Monday, August 21, 2017

524. පුවක් එෂැණිං 27 - චිච්චි පුතාගේ රොකට් එක, එඬරු ගහක කතාව සහ පොලෝසියේ භාවනාව…..


කෑලි ගැලවී වැටීම වැළැක්වීම සඳහා කඹ වලින් හොඳින් බැඳ චිච්චි පුතාගේ චන්ද්‍රිකාව ගුවන් ගත කිරීමට සූදානම් කොට ඇති අයුරු ඉහත ඡායාරූපයෙහි දැක්වේ. අබිමානවත්ලෙස කඩුව අතින්ගත් සිංහයා සහිත සිංහ ධජය චන්ද්‍රිකාවේ බඳේ ගැටගසා ඇති අයුරු දැක ඔබගේ මයිල් කෙලින් නොවේනම් ඔබ වනාහී සාඩම්බර සී ලාංකිකයෙක් නොවේ.


**************************************


ජාතියේ හිච්චි පුතා නොහොත් චිච්චි පුතා එප්සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කොට ඇත. ඒ 2012 වසරේ අබ්‍යාවකාසයට යැව්වායයි කියන චන්ද්‍රිකාවක් සම්බන්ධයෙනි.

ප්‍රස්න කිරීමෙන් අනතුරුව එප්සීඅයිඩියෙන් එලියට පැමින මහපාරේ මාධ්‍යකරුවන් හා සමඟ සාකච්චාවක් පැවැත්වූ චිච්චි පුතා මෙලෙස ප්‍රකාස කලේය.

"අද මාව කැඳවල තිබ්බෙ අපි යවපු චන්ද්‍රිකාව ගැන අහන්ට. එයාලට චන්ද්‍රිකාව පෙන්නන්ට පුලුවන්ද කියලත් ඇහුව. මම එයාලට කිව්ව මේ දවස්වල චන්ද්‍රිකාව පේන්නෙ නෑ කියල. ඒකට හේතුව ඒකෙ ගහල තියෙන සිංහ කොඩිය කිලුටු වෙලා ඒක හෝදන්ට මේ දවස්වල චන්ද්‍රිකාව චීනෙට ගොඩ බාල තියෙන්නෙ. මතකනෙ අපි ඒ දවස්වල එෆ්බී අරව මෙව්ව ඔක්කොගෙම විසාල ප්‍රචාරයක් අරගෙන ගියා සිංහ දජය අබ්යාවකාසයේ ලෙලදේ. ආඩම්බරනම් සෙයාර් කොරන්න කියල. අන්න ඒ ලෙල දුන්නු සිංහ දජය හෝදල අයන් කරල ආයම ලෙලදෙවන්ට තමයි අපි ඔය ඒ චන්ද්‍රිකාව චීනෙට ගොඩ බැස්සුවෙ. මමයි එහෙම කරමු කියල ඕක යවපු චීන කොම්පැනියට කිව්වෙ"

"මේ ලෝකෙ මනුස්සයෙක් නොබලන මියුසික් වීඩියෝ හැදීම වගෙ මගේ දහසක් වැඩ රාජකාරි මැද උනත් මම දිනපතා මගේ බැල්කනි එකේ හයි කරල තියෙන ටෙලස්කෝප් එකෙං ඔය චන්ද්‍රිකාව බලනව. එහෙම බලනකොට ගිය සුමානෙ තමයි මම දැක්කෙ අපේ සිංහ කොඩිය බොහොම කිලුටු වෙලා. ඒ පාර මම වහාම දැනුම් දුන්න සැටලයිට් එක යවපු චීන කොම්පැණියට. ඒ ගමන තමයි එයාල ඒක චීනෙට බාගත්තෙ. දැනට සිංහ කොඩිය හෝදල චීන මහා ප්‍රාකාරෙ උඩ වනල තියනව වේලෙන්ට. වේලෙන්ට ටිකක් පරක්කු වෙන්නෙ චීනෙට මේ දවස්වල වැස්ස. ඒක වේලුන ගමන් ආපහු කොඩිය හයි කරල චන්ද්‍රිකාව උඩු ගුවනට යවනව. එතකොට මේ ප්‍රස්න මොකවත් නෑ. මට පුලුවන් එප්සීඅයිඩී කට්ටිය පාරට එක්ක ඇවිල්ල අන්න බලාගනිල්ල චන්ද්‍රිකාව කියල පෙන්නන්ට. එහෙම කලාම හැමෝන්ටම තේරෙයි මට මේ කරන චෝදනා මොන තරම් අසාදාරනද කියල."

