ජීවිතේ ගැන මට මතක ඇති කාලෙක ඉඳල තිබ්බෙ අමුතුම කල්පනාවල් එහෙම නැත්නම් අදහස්.....කිසිම බරක් පතලක් නැතුව කිසිම අරමුණක් නැතුව නිදැල්ලේ ජීවිතේ ගෙවන්න පුළුවන් උනොත් මගෙ ඉහටත් උඩින් කියලයි මම හිතුවෙ. මේ......නිකම් ඔහේ නිදැල්ලෙ පාවෙනව වගේ....
පොඩි කාලෙ අපි හැමෝගෙන්ම සිය දහස් වාරයක් ඇසෙන ප්රශ්නයක් තමයි පුතා නැත්නම් දුව, ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියල......මම කිසි දවසක ඔය ප්රශ්නෙට උත්තරයක් දුන්නෙ නෑ කියල මට හොඳටම මතකයි. ඒ වෙන දෙයක් හින්ද නෙවෙයි...ඒ වගෙ බොරුවට හරි හිතාගන්න මම මෙහෙම වෙනවයි කියල, ඒ කාලෙ ඉඳලම මගෙ කිසිම අදහසක් තිබ්බෙ නෑ...
ටිකින් ටික වැඩි වියට පැමිණෙද්දි උනත් ජීවිතේ ගැන මගෙ නෑ කිසිම අරමුණක්...ඉස්කෝලෙ ගියා, විභාග වලට ලිව්ව..පාස් උනා. ඒ වගේම ෆේලුත් උනා...චිත්රපට බැලුව, නාට්ය බැලුව, පොත් කියෙව්ව...පෙම් සබඳකම් ඇති උනා...ඒ වගේම නැති උනා. රස්සාවක් කලා...ඒත් ඔය එහෙකදිවත් මගෙ තිබ්බෙ නෑ ජීවිතේ මේ වගෙ වෙන්න ඕන නැත්නම් හෙට , අනිද්ද, ලබන මාසෙ, ලබන අවුරුද්දෙ, මම මෙන්න මේ තත්වෙට එනව, මෙන්න මේ ඉලක්ක ජයගන්නව, කියල අරමුණක් එහෙම නැත්නම් අධිෂ්ඨානයක් වගේ එකක්.
අපෙ අම්මල තාත්තල බොහොම මධ්යම පාංතිකයො. අඩුවක් පාඩුවක් අපිට නොකෙරුවට, සල්ලි කාරයො නම් නෙවෙයි.ඉස්කෝලෙන් අස් වෙලා ඊටපස්සෙ කරපු කාර්මික විද්යාල පාඨමාලාව ඉවරවෙන්නත් ඉස්සර මට පූරුවෙ වාසනාවකට වගේ රැකියාවක් ලැබුණ.
මගෙ ජීවිතේ හැබැයි එකක් තියනව. කවදාවත් මගෙ ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ වගේම තිබුණු බොහොම සුළු බලාපොරොත්තු කඩ උනෙත් නෑ කිසිම දවසක.
ඉතිං ඔය රස්සාව කරගෙන ඉන්දැද්දිත් මට ඒ හැටි ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ...අමතර ඔය මොනවහරි කොන්ත්රාත් එකක් කරල සල්ලි කීයක් හරි හම්බ කරගන්න, කසාදයක් කර ගන්ට, කැලෙන් එළියට ගෙවල් කිට්ටුවට ට්රාන්ස්ෆර් එකක් ගන්න...පඩි හම්බුනාම රත්තරන් බඩු ගන්ට ....ඔව්වයෙ මොනම දේකවත් මට උවමනාවක් තිබුනෙ නෑ..ඔය මම කලින් කියපු කාරණා තමයි මා එක්ක එකට වැඩ කරපු මයෙ යාළුවන්ට තිබුණු බලාපොරොත්තු, අපේක්ෂා, ජීවිතේ අරමුණු...
හවහට අරක්කු පොඩ්ඩක් දාගෙන මිදුලෙ පුටුවක් තියාගෙන හඳ තියෙන දාක නම් ඒ දිහා බලාගෙන ඉන්ට, හඳ නැතිදාකනම් කණාමැදිරි අපෙ ක්වාටස් එක වටේ තිබ්බ වීර ගස් වල අතු අස්සෙ කැරකි කැරකි නටනව බලන්ට, ඒ මොකවත්ම නැත්නම් හිත ගත යාන්තමට මත් වෙලා පුළුන් රොදක් වගෙ පාවෙන්ට තනන අතරෙ සුනේත්රගෙ පොතක් කියවන්ට...සයිමන් එක්ක මහ කැලේ විලක් අසබඩ භාවනා කරන තාපසයෙක් හම්බ වෙන්ට යන්ට....එහෙමත් නැත්නම් ජයසේන ජයකොඩි එක්ක රාහුල හාමුදුරුවො තුවක්කුවකුත් අරන් වෙඩි තියන්ට එන මනුස්සය ඉස්සරහ කිසි බයක් සැකක් නැතුව භාවනානුයෝගීව ඉන්නව බලන්ට යන්ට තිබ්බ නම් මට ඒ ඉහටත් උඩිං.
ඒ වගේම ඔය හිතට එන හිත ඇතුලෙ පැහැවන අදහස් අකුරු වලට හරවන්ට...කඩදහියකට පේළි පේලි අමුණන්ට ..අන්තිමට මාතෘකාවකුත් දාල යටින් පොඩි අත්සනකුත් ගහල දිනෙත් දාල මයෙ ලඟ තිබ්බ පයිල් එකේ දාල තියන්ට...හිතුනාම ඇදල අරගෙන කොණක ඉඳල කියවන්ට..... ඔය තමයි මගේ ලෝකෙ.....ඔයිට එහා දෙයක් මට ඕන උනේ නෑ...
අහ්..පොඩ්ඩෙන්නං අමතක වෙනව...අමරදේව මාස්ටර්ගෙ, සුනිල්ගෙ, එඩ්වඩ්ගෙ, වික්ටර්ගෙ, මර්වින්ගෙ, සනත්ගෙ සිංදුවක් දෙකක් හෙමිහිට මුමුණන්ට...
පඩි දීල ඊලඟ සති අන්තය... යාළුවො ඔක්කොම හෙට ගම් රටවල් බලායන්ට ලෑස්තිවෙනව.
'' මම දවස් තුනක් නිවාඩු දැම්ම...මචං මම අර කිව්වෙ අපෙ අම්මල මනමාලියක් හොයල...කුරුණෑගල හොස්පිටල් එකේ නර්ස් කෙනෙක්....ලස්සනයි කෙල්ලත්..වැඩේ සෙට් උනොත් මේ අවුරුද්දෙම බඳිනව...''
