Friday, August 3, 2012

126. නොහමුවීම සහ සමුගැන්ම....A farewell sans an encounter.




නිමිත්ත - මගේ මළගම දා - ලිව්වේ සොඳුරු සිත
දුර බැහැර බෝ ගෙවා,
සිත පිරුණු දුක් දරා,
නෑවිත්ම බැරි නිසා,
අවසන,
පැමිණියෙමි නුඹ සොයා.
ජීවිතයෙ කිසි දිනෙක,
නොදුටුවෙමි නුඹේ වත,
රෑ සයනෙ හොත් කලෙක,
නෙතු පුරා පිපි සිහිනෙක  මිසක,
නෑසුවෙමි  නුඹ සිනහ.
නෑවිත්ම නොහැකිවිය,
හදවතට තවත් උහුලනු නොහැක,
එසේහෙයින් වූ කල,
එසඳ පිළිපන්නෙමි තනි මඟට.
තරු ලකුණු මඟ දිගේ,
සකුණ ගී රැව් අසමිනේ,
පිපුණු සහසකුත් එකක් සේපාලිකාවනගේ,
නළ මුසු සුවඳ විඳිමිනේ,
තබා පියවර බරට,
ආවෙමිය නුඹ සොයා ඉතිකිනේ.
හමුවෙන්ට පැමිණියෙමි සහසකුත්  හිතේ  පිරි හැඟුම් කියනුව නියා,
කොඳුරන්ට සිදුවුනේ එසඳ ඒ මඳ නලට හමන ගතු කියමිනා,
සමුගන්ට  පලමු මේ බව කතර යළිත් හමු වෙමු කියා,
නික්මෙන්ට අවසරයි අරලියා මලක් නුඹ නිදන අහලින් තියා.


53 comments:

  1. කවි ලස්සන උනාට සමුගන්න කවිවලට පොඩ්ඩි නම් ආසා නෑ.:(

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි මටත් කියල තිවුනා. ඒ වගේ කවි ලියන්නෙපා කියලා.

      ඒ උනාට මට සාමාන්‍යයෙන් හරි හොඳට ලීතැහැක්කෙ එවුවා තමා .

      Delete
    2. @ පොඩ්ඩි,

      හෙහ්, හෙහ් මොන කෙහෙල්මලක්ද නම් මන්දා....සමුගන්න එව්ව, මැරෙන එව්ව...බිඳුනු පෙං සීන්....ඔන්න ඔව්ව තමයි මටත් ලියවෙන්නෙ එළ කිරි වගේ....

      විප්පයෝගෝ සුඛෝති සුඛෝ....කියල අහල නැද්ද ඔය ළමයා?...ඒ කියන්නෙ වියෝව වනාහී සැපෙනුත් සැපකි....කියලයි ඒකෙ තේරුම....

      Delete
    3. වියෝ වූ පසුවයි දැනෙන්නේප්‍රේමයේ අභිමන්.. :D

      Delete
    4. @Buranetho
      යා යා අභිමාන් කියල හින්දි පිචර් එකක් බලල තියේ.

      Delete
    5. @metropolisoflove,

      අඩේ, අමෝ,.... අභිමාන් කියන්නෙ අපේ කාලෙ අපිව පිස්සු වට්ටපු ෆිල්ම් එකක් නෙව...පත්තරේ අභිමාන් ඇඩ් එකේ තිබ්බෙ මෙන්න මෙහෙම " ඔවුන් දෙදෙන එක් කලේ ද සංගීතයයි, වෙන් කලේ ද සංගීතයයි'' රඟ පෑවෙ අමිතාබ් බච්චන් සහ ජයා බහදූරි....පස්සෙ ජයා බච්චෙන්.... ඒකෙ සිංදු තිබ්බ බොලේ කෙලිම්ම ඔලුව නරක් වෙනවා...හෙහ්. හෙහ්,

      මරදානෙ තිබ්බ ටවර් ලියල හෝල් එකක් ඒ කාලෙ...ඕකෙ අභිමාන් ෆිල්ම් එක දිව්වා අවුරුදු දෙකක් විතර එක දිගට...

      Delete
    6. @ අමා,

      ‍මොකාද බොල Buranetho කියන්නෙ..!!??

      Delete
    7. @ Buranetho,

      අනෙ අම්මාපල්ල... උඹටත් ඒකම තමයි පෙනුනෙ නේද?....හෙහ්, හෙහ්, ඔන්න බලාපංකො ඒකෙත් හැටි...

      කිව්වම මොකද මටත් හිතෙන්නෙ අමා ගොයිය ලියපු විදිහ තමයි වඩාත්ම ගැලපෙන්නෙ කියලයි....හෙහ්, හෙහ්, හෙහ්,

      Delete
    8. අපි කඩුවෙල හෝල් එකකින් අභිමාන් බැලුව . මන් හරිම පොඩියි. මට මතක එකේ කිකිලියෙක් හිටියා විතරයි . අපේ අක්ක ගෙදර ඇවිත් ''නයා කොයි ගුල් එලන්නේ '' කියා කියා හිටියා . මට මතකම නැහැ ඒකෙ නයෙක් හිටියා . පස්සේ කාලෙක ටි වී එකෙ බලද්දී තමයි කතාව තේරුනේ .

      Delete
  2. ස්තූතියි අයියා....... ඒත් මේක හැබෑවක් නම් වෙන්නෙපා.

    මට අයියව දකින්න ඕනි මම පණ පිටින් ඉද්දි .

    දන්නවනේ ඉතින් පොත් තෑපෑලෙන් ආවට , චොකලට් තැපෑලෙන් එද්දි උණුවෙනව කියලා.

    හෙහ් හෙහ්..........

    මම දුක හිතෙන කවි ලිවුවට, අනිත් අය එහෙම දුක හිතෙන්න ලීවම හිතට දුක වැඩියි.

    ReplyDelete
    Replies
    1. පිස්සුද වත්, ඕකට ඔය හැටි දඟලන්ට ඕනය?.....වෙලාවක එන්න මම ආපුහම නුවර පැත්තෙ අම්මත් එක්කම.... බත් ඩිංගිත්තක් කාරිය කාල, මාළිගාවට එහෙම ගිහිල්ල හිට නිවාඩු පාඩුවෙ යන්න බැරිය ආපහු.....හෙහ්, හෙහ්

      Delete
    2. ඒක නෙව. වත් අපි යමු රවී අයියලහ දිහෑ හොඳ මැක්සා ට්‍රිපක්. පොඩ්ඩි ඔයත් එන්ට. ම්ම් තව ඔය කැමති අය අත උස්සන්ට.
      නිවාඩු පාඩුවේ කියන්නේ දවස් තුන හතරක්ම නැවතිලා නාලා කාලා භාවනා කරලා එමු. හි හි හි !!!

