Tuesday, February 13, 2018

566. පුවක් එෂැණිං 41- The Slaves are Striking Back….වහළුන් නොහොත් බයියන්ගේ අනපේක්ෂිත පුනරාගමනය…

Daily Mirror Cartoon by Gihan De Chickera

කාල වරෙංකො...... ඉතිං ඊලඟට මොකෝ කොරන්නෙ? බැඳුම්කරයයි ඔය අනික් නොයෙක් තොරොට්ටුයි හින්ද එජාපෙට කෙලවෙයි කියල හිතුවට මෙහෙම හෝදාපාලුවෙලා යයිය කියල නෙවර් තෝට් ඊවන් ඉන් මයි ඩ්‍රීම්ස්...සැටිපිකේට් ටෘත් මෙයාලා...ගෝඩ් ප්‍රොමිස්...

රිසල්ට් එක ගැන පොඩි පහේ ඇනලයිසිස් එකක් කලොත් මට හිතෙන්නෙ මෙන්න මෙහෙම දෙයක් වුනේ. 2015 ජනවාරි අටේ බලවේගය නොහොත් ටොයියන් සහ මරාගෙ බයියන් අතර තියෙන ආකල්ප අපේක්ෂා ඔය හැමදෙයින්ම තියෙන පැහැදිලි වෙනස. එහෙම ජෙනරලිසේෂන් එකක් කරන එක එච්චරම හරි නැහැ වෙන්න පුලුවන්. ඒත් මේ ෆෙනෝමෙනන් එක තේරුම් ගන්ට එහෙම උපකල්පනයක් කරන්නම වෙනව.

මම කියන්නෙ  කියන්නෙ මේකයි. 2015 ජනවාරි 8 විප්ලවේට නොහොත් තක්කඩියා පලවා හැරීමේ සටනට උරදුන්නු වැඩි දෙනා අවංකවම අපේ රට මීට වඩා යහපත් තැනක් කරන්ට බලාගෙන මයිත්‍රීට කතිරෙ ගහපු කට්ටිය. 



ඒ ගොල්ල මයිත්‍රීගෙන් වෙන අබමල් රේණුවක දෙයක් බලා පොරොත්තු වුනේ නෑ. මයිත්‍රීගෙන් ඉල්ලුවෙ එකම දෙයයි. අපේ මේ මව්බිමේ 21 වන ශතවර්ෂයට ගැලපෙන සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් ඇතිකරන්ට. ගතානුගතික අදහස් වලින් මිදිල ලිබරල් අදහස් වලට ඉඩ දෙන්ට. එහෙම කලොත් ඊට පස්සෙ ඔබට පුලුවනි මේ රටේ මෙතෙක් පහලවූ අනුත්තර නායකයා විදිහට ගෞරවාන්විතව විශ්‍රාම යන්ට.

ඉතිං වැඩේ වෙන්නෙ ඔයවගෙ උත්තරීතර අපේක්ෂා පෙරදැරිකරගෙන කවුරුහරි රටේ නායක තනතුරට පත්කර ගත්තම ඒ පත්කරගත්තු මනුස්සයට හරිම කරදරයි. ඒ කියන්නෙ චන්දෙ දුන්නු උදවිය ඉල්ලන්නෙ දෙන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ. ඔන්න ඔය බාර් පර්මිට් එකක් වැලි පර්මිට් එකක් මාකට් එකෙන් කඩයක් වගෙ ලෞකික දෙයක් ඉල්ලගෙන දෙයියනේ කියල පැත්තකට වෙලා ඒකෙන් හම්බකරගෙන කාල ඇඳල හිටපියව්කො. අනික එහෙම දේකිං සෑහීමට පත්වෙන මිනිස්සු ආම්බාම් කරන්න බොහොම ලේසියි.

මේ යහපාලනේ ප්‍රමෝට් කරන බිජ්ජො එක්ක එව්ව බෑ. උං ඉල්ලන්නෙ පොරොන්දු වෙච්චි යහ පාලනේමයි. මස් රාත්තලමයි. සයිලොක් තව හොඳයි. මුං ඇවිල්ල සයිලොක්ගෙ මහප්පොච්චිල.........ඉතිං කොහෙද කොරන්නෙ? 

ඔව්ව ඔය ඒ කාලෙ ඉස්ටේජ් උඩ නැඟගෙන ගිරිය කඩාගෙන කැක් ගැහැව්වට කොරන්ට ඇහැක් එව්වය? නැද්ද මං අහන්නෙ? අනික අපේ රටේ වෙලා තියෙන්නෙ දේසපාලුවො කියන ජාතිය වංගු ගහලම චේතනාන්විතව උනත් හරි දෙයක් කරන්න හිත නැමෙන්නෙම නෑ. 

ඉතිං යහපාලනේටත් උනේ ඒ සංතෑසියම තමයි. ඉස්සෙල්ලම ආණ්ඩුව පත්වෙලා මාස දෙකක් යන්ට කලිං රනිල කෙලිය මහ බැංකුවට. මෛත්‍රීත් ආයම මම ජනාධිපති කමට ඉදිරිපත් වෙන්නෙ නෑමයි කියල හතර අතේ දිවුරල චන්දෙට ආවට, පස්සෙන් පහු  මනුස්සයටත් මේකෙ රහ වැටුන. ඒ පාර ඔන්න මනුස්සය ශ්‍රී ලංකා නිදහස් පක්සෙ සබාපති කම අතට ගත්ත බලෙම්ම වගෙ.