මූණෙ හිනාකටක් පුරෝගෙන එහෙම කියපු එකා මටත් වඩා අවුරුදු හතරක්ද කොහෙද බාලයි...
'' මම සඳුද යන්ට ඕන බෑන්ක් එකට...ඉඩං කෑල්ලක් තියෙනව අපෙ ගෙවල් ළඟම..පාර අයිනෙම..ෂෝක් තැන. හරි හතරැස්...තැනිතලාව...ලෝන් එක පාස් උනගමං ඒක අරංදාන්න ඕන...''
ඒ තව එකෙක්.ඌටනං මගෙ වයස...
'' හරි, හරි, බං මනමාලියො බලන්ට යන්නෙ... ලෝන් ගන්ට යන්නෙ... ගෙදර ගිහිල්ල නෙව. දැං මේක බීහල්ල....තව බෝතලේකුත් තියනව..''
'' ඇති බං හෙට උදේට යන්ටත් එපාය...''
මම තව එකක් වක්කරගෙන ගහල දැම්ම...
'' අඩේ මචං, උඹ මොනවද බං කරන්න හිතාගෙන ඉන්නෙ?...බලපං කෙල්ලෙක් හොයාගන්න, කසාදයක් කරගන්න උනන්දුවකුත් නෑ. සල්ලි ටිකක් ඉතුරුකරගන්න., එහෙම කල්පනාවකුත් නෑ....අනේ මම දන්නෙ නෑ උඹ මොන නැකතකින් උපං එකෙක්ද කියල....''
ඒ අර මනමාලියෙක් බලන්ට යන්ට හදන එකා...මම ඌ දිහා බලල හීනියට හිනාවෙලා වඩේ කෑල්ලක් අතට ගත්ත.
'' හිනාවෙන්ට එපා බං, ඔහොම පිස්සු කෙලල බැන්ද දවසක උඹට තේරෙයි...ඔහොම එළොවටත් නැති මෙළොවටත් නැති කිසිම දේකට උනන්දුවක් නැතිව ඉන්න කොට ගෑණු කැමති නෑ බං ''
ඌ එක්ක කතාවට යන එකේ තේරුමක් නෑ...මොනව උනත් එවුං ඔය කියන්නෙ මයෙම හොඳටනෙ. අඩු ගාණෙ එහෙම හිතාගෙනවත්නෙ ඔය කියන්නෙ. ඔය කියන දෙයක් හිනාවෙල අහගෙන හිටියම ඉවරයි...
පහුවෙනිද මම ඇහැරිනකොට නමයත් පහුවෙල.....චමරියෙ මම විතරයි...අනික් ඔක්කොම උදේම ගමේ ගිහිල්ල.ඇලට ගිහිල්ල නාකියාගෙන උදේට කැකුළු බත් ඩිංගක් කෑව පොල් සම්බෝලෙකුත් එක්ක.වැඩි වැඩකුත් නැති නිසා එහෙම්මම ඇඳේ දිගාවෙල පොඩ්ඩක් හිටිය. ඒත් මතක් වෙන්නෙම ඊයෙ අරුං කියාපු කතා....ඇත්තටම එහෙම වෙයිද?....
ජීවිතේ විවාහය කියන්නෙ බොහොම වැදගත් සන්ධිස්ථානයක්....විවාහය කියන්නෙ ඇත්තටම සූදුවක් කියල කොහෙද පොතක කියවපු කතාවකුත් මගෙ හිතට ආව...ඒ කියන්නෙ තමන්ට ගැලපෙන සහකරු හෝ සහකාරිය ලැබුණොත් හරි. එහෙම නොවුනොත් වෙන්නෙ ජීවිතේ විඳින්න නෙවෙයි විඳවන්න...
ක්ෂණික ඡේදනය - ඉදිරි දර්ශනයකට,
කාලය - වසර විසි තුනක් අනාගතයට,
ඇය නාන කාමරයෙහි කිස නිමවා පැමිණෙන තෙක් මම සයනයෙහි දිගාවී සිටිමි. දිගහැරගත් පොතක් අතෙහි වුවද මම ඒ නොකියවමි.වසර විසිතුනක අතීතයෙහි සැරිසරන්නෙමි.
'' මොනවද කල්පනා කරන්නෙ? ''
ඇගේ හඬින් මම පියවි ලොවට පිවිසුනෙමි.
'' මොකවත් නෑ අනේ.....''
'' නැතිවෙන්න නම් බෑ....මූණෙන් කියන්න පුළුවන් මොකක් හරි බරපතල දෙයක් ගැන කල්පනා කර කර හිටියෙ කියල...''
'' ඔව් ඇත්ත...විවාහය කියන්නෙ සූදුවක් කියල ඔයා අහල තියනවද? ''
'' ඔව්, ඒ විතරක් නෙවෙයි විවාහය කියන්නෙ ජීවිතය පරදුවට තියල කරන සූදුවක් කියලයි මම අහල තියෙන්නෙ...''
ඇය මහ හඬින් සිනාසුණාය.
'' ඇයි ඔයා හිනාවෙන්නෙ? ''
'' හිනා වෙන්නෙද ? හිනා වෙන්නෙ මම ඒ සූදුවෙන් දිනපු නිසා... ''
'' මමත් .....හෙහ්, හෙහ්, ''
අපමණ සෙනෙහසකින් ඇය වැළඳ ගනිමින් මම පැවසුවෙමි.
***********************************
අප විවාහ දිවියට අදට සතළොස් වසකි. මේ ඒ වෙනුවෙන් ඇයට පිදෙන මගේ උපහාරයයි.
Thanks my dear, for putting up with me for such a long time, thanks for accepting me for what I am... I know it was not easy for you...but I also know that you enjoyed it too...and what's more be assured that you are the best that happened to me in my entire life...thank you once again...
උදා වූ විවාහ සංවත්සර දිනයත් ඉදිරි කාලයත් ඔබ දෙපලට සුභ ම සුභ වේවා !!!
ReplyDelete(දැන් ගිහින් කියවලා එන්නම්. එක වෙන්න ඕනා නිසා කියවන්නේ ම නැතුව කොමෙන්ට් කලා...)
මං හිතං හිටියේ මං හොයා ගත්ත එකක් කියලා විවාහය කියන්නේ ජීවිතය පරදුවට තබා කරන සූදුවක් කියලා. එහෙම හිතලා මං ඒ ගැන බ්ලොග් පෝසට් එකකත් ඒ කාලේ ලිව්වා කියලා මතකයි. හයියෝ, ඒකත් වෙන කවුද කියපු එකක්ද?
