Friday, August 18, 2017

523. The Story Of My Marriage - 42 - Mrs. Srinivas is on the war path & who can blame her….

මුම්බායි කොටස් වෙළඳ පලෙහි ගනුදෙනු කරන
අවස්ථාවක් ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
Google Images

සති දෙකකට වගෙ ඉස්සෙල්ල තිබ්බ ක්‍රිකට් කාන්තා ලෝක ශූරතාවයෙ අවසාන තරඟය. මට කොහොම හරි ඒ තරඟය බලන්න ලැබුනෙ ඊයෙ. තරඟය පැවැත්වුනෙ එංගලන්තය සහ ඉන්දියාව අතර. තියුණු තරඟයකින් පස්සෙ එංගලන්ත ක්‍රීඩිකාවො ජයග්‍රහණය කලා.

මට ඇත්තටම කියන්න ඕන කලේ ඒ තරඟය ගැන නම් නෙවෙයි. එංගලන්ත කණ්ඩායමේ දක්ෂතම පන්දු යවන්නිය වුනේ ආන්‍යා ෂ්‍රබ්සෝල්. ඇය කඩුළු හයක් දවාගෙන තරඟයේ හොඳම ක්‍රීඩිකාව ලෙසටද සම්මානයට පාත්‍රවුනා. 

ඉතිං මේ ආන්‍යා කියන නම ඇහෙද්දි මට නිකම් බොහොම සුපුරුදු ගතියක් වගෙ හිතට දැනුන. ටිකක් වෙලා ගියාමනෙ මතක් වුනේ ආන්‍යා නෙවෙයිනෙ බොලේ.....අනන්‍යා.....අනන්‍යා....

අනන්‍යා ස්වාමිනාදන් මෙනෙවිය....අප්පේ මට එතුමිය අමතකම වෙලානෙ තිබ්බෙ. කොහෙද අර කොන්ක්‍රීට් බලකායෙ ප්‍රසන්නය එහෙම හිටියට නිකමටවත් මතක් කරන එකක්ය. ඕකට මේ පාර අර බ්ලොග් වසන්තෙ තරඟෙදි මම චන්දෙත් දුන්න. අපරාදෙ…

ටිකක් හෝදිසි කරල බැලින්නම් අන්තිමට අනන්‍යාගෙ කතන්දරේ ලියල තියෙන්නෙ මැයි  එකොළොස්වෙනිද. මාස තුනකටත් එහා. ඉතිං මම කලේ දනිපනි ගාල කතාව ලියන්ට ගත්ත. අන්තිම කොටස ලිව්වෙ මාස තුනකටත් එහා හින්ද අන්තිමටම ලියපු කොටස් පහේ ලින්ක් දාන්නම් එහෙනම් අමතක කාටහරි ආයම මෙමරි කැපෑකුටි එක රිෆ්‍රෙෂ් කරගන්ට උවමනානම් එහෙම...







එහෙනම් ඔන්න ළමයි අද එතැන් සිට..........

ශ්‍රී නිවාස් මහත්මිය සිටි බැංකුවේ චෙන්නයි ශාඛාවට කඩා වැදුනේ කුණාටු දර්ශකයේ ප්‍රථම කාණ්ඩය යටතේ වර්ග කල හැකි චණ්ඩ මාරුතයක් හා සමඟ එක්වරම රික්ටර් මාපාංකයේ 9.8 සටහන්වන බලවත් භූමි කම්පාවක් හටගත් අවස්ථාවක් සිහිපත් කරවමිනි. එවන් අති භයානක ගණයේ ස්වාභාවික විපත් දෙකක් එක්වර සිදුවීම ඉතාම අහම්බයක් බැවින් මේ අවස්ථාව පෞද්ගලිකවම අත්විඳ පළමෝත අත්දැකීමක් ලබා ගැනීමට චෙන්නයි විශ්ව විද්‍යාලයෙහි භූවිද්‍යාව හදාරන සිසුන් සිසුවියන්ට ආරධනා කල නොහැකිවීම මගේ මහත් පසුතැවිල්ලට හේතුවිය.

