Tuesday, August 1, 2017

520. නුඹ අසල වැතිර ඉමි…....

ඡායාරූපය : රන්දිකා රණවීර ප්‍රනාන්දු

නුඹ අසල වැතිර ඉමි,
මුදුව නුඹ වැළඳ ගමි, 
නුඹෙ සුසුම් සුව විඳිමි,
දෙනෙත් මගෙ පියාගමි,

කිරි සුවඳ විඳින්නෙමි,
නුඹේ මුවගින් නැඟෙන,
දෙතොල හසරැල් දකිමි, 
සිහිනයෙක නුඹ කිඳෙන, 

රත් නෙළුම් අත දරා, 
පැමිණි මගෙ කුමරුවනි, 
නුඹෙ නළල සිඹින්නෙමි, 
දයාබර මළනුවනි, 

සොයුරු පෙම මා සිරුර, 
විනිවිදියි නිරතුරුව, 
නුඹට රැකවරණ දෙමි, 
ජීවිතේ පුරාවට,


34 comments:

  1. සොඳුරු දසුනක්, සොඳුරු කවියක්!
    (මම එක ද?)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලී..

      ආයෙ මොනවද?...ඔහේ එක ඔහේ එක...:)

      Delete
  2. අම්මගේ උණුසුමට
    තුරූළු වනු බැරි කලට
    අයියණ්ඩියේ මට
    නුඹ සුසුම වෙයි පිහිට

    ReplyDelete
  3. අගෙයි මේ
    රුව මෙන්ම
    කවි පේළි
    නුඹ ලිවුව

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රසන්න...

      බොහොම අපූරුයි...:)

      Delete
  4. අනේ... හරිම ආදරණීයයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳවතී......:)

      Delete
  5. සසරෙ හුරුකමට ඇවිදින් සිත නොතලා
    සොයුරු පෙමින් අප හමුවිය සිනා සලා
    මතු භවයේ එක් වෙන්නට පින් පුරලා
    පතනෙමු පැතුම් දෙදෙනා තුටු කඳුලු සලා...

    ලස්සන නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී...:)

      Delete
  6. මේ පින්තුරය දැකපු තාත්තෙක්ට දැනෙන හැඟීම කොයි වගේද කියලා මට නම් හිතාගන්න බැහැ.... හම්මේ...

    ReplyDelete
    Replies
    1. ලිඛිතා,

      තාත්තටම කියමු ඒ ගැන කියන්න කියල...:)

      Delete
  7. <3 <3 <3

    Thank you very much Mr. Ravi

    ReplyDelete
  8. හරිම ආදරණීය පබැදුමක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි...:)

      Delete
  9. වාසනා වේවා

    ReplyDelete
    Replies
    1. එසේම වේවා හෙන්රි...:)

      Delete
  10. සොයුරු පෙම
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දියණිය....:)

      Delete
  11. අසම සම
    සොයුරු පෙම
    සසර සැම
    බවයක දිම
    නොමැත ඉම

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා...ස්තූතියි...:

      Delete
  12. එක නෙට් එකලු මේ ගෙදරම තියෙන්නේ
    මේ වෙනකන් මට විතරයි ලැබෙන්නේ.
    ඒවා මිලද තව නෙට් අපි නොගන්නේ
    මගෙ පොඩි ඉඩට නංගීවත් ඔබන්නේ

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      නියමයි...නංගි නෙවෙයි හැබැයි මල්ලි...:)

      නෙට් එක යට සිට පොඩි එකා කියූ කවිය-

      දෙන්නෙක් නම් යන්තමකට පුලුවන්නේ,
      ලබ්බෙ තොයිලෙ වගෙ හරි අපි ඉන්නවනේ,
      ඒත් අම්මෙ මේ හොඳ හැටි අහපන්නේ,
      තව එක්කෙනෙක් ඔබනට නම් බෑමයිනේ.

      Delete
  13. හරිම ආදරේ අයියෙක් වගෙයි..

    ReplyDelete
    Replies
    1. කම්මල,

      හෙහ්..එහෙම තමයි පේන්නෙ නේ?

      Delete
  14. Sonduru dasunak,sonduru sithivili pelak,

    ReplyDelete
  15. රන්දිකා ගේ පින්තූරය රවී ගේ නිසඳස - අගෙයි - බෙදාගෙන වැඩ කරනව කියන්නේ ඕවට

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...