Friday, October 12, 2018

611. පුවක් එෂැණිං 51 - මහා ඇසට් නාඩගම, යුක්තිය මී පුකක් තරමටවත් ගණන් නොගන්නා ගෞරවාර්හ හස්ති පශ්චාත්භාග සම්ප්‍රාප්ත වෛද්‍ය උතුමාණන් වහන්සේලා නොහොත් ආ..ආ...ආ….එහෙමද ආස?


මේ මහා ඇසට් නාඩගම කරළියට ඇවිදින් දවස් තුන හතරක්ම ගත වෙලාය. ඒ හින්දා ඇත්තටම පරණ කතාවකි. අනික ජොස්ත්‍රලා ගැන ලියන එකත් ඇඟේ ලේ කෝප කරවන්නකි. මම ඇත්තම කිව්වොත් ජොස්ත්‍රලා ගැන ලියන්නේ හිටපු ගමං ලෝ බ්ලඩ් පැසර් ආහමය. එවිට බෙහෙත් නැතුවම ලෙඩේ හොඳවනවාය.

මහා ඇසට් නාඩගම ගැන නොලියන්නම හිටියට ලියන්නම වුනේ මේ ඊයෙද කොහෙද කරාපිටියෙ ඉස්පිරිතාලෙ පොඩි ඇසට්තුමාලා දෙන්නෙකුයි ලොකු ඇසට්තුමෙකුයි අතර කාර් පාක් එකේ ඉඩකඩ පිලිබඳව ගැටිමක් ඇතිවී ඇසට්ලා ඇසට්ලා අතරම මහා ගුටි කෙලියක්ද එහෙමත් නැත්නම් මහා බැණ අඬගහ ගැනීමක්ද ඇතිවුනැයි පත්තරේ දුටුව පසුවය. එතන වලිය ඇතිවුනේ ඇසට්ලා ඇසට්ලා අතර උනාට පහුවදාම ඇසට්ලා වර්ජනය කොට දඬුවම් දුන්නේ අසරණ රෝගීන්ටය.

ගොමා සංවිධානයේ ඉන්නේ සීයට අනූවක්ම කෝණංගියෝ  බම්මන්නෝ සහ මහන්තත්වය ඉහට ගැහූ උද්දච්ච මානසික රෝගීන් බව අපි දැන සිටියෙමු. පොඩි කාලෙ ඔහොම අයට අපි කිව්වෙ "පුහ් එයාගෙ ගණං බලහල්ලකො නිකං හිතාගෙන ඉන්නෙ අලි පුකෙං ආවයි කියලද කොහෙද" කියාය.

ඊට අමතරව එහි සාපරාධී මනුෂ්‍ය ඝාතන සාධරණීකරණය කරන ආලවකයින්ද සාමාජිකත්වය දරණ බව මේ වනවිට සක්සුදක්සේ ඔප්පු වී තිබේ. ඒ ගොමා එකේ අම්පාරේ කැඳවුංකරු ජොස්තර පැදුරුආරච්චි නම් වාහේ කියූ අහස පොළව නුහූලන කතාවක් නිසාය. එහි නිධාන කථාව ඔබ සැම දන්නා බැවින් යළි සඳහන් කිරීමෙහිලා කිසිදු අවශ්‍යතාවයක් නැත.

ජොස්තර පැදුරු ආරච්චි කිව්වේ බීමතින් රිය පදවා මනුෂ්‍ය ඝාතනයක් කලද ඒ වරද කරන්නේ විසේසඅඥ ජොස්තරෙක් නම් ඔහුට හෝ ඇයට ජනාදිපති සමාව දියයුතු බවය. එලෙසම තමන්ද මත්පැන් පානය කරන බවත්, වේගයෙන් වාහනය පදවන බවත් ඊටත් අමතරව තමන් යුක්තිය මී පුකක් තරමට හෝ ගණන් නොගන්නා බවටද ඔහු පාරම් බා ඇත.

පැදුරු ගොබිලා කියූ මේ නුහුගුණාපිත පොර ටෝක් එක පැදුරාගෙම හිතේ පහල වුනු ජෙම් ඔෆ් ඇන් අයිඩියා එකක්ද එහෙම නැත්නම් ගොමා එකේ පොදු මතයදැයි පැහැදිලි නැත. 