ඇය කොපමණ වික්ෂිප්තව සහ නොසන්සුන්ව සිටියේද යත් ඇය පත්ව හුන් අසරණ තත්වය නොවන්නට මට සිනහ වළකා ගත හැකි නොවනු නිසැකය. එහෙත් ඇගේ කෑගැසීම අසා අවශේෂ අංශයන්හි සේවයේ නියුතු කිහිප දෙනෙක් මගේ කුටියේ දොර අසල රැස්ව දෑස් හයා බලාසිටින්නට වූහ. එහෙත් මගේ නොපහන් මුහුණ දුටු ඔවුහු එකිනෙකා එතැනින් සෙමෙන් ඉවතට ගියෝය. මම වහා මගේ කුටියෙහි දොර වසා දැමීමි.

ශ්‍රීනිවාස් මහත්මියගේ නොසන්සුන් භාවය කොපමණද යත් ඇය මිනිත්තු දෙකක පමණ කාලයක් මහහඬින් දෙමළ භාෂාවෙන් මොන මොනවාදෝ කියවාගෙන ගියාය. අවසන මම තීරණය කලේ අනන්‍යාට දුරකථන ඇමතුමක් ගෙන රිසීවරය ශ්‍රීනිවාස් මහත්මියට ලබාදී මෙසේ පවසන්නටය. " නෝනා ඔය කියන මොකවත් මට තේරෙන්නෙ නෑ. ඒ හින්ද ඔය කියන ටික මේ ටෙලිෆෝන් එකට කියනවද? එතකොට මට ඊට පස්සෙ දැනගත්තෑකි ඔහේ මොනවද කිව්වෙ කියල? ඊට පස්සෙ මම පුලුවන් විදිහට උත්තරයක් දෙන්නම්. ඔහේ දිගටම දෙමළෙන් නම් කතා කරන්ට බලාපොරොත්තු වෙන්නෙ අපිට මේ සංවාදය කරගෙන යන්න වෙන්නෙ එහෙම තමයි"

මම එසේ පවසන්නට සැරසෙත්ම ඇය තම ඒකපාත්‍ර භාෂණය (Monologue) නතරකොට විසල් කොටගත් දෑසින් යුතුව මදෙස මොහොතක් බලා සිටියාය. "ඔහ්..සමාවෙන්න..ඔහේ දෙමළ දන්නෙ නෑ කියල මට අමතක වුනා" 

"ආ..ඒකට කමක් නෑ මිසිස් ශ්‍රීනිවාස්…" මම මඳ සිනහවක් දෙතොලට නඟා ගනිමින් පැවසුවෙමි.

"හරි මට ඕනෙ ඔහේගෙන් දැනගන්ට මේ වුනේ මොකක්ද කියල. ඒ එක්කම මට වෙච්චි අලාබෙ පියවගන්නෙ කොහොමද කියන එකත් කරුණාකරල කියන්න මට.."

"මැඩම් මෙහෙමයි…" මම දීර්ඝ කරුණු දැක්වීමකට සූදානම්ව උගුර පෑදීමි.

"මට ඔහේ කිව්වෙ බොහොම ඉක්මනට මම අර කොම්පැණි වලට දාපු සල්ලි ..මොකක්ද ඔහේ එහෙම සල්ලි දානවට යස නමකුත් කිව්ව..මට දැන් මතක නෑනෙ..මොකක්ද ඒ ෂෝක් නම?"

"ආයෝජනය.." මම දෙනෙත් පහතට හරවාගත්වනම කෙඳිරීමි. 

"අන්න හරි... අන්න හරි... ආයෝජනය තමයි. ඔහේ මට දහ අතේ දිවුරල පොරොන්දු වුනා මගෙ සල්ලි ඔය මොකක්ද කෙහෙල්මල් කොම්පැණියෙ ආයෝජනය කලාම මාසයක් දෙකක් යද්දි ඒ සල්ලි දෙගුණ වෙනව කියල. දෙගුනෙ කොහොම වෙතත් මම ඒ ආලෝචනය... "

"ආයෝජනය…….." මම සිහින් හඬින් ඇය නිවැරදි කළෙමි.

