Tuesday, August 28, 2012

131. සඳකත් පිණිදියෙහි මුල් වරට කිමිද ගියේ ඒ ඔහුය...The First Ever Conqueror of the Moon


ජීවිතේ සමහර සිද්ධීන් තියනව අපිට මැරෙනකල්ම අමතක නොවන...මම මේ කියන්නෙ අපිට සිද්ධවෙන පෞද්ගලික සිද්ධීන් ගැන එහෙම නෙවෙයි ඔන්න...අපිට බලපාන සතුටුදායක ඒ වගේම කණගාටුදායක සිදුවීම් බොහෝවිට කිසිමදාක අමතක වෙන්නෙ නැහැ කියල අමුතුවෙන් කියන්ට උවමනාවක් නෑනෙව...ඒක එහෙමම තමයි...මම මේ කියන්නෙ පොදුවේ මුළු ලෝකෙටම බලපාන සිද්ධීන් ගැන....ලංකාවෙ නම් බණ්ඩාරනායක ඝාතනය, අමරිකාවෙ ජෝන් එෆ්. කෙනඩි ඝාතනය, එතකොට මාටින් ලූතර් කිං.....ඒ අපේ කාලසීමාවට ඉස්සරවෙලා වෙච්චි සිදුවීම්....ඒව ගැන පත්තර පොත් වල කියවල තියෙනව, ඒ වගේම ඒ සිද්ධීන් ගැන නිපදවුනු වාර්තා චිත්‍රපට බොහොමයක් මම බලල තියනව.

ඒත් එතකොට පෙරහැර ගිහිල්ල ඉවරයි...අපි දකින්නෙ ඒ සිද්ධිය පිළිබඳ තව කෙනෙකුගෙ දෘෂ්ඨි කෝණයකින් දැකපු අන්දම...ඒ නිසා එතන තියනව පොඩි ඇල්මැරිච්ච ගතියක්...පිළුණු වෙච්ච ගතියක්...

මගෙ ජීවිතේ පළමු වරට ඔය වගෙ ලෝකයේ හැම මනුස්සයගෙම...හැම මනුස්සයම කිව්වොත් නම් හරිමත් නෑ...ඒ ගැන අහපු කියවපු හැම මනුස්සයගෙන්ම හිත් කුතුහලයෙන් සන්ත්‍රාසයෙන් ඒ වගේම විශ්මයෙන්...ඔව්, වැඩිපුරම විශ්මයෙන්..මිනිස්සුන්ට කරන්ඩ පුළුවන් දේවල් වල සීමාව කොතනද කියන ප්‍රශ්නෙ තමන්ගෙන්ම අහන්ට අපි හැමෝම පොළඹවපු සිද්ධියක් උනේ 1969 ජූලි 20 වෙනිදා...ඒ තමයි මුල්වරට මිනිසෙක් සඳ මත පා තැබීම...


.

ඒ දවස්වල ටී.වී. කියන ජාතිය ගැන අපි හාංකවිසියක් දන්නෙ නෑ...රටේ ලෝකෙ වෙන දේවල් දැන ගන්ට ක්‍රම දෙකයි..එක්කො පත්තරේ..එහෙම නැත්නම් රේඩියෝ එක...උදේ 6.30 ට දවල් 12.45 ට හවස 6.00 ට රෑ 9.00 තමයි ප්‍රවෘත්ති...අනිවාර්යයෙන් අපේ ගෙදර ඔය ප්‍රවෘත්ති ප්‍රකාශය නම් අහනවම තමයි.

ප්‍රවෘත්ති වල තේමා වාදනය හරිම අපූරුයි...එකක් මෙහෙම '' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.....තන තනෙන තන තනෙන තන තනෙන තනතා.....''

ඔයාල හුඟ දෙනෙක් හත් හවුල පැත්තක තිබ්බාවෙ...ඇන් ඇම් ගැන උනත් දන්නෙ නැතුව ඇති...හෙහ්, හෙහ්,මොකදෑ කොරන්නෙ ඉතිං කරුමෙට?....හරි හරි එව්ව පැත්තක තියමු...දැන් මේ හඳට ගිය එක ගැන කියන්ට ඇවිල්ල වෙන බහුබූත නෙ කතා කරන්නෙ...

හැටනමයෙ අපි හිටියෙ කෑගල්ලෙ ...අප්පච්චි කෑගල්ල කච්චේරියෙ වැඩ කලේ...පොඩි කඳුගැටයක් උඩ රජයේ නිල නිවාසයක අපි හිටියෙ...ගෙදර ඉස්සරහ මිදුලෙ තිබ්බ රූස්ස කොස් ගහක්..ඔය ගහේ පිලිල වගයක් හැදිල තිබ්බ කියල මට තාම මතකයි...කොස් ගහ යට තිබ්බ ගල් තලාවක්...ඔය ගල්තලාවෙ වාඩි වෙලා හිටිය අපෙ අත්තම්ම..අම්මයෙ අම්ම...උන්දැගෙ උකුලෙ මම....අපෙ තිබ්බ ට්‍රාන්සිස්ටරයක් ඒ දවස්වල...එලයිට් වගෙ මට මතක නම...දිග බම්බුවක් වගෙ එකකට ලක්සපාන බැට්රි කෑලි හතරක් දාපුවම තමයි ඒක වැඩ කරන්නෙ...අපෙ ගෙදර හිටිය අම්මගෙ පොඩි අයිය...ඒ මාම තමයි ඔය රේඩියෝ එකේ නිසි බලධාරී...