Deleteපිස්සුද බං?....විවාහය යනු ජීවිතය පරදුවට තබා කරන සූදුවකි කියල කිව්වෙ මහා අක්බාර් අධිරාජයා...හෙහ්, හෙහ්,
DeleteThank you Ran, thanks so much, my dearest partner....:) :)
ආහ් එහෙම කිව්වහම මට නිකං ඇස් නිලංකාර වෙලා මොකක් මොකක් හරි සිහි වෙනවා වගේ වෙනවා. පරණ කාලේ ගොඩනැගිලි, අමුතු ඇඳුම් ඇඳ ගත්ත මිනිස්සු, නර්තනයේ යෙදෙන ලස්සන ලස්සන ලලනාවෝ........
Deleteමට හිතෙන්නේ මේ රන්දිකා
ඔන්න මට කලන්තේ හැදුනා බාගයක් ටයිප් කරද්දි වැරදිලා පබිලිස් එබුනා...
Deleteමට හිතෙන්නේ මේ රන්දිකා කියන්නේ ඒ කාලේ මහා අක්බාර් රජතුමාගේ පුනර්ජන්මය දන්නේ නැහැ........
සඳාට නම් ඉතින් මොකක් හරි සම්මානයක් දෙන්ට වටිනවා මේ ඉඳින ඉඳිල්ලට.:D:D:D
ReplyDeleteදෙන්නටම සුබ සංවත්සරයක්!!! රවි සහ සඳා ඔය වගේම ආදරෙන් සැමදා ඉඳීවා කියලා හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.
(සතලොස් කියන්නේ කීයද අනේ):)))
17... :)
Delete/ සඳාට නම් ඉතින් මොකක් හරි සම්මානයක් දෙන්ට වටිනවා මේ ඉඳින ඉඳිල්ලට.:D:D:D /
Deleteඅම්මප ඇත්ත බං...උඹ අපරාදෙ කියන්ට බෑ කිව්වොත් කියන්නෙ ඔය වගෙ කතාවක්ම තමයි...කිරිගහට කෙලමෝලෙං ඇන්නැහෙ.....හෙහ්, හෙහ්,
මේ පාර සෙංකඩගල එක්සත් බෞද්ධ බල මණ්ඩලෙන් උන්දැට දෙන්න යන්නෙ ගෞරව නාමයක් සමඟ සන්නස් පත්‍රයක්...:) :)
'' මන්ද බුද්ධික නුහුගුණ නාමලක්ෂේපිත සූර්ය දිව්‍ය රාජ සමඟ සතළොස් වර්ෂ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්ස වින්දිත වෛවාහ දිවි සම්පූර්ණ චන්ද්‍රාභිධාන වීරෝධාර සිහළ කුළ කාන්තා රත්න ජන රංජන"
ඔය ගෞරව නාමෙ රන් ආලේපිත තහඩුවක කොටල නලල් පටයක් විදිහට බැඳගෙන යන්ට පුළුවන් විදිහටයි එයාල ප්‍රදානය කරන්ට යන්නෙ...කොහොමද වැඩේ?....
**************************
බොහොමත්ම ස්තූතියි පොඩ්ඩි ප්‍රාර්ථනයට...විශේෂයෙන් කියන්න ඕන නෑ...මම දන්නව ඔයා ප්‍රාර්ථනා කරන්නෙ අවංකව සහ හද පත්ලෙන්ම තමයි කියල...Thanks again,
//Thanks for accepting me for what I am//
ReplyDeleteමම කැමතිම කෑල්ල..කාටද පුළුවන් අප්පා සමාජයේ තියන අච්චුවලින් ගැලවිලා මෙහෙම කරන්න..ආදරය කරන කෙනාම මිසත්..
විවාහ සංවත්සරයට සුභ පැතුම් ඔබ දෙපලටම..
බොහොම ස්තූතියි රූ...:) :)
DeleteCONGRATS..........
ReplyDeleteThanks, e-mail poetess :) :)
Deleteඅනේ මන්ද අපිනම් ඕවා දන්නෑ තාම.
ReplyDeleteමගෙන් ඩබලටම සුභ පැතුම්.
//ඩබල// :D:D:D
Delete@ sithuwam,
Deleteහෙහ්, හෙහ්, දන්නෙම නෑ නේද..බොල...
ස්තූතියි සිතුවම්....
බොලාට මගේ සුබ පැතුම් !
ReplyDeleteහරි ඉතින් උඹ නම් ස්තූති කොලා
අපිටත් ඔය සංග්‍රහයක් හේම කොලා නම්
දෙන්නටම තැන්කිවු කියන්න තිබ්බා:D
හෙහ්, හෙහ්, සංග්‍රහයක් නම් මොකක්ද නිශ්.....
Deleteස්තූතියි ඔබටත් නිශ්,
Congratulations, Best Wishes and Heartiest Blessings to both of you dear Sandaa akka & Ravi ayya...
ReplyDeleteOn this special day, I'm going to quote you two a wonderful letter written by a husband to his wife for their anniversary celebration, from a book I recently read. Hope this will touch your hearts...
"My darling,
It’s late at night, and as I sit at my desk, the house is silent except for the ticking of the grandfather clock. You’re asleep upstairs, and though I long for the warmth of your body against my own, something compels me to write this letter, even though I’m not exactly sure where to begin. Nor, I realize, do I know exactly what to say, but I can’t escape the conclusion that after all these years, it’s something I must do, not only for you, but for myself as well. After thirty years, it’s the least I can do.
Has it really been that long? Though I know it has, the very thought is amazing to me. Some things, after all, have never changed. In the mornings, for instance, my first thoughts after waking are—and always have been—of you. Often, I’ll simply lie on my side and watch you; I see your hair spread across the pillow, one arm above your head, the gentle rise and fall of your chest. Sometimes when you’re dreaming, I’ll move closer to you in the hope that somehow this will allow me to enter your dreams. That, after all, is how I’ve always felt about you. Throughout our marriage, you’ve been my dream, and I’ll never forget how lucky I’ve felt ever since the first day we walked together in the rain.
I often think back on that day. It’s an image that has never left me, and I find myself experiencing a sense of déjà vu whenever lightning streaks across the sky. In those moments, it seems as if we’re starting over once more, and I can feel the hammering of my young man’s heart, a man who’d suddenly glimpsed his future and couldn’t imagine a life without you.