"හරි හරි මොන කෙහෙල්මලක් හරි. නමෙන් වැඩක් නෑනෙ මනුස්සයො. සල්ලි වලට වෙච්ච් දේනෙ වැදගත්. දැන් බලනව ඒ සල්ලි වලින් සීයට හැත්තෑවක්ම ආගිය අතක් නෑ....අතුරුදහන් වෙලා..අතුරුදහන් වෙලා…" ඇය යටිගිරියෙන් කෑගැසුවාය.

ඇගේ කෑගැසීම අසා මගේ කුටිය වෙත දිවගෙන එන කිහිප දෙනෙකුගේ ඡායාවන් ලාඅළු පැහැති තීන්ත ආලේප කල වීදුරු දොර තුලින් මට දැකගත හැකිවිය. ඔවුහු දොර අසල නතරවූ බවද මට දැකගත හැකිවිය. "දෙයියෝ සක්කි මම මේ ගෑණු මනුස්සයට අඩන්තේට්ටම් කරනවයි කියල හිතයිද මන්ද මේ යක්කු?..එහෙම හිතල පොලීසියටවත් කියයිද? නෑ එහෙම වෙන එකක් නෑ" අසුනින් නැඟිට ගොස් දොර විවර කිරීමට ද එක මොහොතක සිතුනු මුත් මම එසේ නොකළෙමි. "ආය දොර අරින්ට ඕන නෑ. මොනව හරි කියල මේ මනුස්සය ෂේප් කරල දානව. බෙල්ල මිරිකන්ටම වගෙ ආවොත් දුවල ගිහිල්ල දොර ඇරල එළියට පනිනව" එසේ තීරණය කල මම ශ්‍රීනිවාස් මහත්මිය දෙසට හැරී හරි බරි ගැසුණෙමි.

"ඇත්තටම මැඩම් මොකක්ද දන්නවද වුනේ? "

"ඔව් මොකක්ද වුනේ?... මම නම් දන්නෙ මගෙ සල්ලි නැතිවෙච්චි එක විතරයි. ඔහේ දන්නවනම් කියන්නකො ඊට අමතරව මොකක්ද වුනේ කියල" ශ්‍රීනිවාස් මහත්මියගේ මුවඟ රැඳි සෝපාහාසාත්මක සිනහව නොදුටුසේ මම කථා කරගෙන ගියෙමි. 

"මැඩම් ඇත්තටම වුනේ ස්ටොක් මාර්කට් එක ස්ව-නිවැරදිකරණ අවස්ථාවකට පත්වුන එක. ඉංග්‍රීසියෙන් කියන්නෙ Self-correction mode කියල..එහෙම අවස්ථා කාලෙන් කාලෙට ඇතිවෙනව. ඒක බොහොම ස්වාභාවිකයි."

සංකීර්ණ පාරිභාෂික වදන්වල ප්‍රයෝජනය මට කෙමෙන් වැටහෙමින් තිබිණි. එවන් සාමාන්‍ය පොදු ජනයා නිවැරදි අර්ථය නොදන්නා ගැඹුරු වදන් භාවිතය පිළිතුරු නොමැති අසීරු ප්‍රශ්න හමුවේ තම ගෞරවය ආරක්ෂා කොට ගැන්මෙහිලා මහෝපකාරී වනු ඇත.

"විකාර කියවන්න එපා මනුස්සයො..සෙල්ෆ් කරෙක්ෂන් කෙහෙල්මල..මගෙ සල්ලි ලක්ෂ දහයක් ඉවරයි..එච්චරයි මම දන්නෙ.." ඇය යලිත් යටිගිරියෙන් කෑගැසුවාය. එවරනම් මගේ කුඩා කුටියෙහි වීදුරු බිත්ති පවා කම්පනය කරවන්නට ඒ කෑගැසීම සමත් විය.

ඇය මෙලෙස තව දෙතුන් වරක් කෑගැසුවහොත් නිසැකවම මගේ කුටියෙහි වීදුරු බිත්ති මගේ හිසමත කඩා වැටෙනු නියත බව මට හැඟී ගියේය. 

