සවස තුනේ කණිසම පසුවූවා පමණි. මට දුරකථන ඇමතුමක් ඇතිබව ශ්‍රී පැවසුවාය.
"සර්…. සර්ට කෝල් එකක්" එසේ පවසා ඇය ඇමතුම මගේ මේසය මත ඇති දුරකථනයට මාරු කලාය.
"Hi, I'd like to open a priority account, with my hot-shot sexy banker"
"අනන්‍යා?..." මම ප්‍රීතියෙන් ඉපිලෙමින් කෑගැසීමි. "ඔයා කොහෙද ඔය ඉන්නෙ? කොයි වෙලාවෙද අපි මුණ ගැහෙන්නෙ? මම එන්නද එච්.එල්.එල්.ඔෆිස් එකට? අනේ බලන්නකො හරි වැඩේනෙ උනෙ. ඊයෙ මගෙ ෆ්ලයිට් එක ඩිලේ උනානෙ…"
"ක්‍රිෂ්...ක්‍රිෂ්..ක්‍රිෂ්..කරුණාකරල ඉස්සෙල්ල සන්සුන් වෙන්න. හරිද? බොහොම හෙමීට තුනට ගණන් කරන්න"
"ඒක්...දෝක්..තීන්...ඔන්ඩු...රෙන්ඩු...මූන්ඩු...වන්..ටූ...ත්‍රී…" මමද දෑස් පියාගත්වනම අනන්‍යා සමඟ ගණන් කළෙමි.
"දැන් කොහොමද? සන්සුන්ද? හෘද ස්ඵන්දනය සාමාන්‍ය තත්වයට පැමිණියාද?"
"හ්ම්ම්..ඔව්.." මම දිග හුස්මක් පහළට හෙලා පැවසුවෙමි.
"හරි එහෙනම් දැන් ඔයා කියන්න ආපු එක කියන්න"
"ඔයා කොහෙද ඉන්නෙ? ගෙදර ආවද?"
"නෑ..නෑ..මම මේ කතා කරන්නෙ කන්චීපුරම් ඉඳල"
"කොහේය කිව්ව?"
"කන්චීපුරම් ළමයා...කන්චීපුරම්.."
(කන්චිපුරම් යනු චෙන්නයි සිට නිරිත දෙසින් කිලෝ මීටර් 72 දුරින් පිහිටි ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික නගරයකි. කෘෂිකර්මයට අමතරව එහි ප්‍රධාන ආදායම් මාර්ගය වනුයේ විවිධ වර්ණවත් සේද සාරි විවීමේ කර්මාන්තයයි. කන්චිපුරම් සාරි සඳහා ඉන්දියාවේ පමණක් නොව ශ්‍රී ලංකාවෙහිද ඉතා ඉහළ ඉල්ලුමක් ඇත.)
කංචීපුරම් සේද සාරිවලින් මේ සැරසී සිටිනුයේ සුප්‍රකට දකුණු ඉන්දියානු නිළියන් දෙදෙනෙකුවන තමන්නා සහ ඇන්ඩ්‍රියාය. |
"හරි හරි මොන පුරම් හරි..කොහෙද ඔය පුරම් තියෙන්නෙ? "
"චෙන්නයි ඉඳල පැය තුනක දුර...මම ඉක්මනටම ආපහු එන්ට පිටත් වෙනව. බොහෝවිට තව පැය බාගයක් තරම ඇතුළත.එතකොට හයාමාරට වගෙ මම ගෙදර …"
"ආ..ඒක හොඳයි...ඔයාව දකින්ට නැතුව මම…"
"හරි..හරි...මම දන්නව...මම දන්නව..මේ මම කියන්නද?.... ඔයා අද රෑ කෑමට අපේ ගෙදර එන්නකො"
"ගෙදර? ඔයගොල්ලන්ගෙ ගෙදර? ඒ කියන්නෙ ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක රෑ කෑමට?"
"නැතුව ආය? අම්මයි තාත්තයි එක්ක නැතුව බල්ලයි පූසයි එක්කයැ? කොහොමත් ඔයා ඒ ගොල්ලන්ව සහ ඒ ගොල්ලන් ඔයාව අඳුනගන්නත් එපාය නැද්ද? අපෙ අම්ම නම් මේ දවස්වල ටිකක් විතර අප්සෙට් එකේ ඉන්නෙ..ඒත් ඒක ඒ හැටි අවුලක් වෙන එකක් නෑ"
"මොකද අම්ම අප්සෙට් එකේ ඉන්නෙ? අපි දෙන්නගෙ මේ සම්බන්දෙ හින්දද?"
"අපොයි නෑ..නෑ… ඒක ඇරුනම එයාට තව හැටහුටාමාරක් හේතු තියනව අප්සෙට් වෙන්ට..හිහ්..හිහ්...කොහොම හරි මගෙ හොඳ වෙලාවටද කොහෙද මේ දවස්වල අප්සෙට් එකේ ඉන්නෙ නම් අපි දෙන්න හින්ද නෙවෙයි…"
"අනන්‍යා මේ මම කියන්නද? ඔය ගෙදර රෑ කෑම කන වැඩේ හරියන එකක් නෙවෙයි. අපි දෙන්න රෑ කෑමට යමු ඔය කොහෙ හරි හොඳ රෙස්ටුරන්ට් එහෙකට"
"අනේ බෑ ළමයො. මම අද රෑ ගෙදර ඉන්නම ඕනෙ.කැනඩාවෙ පදිංචි මගෙ නැන්ද කෙනෙක් මේ දවස්වල මෙහෙ ඇවිල්ල ඉන්නව. එයා අද අපේ ගෙදර එනව. ඒ හින්ද මට ඉන්නම වෙනව. බයවෙන්න එපා. ඔයා අටට එන්නකො" ඇය ඇගේ නිවසේ ලිපිනය මට පැවසුවාය. ඒ ලිපිනය නිවැරදිව ලියාගැන්මට මට හැකිවූයේ අනන්‍යා එය තුන්වරක් අකුරින් අකුර උච්ඡාරණය කළ පසුවය.