ඉතිං එදා සඳ ගමන දවසෙ...මාම රේඩියෝ එක දාල ඇල්ලුව රේඩියෝ සිලෝන් එකේ සඳ ගමන විකාශය....

අපෙ අප්පච්චි ඉස්තෝප්පුවෙ වේවැල් පුටුවෙ ඉඳගෙන හිටියෙ ඔළුවෙ සුම්බරේකුත් ඔතාගෙන...එයයිට රෑට හීතල හුළඟ වැදුනොත් නාහෙ බර වෙනව...

'' දයාබර අසන්නනි..මෙන්න දැන් චන්ද්‍ර යානාවෙ දොරටුව විවර වෙනවා...ඔව් ...නීල් ආම්ස්ට්‍රෝං මෙන්න සෙමින් සෙමින් පඩිපෙල බැහැගෙන එනවා..ඔව් ඔන්න අවසාන පඩියට කකුල තිබ්බා...ඔව් තම වම් පාදය මේ දැන් සඳ මත තැබුවා....මල කෙළියයි...මේ යක්සය හාවගෙ බෙල්ල උඩටම නේද කකුල තිබ්බෙ?....ජූලි හතයි..නෑ..නෑ...ජූලි විස්සයි...''

ඇත්තම කියන්නද?...එහෙම විස්තර ප්‍රචාරයක් මට මතක නම් නෑ...ඒත් මොකක් හරි රේඩියෝ එකේ සජීව විස්තරයක් දුන්න කියල නම් මතකයක් තියෙනව...ඔය ඒ විස්තර ප්‍රචාරය මම හිතේ මවා ගත්තු විදිහ තමයි...

අර මම කියාපු කොස් ගහ පාමුල අත්තම්මගෙ තුරුලෙ ඉඳගෙන මම ඔය විස්තර ප්‍රචාරයට සවන් දුන්න...තුන් කාලක් විතරව් පිරිච්ච හඳ දිහාවෙ බලාගෙන..

'' ඈ සුට්ටි පුතේ..ඔය ඇත්තද කවුද හඳට ගියාය කියන්නෙ? ''

අත්තම්ම මගෙන් ඇහුවෙ මගෙ ඉසකෙස් අතරින් ඇඟිලි යවල පිරිමදින අතරෙ....

'' අනේ මන්ද අත්තම්මෙ...කවුරු දන්නවද ඕවෑ ඇත්ත නැත්ත....''

මම ඔළුව හරවල අත්තම්මගෙ මූණු දිහාවෙ බලල කිව්වෙ ඔය හඳට යන කතාවට අත්තම්මගෙ අබමල් රේණුවක තරම් වත් මනාපයක් නැතිබව දන්න හින්දමයි...

'' ඒකනෙව මමත් කියන්නෙ...''

අත්තම්ම එහෙම කිව්වට ආයෙම ඇකිරියගල කන්ද උඩින් මතුවෙලා තිබ්බ හඳ දිහාවෙ බොහොම ලොකු ඕනෑ කමකින් බලාඋන්න...මමත් උන්දැගෙ උකුලෙ උණුහුම විඳිමින් හඳ දිහාවෙ බලාහිටිය දන්නෙම නැතුව එහෙම්මම නින්ද යනකල්ම....හෙහ්, හෙහ්,

අවුරුදු හතළිස් තුනකට එහා වෙච්චි ඒ සිද්ධියෙ ප්‍රධාන චරිත කවුරුත්ම අද ජීවතුන් අතර නෑ..මුලින්ම මාම..අකාලයෙ අපෙන් සමුගත්ත..ඊට පස්සෙ මයෙ අත්තම්ම..ඊටත් පස්සෙ අප්පච්චි....අන්තිමට කෑගල්ලෙ අපෙ ගෙදර එදා ඉස්තෝප්පුවෙවත් කොස් ගහයට ගල් තලාව උඩ වත් නොහිටියත් ඒ සිද්ධියෙ ප්‍රධාන චරිතයක් වෙච්චි නීල්.....ඔව් නීල් ආම්ස්ට්‍රෝං මේ පහුගිය සෙනසුරාද ....25 වෙනිදා ජීවිතෙන් සමුගත්ත...මේ වැල්වටාරං ඔක්කොම ලිව්වෙ අන්න ඒ ටික කියන්න...මුල් වරට සඳ මත පාතැබූ ඒ අසාමාන්‍ය මිනිසා වසර 82 දිවි ගෙවා අවසානෙදි අප අතහැර ගියා.

වසර මිලියන ගනනක් පොළව මත මිනිසා ගතකල මුළු කාලාන්තරය තුල ඔහු විසින් මෙතෙක් දක්වන ලද ඉහළම දස්කම අවිවාදයෙන් සඳ ජය ගැනීමයි......ඒ ජයග්‍රහණය මුළු මහත් මිනිස් වර්ගයාගෙම සාමූහික ප්‍රයත්නයක් වුව අප වෙනුවෙන් ඒ කුඩා පියවර සඳ මත තැබුවේ ඔහුය...ඔව්...නීල්...ආයුබෝවන්.......ඔබට සුබ ගමන්....

