Friday, December 1, 2017

549. The Story Of My Marriage - 52 - Remembering Again One Unforgettable Day….

ගිය පාර ඇපිසෝඩ්ඩෙකේ අනන්නියාගෙ කතන්දරේ ලියනවට වඩා සීයට අනූවක්ම කලේ අර කොහෙවත් ඉන්න බුරුසුවෙකුට මඩ ගහපු එකය කියල මයෙ යාවජීව රසිකාවියො කීප දෙනෙක්ම වගපල කියල තිබ්බ. එක අම්මණ්ඩියක් චේද එහෙමත් ගණං කොරල සංකියාලේකන අනුසාරයෙම්මයි චෝදනා ඉදිරිපත් කරල තිබ්බෙ. 

අන්න දැක්ක නේද මට ඉන්න රසිකාවියො එහෙම තමයි. නිකං ඔය ආවට ගියාට කුණු පොල් ගෙඩිය හොල්ලන්නැහෙ කච කච ගාන්නෙ නෑ. යම්ම කිසි චෝදනාවක් කරනවනං කරුණු කාරණ සහිතව සාදක එහෙම පෙන්නල තමයි එහෙම කරන්නෙ.


දැං බලන්ට ඔය අපේ අගමැටි ටුමානෝට බැඳුංකර වංජාව ගැන චෝදනා මුකයෙං කතා කරන අය එහෙම සාදක සහිතවද කතා කරන්නෙ? මොන විකාරද? කටට ආවට ඔය කියනව මිසක්කා ඒ චෝදනා එකක්වත් උසාවියක ඔප්පු කොරගන්ට පුලුහං එව්ව එහෙම නෙවෙයි. ඒ හින්දමනෙ එටුමා කිසිම බයක් හැකක් නැතුව පුල් සූට් ගහල නැන්දම්මගෙ මඟුල් ගෙදර සාක්කියට අස්සං කරන්ට යන්නැහෙ එන්නෙ කොමිසම ඉදිරියට ප්‍රස්න වලට උත්තර දෙන්ට. 

නෑ මම මේ නිකමට වගෙ අහන්නෙ.  ඔහේලත්  බාලකපක්සගාතීව සහ සමූලගාතනයෙන් තොරව නිකමට වගෙ හිතල බලන්ට හොරෙකුට තක්කඩියෙකුට ඔහොම ටයි පොල්ලක් දාල අපූරු කෝට් බෑයකිනුත් සැරසිල බය නැතුව එන්ට පුලුවංද කොමිසම ඉස්සරහට සාක්කි දෙන්ට. අන්න නියම ජනටා පුට්ටරයො. ඒකටත් එක්ක අර බුරුසුව...නෙද්දකිං විතරක්....බුරුසුව නං බැරිය බුරුස් හාමිනෙත්....

"ගෙදර දොරේ වැඩපල එතකොට කිරි දෙවිලි තනකොල කැපිලි එහෙම අහවරයි වගේනං නිකමට මේ පැත්තෙ ඇවිල්ල අර ඩිපෙන්ඩරේ පාට වෙනස් කරපු එක ගැන සුට්ටං කට උත්තරයක් දීල යන්ටකො අමනාපයක් එහෙම නැත්තං මයෙ හොඳ සුදු මැනිකෙ වගෙ..." කියල පනිවිඩයක් යැව්ව විතරයි පහුවදා පුදුම ජල්ලියක්නෙ ඇල්ලුවෙ. 



ඇල්ල වැල්ලවාය බුත්තල කතරගම දිහා ඉඳල සෙනඟ ඇද්දෙ. "අපේ අම්මාට ජය වේවා!" ..."අම්මාගෙං පලි ගැනීම වහා නවතනු!"... "අම්මේ අප ඔබ සමඟයි..."...."අම්මා අමා අමොද කරුනා නිදානේ ඔබගේ මුවින් පෑගෙනා ...ඔබගේ මුවින් පෑගෙනා..අම්මේ ඔබගෙ පා යුවල යට වෑහෙනා...දූවිලි වාගේ...."

අනේ අප්පේ එහෙම විගඩමක්. අපෙ අත්තම්ම හිටියනං "අනේ හොඳ විස්සාසෙට ගන්ට සුට්ටි පුතේ මයෙ ඉහේ උකුනො බිමට පැන්න හතර විලි ලැජ්ජහේ" කියල කියාවි එකත් එකටම.

අපෙ අප්පේ ඇති ඇති ඇති..හොඳටෝම ඇති. මෙහෙම ගියොත් අදත් මෙතන බුරුසුවට දමාගෙන තඩි ගහන එක ඇරෙන්ට වෙන දෙයක් කරන්ට වෙන්නෙ නෑ. ඔන්න දැං  මට මැවිල පේනව පේනව වගෙ මේ හරියට කියෝගෙන කියෝගෙන එනකොට සිත්තමී එතකොට මානවී එහෙම බර බර ගාල දත් කූරු කනව......

මෝස්ට් ප්‍රොබබ්ලි මෙහෙමත් කියනව ඇති සුටු පුටු ගාල කට ඇතුලෙං...."අම්මාපල්ල මේ මිනිහට යමක් කියනවට වඩා හොඳයි දැං ඔය මදැයි බොලේ අවුරුදු හතලිස් හතක් දේසපාලනේ කොරල රට විනාස කොලා.... දැංවත් දෙයියනේ කියල ගමට ගිහිල්ල යන තැනකට සුගතියක් වෙන්ට කියලවත් හතර පෝයට සිල් අරගෙන එහෙම ඉන්නවද අපිට මල වදයක් නොවී කියල අර බුරුසුවා තෙමේට කියන එක...කොහෙද මේ යකා අහන්නෙත් නෑ අර බුරුසුවා අහන්නෙත් නෑ කියන කිසිම දෙයක්...මුංට ඕන එවම තමයි කොරන්නෙ....දෙයියම්ප දෙන්නම එකයි..."

