Friday, July 27, 2012

125. උභතෝකෝටිකය....The paradox



මහනුවර වැව වටා පනවා ඇති අසුන් රාශියක් මහනුවර නගරයට කුමන හෝ කාර්යයකට පිවිසි ඔබ දැක ඇතිවාට මට සැකයක් නොමැත. ඒ වැවෙහි සිරි නරඹමින් විවේකයෙන් කල් ගෙවනු පිණිස මහනුවර වැසියන්හට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සමයේ සිට හිමිවුණු වරප්‍රසාදයෙකි. මෙදවස නුවර නගර මධ්‍යස්ථානය (Kandy city centre ) පිහිටි භූමි භාගය ඉදිරි පස වැවෙහි සංචාරක බෝට්ටු සේවය පවත්වාගෙන යන ස්ථානය ඉදිරිපිට අසුනක මම හිඳින්නෙමි. මම මෙසේ අසුන්ගෙන පොරොත්තුව සිටිනුයේ හෝරාවකට ද මඳක් අධික කාලයක සිටය.

ඒ ඇය සැපත්වන තුරාය.

අපගේ ඇසුර ඇරඹී ගතව ගියේ හුදෙක් තෙමසක මඳක් අධික කාලයක් වුව ඒ ඇසුර හුදු හිතවත්කමකට එහා යාමට විභවය සහ හැකියාව ඇත්තක් බව මට හැඟී ගියේ ප්‍රාරම්භක අවධියේදීමය. ඇය ද ඒ හැඟීම එලෙසම විඳින බවට ඇගේ වදන් මෙන්ම දෑස ද නොයෙක් වර කියා පෑවේය.ආදරය පිළිබඳ අප අතර කිසිදු වදනක් මෙතෙක් හුමමාරු වී නොතිබි බවද මේ සමඟම කිවයුතුය.

සති අන්තයේ ඉරු දින උදය වරුවේ හමුවීමට අප නියම කොට ගත්තේ අන්‍යෝන්‍ය එකඟත්වයෙනි.


මේ හමුවීම් ඉතා සුන්දර වුවද හිරු රැසින් බබලන අහස් කුස අඳුරු කරවනා එකම කාල වර්ණ මේ කුලක් මෙන් ඒ සුන්දරත්වයට අකුල් හෙලූයේ එකම කරුණකි. ඈ පුරුද්දක් වශයෙන් වැව්තෙරට පැමිණියේ ප්‍රමාද වීය.මුල් අවස්ථා කිහිපය මම ඒ එතරම් ගණනකට නොගෙන නොසළකා හැරියද අවසන ඒ මගේ සිතට මහත්සේ වදදෙන්නක් විය.

අප හමුවනුයේ සතියකට වරක් ඉරුදින උදෑසන පමණි. ඒ දින සතකට වරක් එළඹෙන එකම දින පවා එකඟ වූ හෝරාවට පැමිණීමට ඇය උනන්දුවක් උත්සාහයක් නොගන්නේ මන්ද? එක් දිනක් දෙදිනක් ප්‍රමාදය සැලකිය යුත්තක් නොවේ. එහෙත් නොකඩවා වාර ගනනක් එළෙසම සිදුවීම? මේ අඟවන්නේ කුමක්ද? ඒ තරමටවත් ඇය මා පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බවද? මෙලෙස සිතට වද දෙමින් නොයෙක් අතට පෙරලමින් කල්පනා ලොව සැරිසැරීමට මට සෑම සතියකම දින සයක කාලයක් තිබීම තත්වය වඩාත් උග්‍ර වීමට ප්‍රබල හේතුවක් විය.

එහෙත් වැව්තෙර අසුන්ගෙන හුන් මගේ අඳුරු වූ වත දුටු වහාම ඇය මා සුරත දැඩිව ග්‍රහණය කොටගෙන දොඩමළු වූවාය.

'' අනේ තරහ ගන්න එපා, අපේ ගෙවල් පැත්තෙන් එන බස් එක අද තිබ්බෙ නෑ. මට අයියට කියල බයික් එකේ ටවුමට එන්න උනා,''

'' හරි වැඩේනෙ උනේ, අපෙ ගෙවල් ළඟ පොඩි දරුවෙකුට අසනීප වෙලා. මම එයත් එක්ක ඉස්පිරිතාලෙ ගිහිල්ලයි මේ ආවෙ,''


'' ඊයෙ අපේ ලොකු අම්මල ආවනෙ අපේ ගෙදර, එයාල අද උදේ ආපහු ගියේ, ඉතිං මටත් ටවුමට එයාලගෙ වෑන් එකේම ගියෑකි කිව්ව. මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ. එයාල එක්කම එන්න උනා. ''

'' හ්ම්ම්.....''

දැඩිව ග්‍රහනය කරගත් මගේ සුරත ඇකය මත තබාගත් වනම මා දෙනෙත් දෙස එක එල්ලේ බලා දොඩමළු වන ඈ දෙස නොබලා වැව් දියමත රැළි නංවමින් විදේශීය සංචාරකයින් පිරිසක් රැගෙන යාත්‍රාකරන නිල්පැහැ බෝට්ටුව දෙස දෙස බලාගත්වනම මම පිළිතුරු දුනිමි.


මගේ නොපහන් මුහුණ නොදුටුවසේ ඈ දිගටම දොඩමළු වෙයි. පසුගිය දින සයේ ඈට සිදුවූ, ඈ ඇසූ , ඈ දුටු සියල්ල මා හට පැවසීමට ඈට අවශ්‍යය.දිගින් දිගටම නොපහන් මුහුණින් කල්ගත් කිරීමට මට නොහැකි බව මම මෙන්ම ඇයද හොඳින් දනියි. පළමුව ඈ දෙස නොබලාම මම ඇගේ වමත දැඩිව ග්‍රහණය කර ගනිමි. දෙවනුව තද කරගත් තොල් පට ලිහිල්වී මඳ සිනහවක් විද්‍යාමාන වන්නේ මුහුණෙහි මෙතෙක් දැඩි ආතතියට ලක්වූ මස්පිඩු ලිහිල් වීමත් සමඟමය.ඒ ක්‍රියාදාමයෙහි තර්කානුකූල අවසානය වනුයේ ඈ දෙසට හැරුනු මම මෙසේ පිළිවිසීමය.


