Wednesday, August 22, 2012

130. රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,.....A haunting melody across the decades



.




ආදරය , එහෙම නැත්නම් ප්‍රේමය...එහෙමත් නැත්නම් සෙනෙහස...මේ ඔක්කොගෙන්ම කියන්නෙ එක දෙයක්.....ඔය මොන විදිහට නිර්වචනය කරන්ට උත්සාහ කලත් කෙරුවත් ඔය ඔක්කොම අන්තිමට වහල තියන සළු පිළි ගැලෙව්වම එතන තියෙන්නෙ ආකර්ෂණය...නැත්නම් ආශාව....හිමිකරගැනීමේ අවශ්‍යතාවය....ශෘංගාරය...

ස්වභාවයෙන්ම මේ විදිහට මිනිස්සුන්ට මේ තරම් ආහ්ලාදජනක චමත්කාර ජනක, හෘදයාංගම හැඟීමක් බවට ආදරය පත්කලේ ඇයි?....ස්වභාවයට වැඩක් නෑ මිනිහෙකුයි ගැහැණියෙකුයි එකිනෙකා අතර පෙම් පත් කීයක් හුවමාරු කරගත්තද?....කවි සංකල්පනා කීයල් ලිව්වද?...ප්‍රේම ගීත කීයක් පදබැඳුනද කියන කාරණා.....

ස්වභාව ධර්මයේ ඒකායන අපේක්ෂාව වර්ගයා නොනැසී ඉදිරියට පවත්වා ගැනීම....විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇති ආකර්ෂණය වැඩි විය පැමිණීමත් සමඟම එක් වරම තීව්‍ර ලෙස ඉහල යන්නෙ ඒ නිසයි.ගැහැනු දරුවෙක් වැඩිවිය පැමිණුනා කියන්නෙ ඇය ස්වභාව ධර්මයෙන් ඇයට නියමිත ප්‍රධානම කර්තව්‍යයට සූදානම් කියන එකයි. ඒත් අද තියෙන නොයෙකුත් බලපෑම්, සහ වෙනත් නොවැළැක්විය හැකි හේතු කාරනා නිසා ඒ කර්තව්‍යය කල් දැමෙන එක ප්‍රමාද වෙන එක වෙනම කතා කලයුතු කාරණයක්...

එතකොට මේ වර්ගයා නොනැසී පවත්වා ගැන්මේ කර්තව්‍යය උදෙසා අත්‍යාවශ්‍ය සාධකය මොකක්ද?.....ගැහැණියක සහ පිරිමියකුගේ එකතුවීම...නැත්නම් කාම සම්භෝගය...රමණය....මේ සෙනෙහස, ප්‍රේමය...ආදරය...ඔය ඔක්කොම අන්තිමට යොමු වෙන්නෙ එතනට....ඒක තමයි ඔය ඔක්කොගෙම කූට ප්‍රාප්තිය...

හරි...එහෙම වෙන්නම ඕනද?...නෑ...එහෙම නැතුවත් ආදරය සෙනෙහස, ප්‍රේමය පවතින්න පුළුවන්...මම එකඟයි..ඒත් මම මේ කියන්නෙ ස්වභාවයෙන් සිද්ධ වෙන්ට නියම වෙලා තියන දේ....එච්චරයි...

මේ පූර්විකාව මම ලිව්වෙ මොකටද දන්නවද?...මේ පහුගිය ඉරිද සිදුවුණු අපූර්ව සිදුවීමක් ගැන කියන්ට.....

මැද පෙරදිග රටවල් වල රමදාන් උපවාස සමය නිමාවෙන්නෙ දින තුනක නිවාඩුවකින්.....සිකුරාදා කොහොමත් නිවාඩුනෙ...එදා රෑ කපල අයිං කරපු නියපොතු කෑල්ලක් වගෙ අලුත් හඳ උදා උනේ ඉස්ලාම් බැතිමතුන්ට රාමසාන් නිමාවත් එක්කම අපි හැමෝටම දවස් තුනක නිවාඩුවක් අරගෙනයි.

ඉරිද දවල් මම ඉන්න අපාට්මන්ට් එකේ අපි හතර පස් දෙනෙක් පොඩි සුහද හමුවකට එකතු උනා......මේ ගෙවල් වලින් යොදුන් දහස් ගණක් දුර බැහැර දේස දීපංකරේ ඇවිල්ල ඉන්න අපිට පොඩි හිතට නිවනක් ලැබෙන්නෙ ඔය වගෙ දේකින් තමයි...ඉතින් සුපුරුදු ලෙස පස්වන සිල් පදය සම්බන්ධ කටයුත්තත් නොකෙරුනාමයි කියල එක හෙලාම කියන්ට බැරි බව තමයි මට මේ වෙලාවෙ තියන ප්‍රශ්නෙ...හෙහ්, හෙහ්,

යම් පමණකට එලඹි කල ඉනික්බිති සුපුරුදු ඊලඟ පියවර....මීයැසිය........

මීවිතය එක් අතක,
ගීපොත ද පිටු දිගැර,
ගෙවන කල තුරු සෙවණ,
සොඳුරුය මේ දිවිය........

මේ ඔමාර් ඛයියාම් ලියාපු කවියක්....

තබ්ලාවට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නෙ බොන වතුර ගේන ගැළුම් පහේ ප්ලාස්ටික් බෝතලේ...හිස් බෝතලේ මුනින් හරෝල දණිස් දෙකට තද කර ගත්තම දෙන්න පුළුවන්..දන්නවද?.... ආයෙ අහවල් තබ්ලා....මෙහෙ ඉන්නව ඒවයෙ විශාරද කට්ටිය...උදක භාජන තබ්ලා විශාරද....

ඒත් ඉරිදනම් ඔන්න තබ්ලා කුට්ටමක් හම්බ උනා...දැන් ඔන්න වැඩේ නැඟලම යනව...

පස්සෙ ඔන්න එක එක්කෙනා කැමති ගීත ඉල්ලීමේ වාරය ආව...එදාම අපිට සෙට් වුනු අළුත් යාලුවෙක් උන්න...මිනිහගෙ කැමතිම සිංදුව කිව්වෙ තිසරු ලියන් මැද....සමන් ජයනාත් ජිනදාස.....අහපු දවසෙ ඉඳලම මගෙත් කැමතිම සිංදුවක්...මට මතක විදිහට අනූව දශකයෙ මුල් වසර කීපය ඇතුලත රූප වාහිනියෙ යාත්‍රා වැඩ සටහනින් මුල් වරට ප්‍රචාරය වුනේ....

බොන්නම ඕන නෑ මත් වෙන්න ඒ වගෙ සිංදු තියනව නම්....හෙහ්, හෙහ්, රචකයා බන්දුල නානායක්කාරවසම්...සංගීතය නවරත්න ගමගේ....

ඉතිං මොනවද කිව්ව තමයි......එක පාරක් මදි කියල හිතුන නිසා දෙපාරක්ම කිව්ව...

තිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
හිමකර සෙවණේ එකහීනේ,
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,

විපුලිත ලැම රණ හංස තුඩට කිම,
දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
මගේ සරාගී සෝතාපා,

වචනෙන් වචනෙ විස්තර කරන්න ඕන නෑනෙ නේද?....නොතේරෙන කවුරුවත් නෑනෙ .....හෙහ්, හෙහ්,

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,

හෙහ්, හෙහ්, හෙහ්......කොහොමද හැබෑටම හැඟුමන් මැඩලන්නෙ?.....බෑම තමයි අප්පා.....

දෙපාරක් සිංදුව කියල කට්ටියම නිහඬව ඇස් පියාගෙන මොහොතක් හිටියා...තවම හිතෙන් බිසරු ලියන් මැද......

'' නියමෙට ආව සිංදුව...ඒත් අර තම් තම් කෑල්ලත් ආවනම් තමයි මරු...''

සිංදුව ඉල්ලපු අලුත් යාළුව එක පාරටම කියාපි..

'' මොකක්?....තම් තම්....ඒ මොකක්ද බං? ''

මට හිනා යන්ටත් ආව....

'' ඇයි ඕකෙ තියනව තම් තම් කෑල්ලක් ....දාපන්කො බලන්න යූ ටියුබ් එකේ...''

ඔන්න යූ ටියුබ් එකේ සිංදුව දැම්මා...අඩේ ඇත්තම නේන්නම්...සිංදුව මුලිනුයි අන්තර් වාදන කොටසෙයි තම්, තම් කියල කෑල්ලකුත් තියනව නේන්නම්....

'' හරි උඹට දැන් තම් තම් කෑල්ල ඕනෙමද? '' මම ඇහුවා....

යූ ටියුබ් එකේ සිංදුව හෙමීට දාල ආයෙම අපි තුන්වන පාරටත් සිංදුව කිව්වා...

ඔන්න නිශ්ශබ්දතාවය ආයෙම කඩ කලේ අලුත් යාලුව....

