Friday, June 23, 2017

513. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා.....1

වැවුරුකන්නල පන්සලේ අඹා ඇති අපායෙහි
යම රජතුමා සහ යමපල්ලන් තිදෙනෙක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ

අද නං ඔන්න අර මම කලිං කියපු තාපසයගෙ කතාව කියන්නයි තනන්නෙ. මේක මම ගුරුවරියක සමඟ කතා මාලාවට දාන්නෙ නෑ. එහෙම දාල අපෙ උන්දැ බැරිවෙලාවත් මේක කියෙව්වොත් එහෙම මම වසල හමාරයි.

"මොනවද මනුස්සයො අර ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියල අර ලියල තියෙන බහුබූත? මේ මම නොකිව්වයි කියල කියන්න එහෙම එපා ඔන්න. ඕන එකක් ලියාගන්නව මගෙ නම ඈඳගන්නෙ නැතුව…"

ආය දෙකක් නෑ ඔන්න ඔහොම කියල කෑගහනව මේක දෙකක් වෙන්ට. ඒ හින්ද ඒ මනුස්සදූගෙ නම ඈඳන්නෙ නැතුව අපි මේකට තාපස කතාව කියමු හොඳද?

ඔය තාපසයො ගැන මම හිච්චි එකා සන්දියෙ හිතාගෙන උන්නෙ තාපසයො කියන ජාතිය කරන්නෙ කැලේට ගිහිල්ල සිතාර් එකක් ගගහ ඉන්න එක කියල. එහෙම හිතුනෙ අර සුනිල් අයියගේ සිංදුව මට ඒ කාලෙ ඇහුනෙම මෙන්න මෙහෙම හින්ද "තාපසයාණනි, ඔබේ සිතාරය සත් සර නංවන දුක් ගී රාවය....දුක් ගී රාවය..."

තාපස කකුළුවො කියල ජාතියකුත් ඉන්නවනෙ. Hermit Crab. අපි හතේ පන්තියෙ වගෙ ඉන්දැද්දි කොළඹ ට්‍රිප් එකක් ගියා ඉස්කෝලෙං. වන්ඩේ එඩියුකේෂනල් ටුවර් එකක්. ඒකෙදි සූ එකටත් ගියා. ඒ ඔය මින් මැදුර එහෙම හදල හාපුරා කියල විවෘත කරපු අලුත.

අර "මින් මැදුරේ හෝ පුංචි පැලේ හෝ ඈත බවේ හෝ මා ඔබ හමුවී තිබුනා...හමු වී තිබුනා.." කියල සිංදුවක් එහෙම කිව්වෙ මම හිතන්නෙ ඔය මින් මැදුර විවෘත කිරීමේ උත්සවයට වෙන්න ඕන. 

හරි ඉතිං අර ටාපෂ කකුලුවගෙ විස්තරේට ආයම ආවොත් මින් මැදුරෙ තාපස කකුලුවයි කියල බෝඩ් එකක් ගහපු ටැංකියක් තිබ්බට ඒකෙ මොනම සතෙක්වත් අඩුගානෙ ගොම්බෙල්ලෙක්වත් හිටියෙ නෑ. අපිත් එක්ක ගියපු ජයසිංහ සර් කිව්ව "ළමයි තාපස කකුළුවයි කියන නමෙන්ම තේරෙනවනෙ ඒ සතා වැඩිය එලි පෙහෙලියට එන්නෙ නෑ. ඒ හින්ද ඔය තාපස කකුළුව බලන්ට මෙතන පොරකන වෙලාවෙ යමු අනික් සත්තු බලමු" කියල. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි කියල අපි ඉතිං තාපසය බැලිල්ල පැත්තක තියල ඉස්සරහට ගියා.

හරි එහෙනං තව එහාට මෙහාට අදින්නෙ නැතුව බහිමු කතන්දරේට. ආ.....ඊට කලිං වෙරි ඉම්පෝටඩ් කතාවක් කියන්ටම ඕමනයි. මම අද මාතෘකාව ලිව්වෙ ඩබ්ලිව්. ජයසිරිගෙ කෙටිකතා පොතක නමේ අනුසාරයෙන්. " සිරිසේන, තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා...." ඒ තමයි ජයසිරිගෙ පොතේ නම. ඩබ්ලිව්. ජයසිරි දන්නව නේද? මේ දවස්වල ඔය බොහොම ජනප්‍රිය වෙලා තියන සිදූ ටෙලි චිත්‍රපටයෙ ලොකු හාමුදුරුවන්ගෙ චරිතය කරන්නෙ ඩබ්ලිව්. ජයසිරි... බඹරු ඇවිත් ෆිල්ම් එකේ උදුම්බරා හිනැහෙනවා ගීතයෙ රචකයත් ජයසිරි.

රායිට් ඔන්න එහෙනං කතාව...ආ...මම කලින් කිව්ව නේද තාපසයගෙ කතන්දරේ කියන්ට ඉස්සෙල්ල ඒ වගේම තව කතාවක් තියනව ඒකත් ඒ එක්කම කියන්නම්ය කියල. හරි..ඉස්සෙල්ල එහෙනං ඒ අතුරු කතාව කියල ඉමු. අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු හෙට්ටියා...අපි පොඩි දවස්වල කරපු සෙල්ලමක් ඔය. ඔය කවිය පබැඳිල තියනවයි කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ අවසාන කාලෙ අගමැති වෙලා හිටිය අරිට්ඨ කීවෙන්ඩු නොහොත් මාන්නපපෙරුම මොහොට්ටාල අරභයා..,,,

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්....පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. 

ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඔය මං කියන කාලෙ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ නාලන්දගෙ මිනීමැරුම ගැන අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. පුංචි නිලමේ එළියට දමනු කියල. අන්න ඒකයි රැස්වීමේ තේමා පාඨය.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං. "පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්" කියල. 

මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට. කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ටවගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න බලමුකො ඒකෙත් හැටි දෙයියම්පල්ල ඔය කවටයාමුණ පන්සලත් අද කතාවෙ මාත්තුරුකාවට බොහොමත්ම අදාල වෙනව. ඒ කොහොමද ඒ? ඒ මෙන්න මෙහෙමයි. ඔය පංසල ඉතාම ප්‍රසිද්දයි චිරාත් කාලයක ඉඳල අපායෙ වද දෙන සීන් අඹපු රූප තියෙන තැනක් හැටියට. ඒ කිව්වෙ ලෝදිය පෙවීම, කටු ඉඹුලේ නැග්ගවීම, අතපය කැපීම, ගින්නෙන් පිච්චීම යනාදී අපායෙ ඔය දෙනවයි කියන දරුණු දඬුවම් අඹාපු රූප තියනව වෙනම විහාර මන්දිරයක අපාය කියල ලොකු බෝඩ් එකක් එහෙමත් ගහල.

මේ පහුගිය පාර නිමාඩුවට සී ලංකාවට ගිය වෙලාවෙ.... සී ලංකාව කියල තමයි මෙහෙ ඉන්න පොඩි එකා කියන්නෙ. මම කියල තියනවනෙ නේද මම මෙහෙ ඉන්නෙ යාලුවෙක් එක්ක එපාට්මන්ට් එකක් ෂෙයාර් කරගෙන කියල. ඒ යාලුවගෙ පොඩි පුතා තමයි ඔය සී ලංකාව කියල කියන්නෙ. තව ඔය මෙහෙ තියනව ලුලූ කියල සුප්‍රසිද්ධ සුපර් මාකට් චේන් එකක්. ඒකෙ අයිති කාරයො ඉන්දියාවෙ. කේරළ. ඔය ලුලූ එකට අර පොඩි එකා කියන්නෙ ලුනූ එක කියල...හෙහ්,හෙහ්, "රවි අංකල් තාත්ති ඇහුව ලුනූ එකට යනවයි කියල ඔයත් එනවද? කියල"

මෙහෙ ඉස්කෝල සමර් එකට නිවාඩු දුන්නනෙ ගිය සුමානෙ. පොඩි එකා අම්මයි අයියයි එක්ක පෙරෙයිද උදේ ගියා බෑක් ටු සී ලංකා. මට තමයි පාළුව. මට හරි පාඩුයි ළමයෝ...


