Thursday, July 7, 2011

28. සචිනිගේ කතාව - සිහිනය මියගිය පසු.........Sachini's Story - Dreams Die First........3

26. සචිනිගේ කතාව 1



27. සචිනිගේ කතාව 2



ඔන්න ඒකත් හරි කියමුකො. සචිනි ඒ වතාවෙත් අජන්තට සමාව දුන්න....... හිතෙන්. ජීවිතේ කියන්නෙ පිණි විසුල මල් පෙති මත සුරඟනන් රැඟුම් පානා සුරංගනා ලෝකයක්, මල් සුවඳ රැගත් මඳ පවන මැදින් මල්ගොමු අතරින් අනන්තය තෙක් හෙමිහිට ඇවිද යන සොඳුරු චාරිකාවක් කියල සචිනි කවදවත් හිතුවෙ නෑ. ජීවිතේ දිහාවෙ යථාර්තවාදීව සමබරව බලන්ට සචිනිට කියල දුන්නෙ වෙන කවුරුවත් එහෙම නෙවෙයි සචිනිගෙ අප්පච්චි.


අප්පච්චි කෙරෙහි සචිනිගෙ හිත ඇතුලෙ තිබුනෙ ආදරයකට වැඩිය ගෞරවයක්, ගෞරවයකට වැඩිය ආදරයක් ඒ දෙකටම වැඩිය ශ්රද්ධාවක් වගෙ හැඟීමක්, එහෙමත් නැත්නම් මේ තුනම මිශ්ර වෙලා හැදිච්ච වෙනම නමක් කියන්ඩ බැරි අමුතුම හැඟීමක්ය කිව්වොත් තමයි වඩාම හරි.

අප්පච්චි දර්ශනය ගැන පොත් කීපයක්ම ලියාපු රටේ තොටේ නමගිය පුද්ගලයෙක්. ඉස්කෝලෙදි උනත් සචිනි ගොඩක් ප්ර්සිද්ධ උනේ අප්පච්චි නිසා. ඒ ගැන කවදාවත්ම ආඩම්බර නොවුනට අප්පච්චිගෙ නම නිසා ලැබුනු ප්ර්සිද්ධිය සචිනිගෙ හිතට ගෙනාවෙ හීන් සතුටක්. " සචිනි සමරදිවාකර " කියන නමට ඈ ඇලුම් කලේ හය හතර නොතේරෙන කාලෙ ඉඳලමයි.

පොඩි කාලෙ නම මොකක්ද කියල පොඩ්ඩොන්ගෙන් අහන අනිවාර්ය ප්ර ශ්නෙට සචිනිගෙ උත්තරේ මෙහෙමයි " තසිනි තමදිකර" අප්පච්චි තවමත් ඔය ගැන කියල හිනැහෙන හැටි සචිනි සිහිකලේ හදවතේ පිරුනු සෙනෙහස උතුරා ගලා යද්දි.

මාසයකට විතර පස්සෙ............උදේ ඉඳම්ම එදා වැස්ස........ඉර පෑව්වෙම නෑ.

සචිනි කාමරේ පොතක් බල බලා හිටියා. ටෙලිෆෝන් එක වැදෙනව ඇහුනා.ටිකකින් අම්මගෙ කටහඬ ඇහුනා" දුව කෝල් එකක්" සචිනි ගිහිල්ල රිසීවරේ ගත්තා. ඒ බැංකුවෙන්. "Yes, Sachini Samaradivakara Speaking Here"සචිනි උත්තර දුන්නා. අලුත් ගිණුම් පාස් පොත ගෙනියන්ඩ එන්ඩය කියලයි ඒ පණිවිඩේ.

එදා දවස සුපුරුදු විදිහට ගෙවිල ගියා. වැස්ස හවස් වෙනකොට අඩු උනාට චුරු චුරුව දිගටම තිබ්බ.අජන්තටත් හෙම්බිරිස්සාවකුත් හැදිල. රෑට බත් එහෙම කාල දෙන්න ගියා නිදාගන්ට. තුරල් කරල තිබ්බ වැස්ස ආයෙම වැඩි කරල. කාමරේ ජනේලෙ කර්ටන් එක අස්සෙන් විදිළි කොටනව විඩෙන් විඩේ.