'' මේකෙ තේරුම මොකක් කියලද මචං උඹ හිතන්නෙ....'' ඇහුවෙ මගෙන්..

මම ඌ දිහා බැළුවෙ පුදුමයෙන්....

'' ඇයි මොකක්ද තේරුම කියල අහන්නෙ? ...පෙම්වතුන් දෙන්නෙක්ගෙ මංගල රාත්‍රිය නැත්නම් කොහොම හරි දෙන්නෙක්ගෙ එක් වීමක්...වෙන මොකක්ද?''

මිනිහා ඔළුව දෙපැත්තට වැනුව..තිරස්ව..මට එකඟ වෙන්න බෑ කියල..

'' නෑ මම නම් හිතන්නෙ වෙන තේරුමකුත් තියෙන්න පුළුවන්...මේකෙ මුල්ම වචන දෙක බලපන්.....බිසරු ලියන් මැද.........අබිසරු ලියන් කියන්නෙ කවුද කියල දන්නවනෙ ....'' මිනිහ හිනාවුනා..

'' කොහෙද බං ඒකෙ බිසරු ලියන් කියල තියෙන්නෙ....සිංදුව පටන් ගන්නෙ තිසරු ලියන් කියලනෙ ''

මම ඇහුවෙ පුදුමයෙන්....මෙච්චර කාලයක් සිය පාරකට වඩා අහල ඇති ඔය සිංදුව..ඒ වගේම කියලත් ඇති..ඒත් මේ බිසරු ලියන් කතාව මම දන්නෙ මේ අදනෙ..

'' උඹ සිංදුව අහල නෑ හරියට..ආයෙම දාල අහපං හරියට.. ''

ආයෙම ඇහුව කියමුකො...අනෙ අම්මාපල්ල ඇත්තම නොවෙන්නම්...

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
සසල කරයි හද මානනියේ,
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
බඳිනු තදින් හිත දේහිනියේ,

ඔන්න ඉතිං බලමු ඒකෙත් වැඩේ හැටි...හෙහ්, හෙහ්,

'' ඇත්තමයි අදමයි මම මේ බිසරු ලියන් කතාව දන්නෙ...හෙහ්, හෙහ්, ''

ඒත් පරාජය පිළිගන්න මම සූදානම් උනේ නෑ....

'' ඒත් මචං ඕක මෙහෙම වෙන්න බැරිද?....ඔතන කියන්නෙ බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත සසල කරයි හද මානනියේ, කියලනෙ ඒ කියන්නෙ අබිසරු ලියන් මැද උනත් මගෙ හිත සසල කලේ නුඹේ සුපුල් වත එහෙම වෙන්න බැරිද? ''

මම ඇහුවෙ කට කොනකින් හිනා වෙමින්...

'' එහෙම වෙන්නත් පුළුවන්...ඒත් ඕක හරියටම දන්නෙ බන්දුල නානායක්කාරවසම් තමයි...ගනිං මචං බෝතලේ මෙහාට....''

මනුස්සය කිව්වෙ මගෙ උරහිසට පාරක් ගහන ගමන්...

62 comments:

  1. ඔන්න මේ පාරත් රවිය කෙලල තියෙන්නෙ තාප්පෙටම. අනේ මචං රන්දිල් ඇවිත් මේක ගොඩ දැම්මම කියවන්නං ඈ. උඹත් කරන වැඩ!!! :O
    ඔන්න මේ පාරත් රවිය කෙලල තියෙන්නෙ තාප්පෙටම. අනේ මචං රන්දිල් ඇවිත් මේක ගොඩ දැම්මම කියවන්නං ඈ. උඹත් කරන වැඩ!!! :O

    ReplyDelete
    Replies
    1. අන්න ඒ ගමන හරි! අකුරු සීසීකඩ තියෙන කොට මම දන්නව කවුද පෝස්ට් කලේ කියලා!:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. සික්...මාර වැඩේනෙව හෙන්රියො උනේ..ඔන්න ගියපාර කොරෝම් එකෙං ගොහිල්ල පෝස්ට් කලාම ඇක්ස්පොලොර් එක අංජබජල් වෙලානෙ මම නොසෑහෙංඩ බැනුං ඇහුවෙ..මේ පාර සූදානං සරීරෙ කියාල ඒ දෙකම අවුලක් නෑ කියල චැක් කොරල තමයි පබිලිස් කොලේ....කරුමෙ කියන එක ආයෙ බං අපි තොප්පි බිස්නස් එකක් පටංගත්තොත් මිනිස්සු ඔළු නැතුව උපදියි කියල කියැන්නැහෙ ඔන්න අර ගිනි නරියට ඒ පාර කෙල වෙලාලු කියල ආරංචිය ආව...

      පස්සෙ අපේ පරිගනක විකාරද රන්දිල් ගරු කටයුතු මැතිණියට කියල තමයි ආයෙම වැඩේ ගොඩ දා ගත්තෙ...හෙහ්, හෙහ්, නයි මුගටි හටනෙ අන්තිමට මුගටියට යන එන මං නැතිවෙනකොට ගිහිල්ල එක්ක එනවයි කියන්නෙ ...දන්නවද කවුද කියල?..ආං ඒ වගේ මම ඔය බැළතණ ගහේ රුන්නම උන්දැ තමයි ඇවිල්ල එකලාසයක් කරල දාන්නෙ...අපරාදෙ කියන්ට බෑ...

      ඉතිං ඔන්න වැඩේ හැදුවට පස්සෙත් උඹ ආවනෙ මෙතන නාහෙං අඬාගෙන...අනේ බාං පේන්නෙ නෑ...රන්දිල්ට කියාල හදාපංකො අරකද මේකද කියල...ඔන්න ඊට පස්සෙ වෙච්චි සීන් එක..

      '' අනේ රන්දිල් අන්න අර හෙන්රිය නාහෙං අඬනව තාම ඌට කියවන්ට බෑ කියල...මොකද කරන්නෙ? ''

      '' මම හරියට හදල අනේ තියෙන්නෙ...ඔය හෙන්රියත් මෙලෝ සිහියක් ඇති එකෙක් එහෙම නෙවෙයි...තාම කලින් ලොග් වෙච්චි විදිහටම ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඇති අර මොනවද කාපු රිලව වහෙ...උන්දැට කියන්ට රිෆ්‍රෙෂ් කරල බලන්ටෙයි කියාල ''

      ඔන්න මගේ ඇඟට ගොඩ වෙච්චි...:) :)

      මම ඉතිං හා එහෙනං එහෙමවත් කරන්නංකො කියල අර කිංකිණි මහගෙට කතා කොරල ඇහැව්ව උඹේ ඇඩ්ඩැස් එක මොකක්ද කියල...උන්දැ ඒක කියනකොට උඹ ආයෙම ආව හරි හරි වැඩේ හරි කියාගෙන...

      Delete
  2. හ්ම්.. ලැජ්ජයි කියන්ඩත්... අයිය ලින්කුව දුන්නාම තමයි මං ඒ ගීතෙ අහුවෙ පළාවනි වතාවට... හි හි... අපි කොච්චර ඇහුවත් ඒක අහන අර මුල් වතාවෙදි අපේ ඔලුවට යන වචන ටික තමයි රැඳෙන්නෙ... ඔ්ං මට කතාවක් මතක් වුණා...
    ඔන්න අපි සින්දු කිය කියා ඉන්නව දවසක් කැම්පස් එකේදි... දැන් මේ වෙලාවෙ කියන්නෙ ඔන්න අර මා සනසා කියන සින්දුව.. ඔන්න විතත් මදු පෙරා ගෙනල්ලා කියන කෑල්ල ආව... දැන් මේ වෙද්දි අපේ කොල්ලො ටික සින්දුවෙ රසයෙන් මත් වෙලා!! කොච්චර මත් වෙලාද කියනව නං උං දන්නෙම නැකුව තමන්ගෙ හඩ ඉතාම උස්ව නැගෙන්ඩ අරන් ඕකෙ තියෙනව නෙ අර හැඟුම් තෙරපිලා දෝ හමුන් මුස වෙලා කියල කෑල්ලක්.. ආං ඒක එද්දි එකෙක් මහ හඬින් කියපි.. ඇඳුම් තෙරපිලා දෝ හසුන් මුස වෙලා!! කියල...ඒක ඇහිච්ච ගමන් සේරමල එක පාරටම ඉද්ද ගැහුව වගේ සින්දුව නවත්තපු හැටියි, ඊට පස්සෙ කැන්ටිම දෙක වෙන්ඩ පුටුවලිං බිමට වැටි වැටි හිනා වෙච්ච හැටියි අහන්ඩ උඹල ඉන්ඩයි තිබුනෙ අයියෙ... අරූ.. අර සින්දුව වෙනස් කරපු එකා ආයෙ සෑහෙන කාලයක් යනකල් ආවෙ නෑ අපිත් එක්ක සින්දු කියන්ඩ, අපිත් ඌව දැක්ක ගමන් ඉතිං දන්නවනේ......