"අනික එප්සීඅයිඩී එකේ අය මොනවද දන්නෙ චන්ද්‍රිකා ගැන? මම එයාලට කිව්ව මම තමයි ලංකාවෙ ඉන්න එකම ඉස්පේස් සිට්ටං ඉන්ජිනේරුවයි කියල. කොටිම්ම වනැන් ඔන්ලි. නාසා එකෙන් තුන්හතර පාරක් මට පෙරැත්ත කලා එහෙ එන්ට කියල. ඒත් මේ අවුරුදු හතර පහකට ඉස්සෙල්ල වගෙ මම ලංකාවෙ රග්බි කිරීඩාව නඟා සිටුවීමේ වියාපුරුතියක යෙදිල උන්නු හන්ද මම බෑ කීව. රග්බි කිරීඩාව නඟා හිටිවනව කියන්නෙ මගේ ටීම් එක පැරදුනාම රෙෆ්‍රිට අම්බානක නෙලන එක. ගුටි කාල ඒ මනුස්සය පිට්ටනියෙ වැටිල ඉන්නකොට අනික අය ඇවිල්ල එයාව නැඟිට්ටවනව. ඒ කිව්වෙ නඟා හිටුවනව. ඒක තමයි මගෙ රග්බි කිරීඩාව නඟා සිටුවීමේ වියාපුරුතිය"

"දැන්නම් ඇත්තටම මට ඒ හැටි වැඩක් නෑ. ඒ හින්ද ආයම නාසා එකෙං එන්ට කිව්වොත් සලකා බලන්ටයි මම හිතාගෙන ඉන්නෙ. මගේ ලොකුම බලාපොරොත්තුව තියෙන්නෙ නාසා එකේ කට්ටිය හඳට රොකට් එකක් යැව්වොත් ඒකෙ ගිහිල්ල හඳේ හාවගෙන් අහල බලන්ට සක්කර දෙයියො එහෙම ලඟදි හම්බ වුනෙ නැද්ද කියල. ඒ කියන්නෙ අපේ ඩේසි ආච්චිට සක්කර දෙයියො මැණික් මල්ලක් ගෙනත් දුන්නනෙ. ඕක පොලීසියට කිව්වට එයාල විස්වාස කලේ නෑ. ඉතිං මට ඕන හාවගෙන් සක්කර දෙයියො ඉන්න තැනක් අහගෙන ගිහිල්ල දෙයියන්ට කියන්ට අනේ දෙයියනේ, කරුණාකරල ඇවිල්ල ලංකාවෙ පොලීසියට කට උත්තරයක් දෙන්ට මම තමයි ඩේසි ආච්චිට මැණික් මල්ල ගෙනත් දුන්නෙ කියල..."

"දැං ඇත්තටම කල්පනා කරල බැලුවොත් අපේ පවුලෙ ඔක්කොමල ලංකාවටම වනැන් ඔන්ලි තමයි. මම එකම ඉස්පේස් සිට්ටං ඉන්ජිනියර්. අපේ නාමෝල් ලොකු අයිය තමයි නීතිය ඉගෙන ගත්තු තැනක් ගැන කිසිකෙනෙක් දන්නෙ නැතුව පෙරකදෝරුවෙක් විදිහට ලංකාවෙ වැඩ කරන එකම එක්කෙනා. මද්දුම අයිය ඕලෙවල් දෙපාරට පාස් වෙලා නේවි ඔෆිසර් ගිය ලංකාවෙ පළමුවෙනිය"