'' ඉතිං අනේ කියන්නකො ඊට පස්සෙ මොකද උනේ? ''

හෝරා දෙකක පමණ කාලයකට පසු බොහෝවිට ඇයට හදිසි අවශ්‍යතාවයක් නොතිබුණේවීනම් දිවා ආහාරයද ගෙන අප දෙදෙන සමුගන්නේ හද පුරා පැතිරුනු සෙනෙහසිනි..


මේ ක්‍රියාවලිය නොනැවත චක්‍රයක් මෙන් කිහිප වරක් සිදුවූ ඉක්බිති මම තීරණයක් ගත්තෙමි. ඇගේ ප්‍රමාදය පිළිබඳ නොපහන් වනු නොව ඒ ඇගේ ස්වභාවය යයි පිළිගැනීමට මම සිත එකඟ කරවා ගතිමි.

එදවස මා කියැවූ පොත් කිහිපයක සඳහන් වූ මෙවන් අදහස් ද ඒ වෙනුවෙන් මහෝපකාරී විය.

Don't get married thinking you can change someone to your whims, it wont happen ever.

Mutual understanding is the strongest base for a lasting relationship.

Accepting her / him for what her / him is the best gift you can give her / him.

මෙවන් අදහස් පොත් පත් වල ලියනුයේ අත කසනවාට නොවන බවද එසේම අධික මුදලක් ගෙවා මිළදී ගන්නා සහ මුළු රැයක් පුරා බොහෝවිට අළුයම තෙක් නිදි වර්ජිතව කියවන්නාවූ පොත්පත් වල සඳහන් දෑ පිළිපැදීම අප සැමගේ යුතුකම මෙන්ම වගකීම ලෙසද ඉටාගත් මම ඒ අනුව මා දිවිය හැඩ ගස්වා ගැනීමට අදිටන් කොට ගතිමි.

අනුයාත ඉරුදින එලඹිනි. සුපුරුදු පරිදි වැව් තෙර අසුන වෙත සැපත්වීමට පලමු කොටුගොඩැල්ල වීදියෙහි විජිත යාපා පොත්හල වෙත ගිය මම ඒ ආසන්නයේම නිකුත්වූ සුනේත්‍රා රාජකරුණානායකගේ නව කථාවක් මිළයට ගතිමි. ඒ ඇගේ මුද්‍රණ ද්වාරයෙන් නිකුත්වූ දෙවන හෝ තුන්වන නවකථාව බව මතකයෙහි රැඳී ඇත. බොහෝ විට ප්‍රේම පුරාණය විය හැක.

වැව්තෙර අසුනෙහි හිඳ පොත කියවීම ඇරඹූ පසු කාලය ගෙවීයනු මට කිසිසේත් නොදැනිනි.වෙනත් ඉරුදිනයන්හි මිනිත්තු පහෙන් පහේ කාල ප්‍රාන්තර අනුව ඔරලෝසුව දෙස ද ඒ සමඟම නොපහන් දෑසින් යුතුව ඈ පැමිණිය යුතු මඟ දෙසද සහස් වරක් දෑස් හෙලන මම මෙදින සුනේත්‍රාගේ පොතෙහි නිමග්න වූයේ මුලු ලොවම අමතක වූ පරිදිය.

'' අනේ සොරි හොඳද මම අදනම් හොඳටම පරක්කු උනා...''


ඇගේ ආයාචනාත්මක හඬ මම සුනේත්‍රාගේ ලොවින් බැහැර කරලීය.


සුපුරුදු නොපහන් වත වෙනුවට මම ඈ දෙනෙත දෙස එක එල්ලේ බලමින් සිනහසීමි.

'' කමක් නෑ අනේ...ඒකට කමක් නෑ...මම මේ පොතක් බල බල හිටියෙ..වෙලාව යනව තේරුණේම නෑ. ''

මම පොත නවා උකුල මත තබා ගනිමින් අසුනේ ඇයට ඉඩ දෙනු පිණිස මඳක් එහාට වුනිමි. ඈ හිඳගත්තේ අසුනෙහි ඈතම කෙළවරෙහිය. එමතුද නොව මා දෙස නොබලාම ඈ ඈත වැව මධ්‍යයෙහි දිස්වන දූපත දෙස මොහොතක් බලා උන්නාය.


'' හහ්...ඔයාට මම මෙච්චර පරක්කු උනා ඒක ගැන ගානක්වත් නෑ...පොත තමයි ලොකු උනේ නේද? පොත බල බල ඔහොමම ඉන්න. මම යනව යන්ට..''


එකවරම ඈ නැඟී සිටියාය. මා දෙස එකවරක් හැරී බැළුවාය. ඉනික්බිති ගස්සාගෙන ආපසු හැරුනු ඈ යුහු ගමනින් මා වෙතින් ඉවත්ව ගියාය.

අඩක් විවරවූ මුවින් සහ අයාගත් දෑසින් යුතුව මම ඈ ඉවත යනු බලා සිටියෙමි.

In dictionaries the word woman should be defined as paradox

Don't ever try to understand women, just love them

මවිසින් කියවවලද පොත් වල සඳහන් වූ ඉහත සඳහන් අදහස් නැවත සිහියට නඟාගත් මම සිත සනහා ගතිමි.

As all women are she may be a paradox too but do you know that I love paradoxes?

Finally...... being loving that paradox for the last Nineteen years and loving it more day by day ...heh, heh,

ප.ලි. - වසර කිහිපයකට පෙර ඇය සහ මම යථෝක්ත අසුනෙහි නැවත හිඳසිටියෙමු.


'' ඒයි මතකද මම දවසක් මෙතන ඔයා ඉඳගෙන ඉන්දැද්දි තරහ වෙලා යන්ට ගියා ගස්සගෙන? ''

ඈ දෑස් සිහින් කොට විචාලාය.

'' මොකද බොලේ මතක නැත්තෙ?...හෙහ්, හෙහ්, මම එදා හිතාගත්ත ඔයා පස්ස නොබලම යන්ට ගියානම් එතනිම්ම වැඩේ නවත්තල දාන්ට. ''

'' හහ්, එව්ව කොහෙද මා එක්ක? ''

ඇය හඬ නඟා සිනාසුණාය.

'' මම හැරිල බැලුවනෙ නැවතිලා. ඔයා මා පස්සෙ එන්නෙ නැතුව ඉඳගෙනම හිටියනම් මමත් හිතාගෙන හිටියෙ එතනිම්ම වැඩේ නවත්තල දාන්ට.''


'' හෙහ්, හෙහ්, එව්ව හරියන්නෙ නෑ ළමයා මේ මම එක්කලා....මම ආවනෙ ඔයා පස්සෙන්...''