"මොකක්ද අනේ මේ? පොඩි කාලෙ ඉස්කොලෙ කියවන විට ලිවීම පාඩමක් වගේනෙ මේක" ඇය අවසානයේ නොපහන්ව මට දොස් නැඟුවාය.
"හරි හරි. ඒක ගනං ගන්න එපා. එහෙම නැතුව ඔයා කැමතිද මම හෙට එළිය වැටෙනකල් චෙන්නයිවල පාරක් පාරක් ගානෙ බඩගින්නෙම රස්තියාදු වෙනවට?" මම සිනාසෙමින් විමසුවෙමි.
"හරි..හරි..හරි...එහෙනං ක්‍රිෂ් ...තව පැය පහකින් මුණ ගැහෙමු හරියටම අටට එන්න අපේ ගෙදරට හොඳද? එතෙක් එහෙනං බායි" ඇය ඇමතුම විසන්ධි කළාය.
එතැන්සිට මම කලේ මේසය මත දිගහැරුණු මූල්‍ය වාර්තා දෙස ඉඳහිට බැල්මක් හෙලමින් අත් ඔරලෝසුව දෙස නෙතු නොපියා බලා සිටීමය. අද කාලය ගතවනුයේ ඉතාම සෙමින් බව මගේ සිතට නැඟුනේ වරක් හෝ දෙවරක් නොවේ. සාපේක්ෂතාවාදය පැහැදිලි කරනු උදෙසා අයින්ස්ටයින් උදාහරණයක් ලෙස ඉදිරිපත් කල සංසිද්ධියක්ද මගේ මතකයට නැඟුනේ නිරායාසයෙනි. එනම් පීසාහි ඇලවෙන කුළුණ මත සිට අයින්ස්ටයින් පහත හෙලූ ඇපල් ගෙඩියක් චාල්ස් ඩාවින්ගේ හිස මත පතිතවීමෙන් බෙන්සීන් අණුවේ ව්‍යුහය පිළිබඳ මූලික සංකල්පය ඔහුට අවබෝධ වීමය.
සියළු ඒජන්තවරු සවස හයට රාජකාරි අවසන්කොට පිටත්ව ගියහ. (සිටි බැංකුවේ කාර්ය මණ්ඩලයේ පහළම මට්ටමේ නිලධාරීන් හැඳිවූයේ ඒජන්තවරු නොහොත් Agents ලෙසය.) සිටිබැංකුවේ චිරාගත සම්ප්‍රදායානුකූලව උසස් සහ මධ්‍යම මට්ටමේ නිලධාරීහු පිටත්ව යන්නෝ රාත්‍රී අටේ කණිසමටය.
එතෙක් ඉන්දියානු ආර්ථිකයේ ප්‍රගමනය පිළිබඳව ලියැවුනු ව්‍යාපෘති වාර්තා කියවමින් මම කාලය ගත කළෙමි. උගත් ඉහළ ගණයේ බුද්ධිමත් ශාස්ත්‍රඥයින් විසින් ලියැවුණු ඒ වාර්තා මඟින් ඉදිරි වසර දහය තුල ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදනය පිළිබඳ ඉතා විශ්වාසයෙන් යුතුව පුරෝකථනයක් ඉදිරිපත් කොට තිබිණි. ඒ කියවද්දී මසිතෙහි එක්වරම පැනනැඟුනු ගැටළුව නම් එවැන්නක් පිළිබඳව මෙපමණ විශ්වාසයෙන් යුතුව පුරෝකථනයක් කරන්නේ කෙසේද යන්නයි. කෙටියෙන් පැවසුවහොත් මට ඔවුන්ගෙන් විමසීමට තිබුනේ එකම පැණයකි. එනම් "කොහොමද යක්සයිනේ උඹල හරියටම දන්නෙ?" යන්නයි.
පස්වරු හතයි තිහට මම පිටත්ව යාම උදෙසා අසුන පසුපසට කොට නැඟී සිටියෙමි. ඒ දුටු වහා බාලක්‍රිෂ්ණන් මහතා මවෙත පැමිණියේය.
"ක්‍රිෂ් ඔය යන්ටද?" ඔහුගේ මුහුණේ වූයේ නොපහන් පෙනුමකි.
මම වහා අත් ඔරලෝසුව දෙස බලා වේලාව සවස හතර, පහ, හය, හෝ හත නොව හත පසුවී මිනිත්තු තිහ බව යලිත් වරක් තහවුරු කොට ගතිමි.
"ඔව්..මම යන්නෙයි කියල..ඒ හැටි වැදගත් වැඩකුත් නෑ මේ වෙලාවෙ කරන්ට"
"මම තව අවවාදයක් දෙන්නද ක්‍රිෂ්? කවදාවත් ඔයාගෙ බොස්ට ඉස්සෙල්ල ඔෆිස් එකෙන් පිටත්වෙන්ට එපා" බාලක්‍රිෂ්ණන් මහතා එසේ පැවසූයේ තම දකුණැස වසා ඉඟි කරමිනි. "හහ්..හහ්...හහ්" ...ඒ සමඟම ඔහු ලොකු විහිලුවක් කල විටෙක මෙන් මහ හඬින් සිනාසුණේය.
මම අවම වශයෙන් මද සිනහවක් හෝ පළ නොකොට බැරෑරුම් මුහුණින් යුතුව ඔහු දෙස බලා සිටියෙමි. ඔහු පැවසූව කිසිසේත් මට විහිළුවක් වූයේ නැත.