එතන තමයි මිනිහ සුද්දො කියන විදිහට කකුලටම වෙඩි තියාගත්තු තැන. අපි කියන විදිහට නම් හත්පොලේ ගාගත්තු තැන......ඒ කිව්වෙ ඔය සබාපතිකං බාරගන්නෙ නැතුව අර කලින් කිව්ව වගෙ නිර්පාක්ෂිකව ඉඳල රට වෙලාගෙන තිබ්බ මැර බලය දූෂණය බීෂණය නැති කරන්ට පුරුස දහිරිය දාල වැඩ කලා ඔන්න මයිත්‍රී ඉතිහාස ගත වෙනව රට හදපු ශ්‍රේෂ්ඨ වීරයා විදිහට. ඒත් මේ මනුස්සය මොකද කලේ ශ්‍රී ලංකා එකේ සබාපතිකම බාරගෙන විකාර කරන්ට ගත්තනෙ.

දමිත් මලයා වත්පොතේ මරු පෝස්ට් එකක් දාල තිබ්බ ඒ ගැන. අර කියන්නෙ "In a nut shell" කියල. ඒ කියන්නෙ ඉතාම සරලව මුලු කතන්දරේම කියවෙනව කියල. අන්න ඒ ජාතියෙ පෝස්ට් එකක් ඒක.

"මහජනතාව දුන්නු විධායක ජනධිපතිකමට වඩා  හොරාගත්ත පක්ෂ සභාපතිකමක් ලොකුකරගත්තට ලැබුණු තෑග්ග තමයි මේ....."

මේ පාර වුනේ බයි අම්බරුවො රැළ එහෙම්මම  එකා පස්සෙ එකා ගිහිල්ල මැදමුලනෙ  තක්කඩියට ආයම කතිරෙ ගැහැව්වට 2015 දි මෛත්‍රීට කතිරෙ ගහපු එවුං හුඟක් මේ පාර ගෙදර නැවතුනා. ඒ බහුතරයක් පාවෙන ඡන්ද. ඒ කියන්නෙ කිසිම දේශපාලන පක්ෂයකට නැත්තං මනුස්සයෙකුට එහෙමත් නැත්තං ඉස්තිරියාවකට ගැතිකං කරන්නෙ නැතුව ඒ ඒ අවස්තාව අනුව සුදුසුයි කියල හිතෙන කෙනෙකුට චන්දෙ දෙන අය. 

මෛත්‍රී-රනිල් දෙන්නගෙ නොහැකියාව සහ අර එහාටත් නැති මෙහාටත් නැති පතෝල ගතිගුන හින්ද ඒ ෆ්ලෝටිං වෝටර්ස්ල හුඟ දෙනෙක් මම හිතන්නෙ අන්තිමටම කලකිරිල හිටියෙ. බැඳුම්කරෙත් ඒකට ප්‍රබල හේතුවක් වුනා. චන්දෙ අන්තිම දවස්වල මෛත්‍රී සහ රනිල්ගෙ කුලල් කාගැනිල්ලත් මිනිස්සුන්ට ආන්ඩුවම එපා වෙන්ට හේතුවක් වෙන්නත් ඇති.....

හරි දැන් වෙච්ච දේ උනානෙ. ඊලඟට මොකෝ කොරන්නෙ? 

මම හිතන්නෙ මෛත්‍රීට එකම ඔප්ෂන් එකයි තියෙන්නෙ. ඊලඟ පාරත් ජනාධිපතිවෙන සිහිනය අතෑරල දාල 2015 කැම්පේන් එක වෙලාවෙ වේදිකා දෙදරවන්ට පොරොන්දු වෙච්චි එව්ව, ඒ කියන්නෙ හෙට දවසෙ යහපත් රටක් අපේක්ෂා කරන, බෙල්ල උඩ ඔලු ගෙඩියක් කියල එකක් තියන ඒ ඔලු ගෙඩිය ඇතුලෙ මොළ ගෙඩියක් කියල එකක් තියෙන ඒ දෙකටම වැඩියෙං ඉඳල හිටල හරි ඒ මොළ ගෙඩිය පාවිච්චි කරන දස ලක්ෂ සංඛ්‍යාත මිනිස් කැළක් මෛත්‍රීගෙන් ඒ වෙලාවෙ අපේක්ෂා කරපු දේ ඉෂ්ට කරන්ට තම උපරිම උත්සාහයෙන් කටයුතු කරන එක.

ඒකට ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ රනිල් අයින් කරන එක. රනිල මහ බැංකු කේස් එකෙන් අසූචි නෑව ඔලුවෙ ඉඳල. ආය රනිලව හෝදල    නාවල ගන්ටවත් අමාරුයි. ඒ හින්ද රනිලව අයිං කරන එක අනිවාර්යයයි.

එතකොට කවුද අගමැති? සජිත්නම් ඒකට හරියන්නෙ නෑ. ඒ මනුස්සය අර ඉයර් ෆෝන් එකකුත් කනේ ගහගෙන හම්බන්තොට පුරහම මහන මැසිං උළු එතනිං ගිහාම ටකරං බෙද බෙද ඇවිදිනව මිසක වෙන කිසිම දෙයක් කරනවද? කෝ කිසිම දෙයක් ගැන කියනවද? පාර්ලිමේන්තුවෙ වැදගත් කතාවක් කරනවද? 