හැබැයි වත්පොතේ තම වර්ගයා වෙනුවෙන් රෙදි කරට අරගෙන සටනට බැසීමට සූදානම් සරීරෙන් ඉන්නා ජොස්ත්‍රලා කීප දෙනෙක් ඔන්න ඔය වගේ කතාවක් ඒ කියන්නෙ ඒ කියලා තියෙන්නේ ජොස්ත්‍ර පැදුරාගේ පවුද්ගලික මතය බැවින් ඒ ගැන කලබල විය යුතු නැතය වගෙ කතන්දරයක් කණින් කොණික් කියලා තිබෙනු දුටුවෙමි. 

ඒත් එහෙම ප්‍රකාසයක් කල යුත්තේ ගොමා අනුත්තර නායාක පාදඩ තුමාය. එතුමා තම ස්‍රී මුකය විවර කොට එහෙම දෙයක් කොහෙවත්ම කියා තිබෙනු මම නොදුටුවෙමි. 

ඇත්තම කිව්වොත් පැදුරාගේ කතාවෙන් වත්පොතේ ජොස්ත්‍රලා වැටුනේ අලි අමාරුවකය. පැදුරාගේ කතාව  අර දකුණේ බාසාවෙන් කිව්වොත් තනිකර කුප්පම කතාවක් නිසා මොන විදිහෙන් වත් ඒ වෙනුවෙන් පෙනී හිටින්ඩ නම් බැරිය. එහෙම කලොත් සායම යන්නේ තමංගේ ජොස්ත්‍ර පට්ටමේ නොව මනුස්සකමේය.

අනික් අතට මොන දහ බලු කතාවක් කිව්වත් ඌ අපේ එකා නිසා අංකොංඩිසනලි ඌ ආරක්සා කල යුතුය. උබතෝකෝටික කියලා කියන්නේ මෙන්න මෙව්වාටය.

ඔය තමංගෙ එකා නිසා මොන විදිහෙං හෝ වැරදි වහගෙන ආරක්සා කරන ක්‍රියා පටිපාටිය හෙවත් ගෝත්‍රික භාවය ඉතාමත් සාර්ථකව රැකගෙන එන්නේ අපේ මේ ගොමා සංගමය විසින් බව මුලු ලෝකයම දන්නා කාරණයකි. 

මීට වසර හත අටකට පෙර අප්‍රිකාවේ දකුණට වන්නට තිබෙන කුඩා රටක (ඔය රුවන්ඩා සහ බුරුන්ඩි තියෙන්නෙ...අන්න ඒ රටවල් කිට්ටුව. මට මේ වෙලාවෙ නම හරියට මතක් වෙන්නෙ නෑ) මහ චන්දෙන් අලුත් අගමැතිවරයෙක් පත් වුනේය. ඔහුට ඕනෑ කලේ තම රටේ කාලෙකට ඉහත පැවති ගෝත්‍රික අදහස් යලි ස්ථාපිත කිරීමටය.

ඒ සඳහා උපදෙස් ගත යුත්තේ කවුරුන්ගෙන්දැයි තතු දත්තන්ගෙන් විමසූ කල පිලිතුරු ලැබුනේ මුලු මහත් ලෝකයේම තවමත් ගෝත්‍රික අදහස් නොනැසී  ඉතාම සාර්තකව පවත්වාගෙන එන්නේ  සී ලන්කාවේ ගොමා සංගමයේ බවය. ඔහු වහාම ගොමා සබාපති සහ ලේකම්ට තම රටට පැමිණ තම රට වාසීන්ට ගෝත්‍රික කටයුතු කරගෙන යන ආකාරය පිලිබඳව උපදෙස් ලබාදෙන මෙන් ආරාදනා කල බව මට මතකය. ගොමා කස්ටිය ඒ ආරාදනාව පිලිගෙන එහේ ගියේද යන්න පිලිබඳව නම් මම නොදනිමි.

හිපොක්‍රීටස් ප්‍රතිඥාවේ සඳහන් වන්නේ මෙලෙසය.

First, do no harm. As an important step in becoming a doctor, medical students must take the Hippocratic Oath. And one of the promises within that oath is “first, do no harm”

දැන් මේ පැදුරු ජොස්ත්‍ර කියන ආකාරයට හිපොක්‍රටීස් ප්‍රතිඥාව මෙසේ සංශෝධනය කල යුතුය.