හප්පෝ ඒ ඇති ඒ ඇති...ආයම බුරුසුව ගැනමනෙ බොලේ ලියවෙන්නෙ....හරි හරි හරි.....ඕකේ මාකේ.......ඔන්න මෙතනිං එහාට නං එල්ලාම් මුඩිංජි..කලාස් ඇන්ඩ් චැප්ටර් ක්ලෝස්ඩ්...දැං ෆුල් ටයිම් අනන්‍යාගෙ කතාව...

තරු වැටක් ගහලම වැඩේ පටං ගමු………වඩියුසේ ගයිස් ඇන්ඩ් ගැල්ස්?

***********************************************

තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ

අඩේ මම මේ කල්පනා කලේ කිරිස් ගොයිය දැං ඉන්න කරන්ට් මූඩ් එකේ හැටියට මේ සිංදුව අගේට ගැලපෙනව නෙවදැයි කියල...

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම...

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

තරු මල් යායම...


අංකලයා මට උදේ කෑමට ඉන්ටෙයි කියල බලකරලම කිව්වෙ මොකක් හෝ යටි අදහසක් ඇතුව වෙන්න ඕන ආය ඒකෙ දෙකක් නෑ. ඔය මනුස්සය හොඳට හිතල මතල වැඩකරන්නෙ හීන් නූලෙං. සමහරවිට හරිෂ්ගෙ යසෝ කීර්තිය මගෙ දෑහැටම දැකබලා ගන්ට සලස්සල මයෙ ඇස් නිලංකාර කරවල මෙතනින්ම අනන්‍යා ගැන මගෙ තියන බලාපොරොත්තු අතෑර ගන්ට සලස්වන්ට වගෙ මොකක් හරි පැලෑනක් මිනිහගෙ හිතේ වැඩ කලා වෙන්ටත් ඇති. කවුරු දන්නවද? හුහ් ඒත් එව්ව කොහෙද මාත් එක්ක..බලමුකො...

මම ඉතිං සබාතොමෝගෙන් පුලුවන් තරං දුරස්වෙලා සාලෙ මුල්ලක තිබ්බ පුටුවක අයිනක ඉඳගෙන බලා හිටිය. හරියට අර රෑ ටීවි එකේ මහා භාරතය නැත්නම් රාමායණය වගෙ කතන්දර යනකොට ගෙදර උදවිය කුස්සියෙ වැඩ පල කරන කොලුවට එව්ව බලන්ට කතා කලාම ඒකා ඇවිල්ල පැත්තකට වෙලා පුටුවක යන්තමට වගෙ ඉඳගෙන බයෙං බයෙං වගෙ බලා ඉන්නෙ. ආන්න ඒ වගේ....

"මේ...මාව පිටත් කරල ඉන්නවද? මට හැකි ඉක්මනිං ගියානං හොඳයි.. අනික මේ වෙලාව හොඳට හයර් වදින වෙලාව.." ටැක්සි රියදුරා සාලෙ දොරෙං ඔලුව ඇතුලට දාල කිව්ව. 

හරිෂ් ඔලුව හරවල ඒ දිහා බලල ආපහු අහක බලාගත්ත. මයෙ හිතේ ටැක්සි කාරයෙකුට ගාස්තුව ගෙවන එක මිනිහගෙ තත්ත්වෙට මදිකමක් වගෙ කියල හිතුව වෙන්න ඇති. මේ වෙනකොටත් ගම්මැදි හෑලි කියවන්ට පටන්ගෙන තිබ්බ කාන්තා පක්සයත් මොහොතකට කතා බතා නවත්තල ටැක්සිකාරය දිහා හැරිල බලල ආපහු කතාව පටං ගත්ත.

හරිෂ්ගෙ තාත්ත අන්තිමට එළියට බැස්ස ටැක්සි කාරයගෙ ගණං බේරන්ට. නෝට්ටු කීපයක් අතේ ගුලි කරගෙන මනුස්සය එළියට බැස්සට මිනිත්තු පහක් වගෙ ගෙවිල ගියත් ආපහු ඇතුලට ආවෙ නං නෑ. ටිකිං ටික එලියෙ කතා බහේ සද්දෙ වැඩිවුනා. දෙන්න හොඳ හැටියට ටැක්සි ගාස්තුව ගැන කේවෙල් කරගන්න සද්දෙ සාලෙටත් යස අගේට ඇහෙන්ට ගත්ත. ඒ සද්දෙ නෑහුනා වගෙ සාලෙ උන්නු බබලත්තු ටික දිගටම තමංගෙ වල්පල් සහ පූච්චානං කතාබහ සාරෙටම කරගෙන ගියා.

"අපෙ පුතාට එම්.අයි.ටී. එකෙං දැං කීප සැරයක් කතා කලා…" හරිෂ්ගෙ අම්ම ඔලු ගෙඩිය නටව නටව කිව්ව. 

"නෑහ්?..." බබලත්තු හැමෝම තම බලවත් විෂ්මය පලකලා.

"පිස්සුද අයිසෙ? තමුසෙ හිතන්නෙ මම මෝඩයෙක් කියලද?" හරිෂ්ගෙ තාත්ත එළියෙ ඉඳල ටැක්සි කාරය හිතන දේ දැනගන්ට උත්සාහ කලා.

"ඉතිං මොකටද හරිෂ්ට ඔය අයි.එම්.ටී. ද මොකක්ද එකෙං කතා කලේ?" ශෝභා නැන්දා ඇහැව්ව.

"තමුං මෝඩයෙක්ද නැද්ද කියල මට වඩා............" ටැක්සි කාරය කියපු අනික් හරිය හරියට අහගන්ට බැරිවුනා ඒ එක්කම හරිෂ්ගෙ අම්ම ෆුල් වොලියුම් දාල මෙහෙම කිව්ව හින්ද…"අයි.එම්.ටී නෙවෙයි අනේ එම්.අයි.ටී….. එම්.අයි.ටී…"

"හරි හරි මොකක් හරි... ඉතිං මොකටද හරිෂ්ට එහෙට කතා කරන්නෙ?"