බැක් ටු ද ට්‍රැක් වන්ස් අගේන්......ඉතිං මේ පහුගිය විඩේ මම සී ලංකාවට යනකොට ඔය මම කියපු ටී-රෙක්ස් ගොයියයි එයාගෙ අම්මයි තාත්තයි ඇතුලු කට්ටියමත් ගියා. සී ලංකාවට ගිහිල්ල එයාල අපේ ගෙදරත් ඇවිල්ල දවසක් නතරවෙලා ඉඳල ඊට පහුවද නුවර එළියෙ ගියා. 

නුවර එළි ගමනට අපිට එකතු වෙන්ට බැරිවුනා. ඒ මොකද කියනවානං.....(ප්‍රසිද්ධ කතා පවත්වනකොට නිතරම ඒ මොකද කියනවානං කියල කියන අපේ රටේ හිටපු නායකයෙක් ගැන ඔබ තමුන්නාන්සෙලා අහල තියනවනෙ නේද?) ඊට පහුවෙනිද අපෙ ඕ තොමෝගෙ අර මම කිව්ව මලල ක්‍රීඩා සංගමේ....අන්න ඒකෙ වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්දා ක්‍රීඩා උළෙල පවත්වන්ට සියළු කටයුතු සූදානම් කරල තිබ්බෙ බෝගම්බර පිටැන්නෙ.

පිටැන්න කියල කියන්නෙ දකුණෙ ඈයො. දකුණෙත් හද්ද ඩොටේ කට්ටිය. ඩොටේ කියන වචනෙ හැදුන හැටි ගැන දන්න කෙනෙක් ඉන්නවනං හා කියමු අපිට දැනගන්ටත් එක්ක. ඔය ඩොටේම වැඩ වාසය කරන කට්ටිය ඒ ගැන දන්නව ඇතිනෙ නේද? හෙහ්..හෙහ්..

රයිට් බෑක් ටු ද ට්‍රැක් අගේන්...ඉතිං අර මගෙ යාලුවා සහ ඔහුගේ සුතනඹුවන් (සුතනඹුවන් කියල කියන්නෙ කාටද?) අපේ ගෙදර ආහම අපි ගියා මේ අහල පහල තියෙන ප්‍රසිද්ධ සිද්ධස්ථාන කීපයක් වන්දනා කරන්ට. එක දවසයිනෙ තිබ්බෙ. වැඩි දෙයක් බලන්ට බැරි වුනා. කොටිම්ම කිව්වොත් පේරාදෙණිය මල් වත්තට යන්ට උනෙත් නෑ.

ඔය පේරාදෙණියෙ මල්වත්තට කියන්නෙ රෝයල් බොටනිකල් ගාඩ්න්ස් කියල. ඒ කියන්නෙ රාජකීය උද්භිද උද්‍යානය........මේ ඊයෙ පෙරේද අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන පොතක් ලියපු ආචාර්ය ගණනාත ඔබේසේකර මම දැක්ක කියල තියනව ඔය පේරාදෙණිය මල්වත්ත පටන් ගත්තෙ සුද්දො නෙවෙයිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොය කියල. බොහෝවිට ඇත්ත වෙන්නැති. ඒ මොකද කියනවනං කන්ද උඩරට රජකම ලැබෙන්ට ඉස්සෙල්ල කන්නසාමි කුමාරය කාලෙ ඔය යෝදය පේරාදෙණිය පැත්තෙ තම්පලා කොටුවක් වවාගෙන හිටියය කියල මම කොහෙ හරි කියවපු මතකයක් තියනව. ඒ හින්ද රජවුනායින් පස්සෙ ඒ තම්පලා කොටුව තිබ්බ හරිය රාජකීය මල් වත්තක් කරන්ට ඇති. මෝස්ට් ප්‍රොබබ්ලි නෝ? වඩියුසේ? ඇග්‍රීඩ් ඕ නොට්?

මම අද ඕ තොමෝට කතා කරපු වෙලාවෙ ආඥාවක් නිකුත් කලා මේ හෙට අනිද්ද කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන පොත් සල්පිලට ගිහිල්ල අර ආචාර්ය ගණනාථගෙ පොත ගන්ටය කියල. දන්නවද උන්දැ කියපු එක. "පොත් ගන්ට නම් බැරිය. මට එහෙනං සල්ලි ටිකක් එවන්ට හොඳද?"...ඔන්න දැක්කද? කාටද ඉතිං මෙව්ව කියන්නෙ?

හරි හරි එව්ව ඕන නෑ. අර කියාගෙන ආපු කතාව කියල ඉමුකො. දැනටම මට හිතෙන්නෙ වචන එක්දාස් පන්සීයක් වගෙ වෙලාද කොහෙද. ඒකත් සෙල්ලං කෙලියක් නෙවෙයි දන්නවද? මම මේ කිව්වෙ වචන දාහකට වගෙ එහා පැත්තෙ නිකං ඔය වල්පල් වැල්වටාරං දොඩවන එක ගැන. හුහ් ඔහෙල හිතාගෙන ඉන්නෙ ඒක සෙල්ලමක් කියලද? ලියල බලන්ටලාකො එහෙනං කොහොමද කියල. ලේසි නෑ හොඳේ...

හරි ආයම එහෙනං දෙයියනේ කියල කතාවට ප්‍රවිෂ්ඨ වෙමුකො. ඉතිං මගෙ යාලුව සහ ඔහුගේ පවුලේ උදවිය අපෙ ගෙදර ආවය කියල මම කිව්වනෙ. එක දවසයි හිටියෙ. ඒ හින්ද අපි ගියේ අළුවිහාරෙ පන්සලටයි, කවටයාමුණ විහාරෙටයි විතරයි. හවස ගියා දළඳා මාළිගාවට..

ඉතිං ඔය කවටයාමුණේ සහ සූටි කයියගෙ සම්බන්දයක් තියනවයි කියල මම කලිම්ම කිව්වනෙ. ඒක මෙහෙමයි. කවටයාමුණේ අඹල තියෙන අපායෙ සීන්ස් වල ඉන්න එක යමපල්ලෙක්ගෙ යටිකය සම්පූර්ණයෙන්ම නිරුවත්ව අඹල තියෙන්නෙ. යස් ටෝටලි ඕපන් ඇන්ඩ් එක්ස්පෝස්ඩ්. ඔය නිරුවත් යකා අපි පොඩි කාලෙ එහෙම හරි ප්‍රසිද්දයි. ඒ කාලෙ ඔය වගෙ දේවල් බලන්ට අපිට ඉන්ටනැට් යනාදිය තිබ්බෙ නෑනෙ. ඉතිං ඔහොම දේවල් ගැන අපේ කුතුහලය උපරිමයි. පෝය දවසට එහෙම ඔය යමපල්ලගෙ යටිකය බලන්ඩම සෙනඟ එනවලු ඊස් මීස් නැතුව.

ඉතිං අනේ මේ පාරත් අපි ගියානෙ කවටයාමුණ. මොන යටි කයක්ද? ඒ යමපල්ලට අන්න දැං රෙද්දක් අන්දවල...හෙහ්,හෙහ්, ආ..ඔය කවටයාමුණ ෆුල් මොන්ටි යම පල්ල ගැන තව සෝක් කතාවක් තියනව 

එක දවසක් මම ඔය ඕ තොමෝ එක්ක කයියක් ගහගෙන සාලෙ ඉන්දැද්දි කොහොමින් කොහොමින් හරි ඔය කවටයාමුණ යමපල්ලගෙ කතාව ඇදිල ආව.

