Thursday, August 16, 2012

128. දඩයක්කාරයාගේ කතාව - ප්‍රමාදයට හේතු සහ සමාධිය භජනය කරන ලෙස කරන කාරුණික ඉල්ලීම


ආයුබෝවන්..මගේ සහෘදයනි, සහෘදිනියනි...ඔන්න කාලෙකට පස්සෙ දඩයක්කාරගෙ කතාව ආයෙම....

සමාධිය භජනය කරන්ට ඕනමයි සිදුවූ ප්‍රමාද දෝෂයට හොඳේ....කට්ටියම,




ඉන්ඩකො වෙච්චි දේ මුල ඉඳලම අකුරක් නෑර කියල හිටින්ඩ,

ඔන්න ජූනි මුල ගියානෙව මයෙ වාර්සික නිමාඩුවට ගම රට බලා...මම හිතාන හිටියෙ පුලුහං ඉක්මනට දඩයක්කාරය එහෙදිම ලියාල ඉවරයක් කොරන්නම්ය කියල...මොන සමයංද?...එව්ව කොහෙද අපෙ ලොක්කි එක්කල....හෙහ්, හෙහ්,

ඔන්න නිවාඩුවෙ පලවෙනි සති දෙකම ගෙවිල ගියා උන්දැගෙ විස්තර කියවිල්ලට. ඇයි අප්ප අවුරුද්දක් තිස්සෙ වෙච්චි දේවල් ඔක්කොම කියනව නෙව මයෙ ඔළුව විකාර වෙනකල්ම...පව් ඉතිං එක අතකට...මා එක්ක නැතුං ආය වෙන කවුරු එක්ක කියන්ටද නැත්ද හොඳයි?

ඔන්න, ඌරො ඇවිල්ල ඇන්තූරියම් හාරපු එකයි, අල්ලපු ගෙදර බල්ල ඇවිල්ල එළියෙ තියන පුටුව උඩ බුදියන එකයි, ඉස්කෝලෙ වෙච්චි එව්වයි,තව ඔය ඔය ගමේ වෙච්චි පොඩි පොඩි සීන් කෝන්..... ඔය ඔක්කොම කියනව එකක් නෑර..

ඒ ඔක්කොමත් හරි ඒ අස්සෙ අහනව...

'' ඇයි අනේ ******, ඔය ඌරො ඇන්තූරියම් හාරන්නෙ ඇත්තට ? ''

ඔය තරු තියන තැනට දාන්න ඕන උන්දැ මට කියන නම, එහෙම විශේෂ නමක් තියනව එයා මට කතා කරන...ඒ වගේම මම එයාට කතා කරන්නත් විශේෂ නමක් තියනව...ඒ නම් දෙක දන්නෙ අපි දෙන්න විතරයි. අපි යාළු වෙච්චි අලුතම තමයි ඔය නම් දෙක දාගත්තෙ...මම මේ ඔයාලගෙං අහන්ටමයි හිටියෙ ඔයාලගෙ නැද්ද ඒ වගෙ කවුරුවත් නොදන්න ඔයාල දෙන්නටම විශේෂ වෙච්චි නම් එහෙම?

එහෙම තමන් විතරක් දන්න තමන්ටම විශේෂ වුනු නම් දෙකක් තියන එකේ අමුතු ගතියක්, සමීප බවක් තියනව කියල හිතෙන්නෙ නැද්ද?...මන්ද මට නම් එහෙම හිතෙනව...හෙහ්, හෙහ්, මේ ඔය එහෙම නම් නැති කට්ටිය බලන්ට එහෙම නම් දෙකක් දාගෙන, ඒක මොන තරම් සුන්දරයිද කියල...මම කීවට කරල බලන්ටකො..ඔන්න...

ඔය ස්පෙෂල් නම් කේස් එක නිසා වෙච්චි හිනා කන සීන්ස් වගේකුත් නම් තියනව...දැන් එව්ව කියන්ට ගියොත් අද දඩයක්කාරය ගැන කියල හමාරයි..පස්සෙ දවසක හරිය?

අහ්, ඉතිං අර ඌරො ඇන්තූරියම් හාරන්නෙ ඇයි කියල උන්දැ මයෙං අහනව කියලනෙ මේ කතාව වෙන පැත්තකට ඇදිල ගියෙ...

එහෙම ඇහුවට මම දන්නවය ඒකට හේතුව මොකෝ මම ඌරෙක්ය...ඒත් ඉතිං දන්නෙ නෑ කියන්නෙ කොහොමෙයි?