ඉතිං මගේ තේරීම නම් මංගල. ඒත් මම හිතන්නෙ නෑ යූ.ඇන්.පී. කාරයො බහුතරයක්වත් මංගලට කැමතිවෙයි කියල. අපේ රට වගෙ ගෝත්‍රික රටක මංගල වගෙ කෙනෙකුට දේශපාලනයෙ ඉස්සරහට එන්ට අමාරුයි.

ඒ හින්ද මේ වෙලාවෙ තියෙන්නෙ කරුවල ජයසූරිය නොහොත් "කරු ආවොත් පායයි හිරු" වගෙ නිවුටල් චරිතයක්, දූසන බිසන වලට නම නොගෑවිච්චි චරිතයක් අගමැති කරන එක. එහෙම කරල 2020 වෙනකල් ආන්ඩුව ගෙනියන එක. හැබැයි ඒ අවුරුදු දෙකේදි අර පොරොන්දු වෙච්චි ප්‍රතිසංස්කරණ අඩුගානෙ පුලුවන් තරම්වත් කරන්න ඕන. අලුත් ව්‍යවස්තාවක්  ගේන එක එයිං එකක්. චීවරදාරීන්ට බම්බු ගහ ගනිල්ල කියල ඒ වැඩේ කලොත් නම් දෙයියම්ප මල් හතයි. මෛත්‍රී ආය පාරක් ඉල්ලන්නෙ නැත්නම් වැඩේ තවත් ලේසියි.

ඊලඟට මේ බයියො රැල නටන්ට පටන් ගෙනනෙ කිරිපනුගාය හැදුන වගෙ ජනවරම මරාට ගියාලු ඒ හින්ද අගමැතිකම මරාට දෙන්ටය කියල. බයියො ඔය වික පුකාගෙන දඟලන්නෙ වෙන මොකවත් හින්ද නෙවෙයි හෙට අනිද්දට රාජපස්ස පවුලෙ කීප දෙනෙක්ම ඇතුලට යන සීන් එකක් පේන්ට තියන හින්ද. කොයි මක් කරල හරි ඒක වලක්ව ගන්ටයි උංට ඕන. අපේ ඩොක් නොහොත් සරත් විමලසූරිය ඒ ගැන මරු කතාවක් කියල තිබ්බ වත් පොතේ......

"ජනතාව මට අඩි හයක වලක් කපල පැට්‍රෝල් බූලිය කුත් දුන්නා...මං ඔය නඩුෆයිල් ඔක්කොම ඒ වලට දාලා ගිනිතියලා සදහටම වහල දානවා…එතකොට බැඳුම් කරේ? ඔව්...ඒකත් පුච්චනවා...රනිල් නායකත්වයෙන් අයින් නොවී, මට දෙන සප් එක එසේ මෙසේ නෑ .  - මහින්ද ..."

ඉතිං මම මේ අවසාන වසයෙන් කියාගෙන ආවෙ බයියො ඔහෙ නටාගත්තාවෙ..අපේ මොකෝ?...දිගින්ද හරහින්ද?

53 comments:

  1. Replies
    1. ජනවාරි 8 අපතයන්ට තියන හිතේ අමාරුව ලියල...තව ඉස්සරහට ටව ලියන්න වෙයි....

      Delete
    2. හිනා මූණක් දාල නිකම් හිටියෙ මෙදා පාර මම චන්දෙ දැම්මේ නැති නිසා මුකුත් කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා. හිටියා නම් ගොඩක් වෙලාවට ජවිපෙට දාවි. ජනවාරි 8 වෙනිදා නම්, මමත් චන්දෙ දුන්නේ අපේ පොළවෙන් මතු වුණු ජනාධිපති තුමාට තමයි. හැබැයි ඉතින් නොයෙකුත් විකාර කරලා අවුරුදු තුනක් ඇතුලත චන්ද දායකයින්ට පොලවේ වැලලෙන්න හිතෙන තැනට උන්දැ වැඩ කරගනීවි කියල නම් හිතුවේ නෑ. :) එහෙම හිතුණත්, ඒ වෙලාවේ වෙන චොයිස් එකක් තිබුණෙත් නෑ.