ඒ පාර මම නිකමට වගෙ ඇහුව.."මේ ඒකාලෙ ඔය මාතලේ ඉස්කෝලවල ගෑණු ළමයි ක්ලාස් යනවයි කියල ගෙවල් වලට කියල ඇවිල්ල කවටයාමුණ යනවයි කියල කියන්නෙ ඇත්තද? නෑ මම මේ නිකමට වගෙ ඇහුවෙ...ඔයත් යාලුවොත් එක්ක එහෙම ගියෙ එහෙම නැද්ද නිකමට වගේ?" කියල...

ආය මොනවද? හෙහ්..හෙහ්..ඔයාල හිතන්නෙ ඕ තොමෝ මට පස් පඩංගුවෙ බැණ අඬගැහුව කියලද? මොන? එක වචනයක් කතා කරේ නෑ එතුමී..අන්න එහෙමයි ගුණයහපත්කම..එක වචනයක්වත් කිව්වෙ නෑ.

අපෙ ගෙවල් ගාව හන්දියෙ තියනව සමණල හෝටලය කියල හෝටලයක්. ඊට පස්සෙ දවස් තුනක් මම උදේ දවල් රෑ තුන් වේලම කෑවෙ එන්න ඒ සමණල හෝටලෙං...ඒක වෙනම කතාවක්. කවටයාමුණ යකාට ඒක කොහෙත්ම අදාල නෑ..හෙහ්,හෙහ්,

හරි එහෙනං අදට ඇති හොඳේ? දැනටම මයෙ හිතේ වචන එක්දාස් පන්සීය පැන්න. මෙහම දිගට මාගල් වගෙ ලියනකොට වැල් වටාරං උනත් එපා වෙනව..නැද්ද හා? ඒ හින්ද අපි මෙහෙම කරමු.ඇලික්ගෙ කතාවයි, තාපසයගෙ කතාවයි ඊලඟ එපිසෝඩ් එකෙං නොහොත් කථාංගයෙන් බලාපොරොත්තු වන්න..

ආ...නෑ..නෑ..නෑ..ඒ හැටි කාලයක් යන එකක් නෑ..දැං කොහොමත් රාමසාන් උපවාස සමය ඉවරවෙලා ලබන ඉරිද නැත්තං සඳුද ඉඳල අපිට නිවාඩු දවස් තුනක් තියනව. ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ.. විගැහිං ඊලඟ කොටස ලියන්නං..ගෝඩ් ප්‍රොමිස්...

පලි - ආ අර කවටයාමුණ යම පල්ල බලන්ට ගියාද කියල ඇහුව එක වගෙ මොකක් හරි  ඊට පස්සෙ මට අහන්ට ඕන උනාම මම අනුගමනය කරන ක්‍රමවේදය    මෙන්න මෙහෙමයි........

"මේ ඔයාගෙන් පොඩි කාරණයක් අහන්ටත්නං තියනව"

"මොකක්ද?"

"ඉන්ටකො පොඩ්ඩක්.." මම ගෙට ගිහිල්ල සරම ගලවල කලිසමක් ඇඳගෙන එනව.

"ඔය මොකටද අනේ කළිසමක්?"

"නෑ මම මේ කල්පනා කලේ මම අර කියපු කාරණාව ඔයාගෙං අහන්ට ඉස්සර කෝකටත් හන්දියට ගිහිල්ල සමණල හෝටලේ මුදලාලිට හෙට ඉඳල දවස් තුනකට කෑම ඕඩර් කරලම ආවනං හොඳයි කියල....."

75 comments:

  1. හෙහ්..හෙහ්..හෙහ්..

    මේකට කොමෙන්ට් කරන්නත් අලුත් විදියක් හිතා ගන්න වෙනවා... ආ.. මෙන්න අතුරු කොමෙන්ට් එකක්.. චන්ද්‍රිකා නෝනේ ගැන.. සුනාමි ආපු කාලේ මිනිස්සු කූඩාරම් වල ඉද්දී මෑ'ම් ආවා ගෙවල් හදන ප්‍රෝග්‍රෙස් එක එහෙම බලන්න වතාවක් ගාල්ලට .. ඔය වෙලාවේ එයැයිව බලන්න ගිය එක බබලතෙක් (අපේ උන්දාගේ අක්ක) ඇවිත් චන්ද්‍රිකා ගැන කියුවේ මෙහෙම ..
    "අම්මේ.. චීස් බෝලේ වගේ.. ලස්..සන.. දැක්කම මිරිකන්න හිතෙනවා.."
    ඔයින් අවුරුද්දකට හමාරකට පස්සේ මහින්ද දිනලා ඉද්දි පැරදිච්ච චන්ද්‍රිකා නෝනා ආයෙම ආවා ගාල්ලට .. ඒකත් කොහොම හරි බලලා ආපු අර බබලතා කියනව..
    "නොදකින්.. මූසල ගෑණිගේ හැටි විතරක්.. පොට්ටි.. දැක්කම මූණට දමලා අනින්න හිතෙනවා .."

    හෙහ්.. හෙහ්.. හෙහ්..

    ප.ලි. තාපස කතාව අහන එක ගැන හිත හදා ගත්තා..

    ReplyDelete
    Replies
    1. ඔව් නේ විහාර මහා දේවියට දැන් කියන එව්වා.

      Delete
    2. කළ්‍යාණ,

      මෙව්වට කමෙන්ට් කරන්න ඕනෙත් බොල මේ ක්‍රමේටම තමයි.

      ඈස් ඇන් එග්සාම්පල් ලයික් දිස්..

      /මේ ඊයෙ පෙරේද අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන පොතක් ලියපු ආචාර්ය ගණනාත ඔබේසේකර /

      ගණනාත ඔබේසේකර කියන්නෙ ලෝකෙම පිළිගත්ත මානව විද්‍යාඥයෙක්. මේ ඊයෙ පෙරේද මියගිය වසන්ත ඔබේසේකර ඔහුගෙ බාල සහෝදරයා කියල බොහොම දෙනෙක් දන්නෙ නෑ.

      ඔබේසේකර කියනකොට ඔන්න මට මතක් වුනේ.. මම කාලයක් යාලුවෙලා හිටියනෙ ඔබේසේකරපුර කෙල්ලෙක් එක්ක. හප්පා..ඒ කෙල්ලගෙ අයිය තමයි ඒ පැත්තෙ බජාර් එකේ ගණං කාරය..ආ..බජාර් කියන වචනෙ හැදුනු විදිහ ඔහෙල දන්නවද? ඒක ඇවිල්ල හින්දි වචනයක්..බසාර්..නොහොත් කඩ වීදිය..

      ඔය විදිහට ඉන්දියාවෙන් ඉංග්‍රීසි බාසාවට එකතුවෙච්චි තව වචන තියනව. ජගර්නෝට් කියන්නෙ ඉස්සරහට හම්බවෙන සියලුම දේ කඩා බිඳගෙන පොඩි පට්ටම් කරගෙන විනාශ කරගෙන ඉදිරියටම යන Unstoppable දෙයක්.

      ඒ වචනෙ ඉංග්‍රීසියට ආවෙ ජගන්නාථ කියන හින්දි වචනෙන්. ජගන්නාථ රථය කියන්නෙ විෂ්ණු දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන පෙරහර වලදි මිනිස්සු ඇදගෙන යන මහ විසාල රථයක්. ඒක ඉස්සරහට පැනල සමහර බැතිමත්තු දිවිනහගන්නවලු.

      "The Indian juggernaut would be unstoppable this time . මේ පාර චැම්පියන්ස් ට්‍රෝෆි එකට කලින් මම දැක්ක ක්‍රිකින්ෆෝ එකේද කොහෙද එහෙම ලිපියක් තියනව.