First do no harm but you have the right to ask for a presidential pardon after killing a maximum of two nobodies if you are driving a vezel after having a social drink. Furthermore you are allowed not to care ratass for justice too.

ඒක තමයි අලුත් පැදුරු ආරච්චි ප්‍රතිඥාව...අර කෝටිපතියෝ එකේ ලාරා කුමාර නිතරම කියන්නා වගේ "ආ..කොහොමද ඒක?" ලාරා කුමාර නිතරම කියන තවත් කතාවකුත් බලාගෙන යනකොට මෙතනට ඉතාම අදාලයි. "එහෙමද ආස?"

පැදුරු ජොස්ත්‍රගේ ඇසට් වලට ජනාදිපති සමාව අනිවා ලබා දියයුතු කතාවේ පොඩි අඩු පාඩුවක් ඇත්තේ එතන ඇසට් යනු කුමක්දැයි නිර්වචනයක් නොතිබීමය. රටේ පොදු නීතියට යම් එකතුකිරීමක් කරනකොට එහෙම ආවට ගියාට බැරිය. හරියටම අර්තකතනය කල යුතුය. 

ඒ නිසා ජොස්ත්‍ර පැදුරුට ඔය ඔකේෂනලි සෝෂල් ඩ්‍රින්ක් එකක් එහෙම අරගෙන ඉන්න ගමන් ඇසට් ප්‍රසිඩෙන්ෂල් පාඩන් ලෝ එකට ඩෙෆිනිෂන් එකක් ලිවිය හැකිනම් ඒ වනාහී ජාති ජාතිත් වෙස්ල් එකක් හැප්පී මියයාමට හේතුබූත නොවන මහඟු පුන්ය කරුමයකි.

මේ බී සම්තිං ලයික් දිස්....ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් වන්නේය. එහි ජනාධිපතිවරයෙක් සිටින්නේය. ඔහුට ජනාධිපති සමාව දිය හැක්කේය. ඒ මෙවන් අවස්ථාවන්හි විය යුත්තේය. ඇසට් ලෙස නිර්වචනය කලහැකි විසේසඅඥ ජොස්තර වරයෙකු හෝ වරියක මත්පැන් පානය කොට වැරදි මංතීරුවෙහි වෙස්ල් වර්ගයේ රියක් ධාවනය කොට මාරාන්තික මාර්ග අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් කල විටක කොන්දේසි විරහිතව ව.ක්‍රී.ප. සමාධිය භජනය කල යුත්තේය. 

මෙතන හැබැයි පොඩි අවුලක් තියෙන්නෙ ඇසට් එකක් කියන්නෙ කවුද කියල හරිහැටි පැහැදිලි නැති එකයි. අද පාස් අවුට් උන ජොස්තරත් ඇසට් එකක්ද? නැද්ද? එහෙම නැත්තං ඇසට් එකක් වෙන්නෙ අවුරුදු කීයක් වෙදකම් කලාමද? 

එහෙමත් නැත්තං චැනල් සෙන්ටර් කීයක සිමල්ටේනියස්ලි වැඩ කරල තියෙන්න ඕනද? ඇසට් එකක් වෙන්නෙ විසේසඅඥ ජොස්තර කෙනෙක් විතරක් නම් ඒ මොන මොන අංගෝපාංගය සම්බන්දව වෙදකම් කරන ජොස්ත්‍ර ගොල්ලොන්ද? උගුර කන නහේට වෙදකං කරන අය විතරද? නාරිවේද අයත් ඇසට්ද නැද්ද? 

සෙල්ලං නෑ නේද වැඩේ? ඔව්ව ඔය සීක්‍රට් ගූරූප් වල හුටස්ගාල ලියල දානව වගේ ලේසි නෑ පැදුරු ගොබිලො ඔහෙට තේරුණාද? Definitely not easy as having a little drink and driving a vezel on the wrong lane...