බාලක්‍රිෂ්ණන් මහතා මහ හඬින් සිනාසෙන බොහෝ දේට සිනාසීමට මම අපොහොසත් බව මට ඒ වනවිට වැටහී තිබිණි. යම් ඉඩ ප්‍රස්ථාවක් ලද වහාම චෙන්නයි නුවර පොත් සාප්පුවකට ගොස් දමිළ විහිළු අඩංගු පොත් කිහිපයක් මිලදීගෙන දමිළ විහිළු පිළිබඳව අධ්‍යයනයක් කළයුතුයැයි මම ඉටා ගතිමි.
"මිස්ට බාලක්‍රිෂ්ණන් කීයටද යන්නෙ?" මම දිගු සුසුමක් හෙලා හිස දෙපසට සොලවමින් විචාලෙමි.
"තව ටිකකින් මමත් යනව….. එක්කොත් ඔන්න ඔහෙ මමත් දැන්මම යනවා. කුසුම් මඟබලාගෙන ඇති මම එනකල්. ක්‍රිෂ් මොකද කියන්නෙ? අපේ ගෙදර යමුද රෑ කෑමට?"
"අනේ බෑ මිස්ට බාලක්‍රිෂ්ණන්. ඒත් ආරාධනාවට නම් බොහොමත්ම ස්තූතියි"
බාලක්‍රිෂ්ණන් මහතා මා දෙස බලා සිටියේ ඉතා දුක්මුසු බැල්මක් මුහුණට නඟා ගනිමිනි.
"අපේ දුරින් නෑයො වෙන කට්ටියක් මේ කිට්ටුව පාතක ඉන්නව. මට අද එහෙ යන්න වෙනව මිස්ට බාලක්‍රිෂ්ණන්" මම ඔහුගේ ආරාධනය ප්‍රතික්ෂේප කීරිමට හේතු කාරණා ඉදිරිපත් කළෙමි.
"හරි හරි එහෙනං ඉතින් මොනව කරන්නද?" තවමත් පහව නොගිය දුක්මුසු බැල්මෙන් යුතුව බාලක්‍රිෂ්ණන් මහතා පැවසීය.
"මේ මිස්ටර් බාලා..ඔහෙ මගෙ බොස් වෙන්න පුලුවන්. ඒත් ඔහෙට ඕන ඕන විදිහට මාව පාලනය කරන්න නම මම කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ" එසේ සිතමින් සිටි බැංකුවේ මගේ පළමු රාජකාරි දිනය නිමකොට මම කහ පැහැයෙන් දිලෙනා පහනින් ආලෝකමත් වූ වීදියට බටුයෙමි.
"ස්වාමිනාදන්"………. අනන්‍යාගේ කුඩා ගෙවත්තක් මධ්‍යයේ පිහිටි නිවසේ ඉදිරි දොරටුව අසල බිත්තියෙහි ඔබ්බවා තිබූ නාම පුවරුවෙහි එසේ සඳහන් වූයේ ඇළවූ එකට බැඳුනු අකුරිනි.
ඊට පහළින්වූ විදුලි සීනුව මම නාද කලෙමි. ගෙතුලින් නොකඩවා ඇසෙන ග්‍රයින්ඩරයක් ක්‍රියාත්මක වන හඬ අතරින් කොහේදෝ ඉතා සෙමෙන් සීනුවක් නාදවන හඬ මට ඇසිණි. මිනිත්තු කිහිපයක් ගතවූ නමුදු කිසිවකු දොර විවර කලේ නැත. මම යළිදු සීනුව නාද කළෙමි. එවර මොහොතක් ගතවීමට පෙර දොර විවරවී අනන්‍යාගේ පියා දොර එළිපත්ත මත ප්‍රාදූර්භූතවිය.
"ඔව්?.........." ඔහු දෙබැම ඉහළට නංවාගත්වනම මදෙස එක එල්ලේ බලා සිටියේය. ඔහු මා එක්වරම හඳුනාගත් නමුදු මා අපහසුතාවයට පත්කීරිමට හඳුනානොගත්සේ කටයුතු කරන බව මට සැකයක් නොවීය. ඉදිරිපස සාක්කුවක් සහිත අත් කොට සුදු බැනියමක් සහ නිල් සහ සුදු කොටු වැටුණු ලුංගියක් හැඳ සිටි ඔහුගේ සුරතෙහි දෙකට නැවූ පුවත්පතක් ද විය.
"සර් මම ක්‍රිෂ්, අනන්‍යාගෙ යාලුවා..... "
මටද අද වනතෙක් සිතාගත නොහැකි යම් අද්භූත හේතුවක් කරණකොටගෙන කිසිවකු කෙරේ මසිතෙහි බියක් ජනිත වන්නේ නම් මම ඔහු සර් යනුවෙන් ඇමතීමට නිරායාසයෙන් පෙළඹෙන්නෙමි. මගේ සුරතෙහි විස්කෝතු පාර්සලයක් විය. කිසිවකුගේ හෝ නිවෙසට යන්නේ නම් අවම වශයෙන් එහිදී ඔබ පරිභෝජනය කරන්නට බලාපොරොත්තුවන කැලරි ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් හෝ එම නිවසට ත්‍යාගයක් ලෙස ගෙනයායුතු බව මම කුඩා කල සිටම දැඩිලෙස විශ්වාස කළෙමි. ඒ මගේ පන්ජාබි උරුමයෙන් පැමිණි ගුණ ධර්මයක් වියයුතු අතර මම ඒ පිළිබඳව දැඩිලෙස ආඩම්බරද වීමි.
අනන්‍යාගේ පියා මේ අතර තවමත් මාදෙස දෑස් විදහාගත්වනම බලාසිටියි. "මම ක්‍රිෂ් සර්...අර අර..මේ අහ්මදාබද්වලදි අපි හම්බවුනේ." මට දෙවන වරටත් මා හඳුන්වාදීමට සිදුවිය.
"හ්ම්ම්ම්ම්…..හ්ම්ම්ම්ම්...එන්න ඇතුළට.." ඔහු දොරටුවෙන් මඳක් පසෙකටව මට නිවසට පිවිසීමට ඉඩ දුන්නේය.