      ටෝෆි කියනකොට මතක් වුනේ ඔන්න ට්‍රෝෆි වයිෆ්ස්ල ගැන? දන්නවද ඒ කවුද කියල?

      Delete
    3. Manoj,

      /ඔව් නේ විහාර මහා දේවියට දැන් කියන එව්වා./

      හෙහ්..චන්ද්‍රිකාගෙ අප්පච්චිට කිව්වෙ දියසේන කුමාරයා කියල. චන්ද්‍රිකාගෙ අම්මටත් කිව්ව විහාර මහා දේවි කියල.අනුරට තමයි ඔහොම නමක් තිබ්බෙ නැත්තෙ...:)

      Delete
    4. අනේ මන්දා රවිගේ 'කමෙන්ට්' එකත් තව post එකක් වගෙයි මට පෙන්නේ. Comments වලින් අලුත් posts ලියන ක්‍රමවේදයක් ඉක්මණටම එළි දකිනවා කියලා හිතා ගන්නට පුලුවන්.

      Delete
  2. සූටි කයියා ගැන වැඩි විස්තර ලියල ඇති කියල හිතාන දුවගෙන ආව.
    ඒ ගැන මගේ බවලත් මෙව්ව එක.
    මමත් අටේ පන්තියෙදි ගියානෙ කොළඹ අද්‍යාපන චාරිකාවක්.
    අන්න එදා තමයි හාහාපුරා කියල හෝගාන පොකුන දැක්කෙ කියාන්කො.
    -කෑගල්ලෙ ඇනෝ

    ReplyDelete
    Replies
    1. කෑගලු ඇනෝ,

      හරි හරි සූටි කයිය ගැන ඉක්මනටම ලියනව..ඉක්මනටම ලියනව...

      අපෙ අප්පච්චිගෙ ගම මාතරනෙ. මාතර කිව්වට අකුරැස්සටත් එහා මලිදුව..ඉතිං පොඩි කාලෙ එහෙ යද්දි දවසක් මාතරින් බැහැල අපි ගියා වෙරළට..ඔය හෝ ගාන පොකුණ බලන්ටම. මට වයස පහක් හෝ හයක් වගෙ වෙන්න ඇති.

      Delete
    2. ඇයි මේ කියල තියෙන්නේ "එක දවසක් මම ඔය ඕ තොමෝ එක්ක (සූටි)කයියක් ගහගෙන සාලෙ ඉන්දැද්දි කොහොමින් කොහොමින් හරි ඔය කවටයාමුණ යමපල්ලගෙ කතාව ඇදිල ආව."

      Delete
    3. Ano,

      Heh..heh..thanks for coming to my defense...:)

      Delete
  3. මොකෝ අර ලිඛිත ඇන්ටි නිදිද තාම අද

    ReplyDelete
    Replies
    1. Ano,

      එතුමී මේ දවස්වල පොල් මැල්ලුං කතා ලියනව...:)

      Delete
  4. මට කවටයාමුණේ සූටි කයියෙක් දැක්ක කියල මතකයක් නෑ.දැන් ඒක සංස්කරණය කරල වෙන්ඩැති.

    ReplyDelete
    Replies
    1. බක්කරේ,

      මමත් දැක්කෙ පොඩිම කාලෙ..ඒ කිව්වෙ මම පොඩි කාලෙ හොඳද? ඒ කිව්වෙ දැනට අඩුම ගානෙ අවුරුදු හතළිහකටත් එහා. ඒ හින්ද සම්ටයිම්ස් ඒ කාලෙම යම පල්ලගෙ විලි වහන්ට ඇති....:)

      Delete
  5. දැං කෝ මේකෙ තාපසයයි සූටික් අයියයි. මාතෘකාවෙ නැති අර ඕතොමෝත් මේකෙ ලොකු කැරැක්ටරයක් කරනව. අනේ හැබෑටම රවී අයියෙ මේ එක කතාවක් එක දවසෙන් ඉවර කරල පෙන්නහංකො බලාන්න. මොනවද ඔට්ටු බෑ බෑ බෑමයි.

    ReplyDelete
    Replies
    1. අනේ කසුන්.. ඔයත් මෙතන ඕව ඉල්ලලා අඬන්න එපා.. ඊට පස්සේ ඔය පෙන්නහන් කියන අභියෝගේ බාරගන්න වෙනම පෝස්ටුවක් දානවා.. ඊට පස්සේ ඒවගේ උත්තර වලට තව එකක් ලියනවා.. ඔය ලැබෙන වෙලාවක ලියන මිසක්!

      අර බස්සිගේ වගේ ලැබ් එකක් තිබ්බනම් ඔන්න යාන්තමට තාපසයා ගැන තව දශකයකින් දැනගන්න පුළුවන්

      Delete
    2. /දැං කෝ මේකෙ තාපසයයි සූටික් අයියයි./

      අම්මට වූඩු මෙන්න මනමාලය ඇවිල්ල...ඉතිං ඉතිං?

      අනේ බං මේ..සූටි කයිය පැත්තක තියපං..කියපංකො නව යුග දිවියෙ විස්තර එහෙම..

      සූකිරි කන්දකින් පාතට ගලන ඔහේ..
      මීපැණි ගඟකි ළමයෝ යුග දිවිය මගේ...

      තක්ක දිගත දික් තදිකිත
      තක්ක දිගත දික් තදිකිත

      ජීවිත ගමන අරඹමි අලුතෙන්ම මම,
      ඇගෙ සෙනෙහසයි ඇත්තේ සවිබලය මට,

      තක්ක දිගත දික් තදිකිත
      තක්ක දිගත දික් තදිකිත

      Delete
    3. Likhitha,

      You are correct and that's called hitting the head on the nail..:)

      Delete
  6. තාපසයා - නෑ.. ලබන පාර ලු
    සූටි කය්යා - ඒකට රෙද්දක් අන්දලා. ඒක නම් කමක් නැහැ කියමුකෝ.. ඒක මාතෘකාවට දැම්මේ මොකොටද එහෙනම්?
    වැඩිහිටියන්ගේ කතා - ඒකත් නෑ..

    ඔබතුමා නම් හරියන්නේ යහපාලනේටම තමයි!

    ReplyDelete
    Replies
    1. ///ඔබතුමා නම් හරියන්නේ යහපාලනේටම තමයි!///
      බොට ඔහොම වෙලා මදි රවීයෝ, වහ ටිකක් කාල වනගත වෙයන් තපස් රකින්න...

      Delete
    2. මේකනෙ යකෝ කමෙන්ට් එක.... උඹ හරියන්නෙ යහපාලනේටම තමයි.... හුකෑස්...

      Delete
    3. අනිත් එක.....
      අර ඉන්න පින්තුරේ.. වැවුරුකන්නල නම් අපාය බලන්න ගියා. බොලේ මේ තියෙන්නේ ඒකෙ යම සජ්ජුරුවෝගේ පින්තුරයක්මනේ... ඒ අපායයි.. මේ අපායයි එකක්ද????????? කවටයාමුණ ගියා කියල මතකයි, පොඩි කාලේ නිසා මේවා මතකයක් නැහැ. ඒ හින්ද මේ බේගල් අහගෙන ඉන්නවා, මක් කොරන්නද?

      Delete
    4. ඔය තියෙන්නෙ වැවුරුකන්නල යකාගෙ රූපයක් තමයි.

      Delete
    5. Likhitha & Gus,

      /අර ඉන්න පින්තුරේ.. වැවුරුකන්නල නම් අපාය බලන්න ගියා. බොලේ මේ තියෙන්නේ ඒකෙ යම සජ්ජුරුවෝගේ පින්තුරයක්මනේ... ඒ අපායයි.. මේ අපායයි එකක්ද????????? /

      /ඔය තියෙන්නෙ වැවුරුකන්නල යකාගෙ රූපයක් තමයි./


      ළමයි..ඇස්ට්‍රීම්ලි සොරි ෆෝ ද මිස්ටේක්, ඇක්චුවලි නොට් මයි පෝල්ට් ඇටෝල්, වරදක් කලත් සිතකින් නොවේ..රිදවන්නෙ පලිගන්නෙ ඇයි?