      දේශපාලනයේ ගේම් ගැන තේරුම් ගන්න තරම් ලොකු අදහසක් නැති උනාට මට හිතෙන්නේ මෙහෙමයි. මිනිස්සු චන්දෙ දෙන්නේ අකමැති දේට විරුද්ධ බව පෙන්නන්න මිසක් කැමති දේට පක්ෂව ම නොවෙයි. හැබැයි ඒ වගේම, තේරුම් ගන්න ඕන, ගම්වල ජනතාව අමතක කරලා චන්දයක් දිනන්න බෑ. කොහොම කිවුවත් යුද්ධය කාලේ මියගිය හමුදා සෙබළු අතිශය බහුතරය ගම්වල කොල්ලො. ඉතින් මාස කිහිපයකට සැරයක් ගමට මිනී පෙට්ටියක් එන එක නතර වුණු එක, ඒ මිනිස්සුන්ට ලොකු දෙයක්. නාගරික ජනතාවට ගැලපෙන ලිබරල් තීරණ ගන්න උත්සාහ කරන අගමැතිවරයෙක් හා ඇමතිවරු කීප දෙනෙකුයි, ගම්වල මිනිස්සු නිසා ඒ තීරණ වෙනස් කරන ජනාධිපති කෙනෙකුයි එක්ක, නාගරික ජනතාවටයි, ගම්බද ජනතාවටයි, අපි වගේ පාවෙන චන්ද වලටයි ඔක්කොන්ටම මේ රජය ගැන පැහැදීමක් නැති වෙනව. අනිත් කරුණ තමයි, අපේ ගෙදරට මම කෝල් එකක් දුන්නු වෙලාවේ ඇහුණු දේ. "අපි නම් චන්දෙ දුන්නේ අහවලාට, ඒ මනුස්සය විතරයි අපි දැකල, කතාකරල වත් තියෙන්නෙ. ගමේ මිනිස්සු අඳුරන්නෙ වත් නැති කෙනෙක්ව එක පාරට විශ්වාස කරන්නෙ කොහොමද?" පුංචි චන්දයකදී ඇත්තටම ගමට සේවයක් කරපු දීප්තිමත් චරිතයක් තොරගන්නත් පක්ෂ වලින් සූක්ෂම වෙන්න ඕනි.

      මේ ලැබුණු පණිවිඩය තේරුම් අරන්, රජය ඉදිරියට මීට වඩා සැලකිල්ලෙන් වැඩ කටයුතු කරගෙන යාවි යැයි බලාපොරොත්තු වෙමු.

      Delete
    3. මානවී,

      ඔබේ අදහස් දැක්වීම සමඟ 100% එකඟයි...:)

      /මේ ලැබුණු පණිවිඩය තේරුම් අරන්, රජය ඉදිරියට මීට වඩා සැලකිල්ලෙන් වැඩ කටයුතු කරගෙන යාවි යැයි බලාපොරොත්තු වෙමු./

      මගේද ඒකායන ප්‍රාර්ථනය එයයි!

      Delete
    4. Ano,

      /ජනවාරි 8 අපතයන්ට තියන හිතේ අමාරුව ලියල...තව ඉස්සරහට ටව ලියන්න වෙයි..../

      එහ්හෙන්නං..එහ්හෙන්නං..ලියනව ලියනව...මරාගෙ හොර හැත්ත වැලිකඩ කූරු ගණින්ට ගාල් කරනකල් ලියනව...:)

      Delete
  2. 2015 මෛත්‍රීට ඡන්දේ දුන්න අයට රෙද්දක් ඇඳගෙන ආයේ ඡන්දේ දෙන්න බැරි තත්වෙකට දැම්මනෙ. අර කියන්නා වගේ දෙන්නබැරි දේවල් ඉල්ලනකොට උන්නැහේ මක්කොරන්නද?

    මට මෙන්න මෙහෙම ප්‍රශ්නකුත් තියනවා... දැම් මේක ගමේ ඡන්දෙනේ.. මිනිස්සු ඡන්දේ දෙන්න ඇත්තේ පක්ෂය ගැන මහා ලොකුවට හිතලද? මම අහන්නේ මිනිස්සු 'මේ සැරේ අර ගුණපාලයට ගහනවා' කියල හිතලද ඡන්දේ දෙන්න ඇත්තේ නැත්නම් 'මහින්ද මහත්තයගෙ අපේක්ෂකයට ගහනවා' කියලද?

    තව පැත්තකින්, මාර සංවිධානාත්මක හැකියාවක් නේද? අලුත් පක්ෂයක් හදලා, හැම තැනටම වගේ අපේක්ෂකයෝ දාල, කැම්පේන් කරලා දිනවන්න, පොඩි කාලයක් ඇතුලත.

    ReplyDelete
    Replies
    1. //තව පැත්තකින්, මාර සංවිධානාත්මක හැකියාවක් නේද? අලුත් පක්ෂයක් හදලා, හැම තැනටම වගේ අපේක්ෂකයෝ දාල, කැම්පේන් කරලා දිනවන්න, පොඩි කාලයක් ඇතුලත.// by courtesy of Mr.Basil

      Delete
    2. Thisara,

      /මම අහන්නේ මිනිස්සු 'මේ සැරේ අර ගුණපාලයට ගහනවා' කියල හිතලද ඡන්දේ දෙන්න ඇත්තේ නැත්නම් 'මහින්ද මහත්තයගෙ අපේක්ෂකයට ගහනවා' කියලද? /

      මල්ලි මම හිතන්නෙ මේ පාර පොහොට්ටුවට වැටිච්චි චන්දෙ සීයට අනූවක්ම වගෙ වැටුනෙ මරාට...සාමාන්‍යයෙන් පළාත්පාලන චන්දෙකදි පවතින රජයකට චන්දෙ දෙන්න මිනිස්සු බොහෝවිට පෙලඹෙනව.ඒ අර ප්‍රතිපාදන නොලැබෙයි කියල හිතල. අර මනුස්සය අර කිරිඇල්ල ගොනා සේ ප්‍රසිද්ධියෙම කිව්වෙ ඒකනෙ අපේ පාලනයෙන් තොර පලාත් පාලන ආයතනවලට අපි සල්ලි දෙන්නෙ නෑ කියල.එහෙම කරන්න බෑ පළාත් පාලන ආඥාපණත අනුව. ඒත් මිනිස්සු එහෙම හිතාගෙන ඉන්නව. මේ පාර ඒ මොකවත් සලකන්නෙ නැතුව මිනිස්සු චන්දෙ දුන්නෙ මරාට..