    ReplyDelete
    Replies
    1. ඔය වගෙ සිංදු වරද්දල කියන එව්ව ගැන මගෙත් අත්දැකීම් බොහොමයක් තියනව නඟේ...හෙහ්, හෙහ්,

      අපෙ එකෙක් හිටිය නන්දගෙ '' හන්තාන අවඩියේ මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස මතකද?....ඔය බූතය ඕක කියන්නෙම හන්තාන කඳවුරේ කියල...කොහෙං හොයාගත්තු එකක්ද මංද ඔය කඳවුර...හෙහ්, හෙහ්,

      ආය එකෙක් හිටිය ඉන්ද්‍රානි පෙරේරගෙ අර සුප්‍රසිද්ධ සිංදුව දන්නව නේද?....සුදු අසුපිට නැඟලා...මේකා කියන්නෙම සුදු අසු පිට උඩ නැඟලා කියලනෙ.. බලාගෙන ගියාම වරදකුත් නෑ..සුදු අසු පිට උඩට නෙවෙයි නං වෙන අහවල් දිහාවටෙයි නඟින්නෙ?....හෙහ්, හෙහ්,

      ඔන්න දවසක් බස් එහෙකට නැංගලු රබානක් එහෙම අතින් අරං මැදිවියෙ මනුස්සයෙක්...බස් එකේ ඉස්සරහටම වෙලා මෙහෙම කිව්වලු,

      '' නෝනා වරුනි මහත්වරුනි මම මේ කියන්ට යන්නෙ ඉතාම සුවිශේෂී ගීතයක්...ඒ කියන්නෙ අපේ අමා මහ බුදු පියාණන් වහන්සෙ ගායනා කල එකම ගීතය තමයි මේ..''

      ඔන්න බස් එකේ ඔක්කොමල කතාවල් නවත්තල මිනිහ දිහා බලා ඉන්නව ඇසි පිය නොහෙලා..

      පස්ස හැරිල මිනිහ මුලින්ම වැන්ද බස් එකේ වීදුරුව උඩ ගහල තිබ්බ බුද්ධ රූපෙට...

      '' මට අවසර බුදු හාමුදුරුවනේ ඔබ තුමා කියාපු ගීතය ගයන්නට... ''

      බස් එකම කිසිම සද්දයක් නෑ...හැමෝම බලා ඉන්නෙ මොකද මේ අපූරු සිංදුව කියල දැන ගන්ට..

      රබාන වටයක් එහෙම ගහල ගෙජ්ජි එහෙම හොලවල කාරිය රැල් බුරුල් ඇරල ඔන්න පටන් ගත්ත සිංදුව....

      '' හිතේ නැඟුනු කල කිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට....යසෝ ඕ..ඕ...ඕ..දරා ආ ආ ආ ආ ආ...''

      Delete
    2. නිරීක්ෂක බුරභිධාන හටනට පස්සේ ඇහේ කඳුළු පනින කම් හිනාවුනේ අද තමයි ඔන්න මේ පැත්තේ ඇවිත් .

      Delete
  3. /*මිනිහා ඔළුව දෙපැත්තට වැනුව..තිරස්ව..මට එකඟ වෙන්න බෑ කියල.. */
    මොකෝ මේ 'තිරස්ව' කියලා වෙනම ලියලා? ආයෙ වෙන විදියක් තියේයැ ඔළුව දෙපැත්තට වන්නන්න?

    ඒ ගීතය ලස්සන නිර්මාණයක්. අපි සාමාන්‍යයෙන් කතා නොකරන මාතෘකාවක් ගැන ලස්සන වචන දාලා, ලස්සන සංගීතයක් යොදලා හරි අපූරු ගායනයක් විදිහට එළි දැක්විලා තියෙනවා.

    අයියා යාළුවා එක්ක දාලා තියෙන අන්තිම තර්කයෙදි මම අයියගෙ අදහසට එකඟයි. :)

    ඔය හරි වචනෙ එන්න ඕන තැනට වෙන වචනයක් හිතාගෙන, ඒක කටපාඩම් කරලා කටට ඒක හුරු උනාම ලෝක අමාරුවෙ වැටෙන වෙලාවලුත් තියෙනවා. සින්දු විතරක් නෙවෙයි, අපි ගාථා, පිරිත් කියද්දි එහෙම වෙන තැන් ඊටත් වැඩියි. මට වෙච්ච වැඩක් ඔන්න මං කියන්නං. මේක සින්දුවක්වත්, කවියක්වත්, ගාථාවක්වත්, පිරිතක්වත් හෙම නෙව්යි. කථාවක්. ඉස්සර මං පොඩි කාලෙ ගිය ඉස්කෝලෙ උදේ රැස්වීම වෙලාවෙදි පාඨයක් කියන්න තියෙනවා හැමෝටම සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි. ඕකෙ ඉංග්‍රීසි එකේ තියෙනවා 'flag' කියලා තැනක්. හැබැයි මට ඔය පාඨය පාඩං වෙලා තිබ්බෙ අපිට ඉස්කෝලෙට ඇතුල් වෙච්ච දවසෙ දීපු අත් පොතේ තිබ්බ විදිහට නෙවෙයි ඒ අවුරුදු දෙක තුන පුරා ලොකු අක්කලා කියන එක මට ඇහිලා තිබ්බ විදිහට. කරුමෙ කියන්නෙ ඔය 'flag' කෑල්ල මට ඇහිලා පාඩම් වෙලා තිබ්බෙ 'flat' කියලා. තුනේ, හතරෙ පන්ති වල ඉන්න කොට ආයෙ ඕවයෙ තේරුම් මතක තියෙන එකක්යැ. ඉතිං ඔන්න අර උදෑසන රැස්වීම වෙලාවට අනිත් ළමයි මේක කියද්දි තව හතර පස් දෙනෙක් ස්ටේජ් එක උඩට නැගලා යකඩ කටින් මේක කියන්න ඕනේ. මටත් දවසක ඔය උඩට නගින කණ්ඩායමකට යන්න උනානේ. කරුමෙ කියන්නෙ මයික් එකත් සෙට් උනේ මගේ මූණ ඉස්සරහටම. ඉතිං මං මුළු ඉස්කෝලෙටම ඇහෙන්න අර ලස්සන පාඨය සිංහලෙන් කියවගෙන ගිහිල්ලා, ඊටපස්සෙ ඉංග්‍රීසි එකත් පටං අරං කියවගෙන ගිහිල්ලා 'flag' කියන තැනට 'flat' කියලා ඉවර කළා. ටීචර්ලා මූණෙන් මූණ බලාගත්ත හැටි මං ඇස් කොණෙං දැක්කා. අනේ මං අහිංසක පොඩි ළමයා වෙච්චි, ඕක හරියටම දැනං උන්නු මගෙ යාළුවො කීප දෙනෙක් ඇරෙන්න වෙන කවුරුත් මට මොකූත් කියන්න ආවෙ නෑ. :D :D :D

    ReplyDelete
    Replies
    1. / මොකෝ මේ 'තිරස්ව' කියලා වෙනම ලියලා? ආයෙ වෙන විදියක් තියේයැ ඔළුව දෙපැත්තට වන්නන්න? /

      ඔය කිව්වෙ..ඔය කිව්වෙ...ඔන්න කිව්ව..ඔන්න කිව්ව...ඇයි බොල කෙල්ලෙ..ඔළුව ඉහලට පහලට වනන එක එතකොට මොකක්ද?...ඉහල පහල කියන්නෙත් දෙපැත්තක් නෙවෙයිද එහෙනං?

      අනික උඹට කියන්ට අපි හතේ පංතියෙ විතර ඉන්දැද්දි මයෙ යාළුවෙක් උන්න ඒකා මොනව හරි ප්‍රශ්නෙකට උත්තර දෙන්නෙ අපි නම් එක්කො ඔලුව ඉහල පහල වනනව..ඒ කියන්නෙ ඔව්...නැත්නම් හරහට වනනව...ඒ කියන්නෙ නෑ කියල...මේකා ඔළුව වනන්නෙ විකර්ණය ඔස්සේ..ඒ කිව්වෙ ඔව්ත් නෙවෙයි නෑත් නෙවෙයි..මොනව කිව්වද කියල මෙලෝ යකෙකුට බෑ හොයා ගන්ට...