'' ඕකෙ වැඩේ මෙහෙමනෙ, ළමයා, ......ඌරො ඇවිල්ල පෘෂ්ඨ වංශික සූකර වංශෙනෙ...ඒ නිසා එවුන්ගෙ ඇහේ දෘෂ්ඨි විතානයෙ රතු පාටට සංවේදී සෛල වැඩියි. ඉතිං රතු පාට ඇන්තූරියම් දැක්කම ඌරංට මල පනිනව..ඒකයි උං ඇන්තූරියම් පැල හාරල විනාස කරන්නෙ දැං තේරුණා නේද ඔයාට? ''

ඔන්න සති දෙහෙකින් එයයිගෙ විස්තර කියවිල්ල ඉවර උනයි කියමුකො...දෙයියනේ කියල මම ඉඳගත්ත කොම්පියුටරේ ඉස්සරහ දිග හුස්මක් එහෙම හෙලල,

ආය මොනවද?...වචන දහයක් ටයිප් කරන්ට උනේ නෑ...

'' මොකද අනේ මේ කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන කරන්නෙ?...දැං කොච්චර වෙලාද? ''

ඔන්න ආපි පැනගෙන කාමරේට...

කොච්චර වෙලාද කියන්නෙ?....විනාඩි පහක් වත් උනේ නෑනෙ...මම එහෙම කිව්වෙ නම් නෑ,

'' මම මේ කතාවක් ලියන්ට යන්නෙ අනේ...දඩයක්කාරයෙක් ගැන...''

'' මොකෙක්? දඩයක්කාරයෙක් ගැන?...ඉතිං කොහෙද ඔය මනුස්සය ඉන්නෙ? ''

මේං මුන්දැ මම ලියපු ටිකකට එබිල බලල අහපි,

'' දඩයක්කාරය ඉන්නෙ කැළේ......''

ස්ක්‍රීන් එක දිහා බලාගෙන ටයිප් කරන ගමනම මම උත්තර දුන්න.

'' ආය කැළේ නැතුව කුවීන්ස් හෝටලේ ඉන්නවය දඩයක්කාරයො ?...ඔයත් කියන එව්ව....ඉතිං ඔය මනුස්සය මොකද කැලේට වෙලා ඉඳන් කරන්නෙ? ''

'' දඩයං කරනව......''

'' ඔය කිව්වෙ..කිව්වොත් ඔහොම එකක්මයි...දඩයක්කාරයො ආය දඩයම් කරන්නෙ නැතුව කැවුං බදිනවයි?....ආ, ඒකෙං කමක් නෑ...ඉතිං ඔය මනුස්සෙය දඩයම් නොකරන වෙලාවට මොකද කරන්නෙ? ''

'' මොකවත් නෑ....''

'' මොකවත්ම නෑ? ''

'' නෑ, ඉතිං මොකවත්ම නෑ කියන්ට නං බෑ...ආ, අර මිනිහගෙ වත්ත පාමුළ තියනව රූස්ස නුග ගහක්.... ඒක යටට වෙලා ඇණ තියාගෙන බලා ඉන්නව ''

'' මොනවද බලා ඉන්නෙ? ''

'' ආ...මේ මේ තලගොයි ජෝඩුවක් දිහා...''

මම දැන් නම් කතාව ලියන එක නවත්තල දාලයි තියෙන්නෙ...එක පාර වැඩ දෙකක් කරන්ට පුලුවන් බුදු හාමුදුරුවන්ට විතරයි කියනවනෙ...වෙන මොනව වෙලා තිබුනත් මම බුදු වෙලා නම් නෑ...ඒක මට ඉස්තිරයි...

'' එතකොට දැං තලගොයි දෙන්න මොකද කරන්නෙ? ''

'' ආ, උං දෙන්න දඩයක්කාරය දිහාවෙ බලං ඉන්නව.....''

දැන්නම් උන්දැගෙ කටත් බාගෙට ඇරිල...

' මොන විකාරද මංද ඔයා මේ ලියන්නෙ?...බාගෙට තිබ්බ පිස්සුව හොඳටම තද වෙලා වගෙයි මට පේන්නෙ...අනෙ අම්මප මේ ලියන විකාර කියවන මිනිස්සුන්ටයි ගහන්න ඕන අර මොකක්ද එහෙකිං...ආ, ඒකෙං කමක් නෑ...දඩයක්කාරය බැරිනං උන්දැගෙ ලොකු අප්පොච්චි ගැන හරි පස්සෙ ලියා ගත්තෑකි...යමු අර මම අලුතෙං ගෙනාපු ඕකිඩ් පැලටික හිටවන්ඩ..''








ඔන්න, ඉතිං මොකද කරන්නෙ?....දඩයක්කාරයගෙ කතාව එතනිං ඉවරයි...

ආය කිව්වම මොකද නිවාඩු මාසෙම ඔහොම තමයි උනේ...නිවාඩුව ඉවර වෙලා ඔන්න ආව කියමු..සති දෙකක් තරම ගියා ගොඩ ගැහිල තිබ්බ වැඩ එකලාසයක් කරන්න...මයෙ මෙහෙ බොස් ඇවිල්ල ඒත් ලලනාවියක්....හප්පා ..ඒ අනිත් අම්මණ්ඩි..කොහොමවත් බේරුමක් නෑ....ඇත්තට මයෙ මේ කල්පනාවට ආවෙ මට කාන්තාවියන්ගෙන් හරිම අපලයි...ඇත්තම ඇත්ත ඔන්න...

