවා මම කැමති අතිරේක සින්දු 50 කියලා ලිපි පොජ්ජක්. හොඳේ.

    සිතුල්පව්ව කැලේ ඉන්න අලියෙක්, වාහන වල ගෙනෙන, අරක්කු වැනි සැර බීම ඉවකරලා අල්ලගන්නවලු. ඊටපස්සේ වාහනේට ගහනවලු. ලු ලු ලු. මම පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ගියා. මගේ යාලුවෙක් ඉන්නවා කතරගම. එහෙ නැවතිලා ඉඳලා එයත් එක්ක තමයි ගියේ. ඒ වුනාට අපේ වාහනේ තිබුන, අඩක් ඉවරවූ ගැලරි බෝතලේ අල්ලන්ඩ, ඒ අලි උන්නැහේ ආවේ නැහැනේ. නෑ මං කියන්නේ, ඒ ජාතියේ අලි ටිකක් පුහුණු කරලා කසිප්පු අල්ලන්න යෙදෙව්වනම්, සුරාබදු දෙපාර්තමේන්තුව හබක්.

    සිතුල්පව්ව ෆුල් මොඩ් (මෝඩ?) කරලා. කොන්ක්‍රීට් දාලා වාහන පාක් හදලා, කෑම කඩවල් පිරිලා. විහාරය වැඳලා බයිට් එකට චිකන් කොත්තුවක් ගන්න පහසුකම් සලස්වලා තියනවා.

    අරවගේ සුම්බරයෝ ලිංගික ඊර්ෂ්‍යාවෙන් පෙලෙන මානසික රෝගීන් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අලි ආසයි කසිප්පු , මොලැසස්, රා වගේ දේවල්වලට. වෙන සත්තුත් කැමතියි. එලදෙන්නු හරි ආසයි බියර් නිෂ්පාදනයෙන් ඉතිරිවන හොප්ස් හා අනිත් මණ්ඩිවලට (පරලු ). ලොකු ෆාම්වල කිරි නිෂ්පාදනයත් වැඩිවෙනවා

      Delete
    2. විචා,

      අලි කියන ජාතිය කොහොමත් පොඩි ෂොට් එකක් දාන්ට මනාපයි. වැඩේ ඉතිං උංට පොඩි ෂොට් එකක් කියන්නෙ කැලේ හංගල තියන කසිප්පු එහෙම අහුවුනාම බැරල් බාගයක් විතර බීල දානව.

      ඔය සමහර බීමට පුරුදු වෙච්චි අලි ඉන්නව ජොලි බඩු. අපි අර කැලේ මැද ඉන්න කාලෙ එක හවසක ඔහොම ඩෝප් වෙච්චි අලි පැටව් තුන් හතර දෙනෙක්ගෙ විගඩං බලාගෙන හිටිය සෑහෙන වෙලාවක්. ඔන්න උං වැව් කණ්ඩියක් උඩට නැඟල බෑවුම දිගේ රෝල් වෙලා ගිහිල්ල ජබෝස් ගාල වැවට වැටෙනව. ආයම දුවගෙන ගිහිල්ල ස්ලෝප් එක දිගේ රෝල් වෙලා එනව.

      අලි අම්මල තක්බීර් වෙලා බලා ඉන්නව මොකක්ද මුං නටන මේ නාඩගම කියල හිතාගන්ට බැරුව. අපිත් මුලිං අඤ්ඤකොරොස්. පස්සෙ එතෙන්ට ආපු ඒ කිට්ටුව කැලේ මැද කසියා වාඩියක් කරන මනුස්සයෙක්ගෙන් තමයි අපි හරි විස්තරේ දැන ගත්තෙ. මිනිහගෙ නම ඇල්බට්. ඔන්න මෙහෙමයි ඩයලොග් එක.

      මම- "ආ..ඇල්බට්..අන්න බලාපංකො අර අතන අලි පැටවුන්ගෙ හුරතලේ..අඩේ බං ආසා හිතෙනව නේද?"