      අපි ඇවිල්ල බයියො වගෙ නෙවෙයිනෙ බං..ඇස් ඉදිරිපිට පේන්න තියන ඇත්ත පිළිගන්නව..හෙහ්..හෙහ්...Give the devil his due....:)

      Delete
    3. Udaya,

      තව පැත්තකින්, මාර සංවිධානාත්මක හැකියාවක් නේද? අලුත් පක්ෂයක් හදලා, හැම තැනටම වගේ අපේක්ෂකයෝ දාල, කැම්පේන් කරලා දිනවන්න, පොඩි කාලයක් ඇතුලත. by courtesy of Mr.Basil/

      ඒ ගැන නම් හරියටම කියන්න බෑ මම පහුගිය ටිකේම ලංකාවෙ නොහිටිය නිසා..ඒත් කොහොම වෙතත් ඔය භක්ෂිශීලයෝ නමැති හොර දෙටුවානෝ හොඳ හැකියාවක් තියෙන මනුස්සයෙක් හොඳට හෝ නරකට ..

      බැසිලට භක්ෂිශීලයෝ කියල නම දැම්මෙ කාලෙකට ඉස්සර පිස්සාගේ පළාමල්ල කියල බ්ලොග් එකක් ලියපු පිස්සා මහතා...හෙහ්,හෙහ්,

      Delete
    4. //අපි ඇවිල්ල බයියො වගෙ නෙවෙයිනෙ බං..ඇස් ඉදිරිපිට පේන්න තියන ඇත්ත පිළිගන්නව..හෙහ්..හෙහ්...Give the devil his due....:)//
      ආ...න්න කතාව. බයියන්ට කවදාවත් තේරුම් නොගිය දෙය. උන්ට තාමත් ජනාධිපති උන්ගෙ අප්පච්චි.

      Delete
    5. ""...//අපි ඇවිල්ල බයියො වගෙ නෙවෙයිනෙ බං..ඇස් ඉදිරිපිට පේන්න තියන ඇත්ත පිළිගන්නව..හෙහ්..හෙහ්...Give the devil his due....:)//
      ආ...න්න කතාව. බයියන්ට කවදාවත් තේරුම් නොගිය දෙය. උන්ට තාමත් ජනාධිපති උන්ගෙ අප්පච්චි...."

      එබව පේනවා, කොච්චර නොහැකියාව දැක්කත් නොදැක්කා වගේ රනිල්ට හා UNP යට කඩේ යන එකෙන්

      Delete
  3. හිත හැදෙන කථා, මංගලගේ අම්මට කෝටි ගාණක ලිෆ්ට් එකක් තමන්ගේ ගෙදරට ගත්ත ඒවා, ක්‍රෙඩිට් කාඩ් සීන් එක මතක නෑ. බයියන්ටත් අන්තයි, UNP වහල්ලු !!!
    රනිල් ගේද්දී කිව්වේ Mr. Clean කියලනේ, Mr. Clean මංගල එහෙම නම් කොහොම වෙයිද ?
    PA ඉන්න සුදු කොල්ලන්ට බය නැතිව කුඩු ගහන්න මංගල අගමැති කරමු.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, විදුරු ගෙල්වල ඉදන් ඇදුන ගලවනවා කියන්නේ මේවට තමයි! මහලොකුවට පම්පොරිගහුවට අංක ගණිතයවත් බැහැ! තමුන්ගේ රනිල් හාමුගේ චන්ද තමයි ඔයි අඩුවෙලා තියෙන්නේ!

      Delete
    2. ඇනෝ ඇන්ඩ් ඇනෝ,

      හරි හරි අපි බලමුකො මොකෝ වෙන්නෙ කියල....:)

      Delete
  4. "මිනුස්සු චන්දෙ දෙන්නෙ එකෙකුට කැමැත්තෙන් නොව , තව එකෙකුට විරුද්ධව " කියන කතාව ඇත්තක් කියල ඔප්පු උනා , මේ චන්දෙදි.

    ReplyDelete
    Replies
    1. මං හැමදාම දුන්නෙ එහෙමයි. කැමති එවුන් චන්දෙ ඉල්ලලා නෑ

      Delete
    2. එතකොට 2015දි මිනිස්සු මෛත්‍රීට කතිරේ ගැහුවේ මිනිහගේ අහවල් එකට කැමැත්තෙන් වෙන්න ඇති!

      Delete
    3. කම්මල,

      එකඟයි...Protest vote කියන්නෙ අන්න ඒකට...:)

      Delete
    4. ප්‍රා,

      කැමති එවුන්ට චන්දෙ දෙන්න හිටියොත් ජීවිතේට මේ සී ලංකාවෙ චන්දයක් නම් දෙන්න වෙන එකක් නෑ...:)

      Delete
    5. ඇනෝ,

      ඉතිං බොල 2105 උනෙත් ඔය කම්මලය කියන එකම නෙවෙන්නම්. මිනිස්සු මෛත්‍රීට චන්දෙ දුන්නෙ මිනිහට තියෙන විශේෂ කැමැත්තක් හින්ද නෙවෙයි මරාට තියන අකමැත්ත හින්ද...