I experience this same sensation with nearly every memory I can summon. If I think of Christmas, I see you sitting beneath the tree, joyfully handing out gifts to our children. When I think of summer nights, I feel the press of your hand against my own as we walked beneath the stars. Even at work, I frequently find myself glancing at the clock and wondering what you’re doing at that exact moment. Simple things—I might imagine a smudge of dirt on your cheek as you work in the garden, or how you look as you lean against the counter, running a hand through your hair while you visit on the phone. I guess what I’m trying to say is that you are there, in everything I am, in everything I’ve ever done, and looking back, I know that I should have told you how much you’ve always meant to me.
I’m sorry for that, just as I’m sorry for all the ways I’ve let you down. I wish I could undo the past, but we both know that’s impossible. Yet I’ve come to believe that while the past is unchangeable, our perceptions of it are malleable, and this is where the album comes in.
In it, you will find many, many photographs. Some are copies from our own albums, but most are not. Instead, I asked our friends and family for any photographs they had of the two of us, and over the past year, the photographs were sent to me from across the country. You’ll find a photo Kate took at Leslie’s christening, still another from a company picnic a quarter of a century ago, taken by Joshua Tundle. Noah contributed a picture of the two of us that he’d taken on a rainy Thanksgiving while you were pregnant with Joseph, and if you look closely, it’s possible to see the place where I first realized that I’d fallen in love with you. Anna, Leslie, and Joseph each contributed pictures as well.
ReplyDeleteAs each photograph came in, I tried to recall the moment in which it was taken. At first, my memory was like the snapshot itself—a brief, self-contained image—but I found that if I closed my eyes and concentrated, time would begin to roll backward. And in each instance, I remembered what I’d been thinking.
This, then, is the other part of the album. On the page opposite each picture, I’ve written what I remember about those moments or, more specifically, what I remember about you.
I call this album “The Things I Should Have Said.”
I once made a vow to you on the steps outside the courthouse, and as your husband of thirty years, it’s time I finally made another: From this point on, I will become the man I always should have been. I’ll become a more romantic husband, and make the most of the years we have left together. And in each precious moment, my hope is that I’ll do or say something that lets you know that I could never have cherished another as much as I’ve always cherished you.
With all my love,
Wilson"
~Quoted from 'The Wedding' by Nicholas Sparks
++++++++++++++++++
DeleteMy Dearest,
DeleteI am sitting on the balcony with my feet up on the railing running on the edge. Beside me on a carved stool stands a glass of golden liquid. The sickle of moon is slowly rising over yonder horizon of desert yet simmering with the heat absorbed during a relentless day under a scorching sun.
That sickle of moon reminds me of you dearest, over on the other side of Sath Samudura as you were named aptly after this very moon itself. May be at this very moment you would be looking up at the same moon trying to rise out of swirling mists lurking on glittering peaks of Hantana undoubtedly thinking about me.
My mind wanders away along the reminiscences pathway re-living every moment so vivid in mind's eye that it brings involuntary smiles & in addition moist to eyes.
Close to twenty years ago when I met you I knew in my heart of hearts that you were for me and I am for you. Your shy half smile told me so much , not in words but something more profound than mere words, Call it something like intuition or whatever you like but I knew it definitely... Not even an iota of doubt was in my mind, never was, never is and never ever would be.
For the last seventeen years it was not a walk thro' fragrant flowers with accompanying songs of birds humming from every nook and corner, to boot.
It had its ups and downs, valleys and peaks, tears streaming down as well as laughs with gay abandon.
But all the same we never lost the respect and regard for each other which are essential ingredients of the elixir of love.
Well, my dear the Moon is the zenith almost and the cold breeze from the desert is becoming a little chilly.
With the last drink down my throat I am ready to enter the dream world where you would be waiting for me with open arms and a lingering smile with unspoken words upon thy lips " come to me , my love, I have been waiting for you for eternity and more ''
Until we meet aging , my dearest once again let me say thank you for being you and moreover accepting me for what I am, never trying to change who was me and being so understanding, considerate and most of all never stopping loving me.
With all my love and more,
Ravi
From '' The Seventeen Years '' by U No Hoo
Thanks, Siththami, For your heart rendering sentiments...which brought a smile upon my lips as well as tears to my eyes, thanks so much again :) :)
DeleteThis guy I mean Nicholas goyiya... he is simply out of this world isn't he now?....heh, hehh,
appata siri ravi goyyath nicholas goiyata deweni naane .. nikan nicholas ge bappage putha wagene.. mekanam hari lassanai ayye.. oyata oya dadyakkarayoi pitaskwalyoi hariyanne na appa..aadara katha thama blood walama thiyenne.. balannako podi uththejanayak aapu kaman wakkada ariya wage ena hati..
Deleteeka nisa sanwathsare samaranna ekka oya dennage kathawa issella kiyapu widiya nemei athin pain kaali daala hada karala kathawak wage gothala kiyannako..
@ රවි අයියා
Deleteසිකේ, හාමිනේට ලියන ලියුං මෙහෙම පොරොසිද්දියෙ දානවද මං අහන්නෙ ඈ? :D :D :D
හැබෑම ලස්සනයි අයියේ. විල්සන් උන්නැහෙගෙ ලියමන පරාදයි ඕං. හැබැයි ඔන්න, නිකලස් මවපු අර සුන්දරම චරිතේ ඉන්නේ, නෝවා, අන්න එයාගෙ ලියමන්නං තාම ඉස්සරහෙන් තියෙන්නේ. :)
මෙකුවිගෙයි, ජනූ අක්කගෙයි යෝජනාවට මගෙත් මනාපය. ඉරෙයි හඳෙයි ආදර කතාව ලියන්ට තව තවත් ආරළු බූරලු දාලා ලස්සන කරලා.
@ මෙකුවි,
Deleteහෙහ්, හෙහ්, ස්තූතියි , මෙකුවි....අපේ ආදර කතාවට ආයෙ ආරළු බූරළු දාල ලියන්ට දෙයක් නෑ අනේ...ඒත් විවාහ දිවියේ තියනව මරු සීන් කෝන්ස්...දන්නවද?....ඉන්නකො අන්න ඒ ටික ලියඤ්ඤං...එක...එක... :) :)
@ සිත්තමී,
Delete/ සිකේ, හාමිනේට ලියන ලියුං මෙහෙම පොරොසිද්දියෙ දානවද මං අහන්නෙ ඈ? :D :D :D /
මම ඔය දිව විකාගෙන තොල් හපාගෙන ලිව්වට ඔවුන්දැ ඔව්ව එකක්කත් කියවන්නෙ නෑ බොල...අනෙ අම්මප මේ ඇත්තමයි කියන්නෙ..:) :)
'' මේ, මට ඔය රටේ නැති ගම්මැදි හෑලි කියෝ කියෝ ඉන්ට නෑ වෙලාවක්...මට මේ පැය විසි හතර මදිවෙල තියෙන්නෙ මයෙ වැඩ රාජකාරි වලට..ෆේෂල් එකක් කරගන්ට බැරිඋනා දවස් තුන හතරකිං...ඒකට යන්ට ඕන....ඩිසයින් ක්ලබ් එකට අලුත් ටී ෂර්ට්ස් වගයක් ඇවිල්ලලු, ඉවර වෙන්ට ඉස්සර එහෙ යන්ට ඕන...බයියොක් එකේ දාල තියනවලු බැංකොක් වලින් ගෙනාපු ලේටස්ට් ස්ලිපර්ස්...තවම පළාතෙ යන්ට බැරි උනා..ඒව ඔක්කොම අතඇරල ඔයාගෙ මේ විකාර කියවපල්ලකො...හුහ්, ''
'' මේ ඒයි ඇහුණද?...මම ඔයාට ලියුමක් ලිව්ව, අන්න ගිහිල්ල........''
