Friday, June 4, 2010

52. මම රැකෙමි නුඹ නිසා, නුඹ රැකෙයි මා නිසා

වැලි, සිමෙන්ති, චිප් ගල්
සමග වතුර ද ගෙන ඇති පමන
සැලකුමෙන් නිසි පදම
ඇනූ කොන්ක්‍රීට් ගොඩ නුඹ

ලී කැබලි වටකර
ඇණ ගසා සවිමත්ව
රඳවමින් නිසිම තැන
ගැට ගැසූ කම්බි හතර මම

මා කම්බි හතර මත
දමා නුඹ කොන්ක්‍රීටය
සෑදූ 'ටයි බීමය'
නොවෙද අපගේ මේ බැඳීම

නුඹට ඉරි තැලෙනු නොහැකිය
නුඹ ‍රැකෙයි මා නිසා
මට ඇද වන්නටද නොහැකිය
මම රැකෙමි නුඹ නිසා

රකිමු අපි අප නිසා
අපෙන් පැවතෙන්නන් නිසා
සවිමත් වූ ටයි බීමය මත
හැදුනු බිත්තිය වූ අප විවාහය





5 comments:

  1. හික් හික් මරු අදහසක්නෙ..

    ReplyDelete
  2. වෙනස් ලස්සන අදහසක්. නියමයි

    ReplyDelete
  3. We have joined your blog in http://blogsinhala.com/ Please register and joint your blog and win best blogger award and amazing prizes.

    Thanks
    Admin
    http://blogsinhala.com/

    ReplyDelete
  4. Randil,

    You have implied that man = concrete, woman = kambi

    Concrete doesn't necessarily needs kambi although kambi essentially needs concrete for their very own survival. ( on their own kambi deteriorates very rapidly )

    As such,in essence what you are saying is that a woman invariably needs the protection and security of a man and in extension they are helpless otherwise.

    Well,i think you have answered all those feminists who insist on women's ability to stand on their own.

    ReplyDelete
  5. ස්තුතියි පිටස්තර අයියාට සහ රුවන්-සිත්රූසොබා හට ඇවිත් අදහස් දැකුවූවාට

    @ රවි,

    ඇත්තටම සමහර කොන්ක්‍රීට් වලට කම්බි ඕනෑ නැහැ තමයි. ඒ කොන්ක්‍රීට් 'තනිකඩ' කොන්ක්‍රීට්. හැබැයි බැඳීම නම් වූ ටයි බීම් සෑදිමට ගන්නා කොන්ක්‍රීට් නම් 'රේන්ෆෝර්ස්ඩ් සිමෙන්ට් කොන්ක්‍රීට්' වෙන්න ඕනේ නේද QS මහත්තයෝ?

    හැබැයි පිරිමින් නොමැතිව තමන්ට තනිව නැගී හිටින්න පුළුවන් කියලා කියන කන්තා මතයට නම් මමත් කැමති නැහැ. 'තුරුලතා' වගේ දෙපාර්ශවය ඉන්නවාට තමයි මමත් කැමති. :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...