Thursday, April 5, 2012

113. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....10



අවකාශයෙහි ඉතා සැහැල්ලුවෙන් පාවෙමින් සිටි දඩයක්කාරයා වෙතට එසේම සුළං පොදක් සේ පැමිණියේ දඩයක්කාරයාගේ පියාණන්ය. ආසන්නයටම පැමිණ දඩයක්කාරයාගේ සුරත තදින් ග්රහණය කොටගත් ඔහුගේ සිනාමුසු මුහුණ දඩයක්කාරයාගේ සිතට රැගෙන ආවේ සිත පුරා පැතිරීගිය සතුටකි.

එහෙත් ඒ සමඟම දුටු දසුන යලිත් ඔහු සිත විශ්මයෙන් පුරවාලීය. සිදුවන කිසිදු දේකින් විශ්මය පත් නොවන්නෙමැයි අධිෂ්ඨාන කොට සිටියද සිත යලිදු වරක් විශ්මයපත් වීම වළකා ලීමට ඔහු කිසිසේත්ම සමත් නොවීය.

ඔහුගේ මෑණියෝ රැය පුරා දැල්වී උදෑසන නිවීයන ගිණි මැළයකින් නිකුත් දුම් රොදක් ඈත අවකාශයට පාවී යන්නාසේ පාව අවුත් පියාණන් සහ ඔහුට එකතු වූවාය.

ඇය ඔහුගේ සුරත තම වමතින්ද පියාණන්ගේ වමත ඇගේ සුරතින්ද අල්ලා ගත්තී ඔවුන් දෙදෙන දෙසම බලා සුන්දර සිනහවක් පෑවාය.ඇගේ රුව පෙරදින ගෙපැලේ සයනය මත වැතිර හුන් ඔහුට සුපුරුදු මෑණියන්ගේ රුවට කිසිදු අයුරකින් සමාන නම් නොවීය. සුරූපී සහ තාරුණ්යයේ ජවයෙන් ඔද වැඩී ගිය ඈ යොවුන් වියෙහිදී මෙසේ විනියැයි දඩයක්කාරයා උපකල්පනය කලේය.

දෑතින් තම ස්වාමියාගේ සහ පුත්රයාගේ අත් අල්ලාගත් ඈ ඔවුනද සමඟ පීඨිකාව ඉහල අහසේ උදෑසන හිරු එළියේ දිලෙන හරිත වන් තුරු ලතාදිය ඉහලින් පාව ගියාය.කෙමෙන් කුඩා වී ගිය තුරු ලතාදිය එක්වරම නොපෙනී ගියේ ඔවුහු ඝන අඳුරින් පිරී ගිය අවකාශයකට ඇතුළු වූහ.

දසත පැතිරුණු අඳුර හේතුකොටගෙන ඒ කෙබඳු ස්ථානයක් දැයි දඩයක්කාරයාට පැහැදිලි අදහසක් නොවූ නමුදු ඈත දිස් වන කුඩා ආලෝකයක් කරා තමන් වේගයෙන් ඇදීයන බව ඔහුට ස්වල්ප වේලාවක් ඉකුත් වීමෙන් අනතුරුව පසක් විය.

එවන් දෙයක් පිළිබඳව පූර්ව අත්දැකීමක් කිසිසේත්ම ඔහු සතු නොවූ බැවින් ඒ හා සමාන කල හැකි යමක් පිළිබන්ද ඔහු නොදත් නමුදු ප්රිය සොයුර සොයුරිය ඔබ හොඳින්ම දන්නා යමක් ඇසුරින් ඒ අවස්ථාව පැහැදිලි කිරීමට මට අවසර...

අඳුරු බිම්ගෙයක් තුලින් ඉදිරිය බලා යද්දී ඈත එක් කුඩා ආලෝකයක් දිස්වන අවස්ථාවක් සිහියට නඟා ගනු මැනවි. ඔබ ඔබට වැළැක්විය නොහැකි යම් බලවේගයක් මඟින් වේගයෙන් ඒ ආලෝකය දෙසට ඇදී යන අතර විය යුතු ලෙසම මොහොතින් මොහොත ඒ ආලෝකය විශාලවෙමින් දැල්වේ.

එවන් අවස්ථාවක් අත්විඳ නොමැති බැවින් දඩයක්කාරයා ඒ පිළිබඳව නොදැන සිටියද ඔවුන් මේ ඇදී යමින් සිටියේ සත්ය වශයෙන්ම එවන් බිම්ගෙයක් වන් තැනක් තුලිනි. ඒ අවකාශය සහ කාලය අනුයාත කරන එසේම ඒ අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීම සැදුනු බිම්ගෙයක් වැන්නක් යනු මට ඒ සඳහා ඉදිරිපත් කල හැකි නිවැරදිම නොවතුදු හොඳම නො එසේනම් ඉතාම ගැලපෙන නිර්වචනයයි.

මෙසේ ඇදී යන අතර මව සමඟ ගෙවූ ජීවිතයේ සියළු සිදුවීම් දඩයක්කාරයාගේ දෑස් ඉදිරියේ අතීතාවර්ජන සිතුවම් පටක් වර්ධිත ධාවන වේගයක් සහිතව ( Fast Forward ) නරඹන කලෙක මෙන් ඇඳී ගියේය.සමාවන්න....සිතුවම් පටක් යනු කුමක්දැයි අඳෝ සංසාරයක් හෙතෙම නොදත් බැවින් ඔහු ඒ දෙස විස්මයපත් හදින් යුතුව බලා සිටියා පමණි. ඒ කුමක්දැයි ඔහු කිසිසේත්ම නොදත්තේය.

අතීතාවර්ජනය නිමවීම ද ඔවුහු අවකාශයේ පිවිසෙන විටම දුටු කුඩා ආලෝකය වෙත ළඟා වීමද එකම මොහොතේ සිදුවිය. සත්ය වශයෙන්ම ඒ කුඩා ආලෝකයක් නොව මධ්යයේ පිහිටි එක් ඉතා දීප්තිමත් ආලෝක ගෝලයක් වටා කරකැවෙන දිදුලන මිහිදුමක් වැනි යමක් බව ඊට ආසන්න වූ කල දඩයක්කාරයාට ප්රත්යක්ෂ විය.