      Delete
    3. @metropolisoflove,

      අඩේ උඹව තියන්ට වටින්නෙ නෑ නෙව...ඔන්න මයෙ හීන ගොඩට උඹ තවත් හීනයක් එකතු කලා...මෙන්න මෙහෙමයි ඒ හීනෙ....ඔන්න අහගං, හොඳට...

      අපෙ ගෙදර තියනව උඩ තට්ටුවෙ සඳලු තලයක්....සඳළු තලේ හිඳ පෙර මඟ බලනා මානවිකාවිය ඔබට කියන වගනම්....ආන්න ඒ ජාතියෙ එකක්,

      ඔය සඳළු තලේ ඉඳල හන්තාන කඳු වැටිය නිකම් අත දික්කලාම අල්ලන්ට පුලුවන් සයිස් එකෙං පේන්නෙ,පාළොස්වක දවසට හඳ හන්තානෙං මතුවෙනව බලං ඉන්ට ආසයි...හෙහ්, හෙහ්, අම්මප...දෑත බදල අල්ලන්ට බැරි තරං ඔන්න,

      ඉතිං මෙන්න මෙහෙමයි සීන් එක, පාළොස්වක දවසට අපෙ සඳළු තලේ අපි කට්ටිය එකතු වෙමු...බාවනා කෙහෙල්මල් ඕන නෑ...කාන්තා පක්සෙට ඔන්න වයින්....පුරුසයින්ට ඔය වෙනත් සැර ජාති කැමති පරිදි...හෙහ්, හෙහ්,

      සහබාගි වෙන කස්ටිය ඔන්න අමා උඹ, වත්, පොඩ්ඩි, .........එතකොට මම ඉතිං අනිවාර්යයෙං ඉන්ටම එපාය......ඊට අමතරම මගෙ ගානෙ මම ආරාදනා කරනව ජීවිතේ මල්ට ජනනිට බින්දිට රන්දිල්ට, ප්‍රියන්තට සහ නවමට....ආහ්, හෙන් රි සහ බූරාත් ඉන්නම ඕන...හරියටම දොලහයි හොඳ ගාන, අඩුත් නෑ, වැඩිත් නෑ....

      ඉතිං ඔන්න හරබර සාකච්ඡාවට විශේෂ අමුත්තං විදිහට කවුද අපි කැඳවන්නෙ?

      මම එක්ක එනව දඩයක්කාරයා, චුට්ටි, එතනිං ගිහාම රමණි අක්කා...සචිනි අජන්ත අනර්කලී සහ සලීම්....

      උඹ එක්ක වරෙං අර හේවායයි කුමාරියි.....තව කවුරු හරි උඹේ හිතේසිවන්තයො ඉන්නව නම් ඒත් එක්ක වරෙං...කිසිම අවුලක් ඇත්තේම නැත.....හෙහ්, හෙහ්,

      අනෙ අම්මප ඇත්තට ඔහොම දෙයක් කලොත් කොහොමද?....මල් හතයි නේද?

      Delete
    4. මල් හතයි කියන්නෙ, හතයි නෙවෙයි, හත්වරක් හතයි..

      අඩේ බං අයියෙ, මොනා නැතත් කමක් නෑ, මයියොක්කා මුට්ටියක් තම්බලා, කොච්චි සම්බලයක් කොටලා තියහං.. තව පුළුවන් කමක් තියේනං හොටබරියෙක් හොඳ පදමට මිරිස් තුනපහ දාලා හදලා තියහං..

      Delete
    5. @ Buratheno,

      ඔන්න බං උඹ මයෙ ඔළුව තව ටිකක් නරක් කොරන්නයි හදන්නෙ.....හෙහ්, හෙහ්, හීනෙට අනුපාන....මයියොකු, කොච්චි සම්බල සමඟ අති ගරු ග්‍රාම සූකර මාංශ....

      Delete
    6. හප්පට සිරි මටත් ආරාධනා කරලානෙ. ඇත්තෙන්ම එනවා. මගේ නෑනෙ විහිලු. අර බුරනී‍තෝ,.. සොරි බං. බුරනි..චික්! බුරා කිව්වවගේ මඤ්ඤොක්කයි, කොච්චි සම්බලෙයි නම් මරු. ඉතිං ඇත්තටම එහෙම කරමුකො බන්ස්!!
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    7. මං එනව.... මං එනව.. හැබැයි අයියෙ ඕං නොකිව්වයි කියන්ඩ එපා.. අර දඩයක්කාරය ආවොත් නං මං දුවනව!!

      Delete
    8. මේ, රවි අයියේ, ඔය හීනෙ මාවයි සිත්තරාවයි හෙම පෙනුනෙ නෙද්ද ඈ? ආරාදනා පත්තර නැති උනාට කාරි නෑ අපිට එන්ට හිතුණොත් අපි එනවා හරිය? ඒ ආහම අපිව එලෝගන්ටත් බැරිය, ඇහුණය?

      අර සාකච්ඡා මාත්තුරුකා ගොඩට තව නම් දෙකක් එන්ට ඕනේ. අර ජයසේනයි, චුට්ටි මැණිකෙයි. මට මේ හිටි හැටියේ මතක් උනේ. රවි අයියා මවාපු චරිත වලින් මම කැමතිම දෙන්නෙක් ඒ.

      Delete
    9. @ හෙන්රි,

      / ඉතිං ඇත්තටම එහෙම කරමුකො බන්ස්!! /

      ඔන්න බොලේ එහෙනං හරි හොඳේ?.....ආය පස්සෙ ඥුරු ඥුරු ගෑවිලි නාහෙං ඇඬිලි බෑ හරිය....වැඩේ තීන්දුයි....නිවාරණයි...කැපයි !!!