That's one small step for a man, one giant leap for the
mankind

ප.ලි. - මේ කලකට ඉහත මම කියවපු නීල්ගෙ සඳ ගමන ගැන ලියවුනු අපූරු කතාවක්...පරිවර්තනය කලොත් කතාවෙ ගතියට හානියක් වෙයි කියල හිතුන නිසා ඔන්න එහෙම්මම දැම්ම...


On July 20.1969 Neil Armstrong was the first person to set foot on the moon. His first words of course were the famous, "That's one small step for man, one giant leap for mankind."

But just before he reentered the Lander, he made the enigmatic remark, "Good luck Mr. Gorsky." Many people at NASA thought it was a casual remark concerning some Soviet cosmonaut. However, upon checking, there was no Gorsky in either the Russian or American space programs.

Over the years, many people questioned Armstrong as to what the Gorsky comment meant, but Armstrong would always just smile and not answer the question.

On July 5, 1995, in Tampa Bay, Florida, Armstrong gave a speech and was then answering questions. A reporter brought up the 26 year old question to Armstrong. This time, he finally responded. Mr. Gorsky had died, so Neil felt that he could divulge the answer.

In 1938, when as a kid in a small midwestern town, he was playing "catch" in his neighbor's yard by the bedroom windows. His neighbors were Mr. and Mrs. Gorsky. As Neil leaned down to pick up the ball, he heard Mrs. Gorsky shouting at Mr. Gorsky. "Sex! You want sex?! You'll get sex when the kid next door walks on the moon!"

25 comments:

  1. 1994 අවුරුද්දේ සඳ ගමනට අවුරුදු 25 පිරුණා. එතකොට මං 7 පංතියේ. සිළුමිණ පත්තරේ පුරාම සඳ ගමන හා සම්බන්ධ විස්තර ගොඩක් දැක්වුනා. පිංතූරත් මහ ගොඩයි. මං ඒ දවස්වල දැනුම පොතක් හදාගෙන හිටියා. සී ආර් පොතක් ඒක තමයි මගේ විනෝදාංශය ඒ කාලේ. ඉතිං ඒ පොත පුරාම පිංතූර ඇලෙව්වා. මේ පෝස්ට් එකේ තිබෙන පිංතූරෙත් තිබුනා.ඒ කාලේ අද වගේ නීල් ආම්ස්ට්‍රෝංග් කිව්ව ගමන් පිංතූර දෙන්න අන්තර්ජාලේ තිබුනේ නැහැනේ. ඉතිං ඒ දේවල් රත්තරං වගේ වටිනවා.

    කොච්චර මං ඒ පොතට ආසා වුනාද කිව්වොත් ඒකේ තිබ්බ සමහර කාරණා තාමත් මට මතකයි. ඒ කාලේ ලෝකේ ධනවත්ම රාජ්‍යය හා ධනවත්ම පුද්ගලයා වුනේ බෲනායි දේශයේ පාලකයා වුනු හාජි හසනාල් බොල්කයා මූ ඉසදින් වදු අල්ලා. ඊට පස්සේ බිල් ගේට්ස් වගේ පුංචි නමක් තියෙන කෙනෙක් පළවෙනි තැනට ආවාහම මට හරියට කණගාටු හිතුනා. :)

    කොහොම හරි මගේ ඒ පොතත් තව බොහොම පොත් වගේ ගෙදරට ආපු නෑයෙක් හෝ හිතවතෙක් ම හංගාගෙන ගොස් තිබුනා................. අද ඒ පොත තිබුනා නං......... මට කොච්චර සතුටු හිතෙයිද?

    ReplyDelete
    Replies
    1. පලමු සඳ ගමන ගැන තොරතුරු එකතු කරන්න තරම් මම ඒ කාලෙ හිච්චි වැඩියි. ඒත් ඊට වසර කීපයකට පස්සෙ මට මතකයි නවයුගය පත්තරේ පල උනා ඒ ගැන සවිස්තරාත්මක ලිපියක්...නවයුගය පත්තරේ මම ඒ දවස්වල එකතුකලා අවුරුදු ගණනක්ම..ඒත් අප්පච්චිගෙ ආණ්ඩුවෙ රස්සාව නිසා අපිට තැනින් තැනට මාරු වෙන්ට සිද්ද උනානෙ..මට මතක විදිහට අනුරාදපුරේට බඩු පටවං ගිය ගමනෙදි මොකක් හරි වෙලා ඒ පත්තර එකතුව ආගිය අතක් නැතිඋනා... :(

      මට පුදුම දුකක් ඇතිඋනේ ඇත්තමයි...ඒ දවස්වල නවයුගය කියන්නෙ ඇත්තටම විශ්ව කෝෂයක්...මුල පිටුවෙ ගෞතමදාස අඳිනව චිත්‍රයක් එදා පත්තරේ විශේෂාංගයට අදාලව ආයෙ කියල වැඩක් නැහැ...තෝර් හෙයර්ඩාල්,රෝල්ඩ් අමුන්ඩ්සන්,අමේලියා ඉයර්හාට්,චාල්ස් ලින්ඩ්බර්ග්, .....ඔන්න ඒ දවස්වල මගේ ප්‍රාණ සම මිත්‍රයො...තව තිබ්බ විශේෂාංගයක් ජීවිතේ මී විතෙන් කියල සුප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ ජීවිතේ අප්‍රකට රසවත් සිදුවීම්...මට මතක විදිහට පර්සි ජයමාන්න වෙන්න ඕන ලිව්වෙ....