දිදුලන ආලෝකය වෙත ලඟාවත්ම කෙමෙන් වේගය අඩුවී ගිය අතර අවසන ආලෝකය ඉතා ආසන්නයෙහිදී ඔවුහු තිදෙන නතර වූහ.

දිදුලන ආලෝකය වෙත ලඟාවත්ම කෙමෙන් වේගය අඩුවී ගිය අතර අවසන ආලෝකය ඉතා ආසන්නයෙහිදී ඔවුහු තිදෙන නතර වූහ.

නිමේශයක් ගත වූ පසු......''පුතා මම යනවා''....ඒ අරුත් දෙන සිතුවිල්ලක් සිතට ඇතුළු වන්නා හාම මෑණියන්ගේ වමත ඔහුගේ සුරතින් ගිලිහී යනු දඩයක්කාරයාට වැටහිණි.

ඒ හා සමඟම ස්වාමියා සහ පුත්රයා යන දෙදෙනාගේම දෑත් වලින් තම දෑත මුදාගත් ඈ කෙමෙන් දිදුලන ආලෝකය වෙත පාව ගියාය. අවසන එතුලට වැද නොපෙනී ගියාය.

ජ්වලනය වෙමින් භ්රමණය වන ආලෝකය දෙස කිසිදු අරමුණක් නොමැති හිස් බැල්මෙන් එහි බලාසිටියෝ එක් පියෙක් සහ පුත්රයෙකි.තත්පර කිහිපයක් ද එසේත් නැතහොත් හෝරා කිහිපයක්ද යයි කිසිදු හැඟීමක් නොවූ කාලාන්තරයකට පසු '' පුතා, අපි යමු ආපහු'' මහ දඩයක්කාරයා පුත්රයා ඇණවීය.

හිස සැලීමෙකින් ඊට එකඟත්වය පල කල දඩයක්කාරයා තම පියාගේ සුරත දැඩිව ග්රහණය කොට ගෙන ආපසු ඒමට පිටත් විය.

කෙමෙන් අඳුරු අවකාශයෙන් මිදීගිය ඔවුහු නැවතත් පීඨිකාව ඉහළ උදෑසන හිරු එළියේ දිදුලන පියවි අහසට එක්වනම පිවිසියෝය.

එතෙකුදු මෑණියන්ගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස බද්ධ පර්යංකයෙන් හිඳ සිටි දඩයක්කාර පුත්රයා සහ පියාගේ දේහයන්ට ඔවුහු පිවිසියේ එක් වරමය.

සෙමෙන් දෑස් විවර කල දඩයක්කාරයා දුටුයේ එතෙකුදු දෑස් පියාගත්වනම තමන් ඉදිරියේ හුන් පියාණන්ය. ඔහු වත දෙස බලා සිටියදීම මහ දඩයක්කාරයා තම විසල් දෙනෙත් විවර කළේය. ගැඹුරු එමෙන්ම දහසක් අදහස් වලින් සපිරි බැල්මක් පුත්රයා වෙත හෙලූ ඔහු තම කටහඬ අවදි කලේය. ඒ සිතුවිලි මාත්රයක් නොව සත්ය වශයෙන්ම දඩයක්කාරයාගේ ප්රකෘති ස්වරයම විය.

'' පුතා. මම දන්නවා පුතාගෙ හිතට මේ ඊයෙ ඉඳල සිද්ද වෙච්ච දේවල් මහ බරපතල ගැටලුවක් වෙලා ඇති. ඒ වගේම මේ කිසිදේක අගක් මුලක් හොයාගන්න බැරුව පුතා මංමුලා වැලක් පෑගිලා කැලේ අතරමං වෙච්ච මනුස්සයෙක් වගෙ තුෂ්නිම්භූත වෙලා ඇති. කලබල වෙන්න එපා. මම පැහැදිලි කරල දෙන්නම් ඔක්කොම. කොහොමත් ඊයෙ වෙච්ච දෙයින් පස්සෙ මම තීරණය කලා පුතාට මේ ඔක්කොම විස්තර කිසිදෙයක් සඟවන්නෙ නැතුව කියන්නම ඕනය කියල ''

මහ වන මධ්යයේ අපූර්ව ශෛලමය මායිම් සළකුණු රාශියකින් සමන්විතවූ වෘත්තාකාර පීඨිකාවෙක එක් ස්ත්රියකගේ දේහය මිහිදන් කල ස්ථානය දෙපස හිඳගත් අපූර්ව මිනිසුන් දෙදෙනෙක්. පියෙක් සහ පුතෙක්...

තම ශ්රේෂ්ඨ වූ පරපුර සහ හා බැඳුනු පෞඩ අතීතය පිළිබඳ අනුවේදනීය වෘත්තාන්තය තම එකම පුත්රයා සමඟ පැවසීමට සූදානම් වන පියෙක්.....

ඒ විශ්මයාන්විත අතීත අන්දරය තම පියාණන් ගේ මුවින්ම ශ්රවණය කිරීමට සැරසෙන ඒ පරපුරේ අවසානයා වූ පුතෙක්....

මතු සම්බන්ධයි........

47 comments:

  1. // ඒ අවකාශය සහ කාලය අනුයාත කරන එසේම ඒ අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීම සැදුනු බිම්ගෙයක් වැන්නක් යනු මට ඒ සඳහා ඉදිරිපත් කල හැකි නිවැරදිම නොවතුදු හොඳම නො එසේනම් ඉතාම ගැලපෙන නිර්වචනයයි. //

    ඒ කියන්නෙ worm hole එකක් වගේ එකක්ද.??