      මේ ඒක නෙවෙයි මොකක්ද මේ උඹේ ප්‍රොෆයිල් එක ....මට හිතෙන හට්ටි කියන්නෙ මොකක්ද බොල?....හෙහ්, හෙහ්,

      / බුරා කිව්වවගේ මඤ්ඤොක්කයි, කොච්චි සම්බලෙයි නම් මරු. /

      දෙයියෝ සාලෙ...පාටිය මයියොකු වත්තක් මැද්දෑවෙ දාන්ට වෙයිද කියලයි මම මේ කම්පනා කොරන්නෙ?....බොලා එන්නෙ මෙතන බොන්ට ද බොල කන්ටද?...අනික ඔය මයියොකු වගෙ එව්ව වැඩිපුර කොටා බාන්ට නරකයි සන්තර්පණේ වෙද්දි.....බඩු බහිනවා.....අවම භාවිතයේ මූල ධර්මය තමයි මම නං පිළිපදින්නෙ.....හෙහ්, හෙහ්, '' අප්පමාදෝ අමර පදං " අහල අති නෙව...එසේ මෙසේ පුරුසයෙක් හෙම නෙවෙයි නෙව ඔහොම දෙසා බාල තියෙන්නෙ....

      බොලාට කන්ට ඕනම නං මෙහෙම කොම්මු...පලවෙනි දවසෙ බඩ පැලෙනකල් කමු මයියොකු....ඒ කරල දෙවෙනි දවසෙ බොමු....

      Delete
    10. මට හිතෙන හට්ටි මයියොක්කා හට්ටිද අයියේ? :D

      Delete
    11. @ hansakinkini,

      / මං එනව.... මං එනව.. හැබැයි අයියෙ ඕං නොකිව්වයි කියන්ඩ එපා.. අර දඩයක්කාරය ආවොත් නං මං දුවනව!! /

      සික්....එහෙම කරන්ටම එපා බං...උඹ මේ පුදුම තරහක් නෙව තියෙන්නෙ ඒ අහිංසකය එක්ක....ඌව ටික දවසක් ආස්සරේ කොරල බලහං මම කිව්වට....හරිම හිත හොඳ එකා.......මේ මම් වාගෙම තමයි...ආය කිව්වම මොකද?.... :) :)

      Delete
    12. @ සිත්තමී,

      / මේ, රවි අයියේ, ඔය හීනෙ මාවයි සිත්තරාවයි හෙම පෙනුනෙ නෙද්ද ඈ?  /

      අනෙ අප්පේ....මයෙ අම්මේ...එහෙම උඹලව අමතක වෙනවද මයෙ කිරි බුදු සන්තෝ.....දෙයියම්පල්ල ඔන්න අහගං වෙච්චි දේ....

      උඹව තම්යි මුලිම්ම මතක් උනේ...හෙහ්, හෙහ්, උඹ මයෙ යාවජීව රසිකාවියක් වෙච්චි.....නිතර මා එක්ක සතුටු සාමීචියෙ යෙදිල කෝමද අයියෙ වං හුං ඈ...ඒක නෙවෙයි මොකද අර මගෝඩිය, අර දඩයක්කාරයට උනේ කියල අහන එකී වෙච්චි....මම හදිස්සියට ගුරු හරු කමක් ගන්න එකී වෙච්චි....නිකොලොස් ගොයියව මං වගේම බඩ බැඳගත්තු එකී වෙච්චි.....ඒ ඔක්කෝටම වැඩියෙං මම ලියන විකාර වලට පිළිතුරු කතා ලියල මයෙ ලියන්ට යම් පුලුහං කොමක් ලාවට හරි තිබ්බ නං ඒක වැඩි දියුණු කොර ගන්ට මහෝපකාරී වෙච්චි එකී වෙච්චි....එහෙව් එකේ උඹව අමතක වෙනවද බාං....මොනවද ලතා මේ කතා?...කිව්වලු අර කවුද මංද....

      ඉතිං ආරාදනා පත්තරේ සිත්තමී කියාල මුලිම්ම නම ලිව්වය කියමුකෝ...ඒත් ඔන්න මයෙ හිතේ විචිකිච්චාවක්...වෙන මක්කවත් නෙවෙයි...උඹ ඇවිල්ල බොහෝම සාන්ත දාන්ත ගුණ ගරුක මානවිකාවක් නෙව..ඉතිං මේ මත්පැං එහෙම යහමිං පාවිච්චි වෙන සාදෙකට ආරාදනා කලාම දණ්ඩෙන් පහර ලද නාග මානවිකාවක මෙන් කෝපාවිස්ට වෙලා මට ලවක් දෙවක් නැතුව බැණ අඬගන්ට තිබා ගත්තොතිං කියල මයෙ පපුව හීතල වෙලා ගියා...

      '' ඈ බොල උඹ හිතුවද ඔය බේබද්දො අස්සෙ ගැන්නෙන්ට මංවත් මයෙ සිත්තරාවත් ඒවිය කියල...හුහ්, මයෙ ගැන හිතාන ඉන්න තරම...මම කීවයි කියල හිතාගං....මොනවදෑ එහෙනං ආයෙ..ආව මෙතන මට ආරාදනා කරන්ට කෙහෙල්මල් පාටි වලට ''

      ඕං ඔහොම පුපුරා හැලෙයිවත්දෝහෝයි කියාල...හෙහ්, හෙහ්, කියන්ට බෑ නෙව ඔය ලලනාවො කියන ජාතිය සත පහකට විස්වාස කොරන්ට පුලුවන් ජාතියක්ය...ඉම්පස්සෙං පහු බොහෝ දුරට සහ තවත් දුරට කම්පනා සාගරේ කිමිදිල හිට ගොඩට ඇවිදිල්ල ඇඟ එහෙම පිහිදාගෙන වන්නාටය....කුමක් කරම්දැයි මට නොවැටහේ...යක්ෂයා සහ නීල සමුදුර අතර වන්නාක් මෙන් මට හැඟේමය...කියල උඹේ නම ආරාදනාවෙන් අයිං කලා...

      අපෙ අත්තම්ම මට පොඩි කාලෙ උයන්ට උගන්නනකොට කිව්ව දෙයක් තමයි...සුට්ටි පුතේ...මාළුවකට ලුණු දානකොට වැඩි උනොත් ටිකක් කරදරයි..ඒත් ලුණු අඩු උනාම බෝම ලේසියි...ලුණු ටිකක් දාන්ට විතරයි තියෙන්නෙ .....ඔන්න ඔහොම

      ඉතිං අත්තම්මගෙ කතාවක් මතක් වෙල හිට මම අන්තිමට තීරණය කලා මෙහෙම...සිත්තමීගෙ නම නොදා ඉඳල '' ඒ බාං අයියෙ ඇයි අපි ඔටුවොද අපිට කියන්නෙ නැත්තෙ?....'' ඇහුවොත් එහෙම මේ විස්තරේ මුළ ඉඳලම අකුරක් නෑර කියාල සමාදිය බාජනේට දාන්ට කියල ඉල්ල හිටිනවාය කියල..ඔන්න ඒ වගේම උනා....