      උනේ මේකයි. කවටයාමුණේ ගිහිං අල්ලපු පෝටොස් හදිස්සියට හොයාගන්ට බැරිඋනා. ඒ පාර දැම්ම ෂිට්ස්ටෝන් සර්ච් එකක්.
      එතකොට කවටයාමුණ කියල ආපු පෝටොස් එකක් තමයි ඔය.

      ඇත්තම කිව්වොත් ඔහොම එකක් මම මේ පාර දැක්කෙ නම් නෑ තමයි.ඒත් බෝඩ් එකක් තිබ්බනෙ මෙහෙම. "අවීචි මහා නරකදියෙහි කොටසක් හදිසි අළුත්වැඩියාවන් සඳහා තාවකාලිකව වසා ඇති බව පිංවතුන් කරුණාවෙන් සළකන්න Hell temporarily closed for urgent repairs, All visitors bear with us" කියල.

      ඒ නිසා මට හිතුනෙ ඒ වහල තිබ්බ කෑල්ලෙ තමයි මේ සීන් එක තියෙන්නෙ කියල.අගේන් සෝ සොරි හොකේ? වරද වහා නිවරද කළෙමි.

      Delete
    6. ඔහේ දන්නවැයි ඒ වහල තිබුණෙ යම කම්ප්ලෙක්ස් එක ඒසී කරන්න කියල.

      Delete
    7. @Ravi
      මම කිව්වේ....යහපාලනේ වගේමයි.. මේත් ඉතින් රවියෙක් නේ... එයත් කිව්වේ එක දිහාවක යනවා කියල වෙන දිහාවක යන්නේ කියලනේ....
      මම අඳුන්නන්නේ නැද්ද අපායේ යම සජ්ජුරුවෝ... හුහ්.. ගෙදර වගේ! කොටිම්ම අපායේ උනත් වැවුරුකන්නල කොටස වෙනම හඳුනාගන්න තරමට.. අපිත් මේ මුනා හරි දන්නවා

      Delete
    8. Likhitha,

      /ඔබතුමා නම් හරියන්නේ යහපාලනේටම තමයි!/

      Thanks...:)

      Delete
    9. ලොක්කා,

      නෝ කමෙන්ට්...හෙහ්,හෙහ්,

      Delete
    10. ///නෝ කමෙන්ට්...හෙහ්,හෙහ්, ///

      මක් කොරන්ටද, ලබා උපන් හැටියටලුනේ අහවල් එක වැනෙන්නේ...
      නැද්ද මන් අහන්නේ...

      "අහවල් එක" කිව්වේ ඔල්ලෝසුවේ බට්ටා, හොඳේ...

      Delete
    11. ලොක්කා,

      වරදවා වටහා නොගනු මැන. නෝ මිස් අන්ඩර්ස්කර්ට් පීස්..නෝ කමෙන්ට් කිව්වෙ මල්ලි උඹේ කමෙන්ට් එකට උඹේ හිත නොරිදෙන විදිහට දෙන්ට පිළිතුරක් මගෙ ඔලුවට ආවෙම නැති හින්ද...හෙහ්,හෙහ්, එහෙම නැතුව යහපාලනේ ගැන මම දැඩි අප්‍රසාදයකින් ඉන්න නිසා එහෙම නෙවෙයි.

      කොහොම උනත් මිස්ටර් නීලකාෂගෙ මජර පාලනයට වඩා නම් තවමත් යහපාලනය මට හොඳයි.

      මොකක්? මහ බැංකු හොරකමත් වෙලා තියෙද්දි? සත්තකින්ම එහෙම උනත් මට වයි.පී. තවම හොඳයි.

      මොකක්? අරමත් වෙලා තියෙද්දි? ඔව්..එහෙම උනත් හොඳයි..

      මොකක්? මෙහෙමත් වෙලා තියෙද්දි? ඔව්..ඊවන් දෙන් ‍Y.P. ඊස් ස්ටිල් මච් බෙටර් දෑන් නීල කාස රෙජීම්...හෙහ්,හෙහ්,

      Delete
  7. කවටයාමුන කියුවම පොඩි කාලේ සිද්දියක් මතක් උනා... අපේ ගෙවල් ලඟ අක්ක කෙනෙක් හිටියා... එයා වැඩි කතා නෑ... සෙල්ලමට කතාවට එන්නෙම නෑ... ඉතින් මට ඕක හරියන්නෙම නෑ... මං කරන්නේ එයාගෙ ලඟින් යනකොට කොනිත්තනවා... එලවලු කොටුව සුද්දකරන්න ආවම ඒ ළමයා නැවෙනකල් බලන් ඉදලා පොඩි පොඩි ගල් කැටවලින් ගහනවා.. එයා ඒ කිසිම දේකට ප්‍රතිචාර දක්වන්නෙත් නෑ... ඔහේ ඉන්නවා.... ඉතින් අපේ ගෙදර අය ඕක දන්නවා... කොච්චර එපා කියුවත් මං නෙවෙයි ඒව නැවැත්තුවේ... අන්තිමට දවසක් පෝයට කවටයාමුන ගිහාම අම්මා කියුවා ඔය අත් කකුල් කපන්නේ පුච්චන්නේ අනිත් අයට ගල් ගහන රිදවන අයට කියලා... එදයින් පස්සෙ නම් ආයෙ ඒ ළමයට මගෙන් හිරි හැරයක් නෑ...
    එක කතාව ඇතුලේ කතා කීයක්ද බලමුකෝ....

    මේ රවී අය්යේ ප්‍රශ්නයක් තියනවා අහන්න.... මේ කතා ලියනකොට පදුරු තලනවා වගේම ද කතා කරන්න ගිහාමත්.... එක කතාවකින් පටන් අරන් කතා කීයක් විතර කියනවා ද ... මං මේ ඇහුවෙ නිකමට වගේ

    මං හිතන්නේ ලංකාවේ හිටියනම් වැඩි දවසක් කන්න වෙන්නේ සමනල හොටෙල් එකෙන් තමයි:D

    ReplyDelete
    Replies
    1. Nirmani,

      /මේ රවී අය්යේ ප්‍රශ්නයක් තියනවා අහන්න.... මේ කතා ලියනකොට පදුරු තලනවා වගේම ද කතා කරන්න ගිහාමත්.... එක කතාවකින් පටන් අරන් කතා කීයක් විතර කියනවා ද ... මං මේ ඇහුවෙ නිකමට වගේ /

      හෙහ්..හෙහ්..කියල වැඩක් නෑ බං..මම කතා කරන්න ගියාමත් එහෙම තමයි. ඔන්න විනාඩි දහයක් විතර කතා කරල මම උන්දැගෙන් අහනව මේ මොකක්ද මම කලින් කිය කිය හිටියෙ කියල..

      සමහරවෙලාවට උන්දැටත් මතක නෑ මොකක් ගැන කියලද කතාව පටන් ගත්තෙ කියල. ඉතිං අපි දෙන්නම හිනාවෙලා හරි මතක් උන වෙලාවක ආයම ඒ ගැන කතා කරමු කියල එකඟ වෙනව.