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මල්ලි, එහෙම එකක් තමයි, කාලය සහ අවකාශය අතර Short Cut එකක්, ඒ වචනෙම යොදන්නත් හදල ආයෙම නිකං හිටිය. Because it would be like showing my hand....heh, heh.....ඒ උනාට කොහෙද...උඹල එක්ක බෑනෙ, :) :)

      Delete
    2. ඔය පණු හිල් පවතිනවා නම් ඒවා ඇහැට නොපෙනෙන තරම් කුඩාය, ඒවා තරණය කරනු පිණිස ප්‍රමාණවත් තරම් ලොකු කරගන්න නං මහා විසාල ශක්තියක් ඕනෑය කියල පහුගිය දොහක බලාපු "මෝගන් ‍ෆ්‍රීමන් ගොයියගෙ තෘඅවුට් අ වෝම්හෝල්" එකේ කිව්වෙ. හප්පච්චියේ ඒ කියන්නෙ දඩයක්කාරය..... ??? [මොකක්ද මන්ද. මට හිතාගන්න බෑ]

      Delete
    3. හෙහ්, හෙහ්, ඉඳපං නවම් ඉඳපං,....... ඉවසල ඉඳිංකො, හොඳේ.......

      Delete
    4. ඇයි බොල නවමො, දඩයක්කාරයයි පුතයි worm hole එක තරණය කලේ physical body එකෙන් නෙවෙයි නොවැ, astral body එකෙන්නෙ.. ඒකනිසා එතෙන්ට ඔය quantum physics වල නීති-රීති වලංගු නෑ නෙවැ බොලේ.. බොට ඒක තේරෙන්නෙ නැද්ද..!!?? :)

      Delete
    5. @ Buratheno,

      මල්ලි, දඩයක්කාරයයි , මහ දඩයක්කාරයයි Worm Hole ඇතුලෙන් ගියේ Astral Body එකෙන් බව ඇත්ත. ඒත් Astral Body එකක් නෙවෙයි පෘථිවිය වගෙ සම්පූර්ණ ලෝකයක්ම උනත් Worm Hole එකක් ඇතුලෙන් ගෙනියන්න තරම් පුළුවන් Technologically Advanced Civilization එකක් ගැනයි මම මේ කතා කරන්නෙ...හෙහ්, හෙහ්, ඉවසල ඉඳිංකො හොඳේ... :)

      Delete
    6. ඈ බොලං අයියෙ, උඹ දඩයක්කාරයව එච්චර වැඩ්ඩෙක් කරන්න ගියාම කතාවෙ විශ්වසනීයත්වයද මොකද්ද එක බිදවැටෙනවා නෙවැ බං.. මේ කතාව පටන් ගනිද්දි හිටිය දඩයක්කාරයට වඩා වෙනස්ම එකෙක් තමා දැන් ඉන්නෙ.. මට පේන්නෙ උඹ දවසින් දවස බුවාට එකේක බලයන් ආරෝපනය කරනවා වගේ.. දැන් යන විදියටනං මූ ෂුවර් එකටම අර අමාවතී කිවුවා වගේ පිටසක්වලයෙක්ම තමා.. :D

      Delete
    7. අනෙක බං එච්චර Technologically Advanced Civilization එකක්නං මොන කෙහෙම්මලටද දඩයක්කාරයා බුවාගෙ වයිෆ්ට දරුප්‍රසූතියෙදි මැරෙන්න ඇරියෙ..!!?? මොන දහංගැටයක් හරි ගහලා බේරගන්ට තිබ්බනෙවැ..??

      Delete
    8. අඩේ මට මේක කියන්න ඉඩ දීපියව් බොල...කොහෙද බොලා එක්ක බැහැනෙව....හෙහ්, හෙහ්, :) :)

      / දැන් යන විදියටනං මූ ෂුවර් එකටම අර අමාවතී කිවුවා වගේ පිටසක්වලයෙක්ම තමා. /

      අමා ලොක්කි කිව්වෙ බාගෙට ඇත්ත...හෙහ්, හෙහ් :)

      / අනෙක බං එච්චර Technologically Advanced Civilization එකක්නං මොන කෙහෙම්මලටද දඩයක්කාරයා බුවාගෙ වයිෆ්ට දරුප්‍රසූතියෙදි මැරෙන්න ඇරියෙ..!!?? මොන දහංගැටයක් හරි ගහලා බේරගන්ට තිබ්බනෙවැ..??  /

      ඉවසපං කොල්ලො ඉවසපං , ඔක්කොම කියන්නං , ඔක්කොම කියන්නං....හෙහ්, හෙහ්, :) :)

      එහෙම බොහොම දියුණු තාක්ෂණයක් භාවිතා කලාට මහ දඩයක්කාරය දන්නෙ නෑ ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියල...නිකම් පුරුද්දට කරනව විතරයි...

      Delete
    9. අම්මප මටත් අහන්න තියෙන්නෙ ඔච්චර ඇඩ්වාන්ස් එකා අහවල් රෙද්දක්ද මේ කැලයක් ඇතුලෙ කොරන්නෙ කියල, ඒත් ඉතිං ඉවසල ඉඳහං කියන එකේ මං පැත්තකට වෙලා ඉන්නංකො. ඒත් මේ කට කහනව බං අයියෙ. පලුත් ඇවිල්ල.
      බුරභිඩ්ධාන උඹටත් එහෙමද බං ?

      Delete
    10. වැඩ්ඩාක් නෑ බං ඒ ගැන කතාකරලා.. බලමුකො මේකා මොකොටද එන්නෙ කියලා.. :)

      Delete
  2. මේක කියවගන යනකොට The Tibetan Book of the Dead මතක් උනා. මෙයාලට නම් පුදුම මානසික බලයක් තියන්ට ඕනේ අර worm hole එක ලඟට යන්ට.

    දැන් නම් කතාව හොඳටම වෙනස්. බොහෝම බැරෑරුම් .....හිනාවෙන්ටත් බෑ වගේ කවුරුත් හ්ම්ම් කියනවා නෙමෙයි ඕං...:)))

    //තම ශ්රේෂ්ඨ වූ පරපුර සහ හා බැඳුනු පෞඩ අතීතය පිළිබඳ අනුවේදනීය වෘත්තාන්තය තම එකම පුත්රයා සමඟ පැවසීමට සූදානම් වන පියෙක්.....