      ඇල්බට් - "ආස හිතෙනව? හුහ් මහත්තයලට නම් මොකද? මහත්තයලට ආසා හිතෙයි. ඒත් මහත්තය දන්නවද ඔය @#%$#@&* අලි පැටව් ඔය පිස්සු කෙලින්නෙ වාඩිය පිටිපස්සෙ කැලේ හංගල තිබ්බ මගෙ ගෝඩා බැරල් එකම බීලය කියල. අම්මාපල්ල ඔය එකෙක් මට තනි පංගලමෙ අහුවුනොත් මම %^&$#@^& පස්ස බලන්නෙ"

      විචා ආමී එකේ හිටපු හින්ද දන්නව ඇතිනෙ අදාල වචන. අදාල තැන්වලට අදාල වචන දාගෙනම කියවන්ට...:)

      Delete
    3. Pra,

      ඔය නාලාගිරිය ලව්ව බුදු හාමුදුරුවො මරවන්ට හිතාගෙන දේවදත්ත ඌට රා පෙව්වය කියන කතාව සම්පූර්ණ අසත්‍යයක්. නාලාගිරිස් වනාහි එව්රිඩේ නද වෙන්ට ගහන ජොලි බුවෙක්.

      බුදු හාමුදුරුවො ගාව ලාබෙට රා තියනව දුවල ගියොත් නිකං උනත් ඉල්ල ගත්තෑකි කියල දේවදත්තය ඌට අන්ඩරයක් දීලනෙ ඔය ඒක බුදු හාමුදුරුවො පස්සෙ පැන්නුවෙ. නැතුව මරන්ට එහෙම නෙවෙයි. ඒ මරන කතා ඔක්කොම පස්සෙ කාලෙ චීවරදාරීන් අතිං දාපු ආරලු බූරලු. එව්ව අයිං කරල අපි හොයා බලන්ට ඕන ඇත්තටම මොකද්ද සිද්ද වුනේ කියල.

      ඔය සත්‍යය විකෘති කිරීම පසුපස විදේසීය බලල් අත් තියෙන්ට පුලුවනි. අපේ නානෙට කිව්වනං ඔය ගැන අපූරුවට පැහැදිලි කිරීමක් කරයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලම...:)

      Delete
    4. අර තැන් දෙකට අදාළ වචන.

      1. ලස්සන චූටි

      2. මූණ ඉඹලා තමයි

      Delete
  6. හම්මෙ ලොකුඅයියෙ කතාදෙකනං මසුරං. අන්තිමට සිංදුදෙකත් අහලමයි නැවත්තුවෙ

    ReplyDelete
  7. Harima apooru kathawa!E wagema ape bahubootha agamika policiya gana minissunta buddiyen hithala balanna polambawana kathawak.Neweyi ,siduweemak.

    ReplyDelete
  8. මටත් මගේ මුල් ගීත දාසයට එකතු කරගන්න බැරි වෙච්ච මං ආස අනිත් ගීත ගැන දුක හිතීගෙන ආවා විතරයි. ඒ ගැනත් ලියනවද නැද්ද කිය කිය හිත හිත ඉන්න අල්ලපනල්ලේ අයියගේ මේ ලිපිය දැක්කේ.

    අතුලගෙ 'රස කර ගී ගයන වෙලේ' එයින් එකක්. කාගෙහරි එකතුවක දැක්කා 'කීන දං මිටක්' ගීතය, ඒක මට ඇත්තටම සලකලා බලන්න අමතක වෙච්ච මගේ ආසම ගීතයක්. හර්ෂනගෙ 'පොළොවෙන් මතු වන මිණිකැට' තව එකක්. ඊළඟට සුනිල් ශාන්තගේ 'බෝවිටියා දං පළුකං වාරේ', 'හෝ ගා රැල්ල නැගේ' මගේ හිත ඇදබැඳගත්ත ගීත.

    ReplyDelete
  9. සිංදු වලට කොහොමත් කැමතියි ආසයි ඒත් බලන බලන හැම බ්ලොග් එකේම සිංදුම බලන්න වෙන එකට මගෙ නම් වැඩි කැමැත්තක් නැහැ.
    හැබැයි මේ විදිහට කතාවක් දෙකක් එක්ක සිංදු දාන එකට නම් පට්ට මනාපයි :D

    ReplyDelete
  10. මම හිතුවෙ සිතුල්පවුවෙ යන්න ගිය මනුස්සය කඩුගන්නාව පල්ලමට පැනල වැඩේ එතනිංම හබක් වෙයි කියල. හැක්..