      Delete
  8. මදෑ චූටි කයිය බලන්න ආව. ඒකත් රෙද්දිකිං වහලනෙ නෙද්දකිං.
    තාපසයයි නං ඉතිං මොනව බලන්නද. තව අවුරුදු ගානකට බුවා එළියට එන පාටක් පේන්න නෑ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      නෑ බොලේ එහෙම වෙන්නෙ නෑ..හෙටානිද්දම තාපසය ගැන කියනව :)

      Delete
  9. මමනං අපායකට දැකල තියෙන්නෙ වැවුරුකන්නල පන්සලේ එක තමයි. මේ මෑතක ගිය වෙලාවෙ අපාය බලන්න ඕන උනාට ‍මොන.. පන්සල බලන්න කට්ටියට වඩා අපායෙ යන්න කට්ටිය පෝලිමේ ඉන්නව.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      බලාගෙන යනකොට මම ඔය දාල තියෙන්නෙත් වැවුරු කන්නල අපායෙ පින්තූරයක් තමයි..බයි මිස්ටේක්..මයි බිස්ටේක්...:)

      Delete
  10. ගස්ලබ්බනම් හිත හදාගෙනමයි ආවීඉත් පොඩි බලාපොරොත්තුවක් තිබුනා..හිතලම පඳුරු හොය හොය තලනවා පෙනුන ගමන් හිත හදාගත්තා...
    ඊද් මුබාරක්..!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Gus,

      හරි හරි බං ඉවසල ඉඳිං...:)

      Eid Mubarak!!!

      Delete
  11. වැඩිහියන්ගේ කතා "සූටි කයියාට" රෙද්දක් අන්දා වසා ඇත.

    ReplyDelete
  12. ජපානෙත් පන්සලවල හරියට තියෙනවා අපාය (地獄 ජිකොකු)
    පොඩි උන් ගියාම බේරෙන්න බෑ අම්මලාට කරදකර කරනව බලන්න ඕනෙ කියල.
    ඉන්පස්සෙ බෙරිහන් දීගෙන එලියට එන්නෙ.
    - ජපන් ඇනෝ

    ReplyDelete
  13. මං මේ නිකං අහන්නේ ...
    සමනල හෝටලේ කෑම හොඳයිද?
    දවස් දෙක තුනකට බර ගානක් වියදම් වෙයිද?...
    බඩේ අමාරුව හැදෙනෙකක් නැද්ද?..
    දවස් තුනකට පස්සේ ගෙදර උන්දැ යාලු කොරගත්තේ කොහොමද?
    ඊට පස්සේ ආයේ එතෙන්ට යන්න දුන්නද?
    -----
    මං නං අපායක් කියලා දැකල තියෙන්නේ ගොඩකවෙල ප්‍රසන්න පින්ටර් ගුහාව තමයි..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මම කිවුව බොට පිටිපස්ස කෑල්ලට යන්න එපා කියල. හැක්..

      Delete
    2. C.J.,

      1. මං මේ නිකං අහන්නේ ... OK

      2. සමනල හෝටලේ කෑම හොඳයිද? ෂුහ්, මාර රසයි...කෝකියට ඒ කාලෙත් ගෙව්ව 40 ක්ද කොහෙද..හැබැයි ඌ ඕල් රවුන්ඩර්..නෝමල් බත්, රයිස්, කොත්තු, මනි පිට්ටු, බාබත්, ආප්ප, ඉඳිආප්ප ඕන එකක් ඌට පුලුවං

      3. දවස් දෙක තුනකට බර ගානක් වියදම් වෙයිද?...ඒ කාලෙ ගණං හිලව් මට මතක විදිහට මෙහෙමයි..උදේට ඔය ඉඳිආප්ප පිට්ටු වගෙ මොනවහරි එක්ක මාළු හොද්දක් - 30.00 LKR දවල්ට එළවළු කෑම එකක් 80.00 LKR මස්/මාලු 100.00 LKR රෑට බීෆ් කොත්තුවක් 110.00 LKR

      4. බඩේ අමාරුව හැදෙනෙකක් නැද්ද?..වට් ආ යූ ටෝකිං පුතා? කෑමට දාන තුනපහ මිරිස් ගම්මිරිස් වල හැටියට බඩේ අමාරු හැදෙනව නෙවෙයි අහල පහළ ඉන්න එවුංගෙත් බඩේ අමාරු හොඳ වෙනව..අන්න එහෙමයි සමනල එකේ කෑම...හෙහ්


      5. දවස් තුනකට පස්සේ ගෙදර උන්දැ යාලු කොරගත්තේ කොහොමද? මම ඉතිං කාල ඇවිල්ල කෑමෙ රහගුණ මටම කියාගන්නව. ඕක අහගෙන ඉඳල උන්දැත් ඒ පාර තුන්වෙනි දවසෙ දවල්ට ලෑස්ති වුනා මා එක්ක සමනල එකට යන්ට. ඒ පාර එහෙමම වැඩේ ෂේප් වුනා.

      6. ඊට පස්සේ ආයේ එතෙන්ට යන්න දුන්නද? No underskirt Question

      Delete
    3. Prasanna,

      /මං නං අපායක් කියලා දැකල තියෙන්නේ ගොඩකවෙල ප්‍රසන්න පින්ටර් ගුහාව තමයි..
      /

      /මම කිවුව බොට පිටිපස්ස කෑල්ලට යන්න එපා කියල. හැක්../

      හෙහ්,හෙහ්, උඹ ඔය එන පාරිභෝගිකයින්ට අපාය පෙන්නපං සේල්ස් ප්‍රමෝෂන් මෙතඩ් එකක් විදිහට.

      ප්‍රසන්න ප්‍රින්ටර්ස්..

      ඔබගේ මුද්‍රණ කටයුතු අපි ලක්ෂනටත් සෝබමානවත් කර දෙමු.

      ඔබගේ කටයුත්ත අපේ කාර්යසූර එඩිතර දෑහිතකාමී දේශමාමක කාර්ය මණ්ඩලය අතින් කෙරෙන තුරු මුද්‍රණාලයේ හිමිකරු ප්‍රසන්න මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් ඔබට නොමිලේ අවීචි මහා නරකාදිය නැරඹීමේ චාරිකාවක යෙදීමටද කටයුතු සළසා ඇත.

      ප්‍රසන්න ප්‍රින්ටර්ස් සහ අවීචි මහා නරකාදිය, කෙලින් වීදිය, ගොඩකවෙල.

      Delete
    4. https://www.google.ca/maps/uv?hl=en&pb=!1s0x3ae3f0122834e15d:0xe29cdbb6b75f26f0!2m19!2m2!1i80!2i80!3m1!2i20!16m13!1b1!2m2!1m1!1e1!2m2!1m1!1e3!2m2!1m1!1e5!2m2!1m1!1e4!3m1!7e115!4s/maps/place/prasanna%2Bprinters%2Bgodakawela/@6.5044848,80.649468,3a,75y,211.43h,90t/data%3D*213m4*211e1*213m2*211stjNsu3JnVDTGvGBpim6AQA*212e0*214m2*213m1*211s0x3ae3f0122834e15d:0xe29cdbb6b75f26f0!5sprasanna+printers+godakawela+-+Google+Search&imagekey=!1e2!2stjNsu3JnVDTGvGBpim6AQA&sa=X&ved=0ahUKEwig4LDdwtTUAhUh7IMKHbt2CcgQpx8IdzAK

      Delete
    5. පාඨකය‍‍ා නො‍මග යැවීමක්. හැක්..

      Delete
    6. Umkonown,

      අම්මට වූෂු, පෙසන්නයගෙ පින්ටර් කඩේද අර? කව්ද අර එළිපත්තෙ ඉඳගෙන ඉන්න බඩ මැදිං සරමකුත් ඇඳගත්තු ලොන්තපෝලා? පෙසන්නයද?