    ඒ විශ්මයාන්විත අතීත අන්දරය තම පියාණන් ගේ මුවින්ම ශ්රවණය කිරීමට සැරසෙන ඒ පරපුරේ අවසානයා වූ පුතෙක්....//

    එමෙන්ම විශ්මයෙන් අයාගත් මුවින් යුතුව ඒ ශ්‍රවණය කිරීමට බලා ඉන්නා රසික, රසිකාවියන් පිරිසක්....:)

    ReplyDelete
    Replies
    1. අහිංසක අඟුටුමිට්ටන් සත් දෙනෙකු දැඩි උත්සාහයකින් සහ වෙහෙසකින් උපයා කුසගිනි නිවාගැනීමට පිළියෙල කල අහර කිසිදු වග විභාගයකින් තොරව අනුභව කොට සිත්සේ නිද්‍රාවට පත්ව හිඳිනා මෙදියත සියලු දෙන මෙන්ම සියලු දෙයද ප්‍රාදුර්භූත වී ඇත්තේ තමනට රිසි ලෙස තම සුව පහසුව පිණිස ප්‍රයෝජනයට ගැනීමට යන වැඩවසම් මානසිකත්වයෙන් මිදීමට තවමත් අසමත්වූ එක් චුල්ල කුමරියක්.....:) :)

      Delete
  3. ඔය මන් කිවේ නැත ඔය ටික? මේකා අනිවාර්යෙන් පිට සක්වලයෙක්. දැන් ඔයි උනේ, පෘතුවි ජීවිතෙන් මිදුනාම එයාල ආයේ කළු කුහරයක් හරහා කාලය හා අවකාශය සංකෝචනය කරලා හිට එයාලයේ මව් ග්‍රහලෝකේ අයිති වෙන ආලෝක වර්ෂ සිය ගානක් ඈතින් තියෙන එයාලයේ තාරකා පද්ධතියට ක්ෂණයෙන් ගිය එක!
    සිංහලෙන් කිවොත් hyperjump එකක් ...

    ReplyDelete
    Replies
    1. එහෙනං , එහෙනං ...මොකට කියනවද ඒ හරිය? උඹ ඉතිං නොදන්න දෙයක් තියනවය......හෙහ්, හෙහ්,

      Delete
    2. පුහ් අමාවතී දන්න දේවල්.......................

      Delete
    3. පාලොස්සක තිබ්බෙ හයවෙනිදනෙ බං....ඒ කිට්ටුව ඒ මහගෙට ඔහොම වෙනව....හෙහ්, හෙහ්,

      Delete
  4. මචං දඩයක්කාරයාගේ බිරිද මැරුන නේද?

    ඊට පස්සේ මොකෑ වුනේ මට මේක තේරුනේ නැහැ.. කලින් එක මිස් වෙලාද ?

    ReplyDelete
    Replies
    1. දඩයක්කාරයගෙ අම්ම මළා නෙව සෑම්...මේ තාත්තයි පුතයි භූමදාන කටයුතු කලාට පස්සෙ වෙන සීන් එක....කොටසක් මිස් වෙලා වගෙ තමයි ඔයාට...:(

      Delete
  5. මට හිතුනෙ එකම දෙයයි.
    අයින්ස්ටයින් හිටිය නම් කොයි තරම් නම් සතුටු වෙයි ද....

    ReplyDelete
    Replies
    1. අම්මප වත්තො උඹටත් හිතෙන එව්ව :)

      අයින්ස්ටයිං ගොයිය සතුටු කොහොම වෙතත් දිව විකාගෙන දිවිනහ ගත්තෙ නැත්තං ඇති...අනේ මම මෙච්චර වද විඳල හොයාගත්තු කාලය සහ අවකාශය ගැන තියරිය මේ කොහෙද යන එකෙක් උගෙ එලොවටත් වැඩක් නැති මෙලොවටත් වැඩක් නැති දෙකයි පනහෙ පල් හෑල්ලකට ඈඳල කියල....හෙහ්, හෙහ්,

      Delete
  6. //'' පුතා. මම දන්නවා පුතාගෙ හිතට මේ ඊයෙ ඉඳල සිද්ද වෙච්ච දේවල් මහ බරපතල ගැටලුවක් වෙලා ඇති. ඒ වගේම මේ කිසිදේක අගක් මුලක් හොයාගන්න බැරුව පුතා මංමුලා වැලක් පෑගිලා කැලේ අතරමං වෙච්ච මනුස්සයෙක් වගෙ තුෂ්නිම්භූත වෙලා ඇති.//

    හතිලව්වෙ ඌ විතරක් නෙමෙයි, මාත් එහෙම්මමයි, කැරකිලා, ඇඹරිලා, කොරවෙලා ඉන්නෙ මේ අහවල් දෙයක්ද කියල.

    උඹ අමනාප වෙන්න එපා අයියෙ මං මෙහෙම කිව්වට. අපේ ගෙදර උන්දැගෙ ඉස්සෙල්ලම පත්වීම හම්බුවෙච්ච අංගොඩ ඉස්පිරිතාලෙත් ඔන්න ඔය උඹ වගේ හිතන එකෙක් උන්නලු. ඌ කිව්වෙ අර සුනිල් පෙරේරගෙ සින්දුවෙ ඉන්න අඟහරුව ඌය කියලලු. :D

    ප.ලි : හොඳ වෙලාවට උන්දැට පිස්සොත් එක්ක ඉඳල පුරුදු !!

    ReplyDelete
    Replies
    1. / උඹ අමනාප වෙන්න එපා අයියෙ මං මෙහෙම කිව්වට. අපේ ගෙදර උන්දැගෙ ඉස්සෙල්ලම පත්වීම හම්බුවෙච්ච අංගොඩ ඉස්පිරිතාලෙත් ඔන්න ඔය උඹ වගේ හිතන එකෙක් උන්නලු. ඌ කිව්වෙ අර සුනිල් පෙරේරගෙ සින්දුවෙ ඉන්න අඟහරුව ඌය කියලලු. :D /

      චූටි මැණිකෙ එතන වැඩට ගියාට පස්සෙ ඌට සනීප උනාය කියල තමයි ආරංචිය....

      පහුවදාම ඌ රෙදි පෙරෙදිත් පොට්ටනි ගහගෙන ගෙදර යන්න ලෑස්ති උනාලු ඔන්න හොඳේ...

      වාට්ටුවෙ ලොකු දොස්තර මහත්තය ආහම උන්දැ ලඟට ගියාලු බොහොම ගවුරව සම්ප්‍රයුක්තව..

      '' සර්...මම මේ....''

