Monday, October 14, 2024

702. පුවක් එෂැණින් - 78 - ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අනපේක්ෂිත පරාජයට හේතු සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ සඳහා යෙදිය යුතු ප්‍රතිකර්ම...



ටෙලිපෝනයේ පරාජය පිළිබඳව කරුණු සොයා බැලීමට පත්කල විශේෂ කමිටුව අද තම වාර්තාව පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත ඉදිරිපත් කොට තිබෙනවා..ඒ අනුව පරාජයට හේතුවූ මූලික කරුණු සහ ඒ පිළිබඳව ඔවුන්ගේ නිර්දේශිත ප්‍රතිකර්ම මෙසේයි...


1. ඡන්ද දායකයින් අතිමහත් බහුතරයකට ජපන් බාසාව නොතේරීම 

ප්‍රතිකර්මය - එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කෙටිකාලීන ජපන් පන්ති දිවයිනේ සෑම ඡන්ද කොට්ඨාශයක් පාසාම කඩිනමින් පැවැත්වීම 


2. අල්ලන්තර කාල රබ්බුක බියස් සහ බිල්ෆි අලි මන්තරය කුරාණයේ ඇති අරාබි භාෂාවෙන් කියවෙන මන්තරයක් බැවින් සහ ලංකාවේ වල් අලිං අරාබි භාෂාව නොදන්නා බැවින් අලින් පන්නාගෙන එනවිට එම මන්තරය ජපකල කීප දෙනෙක් අලින් පහරදී මිය ගිය බැවින් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද දායකයින් අතර පිළිකුළට සහ උපහාසයට ලක්වීම 

ප්‍රතිකර්මය - එළඹෙන මහ මැතිව්‍රණයට පෙර සියළුම වල් අලින්ට අරාබි භාෂාව ඉගැන්වීම හෝ එම අලි මන්තරය සිංහල භාෂාවට පරිවර්තනය කිරීමට කටයුතු කිරීම


3. සජිත් ප්‍රේමදාස මහතාගේ රැකියා ලබාදීමේ උසනම් සිකුරුටි, මිටි නම් කම්කරු ප්‍රතිපත්තිය හේතුකොටගෙන මිටි ඡන්ද දායකයින් බොහෝ දෙනෙකුගේ ඡන්දය ටෙලිෆෝනයට අහිමි විය. 

ප්‍රතිකර්මය - රැකියා ලබාදීමේ ප්‍රතිපත්තිය උසනම් සිකුරුටි මිටි නම් චීෆ් සිකුරුටි ලෙස වෙනස් කිරීම


4. ජලනි ආර්යාව බැහැදැක මහත් චිත්ත ප්‍රීතියට පත්වූ බොහෝ කාන්තාවන් රොද බැඳ ගොස් ටෙලිෆෝනයට ඡන්දය ප්‍රකාශ කොට ඇත. එතුමිය ප්‍රචාරණ කටයුතුවලට සහභාගීවූ බොහෝ ප්‍රදේශවල ටෙලිපෝනය අති විශාල ඡන්ද ප්‍රමාණයකින් ජයගෙන ඇත..උතුරු කොළඹ, මැද කොළඹ, මැදවච්චිය මීට උදාහරණ කීපයකි. 

ප්‍රතිකර්මය - එබැවින් පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ජලනි ආර්යාව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කකටම අවම වශයෙන් රැස්වීම් දෙකකටවත් සහභාගි කරවීම....


5. ලංකාවේ ඇති පාසල් 10,000 කට අධික සංඛ්‍යාවට ලොව පුරා කෝටිපතියන් 10,000 සොයා එකිනෙකාට එක් පාසල බැගින් නඩත්තු කිරීමට භාරදීමේ සජිත් ප්‍රේමදාස මහතාගේ තීක්ෂණ උපාය මාර්ගය ප්‍රකාශයට පත්වීමත් සමඟ කැළඹිල්ලට පත් ලෝක කෝටිපතියන්ගේ සන්ධානය වහා අමරිකාවේ නිව්යෝක් නුවර ලිබර්ටි ප්‍රතිමාව සෙවණේ රැස්වී " What the hell men...If this bloody rascal wins we would all have to go to that god forsaken place called Sri Lanka and look after their damn schools..We won't have time yo do anything else..let's teach the bloody idiot a unforgettable lesson" පවසමින් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පැරදවීමට හැකි සියලු දේ කලයුතුයැයි ඒකමතිකව තීරණය කොට ටෙලිෆෝනයට විරුද්ධ ඡන්ද ව්‍යාපාරයට ඩොලර් බිලියන සංඛ්‍යාත මහත් ධනයක් පරිත්‍යාග කිරීම.

ප්‍රතිකර්මය - .මහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී එක් එක් පාසල නඩත්තුවට කෝටිපතියෙකුට භාරදීම වෙනුවට  එක් එක් පාසල මඟින් කෝටිපතියකු නඩත්තු කිරීමට භාරගැනීමේ නවතම ක්‍රමවේදයක් පිළිබඳව දැනුම් දීම.....




11 comments:

  1. Replies
    1. වැව් ඉස්මත්ත

      ස්තූතියි, ඔබත් මගේ පැරණි රසිකයෙක් නේද?...ඔබ ගලෙන්බිඳුණුවැව පැත්තෙ කියල මට මතකයි වගේ...

      Delete
    2. ඔව්. හුඟ කාලෙකින් ආවෙ රවී

      Delete
  2. පොර මේක දැකලා ප්‍රතිකර්ම ටික ඇත්තටම ක්‍රියාත්මක කරන්නත් බැරි නෑ!

    ReplyDelete
    Replies
    1. ද රේන් ගර්ල්,

      ඔව් අනේ..මේ මනුස්සය ඇත්තටම පව්..හිත හොඳයි..ඒත් කොමන් සෙන්ස් කියන එක බිංදුවයි...

      Delete
    2. බිංදුවයි කියන එක බිංදුව⁣ට අපහාසයක්. ඍණ ගණන්වලිනුත් එහා!

      Delete
  3. ඔය ටික කරනවට වැඩිය හොඳ නැද්ද ආර්යාවටම ඡන්දෙ ඉල්ලන්න දුන්නනං.

    ReplyDelete
  4. bolage sura weera kriya nosa ratta kela une dan ithin banak bawanawak karagena yana thanakta wadak karagena hitahan

    ReplyDelete
  5. අරාබි එකේ සිංහල/ඉංග්‍රීසි පරිවර්තන දෙන්න පුලුවන්ද ප්ලීස්?

    ReplyDelete
  6. ජපන් පුරැදු කරන එකනං යහපති. ජපන් කෙල්ලෙක් හරි සැට් කරගන්ට බැරියැ... හිටං 🤭

    ReplyDelete
  7. පැරැදුණෙ සජිත් ඔය මොකවත් නිසා නොවේ
    පාසල් ළමුන්ටනෙ උන්නැහැ ඇමතූවේ
    ළමා ඡන්ද වලින් දිනන්නයි හිතුවේ
    වයසින් වැඩි වුණත් සජිතුත් ළමයෙක් වේ!

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...