      Delete
  14. //මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ// රවී නෝනත් ළඟ පතක නැති එක සී ලන්කන් එයාර් ලයින් නංගි කෙනෙක් එක්ක චැටක් දානවද මන්ද? ඒ ගොල්ලෝ තමා ඔහොම කතා කරන්නේ . ඉංගිරිසියෙන් ප්‍රශ්නයක් ඇහුවත් සිංහලෙන් ඇහුවත් උත්තර දෙන්නේ ඔය වගේ අමුතු බාසාවකින්.
    ඒක කිව්වම මතක් වුනේ මේ බ්ලොග් කට්ටිය චැට දානවා අර ෆේස්බුක් ගෘප් එකක මට දැන් එපා වෙලා.
    චැට දානවා කියල කියන කොටයි මතක් වුනේ මාත් අර බාසාවෙන් මයි කතා කරන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. Ajith,

      /ඒක කිව්වම මතක් වුනේ මේ බ්ලොග් කට්ටිය චැට දානවා අර ෆේස්බුක් ගෘප් එකක මට දැන් එපා වෙලා./

      ෆේස්බුක් එකේ මම එච්චරම නෑ අජිත්...ඔය ඉඳහිට කමෙන්ට් එකක් දානව මිසක...ඉතිං ඔබ මේ කියන ගෲප් එක ගැන නොදනිමි.

      Delete
  15. උදේ කියවන්න පටන් ගත්තේ 8.30 ට විතර කමෙන්ටුත් එක්ක දැනුයි කියවලා ඉවර උනේ රවී අයියේ :) :) :)

    ReplyDelete
    Replies
    1. BEJ,

      ගරු කටයුතු මැතිණියනි, ඔබගේ උදෑසන කිසිසේත් අපතේ නොගිය බව සළකා ඔබට සැනසෙනු හැක...:)

      Delete
    2. :) :) මේ මොනා කියනව ද අයියේ.. ඊයේ ඉදල ඕන්න දැනුයි ඉතුරු කමෙන්ට් ටික කියවලා ඉවර කලේ.. :) :)

      Delete
  16. ගුරුවරියක සමග මගේ ජීවිතය කියලා මාතෘකාව දාපු දවසට ගුරුවරිය ගැන නොකියා වටේ යන එකා අද මාතෘකාවෙන් ගුරුවරියා ඉවත් කරලා ගුරුවරිය ගැන ලියලා.

    ReplyDelete
    Replies
    1. හෙන්රි,

      හුටා ඇත්තම නේන්නං...:)

      Delete
  17. //මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. //

    නානෙ... මම කිව්වයි කියල හිතාගන්නවල.
    ඔහොමද මහා රහතන් වහන්සේ කෙනෙක්ට කතාකරන්ට උගන්නල තියෙන්නේ.
    ඒ උත්තමය වහං වෙලා ඉන්නවා නෙවෙයි ඉර්දී බලයෙන් නොපෙනී ඉන්නවා.
    ඕන වෙලාවට ඉර්දියෙන් මිදිලා පෙනී සිටිනවා.

    නානෙ... අනේ මගේ කට.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      /ඒ උත්තමය වහං වෙලා ඉන්නවා නෙවෙයි ඉර්දී බලයෙන් නොපෙනී ඉන්නවා./

      එහෙනං එහෙනං..අර නකතං වෙන්ට දාල වාහනයක් ඩ්‍රයිව් කරල මිනිහෙක්ද දෙන්නෙක්ද හප්පල පොලීසියට අහුවුන වෙලාවෙ පොර ෆුල් ට්‍රයි එකක් දුන්නලු එතනිං එර්දියෙං අතුරුදහං වෙන්ට. ඩෝප් වැඩි කමට ධ්‍යානයට සම වැදෙන්ට බැරිවුනාලු. නැත්තං පොලීසිය ඒ වෙලාවෙ නානෙගෙ නැට්ටවත් අල්ලයි..හිහ්...

      Full Court Report: BBS Leader Gnanasara Pleaded Guilty To Hit-And-Run And Drunk Driving

      ඔහොම මිනිස්සු යටකරල වාහනේ නවත්තන්නෙ නැතුව පැනල යන එවුංට කියන්නෙ "Hit and run Artist" කියල.

      Delete
  18. ඔය අපායෙ නේද යමපල්ලා "පව්කාරය, මා කෙරෙහි වයිර නොකරන්න. මා කරන්නේ මාගේ රාජකාරියයි" කියලා වියාචනයක් ලියපු බෝඩ් එකක් අල්ලං ඉන්නෙ. ඒ කාලෙ ඔය අපාය බලන්න ටිකට් එක රුපියලයි.

    ReplyDelete
    Replies
    1. සුරා,

      ඔව් බං තව තියනව "යමපල්ලෝද මනුෂ්‍යයෝය..." කියලත් බෝඩ් ගහල...:)

      Delete
  19. වැඩිහිටියන්ගේ කතා කෝව්

    ReplyDelete
    Replies
    1. රස්ටා,

      එනව එනව ..ඉවසනු මැන...:)

      Delete
  20. මෙහෙම ලියන ලිපි බැලුවම පුටුව මත
    කොහොම ලියන්නද කවියක් හිතෙනු ඇත
    එහෙම වුනත් රවි තුමාගෙ දැණුමෙ පොත
    බොහොම වටිනවා බ්ලොගයට නිමක් නැත....

    ජයවේවා!!!

    ReplyDelete
  21. ඩොටේ කියන වචනෙ හැදුනෙ සරුංගලෙං. සරුංගල් උඩ අරිනවනෙ “ඩොට කන්ඩ“ළ එහෙම නැත්තං “ඩොට් වෙන්ඩ“ ඒ කියන්නෙ කොච්චර උඩයනවද කියතොත් සරුංගලේ පේන්නෙ තිතත් වගේ...

    පස්සෙ පස්සෙ “ඩොට“ වෙන වෙන දේවලටත් පරිහරණය වෙනව. උදාහරණයක් හැටියට, “තොට ගහනව ඩොටකන්ඩ“ කියල තර්ජනය කරන්ඩත් පාවච්චි වෙනව.

    ReplyDelete
    Replies
    1. "තොට ගහනව ටෞකන්ඩ" කියල මේක වෙනස් කරන්න ඕනේ නේද...

      Delete
    2. නෑ... එතන අග වචනෙ මුලට දාන්ඩ වෙනව එතකොට...

      Delete
    3. ඩ්‍රැකී,

      ස්තූතියි..ඩොටේ හැදුනෙ කොහොමද කියල කීපදෙනෙක්ගෙන්ම මම ඇහුව. හරි පිළිතුරක් ලැබුනෙ නෑ....:)

      Delete
    4. අපිත් ඉස්සර ඩොටේ කියන්නේ සරුංගල් යවද්දී තමයි. "අඩෝ අර බලපන් අරුගේ එක ඩොටේ තියෙන්නේ" හෙහෙ හෙහ් අන්න එහෙමයි

      Delete
  22. කලින් පෝස්ට් එකට අපි දාපු කොමෙන්ටු වලට උත්තර දීල නෑ.. ඇයි අපි කළුද?

    //"පොත් ගන්ට නම් බැරිය. මට එහෙනං සල්ලි ටිකක් එවන්ට හොඳද?"//

    මේක දැක්කම නම් අර හාදු එවපු සැමියාගේ කතාව මතක් උනා. කතාව දන්නවා නේද? :)
    රවී තුමා නම් එහෙම කරන්නේ නැති, වගකීම් සහගත සැමියෙක් වෙන්න ඇති.. වගකීම් සහගත සැමියෙක් උනා වගේ, වගකීම් සහගත රචකයෙකුත් වෙලා මේ වරහන් ටික ඊළඟ පාර වහල දාවි යයි දැඩිව බලාපොරොත්තු වෙමු. නිවාඩුවකුත් එන එකේ, ඔන්නොහෙ.