      ඔන්න වෙච්චි හරිය බොලේ අකුරක් ඉස්පිල්ලක් ඇහිපිල්ලමක් නෑරම....හෙහ්, හෙහ්,

      ඔන්න ඔක්කොම හරි එහෙනං...එසේනම් නුඹ දයාබර අර සිත්තරා නම් වූ ගොබිලානන් ද කැටුව සිත්තමී නම් වූ රෑමත්, ගුණවත්, කුළවත් අංගනාවියනි...වියුණු අවකාශයෙහි හැඳිනගත් මහදට බොහෝ සෙයින් ලංවූ සහෘදයින් සහ ..... ( ඔන්න ආයෙම උඹේ උදව් ඕන වෙන වෙලාවක්...මොකක්ද බං සහෘදය කියන එකේ ගෑණූ සතා?...සහෘදිච්චි වත්ද?.....හරි ඒක මොක හරි....හොයාගත්තොත් මටත් කියාපං මතක ඇතුව හොඳේ..බොල ) උදෙසා මවිසින් සංවිධානය කෙරෙන්නට යෙදෙන හෘදයාංගම වූ සුහද සාදයට සහභාගි වීමෙන් අප සැම ප්‍රීතියෙං ඔකඳ කරවන මෙන් ඔබ තුමියට කෙරෙන ගෞරව පුරප්පර ආරාධනාවයි!!!.....

      ජිං ජිංත ගත දොංත, ජිං ජිංත ගත දොංත,
      කුඳ ගජිත කුඳ ගජිත කුඳ ගජිත කුඳ තා!!!!

      / අර ජයසේනයි, චුට්ටි මැණිකෙයි. මට මේ හිටි හැටියේ මතක් උනේ. රවි අයියා මවාපු චරිත වලින් මම කැමතිම දෙන්නෙක් ඒ. /

      අම්මප ඇත්තම තමයි...උං දෙන්නත් ඉන්නව නේද?....හෙහ්, හෙහ්, ඇයි අර රංබණ්ඩයි මලීයි......

      Delete
    13. // සිත්තමී නම් වූ රෑමත්, ගුණවත්, කුළවත් අංගනාවියනි //

      මොකක්ද බං "රෑමත්" කියන්නෙ.. රාත්‍රියට මත් වෙන කියන එකද..??

      'සහෘදයා' කියන එකේ ගෑණු සතා 'සහෘදිනිය' මං හිතන්නෙ..

      Delete
    14. @ Ravi Ayya

      /*ඉම්පස්සෙං පහු බොහෝ දුරට සහ තවත් දුරට කම්පනා සාගරේ කිමිදිල හිට ගොඩට ඇවිදිල්ල ඇඟ එහෙම පිහිදාගෙන වන්නාටය....කුමක් කරම්දැයි මට නොවැටහේ...*/

      ගිලෙන්ට කලියෙං ගොඩ ආවා මදෑ. උණ හෙම්බිරිස්සාව වගේ හෙම දැනෙනවනං කියාපං අයියේ ඉඟුරු කොත්තමල්ලි ඩිංගක් තම්බලා දෙඤ්ඤං අරුන්දතී අක්කට කියලා. :D

      /*අපෙ අත්තම්ම මට පොඩි කාලෙ උයන්ට උගන්නනකොට කිව්ව දෙයක් තමයි...සුට්ටි පුතේ...මාළුවකට ලුණු දානකොට වැඩි උනොත් ටිකක් කරදරයි..ඒත් ලුණු අඩු උනාම බෝම ලේසියි...ලුණු ටිකක් දාන්ට විතරයි තියෙන්නෙ .....ඔන්න ඔහොම*/

      අත්තම්මා බොහොම වටිනා උපදේසයක් නෙව අයියෙ දීලා තියෙන්නෙ. අත්තම්මට ඒ සන්දියෙදිම පෙනිලා තියෙනවා සුට්ටි පුතා ලොකු මහත් උනහම මේ අපි වාගෙ උදවිය ආස්සරේ කොරාවි කියලා. :D

      /*මේ විස්තරේ මුළ ඉඳලම අකුරක් නෑර කියාල සමාදිය බාජනේට දාන්ට කියල ඉල්ල හිටිනවාය කියල..ඔන්න ඒ වගේම උනා....*/

      ඕං දැම්මා ඔය කියැව්ව එක, මේං අරගත්තනං. :D :D :D

      @ Buranetho Ayya

      මල්පැණි පාටියක් ගැන කීව හැටියේ උන්දැට සූර් වෙලා බූරො අයියේ, ඒකයි ඔය ඉස්පිලි පාපිලි මාරු වෙලා තියෙන්නේ. :D :D :D

      Delete
    15. අපොයි මටත් ආරාධනා කරලනේ . කොයිතරම් රසබර හමුවක් වෙයිද ..නුවර නම් ගිහින් ඇති ඉහේ කෙස් ගානට . ඉස්කෝලෙන් ගිය ට්‍රිප්..ගෙදරට හොරෙන් ඉන්ටර්සිටියෙන් ගිය ට්‍රිප්..පැණි හඳේ ගිය ට්‍රිප්.. ළමයි එක්ක කීපවතාවක් ගිය ගමන් . කොටින්ම නුවර පේරාදෙණිය පැත්තේ පාරවල් පවා හොඳට මතකයි. අඩේ පෝස්ට් එකක් ලියන්න ඇහැකි වගේ නුවර ගමන් ගැන . අපේ උන්ද නුවර මැණිකේ කෙනෙක් ගැන ඇහැ ගිය කතාවකුත් තියේ . ගෙවල් කොයි හරියේද කියල ඊයක් එවන්න . නුවර ආවොත් රවී ගෙදර ඇවිත් උන්න කලෙක නම් ඇවිත් යන්නම්

      Delete
    16. හෙහ්, හෙහ්, බින්දි එහෙනං දන්නව පේරාදෙණිය අහ?.....මම ඇවිල්ල පැණිදෙණියෙ..පේරාදෙණියෙ ඉට්ටේසම තියෙන්නෙ ඇත්තටම නම් පැණිදෙණියෙ...ඔන්න ඉට්ටේසමේ ඉඳල පයිං යන්ට විනාඩි දහයයි ...හෙහ්, හෙහ්,

      දැං ඔය මම කියාපු සහෘද හමුව නම් බොහෝවිට හීනයක්ම වෙයි. ඔය ඉන්න කට්ටිය ලෝකෙ පුරා හතර දිබ්බාගෙ ඉන්න අය නෙව...එක තැනකට එකතු කොරන එක අර ලාහට ගෙම්බො එකතු කොරනවට වඩා අමාරු වෙයි..ඒත් කමක් නෑ...හීන තම්යි අපිව ජීවත් කරවන්නෙ නැද්ද?