"එතකොට එතනින් ගිහාම අපෙ අම්ම විහාර මහ දේවි.... එතුමියට දැන් වයස 95 ක් වෙනව. කියන්ඩ බෑ නේද දැක්කම? මම බොරු නෙවෙයි කියන්නෙ. අම්මගෙ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක 222222222V. අනික ඒ අයිඩෙන්ටිටි කාඩ් නම්බර් එක අනුව අපෙ අම්ම පිරිමියෙක්. එෆ්සීඅයිඩී එකෙන් අම්මගෙන් තාත්තයි අම්මයි බැඳලද ඉන්නෙ කියල ඇහුවෙ මම හිතන්නෙ තව නඩුවක් පටලවන්ට. ලංකාවෙ නීතිය අනුව සමලිංගික විවාහ නීතියෙන් තහනම්. ඒ උනාට අම්ම ඒ ගැටේට අහුවෙලා නෑ. එයා ඒ ප්‍රශ්නෙට උත්තර දීල නැහැ. අපි අහුවෙයි යහ පාලනේ ඔය ගැටවලට.."

පාඨක ඔබගේ පහන් සංවේගය උදෙසා චිච්චි පුතාගේ රොකොට් එක අබ්බියාවකාස ගත කිරීම වෙනුවෙන් නිර්මානය කෙරුනු ගීතය පහත දැක්වේ.



මේ ගීතයේ දැක්වෙන පරිදි චිච්චි පුතාගේ චන්ද්‍රිකාව දැකබලා ගැනීමේ ආසාවෙන් උඩ බලාගෙන ගිය පුද්ගලයින් දහ අටදෙනෙක් අතහැර දමා තිබූ ළිං වල වැටීමෙන්ද, දොළොස් දෙනෙක් රත වාහන වල ගැටීමෙන්ද තුවාල ලබා ඇත. 

ඊට අමතරව අට දෙනෙක් උඩ බලාගෙන ගුණසිංහ පුරයේ පදික වේදිකාව මත අතුරා තිබූ තොරොම්බල් බඩු උඩිං ඇවිද යාමෙන් පදික වෙළෙඳුන්ගෙන් පහර කෑමටද, හත් දෙනෙක් ඒ මොහොතේ පාරට දැමූ උණු තාර මතින් ගමන් කිරීම නිසා කකුල් පිච්චීමටද ලක්වී ඇත.ඊට අමතරව නිදාගෙන සිටින බල්ලන් මතින් ගමන් කිරීම නිසා බල්ලන් විසින් සපාකන ලදුව ජලබීතිකා එන්නත් ලබාදී ඇති අය හතර දෙනෙකි.


**************************************


එඬරු ගසකට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී කෘතගුණපූජාවක්ද සංවිධානය කොට ඇත. පිර්බාහරන් සහ හිජකුපාමගේ ඡායාරූප දෙකක් අබියස මල් පූජාකොට උපහාර දැක්වෙනු ඇත. 

රටේ අනෙක් සියළු දැවැන්ත වනස්පතීන් විනාශකොට "ගස් නැති රටේ එඬරු ගහත් ගහක්" යන පිරුළ යලි යලිත් ස්ඵුට කිරීමට කටයුතු කිරීම වෙනුවෙන් පිර්බාහරන්ටද "මොන වැරදි තිබ්බත් අර ආලවකයා ආය එනවට වඩා නම් මේ යකා දාහක් හොඳයි" යනුවෙන් දනන් තුඩ තුඩ රැව්දීමට තුඩු දෙන අයුරින් තම දසවසරක පාලන සමය තුල ඉතා ධාර්මිකව සහ ප්‍රජාචන්ච්‍රවාදීව කටයුතු කිරීම වෙනුවෙන් හිජකුපාමටද මෙසේ සම්මාන පිරිනමනු ලැබේ.