ඔන්න ඔච්චරයි මට කියන්ට හම්බ උනේ...උන්දැගෙ උත්තරේ තමයි මම අර මුලිං දැම්මෙ...:( :(
ඉතිං, මෙච්චර මහංසි වෙලා ලියන එක උඹලවත් කියෝපල්ල කියලයි මෙතන දැම්මෙ බාං...:) :)
/ හැබෑම ලස්සනයි අයියේ. විල්සන් උන්නැහෙගෙ ලියමන පරාදයි ඕං. හැබැයි ඔන්න, නිකලස් මවපු අර සුන්දරම චරිතේ ඉන්නේ, නෝවා, අන්න එයාගෙ ලියමන්නං තාම ඉස්සරහෙන් තියෙන්නේ. :) /
නෝව..හුහ්, නෝව...උඹලටත් ඕකනෙව වෙලා තියෙන්නෙ...පොත්ත රතට තිබ්බොත් ඌ තමයි මිනිහ....ඉඳපංකො මම දෙන්නං ලඟදිම නෝවට පැණි බේරෙන්ට....:) :)
විහිළු ඇති..ඇත්තම තමයි නංගි....The Note Book නම් ආයෙ කියල වැඩක් නෑ....පපුවටම වදින කතාව....
/ මෙකුවිගෙයි, ජනූ අක්කගෙයි යෝජනාවට මගෙත් මනාපය. ඉරෙයි හඳෙයි ආදර කතාව ලියන්ට තව තවත් ආරළු බූරලු දාලා ලස්සන කරලා. /
ඒකෙ ආයෙ ලියන්ට දෙයක් නෑ බං....බැන්දයිං පස්සෙ වෙච්චි ආතල් කෑලි තියනව ...ඉඳහංකො. ඒ ටික ලියන්නං නිවාඩුව... :) :)
දැනට සුබ පැතුම් ..හවසට කය්යකින් සුබ පතන්නම්
ReplyDeleteවිවාහ දිවියේ සතළොස් වසක් ආදරෙන් දිවි ගෙවු ඔබ දෙපලට මගේ සුභ පැතුම්!
ReplyDeleteසැමදා " හිරු සඳු " මෙන් බැබලේවා!!!!
( සතළොස කියන්නෙ කීයට මන්දා ) :D
17
Deleteස්තූතියි නීතා ...
Deleteකයියක් ලියන්ඩ හැදුව හැදුව උඹල දෙන්නට...
ReplyDeleteම්හු!! මොන කයිද??
ඕං ඔහෙ අමුවෙංම සුබපතන්ඩයි යන්නෙ...
රවී අයියටත් චන්ද්‍රා අක්කටත් සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා!!
චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා!!!!
උඹල දෙන්නගෙ විවාහ ජීවිතේ තියෙනව අයියෙ අපි වගේ ඊයෙ පෙරේද කසාද බැඳපු එවුන්ට ගන්ඩ බොහොම ආදර්ශ..
මේ..... ඔය දඩයංකාරයොයි අරවයි මේවයි ලිය ලියා ඉන්නෙ නැතුව නරකද උඹල දෙන්නගෙ ප්‍රේම පුරාණය වගෙ එකක් ලිව්වොත්??
http://ranrandil.blogspot.com/2010/12/blog-post.html
Deletehttp://www.ranrandil.blogspot.com/2010/12/2.html
නෑ නෑ රන්දිකා මං කිව්වෙ මෙහෙම කෙටියෙන් නෙවෙයි.. හොඳ දිග පතරංග ජාතකේ වගේ එකක්!!!
Delete@ ජනූ,
Deleteහෙහ්, හෙහ්, මොකද බොල දැම්මම බොට උපදෙස් ඕන උනේ...යාංතමට තුම්මාසෙ පැන්න විතරයි නෙවද?