    මට හිතෙන හැටියට, කටාර් අර්බුදය ගැන ලියන්න ගිහින් අහු වෙලා, දැන් කටාර් ආරක්ෂක අංශ වලින් රවී තුමාව හොයනව. ඒක නිසා, මේ බ්ලොග් එක කියවන බුද්ධි අංශෙ නිලධාරීන්ගේ ඔලුව විකාර කරලා, පිස්සු හදලා, තමන්ගේ ජීවිතාරක්ෂාව සලසගන්න තමයි රවී තුමාගෙ වෑයම.

    පිස්සු හැදෙන රිස්ක් එකක් තියන බව දැන දැනත් මේව කියවන අපිට අපිම බූ මටුල්ලෙන් ගහගන්න ඕන, අම්මපා!

    ReplyDelete
    Replies
    1. මානවික්ස්,

      /කලින් පෝස්ට් එකට අපි දාපු කොමෙන්ටු වලට උත්තර දීල නෑ.. ඇයි අපි කළුද?/

      අපොයි සමාවනු මැන. කමෙන්ට්ස් වලට උත්තර ලියාගෙන ගිහිල්ල ඔන්න එක තැනක නවත්තනව. හරි ඉතුරු ටිකට හෙට ලියන්නං කියල. ඔන්න වෙන්නෙ ඒක හාංකවිසියක්වත් මතක නැති වෙනව. කලිනුත් දවසක අපේ ඩූඩ් ගොයියත් ඔහොම චෝදනාවක් කරල තිබ්බ. කමෙන්ට්ස් වලට උත්තර දිදී ඇවිල්ල හරියටම උගෙ කමෙන්ට් එක ගාවින් නවත්තනවය කියල. චේතනාන්විතව එසේ නොකලෙමි.හෙහ්..හෙහ්..හරි කොහොම හරි ඔබ තුමී මතක් කල එක හොඳයි. වහාම උත්තර ලියන්ට ඕමනයි..

      /මේක දැක්කම නම් අර හාදු එවපු සැමියාගේ කතාව මතක් උනා. කතාව දන්නවා නේද? :)/

      දන්නව දන්නව...ඒත් එක්කම ඒ වගේම අර තව කතාවක් තියෙන්නෙ...අර තව ගමේ එන යාලුවගෙ අතේ වයිෆ්ට මාසෙ පඩිය එවපු කතාව..ඒකත් අහල ඇතිනෙ නේද?

      /වගකීම් සහගත රචකයෙකුත් වෙලා මේ වරහන් ටික ඊළඟ පාර වහල දාවි යයි දැඩිව බලාපොරොත්තු වෙමු. නිවාඩුවකුත් එන එකේ, ඔන්නොහෙ../

      Your advice accepted.....

      Advice සහ Advise... දෙකේ වෙනස දන්නව නේද?

      /පිස්සු හැදෙන රිස්ක් එකක් තියන බව දැන දැනත් මේව කියවන අපිට අපිම බූ මටුල්ලෙන් ගහගන්න ඕන, අම්මපා!/

      මොනවද ළමයො මේ කියන්නෙ? මේ වගෙ වැල් වටාරං කියනව එකෙං මොලේ Thinking process එක බොහොම ඉක්මනට දියුණු වෙනව කියල මම මේ ලඟදි කියෙව්ව. ඉන්නකො ලින්ක් එක හොයල දාන්නං හැකි ඉක්මනින්.

      ඒක වෙනව කියන්නෙ මෙහෙමයි. සරළ උදාහරණයකිං පැහැදිලි කලොත් දැං අපි හිතමු වාහනයක් ගැන. ඔන්න ජපානෙ වගෙ එක දිගට කිලෝ මීටර් දෙතුන් සීයක් වගෙ තියන හයිවේ එකක යද්දි එන්ජිමට ඒ තරං කරන්ට දෙයක් නෑනෙ. Cruise control mode එකට දැම්ම ඔහේ ගියා.

      එහෙම නෙවෙයිනෙ ඔන්න ට්‍රැෆික් වැඩි ලංකාවෙ පිට කොටුවෙ වගෙ වාහනේ එළවනව කියන්නෙ එන්ජින් එකටත් හරි ස්ට්‍රෙස් එකක්. එහෙං ත්‍රී වීලර් කාරයො දානව. මිනිස්සු පොලේ යනව වගෙ පාර හරහට යනව. ඒත් එහෙම ක්ෂ්ණිකව එහාට මෙහාට කපන එකෙං බ්‍රේක් ගහන ගියර් මාරු කරන එකෙන් වෙන්නෙ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය දියුණු වෙනව. වැල් වටාරං කියවනකොටත් අන්න එහෙමයි.

      ඔන්න මේ මොකක් හරි එක මාතෘකාවක් ගැන කියවගෙන ඇවිල්ල ඕල් ඔෆ් සඩ්න් මෙන්න හාත්පසින්ම වෙනස් මාතෘකාවක් ගැන ලියල. (ඇස් ඇන් එග්සාම්පල් - කොපි රයිට් ඩූඩ්-
      නේරු ගැන ලියාගෙන ඇවිල්ල එක පාරටම නේරුගෙ ගෙදර සරනේරුත් තිබ්බයි කියල ලියල මෙන්න ඊට පස්සෙ සරනේරු ගැන ලියන්ට පටන් ගන්නව..ලයික් දැට් යූ අන්ඩර් ස්කර්ට් මැඩම්?) එහෙම සඩ්න් චේන්ජස් වෙන එක මොලේ Thinking process එකට බොහොම ධනාත්මක විදිහට බලපානවයි කියලයි ඒ අංශයෙ විද්වතුන් කියන්නෙ....:)

      Delete
    2. >>කලිනුත් දවසක අපේ ඩූඩ් ගොයියත් ඔහොම චෝදනාවක් කරල තිබ්බ. කමෙන්ට්ස් වලට උත්තර දිදී ඇවිල්ල හරියටම උගෙ කමෙන්ට් එක ගාවින් නවත්තනවය කියල.<<
      උඹ එහෙම කරනව තමයි.
      >>(ඇස් ඇන් එග්සාම්පල් - කොපි රයිට් ඩූඩ්-
      නේරු ගැන ලියාගෙන ඇවිල්ල...<<
      අන්න එහෙම වරෙං. ඕන්න මගෙ කේන්තිය නිවිලා ගියා. මං ඕං අර උඩ කේස් එක අල්ලලා දැම්මා.

      Delete
    3. @Dude:
      ඔහොම උඩ කේස් අල්ලලා දාපු හින්ද නෙව මෙහෙම වීනම්බෑසියක් වෙලා තියෙන්නේ....

      Delete
    4. මේක උපක්‍රමික පසුබැසීමක් ලිඛිතා. මූත් එක්ක තර්ක කරලා දිනන්න බෑ.

      Delete
    5. උපක්‍රමයක් ඕනේ නැහැ.. ඔන්නොහෙ පසුබසිමු හෙන්රි.. ආයේ මොකද හැදෙයි කියලද?

      Delete
    6. Look who's talking!

      ඩුඩ් මෙතන ඇවිත් රවී තුමාට බැන්නට, ඩුඩ් ගෙ බ්ලොග් එකටත් මාස ගානකට උඩදි දාපු කමෙන්ට් තාම එහෙමමයි.

      Delete
    7. එමා:
      අනේද කියන්නේ...

      දෙන්නා එක්ක අර මොකද්දෝ සම්මුතියක් වගේ එකක් දාගෙනනේ ඉන්නෙත්.. ඒක පිටිපස්සෙත් තනිකරම හොර ගණුදෙනුවක්. පොඩිකාලේ පෙරහැර බලද්දී නැතිවෙච්ච සහෝදරියකගේ පිහිටෙන්! හුහ් අපි නොදන්නා හොර ගිවිසුම්! වහාම ඒ ගිවිසුම් හෙළිකරනු!!!

      (දැක්කනේ අපිව අපායත් මුලා කරලා පෙන්නුවා! දැන් ඉන්න වෙන්නේ ගේමෙන්.. නැද්ද මෙයා)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...