      Delete
    6. ඇනෝ ..ඈ බං මම කවියක් ලිව්වද ? අපි මරාගෙ නීතිය නැවිල්ලයි, පවුල් පාලනෙයි , හොරකමයි ඔන්න ඔවුවට විරුද්ධව තමයි චන්දෙ දුන්නෙ,

      Delete
    7. "...මේ චන්දෙදි..."
      කම්මලේ උඹ ඕක දැක්කේ 'මේ චන්දෙදි' ද? එතකොට ගිය චන්දෙදි?
      කාගෙන්ද උඹ සිංහල ඉගෙනගත්තේ, රනිල්ගෙන්ද?

      Delete
  5. මට නම් හිතෙන්නේ මහජනතාවට all inclusive package එකක් ළඟදීම ලැබෙන්න යන්නේ. ඒ කිව්වේ සුබ අනාගතයක්, මෛත්‍රී යුගයක් සහ යහපාලනයක් තුනම එකට. එතකොට රවීටත් පුළුවන් ඔය කාන්තාරේ අරාබීන්ට කඹුරන එක නවත්තලා, දෙයියනේ කියලා ආයෙත් මේ පින් බිමට වැඩලා හීනියට පොඩ්ඩක් අනුමත වෙලා ඔය අනන්න්‍යා ගැන, ගුරුතුමී ගැන එහෙම පෝස්ට් එකක් දෙකක් ලියාගෙන ෆුල් මාර්වලස් ලයිෆ් එකක් ගත කරන්න.

    එහෙම හොඳයි නේද :)

    ReplyDelete
    Replies
    1. ඔවුංදැ මෙරට ආවොත් ලියන එකට අබසරණයි. මතකයැ, මේ මෑතක චන්ද්‍රාෙවා් කතාරයට පායලා වෙච්ච සන්තෑසිය?

      Delete
    2. උදය,

      එහෙම තමයි බං හිතාගෙන ඉන්නෙ ඔය උඹ කියන එව්ව උදා නොවුනා උනත්..

      දැන් වයසත් වැඩියි...අතපයත් පණ නැතිවේගන එන්නෙ..

      "ආනන්දය මම දැන් බොහෝ සේ මහළුය. අතපය සහ අනෙකුත් ශරීරාවයන්ද අවසඟව ඇත.මගේ අවසන් මොහොත බොහෝ ආසන්න බවක්ද හැඟීයයි. එබැවින් මරණයට ප්‍රථම කිඹුල්වතට යනු රිසියෙමි"

      බුදු හාමුදුරුවොත් මෙහෙම කියල තියන එකේ අපි ගැන ආය කවර කතාද?...:)

      Delete
    3. ඩ්‍රැකී,

      නෑ නෑ නෑ..මම එන්න ඉස්සෙල්ල උන්දැ එක්ක ඇග්‍රිමන්ට් එකක් ගහලයි එන්නෙ මගේ ලිවීම් කටයුතු වලට දවසට මෙන්න මෙච්චර පැය ගාණක් ඉඩ දෙනවයි කියල...:)

      Delete
  6. Replies
    1. ප්‍රසා,

      හොඳා නම් හොඳා...:)

      Delete
  7. උබ හරිබන් අපිට තමයි කෙළ උනේ මම දැන් හිත හදාගෙන ඉන්නේ ගරු දේශප්‍රේමී හිට්ලර් ස්ටාලින් ගොටබය ගරු ජනාධිපති උතුමානන්ගේ පාලනය යටතේ මගේ ශ්‍රී මුඛය විවුර්ත කිරීම දත් මැදීමට බත් කෑමට, ඈනුම් ඇරීමට වැනි සීමිත ක්‍රියාකාරකම් පමණක් කිරීමට

    ReplyDelete
    Replies
    1. ගනන්ගන්න එපා මොංගල කියන විදිහට උඹල දිනලා! අර කලින් ඉයන්ගේ බෝගේ දාපු විදිහට 85% UNP අවනම් නේද!

      Delete
    2. ධම්මික,

      අතිගරු ගොස්ටාතුමා යටතෙ එව්වටවත් මුකේ අරින්ට දෙයිද මන්ද....

      Delete
    3. ඇනෝ,

      මංගල එහෙමත් කියලය? දැක්කෙ නෑ...බලන්න ඕන මිනිහගෙ තර්කය මොකක්ද කියල...:)

      Delete

  8. 2015 අවු 2ක් ඉස්සරවෙලා
    2018 අවු 2ක් පහුවෙලා
    නිගමනය - 2 පාලක පක්ෂවලට අසුබයි :-D

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      තව තියනව...1975 තියන්න තිබ්බ මහ මැතිවරණය සිරිමක්කා 1977 ට කල් දාගෙන ශ්‍රී ලංකා එක ආසන අටට බස්සගත්ත මතකයි නේ?

      මතකද දිනපු ආසන අට..

      1. අත්තනගල්ල - සිරිමා
      2. මැද කොළඹ - හලීම් ඉෂාක්
      3. නුවර එලිය මස් කෙලිය - අනුර බණ්ඩාරනායක
      4. ගම්පහ - එස්.ඩී.බණ්ඩාරනායක
      5. ආනමඩුව - සද්ධාතිස්ස වඩිගමංගාව,
      6. මැදවච්චිය - මෛත්‍රීපාල සේනානායක
      7. කොත්මලේ - ආනන්ද දසනායක

      තව කවුරුහරි හිටිය මට මතක නෑ..ආර්.පී. විජේසිරිද කොහෙද...