      Delete
    2. /*මේකා ඔළුව වනන්නෙ විකර්ණය ඔස්සේ*/
      මාත් හිටපුගමං ඔහොම කරනවා. වැඩියක්ම කවුරුහරි මොකක් හරි කියලා දීලා තේරුණාද කියලා ඇහැව්වහම. :D :D :D
      මගෙ යාළුවෙක් ඉන්නවා, එයා ඔව් කියන්නෙත් ඔළුව දෙපැත්තට වනලා, නෑ කියන්නෙත් ඔළුව දෙපැත්තට වනලා. :D

      /*ඇයි බොල කෙල්ලෙ..ඔළුව ඉහලට පහලට වනන එක එතකොට මොකක්ද?...ඉහල පහල කියන්නෙත් දෙපැත්තක් නෙවෙයිද එහෙනං?*/
      අනේ මට මේකට උත්තර දෙන්න තේරෙන්නෙ නෑ. දැං උත්තර දහයක් විතර ලිව්වා, එකක්වත් හරි යන්නෙ නෑ. ඔය බොරු තර්ක දැම්මට මං කියපු එක හරියි කියලා අයියත් දන්නවනෙ. :P

      Delete
    3. හෙහ්, හෙහ්, සෝපත් නොවනු මැන...මා දරුව...සෝපත් නොවනු මැන...මාගේ පැණයට දියහැකි කිසිදු තර්කානුකූල වූ පිළිතුරෙක් උදක්මැ නැති...මක්නිසාද යත් මගේ ප්‍රකාශය පදනම් වී ඇත්තේ Pseudo Logic නොහොත් ව්‍යාජ තර්කන ක්‍රමය මත බැවිනි.ඊට පිළිතුරක් දියයුතුම නම් ඒද ඒ තර්කණ ක්‍රමය මතම පිහිටා දිය යුත්තේමය...සිද්ධි රස්තු!!!

      Delete
  4. බිසරු ලියන් විතරක් නොවෙයි වැරදිලා තියෙන්නේ ආපහු අහලා බලන්න.

    ජයනාත් සමන් ජිනදාස ඉන්නේ අබුඩාබියේ මේ දවස්වල.

    බන්දුල නානානයක්කාරවසම් මේ සින්දුවට කොච්චතර ආසද කියනවා නම් පොරගේ පදමාලා එකතුවට යොදා ගත්තෙත් මේ බිසරු ලියන් නමයි.

    ReplyDelete
    Replies
    1. මම මේ ගැන එතුමාගෙන්ම අහන්නම් කියලා ගියා නෙව ගමේ කොමර්ෂල් බැංකුව පැත්තේ. පුදුම අවාසනාවක්. බන්දුල මහත්තයා ගාල්ලට මාරු වෙලා ගිහින්....

      Delete
    2. @ කතන්දර,

      ඕක දැම්ම ආපහු අහන්ට බෑ කතන්දර...එක එක වෙලාවට ඇහෙන්නෙ එක එක එව්ව..

      මේ වීක් එන්ඩ් එකේ යම් තරමකට සන්තර්පණය වෙලාම ඕන ආපහු අහන්ට..හෙහ්, හෙහ්,

      Delete
    3. @ වත්,

      අයියෝ ඒකට කමක් නෑ වත්තො....මොනව කොරන්ටද?....නැත්නම් මම හිතාන හිටියෙ අපේ වත් එතුමා සමඟ මේ මහා බිසරු ලියන්ගේ අර්බුදය පිළිබඳ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවෙහිදී එතුමා මෙසේ පැවසුවේය...කියල ඒ විස්තරේ දාන්ට...කමක් නෑ...අපි රෑ ඉරපානෙන් වත් ඕක අහමු...මේ පහුගිය ඉරිද තමයි පනස්වෙනි වැඩ සටහන ප්‍රචාරය උනේ...

      Delete
  5. ස්තුතියි යාලු..! මගෙ කලෙක්ෂන් එකට තව සිංදුවක් එකතු උනා. ජය...!

    ReplyDelete
    Replies
    1. මටත් ලොකු සතුටක් සරත් ....ස්තූතියි ඔබටත්...:)

      Delete
  6. මමත් වතාවක් ලිව්වා ඔය වගෙම පෝස්ට් එකක් උගෙ වර්ෂන් එක, මගෙ වරෂන් එක සහ හරි වර්ෂන් එක කියලා.

    ඇත්තම කිව්වොත් රවී මම මේ සින්දුව නම් දන්නෙ නෑ,
    නමුත් සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත මෙච්චර කටකාර රවියටත් කට උත්තර නැතිවෙන්න නෙලලා තියෙන බව නම් පිළිගන්නම වෙනවා, රවී!

    //මොකෝ මේ 'තිරස්ව' කියලා වෙනම ලියලා? ආයෙ වෙන විදියක් තියේයැ ඔළුව දෙපැත්තට වන්නන්න?//
    නෑ නෑ මං වැඩියම හිනා වුනේ නෑ, :D


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ගියා බං උඹේ පෝස්ට් එක බැළුව..බොලායෙ නැන්ද ...හෙහ්, හෙහ් කියල වැඩක් නෑනෙ....නැන්දගෙං උඹට බෝ උනාද උඹෙං නැන්දට බෝ උනාද කියලයි මම මේ කම්පනා කොරන්නෙ....හෙහ්, හෙහ්...අනේ බං ඒකට මුලිම්ම කමෙන්ට් කරල තියෙන්නෙ අපේ ඔබා...අප්පේ ඇහැට කඳුලක් ආව හෙන්රි...:) :)

      සිත්තමී ගැන උඹ කියල තියෙන්නෙ ඇත්තම තමයි බං....ඔය සිත්තමී ඉන්නව නේද දාහකිං හොයාගන්ට බැරි හරිම ගුණ යහපත් දැරිවි...ඔය මට හිටපු ගමං බෙල්ල මුලටම දීල අදීන්නෙ ඒ නිකං ජොලියට වගෙ.....එව්ව ගනං ගන්ට එපා...හෙහ්, හෙහ්,

      Delete
    2. @හෙන්රි අයියා
      ඕං දැක්කනෙ අයියෙ උන්දැ දීලා තියෙන උත්තරේ. ගල් පැලෙන බොරුවක් බව උන්දැත් දන්න, අපිත් දන්න ඒත් ඒක බොරුවක් බව ඔප්පු කරගන්ට හැටියක් නැති උත්තරයක් ඔය දීල තියෙන්නේ. අනේ පුළුවන්නං උදව්වක් දෙන්ටකො.

      @ රවි අයියා
      ඉස්තූතියි අයියේ. :) :) :)

      Delete
    3. @ සිත්තමී. වැඩක් නෑ සිත්තමී මේකාත් එක්ක වාද කරලා. දැන් මූ ඔප්පු කරන්න හදන්නෙ තිරස් = සිරස් කියලනෙ. ඉතින් තව මොනවද?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  7. බන්දුල නානායක්කාරවසම් නම් කතා කරන්න දෙයක් නැහැ.

    අහල තියෙනවද ‘රෑ ඉර පාන‘ දෙරන එෆ්.එම් එකේ.. නියමෙට වැඩසටහන කරනවා

    ReplyDelete
    Replies
    1. මොනව කියනවද සෑම් ...මම අහනව නොවරදවා.....

      රෑ ඉරපාන ඇවිදින් හේනේ කළුව බිඳ.....ඔය තවත් අපූරු ගීයක්

      Delete
    2. ඔය තියෙන්නෙ කෙලල තාප්පෙටම!!
      උඹ ගාණකට සන්තර්පණය වෙච්ච පාටක් තමා අංජනං දේවි පෙන්නුං කොරන්නෙ
      මොන ඉර පානක්ද??? පුන්සඳ බං අයියෙ.... පුන්සඳ රෑට ඇවිදින්!!

      Delete
    3. @ hansakinkini,

      අනේ මේ ජනූ...උඹ එනවද බොල මට සිංදු උගන්නන්ට ඒ පාර?.....අනේ පව්නෙ කියල පොඩ්ඩක් බුරුල දීපං...කරේ උරේ නෙව යන්ට තනන්නෙ...කරේ උරේ.... කරේ උරේ

      මෙන්න මේ සිංදුව ගැන බොල මම කියන්නෙ...බලාපිය අහල තියනවද කියල..

      රෑ ඉරපාන ඇවිදිං හේනේ කළුව බිඳ,
      රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ,
      අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා,
      නුඹ තෙමුනා අම්මේ නුබෙ පුතෙකු වෙලා
      එන්නම් මම සසර වසන තුරු නිවන් දකින තුරු
      පිංකෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා
      පින්බර යුවතිය කුල කුමරිය වී මංගල මල් නැකතේ ......

      ආන්න සිංදු.....ඇත්තම කියනව නම් බොහ්හෝම්ම්ම දුර්ලබ සිංදු...මඳ පමණට ක්‍රියාත්මක වෙන්නම ඕන ඔව්ව මතක් වෙන්ට...හෙහ්, හෙහ්,

      Delete
    4. @ හංසකිංකිණි. තර්ක කරලා වැඩක් තියෙනවද රවියත් එක්ක. දැං කියයි ඉරපාන = සඳපාන කියලා.

      Delete
    5. @ රවී අයිය: හැබෑ නේන්නං ඕකෙ දෙවෙනි කොටස මෙහෙම නේද අයියෙ??