      ඔයාගෙ ඔය දැනුම පොත වගෙ එකක් අපි හැදුව හය වසරෙ ඉඳල සමාජ අධ්‍යයනයට...ජාතික වීරයිංගෙයි, රජවරුංගෙයි, චෛත්‍ය වලයි රූප අලවල ඒ මදිවට එක එක ධාන්‍ය පොලිතීන් පැකට් වල දාල පිහි තලයක් රත් කරල සීල් කරල එව්වත් ඒ පොතේ අලවල...දෙගංමැදි රාජ්‍යයෙ, මොහෙන්දෝජාරෝ හරප්පා වල පිංතූරු අලෝල...හෙහ්, හෙහ්, නැතිදෙයක් නෑ ඒකෙ...ඉබන් බතූතා, මාකෝ පෝලෝ, කොලම්බස්, මැගලන්, වස්කෝ ද ගාමා,එතනින් ගිහාම කෙප්ලර්, ගැලීලියෝ, ඩා වින්සි, නිව්ටන් ඔය ඔක්කොම කෙරුං කාරයො හිටිය මයෙ පොතේ කිසිම අවුලක් නැතුව...

      Delete
  2. මාවත් නිකං අප්සෙට් වෙලා ගියා බංස් පරාක්‍රමබාහු කොළුවා (ආම්ස්ට්‍රෝං කියන්නෙ පරාක්‍රමබාහු ‍නේද.?) මළා කීවම, එදා ඉදන්ම දන්න කියන එකා නෙවැ..

    ඔය මිස්ටර් ගෝර්ස්කිගෙ කතාව නිකංම නිකං ප්‍රබන්ධයක් විතරයි කියලා මම කොහේ හරි කියෙවුවා මතකයි බොලං.. ඩිංගිත්තක් හිටහංකො, සර්ච් පාරක් දාලා බලාන්ට..

    ReplyDelete
    Replies
    1. පිස්සුද බූරො.....ඒ කතාව සම්පූර්ණ ඇත්ත...උඹ ඔය කතාවෙ හොඳ හරිය අහල නෑනෙ...නීල් කොළුවයෙ තාත්තට එච්චර හයියක් තිබිල නෑ ඌට උගන්නන්ට විශ්ව විද්‍යාලෙට යවල....දන්නවය? අර අල්ලපු ගෙදර මිස්ට ගෝස්කි තමයි නීල් කොලූට සම්පූර්ණ වියදං කරල තියෙන්නෙ...

      '' නීල්, මයෙ පුතේ මම උඹට වියදං කරන්නං..ඒකෙ අවුලක් නෑ...මම උඹෙං ඉල්ලන්නෙ එකම දෙයයි...උඹ කොහොම හරි මයෙ පුතේ හඳට යන්ට ඕන...අන්න ඒක මට කරල දීහං..උඹ හඳට ගිය දවසට මේ ලෝකෙ ඔක්කෝටම වඩා සංතෝස වෙන්නෙ මමයි..''

      මිස්ට ගෝස්කිගෙ කතාවෙ අවසානය හැබැයි වර්ෂන් දෙකක් තියනව..එකක් සුකාන්තයක්..අනික දුකාන්තයක්...සුකාන්තයෙ හැටියට නීල් හඳේ ඇවිදිනව නොබලපු එකම අමරිකානුවා තමයි මිස්ට ගෝස්කි..ආ නෑ තව එක්කෙනෙකුටත් ඒ අයිතිහාසික සිද්දිය මිස් උනා ..ඒ තමයි මිසිස් ගෝස්කි...හෙහ්, හෙහ්,

      දුකාන්තයෙ හැටියට නීල් හඳේ ඇවිදිනව මිස්ට ඇන්ඩ් මිසිස් ගෝස්කි දෙන්නම රූපවාහිනියෙන් බලා උන්න...ඒක ඉවර වෙලා මිස්ට ගෝස්කි හැරුන මිසිස් දිහාට...

      '' Do you remember dear, 31 years ago you said something like this '' Sex! You want sex?! You'll get sex when the kid next door walks on the moon! ''?..and let me remind you it was that next door kid who walked on the moon just a while ago ''

      '' What you daft or something? What I said was " '' Sex! You want sex?! You won't get sex even if the kid next door walks on the moon! ''

      මිස්ට ගෝස්කි ඊට පස්සෙ කිව්ව කරපු දේවල් හිතාගන්න එක මලේ උඹම කරගනිං...මම නෑ ඔව්වට...

      Delete
  3. රවි අයියෙ, පොඩ්ඩක් කියන්නකො ඔය ගොඩක් අය කියන නීල් ආම්ස්ට්‍රෝන් හදට ගියෙ නැහැයි කියන එකේ සත්යාසත්ය බව ඔයාගෙ දැනුමින් ..

    ReplyDelete
    Replies
    1. හඳට ගියාය කියල ඇමරිකාව කලේ ලොකු ප්‍රෝඩාවක්ය කියන එක ඒ දවස්වල ඉඳලම ලෝකෙ පුරාම පැතිරිච්චි මතයක්..මට මතක විදිහට ඉස්සරෝම ඔය ගැන ලිපියක් පලවුනේ රිවිරැස පත්තරේ...හැත්තැ අටේ නමයෙ විතර.

