Wednesday, January 25, 2017

476. පුවක් එෂැණිං 24 - Sri Lanka Goes down on Global Corruption Index. Government Vehemently Protests....


Sri Lanka has gone down to no. 95 out of 176 countries
in Global Corruption Index
- Image courtesy of Daily Mirror on line

ඊයේ විශේෂ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය වාර්ෂිකව නිකුත් කරන ලොව අන්ත දූෂිත රාජ්‍ය දර්ශකය අනුව ශ්‍රී ලංකාව 2015 වසරේ ලබාගත් 83 වන ස්ථානයේ සිට ස්ථාන 12ක් පහළටගොස් 95 වන ස්ථානය ලබා ඇති බවයි. සමාලෝචනයට ලක්වූ ලෝකයේ රටවල් 176 ක් අතුරින් ඒ අනුව රටවල් 81ක් ශ්‍රී ලංකාවට වඩා දූෂිත රටවල් ලෙස සැළකේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනුයේ මේ වාර්තාව කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනුයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මෙවර සමාලෝචනයට උපයෝගී කොටගත් කරුණු පිළිබඳව රජය කිසිසේත්ම සෑහීමට පත් නොවන බවයි. පසුගිය වසරේ මහත් ආන්දෝලනයට තුඩුදුන් රුපියල් බිලියන 100 කට ආසන්න මුදලක් රජයට අහිමි කල මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ආයතනය ප්‍රමාණවත් සැළකිල්ලක් දක්වා නැතැයිද එබැවින් ශ්‍රී ලංකාවට සත්‍ය වශයෙන්ම හිමිවියයුතු ස්ථානය අහිමිවී ඇතැයිද එම ප්‍රවෘත්ති නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

ඒ කෙසේ වුවද පරාජිත මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයෙහි කිසිදිනෙක ශ්‍රී ලංකාව මෙවන් ඉහළ ස්ථානයකට පත්නොවූ බවද එම රජය සමයේ ලැබූ ඉහළම ස්ථානය 2014 වසරේ ලබාගත් 85 වන ස්ථානය බවද රජය පවසයි.

එබැවින් දූෂිත රජයක්ම අපේක්ෂා කරන හිටපු ජනාධිපතිතුමාගේ අනුගාමිකයින්ට වර්තමාන රජයට සහය පළකිරීමේ කිසිදු ගැටළුවක් පැන නොනඟින බවද එහි සඳහන්ය.

"යහපාලන රජයක්ය කියන්නෙ ඒකයි. අපි ටොයියන්ට විතරක් නෙවෙයි බයියන්ටත් හරියන ආණ්ඩුවක්. බයියො ඉල්ලන්නෙ දූෂිත ආණ්ඩුවක් නම් අපි එහෙම එකක් දෙන්ටත් ලෑස්තියි. ඒ හින්ද ඔය පරණ හොරු පස්සෙ යන්නෙ නැතුව රට ජාතියෙ අභිවෘද්ධිය වෙනුවෙන් අලුත් හොරු එක්ක එකතුවෙන්ටය කියල මම සියලුම හොර තක්කඩියන්ගෙන් ඉතාමත්ම ඕනෑකමින්  ඉල්ලා සිටිනවා" රජයේ ප්‍රකාශකයෙක් පුවක් එසැණිං අමතා දැඩි උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කලේය. 

එලෙසම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ බලධාරීන් හමුවී දූෂිත රාජ්‍ය නම්කිරීමේ ඔවුන්ගේ ක්‍රමවේදය යලි සමාලෝචනය කිරීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත්කිරීම උදෙසා මූල්‍ය වංචාවන් පිළිබඳව හසල දැනුමැති අමාත්‍ය වරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ උපදේශකවරුන්ගෙන් සැදි ඉහල පෙලේ නියෝජිත පිරිසක් එහි මූලස්ථානය පිහිටි ජර්මනියේ බර්ලින් නුවර කරා පිටත් කොට යැවීමට ගරු අග්‍රාමාත්‍ය තුමා තීරණය කොට ඇත.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිස සඳහා රවි කරුණානායක, මලික් සමරවික්‍රම, සුජීව සේනසිංහ සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් නම් කොට ඇත.