**************************************


සෑම පොලිස් ස්ථානයක් තුලම උදෑසන 8 සිට පැය බාගයක බාවනා පංතියක් පැවැත්විය යුතු බවට අණකොට ගරු පොලොස්පටි තුමා වක්‍ර ලේකනයක් නිකුත් කොට ඇත.

ඒ අනුව එම කාලය තුල මොලයට ලේ ගමන වැඩිකොට මස්තිෂ්ක වර්ධනය කීරිම උදෙසා බාල්කවල වලලුකරින් එල්ලා සිටින මහජනයා වැල බාන්නාසේ පහලට ගෙන, චූදිතයින්ගේ ඇඟපත සම්බාහනය කිරීම, යටි පතුල් වලට බැටංපොලු ආදාරයෙන් වියායාම දීම, දරුණු ගංවතුරක් පැමිණි විටක ජීවිතය ගලවා ගැනීම සඳහා වතුර යට හුස්ම අල්ලාසිටීම ප්‍රායෝගිකව පුහුණු කරනු උදෙසා  වතුර පිරවූ පොලිතීන් බෑගයක හිස බහා තැබීම යන යහපත් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීම උදෙසා පොලිස් නිලදාරීන් විසින් නොමිලයේ පවත්වනු ලබන සියලු සමාජ සත්කාරක වියාපුරුතීන් අත්හිටුවා සියළු පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන් මේ භාවනා පංතියට සහභාගී වියයුතුය. 

තමන් සත්කාර කරමින් සිටි චුදිත මහජනයාද භාවනා පංතියට සහභාගී කර ගන්නේ නම් වඩාත් උචිතය. බාවනා පැය බාගයෙන් පසු සුපුරුදු ලෙස නොමිලයේ සත්කාර කටයුතු යලි ඇරඹිය හැක.

42 comments:

  1. සොරි ලොක්ක, අදනම් ලකුණු 60කට විතර වඩා දෙන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      අපොයි සොරි කියන්න එපා..අපේ ටිම් එකේ එකොළොස් දෙනෙක් ඉඳලත් මේ දවස්වල දෙසීයක් ගහ ගන්නෙ බොහොම අමාරුවෙං (මරාගෙ පුත්තු පොලීසියට එක්ක එන එක ඊට ලේසියි...හෙහ්..හෙහ්)ඒ හින්ද ලකුණු හැට හොඳටම ඇති...

      අනික හැත්තැපහෙන් හැටක් කියන්නෙ සීයෙන් අසූවක්නෙ..මෝ දෑන් ඉනෆ්...තෑන්ක්ස්

      Delete
  2. Replies
    1. Prasanna,

      Hack? hack what? are you a hacker?

      Delete
  3. පුවක් එෂැණිං එකක් දකින්නත් ආසයි. සතිය පටන් ගන්න කොටම හොඳට හිනා වුණා මචෝ :)

    ReplyDelete
  4. හැබෑවටම හිච්චි පුතා මොකද්ද ඔය අටමගලක් යැව්වා නේද ? සිරාවටම ඒකට මොකද උනේ ?

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      ඒක කෝ කියල චිච්චි පුතා චීන්නුන්ගෙන් ඇහුවම කිව්වලු ඒක අවුට් ඔෆ් කොන්රෝල්ය අර කොහෙට්ටද පැස්ටෝල් ගහපු බල්ල වගෙ අබ්බියාවකාසෙ පුරා යනවය ඒක පස්සෙ පන්නල ඒකට පැනල බ්‍රේක් පාගල නවත්තගන්ට තව චන්දිරිකාවක් යවන්ට ඕනය කියල.

      ඒ අලුත් චන්දිරිකාවෙ බරපැන වසයෙන් තව බිලියන් දෙකයි දසම තුනයි අටයි නමයයි දෙකක් ඉල්ලුවලු. චිච්චියට චාන්ස් එක දෙන්නං කිව්වලු ඒ චන්දිරිකාවෙ නැඟල අබ්බියාවකාසයට ගිහිල්ල පස්සෙං පන්නල අර සිංහයින්ගෙ පිටට පයින ටාසං බාප්ප වගෙ අයය්ලෙ යන චන්දිරිකාවට පැනල ඒක මෙල්ල කරගන්ට.