"එහෙට කතා කරන්නෙ එතන හොඳ රස්සාවකට. ලොකුම ලොකු රස්සාවක්. අනික එතන ලොක්ක හරිෂ්ට පුදුම කැමැත්තක් තියෙන්නෙ. එතන රස්සාවට එනවනම් පී.එච්.ඩී. එකක් කරන්ට ඔක්කොම වියදං එයාල දෙන්නං කියලත් කිව්ව"

"අප්පේ ඒක කොච්චර එකක්ද?" බබලත්තු ඔක්කොමල එක හඬින් බලවත් සතුට ප්‍රකාස කලා.

අපේ පන්ජාබි බබලත්තු අතර මනමාලයකුගෙ ඉහළම සුදුසුකම කියල සැළකෙන්නෙ මාබල් ටයිල් අල්ලපු ගෙයක් තියන එක.

"ආය මොනවද කවිතා එයාලට සල්ලි උතුරනව. ගෙදර කුස්සියෙත් බිමට මාබල් අල්ලල තියෙන්නෙ ඔන්න කොටින්ම..." එයාගෙ යාලුවෙකුගෙ දුවකට මනමාලයෙක් බලන්ට ගිහිල්ල ආපහු ගෙදර යන ගමං අපේ ගෙදර ඇවිල්ල සාලෙ සෝපාවෙ ඉඳගෙන ඇස් දෙකත් නටව නටව අම්ම එක්ක දවසක් ඔහොම කිව්වෙ ෂිප්රා ලොකු අම්ම.

මම ඒ වෙලාවෙ එතනම තිබ්බ හන්සි පුටුවෙ ඉඳගෙන පත්තරයක් බලනව.

"හප්පේ අක්කෙ...කුස්සියටත් මාබල්?" අම්මගෙ ඇස් දෙකත් මාබල් ටයිල් දෙකක් විතර විසාල වුනා.

"දැං ගෙවල් වලට මාබල් අල්ලන්නෙ නෑ ලොකු අම්මෙ…" මම පත්තරේ පාත් කරල කිව්ව. 

"එහෙනං?" ලොකු අම්ම ඇහුව.

"දැං අලුත්ම ෆැෂන් එක තමයි පොළවට තාර දාන එක…"

"ඈ?..... "

"අනේ මෙයාගෙ විකාරනෙ අක්කෙ.." අම්ම මට රැව්ව.

අපෙ අම්මල ලොකු අම්මල අතරෙ මාබල් පොළවට තියන පිළිගැනීම වගේමයි චෙන්නයි බබලත්තු අතරෙ පිටරට උපාධියකට තියෙන පිළිගැනීම. ඒ අතරිනුත් අයි.ටී. උපාධියක්. අයි.ටී. උපාධි අතරිනුත් ඇමරිකාවෙ අයි.ටී. උපාධියක්.

"හුහ් මිනිහ හිතන්න ඇති මම මෝඩයෙක්ය කියල. මම කිව්ව මිනිහට කංවල ඇඟිලි ගහ ගන්ට. මම කිව්ව තමුසෙ දන්නවද මගෙ පුතා ඇමරිකාවෙ රස්සාව කරන්නෙ. එයාට එහෙ ගේකුත් තියනව..දැනගන්නව අන්න ඒක කියල….." හරිෂ්ගෙ තාත්ත එහෙම කෑගහගෙන ගෙට ඇවිදිං දඩාස්ගාල සෝපාවක වාඩි වුනා.

"ඉතිං? ඉතිං? හොඳම වැඩේ.....ඔයා එහෙම කියපු එක හොඳයි..මිනිහ මොකද කිව්වෙ?" හරිෂ්ගෙ අම්ම පුතණ්ඩියගෙ පම්පෝරිය මොහොතකට නවත්තල ඇහුව. අනික් බබලත්තු ටිකත් හරිෂ්ගෙ තාත්ත දිහාට හැරුන ඒ ගමන. 

"මිනිහ ඒ ගමන අහනව හරි හරි ඉතිං මට දැං මොකද කරන්න කියන්නෙ කියල.."

"ඉතිං?"

"මම කිව්ව ඒ වගෙ උගතෙක් බුද්දිමතෙක් තමුංගෙ වාහනේ එන එකත් තමුංට ලොකු නම්බුවක්ය කියල.."

"ඒ පාර මොකද මිනිහ කිව්වෙ?"

"ඔව්..ඔව්..ඇත්තම තමයි. හරිනං මම ඔයාලට සල්ලි දෙන්න වටිනව..එහෙම නේද? කියල මිනිහ ඒ පාර අහනව.."

"අන්න මිනිහට අන්තිමට හරි තේරුණා…" හරිෂ්ගෙ අම්ම බොහොම සන්තෝසෙං කෑගැහුව.

"පස්සෙ ඉතිං මම ආය මොකටද කේවෙල් කරන්නෙ කියල රුපියල් විස්සක් දුන්න. මිනිහ දෙතුං පාරක් රුපියල් විස්සයි මගෙ මූණයි දිහාවෙ මාරුවෙං මාරුවට බලල කට කොණකිං හිනාවෙලා යන්ට ගියා…." හරිෂ්ගෙ තාත්ත ගෙ මූණෙං එකයි හිනාව…

"ඉතිං අනේ අර කතාව කියන්නකො...අර එම්.අයි.ටී. කතාව ඔයා ඒක ඉවරකලේ නෑනෙ.." අනන්‍යාගෙ අම්ම කිව්ව.

"ආ හරිෂ් දැන් වැඩ කරන්නෙ සිස්කෝ කම්පණි එකේනෙ. ඒකෙ ලොක්ක හරිෂ්ට අයිං වෙලා යන්න දෙන්නෙම නෑ. හරිෂ් අස් උනොත් එයා කොම්පැණිය වහලම දානව කියල කියනවනෙ අනේ බලන්නකො ඉතිං…" හරිෂ්ගෙ අම්ම එහම කියල මහ හයියෙං හිනාවුනා...."එක අතකට බලනකොට පිස්සු නේද?"