"හිටපු මහ බැංකු අධිපතියි එයාගෙ බෑණයි දෙන්නත් මේ දූත පිරිස එක්ක යැව්වනම් හුඟක් හොඳයි. මේ මගඩිය කලේ කොහොමද කියල සහසුද්දෙන්ම දන්නෙ ඒ දෙන්නනෙ. Those two would have been very convincing, Actually they are the perpetrators of this abominable and heinous crime. ඒ වුනාට හදිස්සියෙවත් මහ බැංකුව ආයම බැඳුම්කර නිකුත් කරන්ට තීරණය කළොත් ආයම ඔය වංචාව කරන්ට ඒ දෙන්න ලංකාවෙ ඉන්ට ඕන. ඇත්තම කියනවනම් මමත් බර්ලින් යන්ට කැමතියි. ඒ කියන්නෙ ඔය වංචාව යට ගැහුවෙ කොහොමද කියල හරියටම දන්නෙ මමනෙ. ඉස්සෙල්ලම අර හිරිකොතේ වේලි වේලි ඉන්න පෙරකදෝරුවො තුන් දෙනෙක්ගෙ කමිටුවක් දැම්ම. ඊට පස්සෙ කෝප් වාර්තාව යට ගහන්ට කරපු දේවල්....ඊටත් පස්සෙ මේ ඊයෙ පෙරේද කෝප් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදෙ නවත්වන්ට අපේ අර පාලිත උන්නාන්සෙ ලව්ව නඩුවක් පයිල් කෙරෙව්ව. ඇත්තම කියනවනම් ඔය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එක දූෂිත රාජ්‍ය නම් කරනකොට දූෂණ ගැන විතරක් නෙවෙයි ඒ දූෂණ යට ගහන්ට ආණ්ඩුවෙ ලොකු ලොක්කො කරන මහ පොළව නුහූලන මගඩි ගැනත් ළකුණු දෙන්ට වටිනව. මම බය නැතුව කියන්ට කැමතියි එහෙම කලානම් ශ්‍රී ලංකාවේ ස්ථානය 95 නෙවෙයි අඩු ගානෙ 150 වත් වෙනව" ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාම හැඟුම්බරව ඉදිරියට නැවී තම නිල් සහ කහ පැහැති ටයි පටිය සුරතට ගෙන දෑස් අග නැඟි කඳුලක් පිසදමමින් පැවසූ බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මේ අතර ශ්‍රී ලංකාවට මෙවන් පෙර නොවී වීරූ කීර්තියක් ලබාදීමට පුරෝගාමී වූවන් උදෙසා මුළුමහත් ජාතියේම ගෞරවය පුදනු උදෙසා සම්මානනීය ගෞරව නාම ප්‍රදානය කිරීමට ගරු ජනාධිපතිතුමා තීරණය කොට ඇත. මෙම පෙබරවාරි හතරවන දිනට යෙදෙන නිදහස් සමරු උළෙලේදී නිදහස් චතුරශ්‍රයේදී උත්සවශ්‍රීයෙන් මෙම ගෞරව සම්මාන පිරිනැමෙනු ඇත. 

මේ අනුව හිටපු මහ බැංකු අධිපතිතුමාට "සමස්ථ ශ්‍රී ලංකාද්වීප පශ්චාත්භාග අරිට්ඨ - පළමුවන පන්තිය" ගෞරව නාමය පිරිනැමෙන අතර ඔහුගේ බෑණනුවන් හට එහිම දෙවන පන්තියේ සම්මානය පිරිනැමෙනු ඇත.

ගරු අග්‍රාමාත්‍ය තුමාහට "සමස්ථ ශ්‍රී ලංකාද්වීප පශ්චාත්භාග අරිට්ඨ - පළමුවන පන්තිය" ගෞරව නාමය සහ ඊට අමතරව "ශ්‍රී ලංකා මූල්‍ය බැඳුම්කර වඤ්ඡා ආවරණික මගඩි සම්පාදක" ගෞරව නාමයද පිරිනැමීමට ජනාධිපතිතුමා තීරණය කොට ඇත.

23 comments:

  1. හෙන ගහන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හෙණ ගහපං, ගණං බලාපං කිව්වලු....කාටද බං හෙණ ඉල්ලන්නෙ?