අජන්ත ඇඳ ළඟ පොඩි කනප්පුව උඩ තිබුනු ටේබල් ලෑම්ප් එක නිව්වා. විඩෙන් විඩේ කාමරේ එළිය කරන විදිලි කෙටිල්ල නිසා සචිනි දෑස් තදින් පියාගෙන පොරෝනය යටට ගුලි උනා.

අහස ගිගිරුම් හඬ මැද්දෙන් අජන්ත මොනව හරි කිව්ව වගේ හිතුනු නිසා සචිනි පොරෝනය මෑත් කරල හිස එසෙව්ව.

" අජන්ත මොනව හරි ඔයා කිව්වද? "

" සචිනි ......අපි ඔයාගෙ නම වෙනස් කරමු නේද?" අජන්ත කිව්වෙ සචිනි දිහා යන්තම් බලල ආපහු සීලිම දිහා බලන ගමන්,

මේ මොකක්ද කියන්නෙ කියල එක පාරට හිතාගන්න බැරුව සචිනි මොහොතක් අජන්ත දිහා බලන් හිටියා.

" ඇයි අජන්ත,....... සචිනි කියන එක.... ඒක හොඳ මදිද? "ආයාසයෙන් හිනා වෙන්නට උත්සාහ කරමින් ඇය ඇහුව.

අජන්ත ඈ දිහා බැලුවෙ නලල රැළි කරල ඇස් දෙකත් පුංචි කරගෙන.

" විහිලු කරන්න එපා සචිනි, ඔයා හොඳටම දන්නව......... " අජන්තගෙ ඉතිරි වදන් හිටිහැටියේ ඇසුණු ගුගුරුම් හඬකින් යටපත් වුනා.

" .....මම කිව්වෙ ඔයාගෙ වාසගම ගැන. "

ගිගුරුම් හඬ ඈතට පාවෙලා මැකිල ගියට පස්සෙ අජන්ත කිව්ව.

සචිනි මොහොතක් එහෙම්මම ඇඳේ ඉඳගෙනවිට්ටමට හේත්තු වෙලා විදුළියෙන් එලිය වැටෙන ජනේලෙ දිහා බලා හිටියා.

අජන්ත විජේසිංහ වන මම...........මෙහි සිටින සචිනි සමරදිවාකර යන..............

සචිනි සමරදිවාකර වන මම..........මෙහි සිටින........

යාන්තමට තුන් මාසයකට ඉස්සරවෙලා.....ඒ....

සචිනි සමරදිවාකර වන මම අද සිට සචිනි විජේසිංහ ලෙසින් හැඳින්වෙන බවට උතුම්වූ ශ්රී ලංකා රජයටත්................

සචිනිට හිනාවක් පැන්නේ ඇයිද කියල ඇයටත් ප්ර ශ්නයක්.

අජන්ත ඈ දිහාවෙ ඇස් ලොකු කරගෙන බලල ආපහු ඉවත බලා ගත්ත.

සචිනි කතා කලෙත් ජනේලෙ නටන විදුළි එළිය දිහා බලාගෙන.

" අජන්ත මට කියන්න, ඇයි මේ හදිස්සියෙ ඔයාට ඔහොම හිතුනෙ? "

අජන්ත උත්තර දුන්නෙ ටික වෙලාවකින් " හදිස්සියෙමත් නෙවෙයි ඒත් කසාද බැන්දහම දෙන්නගෙ නම් දෙක එකක් වෙන්න ඕනෙ නේද? "

" හරි එහෙනම් ඔයා මගෙ නම ගන්ට...අජන්ත සමරදිවාකර........බලන්ටකො මොන තරම් ලස්සනද? " සචිනිට ඉබේම කියවුනා...