අප කාර්යාල පරිශ්‍රයෙහි පසුපස කොටසේ ආයතන අංශය පවත්වාගෙන යන ලද ගොඩනැඟිල්ලෙහි අලුත්වැඩියා කටයුතු උදෙසා සියලු වීදුරු බිත්ති මේ දිනවල කඩා ඉවත්කරගෙන යන බවද ඒ සමඟම මගේ මතකයට නැඟිනි.

ශ්‍රීනිවාස් මහත්මිය සමඟ මගේ සාකච්ඡාව ඒ ආයතන අංශයට ගෙන ගියහොත් එහි වීදු රු බිත්ති කඩා බිඳ දැමීම කිසිදු වියදමකින් තොරව ඉටුකර ගත හැකි නොවේදැයි මට ඒ සමඟම සිහියට නැඟිනි. "මැඩම් මම කියන්ටද? අපේ මේ සාකච්ඡාව අපි වෙන තැනක කරමුද?"  ශ්‍රීනිවාස් මහත්මියගෙන් එසේ විමසන්නට මට සිතිණි. එසේ විමසුවහොත් ඇය නිසැකවම මෙසේ පිළිතුරුදෙනු ඇත. "වෙන තැනක? වෙන තැනක? මට වෙන කොහෙවත් යන්ට උවමනාවක් නෑ හලෝ.. ඔහේ තමයි මාව මේ අමාරුවෙ දැම්මෙ.මට උත්තර ඕනෙත් ඔහේගෙන්"......."ෂෙහ් අපරාදෙ..කොහොම හරි ආයතන අංශෙට එක්ක ගියානම් මේ අම්මණ්ඩිගෙ මේ කෑගැහිල්ලට අඩුගානෙ බිත්ති දෙකක් වත් බිම දාගන්ට තිබ්බ" මම තොල මැතිරීමි.

"මොකක්ද කිව්වෙ? "

"නෑ........නෑ.....නෑ.............මොකවත් කිව්වෙ නෑ මැඩම්....ඉන්නකො මම පැහැදිලි කරන්නම්..කොටස් වෙළඳ පොල එහෙම තමයි. ඉහළ යනව පහල යනව.. ඒ කොටස් වෙළඳ පොළේ හැටි...එහෙම අවදානමක් ගන්න මැඩම් සූදානම් නැත්නම් අපි ගාව තියෙනව ඊට වඩා අවදානම අඩු ආයෝජන අවස්ථා......" කිසිදු ප්‍රයෝජනයක් නොවන බව සියයට සියයක් ස්ථිර නමුදු මම අවසාන තුරුම්පුවද පාවිච්චි කළෙමි. කම් ඕ ගෝ චිකාගෝ

"නෑ නෑ ඒ අවදානම් රහිත ආයෝජන මොකවත් මට වැඩක් නෑ. මට දැං ඔව්ව අහල ඇතිවෙලයි තියෙන්නෙ. අනික මම තමුන්ට කිව්වෙ ස්ථාවර තැන්පතුවක් දාන්ට කියල. තමුන් ඒක ඇහුවෙ නැතුව මට බලකල මේ කෙහෙල්මල් ආයෝජනයක් කරන්ට කියල. දැන් බලනව ඒකෙං වෙච්ච වැඩේ ඔය ගොල්ලො මගෙ සල්ලි නැතිකලා. ඒ හින්ද මම සිටි බැංකුවෙ මගෙ එකවුන්ට් එක මේ මොහොතෙම වහල දානව. මම හිතං ඉන්නෙ මේ එකවුන්ට් එකේ තියන සල්ලි ඔක්කොම ව්‍යාස්‍ය බෑන්ක් එකේ එකවුන්ට් එකක් ඇරල ඒකට දාන්ට"

එවිටම ඇසුණු දොරට සෙමෙන් තට්ටු කරන හඬ මට අසුනින් නැඟිට ශ්‍රීනිවාස් මහත්මියගේ කෝපාවිෂ්ඨ බැල්ම මඟ හැරීමට අනගි අවස්ථාවක් ලබා දුන්නේය.

"සමාවෙන්න..." එසේ පවසමින් මම දොර විවර කලෙමි. 