      කුරහන් යායේ සඳ උතුරාගෙන
      අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ
      ඔබම උප නූපන් ජාති හමු වේවා
      ඔබ මතු අත් භවයක
      :-P

      @ Dude අයිය: අනේද බං කියන්නෙ... මුන්දැට කියන කට අතුල්ලගන්ඩ දැං මං වෙනම මිරිස් ගලක් ඕඩර් කරලයි තියෙන්නෙ

      Delete
    6. @ hansakinkini,

      අන්න එහෙම වරෙං....එහෙම වරෙං....හෙහ්, හෙහ්, අම්මප උඹ තමයි දවසකටවත් .....හෙහ්,හෙහ්,

      ඔන්න උඹේ සිංදුවෙ ඉතිරි හරිය මට මතක විදිහට මෙහෙමයි...

      කුරහන් යායේ සඳ උතුරාගෙන
      අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ
      ඔබම උප නූපන් ජාති හමු වේවා
      ඔබ මතු අත් භවයක

      ( මෙතෙන්ට එනව රැප් කෑල්ලක්...බොහොම රලු කටහඬකින් කියන්ට ඕන නම්බ නෝට් වැලි කඩදහියකිං පරණ කවිච්චියක් හූරනව වගෙ...උඹ දන්න කෙනෙක් ඉන්නව නම් වැඩේ බාර දෙමු....බෝල්ඩ් කරල තියෙන්නෙ රැප් කෑල්ල හොඳේ....හෙහ්, හෙහ් )

      හඳ පායාගෙන එනකොට ඔන්න බොල,
      රෑ මැදියම ඉරු නැඟිලා දිලිසෙයි,
      මේකිල මේකල ඔක්කොම පිස්සූ,
      කාටත් වැඩියෙං මේ මට පිස්සූ,

      කුංද ගජිං තක, කුංද ගජිං තක,
      දොන්ත බබක්කට දෙන්ට දෙයක් නැත.
      නෙක පාටිං දිලිසෙන්නේ තරු රැස,
      මලකුත් ගහලම කියමු ඉතුරු ටික,


      ඔන්න ඊළඟට හෙමිං සීරුවෙ නිකං බබාට බඩ එලිය යනව වගෙ මාරු වෙන්ට ඕන ආයෙම ඔරිජිනල් සිංදුවට....තේරුනෙයි බොට?

      මිනිස් හඬින් තොර පාළු අඳුරු නිල්,
      අහසක් උසට හිමි වූවද වරින් වරට,
      පායා එන්න සඳේ මට දී ආලෝකේ,
      අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන......

      Delete
    7. ඔය තියෙන්නෙ බොල!!
      අපි රැප් කෑල්ල දෙමු හෙන්රි අය්යට...

      /ඔන්න ඊළඟට හෙමිං සීරුවෙ නිකං බබාට බඩ එලිය යනව වගෙ මාරු වෙන්ට ඕන ආයෙම ඔරිජිනල් සිංදුවට....තේරුනෙයි බොට?/
      මොකෝ මට තේරෙන්නෙ නැත්තෙ... අර අසෝකමාලා මමයි ස්වාමිණී සින්දුවෙ අයි ඇම් අ පුවර් ජීප්.......සි ග...........ල් කියල ඊට පස්සෙ ආපහු සින්දුවට මාරු වෙනව වගෙ නෙ.... නේද??
      උඹ ඔහොම කියද්දි මට තව සින්දුවක් මතක් වුණා නෙව...

      හන්තානට පායන හඳ
      පහන් රැයේ...... මේ
      ඉර හඳ යට හමුවී ආදරයෙන්
      ගැයු කුලුඳුල් ප්‍රේම ගීතය විරහ ගීයක් නොවේවා!!!

      සුපෙම් හැඟුම් ඔබෙන් එපා
      කඳුලැල් සලා හඬවන්න ඔබේ
      රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
      ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා

      ටජ් මහලක් තනවන්න නෑ මට
      එපා ඔබේ හසරැල් කැලුම් හද
      වේදනා දෙන්නේ නෑ ඔබ හැරදා
      විමන් සිය මාපියන් මා ආදරෙන් වැඩු.....

      මෙහෙම කරමු.. උඹ දැං එකක් ලිව්වනෙ අපි සිත්තමීට දෙමු මේකෙ රැප් කෑල්ල ලියන්ඩ... පුරුදු විදියට හෙන්රි අයියටම දෙමු ඒක කියන්ඩ....එහෙම හොඳා නේද??

      Delete
    8. මේකනං මාර ජොලි වැඩේ. :D ට්‍රයි කරලා කරලා ඔන්න මාත් එකක් ලියන්න ගත්තා. පටන්ගන්න අමාරු උනාට ලියාගෙන යද්දි නවත්තගන්න බැහැනෙ බොලේ. අන්තිමට නන් ස්ටොප් එකක්ද කොහෙද ලියවුනේ. රවි අයියා නවත්තපු තැනින් තමයි මම පටන් ගත්තේ. /*අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන......*/

      ගයන ගැයුම් රඟහල දැන් ඇත
      අඩ අඳුර අඳුර මගේ
      සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
      සොඳුර මට සමු දෙන්න සමු දෙන්න
      ඈත ගමේ කෝපි කඩේ දෙන්නා දෙපැත්තේ (ආ උඩයි යටයි වෙන්නැති)*
      දාං අදින්නේ ගැටව් කතාබහට
      කඩ මණ්ඩියේ දොළ ලඟ ගුරු පාර දිගේ
      ඒ මේ ලොව ගැඹුරුයි
      අත්ත බිඳෙයි පය බුරුලෙන්
      පුතුනේ මේ අහගන්න පුතුනේ
      පුතුනේ මේ අහගන්න මං පොඩි කාලේ
      දැක්කට පස්සේ දැක්කෙ අද
      දීගෙක ගිය නුඹ මට
      බුලත් විටක් හපාලා
      දසන් දෙපෙල පෙන්නලා ටිකිරි සිනා
      මුව මුව පාලා ලං වී අත් අල්ලාගෙන
      ඇස් දැල්වූ පහන් දැල්වී වී තිබේවා
      සුන් වූ පැතුම් දළු ලා වැඩේවා
      ළං වූ ලවන් හමු වී තිබේවා
      වෙන් වූ නුවන් විදහා
      ඔබ සිනාසුනා
      මම සිනා පිපෙනා මේ වසන්තය
      නෙලා දෝතින් මලක් වුනේ ඇයි නුඹ මට
      ජීවිතයට සුවඳ මට දී පාට තැවරූ
      මල අරන් පිට වී පැදුරෙන් ඉගිලී යන
      කුරුල්ලෙකු ලෙසින්
      ඉගිල යන්න රට වටේ එන්න මා ප්‍රියේ
      ලස්සන ශ්‍රී ලංකාවේ
      සීගිරියේ කැටපත් පවුරේ
      තුන් සිංහලේ

      * අර දෙපැත්තෙ ඉඳං දාං අදිනවා කියන්නේ මෙන්න මෙහෙමලු. එකෙක් කඩේ බාල්කෙ ඔංචිල්ලාවක් බැඳගෙන ඒකෙ එල්ලිලා පහත බලාගෙන දාං අදිනවලු. අනිත් එකා දාං ලෑල්ල තියෙලා තියෙන බංකුව යට රිංගගෙනලු. :P :P :P

      Delete
    9. හප්පේ!! මේ තියෙන්නෙ එල කිරි වෙන්ඩ!!! මං ආසම මේ ප්‍රබුද්ධ ගණයේ ගීතය ඉවර වෙන හැටියට තමා නගේ.....
      ප්‍රේමය වගේ මාතෘකාවක් වස්තුවිෂය කොට ගෙන රචනා වුණා වුණත් බලන්ඩ ඒකෙන් දේශානුරාගය වෑහෙන හැටි??

      Delete
    10. @ januu,

      ඒකනෙ බොල ජනූවෙ කියන්නෙ...හෙහ්, හෙහ්, ඔය අපේ සිත්තමී ඉන්නව නේද අමෙ අම්මප ඇස්සහක් කටවහක් නෑ...දේසානුරාගය පිරී ඉතිරී ගිය ලලනාවියක් නෙව.....කොටිම්ම අර හෙණ හීතලක් ඇල්ලුවෙ පහුගිය දොහේ...ඔවුන්දැ සිංහ කොඩියක් නෙව රෑට බුදියෙන කොට පොරෝගෙන තියෙන්නෙ...ආන්න එහෙමයි එතුමිගෙ ගති සොබාව...මේ උඹල අපි වගෙ නෙවෙයි ඔන්න හෙහ්, හෙහ්,

      Delete
    11. @ Janu Akka

      ඔතනිංවත් නවත්තගත්තෙ ඒක ඉවරයක් කරන්න ඕන හින්දා අක්කේ. නැත්තං මට මෙන්න මෙහෙම දිගටම ලියාගෙන යන්න හිතුණා...