      ඔයාට වැඩිදුර ඒ ගැන කියවන්ට ඕන නම් වැඩි විස්තර දෙන්නම් ගමකට...පොඩි එකී නිදා ගත්තු වෙලාවක හෙමීට කියවල බලාපං......හෙහ්, හෙහ්,

      හරි, දැන් මගේ අදහසනෙ අහල තියෙන්නෙ...

      හැටේ දශකයේ ආරම්භයේ ඉඳලම අමරිකාව සහ සෝවියට් දේශය ( එතකොට තිබ්බෙ රුසියාව නෙවෙයි..සෝවියට් දේශය ) අතර බොහොම දරුණුවට තිබ්බ අභ්‍යාවකාශය ජයගැනීමේ තරඟයක්....ඒකට කිව්වෙ Space Race කියල.ඔය ඇවිල්ල ශිශිර යුද්ධ සමය (Cold War ).... මහ බලවතුන් දෙන්නම තමන්ගෙ සම්පූර්ණ දැනුම, ධනය සහ වෙනත් සම්පත් යෙදෙව්වෙ මේ තරඟයෙ ජයග්‍රාහකය වෙන්ට...

      ධනවාදී සහ සමාජවාදී කඳවුරු වල කිරුළු පලන් රජවරු වගෙ හිටිය මේ රටවක් දෙකම මේ තරඟයෙන් පරාජය වීම සැළකුවෙ තමන්ගෙ ආත්ම අභිමානයට දරුණු කැළලක් විදිහට...අභ්‍යාවකාශය ජයගැනීමේ තරඟයෙන් මුල් යුගයේ ජය පිට ජය ලැබුවෙ රුසියාව...

      1. මුලින්ම චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම ( 1957 ඔක්තෝබර් 4 - ස්පුට්නික් 1 )

      2. මුලින්ම ජීවියකු අභ්‍යාවකාශ ගත කිරීම ( ලයිකා නම් බැල්ල..ස්පුට්නික් 2 - 1957 නොවැම්බර් 3 )

      3. අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා ( යූරි ගගාරින් - 1961 අප්‍රේල් 12 - වොස්ටොක් 1 )

      4. අභ්‍යාවකාශයට ගිය පළමු කාන්තාව ( වලෙන්තීනා තෙරෙස්කෝවා - 1963 ජූනි 16 - වොස්ටොක් 6 )

      5. අභ්‍යාවකාශයෙහි ඇවිද්ද පලමු මිනිසා ( අලෙක්සේයි ලියනෝව් - 1965 මාර්තු 18 - වොස්කොඩ් 2 ))

      අමෙරිකාවට මේ පරාජයන් ලොකු ලැජ්ජාවක් උනා..ඒ නිසාම තමයි ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි කිව්වෙ මෙහෙම කතාවක් " United States should set as a goal the "landing a man on the moon and returning him safely to the earth" by the end of the decade. ''

      එතකොට කෙනඩි අදහස් කරපු දශකය 1969 අවසානයෙ ගෙවිල යනව..ඉතිං අමරිකාවට ඕන උනා කොහොම හරි තමන්ගෙ නැතිවෙච්චි කීර්තිය නැවත ලබාගන්ට...ඔන්න ඔහොම හිතනකොට එක අතකට මේ හඳට ගිය කතාව ප්‍රෝඩාවක් කියලත් හිතෙනව.

      මේ සඳ ගමන ප්‍රෝඩාවක් කියල එක හෙලාම කියන අය රැස් කරපු කරුණු රාශියක්........ පරිස්සමින් කියවගෙන යන්ටකො...ඇත්ත නේද කියලත් හිතෙනව ....හෙහ්, හෙහ්,

      මේ ඒ කරුණු නිශ්ප්‍රභා කරන්න නැත්නම් ඒ චෝදනා වලට පිළිතුරු දෙන්න දරපු උත්සාහයක්...... ඒ ටික කියවනකොට ඒකත් ඇත්ත නේද කියල හිතෙනව.:) :)

      හැබැයි කොහොම උනත් මේ දෙකම ඇත්ත වෙන්න නම් බෑ...අනිවාර්යයෙන් එකක් බොරුවක් වෙන්න ඕනමයි ...:)

      මට හිතෙන තව කරුනක් තමයි අමරිකාව වසර අටක් නමයක් ඇතුලත මිනිසකු අභ්‍යාවකාශයට යැවීමේ ඉඳල සඳට මිනිසකු යවල සාර්ථකව ආපහු ගෙන්වා ගන්නා තරම් තත්වෙකට දියුනු වුනා නම් කෝ ඊට පස්සෙ කිසිම ප්‍රගතියක් නෑනෙ...දැනට අවුරුදු 43 ගෙවිල ඉවරයි. අඟහරුට මිනිසුන් රහිත යානාවන් යැව්ව මිසක අර ආපු ගැම්ම එහෙම්මම නැතිවෙලා ගියා කියලයි මට හිතෙන්නෙ...සමහරවිට සෝවියට් දේශය බිඳ වැටීම ඒකට එක හේතුවක් වෙන්න පුළුවන්..මොකද අමරිකාව සහ රුසියාව අතර තරඟය නිසයි මේ සීග්‍ර දියුණුව වුනේ කියන එක අපිට පිළිගන්ට වෙනව..ඒත් එහෙම උනත් අමරිකාවෙ මේ පසුබෑම මට ටිකක් පිළිගන්ට අමාරුයි.