රාජකාරි ටිකක් එක විදිහක් වෙනකොට ආපි ඔලිම්පික්...අවුරුදු හතරකට සැරයක් එන එක නෙව..ඒක නොබල කොහොමෙයි...රෑ නිදි මරාගෙන ඒකත් බැලුව...ගිය ඉරිද ඒ මංගල්ලෙත් අහවර වෙච්චි...ඊට පස්සෙ ඔන්න දෙයියනේ කියල ඉඳ ගත්ත දඩයක්කාරය ලියන්ට...අන්තිමට උනේ ඔන්න මේ පූර්විකාව නැත්නම් සමාවට කරුණු දැක්විම බොහෝම දුර දිග ගියා...ඒ නිසා මෙහෙම කරන්නම්...මේක අද දාල හෙට දාන්නම් දඩයක්කාරයගෙ කතාව...තරහ නෑනෙ නේද?

25 comments:

  1. Part 1:
    රවියා, උඹ මගේ කමෙන්ට් එක කෑල්ලෙන් කෑල්ල අරන් විශ්ලේෂනය කරන නිසා එක පාර කමෙන්ට් එක නොදා එහෙමම කරන්නයි මමත් හිතුවෙ, ඇත්තෙන්ම අර බුරාත් එහෙමයි. :)

    මේක කියවපු මගේ ******* (තරහ වෙන්න එපා උඹ අර නම කියන කල් මම ඒක කියන්නෙ නෑ.) කිව්ව ...ම්ම්ම් ඇත්තෙන්ම කිව්වොත් උඹට බැන්නා. මේ රවියා අර ලොක්කිව දාලා ගිහින්ද එහෙට වෙලා ඉන්නෙ? ඇයි එයාවත් එක්ක ගියානම් මොකද වෙන්නෙ කියලා. ඕං මං නෙවෙයි කිව්වෙ ඈ.

    //ඔන්න නිවාඩුවෙ පලවෙනි සති දෙකම ගෙවිල ගියා උන්දැගෙ විස්තර කියවිල්ලට.//
    you don't know how lucky you are, dude!
    ඔන්න නිවාඩුවෙ පලවෙනි සති දෙකම ගෙවිල ගියා උන්දැගෙ විස්තර කියවිල්ලට = සති දෙකකින් අවුරුද්දක විස්තර කියලා ඉවර වුනා.

    ඔය හුඟක් මිනිස්සු කියන්නෙ හැමදාම ගෙදර එන හස්බන්ඩන්ටත් පැය 10 - 12 ක විස්තර අහන්න පැය 3 -4ක් යනවා කියලා. අනේ මන්දා මේ මම නං නෙමෙයි ඔහොම කියන්නෙ ඕං. ඔය නවමගෙන්, පංසල් හන්දියාගෙන්, බුද්ධියාගෙන් එහෙම අහලා බලන්න බැරියැ.

    නැවත වතාවක් කියනවා, මේ මම නං නෙවෙයි ඕං. ඔය සමහර *******ලා හස්බන්ඩාට කියලා මදි වෙලා බ්ලොගුත් ලියනවාලු බං මේ අපිටත් කියවන්න. නම් කියන්න ඕනෙ නෑනෙ! මොකටද ඉල්ලං කන්නෙ!! ;)

    Don't worry dude! I'm wearing the crash helmet!

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / you don't know how lucky you are, dude! /

      / ඔන්න නිවාඩුවෙ පලවෙනි සති දෙකම ගෙවිල ගියා උන්දැගෙ විස්තර කියවිල්ලට = සති දෙකකින් අවුරුද්දක විස්තර කියලා ඉවර වුනා. /

      ඔන්න, ඔන්න හෙන්රියො උඹ පිස්සු කතා කරනව...කියවිල්ල ඉවර උනේ නෑ බොල..උන්දැටම ඇති වෙලා නැවැත්තුව..ඒක උනේ මෙහෙමයි

      දැන් ඔය විස්තර ප්‍රකාසෙ ඉවරයක් නැති තැන මම මොකද කලේ හෙමීට එක්කො ටී. වී. එකේ මැච් එක බලනව එහෙම නැත්නම් පොතක් බලනව...ඒත් කියන්නෙ නෑ, නෑ මම මේ ඔයාගෙ කතාවට ඇහුංකං දීගෙන ඉන්නෙ කියල...හෙහ්, හෙහ්,

      අන්තිමට කොහොම හරි වැඩේ කෙල උනානෙ...:)

      ඒත් ඔය මම පොතක් බල බල හිටපු දවසක්....