විවාහයක මුල් කාලෙදි නංගි අනන්ත හිතෙනව මේ මොන මංගල්ලයක්ද බොල මේක...හප්පොච්චියේ...මට නං බෑ කියල...එහෙම තමයි ඒකෙ හැටි...පළමෝත අත්දැකීමෙන් කියන්නෙ ( First hand Experience - Thanks Taboo )
ඒත් ඒක ඒ හැටි ගනන් ගන්ට එපා. මම හිතන්නෙ විවාහයක මුල් කාලෙදි එහෙම හිතෙන එක හොඳයි...තියෙන පොඩි පොඩි ගැටලු, හැල හැප්පීම් එළියට ඇවිල්ල එව්ව එකළාසයක් වෙන්නෙ අන්න එතකොටයි... :) :)
ඇත්තම කියන්න පලවෙනි අවුරුදු කීපය අපිත් වලිම තමයි . එකඟ වෙන්න හරි අමාරුයි . ඇයි වදේ ලව් කරන කාලේ එක ගෙදරක හිටියේ නැහැනේ . කොයි මක්ක වුනත් ගෙවල් දෙකක උන්න දෙන්නෙක් එක වහලක් යටට ආවම ප්‍රශ්න ඇති වෙනවා . හැබැයි ටිකක් පිළිවෙලක් වෙලා තේරුම් අරන් [ නැත්නම් ඕන උලව්වක් කියල ගණන් නොගෙන ඉඳල ] එක තාලෙකට එන්න ටිකක් කල් ඕන . දැන් බලන්න රවී පොතක් අතේ තියන් දවල් හීන දකින එක සඳා ඉවසනවා . එක අතකට ඇබ්බැහි වීමක් . ඔන්න දෙන්න දෙන්නට ඇබ්බැහි වුනාට පස්සේ වලි අඩුයි
Delete@ Bindi,
Deleteහෙහ්, හෙහ්, අම්මප ඇත්තම ඇත්ත බින්දි....අනික් උදවිය ගැන නම් මංද...අපි දෙන්න ගැන නම් ඔයාගෙ කතාව ඇත්තම ඇත්ත.කල්ප කාලයක් ලව් කලත් ඒක වෙනස් නෙව, ඒ Love Mentality එක නෙවෙයි කසාදෙං පස්සෙ තියෙන්නෙ...මම මේ කියන්නෙ ආදරේ අඩුවක් වෙනව කියල එහෙම නෙවෙයි ඔන්න. ඒක එහෙමම තියෙද්දි මතභේද ඇති වෙන්න පුළුවන්...ඒ වගේම ඇති වෙනවම තමයි...බොහෝවිට දෙන්නගෙ ආකල්පත් මේ තත්වයට අඩු වැඩි වශයෙන් බලපානව. කියන කියන දේට ඔළුව නමාගෙන ඉන්න එක වගේම කැත්තට පොල්ල වගෙ ඉන්න එකත් හරියන්නෙ නෑ...:) :)
/ හැබැයි ටිකක් පිළිවෙලක් වෙලා තේරුම් අරන් [ නැත්නම් ඕන උලව්වක් කියල ගණන් නොගෙන ඉඳල ] එක තාලෙකට එන්න ටිකක් කල් ඕන . /
හෙහ්, හෙහ්, හරියටම හරි, බින්දි....හරියටම හරි...දැන් ඔන්න අපේ වෙලා තියෙන්නෙ අර සන්ලයිට් ඇඩ් එක වගේ තමයි " එන්න එන්නම හොඳ වෙනවා "
/ දැන් බලන්න රවී පොතක් අතේ තියන් දවල් හීන දකින එක සඳා ඉවසනවා . එක අතකට ඇබ්බැහි වීමක් . ඔන්න දෙන්න දෙන්නට ඇබ්බැහි වුනාට පස්සේ වලි අඩුයි /
මොන සමයංද බොල...එතන සීන් කෝන් එක මෙහෙමයි....තාමත් උන්දැ දෙනව අතට අහුවෙච්චි එකෙං බැටේ..මම දැං එව්ව ඉවසන්ට පුරුදුවෙලයි තියෙන්නෙ....පළවෙනි අවුරුදු දහයෙම වළි...Mutually Agreeable Compromise එකකට ඇවිල්ල අවුරුදු හතක් වෙනව..
2010 නොවැම්බර් 13 වෙනිද වත්ගෙ බ්ලොග් එකේ '' සොඳුරු සිතේ '' මම ලිව්ව කමෙන්ට් එකක් මේක...
ආලින්දයෙහි මගේ සුපුරුදු පුටුවෙහි දිගාවී ඊයේ ගෙනා පොත කියවමි,
ඇය මා අසල බිම හිඳ දෑතෙහි නියපොතුවල සායම් ආලේප කරයි,
"මේ බලන්ඩ ඒයි, මේ පොතේ මරු කතාවක් තියෙනව, මෙතන මම ලකුණු කරල තියන්නම්, ඔයා පස්සෙ බලන්ඩ"
"මට බෑ අපෝ ඔය පොත් බලන්ඩ, කම්මැලියි, ඔයා කියන්ඩකො ඔය මරු කතාව, මම අහගෙන ඉන්නම් "ඇය ආලේප කල සායම් වියලෙනු පිනිස සෙමින් මුවින් පිඹිමින් කීවාය
"මේක කවි පොතක්, ලස්සන කවි තියෙනව"
"හපොයි කවිද? ඔයා ලියන කවිත් මම කියවන්නෙ නැතිකොට" ඇය යටි තොල පෙරලුවාය
ඇය කියන්නේ සම්පූර්ණ ඇත්තය, මා ඇයට ඇසෙන්නට කියනවා මිස කිසිදිනක ඇය මා ලියන කවියක්වත් නොකියවයි, "ඔයා ඔව්ව මටනෙ ලියන්නෙ, ඉතිං මම ආසයි ඔයාම ඕවා කියනකොට" මේ ඇගේ හේතු දැක්වීමට එරෙහි වියහැකි කරුණක් මෙතෙක් මට සොයා ගත නොහැකිය,
"හරි මොකද්ද ඔය කතාව කියන්ඩකො "ඇය මා උකුලේ හිස තබා ගනිමින් ඇසුවාය
"කවිකාරියගේ නොගැලපෙන පෙම්වතා තමයි මාතෘකාව, Opposites certainly attract කියන එකයි මේකෙන් කියවෙන්නෙ"
"අපෝ ඕකට පොත් කියවන්ඩ ඕනය, opposites attract කියල මම ඉගෙන ගත්තෙ හයේ පංතියෙදි, ඒත් ඒක ඇත්තක් වෙන්ඩ පුලුවන් කියල මට හිතුනෙ අපි යාලු උන දවසෙ, ඒක සම්පූර්ණ ඇත්ත කියල මට ඔප්පු උනෙ අපි බැඳපු දවසෙ, ඔයා එක්ක ගෙවපු මේ පහුගිය හැම දවසක්ම ඒ කතාව නැවත නැවත ඔප්පු වුනු දවසක්" ඇය මා ඇකයෙන් හිස තබාගෙනම එක එල්ලේ මා දෑස දෙස බලාගෙන පැවසුවාය,
මම තෙත් වූ දෙනෙතින් යුතුව ඇගේ නලලත සිපගතිමි,
මම හිතන විදියට හිතන කෙනෙක් !!!
ReplyDeleteහෙහ්, හෙහ්, ස්තූතියි...
Deleteසුභ අනාගතයක්....!
ReplyDeleteස්තූතියි එදිරි...:) :)
Deleteසුබ විවාහ සංවත්සරයක් වේවා !!!!!
ReplyDeleteජයම පතමි !!!
ස්තූතියි Senna ....:)
Deleteසුභම සුභ විවාහ සංවත්සරයක් වේවා.රවී අයියේ...
ReplyDeleteමට හිතෙන්නෙ නම් අවුරුදු 17ක් කියලා හරිද මන්දා???
ඔබටත් මගේ හෘදයාංගම ස්තූතිය ...නිසූපා නංගි...යෙස්, මැඩම්...අවුරුදු දහහත තමයි...:)
Deleteජය වේවා.!! All the Best.!!
ReplyDeleteඇයි බොල මෙහෙම නිකංම ලිස්සලා යන්නයැ කල්පනාව..!? මේක සමරන්න මුකුත් කර්මාන්තයක් එහෙම කොරන්න අදහසක් නැත.??
