Monday, October 1, 2018

609. මගේ කරණවෑමි කතා - 3 - භීෂණ සමය…..


කරණවෑමිහලෙහි බාග දොර..Google Images

ඔවුන් කෙතරම් හොඳින් තම කටයුතු ඉටුකොට ඇත්දැයි අපට පසක් වූයේ හදිසියේම එක් මධ්‍යම රාත්‍රියක අපගේ කුඩා නගරයට ආසන්න ගම්මාන දෙකක් වැටලූ හමුදා භටයින් අපගේ ප්‍රබල ක්‍රියාධරයින් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් ඉක්බිතිය.

අපගේ ඔත්තුකරුවන් කොපමණ විපරම් කලද සතියක පමණ කාලයක් ගතවනතුරු අපට ඔවුන්ට කුමක් සිදුවීද යන්න පවා සොයාගත නොහැකි විය. 

ඉක්බිති වැසි වළාකුලින් අහස මුලුමනින්ම වැසීගිය එක් උදෑසනක අප වාසය කල ගම්මානය පසුකොට ඈත කඳුකරය දක්වා දිවෙන බොරළු ඇතිරූ පාර අසල ගම්මානයේ එක් අන්තයකට වන්නට හුදකලාව ජීවත්වන මහල්ලෙක් වේගයෙන් හුස්ම ගනිමින් දිවගෙන පැමිණ සැලකලේ ඔහුගේ නිවස අසල දියපාරෙහි වැල් ගොල්ලක පැටලුනු මළසිරුරු කිහිපයක් ඇති බවය.

ඒ ආරංචිය කණ වැකුණු වහාම මගේ සිත මහත්වූ භීතියකින් පිරී ඉතිරී යන්නට වූයේ නිතැනිණි.

අප උපකල්පනය කල ලෙසම දිය පහරෙහි වූයේ සතියකට පමණ පෙරාතුව පැහැරගන්නා ලද අපගේ ක්‍රියාධරයින්ගෙන් පස් දෙනෙකුගේ මළ සිරුරුය. දැඩි වධබන්ධන පණවා තිබූ බවට සාක්ෂි වශයෙන් සිරුර පුරා තුවාල කැළැල් දක්නට වූ අතර ඔවුන් මරා දමා තිබුනේ ගෙල සිර කිරීමෙනි. 

මළසිරුරු දෙකක ගෙල වටා ඔවුන්ගේ ප්‍රාණය නිරුද්ධ කිරීමට යොදාගත් පියානෝ කම්බි භාවිතාකොට තනාගත් මළ පුඩු දක්නට ලැබිණි. අපගේ සගයින් මරාදැමීමෙන් ඉක්බිති මලපුඩු ගෙල වටා තව දුරටත් තිබෙන්නට හැරීමෙන් ඝාතකයින් අපේක්ෂා කලේ නිසැකවම කැරළි කරුවන් අතර භීතිය පැතිරවීම බවට කිසිදු සැකයක් නොවූ අතර ඔවුන්ගේ ඒ අපේක්ෂාව එළෙසින්ම ඉටුවිය.

අපගේ විමුක්ති හමුදාව සටන් කලේ කිසේත්ම වෙනම පාලන තන්ත්‍රයක් වෙනුවෙන් හෝ එවන් අන් මහා බරපතළ යමක් උදෙසා නොවේ. අපගේ පරමාර්ථය වූයේ අප අඳ ගොවියන්ලෙස දවස පුරා දහදිය වගුරන වගාබිම්හි අයිතිය ලබා ගැනීමය.

මේ ප්‍රදේශය පුරා ඇසට අසුවන මානය තෙක් පැතිර ගිය කළු පැහැති සාරවත් පසින් යුතු වගාබිම්වල හිමිකරුවෝ බහුතරයක් ජීවිතයේ එක් වරක් හෝ අවම වශයෙන් තම ඉඩ කඩම් දැක හෝ නැත.