අනික තව පස්නයක් එනව. ඇසට් කෙනෙක් ඇවිල්ල තව ඇසට් කෙනෙක්ව හප්පල මැරුවොත් කොහොමද? එතකොටත් මිනීමරු ඇසට්ට ජනාදිපති සමාව දෙනවද නැද්ද? මෙව්ව්ව ඇවිල්ල වයිද්දිය ආචාර දාර්මික පස්න..සෙල්ලං නෑ....ගොමා සංගොමේ ඇක්සකටිව් කොමිටුවට රැස්වෙලා දීර්ග වසයෙන් සාකච්චා කරන්න වෙනව තීරනයක් ගන්ට ඉස්සරවෙලා...

ඊගාවට අර කරාපිටියෙ ඇසට් කාපාක් නාඩගම..එතන පස්නෙට සම්බන්ද දෙපාර්ස්වයම ඇසට්ලද? එහෙම නැත්තං පාකිංවල ප්‍රමුකත්වය හිමිවෙන්නෙ ඇසට් ජොස්තරටද? නන් ඇසට් ජොස්තරටද? මෙව්ව නිකම් මේ විකාර පස්න වගෙ පෙනුනට ඇත්තම කිව්වොත් මහ බැරෑරුම් වහාම ක්‍රියාත්මක වන පරිදි විසඳාගත යුතු පස්න. මෙව්වගෙ දැවෙන පස්න විසඳාගන්නෙ නැතුව අපිට බෑ අපෙ හාන්දුරුවනේ ආසියාවෙ ඈස්චර්ය වෙන්ට..එහ්හෙන්නං...

PS - Politicians are the most hated professional category in Sri Lanka. No doubt there at all. But It seems Doctors are not far behind and they are doing their level best to catch up and beat the politicians…

Way to go Docs..way to go…Three hearty cheers for Justice ratass doctors..Hip hip hooray!...Hip hip hooray!!...Hip hip hooray!!!

ශ්‍රී ලාංකික පොදු ජනයා අතර ඉතාම පිළිකුලට භාජනය වී ඇති වෘත්තිකයින් කොට්ඨාශය නම් දේශපාලකයෝය. ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැත. එලෙසින්ම වෛද්‍යවරුද මෙහිදී දේශපාලකයින්ට කරට කර තරඟයක් දෙමින් සිටින බව ඉතා පැහැදිලිය.

අපේ සුබපැතුම්! වෛද්‍යවරුනි…... අපේ හෘදයාංගම සුබපැතුම්!!

26 comments:

  1. May be there is something important to read in this, however this is unreadable (I am not joking)

    ReplyDelete
  2. “One of the most common and most dangerous misbeliefs is that it is impossible for someone to be stupid just because they are a doctor or a lawyer.”
    ― Mokokoma Mokhonoana

    ReplyDelete
    Replies
    1. A majority of doctors like to think themselves as Gods living on a separate plane above and over the common man. They try their level best to maintain this status quo eternally. The problem is we are also helping them by treating them as Gods.

      Delete
  3. Took a few minutes to figure out this term "අංකොංඩිසනලි" ha ha.
    Thanks Ravi.
    Lotus

    ReplyDelete
  4. සත පහේ ඒවා නෑ... කටට රුපියල් පහක්ම දාන්ඩ ඕනෙ කතාවට...

    ReplyDelete
  5. ටිකක් කියවන්න අමාරු වුණාට මුල ඉඳන් අගටම කියෙව්වා. මේක අතීතයේ සහ වර්තමානයේ නොවිසඳුණු ප්‍රශ්නයක්. අනාගතයේ මෙහෙම නොවෙන්න ක්‍රමයක් තියෙනවද? ඒ මොකක්ද?

    සිතමින්......

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      එකම ක්‍රමයයි තියෙන්නෙ...

      දොස්තරකම කියන්නෙ තවත් එක් රස්සාවක් විතරයි කියල මිනිස්සු තේරුම් ගන්න ඕන...ඒ ටිකම දොස්තරලත් තේරුම් අරගෙන තමන්ම දාගෙන තියන ඔටුනු එහෙම බිමින් තියල සිංහාසන වලින් බහින්න ඕන.