මම නිවසට ඇතුළුව ඔහුට මා ගෙනා විස්කෝතු පාර්සලය දුනිමි. එය අතට ගත් වහාම ඔහු "සපත්තු සපත්තු" යනුවෙන් මහ හඬින් කෑගැසීය. "බොහොම ස්තූතියි" වැනි ප්‍රතිචාරයක් අපේක්ෂාකල මම ඉන් බොහෝසේ වික්ෂිප්ත වූයෙමි.
"සපත්තු? මොන?........" මම අඩක් විවරවූ මුවින් යුතුව විචාලෙමි. මට එකවරම සිතුනේ අමුත්තකු නිවසට පළමුවරට පැමිණෙන විට සපත්තු යුවළක් රැගෙන එන චාරිත්‍රයක් චෙන්නයිහි බ්‍රාහ්මණ වංශික කුළවතුන් අතර පවතිනවා වියයුතුය යන්නයි. අනන්‍යා මෙවැන්නක් පිළිබඳව මට අවම වශයෙන් සඳහනක් හෝ නොකිරීම පිළිබඳව මසිතේ ඇය කෙරෙහි යම් අප්‍රසාදයක්ද හටගත්තේය.
මාදෙස යලිත් දැඩි අප්‍රසාදය හඟවන බැල්මක් හෙලූ අනන්‍යාගේ පියා නිවසින් පිටත බිත්තිය අසල වූ සපත්තු රාක්කය වෙත ඇඟිල්ලක් දිගු කලේය. වහා සපත්තු ඉවත්කල මම ඒවා පරිස්සමින් රාක්කයෙහි තැන්පත් කළෙමි. එතැනම සිටගෙන මේස් යුවලෙහි සිදුරු ඇත්දැයි ද පරීක්ෂා කළෙමි. සිදුරු කිසිවක් නොමැති වුවද පැය දොළහකට අධික කාලයක් පැළඳ සිටිනා මේස් යුවලෙන් නික්මෙන සුගන්ධය පිළිබඳ කෙසේවත් සෑහීමට පත්විය නොහැකිබව තීරණය කොට මේස්ද ඉවත්කොට සපත්තු යුවල තුල මනාලෙස සැඟවීමි.
"හා..හා..බලාගෙන ඔය රංගෝලිය පාගන්න එපා" මම නිවසට ඇතුළුව පියවර දෙකක් තැබීමටද පෙර අනන්‍යාගේ පියා යලිත් මහ හඬින් කෑගැසීය.
දැඩිලෙස බියපත්වූ මම වහා පස්සට පැන්නෙමි. එහෙත් ඒ වනවිටද දොරකඩ රත්පැහැ වර්ණ ගැන්වූ හාල් පිටි භාවිතයෙන් ඇඳ තිබූ විචිත්‍ර රංගෝලි සිතුවම මත මම මගේ දකුණු පාදය තබා අවසානය.
"අනේ සමාවෙන්න සර් මම හිතල කරපු දෙයක් නෙවෙයි...සමාවෙන්න....සමාවෙන්න" වහා දෙදණ නවා එතැන හිඳගත් මම මවිසින් කල හානිය ප්‍රතිසංස්කරණය කිරීමට තැත් කළෙමි.
"මේ ඕක ආයෙ හදන්න බෑ අයිසෙ. තමුසෙ හදන්නෙ ඕක තවත් විනාස කරල දාන්න. ඔතනින් නැඟිටල මෙන්න මෙහෙ එනව. ඇවිල්ල ඉඳ ගන්නව" අනන්‍යාගේ පියා මා මෙතෙක් ඔහු හා ගතකල මේ ඉතා අල්පවූ කාල සීමාව තුල තෙවන වරටත් කෑගැසීය.
(ඉන්දියාව නේපාලය සහ බංග්ලා දේශය යන රටවල හින්දු භක්තිකයින් අතරබහුල වශයෙන් පවතින නිවසේ ආලින්දයේ හෝ සාලයෙහි වර්ණගන්වාගත් සහල්, සහල් පිටි හෝ වෙනත් ධාන්‍ය ආධාර කොටගෙන විචිත්‍ර රූ රටා ඇඳීමේ චාරිත්‍රය රංගෝලි නමින් හැඳින්වේ.දේව වන්දනාවක් ලෙස මෙන්ම ශුභ ඵල උදාකරගැන්මද මේ චාරිත්‍රයේ අරමුණුවේ.)
නිවෙසක ආලින්දයෙහි ගෙබිම මත ඇඳුනු විචිත්‍ර රංගෝලි රටාවක් |
හැක්.
ReplyDelete- මීට දේශකයා
දේශකයා,
Deleteහැක්? මොකද හම්බාවො හැක් කියන්නෙ? උඹ බ්ලොග් එක හැක් කලා වත්ද?...:)
ප්‍රථම දිනේ ආසාවෙන් ඔෆිසියෙ වැඩ කරයිලූ
ReplyDeleteඑකම හෙනේ බොසා ඇවිත් අනං මනං අහයිලූ
ඇයම බලාගන්නට ක්‍රිෂ් කන්චිපුරම් දුවයිලූ
නියම කොටස කියවන්නට දුමියත් මග බලයිලූ.......
ජයවේවා!!!
දුමී,
Deleteපිස්සුද හැටිද බොල දුමියෝ,
කන්චිපුරම් ගියේ කවුදෝ?
ක්‍රිෂ් කන්චිපුරම් ගියෙ නෑ බං. අනන්‍යාලගෙ ගෙදරට ගියේ...ඒ මහගෙගෙ ගෙදර තියෙන්නෙ චෙන්නයිවල...:)
රවි.
Deleteසීත කාලෙනෙ මේ. පිස්සුව ටිකක් වැඩිවුණා. ඒ හින්දා පොඩි අතපසු වීමක් වුණේ. කවියේ තුන්වන පේලිය මෙහෙම වෙනස් කරන්නම්.