අජන්ත ඒ පාර නම් ඈ දිහාට හැරුනා." මාව විහිලුවකට ගත්තද? " හඬ උස් වීමට නොදීමට දැඩි වෙහෙසක් ගන්න ගමන් අජන්ත කිව්ව.

" නෑ අජන්ත ඇත්තටම නෑ......මට දැන ගන්ට ඕන අවංකව ඔයා ඇයි මෙහෙම දෙයක් මගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියල. "

" මෙතන ඔච්චර තර්ක කරන්න දෙයක් නැහැනෙ ළමයො,සාමාන්යයෙන් කසාද බැන්දම භාර්යාව පුරුෂයාගෙ නම ගන්න එක සිරිතක්නෙ.Don't try to make an issue out of this, Sachini, please "

" No Ajantha, i'm not. It's you who are making an issue out of this. අනික ඔයා දන්නව මම සාමාන්යයෙන් අනික් අය කරන දේවල් කරන කෙනෙක් නෙවෙයි කියල. ඔයා ඒක හොඳටම දන්නව. අපි හඳුනගෙන සතියක් යන්ටවත් කලින් මම ඒක ඔයාට පැහැදිලිවම කිව්ව.මතක නැත්නම් මම ඒ පොඩ්ඩ මතක් කරන්නම් "

සචිනිට නිහඬ වෙන්නට සිදුවුනේ කෝපය පාලනය කර ගැනීමට කීපවරක් ගැඹුරට හුස්ම ගත යුතු වූ බැවිනි.

" හරි, මම මතක් කරල දෙන්නද ඒ දෙබස?......" අජන්ත කිසිවක්ම කිව්වෙ නෑ.

" ස්ථානයත් ඕනනම් නුගේගොඩ මැක්ඩොනල්ඩ්ස් එකේ උඩ තට්ටුව.....දිනේ නම් හරියටම මතක නෑ. ඔයාට ඒකත් ඕනම නම් මගෙ ඩයරි එක බලල කියන්නත් පුලුවන්."

අජන්ත ඈ දිහා බලල ආයෙම අහක බලා ගත්ත.

" මෙහෙමයි දෙබස. " සචිනි කියාගෙන ගියා.

" අජන්ත අපේ ආශ්රය තව වැඩි දුර යන්න කලින් එක දෙයක් ඔයාට කියන්න ඕනෙ.මම හිතනව ඔයා මේක පැහැදිලිව තේරුම් ගනීය කියල. මම සාමාන්ය කෙනෙක් නම් නෙවෙයි. සාමාන්යයෙන් සම්මතය කියල තියෙන දේ මම ගනං ගන්නෙ නෑ. මගෙ හිතට හරිය කියල හිතෙන දේ තමයි මම බොහොමයක් වෙලාවට කරන්නෙ. "

" එතකොට ඔයා දුන්නු උත්තරෙත් මම මතක් කරන්නද? "

" That's okay with me Sachini, actually that’s what I like about you, you have a mind of your own,"

" ඔන්න ඔහොමයි ඔයා එදා කිව්වෙ.ඔන්න ඔය විදිහටම. මතකයි නේද? "

" හරි එහෙම කිව්වම කියමුකො, ඒත් මට තේරුම් ගන්න බැරි මේ බොහොම සුලු දෙයක් ඔයා මෙච්චර සීරියස් ගන්න එකයි. "

" හරි, මේක බොහොම සුළු දෙයක් නම් ඇයි ඔයාට බැරි මේ කාරණය අත ඇරල දාන්න? අනික මේක ඔයාට සුළු දෙයක් උනාට මට ලොකු දෙයක්. මම දන්න කාලෙ ඉඳන් මගේ අනන්යතාවය, මගේ නම කියන්නෙ මට ලොකු දෙයක් ඇත්තටම......එක පාරට කොට්ට උරයක් සම්පූර්ණයෙන් අනික් පැත්ත ගහනව වගෙ මගෙ අනන්යතාවය සම්පූර්ණයෙන්ම නැතිකර ගන්ට මටනම් කොහෙත්ම බෑ, මම ඒක කරන්නෙත් නෑ. "