"නෑ …නෑ...එහෙම කියන්න එපා. ඒ මනුස්සය හරිෂ්ගෙ නියම වටිනාකම දන්න හින්දයි එහෙම කියනව ඇත්තෙ" ශෝභා නැන්ද කිව්ව. "දැං බලන්න ඔයා උනත් කොච්චර ආඩම්බර වෙන්න ඕනද පුතා ගැන...අනික අතට වෙන කෙනෙක් නං කොච්චර පම්පෝරි ගහයිද? ඔයා එහෙම නෑ. ඒ කියන්නෙ ඔයාගෙ නිහතමානී කම…"

හරිෂ්ගෙ අම්ම ඒ කතාවට බොහොම හැඟීම්බර වුනා. හෑන්ඩ් බෑග් එකෙං ගත්තු අවුරුදු තුන හතරක ළමයෙකුගෙ විළි වහන්ට පුලුවං තරමෙ රතුයි කොළයි කොටු කොටු ලේන්සුවකිං ඇස් අග තෙත මාත්තු කරගත්ත. මේ වගෙ අවස්ථාවක ඇති දැඩි හැඟීම්බර ස්වභාවය හින්දමද කොහෙද බබලත්තු කට්ටිය මොහොතකට ගොළු වුනා.

"ෂ්..ෂ්...මේ...මේ..ක්‍රිෂ් අයියා…" සාලෙට ඔලුව දාල මංජු මට කසුකුසුවෙං කතා කලා.

මම ඒ දිහාවෙ බලනකොට මංජු මට ඔලුවෙනුයි අතෙනුයි දෙකෙන්ම කතා කලා බොහොම හදිස්සියකිං වගේ.

බෑ..බෑ..මට බෑ...... හඬ නෑහෙන්ට එහෙම කියන ගමං මම ඔළුවත් දෙපැත්තට වැනුව යම් අපැහැදිලිතාවයක් එහෙම තියනවනම් ඒකත් දුරුවෙලා යන්ට කියල. ඔය ෂුවර් එකටම මොකක් හරි ගණං හරි ෆිසික්ස් හරි ගැටළුවක් විසඳ ගන්ට බැරිවෙලා වෙන්ට ඕන. හුහ්...මට නම් බෑ...කෙහෙල්මල් ගණිත ගැටළු...මට දැං එච්චර තමයි අඩු...

මම හිතන දේ ඉවෙන් වගෙ තේරිලාද කොහෙද මංජු නෑ..නෑ.... කියල අතිං කිව්ව. ඊට පස්සෙ කලින්ටත් වඩා හදිස්සියකිං ආයමත් මට එයා ඉන්න තැනට එන්න කියල කතා කරන්ට ගත්ත.

ආය මොනව බලන්ටද ගිහිල්ල. ඔය යකා කතා කරන්නෙ මොනව හරි විෂය කරුණු ගැන මඟුලක් අහගන්ට තමයි....මම එහෙම හිතල අහක බලා ගත්තත් ආයම හිතුන කමක් නෑ ගිහිල්ලම බලනව. මොකක් හරි ගණිත නැත්තං ෆිසික්ස් ප්‍රශ්නයක් නම් හොඳ දෙකක් කියල ආපහු එන එකනෙ තියෙන්නෙ..හුහ්...එහෙම හිතල මම සබාතොමෝ එකේ හැමෝටම හොරෙං හෙමීට නැඟිටල මංජුවා ඉන්න තැනට ගියා..

"මොකද මංජු?..ඔන්න පස්සෙන් පහු නොකිව්වයි කියන්න නම එපා...මම කලිම්ම කිව්ව..ප්‍රක්ෂිප්ත, බල ඝූර්ණ, ගුරුත්ව කේන්ද්‍ර එහෙමත් නැත්තං උඩුකුරු තෙරපුම ගැන මොකවත් අහන්න එහෙම ඔට්ටු නෑ. එහෙම ඇහුවට මේ වෙලාවෙ මම උත්තර දෙන්නෙත් නෑ"

"නෑ..නෑ..මම කිව්වනෙ... එහෙම එකක් නෙවෙයි..යංකො මගෙ කාමරේට.."

මංජුගෙ පස්සෙං මම මංජුගෙ කාමරේට ගියා. මංජුගෙ ඇඳ උඩ ඉඳගෙන හිටියෙ අනන්‍යා…..අර එදා මම ඇයට විවාහ යෝජනාව කරපු දවසෙ ඇඳගෙන හිටිය නිල්පාට සාරිය වගේම සාරියකුත් ඇඳගෙන..ඒකමදත් මන්ද.... 

අර මතකනෙ නේද? ඇගේ රැකියා ඉන්ටර්වීව් එකෙ දවසෙ අර මම ඉන්ටවීව් බෝඩ් එක ඉස්සරහම දණ ගහල ඇගෙන් එහෙම ඇහුවෙ...."Ananaya Swaminathan... I, Krish Malhothra loves you from all of my heart and would very much  like to have you by my side all my life. So would you please marry me?" කියලනෙ මම ඇහුවෙ..ඇයි මතක නැද්ද අනේ?

57 comments:

  1. අයියෙ,
    නෝ කොමෙන්ට්ස්.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thanks Malli...Saying No comments is a comment too...:)

      Delete
  2. බලන්න ගත්තේ මෙන්න මෙතන ඉඳන්...
    //අංකලයා මට උදේ කෑමට ඉන්ටෙයි කියල බලකරලම කිව්වෙ//

    ReplyDelete
    Replies
    1. කුෂ්,

      ඔන්න ගෙදර පොඩි එකා උදේ ඉඳලම වත්ත පහල යාලුවොත් එක්ක සෙල්ලං කරනවලු.

      දවල්ට කන්ට එන්ට කියල අම්ම මිදුලට බැහැල දෙකක් වෙන්ට කෑගැහුවලු "පුතේ පුතේ පුතේ"..කියල..

      අන්තිමට ඔන්න කොල්ල දාඩියත් පෙරාගෙන දුවගෙන ආවලු...

      අම්ම ඇහුවලු "කොහෙද බං ගිහිල්ල හිටියෙ මම කීපාරක් නං කතා කලාද?" කියල...

      කොල්ල කීවලු "දහතුන්වෙනි පාර තමයි අම්මෙ ඇහුනෙ. ඒ ගමන තමයි මේ දුවගෙන ආවෙ" කියල.