      මුලු ලෝකෙම ලාබාලතම අබ්බියාවකාස ගාමිය වෙන එක විහාරමහදේවිගෙ කිරිත් එක්ක සමහං බොන කාලෙ ඉඳල චිච්චියගෙ හීනයක්ලුනෙ. ඒ හින්ද පොර තනි පයිං කැමති වෙලා.

      සල්ලි ඉල්ලුවම මරා කිව්වලු. "කොහෙ තියන සල්ලියක්ද බොල? අර අම්ම අප්ප වෙනුවෙං හදපු කටුගෙවල් වලට වියදං කරපු සල්ලිත් ආපහු ගෙවන්ට වෙයිද කියලයි මම මේ පන බයේ ඉන්නෙ..ඒ අස්සෙ උඹ මේ මඟුලක් කියවනව.. " කියල.

      ඒ පාර ඉතිං මොකක් කරන්ටද කියල තමයි චිච්චි පුතා ඔය සිංදු කියන්ට පටන්ගෙන තියෙන්නෙ..ඒත් ඒකෙනුත් එහෙමට ගානක් අතට එන්නෙ නැහැල්ලු.

      Delete
  5. ඇයි බං අර උඩ බලාගෙන තැඹිලි කපපු බුවා අත වෙන්වෙන්නම කපාගත්ත එක.

    ReplyDelete
    Replies
    1. Praසන්ன හායි !

      ඔයා සනීපෙන් ද මට තංගල්ලේ හරියට සමනල් වැඩ අනේ බේරෙන්න බෑ. බැරිද මට ගොඩකවෙල ගල් වැඩපොළේ නැවතිලා පොඩි රෙස්ට් එකක් ගන්න ඔයා එකක විතරක් ඔන්න වෙන කවුරුත් බෑ මට මහන්සියි අනේ

      Delete
    2. ගල් කපන ගමං.. සොරි ගල් කඩන ගමං මොන රෙස්ට් ගැනිල්ලක්ද මෙයා.

      Delete
    3. අනේ එකට කමක් නැ මගේ පනේ ඔයාගේ ඔය මුනට කන්දෙකට කොට්ටෝරු නහෙ හරි සුවිට් අනේ
      ....ටෙක් කෙයාර් ලව් ....සියු සුඋන් ......උම්මහ !!!!!

      Delete
    4. Prasanna,

      /ඇයි බං අර උඩ බලාගෙන තැඹිලි කපපු බුවා අත වෙන්වෙන්නම කපාගත්ත එක./

      හෙහ්, එහෙමත් එකක් උනාද?

      Delete
  6. ravi ravi ganath liyanna

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      රවී කොහොමහරි කමක් නෑ ඉල්ලල අස් වුනානෙ. ඒ කාලෙ අපිට මතකනෙ මරාගෙ කොයි හොර තක්කඩියද ඉල්ලල අස්වුනේ?

      ඒ හින්ද මම රවී ගැන එෂැණිං පුවක් එකක් බාගෙට ලියලත් (රවී අර අන්තිම කතාවෙදි එයාව බුදු හාමුදුරුවන්ටයි යේසුස් වහන්සෙටයි සමාන කරගෙන දාපු ගොන් පාට් එක ගැනයි මම කතාව ලිව්වෙ ) ආය වැඩේ අල්ලල දැම්ම.

      Delete
    2. ඉල්ලා අස්වුන පලියට හොරකම් කරපු සල්ලි ආපහු හම්බවෙනවද ? blog එකේ නම නිදහස් සිතිවිලි වුනාට කොළපාට වහල් සිතිවිලි පුල්ලි ටික එලියට පේනවා !!!