      එදා කතාව පටන් ගත්තෙ ඉස්කෝලෙ සීන් එහෙකිං...අටේ පන්තියෙ කෙල්ලෙක් යාලු වෙච්චි කොල්ලට ඒකිගෙ අම්මගෙ රත්තරං මාලෙ හොරෙං ගෙනත් දීල...කෙල්ලගෙ කස්ටිය පොලිසි යන්ට ගිහිල්ල...පස්සෙ ටීචර්ල කට්ටිය කතා බහ කරල වැඩේ ගොඩිං ශේප් කරල...ඔන්න ඔහොම සීන් එකක්..

      පොලිසි යන හරියට යද්දි මම අවදානෙ සම්පූර්නයෙන් පොතට යොමු කලා...ඒත් එක කණක් ඒ පැත්තටත් හරවං හිටියෙ සූදානං සරීරෙ කියල..

      ඔන්න එක පාරට ඇහුණ '' ඉතිං මොකක්ද ඔයා හිතන්නෙ?...'' කියල මගෙං අහනව,

      පොතෙං ඔලුව උස්සල බලද්දි උන්දැ මා දිහා බලාඉන්නව උත්තරයක් බලාපොරොත්තුවෙං...

      පට ගාල හිතට ආව මේ කතා කරකර ඉන්නෙ අර ඉස්කෝලෙ සීන් එක ගැනනෙ කියල

      හරි බරි ගැහිල පටන් ගත්ත දේසනේ..

      '' දැං මෙහෙම නෙව ********, ඔය වයසට ඔහොම තමයි ප්‍රේම සම්බන්ද ඇති වෙනවයි කියන එක වලක්වන්න බෑ...මම හිතන්නෙ හොඳම දේ තමයි ඔය වගෙ දේවල් එච්චර ගනන් නොගෙන ඉන්න එක...''

      ( ***** = that special name , privy only to us ..heh, heh )

      ' ඈහ්.....මොනවද අනේ මේ කියන්නෙ?....'' එයාගෙ කට ඇරුන බාගෙට නෙවෙයි සම්පූර්නයෙම්ම.

      ' ඇයි?....'' මම ඇහුව,

      '' ඇයි කියන්නෙ..... මම ඔයාගෙන් මේ ඇහුවෙ අප්පච්චිගෙ අර කකුලෙ අමාරුව තාම හොඳ නැහැනෙ..මෙහෙ එක්ක ඇවිල්ල ස්පෙෂලිස්ට් කෙනෙකුට වත් පෙන්නමු නේද කියලනෙ...ඒක තමයි මට තේරෙනව...මම කියන කිසි දෙයක් අහගෙන ඉන්නෙ නෑ..ඔයාට ඕන දේ තමයි ඔයා කරන්නෙ...ඉන්නකො..ආයෙනම් මම කිසිම දෙයක් කියන්නෙ නෑ ඔයාට...'' යටිතොල ආව ඉස්සරහට...මම දන්නව ඔය ටැප් එක ඇරීමේ ප්‍රාථමික පියවර

      වහාම Enter උනා Damage Control Mode එකට..

      '' හරි, හරි, ඕකට ඉතිං ඔය හැටි උඩ පනින්න ඕනය..අප්පච්චි එක්ක ඇවිල්ල එහෙම කරමු...හරි, හරි....හොඳේ? ''

      මම පොත වහල පැත්තක තියල එයාගෙ අත අල්ල ගත්ත...

      / මේක කියවපු මගේ ******* (තරහ වෙන්න එපා උඹ අර නම කියන කල් මම ඒක කියන්නෙ නෑ.) කිව්ව ...ම්ම්ම් ඇත්තෙන්ම කිව්වොත් උඹට බැන්නා. මේ රවියා අර ලොක්කිව දාලා ගිහින්ද එහෙට වෙලා ඉන්නෙ? ඇයි එයාවත් එක්ක ගියානම් මොකද වෙන්නෙ කියලා. ඕං මං නෙවෙයි කිව්වෙ ඈ./

      බෑනෙ බොල උන්දැගෙ රස්සාව කොරන්ටත් එපාය....කොල්ලන්ට තඩි බාල ඔය කීයක් හරි හොයාගන්න එක නැති කොර ගන්නෙ මක්කටෙයි? අනික පැංසොං එකකුත් හම්බ වෙනව නෙව...ඔය හොට බිම ඇනිච්ච කාලෙක හවහට කාලක් බාගයක් ගහන්ට එව්වගෙ ඉස්තිර ආදායම් මාර්ගයක් තියෙන එකත් ලොකු දෙයක් නෙව...හෙහ්, හෙහ්,

      ඒක නෙවෙයි කොයි බං කමෙන්ට් එකේ Part 2 ?