      .....
      ඉගිල යන්න රට වටේ එන්න මා ප්‍රියේ
      ලස්සන ශ්‍රී ලංකාවේ
      සීගිරියේ කැටපත් පවුරේ
      තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
      නැත උන් අප අතැර ගොසින්
      කොටු වැටිච්ච පුංචි සරම
      ඇඳං නටන මල්ලියා
      ගෙදර නිතර දබර කරන
      පුංචි දෝණි තරහා වෙලා
      පුංචි දෑස පියාගත් කළ මට
      මැවෙන්නෙ ඔබෙ රුව
      ඈත කඳුකර හිමව් අරණේ
      සීත චන්දන ලපළු හෙවණේ
      සුළං කුරුල්ලෝ සෙමින් ඉගිල්ලී
      මල් පිට මල් හැළෙන දිගු මාවතේ
      පිය මත පිය තබමින් හිනැහෙන නුඹේ
      ඉඟිනළුවට වශී වී
      සත්සර නැගනා රාවය කොතැනා
      එතනයි සැමදා අපි සැවොමා...

      රවි අයියා වැඩේ පටන්ගත්ත වෙලාවෙ මට හරියට තේරුණෙත් නෑ. මම ඒක කියවගෙන ගියෙ ඇත්තටම එහෙම සින්දුවක් ඇතියි කියලා හිතාගෙන. අර සසර වසන තුරු කෑල්ල කියෙව්වම තමයි මතක් උනේ මේකේ මොකක් හරි විකාරයක් තියෙනවා කියලා. ඊලඟට අක්කත් ඒ වගේ එකක් ලිව්වහම වැඩේ ටිකක් මීටර් වෙලා මම ඔයාගෙන් ඇහැව්වෙ ඒ එක එක ගීත වල එක එක පද එකතු කරලද ලියන්නෙ කියලා. මොකද ඒ සමහර වචන මට අහලා පුරුදු නෑ ගීත වල. ඉතිං කොහොමහරි මටත් වැඩේට ආසා හිතිල ලිව්වා :D :D :D

      @ Ravi Ayya

      රවි අයියේ මේ, මං කිව්වය කියලා හිතාගගං හොඳද! :P

      Delete
    12. @ Sithtami,

      ඉහි, ඉහි, ඉහි, මෙදා පොටේ නං සිත්තමීට මලම පැනල...මට කවමදාවත් ඔහොම කතාකලේ නෑ " හිතාගං ".....

      හෙල කුල කතුන් එලෙසද අමතනුයේ තම දයාබර වැඩිමහල් සොයුරනට?.......එසේද සිත්තමියනි?

      Delete
  8. //'' මට අවසර බුදු හාමුදුරුවනේ ඔබ තුමා කියාපු ගීතය ගයන්නට... ''//


    '' හිතේ නැඟුනු කල කිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට....යසෝ ඕ..ඕ...ඕ..දරා ආ ආ ආ ආ ආ...''


    අනේ රවි අයියේ හුඟ දවසකින් මේ පැත්තෙ ආවේ , ඒකත් අහම්බෙන්ම. ඒ උනාට ඇස් දෙකේ කඳුළු පනිනකම් හිනාඋනා.

    ඇත්තටම මාත් ඔය රවි අයිය " බිසරුලියන්මැද " සින්දුව අහල නැහැනේ :(

    ReplyDelete
    Replies
    1. ඉතිං බං නීතො...... කොහොමෙයි?....හප්පච්චියේ දැකපු කල්...හෙහ්, හෙහ්, මයෙ සංතෝසෙ පිරිල ඉතිරිල යන්නෙ ආයෙ ඔන්න නිකිණි වැහි කෝඩෙ ටිකක්කිතර අත තද කරල ඇල්ලුදාට තිසා වැවේ මහ හොරොව්වෙං ජලේ ගලන්නැහෙ...අනෙ අම්මප බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි ඔන්න...

      කඳුලු පනිනකල් හිනා උනානං මට ඒ ඉහටත් උඩිං බොල...ඉන්න මේ ටික දොහට හැමෝම එක්ක හිත සතුටිං ඉන්ට තියේනං ආය වෙන මොනවද නැද්ද?

      බුදු හාමුදුරුවංගෙ කාලෙ මොබයිල් ෆෝන්ස් තිබ්බ කියල උඹ දන්නවද? හෙහ්, හෙහ්,....... නෑ නේද?

      යසෝදරාවෝ කියන මේ සිංදුව මතකද? මේකෙං යසෝදරා සිදුහත්ට දොස් කියනව මාව දාල යනකොට අඩුගානෙ මොබයිල් එක වත් ඔයා අරංගියෙ නෑනෙ..ඔයා හරිම නරකයි කියල...

      නොකියාම එදා ඇහැල මහේ සඳ ඇති පායා,
      මහ රෑක මොකෝ යන්න ගියේ මා හැර දාලා,

      Delete
    2. ඇයි බං රවී උඹ ලියන කමෙන්ට් පෝස්ට් වලට වඩා රස? උඹේ පෝස්ට් අර සිගරට් එක ගහන්න බොන ප්ලේන්ටිය වගේ. ඒ කියන්නෙ ප්ලේන්ටිය ඇත්තටම ඕනෙවට නෙවෙයි. ඒක excuse එකක්! මේකෙන් අදහස් කලේ උඹ වල්පල් ලියනවා කියන එක නම් නෙවෙයි. වඩා හොඳ කියන එකයි.! ඇත්තෙන්ම උඹ මේ ලියපු පෝස්ට් එකේ තියෙන සින්දුව මම අහලවත් නෑ. ඒත් බලපං මම ඒ පෝස්ට් එකේ යාව ජීව සාමාජිකයෙක්නෙ ඊලඟ පෝස්ට් එක එනකල්.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. @ henry,

      හෙහ්, හෙහ්, විදග්ද බුද්දිමත්තු එකතු උනාම එහෙම තමයි බොලං...හරබර සාකච්චා වලට මූලික පොඩි නිමිත්තක් විතරයි ඕන...ඊට පස්සෙ සාරගර්බ අදහස් ගලාගෙන එන්නෙ හරියට දුරුත්තෙ තල වැස්සෙං පස්සෙං පහු මෙරු මතුවෙන්නැහෙ..:)

      අර පේන්නෙ නැද්ද අපෙ සිත්තමී නඟා ලියල තියන අපූරු ගීතය..හෙහ්, ගීතය නෙවෙයි ඒක ගීත මංජරිය වෙන්න ඕනෙ..

      කෝපි කඩේ දාං අදින සීන් එක එහෙම කොහොමද?..මල් හතයි නේද?

      Delete
    4. ඒ දාං අදින සීන් එකට නම් පිස්සු කොර වෙනවා. මට මැවිලා පෙනුනා ඒ මාරාන්තික ක්‍රීඩාව. සර්කස් කාරයො වෙන්නැති නේ?
      අර සිත්තමීගෙ බ්ලොග් එකේ ලින්ක් එක මොකක්ද බොලං. අර තියෙන එක උඩ කෙ‍ටුවාම ප්‍රොෆයිල් එකකට යනවා . ඒකෙ තියෙන්නෙ profile not available කියලා.
      මම මේ පුරුදු වෙනවා අර ‍රැප් කෑල්ල කියන්න. :)
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    5. ඒ සිත්තමීට දැං බ්ලොග් එකක් නෑ බොලං. :D ඉන්ඩලකො, ලඟඳිම ආයෙ පටංගන්න හිතාන ඉන්නෙ. එතකොට කියන්නංකෝ. :) :) :)

      Delete
  9. අඩේ මේ මුළු සිංදුවම රැප් කලොත් කොහොම හිටියිද?..හෙහ්, හෙහ්,

    තද කළු පාටින් තියෙන්නෙ රැප් කෑල්ල හොඳද?

    ඔන්න මෙහෙමයි සීන් එක....මම තමයි සිංදුව කියන්නෙ...හෙන්රිය රැප් කෑල්ල කියනව බොහොම ගොරෝසු කටහඬකිං...

    බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත,
    සසල කරයි හද මානනියේ,
    මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ,
    බඳිනු තදින් හිත දේහිනියේ,

    බැඳපිය, බැඳපිය, තදටම බැඳපිය,
    බිසරු ලියගෙ මේ සුපුල් ද පුහුල් ද,
    මොකක් ද මංදා ඕනෑ මඟුලක්,
    වත කියන්නෙ නම් මූනට නේ බොල,
    පුහුලක් වාගෙද ඈ බං එතකොට,
    අර බිසරුද කාගෙද මූනත්තහඩුව,


    රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත,
    කෙලෙසද හැඟුමන් මැඩලන්නේ,
    උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ,
    හිමකර සෙවණේ එකහීනේ,
    නුඹ සතපමි නාවා අමරති රණලෝලේ,

    අප්පට සිරි ගජ,
    නැන්දට කජු මද,
    අන්න අර කොහෙද,
    හුණුත් ගෑවිලලු,
    තවත් මොනවදත්,
    ඕනලු ආයෙම,
    මැඩලන්ටත්,

    ඉතිං බොලේ උඹ,
    අපිට කියන්නේ,
    අහවල් එකටද?
    උඹේම හැඟුමන්,
    පුලුවන්නං මැඩ,
    පවත්තගං උඹ,
    කොහොම උනත් නං
    අපිට එකයි බං

    හෙහ්, හෙහ්, දැක්කද?
    ජරමර අස්සේ,
    කරත්ත කීවැහෙ,
    මේ ඔක්කොම අස්සේ,
    අර අම්මණ්ඩිව,
    නාවන්ටත් ඕනලු...
    අනේ මංද බොල,
    කවද අහපුවද?