      Delete
  3. නොදර් කිංග්. මේක කියොවන්න පට්ටාංං ගන්නකොටම ඉවර වෙලානෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      What are you talking? more than 1500 words today...not enough?

      Delete
    2. මයික්‍රොසොෆ්ට් වර්ඩ් පිස්සු නටන්න ගත්ත සිංහල කොපි පේස්ට් කලාම. එනිවේ,

      පිස්සු නටපු වර්ඩ් එකේ, මුළු පොස්ට් එකේ වචන 1266 ක් පෙන්නුවා.
      එකෙන් 422 ක් තියෙන්නේ කොහෙවත් ඉන්න අදාළ නැති මානවිකාවෝ වර්ණනා කරපු ඒවයි, සින්දුවකුයි.

      Delete
    3. මානවික්ස්,

      අනේ මේ නිකම් බොරු කියන්න එපා බොල..මම මේ දැං ආයම චෙක් කලා මගෙ වර්ඩ් ඩොකියුමන්ට් එකේ. මුලු පෝස්ට් එකේම වචන 1637 ක් තියනව. අර පූර්විකාවයි සිංදුවයි දෙකම අතඇරියත් පියෝ කතාවෙ තියනව වචන 1093ක්

      පලි - මම කතාවක් ඉස්සෙල්ලම ලියන්නෙ එක්සෙල් එකේ. ඊට පස්සෙ ඒක වර්ඩ් එකට කොපි පේස්ට් කරනව. අන්තිමට ඒකෙනුත් අරගෙන නෝට්පෑඩ් එකට දානව. නෝට් පෑඩ් එකෙන් තමයි ඩෑෂ් බෝඩ් එකට ගන්නෙ...හෙහ්..හෙහ්...තේරුනෙයි ඔහෙට?

      Delete
    4. එහෙනම් මගේ වර්ඩ් පිස්සු නටපු නිසා වෙන්න ඇති. මගේ වර්ඩ් එකේ සිංහල ටයිප් කලාමත් සමහර අකුරු පෙන්නන්නේ නැහැ. ඒක වෙන්න ඇති එහෙනම්.

      Delete
  4. උඩ ටික විකාරයක් කොරලනෙ

    ReplyDelete
    Replies
    1. තඩියා,

      විකාරද අමරදේව....:)

      Delete
  5. කොහොමත් ඔය අතරින් පතරට 'බුරුසුවා ඇණ්ඩ් කම්පනි' හෝ රට (විනාශ) කරවන අනිත් උතුමන්ලා ගැන හරි 'කුණු ජෝක්ස්' දෙක තුනක් එන එක හොඳයි මගේ හිතේ.
    /සිත්තමී එතකොට මානවී එහෙම බර බර ගාල දත් කූරු කනව../ ඔය මානවිකාවෝ එහෙම කලාට වයසට ගිය මානවකයෝ අර අමුතු vocabulary එකකින් ලියන ඕපාදුප කතා අහන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. දයා මහත්මයා,

      /ඔය මානවිකාවෝ එහෙම කලාට වයසට ගිය මානවකයෝ අර අමුතු vocabulary එකකින් ලියන ඕපාදුප කතා අහන්න කැමතියි./

      අන්න ඒකනෙ දයා මහත්තය කියන්නෙ...ස්තූතියි ස්තූතියි..මෙතන Vocabulary එක ඇවිල්ල සම්පූර්ණ අච්චාරුවක්..

      මයෙ අප්පච්චි පාතරට..අම්ම උඩරට...එතකොට මයෙ අත්තම්මගෙ භාෂා ව්‍යවහාරය උඩරට උනත් අමුතුම එකක්.උන්දැ රඹුක්කන කිට්ටුව. එහෙ භාෂාව වෙනමම එකක්.

      එතකොට මම පදිංචි වෙලා හිටිය බදුල්ලෙ, මාතර, කෑගල්ලෙ සහ අනුරාධපුරේ..

      රැකියාව කලා අනුරාධපුරේ, වැලිකන්දෙ සහ බකමූණෙ..

      ඒ අතර පොඩි කාලෙ ඉඳලම කියවපු පොත්වල තිබ්බ භාෂා විලාසය. ඩබ්ල්යු. ඒ. සිල්වා මාර්ටින් වික්‍රමසිංහ, ජී.බී. සේනානායක, ආර්.එල්. ස්පිට්ල් යන මහත්වරු..මේ මෑතක සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය...

      ඔය ඔක්කොගෙම සළාදයක් කියල කිව්වැහැකි සැකයකින් තොරව ......:)

      Delete
    2. උඹත් එතකොට බදුල්ලේ හිටියද/

      Delete
  6. එකාතකට, මදුරාසි ගෑණුංගෙ විගඩං වලට වඩා හොඳා බුරුසුවගෙ විගඩං විවේචනේ කොරන එක කියල හිතුනෙ මට විතරද මංදා...

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී,

      හෙහ්..හෙහ්..උඹට එහෙමත් හිතුනය?

      Delete
    2. දැක්කෙ නැත, මහරජා පිරිකර මහනව මැෂිමක වාඩිවෙලා?

      Delete
    3. ඩ්‍රැකී,

      නැහ්? අම්මප කියාපං...අඩේ ලින්ක් එකක් දියංකො..පුවක් එෂැණිං පෝස්ට් එකක් ලියන්ට මරු මාතෘකාවක්නෙ...හෙහ්,හෙහ්,

      Delete
    4. https://www.facebook.com/photo.php?fbid=908266672659156&set=a.106344929518005.13881.100004274949901&type=3

      Delete
    5. https://www.facebook.com/drackey.junior/posts/686319164908821?notif_id=1512041657868880&notif_t=like

      Delete
    6. //එකාතකට, මදුරාසි ගෑණුංගෙ විගඩං වලට වඩා හොඳා බුරුසුවගෙ විගඩං විවේචනේ කොරන එක කියල හිතුනෙ මට විතරද මංදා...// මටත් හිතුන බං.. ඔය ඉන්දියන් නාට්ටියක් ටීවී එකක් ලඟින් යනකොට ඇස් කොනකින් හරි දකින වෙලාවකට ඔය සාරි ඇඳගත්තු වයසක ගෑනු කයිවාරුවක් යනවනම් මම මගේ වැඩෙත් අමතක කරලා වෙන පාරකින් යනවා.