      '' ඔව් මොකද තමා මේ රෙදිත් ඔක්කොම පොට්ටනි ගහගෙන? ''

      '' මම, මේ ගෙදර යන්න කියල..''

      '' ඒ කියන්නෙ?...දැන් තමාට සනීපද? ''

      '' ඔව් සර්, මට මෙහෙ ආපු දවස්වලම අපෙ අඟහරු ලෝකෙ රජ්ජුරුවො හීනෙං පෙනිල කිව්ව කවද හරි දවසක මම අඟහරු ලෝකෙං එක්කෙනක් එවනව ඔහාට. අන්න ඒ දවසට පහුවදාම තමුං ආපහු එන්න ඕන කියල ''

      '' ඉතිං එහෙම එක්කෙනෙක් මෙහාට ආවද? ''

      '' ඔව් සර් අර ඊයෙ මෙහෙට ආපු අලුත් මිසී..එයා අඟහරු ලෝකෙන් ආපු එක්කෙනෙක්...මම දැක්ක ගමං අඳුන ගත්ත....මට හොඳටම ෂුවර්....''

      / ප.ලි : හොඳ වෙලාවට උන්දැට පිස්සොත් එක්ක ඉඳල පුරුදු !! /

      අඩෝ මේ නොකිව්වයි කියන්න එපා මේ වගෙ එව්ව කියන්න ඔට්ටු නෑ හොඳද? ඔව්වට කියන්නෙ Pre-emptive Strike කියල.

      ආයේ මේ වගෙ එව්ව කිව්වොත් අම්මප මකල දානව ඒ කෑල්ල... :) :)

      Delete
    2. පස්වාන්දාසකට බුදුවන්න සමාව වදාරෙන්ඩෝ :D

      Delete
  7. ඊ ළඟ කොටස එනතෙක් බලන් ඉමි . මට ඔය අයින්ස්ටයින්ගේ තියරි නම් තේරෙන්නෙම නැත . ඒත් කතාව නම් පන්කාදුය. ස්මර්ෆ්ලා මේ ලෝකෙට එන්නේ ඔය වගේ ගුලකින් නේද .

    ReplyDelete
    Replies
    1. / මට ඔය අයින්ස්ටයින්ගේ තියරි නම් තේරෙන්නෙම නැත . /

      සාපේක්ෂතාවාදය ගැන අයින්ස්ටයින්ම පැහැදිලි කලේ මෙන්න මෙහෙමයි,

      When you are courting a nice girl an hour seems like a second. When you sit on a red-hot cinder a second seems like an hour. That's relativity. - Albert Einstein

      / ඒත් කතාව නම් පන්කාදුය. /

      බොහොමත්ම ස්තූතියි බින්දි... :)

      / ස්මර්ෆ්ලා මේ ලෝකෙට එන්නේ ඔය වගේ ගුලකින් නේද . /

      ඒ ගැනනම් අනේ පොඩි රීසර්ච් එකක් කලත් හරි තොරතුරක් දැනගන්ට ලැබුනේ නැහැ :(

      Delete
  8. අනේ බොරු කියන්නේ මොකටද අය්යේ..මට ඔය කියන මෙලෝ කෙහෙල්මලක් තේරෙන්නේ න..මොලේට යන්නේ සුරගනා කතාඊ , ආදර කතා විතරමය්ද මන්ද.. ඔය සපෙක්ෂතවාදේ කාලයක් ඉගෙනත් ගත්ත,, ඒ කාලෙත් තේරුනේ නෑ අප්පා මෙලෝ දෙයක් .ඒ කාලේ මගේ නොදන්නා කම හින්ද වෙච්ච රසවත් මතකත් තියෙනවා.. මේකත් ඉතින් මන් ටිකක් බැරෑරුම් සුරඟන කතාවක් කියල හිතන් කියවන්නම්.. :D

    ReplyDelete
    Replies
    1. / මොලේට යන්නේ සුරගනා කතාඊ , ආදර කතා විතරමය්ද මන්ද../

      ඒ බාං ඕක වෙන්නෙ මෙහෙම නෙව, කෙල්ලොංගෙ තියනව මොල ගෙඩියට සංජානනය ගමං කොරන ඉස්නායුවෙ පොඩි කපාටයක් වගෙ එකක්....ඒකට කියන්නෙ සුරඟන සහ පෙම්කථා ව්‍යාතිරේඛ නිෂේධන පෙරණය කියල .... ඕක හරියටම තියෙන්නෙ අනු මස්තිෂ්කයෙ දකුණු අග්‍රයයි පිටියුටරි ග්‍රන්ථියෙ උතුරු කොණයි අතර පිටිපස්සට වෙන්ට දෙවෙනි සහ තුන්වන ග්‍රෛවී කශේරුකා අතරෙ....නමෙම්ම තේරෙනව නෙව ඕකෙං කොරන වැඩේ. සුරංගනා කතායි පෙම් කතායි ඇරෙන්න හරබර වැදගත් කතා ඔක්කොම ඔතනිං පෙරල අයිං කරනව....ඊස්ට්‍රජන් හෝමෝන ශ්‍රාවයත් එක්ක තමයි මේ පෙරණය ක්‍රියාත්මක වෙන්නෙ.

      / මේකත් ඉතින් මන් ටිකක් බැරෑරුම් සුරඟන කතාවක් කියල හිතන් කියවන්නම්.. :D /

      අඩේ එහෙම එව්වත් තියනවද බොල?....බැරෑරුම් සුරංගනා කතා කියල හෙහ්, හෙහ්....

      මේ දෙබස තමයි ඔන්න මට මතක් උනේ ...:) :)

      '' දැන් ඔබ තුමිය කියන්න බලන්න ඔබේ ජීවිතේ අමතක නොවන සිදුවීම් එහෙම මොකවත් තියනවද...අපේ මේ අසන්නන්ට දැනගන්ට "

      '' අනේ ඔව් මෙයා, එහෙම එව්ව නම් හරියට තියනව...ඒත් බලන්නකො අනේ ඒ එකක්වත් මට මතක නෑනෙ ''

      Delete
    2. //සුරඟන සහ පෙම්කථා ව්‍යාතිරේඛ නිෂේධන පෙරණය// එළකිරි නම

      //අඩේ එහෙම එව්වත් තියනවද බොල?....බැරෑරුම් සුරංගනා කතා කියල හෙහ්, හෙහ්....// අය් බොලේ මේ තියෙන්නේ..