      ඒත් අමරිකාව බොරුවක් කලා කියන කතාවට මට හිතෙන විදිහට විරුද්ධ ප්‍රබලම කාරණේ නම් ඔය වගෙ දෙයක් රහසක් විදිහට මෙච්චර කාලයක් හංගල තියාගන්ට පුළුවන්ද කියන එකයි. ඔය වගෙ නිර්මානයක් කරල ඔහොම ප්‍රෝඩාවක් කරන්ට මිනිස්සු දහස් ගනනකගෙ සහය ගන්ට වෙනව. ඒ හැමෝම ඔය රහස රකී කියල හිතන්ට නම් ටිකක් අමාරුයි..අනික මේ අද වගෙ Exclusive Coup වලට මිලියන ගනන් ගෙවන කාලෙක...අනික් කාරනේ තමයි අමරිකාවට ඔහොම ප්‍රෝඩාවක් කරන්ට රුසියාව ඉඩ දේවිද කියන එක...ඇපලෝ යානා හඳට ගියාද නැද්ද කියල රුසියාව නොදැන ඉන්ට විදිහක් නෑනෙ. ඉතිං අමරිකාවට මඩ පාරක් ගහන්ට රුසියාවට ඔයිට වඩා හොඳ චාන්ස් එකක් කවදාවත්ම ලැබෙන එකක් නෑ ඕක බොරුවක් නම්.....

      ඉතිං නංගි ඔයා ඇහුවෙ මගේ අදහසනෙ....ඔන්න මගේ අදහස නම් ඇත්තටම අමරිකානුවන් හඳට ගියා කියලයි...:) :)

      ස්තූතියි සම්මානි..ඔයාගෙ ප්‍රශ්නෙ හින්ද මම කලින් නොදැන හිටිය බොහොමයක් කාරණා දැනගත්තා...Thank You So Much..heh, heh,

      Delete
    2. බොහොම ස්තුති අයියා, දීර්ඝ විස්තරයක් දුන්නට, මම විස්තර ටික බලන්නම්කො..

      නැවතත් ස්තුතියි !

      Delete
    3. මෙන්න නංගි, නාලක ගුණවර්ධන ලියාපු මේ විෂයය ගැන අපූරු ලිපියක්.....

      සඳ ගමන බොරුවක්ද?.....

      Delete
  4. මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊට වඩා හැඟීමක් ඇති උනා මේ කතාව කියෙව්වාම. හැබෑඅට එයා ගොඩ බැහැපු හඳ දිහා බලමින්ද ඔය රේඩියෝ විතරය ඇහැව්වේ?

    මෙන්න හිත ගිය කෑල්ල....

    //'' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.....තන තනෙන තන තනෙන තන තනෙන තනතා.....''// හී හී ...


    ReplyDelete
    Replies
    1. / මේ දවස්වල ඇතිවෙන්ට නීල් ආම්ස්ට්‍රෝං ගැන බලනවා. ඊට වඩා හැඟීමක් ඇති උනා මේ කතාව කියෙව්වාම /

      නීල් ගැන කිව්වට වැඩිය මම මේ දෙලොවටම නැති වැල් වටාරං නෙව කියෙව්වෙ...උඹටත් හිතට අල්ලල යන්ට ඇත්තෙ ඒක තමයි....හෙහ්, හෙහ්, අනේ බොලං.....අපි නොදන්න ලයිව් .....:) :)

      / මෙන්න හිත ගිය කෑල්ල..../

      / '' ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,....ඇන් ඇම්ට පුළුවන්ද හත් හවුල පෙරලන්න,.....තන තනෙන තන තනෙන තන තනෙන තනතා.....''හී හී /

      උඹේ අර අත්තම්මගෙං වත් අහගං හත් හවුල කියන්නෙ මොකක්ද කියල හොඳද?

      උන්දැ කියයිද දන්නෙ නෑ..'' අනේ මයෙ මැණික, හත් හවුල කියන්නෙ හත් මුතු පරම්පරාවෙ උදවියටනෙ..ඔන්න මයෙ මැණික නං කවම කවදාවත් හත් හවුලෙ මූණුවල දැලි උලන්ට එහෙම හදනව නෙවෙයි,ඕං " කියල...:) :)

      Delete
  5. "මේ යක්සය හාවගෙ බෙල්ල උඩටම නේද කකුල තිබ්බෙ?"

    පිස්සු හැදෙයි සඳ බබළයි.. මාව හොල්මන් උනා. ඇත්තටම මෙහෙම එකක් කියලද කියලා

    ReplyDelete
    Replies
    1. එහෙනං බං ඇත්තටම උන නිසානෙ කියන්නෙ...ඇමරිකං කාරය ඔය සිද්දිය හැංගුව වස නෝන්ඩිය නිසා...නිල් ගොයිය ඔන්න හාවයෙ බෙල්ලට නෙ වං කකුල තිබ්බෙ...ඒ නිසා ඇත්තටම ඔය මුලින්ම හඳට ගොඩ බැහැපු වෙලාව එතකොට මුලිම්ම තිබ්බෙ වං කකුලය කියන එක එහෙම පිටිම්ම වැරදි. වං කකුල නිදාගෙන උන්නු හාවයෙ බෙල්ලට තිබ්බම ඒක දනි පනි ගාල ඇහැරල දැඟලුව..ඒ පාර නිල් ළමය හතර ගාතෙ දාල වැටෙන්ඩ ගිහිල්ල අර බැහැපු ඉණි මඟ අල්ලගෙන තමයි යන්තම් බේරුනෙ.