      Delete
  2. ARE U WILLING TO A TRIP BY A BLACK DEFFENDER

    ReplyDelete
    Replies
    1. දමිත්,

      මගේ රට වෙනුවෙන් (ඩීං ඩීං ඩීං) ජාතිය වෙනුවෙන් (ඩීං ඩීං ඩීං) ආගම වෙනුවෙන් (ඩීං ඩීං ඩීං) ඕනෑම දේකට (ඩීං ඩීං ඩීං) සූදානම් බව (ඩීං ඩීං ඩීං) මේ අවස්තාවේ (ඩීං ඩීං ඩීං) නිර්භයව (ඩීං ඩීං ඩීං) ප්‍රකාස කරන්න (ඩීං ඩීං ඩීං) කැමතියි (ඩීං ඩීං ඩීං) අපෙ හාන්දුන්නේ (ඩීං ඩීං ඩීං)

      සටහන 1 - ඩීං ඩීං ඩීං යනු පපුවට ගහගන්න සද්දෙ මචං හොඳේ.

      සටහන 2 - හාන්දුන්නේ කියල ලියන්ට අවුලකුත් නෑ. උඹේ ප්‍රොෆයිල් එක දැක්කම මට මතක් වෙන්නෙම දඩුවේ උම්මාලෝක, රතුඑළියේ අතන මෙතන, අරුත්තෙට්ටුවේ මූනන්ද, බෙංගමුවේ ලානක වගෙ කවුරුහරි..:)

      Delete
  3. ඉතින් කොහොමැයි අපි ජාත්‍යන්තරායට යන්නෙ

    ReplyDelete
    Replies
    1. රස්,

      මීටත් වඩා මොන ජත්‍යන්තරේකට යන්ටද බං?..මේ මහ බැංකු ගැහිල්ල හින්ද අපි දැන් හැම තැනම හෙණ ප්‍රසිද්ධයි.

      මේ ඊයෙ පෙරේද දවසක මෙහෙ අලුතෙන් ඇරපු ඉන්දියන් රෙස්ටොරන්ට් එකකට මම ගියා. පරාතයි චිකන් කරියකුයි ඕඩර් කරල ඉන්න ගමං ඒකෙ වේටර් කොල්ලෙක් එක්ක නිකං කම්මැලි කම යන්ටත් එක්කල කතා කලා. "අයෑම් ෆ්‍රොම් ශ්‍රී ලංකා" කිව්ව ගමං ඌ ගත් කටටම කිව්වෙ.."සිරි ලංකා, සිරි ලංකා..බොහොත් චෞර්කීහේ...බොහොත් චෞර්කීහේ.සෙන්ට්‍රල් බෑන්ක් කීහේ. බොන්ඩ් කීහේ...බිලියන් කීහේ, කේලියේ කීහේ, කේලියේ කීහේ අච්චා අච්චා......"

      ඒ කිව්වෙ බං අපේ බාසාවෙන් කිව්වොත් "අම්මට උඩු, ලංකාවෙද? පට්ට හොරුනෙ ලංකාවෙ ඉන්නෙ...කොහොමද මහ බැංකුවෙ බැඳුම්කර ගැහිල්ල? මාරයි නේද? බිලියන් ගාණක් ගැහුව නේද? අප්පච්චියේ.."අන්න එහෙම.

      එතන ස්ටාෆ් එක දැන් මට කියන්නෙ මිටර් බොන්ඩ් කියල. අර ජේම්ස් බොන්ඩ් ෆිල්ම් වල බොන්ඩ් කියන්නෙ "අයෑම් බොන්ඩ් ජේම්ස් බොන්ඩ්" කියල. ඒ වගෙ මම දැන් ඒ රෙස්ටුරන්ට් එකට ඇතුල්වෙන්නෙ "අයෑම් බොන්ඩ් රවී බොන්ඩ්" කියාගෙන. රෙස්ටුරන්ට් එකේ කට්ටිය හිනාවෙනම එලෝ මෙලෝ නැතුව. ඔය බොන්ඩ් කේස් එක හින්ද උං මට දැං 20% ක ඩිස්කවුන්ට් එකකුත් දෙනව.

      බලාගෙන යනකොට රනිලගෙ බොන්ඩ්ගැ හිල්ලෙං මටනම් පොඩි වාසියකුත් උනා නම් තමයි. මොනව උනත් ඇත්ත කියන්ට එපාය නැද්ද?...:)

      Delete
    2. හා හා කොමෙන්ටුව කතාවට වැඩිය එළය

      Delete
    3. රවී බොන්ඩ් රෙස්ටොරන්ට් එකේ බොන්ඩ් ටිකටත් කෙලී ද දන්නෑ.