      Delete
  2. /*ආය කිව්වම මොකද නිවාඩු මාසෙම ඔහොම තමයි උනේ...*/
    අනේ යන්න! එතකොට අක්කා ඉස්කෝලෙ ගිය වෙලාවට අයියා මොකෝ කළේ? අර හිටෝපු මල් පැල වලට වතුර දදා හිටියද? :P

    /*මම මේ ඔයාලගෙං අහන්ටමයි හිටියෙ ඔයාලගෙ නැද්ද ඒ වගෙ කවුරුවත් නොදන්න ඔයාල දෙන්නටම විශේෂ වෙච්චි නම් එහෙම? */
    තියෙනවා තියෙනවා.. :D :D :D

    /*අනෙ අම්මප මේ ලියන විකාර කියවන මිනිස්සුන්ටයි ගහන්න ඕන අර මොකක්ද එහෙකිං*/
    සහතික ඇත්ත, අනේ ඇත්තමයි. :D :D :P

    ReplyDelete
    Replies
    1. / අනේ යන්න! එතකොට අක්කා ඉස්කෝලෙ ගිය වෙලාවට අයියා මොකෝ කළේ? අර හිටෝපු මල් පැල වලට වතුර දදා හිටියද? :P /

      හුහ්, අක්ක ඉස්කෝලෙ ගියාම නේද?...ඔන්න අහගනිං අක්ක ඉස්කෝලෙ ගියාම අයිය කොරන වැඩ..

      ඉස්කෝලෙ යන්ට කලින් උන්දැ මට දෙනව වැඩ ලැයිස්තුවක්....

      '' මේ ඊයෙ රෑ අල හොද්දක් ඇති...ඒක රත් කරගෙන කන්ට උදේට...හාල් අර ප්ලාස්ටික් කෝප්පෙං දෙකක් රයිස් කුකර් එකට දාල යාන්තමට හාල් වැහෙන්ට වතුර දාන්ට. ඇහුනද?''

      තුංසිය හැටපස් දවසෙං තුංසිය තිස් පස් දවසක් බොහොම කටට රහට උයාගෙන කන අපිටයි මුංදැ මේ බත් උයන හැටි ගැන උපදෙස් දෙන්නෙ....අනේ කාලේ වනේ වාසේ කිව්වලු...ඒත් කමක් නෑ ඔන්න ඔහෙ එයයිගෙ සන්තෝසෙ නෙව...

      '' රයිට්.....ඊට පස්සෙ මගෙ ඩයලොග් බිලයි මොබිටෙල් බිලයි ඊයෙ ආව...නුවර ගිහිල්ල ඒ දෙක ගෙවල දාන්ට...එ ගමන්ම මගෙ අර අව්වට ඉහලන කුඩේ නණයක් කැඩිල..කඳුරට කුඩ එකට ගිහිල්ල ඒක හදාගෙන එන්ට...හෙට දෙන්නං අනිද්ද දෙන්නං කියල කිව්වට එව්වට අහුවෙන්ට එපා ඔන්න...ඉඳල කොහොම හරි ඒක කරගෙන කුඩේ හදාගෙනම එන්ට...''

      '' අර ටොරිංටන් එකේ මම යන කඩේ මතකද?.....ඔය ඉතිං ඒක මතක නෑ...පොත් කඩයක් නං ඕන මුඩුක්කුවක මතක තියෙයි...අර මාකට් එක පැත්තෙං ඇතුලුවෙනකොටම දකුණු පැත්තෙ තියෙන්නෙ....අන්න ඒකෙං මේ ජාතියෙ ෆේෂල් බොට්ල්ස් දෙකක් ගේන්න..මේකෙ මේ කෝඩ් එකක් තියනව...මතක අතුව ඒකම ගේන්න...ඔය මගෙ මූණෙ හමට හරි යන්නෙ ඔය කෝඩ් එක විතරයි...හරිනෙ එහෙනං...මම යනවා...මේ ඔය පොත් කඩ ගානෙ රස්තියාදු වෙලා අව්වට කළු වෙන්නෙ නැතුව විජහට ගෙදර එන්ට හොඳේ? ''

      ඔන්න උන්දැ යන්ට පිටත් වෙලා ආයෙම ඔළුව දානව කුස්සියට..

      '' ආ, තව පොඩ්ඩෙන් අමතක වෙනව...ඩෙවොන් එකෙන් දවල්ට කන්න ගේන්න..මට බෑ ඇවිල්ල උයන්න.....''

      ඔන්න සිත්තමී දැක්ක නේද මගෙ වැඩ ලැයිස්තුව?....ඉතිං උඹ අහනව අක්ක ඉස්කෝලෙ ගියාම අයිය මොකද කලේ කියල....අයිය මොනවද නොකලෙ කියල අහපං නඟේ....ඒකට උත්තර දෙන්ට තව ලේසියි...

      Delete
  3. විස්තර කියවිල්ල නේ......

    උඹ හරි වාසනාවන්තයි බන් අයියේ

    ReplyDelete
    Replies
    1. ඒ බං නිශ්, දැං මේ මම වාසනා වන්ත උනේ කොහොමෙයි?

