ඡායාරූපය : රන්දිකා රණවීර ප්‍රනාන්දු |
නුඹ අසල වැතිර ඉමි,
මුදුව නුඹ වැළඳ ගමි,
නුඹෙ සුසුම් සුව විඳිමි,
දෙනෙත් මගෙ පියාගමි,
කිරි සුවඳ විඳින්නෙමි,
නුඹේ මුවගින් නැඟෙන,
දෙතොල හසරැල් දකිමි,
සිහිනයෙක නුඹ කිඳෙන,
රත් නෙළුම් අත දරා,
පැමිණි මගෙ කුමරුවනි,
නුඹෙ නළල සිඹින්නෙමි,
දයාබර මළනුවනි,
සොයුරු පෙම මා සිරුර,
විනිවිදියි නිරතුරුව,
නුඹට රැකවරණ දෙමි,
ජීවිතේ පුරාවට,
සොඳුරු දසුනක්, සොඳුරු කවියක්!
ReplyDelete(මම එක ද?)
ස්තූතියි මලී..
Deleteආයෙ මොනවද?...ඔහේ එක ඔහේ එක...:)
අම්මගේ උණුසුමට
ReplyDeleteතුරූළු වනු බැරි කලට
අයියණ්ඩියේ මට
නුඹ සුසුම වෙයි පිහිට
Thanks Thisara...Nice reply...;)
Deleteඅගෙයි මේ
ReplyDeleteරුව මෙන්ම
කවි පේළි
නුඹ ලිවුව
ස්තූතියි ප්‍රසන්න...
Deleteබොහොම අපූරුයි...:)
අනේ... හරිම ආදරණීයයි...
ReplyDeleteබොහොම ස්තූතියි සඳවතී......:)
Deleteසසරෙ හුරුකමට ඇවිදින් සිත නොතලා
ReplyDeleteසොයුරු පෙමින් අප හමුවිය සිනා සලා
මතු භවයේ එක් වෙන්නට පින් පුරලා
පතනෙමු පැතුම් දෙදෙනා තුටු කඳුලු සලා...
ලස්සන නිර්මාණයක්.
ජයවේවා!!!
ස්තූතියි දුමී...:)
Deleteමේ පින්තුරය දැකපු තාත්තෙක්ට දැනෙන හැඟීම කොයි වගේද කියලා මට නම් හිතාගන්න බැහැ.... හම්මේ...
ReplyDeleteලිඛිතා,
Deleteතාත්තටම කියමු ඒ ගැන කියන්න කියල...:)
+++++++++
ReplyDeleteThanks Pra...:)
Delete<3 <3 <3
ReplyDeleteThank you very much Mr. Ravi
You are welcome Madam..:)
Deleteහරිම ආදරණීය පබැදුමක්....
ReplyDeleteස්තූතියි නිර්මාණි...:)
Deleteවාසනා වේවා
ReplyDeleteඑසේම වේවා හෙන්රි...:)
Deleteසොයුරු පෙම
ReplyDeleteවිචාරක දියණිය
ස්තූතියි දියණිය....:)
Deleteඅසම සම
ReplyDeleteසොයුරු පෙම
සසර සැම
බවයක දිම
නොමැත ඉම
දයා මහත්මයා...ස්තූතියි...:
Deleteඑක නෙට් එකලු මේ ගෙදරම තියෙන්නේ
ReplyDeleteමේ වෙනකන් මට විතරයි ලැබෙන්නේ.
ඒවා මිලද තව නෙට් අපි නොගන්නේ
මගෙ පොඩි ඉඩට නංගීවත් ඔබන්නේ
:) :)
Deleteඉයන්,
Deleteනියමයි...නංගි නෙවෙයි හැබැයි මල්ලි...:)
නෙට් එක යට සිට පොඩි එකා කියූ කවිය-
දෙන්නෙක් නම් යන්තමකට පුලුවන්නේ,
ලබ්බෙ තොයිලෙ වගෙ හරි අපි ඉන්නවනේ,
ඒත් අම්මෙ මේ හොඳ හැටි අහපන්නේ,
තව එක්කෙනෙක් ඔබනට නම් බෑමයිනේ.
@ ඉයන්
Delete++++ :D
හරිම ආදරේ අයියෙක් වගෙයි..
ReplyDeleteකම්මල,
Deleteහෙහ්..එහෙම තමයි පේන්නෙ නේ?
Sonduru dasunak,sonduru sithivili pelak,
ReplyDeleteSuper..
ReplyDeleteඅපුරුයි
ReplyDeleteරන්දිකා ගේ පින්තූරය රවී ගේ නිසඳස - අගෙයි - බෙදාගෙන වැඩ කරනව කියන්නේ ඕවට
ReplyDelete