මම ඇගේ දෙනෙත් දෙස එබී බලා පැවසුවෙමි.

45 comments:

  1. මමත් තාම ඔය වගේ හීන් ටොකු අනිනවා....

    හැබැයි බන් අයියෙ උන්දැටත් කොහෙන් හරි දෙන්න උත්තර තියෙනව
    මට වෙන්නෙත් උඹට උනු හරියම තමා

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, කියන්නේ කාටද නිශ්, කියන්නේ කාටද?

      මොකවත්ම කියල බේරෙන්ට බෑ...මොනව හරි කියනව ඒකට කැපෙන්ට...පුදුම වැඩේ කියන්නෙ තර්කානුකූලව කල්පනා කොරල බැළුවම හරියටම හරි ඒ කියන එව්වත්, ඇද පලුද්දක් මොකවත්ම නෑ...හෙහ්, හෙහ්,

      Delete
  2. ප.ලි. - වසර කිහිපයකට පෙර /

    පසු වෙන්නෝනි නේද රවී අයියේ.

    ReplyDelete
    Replies
    1. අහ්, මෙතන මලේ මම අදහස් කලේ වර්තමානයට වසර කීපයකට පෙර කියලයි....

      Delete
  3. // මම මෙසේ අසුන්ගෙන පොරොත්තුව සිටිනුයේ හෝරාවකට ද මඳක් අධික කාලයක සිටය. ඒ ඇය සැපත්වන තුරාය. //

    මමත් ඔහොම හිටි හැටි මතකයි.. මට හොඳ හැටි මතකයි.. :D

    හැබැයි අපසාදෙ කියන්ට බෑ, උන්දෑනං වෙලාවට වැව රවුමට ආවා..

    ReplyDelete
    Replies
    1. ඒ බූරො....උඹ කලිනුත් දවසක් කිව්ව ඩෙවොන් එකේ කවුද මුණගැහිච්චි සීන් එකක් ගැන...හෙහ්, හෙහ්, උඹත් එහෙනම් කුමාරිහාමි කෙනෙකුට සැට් වෙලා ඉඳල තියනව කාලයක්...එහෙමෙයි?

      අඩෝ මේ එව්ව තියාගන්ට එපා හරිය?...උඹ වගෙ පාත්තයෙකුට කවුද ඩෝ කුමාරිහාමිල දෙන්නෙ?

      පලි. - මමත් පාත්තයෙක් තමයි, ඒත් එව්ව ඕන නෑ මෙතනට...හෙහ්, හෙහ්, මයෙ පාත්ත සීන් එකත් හරහට හිටිය ලාවට වගෙ මට...ඒත් අපි නම් සැලෙයි ඔව්වට...

      Delete
    2. හෙහ් හෙහ්..!! ඒ සොඳුරු අතීතෙ බං.. මං ‍මේ ළගදි ෆේස්බුක් එකේ දැක්කා උන්දෑ කොලුපැටියෙකුත් වඩාගෙන ඉන්න ෆොටෝ එකක්.. දැන් සයිස් එක ඩබල් වෙලා..

      හැබෑට මොකෑ බං අයියෙ කෙල්ලො බැන්දට පස්සෙ මහත්වෙන්නෙ.!? කාව හරි මාට්ටු කොරගන්නකං ෆිගර් එක මේන්ටේන් කරගන්ටය කියලා නොකා-නොබී හිටපු ඒවටත් එක්ක හරියන්න කොටාබානවද.?? එහෙමත් නැත්තං දැන් ඉතිං අර අසරණයාට දාලා යන්ට බැරි නිසා කොහොම හිටියත් මොකෑ කියලා කොටාබානවද.?? :D

      Delete
    3. බබලත්තු බැන්දයිම් පස්සෙ මහත් වෙන්නෙ මම හිතන්නෙ හිතේ තන්තෝසෙ වැඩි කොමට.. ( තන්තෝසෙ කියන කොට සෝක් කතා පොඩ්ඩක් මතක් උනා...එක්කොත් ඒක ඕනෙ නෑ මෙතෙන්ට...හෙහ්, හෙහ් )

      ඇයි බාං...යන්තං ඇටෙං පොත්තෙං එලියට ආපුදා ඉඳල මොන තරමක් දහංගැට ගහනවයි කියලද මොන තරමක් විසිවිත්තර පානවයි කියද කවුරු හරි අසරණයෙක් අල්ලල ගැට ගහ ගන්ට.....:) :)

      මඟුල් ගැන කියනකොට ඔන්න මංගල සබාවක වෙච්චි ආතල් සීන් එකක් මතක් උනා...:) :)

      ඔන්න ඔය මංගල සබාවල කතාවල් පවත්තනව නේද?....සමහර වයසක බුවාල නැඟිට්ටම ආයෙ මොනව කරලවත් ඉන්දවන්න නම් බෑ......

      ඔන්න ඔහොම මයික් ටයිසන් කෙනෙක් දවසක් කතාවක් අදිනවලු ඔට්ටපාළු අදින්නැහෙ...:)

      '' මම මේ වෙලාවෙ තව කාරණයක් කියන්නම අවශ්‍යයයි.....ඇත්ත වශයෙන්ම මේ යුවති පතීන් දෙපල තම කුල පරම්පාර ඉදිරියට ගෙනයාම සඳහා යහපත් කල් ක්‍රියාවෙන් යුතු දූ දරුවන් ලැබ...... ''

      ගානට දාගෙන හිටපු පොරකට ඔන්න පැන්න මල. පොර නැඟිට්ටා. රැල් බුරුල් එහෙම ඇරල මෙහෙම කිව්වා...හෙහ්, හෙහ්,

      '' මේ ලොක්කා, ඔහේ මේ විදිහට කෝච්චිය වගෙ දිගටම කතාව ඇදගෙන ගියොත් මේ ජෝඩුවට ඔය කියාපු වැඩෙත් කොරන්න වෙන්නෙ මෙතනම තමයි...''

      ප.ලි. ඇත්තම කිව්වොත් මලේ මේ කේස් එක උනේ මයෙ මඟුල දවසෙ....ඔය කට කැඩිච්චි කතාව කිව්වෙ මයෙ අතිජාත මිත්තරයෙක්......හෙහ්, හෙහ්,

      මඟුල් සබා ගැන කතා තියනව අනන්ත .......පස්සෙ වෙලාවක කියඤ්ඤං හොඳේ....