      පස්සෙ ඕල්ඩිරිංනුත් බැහැල ආවට පස්සෙ දෙන්නත් එක්කම අර හාව පාරෙ එළෙව්ව සෑහෙන වෙලාවක්....හූස්ටන් පාලක මැදිරියෙං අන්තිමට ලාස්ට් වෝනිං එක දුන්න දෙන්නටම හාවො ඇල්ලිල්ල පැත්තක තියල ප්‍රොග්‍රෑම් එකේ විදිහට වැඩ කලේ නැත්නම් මයිකල් කොලින්ස්ට නියම කරනව කියල උඹල දෙන්න හාවො අල්ලන්ට බැරිනං ඕන කුදයක් ගහ ගනිල්ල මෙන්න මම යනව කියල මව් යානය හරෝගෙන ආපහු එන්ටෙයි කියල....

      ඔන්න ඊට පස්සෙ තමයි දෙන්න වැඩේ අල්ලල දාල හඳේ ගලක් උඩ වාඩිවෙල ටිකක් හති ඇරෙනකල් ඉඳල ගියපු වැඩ කරන්ඩ ගත්තෙ...මම නං උං දෙන්නට කිසිම දොසක් කියන්නෙ නෑ..ඇයි බං දවස් තුනක් තිස්සෙ ගල් වගෙ සිත කරපු කෑම කාල එපා වෙලා ඉන්නකොට වට්ටක්කයක් වගෙ හාවෙක් මරාගන්ට තියේනං ආයෙ අඩේ මේ ඉන්නෙ හඳේ නේද කියල මතක් වෙන්නෙ කාටද?...හෙහ්, හෙහ්,

      One samll step for a man, one giant leap for the man kind කියල කිව්ව තැන Giant leap කියල ඇත්තටම මනුස්සය අදහස් කලේ අර හාව බෙල්ල පෑගිච්චි වෙලේ බය වෙලා පැන්න පිම්මට...

      ඔය හාවගෙ කතාව ඇත්තම කියල ඔප්පුවෙන තව සාධකයක් කියන්නද?...ඇපලෝ ගමනෙං පස්සෙ ආයෙම නීල් ආම්ස්ට්‍රෝං කිසිම අභ්‍යාවකාශ ගමනකට සහභාගි උනේ නෑ..ඒ වගෙ අයිතිහාසික කාර්යයක් කරපු මනුස්සයෙක්ට ඇයි නාසා ආයතනය එහෙම දෙයක් කලේ...වෙන මොකවත් නෙවේ බොල හා කේස් එක හාකේස් එක...:) :)

      Delete
  6. මම ඉසිස්සෙල්ලම සීරියස් කමෙන්ට් එකක් දාන්න හිතුවා. අතුරු මිතුරු ඊට පස්සෙ කතාකරමු. ඇත්තෙන්ම මම මේ ගැන පෝස්ට් එකක් දාන්නත් හිතුවා. පස්සෙ ඒ අදහස වෙනස් කලා මොකද මට අර අමන conspiracy theory වලට උත්තර දෙන්න ගිහින් ආපු කාරණාවත් අමතක වෙලා, ආම්ස්ට්‍රෝංට අපහාසත් කරලා,මගෙ ඩේටා ටිකත් ඉවර වෙයි කියලා වැඩකට නැති දේකට.

    ඇත්තෙන්ම නීල් ආම්ස්ට්‍රෝං මගෙ ළමා වියේ වීරයෙක්. මම හිතන්නෙ ඔහු මගෙ තාත්තගෙ වයසෙමයි. එකම අවුරුද්දෙ ඉපදිලා තියෙන්නෙ. ඒ දවස් වල මගෙ ලොකු ආසාවක් තිබ්බා ගගනගාමියෙක් වෙන්න. රවීලා කෑගල්ලෙ ඉන්නකොට අපි හිටියෙ බලංගොඩ.

    නීල්ට තිබ්බෙ ලස්සන කඩවසම් මූනක් වගේම සුන්දර ළදරු හිනාවක්. ඔබ අදත් මගෙ ගෞරවය හිමිකරගත්ත වීර චරිතයක් නීල්.

    Rest In Peace Dear Neil!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. / රවීලා කෑගල්ලෙ ඉන්නකොට අපි හිටියෙ බලංගොඩ. /

      මොකද බං උඹ බලංගොඩට වෙලා කලේ...හෙහ්, හෙහ්, මට හිතාගත්තෑකි, ......නෑ කියන්ට නම් එපා රජෝ...හැලි අරක්කු පෙරුව නේද බලංගොඩ මානවයත් එක්ක හවුලෙ?...:) :)

      Delete
  7. ඉතිහාසයේ නොමැකෙන චරිතයක් ......

    ReplyDelete
    Replies
    1. එහෙනං, එහෙනං....රොබින්..:)

      Delete
  8. නීල් ආම්ස්ට්‍රොං කියන්නෙ පුංචි කාලෙ අපෙත් වීරයා..ඒත් හැබෑට මම තවම කල්පනා කරනවා එයා හඳට ගියාට ලෝකෙ ලොකු වෙනසක් වුනාද කියලා..