      Delete
    4. ///ඔය බොන්ඩ් කේස් එක හින්ද උං මට දැං 20% ක ඩිස්කවුන්ට් එකකුත් දෙනව. ///
      අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනගේ පරපුටු සමාගම ඇරෙන්න ඔය මගඩිය නිසා වාසියක් වෙච්ච එකම එක ජහමනය උඹ වෙන්න ඇති රවී අයියේ...
      අපිට ඒකත් මදෑ...

      Delete
    5. //බොන්ඩ් කීහේ...බිලියන් කීහේ, කේලියේ කීහේ, කේලියේ කීහේ අච්චා අච්චා......"//

      ++++++

      Delete
  4. බලාගෙන ගියාම ටයි කෝට් ඇඳගෙන ඉන්න ටොයි පීපල්ස්ලා කියන්නේ හොරුන්ගෙත් හොරු කොට්ටාසයක්නේ බං රවී අයියේ...
    නීලකාස හොරු කම්බ හොරු කැලේ...
    කොස්කොල කාල නතර වෙන්න පුළුවන් උනොත් ලොකු දෙයක් වගේ...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      කිව්වට අමනාප වෙන්ට එපා...ටයි කෝට් කාරයො කුරහං සාටකධාරී බුරුසු කාරයොය කියල වෙනසක් නෑ මල්ලි දෙගොල්ලම පට්ටම හොරු එකම කාසියෙ දෙපැත්ත....:)

      Delete
  5. Replies
    1. අරූ,

      කතාව නම් ඇත්ත. ඒත් ඔය නන්දක්කයි සුනිල් අයියයි දෙන්නම කලේ නම් අර පල්වල ඉහගෙන කනව වගෙ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු එක. අයියගෙ පිචැර් ගැහිල්ලත් එකයි අක්කගෙ සිංදු කිවිල්ලත් එකයි.

      Delete
    2. උඹේ කතාවත් ඇත්ත.

      Delete
  6. ඔය සේරම සම්මාන නාන්ට පස්සේ සිරිසේන උන්නැහේටත් දෙන්න සම්මානයක් තියෙනවා ගෞරව නාමෙකුත් එක්කම..
    එක ටයිප් කරගන්න බැහැ බන් හැම තිස්සෙම කොටු කොටු වැටෙනවා...

    ReplyDelete
    Replies
    1. විභීෂණ,

      අපි ඒකෙ සම්මානෙ දෙනකොට හේතු පාටෙ මෙහෙම කියමු.

      "යහපාලනයක්, දූෂණයෙන් තොර සමාජයක් සහ විනිවිද භාවයෙන් යුතු ආණ්ඩු ක්‍රමයක් උදෙසා ඔබට මනාපයදී ඔබ රටේ උත්තරීතර අධිපති පදවියට පත්කොටගත් මහජනයාගේම කිසිදු හිරිකිතයක් නොමැතිව (කොටු, කොටු, කොටු) වෙනුවෙන් ශ්‍රී ලංකාද්වීපයේ ජනාධිපතිවන ඔබට ශ්‍රී ලංකා (කොටු, කොටු, කොටු ) පළමු පන්තිය ගෞරව නාමය මෙසේ පිරිනමනු ලැබේ."

      Delete
  7. //යහපාලන රජයක්ය කියන්නෙ ඒකයි. අපි ටොයියන්ට විතරක් නෙවෙයි බයියන්ටත් හරියන ආණ්ඩුවක්. බයියො ඉල්ලන්නෙ දූෂිත ආණ්ඩුවක් නම් අපි එහෙම එකක් දෙන්ටත් ලෑස්තියි. ඒ හින්ද ඔය පරණ හොරු පස්සෙ යන්නෙ නැතුව රට ජාතියෙ අභිවෘද්ධිය වෙනුවෙන් අලුත් හොරු එක්ක එකතුවෙන්ටය කියල මම සියලුම හොර තක්කඩියන්ගෙන් ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා" රජයේ ප්‍රකාශකයෙක් පුවක් එසැණිං අමතා දැඩි උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කලේය.// මරේ මරු

    ReplyDelete
  8. අල්ලපු හොරෙකුත් නැත කරපු මගුලකුත් නැත අයියෝ මගේ ඡන්දේ............

    ReplyDelete
  9. මහා බැංකු බොන්ඩ් හේ කෙලියේ ලොකු එකෙන්ම හේ.. පට්ට ...

    ReplyDelete
    Replies
    1. Kalyana,

      ආය මොනවද? දෙන එක දුන්න නැතිවෙන්නම...:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...