      Delete
  4. හී හී...සඳා නියම ගෑනු කෙනෙක්. මට මම දන්න කෙනෙක්වම මතක් වෙනවා...හී හී...:)

    ReplyDelete
    Replies
    1. අම්මපා? උඹ දන්න කෙනෙක් මතක් වෙනවද?....එහෙම මූලග්ගිනිකාර අම්මණ්ඩියෙක් මම නම් දන්නෙ තව එකෝම එක්කෙනයි...හෙහ්, හෙහ්,

      Delete
  5. /'' හහ්...ඔයාට මම මෙච්චර පරක්කු උනා ඒක ගැන ගානක්වත් නෑ...පොත තමයි ලොකු උනේ නේද? පොත බල බල ඔහොමම ඉන්න. මම යනව යන්ට..''//

    මට තාම හිනා අප්පා....:D:D:D

    ReplyDelete
    Replies
    1. ඊට පස්සෙ නම් මතක් වෙන ගානෙ මටත් හිනා, උන්දැටත් හිනා, ඒත් ඒ වෙලාවෙ බලන්ට එපාය වැඩේ.....මූණ රතු වෙලා, යස්සනියක් වාගෙ.....ඒත් උන්දැ පස්සෙං පහු කිව්ව මයෙ කටත් බාගෙට ඇරිල ඇසුත් ලොකු කොරාන බයවෙලා වගෙ බලාගෙන උන්නු විදිහට තරහ නැතිවෙලා ගිහිල්ල බකස් ගාල හිනායන්ට ආවය, ඒත් බොහොම අමාරුවෙං හිනාව තද කොරං තරහම පෙන්නගෙන උන්නය කියල

      Delete
  6. ලස්සන නුවර ප්‍රේමයක් නේද...?
    ඇත්තටම එහෙම පරක්කු වෙනකොට පිස්සු බම්ප් වෙනව නේද...?

    ReplyDelete
    Replies
    1. එහෙනම් වී, එහෙනම්,

      ඕකෙ වැඩේ මේක නෙව, දාහක් බලාපොරොත්තු තියාන නෙව ඔය යන්නෙ, ඉතිං පරක්කු වෙනකොට මල පනිනව...:) :)

      Delete
  7. නුවර වැව අයිනේ තියෙන බංකු පේලියනම් අමතක වෙන්නේ නැහැ කවදාවත් ....

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ රොබින්?

      ඔහෙ මක්කලාය ඒ බංකු උඩට වෙලා? :) :)

      Delete
  8. දොඩමලු වෙන්නේ ගංජා අරක්කු බිව්වම. ඉතින් මත්වූ මනසකින් කොහොමද ආදරය කරන්නේ? දෙඩීම හා දොඩමලු වීම අහසට පොලොව මෙන් වෙනස්ය.

    ReplyDelete
    Replies
    1. / දොඩමලු වෙන්නේ ගංජා අරක්කු බිව්වම. /

      අරක්කු කොහොම වෙතත් ගංජා නම් බීල පුරුද්දක් නෑ වගේ...හෙහ්, හෙහ්,

      / ඉතින් මත්වූ මනසකින් කොහොමද ආදරය කරන්නේ? /

      ආදරේ කොරනව කියන්නෙත් එක්තරා විදිහක මත් වීමක් තමයි නේද?

      / දෙඩීම හා දොඩමලු වීම අහසට පොලොව මෙන් වෙනස්ය. /

      දෙඩීම සහ දෙඩවීම කිව්වනම් ඒ දෙක වෙනස් කියල පිළිගන්ට තිබුනා.

      දොඩමළු වෙනවයි කියන්නෙ නොකඩවා කතා කරනවයි කියන එක. ආදරෙන් මත් උනාමත් එහෙම වෙන්න පුළුවන් සුරාවෙන් මත් උනා වගේම තමයි :)

      සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී,
      දොඩමළු පෙම් බස් ගොළු වී යද්දී,
      මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඇය.....

      Delete
  9. මම හිතන්නෙ පසු කලක අතීතය මතක් කර කර සතුටු වෙන්නෙ ඒ ආදරේ ජය ගත්ත අය.එහෙම නොවුනොත් මොන තරම් සතුටු දේකට උනත් දුකක් මුසු වෙනව.මේක කියෙව්වහම ආයිමත් අතීතයට ගියා.හිතට සතුටක් දැනුන.

    ReplyDelete
    Replies
    1. හිතට සතුටක් දැනෙනුයේ ඔබ ද ආදරය ජයගත් හෙයිනැයි උපකල්පනය කරමි..ස්තූතියි :)

      Delete
  10. පමා වී පිපුනු මල් සුවදයි කියනව නොවැ..

    පරක්කු වුනාට අවුලක් හිතන්නෙපා !

    ReplyDelete
    Replies
    1. ආය කෙහෙම්මල් අවුලක්...මොන අවුල් ද සෑම්?.....බොහොම ස්තූතියි...:) :)

      Delete
    2. හ්ම්ම් හ්ම්ම්.. :)

      Delete
  11. මොනවද බං කුමන හෝ කාර්යයකට පැමිණි කියන්නෙ? අපිත් ඔය කාර්යයටම තමයි ඔතන හක්කලං කොරල තියෙන්නෙ.උඹ ඔය ජෝයි බෝට්‍ටු සේවය ගාව ඉන්නකොට ඔලුවට හිම හෙම වැ‍ටුනෙ නැතුවා වෙන්ඩැති, (කාක්කංගෙං) පුරුද්දක් වශයෙන් ප්‍රමාද වී පැමිනෙනෙ එකට කියන්නෙ fashionably late කියලා නේද බොලං. මට කාවදෝ මතක් වෙනවා..අල්ලලා දාහං දේශපාලනේ!
    //බයික් එකේ ටවුමට එන්න උනා// හා හා ඩයලෙක්ට් එක අනා ගන්නවා හෙම නොවෙයි! "බයික් එකේ ටවුමට එන්ට උනා"
    Don't ever try to understand WOMEN කවුද බං ඔය වගෙ තේරුමක් නැති වැඩ වලට කාලෙ කන්නෙ?
    එහෙනං ඔන්න ඔහොමයි උනේ ඈ? මොනව කරන්නද බං රවී, අර ගොනා පසුපස එන....චටාස්...ඩිං ඩිෂුම්... බුදු අම්මෝ!!!