      Delete
  9. අපි දැන් බලා සිටිමු හාල් සහ පොල් ගෙඩිය වෙනුවෙන් පොහොට්ටුවට පණදුන් ඒ ජනතා නායකයාගේ කෙරුවාව. අර ඉස්සර සෙල්ලම් කරනකොට ටීම් වලට සිලෙක්ට් කරලා ඒගොල්ලෝ ආවේ නැතිඋනාම රිසව් දාලා මැච් ගහපුවාම කියන්නේ ඇහින්දාස් දාලා ගොඩදැම්මා කියලනේ. අන්න ඒ වගේ තමා . ආතක් පාඨක නැතිඋන්ගේ සටන . අර කක්කා කානු 2 නැත්තම් ගල්පිරා මොකක් කරන්නද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය,

      යස් අපි බලා සිටිමු...:)

      Delete
  10. මේක තමයි වියයුතු දේ. මේකෙන් රනිල්, මෛත්‍රී යුගල හරිමගට ආයුතු සේම මහින්ද රාජපක්ෂ වටා සිටින කූඩැල්ලෝ ෆෝම් වියයුතු නොවේ.

    නමුත් වෙන්නේ මෙයින් වියරු වැටී රනිල්, මෛත්‍රී යුගල අම්බානක පිස්සු කෙලීමත්, මහින්ද රාජපක්ෂ වටා සිටින කූඩැල්ලන් රැල මුළු රටේම පාලනය ලැබුනා හා සමානව උඩ පැනලා පිස්සු කෙලලා ලැබිච්ච දේ වනසා ගැනීමත්ය.

    බණ්ඩාරවෙලින් ටැප් එකෙන් ඡන්දය ඉල්ලූ කාණ්ඩයට නම් ඔහොම වෙලා මදිය. බණ්ඩාරවෙල මිනිස්සු කන්න දුන්නු අත පැන පැන හපාකෑවේය. ඒ හංදා මම නං ආයෙ කිසිදාක බිඳුනුවැව මාලු කඩෙං මාලු ගන්නේ නැත.

    මෙවර පොහොට්ටුව දිනුවේ මේ ආණ්ඩුවට අමතක වූ ගොයිතැන් කරන මිනිහාගේ ඡන්දයෙනි. පෝර මිටි තුනක මිල එක මිටියට ගෙවන්නට වෙන කළ ඒක වවන්නන්ට තදින් දැනේ. එවැනි අවස්ථාවක මෙවැනි සෙන්සර් පිච්චුන ආණ්ඩුවකට වෙන්න පුළුවන් හොඳම දේ වෙලා ඇත.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      /මෙවර පොහොට්ටුව දිනුවේ මේ ආණ්ඩුවට අමතක වූ ගොයිතැන් කරන මිනිහාගේ ඡන්දයෙනි. පෝර මිටි තුනක මිල එක මිටියට ගෙවන්නට වෙන කළ ඒක වවන්නන්ට තදින් දැනේ./

      අන්න තව පොයින්ට් එකක්...මේ ආන්ඩුව කරවන සංසර්ගයෙ යෙදෙන්නො කියන්නෙ රටේ අදික නය බර හින්ද පෝර සහනාදාරෙ දෙන්ට බෑ කියලනෙ. හැබැයි ඒ එක්කම ඒ කතාව කියල උං ආපහු යන්ට නඟින්නෙ කෝටි තුන හතරක බෙන්ස් එකකට...චන්දෙ දෙයිද මිනිස්සු ඉතිං?....ඔය වාහන මගඩිය නවත්තන්ට තියා අඩු ගානෙ අඩුකරන්ටවත් කිසි දෙයක් කලේ නෑනෙ මේ යක්කු ෂෙහ් ...

      Delete
  11. යු.එන්.පි යට විතරක් නෙමේ දැන් කොයි පක්ෂයකටවත් දෙවැනි පෙළක නායකත්වයක් නැහැ.

    ReplyDelete
    Replies
    1. Manoj,

      Agreed...ඉන්න එවුනුත් මහ එවුන්ට දෙවෙනි නෑ...හරක් රැළක්...

      Delete
  12. ඡන්දය කියන්නේ කැමැත්ත නේ.. එතකොට අකමැත්ත ට කියන්නේ මොකක්ද? මම නම් දැක්කේ ගොඩක් දෙනෙක් අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.. ඒක කටව්ටැහැ සතුටු වෙන්න පුළුවන් රිසල්ට් එකක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ගනන්ගන්න එපා මොංගල කියන විදිහට උඹල දිනලා! දැන් සිරීග් එක ඇඳගෙන චූ කරලා බුදියාගන්න!

      Delete
    2. කළ්‍යාණ,

      ඔව් එහෙම තමයි මටත් හිතෙන්නෙ...බහුතරයක් Protest votes...

      Delete
  13. Good analysis Ravi. I think the main issue is that most of our people are still "backward thinking". For them development means buildings, roads etc which is fair enough, but never freedom of expression, human rights etc.