      '' මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
      ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න ''

      හරි බින්දි...ඔක්කොම නැතිඋනත් පුළු පුළුවන් කට්ටිය හරි එකතු වෙමු.ඒත් මදෑ...නිකම්ම ඉන්න මට අහල ගියත් මදෑ කියලත් කියනවනෙ..

      මගෙ වාර්ෂික නිවාඩුව වැටෙන්නෙ සාමාන්‍යයෙන් ජූනි ජූලි මාස වල...මම ඒ වෙනකොට කියන්නම්කො...ඒ කාලෙ ඔයාලත් ලංකාවට යනව නම් අපි ඔය ඉන්න කට්ටිය එකතු වෙලා ජීවිතේ ගැන කතා කරමු...හෙහ්, හෙහ්....

      Delete
  3. මට මතක් උනේ සින්දුවක්...මොකද්ද ඒ ... ආ මතක් උනා...

    මා මළ පසු සොහොන් කොතේ
    දුක්‌ ගීයක්‌ ලියනු මැනව
    නන්නාදුණනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක්‌ ගීයක්‌ ලියනු මැනව

    අඩ සඳ බැසගෙන යන සඳ
    සීතල අඳුරු රැයක
    අඩ සඳ බැසගෙඅන් යන සඳ
    රෑහී හඬන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසේවී


    තව එකක් මතක් උනා. ...
    Ships that pass in the night and speak each other in passing;
    Only a signal shown and a distant voice in the darkness;
    So on the ocean of life we pass and speak one another,
    Only a look and a voice; then darkness again and a silence.

    .....

    ReplyDelete
    Replies
    1. අම්මප බොටත් මතක් වෙන එව්ව....

      '' මා මළ පසු පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව '' ...

      පතිරාජගෙ අහස් ගව්ව චිත්‍රපටයේ කිසිදාක අමතක නොවන ගීයක්...

      Delete
  4. ඇයි බං මේ දුක් ගී ලියන්නෙ?
    ඒකෙන් අදහස් වෙන්නෙ කවිය හරි නෑ කියන එක නෙවෙයි.
    ඒකෙ අනිත් පැත්ත.

    ඔය උඩින් metropolisoflove ලියලා තියෙන සිංහල සින්දුවෙ අදහස මගෙ බොක්කටම වැදුනෙ ඒ දවස්වල සතුට පත්තරේ "පාට පාට හීනයක්" කතාවෙ අසේල මැරුනම ඔය සින්දුව පසුබිමින් යොදලා තිබ්බ වෙලාවෙ. මතකයිද ඒක?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මොකද මචං මතක නැත්තෙ?....ජනක රත්නායක කියන්නෙ අපිට සීනියර් සුලෝහිතයෙක් නෙව...හෙහ්, හෙහ්,

      ඒත් බොලේ බොට පොඩ්ඩක් ටැපලිල වගේ....ඔය සීන් එක තිබ්බෙ ජනකගෙ සුසීමා කතාවෙ...අසේල, රංග සහ සුසීමා ඒකෙ ප්‍රධාන චරිත,

      පාට පාට හීනයක් වෙනම කතාවක්...ඒකෙ කතානායකය නම් මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ බොල...අද නිවාඩු දවස නෙව ...යම් පමණකට සන්තර්පණය වෙලයි මේ ඉන්නෙ...ආය කිව්වම මොකද?.....හෙහ්, හෙහ්,

      පාට පාට හීනයක් එකේ ප්‍රධාන කාන්තා චරිත දෙකක් තිබ්බ, ඉනෝකා කියන්නෙ නගරෙ කෙල්ල. ගමේ අහිංසක කෙල්ල ඇවිල්ල නිමන්ති ද කොහෙද...ඔන්න යන්තං මතක් උනා අර යකාගෙ නම...ප්‍රධාන පිරිමි චරිතෙ...සුමේධ...හෙහ්, හෙහ්, කොහොමද මගෙ මතකේ...නරකම නෑ නෙවද?....ඔය කතාවෙනෙ බං අර බොක්සිං එතනිං ගිහාම කාර් රේස් එහෙම තිබ්බෙ...

      Delete
    2. බුවා‍ගෙ නම සුමේධ නේන්නං.. මාත් බැලුවා කොහෙන්ද බොලේ මේ අසේලයෙක් පාත්වුනේ කියලා..

      මට පේන්නෙ හෙන්රිත් සන්තර්පනේ වෙලාද කොහෙදෑ.. :)

      Delete
    3. ඔව් වොව් වොව්...හෙන්රියත් මඳ පමණට ක්‍රියා කොරල වගේ තමයි පේන්නෙ.....හෙහ්, හෙහ්,

      Delete
    4. අනේ නෑ බං මොන සන්තර්පනය වීමක්ද? අරූ සුමේධ තමයි! මට පොඩ්ඩක් ටැපලුනා. සුසීමා එකේ හිටියේ, රංග, අසේල, සුසීමා, එතකොට දුශ්ඨයා ප්‍රදීප්නේ?

      අඩේ බුරාත් මාර මීටර් නේ?

      හරි මට පාට පාට හීනෙ මතක් වුනා, රවියා, බුරා,

      උඹලට මතකද අත්තික්කා මල්? අර Alistair MacLeanගෙ The Golden Keel ද මොකක්ද කතාවෙන් හැදුවෙ. අර කරාටේ, එතකොට කාර් රේස්, අර ෆෝඩ් කැප්‍රි කාර් එක හෙම තිබ්බෙ, බ්‍රයන්, අන්න බුවා. අර WW2එකේ කෑලි හෙම දාලා හදලා තිබ්බෙ ලෙසටම! මරු නේ ඒ කතාවලුයි චිත්‍රයි! ජනක රත්නායක පට්ටම ආටිස්ට් තමයි බං!

      එතකොට අර Hadley Chase එකකින් හදපු කබලෙන් ලිපට මතකද? බුරෝ උඹට මතකද?