      Delete
  7. හු.. හු... හු
    සම හරක් බ්ලොග් ලියන චන්ඩි, ඇනෝ වහලා ඇයි ඇනොලට බයේද නැතිනම්
    මන් වැදගත් බ්ලොග්කරුවන්ගේ එකෙක් මට ලැජ්ජයි ඕවට කියලද
    මාතලන් කමියා ඉයන් ඊගාවට කවුද හු හූඌඋ ..

    මැන්ටල් ඩොකත් ඇනෝ වහලා අන්තරේ කොලන්න්ට බයේ හු හු හු.....

    රට හදන්න බ්ලොග් ලියන සම හරක් ට සතුටුයිද දැන් හි හු හා!!!!!!!


    R + R ඩබල ඔබලාත් එසේ ඇනොලට බයද

    ReplyDelete
    Replies
    1. Ano,

      ඇනෝලගෙ හැසිරීම අනුව තමයි ඇනෝ වහනවද නැද්ද කියල තීරණය වෙන්නෙ...:)

      Delete
  8. චිච්චි පුතාටයි පොළෝසියටයි කටකැඩිච්චි කතා කියන්න එපා ආයිබොවන්ඩ :)

    ReplyDelete
    Replies
    1. කණ්ඩා,

      චිච්චි පුතේ ඹාලේ ඉන්ද ජංගි ඔරා,
      රොකට් යැව්ව මට මතකයි මිදුල පුරා,
      ඉස්පේස් සිට්ටං ඉන්ජිනේරු වෙන්ට කියා,
      උඹට පුතේ පින තිබුනා මදි නොකියා..

      චිච්චි පුතේ...චිච්චි පුතේ....

      Delete
  9. කොයිතරම් බාවනා කලාද මේක ලියන්න කලින්? ආනාපාන සතිද? සතියක් අන්න පාන පාවිච්චි කලාද?

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      එහෙමට පාවිච්චියක් නෑ මේ දවස්වල ප්‍රා..ටූ හොට්..:)

      Delete
  10. රටත් අහසේ චන්ද්‍රිකාවක් හින්ද වෙයි දැන් දිළෙන්න
    ගසත් වටිනව එඬරු වූවත් වසර හතළිහ පිරෙන්න
    මෙයත් බලලා කවිත් නොලියමි රවියගේ හිත හැදෙන්න
    මමත් යනවා වරුවකට තව භාවනාවක් කරන්න....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමියා,

      හප්පේ තෑන්ක්ස් ත්‍රී තර්ටි මිලියන් ගෝඩ්ස් ..

      මම හිතුවෙ අර පහුගිය පෝස්ට් එකේ උඹේ කවි ගැන කියල විහිලුවක් කලාම උඹ තරහ උනාය කියල..මයි බ්ලඩ් වෝටර් ප්ලීස්...

      Delete
  11. එඬරු ගහේ කේස් එක හයිලයිට් කරලා මදි නෙව..

    ReplyDelete
    Replies
    1. එඬරු වගේද බං රොකට්.

      Delete
    2. කළ්‍යාණ,

      බෑ බෑ..මේ වෙලාවෙ එඬරු ගහ උනත් රැකගන්ට ඕන..නැත්තං හරි යන්නෙ නෑ..

      Delete
  12. මේක නම් පට්ට . එත් බලාගෙන අපේ උක්කුන්ට එක එක එව්වා කියන්නේ

    ReplyDelete
  13. පොලොස්පටිය තමයි මරු විකට නාඩගම

    ReplyDelete
    Replies
    1. අජිත්,

      මෙහෙ ඉන්නව මගෙ යාලුවෙක් ධර්මරාජෙ ඔය පොලොස්පටියට අවුරුදු හතර පහක් වගෙ ජූනියර් ක්ලාස් එකක් හිටපු එකෙක්. පොලොස්පටිය පත්වෙච්චි අලුත අම්මට සිරි මුගෙ වර්නනාව කූජිත් ගැන. නියම බුලට් එකය අරකය මේකය ලංකාවෙ පොලීසිය හදල ගන්ට නියම බුවාය අරකද මේකද කියල වැඩක් නෑ..