මගේ අංශයේ සහායිකාවක් විවිධ රසකැවිලි සහ තේ සහිත රිදී පැහැ බන්දේසියක් රැගෙන පැමිණ එය ශ්නිවාස් මහත්මිය ඉදිරියේ තබා පිටව ගියාය. දොර යලි නොවසාම මම යලි අසුන් ගත්තෙමි. ශ්‍රීනිවාස් මහත්මිය රසකැවිළි බන්දේසිය නොදුටුවාක් මෙන් මදෙස නෙත් යොමුකොටගත් වනම හුන්නාය. ඇගේ දෑස් ලාරත් පැහැයක් ගෙන ඇත්තේ අධික කෝපය හේතුකොටගෙන විය යුතුය. 

"මැඩම් සමාවෙලා මම කියන එක පොඩ්ඩක් අහන්න. අපිට වැරදීමක් උනා තමයි. ඒත් ව්‍යාස්‍ය බැංකුව කියන්නෙ මේ ඊයෙ පෙරේද පටන්ගත්තු බැංකුවක්නෙ. ඒ වගේද සිටි බැංකුව කියන්නෙ මුලු ලෝකෙම...." ශ්‍රීනිවාස් මහත්මිය දකුණත ඔසවා මගේ කථාව නතර කලාය.

"තව එක වචනයක්වත් කියන්න එපා. කරුණාකරල ඔහෙලගෙ තියනවනෙ එකවුන්ට් එකක් ක්ලෝස් කරනකොට පුරවන්න ඕන ලියකියවිලි. දැන්ම.....මේ මොහොතෙම මට ඒ ලියකියවිලි ගෙනත් දෙන්න. මට උවමනා වෙලා තියෙන්නෙ පුලුවන් තරම් ඉක්මනින් ඔහෙලගෙ මහ ලොකු සිටි බැංකුවත් එක්ක මගේ ගණුදෙනු සදහටම ඉවරයක් කරල මෙතනින් පිටවෙන්න."

වෙනත් කලහැකි කිසිවක් නොවීය. මම සහායකයකු ලවා අවශ්‍ය ලියකියවිලි ගෙන්වා ගතිමි. තම අත්බෑගය විවරකොට රිදී රාමුවකින් හෙබි කුඩා උපැස් යුවලක් පිටතට ගත් ඇය ඒ පැළඳගෙන යටිතොල සපාගත්වනම ගිණුමක් වසාදැමීමේ අයදුම්පත්‍රය පුරවා මා වෙතට තල්ලු කොට අසුනින් නැඟී සිටියේ අවම වශයෙන් සමුගැනීමකින් හෝ තොරව නික්ම ගියාය. 

ළය හිස්ව යන පරිදි දිගු සුසුමක් හෙලූ මම අසුනෙහි හොඳින් දිග ඇදී දෑතින්ම නළල පිරිමදින්නට වීමි. සියුම් හිස රුජාවක ආරම්භක ලකුණු මට දැනෙන්නට වෙමින් තිබිණි.

එදින සවස සේවය නිමවී පිටව යාමට ප්‍රථම මම ලොබියෙහි වූ පුළුල්තිර රූපවාහිනී යන්ත්‍රයේ කොටස් වෙළඳ පොළෙහි නවතම තත්වය පිළිබඳව C.N.B.C. නාලිකාවෙහි විකාශයවූ වැඩසටහනක් නැරඹීමි. ඔවුන්ගේ ගණනය කිරීම් අනුව එදින කොටස් වෙළඳපොල ගනුදෙනු සිදුවූ වේලාව තුල පමණක් අන්තර්ජාල සමාගම්හි කොටස් වටිනාකම තවත් 5% කින් පහළ වැටී තිබිණි. 

අනුයාත සති දෙක ඇතුළත සිටි බැංකුව හා දීර්ඝ කාලයක් ගණුදෙනු කල එසේ හෙයින්ම අප කෙරෙහි දැඩි විශ්වාසය තබා තම මුදල් වෙබ් අඩවියක් නිර්මාණය කිරීම හැරෙන්නට වෙනත් කිසිවක් නොකළ සමාගම්වල ආයෝජනය කල ගනුදෙනු කරුවෝ සමස්තයක් වශයෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අලාභ වින්දෝය. ඔවුන් සියල්ලෝම තම ගිණුම් වසා දමා අධික වර්ෂාවකට හෝ යලි සිටි බැංකුවට හොඩ නොවන බවට දහ අතේ දිවුරමින් පිටව ගිය බව වෙසෙසින් පැවසිය යුත්තක් නොවේමය. 