ස්තූතියි බුරා මලේ...ස්තූතියි හෙහ්, හෙහ්,
Deleteකර්මාන්තයක් කලා බොල අද සිකුරාද අපෙ නිවාඩු දවසෙ යාලුවො කස්ටිය එකතු වෙල....හෙහ්, හෙහ්,
ayyatai akkatai subama suba wiwaha sanathsarayak wewa..irai handai wage hamadaama babali babali inna labewa..
ReplyDelete-Mekuwi
ආහ්....මෙන්න මයෙ යාවජීව රසිකාවියක්....මෙකුවි...ස්තූතියි බොහෝමත්ම නඟේ...
Delete''ඉරයි හඳයි කවදාවත් පායනු බැරි එක අහසක ''
ReplyDeleteකවුදැයි කිව්වේ ඒ බොරු, ගිහිල්ල දෙන්නා දීගෙක
කොපමණ ආවත් හරහට විසිවෙන පොත් වල බාධක
ඉරයි හඳයි සන්තෝසෙන් අපිටත් සතුටුයි ඒ දැක
දෙන්නටම මගෙන් ලොකු නෙලුම් මල් පොකුරක් ....ජිවන ගමන නෙළුමක් සේ සුවඳ වේවා !!!!
/ කොපමණ ආවත් හරහට විසිවෙන පොත් වල බාධක /
Deleteඅම්මප මේ ඉස්තිරියාවො එක්ක බැරි හැටියක්...අවුරුදු ගානකට කලිං හරි කමක් නෑ මොකක් හරි පොඩි දෙයක් මතක තියාගෙන ඉඳල ඇදල අරිනව නෙව චෑන්ස් එක ආපු හැටියෙ.....:) :)
දයාබර අරවින්ද පොක්ඛරණාධිපතිනියනි, තොප ඉත සිතින් අප වෙත ප්‍රධානය කල අරවින්ද පුෂ්ප කළඹ හෘදයාංගම ස්තූති පූර්වකව පිළිගන්නෙමි.......
ඉස්තිරියාවෝ ගැන දැන ගන්නනේ ඔය අවුරුදු 17 ක් ගියේ D
Deleteමොන සමයංද බින්දි....තාම උන්දල ගැන ඉගෙන ගන්නව, තාම ඉගෙන ගන්නව...:) :)
Deleteස්ත්‍රී චර්යං....අවබෝධගතං,
ජීවිත කාලයං මඳ පමණං,
සංසාරං අති දීර්ඝං,
අවබෝධං නහි ජාතං,
අහෝ , මේ ස්ත්‍රී වර්ගයාගෙ චර්යාවන් අවබෝධ කොට ගැනීමට මුළු මහත් ජීවිත කාළයම ප්‍රමාණවත් නොවේ. මේසා දීර්ඝ වන්නා වූ සසර ගමනේ පවා ඒ අවබෝධය ලබාගත නොහැකි වේමය.
ඉස්සර දඹදිව හිටිය ඉරිසි වරයෙක් තමයි ඔය සොලෝකෙ කියල තියෙන්නෙ ...
වළං ගැට්ටකුත් ගෙල පලඳාගෙන විළුඹ තට්ටමේ වැදි වැදි දුවන ගමන්ලු පස්ස බල බල ඔහොම කිව්වය කියන්නෙ...හෙහ්, හෙහ්,
ඔබ දෙපලගේ විවාහ සංවත්සරයට උණුසුම් සුභ පැතුම්!
ReplyDeleteඅර ඇඳ උඩට වෙලා අරුං කිව්ව ඒවා ඇත්තද මටත් එහෙම වෙයිද කියලා කල්පනා කලාට අලස සුවයෙන් තවත් අවුරුදු හයක් ඉඳලා තමයි බැන්දෙ නේද්? මම එහ්ම හිතුවෙ වසර විසිතුනක් අනාගතයෙන් වසර දාහතක විවාහ ජීව්තය අඩු කරලා...
henryblogwalker the Dude
හෙහ්, හෙහ්, එහෙනම් එහෙනම්...ඔව්ව ඔය තදියම තිබ්බ පළියට කොරන්ට පුළුවන් ඒවද?....ඒකට වෙලාව එන්ට ඕන...අනික තුනටියෙ කොටාපු විදිහට කියනව නෙව ඔය කාරණා කාරණා සිද්ද වෙන්නෙ...
Deleteමමත් ඔය පුරුදු විදිහට යාළුවංගෙං බැණුං අහගෙන හිටියා අවුරුදු හයක්ම...ඒ කොරල තමයි මේ අම්මණ්ඩි මට කොක්ක ගැහැව්වෙ.....හෙහ්, හෙහ්,
සුබ පැතුමට ස්තූතියි henry, ( henry කියල හිංගලෙං මේකෙ කොටන්ට බෑ බොල...හෙන්‍රි....ඔන්න ඔහොමයි වදින්නෙ ..හෙහ්, හෙහ්, )
හෙහ් හෙහ් ඔන්න ඔහොමයි උනේ නේ? හරි, කොක්ක ගැහුවෙ කවුරු කාටද කියන එක අල්ලලා දාමු නේ?
Deleteඅර වෙනියා නම් හෙන්රි ගහන්නෙ හෙන් ස්පේස් රි. අලවලා බැක්ස්පේස් රි අප්‍ටු හෙන්. ඌට නිතර අමතක වෙනවා පස්සෙ බැක් අප් කරන්න ඉතින් ඌ නිතර හෙන් රි කියලා ගහලා මගෙන් බැනුම් අහනවා. මොකද එතකොට මට මතක් වෙන්නෙ කුකුල් බෙට්ටක්.
රවියා, මම නම් පාවිච්චි කරන්නෙ. සිංග්‍රීසි යුනිකෝඩ්. මට නම් ඒක හෙන ලේසියි. ඔයවගෙ ලෙඩ අඩුයි.