    I can understand someone voting jvp to show their frustration with the govt, but this?????

    Lotus

    ReplyDelete
    Replies
    1. "...I can understand someone voting jvp to show their frustration with the govt, but this?????..."

      How come? People knows that JVP is just a cat paw of the government. You can't fool the people all the time.

      Delete
    2. Lotus,

      /How come? People knows that JVP is just a cat paw of the government. You can't fool the people all the time./

      I think Ano is dead on target here....:)

      In hindsight what JVP's strategy should have been to distance itself from the Government totally, making them the alternative to Govt.

      But instead by attacking Mara continuously they made themselves look as partners of Yahapalanaya in the eyes of voters....

      Delete
    3. Ano and Ravi,

      Mmmm.... got it.

      Delete
  14. "...මේ පාර වුනේ බයි අම්බරුවො රැළ එහෙම්මම එකා පස්සෙ එකා ගිහිල්ල මැදමුලනෙ තක්කඩියට ආයම කතිරෙ ගැහැව්වට 2015 දි මෛත්‍රීට කතිරෙ ගහපු එවුං හුඟක් මේ පාර ගෙදර නැවතුනා. ඒ බහුතරයක් පාවෙන ඡන්ද. ඒ කියන්නෙ කිසිම දේශපාලන පක්ෂයකට නැත්තං මනුස්සයෙකුට එහෙමත් නැත්තං ඉස්තිරියාවකට ගැතිකං කරන්නෙ නැතුව ඒ ඒ අවස්තාව අනුව සුදුසුයි කියල හිතෙන කෙනෙකුට චන්දෙ දෙන අය..."

    අපේ රේවි අය්යා යේක රට තමා ඉන්නවා නිසා මේ ෂිද්ද වෙන දේවල් කිෂිම දෙයක් දන්නවා නෑ තමා. යේක රේවි අය්යා මේ ආණ්ඩුව කිෂිම දෙයක් හරියට කලේ නැනේ. මේ ආණ්ඩුවට පෙට්‍රල් ටික ගෙන්න බේ, පෝර ටික ගෙන්න බේ, හාල් ටික ගෙන්න බේ, මුකුත් බේ. යෙකනේ යපිල වුනත් තාජුදින් තම්බිව යමතක කරලා පොට්ටුට්වට ගෙහුවේ.! නෙත්තං බේරුවලත් පොට්ටුට්වට දිනයද? නෙනේ!

    ReplyDelete
  15. මොළ සේදීමට ලක්වූ වහලෙකුගේ නිදහස්(ලු ) සිතුවිල්ලක්.

    ReplyDelete
  16. නොදන්න මඟුල් වලට වෙලාව නාස්තිකරන්නේ නැතිව මගේ මඟුලේ කතාව ඉවර කරලා දාන්න

    ReplyDelete
  17. //ඒ ගොල්ල මයිත්‍රීගෙන් වෙන අබමල් රේණුවක දෙයක් බලා පොරොත්තු වුනේ නෑ. මයිත්‍රීගෙන් ඉල්ලුවෙ එකම දෙයයි. අපේ මේ මව්බිමේ 21 වන ශතවර්ෂයට ගැලපෙන සාධාරණ සහ යුක්තිගරුක සමාජයක් ඇතිකරන්ට. ගතානුගතික අදහස් වලින් මිදිල ලිබරල් අදහස් වලට ඉඩ දෙන්ට. එහෙම කලොත් ඊට පස්සෙ ඔබට පුලුවනි මේ රටේ මෙතෙක් පහලවූ අනුත්තර නායකයා විදිහට ගෞරවාන්විතව විශ්‍රාම යන්ට.

    ඉතිං වැඩේ වෙන්නෙ ඔයවගෙ උත්තරීතර අපේක්ෂා පෙරදැරිකරගෙන කවුරුහරි රටේ නායක තනතුරට පත්කර ගත්තම ඒ පත්කරගත්තු මනුස්සයට හරිම කරදරයි. ඒ කියන්නෙ චන්දෙ දුන්නු උදවිය ඉල්ලන්නෙ දෙන්න පුලුවන් එව්ව නෙවෙයිනෙ. ඔන්න ඔය බාර් පර්මිට් එකක් වැලි පර්මිට් එකක් මාකට් එකෙන් කඩයක් වගෙ ලෞකික දෙයක් ඉල්ලගෙන දෙයියනේ කියල පැත්තකට වෙලා ඒකෙන් හම්බකරගෙන කාල ඇඳල හිටපියව්කො. අනික එහෙම දේකිං සෑහීමට පත්වෙන මිනිස්සු ආම්බාම් කරන්න බොහොම ලේසියි.// මහින්දලයි පොහොට්ටු කාරයො ටිකයි ගමරාල ගැන කියපුව ඇත්තනේ බන්. උන්ගේ එකා ගැන උන් තමයි හොඳටම දැනගෙන හිටියේ. අනිත් වුන් රැවටුනා

    ReplyDelete
    Replies
    1. එතකොට මිනිස්සු ඒවා ඉල්ලුවේ සිරගෙන් විතරද? රනිල්ගෙන් යහපාලනය බලාපොරෝතුවුනේ නැද්ද?

      එතකොට පොහොට්ටුවෝ සිරා ගැන කියපුව විතරද ඇත්ත? රනිල් ගැන කියපුව බොරුද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...