මගේ ගනුදෙනු කරුවන්ගෙන් අපට අහිමි වූයේ ශ්‍රීනිවාස් මහත්මිය හැරෙන්නට තවත් එවැනිම ගණුදෙනු කාරියක් පමණි. බාලාගේ දැඩි බලකිරීම නිසාම මිස නැතහොත් අන්තර්ජාල සමාගම්වල ආයෝජනය කිරීම සඳහා ගණුදෙනු කරුවන් පෙළඹවීමෙහිලා මට කිසිදු උනන්දුවක් නොවීය.

එබැවින් බහුතරයක් ගනුදෙනුකරුවන් මේ සඳහා පොළඹවා ගනු ලැබූයේ බාලා සහ ඔහුගේ විශ්වාසී සහකරුවන් කණ්ඩායම විසිනි. එළෙසම මුම්බායිහී පිහිටි සිටි බැංකුවේ ඉන්දීය මූලස්ථානයේ උසස් නිලධාරීන්හට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ වග උත්තර බැඳීමටද සිදුවූයේ ද අංශ ප්‍රධානියාවූ බාලාහටය.

29 comments:

  1. හම්මේ කිරිස් ඇවිත්! ෂරි ෂරි...

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්දියන් කාරයෝ ඉන්නවා නෙවද.. විශේෂයෙන් දෙන්නෙක්ට හරි මැනේජර් කමක් දරන උන්... කතා කරලා වැඩක් නැත. බිම පෙරලි පෙරලි දිවුරනවා 'අලි දෙනවෝ, කොටිත් එක්ක මුවෙක් නිකන්ම දෙනවෝ, කුළුහරක් එක්ක මීමෝ දෙබානක් දෙනවෝ' ඔයාලට තියෙන්නේ මෙන්න මේ සුට්ටි දේ කොරන්ට විතරයි... කියල! අපිත් ඉතින් එහෙම උනාම කපල, මහල ඇඳගන්නවා. අන්තිමට බැලුවහම 'නෑ ඉතින් ඔයාලට මේක ලැබුන එකම මදැයි නේද' කියනවනේ විලිසන්ගයක් නැතුව!

      හරියට සුඛෝපබෝගී වාහනයක් දෙනවා කියල දිනුම් ඇදලා ඩෝසරයක් දුන්න වගේ.

      Delete
    2. ඩෝසර් වටිනවා.

      Delete
    3. Likhitha,

      /හරියට සුඛෝපබෝගී වාහනයක් දෙනවා කියල දිනුම් ඇදලා ඩෝසරයක් දුන්න වගේ./

      Wrong analogy I am afraid Ma'am...

      This machine costs Rs. 8.7 million and the cost of many luxury vehicles is less than that

      Delete
    4. Pra,

      ඔහේ ඉත්තෑවො ගැන විතරක් නෙවෙයි වගෙ දන්නෙ නේ? :)

      Delete
    5. හෙජ්හොග්වත් අදුනනවා.

      Bull විතරක් ඩෝසර් තියෙන්නෙ ඇයි රවිඋන්න්නාන්සේ? Cow ඩිස්ක්‍රිමිනේෂන් නේ.

      Delete
    6. //හරියට සුඛෝපබෝගී වාහනයක් දෙනවා කියල දිනුම් ඇදලා ඩෝසරයක් දුන්න වගේ.//

      නොතෙමි යන්න කාර් දෙන්න ඇවිල්ලා ජපන් බයික්වල බදු අඩු කලා වගේ.

      Delete
    7. අම්මප ඩෝසරයක් ගෙනත් සමතලා කොරල දාන්න හිතෙනවා මේ කියන එව්වා ඇහුවම...

      Delete
  2. රවියො බාලාට කියපන්කො මේ බ්ලොග් එකේ දාන කමෙන්ට් වලටත් වග උත්තර බඳින්න කියල. හැක්

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      සමාවනු මැන! සමාවනු මැන!

      සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූවානම්,
      මින්පසු ලියවෙයි සැමටම විගසින් පිළිතුරු මාතින්නම්,

      Delete
  3. මාස ගණන් ගතවූ පසු ලියා තිබෙන්නේ
    ආස කරන ක්‍රිෂ් කතාව මෙන්න තියෙන්නේ
    දෝස සියල්ලම ඒ ක්‍රිෂ් වෙතයි වැටෙන්නේ
    මාස නොයව ඉතිරිය ඉක්මණින් ලියන්නේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      උඹ හින්ද තමයි හැමදාම මට කමෙන්ට් වලට උත්තර ලියන්ට පරක්කු වෙන්නෙ.දිගටම කමෙන්ට් වලට උත්තර ලියාගෙන ඔන්න එනවයි කියමුකො.

      උඹෙ මේ කවිය ගාවට ආවම ඔන්න හිරවෙනව මල බද්දෙ හැදුන වගෙ. ඇයි ඉතිං කවියකින් කමෙන්ට් කලාම ඒකට කවියකින්ම උත්තරත් දෙන්ට එපාය. ඉතිං කවියක් ගැටගහගන්ට තට මද්දි හිරවෙනව. ඊට පස්සෙ එහෙනං හවසට දෙකක් දාගත්තමවත් කවිසිත පහල වෙයිනෙ කියල වැඩේ අල්ලල දානව. එච්චරම තමයි...

      අංගම්මන සුමන, අංගම්මන සුමන....
      අංගම්මන සුමන, අංගම්මන සුමන....
      අංගම්මන සුමන, අංගම්මන සුමන....
      අංගම්මන සුමන, XX XXXX XXX...

      Just joking Dumee..........Thanks so much!

      Delete
    2. බැලුවත් ලිපිය කිසිවක් නොකියා ඉන්නම්
      එනමුත් නිතර මේ අසළම ගැවසෙන්නම්
      කිව්වත් වගේ රවියව හිර නොකරන්නම්
      කවියත් නොදී මින්පසු නිහඬව යන්නම්....:( :(

      Delete
  4. හිතපු ඒවා ගොඩක් හිතේම තියාගෙන හිටපු එක හොඳයි... මොකද හිතපු දේවල් කටින් පිට කළා නම් හොඳ සංග්‍රහයකුත් බුක්තිවිදින්න තිබුනා...

    මේකෙ කොමෙන්ට් කරන සියලු ජනයාට උත්තර නොබැද හිටියොත්, තවදුරටත් අපිත් නිකන් ඉන්නෑ හොඳද... ක්‍රිෂ්ට බැන්න වගේ හමයන්න බනිනවා...
    මේවට අර කො.ක.ස කතා කරන්න ඕනෙ..... පෙනී ඉන්න ඕනෙ...

    ReplyDelete
    Replies
    1. ඉන්නව ඉන්නව. ගිය පෝස්ට් එකෙත් පෙනී හිටිය. දැන්නං මේ මනුස්සයට හොඳිං කියල හරියන්නෑ වගේ.

      Delete
    2. නිර්මාණි,

      /මේකෙ කොමෙන්ට් කරන සියලු ජනයාට උත්තර නොබැද හිටියොත්, තවදුරටත් අපිත් නිකන් ඉන්නෑ හොඳද./

      හරි හරි නෝනා සමාවෙන්න සමාවෙන්න...

      ෂියල්ලෝට මින්පශු උත්‍ර ධෙමි.

      Delete
    3. ප්‍රසන්න,

      ඔව්..ඔව්..උඹ පෙනී හිටිය... උඹ පෙනී හිටිය...

      Delete
    4. ආ අද හොඳායි... මේ රවීලට ටිකක් තදින් කියන්නැතුවම බෑනෙ...