      මට උපකල්පනය කරන්න තියෙන්නෙ දෙවිදිහයි...එක්කො උඹෙ හාමිනේ කියවන්ට ගිහාම මීටත් එහා..එහෙම නැත්නම වචනයක් කතා කොරන්නෙ නෑ...කසාය බීපු ගොළුව වගෙ ඉන්නව...කෝකද හැබෑට?

      Delete
    2. ඇයි බන් අයියෙ උඹට ඔය කියවිල්ල අහන්න වෙන්නෙ
      අවුරුද්දට සැරයයි නේ අපි ඉතින් දවස ගානෙ අහන්න එපැයි.:)

      Delete
    3. ඒ උනාට මලේ ඒකෙ මෙහෙම සීන් එහෙකුත් තියනව...තුන්සිය හැටපස් දවසෙම ඔය කංකරච්චලේ පත්තියං උනාම ඒකෙ ගානක් නැතුව යනව...ඒකට මැඩිකල් ජොර්නල් වල එහෙම කියන්නෙ Decresed auditory sensitiveness syndrome කියාල. ගමේ අපේ බාසාවෙං කිව්වොත් කං සීසං වෙනව කියන්නෙත් ඕකම තමයි.

      ඊට පස්සෙ මොනවද ආයෙ කම්මලේ බල්ල වගෙ තමයි...ඒත් අවුරුද්දක් ඉඳල ගිහාම දරන්ටම අමාරුයි බං ඔරොත්තු දෙන්නෙම නෑ..හෙහ්, හෙහ්. ඒ අතිං බොලා තමයි වාසනාවන්ත...:) :)

      Delete
  4. හපොයි... දඩයක්කාරය එනෝ!!!!!
    දුවපියෝ!!!

    විශේෂිත නං නේද??
    තියෙනව තියෙනව...
    ඒ වුණාට බං අයියෙ එව්ව ප්‍රසිද්ධ කළාම ගතියක් නෑ නෙව...

    ReplyDelete
    Replies
    1. හුහ්, දුවල බේරෙන්ට?....එව්ව කොහෙද බොල දඩයක්කාරය එක්ක....:) :)

      / ඒ වුණාට බං අයියෙ එව්ව ප්‍රසිද්ධ කළාම ගතියක් නෑ නෙව.../

      ඉතිං කවුද බොල ඒ නං මොනවද කියල ඇහැව්වෙ?....එහෙම නම් ප්‍රසිද්ද කලාම එව්වයෙ ආයෙ අහවල් විශේෂත්වයක්ද අර කිව්වත් වාගෙ...

      මම ඇහැව්වෙ බොලාටත් එහෙම නං තියනවද කියල විතරයි...ඔන්න සිත්තමීට තියනවලු...දැං බොටත් තියනවලු...එල එල එල....

      Delete

  5. අද නම් අනුන්ගේ කමෙන්ට්ස් කියෙව්වේම නෑ. මොලේ විකල්වෙනවා ඒවා කියවපුවාම හී හී..

    //එව්ව කොහෙද අපෙ ලොක්කි එක්කල....හෙහ්, හෙහ්,//
    මෙන්න නියම කාන්තාවෝ...

    //මේ ඔය එහෙම නම් නැති කට්ටිය බලන්ට එහෙම නම් දෙකක් දාගෙන, ඒක මොන තරම් සුන්දරයිද කියල...මම කීවට කරල බලන්ටකො..ඔන්න...//

    පොඩ්ඩිට තියන විශේෂ නම් ඇහුවොත් ඉතින්. හරියට මහපාර වගේ දිගයි ඕං...

    //දැන්නම් උන්දැගෙ කටත් බාගෙට ඇරිල...//
    ඔය කියන දේවල් අහපුවාම කට ඇරෙන්නේ නැතුව තියේවියැ...

    //තරහ නෑනෙ නේද?//
    කට්ටියම තාම හිතනවලු. :D:D:D


    ReplyDelete
    Replies
    1. / පොඩ්ඩිට තියන විශේෂ නම් ඇහුවොත් ඉතින්. හරියට මහපාර වගේ දිගයි ඕං.../

      ඒ කෙහෙල්මලක් නෙවෙයි බං මම මේ කියන්නෙ...ඔය කියන්නෙ තමුං තමුංටම දාගත්තු නං ගැනනෙ...එහෙම නම් බැරිය බොල තුං හාරසීයක් දාගන්ට...කාගෙං තහනමක්ද ආයෙ...හෙහ්, හෙහ්,

      Delete
  6. // අනෙ අම්මප මේ ලියන විකාර කියවන මිනිස්සුන්ටයි ගහන්න ඕන අර මොකක්ද එහෙකිං //

    ඕක මට හිතිලා ගොඩක් කල් බං.. :P

    // මගෙ අර අව්වට ඉහලන කුඩේ නණයක් කැඩිල //

    ඇයි වැස්සට ඉහලන්නෙ වෙනමම කුඩයක්ද..??