      ඔය වැඩේ ඉබේම වෙන්න තිබ්න සයිටම් එක හරියට ක්‍රියාත්මක උනානම්..මේ යක්කු ඒක දන්න හින්ද පුක විකාගෙන දඟලල ඒක නැති කරල දැම්මනෙ කොහොම හරි..:)

      Delete
    2. ඇත්ත. දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාලා ඒ දැනුම සහ හැකියාව උපතින්ම අරන් ආවා කියලයි. අනිත් හැම වෘත්තියක් වගේම පුහුණුවකින් ලැබුණු දෙයක් කියලා හිතන්නේ නෑ.

      මෙහෙමයි වෛද්‍ය වෘත්තිය කියන්නේ කැපවීමෙන් කළ යුතු දෙයක්. හැබැයි ඒ කැපවීමට අවශ්‍ය ගෙවීම එයාලට ලැබෙනවා ඕනවටත් වඩා වරප්‍රසාද එක්ක, ඒ කැපවීම රජයේ සේවයට නැතුව පෞද්ගලික සුඛවිහරණය පිණිස භාවිතා කරද්දී පවා.

      රෝගීන් පෝලිමේ බලාගෙන ඉන්නකොට කාමරයකට වැදිලා රාජකාරී වෙලාවේ මධු සාද පවත්වන දොස්තරලා ඉන්න රටකත් (වගකීමෙන් කියමි) මිනිස්සු දොස්තරලට දේව පට්ටමක් ආරූඪ කරලා තියෙන්නේ දොස්තරලට රජයෙන් වැටුප් ගෙවන්නේ ප්‍රතිකාර කරන ලද රෝගීන් සංඛ්‍යාවට අනුව නොවෙන නිසයි. දොස්තරලා වර්ජනය කලොත් ඔවුන් වෙනුවට විකල්පයක් ගැන තාමත් මිනිස්සුන්ට නිච්චි නැති නිසයි. ඒ ගැන කතා කරන්න පවා මිනිස්සු පැකිලෙන්නේ ඒ නිසයි.

      ඔබතුමා කියපු විදිහටම අධිකාරිය මැඩ පවත්වන විදිහෙ විකල්පයක් ක්‍රියාත්මක වෙන්න පවා ඔවුන් ඉඩ නොදෙන නිසයි.

      Delete
  6. ඩියුටි ෆ්‍රී වාහනේ ගහන්ඩ ඇසට් ස්ටිකර් එකක් හදල දෙමු..අපිටත් අපිටත් බැලූ හැටියෙන් අඳුරගත්තැකි

    ReplyDelete
    Replies
    1. SDC,

      අන්න නියමයි.."Baby On Board" කියල දැන් ඔය ස්ටිකර් තියෙන්නෙ..ඒ වගෙ ගහමු "Asset On Board" කියල ස්ටිකර් එකක්...:)

      Delete
    2. Baby On Board එකත් ගැලපෙනව

      Delete
  7. "දොස්තරලත් එක්ක හැප්පිච්ච මට කොන්දොස්තරලා මොන කජ්ජක්ද?" ආදී වශයෙන් පවුසි තුමා කළ ඒ මහා ප්‍රකාශයේ සත්‍යතාවය හා බරපතලකම දැන් තමා අපිට තේරෙන්නෙ.

    ReplyDelete
  8. Very boring to read. Weak attempt to amuse the readers

    ReplyDelete
  9. "ගෞරවාර්හ හස්ති පශ්චාත්භාග සම්ප්‍රාප්ත" විශේෂණ පදය පොදුවේ ගත් විට, ටිකක් සැර වැඩි වගෙයි මට පෙනෙන්නේ. කෙසේ වෙතත් එය හොඳින්ම ගැලපෙන අයත් අතලොස්සක් සිටිනවා.

    ReplyDelete
  10. සමහරුන්ට හැදෙන ජෝස්තර උණ කියන්නෙ සුව කල නොහැකි රෝගයක්. අසරණ මිනිස්සු.

    ReplyDelete
  11. අගනා ලිපියක්..

    ReplyDelete
  12. //අනික තව පස්නයක් එනව. ඇසට් කෙනෙක් ඇවිල්ල තව ඇසට් කෙනෙක්ව හප්පල මැරුවොත් කොහොමද? එතකොටත් මිනීමරු ඇසට්ට ජනාදිපති සමාව දෙනවද නැද්ද? //

    එතකොට හප්පපු උන්දැටයි, හැප්පිච්ච උන්දැටයි දෙන්නටම සමාව දෙනව

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...