" හරි, හරි ඉතිං ඕකට ඔච්චර කෑගහන්ට ඕන නෑ. නම වෙනස් කරන්ට බැරිනම් නිකා ඉන්ට. " අජන්ත කිව්වෙ ඔලුවෙ ඉඳන් පෙරවාගෙන අනික් පැත්ත හැරෙන ගමන්.ඒ හඬේ තිබ්බෙ තරහකුත් නෙවෙයි කළකිරීමකුත් නෙවෙයි. ඒ දෙකේම මිශ්ර හැඟීමක් කියලයි සචිනිට හිතුනෙ.

පොරෝනය ඇතුලෙ ගුලි උනාට සචිනිට නින්ද ගියෙ නම් නෑ. මම කතා කරපු විදිහ හරිද? ඇත්තටම නම වෙනස් කරන එක මේ තරම් හැඟීම් බර වෙන්න තරම් දෙයක්ද? සචිනිගෙ ඔලුවෙ ඇතුලෙ කරකැවෙමින් වද දුන්න.



මතු සම්බන්ධයි...........

24 comments:

  1. කියෙව්වෙමි, කිසිත් නොකියමි. කතාව ලස්සන බව පමණක් කියමි.

    ReplyDelete
  2. අනේ අම්මේ පවුල් ජීවිතේ බර

    ReplyDelete
  3. මටත් හිතෙන්නේ මේක නම්, ඒ තරම් ලොකුවට ගනන් ගත යුතු දෙයක් නෙවි කියලා.
    සචිනි එතනදි කලබල උනා වැඩි වගේ.

    ReplyDelete
  4. ඔන්න අද නම් සචිනිට මන් ලකුණු 100 ම දෙනවා . තමන්ගේ නම ඕන නම් වෙනස් කළා නැත්නම් නිකන් හිටිය . ඔන්න පොඩ්ඩි එන්න මමත් ලෑස්තියි අජන්තට වෙඩි තියන්න . ගුවන් තොටුපලවලදී ..ළමයින්ගේ ඉස්කෝලවලදී.. රෝහල් වලදී කට්ටිය දිව උලුක් කරගෙන කියවන ..අකුරු ගණන් කර කර ලියන මගේ දිගම දිග වාසගම මන් තියන් ඉන්නේ ඇයි. උපන්දා ඉඳන් මාව අඳුනන්නේ ඔය විශේෂිත වාසගම හින්දා . මුලදී නම් ඕක වෙනස් කරන්නත් හිතුනා . එකටත් ලියකියවිලි පුරවන්න කම්මැලි වුනා . දැන් නම් ගානක් නැහැ. එක අතකට අපේ විකාර . මට ඕක හරි කරදරයක් වෙන අවස්ථා තියෙනවා . වීසා එහෙම ගන්න යද්දී අනික් තුන් දෙනාම එක නම . මන් ඉතින් පිටස්තරය වගේ . ඒත් ඉතින් ඕක වෙනස් කිරීමේ හරි තියා ගැනීමේ හරි පුර්ණ අයිතිය මගේ .

    ReplyDelete
  5. රවී අයිය බොහොම අපූරුවට ලියල තියනවනෙ. තමන්ගේ කරගන්න හිත යටින් නොදැනීම පිට පනින ඉල්ලීමක් වෙන්න ඇති ඒක. සෘජුවම නොවුනත් ආධිපත්‍ය පැතිරවීමක්. මම හිතන්නෙ මෙතනදි සචිනි හරි. අජන්තයට මෙතනදි නෙලන්න මාත් වැට පොල්ලක් ගන්න ලෑස්තියි. ඒත් රවී අයිය අජන්තගෙ පැත්තෙන් මේ කතාව ලිව්වනම්......

    @ පිණිබිඳු...
    ඔව් ඔව්, වෙලාවකට පිහා‍ටුවක් වගේ සැහැල්ලු, තවත් වෙලාවක මහමෙරක් වගේ බර අමුතුම දෙයක් තමයි පවුල් ජීවිතේ කියන්නෙ.