      මේ වැඩේ හරියන්නෙ නෑ. හදාපං කොච්චි සම්බලෙයි මඤ්ඤොක්කයි. මේවා මෙහෙම අමුවට කතා කරන්න පුලුවන් දේවල් නෙවෙයි!! :)
      henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. එ‍හෙනං මවාගන්ටකො මේං ‍මේ වගේ දර්සනයක්.. පුරහඳ පායලා තියෙනවා හන්තානට උඩින් පීරිසියක් තරං ‍ලොකුවට.. අහසෙ එක වළාකුලක් වත් නෑ බේතකටවත්.. ලාවට වගේ රෑ කුමාරි මල් සුවඳකුත් දැනෙනවා.. අපි කස්ටිය ඉතිං සඳකිරණින් නෑවුනු රවියාගෙ සඳළුතලේ ඉඳන් බොහොම වැදගත් විද්වත් සාකච්ඡාවක් පවත්වනවා ඔය කොයි කොයි දේ ගැනත් දඩයක්කාරයද, චුට්ටි මැණි‍කෙද, ජයේද, එතකොට අමාගෙ අර හේවායද, එහෙන් ගියාම ජනක රත්නායක, දයා රාජපක්ෂ, බන්දුල හරිශ්චන්ද්‍ර, සුසීමා, සුබෝධා, පෙතිගෝමර, පාට පාට හීනයක්, යළි පිපුනු මලක්, එතකොට වික්ටර්, කපුගේ, අමරදේව, පිකාසෝ, වෑන් ගෝ, බීතෝවන් ඔය හැමදේම ගැන.. :)

      දැන් ඉතිං මඳ විරාමයක් ගන්න ඕන වුනාම චියර්ස් කියලා වීදුරුවෙන් උගුරක් හලාගන්නවා.. ඊගාවට මයියොක්කා කෑල්ලක් කොච්චි සම්බලේ තවරලා මස් හොදි ඩිංගිත්තකුත් උරගාලා කටේ දාගන්නවා.. ඊට පස්සෙ අපි පටන් ගන්නවා හීනියට සිංදුවක් කියන්ට.. මොකද කියන්නෙ, කියමුද වික්ටර්ගෙ සිංදුවක්..??

      සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
      ගනඳුරු රෑ.. තනිකම නෑ..
      සොයා එන්න ගනඳුර තරු නිවලා..
      මගේ එලිය අද ඔබ පමනී..

      ටනන නනන ටනන නනන ටනන නනන ටනන නනන නා නන්නන් නා නනනා නා නනනා.. :D

      Delete
    6. ඈ අයියෙ.. උඹ සඳ කැන් වැසිලා එකට ඔබෙ සුසුම් පවන් සලයි එකේ ඉන්ටලූඩ් එක ගහන්නෙ ඇයි?

      Delete
    7. හුටාස්! එහෙමත් එකක් වෙලාදෑ.!? මං හිතුවෙ මං හරි ඉන්ටලූඩ් එකයි කියන්නෙ කියලා.. ගනං ගන්ට එපා බංස්, දෙකක් දාල ‍නෙවැ ඉන්නෙ.. ;)

      Delete
    8. @ හෙන්රි,

      / උඹලට මතකද අත්තික්කා මල්? අර Alistair MacLeanගෙ The Golden Keel ද මොකක්ද කතාවෙන් හැදුවෙ. අර කරාටේ, එතකොට කාර් රේස්, අර ෆෝඩ් කැප්‍රි කාර් එක හෙම තිබ්බෙ, බ්‍රයන්, අන්න බුවා. අර WW2එකේ කෑලි හෙම දාලා හදලා තිබ්බෙ ලෙසටම! /

      තවම කොල්ලො උඹට මේ කතා දෙක මඤ්ඤං වෙලා නෙව තියෙන්නෙ. රයිට් අනුපිළිවෙළට සළකා බලමු.

      අත්තික්කා මල් කතාව ගත්තෙ The Golden Keel කියන පොතෙන් නම් තමයි ඒත් ඒක ලිව්වෙ Alister Maclean නම් නෙවෙයි Desmond Bagley කියල හාදයෙක්....

      අත්තික්කා මල් එකේ කරාටෙ සීන්ස් දෙක තුනක් නම් තිබ්බ...මොරීන් කරාටේ එක්ස්පර්ට් කෙනෙක්නෙ...මොරීන් මතකනෙ නේද?....ප්‍රධාන කාන්තා චරිතය...ඒත් හෙන්රියො ෆෝඩ් කැප්‍රි කාර් එක සහ කාර් රේස් තිබ්බෙ අනික් කතාවෙ '' කලර් කලර් ඩ්‍රීම්ස් '' එකේ...සුමේදය කාගෙන්ද කාර් එකක් ඉල්ලගෙන යනවනෙ ඉනෝකගෙ මස්සිනා ( උගෙ නම යොහාන් ) එක්ක රේස් එහෙකට...ඒකෙන් ඌ දිනුවද කියල නම් මතක නෑ...ඒත් රේස් එක තිබ්බෙ නුවර වැව රවුමෙ කියල නම් මතකයි...

      බ්‍රයන් විලියම්සන්....හෙහ්, හෙහ්...ඒ කාලෙ අපේ වීරයෝ තමයි...ඒකගෙ හෙයාර් ස්ටයිල් එක මතකෙයි?....අර ඔළු ගෙඩිය උඩ පැණි ආප්පයක් නැවුව වගෙ තිබ්බෙ...ඒ දවස්වල මම හතේ විතර...ඔය බ්‍රයන් කට් එක කපාගෙන ආපු අපේ පංතියෙ එවුන් තුන් හතර දෙනෙක් මට මතකයි අපේ පංති බාර සර් ගෙදර යැව්ව විකාර නැතුව කොන්ඩෙ කොටට කපාගෙන වරෙල්ලය කියල...:) :)