      Delete
  9. මෙකුවිට විතරක් නෙමෙයි රවී උන්නැහේටත් තේරෙන්නෙ නැතිලු මේ වෙන්න යන්නෙ අහවල් දෙයක්ද කියල. මේ දවස් වල දඩයක්කාරය ආවේස වෙලා දිව විකාගෙන ලියාගෙන ලියාගෙන යනව මිසක් නැහැ නොවැ මනුස්සයට මේලෝකෙ කල්පනාවක්. මේක සම්භාව්‍ය සුරංගනා කථාවක්. නොතේරුනත් තේරුනා වගේ ඉන්න ඕනෙ. මේ මං ඉන්නෙ. නැත්නං ස්ටේටස් බහිනව නෙව. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. / මෙකුවිට විතරක් නෙමෙයි රවී උන්නැහේටත් තේරෙන්නෙ නැතිලු මේ වෙන්න යන්නෙ අහවල් දෙයක්ද කියල. /

      ඇත්තම කියනව නම් නවමො එහෙම සීන් එකකුත් ලාවට වගෙ ආව. ඒත් මයෙ කිඩ්නිය හොඳයිනෙව... :) :).....ඒක භාවිතා කරල යන්තම් වැඩේ ගොඩ දාගත්ත. ඉඳහල්ලකො තව ජුංඩක්....මේ කතාව තර්කානුකූලව ග්‍රැමානුකූලව එතනින් ගිහාම විචක්ශනසීලීව ලියාගෙන යන ගමං....දිවේ නං අම්මප අර කිව්වත් වගෙ ගන්ට දෙයක් නැහැ. හැපිලම රැල් වෙල ගිහිං. ඒත් ඉතිං දිවෙං අර උඹ එක පාරක් කිව්ව පොරෝජං ගන්නෙ නැති නිසා අවුලක් නෑ....හෙහ්, හෙහ්,

      පොඩි පරක්කුවක් තියෙන්නෙ ලියන එක ලියන්ට එපාය ආයෙ අහුකොං නැති වෙන්ට...එහෙං අර සජීවී නාන කෝසයක් බඳුවූ බූරාබිදානයැ ( ඕකගෙ පෙකනිවැල කපල තියෙන්නෙත් සද්දර්ම රත්නාවලිය උඩ තියලයි කියල මට ආව ආරංචියක්..අනේ හැබෑ බොරු නම් ඔන්න මන්ද ) මෙහෙං සිරුර පුරා මස්තිස්කය පිරි නවමාබිදානයැ.( නවමට දොස්තරල කියල තියනව කියන්නෙ හැබෑද එහෙ මෙහෙ යනකොට බොහොම පරිස්සමින් කියල යන්තම් කකුලෙ මාපට ඇඟිල්ල තුවාල උනයි කියමු. කෙලින්ම එලියට එන්නෙ මොලේනෙ )

      මේ දෙවැදෑරුම් පඩි රුවං වලින් බේරී කතාවක් ලිවීම එසේ මෙසේ කාරියක්යැ....හෙහ්, හෙහ්,..ඒ කාර්යයට සමත් වන්නාහු නිසකයෙන්ම උන්ටත් වඩා ඥාණවෘද්ධ එසේම බහුශෘත පඬි රුවනක් මැයි....හෙහ්, හෙහ්, ඒ නම් වෙන කිසිවකු නොව මේ මම්ම වේදැයි පවසා........

      Delete
    2. //මේක සම්භාව්‍ය සුරංගනා කථාවක්. නොතේරුනත් තේරුනා වගේ ඉන්න ඕනෙ. මේ මං ඉන්නෙ. නැත්නං ස්ටේටස් බහිනව නෙව. හෙහ් හෙහ්...// hikz..මින්පසු මේ වගේ ඉඳිමි

      Delete
    3. .@ Nawam & Mekuwi,

      //මේක සම්භාව්‍ය සුරංගනා කථාවක්. නොතේරුනත් තේරුනා වගේ ඉන්න ඕනෙ. මේ මං ඉන්නෙ. නැත්නං ස්ටේටස් බහිනව නෙව. හෙහ් හෙහ්...// 

      ඔන්න තවත් සෝක් කතාවක් මතක් උනා......

      පස්චාත්.....ශිහ්, වැරදි නේද? පස්තාච් වෙන්න ඕන නේද?.....හරි පස්තාච් නූතන වාදී චිත්තර සිල්පියෙක් ඔන්න චිත්තර ප්‍රදස්සනයක් පැවැත්තුව.ඒකෙ එක චිත්‍රයක් තිබ්බ... අප්ප විචාරකයො ඒ ගැන වර්නනා කලේ පොර කකා. හැමෝම ඒකෙ දැක්කෙ වෙනස් වෙනස් සම්බාවනීය අර්තයක්. ගුරුලුගෝමීන්ගේ නැවත ඉපදීම, පිකාසෝගේ මුනුබුරා ඔන්න ඔහොමයි ඒ චිත්‍ර සිල්පිය ගැන වර්නනා කලේ.අර චිත්‍රය ගන්ට එක එක කවුතුකාගාර පොර කෑව. අන්තිමට චිත්‍රෙ ඩොලර් ලස්සගානකට විකුනුනා.

      ඒත් අපෙ චිත්තර සිල්පිය බොහොම දුකෙං ඉන්නව දැකල යාලුවෙක් ඇහුව මොකද කියල

      '' දුක නැද්ද ඕයි...කොච්චර සල්ලි හම්බුනත් මොකටද අර බර ගානකට විකුනුනෙ, චිත්‍ර ඇඳල ඉවරවෙල පින්සල් හෝදන්ට ඉස්සර මම එව්ව අතුල්ලපු කැන්වස් එක.... ''

      අනික් අතට ළමයි මෙහෙම සීන් එකකුත් තියනව...

