Tuesday, June 8, 2010

56. (මෙහෙමත් පැංචෝ) බෝයි බබා, අනිත් බබා ගර්ල් බබාද? බෝයි බබාද? කියා සොයාගත් හැටි...........




අම්මලත් එක්ක පුංචි වෝක් එකකට පුංචි පැටව් දෙන්නෙක් පාර්ක් එකකට ආවා. හැබැයි වෝක් එක අම්මලා දෙන්නාගේ. පැටව් දෙන්නා ගෝ කා(ර්)ට් එකේ. ඉතිං මේ අම්මලා දෙන්නා දෙන්නාට දෙන්නා දැකලා "අනේ ඔයා දැක්ක කල්" ඉඳන් සියලු ආගිය නොගිය තොරතුරු කථා කරන්න පටන් ගත්තා. ගෝ කා(ර්)ට් දෙකේ හිටිය පැටව් දෙන්නත් දැන් බර කථාවක්.

"මේ කොහොමද?"

"බබාට ෂෝයි"

"ඔයා බෝයි බබෙක්ද ගර්ල් බබෙක්ද ?"

"??????????? බබා දන්නේ නැහැ."

"අයියෝ වැඩක් නැහැනේ. මම නම් බෝයි බබෙක්"

"ආ........................ බබා දන්නේ නැහැනේ ඒවා" බබා මූණ ඇඹුල් කර ගත්තා.





"හා............හා..........ඔයා අඬන්න එපා. මම ඕනේ නම් කියන්නම් ඔයා බෝයි බබෙක්ද ගර්ල් බබෙක්ද කියලා"

"ආ...................ඔයාට පුළුවන්ද? හා..............එහෙනම් කියන්න"

"එහෙම කියන්න බැහැ. ඒක බලන්න ඕනේ. ඒකට මම ඔයාගේ කා(ර්)ට් එකට එන්න ඕනේ."

"ම්ම්ම්............... හා ................ එහෙනම් එන්න"

කොළු පැටියා හෙමිහිට අනිත් කා(ර්)ට් එකට ගියා. ගිහින් අනිත් බබාගේ ඇඟ වහලා තිබුණු පෙරවනය ඇතුලට ගියා. විනාඩි කිහිපයකින් ජයග්‍රාහී ලෙස එළියට ආවා.

"මං හිතුවා හරි ................. ඔයා ගර්ල් බබෙක්"

"බබා ගර්ල් බබෙක්??????? හරි ෂෝයි. ඔයා කොහොමද දැන ගත්තේ?"

කොළු පැටියා ‍දත් යාන්තම් මතුවුනු ලොඹු කට පෙන්වා ලොකු සිනාවක් පෑවා.






"ඔයාට දාලා තියෙන්නේ රෝස පාට මේස්"



13 comments:

  1. මෙන්න මට තාමත් හිනා...
    නියමයි අනේ චෝක්,,,,,,

    ReplyDelete
  2. අනෙ අම්මෝ එල එල නියමයි

    ReplyDelete
  3. ෂා පොඩ්ඩගෙ මොලේ තමයි මොලේ.... නියමයි ආ..

    ReplyDelete
  4. අලේ හිලි සෝයි කොලු බබෙක්.. මත වගේ මොලේ තීනවා....

    ReplyDelete
  5. මාතලන් වැනි වූ චෝර වුවද ජනතාව වෙනුවෙන් පෙනී සිටින (අම්මෝ බය හිතෙන) කෙනෙකු හිනැස්වීමට හැකි වීම පිළිබඳ ව සතුටු වෙමි. :D

    ස්තුතියි, සංජීව, ප්‍රභාත් දර්ශන සහ පිටස්තර අයියා

    ඔව් සූටි ළමයෝ ඔයාට වගේම මොළේ තියෙනවා. (ඔයාමද දන්නෙත් නැහැ කියලා මට වෙලාවකට හිතෙනවා) :D

    ReplyDelete
  6. ‍රැවටීමට උපන් දිල් = RanDil

    ReplyDelete
  7. රුවන් ස්තුතියි.

    පැංග්ස් කවුද අනේ කාවද අනේ රැවැට්ටුවේ? ඇයි රෝස පාට මේස් දාන්නේ ගර්ල් බබාලාට නෙමෙයිද? ;-)

    ඉලංදාරියා ස්තුතියි.

    ReplyDelete
  8. තිස්ස අයියාට සියයට දාහක් එකඟයි.

    අනේ මන්දා උදේට කෑවෙ නෑ වගේ මේ කෙල්ලගෙන් රැවටුනේ නැත්නම්. දැන් ඒකට හුරු වෙලා...

    බෝයි බබා අනෙක් කාර්ට් එකට තනියම ගිය හැටි වෙනම කථාවක්. කෙසේ වුනත් රන්මෙන් වටිනා ඉදිරිපත් කිරීම නිසා ඊළඟ වටයට යවන්න පුළුවන්...

    ReplyDelete
  9. අනේ මන්දා තනෝජා අක්කි මොනවා කියනවාද කියලා. කොහෙද අනේ රවට්ටලා තියෙන්නේ? වෙච්ච දේ ඒ විදිහටම ලියලායි තියෙන්නේ. ;-)

    බෝයි බබා හරිම ලේසියෙන් අනිත් කා(ර්)ට් එකට යන්න ඇති ෂුවර් මොකද අපේ පැටියා කරන වැඩ දැක්කම මට එහෙම හිතෙනවා. :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...