"ඇයම බලාගන්නට ක්‍රිෂ් මහගෙදරට දුවයිලූ"
ජයවේවා!!!
මමත් ඔහොම ගිය හැටි මතකයි...ඔව්..
ReplyDelete.. මට හොද හැටි මතකයි..
කම්මල,
Deleteහෙහ්..උඹට මොකද එහෙම ගියහම උනේ?
මට ඉස්සෙල්ලම නැන්දම්මයි මාමණ්ඩියවයි මුණ ගැහුනෙ ඉස්පිරිතාලෙකදි. මාමණ්ඩිය ඉස්පිරිතාලෙ නවත්තල හිටිය හුස්ම ගන්ට බැරි අසනීපයක් හැදිල. හෙහ්..ඒකත් මරු කතාව.
මම ආය මොනවද ඇපල් මුද්දරප්පලං අන්නාසි පුහුල් දෝසි එතනිං ගිහාම පැණි බූන්දි එහෙම අරගෙන ගියෙ වීල් බැරැක්කයක් පුරවල. අන්න එහෙමයි අපි. දන්නවද? ඒ කතාව මම කලින් දවසක සවිස්තරව ලිව්ව ..හෙහ්,හෙහ්,
අපේ බොසා මම ලව් එක පටන් ගන්නත් ඉස්සර නැන්දම්මව හම්බවෙන්න කියල එයාගෙ ඔෆිස් එකට යැවුවනෙ. ( මම යාළුවෙක් විදිහට ඉදන් ලවු කියල කියා ගන්න බැරිව ඉද්දි ඇවැස්ස මස්සිනා ප්‍රොපෝසල් එකක් ගෙනත් , මම ගැන කියපු අලුගුත්තේරු කතා අහල නැන්දම්ම මම ගැන හොයපු එකේ ප්‍රතිඵලේ තමයි නැන්දම්මගෙ සම්මුඛ පරීක්ෂණ සදහා අපේ බොසා මගේ බලවත් විරෝධය සමගින් මාව යැවීම ).
Deleteඌ ඇත්තටම මම ගැන කියල තිබ්බ ඒව හරි උනත් , ඌ දැනගෙන ඉදල නෑ මම කසාද බැදල හොද මිනිහෙක් වෙන්ඩ ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම හිතන් හිටිය බව..
මාත් ටයි එකක් දාල , අත් දිගට ඇදල , අපේ ඔෆීසියේ තිබ්බ හොදම කාරෙකකින් ගියා ..සොරි.. ලොක්ක මාව යැවුව. නැන්දම්ම මාව ප්‍රශ්ණකලේ කොලේක ලියාගෙන ආපු දෙයකින් අනු පිලිවෙලට . සමහර ප්‍රශ්ණ වලට අපේ ලොක්කගෙ සෙකට්‍රි උත්තර දීල තිබ්බ හින්ද මම දැක්ක සමහර ප්‍රශ්ණ තනි ඉරකින් කපල දාල. ප්‍රශ්ණ ටික අවසානයේ කිවුව " පුතා එයාට අපි ප්‍රොපෝසල් එකක් ගෙනත් තියෙන්නෙ " කියල. දණ ගහල වැදල මම ආව. කෙලින්ම ......
ඒක මරු කතාව ඉතුරු ටිකත් ලියපං.
Deleteකම්මල,
Deleteමොකද්ද බං ඒ උත්තරේ? අපේ මැඩම් කෙනෙකුත් හිටිය ඔය වගෙ. අටේ පන්තියෙ විතර අපිට විද්‍යාව කරපු මැඩම්. මොකක් හරි පැහැදිලි කරගන්ට එවුන්දැගෙන් ඇහුවම අන්තිමට වෙන්නෙ තේරිල තිබ්බ ටිකත් අඤ්ඤ කොරොස් වෙලා ලාන්තරස්වෙලා ෆුල් කොන්ෆියුසියස් වෙලා යන එක.
ඒ වගෙ තමයි උඹත්. පැහැදිලිව කියාපංකො ඩෝ මොකද වුනේ කියල මුල ඉඳල...දැං මෙතන බොසෙක් ඉන්නව, නැන්දම්මෙක් ඉන්නව., එතනිං ගිහාම ඇවැස්ස මස්සිනෙකුත් ඉන්නව.ඉස්සෙල්ලම කියපං බොසා කියන්නෙ මාමණ්ඩියමද? නැත්තං බොසාගෙයි නැන්දම්මගෙයි ඥාතිත්වය මොකක්ද? පාත්‍ර වර්ගයා ගෙ ඥාතී සබඳතා, එතකොට පූර්වාපර සන්ධි ගැලපීම් සහ පසුබිම් කටහව එහෙම කියලම කතන්දරේ කියාපං..හෙහ්,හෙහ්,
මේන්න මෙහෙමයි , අපේ බොසා අපේ කම්පනි එකේ සභාපතීත්වය උසුලන ගමන් තේ මණ්ඩලේ සභාපතිකමත් කාලයක් දරල තිබ්බ. අපේ නැන්දම්මත් ඒ මණ්ඩලේම තමයි රාජකාරි කලේ.