    ReplyDelete
  6. මුලදී ඇති වූ දෙබස නොවුනා නම් අජන්තගේ වරදක් නැත ........

    එසේම මෙම ප්‍රශ්න වලට මූලික හේතුව කසාදයෙන් පසු වෙනම නිවසක පදිංචියට නෙයෑමයි .........

    ReplyDelete
  7. අන්න හරි රූකඩයක් බවට පත්වෙන්න අවශ්‍ය නෑ. රූකඩයක් විදියට කාගෙවත් ගෑණිවත්,මිනිහවත් වෙනවට වඩා තනියෙන් ඉන්න එක හොඳයි.

    ReplyDelete
  8. ගොනා හැරෙන්නෙ පොල් පැලේ කන්න කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා.. අනිවා ෂුවර් ඕක අජන්තගෙ ඔළුවට දාන්න ඇත්තෙ උන්දැගෙ අම්මා.. මේ බූරුවට යාන්තං හරි කොන්ද පණ තිබ්බ නං මේ ප්‍රශ්නෙ එතනින්ම ඉවර කරන්න තිබ්බා, අම්මට පිස්සු කෙලින්නෙ නැතුව ඉන්න කියලා.. එහෙම වුනානං මේ දෙබස ඇති නොවෙන්නත් ඉඩ තිබ්බා.. අවාසනාවට එහෙම නොවුනයින් වුනේ කිරි කලේට තවත් ගොම බිංදුවක් වැටීම විතරයි.. මේ වගේ පුංචි පුංචි දේවල් එකතුවුනාම තමා අන්තිමට නොදැනීම මහා විශාල ප්‍රශ්න පත්තර හැදෙන්නෙ..

    "පෙම් ලොවදී දුටු ඔහුමද මේ - ඔහුටද මා අන්ධ වුනේ"

    ReplyDelete
  9. අනේ මේ අජන්තය ගැන මට නම් දුකත් හිතෙනව. මිනිහ නම වෙනස් කරමුද කියල ඇහුව විතරනෙ. රට්ටු ඒ මිහිහට බනින තරමක්!

    ReplyDelete
  10. දැනට ඔය නමේ ගැටලුව යට ගියාට ආයේ දවසක ඕකේ පවර් එක දෙගුන වෙලා ඉස්මතු වෙන්න පුලුවන් .එදාට මක්ක වේවිද ? මමත් අහලා තියෙන්නේ බැන්දයින් පස්සේ පිරිමියාගේ වාස ගම ගෑනු එක්කෙනාට එනවා කියලනේ

    අද කතාව තව තවත් ලස්සනයි මචං ..

    මම හිතාගත්තා කතාවේ ගෑනු පිරිමි ප්‍රශ්න ඇදලා නොගෙන මින් ඉදිරියට කතාව බලමින් අදහස් දෙන්න .

    ReplyDelete
  11. @ Kasun,

    ස්තූතියි ඔබට, කසුන්,

    ReplyDelete
  12. @ පිණිබිඳු,

    හෙහ්...හෙහ්, මට කියන්ට දෙයක් ඇත්තෙම නෑ නඟෝ. මට කියන්ට අවශ්‍ය දේ මට කවදාවත් කියාගන්ට බැරිතරම් අපූරුවට කියල තියෙනව නවම් මල්ලි.

    ReplyDelete
  13. @ නිල් අහස,

    ඔබ හරි වෙන්න පුලුවන්, ආවේගශීලි උනාම සමහරවිට තමන් කරන්නෙ මොනවද තමන්වත් දන්නෙ නෑ.

    ReplyDelete
  14. @ Bindi,

    අන්න බින්දි, නිකමට හිතන්න, ඔයා 100% මෙතනදි එකඟ වුනේ ඇයි? මේ තරමට නොවුනත් මේ විදිහෙ ප්‍රශ්නයක් ඔයාටත් බලපාල තියෙන නිසා, එහෙම නේද?