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. / මොනවද බං කුමන හෝ කාර්යයකට පැමිණි කියන්නෙ? අපිත් ඔය කාර්යයටම තමයි ඔතන හක්කලං කොරල තියෙන්නෙ. /

      මම මේ කිව්වෙ උඹ වගෙ ඔය වැඩේටම නුවරට එන ආතක් පාතක් නැති එවුන්ට නෙවෙයි බාං....වැදගත් වැඩ රාජකාරි වලට නුවරට එන වැදගතුං ගැනයි මම කතා කොලේ...හෙහ්, හෙහ්,

      / උඹ ඔය ජෝයි බෝට්‍ටු සේවය ගාව ඉන්නකොට ඔලුවට හිම හෙම වැ‍ටුනෙ නැතුවා වෙන්ඩැති, (කාක්කංගෙං) /

      නෑ බං ලක්සල ඉස්සරහම තියෙන බංකුවෙ වාඩි උනාම හරි...ගස් යට බංකුවල ඉඳගත්තොත් ඉතිං අනාතයි සහනාදාරයි තමා. වෙස්සන්තර ජාතකේ කේවට්ටයට වෙච්චි එකේ අනික් එක තමයි වෙන්නෙ :) :)

      / පුරුද්දක් වශයෙන් ප්‍රමාද වී පැමිනෙනෙ එකට කියන්නෙ fashionably late කියලා නේද බොලං. මට කාවදෝ මතක් වෙනවා..අල්ලලා දාහං දේශපාලනේ! /

      ඔය ගති ලක්සන ජාන ඔලිං එන එව්ව නෙව....එයයියෙ මහ උන්නැහේටත් ඔය ලෙඩේ තිබ්බලු නොසෑහෙන්ඩ ....හෙහ්, හෙහ්,

      / හා හා ඩයලෙක්ට් එක අනා ගන්නවා හෙම නොවෙයි! "බයික් එකේ ටවුමට එන්ට උනා" /

      ඒ කිව්වෙ I entered the town by bike වගේ එකක්ද බාං?

      එන්ට ද ඩ්‍රැගන්?

      අනේ දැන්ම නම් එපා!!!

      / Don't ever try to understand WOMEN කවුද බං ඔය වගෙ තේරුමක් නැති වැඩ වලට කාලෙ කන්නෙ? /

      හෙවි රේන් නෙවද? කම් අන්ඩ්ස්ටෑන්ඩ් මයි අම්බ්‍රෙල්ලා කියල කීවළු.... :) :)

      / එහෙනං ඔන්න ඔහොමයි උනේ ඈ? මොනව කරන්නද බං රවී, අර ගොනා පසුපස එන....චටාස්...ඩිං ඩිෂුම්... බුදු අම්මෝ!!! /

      එහෙනං හෙන් රි එහෙන්නං එහෙන්නං...

      ඔන්න ඔහොම දේකුයි බොල උනා කියන්නේ,
      බඹා කොටපු හැටියටමළු බබා වැනෙන්නේ, :) :)

      Delete
    2. අපෙ අප්පෝ! මේ හෙන්රි අයියා කියන කතා..!! යන්ට අයියා.. :D

      Delete
    3. බලාපං බුරා,මේ රවියා කමෙන්ට් එක කෑලි වලට ගලවලා විශ්ලේෂණය කරලනෙ. කවදාවත් මගෙ කමෙන්ට් එකක් ඔහොම ඉරණමකට මුහුණ පාලා නෑ. බුරා එතකොට උඹ නම් මාර බේරිල්ලක් බේරිලා තියෙන පාත්තයෙක්, නැත්ද? උඹ දන්නවද මලයා අර පාත්තයගෙ රිස්ස යන්ට හකුරු බෑ දෙක දෙක එකට තියලා බැඳපු කෂ්ටියක් ගැන හෙම? නැත්නං ඔය රවියා කියයි.

      අඩේ රවියා. අන්න මම ධර්මාරාම දයන්නට කමෙන්ට් රිප්ලයි එකක් දුන්නා හීනියට.

      Delete
    4. / බලාපං බුරා,මේ රවියා කමෙන්ට් එක කෑලි වලට ගලවලා විශ්ලේෂණය කරලනෙ. කවදාවත් මගෙ කමෙන්ට් එකක් ඔහොම ඉරණමකට මුහුණ පාලා නෑ./

      හෙහ්, හෙහ්, ඒක මෙහෙමනෙ බොලේ...අර ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල්ගෙඩි කිව්වැහෙ ඒ ඒ කමෙන්ට් වලට ඒ ඒ විස්ලේසන..:) :)

      / උඹ දන්නවද මලයා අර පාත්තයගෙ රිස්ස යන්ට හකුරු බෑ දෙක දෙක එකට තියලා බැඳපු කෂ්ටියක් ගැන හෙම? නැත්නං ඔය රවියා කියයි. /

      හකුරු බෑ දෙකක් කොහොමත් මුලකට තියනවනෙ බං....'' පාත්තයගෙ රිස්ස යන්ට හකුරු මුලට බෑ තුන තුන තියල වෙලුව වගේ '' අන්න එහෙමයි ඒ කියමන....:) :)

      / අඩේ රවියා. අන්න මම ධර්මාරාම දයන්නට කමෙන්ට් රිප්ලයි එකක් දුන්නා හීනියට. /

      බැලුව බැලුව ගිහිල්ල බැලුව..අද උදේ හදිස්සියෙ උඩ තියෙන කමෙන්ට්ස් කියෙව්වෙ...නිවී සැනසිල්ලෙ කියවන්ට ඕන කොණක ඉඳල...හෙහ්, හෙහ්,

      Delete
    5. ඕක ඇවිදින් dont ever UNDERESTIMATE a woman !!!

      Delete
    6. //එහෙනං ඔන්න ඔහොමයි උනේ ඈ? මොනව කරන්නද බං රවී, අර ගොනා පසුපස එන....චටාස්...ඩිං ඩිෂුම්... බුදු අම්මෝ!!!//

      කමෝන් දෙන්න දෙන්න. දනිස්ස නවලා දෙන්න....... :D

      Delete
    7. @ metro,

      / ඕක ඇවිදින් dont ever UNDERESTIMATE a woman !!! /

      හෙහ්,හෙහ්, එහෙනම් එහෙනම්...කවුද බං එහෙම කරන්නෙ?...මොලේ කලඳක් ඇති පිරිමියෙක් කොරාවිද ඒ වගෙ ගොං වැඩක්..