      Delete
  7. කපුගේ මහත්තයාගේ ලස්සන සින්දුවක් . විරහවට වෙනම රසයක් දුන්නු ගායකයෙක්
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය,

      සීයට සීයක් එකඟයි..කපුගේගෙ හඬේම තියනව ඒ වගෙ විරහ ගීතයකට උචිත පාළු ශෝකී ස්වභාවය....

      Delete
    2. කපුගේගෙ ඒ කියන පාළු ශෝකී බව තියෙනව “සුමනෝ...“ ගීතයෙ

      Delete
    3. ඩ්‍රැකී,

      ඔබ හරි...රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තය ඒකිව්වෙ සුමනෝ ගීතයෙ රචකය එක පාරක් රජරට සේවයෙ වැඩසටහනකට ඇවිල්ල බොහොමත්ම අපූරුවට විග්‍රහ කලා කපුගේගෙ ඔය ශෝකී ස්වරය උද්දීපනය කරල ගන්ට ඒ මහත්තය කටයුතු කරපු ආකාරෞඅ ගැන. ඒ අර දෙන්න විරසක වෙන්ට එහෙම ඉස්සර වෙලා හෙහ්,හෙහ්,

      Delete
    4. ඇත්ත. ඒ සිංදුවෙ තියෙන අර මළ බෙරේට ගහන තම්මැට්ටං පාරයි, පදමාලාවයි, කපුගේගෙ කටහඬයි හරිම පාළුදායකයි...

      Delete
  8. එල, කොහොමත් බයියන්ට හරි වැරැද්ද තේරැන් ගන්න බෑ මොකා කලත් වැරැද්ද වැරැද්දමයි මොකාටත් එකයි

    ReplyDelete
    Replies
    1. kappa,

      උංට බයියො කියන්නෙ ඒකනෙ බං..ඔය බයි ගතිය එවුංගෙ ජාන වලම තියනව....:)

      Delete
  9. බල්ලොත් නොකන පොල් කටුවක් ගෙන හිඟන...
    බැඳුම් කර හොරුන් දිවිහිමියෙන් රකින....
    රනිලුන් වනන මහරජු පොලවෙහි ගසන...
    රවියන් කෙදින මෙය අහවර කරනු ඇත...

    දුටුවත් පෙරදි බ්ලොග් ලොව කඩයෙහි යෑම...
    නොදිටිමි මෙලෙස පසුපස්සෙන් එළවීම..
    පසෙකින් තබා මිහිඳුන් රජු ලෙවකෑම..
    ලියනුව බ්ලොගය දිවි රැකගනු හැක තවම...

    ReplyDelete
    Replies
    1. Ano,

      /රවියන් කෙදින මෙය අහවර කරනු ඇත.../

      හතළිස් හත් වසක් දෙස්පලුවෙක් වූයේ,
      ඉන් නව වසක් ජනපති දූරය දැරුවේ,
      අහෝ තුකකි බේදයකි ඉරකි තිතකි ( Rap)
      ඉක්බිති පුකට පයිනුත් ගහලයි එළවූයේ,
      ඒත් අහෝ අහෝ අහෝ..ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් ඉහළයි කීවේ..(Rap)
      මේ පල්හොරා යන්නෙම නැත මහ වදයකි වූයේ...

      මේ නීලකාසය රටට ඇණයක් නොවී දේසපාලනයෙන් අයිං වෙනකල් මේ වැඩේ දිගටම කරන්ට වෙනව මලේ....:)

      Delete
    2. මැක්කගේ රචනාව ලියපු පොඩි එකයි, මේ බ්ලොග් එක ලියන එකයි අතර වෙනසක් නැහැ වගේ, අනේ මන්ද මේ බ්ලොග් එක බැලුවහම හිතෙන්නේ ලියපු එකාගේ අම්ම වන්නියට ගියාද, ප්‍රභාකරන් ගෙදර ආවද කියල දැන්නම් !
      නීලකාසය මොන හොරෙක්ද හාමු එක්ක බැලුවහම. නීලකාසය පෙන්නුවට රෙද්දෙ රෙවිලා ඉන්න හාමුගේ ගඳ යවන්න බැහැ !
      නිවහල් සිතිවිලි තියෙනවා කියලා හිතන වහලෙක් වගේ තමයි පේන්නේ රවී අපිට දැන්නම්. අර සිරිකොතේ 1500 කුලියට ලියන උන් මීට හොඳයි නේ !!

      Delete
    3. 40 වතාවක් විතර පුකට පයින් ගහලා එලෙව්ව එකෙක්නේ අගමැටි වෙලා ඉන්නේ, ඒකත් ගත්තේ අහක ඉන්න පඹයෙකුට මුවාවෙලා !

      Delete
    4. http://www.lankabusinessonline.com/sri-lanka-down-12-notches-on-corruption-index/

      ඔන්න හාමුගේ දස්කම් !

      Delete
    5. ඇනෝලා සියළු දෙනාටම,

      රනිලා සුද්ද වන්තයකු කියා මම කිසිමවිටක කියා නැත. මහ බැංකු වංචාව කල දින පටන්ම මේ ගේම තනිකරම ගෙනිච්චේ රනිලා බව මම කීප වරක්ම කියා ඇත. ඒ වගේම ලියා ද ඇත. මේ ඊයේ පෙරේදාද ඒ ගැන යලිත් ලිව්වෙමිය.

      ඒත් මහට්ටුරුනි, නීලකාසයාගේ හොර මැර වංචා දූසන මිනීමැරුං වලට රනිලාට අලගු තැබීමටත් නොහැකි බව වනාහී පරම සත්‍යයකි.නීලකාසයාගේ වැඩ කිඩවලින් ඔය එලියට ආවේ බොහොම සේසයකි.පෙනේ එලියට ආවා පමනි. නයා තවම හුඹහ ඇතුලේය.