    අපි හැමෝම එහෙමයි. තමන්ටත් බලපාපු ප්‍රශ්නයකදි අපි ඉන්න ස්ථාවරයෙන් හාත්පසින් වෙනස් ස්ථාවරයක තමයි අපි ඉන්නෙ තමන්ට බල නොපාන ප්‍රශ්නයක් ගැන කතා කරද්දි. ඒක තමයි ලෝකෙ හැටි.

    ස්තූතියි බින්දි ඔබේ ප්‍රතිචාරයට සහ ප්‍රතිචාර දැක්වීමෙන් කරන දිරිගැන්වීමට.

    ReplyDelete
  15. @ nawammawatha,

    බොහොමත්ම ස්තූතියි නවම්, ඔබේ අගය කිරීමට, මට තවත් ලියන්නට ධෛර්යය සහ ශක්තිය දෙන්නෙ වෙන මොකවත්ම නෙවෙයි මලේ, උඹලගෙ කමෙන්ට්ස්,ඒක තමයි ඇත්ත.

    / අජන්තයට මෙතනදි නෙලන්න මාත් වැට පොල්ලක් ගන්න ලෑස්තියි. ඒත් රවී අයිය අජන්තගෙ පැත්තෙන් මේ කතාව ලිව්වනම්....../

    අපොයි ඉක්මන් වෙන්න එපා බුදු මල්ලියේ, වැට පොල්ල ආයෙ තිබ්බ තැනම හිටවහං, අජන්තගෙ පැත්තෙන් එයාගෙ කතාවත් අහනකල්.................

    ReplyDelete
  16. @ පන්සල් හංදිය,

    / එසේම මෙම ප්‍රශ්න වලට මූලික හේතුව කසාදයෙන් පසු වෙනම නිවසක පදිංචියට නෙයෑමයි ........./

    එහෙම කරන්න බැරි හේතු ගොඩක් තියෙනව මල්ලි, මම හිතන්නෙ නැහැ කිසිම පිරිමියෙක් හෝ ගැහැණියක් කසාදයකින් පසු තමන්ටම කියල වෙනම තැනක එකට ඉන්න පුලුවන් අවස්ථාවක් තියේනම් ඒක පැහැර හරියි කියල. ඒත් එහෙම කරන්න බැරි අවස්ථා යෙදෙනව අනන්ත අප්‍රමාණව.

    ReplyDelete
  17. @ ''' Outsider'''

    ඔබ හා එකඟ වෙමි මුළු හදවතින්ම, වෙන කියන්ඩ දෙයක් නෑ.

    ReplyDelete
  18. @ Buratheno,

    / මේ බූරුවට යාන්තං හරි කොන්ද පණ තිබ්බ නං මේ ප්‍රශ්නෙ එතනින්ම ඉවර කරන්න තිබ්බා, අම්මට පිස්සු කෙලින්නෙ නැතුව ඉන්න කියලා.. /

    ජීවිතේ එහෙම අපි හිතන තරම් සරළ නෑ මල්ලි. අජන්තට එහෙම කියන්ට බැරි හේතුවක් තියෙන්ට බැරිද?......මම මේ අජන්ත හරි කියනව නෙවෙයි...ඒත් ගොඩක් වෙලාවට ජීවිතේ අපි දැන දැනම වැරදි දේවල් කරනව වෙන කරන්ඩ දෙයක් නැති නිසාම.