      දන්නවය, ඔය කාන්තාවන්ය කියන ජාතිය බොහොම සමර්තයි Thinking Out of Box වලට.

      ඔන්න අළුත බැඳපු ජෝඩුවක් කියමුකො.විවාහෙම් පස්සෙ සතියක් නිවාඩුව ඉඳල මනුස්සය හා පුරා කියල වැඩට ගියා. හවහ ගෙදර එනකොට ඔන්න බාරියාවගෙ මූණ හරි නෑ...

      '' මොකද අනේ..ඔයාගෙ මූණ හරි නෑ..මොකද උනේ? ''

      '' මේ, කලින්ම කියන්නකො ඔයා මට බණින්නෙ නෑ නේද? ''

      '' නෑ, නෑ, බණින්නෙ නෑ..ඉතිං කියන්නකො....''

      '' ඔයාගෙ අර අලුතින් ගත්තු නිල් පාට කලිසම...අයන් කරද්දි ඒක මා අතිං පිච්චුනා..''

      '' ආ, ඒකද මේ.....ඒකට කමක් නෑ....මට ඒ ජාතියෙම තව කලිසමක් තියෙනවනෙ..''

      '' ඒකනෙ, හොඳ වෙලාවට මට ඒක මතක් උනේ...ඒ පාර මම ඒකෙං කෑල්ලක් කපල පිච්චුන තැනට අණ්ඩයක් දාල හැදුව...''

      Delete
  12. Replies
    1. ඒයි මේ, සිත්තමියෙ,...මට ලොක්කයි කිව්වට කමක් නෑ. මට ඕවය ගානක් නෑ....ඒත් උඹ අර යෝදිට ලොක්කි කිව්වයි කියල ආරංචි උනොත් එහෙම අනෙ අම්මප මම දන්නෙ නෑ මොනවයින් මොනව වෙයිද කියල....

      ඔවුන්දැ ඇවිල්ල පී.ටී අයි. නෙව....තුං මුල්ල පාගල හතර මුල්ල පැනල ගහන ගැහිලි යනාදි සියලු සාස්තර හදාරල සැටිපිකට් රාමු කොරල එල්ලගෙන තමයි ඔන්න ඉන්නෙ කිව්වට විස්සාස කොරපං බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි ඔන්න...අනෙ අම්මප, මේ ඇත්තමයි. එතනිං ගිහාම යගුලි හෙලි කවපෙති විසික්කිරිලි, දිවිලි, පැනිලි , උඩ පැනල පයිං ගැහිලි,වං කකුලෙං හිටගෙන දකුනු කකුලෙං ගැහිලි, දකුනු කකුලෙං හිටගෙන දකුණු කකුලෙම්ම ගැහිලි,ඔන්න ඔය වාගෙ මෙකී නොකී සියළුම ගැහිලි වල පරතෙරට ගිය යෝදියක් ඔය, ඔහොම දෙකට ගනින්ට බැරුව වගෙ හිටියට.

      ඒ හින්ද කෝකටත් තෛලය කියල බොලේ පරිස්සමිං.... මමත් නෑ උඹව බේර ගන්ට..කොයිකටත් රිපෙප්සං එකට කියාල තියාපං බොහෝම සිරියාවන්ත හැඩරුව ඇති ඒ වගේම තේජස දෙකංසෙං පෙරෙන සයිස් කුල කාන්තාවක් ඇවිල්ල හිට " කොයි මේ සිත්තමී?...මට එයාව පොඩ්ඩකට හම්බ වෙන්ට ඕන " කියල ඇහුවොත් හෙම උඹ නෑ කියන්ටෙයි කියල...උඹේම සරීර සවුක්කිය ගැන හිතලයි මම මේ කියන්නෙ ..හෙහ්, හෙහ්,

      Delete
    2. බලන්ටකෝ රවී අයියගේ බටර් පාර...! මෙන්න නියම සැමියෝ !!!

      Delete
    3. උලව්වේ මට කොහොම මේක මිස් උනාද මංදා. මං එනකොට පෙරහැර ගිහිල්ල බෙටිත් වේලිලා චැහ්....

      //උඩ පැනල පයිං ගැහිලි,වං කකුලෙං හිටගෙන දකුනු කකුලෙං ගැහිලි, දකුනු කකුලෙං හිටගෙන දකුණු කකුලෙම්ම ගැහිලි,ඔන්න ඔය වාගෙ මෙකී නොකී සියළුම ගැහිලි වල පරතෙරට ගිය යෝදියක් ඔය,//

      එහෙනං ඒකයි මේ එදා අර වං ඇහැ වටේ කළුවෙලා, මැණික් ක‍ටුව ඉදිමිලා ඒ මදිවට නොන්ඩියකුත් එක්ක අපේ දිහා ගෑ‍ටුවෙ. ඇහුවම කොහොමද කිව්වෙ "මේ බයිසිකලෙන් වැ‍ටුන බං" කියල. ඔන්න ඕවට තමයි බං අයියෙ කියනෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතෙයි කියල.

      Delete
    4. @ nawammawatha,

      / එහෙනං ඒකයි මේ එදා අර වං ඇහැ වටේ කළුවෙලා, මැණික් ක‍ටුව ඉදිමිලා ඒ මදිවට නොන්ඩියකුත් එක්ක අපේ දිහා ගෑ‍ටුවෙ. ඇහුවම කොහොමද කිව්වෙ "මේ බයිසිකලෙන් වැ‍ටුන බං" කියල. ඔන්න ඕවට තමයි බං අයියෙ කියනෙ කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැතෙයි කියල. /

      මිනිස්සු කරන සමහර දේවල් ගැන මලේ මුළු ජීවිත කාලෙම දුක් වෙනව...මට පේන්නෙ උඹ හම්බ වෙන්ට ආපු එකත් එහෙම දෙයක් වෙන්ටයි යන්නෙ...හෙහ්, හෙහ්,

      දෙයියම්පල්ලා... එදා උඹ වගෙ එකෙක් හම්බ වෙන්ට අර මොර හූරන වරුසාවෙ තෙමීගෙන ආවට වඩා දාහෙං සම්පතයි සීමා මාලකෙං බේරෙට පැනල දිවි නහගත්තනං,

      අනෙ අම්මප..මයෙ ඉහ නිකට වත් බලාලද මේක මේ අහස පොලව නුහූලන අපහාස කතා කියන්නෙ...මට නම් කමක් නෑ කියමු...අර විසාකා මහෝපාසිකාව වගෙ ඉන්න ඉස්තිරී රත්නෙට....:0 :)

      Delete
    5. @ metroමොකක්ද එක...