ඔබ ජීප් රථයක ගමන් ගන්නේනම් හෝරා පහක හෝ හයක පමණ දුරකින් පිහිටි ප්‍රාන්ත අගනුවර අලංකාර තණබිම් සහ මල් උයනින් වටවූ දෙතුන් මහල් මන්දිරයන්හි වාසය කල ඔවුහු මසකට වරක් පමණ සුළු වැටුපක් වෙනුවෙන් සේවය කල කළමණාකාරවරයෙක් තම වගාබිම් වෙත එවා ඔහු ලවා තොරතුරු සොයා බැලූහ. 

තොරතුරු යනු හුදෙක්ම මෙවර කොපමණ අස්වැන්නක් පොළවෙන් ලබාගත හැකිද යන්න පමණක්ම විය. අස්වැන්න පැසීගෙන එන සමයේහි සතියක් පමණ ගම්මානයේ මුලාදෑනියාගේ නිවසෙහි නවාතැන් ගන්නා කළමණාකාර වරයා සියළු අස්වැන්න එකතුකොට අඳ පංගුව වශයෙන් ඉන් හතරෙන් එකක් වගාකල ගොවියන්ට ලබාදී ඉතිරිය එතනදීම විකුණා වෙළෙඳුන්ගෙන් ලැබුණු මුදල්ද පොදි බැඳගෙන නගරය බලා පිටත්ව යන්නේය.

වසරකට පමණ පෙර අඳගොවීන් සංවිධානය වී උද්ඝෝෂණයේ යෙදීමට තීරණය කල අවස්ථාවේදී අපගේ ඉතාම සාධාරණ සහ යුක්තිසහගත අරගලය ආයුධ සන්නද්ධ කැරැල්ලක් දක්වා ව්‍යාප්තවනු ඇතැයි උද්ඝෝෂණයේ පුරෝගාමීන් කිසිවෙකු නොසිතූ බවට මම නිසැකවම දනිමි. ඒ මම ද එවන් පුරෝගාමියකු වූ නිසාය.

අපගේ උපකල්පනය වූයේ උපරිම වශයෙන් මාස තුනක් පමණ ගතවන කල්හි රජය මැදිහත්ව අපවෙත යම් සහනයක් ලබාදීමට කටයුතු කරනු ඇති බවය. එහෙත් අප කිසිසේත්ම අපේක්ෂා නොකල අයුරු ඔවුන් ප්‍රතිචාර දැක්වූයේ අනුකම්පා විරහිත මර්දනයක් දියත් කිරීමෙනි. ඊට පිළිතුරු ලෙස අපටද ආයුධ සන්නද්ධ වනු හැර වෙනත් කිසිදු විකල්පයක් නොවිණි.

ඉක්බිති නොවැළැක්විය හැකි අයුරු දෙපාර්ශ්වයෙන්ම මිනිසුන් බොහෝ දෙනෙකු මියගිය අතර ඒ මහත් අභාග්‍ය සම්පන්න තත්ත්වය අප සංවිධානයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයින් අතර සමහරවිට දරුණු මතභේදයන් හටගැන්මට පවා තුඩුදුන්නේය. 

දිනෙන් දින ඉහළයන මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව කෙසේ හෝ වැළැක්විය නොහැකිනම් අරගලය අත්හැර දැමියයුතු බවට සුළු තරයකගේ මතය විය. එහෙත් බහුතරය එකහෙලාම පවසා සිටියේ කෙසේ හෝ අපගේ අරගලය ජයග්‍රහණය දක්වා මෙහෙයවිය යුතු බවය.

නායකත්ව මණ්ඩලයේ නිල නොලත් ප්‍රධානියා ලෙස කටයුතු කල මා තම පාර්ශ්වයට එක්කොට ගැන්මට දෙපාර්ශ්වයම බලවත් සේ උත්සාහ කල නමුදු මේ ප්‍රශ්ණයේදී අපක්ෂපාත වන්නට මවිසින් කලින්ම ගනු ලැබූ තීරණය වෙනස් කරවීමෙහිලා දෙපක්ෂයම අපොහොසත් වූහ.