    ReplyDelete
  19. @ හිස් අහස,

    / මමත් අහලා තියෙන්නේ බැන්දයින් පස්සේ පිරිමියාගේ වාස ගම ගෑනු එක්කෙනාට එනවා කියලනේ /

    එහෙම එකක් අනිවාර්ය නෑ මල්ලි, කැමතිනම් පිරිමියගෙ වාසගම ගන්න පුලුවන් නැත්නම් නිකම් ඉන්න පුලුවන්,

    / මම හිතාගත්තා කතාවේ ගෑනු පිරිමි ප්‍රශ්න ඇදලා නොගෙන මින් ඉදිරියට කතාව බලමින් අදහස් දෙන්න ./

    අඩේ, එහෙම එකක් නෑ සඳරු, අපිට හැම දෙයක් ගැනම අපේමය කියල අදහසක් තියනවනෙ. ඒකට අනික් අය එකඟ වෙනවද නැද්ද කියන ප්‍රශ්නය වැදගත් නෑ,අපේ අවංක අදහස ප්‍රකාශ කරන්ට අපිට පූර්ණ නිදහස අනිවා තියෙන්න ඕනමයි. ඒකෙ ආයෙ දෙකක් එහෙම නෑ.....

    බොහොමත්ම ස්තූතියි මල්ලි, ඔබේ අගය කිරීම මට වටිනව කියන්ට බැරි තරම්

    ReplyDelete
  20. අපොයි බැඳපු දාක පොඩ්ඩිගේ වාසගම වෙනස් කරන්ට උනොත් එහෙම?. හුහ්...එදාට තමා තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නේ......)))

    හැබෑට අජන්ත වගේ මෝඩ පිරිමි අපේ රටේ ඇර වෙන රටවලත් ඉන්නවද?...D

    ReplyDelete
  21. @ Podi Kumarihami,

    / අපොයි බැඳපු දාක පොඩ්ඩිගේ වාසගම වෙනස් කරන්ට උනොත් එහෙම?. හුහ්...එදාට තමා තුන්වෙනි ලෝක යුද්ධේ පටන් ගන්නේ......))) /

    A Sunday Night ; after a hectic day I was relaxing with my feet up, with a bottle of you know what, at my elbow, just feeling good and at peace with the whole world,

    On the television Christiane Amanpour was presenting her usual news programme " This week" on ABC News, which I won't miss if I can help it.

    While doing her usual round up in her own inimitable style, suddenly she went visibly pale, adjusting her ear piece and shouting "What? Are you positive? "

    I knew that something extraordinary has happened but was not prepared at all for what followed and almost choked on my drink.

    Amanpour looked at me in the eye and said solemnly " Folks, I have the dubious honour of presenting you the news that Third world war has just been declared, we are still not certain of the exact details or where it has started but will keep you updated as details come in "

    I was just flabbergasted................ All the same I knew what has happened and where it has started even if Amanpour herself was in the dark ......heh.......heh,

    Downing what was in my glass I opened my laptop and started composing an e-mail.

    " Congratulations, Poddi, so you did it after all....huh?.......... Tied the knot at last....didn't you? I knew it the moment that girl Amanpour announced about the third world war. Heh,......what a girl, you are the very first to get her wedding announced to the whole world by non other than The Christiane Amanpour herself. .......Doing things no one has done before, in your own way heh?......congratulations again. "

    Amanpour was going on again " Folks we have further developments now, where do you think the third world war has started? In middle east? Iran? or Libya? .........."

    She didn't have to tell me, I knew where the third world war has started as definite as the sun will rise tomorrow.

    " .............no, folks, not in those usual hot spots of the world. The third world war has started in Melbourne, Australia.......believe it or not,....... and no one is even certain how it all started"

    I was laughing my head off ........." I believe it, Amanpour, I believe it with all my heart,....because I know her....... and .......I know even how it started........ will let you on to the secret if you want know ...........heh, heh."

    With tears of mirth streaming down, I poured myself another glass & raised it " Cheers Poddi, This is for you, ........the one & only...heh, heh "

    ReplyDelete
  22. ලස්සන කතාවක්.

    ReplyDelete
  23. @ Sanu,

    ස්තූතියි, සනු,

    ReplyDelete
  24. සුළු සිදුවීම් මහා බරපතල තීරණ කරා මිනිසුන් මෙහයවන හැටි සියුම්ව විග්‍රහ කෙරෙන හැටි අපුරුයි.. බලමු ඉස්සරහට යන්නේ කොහෙද කියල..

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...