      / බලන්ටකෝ රවී අයියගේ බටර් පාර...! මෙන්න නියම සැමියෝ !!! /

      එහෙනං එහෙනං බොල අමෝ....හෙහ්, හෙහ්, පහුගිය ටිකේම අපෙ ගෙදර ඉන්ටනැට්ට වැඩ කොලේ නැතුව තිබිල දැං හදලයි කියල ලොක්කි මට දැනුම් දුන්න...ඒ නිසාවෙන් පොඩි Covering my arse පාරක් දාගත්ත...කෝකටත් හොඳයි නෙව...ඔව්ව C.V. එකට එහෙම වැටුනම කාටද ආඩම්බර?....හෙහ්, හෙහ්,

      Delete
  13. //Don't get married thinking you can change someone to your whims, it wont happen ever. //
    මේක නම් සම්පූර්ණ ඇත්ත..මමත් අපේ මහත්තයට කියන්නෙ ඉපදුන දා ඉඳන් අම්මට හදාගන්න බැරි වුන මාව තමුන්නැහේ කොහොම හදන්නද කියලා..
    :)

    කොහොම වුනත් කතාව නම් අපූරුයි..ඒත් සුනේත්‍රාගෙ පොත මෙතෙන්ට ඔබ්බපු එකේ පොඩි නොගැලපීමක් තියනවද මන්දා...

    ReplyDelete
    Replies
    1. / මේක නම් සම්පූර්ණ ඇත්ත..මමත් අපේ මහත්තයට කියන්නෙ ඉපදුන දා ඉඳන් අම්මට හදාගන්න බැරි වුන මාව තමුන්නැහේ කොහොම හදන්නද කියලා..:) /

      ආන්න එහෙමනෙව ඉන්න ඕන....කියන්ට තියන දේ ආය කියන්ට ඕන මූණටම අර මොකද්ද මොකේද ගැහුවහෙ..හෙහ්, හෙහ්,

      අනික බං කසාද බඳිනවයි කියන Project එකේ Scope of Work එකේ තියනවද Rehabilitating your partner කියල...නැහැ නෙව. අනික මේ මඟුල් සක්වලේ කොරන්ට මෙච්චර දාහක් වැඩ රාජකාරි තියෙද්දි පලයල්ලකො එක එකා හදන්ට...අනේ දණ ගහල වැඳල කිව්වත් මම නම් කියන්නෙ මට නම් බෑ ඔන්න කියලයි.

      / .ඒත් සුනේත්‍රාගෙ පොත මෙතෙන්ට ඔබ්බපු එකේ පොඩි නොගැලපීමක් තියනවද මන්දා.../

      ම්ම්ම්, එහෙම හිතෙනවද රූ?...මම හිතුවෙ නිකම්ම පොතක් බල බල හිටියයි කියනවට වැඩිය පොත ගැන පොඩි විස්තරයක් කලොත් හොඳයි කියල....

      Delete
  14. පුංචි දරුවෙක් අරං ඇවිත් කියවලා යන්න පුළුවන් බ්ලොග්ද මෙව්වා මං අහන්නේ...

    දැන් බලන්ට මිතුරනි,
    //අපගේ ඇසුර ඇරඹී ගතව ගියේ හුදෙක් තෙමසක මඳක් අධික කාලයක් වුව ඒ ඇසුර හුදු හිතවත්කමකට එහා යාමට විභවය සහ හැකියාව ඇත්තක් බව මට හැඟී ගියේ ප්‍රාරම්භක අවධියේදීමය. ඇය ද ඒ හැඟීම එලෙසම විඳින බවට ඇගේ වදන් මෙන්ම දෑස ද නොයෙක් වර කියා පෑවේය.ආදරය පිළිබඳ අප අතර කිසිදු වදනක් මෙතෙක් හුමමාරු වී නොතිබි බවද මේ සමඟම කිවයුතුය.\\ මෙහෙම කිය කියා,

    //දැඩිව ග්‍රහනය කරගත් මගේ සුරත ඇකය මත තබාගත් වනම මා දෙනෙත් දෙස එක එල්ලේ බලා දොඩමළු වන ඈ ‍‍\\ මෙහෙමත් කියනවානේ........ අනේ අම්මාපල්ලා, අපේ අම්මා මුත්තා කාලෙවත් දරු දැරියෝ මෙහෙම හැසිරුනාද මං අහන්නේ............?

    මෙව්වා ඇවිල්ලා අපේ සංස්කුරිතිය, සබ්බියත්වය ආදිය විනාශ කරලා දමන ආකාරයේ, විදේශීය බලපෑම් මත ලියැවුනු උභතෝකොටික පැරඩොක්ස්ය......... :D :D :D

    ReplyDelete
    Replies
    1. / පුංචි දරුවෙක් අරං ඇවිත් කියවලා යන්න පුළුවන් බ්ලොග්ද මෙව්වා මං අහන්නේ.../

      මොකටද බොල බ්ලොග් කියවන්ට පොඩි එකා ඇරං එන්නෙ?

      '' කෝ මේ මනුස්සය?...ආව දැක්ක ඊට පස්සෙ කොහාටද හැබෑටම අන්තර්දාන උනේ?....ආ, මේ ඉන්නෙ.... මම හිතුව..මෙතන තමයි ඇත්තෙ කියල....මේ ඔය මාළුංගෙ රාජකාරිය පොඩ්ඩක් පැත්තක තියල මේං මේ යෝදි ඩිංගිත්තක් ආං බාං කොරගන්නවද...මම පොඩ්ඩකට බොලොගේ දිහා ගිහිල්ල එනකල්...අර පිස්සු හටන අද මොකක්ද පෝස්ට් එකක් දානවය කිව්ව..මෙලහට *ලද දන්නෙ නෑ බ්ලොගේ ඔය මනුස්සය? ''

      ඕං ඔහොම කියල හිට තනියම නෙව එන්ට ඕන බොලොගේ දිහා එනකොට....:) :)

      * තනි අකුරකි, තම තම නැන පමණ සහ රිසිලෙස ඔබට අදාල අකුර යොදා ගත හැක

      / අනේ අම්මාපල්ලා, අපේ අම්මා මුත්තා කාලෙවත් දරු දැරියෝ මෙහෙම හැසිරුනාද මං අහන්නේ............? /