Deleteමම මේ සම්බන්ධතා තියා කෙල්ලගෙ සම්පූර්ණ නමවත් නොදැන බොහොම අමාරුවෙන් කෝච්චියේදි ලගට ෆ්ල්ග් වෙලා කතාවක් දාගෙන යනව..ඕම ඕම යද්දි පරක්කු වෙලා වැඩ ඉවර වෙන දවස් අහගෙන මාත් අහම්බෙන් වගේ කෙල්ලව හම්බවෙනව. ගොනා ඒ කිවුවෙ මම , හැරෙන්නෙ පොල් පැලේ කන්ඩ බව දැනුන ඇවැස්ස මස්සිනා මගේ සැබෑ තතු නැන්දම්මට කියනව. ( අපි කෝච්චියට නගින්නෙ ගම්පහින්, මස්සිනා නගින්නෙ වල්පොලින් ඌට සම්මක්ජාතියට නෑන ලගට එන්න බෑ , සෙනග හින්ද , ඌ දකිනව මම ලගට වෙලා යනව )ඊට පස්සෙ නැන්දම්ම දුවට හොරෙන් මම ගැන හොයනව. ඒ අතරෙ ඇවැස්ස මස්සිනා තමන්ගෙ මව්පියන් ලවා විවාහ යෝජනාවක් ගේනව. කලබල උන නැන්දම්ම දුවගෙ පලහිලවුවක් තියනව කියන හාදය ගැන ( මම ) හොයනව මාස්සිනා තමයි මම වැඩකරන තැනත් කියල තියෙන්නෙ .
ඊට පස්සෙ තමයි අපේ බොසා මාව නැන්දම්ම ගාවට යවන්නෙ . රස්සාව , මගෙ පඩිය වැඩකරපු තැන , මට පවුලෙන් ලැබෙන්ඩ තියන දේවල් ... ආ ඔක්කොටම වඩා මගෙ කඩවසම් බව නැන්දම්මට හිතට ඇල්ලුව. හැබැයි අර අන්තිම උත්තරේ දුන්නෙ කුලමල ප්‍රශ්ණෙ ඇදගත්තට පස්සෙ පියෝ දේව වංශික / වහුම්පුර / අමුවෙන්ම කිවුවොත් හකුරු වෙච්ච අයට පහතරට ගොයිගම අයගෙන් හිරයක් දෙන්න නැන්දම්මට පොඩි අප්සෙට් එකක් එන්න ඇති ඒක හින්ද ඇවැස්ස මස්සිනාටම දෙන්න ක්ෂනික තීරණයකට ආව කියන එක මට උන්දැගෙ බොඩි ස්ටයිල් එකෙන්ම තේරුනා. ( දැන් තොපි අඩු කුලේ කියාගෙන එන්න හදන උන් විකිපීඩියා එක බලල වරෙල්ල ). දුටු ගැමුණු රජ්ජුරුවන්ගෙ සේනාවෙන් අඩක් හිටපු අපේ මුතුන් මිත්තො සිහිකරගෙන නැන්දම්මට වැදල මම ගියා කෙල්ලගෙ ඔෆිස් එක ගාවට පැය භාගෙකින් විතර වැඩ ඉවර වෙලා උන්දැ ආව මම කිවුව " ඔයාගෙ අම්ම කාටවත් කියන්ඩ එපා කියල මට එන්ඩ කිවුව, මෙන්න වෙච්චි සිද්දිය කියල " විස්තරේ කිවුව.
එදා තමයි මම කිවුවෙ " මම ඔයාට කැමතියි " කියල . උන්දැ වචනයක්වත් නොකිය ගෙදර ගියා .
පහුවෙනිද නැන්දම්ම කතාකරල ගෙදර ඇවිත තාත්තව හම්බවෙන්න කියල 'දඩස් ' ගාල ෆෝන් එක තිබ්බ.. අපේ මාමජ්ජත් ' ගල්' විතරක් බොන එල කොල්ලෙක් නිසා ඇහුවෙ එක ප්‍රශ්ණයයි " පුතා ලගෙ පවුලෙ අය දෑවැද්දට බලාපොරොත්තු වෙන්නෙ මොනවද " කියල විතරයි. දෑවැද්දත් එක්ක ගෑණු ගන්ඩ එපා කියල , අපේ තාත්ත කලින්ම කියල තිබ්බ හින්ද , ඒ උත්තරෙත් දීල ගෙදර ආව. එදා ඉදන් තමයි අපි දෙන්න ලව් කරන්ඩ පටන් ගත්තෙ.
පෑදිලිද.?
කම්මල,
Deleteඅම්මට වූඩු, තාත්තට ගෝයා...යකෝ එළ ද බ්‍රා පේම කතාවක්නෙ ඒක..පේම කතාවක චරිත දෙකක් අපි, විරහ ගීතයක පේළි දෙකක් අපි,
තැන්කියු, තැන්කියු...ෂක්ෂුදක්ෂේ පෑදිලියි...ෂක්ෂුදක්ෂේ පෑදිලියි...
ගෙවල්වලින් එහෙම අනුමත කරගෙන ලව් කරන්න අරං. අනේ හුකේ මොකද්ද බං ඒ ලවේ රහ.
Deleteමොනා කරන්නද හැලප අයියෙ ..මේ අන්තිම ප්‍රේම කතාවනෙ. තව කතාවක් ලියන්න හිතුන අරූගෙ කමෙන්ට් එකේ මේ කෑල්ල දැකල /
Delete// ඔය බ්‍රහ්ම පොරවල් පිට එකෙක්ව ලේසියෙන් ගෙට ගන්නේ නැතිලු//
මී පල්ල ..මී පල්ල අමාරුවෙන් ගෙට ගියත් දේව රූප තියන කාමරේට යන්න දෙන්නෙමෙ නෑ.
කම්මලේ,
Deleteඅම්මට හුඩු පේම කතා අහලා තියෙනවා එත් මෙහෙම පේම කතාවක් ඇහුවාමයි ඩෝ...:D
බොලාට ඉතිං අපිම ඉන්ඩ ඕනෙ මේව කියන්ඩ.