      '' කලා කෘතියක් නිර්මාණය කල සැනින් නිර්මාපකයා මියයයි. ඉන්පසු එහි හිමිකරුවන් වන්නේ ප්‍රේක්ෂකයාය. ඔවුනට රුචි පරිදි ඒ නිර්වචනය කල හැක. ''

      මට මතක නෑ ඕක කිව්වෙ කවුද කියල..එක්කො දෙවෙනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ පුරෝහිතය අරිට්ට කීවෙංඩු එහෙම නැත්නං දොං ජෙරොනිමෝ ද අසවේදු වෙන්න ඕන..කවුරු උනත් කමක් නෑ...කතාව ඇත්තනෙ...ඉතිං බොලාටත් මට කියන්න තියෙන්නෙ මේ සම්බාව්විය කලා කුරුතිය ඒ කිව්වෙ දඩයක්කාරය බොලාට කැමති කැමති විදිහට අර්ත විවරනය කර ගනිල්ල. ඒ කරල නිවාඩු වෙලාවක මටත් නිකමට වගෙ කියාපල්ල...හොඳේ....අනික එහෙම අර්ත විවරනයක් කොරගන්ට බැරියෙයි කියන්නෙ ඔන්න මයෙ වැරැද්දක් එහෙම නම් නෙවෙයි අර නවම කිව්වහෙ බොලාගෙ විචාර බුද්දියෙ මදි පාඩුකොම. මට කොරන්න දෙයක් නෑ බොල ඒකට...:) :)

      Delete
    4. // එහෙං අර සජීවී නාන කෝසයක් බඳුවූ බූරාබිදානයැ //

      ඕං අයියෙ මටත් කතාවක් මතක්වුනා.. මේක මේ මං හදලා කියන දෙයක් එහෙම නෙවෙයි, අ‍පේ ගෙදර උදවිය කියන දෙයක්.. මට අකුරු කියැවුවෙ අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවො නෙවැ.. ඉතිං ඔන්න උන්නාන්සෙ මාව ලගින් වාඩිකරවගෙන 'අ'යන්නට උඩින් ඇගිල්ල තියාගෙන බොහෝම ගැඹුරු හඩින් 'අ'යන්න කිවුවලු.. මයෙ බහුස්සැරත කම කොච්චරද කියනවානං මං 'අ'යන්න, 'ආ'යන්න, 'ඇ'යන්න, 'ඈ'යන්න ආදී වසයෙන් දිගටෝම කියවගෙන ගියාලු හෝඩිය ඉවරවෙනකම්ම.. :D

      Delete
    5. ඊට පස්සෙ හාමුදුරුවො වටාපොතේ මිටෙන් දුන්න නේද බුරා බබාගෙ ඔළු ගෙඩියෙන් පැණි බේරෙන්න මෙහෙව් පෝරිසාදයෙක් මං ජාතකපොතේවත් කියවල නැතිය කියල හෙහ් හෙහ්. එදා ඉඳල යාන්තමට නුහුගුණේ.

      Delete
    6. මට නං හිතෙන්නෙ නවමො මෙන්න මෙහෙමයි උනේ......හෙහ්, හෙහ්,

      ලොකු හාංදුරුවො ටිකක් වෙල රවාගෙන ඉඳල කතා කරාලු පැත්තකට වෙලා එකත්පස්ව ඉඳපු මහ බූරාබිදානට , ඒ කිව්වෙ බූර බබාගෙ අප්පොච්චිට. ඒ කරල කිව්වලු මෙහෙම,

      '' මහ බූරා උපාසක මහත්තයො. මම ඔලුව හිල්වෙන්ට ටොක්කක් අනින්ට කලින් අරං ගියානං මේ වසවර්ති පැටියව පැත්තකට...හුහ්, ආව මෙතන...මුන්දැ ඇවිත් තියෙන්නෙ මෙතන මට හෝඩිය කියල දෙන්ට වගෙ මට පේන්නෙ...මම හූන කිව්වැහෙ කියන්නම් උපාසක මහත්තයො, හොඳට මතක තියාගන්ට....මේකා කවදක හරි දන්න දේකුත් නැති, නොදන්න දේකුත් නැති.... මහ පෝරිසාදයෙක් වෙනව.....'' :D :D :D

      Delete
    7. ඉතිං ඒක නෙවෙන්නං බොල දැන් වෙලා තියෙන්නෙ.. දන්න දේටයි නොදන්න දේටයි හැමඑකටම හොට දාන ඇම්ඩෙක් නේන්නං බිහිවෙලා ඉන්නෙ.. අම්මප අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවො තාම හිටියානං උන්දැව හොයාගෙන ගොහිල්ලා මල් පුදන්ට ඕන නොවැ..

      පලි: මයෙ වෙලාවට මෙතන නිරීක්ෂක තැන නෑ, හිටියානං උන්දැ මොකක්හරි කට කැඩිච්චි කතාවක් කියනවා.. :D

      Delete
    8. .@ Buratheno,

      / පලි: මයෙ වෙලාවට මෙතන නිරීක්ෂක තැන නෑ, හිටියානං උන්දැ මොකක්හරි කට කැඩිච්චි කතාවක් කියනවා.. :D /

      හෙහ්, හෙහ්, මලේ දන්නවය...නීරීස්සකය මේ දවස් වල ලංකාවට ගොඩ බැහැල....එහෙ යකා නටනවලු සයිබර් හීන උලෙල ද මොකක්ද අර මෙයාල මේ නටන්ඩ යන නාඩගමේ ප්‍රදාන සංවිදායක කම ඉල්ලල. දුන්නෙ නැත්තං එදාට ඇවිත් ඉස්ටේජ් එකේ බෙල්ලෙ වැලදාගන්නවයි කියල තමයි තර්ජනේ කොරනව කියන්නෙ. සංවිදායක මංඩලයත් තක්කු මුක්කු වෙලා ඉන්නෙ. උලෙල කෑන්සල් වෙන සයිස් එකක් තමයි දැනට තියෙන්නෙ...හෙහ්, හෙහ්,

      Delete
    9. ප්‍රධාන සංවිධායක කොම නං දෙන්ට බැරියැ.. මට බය මේ යකා සයිබර් හීන උළෙලේ 'හීන කුමරා' පට්ටමත් පොරටම දෙන්ට කියලා තර්ජනේ කොරයිද කියලා, එහෙවු එකකුත් බැරි එකා නෙවෙයි.. :D