      අන්න මේ කතාව නං ඉත්තේරුවෙම්ම ඇත්ත...මොකද ඔය කාලෙ අපි ඇවිල්ල දරු දැරියො නෙවෙයි නෙව...ජීවිතේ යමක් කමක් තේරෙන අත්දැකීම් බහුල පරිණත කස්ටිය. ඒ නිසාම තමයි බොහෝම ශීලාචාර විදිහට ප්‍රසිද්ධියේ අත අල්ල ගන්න එකෙන් සෑහීමට පත් උනේ :) :)

      මුන්දැ කියන ඔය දරු දැරියො නං හැසිරෙන්නෙ ඔහොම නෙවෙයි තමයි..ඒකත් ඇත්තම ඇත්ත. දරු දැරියො නම් ඔන්න ඔන්නම් පැය බාගයක් ඉඳියි අත් අල්ලාගෙන..ඊට පස්සෙ ටෙන් තර්ටි ෂෝ එක...ඕඩියන් එකේ....ඊලඟ දවසෙ කෙලිම්ම උඩවත්තෙ කැලේ....ඊටත් පස්සෙ දවසෙ ඔය තියෙන්නෙ අම්පිටිය පාරෙ එතකොට තල්වත්ත පැත්තෙ ගෙස්ට් හවුස්....අන්න ඒවයිං එහෙක....

      / මෙව්වා ඇවිල්ලා අපේ සංස්කුරිතිය, සබ්බියත්වය ආදිය විනාශ කරලා දමන ආකාරයේ, විදේශීය බලපෑම් මත ලියැවුනු උභතෝකොටික පැරඩොක්ස්ය......... :D :D :D /

      වියාංගයෙං හීන් නූලෙං ගහල අපේ සබ්බියත්තය අවමානෙට ලක් කොරන්නෙ කවුද කියල මම බොහොම අගේට උඩ පැහැදිලි කරානෙ...ආයෙ ඒ ගැන කතා කොරන්න දෙයක් නෑ...:) :)

      Delete
    2. ඉතිං ඉතිං කියන්න බැරි වුනානේ... මේ පෝස්ට් එක ඇවිල්ලා මට දැනුනේ මනෝ විද්‍යා පාඩමක් වගේ... ඉතිං ඉතිං ඊ ගාව දවසේ ඉඳන් වේලාසන ආවෙයි සොඳුරු සඳවති?

      මොකක් හරි පොතක කියැව්වා, වයිෆ්ට අහුවෙයි කියලා අලුත් පොතක් ගත්තා කියලා, පිට කවරේ ගෙට එන්න කලින්ම ඉරලා විසිකරලා එන්නේ කියලා. ඒ කථාවේ අන්තිමට වයිෆ් පොත්ටික සේරම ගිණි තියනවද කොහිද? ඔය දෙසේ නං එහෙම වුනේ නැහැ නේද තාම?

      මට මැවිලා පේනවා එතුමී තරහා වෙලා ඉවත යද්දි ඔබතුමා හිටියැයි කියන විදිහ........ :D

      Delete
    3. / ඉතිං ඉතිං ඊ ගාව දවසේ ඉඳන් වේලාසන ආවෙයි සොඳුරු සඳවති?

      පිස්සුය ඔය ළමයට?

      උන්දැ දිගටම එහෙම තමයි ආවෙ....මම පස්සෙ පස්සෙ බැරිම තැන කලේ විනාඩි විස්සක් විතර පරක්කු වෙලා යන එක...ඒ වැඩේ අවුලක් නැතුව කෙරුන එක දවසක් උන්දැ වෙලාවට එනකල්...හෙහ්, හෙහ්, බලන්ට එපාය වැඩේ ....එදා කලේ පැය බාගයක් කිසිම කතාවක් නැතුව වැව දිහාවෙ බලං හිටිය...ඊ ළඟ පැය බාගෙ ලවක් දෙවක් නැතුව බැන්න...

      / මොකක් හරි පොතක කියැව්වා, වයිෆ්ට අහුවෙයි කියලා අලුත් පොතක් ගත්තා කියලා, පිට කවරේ ගෙට එන්න කලින්ම ඉරලා විසිකරලා එන්නේ කියලා. ඒ කථාවේ අන්තිමට වයිෆ් පොත්ටික සේරම ගිණි තියනවද කොහිද? ඔය දෙසේ නං එහෙම වුනේ නැහැ නේද තාම? /

      අනේ, නෑ...උන්දැගෙ එහෙම තහංචි නෑ....ඒත් පොඩි බර බරයක් දානව මම ඔය සමහර වෙලාවට කොළඹ සතියම වගෙ ඉඳල සෙනසුරාද ගෙදර යනකොට අලුත් පොතක් අරං කෝච්චියෙ කියෝ කියෝ යනවනෙ....ගෙදර ගිහිල්ලත් මට ඕක කියවල ඉවර වෙනකල් මෙලෝ සිහියක් නෑ..ඉතිං රෑ නිදි මරාගෙන පොත කියවන්ට ගත්තොත් නම් ඔන්න උන්දැගෙ මයිල් කෙලිං වෙනව...එව්වට ඉතිං වැරැද්දක් කියන්ටමත් බෑ නෙව...හෙහ්, හෙහ්,

      පොත්, ඇය සහ මම.....ඒ ගැන තියෙනව කතා මහ ගොඩක්...වෙලාවක ලියඤ්ඤංකො එකිං එක...හොඳේ....:) :)

      / මට මැවිලා පේනවා එතුමී තරහා වෙලා ඉවත යද්දි ඔබතුමා හිටියැයි කියන විදිහ........ :D /

      ම්ම්...උපමාවන් දෙකක් දුන්නැහැකි...කැමති එකක් ආදේශ කර ගන්ට,

      1. අර කොහෙද පහරපු බළල වගෙ,

      2. අර මොනවද කාපු රිළව වගෙ......:) :)

      Delete
  15. හරීම ලස්සනයි රවී අයියේ...
    කියෙව්වම මට තනියෙම හිනා. මාත් ඔහොම එව්වා කරලා තීනවා නෙව...හි හි

    ReplyDelete
    Replies
    1. දැං කොයි ටිකද උඹ කොරල තියෙන්නෙ?

      පොතක් අරං කියෙව්වය ගෝතය පරක්කු නිසා ඌ එනකල්?....එහෙම නැත්නම් උඹ පරක්කු නිසා ඌ පොතක් කියෝ කියෝ හිටිය කියල ඌව කන්ට හැදුවද?

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...