සත්‍යය එළෙසම පැවසුවහොත් මගේ අපක්ෂපාතිත්වයට හේතු වූයේ දෙපාර්ශ්වයම මගේ සගයින් වීම නිසාම නොව එක් තීරණයකට එළඹීමට වූ නොහැකියාව නිසාය. 

කාලාන්තරයක් මුලුල්ලේ අපහට විඳින්නටවූ බලවත් අසාධාරණයන් තව දුරටත් විඳින්නට අපගේ මතු පරම්පරාවට ඉඩ නොතබා ආරම්භකල අරගලය ජයග්‍රහණය දක්වා ඉදිරියට ගෙන යාමට මගේ සිතෙහි එක අර්ධයක් මට අණකරන අතර අනෙක් අර්ධය නෙත පිරි කඳුළෙන් යුතුව මගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ තවත් තරුණ ජීවිත රාශියක් නිකරුණේ විනාශ වන්නට ඉඩ නොතබා අරගලය අත්හිටුවන්නට කටයුතු කරන ලෙසය.

ඝාතකයා අප අතරට සැපත්වූයේ එළෙස අප අරගලය පිළිබඳව දෙගිඩියාවෙන් යුතුව කල් ගත කරද්දීය.

ඝාතකයාගේ සම්ප්‍රාප්තියෙන් පසු තරුණ මළසිරුරක් හෝ දෙකක් අතුරු මාර්ගයක් ආසන්නයේ හෝ ළඳු කැළෑවක් මධ්‍යයේ තිබී හමු නොවුනු උදෑසනක් වූයේ එහෙමත් දිනකය. ක්‍රමයෙන් ඝාතකයා අපේක්ෂා කල පරිදිම මරණ බිය අපේ ක්‍රියාධරයින්ගේ මෙන්ම ඔවුන්ගේ අඹු දරු දෙමව්පිය ඥාතී හිතවතුන්ගේද සිත් සතන් පුරා පැතිර යන්නට වූයේය.

මේ අතර එක් දිනක හිරු උදාවූයේ මගේ බාල සොහොයුරන් දෙදෙනාද අතුරුදන්ව ඇති බව දන්වන අමිහිරි පණිවිඩය ද සමඟය. ශෝකයෙන් ඇලලීගිය මම අනුයත සතියක පමණ කාලය ගත කලේ මගේ සගයින්ද සමඟ ඔවුන් පිළිබඳව කිසියම් ආරංචි මාත්‍රයක් හෝ පිළිබඳව සොයා බලමින් දවස පුරා මෙන්ම මධ්‍යම රාත්‍රිය ඉකුත්වන තුරුම තදාසන්න ගම්මානයන්හි මෙන්ම කැළෑබද ප්‍රදේශයන්හිද සැරි සරමිණි.

කිසිදු සැකයකින් තොරව ඔවුන් රඳවාගෙන ඇත්තේ ඝාතකයාගේ කඳවුරේ බව මගේ සගයින් බහුතරයකගේ මතය වූ අතර රාත්‍රි අඳුරට මුවාවී කඳවුරට ප්‍රහාරයක් එල්ල කිරීමටද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් යෝජනා කළහ. එහෙත් මගේ සහෝදරයින් වෙනුවෙන් තවත් තරුණ ජීවිත ගණනාවක් බිලි දීම මම තරයේ ප්‍රතික්ෂේප කලෙමි.

තවත් දින කිහිපයක් මෙලෙස ගෙවී ගියේය. මේ වනවිට මම මගේ සොහොයුරන් යලි පණ පිටින් දැකීමේ අදහස අත්හැර දමා සිටියෙමි. කොතෙකුත් නිවසෙහි සයනයෙහි දිගාවී වහළ දෙස නෙතු යොමාගත්වනම කල්පනා කරමින් පසුවීම තව දුරටත් කල නොහැකි වූ කල්හි මම කඩ මණ්ඩියෙහි මගේ කරණවෑමි හල උදෑසන විවෘත කොට එහි රැඳී සිටින්නට වීමි. 