      දැං පොර හම්බවුනත් කූජිත්ට පස් පඩංගුවෙ බනිනව." ඉඳකිං මේ XXXX... රාජන්ස්ලගෙ නමත් කෑව" කියලයි බණින්නෙ.

      මිනිහට අයිජීපී පෝස්ට් එක හම්බවෙලා සතියක් යන්ට ඉස්සරිං මට නිකමට හිතුන මේ යකානං රෙද්දෙ යවාගනියි කියල. අර ධර්මරාජෙට ගිහිල්ල බෝධි පූජා තියපු එව්ව ගැන කියපු එකයි ඊට පස්සෙ ඉස්සෙල්ලම අයිජීපීගෙ මේසෙ වාඩිවෙලා දඩාං ගාල අත මිටි කරල මේසෙට ගැහුවලු තියෙන පයිල් බයිල් එහෙම උඩ විසි වෙන්ට..

      ඒ කරල "යකෝ එහෙනං පූජිතයත් අයිජීපී උනා ඈ" කියල කෑගැහුවයි කියල පත්තර වලින් දැක්කමයි මට එහෙම හිතුනෙ.ඕනෙම තනතුරකට දැඩි බලාපොරොත්තු තියාගෙන ඉඳල ඒ බලාපොරොත්තු ඉස්ට උනාම ගොඩක් දෙනෙකුට තමන්ව මෙල්ල කරගන්ට අමාරුයි.

      Delete
  14. "මමයි එහෙම කරමු කියල ඕක යවපු චීන කොම්පැනියට කිව්වෙ"
    අම්මප මේ රවිය කියන බොරු.
    ඔය කතාව කිව්වේ අර චතුර මන්ත්‍රී තුමා.

    ReplyDelete
  15. හි හි හි හිච්චි පුතාගේ චන්ද්‍රිකා නාඩගම
    විචාරක දියණිය

    ReplyDelete
  16. අද තමයි මේ බ්ලොග් එකේ ලිපි ඔක්කොම කියවලා ඉවර උනේ. මං මෙච්චර කල් හිතං හිටියේ රන්දිකා නෝනා ඔබතුමාගේ බිරිඳ කියලනි. අදනී දැනගත්තේ ඔබ දේපල අතරේ යාළුමිත්‍රකමක් තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් ඔබතුමාට ගැලපෙන්නේ දැන් ඔබතුමා විවාහ වී සිටිනා කාන්තාව නොව, රන්දිකා නෝනා බවයි මගේ අවංක අදහස. ඔබතුමාගේ සියලුම ලිපි එක හුස්මට කියවලා, මට දැනුන අවංක අදහස කිව්වේ මහත්මයා.

    ස්තුතියි අදහස් පල කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන.

    ReplyDelete
  17. ඔතැන වාදයක් ඇතිවෙලා තිබුණනෙ රොකට් එකේ තුඩ උල්ද වක්‍රාකාරද කියල.
    සෑහෙන වළියක් ගිහින් අන්තිමේ රොකට් එක යවන වැඩේ ඇණහිට්ටා.
    හිච්චි පුතා හදලා තිබුණේ වක්‍රාකාර තුඩක් තියෙන රොකට් එකක්. අප්පච්චි කියල තිබුණ වක්‍රාකාර තුඩක් තිබ්බම රොකට් එක ගිහින් හඳේ වැදිල බම්ප් වෙලා ලංකාවටම එයි කියල.
    ඕකයි වලිය.
    අන්තිමේ චිච්චි පුතා රොකට් යවන එක නවත්තලා සිංදු කියන්න ගත්තා.

    ReplyDelete
  18. මහින්ද HE හිටපු කාලේ කුජිත IGP වෙන්න තිබ්බේ.එහෙනම් අපිට හිනා කාලා, භාවනා කරලා සුදු වැන් එකකින් යන්න තිබ්බා අප්පා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...