    පලි: තව මේ ගැන කතාකොරන්ට මහගොඩක් ජාති තියෙනවා බංස්.. ඒ වුනාට මං දැන් යන්ට ඕන එලියට ගොහිල්ලා එන්ට, වැඩ කීපයක් කරන්ට තියේ.. (මේ දවස්සොල වැඩ වැඩියි බාං) පස්සෙ වෙලාවක මංගච්චඤ්ඤා..

    ReplyDelete
    Replies
    1. ඒක නෙවෙයි, මං කියන්ට ආපු දේ අමතක වුනා නෙවැ මේ එක එකායෙ කමෙන්ට්ස් බලලා... අපි ඔය දඩයක්කාරයා එහෙම්මම යටගැහෙන්ට දීලා ආයෙමත් ජයේගෙයි, චුට්ටි මැණි‍කෙගෙයි කතාව පට්ටාං ගම්මුද..?? අර ජනුවා කිවුවා වගේ මටත් ඔය දඩයක්කාරයා එච්චර අල්ලන්නෑ බං දැන්.. ඌ රෝන්සයිඩ් ගියා වැඩියි..

      Delete
    2. / ඇයි වැස්සට ඉහලන්නෙ වෙනමම කුඩයක්ද..?? /

      ඇයි බාං ඒක දන්නෙ නැත උඹ?....අව්වට ඉහලන්ට තියනවනෙ ඇතුලට රස්නෙ නේන්ට සිල්වර් කෝටිං එකක් ගාපු වෙනම කුඩ ජාතියක්...එව්ව අව්වට..වැස්සට සාමාන්‍ය නෝමල් කුඩ...:) :)

      /  (මේ දවස්සොල වැඩ වැඩියි බාං) /

      අඩේ තාම ඉවරයක් කරන්ට බැරිඋනාද ඔලිම්පික් බලන්ට ආපු එවුං වීසි කරපු කඩල ගොටු, බත් ඔතං ආපු ලන්ච් ෂීට්, යෝගට් කෝප්ප, කෙහෙල් ලෙලි එහෙම අහුලල...පලයං පලයං බොලොග් කියව්ව වගෙ නෙවෙයි ඒක ඉවරයක් කරල වරෙං....හෙහ්, හෙහ්,

       / අපි ඔය දඩයක්කාරයා එහෙම්මම යටගැහෙන්ට දීලා ආයෙමත් ජයේගෙයි, චුට්ටි මැණි‍කෙගෙයි කතාව පට්ටාං ගම්මුද..?? /

      අඩේ එහෙමමම් කරන්ටත් හොඳ නෑනෙ මලේ...බැඳගත්ත බෙරේ ගහලම එපාය බිම තියන්ට...අනික ජයසේනගෙයි චුට්ටි මැණිකෙගෙයි දෙකයි පනහෙ පේම කතා වගේද බං දඩයක්කාරය....

      හරි හරි...අර විච්චූරණ මොකවත් නැතුව පුලුහං විගැහිං ඉවර කරඤ්ඤංකො....ඉවසල ඉඳිං ඔය ඩිංගිත්තත්...:) :)

      Delete
  7. දවස ගානේ කන්කරච්චල් අහල කන් සීසන් වෙච්ච ඇයො ලග තමා,අර කාටවත් කියන්නේ නැති ****** නම් ගොඩක් තියෙන්නේ කියල මම හිතන්නේ???????

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඒකත් හරි තමයි කෙන්ජි......

      ආයුබෝවන් එහෙනං.....ඉඳගත්තනං හත්තටපලකිං....තේකක් කාරිය බීල ඉමු නෙවද?

      Delete
  8. හනී හරී සුවිට් අප්පා..අර තලගොයි දෙන්නා නං...කෝමත් මෙහෙ දඩයක්කාරයින්ට අහුවෙන්නෙ ඒ වගෙ සත්තු තමයි...
    අපේ පැත්තේ ඉස්සර මහ මරුමුස් පුතයලා වගයක් හවහට දුවනවා තලගොයි පස්සෙ..පවු තලගොයිට...

    ReplyDelete
    Replies
    1. තලගොයි හුඹහට වැදුනම එළියට ගන්ට හරිම අමාරුයි....එක සිදුරක් විතරක් ඉතුරු කරල අනික් සිදුරු වහල තෙත පිදුරු වලට ගිණි තියල දුම් ගහල තමයි එළියට ගන්ට ඕන....ඔය තලගොයි දිව කෑවහම හොඳට කට පාඩං හිටිනවයි කියල අහල තියනවද අමිල?

      Delete
  9. Part 2:
    ඔය මං තුමත් නිතර බැනුම් අහන එකක් තමයි බං කියන ඔක්කොම අහගෙන ඉන්නෑ කියලා. ඕක ඔය ජාතයන්තර ප්‍රශ්ණයක්නෙ. පිරිමින්ට තියෙනවනෙ එක එක මෝඩ්.