      Delete
  10. මේක මාර කතාන්දරයක්නේ. සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා කියවන්න පටන් අරගෙන මැද්දෙදි 3001ට මාරු උනා වගේ. කතාව ඉවර වෙද්දි මොන මොනවා වෙලා තියෙයිද දන් නෑ. :D :D :D

    ReplyDelete
    Replies
    1. / සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා කියවන්න පටන් අරගෙන මැද්දෙදි 3001ට මාරු උනා වගේ /

      අම්මප ඇත්ත බොල, කතා කියවලම මයෙ කුඩා මොලෙයි මූත්‍රාසයයි එකට පැටලිල තියෙන්නෙ .....හෙහ්, හෙහ්,

      ඔය වගේම වෙනව මට ඒ දවස්වල ටෙලි නාට්ටිය බලද්දි.... සතියකට දවස් තුනක්නෙ ඒ දවස්වල ගෙදර එන්නෙ...සතියෙම යන කතාවල මට කොටසක් දෙකක් ඔන්න මිස් වෙලා. ඒ මදිවට ඔය කතා ගොඩක ඉන්නෙ එකම නළු නිළි සැට් එකනෙ. ඉතිං තවත් මොලේ කොළොප්පං...

      '' අඩේ මේ යකාව තියන්ට වටින්නෙ නෑනෙ, පෙනේද මේ අළුගුත්තේරුව කරන වැඩේ? ''

      '' ඇයි ? ''

      '' ඇයි කියන්නෙ?....අරහෙ අර ගෑණියි ලමයි දෙන්නයි ගමේ දාල ඇවිල්ල මූ මෙහෙ වෙන කෙල්ලෙකුට ලයින් දානව..ඔව්ව කැත වැඩ නෙවෙයිද? ''

      '' මොන ගෑණියෙක්ද අනේ?....ඒ ඔයා කියන්නෙ නමයාමාරට යන බිඳුනු කලගෙඩිය නාට්ටියෙනෙ..මේක ඒක නෙවෙයි අනේ මේක රෝස මලේ පෙති මත තිබු පණු බිත්තර නාට්ටියනෙ ''

      '' සික් ඔන්න බලන්ටකො ඔය ඔක්කොම මට ටැපලිලනෙ. පණු බිත්තර එකේ නේද අර කෙල්ලගෙ ඔලුව හොඳ නැතිවෙල ඉසකුඩිච්චියක් දැම්මම ඒක පිටිම්ම කෙල්ල නයිටියකුත් ඇඳගෙන සිංදු කිය කිය මහ පාරෙ අඇවිදින්නෙ? ''

      '' ඉසකුඩිච්චියක් දැං දාන්න වෙන්නෙ මට පේන්නෙ ඔයාට...එහෙම සීන් එකක් තියෙන්නෙ ඒ කතාවෙ නෙවෙයි, ඒක තියෙන්නෙ තටු ගලවන්න අවසරයි කතාවෙනෙ. ''

      '' ආහ්, හරි හරි ඒකෙ නේද අර කොල්ල කුකුල්ලු සුද්ද කරන තැනක වැඩ කරන්නෙ? ''

      '' අන්න හරි, ඇති යන්තං ඒකවත් මතක තිබ්බ...හරි ඔය පැටලුං පස්සෙ ඇරගමු. දැං හොඳ ලමය වගෙ මේ කතාව බලල ඉමු.... ''

      / කතාව ඉවර වෙද්දි මොන මොනවා වෙලා තියෙයිද දන් නෑ. :D :D :D /

      ඔබත් නොදන්නෙහි...මම ද නොදන්නෙමි..... : D : D

      Delete
    2. //අම්මප ඇත්ත බොල, කතා කියවලම මයෙ කුඩා මොලෙයි මූත්‍රාසයයි එකට පැටලිල තියෙන්නෙ //

      එහෙනං මගෙ අනුමානෙ හරි, මොළගෙඩිය තියෙන්නෙ අධෝමාර්ගය ආසන්නයෙම තමයි.

      Delete
    3. ඔන්න කිව්ව කතාවක්....

      බොල නවමො....මොල ගෙඩිය තියෙන්නෙ අදෝ මාරිගේ ආසන්නෙ නෙවෙයි බොල මයෙ මූත්තරාසෙ තියෙන්නෙ ඔලු ගෙඩිය ඇතුලෙ...හෙහ්, හෙහ්,

      Delete
    4. හප්පද බොල, එහෙනං නළල දිහාව බලන්නවත් බැරුව ඇති. අතිං වහගෙනද ඉන්නෙ එහෙම නැත්නං ජටාවක් බැඳගෙනද ? :D

      Delete
    5. @ nawam,

      "ඔය කිව්වෙ....... තව එකක් ඒ පාර...අම්මප උඹ තමයි දවසකටවත් මිනිහ..කවුද බොල උඹෙ රංකිරි කට ගෑවෙ?.....හෙහ්, හෙහ්,
      "

      බොල මූත්තරාසය විතරයි ඔලුව ඇතුලෙ තියෙන්නෙ....උඹ කියන විදිහට ඕක නලලෙ තියෙනව නං බොල අනිත් අඩුම කුඩුමත් ඒ කිට්ටුව තියෙන්ට එපාය...එව්ව කොහේ තියනවයි කියලද හිතන්නෙ...කං දෙක පිටිපස්සෙ වගෙ?......හෙහ්, හෙහ්,

      අනික අපි නං අහල තියෙන්නෙ එහෙම නලලෙ තියෙන්නෙ අර අනික් කට්ටියගෙ කියල.....හෙහ්, හෙහ්, දන්නවනෙ කියන්ට ඕන නැහැනෙ නේද? ....

      Delete
  11. දැන්නම් මේක කොහෙන් නතර වෙයිද කියලා හිතාගන්න බෑ බන් අයියෙ

    ReplyDelete
    Replies
    1. ඉවසපාං මලේ ඉවසපාං.....

      ඉවසන්න මම චන්න ඇමතී වෙමී...මා එක්ක ගියෙ ඊයෙ සිදුහත් හිමී....හෙහ්,හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...