පළමු දිනයෙහි කිසිදු ගනුදෙනු කරුවෙකු නොපැමිණි නමුදු දෙවන දිනයෙහි එක ගණුදෙනු කරුවෙකුද තෙවන දිනයෙහි ගනුදෙණු කරුවන් තිදෙනෙක්ද මගෙ සේවය ලබා ගැනීම උදසා පැමිණියහ. ඔවුන් සියල්ලන්ම මා කුඩා කල සිට හොඳින් හඳුනන්නෝ වූ නමුදු කිසිවෙකු සතුටු සාමීචියෙහිලා එක වදනක් හෝ දෙඩීමට පමණ නිර්භීත නොවීය. මම ද නිහඬව ඔවුන්ට අවශ්‍ය පරිදි කෙස් සහ රවුලු බෑමෙහි නිරතවූයේ ඔවුන් පත්ව ඇති තත්ත්වය පිළිබඳව මට හොඳින්ම වටහාගත හැකි වූ නිසාය.

කිසිදු වදනක් නොබිණූවද අවම වශයෙන් ඔවුන් මා වෙත පැමිණීම පිළිබඳව සත්‍යය වශයෙන්ම මම ඔවුන්ට ස්තූති කල යුතුබව මට කල්පනා වූයේ සවස සෙමෙන් සෙමෙන් මගේ නිවස වෙත ඇවිදගෙන යද්දීය. 

සිව්වන දිනය ද උදාවිය. එදින මධ්‍යාහ්නය ලඟාවන තුරුම කිසිවෙකු මගේ කරණවෑමි හලට නොපැමිණියෝය. එහෙත් කිහිප දෙනෙක් කරණවෑමි හල ඉදිරිපස වූ කැන්වස් රෙද්දකින් සැදි ආවරණය යටටවිත් දෙපළු බාග දොර ඉහළින් එබී බලා ඒ සමඟම යම් වැදගත් කාර්යයක් සිහිපත් වූවාක් මෙන් ඉක්මන් පියවරින් නික්ම ගියෝය.

මේ අසාමාන්‍ය චර්යාව පිළිබඳව මසිතෙහි යම් කුකුසක් හටගත්තේ වුවද මම මා හිඳසිටි අසුනේම දිග ඇදී සිටියේ නැඟිට ගොස් ඒ පිළිබඳව සෝදිසි කිරීමට පමණ උනන්දුවක් පහළ නොවූ බැවිනි.

බොහෝ විට එලෙසම දිගාවී හුන් මගේ දෑස අඩ නිදිමතේම පියවෙන්නට ඇත. 

එක්වරම මම ගැස්සී අවදිවූයේ කරණවෑමි හලේ දෙපළු බාග දොර පියන් පත් මහත් හඬින් පැද්දී විත් යලි උළුවස්සේම ගැටෙනා හඬිනි. යලි පොළා පැනුනු පියන් පත් තම සුවිසල් දෑතින් තදින් ග්‍රහණය කොටගත් වනම දොරටුව මධ්‍යයේ සිටගෙන සිටියේ අඩි හයකට අධික උසකින් යුතු දැවැන්ත පුරුෂයෙකි. 

කිසිදා දැක නොතිබූ නමුදු මේ ඝාතකයා බව මම කිසිදු සැකයකින් තොරව එක් පැහැර හඳුනා ගතිමි.

27 comments:

  1. //අපගේ සගයින් මරාදැමීමෙන් ඉක්බිති මලපුඩු ගෙල වටා තව දුරටත් තිබෙන්නට හැරීමෙන් ඝාතකයින් අපේක්ෂා කලේ නිසැකවම කැරළි කරුවන් අතර භීතිය පැතිරවීම බවට //

    89 ලංකාවේ වගේම තමා ඉතිං....

    ReplyDelete
    Replies
    1. සූටික්කා,

      භීෂණය උපක්‍රමයක් හැටියට යොදාගන්න කවුරුත් කරන්නෙ එහෙම තමයි බං..හැකි පමණ උපරිමයෙන් භීෂණය පැතිරවීම...