      ඇත්තම කිව්වොත් බැඳුංකරේ ගැන මට අත දිග ඇරලා ලියන්ට හිතෙන්නේ නැත්තේ නීලකාසයා ආයම බලයට ඒවිය කියන බය නිසාය. එහෙම උනොත් මුලු රටටම අබ සරනය. නීලකාසයා වනාහී ඇම්.ආර්ය.මේ ලඟදී සිම්බාබ්වේ කියන අපූරු රට විනාස කොට හමුදාව විසින් යන්තං බලයෙන් එලවා දැම්මේ ආර්.ඇම්ය. එනම් රොබට් මුගාබේය. ආර්.ඇම්. සිම්බාබවේට කල විනාසය ඇම්.ආර්. ලංකාවට කරනවා දකින්නට මට උවමනා නැත.

      Delete
    6. ඒ විනාශය ඊටත් වඩා වැඩියෙන් රනිල් හාමු දැනටමත් කරලා තියෙන්නේ, ඒක නොදැක්කා වගේ හැම මගුලකටම නීලකාසයා පෙන්න පෙන්නා නටන්නේ කැපුවත් කොළ ජානමය වහල් කම නිසානේ !
      නීලකාසයා මුගාබේ නම් හාමු ඉඩි අමීන්ටත් අන්තයි. බටලන්දේ වියරු වධකයා හාමු නෙවේද?
      ජානමය වහල්කම සුව කල නොහැක !

      හිරිකොතේ උන් 1500 කුලියට කහිද්දී රවී නොමිලේ බ්ලොග් එකෙන් කුලියට කහිනවා, මිනිස්සු නීලකාසය පැරැද්දුවේ එක පාරයි, හැබැයි හාමුව 40 වතාවක් පැරැද්දුවේ නිකම් නෙවේ, 2002 ආණ්ඩුව අවුරුදු 2කින් පුකට පයින් ගහලා පැරැද්දුවේ මේවගේම හොරා කාපු නිසානේ, ඒ වගේම දැන් ඡන්දේ අවුරුදු දෙකකින් නොතියන්නෙත් පුකට පයින් ගහයි කියල බයටනේ !
      //"ඇත්තම කිව්වොත් බැඳුංකරේ ගැන මට අත දිග ඇරලා ලියන්ට හිතෙන්නේ නැත්තේ නීලකාසයා ආයම බලයට ඒවිය කියන බය නිසාය."
      - අනේ හුකේ නන්නානේ, නීලකාසයා බලයට ඒවි කියලා බය නෙවේ, ජානමය තියෙන කැපුවත් කොළ වහල්කම තමයි, යූන්පී ආණ්ඩුවකින් රස්සාවට ගිය කෙළෙහි ගුණෙත් ටිකක් විතර ඇති !

      රවී ජොබ් එක කරන කාලේ හොරකම් කරලා අහුවෙලා එලෙව්වා කියන කථාව ඇත්තක් වගේ !

      Delete
  10. I have seen a book in which the author had dedicated it 'to my loving wife and kids, without whome this book would have been completed two years ago...' I guess you should write something similar to that, dedicated to this beloved rival of yours, at the end of this story. Hmph!

    ReplyDelete
    Replies
    1. Dedication:

      This story I translated is dedicated to my beloved rival, who was there always for me when I most needed him....

      When I was totally bored with translating this he was uttering chethiya type lies or screaming to microphones on stages telling sheer nonsense making me laugh to my hearts content completely forgetting my woes....Thanks buddy...

      No doubt it took far longer than I expected because of you but I wouldn't have missed it for anything in this world..Yeah..buddy...anything at all....Heh,heh,

      Delete
  11. අපි මෙහෙ කරන්ට් නැතුව මේවාට රින්ගන්න විදියක් නැතුව ඉන්නකොට මෙන්න නන්ස්ටොප් කතාව දාලා.. ඒකත් හොදා එක පාර කොටස් දෙකක් කියවන එකත් හොදා.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      වෙලාවට බිල් ගෙව්වෙ නැතුවහම කරන්ට් කපනව තමයි බොල යෝදියෙ..බිල ගෙවාපං වෙලාවට මතක ඇතුව...තේන්නාද?

      Delete
  12. //අන්න දැක්ක නේද මට ඉන්න රසිකාවියො එහෙම තමයි. නිකං ඔය ආවට ගියාට කුණු පොල් ගෙඩිය හොල්ලන්නැහෙ කච කච ගාන්නෙ නෑ. යම්ම කිසි චෝදනාවක් කරනවනං කරුණු කාරණ සහිතව සාදක එහෙම පෙන්නල තමයි එහෙම කරන්නෙ.
    //

    කියන විදියට කතාව ලියන්නේ නැති නිසා බැනුම් වලින් බේරෙන්න දිරච්ච මුරුංග අතු හොයන් ඇවිත්. හුහ්. අපි අහු වෙයි ඕවට. කලින් කමෙන්ට් වලට උත්තරත් නෑ. කියන දෙයක් නාහන බව දැන දැන, උත්තර නොලැබෙන බව දැන දැන මේවට කමෙන්ට් දාන අපි අපිටම ගහගන්න ඕන.

    ඉන්දියන් උන් නම් පුදුම MIT පිස්සෝ ටිකක් තමයි. මගේ යාලුවෙක් ඉන්නවා (ඔව් ඔව් අර නාන්න කම්මැලි එක්කෙනා) එයාටත් MIT එකේ පිරිමි ළමයෙක් ගැන තමයි ක්‍රෂ් එක තියෙන්නෙ. මට කියල තියන විස්තර වල හැටියට ඒ කොල්ලා කිසිම එක්ස්ට්‍රා කරිකියුලර් දෙයක් නැති, ටිකක් පණ්ඩිත චරිතයක්. ෆේස්බුක් එකෙත් නෑ කොටින්ම මේ කෙල්ල එක්ක චැට් කරන්නෙත් linkedin එකේ. ෆෝන් නම්බර් එකක් වත් දීල නැහැ. ඌට ඕන වෙලාවට චැට් කරනවා, ඌට එපා වෙලාවට බිසී කියල මාස ගණන් කතා නොකර ඉන්නව. ඒත් මේ කෙල්ල ඌට කැමතියි, එකම හේතුව MIT.