    ඔය කොල්ල කාලෙ ඔය වගේ තග දැම්මට දැන්නං ඔය වගේ දෙයක් උනොත් ඔහෙත් ගන්නෙ අර සුම්බරේලගෙ පැත්ත නේද? හැක්..x2

    ReplyDelete
  11. රවී අයියල සිතුල්පවුවෙ යන කාලෙනං නාමල් අර සින්දුව කියන්න නැතුව ඇති. මොකද ඕක මට මතක ඇති කාලෙක කිවුව සින්දුවක්. ඒ කොහොම වෙතත් අයිය අද දාල තියෙන සින්දු දෙකනං මාත් ආසම සින්දු දෙකක් තමයි.

    ReplyDelete
  12. මේ දවස්වල කියවන පොතක තියනව https://en.wikipedia.org/wiki/Monongahela_Incline ගැන

    ReplyDelete
  13. මෙන්න ඉයන්තුමෝ මෙයා තමා ගේම දිගටම ඇදගෙන යන්නේ.. මම අහිසකයි කෙට්ටුයි.. මෙයාව පෝරකේට යවන්න..

    හිහ්.. සිතුල්පව්වේ වීරයා.. නාමල්ගෙයි අතුලගෙයි ඔය සින්දු දෙකටම මාත් බොහොම මනාපයි.. නාමල්ගේ සිංදුවේ එන අවසර නෑ ඇස් දෙක ළඟ ඉන්න නැවතිලා හා සුදු මුහුණයි හුරතලයයි හරි අවධානම් වගේ වැකි අදටත් ත්‍රීවිල් වල පිටිපස්සේ ජනප්‍රියයි.. කරුමේ ඩබල් පින සිංගල් ඉවාන් ගෙන් ඇහුවනම් වැඩි විස්තර කියයි..

    අතුලගේ සිංදුව මම අහලා තිබ්බේ 'රට යන අම්මලා' ගැන කියන එකක් කියල..

    ReplyDelete
  14. අර වගේ බලහත්කාරයෙන් දඩුවම් කරන සීන් දැන් නැහැ වගේ.දැන් ඉන්න කොල්ලෝ,කෙල්ලන්ට ඔහොම දඩුවම් කරන්න ලේසි වෙන්නේ නැහැ.උන් කතා කරනවා අසාධාරණයන්ට විරුද්ධව බොහොවිට.

    නාමල් ගේ ඔය රවීයියා කියන සින්දුව ආවේ 2002-2003 වගේ කාල වල වගේයි මතක.ඔය කාලේ මල් රැල්ලක් වගේම පන්සල් රැල්ලක් එහෙමත් තිබ්බා.
    බස් අජිත්ගේ "වෙහෙරහෙන විහාරයේ",චාමර වීරසිංහගේ "දකුණේ පින් ඇති බිම වැවුරුකන්නල"( එව්වා 2003 ගංවතුර සින්දු.) සශිකාගේ "කිරි වෙහෙරට මල් නෙලුවාට"වගේ සින්දු එහෙම තිබ්බා මතකයි.

    ReplyDelete
  15. ඔය පොලිසි උසාවි පාලනේ කරන එක පූජකයන්ගෙ අමුතු ආතල් එකක්.. දර්ග ටවුන් පැත්තෙ මිනිස්සු අන්තිමට නීතිය අතට ගන්න ගානටම ඔය ඇඟිලි ගැහිලි ලොකු උනා නෙව.
    ළමයි ටිකත් බේරලා ඔහෙලත් ගුටි නොකා ආපු එක තමයි කාරිය.. හෙහ් හෙහ්
    අතුලත් සොඬින් නෙළුම් මල,සෝපාකලා වගේ අමුතු සිංදුත් කියල තියනවා..
    ජයවේවා..!!

    ReplyDelete
  16. අතුලගේ සින්දුවේ ඇත්ත අර්ථය කවුරුත් දන්නේ නැති හැඩයි.

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග යන අම්මලා ගැන...

      Delete
  17. මාත් කැමති සින්දුවක් තමා සිතුල්පව්ව වෙහෙර ළඟට.නාමල්ගෙ සමහර ගීතවලට වැඩි මනාපයක් නැති වුණාට සමුගන්නේ නෑ,සිතුල්පව්ව,වෙස්සන්තර බිසෝ,රෑ සිහිනෙන්.. උන්දැගෙ ලස්සන සින්දු..))

    මං මේ අද වෙන තුරු හිතන් හිටියෙ දුරස් වෙන්න එපා මගෙන් කුරුලු කුමාරී කියලනෙ.ඔය සින්දුව කියන්නෙ කෝච්චියකට කියලා අදයි දැනගත්තෙ..))

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...