      Delete
  2. කොයි ඒ රවී ශෛලිය? එකත් එකටම ඒ අසරණයා එන්න ඇත්තේ රැවුල කපා ගන්න....

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      /කොයි ඒ රවී ශෛලිය?/

      ආය ඒ පාර සයිලියක් ගැන අහනව..අනේ මන්ද බං බොලා එක්ක මේ රාජ්ජෙ කොරන හැටියක් නං මට තේරෙන්නෙ නැතුවා...

      /එකත් එකටම ඒ අසරණයා එන්න ඇත්තේ රැවුල කපා ගන්න..../

      එහෙනං ආය? කරණවෑමි හලකට එන්නෙ වෙන අහවල් දේකටද?

      Delete
    2. රවි ශල්‍යය

      Delete
  3. පහුගිය පෝස්ට් දෙකම ආයේ කියවල තමා මේ කතාවේ අගමුල හොයා ගත්තේ... දැන් ඔන්න ගානට කතාව ඔලුවේ දාගෙන ඉන්නේ ඊළඟ පෝස්ට් එකේ වෙන බයිලා එහෙම ලියන්න එපා...

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      හරි හරි බං මමත් මේ ධ්‍යානයට සමවැදුනවගෙ ඉන්නෙ වැඩිය ඔලුවවත් හොල්ලන්නෙ නැතුව වෙන වෙන අනම් මනම් ඔලුවට වැටෙයි කියල...හෙහ්..හෙහ්...

      Delete
  4. ඔන්නොහෙ ඔය මනුස්සයව පුටුවෙ වාඩි කරල රෙද්දක් පොරෝල ගනිං කොණ්ඩෙ කපන්න.

    ReplyDelete
    Replies
    1. රැවුල කපන්න ආ එකාගෙ කොණ්ඩෙ කපන්න මු හදන්නෙ.

      Delete
    2. ප්‍රසන්න,

      කොහොමද හැබෑට උඹ දන්නෙ මනුස්සය ආවෙ කොණ්ඩෙ කපන්නෙයි කියල?

      Delete
    3. හැලප,

      ඒකනෙව බං කියන්නෙ..මූ කියන විදිහට කලොත් අර යකා එතනම් ඒ මනුස්සයගෙ බෙල්ල මිරිකනව...

      Delete
    4. නෑ නෑ උඹල ඔය එකක්වත් කපන්න එපා. ඌ එන්න ඇත්තෙ චූ බර හැදිල. ඔන්නොය ටොයිලට් එක පෙන්නහං. හැක්..

      Delete
  5. කමෙන්ට් කියවල, පරණ පොස්ට් කියවල, යන්තම් අග මුල හොයාගෙන එහෙනම් අපිත් ඔන්න කතාව අහන්ට ඈඳිගත්ත.

    ලස්සනයි, හරිම භයානක කතාවක් මේක. බලමුකෝ ඉදිරියට මොකෝ වෙන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. මානවිකා,

      හෙහ්..එච්චර අමාරු උනාද අග මුල ගලප ගන්න?

      Delete
  6. පට්ට..

    එහෙනම් ඉතින් ඊළඟ කෑල්ල තවත් රසවත් ඇති කියලා හිතනවා...

    ReplyDelete
    Replies
    1. විභී,

      ස්තූතියි මලේ...

      Delete
  7. මාරම රවුමක් ගිහිං ඇවිත් මාරම තැනකනෙ අද නතර වෙලා තියෙන්නෙ :)

    කරණවෑමි කියද්දි ආයෙ මතක් වෙනව අද රොනී ලොක්කා යන්න ගිහිං :(

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      අන්න එහෙමයි අපි කතා ලියන්නෙ...:)

      රොනීත් මැරිල නේද ඕස්ට්‍රේලියාවෙදි....:(

      Delete
  8. කොණ්ඩේ කැපූව නම් එයැයිගේ, හරි ඉක්මන්ට...

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...