    //ඔහේලත් බාලකපක්සගාතීව සහ සමූලගාතනයෙන් තොරව නිකමට වගෙ හිතල බලන්ට හොරෙකුට තක්කඩියෙකුට ඔහොම ටයි පොල්ලක් දාල අපූරු කෝට් බෑයකිනුත් සැරසිල බය නැතුව එන්ට පුලුවංද කොමිසම ඉස්සරහට සාක්කි දෙන්ට.//

    ඔය ආවෙ.

    ReplyDelete
    Replies
    1. රනිල්නේ
      හාමු නේ
      රවී නේ
      අමු වහලා නේ

      කෝට් එක ඇන්දහම හොරා මහත්තයෙක් වෙනවා කියලා හිතන් ඉන්නේ

      Delete
    2. මානවී, ඔය I.I.T. කේස් එකත් හෙන සිරා...ලංංකාවෙ ඔය මෙඩිකල් ෆැකල්ටි යනව වගෙ සීන් එකක් තරමක් දුරට.. ඒත් ඊට වඩා හෙන ඇඩ්වාන්ස්ඩ් කේස් එකක්.

      ඔය I.I.T. Entrance exam එක ලෝකෙම පාස් වෙන්ට අමාරුම එක්සෑම් එකක්ය කියල කියනව.පාස් වෙන ප්‍රතිශතය සීයට පහක් හයක් වගේලු.

      මෙහෙ අපි එක්ක වැඩ කරන ඉන්දියානුවන්ටත් එහෙමයි. උංගෙ දුවෙක් පුතෙක් මල්ලියෙක් නංගියෙක් නෙවෙයි අක්කල අයියල නෑනල මස්සිනාලගෙ ළමෙක් උනත් I.I.T. එන්ට්‍රන්ස් පාස් කියන්නෙ ආය නෑ සති දිනක් සැනකෙලි පවත්තන්ට කාරනයක්.

      මම මේ බගටගෙ පොතේ පරිවර්තන වැඩේ හින්දම I.I.T. ගැන විස්තර ඉන්ට්නැට්ටෙ හොයල බලල දැං ඒ ගැන තරමක ඇක්ෂ්පර්ට් කෙනෙක් වෙලා ඉන්නෙ. ඉතිං ඉන්දියන් එවුං එක්ක පුතය වගෙ I.I.T. එකේ විස්තර කියනකොට උන්ට මහ පුදුමයි. How do you know so much about it?..කියල අහනව...

      Delete
    3. ඇනෝ,

      ඇනෝනේ,
      බයියෙක්නේ,
      විචාර බුද්ධියක් කියල එකක් ඇත්තෙම නෑනේ,
      පව් නේ,
      පූරුවෙ කරපු කරුමනේ,
      ගෙවන්ටම වෙනවනේ,

      Delete
    4. හැම ඇනෝම බයියෙක් වෙනවද?
      හැම බයියම ඇනෝ වෙනවද?
      විචාර බුද්ධියක් තියෙන නිසා වෙන්න ඇති හාමු යටතේ ලෝක දූෂණ දර්ශකයේ ලංකාව 85 ඉදන් 96 ට ගිය එකට දාපු ලින්ක් එක මැකුවේ !

      හාමුට යන්තම් තට්ටුවක් දාලා නීලකාසයට පොල්ලෙන් කෙලින්නේ හරියට නීලකාසය බලයේ ඉන්නව වගේ !
      තමන්ගේ පුද්ගලික තරහ හැම පෝස්ට් එකකටම ඇදලා ගන්නේ(හරියට අර සාගල පොලිස්පතිට දීපු කෝල් එකට දාපු පෝස්ට් එකට නීලකාසය ඇදල ගත්ත වගේ) !

      Delete
    5. /විචාර බුද්ධියක් තියෙන නිසා වෙන්න ඇති හාමු යටතේ ලෝක දූෂණ දර්ශකයේ ලංකාව 85 ඉදන් 96 ට ගිය එකට දාපු ලින්ක් එක මැකුවේ !/

      මේ ඇවිල්ල දර්ශීය බයියෙක්..(A Typical Bayiya ) මහ බයියගෙ ගති ලක්ෂණ එහෙම්මම පිහිටල තියනව. කට අරිනකොටම මොලේට ලේ ගමන්කරන ධමනිය වැහෙනව.නැත්තං අර රනිල්ගැන කියල තියෙන ලින්ක් එක යස අගේට දිලිසි දිලිසි තියෙද්දි ඒක නෑ කියල චේතිය බොරුවක් කියයිද?

      Delete
  13. Thank you Ravi. As you know I have read the book. Reading your translation is absolutely more fun.

    ReplyDelete
    Replies
    1. Ian,

      Thanks so much..

      I am trying to add some spice to Bagat's drab story...heh,heh...

      Delete
    2. එහෙම පොතක් නැහැ මට පේන විධිහට

      Delete
  14. රවි උන්නාන්සේ අසාමාන්‍ය මානවිකා භීතියකින් පෙලෙනව වගේ මේ දවස්වල

    ReplyDelete
  15. ඇයි අයිශෙ මේ වගේ තැං වලින් නවත්තන්නෙ ? ලඟ හිටියනං දෙනව කනට බඩ කොරවෙන්න අයිශෙ

    ReplyDelete
  16. මේක හරියට මැක්කගෙ කතාව වගේනෙ.. කොහෙන්ගියත් බුරුසුවා අල්ල ගන්නවා... ඒ කතාව නැත්නම් අනන්‍යයි, ක්‍රිෂ් දෙන්න හම්බෙලා මොනවද කතා කරන්නෙ කියන්නත් තිබුන... කොහෙද මේ මනුස්සයාට කොහෙන් ගියත් බුරුසු රජානෝ සිහි වෙනවනේ...

    ReplyDelete
  17. මොකද්ද බන් නං එල්ලාම් මුඩිංජි.. කියන්නේ
    ඔය තරු මල් යාය සින්දුව කවුද යු ටියුබ් එකේ දාල තියෙන්නේ ලෝකයේ හොඳම විරහ ගීතය කියල

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...