Tuesday, July 27, 2010

64. අම්මේ, තාත්තේ මේ ඔබේ අවධානය පිණිසයි

මේ වෛද්‍ය වරයෙකු කියන කථාවකි.

ඩෙංගු රෝගය මේ දිනවල ඉතාමත් භයානක අන්දමින් අප සමාජය තුල පැතිරෙමින් පවතී. එමනිසා කුඩා දරුවන් මදුරු දෂ්ඨනයෙන්, විශේෂයෙන් දිවා කාලයේදී වලක්වා ගැනීම ඉතාමත් වැදගත් වූ කාරණයකි. එලෙසම අප අවට පරිසරය පිරිසිදුව පවත්වා ගැනීමද ඒ හා සමානවම වැදගත් වූ කාරණයකි.


කුඩා දරුවකු උණ තත්ත්වයෙන් පෙළෙන්නට වූයේ නම්, දෙවන දිනයේදීම Blood Count රුධිර පරීක්ෂනයක් කර එම රපෝර්තුව පිළිගත් වෛද්‍යවරයකුට හෝ වෛද්‍යවරියකට පෙන්විය යුතුය. ඩෙංගු රෝගී තත්ත්වයක් පෙන්වන්නේ නම් වහාම කල යුතු එකම දෙය දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහල (නෝනා වාට්ටුව) වෙත ගෙන ඒමයි. එහිදී කළ යුතු ප්‍රතිකාර නොනවත්වා නිවැරදිව කරනු ඇත. බොහෝ විට පෞද්ගිලික රෝහල් වල මේ රෝගී තත්ත්වය යටතේ ප්‍රථිකාර ලැබූ දරුවෝ රෝගය උත්සන්න වූ පසු එම රෝහල් මගින් අප රෝහලට මාරු කර එවනු ලබයි. බොහෝ විට ඒ වනවිට රෝගය නිවාරණයට තිබූ අවස්ථාව මග හැරී තිබෙන අවස්ථා සුලභවීම කණගාටුවට කාරණයකි. එවිට ජීවිතය බේරා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වීමටද ඉඩ ඇත. "ඔබේ දරුවා ඩෙංගු වැනි අසාධ්‍ය රෝගයකින් පෙලේ නම් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වහාම ගෙන එන්න"

අනෙකුත් සියළු රජයේ රෝහල් වල සේම පහසුකම් සහ සම්පත් අප වෙතද ඇත්තේ සීමිතවය. අප වෙත සුවපහසුව නැත. එහෙත් සුවය ගෙන ඒමට අපි ඇප කැප වන්නේමු. සුවපහසු ඇඳන් ඔබට නොලැබේ. (සමහර විට දරුවන් දෙතුන් දෙනාට එකම ඇඳ බෙදා ගන්නට සිදු වෙයි). අනෙකුත් සුඛෝපබෝගී දෙවල්ද අප වෙත නැත. (අම්මාට දෙන්නට ඇඳන් නැත. අනෙකුත් ස්ථානවල ඇති පරිදි ඈඳන ලද වැසිකිලි නැත. වායු සමීකරණ නැත. සැටලයිට් ටීවී නැත.) අපටත් හෙද සොයුරියන්ටත් ඔබ හා දොඩමළුවන්නට, සිනාසෙන්නට මිතුරු ලෙසින් අමතන්නට තරම් ඉස්පාසුවක් නැති වන්නට පුළුවන. ඒ අප සැම ඉමහත් ලෙස භාරදූරී වූ වැඩ රාජකාරී සම්භාරයක ගැලී සිටින බැවිනි. එහෙත් අපේ රාජකාරිය අපි අකුරටම ඉටු කරමු. ඔබේ දරුවා වෙත අපේ අවධානය ඉතාමත් උසස් අන්දමින් ලබාදීමට හැම විටම අපි සැදී පැහැදී සිටිමු. දරුවන්ගේ තත්ත්වයේ යම් නරක වෙනස් වීමක් ඇතිවුව හොත් එය වහා හඳුනා ගැනීමට අප කාර්යය මණ්ඩලයට හැකිය. මේ දරුවාගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයකි !. මෙම රෝගය හෝ වෙනයම් මේ ආකාර වූ රෝගයක් මුල් අවස්ථාවේ හඳුනාගෙන අප රෝහලට වහාම ගෙන ආ දරුවකු අපට බේරා ගැනීමට නොහැකි වූ අවස්ථාවක් සොයා ගත නොහැකි තරම්ය.
මම මේ ඔබට පවසන්නේ මම එදිනෙදා ජීවිතයේදී දකින දෙයයි. මගේ සේවා ස්ථානය නංවන්නට කරන උත්සහයක් නොවේ මෙය. ඔවුන්ගෙන් ලද දිරිගැන්වීමක් මත ලියන දෙයක්ද නොවේ මෙය. හුදෙක් කුඩා දරුවකුගේ ජීවිතයක් බේරා ගැනීමේ අවස්ථාවක් මග හැරීම වළක්වා ගැනීම පිණිස මා විසින් ලියන දෙයකි. මෙම පණිවුඩය ඔබට පුළුවන් ආකාරයෙන් සමාජය පුරා පතුරවන්න. එය තවත් එක් ජීවිතයක් හෝ බේරා ගැනීමට පිටිවහලක් වනු ඇත. සමීපතමයකුගේ වියෝව මොන ආකාරදැයි දන්නේ එය විඳි අයෙකුම පමණි.


කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය වරයෙකුගේ සටහනකි

(
අද දින මා මිතුරියක එවූ විද්‍යුත් ලිපියක මා විසින් කරන්නට යෙදුනු පරිවර්තනයයි ඉහතින් දැක්වෙන්නේ. ඒ ලිපිය පහත දක්වමි. මේ ලිපිය ලියන්නට යෙදුනු වෛද්‍යතුමා ගැන මම නොදනිමි. ඒත් ලිපියේ ඇති සත්‍යයතාව නිසා මෙලෙස පළ කරන්නට සිතුවෙමි.)

About Dengue- its important to get these messages across


Dengue is at its worst peak this season. Its imp ortant to protect kids against mosquito bites especially during daytime. Keeping the environment clean is as equally imp ortant. If a child gets fever, a blood count MUST be done by the 2nd day & shown to a Doctor. If dengue is suspected in the blood count, its imp ortant not to waste time, and bring the child quickly to LRH where the child can be monitored continuously. We see children treated in private medical institutions being transferred late to LRH, in a serious condition. By that time the critical phase has passed & its difficult to save the life. If you are suspecting a serious illness like dengue, bring the child to LRH. Like all other Government institutions, facilities and resources are limited. LRH doesn't have the comforts, but it is able to provide what matters most, patient care. You wont get a comfortable bed (sometimes 2-3 children have to share the same bed), or other luxuries (no bed for mother, attached bathrooms, A/C, satellite TV etc which are available elsewhere), and the Doctors and nurses may not have much time to talk, smile and be friendly be cau se they have so much of work to attend to, but the level of care given is optimal, and any change in the condition from bad to worse will be detected early. Its the child's life which matters! It is very rarely that I have seen a child brought to LRH in the early stage of the illness succumb and pass away.

I am just telling you what I see in reality in day-to-day life, with no intention of promoting the place I work, as I do not have any gain from it. If you can pass this msg across to your friends, especially those with kids, it could help save a life. You have to be in 'the situation' to know what a death of a close one feels like . .

'A Doctor from LRH'


11 comments:

  1. නංගී, ඔයානම් ඉස්තරම්... මම ඊට වඩා මුකුත් කියන්නේ නෑ මේ ගැන...

    (වෛද්‍යතුමාගේ නමට යටින් තියෙන අකුරුවල පැහැය වෙනස් කරන්න නංගෝ....)

    ReplyDelete
  2. හා අක්කි ඔයා එව්ව මේල් එක තමයි මේ

    ReplyDelete
  3. අගනා ලිපියක්...බොහොමත්ම ස්තුතියි මේ ලිපියට.....

    ReplyDelete
  4. බොහොම හොඳ වැඩක් මේ පණිවුඩය සමාජගත කරන්නට පියවර ගනීම, ස්තූතියි

    ReplyDelete
  5. අගනා ලිපියක් බොහොම හොඳ වැඩක්

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මම මේ ලිපිය පරිවර්තනය කර පළ කරන්නට පෙර මේ ලිපිය සකස් කල වෛද්‍යතුමාට ලිපියේ තිබු විද්‍යුත් ලිපිනයට ලිපියක් යොමු ‍කර ඒ පිළිබඳ දැන්වුවා. ඒත් පිළිතුර එනතුරු පමා නොවී මගේ ලිපිය මම පළ කලා. ඔහු මට ඊයේ රෑ පිළිතුරු එවා තිබුනා. මා පළ කරන්නට යෙදුනු පරිවර්තනය ඔහු අගය කලත් ඔහුට මෙයින් ප්‍රසිද්ධියක් අවැසි නොවන බව පවසා ඔහුගේ විස්තර දැක්වෙන කොටස මගේ පරිවර්තිත ලිපියෙන් ඉවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටියා. ඉතිං ඔන්න මං ඉවත් කලා. :)

    ReplyDelete
  8. වටිනා ලිපියක්

    ReplyDelete
  9. ඇත්තටම හොඳ ලිපියක් අක්කේ... අරහෙට මෙහෙට ඇඟිලි දික් කර කර ඉන්නවට වඩා ඩෙංගු වගේ ජාතික ප්‍රශ්නයකදි අපි අපට කළ හැකි දේ කිරීම හරිම වැදගත් ! අක්කගෙ උත්සහය ඇත්තෙන්ම අගය කරනවා.

    ReplyDelete
  10. ස්තුතියි Ansh :)

    අම්මේ!!!!!! සන්සරසිඳු මලේ ,

    කොහෙද බං අතුරුදන් වෙලා හිටියේ? සංතෝෂයි අප්‍රමාණ සංතෝෂයි මේ පැමිණීම ගැන.

    ReplyDelete
  11. අක්කෙ ඔයාගෙ e-mail address පරණ එකම ද?
    මං ඔයාට මේල් එකක් එවන්න හැදුවා. error message එකක් එනවා,
    Delivery to the following recipient failed permanently:

    randil02@gmail.com

    Technical details of permanent failure:
    Google tried to deliver your message, but it was rejected by the recipient domain

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...