Delete/පීසාහි ඇලවෙන කුළුණ මත සිට අයින්ස්ටයින් පහත හෙලූ ඇපල් ගෙඩියක් චාල්ස් ඩාවින්ගේ හිස මත පතිතවීමෙන් බෙන්සීන් අණුවේ ව්‍යුහය පිළිබඳ මූලික සංකල්පය ඔහුට අවබෝධ වීමය/ දැන් ඔය බෙන්සින් අණුවේ ව්‍යුහය ගැන මූලික සංකල්පය ඇතිවුනාය කියන්නේ දෙන්නගෙන් කාටද? අයින්ස්ටයින්ටද ඩාවින්ටද
ReplyDeleteඇණේ,
Deleteනෑනේද බං?..දෙන්නටම වෙන්ට බෑනෙ...ඇපල් ගෙඩිය වැටුනෙ නිව්ටන්ගෙ ඔලුව උඩට නේද? අඩේ නෑ නෙ. නිව්ටගෙ ඔලුවට වැටුනෙ දූරියං ගෙඩියක් නෙ? නේද?
හරි ඇපල් ගෙඩිය වැටුනෙ මට මතක විදිහට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ගෙ ඔලුවට වෙන්ට ඕන..අඩේ ඇපල් ගෙඩියක් නෙවෙයි නේද? ඇපල්ද මැංගුස් ගෙඩියක්ද?හරි මොකක් හරි...කොහොම හරි බෙන්සීන් ව්‍යුහය පිළිබඳ මූලික සංකල්පය ඇතිවුනේ ඒ අනුව ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්ට වෙන්ට ඕන...පෑදිලියිනේ?
ඔය රංගෝලිය අඳින්නෙම පාරමැද්දෑවෙනෙව, හොඳ වෙලාවට පිටිවලින් ඇඳලා තිබ්බේ ඇට දාලා තිබ්බනම් උන්දැ හබක්
ReplyDeleteඇණයා,
Deleteහරි බං රංගෝලියෙන් ඒ බලාපොරොත්තුවෙන නියම ඵල ප්‍රයෝජන ලැබෙන්ට ඒක වැඩි දෙනෙක්ගෙ ඇස ගැටෙන්ට ඕන. එතකොට නිවසේ පුලුවන් තරම් මධ්‍යයට කිට්ටුවෙන් අඳින්ට ඕන. එහෙම බැලුවම ඉතිං ඔය කොහෙ හරි මුල්ලක ඇඳල වැඩක් නෑනෙ නේද?
////කිසිවකුගේ හෝ නිවෙසට යන්නේ නම් අවම වශයෙන් එහිදී ඔබ පරිභෝජනය කරන්නට බලාපොරොත්තුවන කැලරි ප්‍රමාණයට සමාන කැලරි ප්‍රමාණයක් හෝ එම නිවසට ත්‍යාගයක් ලෙස ගෙනයායුතු බව මම කුඩා කල සිටම //////////
ReplyDeleteමේක දැක්කම අහන්න හිතුනේ...උඹ ගෙදරකට යනකොට අරක්කු බෝතල් එකක්ද එකහමාරක්ද අරන් යන්නේ.:D
ඔය බ්‍රහ්ම පොරවල් පිට එකෙක්ව ලේසියෙන් ගෙට ගන්නේ නැතිලු. මගේ බිරිඳගේ මල්ලි බැඳලා ඉන්නේ තමිල්නාඩු බ්‍රහ්මින් කෙල්ලෙක්. ලංකාවට ආවට පස්සේ ඒ ගතිගුන ඔක්කොම අහවරවුනා අපිත් එක්ක සෙට්වුනාට පස්සේ.
/මේක දැක්කම අහන්න හිතුනේ...උඹ ගෙදරකට යනකොට අරක්කු අරුණ,
Deleteබෝතල් එකක්ද එකහමාරක්ද අරන් යන්නේ.:D/
ඔන්න කිව්ව එකක්...යකෝ තොපි මා ගැන හිතාඉන්නෙ එහෙමයි එතකොට නේ?
/මගේ බිරිඳගේ මල්ලි බැඳලා ඉන්නේ තමිල්නාඩු බ්‍රහ්මින් කෙල්ලෙක්./
හුටා එහෙමද? උඹලගෙ පවුලත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අන්තර්ජාතික පවුලක් නොහොත් International Family එකක් නේ? බොලා නෑදෑයො කට්ටිය එකතු උනහම එක්සත් ජාතින්ගේ සංවිධානයෙ වාර්ෂික සැසි වාරය වගෙ ඇති නේද?...:)
////එක්සත් ජාතින්ගේ සංවිධානයෙ වාර්ෂික සැසි වාරය වගෙ ඇති නේද?...:)////////
Deleteවයිෆ්ගේ අයියගේ වයිෆ්ගේ අම්මා පන්ජාබි. තාම සාක් කලාපේ. යූඑන් එකටත් යැවෙයිද දන්නෑ.
හරිම ලස්සන අාදර කතාවක් මටත් මේ පෝස්ට් එක හොඳට රසවිඳින්න පුලුවන් වුනා ඔයා ෆොටෝ එක විස්තර කරල තියන නිසා හැමෝම ගැන හිතනවට මම ඔයාට හදවතින්ම ගරු කරනව. ජය වේවා.ඉ
ReplyDeleteබොහොම ස්තූතියි කටකාරි...:)
DeleteVery nice biutifull. Good expiriance you get.
ReplyDeleteThankiyu Ratathota....
Deleteno my expirianse but of the righter of orijinel istori.
අඩේ මේ කතාවා තාම ඉවර වෙලා නැහැ නෙවද. මන් හරිම අස්පට් එකේ හිටියේ මේ කතා ලියලා වල දාලත් ඇති කියලා. එහෙමකට මිස් වෙලා නැහැ වගේ. පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. රවි අයිය නෙව ලියන්නෙ..
ReplyDeleteසයුරී, සයුරී, සයුරී....
Deleteඉතිං ඉතිං කොහොමද? දැන් එහෙනං විවේකයක් හම්බවෙලා වගෙ නේද?