      / මරු නේ ඒ කතාවලුයි චිත්‍රයි! ජනක රත්නායක පට්ටම ආටිස්ට් තමයි බං! /

      ජනකය ඒ දවස් වල අපෙ බිග් මැච් එකට ( සුලෝහිත සංග්‍රාමයට ) ගහපු සුවනියර් එකට ටීම් එකේ කස්ටියගෙ Caricatures ඇන්ද හිනා වෙලා පණ යන්ඩ...මට මතකයි අනුර රණසිංහ ග්‍රවුන්ඩ් එකට ආහම කෙළ ගහන පුරුද්දක් තිබ්බ ඒ දවස්වල..ඕක ඇඳල තිබ්බ එක සුවනියර් එකක මූ හතර අතට කෙළ ගහනව අම්පයර්ලයි ෆීල්ඩර්ස්ලයි එහාට මෙහාට පනිනව බේරෙන්ට ගෙම්බො පනින්නැහෙ.....හෙහ්, හෙහ්,.පස්සෙ ලංකා ටිම් එකට සිලෙක්ට් උනාම ඕකව පිට්ටනියට එවන්ට ඉස්සර වෙලා කටේ කෙළ හිඳෙන්ට බේත් පෙත්තක් ගිල්ලවනවයි කියල ඒ දවස් වල හා හූවක් තිබ්බ...හැබෑ බොරු නම් ඔන්න මම දන්නෙ නෑ...හෙහ්, හෙහ්

      ජනක පස්සෙ පස්සෙ ඇඳපු කතා ඒකාකාරියි කියල මට හිතෙනව...බටහිර කතා ඒ විදිහටම කොපි කරල ගෙඩි පිටිම්ම ඇන්දම ඒකෙ කිසි ගතියක් නැති වෙනවනෙ...ඒකට අන්න දයා රාජපක්ෂ...හෙහ්, හෙහ්, හැමදාම අමුතුම මාතෘකා හොයා ගන්න පුදුම දක්ෂයෙක්....අදටත් එහෙමයි...දැන් අවුරුදු කීයක්ද හැබෑටම....72 විතර ඉඳලනෙ අම්මප...අවුරුදුම හතලිහක් නෙව...තාම අඳිනවනෙ...ඒ කතාවල ගතිය තාව අඩු වෙලා නෑ....

      / එතකොට අර Hadley Chase එකකින් හදපු කබලෙන් ලිපට මතකද? බුරෝ උඹට මතකද? /

      කබලෙන් ලිපට කතාවෙ නම මිසක කතාව ගැන නම් කිසිම දෙයක් මතක නැත...පස්සෙ පස්සෙ ජනක ඇඳපු තරමක් ඇන්දෙ Hadley Chaseගෙ කතා තමයි...

      හැඩ්ලි චේස් ගොයියට මාත් ස්තූති කරන්න ඕන...මම ඉංග්‍රීසි පොතක් කියල මුලින්ම කියෙව්වෙ මෑන්ස් ගෙ කතාවක්...ඒක අල්ලල ගිය පාර චේස් ගෙ හොයාගන්ට පුළුවන් පොත් ඔක්කොම කියවල ඊට පස්සෙ අනික් අයට මාරු උනා.

      Delete
    9. සුමේද ඒ රේස් එක දිනන්නෑ බං.. ඌ රේස් එකට යන්නෙම දිනන්ට නෙවෙයිනෙ, යොහාන්ට ගේමට නේ.. මොකද කලිං හැම රේස් එකේදිම යොහාන් අනිත් එවුන්ගෙ කාර් හප්පලා මරිසියෙන්නෙ දිනන්නෙ.. මෙදා පාර සුමේද හප්පනවා යොහාන්ව, දෙන්නම මගදි අයින් වෙනවා.. රේස් එක දිනන්නෙ සුමේදගෙ යාළුවා..

      අඩේ අර කෙල හිඳෙන්ට දෙන බේත් පෙති කොහෙන්ද දන්නෑ ‍නේද ගන්ට තියෙන්නෙ.?? මොකද මාත් මැච් එකකට ගියාම ඔහොම ග්‍රවුන්ඩ් එක මැද්දෙ කෙල ගහනවා බංස්.. හැබැයි මං හිතන්නෙ ඒ මං පත චුයිංගම් ගුලියක් කටේ පුරෝගෙන ඉන්න නිසා වෙන්ටැති සමහරවිට.. :D

      දයා ගැන උඹ කියන කතාවනං සහතික ඇත්ත.. ගමේ කතාද, නගරේ කතාද, මුඩුක්කු‍වෙ කතාද, ඉහල පැලැන්තියේ කතාද, පිටරට කතාද, පොරගෙ කතා මල්ල කවදාවත් හිඳෙන්නෑ..

      Delete
    10. @ Buratheno,

      / සුමේද ඒ රේස් එක දිනන්නෑ බං.............. /

      අඩේ ඇත්තම නේන්නං....මලේ...උඹ කියනකොට ටික ටික මතක් වේගන එනව...හෙහ්, හෙහ්, කතාවෙ අන්තිම මතකද?....සුමේදය ඉනෝකව අත ඇරල නිමන්තිව හොයාගෙන යනව නේද කෙල්ලගෙ ගමට?...හෙණ පිටිසර ගමක් නේද?...වැව් කණ්ඩියක් උඩදි කෙල්ල නාල එනව හම්බ වෙනවද?....ඒ වගෙයි මතකෙ...මතකය අළුත් කරපං පුළුවන් නං....:) :)

      / අඩේ අර කෙල හිඳෙන්ට දෙන බේත් පෙති කොහෙන්ද දන්නෑ ‍නේද ගන්ට තියෙන්නෙ.?? මොකද මාත් මැච් එකකට ගියාම ඔහොම ග්‍රවුන්ඩ් එක මැද්දෙ කෙල ගහනවා බංස්../

      සිකේ අම්මප...උඹ එහෙමත් කොරනවද?..මොකදෑ ඉතිං කොරන්නෙ නැද්ද කෙළ ගහන්ට ඕන උනාම කෙළ ගහන්ටම එපාය නැද්ද?

      ඔය ග්‍රවුන්ඩ් එක මැද කෙළ ගහන එක ගැන කියද්දි මට මතක් වෙනව මම පොඩි කාලෙ ගිය ඉස්කෝලෙ ආරම්භක පිතිකරු....මාර බැට්ස්මන්...ඒ දවස්වල Out Station Schools Best Batsman දෙවෙනි හරි තුන්වෙනි හරි තැනටත් ආව..ඒත් ඔය කෙළ ගහන වැඩේ අතෑරගන්ටම බැරි උනා මිනිහට...ඒ දවස් වල සෙල්ලං කලේ Matting Wicket එහෙකනෙ..මිනිහ කරන්නෙ Matting එකේ පැත්තක් හෙමීට උස්සල, කෙළ ගහල හෙමීට ආයෙ පාත් කරන එක...:) :)

      උඹට ඔය වැඩේට තව උපදේසයක් දෙන්නෙයි?...මෙහෙම කරහං....උඩ බලාගෙන කෙළ ගහල ආයෙම කට ඇරගෙන ඉඳපං කෙල ආපහු කටටම වැටෙන විදිහට...හෙහ්, හෙහ්, කොහොමද මගෙ අයිඩියා පොඩ්ඩ?...නරකම නෑ නෙවද?