    විපුලිත ලැම රණ හංස තුඩට කිම,
    දුහුල් සළුව හිරිහැර දෙන්නේ,
    වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ,
    මගේ සරාගී සෝතාපා,
    නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....

    හංස තුඩට හිරිහැරයිලු සළුවෙං,
    කරුණා කරලා මේ ටික අහනව,
    හංසයිංගෙ හිමිකාරිය ඒකත්,
    බලාගනියි නෙව ඕනෑ විදිහට,
    තමුන්ට මොකටද ඒකෙ විත්තියක්,

    මගේ සරාගී සෝතාපා...
    නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....
    හහ්, ඔන්න පැන්න බොල,
    බළලා මල්ලෙං,
    මේකට තමයිනෙ,
    මෙච්චර දැඟලුවෙ,
    මගේ සරාගී සෝතාපා...
    නුඹ රන් බඳ මා හා සයනෙත රෑයාමේ.....


    හරි නර්තනය සහ වාදනයට කවුද?....කැමති අය එන්ට බලන්ට ඉස්සරහට...

    ReplyDelete
    Replies
    1. කෝ බොල මේකෙ තද කලු පාට කෑල්ල??
      අනික කෝ මේ බූර??

      ආ... මං එනව නටන්ඩ.. මං එන්නෙ සරාගී සෝතාපට හැබැයි :-p

      Delete
    2. / කෝ බොල මේකෙ තද කලු පාට කෑල්ල?? /

      උඹ ඇත්තටම අහනවද කිණ්ඩියට අහනවද නැත්නම් වියාංගාර්තයෙං අහනවද?

      ඇත්තටම නම් මම රැප් කොටස බෝල්ඩ් කරලයි තියෙන්නෙ...පේන්නෙ නැත?

      / අනික කෝ මේ බූර?? /

      බූහූර්ස් තෙම ඊස් සෝ බිසී දීස් ඩේස්....:)

      / ආ... මං එනව නටන්ඩ.. මං එන්නෙ සරාගී සෝතාපට හැබැයි :-p /

      හරේ...එළකිරි සහ ජලය...උඹේ නමත් දාගත්ත ලිස්ට් එකට...දැනට නර්තනේට ඉටිකිරිස් අංගනාවියො ඉදිරිපත් වෙලා ඉන්නොව ගෙඩි පිටිම්ම හත් අට දෙනෙක්ම,

      මට නිවනක් නෑ...කංකෙඳිරිය...අනේ අයියෙ...අනෙ අයියෙ...මාව ගන්ට සෝතාපට, මාව ගන්ට සෝතාපට..මම චන්න ගාව නටල තියනව...චන්දන ගාව අවුරුද්දක් නැටුව...හිමාලි එක්ක රූපවාහිනියෙ හිටිය...බුදවත්ත සෑර් ගාව නැටුව....ඔන්න ඔහොම කිය කිය...මම මේ කම්පනා කොරන්නෙ ඉන්ටවල් එකක් වත් තියන්ට වේදෝහෝයි කියලයි...

      හැමෝටම ඕන Ms. S. Sothapaගෙ චරිතෙම තමයි...මොකද ඉතිං කොරන්නෙ?

      හරි කමක් නෑ...එවුං මේ ඊයෙ පෙරේද ආපු එව්වොනෙව...උඹ එහෙමෙයි...මයෙ බෝම පරණ හිතේසිවන්ති වෙච්චි..හරි උඹට දෙන්නං සෝතාපගෙ රෝල් එක...ඕකේ...

      සිහල නර්තන කලාවේ කූට ප්‍රාප්තිය.....රඟ මඬල ඒකාලෝකවී රසික ඔබ සිත් සතන් ජුගුප්සාවෙන් පිරී ඉතිරී යන ඒ සදාකාලික මොහොත අවසානයේ එළඹි වගයි...ඔව්, ප්‍රිය සහෘදයනි....ඇය....එලොව සහ මෙලොව යන ද්විත්ව ලොවටම කිසිදු මෙහෙයක් නොවනා සම්ප්‍රප්ඵලාප තම ඊනියා වියුණුවෙහි ලිවීමෙන් ඔබ සිත් සතන් වෙහෙසට පත් කල ඇය...අවසන කරළියටද පිවිසෙන්නීය.

      ඇගේ රංගනය අවසානයේ ඔබ සැම සිත් සතන්හි ජනිතවන සිතුවිල්ල පිළිබඳව අනාවැකියක් පැවසීමට මට අවසර...

      අහෝ...මෙවන් රංගනයක් නැරඹීමට සිදු වූවාට වඩා හලාහල විශයක් පානය කොට වනගත වීම සහස් වරකින් මැනවි

      Delete
    3. අනේ මයෙ අයිය එහෙනං මට සරාගී සෝතාපගෙ චරිතෙ දුන්න??

      ආයෙ ඊට පස්සෙ වෙන මොනව කියල තිබ්බත් මං නෙවෙයි එව්ව මායිං කරන්නෙ සත පහකට...
      මං මේ පැට්ටිස් කොරනව... ඇයි... ලේසි පාසු චරිතෙයක්යැ උඹ දැං මට දුන්නෙ...
      :-P

      Delete
  10. බලාගෙන යනකොට සරාගී සෝතාපට නටන්ට සෑහෙන්න ඉන්නව නොවැයි :)


    හොඳ වෙලාවට සිදුහත් කුමාරයලැයි කාලෙ මොබයිල් ෆෝන් නොතිබුනේ ,දැන් කාලෙ ඈයින්ට ටොයිලට් එකට යන්ටත් ඕක එපැයි :D

    ReplyDelete
    Replies
    1. / බලාගෙන යනකොට සරාගී සෝතාපට නටන්ට සෑහෙන්න ඉන්නව නොවැයි :) /

      එහෙනං බොල, එහෙනං බොල,අපේ ඉන්න තේඋඩිච්චියො දන්නවනෙ..සරාගී කිව්වොත් ඇති...රෙදි කරට අරං එන්නෙ දුවගෙන.....:) :)

      / හොඳ වෙලාවට සිදුහත් කුමාරයලැයි කාලෙ මොබයිල් ෆෝන් නොතිබුනේ /,

      පිස්සුද නීතො..කවුද කියන්නෙ?....ඒ කාලෙ තිබ්බ අදටත් වඩා දියුණු තාක්ෂණයක්...අන්න ඒක දැනගනිං.....

      සාරානාත් වල තියෙන අශෝක සෙල් ලිපියෙ තියනව මෙහෙම....

      '' දස දෙස චතුස පිරිවර පොහොන කුශල රැගත...''

      ඒ කියන්නෙ දස දෙසින් පැමිණි සිව් වනක් පිරිවර ....ඊළඟට පොහොන කියන්නෙ මොකක්ද?...ෆෝන්ස්...ෆෝන්ස් පූජාකල පින ද රැගෙන.....

      අනික සිදුහත් තවුසා බුදු වෙන්ට ඔන්න මෙන්න කියල බෝ මැඩ භාවනා කරද්දි සුජාතා සිටු දුව කොහොමද හරියටම දැනගත්තෙ කියාපං බලන්ට වෙලාවට කිරිපිඬු දානෙ ගිහිල්ල පිළිගන්වන්ට...

      එස්. එම්. එස්. එහෙකින් බොල එස්. එම්.එස්. එහෙකිං

      අනික කිව්වට තද වෙන්ට එහෙම ඔට්ටු නෑ ඔන්න..උඹ ඔය පාවිච්චි කරන්නෙත් බුදු හාමුදුරුවංගෙ කාලෙ පෝං එකක්ය කියල තමයි මෙහෙ ආරංචිය යන්නෙ....හෙහ්, හෙහ්,

      / දැන් කාලෙ ඈයින්ට ටොයිලට් එකට යන්ටත් ඕක එපැයි :D /

      දෙයියෝ සාක්කි...බොලායෙ අහ ඉන්න ඈයො හරි දියුණුයි නෙව...උං ටොයිලට් පාවිච්චි කොරනව විතරක් නම් මදෑ.....මොබයිල් පෝං හිටං...හෙහ්, හෙහ්

      Delete
  11. අහ් මේක හදලා තියෙන්නෙ..

    මට තාම බැරි උනා නේ ඔය රෑ ඉර පාන අහන්ට.:(

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මුලිම්ම පොඩි අලකලංචියක් උනා නෙව...දැං හරි...

      නිවාඩු වෙලාවක අහපං මලේ....හරිම අපූරු වැඩ සටහනක්..අම්මප...