මම බොහොම ආසාවෙන් කියවපු බ්ලොග් එකක් පහන්යාය...මේ ඊයෙ පෙරේදත් පොඩි ආතල් එකකට සෙට් වෙලා ඉන්දැද්දි අර ඔයාගෙ සැමියා තෙමේ කිව්වයි කියල ඔයා එක පාරක් බ්ලොග් එකේ ලියපු කතාවක් මතක් වෙලා කට්ටියට කිව්ව. අර ඔයාල කොහෙදො යද්දි "Beware of falling rocks" කියල Warning Sign" එකක් දැක්කම එතුමා කිව්වයි කිවෙ "එහෙනං දේවදත්ත ඉස්සරහ කන්ද උඩ ඇති" කියල. ඒක අහල එකෙක් කිව්ව "අඩේ බුදු හාමුදුරුවො එදා යනකොටත් ඔහොම "Warning sign" එකක් තිබ්බනම් බුදු හාමුදුරුවන්ට තුවාල වෙන්නෙත් නෑ. දේවදත්තය අපායෙ යන්නෙත් නෑ කියල....:)
හෙහෙ..සැමියා තෙමේ ඔහොම විපිරියාස කතා කියනවා තමා හිතුනහම. ඊටත් හපන් ඔබතුමාගේ යාලුවා කියලා තියන එක :D
Deleteයෙස් මම අලුත් අවුරුද්දේ හිතා ගත්තා ටී වී සීරීස් බලන එක නවත්තලා බ්ලොගේ මොනවා හරි ලියනවා කියලා. මොකෝ ඒවා බලලා උන්ට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ නෙව
සයුරිලා රහට ලියපු අයනේ. අපි එදා ඉඳලම කියෙව්වා. ටීවි සීරිස් වලින් අපි යමක් එකතුකර ගනියි. ඒත් ලියනවා වගේ අදහස් එලියට දාගන්න බැහැනේ. බලන්න ගොඩක් දේ තියෙනවා මේ නවීන ලෝකේ. ලියන්න තමයි කස්ටිය අඩු. සයුරි බලන දේවල්, පේන දේවල් ලියන්න ආපහු. බලලා, කියවලා බැරිම තමයි මමත් ආපහු මේ විකාර ලියන්න පටන් ගත්තේ. මම වගේ ජොකියෙක් ලියනවා නම්, සයුරිලාට ලියන්න කොච්චර දේවල් සහ කොච්චර හැකියාවක් තියෙනවා ඇද්ද.
Deleteමේ මාව බයිට් කරනවා නෙවෙයි නේද.
Deleteඅරුණ ලියන්න පටන් ගත්ත ඒවා අපිට බලන්න විදිහක් නැද්ද? නම දිගේ ගියාට මුකුත් හොයා ගන්න බෑ.
සයුරී,
Delete/අරුණ ලියන්න පටන් ගත්ත ඒවා අපිට බලන්න විදිහක් නැද්ද? නම දිගේ ගියාට මුකුත් හොයා ගන්න බෑ./
මෙන්න ලින්ක් එක
මේ අරූ ගේ අඩවිය නේ බොලේ :)) තැන්කු තැන්කු
Deleteහැමදාම වගේ අදත් බොහොම ආසාවෙන් කියවගෙන ගියා...
ReplyDeleteඅනන්‍යාගේ අම්මගෙ ප්‍රතිචාරත් දැනගන්නත් නොඉවසිල්ලෙන් ඉන්නෙ.
තුශානි,
Deleteබොහොමත්ම ස්තූතියි මැඩම්....අම්ම තාත්තට එහා ...:)
මේ ඉතිරිය එනකම් ඉන්නෙ
ReplyDeleteස්තූතියි රස්....ඈසුනෑස් පොසිබොල්..ඈසුනෑස් පොසිබොල්.:)
DeleteI am surprised these two are actually married (in real life I mean). Assume this is not you spicing up the story Ravi he he.
ReplyDeleteAno,
DeleteWell I reckon Bhagat has spiced up a little bit (may be not a little bit..heh..heh ) of his actual life story.
To be frank I had done the same again to add a little bit of drama...:)
පුදනකොටම කාපි යකා වගේ මේ යස්සයාත් කෙල්ලගේ ගෙදර ගිය හැටියේම ලකුණු කපාගෙන නොවැ.
ReplyDeleteමනෝජ්,
Deleteහෙහ්..හෙහ්..ඒකනෙ බං කියන්නෙ... ඇති මූ අර රංගෝලිය උඩ අඩිය තියපු වෙලාවෙ ලිස්සල ගිහිල්ල අනන්‍යාගෙ තාත්තගෙ ඇඟට පත බෑවිල දෙන්නම එක පොදියට බිම වැටිල තාත්තගෙ කොන්ද ඇමැට්ටි නොවිච්චි එක. මම කතාව ලිව්වනම් දෙයියම්ප අන්න එහෙමයි ලියන්නෙ...:)
මං හිතන්නෙ ක්‍රිෂාගෙ අර හඩු මේස් දෙකේ ගඳ හළියටත් ආපු හින්ද වෙන්න අැති සපත්තු දෙක එළියෙන් තියල එන්න කියන්න ඇත්තෙ.
ReplyDeleteරංගෝලියක් හින්ද අනාගත මාමණ්ඩියගෙන් ගුටි නොකාපු එක මදැයි.
වෙනදා වගේම රහට කියවගෙන ගියා...මදැයි ගෙට ගොඩ වෙද්දීම කරගත්ත හරිය...
ReplyDeleteපොකුරු,
Deleteදොරකඩදීම වැඩේ සැට් උනා කියන්නෙ ඕකට තමයි.
නැවතත් නියම පරිවර්තන කොටයකි.
ReplyDelete/එනම් පීසාහි ඇලවෙන කුළුණ මත සිට අයින්ස්ටයින් පහත හෙලූ ඇපල් ගෙඩියක් චාල්ස් ඩාවින්ගේ හිස මත පතිතවීමෙන් බෙන්සීන් අණුවේ ව්‍යුහය පිළිබඳ මූලික සංකල්පය ඔහුට අවබෝධ වීමය.// එළ කෑල්ල :)