      නැත්නම් සුට්ටි පඩික්කමක් අරං පලයං සාක්කුවෙ දාගෙන....කෙළ ගහල හෙම ඔන්නම් අම්පයර් ගොයියට දුන්නෑකි තියාගන්ට....ඔය ස්වෙටර්, කැප් එහෙම තියාගන්නව නම් උන්දැට මොකෝ පඩික්කමක් තියාගන්ට බැරි?.....හෙහ්, හෙහ්,

      / දයා ගැන උඹ කියන කතාවනං සහතික ඇත්ත..... /

      මම පහුගිය ටිකේ ඉරිද ලංකාදීපෙ ගත්තු එකම හේතුව දයාගෙ චිත්‍ර කතාව ..නැත්තං තඹ දොයිතුවක වැඩක් ඇති පත්තරයක් නෙවෙයි...දයා ගැන පෝස්ට් එකක් ලියන්ට හිතාගෙනයි ඉන්නෙ මලේ...හෙහ්, හෙහ්,

      ආදර කොමාගේ සිට පිය සමර තෙක්....සිංහල චිත්‍ර කතාව යනු ඔහුම විය...

      Delete
    11. ඒ කෙල්ලගෙ නම නිමන්ති නෙවෙයි, නිමාලි..

      සුමේද ඉනෝකව අතාරිනවා නෙවෙයි බං, ඉනෝකා තමා සුමේද පස්සෙන් වැටෙන එක අතෑරලා සුමේද‍ගෙ මල්ලිත් එක්ක යාලු වෙන්නෙ.. අර වැලි ගොඩ දාන තිප්පලේ වැඩ කරන බුවා.. නිමාලි හම්බවෙන්නෙත් වැවු කණ්ඩිය උඩදි නෙවෙයි.. එයා ගමේ ඉස්කෝලෙ උගන්නනවා, පුංචි එවුං ටිකක් වටකරන් ඉන්නකොට තමා සුමේද එතනට යන්නෙ.. අන්තිම කෑල්ලෙ පසුබිමින් සිංදුවක් දාලා තිබුනා, මට මතක නෑ බං.. ආයෙ ගෙදර ගියාම අවුස්සලා බලඤ්ඤා..

      // දයා ගැන පෝස්ට් එකක් ලියන්ට හිතාගෙනයි ඉන්නෙ //

      මල් හතයි බොල මල් හතයි.. ලියමුකො බලාන්ට.. මාත් හැකි පමනින් කතා ටික මතක් කරගන්ට ට්‍රයි එකක් දෙඤ්ඤං..

      Delete
    12. @ Buratheno,

      / අන්තිම කෑල්ලෙ පසුබිමින් සිංදුවක් දාලා තිබුනා, මට මතක නෑ බං.. /

      ඩේ මේක නේද සිංදුව..මට නම් මතක ඒ විදිහට....හෙහ්, හෙහ්,

      /ආයෙ ගෙදර ගියාම අවුස්සලා බලඤ්ඤා../

      මඟුලක් කතා කරනව..උඹ ගෙදර යනකල් කාටද බොල ඉවසං ඉන්ට පුලුවං?....මේ මෙහෙම කරහං....ගෙදර කාටහරි කෝල් එකක් දීල කියහං බලල විස්තරේ කියන්ට කියල.....හොඳේ...

      Delete
    13. Are u mad..!!?? This song isn"t that old..

      Ps: pardon me for commenting in English.. but I'm going out & using my phone to type this..

      -Bura-

      Delete
    14. Sorry Bura, i thought this was the song concerened.....you sure this was not the song in that finale of " පාට පාට හීනයක් ' ?

      Delete
  5. හරිම ලස්සනයි යාළු :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි...හිරු.....:)

      Delete
  6. හ්ම්ම්...ලස්සනයි කියල විතරක් කියන්නම්.

    එක්කෝ මේකත් කියන්නම්
    අනේ මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. හෙහ්, ඇත්තම තමයි සයුරි....අපි එහෙම ප්‍රාර්තනා කරමු....ස්තූතියි ඔබටත්...:)

      Delete
  7. හරිම ලස්සනයි. දුකයි. වත් අක්කගෙ නිර්මාණයයි ඒකට රවි අයියා මේ ලියපු පිළිතුරයි දෙකම.

    /*තරු ලකුණු මඟ දිගේ,
    සකුණ ගී රැව් අසමිනේ,
    පිපුණු සහසකුත් එකක් සේපාලිකාවනගේ,
    නළ මුසු සුවඳ විඳිමිනේ,
    තබා පියවර බරට,
    ආවෙමිය නුඹ සොයා ඉතිකිනේ.*/

    මේ ටිකට මම හරිම කැමතියි. කවදාවත් මුණගැහිලා නැති දෙන්නෙකුගේ හමුවීමට සොබාදහම පාර කියන අපූරුව. මේ නිර්මාණයෙන් කියවෙන දෙන්නට දෙනෙත් වලින් හමු වෙන්න බැරි උනත් ඒ හදවත් දෙක හමුවේවි කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ස්තූතියි සිත්තමියේ......:) :)

      Delete
  8. මං මේක කියෙව්වෙ නෑ... පේලි දෙකකට වැඩිය...
    මට බෑ එතනිං එහාට කියවන්ඩ

    ReplyDelete
    Replies
    1. හරි හරි බොල ලොක්ක ළඟට එනකොට බ්ලොග් කියෝ කියෝ ඉඳල හරි යාය....රාජකාරි කොරනව කියල පෙන්නන්ට එපාය...ඒ වෙලාවට මිනිමයිස් කරල තියල හිට උන්දැ යන්ට ගිහාම තුන්වෙනි පේළියෙ ඉඳල කියවහං....හෙහ්, හෙහ්,

      Delete
  9. කයිය ගැන මුකුත් කියන්න බැරි වුනානේ . කොහොමටත් වැඩිය රසවත් විරහ ගීනේ. ආදර ගී නිකන් කසාදෙ වගේ තමයි . ටිකක් කල් ඇහෙද්දී නිකන් සාමාන්‍ය වෙලා යනවා . විරහ ගී එහෙමද .කවද ඇහුවත් හිත නිකන් කීං ගානවා .

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...