      Delete
  12. මේක මේ මූණුපොත වගෙ socilal network එකක්ද බං?
    මාත් මේකට ඇබ්බැහි වෙලා. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / මේක මේ මූණුපොත වගෙ socilal network එකක්ද බං? /

      එසේමය ඩූඩ නාමලක්ශේපිත වූ හැනරියනි.... ..අර මාරක සකරබරග නම් පුහුදුන් පුඟුලා වත් පොත නමින් සමාජ ජාලයක් ඇරඹීමට බොහෝ පෙර සිට මේ හෙළ දිවයිනෙහි එවන් සමාජ ජාලයන් ක්‍රියාත්මකව පැවැති බව දැනගනුව....

      ලිඳ ලඟ සංගමය යනු එවන්නකට මහඟු උදාහරණයෙකි. අද දින වත් පොත්හි ක්‍රියාකාරිත්වය දෙස උපේක්ෂා සහගතවැ නීරීක්ෂනය කරන්නෙකුට තවමත් ලිඳ ලඟ සංගමයෙහි බොහෝ ගති ලක්ෂණ විද්‍යාමාන වනු දැකිය හැක.

      It would be whatever you want it to be..henry...whatever you want it to be....:) :)

      Its was for you yesterday, it is for you today and it would be for you tomorrow....heh, heh,

      / මාත් මේකට ඇබ්බැහි වෙලා. :D /

      Welcome Henry.....getting addicted to good things is just great...:)

      Delete
    2. //ඩූඩ නාමලක්ශේපිත වූ හැනරියනි//
      මමමේ උඹලා මට ආමන්ත්‍රණ කරන්න පාවිච්චි කරන වචන සෙට් ටික පරණ එක්සසයිස් පොතක ලියා ගන්න ඉන්නෙ.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
  13. මං දවසක් ‍දෙකක් නැති වෙච්චි ගමං බොලා මෙතන ඩෙඟා නටලා නෙවැ... බලහං කොච්චර ලාක්සනට තිබිච්චි බොලොග් එකක්ද මේ සොකරිමඩුව වගේ කොරලා තියෙන්නෙ.. අර රන්දිකාට හිතෙනවා ඇති අනේ මං මේ බොලොග් එක මේ රවියාට දීලා කොරගත්ත වින්නැහියක් කියාලා..

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි මේ ඇවිත් ඉන්නෙ බුවා! :) අපි හරිම සාංකාවෙන් හිටියෙ උඹ නැතුව!
      ඔව් බං අන්න රන්දිල් වෙනම බ්ලොග් එකක් හදාගන්න යනවලු ඕනෙ මගුලක් කරගන්න කියලා මේක රවියටම දීලා.:D
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    2. @ Bura & Henry,

      හෙහ්, හෙහ්, කියන්ටත් බෑ බොලල්ලා...මේ අහක හිටපු මම මට බැරියෝ.. කියද්දිම ( අපුරු කවි පන්තියක් මතක් උනා බං ...මට බෑ කියද්දී ......) හහ්, එහෙම කොහෙද මෙන්න මෙහාට වර, ලියාපිය මොනව හරි කියල ඇදල ගත්තෙත් ඔවුන්දැම තමයි..

      ඒත් කියන්ටත් බෑ දැං හිතෙනවද දන්නෙත් නෑ...දෙයියෝ සාලේ...මම කර ගත්තු වින්නැහියක්...මේ මොලේ කොලොප්පං හාදයෙක් මේකට වැද්දගෙන....ඒ මදිවට ඒකටම හරියන කෝණංගියො රැලකුත් එකතු වෙච්චි හැටි අනෙ අම්මාපල්ල...

      බොහෝම ගරු ගාම්බීරව සුද්ද බූමියක් වගෙ තිබ්බ තැනක් නෙවද මේ....මොකදෑ කොරන්නෙ ඉතිං...මයෙම කරුමයක් වෙන්ටැති කියල හිට...හෙහ්, හෙහ්,

      Delete
  14. ඕකෙං මේකෙං කියන්ට ආපු එකත් අමතකවුනා.. සමන් ජයනාත්ගෙ මං ආසම සිංදුව 'අනුත්තරා', බුවාගෙ පළවෙනි සීඪී එකේ තියෙන්නෙ..

    නෙත් පියුම් මත කඳුළු දිය තවරා
    දෙතොල් ඉවුරෙන් සඳවතුර පිසදා
    මගේ අතැඟිල්ලෙන් මිදී ගිය
    තනිතරුව ඔබ - අනුත්තරා

    ReplyDelete
    Replies
    1. මේක නම් අහල නැහැ මලේ.....:( :(

      ට්‍රයි එකක් දෙන්ටෝන අහන්ට කෙසේ වෙතත් වචන ටිකවත් හොයාහන්ට....

      Delete
    2. @ බුරතීනෝ

      පිරියන්ත මලේගෙ බස් රේඩියෝ එකේ පේරේක්සකයංගෙ ඉල්ලීං ඔලට දාල ඔන්න අද ඇහුව බූර මලේ උඹේ ලබැඳි ගීතය...අහනකොට නෙව මතක් උනේ මම කලින් ඕක අහල තියනව නෙව...අමතක වෙලයි තිබුනෙ...හෙහ්, හෙහ්,

      Delete
  15. පෝස්ට් එක දැක්කේ නීතා කීවාම. මෙච්චර ලස්ස්න පෝස්ට් එකක් තව පොඩ්ඩෙන් මග ඇරෙනවනේ.
    හදවත කොහෝදෝ ඈතකට ගෙනියන මියුරු සංගීතයක්.

    //වචනෙන් වචනෙ විස්තර කරන්න ඕන නෑනෙ නේද?....නොතේරෙන කවුරුවත් නෑනෙ .....හෙහ්, හෙහ්,//

    හපොයි මට නම් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. මේ සිංහල dictionary අරගෙන තේරුම බලන ගමන්. :D

    ReplyDelete
    Replies
    1. / හදවත කොහෝදෝ ඈතකට ගෙනියන මියුරු සංගීතයක්. /

      ඒ කිව්වෙ බං?...යන තැනවත් දන්නෙ නැද්ද ඔය හදවත ද මොකක්ද එක?....හෙහ්, හෙහ්

      / හපොයි මට නම් මේ ලෝකේ දෙයක් තේරුනේ නෑ. මේ සිංහල dictionary අරගෙන තේරුම බලන ගමන්. :D /

      ආන්න, ළමයි මෙන්න එන්ටලා...බලාගන්ට නියම සිංහල කුළ කතුන්...විලිබිය ඇතුව හැදිච්චි වැදගත් දෙමාපියංගෙ වැදගත් දරුවො...අනේ වාසනාවං...දකින්ටත් පිං කරල තියෙන්ට ඕන...අනෙ අම්මප,

      උඹට කියන්ට පොඩ්ඩියේ..උඹ වගෙ සත්තරං වටින එවුං ඉන්න අල්ල පනල්ලෙම ඉන්නව නෙව කාම සූත්තරේ ගැන බොලොග් ලියන අංගනාවියොත්...අනෙ අම්මප ඒකයි මට කණගාටූ....ඒකයි මට කණගාටූ

      Delete
  16. සමහරුන්ට ඉතින් රැජනගේ භාෂාවෙන් ලියලා තියන ඒවා ටිකක් වැඩිපුර තේරෙනවා ඇති.

    මෙන්න ඔය ගීය පොඩ්ඩි තේරුම් ගත්තු විදිය.

    උතුම් ස්ත්‍රීන් මැද ඔබේ සුපිපුණු, පියකරු මුහුන දැකීමෙන්, මදන තෙදින් ඉඳිනා හිත, බැඳ දමනු මැන, ලජ්ජාකාරියේ.

    රත් පැහැ පියුමක රොන් සුණු වැගිරෙනා දකින හද උතුරායයි. ඔබ අමරාවතී ගඟෙහි නාවා සතපවන්නෙමි.

    රණ හංස තුඩට දුහුල් සලු පට දමා හිරිහැර කරන්නේ කුමටද? මගේ සලුව වියැකී ගියාවේ...

    මගේ සරාගී what????????????????????????? :D:D:D

    ReplyDelete
  17. For those who are more proficient in Queen's language.......Heh, heh,

    Amidst all those enchanting beauties,
    Your exquisite face akin to a full blown lotus,
    makes my heart enthralled like nothing else,
    make your wandering mind restrained,
    Oh, ya gal sparkling with perpetual beauty.

    When the lotus is brimming with nectar,
    How ever can I ever hold back the feelings,
    Let the nectar overflow in a solitary dream,
    While we would bask in conjugal pleasures,
    Soaked in erotic whirling emotions.

    Breasts bound so tight; isn't it hurting?
    I am worried so much for them,
    As that tightly bound breasts are freed,
    May my sensual instincts fade away too,
    While we are together until the dawn is bursting forth.

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙ මක්කටැයි, සිංහල පදමාලාවට වඩා මට මේ ටික අල්ලලා ගියා.. :D

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...