Friday, February 26, 2010

35. මට සරළ වෙන්න ඇත්නම්........................



මට යමක් කර දීමට නොහැකි වූ විට
"කමක් නැහැ මට ඔහොම දේවල්
තමයි වෙන්නේ" යනුවෙන්
අම්මාගේ පද පෙරැළෙන විට

ඒ වදන් වලට හුමිටි තියනා
තාත්තාගේ වෙස් පෙරැළෙන විට

"අනේ අක්කේ ඕවා ගණන්
ගන්න එපා හලෝ" කියමින්
නංගී හිනැහෙන විට

ඒ දේවල් බලා කිවයුතු යමක්
නොමැතිව සැමි නිහඬ වන විට

සරළ වෙන්න ඇත්නම් මට
පුංචි ළමයෙකු තරමට

අනේ වෙන මොකුත් ඕනේ නැහැ අප්පා............. මට


9 comments:

  1. හ්ම් ලොකු කතාවක් වගේ නේද?................................................ තීම් එක මාරුකලාද හොන්දයි ඒක අවුලක් නැහැ

    ReplyDelete
  2. පොඩි ළමයෙක් තුළ තියන සරළ බාවය සහ නොදැනුවත්කම ඇතුලෙ පුංචි පුංචි දේවලින් උනත් ජීවිතය විඳින පුරුද්දට මම ආසයි. ඒත් හැම වෙලේම ඒ දේ කරන්න අමාරුයි අපි ලෝකෙට සෑහෙන දුරට පුරුදු වෙලා ඉවර හින්දද කොහෙද.

    ReplyDelete
  3. ඒ තුල තියෙන නිදහස ආය ලබාගන්න බෑ..

    ReplyDelete
  4. ane eka nam atta . . .ehema hitena anantawath matath . . ..

    ReplyDelete
  5. මට තේරුනේ නෑනේ...

    මට යමක් කර දීමට නොහැකි වූ විට කට්ටිය කියන ඒවයි,

    හා

    පුංචි ළමයෙකු තරමට
    සරළ වෙන්න ඇත්නම් මට..

    කියන එක අතර තියෙන සම්බන්ධේ මොකද්ද?

    ReplyDelete
  6. පොඩි කාලෙ ලොකු වෙන්න හදනවා
    ලොකු උනාම පොඩි වෙන්න හදනවා
    ඉස්කෝලෙ යන කාලෙ කට් එක දාන්න හදනවා
    ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම ආයේ ඉස්කෝලෙ යන්න හදනවා
    අනේ මන්ද අපිත්...

    ReplyDelete
  7. ඕක මේලෝකෙ හැම එකාටම හිතෙන දෙයක්. ඒත් කවදාවත් සිද්ද නොවන දෙයක්....
    අනේ මටත් සිරාවටම සරළ වෙන්න ඇත්නම්........................

    ReplyDelete
  8. හැමෝම කැමති, ඒත් කවදාවත් ඉෂ්ඨ නොවෙන බලාපොරොත්තුවක් නේද? අපිට අපේ ජීවිත ආපස්සට කරකවන්න බෑ.

    ReplyDelete
  9. නියමයි .රසවත් කවි පොඩ්ඩ

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...