henryblogwalker the Dude
ඇයි බොලං, කොටාපියවුකො විජේසේකරගෙන්, ඔය එකේක ඒවයෙ කොටාගෙන දුක් විඳින්නෙ නැතුව... :)
Delete//ඉතිං ඔය රස්සාව කරගෙන ඉන්දැද්දිත් මට ඒ හැටි ලොකු බලාපොරොත්තු තිබුනෙ නෑ...අමතර ඔය මොනවහරි කොන්ත්රාත් එකක් කරල සල්ලි කීයක් හරි හම්බ කරගන්න, කසාදයක් කර ගන්ට, කැලෙන් එළියට ගෙවල් කිට්ටුවට ට්රාන්ස්ෆර් එකක් ගන්න...පඩි හම්බුනාම රත්තරන් බඩු ගන්ට ....ඔව්වයෙ මොනම දේකවත් මට උවමනාවක් තිබුනෙ නෑ..ඔය මම කලින් කියපු කාරණා තමයි මා එක්ක එකට වැඩ කරපු මයෙ යාළුවන්ට තිබුණු බලාපොරොත්තු, අපේක්ෂා, ජීවිතේ අරමුණු... \\
ReplyDeleteමේ පෝස්ට් එකට http://goo.gl/rvoiF හෝ http://goo.gl/T8TYU වගේ පිංතූරයක් ආවා නං අගේ කියලා නිමක් නැහැ කියලා මට හිතුනා
ඔය කූඹින්ගෙයි පළඟැටියගෙ කතාවෙ ළමයා, මතු පිට පෙනෙන අර්ථයට වඩා දෙයක් තියනව, හරිය?....කොටිම්ම අර කියන්නෙ ඒක ඇතුලෙ ලොකු අභ්‍යන්තරයක් තියනව කියල...අන්න ඒ වගෙ...හෙහ්, හෙහ්,
Deleteදැං ඔන්න මෙහෙමනෙ...කොහොමද?..උදේ ඉඳං රෑ වෙනකල් නැහීගෙන කන්ඩම හොයන කූඹි ලෝකෙ එදත් හිටිය අදත් ඉන්නව, හෙටත් අනිවාර්යයෙන් ඉඳියි...එකෙක් දෙන්නෙක් නෙවෙයි දාස් ගාණක්...ඒත් ගීතයක් පබඳින වාදනයක් නිර්මාණය කරන පළඟැටියො ඉන්නෙ බොහොම අතළොස්සයි. ඒ වගෙ නිර්මාණ හැකියාවක්, ශක්තියක් පිහිටන්නෙ කලාතුරකින්. ඒක හැමෝටම හැමෝටම නෑ, හැමෝටම බෑ. දවස තිස්සෙ මහන්සිවෙලා කන්ඩ හොයන එක ඒ හැටි දෙයක් නෙවෙයිනෙ..ඕන කෙනෙකුට ඒ ටික කරන්ට පුළුවනි. අනික මෙතෙක් ඔය වගෙ කන්ඩම හොයපු කූඹි ගැනද අදත් මිනිස්සු කතාකරන්නෙ නැත්නම් නිර්මාණශීලී පළඟැටියො ගැනද?
ශේක්ස්පියර්, මොසාට්, බීතෝවන්...එතනින් ගිහාම ඩා වින්සි, මයිකල් ආන්ජලෝ, ඔය ඔක්කොම පළඟැටියො මිසක් කූඹි නෙවෙයි...හෙහ්, හෙහ්, තේරුණාය?
සුන්දර හදවත් තිබෙනා අයමයි මේලොව මෙලෙසින් එක්වෙන්නේ!...
ReplyDeleteසික් මම මේ කවියක් ලියන්ට තැනුවත් කෝ එන්නේ නැනේ වචන. එක්කෝ ඕනේ නෑ... ඔන්න ඔහේ අමුවෙන්ම කියල දාන්නම්...
මේ ආවා වගේ තව අවුරුදු දා හතක නෙවි දාහතේ ගුණාකාර දහ පහළොවක්ම ඔහොම්මම දෙන්න එක්ක, සන්තෝසෙන් ජීවන ගමන යන්ට පුළුවන් වාසනාව ශක්තිය ලැබේව කියල පතනවා!
රවී අයියේ, සඳා අක්කේ ඔබ දෙපලට ජයෙන් ජය!
/ සුන්දර හදවත් තිබෙනා අයමයි මේලොව මෙලෙසින් එක්වෙන්නේ!.../
Deleteකවි ලියනා එක පැත්තක තියපං,
විජහට විජහට විජහට විජහට,
කුමාරි සහ හේවායගෙ කතාව,
ලියල ඉවරයක් කරපන්නේ...:) :)
මගේ සාතිශය ස්තූතිය අමා නංගි.....Thank You...
රවි, මම මේකට දවස් කීපෙකට දාපු කමෙන්ට් එකට මොකක්ද කියල තියෙන්නෙ කියල බලන්න ආවෙ. කෝ ඒක නෑනෙ. අනිවා ස්පෑම් පෙට්ටියෙ ඇති. රවි ඩහන්නකො ඒකට පයින් එකක් ගොඩට වීසි වෙන්න.
ReplyDeletehenryblogwalker the Dude
සොරි, henry .... මේ ටිකේම පුල් බිසී බොලේ, ඉස්පෑං පෙට්ටිය පැත්තෙ යන්ටවත් බැරිඋනානෙ....හෙහ්, හෙහ්, තිබ්බ තිබ්බ පෙට්ටගමේ පතුලෙ...ඔන්න පබිලිස් කොලා...
Deleteඋලව්ව්වේ මේකත් මට මිස් වෙච්චි !! ඉඳල මක්කටෙයි !!!
ReplyDeleteසඳා අක්කටයි රවී අයියටයි සුභම සුභ අනාගතයකට සුබපැතුම් !!
ඒකනෙව මලේ..මාත් මේ බැළුවෙ...මේ ටිකේ කොහේද උඹ ගියේ කියල....හෙහ්, හෙහ්,
Deleteස්තූතියි නවම්....:) :)
මමත් පරක්කු වැඩි වගේ....ඔබ දෙපලට නිදුක් නිරෝගී වාසනාවන්ත විවාහ ජිවිතයක් ගත කරන්න ලැබේවා..!!!!!!!!
ReplyDeleteමොන පරක්කුද Ama,....Never than Late better....කියලත් කියල තියනවනෙ ඔය බූටෑවේ රටේ රාලගෙ මස්සිනාද කොහෙද....ඒ නිසා නෝ ප්‍රොබ්ලම්,
Deleteස්තූතියි ඔයාටත්....
අයෝ... මේක මිස් වෙනවනේ... ඔයාගෙ දිග කතා නිසා.. හේ හේ..
ReplyDeleteආයිත් අහලා අක්කයි ඔයයි නම් ඉතින් ! චොකලට් සහ අයිස්ක්‍රීම් වගේ. ළ:) :) :)
සුබ පෑතුම් අයියේ.... සහ අක්කේ... :)
චිරාත් කාලයක් යෙහෙන් වෑජඹෙන්නට ආසිරි. :)
ඔන්න බලාපිය ඒකෙත් හැටි බොලාට අපිම කියන්ට ඕන කියවාපිය කියල...නැත්තං මේ පලාතෙ එන්නෙ නෑ...තොට හරක් නෙවෙයි අනින්ට ඕන...:) :)
Deleteබොහොමත්ම ස්තූතියි දිලා....:) :)