      Delete
  5. කවුද අනන්‍යා කියන්නේ?
    රවී - මට මතක නෑ, මම දන්නේ නෑ :D

    ReplyDelete
    Replies
    1. උදය,

      දෙයියම්පල්ල, රවීල ඔක්කොම එකයි වගේ....:)

      Delete
    2. ඔය රවීලා ඉන්නව නේද ..හපොයි

      Delete
  6. //කොහෙද අර කොන්ක්‍රීට් බලකායෙ ප්‍රසන්නය එහෙම හිටියට නිකමටවත් මතක් කරන එකක්ය.// ඔහෙට මතක් කරනවට වැඩිය හොඳයි මොළේ මොනිටරේ උලාගන්න එක.
    අන්තිම වතාවට මතක් කළේ ගිය පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දියං කියල. කෝ දුන්නද? නෑනේ... නෑනේ...

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /අන්තිම වතාවට මතක් කළේ ගිය පෝස්ට් එකේ කොමෙන්ට් වලට උත්තර දියං කියල. කෝ දුන්නද? නෑනේ... නෑනේ.../

      හරි හරි හරි උඹ මතක් කලා..උඹ මතක් කලා...ඒත් බං ඔය රවීල කියන ජාතියට එක පාරක් දෙපාරක් කියල හරියන්නෙ නෑ.වැඩේ කෙරෙනකල් පස්සෙං යන්ට ඕන..අන්න බලපං ඈස් ඇන් එග්සාම්පල් රවී කේ.. කී පාරක් කියලද ඔය ඉල්ලා අස්වුනේ?

      අනික බං උඹට වගේද අපිට? කීයක් කියල වැඩද? උඹට නම් තියෙන්නෙ දවස තිස්සෙ කඩේට එන බබලත්තුන්ට මුකුළු කරන එකයි හවසට කඩේ වහල මුල්ල පටස් එකක් එහෙම ගහල ණය අරගෙන නොගෙවා ඉන්න එවුංගෙ ගෙවල් ඉස්සරහට ගිහිල්ල යටට ඇඳල ඉන්න රනිං සෝට පේන්ට සරම උස්සල උංගෙ අම්ම අප්පලගෙ ජාතකේ මතක් කරල දෙන එකයිනෙ.

      ඒ අතර වෙලාවක් තිබ්බොත් ඔය කොමෙන්ට් දෙක තුනකුත් දානව නම් තමයි මම නෑ කියන්නෙ නෑ..ඇත්ත කියන්ට එපාය මොනව උනත් නැද්ද? අපි රවීල එහෙමයි.ඇත්ත තමයි කියන්නෙ..සත්‍ය මේව ජයතේ!

      Delete
  7. කාමරේ දොරත් වහගෙන බවලතෙක් ඇතුලෙ දාගෙන ඉද්දි ඒ මනුස්ස ගෑනි යටිගිරියෙන් කෑ ගහනකොට මොකාටද සැක හිතෙන්නැත්තෙ ක්‍රිෂ් කාරය ඒ ගෑණිට මක් කරනවද කියල. මිස්ටර් බාලා හිටියෙ නැද්ද ඔය වෙලාවෙ. හිටියනං ක්‍රිෂාගෙ රස්සාව ඒ වෙලාවෙම නැතිවෙන්න තිබ්බ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      /මිස්ටර් බාලා හිටියෙ නැද්ද ඔය වෙලාවෙ./

      බාලා හිටියෙ නෑ..බාලා මේ දවස්වල ටිකක් මඟ ඇරල ඉන්නෙ...:)

      අද මොකද බාලා?
      නෑ සර් මම මේ නිකමට වගෙ මේ පැත්තෙ ආවා....

      Delete
  8. අනන්නා...

    ReplyDelete
  9. මදි මදි හොඳටෝම මදි...

    ReplyDelete
  10. ඔන්න බලපන්කො ඉතින් රවී තුමාට අනන්‍යා ගෙ නමත් අමතක වෙලා තියන හැටියක්? ආයෙ එහෙම උනොත්, නම් ලැයිස්තුව මතක් කරල කමෙන්ට් එකක් දාන ඕන.

    මේ ශ්‍රීනිවාස් මහත්මිය පව් අනේ. බැංකු වලට උපහාසාත්මක විදියට මේ කොටස කතුවරයා ලියන්න ඇති සමහර විට. ඒ උනාට පව් ඒ අහිංසක මනුස්සය.

    ReplyDelete
  11. ගත්තට තවම කියවන්නන බැරි වුණා. රවිය කතාව ඉවර කරයි ඊට කලින්.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...