    ඔය එක මෝඩ් එකක් තමයි අර විස්තරේ එක කනකින් අහන ගමන් අනිත් කනින් ටීවී එකේ යන දෙබස් අහන එක ඇස් වලින් පොත් කියවන එක, වෙබ් සර්ෆ් කරන එක වගෙ. සමහර විට ඔය ********** හිතන්නෙ ඕක මේ ආදරේ අඩුවෙලා හරි උනන්දුව අඩුවෙලා හරි වෙන සීන් කෝන් එකක් හරි කියලා උනාට, අපි ගෙවල් වල අම්මලත් එක්ක ඉන්න කාලෙත් ඔය මෝඩ් එක වැඩ කලා. ඔය වගෙම බැනුමුත් ඇහුවා. තනියෙම නෙවෙයි බොල. තාත්තත් එක්ක. මේ තාත්තටයි පුතාටයි ටීවී එක ඉස්සරහ ඉඳගත්තොත් හරි පොතකට යටවුනොත් හරි පොල්කුඩු පිඟානක් ගෙනත් දුන්නත් කයි. මට මේ දැනුත් ඇහෙනවා වාගෙ....

    ඒක නෙවෙයි රවියා. නුවරත් තියෙනවද බං ටොරිංටන් එකක්?
    එතකොට කඳුරට එකේ කුඩ රිපෙයාර් කරලා දෙනවා?
    ම්ම්ම්?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / ඔය මං තුමත් නිතර බැනුම් අහන එකක් තමයි බං කියන ඔක්කොම අහගෙන ඉන්නෑ කියලා. ඕක ඔය ජාතයන්තර ප්‍රශ්ණයක්නෙ. පිරිමින්ට තියෙනවනෙ එක එක මෝඩ්. /

      ඔව්වෑ හැටි ඔහොම තමයි හෙන්රි...මොනව කොරන්නද?....රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඉතිං පොඩි එහෙමට එන්න වෙනව..

      උඹට කියන්ට මම ස්කයිප් එකෙන් කතා කරද්දිත් ඔය වෙන මොනව හරි කොරල අහුවෙල බැණුං අහල ඇති නොසෑහෙන්ට....ඊට පස්සෙ ඒ වැඩේ අතෑරල දැම්ම. දැං සාවධානව එතුමියට ඇහුං කං දෙන එක තමයි කරන්නෙ ....හෙහ්, හෙහ්,

      / ඒක නෙවෙයි රවියා. නුවරත් තියෙනවද බං ටොරිංටන් එකක්? /

      එහෙනං බං...ඩී. එස්. ලයිබ්‍රරිය පල්ලෙහා තියෙන්නෙ ටොරිංටන් බස් ස්ටෑන්ඩ් එකනෙ..මේ සිටි සෙන්ටර් එක ගාව...ඒකටම අල්ලල

      ඒ දවස්වල..මම ඔය කියන්නෙ ප්‍රේමදාස මහත්තය අගමැති කාලෙ හැදුවනෙ යට සාප්පු සංකීර්ණයක් සහ උඩ කා පාක් එකක්...මරු වැඩේ කියන්නෙ කා පාක් එකේ ජීවිතේට පාක් කලේ නෑ කාර් එකක් තියා වීල් බැරෝ එකක්වත්...ඒකෙ ඩිසයින් ෆේලියර් එකක් කියල උඩ බංකු දාල දුන්න ඔය පෙම්වතුන්ට කාරිය ඉඳගෙන ඉන්ට...තාම එහෙමයි

      ඕක යට සාප්පු සංකීර්ණය ගැන මම මේ කිව්වෙ....

      / එතකොට කඳුරට එකේ කුඩ රිපෙයාර් කරලා දෙනවා? /

      මොනව කියනවද?....හැබැයි උංගෙ නිශ්පාදිත කුඩ විතරයි....වෙන එව්ව ගෙනාවට ඔට්ටු නෑ...:) :)

      Delete
  10. අම්මේ ඇවිල්ලා.මං මේ හිත හිතා හිටියෙ මක් වෙලාද කියලා.නිවාඩුවට හොදට ගෙවලා වගේ. :D

    ReplyDelete
    Replies
    1. එහෙනං එගෙනං ආව බොල ආව..නිවාඩුව නම් කියල වැඩක් නෑ... ඒ නිවාඩු කාලෙ වෙච්චි අලකලංචි වෙනම ලියන්න ඕන...හෙහ්, හෙහ්,

      අපිව මතක තිබ්බට බොහොම ස්තූතියි නිසූපා නඟේ....:) :)

      Delete
  11. ඔන්න අපි අලුත් මේ පැත්තට හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් ආදරයෙන් පිළිගනිමි...හිරු....හෙහ්, හෙහ්,

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...