    කොහොම වුනත් නීල් අපේ ලෝකයේ වීරයෙක් වෙන්න ඕවා එකක්වත් බලපෑවෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හඳේ සිට ගත්තු පෘතුවියේ රූප තමයි මේ මිනිස් වාසයට තියෙන එකම පුංචි ලෝකය ආරක්ෂා කරගන්න ඕනෑ යැයි කියන අනේක පරිසරවේද ව්‍යාපාරයන් ආරම්භයට පාදක වූවා යැයි කියන්නෙ.

      Delete
    2. / ඒත් හැබෑට මම තවම කල්පනා කරනවා එයා හඳට ගියාට ලෝකෙ ලොකු වෙනසක් වුනාද කියලා.. /

      ඒක මෙහෙමයි රූ...මිනිස්සුන්ගෙ ආකල්ප වල ඇති වෙච්ච වෙනස් කම අපිට එහෙම මනින්ට බෑ නේද?....අපිට පුළුවන් කියල තමන් කෙරෙහිම ඇති වෙච්චි ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය භෞතික වෙනසකට වඩා වටිනව කියලයි මට හිතෙන්නෙ..

      A sense of achievement for you, for me, for everybody else, a sense of achievement for the mankind. I felt that Ruu, on that far away day, looking at the moon high up in the sky, awe struck and eyes filled with wonder thinking one of us, a member of mankind is there walking at this very moment.....isn't that feeling good enough?.....for me it was more than enough :) :)

      A man may never ever walk on another world again..but at least we proved to ourselves we are capable of getting out of the cradle...

      Delete
    3. // but at least we proved to ourselves we are capable of getting out of the cradle //

      Are we.!? I don't think we are still capable of getting out. The Moon landing was just a mere incident. A result of a desperate struggle to prove who is the best, nothing else. If human kind truly wanted to get out of the cradle, we supposed to be in a better position today. Remember, Moon landing happened more than 40 years ago, and we are still using a 30 year old technology to go to the outer space - space shuttle.

      Delete
    4. @ Bura,

      / I don't think we are still capable of getting out. /

      No, my dear we are capable of getting out but that's unimportant actually. the Sixty four million dollar question is are we ready to get out or to phrase it more pithyly are we qualified to get out?

      My frank opinion is we are still not qualified to get out because its would be a very vast , strange and totally unimaginable world we would encounter out there beyond the cradle and it would require maturity, intelligence and more importantly a vast amount of restraint ,( regrettably qualities we are entirely incapable of exhibiting ) to survive and prosper out there.

      / The Moon landing was just a mere incident. A result of a desperate struggle to prove who is the best, nothing else. /

      Agreed, but nevertheless we did it..more often than not desperation would act as the catalyst to invention, discoveries and conquering new frontiers,

      And I think it's a blessing in disguise this delay in space exploration, so we can have a sincere evaluation of what would be our goals in space exploration and how best to achieve them.

      We are survivors Bura, we are survivors if nothing else and I truly believe and in addition have faith that we would get past this turbulent, chaotic phase we are going through currently and emerge from the ashes maturer and wiser. Believe me ..I am definite about it ....Heh, heh,

      Delete
  9. ස්තූතියි රසවත් ලියැවිල්ලට. මාවත් අතීතයට එක්කන් ගියා ... ඇන් ඇම් ට පුළුවන් ද ... මගේ සීයා ඕක ඇමෙරිකන්කාරයාගේ බොරුවක් කිව්වා කියල මතකයි, ඒත් සඳ ගමන අහපු එක නම් මතකයේ නැහැ. :D

    මම අගයන්නෙ නීල් ආම්ස්ට්‍රෝන්ග් රටට ඕන විදියටයි මාධ්‍ය්‍ය වලට ඕනා විදියටයි නටන්න නොගිහින් තමන් නිවැරදි යැයි සිතූ විදියට පමණක් වැඩ කරපු එකටයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි...

      අතීත මතක සැමරුම්,
      මැද ගෙවන කල් ,
      රසවත්ද කෙතරම්?...හෙහ්, හෙහ්,

      / ඇන් ඇම් ට පුළුවන් ද /

      ඔය 65-70, ඩඩ්ලි ආණ්ඩුව කාලෙ ...සිරිමා ආණ්ඩුව කාලෙ ප්‍රවෘත්ති වල තේමා ගීතය මම මේ ඊයෙ ඉඳලම මතක් කරනව..ම්හු..තව අපේ කාලෙ දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුව...සමහර අය ප්‍රවෘත්ති වල එහෙම තේමා වාදනයක් තිබුන කියල දන්නෙත් නෑ...:) :)

      ජේ. ආර්. කාලෙ එකනම් මතකයි වගේ

      පිටි දුන්න රොටි කන්ට,
      ඇට දුන්න තම්බන්ට,
      තන තත්ත තන තත්ත,
      තන තත්ත තන තත්ත,

      Delete
  10. රන්දිකා,

    තරහ නැතුව අර උඩින්ම තියෙන members ගැජමැටික් එක එතනින් අයින් කරලා වෙන කොහෙන් හරි දානවද.. ඕක ලෝඩ් වෙනකං පේජ් එක උඩ පනින්න ගත්තම මල පනිනවා.. :)

    ReplyDelete
    Replies
    1. ඔෆ් කෝර්ස් සර් ඔෆ් කෝර්ස්........ අයිල් ඩූ බයි මයි වන් ෆූට්.............. :D

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...